ᑕᕼᗩᑭTᗴᖇ 07 🖤

After 07 Years

කාලය ගෙවිලා ගියේ ඊතලයක වේගයෙන් මේ අවුරුදු හතට ගොඩක් දේවල් වෙනස් වුනේ හිතාගන්න බැරී විදියට සෙයුල්ගි ස්කූල් එකක music teacher කෙනෙක් විදියට වැඩ කරනවා ජන්ග්මි degree අරගෙන ගෙදර වෙලා ක.බො.නි. ක්‍රියාවලියට සක්‍රීයව දායක වෙමින් ඉන්නවා

ජන්ග්මි හිටියේ ජනේලෙන් පේන රෑ අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක

" මොනාද ඔච්චර කල්පනා කරන්නේ "

කොෆි මග් එකකුත් අරගෙන රූම් එකට ආපු සෙයුල්ගි ඇහුවේ භාවනා කරන්න වගේ අහස දිහා බලාගෙන ඉන්න ජන්ග්මිගෙන් ඒත් කෙල්ලගෙන් උත්තරයක් ලැබුනේ නැ

" උබ තාමත් හිතන්නේ යුංගි ඔප්පා ගැන නම් ඒකේ කිසිම තේරුමක් නැ සමහරවිට යුංගි ඔප්පාට උබව මතක නැතුව ඇති "

සෙයුල්ගි කියපු කතාවට ජන්ග්මි සෙයුල්ගි දිහා බලලා ආපහු අහස දිහා බැලුවා

" එයාට මාව අමතක වුනාට මට එයාව මතකයි නේ "

කෙල්ල එහෙම කියලා ලාවට හිනා වුනා

" මම උබෙන් දෙයක් අහන්න ද "

" මොකද්ද "

" උබ යුංගි ඔප්පාට ආදරෙයි ද "

සෙයුල්ගි එකපාරට අහපු දේ නිසා කෙල්ලගේ ඇස් ලොකු වුනා

" මොකද ඔහොම බලන්නේ උබ එයාට ආදරෙයි මම හරි නේ "

ජන්ග්මි ඒත් මුකුත් නොකියා හිටියා

" මොකද්ද යකෝ කට වහගෙන ඉන්නේ උත්තරයක් දීපන් "

" මම දන්නේ නැ "

" උබ දන්නේ නැති වෙන්න උබ බබාද උබ එක්ක කතා කරලා වැඩක් නැ මම යනවා නිදාගන්න "

සෙයුල්ගි ජන්ග්මිට බනින ගමන් ගිහින් ඇදට නැග්ගා ජන්ග්මි තාම අහස දිහා බලාගෙන ඉන්නවා

" ඇත්තටම මම ආදරෙයි ද එයාට....."

ජන්ග්මි මිමිනුවා

අවුරුදු හතකට කලින් ජන්ග්මිට යුංගිව අවසාන වශයෙන් හම්බුනේ එදා පාක් එකේදී යුංගිගේ පස්සෙන් දාලා තිබුණු මිස්ටර් මින්ගේ ගාර්ඩ් කෙනෙක් ජන්ග්මි යුංගි එක්ක ඉන්න ෆොටෝ එකක් මිස්ටර් මින්ට යැව්වා

එදා යුංගි ගෙදර ගියාම කොල්ලාට දැනුනේ පුදුම අසරණ කමක්

Flashback

මිස්ටර් මින්ගෙන් ලැබුනු අතුල් පහරක් නිසා කොල්ලා වැටෙන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ කොල්ලාගේ තොල පැලිලා ලාවට ලේ එනවා

" තමුසෙට මම මොකද්ද කිව්වේ ආ....අර හිගන කෙල්ල එක්ක තමුසෙට ඔච්චරටම තියෙන සම්බන්ධය මොකද්ද "

සෝහි මේ හැමදේම දිහා කට කොනින් හිනා වීගෙන බලාගෙන ඉන්නවා යුංගි වචනයක්වත් කිව්වේ නැ

", කතා කරපන් යකෝ "

මිස්ටර් මින්ට හොදටම තරහ ගිහින් ඉන්නේ

" මින් අහන්නකෝ අපි හෙටම යුංගිගේ එන්ගේජ්මන්ට් එක ගමු "

හිමින් සැරේ මිස්ටර් මින් ලගට ලං වුනු සෝහි කිව්වා යුංගි රතු වුනු ඇස් වලින් සෝහි දිහා බලාගෙන හිටියා

" මම එක සැරයක් කිව්වා නේ මම කැමති නැ කියලා "

යුංගි කෑගැහලා කිව්වා

" තමුසේ මේකට අකමැති වුනොත් තමුසේ එක්ක ඉන්න කෙල්ල හෙට උදේ වෙද්දී මේ ලොකෙන් යන්න ගිහින් තියේවි "

යුංගි තමන්ගේ අප්පා දිහා බලාගෙන හිටියේ කලකිරීමකින්

" මොකද තමුසේ කියන්නේ මේ එන්ගේජ්මන්ට් එකට කැමති වෙනවද නැත්නම් අර කෙල්ලව......"

" හරි මම.............කැමතියි "

යුංගි අන්තිම ටික කිව්වේ හඩ බාල කරලා ඇත්තටම කොල්ලාට දැනුනේ පුදුම අසරණ කමක්

" Good."

" ඒත් එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ මම ඇමරිකා යන්න ඕන "

" හරි යන්න "

මිස්ටර් මින් කියද්දී කොල්ලා ඉක්මනට එතැනින් දුවලා ගිහින් රූම් එකේ දොර වහගත්තා මේ ඔක්කොම සෝහිගේ ප්ලෑන්ස් කියලා දැනගෙන හිටියත් යුංගිට කරන්න දෙයක් තිබුණේ නැ මිස්ටර් මින් කොයිවෙලෙත් ඇහුම්කන් දුන්නේ සෝහිට නිසා කොල්ලා අසරණ වුනා

" ඔම්මා........ ඔයා හිටියා නම් අද මම මෙච්චර අසරණ වෙන්නේ නැ "

කොල්ලා දොරට හේත්තු වෙලා මිමිනුවා

පසුදින යුංගිගේ එන්ගේජ්මන්ට් එක වුනා හෝසොක් මිස්ටර් මින්ට තේරුම් කරන්න ගියත් ඒකෙන් වැඩක් වුනේ නැ මිස්ටර් හන්ගේ දුව වුනු යේරා එක්ක යුංගි එන්ගේජ් වුනා

Hang Yera

යුංගි එන්ගේජ්මන්ට් එක ඉවර වුනු ගමන් ගියේ ජන්ග්මි බලන්න බැල්කනියේ අත් වැටට බර වෙලා ලොකු කල්පනා ලෝකෙක හිර වෙලා ඉන්න කෙල්ල දිහා බලලා හුස්මක් පහත දැම්මා මේ වෙලාවේ ඇයි එයාට ජන්ග්මි දකින්න ඕන වුනේ ඇයි කියන්න කොල්ලා තමන්ගෙන්ම ප්‍රශ්න කලත් කොල්ලාට උත්තරයක් හම්බුනේ නැ

මම තමුසෙව දකින අන්තිම වතාව මේක වෙන්න පුලුවන්

යුංගි එහෙම හිතලා එතැනින් යන්න ගියේ කම්බුල් කදුලු බිදු වලින් තෙත් වෙද්දී හෝසොක් එක්ක ඉන්චෙන් airport එකට ආපු යුංගි ආපහු හැරිලා බැලුවා

" ජන්ග්මිව දාලා යන්න බැරී ද "

හෝසොක් අහපු ප්‍රශ්නෙට උත්තරයක් නොදී යුංගි airport එක ඇතුලට ගියා එදා යුංගි කොරියාවට සමු දුන්නා

Flashback Over

තැඹිලි පැහැ හැන්දෑ අහස දිහා බලාගෙන අතීතයේ වුනු දේවල් මතක් කරන ගමන් හිටපු යුංගි මේ ලෝකෙට ආවේ ජින්ගේ කටහඩින්

" තාම කල්පනා කරන්නේ අර කෙල්ල ගැන ද "

යුංගි මුකුත් නොකියා හිනා වුනා විතරයි

" මූ එයා ගැන ඇරෙන්න වෙන කවුරු ගැන හිතන්න "
හෝසොක් ඇවිත් ජින්ගේ කරට අත දාගන්න ගමන් කිව්වා

" හෙට ගියාම බලාගනින් "

ජින් එහෙම කිව්වාම යුංගි ආපහු අහස දිහා බැලුවා

පසුදින යුංගි ආපහු කොරියාවට ආවා incheon airport එකේ  media වලින් පිරිලා

Min Yoongi එහෙම නැත්නම් Min Suga කිව්වාම නොදන්න කෙනෙක් නැ යුංගි දැන් world famous Singer,Rapper and Music Producer කෙනෙක්

කොල්ලා media මග ඇරගෙන ආවේ පුදුම ගේමක් දුන්නේ අන්තිමේ දී යුංගි ආවේ ජින් එයාලා වෙනුවෙන් ගත්ත mansion එකට 

යුංගි එදා හෝසොක් එක්ක ඇමරිකා ගියාම අහම්බෙකින් වගේ ජින්ව හම්බවෙනවා යුංගි ජින් දෙන්නා පුංචි කාලේ ඉදන් යාලුවෝ ඒත් ජින් එයාගේ ඔම්මලා එක්ක ඇමරිකා එන්න වුනා එදා ඉදන් ජින් ඇමරිකා වල SJ Entertainment එකේ trainer කෙනෙක් විදියට ජින් යුංගිව ගත්තේ කොල්ලා talented කියලා දන්න නිසා

" මම යනවා නිදාගන්න "

යුංගි mansion එකට අඩිය තියපු ගමන් කිව්වා

" මූ නම් පූසෙක් ද කොහෙද "

හෝසොක් කිව්වා යුංගි ඉක්මනට රූම් එකට ගිහින් දොර වහගත්තා කොල්ලා වොෂ් එකක් දාගෙන බැල්කනියේ කොනක වාඩි වෙලා කල්පනා කලේ ජන්ග්මි ඉස්සරහට ආපහු යනව ද කියලා ඒත් කෙල්ලට කරදරයක් වෙයි යුංගි හිතුවේ

" අවුරුදු හතක් ගෙවුනත් මට තමුසෙව තාම අමතක කරන්න බැරී වුනා තමුසෙට මාව මතක නැතුව ඇති දැන් නම්චිංගු කෙනෙකුත් ඇති නේද ඒත් මට එකපාරක් හරි දුරින් ඉදගෙන හරි මට තමුසේ දිහා බලන්න ඕන "

යුංගි මිමිනුවේ රෑ අහස දිහා බලාගෙන යුංගි එහෙම හිතනකොට ජන්ග්මි එක කොනක ඉදගෙන අහස දිහා බලාගෙන හිටියා දැන් ජන්ග්මිට ඒක පුරුද්දක් වෙලා රෑ අහස දිහා බලාගෙන තනියම කතා කරන එක

" මම අද ඔයාව දැක්කා පූසෝ... තාමත් ඉස්සර වගේමයි පූසෝ "

ජන්ග්මි තනියෙන් හිනා වෙන ගමන් කිව්වා

" ඕයි සුනඛයෝ තවුසේ නේද මගේ අලුත්ම ෂැම්පූ එක ඉවර කරලා ඒකට වතුර පිරෙව්වේ "

ජන්ග්මිගේ කල්පනා ලෝකයට බෝම්බයක් ගැහුවා වගේ සෙයුල්ගිගේ ටින්කිරි බෙලෙක් වොයිස් එක රැව් පිලි රැව් දෙන්න පටන් ගත්තා බැල්කනියේ හිටපු ජන්ග්මි රූම් එකට ආවා

" මොකද යකෝ කෑගහන්නේ තවුසේ කටේ සද්දෙට ගෙදර ඉස්සරහ ගහේ හිටපු වවුලුත් පියාබලා ගියා "

ජන්ග්මි එහෙම කියාගෙන එනකොට සෙයුල්ගි හිටියේ මාරයා ආරූඪ වෙලා දහ අට සන්නිය නටන සීන් එකක

" තොට මම වවුලා පෙන්නනවා මොංගෝලියන් කැස්වටුවා "

සෙයුල්ගි එහෙම කියලා අතේ තිබුණු ෂැම්පූ බෝතලේ විසි කරලා ගැහුවා ජන්ග්මිගේ කොහෙදෝ තිබුණු පිනකට ඒක ගිහින් වැදුනේ මේසේ උඩ තිබුණු මල් වාස් එකකට කියන්න සතුටුයි මල් වාස් එක සෙයුල්ගිගේ ෂැම්පූ බෝතල් ප්‍රහාරයෙන් ස්වර්ගස්ථ වුනා

" උප්ස්....යේක ලෙෆ්ට් "

", ඊලගට ලෙෆ්ට් වෙන්නේ තෝ "

සෙයුල්ගි එහෙම කියලා ජන්ග්මි අල්ලාගන්න දුවලා එද්දී කෙල්ල ඇද උඩට නැගලා කොට්ටෙකින් සෙයුල්ගිට ගැහුවා සෙයුල්ගි කොට්ටේ අරගෙන ගැහුවා හැබැයි වැදුනේ ජන්ග්මි නෙවෙයි දොර ඇරගෙන ආපු සෙයුල්ගිගේ ඔම්මාගේ මූනේ කොට්ටේ වැදිලා බිම වැටුනා ඇද උඩ හිටගෙන හිටපු සෙයුල්ගි බිම තිබුණු කොට්ටේ දිහා බලලා ආපහු ඔම්මාගේ මූන දිහා බලලා සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ හිනාවක් දැම්මා

" සෙයුල්ගි තමුන්ට මම කීපාරක් කිව්වා ද ඔය සිගිති වැඩ කරන්න එපා කියලා අවුරුදු 25 පැනලා ඔය වයසේ වෙන ලමයි මැරි කරලා ලමයිත් ඉන්නවා ඒකට තමුන් තාම පොඩි එකා වගේ ජන්ග්මි අල්ලාගෙන සෙල්ලම් කරනවා අනිත් එක් කෙනා ජන්ග්මි දෙන්නා තකට තක ජොබ් එකක් කරන්නේ නැද්ද ආ ඔහොම ඉන්න ද හදන්නේ හැමදාම සේහා (ජන්ග්මිගේ ඔම්මා) හොයලා දෙන කොල්ලෙට කැමති වෙන්නෙත් නැ මොකද්ද ලමයෝ මේ ගෙවන ජිවිතේ ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න මම අන්තිම පාරට ජන්ග්මි අහන්නේ ඔයාට නම්චිංගු කෙනෙක් ඉන්නවා ද ආ "

සෙයුල්ගිගේ ඔම්මා කියවගෙන යන දිහා කෙල්ලෝ දෙන්නා බලාගෙන හිටියේ කොයිවෙලේ ලෙක්චර් එක ඉවර වෙයි ද කියලා හිතන ගමන්

යකෝ කොහෙන් ගියත් කතාවක් ඉවර වෙන්නේ මට කෑගහලා ද මොකද්ද යකූ මම කරපු වරද හැමදාම වගේ අහනවා මට නම්චිංගු කෙනෙක් ඉන්නවා ද කියලා කොල්ලෙක් කියා බල්ලෙක්වත් නැතුව තනිකඩව වේලි වේලි ඉන්නකොට ඔම්මාත් ඇවිත් ආතල් ගන්නවා ඉතින්

ජන්ග්මි හිතුවා මිස කියන්න ගියේ නැ ඉතින්

" යේ.......ඔම්මා ජන්ග්මිට නම්චිංගු කෙනෙක් ඉන්නවා "

" ම්වෝ...."

සෙයුල්ගි එහෙම කියද්දී ජන්ග්මි බැලුවේ මම නොදැන කොහොමද මට කොල්ලෙක් ඉන්නේ කියලා හිතන ගමන්

" මොකද්ද බන් තව කොච්චර කාලයක් ඕවා හංගන්න ද කවදා හරි ඔම්මලා දැනගන්නවා නේ "

සෙයුල්ගි එහෙම කියලා සෙයුල්ගිගේ ඔම්මාට නොපෙනෙන්න ජන්ග්මිට ඇහැක් ගැහුවා

" කවුද ඒ කොල්ලා...."

" ඔම්මා....එයා නම් ෆට්ට හැන්සම් හරි ද එයාගේ හිනා වෙනකොට නිකන් දහසක් මල් විකසිත වෙනවා වගේ ඒ මූන දිහා කොච්චර බලාගෙන හිටියත් ඇති වෙන්නේ නැ හරියට නිකන් ආර්ට් එකක් වගේ ඕමෝ එයාගේ ඇස්......"

සෙයුල්ගිට ඊට වගේ කියන්න ලැබුනේ නැත්තේ සෙයුල්ගිගේ ඔම්මාගෙන් ලැබුනු අතිවිශිෂ්ඨ ගනයේ ප්‍රහාරයක් හේතුවෙන්

" ආව්......ඔම්මා මොකද ගහන්නේ "

සෙයුල්ගි පශ්චාත් භාගේ අතගාන ගමන් ඇහුවා

" ගහලා මදි තමුන්ට ජන්ග්මිගේ නම්චිංගු ගැන ඔච්චර මොනාද කියවන්නේ ආ හරි නම් ජන්ග්මි නේද ඔහොම කියන්න ඕන ජන්ග්මි මේකිගෙන් ඔයාගේ නම්චිංගු ආරක්ෂා කරගන්න අනිත් එක අපිට ඔය කොල්ලාව ඉක්මනට මීට් වෙන්න ඕන "

" අහ්....හරි ඔම්මා.."

ජන්ග්මිගේ ඔලුව අතගාලා සෙයුල්ගිගේ ඔම්මා ගියා

" කොහොමද මගේ ටිකිරි මොලේ....."

" ටිකිරි නෙවෙයි ටිකිරි ලියා මොකද්ද බූරු පැටියෝ ඒ කියපු ගොං කතාව දැන් කොල්ලෙක් මවන්න ද ආ "

ජන්ග්මි ඇහුවා

" ආ......කොල්ලෙක් නේ හොයාගමු බය වෙන්න එපා "

" බය වෙන්නේ මොකටද යකෝ '

" වෙලාවේ හැටියට ඔහොමවත් කියලා බේරෙමු සයිකෝ....."

" සයිකෝ.."

ජන්ග්මිගේ මූනේ අහිංසක හිනාවක් ඇදුනා

" මොකෝ යුංගි ඔප්පා මතක් වුනා නේ කෙල්ලගේ හිනාවෙන් කියන්න පුලුවන් "

" අහ් අනියා....."

ජන්ග්මි එහෙම කියලා ඉක්මනට එතැනින් මාරු වුනා

To be continue...........🖤

Hii බබ්බුලා
කොහොමද ඉතින් ඔයාලට
හොදින් ඉන්නවා ද
මාව මතක ද මන්දා

ඔන්න ඉතින් අපිට අදින් එක්සෑම් ඉවර වුනා ඒක නිසා ඉක්මනට අප්ඩේට් දෙන්න පුලුවන් වෙයි බලන්න තියාගත්ත ඩ්‍රාමා ගොඩකුත් තියෙනවා 😌

කතාව නම් මඤ්ඤ වගේ නේද
මටත් එහෙමයි

වෝට් කරන්න කමෙන්ට් කරන්න

ඉක්මනට ආපහු අප්ඩේට් එකක් අරගෙන එන්නම්
සරන්හේ
බායිම්....

Bạn đang đọc truyện trên: AzTruyen.Top