ᑕᕼᗩᑭTᗴᖇ 03 🖤

" මොකද බන් ආපු වෙලේ ඉදලා කල්පනා ලෝකෙක අතරමං වෙලා ඉන්නේ "

සෙයුල්ගි ඇහුවේ ගෙදර ආපු වෙලේ ඉදලා අහසයි පොලොවයි කසාද බන්දන්න වගේ කල්පනා කර කර ඉන්න ජන්ග්මි දිහා බලාගෙන

ජන්ග්මිගේ ඔම්මා හදිස්සියේ ඔෆිස් එකේ වැඩකට ඉන්චෙන් ගියපු නිසා සෙයුල්ගි ජන්ග්මිව එක්කගෙන එයාගේ ගෙදරට ආවා ආපු වෙලේ ඉදලා ජනේලෙන් එහා පැත්ත බලාගෙන කල්පනා ලොව මල් වනේක තනිවෙලා ඉන්න ජන්ග්මිගෙන් සෙයුල්ගි ඇහුවා ඒත් ප්‍රතිචාරයක් නැ

" යුංගි ඔප්පා උබට මොනාහරි කලා ද ඔච්චර කල්පනා කරන්නේ "

ඔන්න එතකොට නම් ජන්ග්මි සෙයුල්ගි දිහාට හැරුණේ බැදලා කනවද අමුවෙන් කනවද එහෙම නැත්නම් ඩෙසඩ් එකට කනවද වගේ බැල්මක් සෙයුල්ගි අහිංසක හිනා පොඩ්ඩක් දාගෙන ඇවිත් ජන්ග්මි ලගින් වාඩිවුනා

" දැන් කියාම් උබ මොනාද ඔච්චර කල්පනා කරන්නේ කියලා "

සෙයුල්ගි අහනකොට ජන්ග්මි සෙයුල්ගි දිහාට හැරුනා

" මට ඔක්කොම එපා වෙනෝ බන් අර ගොන් මෝඩ ජාවා දූපත් ආශ්‍රිත ජීවත් වෙන පූස් තඩියා....... අයිෂ් මට මතක් වෙනකොටත් රුසියාවෙන් මිසයිලයක් ඉල්ලගෙන මුගෙ පුස් මයිල් ගහක් හොයාගන්න බැරී වෙන්න ගහන්න ඕන
මොකද උබ හිනා වෙන්නේ උබට මාව ජෝක් එකක් ද ආ කියපන් "

සෙයුල්ගි හිනා වෙන නිසා ජන්ග්මිට තවත් කේන්ති ගියා

" හිනා යන්නේ නැද්ද යකෝ තෝ කියන කතා වලට.... "

" යැයි.. යැයි තමයි සෙද්ද "

ජන්ග්මි කියද්දී සෙයුල්ගි තව හයියෙන් හිනා වුනා ඔන්න ඉතින් ජන්ග්මිට flower එක jump වෙලා ටේබල් ලෑම්ප් එක ඉස්සුවේ සෙයුල්ගිට නෙලන්න ඒත් ජන්ග්මිගේ අවාසනාවකට වගේම සෙයුල්ගිගේ කොහෙදෝ තිබුණු පිනකට සෙයුල්ගිගේ ඔම්මා ජන්ග්මිට කතා කලා..

" ජන්ග්මි.... ඔයා හම්බවෙන්න කෙනෙක් ඇවිත් "

සෙයුල්ගිගේ ඔම්මා එහෙම කියද්දී ජන්ග්මි කල්පනා කලේ මේ මහ දවාලේ මොන ග්‍රීස් යකා ද එයාව හම්බවෙන්න ඇවිත් ඉන්නේ කියලා

" යමන් උබව හම්බවෙන්න සපුමල් කුමාරයා ඇවිත් ද දන්නේ නැ "

" මාව හම්බවෙන්න එන්නේ සපුමල් කුමාරයා නෙවෙයි නියගලා මල් කුමාරයා "

ජන්ග්මි එහෙම කියලා සෙයුල්ගිව ඇදගෙන පහලට ගියා අපායට ගියත් තම පාප මිතුරිය සමග යා යුතු බව ජන්ග්මිගේ තියරිය විය..

ජන්ග්මිට පිටුපාලා වාඩිවෙලා ඉන්න කෙනා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියාම ජන්ග්මිට මතක් වුනේ...

" පූස් තඩියා...."

ජන්ග්මිට නිකන්ම කියවුනා ඔව් ඔව් ඇවිත් හිටියේ ජන්ග්මි කොයිවෙලෙත් ආදරයෙන් සිහිපත් කරන එයාගේ පූස් තඩියා වුනු යුංගි

මූ මොන කෙහෙල් ඇවරියකට මෙහෙට කඩාගෙන පහත් වුනේ දැනටමත් මූ මොනා කියලා ද දන්නේ නැ මගේ චරිත බිමටම සමතලා කරලා ඊට උඩින් ගෙදරකුත් හදලා ගහකුත් පැල කරලා ඇති ඇයි යකෝ පතාගෙන ආපු කරුම කියලා මෙහෙමත් පස්සෙන් පන්න පන්න එන්නේ

මිස්ටර් සක්‍ර දේවේන්ද්‍ර මම තමුන්නාන්සේට අන්තිම හොදින් කියන්නේ මේ කරුමේ මගේ පස්සෙන් එවන්න එපා හලෝ... මම පව් නැද්ද මම කුමක්ද ඔබට කරපු වරද හුවෑව්...මේ අහිංසකාවියගේ ශෝකය දැක  ඔබගේ පඩුපුල් ආසනය රොටි තැටියක් වගේ රත් වී ඔබගේ පශ්චාත් භාගය ගිනි ගන්නේ නැති ද

තවුසේ මට මේ කරන අසාධාරණ නින්දිත ක්‍රියා වලට තවුසෙට return එක දුන්නේ නැත්නම් මගේ නම ජන්ග්මි නෙවෙයි හ්ම්ම් wait and watch මිස්ටර් සක්‍ර දේවේන්ද්‍ර

ජන්ග්මි සක්‍රයාගේ පවුල් සංස්ථාව ඇතුලේ පුරස්නයක් ඇති කරන ආකාරය පිලිබද මනෝපාරක් ගහගෙන ඉන්නකොට යුංගි පිටිපස්ස හැරුනේ පියගැට පෙල දෙපැත්තේ තියලා තියන වාමන රූප දෙක වගේ ඩබල පඩිපෙළ දෙපැත්තට වෙලා ඉන්නවා ජන්ග්මි නම් ආලෝක වර්ෂ බර ගානක් ඈතට ගිහින් ඉන්නේ සෙයුල්ගි තාම වෙන්නේ මොකද්ද කියලා කල්පනා කරනවා

" මොකද දෙන්නා ඔතනට වෙලා ඉන්නේ ප්‍රදර්ශන භාන්ඩ වගේ මේ දරුවා ඇවිත් ඉන්නේ යුනි එකේ project එකකට "

සෙයුල්ගිගේ ඔම්මාගේ කටහඩින් මේ ලෝකෙට ආපු ඩබල යුංගි ඉස්සරහින් ගිහින් වාඩි වුනා

මම නොදන්නා මුගේ යුනි එකේ project  මාව කන එක වෙන්න ඇති project එක ගොන් පූස් තඩියා

ජන්ග්මි යුංගිට රවාගෙන හිතුවා

" යුංගි ඔප්පා හෝසොක් ඔප්පා ආවේ නැද්ද "

පුදනකොටම කාපි යකා කියලා සෙයුල්ගි යුංගිගෙන් ඇහුවා ජන්ග්මි ඔලුවේ අතගහ ගත්තේ තමන්ගේ පාප මිතුරියගේ ක්‍රියා කලාපය දරාගන්න බැරුව

" හෝසොක් එලියේ ඉන්නවා "

යුංගි කිව්ව සැනින් මද කිපුනු කුලු හරකා වගේ එලියට  දුවගෙන ගියා ජන්ග්මි මේ දෙස බලාගෙන හිටියේ අනේ අනිත්‍ය දුඛං වගේ ෆීලින් එකකින්

" ඉතින් සයිකෝ...... සප්‍රයිස් වුනේ නැද්ද "

" සප්‍රයිස් වෙලා වැඩි වෙලා දරාගන්න බැරුව මැරෙන්න යන්නේ මොන වෙඩිමක් කරන්නමෙහෙට කඩාගෙන පහත් වුනේ ඔම්මා මොනා හිතන්න ඇද්ද තමුසේ මොනාද ඔම්මාට කිව්වේ ආ තමුසෙට පිස්සු ද මං අහන්නේ කෙල්ලෝ ඉන්න ගෙදරකට මෙහෙම කඩාගෙන පහත් වෙන්න...."

" යාහ්හ් තමුසේ ප්‍රශ්න පත්‍රයක් නේ හලෝ අපරාදේ තමුසෙට ලක්ෂපති එකට යන්න තිබුණේ "

ජන්ග්මි බ්‍රේක් නැති වාහනයක් වගේ කියවගෙන යද්දී යුංගි මැදින් ඇඩ් එකක් දාලා ජන්හ්මි කියවන එක නැවැත්තුවේ

" මං අහපු දේට උත්තර දෙනවා..."

" පලවෙනි ප්‍රශ්නයට උත්තරේ මම මෙහෙට ආවේ සයිකෝ මීට් වෙන්න
දෙවැනි ප්‍රශ්නයට උත්තරේ අජුම්මා මුකුත් හිතුවේ නැ එයා හරි හොදයි
තුන් වැනි ප්‍රශ්නයට උත්තරේ මම කිව්වා මට ජන්ග්මිව මීට් වෙන්න මම එයාගේ නම්චිංගු කියලා "

" ම්වෝ...... තමුසෙට පිස්සු ද "

" මම එහෙම මුකුත් කිව්වේ නැ තමුසේ හිතන තරම් පිස්සුවක් මට තමුසෙව යොංජාචිංගු කරගන්න මම කිව්වේ යුනි එකේ project එකක් කම්පීල්ට් කරන්න තියෙනවා ඒකට ආවේ කියලා "

" යැයි යැයි තමයි "

" ගිහින් ඇදුමක් දාගෙන එනවා "

" ඒ මොකටද "

" වේ.... තමුසෙට ඒකවත් මතක නැද්ද මම ඊයේ කිව්වේ තමුසෙට guitar play කරන්න උගන්නන්නම් කියලා "

යුංගි ඇහිබමක් උස්සගෙන ඇහුවා

" මට බ්ලැ මම එන්නේ නැ මට guitar play කරන්න  ඉගෙනගන්න ඕන නැ "

" එන්නේ නැත්නම් මම අජුම්මාට කියනවා තමුසේ මගේ යොංජාචිංගු කියලා "

" අයිෂ් තමුසේ නම් මහ පරාල ඇණයක් පොඩ්ඩක් ඉන්නවා මම change කරගෙන එන්නම් "

ජන්ග්මි බැන බැන යන දිහා යුංගි සිහින් සිනාවක් මුවේ රදවගෙන බලාගෙන හිටියා

.
.
.
.

After few minutes

විනාඩි කිහිපයකට පස්සේ ජන්ග්මි කොන්ඩේ කඩලා දාලා ගවුමක් ඇදගෙන පහලට ආවා ජන්ග්මි එන අඩි සද්දෙට යුංගි හැරිලා බැලුවේ


" යෙප්පුදා..."

පඩිපෙළ බැහැගෙන එන ජන්ග්මි දිහා බලාගෙන හිටපු යුංගිට නිකන්ම කියවුනා

" ඔම්මා..... මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්.."

ජන්ග්මි living room එකේ ඉදගෙන කෑගැහුවා සෙයුල්ගිගේ ඔම්මාටත් ජන්ග්මි කතා කලේ ඔම්මා කියලා

" පරිස්සමින් ගිහින් රෑ වෙන්න කලින් එන්න ඕන "

" හලේ.... "

සෙයුල්ගිගේ ඔම්මා එක්ක හුරතල් වෙන ජන්ග්මි දිහා යුංගි බලාගෙන හිටියේ දුකක් දැනෙද්දී

" පුතාව දන්න නිසා මම ජන්ග්මිව යවන්නේ පරිස්සමින් හරි ද "

" හරි අජුම්මා "

" මම කියලා තියෙනවා නේද මට අජුම්මා කියන්න එපා කියලා හ්ම්ම් "

සෙයුල්ගිගේ ඔම්මා යුංගිගේ කනෙන් අල්ලාගෙන කිව්වා

" ආව්... ආව් රිදෙනවා හරි හරි ආපහු අජුම්මා කියන්නේ නැ "

යුංගි කියද්දී සෙයුල්ගිගේ ඔම්මා යුංගිගේ කන අතහැරියා min family එකයි han family එකයි business friends ලා ඉතින් මෙයාලා හොදට අදුරනවා

යුංගි ජන්ග්මි දෙන්නා ගෙදරින් එලියට බහිනකොටම දැක්කේ ගංජා ගස් පිටින් ගිලලා වගේ හිනා වෙන හෝසොක් සෙයුල්ගි ඩබල

මුන් ගංජා මුල් මල් ගෙඩි කොල ඔක්කොම ගිලලා ද කොහෙද

ඩබලව දැක්ක ගමන් ජන්ග්මිට හිතුනේ එහෙමයි යුංගි ජන්ග්මි දැක්කාම දෙන්නා හිනාව නවත්තගත්තා

" ඔම්මාට එයාගේ අනාගත බෑනා හදුන්වලා දුන්නොත් නරක ද "

ජන්ග්මි හෙන කුප්ප හිනාවක් දාගෙන කියද්දී සෙයුල්ගි හිටියේ පන ගැහි ගැහී තමන්ගේ ඒක පාර්ශ්වික ප්‍රේම පුරානේ ඉස්සරහ නම්බුව හේදිලා හන් ගගේ යයි කියලා ජන්ග්මිගේ කට ඒ තරම් ෂුවර්

" දැන් තෝ කොහෙද යන්න හදන්නේ "

කතාව අනිත් පැත්ත ගැසීමේ පරම පිවිතුරු නිකලැල් චේතනාව අරමුණු කරගෙන සෙයුල්ගි කිව්වා

" අවසන් ගමන් යන්න හදන්නේ තෝ මෙතනට වෙලා ඉන්නේ නැතුව ගිහින් හෝසොක් ඔප්පාට මොනාහරි කන්න දීපන් "

" උබ කියනකම් හිටියේ "

සෙයුල්ගි එහෙම කියාගෙන ගස්සගෙන ගියා යුංගි හෝසොක්ට ඇහැක් ගහලා ජන්ග්මි එක්කගෙන car එකට නැග්ගා car එකට නැග්ග වෙලේ ඉදන් ජන්ග්මි එක වචනයක්වත් කතා නොකරපු නිසා යුංගි ඉන්නේ ලෝකේ අටවැනි පුදුම තමන් ඉස්සරහ තියෙනවා වගේ

ටිකකින් පාක් එකට ඩබල කා එකෙන් බැස්සා යුංගි  guitar එකත් අරගෙන ඉස්සර වෙලා යද්දී ජන්ග්මි යුංගිගේ පස්සෙන් ගියා කොල්ලා ගිහින් පාක් එකේ කොනක තිබුණු සකුරා ගසක් යට තිබුණු බෙන්ච් එකෙන් වාඩිවෙලා ජන්ග්මිට වාඩිවෙන්න කියලා අතින් සන් කලා ජන්ග්මි ඇවිත් යුංගි ලගින් වාඩිවුනා

වසන්ත කාලයේ සකුරා ගස් වල මල් පිරිලා සුලග හමාගෙන යද්දී මල් පෙති බිමට වැටිලා රටාවකට

" මෙතන හරි ලස්සනයි නේද "

" හ්ම්ම් "

ජන්ග්මි අහද්දී යුංගි කෙටි පිලිතුරු දී නිහඩ වුනා යුංගි කියන්නේ කොහොමත් නිහඩ චරිතයක් කොල්ලට කෙල්ලෝ ඇලජික් මෙච්චර කාලයකට කෙල්ලෝ සතපහකට ගනන් ගත්තේ නැ ඒත් ජන්ග්මි එක්ක යුංගි හැසිරුනේ වෙනස් විදියට කොයිවෙලෙත් ජන්ග්මි එක්ක රන්ඩු වෙවී ඉන්න කොල්ලා ආස කලා

Guitar play කරන්න පුරුදු කරනවා කිව්වාට කොල්ලා හිටියේ ඈත අහස දිහා බලාගෙන වෙනම ලෝකෙක

" යුංගි.... "

" හ්ම්ම්.."

" මොකද බකමූනෙක් වගේ හ්ම්ම් ගාන්නේ "

" කලින් guitar play කරන්න ට්‍රයි එකක්වත් දීලා නැද්ද "

" අනියා.... "

ජන්ග්මි තොල පිට පෙරලගෙන කිව්වා යුංගි ජන්ග්මිගේ අතට guitar එක දීලා මුල ඉදලා ඔක්කොම කියලා දුන්නා

" අදට ඇති.."

ජන්ග්මි කිව්වේ යුංගිගෙන් ටොකු කාලාම ඇති වෙලා

" හ්ම්ම් "

" මම පොඩි දෙයක් අහන්න ද "

ඒ ගමන මොකාටද එන්න හදන්නේ කියලා ෂුවර් නැති නිසා යුංගි ඇහිබමක් උස්සලා මොකද්ද කියලා ඇහුවා

අහනවද නැද්ද ඕක අහන්න ගිහින් මූ මට නෙලයි ද ගැහුවොත් අනිත් පැත්තට නෙලන්න ජන්ග්මි මොකෝ අපේ ඔම්මා මාව හදලා තියෙන්නේ කොහෙවත් ඉන්න පූසොන්ගෙන් ගුටි කන්න නෙවෙයි නේ

" තමුසෙට මම ගහන්නේ නැ අනික මට පූසා කිව්වොත් කට කඩනවා..."

" මෙච්චර වෙලා ගැහුවා නෙවෙයි අතගෑවා වෙන්න ඇති.."

ජන්ග්මි කියද්දී යුංගි තොල් දෙකත් තද කරගෙන හිනාව කාගෙන හිටියා

" මොකද්ද කියනවා දැන් තමුසෙට මගෙන් දැනගන්න ඕන "

" තමුසේ කොහොමද මම හිතන දේවල් දන්නේ "

ඔන්න් කොල්ලාගේ මූන වෙනස් වුනා

" යාහ්හ් අදත් මගහැරලා යන්න හදන්න එපා මට උත්තරයක් ඕන "

ජන්ග්මි යුංගි දිහාට හැරිලා කිව්වා යුංගි කල්පනා කරන්නේ දැන් කියනවද නැද්ද කියලා

" මට තමුසේ හිත කියවන්න පුලුවන් ඒ කොහොමද කියන්න දන්නේ නැ මට පුංචි කාලේ ඉදලා කෙනෙක්ගේ ඇස් දිහා බලලා එයා හිතන දේවල් කියන්න පුලුවන් "

යුංගි කියද්දී ජන්ග්මි ඇස් දෙක දොඹ ගෙඩි සයිස් කරගෙන බලාගෙන ඉන්නවා

" තමුසේ පිටසක්වලයෙක් ද "

" පිස්සු ද මෝඩියේ.."

යුංගි හිනා වෙලා ජන්ග්මිගේ ඔලුවට ගැහුවා

" යාහ්හ් ඔලුවට ගහන්න එපා "

ජන්ග්මි ඔලුව අතගාන කිව්වා

" ඒ කියන්නේ තමුසේ මෙච්චර කාලයක් මම හිතපුවා දන්නවා ද "

යුංගි ඔව් කියන්න ඔලුව වැනුවා

සැක් වස විලිලැජ්ජාවයි නියගලා අලයක් කාලා ඉගුරු දාපු තේ එකක් බීලා ගලක් බැදගෙන මුහුදට පනින්න හිතෙනවා

" තමුසෙගේ හිතින් හිතන දේවල් හින්දා තමයි මම තමුසෙගේ සයිකෝ කියලා නම දැම්මේ "

මෙහෙමත් නෝන්ඩි වුනේ නැ යකෝ කවදාවත් තවත් මූ ඉස්සරහ මුකුත් හිතන්නේ නැ අපේ මැරුනු කිරි හැල්මොනී ගැන දිවුරලා කියන්නේ සැක් ඒක හරි යන්නේ නැ අර සිංදුවකුත් තියෙන්නේ
දිවුරලා දුන් පොරොන්දු
ඉටු කලා නම් මිනිස්සු
ලෝකේ නැ මං වගේ
පූසෙක් ඉදිරියේ නෝන්ඩි වෙන මිනිස්සු

යුංගි හිනා වුනු විදියෙන් ජන්ග්මිට තේරුනා යුංගි හිත කියවලා

" ආපහු තමුසේ මගේ ඇස් දිහා බලන්නේ නැ "

ජන්ග්මි ඇස් දෙක අතින් වහගෙන කිව්වා

" රෑ වීගෙන එන්නේ අපි යමු "

යුංගි එහෙම කියාගෙන නැගිට්ටා ඒත් ජන්ග්මි එතැනමයි

" යාහ්හ් තමුසේ එන්නේ නැද්ද "

" අනියා මම එන්නේ නැ "

" එනව ද නැත්නම් මම උස්සගෙන යන්න ද "

යුංගි කියද්දී ජන්ග්මි නැගිට්ටා

" තමුසේ නම් මහ මල වාතයක් "

ජන්ග්මි යුංගිටත් ගස්සගෙන ගියා

" පුදුම ගැස්සිල්ලක් නේ යකෝ '

යුංගි තමන්ටම එහෙම කියාගෙන ජන්ග්මිගේ පස්සෙන් ගියා

To be continue...........♡︎

කල්පෙකට පස්සේ ආවා
අදහස් කියාගෙන යන්න
බායිම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top