ᑕᕼᗩᑭTᗴᖇ 02 🖤
Yoongi Pov
මම වෙනදා වගේ හොබියා එක්ක යුනි එකට ආවා වෙනසක් නැ අදත් කෙල්ලො අපි දෙන්නාව වට කරගත්තා හැමදාම මුන් අපිව දකිනවා නිකන් හැසිරෙන්නේ අවුරුද්දකින් දකිනවා වගේ මොන රෙද්දක් ද මන්දා
හොබියා නම් හිනා වෙලා සුහදව හිටියාත් මම නම් හිනා වෙන්නේ නැ ඇත්තම කිව්වොත් මම හිනා නොවෙන තරම් මම නිදහසේ ඉන්න කැමති කෙනෙක් වැඩිය සද්ද වලට කැමති නැ මම හොබියා එක්ක ඉස්සරහට යද්දී දැක්කේ සයිකොව
මම කෙල්ලට කතා කලත් ඒකි ඇහුනේ නැ වගේ යන්න හදපු නිසා මම ආපහු කතා කලා මම කෙල්ලගේ ඉස්සරහට ගියා මේකි හිතන ඒවා කියවන්න ගියාම මට පිස්සු හැදෙන්නේ ඒ නිසාමයි මම සයිකෝ කියලා නම දැම්මෙත්
දැන් හිතනවා ඇති නේ මම කොහොමද මේකි හිතන ඒවා දන්නේ කියලා මට කෙනෙක්ගේ ඇස් දිහා බලලා හිත කියවන්න පුලුවන් ඒක දන්නේ හොබියා විතරයි
ජන්ග්මි ආපු මුල්ම දවසේම මගේ ඇගේ ජූස් එකක් ඉහිරවලා ඒකට මට ම කෑගැහුවා නැ ඇත්තටම ජන්ග්මි සමාව ඉල්ලුවත් මම හිටියේ කේන්තියෙන් නිසා මම ජන්ග්මිට කෑගැහුවා කෙල්ලත් මට බැන්නා කටින් විතරක් බැරී යැ මේකි මට හිතිනුත් බනිනවා නේ ඉතින් එදා පටන් ගත්ත තරහ අදටත් එහෙමයි ජන්ග්මි මියුසික් ෆැකල්ටි එකේ නිසා කෙල්ලට වද දෙන එකේ සීමාවක් තිබුණේ නැ
ජන්ග්මි අද නම් බේරුනේ එයාගේ යාලුවා නිසා ලෙක්චර් එක ඉවර වුනාම ඕන තැනක එක්කන් යන්න කිව්වාම ජන්ග්මිගේ මූන තැලිලා පොඩි වෙලා ගියා කෙල්ලගේ මූන දැක්කාම ඕන කෙනෙක්ට හිනා යනවා මම කෙල්ලව පස්සේ අල්ල ගන්නවා කියලා හිතාගෙන ගියා උදේ අපිට එකක් නොතිබුනු නිසා මම cafeteria එකට ගියා හොබියා dancing practice වලට ගියා
පැය දෙකකට විතර පස්සේ කෙල්ල ආවා මාව දැක්ක ගමන් අනිත් පැත්ත හැරිලා දුවන්න හැදුවේ ඒවා කොහෙද ඉතින් මං එක්ක
" ඒයී සයිකෝ "
Cafeteria එකේ ඉදපු හැමෝම මගේ පැත්ත බලද්දී මම නැගිටලා සයිකෝ ලගට ගියා යුනි එකේ හැමෝම වගේ දන්නවා මම ජන්ග්මිට කතා කරන්නේ සයිකෝ කියලා මම සයිකෝ ලගට ගියාම කෙල්ල මගේ පැත්තට හැරුනා
" කොහෙද තමුසේ මාරු වෙන්න හදන්නේ උදේ කියපුවා අමතක ද අනික තමුසෙගේ යාලුවාම නේ කිව්වේ ලෙක්චර් එක ඉවර වුනාම තමුසෙව ඕන තැනක එක්කන් යන්න කියලා "
මම කට කොනකින් හිනා වෙලා කිව්වා
මම මේකිට නිකන් ද පාප මිතුරිය කියන්නේ දැන් දත් තිස්දෙක දාලා හිනා වෙන ලස්සන හිනා වෙයන් තව හිනා වෙයන් තෝ කොකාට වාරයක් ආවොත් තිත්තයාටත් වාරයක් එනවා සුදූ අපි බලාගනිමුකෝ එහෙනම් උබේ ඒක පාර්ශ්වික ප්‍රේමය පුරානයට මම හතුරා වෙයි ඈ උබමයි වැඩ වරද්ද ගත්තේ wait and watch
ජන්ග්මි හිතුවා
" තමුසේ පස්සේ යාලුවාට බනිනවා දැන් මාත් එක්ක එනවා "
මම එහෙම කියලා ජන්ග්මිගේ අතින් ඇදගෙන ආවා
" යාහ්හ් පූස් තඩියෝ මාව අතහරිනවා "
ජන්ග්මි කෑගැහුවත් මම ඇහෙන්නේ නැති ගානට ජන්ග්මි ඇදගෙන මියුසික් රූම් එකට ආවා
" මොන වෙඩිමකට ද මාව මෙතනට කුදලගෙන ආවේ "
ජන්ග්මි මියුසික් රූම් එක වටේම ඇස් යවලා ඇහුවා මියුසික් රූම් එකේ කවුරුවත් හිටියේ නැ
මූ මොකටද මාව මේක අස්සට එක්කගෙන ආවේ කවුරුවත් පේන්නවත් නැ මට මොනාහරි කරයි ද අහ්.. ඒවාට ආවොත් මම මුගේ පූස් මූන සමතලා වෙන්න දෙන්නේ වල් පූසා
මේ කෙල්ල මං ගැන හිතාගෙන ඉන්නේ මෙහෙම ද යකෝ
" තමුසේ හිතන තරම් මට පිස්සුවක් නැ මේක අස් කරලා දානවා "
මම එහෙම කියලා ගිහින් පැත්තකින් වාඩි වුනා
" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ද ඉන්නේ ආ මට බැ තමුසෙට ඕන නම් අස් කරගන්න බැරී නම් ඕන මගුලක් කරගන්නවා "
ඔන්න ඉතින් කෑගහලා වැඩ වරද්ද ගන්න හදන්නේ
" තමුසේ මම කියන දේ කරනවා ද නැද්ද "
" අනී "
" එහෙනම් එක කෝල් එකයි තමුසෙගේ ඔම්මාගේ ජොබ් එක නැති වෙයි "
ඔන්න එතකොට නම් කෙල්ලගේ මූන වෙනස් වුනා
හැමදාම ඕක කියලා නේ මේ මිනිහා මට කියලා වැඩ කරව ගන්නේ ජන්ග්මි මේක තමයි ඔයාගේ දෛවය කරන්න දෙයක් නැ ඒත් හැබැයි මගේ දෛවය කියන ලබ්බ ලියපු එකා අහුවුනොත් ඌව උල තියනවා
කෙල්ල එහෙම හිතලා වැඩ පටන් ගත්තා මම ටික වෙලාවක් කෙල්ල දිහා බලාගෙන ඉදලා පැත්තකින් වාඩි වෙලා ෆෝන් එක අතට ගත්තා
Author Pov
ජන්ග්මි මියුසික් රූම් එක අස් කරන ගමන් යුංගිගේ හත්මුතු පරම්පරාව ආදරයෙන් භක්තියෙන් මතක් කලා
මුගේ හැල්මොනීට රයිස් ගරන්න මූට මාව විතරම ද පේන්නේ පතාගෙන ආපු වෛරක්කායෙක් ද කොහෙද මට මුගේ පූස් කොන්ඩ ගස් එකින් එක ගලවන්න හිතයි ඔම්මා ඔයාගේ ජොබ් එකක් නිසා ඔයාගේ අහිංසක දුව විදවනවා ඔයත් මේවාට වගකියන්න ඕන ඔම්මා ඔයාට කොරියාවේ ම තිබුණේ මේ කම්පැනි එක විතරයි ද වැඩට යන්න
යුංගි කොහෙද කියලා බලන්න හැරුනු කෙල්ල දැක්කේ යුංගි පැත්තකට ෆෝන් එක ඔබ ඔබා ඉන්නවා
මේ කොස්සෙන් නෙලන්න හිතයි මුගේ පූස් මූන සමතලා වෙලා සම්බෝල වෙලා යන්න මම මූගේ වැඩකාරයෙක් ද කියන හැම වෙඩිම ම කරන්න මානව හිමිකම් කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා මානව හිමිකම් බැරී නම් මම කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කලා කියලා නඩුවක් දානවා අපිටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා
" තමුසේ මගේ දිහා බලාගෙන ඉදලා ඉවරයි නම් ඕක අස් කරනවා "
යුංගි ෆෝන් එක දිහා බලාගෙනම කිය්ද්දී කෙල්ල ගැස්සිලා ගියා
අයිෂ් මූට ඇස් හතර වටේ තියෙ ද යකෝ නෝන්ඩි වෙනවා කියලා මෙහෙමත් නෝන්ඩි වෙන්න පුලුවන් ද මෙහෙම ගියොත් උබට ලෝක වාර්තාවක් තියන්න පුලුවන් ජන්ග්මි
ජන්ග්මි යුංගිට බැන බැන මියුසික් රූම් එක අස් කරලා ඉවර කලා යුංගිට කොස්සෙන් නෙලන්න ගියත් වැඩේ අසාර්ථකයි කෙල්ල දර්ශන පථය පැහැදිලි කරගෙන කොස්ස ඉලක්කයට ඒම් කරනකොට යුංගි රවලා බලපු නිසා ජන්ග්මි අහිංසක හිනාවක් දාලා වටපිට බැලුවේ දූවිලි පිසින්න වගේ යුංගි කොච්චර රැව්වත් කෙල්ලගේ මුල් ලමා විය සංවර්ධනය නොවුනු වැඩ වලට කොල්ලාට හිනායි ඒත් හිනාව කාගෙන නපුරා වගේ ඉන්නවා හිනා වුනොත් වසලා හමාරයි කියලත් දන්නවා
මියුසික් රූම් එක අස් කරලා කෙල්ල පැත්තකින් වාඩි වුනේ මහන්සියට ලග තිබුණු ගිටාර් එක උකුලට අරගත්ත කෙල්ල ගිටාර් එක ගත්තාට මොකද play කරන්න දන්නේ නැ ඒත් කෙල්ල ගිටාර් play කරන්න ආසයි කෙල්ල ගිටාර් එක දිගේ ඇගිලි ගෙනියන දිහා යුංගි බලාගෙන ඉදලා ජන්ග්මි ලගට ආවා
" සයිකෝ ගිටාර් play කරන්න දන්නවා ද "
" අහ්... අනියා "
ජන්ග්මි කියද්දී යුංගි කට කොනකින් හිනා වුනා
" ඕන නම් මම උගන්නන්නම් "
" අහ්...."
ජන්ග්මි යුංගි දිහා ඇස් දෙක ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන ඉන්නවා යුංගි කිසිදෙයක් හේතුවක් නැතුව කරන්නේ නැ කියලා ජන්ග්මිට මේ කාලේ ඇතුලත හොදටම තේරිලා තිබුනේ යුංගිගේ මොනාහරි හිතේ තියාගෙන තමයි කිව්වේ කියලත් ඒ දේ මොනා වුනත් ජන්ග්මි ලෙෆ්ට් වෙන දෙයක් බවත් ජන්ග්මි හොදින්ම දැනගෙන හිටියා
" අනියා ඕන නැ "
යුංගි ජන්ග්මිගේ මූනට නැවුනේ කෙල්ලෙගේ හාට්ටුවට බ්රේක් ඩාන්ස් නටද්දී
අයිෂ් මේ පූස් හපුවා ඒ ගමන මොනාට ද එන්න හදන්නේ මම ගිටාර් play කරන්න ආස බව වෙනම කතාවක් ඒත් මැරුවත් මුගෙන් නම් ඉගෙන ගන්න යන්නේ නැ යේක ස්ථිරයි ඇයි මේ පූස් තඩියා මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ මගේ මූනේ basketball match එකක් යනෝ ද
යුංගි ජන්ග්මිගේ ඔලුවට ගහලා පිටිපස්සට වුනා
" ආව්..... ඒක රිදුනා "
ජන්ග්මි ඔලුව අතගගා කිව්වා
" තමුසෙට මගෙන්ම තමයි ඉගෙනගන්න වෙන්නේ නැත්නම්......"
" නැත්නම් මොනාද කරන්නේ "
" තමුසේ මගේ යොංජාචිංගු කියලා "
ජන්ග්මිට හුස්මත් හිර වුනා වගේ ඒ කතාවට යුනි එකේ කෙල්ලෝ දැනටමත් ජන්ග්මි එක්ක නයි වෛරයෙන් ඉන්නේ මොකද යුංගි කොයිවෙලෙත් ජන්ග්මි එක්ක නිසා දැන් යුංගිගේ යොංජාචිංගු කියලා කට්ටිය දැනගත්තොත් තමන්ට අත්වන ඉරණම කෙල්ලට මැවිලා පේන්න ගත්තා
" තමුසේ එහෙම කිව්වා කියලා වැඩක් නැ හැමෝම දන්නවා තමුසෙගෙයි මගෙයි අතරේ එහෙම සම්බන්ධකමක් නැ කියලා '
ෆිෂ් නහින්නේ මුඛය නිසා බව නැවත වරක් ලෝකයාට ප්‍රකාශ කරමින් යුංගි ජන්ග්මිගේ කරට අත දාලා කම්බුල කිස් කරනවා වගේ ෆොටෝ එකක් ගැහුවා ජන්ග්මි ෆුල් කම්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නේ
" එතකොට සයිකෝ මේක කට්ටිය දැක්කොත් කොහොම හිතයි ද අනික මීට වඩා දෙයක් වුනත් මට කරන්න පුලුවන් තමුසේ හොදටම දන්නවා නේ සයිකෝ මට දෙයක් කරන්න ඕන වුනොත් හොදින් හෝ නරකින් මම ඒ දේ කරනවාමයි "
මීට වඩා දෙයක් කිව්වේ මොන වගේ දෙයක් ඒ කියන්නේ...........
ජන්ග්මි ඇස් දෙකත් දොඹ ගෙඩි සයිස් කරගෙන හිතද්දී යුංගි කෑගැහුවේ ජන්ග්මි ගැස්සිලා යද්දී
"යාහ්හ් මම හිතුවාට තමුසේ හෙන වල් සයිකෝ "
" හෑ... මොකා මට අපහාස කරන්න එපා මම හිතපු දේ තමුසෙට තේරුනා කියන්නේ තමුසේ මට වඩා වල් අනික තමුසේ කොහොමද මම හිතන දේවල් දන්නේ "
ඔන්න හැමදාම වගේ යුංගි කතාව වෙනස් කරන තැන අදත් සුපුරුදු පරිදි කතාව වෙන පැත්තකට හරවලා යුංගියා ආදා වගේ ලිස්සලා ගියා
" හෙට හවස හතරට යුනි එක ලග තියෙන පාක් එකට එනවා "
" ආවේ නැත්නම් "
" මම තමුසෙගේ ගෙදර ඇවිත් තමුසෙගේ ඔම්මාට කියනවා මම තමුසෙගේ නම්චිංගු කියලා "
" යාහ්හ් මින් යුංගි....... "
ජන්ග්මි මියුසික් රූම් එක දෙක වෙන්න කෑගැහුවා යුංගි කොන්ඩෙත් අතින් හදන ගමන් මුකුත් නොවුනු ගානට යන්න ගියා
To be continue......... ♡︎
හායිම් හායිම්
කස්ටිය සැපෙන් සනීපෙන් සුවෙන් සිටී ද
ඕතර් නම් පොත් ගොඩකට යට වෙලා ඉන්නේ
Revenge හෙට අප්ඩේට් කරන්නම් පුලුවන් වුනොත් විතරයි ඈ
𝐇𝐚𝐩𝐩𝐲 𝐘𝐨𝐨𝐧𝐠𝐢 𝐃𝐚𝐲 𝐀𝐫𝐦𝐲 💜
(යුංගියා ගානේ රීඩස්ලා බබ්බුලාට ස්ට්‍රෝබෙරි 🌝)
Bạn đang đọc truyện trên: AzTruyen.Top