~haru~
ඇස් වලට වැටුන එලියත් එක්කම මන් ඇස් ඇරගන්න බැලුවෙ ඇස් වලින් දැනෙන බර ගතියත් ඇඟට දැනෙන අමාරුවත් එක්කමයි
මන් කොහෙද මේ ඉන්නේ මට මොකක්ද උනේ ඇයි මට නැගිටින්න බැරි
ඔලුවෙන් දැනුන තද කැක්කුමත් එක්කම මන් ඇස් තදකරලා එකපාරම ඇරියත්
"මන් මේ ඉන්නේ හොස්පිටල් එකකද"
වට පිට බලනවත් එක්කම දොර ඇරගෙන දුවන් ආවේ ඩොක්ටර් කෙනෙක් එක්ක මගෙ ඔම්මයි අප්පයි
මට මොකක්ද උනේ ඇයි මන් මෙහෙ ඉන්නේ එයාලා දිහා මන් කල්පනා කලේ කිසිම දෙයක් මට මතක් නොවුන නිසා
ඔලුවෙන් ආයෙමත් දැනුන කැක්කුමත් එක්කම එදා රෑ වුන හැමදෙයක්ම මට ෆිල්ම් එකක් වගේ මැවිලා පේනකොට මන් ඔලුව අත්දෙකෙන්ම අල්ල ගත්තේ දැනෙන වේදනාව වැඩි උන නිසා..
ජන්කුක්...පුතේ අනේ කලබල වෙන්න එපා මගෙ මැනික හැමදේම හරි ඔම්මා ඔයා ලඟින්ම ඉන්නවා මැනික සන්සුන් වෙන්න...
ඔම්මගෙ කටහඬට මන් සන්සුන් උනා හෙමින් ඒ උනුහමට ගුලි උනේ ඔම්ම ලඟින් දැනුන ආරක්ශාවට
ඔම්මා...ම..මගෙ..ක..කුල්..ඒ..වා..ඇයි මට හොල්ලන්න බැරි අම්මා..
ඔම්ම අසරන බැල්මකින් මන් දිහා බලනවත් එක්කම මන් බැලුවෙ ඩොක්ටර් ගේ මූන දිහා..ඩොක්ටර් හුස්මක් පහල දාලා මන් දිහා බැලන් කිව්වෙ
ජන්කුක්..ම්ම් සිද්ධ වෙච්ච ඇක්සිඩන්ට් එක නිසා ඔයාගෙ කකුල් ටිකක් ඩැමේජ් වෙලා...අ..ඉතින් ඔයාට ටික කාලයක් යනකන් ඇවිදින්න නම් වෙන්නේ නෑ බට් ඔයාගෙ කකුල් හොඳකරන්න පුලුවන් ඒක නිසා බය වෙන්න දෙයක් නෑ..
කොච්චර කාලයක්ද..
මන් ඇහුවා..
ම්ම්ම් ඒකනම් හරියටම ගෙස් කරන්න බෑ මිස්ටර් ජන්කුක් සමහරවිට මාස හතක් පහක් හෝ ඊට අඩු වෙන්නත් පුලුවන් ..
ඒ වචනත් එක්කම මට දැනුනේ තරහක් මන් ගැනම ලොකු කේන්තියක් ඇයි මන් හෙමින් ඩ්‍රයිව් කරේ නැත්තේ..
"මෙතනින් යන්න හැමෝම "
"පුතේ.. ජන්කුක්"
"මට තනියම ඉන්න ඕන ප්ලීස් යන්න හැමෝම"
"හරි එහෙනම් ටිකක් විවේක ගන්න අපි යන්නම්"
time passed ,
කාලය හරි ඉක්මනින් ගියා..දැනට සති දෙකක් මන් මේ හොස්පිටල් රූම් එකේ ඉන්න හිතේ තිබුන තරහටම මන් රූම් එකෙන් එලියට ගියෙ නෑ..දැන්නම් තුවාලා හොඳ වෙලා වේදනාවක් නෑ ඒත් මගෙ කකුල් ඒවා තාමත් එහෙමමයි...
මේ ගෙවුන සති ගානටම හැමදවසකම වගේ මගේ ඇඳ එහාපැත්තේ ටේබල් එක උඩ සුදු මල් පොකුරක් තිබුනා...
ඒත් කවුද ඒවා තියන්නේ..ඇයි එහෙම කරන්නේ හැමදාම නිදාගෙන ඇහැරෙනකොට මේ මල් මගෙ මේසේ උඩ ඇත්තටම මන් ඒකට කැමති උනා ඒ මල් හරි ලස්සනයි ඒ දිහා බලනකොට මගෙ තරහ නිවුනා මගෙ හිත නිදහස් උනා..
තවත් දවසක් එහෙන්මම ගෙවිලා ගියා..අදත් මල් පොකුරක්..මගෙ මූනේ ඇඳුනේ ලස්සන හිනාවක්..
ජනේලෙන් එලිය ගොඩක් ලස්සනයි ඇත්තටම මේ හොස්පිටල් එක ගොඩක් ලස්සනයි මට හිතුනා ටිකක් එලිය බලන්න මන් මූනේ ඇඳුන හිනාවත් එක්කම ජැකට් එකත් දාගෙන මන් වීල්චෙයාර් එකේ ඉඳගනෙ මල් පොකුරෙන් ටිකකුත් අතට අරන් හෙමින් එලියට ගියා...
"වාහ්"
ඇත්තටම මෙහෙ ගොඩක් ලස්සනයි හරි නිස්කලංකයි...හරිම නිදහසක් දැනෙනවා ෆ්ලෝ එක දිගේ ගිහින් මන් එලියට ගියා
මන් හිමින් වීල්චෙයාර් එක තල්ලු කරන් ගියේ ටිකක් එහායින් පේන ගාර්ඩ්න් එකේ තිබ්බ ලොකු ගහක් ගාවට එතන තව ගෑනු ලමයෙකුත් ඉඳගෙන හිටියා එයා මන් දිහා බලන් හිනා වුනා එයාගේ අතේ සේලයින් එකක් ගහලා තිබ්බ බෙන්ච් එකේ එහා පැත්තෙන් සේලයින් බෝතලේ එල්ලපු ස්ටෑන්ඩ් එකත් අල්ලන් එයා තවමත් හිනා වෙනවා ඕහ් එයා අතේ මොකක්ද පොතක් තියන් මොනවද ලියනවා වගේ එයා හරිම ලස්සනයි
"එයා මාව අඳුරනවද"
(හී හොස්පිටල් කිට් එකක් ඇඳ ගත්ත ගෑනු ලමයෙක් ඉන්නවා කියලා හිතා ගන්න 😁)
මන් හිනා වෙලා ආපහු හැරිලා රූම් එකට ගියා..මන් යනගමනුත් ආපහු හැරිලා එයා දිහා බැලුවා ඒ ඇස් තාමත් මන් දිහා බලන් හිනා වෙනවා
"එයා කවුද "
මන් ආපහු ඉස්සරහා හැරිලා රූම් එකට ගියා...
තවත් දවසක් ඒ විදියට අවසන් වෙනකොට අදත් මන් උදේ ඇහැරෙනකොට අදත් පරන මල් පොකුර වෙනුවට අලුත් මල් පොකුරක් ටේබල් එකේ වාස් එකේ ..
මගෙ මූන හිනාවකින් පිරුනා
"ආහ් මේ මොකක්ද "
ඒක පොඩි චිට් එකක් මන් ඒක ඇරලා කියෙව්වා මේ පාරනම් මූන වගේම හදවතත් සතුටින් පිරිලා ගියේ ඒකේ තිබ්බේ..
"ඔයාගෙ හිනාව හරිම ලස්සනයි "
"ආයෙත් ඇවිදින්න යන්න ගාර්ඩ්න් එකේ "
"මන් බලන් ඉන්නවා"
මන් ඉක්මනින් මූන හෝදලා ලෑස් ති වෙලා ජැකට් එකත් දාගෙන ෆ්ලෝර් එක දිගේම වීල්චෙයාර් එක තල්ලු කරන් ගියත් එකපාරටම මන් නැවතුනේ කවුද මන් ඉස්සරහ හිටගෙන අත දික් කරපු නිසා
මන් හෙමින් ඔලුව උස්සලා බැලුවේ ඒ ඇස් දිහා..ඒ අර ගෑනු ලමයා එතකොට මෙයාද හැමදාම ටේබල් එක උඩින් මල් තියන කෙනා..මන් තාමත් ඒ ඇස් අතර අතරමන් වෙලා ..එයා ආයෙමත් හිනා වෙලා එයාගෙ ඇස් වලින් එයාගෙ අත් පෙන්නන්කොටයි මන් හරි සිහියට ආවෙ මාත් ඉක්මනින් අත දුන්නේ මාව එයාට අදුන්නලා දෙන ගමන්
"හායි"
"හායි මන් ජන්කුක් ..ජොන් ජන්කුක්"
"මන් දන්නවා"
"ආ..හ්"
මන් එයා දිහා පුදුම හිතුන බැල්මකින් බැලුවම එයා හිනා උනා..එයාගෙ හිනාව ගොඩක් ලස්සනයි හිනා වෙනකොට වල ගැහෙන කම්මුල් , හීනී වෙන ඇස්,රෝස තොල් හරියට ඒන්ජල් කෙනෙක් වගේ..
එයා ආයෙත් හිනා උනා
"කොහොමද ඔයා මාව දන්නේ?"
එයා ආයෙමත් හිනා
"ඔයා මෙහෙට ආපු දවසෙමයි මන් ඔයාව දැක්කේ ජන්කුක් ඉතින් මන් ඔයා ගැන දන්නවා "
මේ වතාවෙන් හිනා උනේ මන්
"ඔයාගෙ හිනාව ලස්සනයි ජන්කුක් "
ඒ වචනත් එක්කම මන් එයා දිහා බැලුවා ඒ ඇස් දිලිසෙනවා
"ඔයාට මගෙ නම දැනගන්න ඕන නැද්ද ජන්කුක් "
මන් ආයෙත් හිනා උනා
"ඔයාගෙ නම මොකක්ද "
මන්
"හාරු"
"කිම් හාරු"
"ආහ් මේක ඔයාට ජන්කුක්"
එයා මගෙ දිහාවට දික් කලේ චිත්‍රයක් ඕහ් ඒකේ ඉන්නේ මන් එහෙනම් මේකද එදා එයා ඇඳ ඇඳ හිටියේ
"ඒක ගොඩක් ලස්සනයි "
හාරු මගෙ කටින් ඒ වචනෙ කියවුනා එයා වගේම එයාගෙ නමත් ලස්සනයි ..
"හාරු" කියන්නේ දවස කියන තේරුම නේද
මන් ඇහුවා.
එයා ආයෙත් හිනා වෙලා ඔලුව වැනුවා
"එහෙනම් අපි යමු නේද කුකී"
"කු..කී.."
"ආආහ් මන් එහෙම කතා කලාට කමක් නෑනේද ජන්කුක් ඔයා අකමැතිනම් මන් එහෙම නොකිය ඉන්නම් "
මන් ගොලු උනා කුකී ඒ වචනෙ එයා මට දීපු නික්නේම් එක ඒක ඌඌඌඌහ් ඒක හරිම කියුට්
"කමක් නෑ හාරු ඔයාට කැමති විදියකට මට කතා කරන්න "
"එහෙනම් අපි දැන් යමු කුකී"
"හ්ම්ම්"
ෆ්ලෝ එකදිගේම ගිහින් අපි ආවෙ ගාර්ඩ්න් එකේ තියෙන ලොකු ගහ යටට ඒ ගහ වටේම තිබ්බේ (Queen Anne's lace) මල්
වීල්චෙයාර් එකෙන් බැහැලා බෙන්ච් එකෙන් ඉඳඟෙන කතාකලා
"ඔයා දන්නවද කුකී මේ මන් ආසම මල් වර්ගය "
"ඒවා හරිම ලස්සනයි නේද"
"ඔව් ඇත්තටම ඒවා හරිම ලස්සනයි "
"හැමදාම ටේබල් එක උඩ තිබුන මේ මල් වලට පුලුවන් උනා මගෙ තරහ නිවන්න හාරු"
"මන් දන්නවා කුකී ඒකයි මන් හැමදාම ඔයා ගාවින් ඒවා තියලා ගියේ "
හවස් වෙනකන්ම ඇත්තටම මට වඩා එයා තමා කතා කලේ කියවන කෝච්චියක් වගේ නවත්තන්නැතුව කියවන එයා දිහා මන් බලන් හිටියා කාලෙ යනව තේරුනේවත් නැති තරම්
කාලය හරි ඉක්මනින් ගෙවිලා ගියා මාස දෙකකුත් ගෙවිලා ගිහින් දැන්නම් මට ටිකක් ඇවිදින්න හොඳටම බෑ ඒත් දැන් මට ඒ ගැන දුකක් නෑ මොකද මන් ලඟින් හාරු ඉන්නවා
මේ මාස දෙකට අපි හොඳම යාලුවෝ උනා ඒත් මාස දෙකක කාලය තුල මන් හාරුගෙන් අහපු එක ප්‍රශ්නයකට එයාගෙන් හම්බුන පිලිතුර උනේ එයාගෙ ලස්සන හිනාව විතරමයි
"ඔයා මෙහෙ ඉන්නෙ ඇයි හාරු "
"මොනවටද ඔයා බෙහෙත් ගන්නේ "
අදත් එයාගෙ උත්තරේ ඒ ලස්සන හිනාව විතරක් වෙනකොට මන් ආපහු අහ අහ හිටපු සින්දුව අහගෙනම මගෙ ඩයරි එක ලියන්න ගත්තේ එයාගෙන් කොච්චර ඕක ඇහුවත් එයා උත්තර දෙන්නෙ නැති නිසා
ඒත් ටික වෙලාවකින්
"කුකී"
"ඇයි හාරු"
මන් ලියන එක පැත්තකින් තියලා හාරු දිහා බැලුවා ඒත් එයා මට පෙන්නුවේ ඈතින් අපි දිහා බලන් ඉන්න මගෙ ඔම්මවයි අප්පවයි
"ඔම්මා"
මගෙ හිතට බයක් දැනුනා ඔම්මලා ඇවිත් තියෙන්නේ මාව එක්කන් යන්නද ඇවිත් තියෙන්නේ
එතකොට මට හාරුව දාලා යන්න වෙනවද...
"ජන්කුක්"
"ඔම්මා ඔයාලා ඇයි "
"ඔයාව එක්කන් යන්න ආවෙ පුතේ "
"ඔම්මා ඒත් "
"අපිට හදිසියේම ඉන්ග්ලන්ඩ් යන්න වෙනව පුතේ ඒක නිසා ඔයාව එක්කන් යන්න ආවෙ "
"ඒත් ඔම්මා මට තාම හොඳටම හොඳ නෑනෙ "
"ඒත් අපිට යන්නම වෙනවා ජන්කුක් "
"කොච්චර කාලෙකටද මාස දෙකකට තුනකට වගේ ජන්කුක් "
මන් බැලුවේ හාරු දිහා එයාගෙ ඇස් වල කඳුලු ඒත් එයාගෙ හිනාවනම් එහෙන්මමයි
එයා ආයෙත් හිනා වෙලා එතනින් ගියා
මන් හාරු යන දිහා බලන් හිටියේ හිස් හැඟීමකින් මගෙ හිත පිරිලා යනකොට
"ජන්කුක් "
ලොකු හුස්මක් පහල දාලා
"හරි ඔම්මා අපි යමු "
ඔම්මලා මගෙ බඩු ලෑස්ති කරන අතරෙ මන් ගියෙ ගහයට බෙන්ච් එක ගාවට මොකද මන් දන්නවා හාරු දැන් එතන ඉන්නේ
මන් හරි එයා එතන ඉඳන් ලොකු කල්පනාවක මන් එයාගාවින් ඉඳගන්නවවත් එයා දැක්කේ නෑ
"හාරු"
"ආහ් කුකී ඔයා කොයිවෙලේද ආවෙ"
කොහොමද හාරු ඔය විදියට කඳුලු හන්ගලා හිනා වෙන්නේ
"මන් එහෙනම් ගිහින් එන්නම් හාරු"
"හ්ම්ම් පරිස්සමෙන් ගිහින් එන්න කුකී"
"මන් ආපහු ආවාම ඔයාව හම්බෙන්න අනිවාරෙන්ම එන්නම් හාරු "
"ප්‍රොමිස්"
හාරු හිනා වෙලා මගෙ පැත්තට චූටි ඇඟිල්ල දික් කරලා මගෙන් එහෙම ඇහුවම මාත් හිනා වෙලා ඒ ඇඟිල්ල වටේ මගෙ ඇඟිල්ල ඔතලා
"පින්කි ප්‍රොමිස් "
අපි හිනා උනා
අපෙ අත් එකට බැඳන් අපි හිනා උනා
ඒත් ඇතුලතින් අපි දෙන්නම අඬනවා නේද
"මන් බලන් ඉන්නවා කුකී "
"හැමදාමත් ඔයා වෙනුවෙන් "
"මන් ඉක්මනින් එන්නම් හාරු "
"මන් පොරොන්දු වෙනවා"
එයා හිනා උනා ඒ වල ගැහෙන කම්මුල්
හීනි ඇස් අද දිලිසෙනවා කඳුලු නිසා
මන් එතනින් නැගිටලා ගියා ආයෙමත් හැරිලා ඇවිල්ලා මන් හාරුගෙ තොල් සිප ගත්ත
එයා මගෙන් ඈත් වෙයි කියලා හිතුවත් හාරුත් ඒ සිපගැනීමට ප්‍රතිචාර දෙනකොට
අපි විනාඩි ගානක් අපේ ලෝකේ තනි උනා
සිපගැනීමෙන් ඈත් වෙලා මන් හාරුගේ නලල ආදරෙන් සිප ගත්තේ
"මන් ඔයාට ආදරෙයි හාරු"
"මාත් ආදරෙයි කුකී"
ඒක ආදරනීය වෙන්වීමක්
මාස හතරකට පසු.......
දැනට මාස හතරක් ගතවෙලා මන් මගෙ හාරුව දාලා ගිහින්
අද මන් ඉන්ග්ලන්ඩ් වල ඉඳන් ආපු ගමන්
හාරුව බලන්න හොස්පිටල් එකට ගියේ
හාරු කැමතිම
මල් පොකුරකුත් අරගෙන
ෆ්ලෝ එක දිගේ මන් ගියේ හිත සතුටින් පිරිලා යනකොට
හාරුගේ රූම් එක ගාවට ගිහින් මන් දොර ඇරන් ඇතුලට ගියත්
ඒත්
හාරු එතන හිටියේ නෑ
එයාගෙ ඇඳ හිස් රූම් එක අස් කරලා
මන් එහෙන්මම හැරිලා දිව්වේ හාරුගේ ඩොක්ටර් ව හොයන්
time skipped
මන් ආවා හාරුව හොයන් එයා ඉන්න තැනට
මගෙ හාරුව මන් හොයන් ආවා
එයා හිටියේ ලස්සන මල් ගහක් යට
මන් වෙවුලන කකුල් එක්ක එයා ගාවට හිමින් හිමින් අඩි තිබ්බා
එයා ලඟට යනකොට පාලනය කරන් හිටපු කඳුලු ඔහේ ගලාගෙන ගියේ මන් හාරු ගාවම දනින් වැටිලා හාරුගේ සොහොන දිහා හැඟීමක් නැති බැල්මකින් බලන් ඉන්න එක
"ඇයි හාරු ඔයා ගියේ"
"ඔයා පොරොන්දු උනා නේද හාරු මන් එනකන් බලන් ඉන්නවා කියලා ආහ්"
"සද්ද නැතුව ඉන්න එපා හාරු කතාකරන්නකෝ රත්තරන් "
"ඉස්සර වගේ එක දිගට කෝච්චියක් වගේ කියවන්නකෝ මැනික මාත් එක්ක"
"ඔහොම ඉන්න එපා හාරු මට දරා ගන්න බෑ මැණික "
මේ නිසාද මැනික මන් අහපු හැම පාරම ඔයා හිනාවකින් විතරක් උත්තර දුන්නේ
මට කියන්න මැණික
ඇයි මට හැන්ගුවේ මැනික ඔයාට බ්ලඩ් කැන්සර් එකක් කියලා
මට පේන්න හිනා වෙලා හිටියට මගෙ මනික විඳෙව්වද මැණික
ඔයාට ගොඩක් රිදුනද මැණික
ඔයා කිව්වනම් මන් කීයටවත්ම ඔයාව දාලා යන්නෑනෙ මැණික
අනේ ආයේ එන්න මැණික
ආයෙ එන්න ඔයාගෙ කුකී ලඟට
ඇයි මාව මේ විදියට තනි කලේ හාරු
මට ඔයා නැතුව ඉන්න බෑ මැණික
අනේ ආයෙත් මන් ලඟට එන්න මැණික
ආයෙත් ඔයාගෙ ඒ ලස්සන හිනාව මට දකින්න ඕන මැණික
.
ඇස් වලින් ගලන කඳුලු පිහදන් මන් හාරුගේ සොහෙන තිබ්බ එයාගෙ හිනාව පිරුන රූපේ දිහා බලන් හාරුගේ සොහොන උඩින් ඔලුව තියාගත්තේ
හාරු ...ඔයාට බැරි උනාද මැණික මන් එනකන් ටිකක් ඉන්න මැණික ට මහන්සි දැනුනද මැනික මග බලන් ඉඳලා ඒකද මන් එන්න කලින් මාව දාලා ගියේ හාරු
දැන් මගෙ වාරෙ හාරු
මන් බලන් ඉන්නම් ඔයා එනකන්
මගෙ මුලු ජීවිත කාලෙම හරි මැනික
ආපු හුලඟත් එක්කම මල් පෙති වැස්සක් මගෙ දිහාවට හැලුනේ
හරියට හාරු මන් කියන දේවල් අහන් ඉන්නව කියලා අඟවන්න වගේ
මන් හිනා උනා
ඔයා ඉන්නවා නේද මැනික
මන් දන්නවා ඔයා හැමදාමත් මන් ගාවින් ඉන්නව කියාල
පැය ගානක් එතන හිටපු මන් එතනින් නැගිට්ටේ
"එහෙනම් සමුගනිමු මැණික ආයෙ ලබන හැම ආත්මයකම ආයෙත් හමුවෙන පොරොන්දුව මත "
එදා ඉඳන් හැමදාම හාරු කැමතිම (Queen Anne's lace)
මල් පොකුරක්නම් අනිවාරෙන්ම හාරුගේ සොහොන උඩ තිබුනා
ජන්කුක් එන හැමදවසකම හාරු ආස මල් පොකුරක් අරන් එන්න අමතක කලේ නම් නෑ
~නිමි~
___________________°•haru•°__________________
හම්මෝ වචන 1708 මට නිකන් පිස්සු වගේ🙂
කමෙන්ට් එකක් දාගෙන යන්න 🥺❤️
අඩුපාඩු ඇති මොකද මේක මගෙ පලවෙනි one shot එක 😁🤧
ආදරෙයි හැමෝටම ❤️
_shenu_🥀
Bạn đang đọc truyện trên: AzTruyen.Top