Finale

This chapter is dedicated to my bestie ❤️ Satseok ❤️
පටන් ගත්තු දවසේ ඉදන් අද වෙනකම් මල යස්සනි වගේ කතාව ටයිප් කරපාන් ගාගෙන මාව මේක ලියන්න උනන්දු කළාට තෑන්ක් යූ ඒයි...❤️❤️උබ නැත්නම් මේක මෙච්චර දුරක් එන්නේ නෑ..❤️Thank you..❤️ love you ma bestieee ❤️😘

__________________________________

A great book should
leave you with many experiences,
and slightly exhausted at
the end.
You live several lives while
reading.

- WILLIAM STYRON -

_________________________________

( 04 Months Later )

තෙත බේරෙන කොණ්ඩයක් එක්ක ඉණ හරියෙන් ටවල් එකකුත් ඇදගෙන විශාල ඇදුම් අල්මාරිය ඉස්සරහ හිටගෙන හිටපු හෝසෝක් ඉණේ අතගහගෙන බලාගෙන හිටියේ එයාගේ ඇදුම් තිබුනු පැත්ත දිහා.

එක එක පාට රෙදි අතරේ එයාට ඕනි කරන පාටක ඇදුමක් හොය හොය හිටපු හෝසෝක් දැක්කේ නෑ එයාට පිටිපස්සෙන් තිබුනු දොරෙන් කාමරයට ආපු කෙනාව..

ඒ සුවිසල් කාමරය ඇතුළේ තවත් කෙනෙක් ඉන්නවා කියලා හෝසෝක් දැනගත්තේ එකපාරටම එයාගේ ඔලුව මතට තුවායක් වැටෙද්දි.

"උදේ පාන්දර නානවානම් අඩුම තරමේ කොණ්ඩේවත් හරියට පිහිදගන්න මතක තියාගන්න...."

තමන්ගේ පිටුපසින් එහෙම හඩක් ඇහෙද්දි හෝසෝක් හිනා වුනේ තුවාය හිසෙන් අයින් කරලා බෙල්ල මත රදවගන්න ගමන් පිටිපස්සේ හිටපු කෙනාගේ දිහාට හැරෙමින්.

"ඇයි...නැත්නම් මගේ නිකෝ බේබී මට මොකද කරන්නේ....?!"

හෝසෝක් හිනා වෙවී ඇහුවේ යූන්ගිගේ උරහිස වටේ අතක් දාලා එයාව ලගට කරගෙන ඔහුගෙ නළලින් හාදුවක් තියන ගමන්.

"ඔයා නිදාගෙන ඉන්න වෙලාවක ඔය කොණ්ඩේ කපලා දානවා එක කෙස් ගහක්වත් ඉතුරු නොවෙන්න...!"

හෝසෝක්ගේ බෙල්ලේ රදවන් උන්නු තුවාය ආයෙමත් අතට අරන් හෝසෝක්ගේ තෙත කොණ්ඩය පිහිදාන ගමන් යුන්ගි කිව්වේ හෝසෝක් දිහා බලලා රවන ගමන්.

ඒත් එක්කම හෝසෝක්ට මතක් වුනේ ග්වැන්ජුවල පන්ස්ලේ ඉන්න හාමුදුරුවන්ගේ කෙස් ගහක්වත් නැති ඔලුව.ඒ ගැන හිතද්දිත් හෝසෝක්ගේ ඇගේ හිරිගඩු පිපුනේ මූලු ඇගම වෙව්ලලා යද්දි.

"මං ආයේ කවදාවත් කොණ්ඩේ පිහිදාන්නේ නැතුව ඉන්නේ නෑ..ප්ලීස්...ඒ වැඩේනම් කරන්න තියා හිතන්නවත් එපා නිකෝ...!"

හෝසෝක් බයෙන් වගේ කිව්වේ යුන්ගිගේ මූණේ තිබුනු එරවිල්ල නැති වෙලා ගිහින් ඒ මූණට හිනාවක් එද්දි.

"ඇයි...මට නම් හිතෙන්නේ ඒක ලස්සනට තියෙයි...!"

යුන්ගි හිනා වෙවී කිව්වෙ හෝසෝක් කටත් ඇද කරගෙන එයා දිහා බලන් ඉන්න හැටි ඇස් කොනින් බලමින්.

"කෙස් ගහක්වත් නැති හෝසෝක් කෙනෙක්...!!හිතද්දිත් මගේ කකුල් පණ නැති වෙනවා...!"

හෝසෝක් කිව්වේ යුන්ගිට මහ හඩින් හිනා යද්දි.හෝසෝකුත් ඒ හිනාවට එකතු වුනේ යුන්ගිගේ ඉණ වටේ අතක් යවමින්.

ටික වෙලාවකින් තුවාය පැත්තකට දාපු යුන්ගි ආයෙමත් හෝසෝක් දිහාට හැරුනේ හෝසෝක්ගේ කම්මුලෙන් හාදුවක් තියමින්.

"ඔයා තාත්තාට කතා කළාද සියෝකි...?"

යුන්ගි අහද්දි හෝසෝක් ඔලුව වැනුවේ ඔව් කියමින්.

"ඔව්...ඒත් එයා මං කෝල් ගත්තට ඒවා ආන්ස කරන්නේ නෑ...."

එහෙම කියපු හෝසෝක් යුන්ගි එක්ක දුකෙන් වගේ හිනා වෙලා අල්මාරිය පැත්තට හැරුනේ යුන්ගි එයාගේ පැත්තකින් ඇවිත් හිටගනිද්දි.

"එයා තාමත් හිතන්නේ සිද්ද වුනු හැමදේකටම වැරැදිකාරයා එයා කියලා.."

යුන්ගි කිව්වෙ හෝසෝක්ගේ අත අල්මාරියේ එල්ලලා තියෙන නොයෙකුත් ඇදුම් අතරේ එහා මෙහා යන හැටි බලාගෙන.

"හ්ම්ම්..එයා කියන්නේ එයා මීරාව මැරුවේ නැත්නම් මේ කිසිම දෙයක් වෙන්නේ නෑ කියලා.."

හෝසෝක් කිව්වේ ලොකු හුස්මක් පිට කරමින්.

"වුනු දේවල් ගැන දැන් හිතලා වැඩක් නෑ සියෝකි...අපි කොහොමහරි එයාගේ හිත හදන්න බලමු.."

යුන්ගි කිව්වේ හෝසෝක්ගේ නිරුවත් උරහිස මතින් අතක් තියමින්.

"ඒක ඇත්ත නිකෝ...ග්‍රැනී එයත් එක්ක ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ..එයා තාත්තාට තේරුම් කරයි කිසිම දේකට එයා පලි නෑ කියලා.."

යුන්ගි ඒකට ඔලුව වැනුවේ හෝසෝක් කලු පාට ශර්ට් එකක් අතට ගන්නවා බලාගෙන.පියවරක් ඉස්සරහට ආපු යුන්ගි ඒක හෝසෝක්ගේ අතින් අරන් ආයෙමත් තිබුනු තැනින් ම එල්ලුවේ ඒ වෙනුවට ශර්ට් ගොඩෙන් තද නිල් පාට ශර්ට් එකක් ගන්න ගමන්.

"අරකට ගැලපෙන්නේ මේ පාට.."

යුන්ගි කිව්වේ හෝසෝක් කලින් ම තෝරලා ඇද මත තියලා තිබුනු කලු පාට කලිසම පෙන්නන ගමන්.

පොඩි එකෙක් වගේ ඔලුව කසන ගමන් මෝඩපාට හිනාවක් දාපු හෝසෝක් ඒක යුන්ගිගෙ අතින් ගත්තේ අල්මාරියේ දොරේ එල්ලලා තිබුනු ටයි ටික දිහායි යුන්ගි දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්.

හෝසෝක්ගේ හිතේ තියෙන දේ තේරුම් ගත්තු යුන්ගි හිනා වෙන ගමන්ම තද නිල් පාට ශර්ට් එකටම ගැලපෙන කලු පාටට හුරු තද අලු පාට ටයි එකක් අරන් හෝසෝක්ගේ අතින් තිබ්බේ එයා කාමරයට එද්දි අරගෙන ආපු උණු කෝපි එක අතට ගනිමින්.

"ඔයාට ඔය වැඩේට අදම යන්න ඕනිද..?"

යුන්ගි ඇහුවේ හෙමින් හෙමින් ඇදුම් මාරු කරන හෝසෝක්ගේ මුවට කෝපි කෝප්පය තියමින්.

"යන්න එපැයි බබී...අපි අද දවස ප්ලෑන් කළේ ගොඩක් දවසක ඉදන්නේ..මේකත් කරලා දැම්මම හැමදේම හරි.."

කෝපි කෝප්පෙන් උගුරක් බීපු හෝසෝක් කිව්වේ ඇදගෙන හිටපු තුවාය ගලෝලා ඇද උඩට විසි කරන ගමන්.

ඊගාව කෝපි උගුර බොන්න යුන්ගි ගාවට ගියපු හෝසෝක් ගැස්සුනේ එක අතක් ඉණට තියාගෙන කන්න වගේ එයා දිහා බලන් ඉන්න යුන්ගිව දැකලා.

"සොරී...!!"

අහින්සක හිනාවක් දාපු හෝසෝක් පස්සෙන් පස්සට ගිහින් ඉක්මනටම ඇද උඩ තිබුනු තුවාය අරන් රැක් එකට දැම්මේ හරිම පරිස්සමෙන්.

"ඒක ඉවර වෙලා ඔයා එන්න ගොඩක් වෙලා යයිද...?"

යුන්ගි ඇහුවේ හෝසෝක්ට ඊගාව කෝපි උගුරත් දීලා.

"ඇයි...ඔයාට මොකක් හරි වැඩක් තියනවද..?"

කලිසමේ එක කකුලකින් කකුල එලියට ගන්න බැරිව කාමරය පුරා යන ගමන් හෝසෝක් අහද්දි යුන්ගි එක අතකට කෝප්පය අරගෙන අනිත් අතින් හෝසෝක්ව ඇදෙන් ඉන්දුවේ හෝසෝක්ගේ වැඩවලට හිතින් හිනා වෙමින්.

"නෑ...මං හිතාගෙන හිටියේ අද උදෙන් ම ජිමින්ව බලන්න රෝනා ප්ලේස් එකට යන්න...."

යුන්ගි කියද්දි අමාරුවෙන් කලිසම ඇදගත්තු හෝසෝක් ඇදෙන් නැගිටලා යුන්ගි දිහා බැලුවේ හිනා වෙනගමන්.

"ඊයේ දවසමත් ඔයා හිටියේ එයා ගාව නේද...?"

"ඔව් ඉතින්....ඒත් එයාට සිහිය ඇවිත් තවම දවස් හයයි...කොච්චර දේවල් තියෙනවද අපිට කතා කරන්න.."

අන්තිම කෝපි උගුරත් බිව්වට පස්සෙ කෝපි කෝප්පය කණ්නාඩි මේසය උඩින් තිබ්බ යුන්ගි හෝසෝක්ට ශර්ට් එක අදින්න උදව් කලේ හෝසෝක් මොකක්දෝ කල්පනා කරද්දි.

"එහෙනම් මං ජන්කුක්ට කියන්නම් ඔයාව රෝනා ප්ලේස් එකට එක්කගෙන යන්න කියලා....මං හවසට එන්නම් එහේට..ටේයෝන්ට එන්න බෑනේ එයා අපේ වැඩේට ඉන්න ඕනි නිසා.."

ශර්ට් එකේ අන්තිම බොත්තමත් දාපු යුන්ගි ශර්ට් එක අතින් පිහිදැම්මේ නැමුම් පාරවල් නැති කරන්න වගේ.

"නෑ නෑ..එහෙම ඕනි නෑ...ඔයා ආවාම අපි දෙන්නම යමු.කොහොමත් අද හවසට අපි එහෙට යන්න ඕනිනේ.."

යුන්ගි කිව්වේ හෝසෝක්ගේ ටයි එක දාන ගමන්.

"හරි එහෙනම්..එහෙම කරමු..."

එහෙම කියමින් හෝසෝක් යුන්ගිව තුරුලු කරගත්තේ ඇස් දෙක වහගනිමින්.

යුන්ගිත් එයාගේ අත් දෙක හෝසෝක්ගේ ඉණ වටේ යවමින් හෝසෝක්ට තවත් ළන් වුනේ ඒ දෙන්නගේ අතරේ කිසිම හිස් තැනක්වත් නැති වෙන්න.

"දාලා යන්න ලෝබයි මට..."

යුන්ගි හිනා වුනේ හෝසෝක්ගේ පපුවෙන් දෙතොල් තද කරමින්.

"අපි ආයෙත් හවසට හම්බෙනවා ළමයෝ....."

"ඒත් ඉතින්න්.....!!"

"එහෙනම් මාත් එන්නද ඔයත් එක්ක...?"

යුන්ගි අහද්දි හෝසෝක් හිනා වුනෙ යුන්ගිව ඈත් කරලා එයාගේ මූණට එබෙන ගමන්.

"ජිනුයි ජිමිනුයි මාව මරයි...ඔයාව ඕනි නැති ඒවට ගාවගත්තා කියලා..."

හෝසෝක් හිනා වෙවී කිව්වේ යුන්ගිත් ඒ හිනාවට එකතු වෙද්දි.

"පරිස්සමින් ගිහින් එන්න සියෝකී..හැමදේම හොදින් සිද්ද වෙයි...!"

යුන්ගි හෝසෝක්ගේ දෙතොල් මත තොල් තිබ්බේ හරිම ආදරණීය විදිහට.

"මං ආදරෙයි...!"

_______________________________

හෝසෝක්ගේ සුපුරුදු කලු පාට කාර් එක වැඩිය වාහන නැති පරණ පාරකින් ගමන් කරමින් තිබුනේ සාමාන්‍ය වේගයෙන්.

එයාට හදිසි වෙන්න හේතුවක් තිබුනේ නෑ..ඒ නිසාමයි හොදට වටපිටාව බලන ගමන් එයා හෙමීට කාර් එක අරගෙන ගියේ.

කාර් එකේ ඉස්සරහ කණ්නාඩියෙ එල්ලලා තිබුනු ඩ්‍රීම් කැචර් එක දැකපු හෝසෝක්ට හිනාවක් ගියේ ඉබේටමයි.

ඒක හෝසෝක්ට දුන්නේ යූන්ගි..

ඩ්‍රීම් කැචර්වලින් කරන්නේ නරක හීන අපෙන් ඈත් කරන එකලු.

ඒත් කාර් එකේදි කවුද හීන දකින්නේ කියලා හෝසෝක් අහද්දි යුන්ගිනම් කිව්වේ ඒක දුන්නේ නරක හීන පේන එක නවත්තන්න නෙමෙයි නින්ද යන එක නවත්තන්න කියලයි.

යුන්ගිව මතක් වෙද්දිත් හෝසෝක්ගේ මුලු හිතම  පිරෙන්න ගත්තේ අමුතුම සතුටකින්.

යුන්ගිත් එක්ක එක ගෙදරක ජීවත් වෙන්න ගත්තු මේ මාස හතරට හෝසෝක්ට යුන්ගිව නැතිවම බැරි කෙනෙක් වුනේ හරි පුදුම විදිහට.

යුන්ගි නැතිව ඇදුමක්වත් ඇදගන්න බෑ වගේ හෝසෝක් යුන්ගි ගාව හුරතල් වෙන්න ගත්තේ යුන්ගි ඒ වෙලාවට රවාගෙන එයාට උදව් කරන හැටි බලන්න තියන ආසාවට.

කොච්චර එරෙව්වත් යුන්ගිත් ඒ පුන්චි පුන්චි මොහොතවල් හරිම ආදරෙන් රකිනවා කියලා හෝසෝක් දන්නවා.

"මගේ පිස්සු හොල්මන....."

හිනා වෙවී මුමුණපු හෝසෝක් ඉස්සරහ බැලුවෙත් ඒ හිනාවෙන්මයි.

ඒත් ඔහුගේ මූණේ හිනාව මැකිලා ගියේ පටු පාරේ කෙලින් ම ඔහුගේ දිහාවට එමින් තිබුනු  ටිපර් රථය දැකලා..

හෝසෝක්ට කාර් එක හරවන්න විදිහක් තිබුනෙ නෑ..කාර් එක පාරෙ අයිනකට ගන්නවත් ඒ පටු පාරේ ඉඩක් තිබුනේ නෑ.

ඇත්තටම එයාට කරගන්න දෙයක් තිබුනේ ම නෑ.හෝසෝක්ගේ කාර් එකයි ටිපර් එකයි අතර තිබුනේ තප්පර කීපයක දුරක් විතරයි.

හෝසෝක්ට ගන්න  තිබුනේ තීරණ දෙකයි.

එකක් ඉස්සරහටම යන එක.
අනික කාර් එක පාර මැදම නතර කරන එක.

ඔය දෙකෙන් මොකක් කළත් අවසන් ප්‍රතිපලය එකමයි කියලා දැනගෙන හිටපු හෝසෝක් කාර් එක පාර මැද නතර කළේ ලොකු හුස්මක් ගන්න ගමන්.

වේගයෙන් ඇදීගෙන ආපු ටිපර් එකේ හෙඩ්ලයිට්වල එලිය හෝසෝක්ට පෙනුනේ හීනෙන් වගේ.

ඒත් එක්කම ඇස් දෙක පියාගත්තු හෝසෝක් යුන්ගිගේ මූණ එයාගේ හිතේ මවාගත්තේ ටිපර් එක ඔහුට ලන් වෙද්දි.

"මං ඔයාට ආදරෙයි නිකෝ බබී...!"

තවත් තප්පර කීපයක් යද්දි මුලු පළාතම දෙවනක් කරන මහා හඩක් එක්ක වේගයෙන් ආපු ටිපර් රථය පාර මැද තිබුනු කාර් එකේ හැපුනේ මහා පිපිරුමක් ඇති කරමින්.

ඒත් එක්කම රතු පාට ගිනි ජාලාවක් ඒ වාහන දෙකම වහගත්තේ අලුපාට දුම් රොටු මුලු අහසම අයිති කරගනිද්දි.

________________________________

උදේ කෑම ගත්තු භාජන ටික හෝදලා දාපු යූන්ගි ෆ්‍රිජ් එක ඇරලා හෝසෝක්ගේ එක එක ජාතියේ බීම වර්ගවලින් මිදි වයින් එකක් අරන් ග්ලාස් එකකට දාගත්තේ එයා ඇත්තටම ඒ රසට සෑහෙන්න ආස වුනු නිසා.

ඒකත් අරගෙන ලිවින්ග් රූම් එකට ආපු යුන්ගි සුවපහසු සෝෆාවෙන් වාඩි වෙලා රිමෝට් එක අතට ගත්තේ කකුලක් පිට කකුලක් දාගන්න ගමන්.

හෝසෝක්ගේ පෙන්ට්හවුස් එකේ නවතින්න ආපු දවසේ ඉදන් හෝසෝක් ගෙදර නැති හැම දවසකම වගේ යුන්ගි දවස ගෙව්වේ ටීවී එක ඉස්සරහා.

අදත් පුරුදු විදිහටම යුන්ගි එතනින් වාඩි වුනේ එකට.

ඒත් ටීවී එක ඔන් කරන්න කලින් ෆෝන් එකට නොටිෆිකේශන් එකක් එනවා ඇහුනු යුන්ගි ග්ලාස් එක ලග තිබුනු ටේබල් එක උඩින් තියලා සාක්කුවෙ තිබුනු ෆෝන් එක අරන් මැසේජ් එක ඕපන් කළේ ඒක එවලා තියෙන්නේ ටේයෝන් කියලා දැකලා.

___________________________________

One message from   Tae Bear 🐻 ~

< Turn on the TV >
__________________________________

ෆෝන් එක පැත්තකට දාපු යුන්ගි ඒත් එක්කම ටීවී එක ඔන් කළේ කුතුහලයෙන්.

ටීවී එක ඔන් වෙනවත් එක්කම යුන්ගිගේ ඇස් යොමු උනේ ඒ චැනල් එකේ යමින් තිබුනු බ්‍ර්‍රෙකින් නිව්ස් එකට.

තවමත් දුම් දමමින් තිබුනු පිච්චිලා අගුරු වෙලා ගිය වාහනයක රූපයක් එක්ක ටීවී එකේ ප්ලේ වෙමින් තිබුනේ එතන ඉදන් සජීවීව ලබාදෙන විකාශයක්..

"අද උදෑසන නවයට පමණ සෝල් නුවරින් කිලෝ මීටර් හතක් පමණ දුරින් පිහිටි අතුරු පාරක ගමන් කරමින් තිබුනු මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වී තිබෙනවා...දැනට ලැබී තිබෙන තොරතුරු අනුව එම මෝටර් රථය දරුණු පාතාල නායක ජේහෝප්ගේ බවට හදුනාගෙන ඇති අතර රථය තුළ වූ පිලිස්සුනු මළ සිරුර වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා රැගෙන ගොස් තිබෙනවා...ටිපර් රථයේ රියදුරු ගැන කිසිම සදහනක් තවමත් නැති අතර මෙය සැලසුම් කරන ලද මිනීමැරුමක් බවට පොලිසිය සැක පහළ කළත් ඒ පිලිබද කිසිම සාක්ශියක් මේ වෙනතුරුත් ලැබි නැහැ.මේ පිලිබද වැඩිතුර තොරතුරු දැනගැනීම සදහා......"

යුන්ගි ඒ දිහා බලාගෙන හිටියේ හුස්මවත් ගන්නේ නැතිව.

ටික වෙලාවක් ඇහිපිය නොහෙලා ටීවී එකේ තියෙන ෆොටෝ එක දිහා බලන් හිටපු යුන්ගි පියවි සිහියට ආවේ ෆෝන් එකට ආපු කෝල් එකේ සද්දෙට.

ඒත් එක්කම යුන්ගිගේ මූණේ ඇදුනේ ලොකු හිනාවක්.

මොකද ඒ කතා කරන්නේ කවුද කියලා වගේම මොකටද කියලත් එයා දන්නවා..

"හෙලෝ ටේ..."

කෝල් එක ඇක්සෙප්ට් කරපු යුන්ගි ෆොන් එක කනෙන් තියාගත්තේ අර අමුතු හිනාවෙන්මයි.

" mission succeed යූන්ග්ස්...හැමදේම අපේ ප්ලෑන් එකේ විදිහටම වුනා..."

එයා පැත්තෙන් ටේ යෝන් කිව්වේ යුන්ගි බලාපොරොත්තු වුනු උත්තරයමයි.

"අයි නිව් ඉට්.....!"

යුන්ගි කිව්වේ ටීවී එකේ තියෙන ෆොටෝ එක දිහා බලන් හිනා වෙන ගමන්..

"මං කිව්වනේ හැමදේම හරියටම වෙයි කියලා.."

ටේයෝන් කියද්දි යුන්ගි හිස වැනුවේ ඔහුට එකග වෙමින්.

යුන්ගි දැනගෙන හිටියා තමන් කොච්චර අවිශ්වාස කළත් ඒ ප්ලෑන් එක කීයටවත් වරදින්නේ නෑ කියලා.

"මොකුත්ම අවුලක් නෑ නේද ටේ..?"

"නෑ යූන්ග්ස්..හැමදේම හොදින්.පොලිසිය පැත්තේ හැමදේම මන් බලාගන්නම්..අනිත් හැමදේම අනිත් අය බලාගනියි.ඔක්කොම හරි...කිසිම ප්‍රශ්නයක් නෑ.."

"හරි...අපි හම්බෙලාම කතා කරමු."

එහෙම කියපු යූන්ගි ටේයෝන්ට සමුදීලා කෝල් එක කට් කළේ ෆෝන් එක සෝෆාවේ කොණකට විසි කරන ගමන්.

කලින් ටේබල් එක උඩින් තියපු වයින් ග්ලාස් එක අතට ගත්තු යූන්ගි බැලුවේ ඒ ටේබල් එක මත ම තියලා තිබුනු හෝසෝක්ගෙයි එයාගෙයි ෆෝටෝ එක දිහා.

"එහෙනම් ඔයාගේ කතාවත් අදින් ඉවරයි ජේහෝප්....!"

එහෙම කියපු යුන්ගි වයින් උගුරක් බීලා ආයෙමත් කකුලක් පිට කකුලක් දාගත්තේ හැමදේම හරියටම වුනු එක ගැන සතුටු වෙන ගමන්.

"ගුඩ්බායි...මයි ලව්...!!!"

ᗭNƎ

________________________________
20/08/2022
( 1839 Words )

ඉවරයි... 🙂💔




දැන් ඉතින් මාව මරාගෙන කාපියව්.✌️🙂

අනේ මේක ඉවර කරන්න පුලුවන් මංගල්‍යක් නෙමේ බං තව Epilogue කියලා හත්තිලව්වක් තියනවා..😬

ඒත් ඒක දෙන්නේ තව සතියකින්...නැත්නම් ඔහේලා කමෙන්ට් කරන්නේ නෑ..😒💔

(දන්නවද 2022/08/23 ට මේක පටන් අරන් අවුරුද්දක්...❤️)

බායි..
තැන්ක්‍යූ කියවන හැමෝටම..❤️
අනේ කමෙන්ට් එකක් දාගෙන යන්න..හාද ❤️

ආදරෙයි මං ඔයාලට මහ ගොඩක්...❤️😘

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top