Epilogue ♡ [ ᵖᵃʳᵗ 01 ]
________________________________
Everyone suffers in their life.
There are many sad days.
But rather than sad days,
We hope to have better days.
That's what makes us live.
That's what makes us dream.
- Kim Namjoon -
_________________________________
( වසර දෙකකට පසු )
තද කළු පාටින් වර්ණ ගන්වලා තිබුනු උස් බිත්තිවලින් සැදුනු විශාල ශාලාව ආලෝකමත් වෙලා තිබුනේ අලුපාට සිවිලිමටම සවි කරලා තිබුනු සුදු පාට විදුලි බුබුලුවලින්.
ඒ බල්බවලින් පිටවුනු ආලෝකයෙන් දිලිසෙමින් තිබුනු ලා කලු පාට ටයිල් පොලොවේ තිබුනේ මුහුණ බලන්න පුලුවන් තරමේ දිස්නයක්.
මීටර් දහයක් පමණ දිගු වුනු මේ ශාලාවේ මීටරයෙන් මීටරයේ පරතරයට හිටගෙන හිටපු මිනිසුන් හැමෝම හිටියේ එකම ජාතියේ ඇදුම්වලින් සැරසිලා..ඔවුන් ඇදගෙන හිටපු බුලට්පෲෆ් වෙස්ට් එකේ පිටිපස්සේ සුදු පාටින් ලියවිලා තිබුනු Z අකුර නිසා ඕනිම කෙනෙක්ට ඔවුන් කවුද කියලා අදුනගන්න අමාරු උනේ නෑ.
කොරිඩෝව පටන් ගන්න තැන තිබුනු තරමක ලොකු යකඩ දොරටුව බීප් නාදයක් එක්ක විවර වෙද්දි ශාලාවේ උන්නු මිනිසුන් විසි දෙදෙනාම වේගයෙන් ගිහින් දොරටුව දෙපසින් සීරුවට හිටගත්තේ ඔවුන්ගේ හිස් බිමට නැඹුරු කරගෙන.
ඒ වගේම ඒ හැම කෙනෙක්ම තමන්ගේ අතේ තිබුනු තුවක්කුවල මුව පොළොව දිහාට හරවලා තියාගන්නත් අමතක කළේ නෑ.
විවර වුනු දොරටුවෙන් මුලින් ම ඇතුළට ආපු උස,සිහින් තරුණයෙක් දොරට පැත්තකින් හිටගත්තේ ඔහුගේ පිටිපසින් ආපු පුද්ගලයාට ඉඩ දෙමින්.කලින් ආපු තරුණයාටත් වඩා උස වුනු ඔහුගේ පළල් උරහිස් වගේම හැඩි දැඩි ශරීරයත් ඔහුට ගෙන දුන්නේ පුදුමාකාර කඩවසම් බවක්.
ඒත් ඒ කඩවසම් බවටත් වඩා කැපී පෙනෙන දේ වුණේ ඔහුගේ පෞර්ෂය..එතන ඉන්න කිසිම කෙනෙක් අඩුම තරමෙ ඔහුගේ ඇස් දිහා කෙලින් බලන්නවත් ඉදිරිපත් නොවුනේ ඔහු ගැන තිබුනු බය මුසු වුණු ගෞරවය නිසා.
කලු පාට ටයිට් කලිසමකින් වගේම අත් දිග සුදු කමිසයකින් සැරසිලා ඊට උඩින් ලෙදර් ජැකට් එකක් දාගෙන හිටපු ඔහු පැලදගෙන උන්නු සන්ග්ලාස් දෙක ගලවලා කලිසම් සාක්කුවේ රදවගත්තේ දෙපස උන්නු පිරිස මැදින් ඉදිරියට ඇදෙන ගමන්.
ඔහුගේ සිහින් තියුණු ඇස්වල තුබුනේ දැඩි බැල්මක්..ඒ බැල්මෙන් ම ඉදිරිය බලාගෙන ඔහු ඇදුනේ ඉදිරියේ තිබුනු විශාල යකඩ දොරටුව ගාවට.
මුලු ශාලාව පුරාම රැව් දුන්නු ඔහුගෙයි ඔහුට පිටිප්ස්සෙන් ඇදුනු උස තරුණයාගෙයි සපත්තු හඩ නැවතුනේ ඔවුන් දෙන්නා දොරටුව ඉදිරියේ නතර වෙද්දි.
දොරටුවේ තැනක තිබුනු පොඩි ගැජට් එකට මහපට ඇගිල්ල තියපු ලෙදර් ජැකට් එක ඇදගෙන හිටපු තරුණයා අඩියක් පිටුපසට ගත්තේ ඔහුගේ ෆින්ගර් ප්‍රින්ට් එකෙන් ඒ විශාල දොරටුව ඉහළට එසවෙද්දි.
විවර වුනු දොරෙන් ඔවුන් ඇතුළු වෙනවත් එක්කම ආයෙමත් මහ හඩක් නගාගෙන දොරටුව වැහුනේ ඔවුන්ගේ නාස් කුහර අමුතුම සුවදකින් පුරවමින්.
කලින් හමු වුනු ශාලාව වගේම නිමවෙලා තිබුනු මේ කොරිඩෝව පිරිලා තිබුනේ නහය කඩාගෙන යන අමුතු සුවදකින්.
හරියටම කිව්වොත් ඕක් පාසිවල සුවද..ඒත් එක්කම දැනෙන නොදැනෙන තරමක ඇම්බර් සුවදකුත් නොදැනුනාම නෙමෙයි.
කොළපාටක් පේන තෙක් මානෙක නොතිබුනත් එතන තිබුනේම වැස්සකින් පස්සේ මහ වනාන්තරයකින් නැගෙන සුවදක්.
හැමතැනම පැතිරුනු කලු පාට..
ඕක්පාසි සහ ඇම්බර් සුවද..
ඒ වගේම මරණයේ හඩ..
ඒ තමයි හේඩ්ස්..
______________________________________
විශාල ශාලාවක් මැද සිහිසුන්ව මුනින් අතට වැතිරිලා හිටපු වයස අවුරුදු පනහක් විතර වුණු පිරිමි කෙනා පැය ගානකට පස්සේ ගැස්සිලා අවදි වුනේ මුලු ගතම නෑවිලා යන විදිහට එල්ල වුනු වතුර පාරින්....
සෑහෙන වෙලාවක් සිහිසුන්ව හිටපු නිසාද මන්දා ඔහුට දැනුනේ ඔහුගේ මුලු සිරුරම හිරිවැටිලා වගේ.
අමාරුවෙන් නෙත් විවර කරගත්තු ඔහු දෙතුන් පාරක් ඇහිපිය ගහලා ශාලාව පුරා පැතිරිලා තිබුනු කහ පාට ආලෝකයට ඇස් හුරුකරගත්තේ ඔහු වැතිරිලා උන්නු තැනින් නැගිටින්න උත්සාහ කරමින්.
ඒත් ඔහුට මොකුත් කරන්න ඉඩක් නොදීම ඔහුට වතුර බාල්දියක් හලපු පුද්ගලයාම ඔහුගේ අතකින් ඇදලා ඔහුව පොළොවෙන් ඉහළට එසෙව්වේ බාල්දිය පැත්තකට විසි කරන ගමන්.
"ආහ්...!!"
තමන්ට වතුර ගහලා ආයෙමත් පැත්තකට ඇවිදගගෙන යන කෙනා දිහා කේන්තියෙන් බලපු මැදිවියේ පුද්ගලයාගේ ඇස් උඩ ගියේ ඔහුගේ ජැකට් එකේ පිටිපස්සේ තිබුනු සළකුණ දැකලා.
•🅩•
"ම්..මොකක්...?!"
ඒත් එක්කම ඔහු ඉන්න ශාලාවේ දොර විවර වුනේ ඔහුගේ විසල් වුනු ඇස් ඒ පැත්තට යොමු වෙද්දි.
සීතල වතුරින් නෑවිලා කලු පාට ටයිල් උඩ දණගහගෙන හිටපු ඔහුගේ මුව පුදුමයෙන් විවර වුනේ තමන්ගේ දිහාට ඇදෙන රූපය දැකලා.
උස හැඩිදැඩි ශරීරය වගේ ම තියුණු ඇස්..
"වෙල්කම් ටූ හේඩ්ස්...මිස්ටර් හන්...!"
ඔහුගේ ලගටම ආපු තරුණයා එහෙම කිව්වේ අමුතු හිනාවක් දාන ගමන්.
"ම්..මිස්ටර් ක්..කිම්...??!"
මිස්ටර් හන් කිව්වේ ඔහුගේ ඉස්සරහ හිටපු තරුණයාගේ ඩිම්පල් හිනාව දිහා බලාගෙන.ඒත් ඒ හිනාව ඔහුට හුරුපුරුදු මිතුරු හිනාව නෙමෙයි.
ඒ හිනාවේ හිතවත්කමක් ගෑවිලාවත් තිබුනේ නෑ..ඒ වෙනුවට ඒකේ තිබුනෙ සමච්චල් ගතියක් විතරයි..
"යෙප්...කිම් නම්ජූන්..."
ඒ තරුණයා..එහෙමත් නැත්නම් නම්ජූන් කිව්වේ ඔහුගේ අත් දෙක ඔහුගේ සාක්කුවේ රදවගන්න ගමන්..
"නම්ජූන්...මොකක්ද මේ තැන...ඇයි මං මෙතන ඉන්නේ..අනික මොකක්ද ඔයා මෙතන කරන්නේ....මොනවද මේ වෙන්නේ..?!"
මිස්ටර් හන් වේගයෙන් කියාගෙන කියාගෙන ගියේ ඔහුගේ බය යටපත් කරගෙන කුතුහලය උඩට මතු වෙද්දි.
ඒත් නම්ජූන් ඇහිබැමක් උඩට ඔසවන ගමන් ඔහු දිහා බැලුවේ කට කොනින් හිනා වෙන ගමන්.
"හෝව් හෝව් ඇමතිතුමා..! හෙමින් ප්‍රශ්න අහන්න හෙමින්..එක පාරකට එක ප්‍රශ්නයයි..ඕකේ..?!"
එහෙම කියපු නම්ජූන් ඇමති හන්ට පිටුපාලා ඉස්සහට ඇදුනේ ඔහු නම්ජූන්ගේ දිහා කුතුහලයෙන් බලාගෙන ඉද්දි.
"ඔයාගේ පලවෙනි ප්‍රශ්නේ..මොකක්ද මේ තැන කියලා ඔයා ඇහුවනේ..?"
"මේ තමයි හේඩ්ස්...!"
ඇමති හන්ගේ මුලු ඇගම වෙව්ලලා ගියේ බලාගෙන ඉද්දි.හේඩ්ස් කියන්නේ මොකක්ද කියලා ඔහු හොදටම දන්නවා..සීරෝ එක ගැන දන්න ඕනිම කෙනෙක් හේඩ්ස් කියන්නේ මොකක්ද කියන එක අනිවාරෙන් ම දන්නවා.
"ඔයාගේ දෙවනි ප්‍රශ්නේ...ඇයි ඔයා මෙතන ඉන්නේ කියන එක..!"
නම්ජූන් කිව්වේ ඇමති හන්ගෙන්පියවර දහයක් විතර ඉදිරියෙන් තිබුනු කලු පාට උස් පුටුවෙන් වාඩි වෙන ගමන්.
"ඔයා මෙතන ඉන්නේ ඔයා සීරෝ එකට විරුද්ධ වුනු නිසා..!"
නම්ජූන් කිව්වෙ කකුලක් පිට කකුලක් දාගන්න ගමන්.
ඇමති හන් නම්ජූන් දිහා බැලුවේ නම්ජූන් කියපු දේ අදහගන්න බැරිව වගේ.
"මං..මං සීරෝ එකට විරුද්ද වුනානම් තමුනුත් සීරෝ එකට විරුද්ද වුනා වෙනවා නම්ජූන්..තමුසෙ නිකන්ම නිකන් ගැන්ග් එකක ලීඩර් කෙනෙක්..ඒත් සීරෝ එකේ වෙපන් ශිප් එක ඉවරයක් කරන ඩීල් එක මං භාර දුන්නේ තමුසෙට....ඒ කියන්නේ තමුසෙත් මං වගේ ම සීරෝ එකට විරුද්ද වුනා කියන එක....!!!"
ඇම්ති හන් කෑ ගහන්න ගත්තේ එයා විතරක් හේඩ්ස්වල දුක් විදිද්දි එයාගේ ඕඩර් එක භාර ගත්තු නම්ජූන් කිසිම අවුලක් නැතිව හොදින් ඉන්නවා දැකලා ඔහුගේ කේන්තිය දෙගුන තෙගුන වෙද්දි.
ඒත් කකුලක් පිට කකුලක් දාගෙන පුටුවේ ඇන්දට වැලමිටක් තියාගත්තු නම්ජූන් කට කොනින් හිනා වෙන ගමන් ඇමති හන් දිහාබලාගෙන හිටියේ ඔහුගේ මූණ ඒ අතේ අතැගිලිවලට බරකරගන්න ගමන්.
"තමුන් දන්නවද සීරෝ එක එක්ක හැප්පෙන එක කරන්න පුලුවන් වැඩක් නෙමෙයි කියලා...?"
ඇමති හන් දත් මිටි කන්න ගත්තේ ඇස් දෙක රෝල් කරන ගමන්.
වැටිලා හිටපු තැනින් අමාරුවෙන් නැගුටපු ඔහු දෙතුන් පාරක් වැටෙන්න ගිය ශරීරය සමබර කරගෙන නම්ජූන් දිහා බැලුවේ කේන්තියෙන්.
"සීරෝ එක එක්ක හැප්පෙන්න...?!!හැප්පෙන්න තරම් දෙයක් ද ඒක..සීරෝ කියන්නේ දැන් නිකන්ම නිකන් කල්ලියක් විතරයි...සීරෝ එක නම්බර් වන් වුනේ ඉස්සර..ජේහෝප් මැරෙන්න කලින්.ඒත් දැන් ඌ නෑ....දැන් සීරෝ එක කියන්නේ නිකන් ම නිකන් කුණු ගොඩක් විතරයි...!!!"
හන් කෑ ගහද්දි නම්ජූන් ඔහුගේ කේන්තිය පාලනය කරගත්තේ අමාරුවෙන්.
ඔහුගේ මූණේ තිබුනු හිනාව මැකිලා ගියේ බලන් ඉද්දි.
වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු ඔහු ඇමති හන් දිහා බැලුවේ පිච්චිලා යන බැල්මකින්.
"ජේහෝප් නැති වුනාට සීරෝ එක නැති උනේ නෑ මිස්ටර් හන්....."
ඇමති හන් මහ හඩින් හිනා වුනේ නම්ජූන්ට සමච්චලයට වගේ.
"තමුසෙත් අර සීරෝ එකේ අලුත් ලීඩර් ගැන යන කටකතාව විශ්වාස කරනද අයිසේ...මොකක්ද අර උගේ නම...PM...? RN...?..ඕහ් හරි...RM...!!! තමුසෙත් විශ්වාස කරනවද සීරෝ එක දැන් පාලනය කරන්නේ RM කියලා එකෙක් කියන කතාව...?!!!"
ඇමති හන් ආයේත් හිනා වෙන්න ගත්තේ පිස්සෙක් වගේ.
ඒත් ඔහුගේ හිනාව ඉබේම නැති වෙලා ගියේ ඔහුටත් වඩා හයියෙන් නම්ජූන් හිනා වෙද්දි.
හන් නම්ජූන් දිහා බලන් හිටියේ පුදුමයෙන්.
නම්ජූන් හන් දිහාට අඩියක් තිබ්බේ කට කොනින් හිනා වෙන ගමන්.
"ඔයාගේ තුන් වෙනි ප්‍රශ්නේ...මං මොකක්ද මෙතන කරන්නේ කියන එක..එහෙම නේද...?"
නම්ජූන් එහෙම අහද්දි හන් ඔලුව ඉහල පහල කලේ නම්ජූන්ගේ මූණේ තිබුනු උමතු පෙනුම එක්ක ඔහුගේ වචන ගොලු වෙනවා වගේ ඔහුට දැනෙද්දි.
"මං මෙතන කරන්නේ මට කරන්න තියන දේ මිස්ටර් හන්...!"
නම්ජූන් කිව්වේ තවත් පියවරක් හන් ලගට එමින්.
"මොකද හේඩ්ස් අයිති සීරෝ ඒකට..!"
නම්ජූන් ඔහුගේ එක අතක් ඔහු ඇදගෙන උන්නු ජැකට් එක තුළට යැව්වේ ඇම්ති හන් කුතුහලයෙන් බලන් ඉද්දි.
ඒත් ඔහුගේ හුස්ම පවා නැවතුනේ නම්ජූන් එලියට ගත්තු දේ දැකලා.
"ඒ වගේ ම...සීරෝ එක අයිති මට.....!"
නම්ජූන් කිව්වේ ඔහුගේ අතේ රැදුනු පිස්තෝලය ඇමති හන්ගේ හිසට එල්ල කරමින්.
"ම්..මොකක්...??!"
හන් මිමිනුවේ වෙව්ලන දෙපාවලින් අඩියක් පිටුපසට යන ගමන්.
ඒත් ඔවුන් අතරේ දුර ඒ විදිහටම රැදුනේ නම්ජූන් ආයෙත් ඉදිරියට පියවරක් එද්දි.
නම්ජූන්ගේ උපහාසාත්මක බැල්ම බයෙන් විපරීත උනු හන්ගේ මූණේ රැදිලා තිබුනේ නම්ජූන්ගෙ මූණේ සමච්චල් හිනාවක් ඇදෙද්දි.
"කලින් කියන්න අමතක වුනා.."
නම්ජූන් දැක්කා මිස්ටර් හන් සම්පුර්ණයෙන් ම සුදුමැලි වෙලා යන හැටි.
"සීරෝ එකේ ලීඩර් RM කියන එක කට කතාවක් නෙමෙයි...දැන් ජේහෝප් නෑ තමයි...ඒත් එයා වෙනුවෙන් සීරෝ එක බලාගන්න දැන් RM ඉන්නවා..."
නම්ජූන්ගේ දබරගිල්ල පිස්තෝලයේ කොකා මත නැවතෙද්දි මිස්ටර් හන් ඇහුවේ එක ප්‍රශ්නයයි.
"ත්...තමුසේ ක්..කොහොමද ඒක දන්නේ..?!"
ඇමති හන් හිතන්න නැතිව ඇති ඔහු ජීවිතේ අහන අන්තිම ප්‍රශ්නේ ඒක වෙයි කියලා..මොකද ඔහුට ඒ ප්‍රශ්නේට උත්තරය ලැබුනේ නම්ජූන්ගේ පිස්තෝලයෙන් මිදිලා ආපු වෙඩි උණ්ඩයක් එක්කමයි.
"මොකද මං තමයි ඒ RM...!!"
***
_______________________________________________________________
අහස උසට නැගුනු විශාල ගොඩනැගිල්ල ඉදිරියෙන් නතර වුනු අධි සුඛෝපභෝගි මෝටර් රථයෙන් බැහැපු කඩවසම් තරුණයා ඔහුගේ අතේ තිබුනු මෝටර් රියේ යතුර ඔහුගේ ඉදිරියට දුවගෙන ආපු ආරක්ෂක නිලධාරියාගේ අතට දුන්නේ ඔහුව පහුකරගෙන යන ගමන්.
ඇදගෙන උන්නු කලු පාට සූට් එකේ බ්ලේසර් එක හරිගස්සගන්න ගමන් ඔහු ඉදිරි දොරටුව දිහාට ඇදුනේ ලස්සන හිනාවක් මූණෙ තියාගෙන.
Jung Coperations
විශාල ලොබි එකේ ලොකු අකුරින් ලියවිලා තිබූනු ආයතන නාමය දිහා බලපු ඔහු සුපුරුදු සුන්දර හිනාවෙන් ම ඉදිරියට ඇදුනේ ඔහු යන මග දිගට හිටපු හැමෝම හිස නමලා ඔහුට ආචාර කරද්දි.
ඒ හැමෝටම හිනාවකින් සංග්‍රහ කරපු ඔහු පැත්තකින් තිබුනු පෞද්ගලික සෝෆානයට ගොඩ වුනේ හැමෝම ඔහු දිහා ලෝභකමෙන් වගේ බලාගෙන ඉද්දි.
අවුරුද්දක් පුරාම මේ දේට පුරුදු වෙලා හිටපු තරුණයටත් දැන් ඒ දේවල් පුරුද්දට ගිහිල්ලයි තිබුනේ..අනිත් එක ඔහුගේ තිබුනු අසීමිත කඩවසම් බවත් එක්ක ඔහු දිහා නොබලා ඉන්න පුලුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ හිටියෙත් නෑ.
ඔහුටම වෙන් වුනු ප්‍රයිවට් ලිෆ්ට් එකෙන් හත්වෙනි තට්ටුවට ආපු ඔහු විවර වුනු දොරටුවෙන් එළියට ආවේ නළල පෙනෙන විදිහට ඉහළට කරලා පීරපු කොණ්ඩය මැදින් අතැගිලි යවන ගමන්.
"ගුඩ් මෝනින් සර්...!"
ඔහු ඉදිරියට එද්දිම ඔහු ගාවට දුවගෙන ආපු හුරුබුහුටි තරුණයා කිව්වෙ ඔහුට ආචාර කරන ගමන් තමන්ගේ අතේ තිබුනු ෆයිල් ගොඩ නොවැටී තියාගන්න උත්සාහ කරන ගමන්.
"ගුඩ් මෝනින් පීට්....අනිත් අය ඇවිල්ලද ඉන්නේ..?"
තරුණයා ඇහුවේ මීටින් රූම් එක දිහාට ඇවිදගෙන යන ගමන්.
ඔහුගේ පිටිපස්සේන් දුවගෙන වගේ ආපු පීට් තරුණයාගේ අතට රතු පාට ෆයිල් එකක් දුන්නේ ඔහුට උත්තර දෙන ගමන්.
"ඔව් සර් මිස්ටර් ජන්ග් ඇරෙන්න අනිත් ශෙයා හෝල්ඩර්ස්ලා ඔක්කොම ඇවිත් ඉන්නේ....මීටින් එකෙන් පස්සේ සර්ට ජියෝන් එනටප්‍රයිසස් එකේ චෙයා පර්සන් එක්ක ඒකේ CEO ව මීට් වෙන්න තියනවා උදේ දහයට..."
පීට් දීපු ෆයිල් එක එක අතකට අරන් ඉදිරියට යන ගමන් තරුණයා හිස වැනුවේ පීට් දිහා බලලා හිනා වෙන ගමන්.
"ගුඩ්..!"
"අහ්ම් සර්...අපේ චෙයාමන් අද මීටින් එකට එන්නේ නැද්ද..?"
"නෑ...එයාට හදිස්සියෙම ප්‍රයිවට් දේකට රටින් පිට යන්න උනා ඊයේ.ඒ නිසා අද මීටින් එකට එයා එන්නේ නෑ...."
"ඕහ් ඕකේ සර්.."
මීටින් රූම් එක ලගටම ඔවුන් ආපු බව දැකපු පීට් ඉක්මනට ගිහින් මීටින් රූම් එකෙ දොර විවර කළේ තරුණයාට ඇතුළට යන්න ඉඩ දෙමින්.
කලු පාට ෆුල් සූට් එකක් ඇදගෙන උන්නු කඩවසම් තරුණයා ඇතුළට යනවත් එක්කම දිගු මේසය වටේ වාඩි වෙලා උන්නු හැමෝම එයාලගේ අසුන්වලින් නැගිට්ටේ තරුණයාට ආචාර කරමින්.
"ගුඩ් මෝනින් මිස්ටර් කිම්..!"
හැමෝම වගේ එක හඩින් කිව්වේ තරුණයා මේසය ඉදිරියටම ඇවිදගන යද්දි.
ඔහුට ඉදිරියෙන් දුවගෙන ගියපු ඔහුගේ ඇසිස්ටන්ට් වුනු පීට් CEO ගේ ආසනය පිටිපස්සට කරද්දි පීට්ට ස්තූති කරපු තරුණයා මීටින් රූම් එකේ හිටපු හැමෝටම අසුන් ගන්න කියලා සන් කළේ ඔවුන්ගේ සුභ පැතුම් ගානකටවත් නොගෙන.
එලියේදි මොන තරම් සුහදශීලි චරිතයක් උනත් බිස්නස් එක ඇතුලෙදි ඔහු කොයි තරම් දැඩි පුද්ගලයෙක්ද කියලා දැනගෙන හිටපු අනිත් අයත් තරුණයා වාඩි වුනායින් පස්සේ තම තමන්ට නියමිත ආසනවලින් අසුන්ගත්තේ එකිනෙකා දිහා හොරැහින් බලමින්.
"මං හිතන්නේ ඔයාලා හැමෝම දන්නවා අද මීටින් එක ගන්න හේතුව මොකක්ද කියලා.."
මොහොතක් තියුණු බැල්මෙන් රුම් එක පුරා හිටපු අය දිහා බලාගෙන උන්නු තරුණයා එකපාරටම කිව්වේ ඔහුගේ ගැඹුරු හඩට හැමෝම ගැස්සිලා යද්දි.
කාගෙන්වත් පිලිතුරක් නැති වෙද්දි තරුණයාගේ බැල්ම යොමු වුනේ ඔහුට වම් පැත්තෙන් වාඩි වෙලා හිටපු වයසක මනුස්සයාගේ දිහාට.
"මිස්ටර් ලී...මට දැනගන්න ලැබුනු විදිහට නම් මේ මීටින් එක ගන්න ඕනි වුනේ ඔයාට...."
තරුණයා කිව්වේ මිස්ටර් ලීගේ ඇස් දිහා කෙලින් ම බලාගෙන.
"සොක්ජින්..."
මිස්ටර් ලී කතා කරන්න ගත්තත් ජීන් ඔහුව නැවැත්තුවේ ඔහුට ඉතුරු ටික කියන්න නොදී.
"නොට් සොක්ජින්..ඉට්ස් මිස්ටර් කිම් ෆෝ යූ.."
"වට්...?!"
මිස්ටර් ලී ඇහුවේ පුදුම වෙලා.
ජින් ඔහු දිහා බැලුවෙ හැගීම් විරහිත බැල්මකින්.
"පිටදි අපි අතරේ තියෙන හිතවත්කම් මොකක් උනත් මේක ඇතුලෙදි මමයි මෙතන CEO මිස්ටර් ලී...ඉතින් මං හිතනවා සීනියර් කෙනෙක් හැටියට තැනට ගැලපෙන්න හැසිරෙන්න ඔයා දන්නවා ඇති කියලා..!"
ජින් කියද්දි මිස්ටර් ලී ඔලුව වැනුවේ වෙන කියාගන්න දෙයක් නැති තැන.
"ඕකේ මිස්ටර් කිම්..අපිට බෝඩ් මීටීන් එකක් ගන්න ඕනි කියලා අපි කිව්වේ ජන්ග් කෝපරේෂන්ස් එකේ මන්ත්ලි ප්‍රොෆිට් එකෙන් සීයට තුනක මුදලක් අර ෆෞන්ඩෙශන් එකට යනවට අපි විරුද්ද නිසා..."
මිස්ටර් ලී කිව්වේ ජින්ට නොදෙවනි දැඩි බැල්මකින් ජින් දිහා බලාගෙන.
"අර ෆෞන්ඩේශන් එක කියන්නෙ..ඇයි ඒකට නමක් නැද්ද මිස්ටර් ලී..?!"
ජින් ඇහුවේ ඔහුගේ පුටුවේ පිටුපසට හේත්තුවෙලා කකුලක් පිට කකුලක් දාගෙන අත් දෙක ඉස්සරහින් බැදගන්න ගමන්.
"හෝප් ෆෞන්ඩේශන්..."
මිස්ටර් ලී කියද්දි ජින් ඔලුව වැනුවේ කියාගෙන යන්න කියලා ඔහුට සන් කරමින්.
"ජන්ග් කෝපරේෂන්ස් කියන්නේ චැරිටි සර්විස් එකක් නෙමෙයි මිස්ටර් කිම්...බිස්නස් එකෙන් උපරිම ප්‍රොෆිට් එකක් ගන්න අපි සෑහෙන්න මහන්සි වෙනවා..කැප වෙනවා..එහෙම කරලා ගන්න එකෙන් සීයට තුනක්ම මේ වීදිහට ෆෞන්ඩේශන් එකකට දෙන එකට අපි විරුද්දයි.."
ජින් මිස්ටර් ලී දිහා තියුනු බැල්මකින් බලද්දි අනිත් හැමෝගේම ඇස් යොමු වෙලා තිබ්බේ ජීන් දිහාට.
"අපි හෝප් ෆෞන්ඩේශන් එකට ඩොනේට් කරන්නේ සීයට තුනක් මිසක් සීයට තිහක් නෙමෙයි මිස්ටර් ලී..කැල්කියුලේට් කරලා බලන්න මන්ත්ලි ප්‍රොෆිට් එකෙන් සීයට තුනක් කියන්නේ මොන තරම් පොඩි මුදලක්ද කියලා...මට තේරෙන්නෙ නෑ මාසෙකට ඒ වගේ හතර ගුනයක් විතර ප්‍රොෆිට් එකක් ගන්න ඔයාලා ඒ ගැන ඔය තරම් වද වෙන්නේ ඇයි කියලා..!"
ජින් කිව්වේ හැමෝම දිහා කලකිරුනු බැල්මකින් බලමින්.
"අපි ඒකට අකමැති ඒක අනවශ්‍ය වැඩක් නිසයි මිස්ටර් කිම්..!"
මේසයේ මැදට වෙන්න හිටපු මැදිවියේ කාන්තාවක් හයියෙන් කිව්වේ හැමෝගෙම අවදානය ඇයගේ පැත්තට ගනිමින්.
"ඔය ෆෞන්ඩේශන් එක පටන් ගත්තු දවසේ ම අපි ඕකට විරුද්ද වුනේ ඕක වැඩකටනැති දෙයක් කියලා අපි දැනගෙන හිටපු නිසා..ඒකටකරන ඩොනේශන් එක නිසා අපිට වෙන්නේ පාඩුවක් කියලා අපි දැනගෙන හිටියා...!"
ඇය කිව්වේ කේන්තියෙන් වගේ.
"මීට අවුරුද්දකට කලින් අපි මේ ෆෞන්ඩේශන් එක ගැන යෝජනා කරද්දි මෙතන ඉන්න ශෙයා හෝල්ඩර්ස්ලා පහළොස් දෙනාගෙන් ඒකට විරුද්ද වුනේ තුන් දෙනයි මිසිස් ක්වාන්...!දොලොස් දෙනෙක්ම ඒක වැඩකට ඇති දෙයක් කියද්දි තුන් දෙනෙක් විතරක් කියන මතයක් පිලිගන්න නම් අපි එදා ඡන්දයක් තියන්නේ නෑනේ..එහෙම නේද...?"
ජින්ගේ හඩට මිසිස් ක්වාන්ගේ සැර බාල උනත් ඇය උත්සාහය අත් ඇරියේ නෑ.
"දොලොස් දෙනෙක් එකග වුනා මොකද ඒ ෆෞන්ඩේශන් එක පටන් ගත්තේ චෙයාමන්ගේ මැරිච්ච පුතා වෙනුවෙන් නිසා..මේක හරියට මැරිච්ච මනුස්සයෙක් වෙනුවෙන් ප්‍රොෆිට් එකෙන් සීයට තුනක් එයාගේ මිනී වලට දානවා වගේ මෝඩ නාස්තිකාර වැඩක්...."
මිසිස් ක්වාන් වගේම මීටීන් රූම් එකේ හිටපු අනිත් අයත් උඩ ගියේ එකපාරටම ජින් මහ හඩින් අතින් මේසයට ගහලා නැගිටිද්දි.
කේන්තියෙන් ගිනි ගන්න ජින්ගේ ඇස් යොමු වෙලා තිබුනේ මිසිස් ක්වාන් දිහාට.
"එයාලා මේකට කැමති වුනේ අකමැති වුනු තුන් දෙනාගේ වගේ එයාලගේ ඔලුවේ හැම සතයකටම කුණුකමක් තිබුනේ නැති නිසා...මොකද තමුන්ලා මේ මහ ගානක් වගේ නැටුවට අපි මාසෙකට ගන්න ප්‍රොෆිට් එකත් එක්ක බැලුවම ඒක පුන්චි මුදලක්....!"
ජින්ගේ කේන්තිය උතුරන බැල්ම එතන හිටපු හැමෝගෙම හිත්වලට ගැස්මක් ගෙනාවේ ඔවුන්වත් පුදුම කරමින්.
සාමාන්‍යයෙන් හැමවෙලේම නිවිලා ඉන්න ජින්ට කේන්ති ගියාම ඒ ලගින්වත් නොයා ඉන්න තරම් ජින් ගැන එයාලා දැනගෙනහිටියා..
ඒ ලස්සන හිනාව යට ඉන්න යක්ශයා මොන වගේද කියලා ඒ හැමෝම මේ අවුරුද්දක කාලය ඇතුළත හොදටම දැනගෙනයි හිටියේ.
"ඒ වගේම හෝප් ෆෞන්ඩේශන් කියන්නේ මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් කරන නාස්තියක් නෙමෙයි මිසිස් ක්වාන් ජේ ශීන්...චෙයාමන් මේක පටන් ගත්තේ එයාගේ මැරුණු පුතා වෙනුවෙන්.ඒක ඇත්ත...ඒත් ඒ සල්ලි යන්නේ තමුන් කිව්වා වගේ මිනී වලකට නෙමෙයි....අපි හෝප් ෆෞන්ඩේශන් එකෙන් උදව් කරන්නෙ මේ ලෝකේ කාත් කවුරුත් නැතිව තනි වෙච්ච පුන්චි අයට..තමුන්ලා මේ කුණුකමේ නහින ඒ සල්ලිවලින් තමයි ඒ පොඩි උන්ගේ බඩවල් පිරෙන්නෙ..එයාලා ඉගෙනගන්නේ...ජීවත් වෙන්නේ....!!!"
ජින් කියාගෙන ගියේ අනිත් හැමෝම ලැජ්ජාවෙන් බිම බලාගනිද්දි.
"මේක දරාගන්න බැරි තවත් කවුරුම හරි ඉන්නවානම් තම තමන්ගේ ශෙයාස් ටිකත් අරගෙන සදහටම මේ බිල්ඩින් එකෙන් පිටවෙලා යන්න පුලුවන්...!"
ජින් කිව්වේ හිනා පොදක් නැති මූණකින්.
" අපි මේකේ ශෙයා හෝල්ඩර්ස්ලා...ඔයා කොහොමද එහෙම අපිට යන්න කියන්නේ.."
මිස්ටර් ලී වෙව්ලන හඩින් ඇහුවේ ජින්ගේ විනිවිද යන බැල්මට ඔහුහේ හඩ බාල වෙද්දි.
"තමුන්ලා හිතාගෙන ඉන්නේ මං මේ පුටුවේ ඉන්නේ සර්කස් පෙන්නලා කියලද...!???"
ජින් කට කොනින් හිනා වෙන ගමන් ඇහුවේ මිස්ටර් ලී අමාරුවෙන් කටට ආපු කෙල ටික් ෆිලගනිද්දි.
"ජන්ග් කෝපරේෂන්ස් එකේ වැඩිම ශෙයාස් ප්‍රමාණයක් තියෙන්නේ මට..ඒ වගේම තමුන්ලා ඔක්කොටම වඩා එඩියුකේශනල් කොලිෆිකේශන්ස් තියෙන්නෙත් මට..කලින් හිටපු CEO අවුරුදු පහක් තිස්සේ හොයපු ප්‍රොෆිට් එක එක අවුරුද්දකින් හෙව්වේ මම.....ඒකයි තමුන්ලා පහලොස් දෙනා ඔතන ඉද්දි මං මේ CEO පුටුවේ ඉන්නේ....ඔය හැමෝගෙම බොස් හැටියට අනිවාරෙන් ම මට පුලුවන් මෙතන ඉන්න ඕනි අයව තියාගන්න වගේ ම යවන්න ඕනි කෙනාව මෙතනින් යවන්නත්...!!!"
ජින් කිව්වේ සුදුමැලි වෙලා උන්නු මිස්ටර් ලී වගේම මිසිස් ක්වාන් දිහත් සමච්චල් බැල්මකින් බලමින්.
"පීට්...තව සතියක් ඇතුළත හැම ඩිපාර්ට්මන්ට් එකකම අවුරුද්දක ෆයිනෑන්ශියල් රිපෝර්ට්ස් මට ලැබෙන්න ඕනි..ඒ වගේම මෙතන ඉන්න හැම ශෙයා හෝල්ඩර් කෙනෙක්ගේම ඇනුවල් ප්‍රොෆිට්වල රිපෝර්ට් එකක් අද දවස ඇතුළත මගේ මේසේ උඩ තියෙන්න ඕනි..."
කට්ටියම බය බිරාන්ත වෙලා ජින් දිහා බලාගෙන ඉද්දි කට කොනින් හිනා වුනු ජින් මීටින් රූම් එකෙන් එලියට ඇවිදගෙන ගියේ හිත යටින් කුරිරු සතුටක් විදින ගමන්.
ඒ තමයි කිම් සොක්ජින්.
ජන්ග් කෝපරේෂන්ස් එකේ අලුත් ම CEO.
"ද මීටින් ඊස් ඩිස්මිස්ඩ්..!"
***
____________________________________________________________
සියෝල් පොලිසිය ඉස්සරහ පාර එහා පැත්තෙන් නතර වුණු ලක්ශරි කාර් එකෙන් බැහැපු තරුණයා ඒකට පිටදීලා හිටගත්තේ සන්ග්ලාස් දෙක පැලදගන්න ගමන්.කලුපාට ටීශර්ට් එකකිනුයි ඒකට උඩින් ඇදපු ලෙදර් ජැකට් එකකිනුයි ඩෙනිම් කලිසමකිනුයි සැරසිලා හිටපු ඔහුගේ දෙකන්වල තිබුනු රිදී පාට කරාබු පේළිය දිලිසෙන්න ගත්තෙ ඉර එළිය වැටිලා..
නලලට වැටුනු තද කලු පාට කෙස් කැරලි ටික ඉහළට කරන්න ඔසවපු ඔහුගේ අත සම්පූර්ණයෙන් ම ටැටූවලින් වැහිලා තිබුනේ ඔහුගේ කඩවසම් බව තවත් වැඩි කරමින්.
පාරේ එහා මෙහා යමින් හිටපු අය පාර අයිනේ කාර් එකකට හේත්තු වෙලා ඉන්න කඩවසම් තරුණ ප්‍රසිද්ධ CEO දිහා හැරි හැරි බලද්දි තරුණයාගේ ඇස් යොමු වෙලා තිබුනේ පොලිස් ස්ටේශන් එක පැත්තේ ඉදන් පාර මාරු වෙලා තමන්ගේ පැත්තට එන තරුණයා දිහාට.
කලුපාට යුනිෆෝම් එකට කලුපාටම පොලිස් තොප්පිය පැලදගෙන ඔහුගේ දිහාට එන තරුණයාගේ පපුව මත වුනු පොලිස් නිල ලාංඡනය දකිද්දි ඔහුගේ මූණට හිනාවක් ආවේ ඉබේටමයි.
පොලිස් නිලධාරියා තමන්ගේ ලගට එද්දි කාර් එකෙන් ඈතට උනු තරුණයා එකපාරටම සීරුවෙන් හිටගෙන දකුණත නලලින් තියලා පොලිස් නිලධාරියෙක් වගේ ඔහුට ආචාර කලේ යුනිෆෝම් එකෙන් හිටපු තරුණයාගේ මූණේ බොක්සි හිනාවක් ඇදෙද්දි.
"චීෆ් ඩිටෙක්ටිව් ඔෆ් ද සියෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඩිපාට්මන්ට්..මගේ ආචාරය පිලිගන්න..!"
එකපාරටම ඒ දෙන්නම මහ හඩින් හිනා වෙන්න ගත්තේ එයාලා ඉන්නේ පාරේ බවවත් කල්පනාවක් නැතිව.
"ජන්කුක්....!!!"
පොලිස් තොප්පිය ගලවන ගමන් තරුණයා කිව්වේ ජන්කුක් එයාට කාර් එකේ දොර ඇරලා දෙද්දි.
"හරි හරි සොරි මිස්ටර් කිම් ටේයෝන්..ඔයාව යුනිෆෝම් එකෙන් දැක්කම මට මාව පාලනය කරගන්න බැරි උනා.."
ජන්කුක් කිව්වේ හිනා වෙන ගමන් ඇවිත් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙන ගමන්.
"ඒ ගැන නම් කතා කරන්න එපා..අවෝඩ් සෙරමනි නෙමෙයි මොකක් තිබ්බත් ආයේ නම් මං මේ මගුල අදින්නේ නෑ ජන්කුක්..!!"
ටේයෝන් කිව්වේ තොප්පිය ගලවලා පිටිපස්සේ සීට් එකට විසි කරන ගමන්.
"ඔයාට ඕක මාරුකරගන්න වෙන්නේ කාර් එකේමයි ටේ..අපි හොදටම පරක්කුයි..!"
ජන්කුක් කියද්දි ටේයෝන් එයා දිහා බැලුවෙ බය වෙලා වගේ.
"ඔයා කියන්නේ මට මේක ඇතුලේ ඇදුම් මාරු කරන්න කියලද...මේ කාර් එක ඇතුලේ..??!!"
ටේයෝන් අහද්දි ජන්කුක් ඔලුව වැනුවේ ඔව් කියමින්.
"ඇයි..මේකේ ඕනි තරම් ඉඩ තියෙන්නෙ..ඔයා ලෑස්ති කරලා තිබ්බ ඇදුම මං පිටිපස්සේ ශීට් එකෙන් තියලා ඇති.."
"මං කිව්වේ නෑනේ මට තියෙන ප්‍රශ්නේ මෙතන ඉඩ නැති එක කියලා...!"
"එහෙනම් මොකක්ද ප්‍රශ්නේ..?"
ජන්කුක් ඇහුවේ රතු වුනු මූණකින් බලාගෙන ඉන්න ටේයොන් පැත්තට හැරිලා.
"ඔයා මෙතන ඉද්දි මං කොහොමද ඇදුම් මාරු කරන්නේ මනුස්සයෝ...!!!"
එකපාරටම ටේයෝන් කෑ ගැහුවේ ඒ සද්දෙට ගැස්සුනු ජන්කුක් පාරේ මිනිස්සු නැති හරියකට කරලා කාර් එක නවත්තද්දි.
"ටේ....අපි බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා...!!!"
ජන්කුක් කිව්වේ බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගෙන.
"ඒ නිසා තමා මං මෙතන ඇදුම් මාරු කරන්න බෑ කියන්නේ...!!"
ජන්කුක්ගේ මූණේ ඇදුනේ මනමාල හිනාවක්..
ඒකේ තේරුම හොදටම දැනගෙන හිටපු ටේයෝන් ජන්කුක් දිහා රවලා බැලුවේ ජන්කුක් හෙමිට ටේයෝන්ගෙ පැත්තට නැමෙද්දි.
"ජන්කුක් ෆ්ලයිට් එකට තව පැයයි තියෙන්නේ...!!"
"ඉතින් මට පැයක් යන්නේ නෑ..."
"ජන්කුක්..........!!!!!!! "
(I know the man but I don't know the car🥲)
(Don't think about the uniform plz.couldn't find anything other than this 🥲 )
_
__________________________________
පැය 13 යි විනාඩි 24ක ෆ්ලයිට් එකකින් පස්සේ සෝල් Incheon එයාපෝට් එකේ ඉදන් මිචිගන්වල ඇස්කනාබා එයාපෝට් එකට ආපු කට්ටිය එයාපෝට් එකෙන් පිටවෙද්දිම හොද හුස්මක් ගත්තු නම්ජූන්ගේ මුණේ මල් හතක් පිපුනේ ඒ පරිසරය දැකලා.
"එයාලගේ තෝරාගැනීම නම් පර්ෆෙක්ට්...තමන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න ඇස්කනාබා තරම් ලස්සන තැනක් තවත් නෑ...!"
නම්ජූන් කියද්දි අනිත් අයත් ඔලුව වැනුවේ ඒකට එකග නොවෙන්න හේතුවක් නොතිබුනු නිසා.ඇත්තටම ඒ පැත්ත ඒ තරමටම ලස්සනයි.
ඇමරිකාවේ අනිත් හැම ප්‍රාන්තෙකටම වඩා සොභාදහම හොදටම විදගන්න පුලුවන් ප්‍රාන්තයක් විදිහට ඇස්කනාබා සැලකෙන්නෙත් ඒ නිසයි.
"එයාලාට ගැලපෙනම තැන..."
ජින් කිව්වේ නම්ජූන්ගේ සමීපයෙන් ම ඉදිරියට ඇදෙන ගමන්.
ඒ දෙන්නම එකම ජාතියේ කලු පාට ජැකට් ඇදගෙන හිටියේ මේ කාලෙට ඒ පැත්ත සීතල බව දැනගෙන.ඊටත් වඩා එයාලා ගොඩ බහිද්දි වෙලාව හත හමාර විතර වුනු නිසා දවසේ අනිත් වෙලාවටත් වඩා ඒ වෙලාවට සීතල දැනෙනවා වැඩියි.
ඒ අතරේ ඒ බවක් නොදැන නිකන්ම නිකන් ටීශර්ට් විතරක් ඇදගෙන ප්ලේන් එකෙන් බැහැපු ටේයෝන්,ජන්කුක් දෙන්නා හිටියේ සීතලේ වෙව්ලමින්.
"මේ අපි ඉක්මනට එහාට යමුද..තව ටිකක් මෙහෙම හිටියොත් මං හීතලේ මැරෙයි...!"
ටේයෝන් කිව්වේ අත් දෙක එකට පිරිමදින ගමන්.
"ඔයගොල්ලෝ කාර් එක අස්සේ එයිටීන් ප්ලස් කරන්නෙ නැතුව වෙලාවට එයාපෝට් එකට ආවානම් අපි කියනවනෙ බෑග් ටික දෙන්න කලින් ජැකට් එලියට ගන්න කියලා...කොහෙද ඉතින්...!!"
ජින් කිව්වේ නම්ජූන් මහ හයියෙන් හිනාවෙද්දි.
ජන්කුක්ගේ මූණෙත් හිනාවක් ඇදුනත් එයා ඉක්මනට ඒ හිනාව හන්ගගත්තේ කන්න පනින්න බලන් ඉන්න කොටියෙක් වගේ තමන් දිහා බලන ටේයෝන්ව දැකලා..
ටික වෙලාවකට පස්සේ හතරදෙනාම ඇස්කනාබාවල ඉන්න කාලය ඇතුළත පාවිච්චි කරන්න කුලියට ගත්තු කාර් එකට ගොඩ වුනේ ජීන් ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙද්දි.
අනිත් හතර දෙනාටම වඩා එහේ පාරවල් ගැන හුරුවක් ජින්ට තිබුනෙ අනිත් අයට වඩා වැඩි වාර ගානක් එයා එහෙට ඇවිල්ලා තිබුනු නිසා.
" මං ඉවසිල්ලක් නැතිව බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද විලියම් බොනිෆාස් ෆයින් ආර්ට් සෙන්ටර් එකට යන්නේ කියලා...!"
කාර් එකේ නිහඩතාව බිදිමින් නම්ජූන් කිව්වේ ලොකු උද්‍යෝගයකින්.
"නම්ජූනා....ඕනි දිහාවක යමු හෙටින් පස්සේ හරිද...අදනම් මං ගෙදරින් එලියට අඩියක්වත් තියන්නෙ නෑ...."
ජින් කිව්වේ එයා හිටියේ පුදුම මහන්සියකින් නිසා.පැය දහ හතරකට කිට්ටු ගුවන් ගමනක් කියන්නේ ඇත්තටම ගොඩක් වෙහෙසකර ගමනක්.
ටේයෝන් ජන්කුක් දෙන්නා පිටිපස්සේ සීට් එකේ නින්දට වැටෙද්දි කාර් එකේ ප්ලේ වුනු මෘදු සන්ගීතයට සවන් දෙන ගමන් නම්ජූන් වටපිටාවේ සුන්දරත්වය වින්දේ ගස්කොලන්වලින් පිරුනු ලස්සන පරිසරයක් මැදින් වැටුනු මාවතක් දිගේ කාර් එක ඉදිරියට ඇදෙද්දි.
තවත් පැයකින් විතර බොරලු අතුරපු අතුරු පාරකට හැරුනු ජින් කොළ පාටට තණකොළ වවපු ගෙවත්තකින් කාර් එක නැවැත්තුවේ නින්ද ගිහින් හිටපු හැමෝවම මහ හයියෙන් කෑ ගහලා අවදි කරන ගමන්.
ජින්ගේ සද්දෙට අවදි වුනු තුන් දෙනාම ජින් එක්කම දොරවල් ඇරගෙන එළියට බැස්සේ කටපුරා හිනාවෙන ගමන්.
විනාඩියක් යන්නත් කලින් ඔවුන්ට ඉස්සරහ තිබුනු සුදුපාට තීන්ත ගාපු ගෙදර දොර ඇරුනේ දොරෙන් එළියට ආපු එක්කෙනා දැකලා ඒ කට්ටියගේ හිනාව තවත් ලොකු වෙද්දි.
" ජීන් හ්‍යුන්ග්........!!!"
මහ හයියෙන් කෑ ගහගෙන නිවසින් මිදුලට බහින්න තිබුනු පඩි පහ හය පැනපු සුදු පාට බූල් ස්වේටර් එකක් ඇදගෙන හිටපු එයා දුවගෙන ගිහින් ජින්ගේ ඇගට පැන්නේ ජින් හිනා වීගෙනම ඔහුව වැලදගනිද්දි.
"වාහ් කොහොමද ඒක....අවුරුද්දකට පස්සේ දකින අපිට වඩා මෙයාට සතුටු මාස දෙකකට කලිනුත් දැකපු ජින් හ්‍යුන්ග්ව දැකලා...!"
ටේයෝන් කිව්වේ බොරුවට රවන ගමන්.
ජින්ව අත් ඇරලා ටේයෝන් පැත්තට හැරුනු එයා ඊගාව තප්පරේ ටේයෝන්ගේ ලගට දුවගෙන ගියේ කලින්ටත් වඩා හයියෙන් කෑ ගහගෙන.
"ටේහ්යෝන්ග්ගාආආආආ............!!!!"
එයාට දෙවනි නොවන සද්දෙකින් ටේයෝනුත් කෑ ගැහුවේ අත් දෙකෙන්ම එයාව බදාගන්න ගමන්.
"ජිමිනාආආආආ........!!!!!"
යාලුවෝ දෙන්නාගේ විකාර දිහා බලාගෙන හිටපු නම්ජූන් ඔලුවේ අත ගහගත්තේ ඒ දෙන්නට දෙන්නා මොකද අදුන්වලා දුන්නද කියලා හිතන ගමන්.
ටේයෝන්ගෙන් ගැලවුනු ජිමින් ඊගාවට නම්ජූන්වයි ජන්කුක්වයි වැලදගත්තේ අර ආදරණීය හිනාවෙන්මයි.
"ජැක්සන් කෝ ජිමින්..?"
ජන්කුක් ඇහුවේ ජැක්සන් ගෙදර හිටියානම් අනිවාරෙන් ම එයා එළියට එනවා කියලා දන්න නිසා..
"එයාලා මාකට් එකට ගියා...දැන් එනවත් ඇති..."
"ආ...."
"ඇයි ඔයාලා එනවා කියලා මට කිව්වේ නැත්තේ හ්‍යුන්ග්.....කිව්වානම් අපි මිචිගන්වලට එනවනේ ඔයාලව ගන්න...."
ජිමින් කිව්වේ අමුත්තන්ව ගේ ඇතුලත එක්කගෙන යන ගමන්.
" ජැක්සන් තමයි කිව්වේ අපි එනවා කියලා ඔයාට කියන්න එපා කියලා..."
නම්ජූන් කිව්වේ ජිමින්ගේ ගෙදර සාලයේ උණුසුම් සෝෆාවේ වාඩි වෙන ගමන්.
ජිමින් නම්ජූන් දිහාට හැරුනේ පුදුමයෙන්.
"ඒ කියන්නේ එයා දැනගෙන හිටියද ඔයාලා අද එනවා කියලා...!!"
ජිමින් ඇහුවේ කට්ටියම වාඩි වුනාට පස්සේ.
"අහ්ම්...ඔව් ඉතින්..එයාට ඕනි උනේ ඔයාව පුදුම කරන්න..."
ජින් එහෙම කියද්දි ජිමින්ගේ මූණේ ඇදුනේ ලස්සන හිනාවක්.
ඇත්තටම ජිමින් හීනෙකින්වත් හිතුවේ නෑ එයාලා අද එයි කියලා..ජැක්සන් ජිමින්ට කියලා තිබ්බේ එයාලට වැඩ වැඩි නිසා එන්න වෙන්නේ නෑ කියලයි..උදේ නැගිටපු වෙලේ ඉදන් ජිමින් හිටියේ ඒ ගැන දුකින්.ඒත් වාහන සද්දේ මොකක්ද බලන්න දොර ඇරපු ගමන් ජිමින්ගේ ඒ දුක නැති වෙලා ගියේ එයාගේ මිදුලේ හිටපු කට්ටියව දැකලා.
"මං හිතුවේ ඔයාලට අද දවසේ විශේෂත්ත්වේ අමතක වෙලා කියලා..."
ජිමින් කිව්වේ ටේයෝන්ගේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන්.
"ඒකනම් කීයටවත් අමතක වෙන්නේ නෑ...මොකද කෝල් එකක් ගන්න පාරක් ගානේ යූන්ගි කරන්නේ අද දවස ගැන අපිට මතක් කරන එක...එයා තමයි මාස ගානක ඉදන් අද ගමන ප්ලෑන් කළේ......"
ජන්කුක් හිනා වෙවී කිව්වේ අනිත් කට්ටියත් ඒක මතක් වෙලා හිනා වෙද්දි.
ඒත් එයාලාගෙ හිනාව නැති වෙලා ගියේ මෙච්චර වෙලා සතුටින් හිටපු ජිමින්ගේ මූණෙන් හිනාව අතුරුදහන් වෙද්දි.
"එයත් අද මෙහෙ එනවද..?"
ජිමින් සන්සුන්ව ඇහුවේ එයාලගේ මූණ දිහා කෙලින් බලමින්.
ටේයෝන්,ජන්කුක් හොරැහින් නම්ජූන් දිහා බලද්දි මොකක් කියන්නද කියලා හිතාගන්න බැරි වුනු නම්ජූන් ජින් දිහා බැලුවේ එයාව බේරගන්න කියනවා වගේ.
"ජීමීන්...ඔයා තාමත් එයත් එක්ක කේන්තියෙන්ද ඉන්නේ..?"
ජින් ඇහුවේ ජීමින්ගේ තරහින් රතු වෙන මූණදිහා බලාගෙන.
"හ්‍යුන්ග්....!"
"මේ අහන්න ජීමීන්....අපි හැමෝම එයාට සමාව දුන්නනේ..ඇයි ඔයාට බැරි එයාට සමාව දෙන්න.."
ජින් හෙමින් කියද්දි ජිමින් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ කේන්තියෙන්.
"ඔයාලට එයා කරපු දේට සමාව දෙන්න පුලුවන් වුනාට මං ඒකට කවදාවත් එයාට සමාව දෙන්නේ නෑ හ්‍යුන්ග්...! ඔයාලා හොදටම දන්නවා මං මොන තරම් එයාව විශ්වාස කළාද කියලා......!!"
නම්ජූන් මාරුවෙන් මාරුවට ජින් දිහයි ජීමීන් දිහයි බැලුවේ ජන්කුක් හෙමීට ටේයෝන්ගේ පිටිපස්සටවෙද්දි.
එයාලා හොදටම දන්නවා ජීමීන්ට කේන්ති ගිය වෙලාවට එයා කාල බෝම්බයක් වගේ කියලා.පිපිරුවොත් අංශුවක්වත් ඉතුරුනම් වෙන්නේ නෑ.
"අපි හැමෝම ජීවිතේ හදිසි තීරණ ගන්නවා ජීමින්..එයා එදා ගත්තු තීරණයත් එහෙම එකක්...!"
"හදිස්සි තීරණයක්..!!! හ්‍යුන්ග් ඔයා මට විහිලු කරනවද...??! එහෙම තීරණයක් මොන මනුස්සයද හදිස්සියේ ගන්නේ...?! මාව මෝඩයෙක් වගේ පේනවද ඔයාට...!!!"
හයියෙන් කෑ ගහපු ජිමින් වේගයෙන් කෑම මේසය ගාවට ඇවිදගෙන ගිහින් මේසය උඩ තිබුනු වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගියේ අනිත් කට්ටිය ගොලු වෙලා වගේ බලාගෙන ඉද්දි.
"ජීමීන් ඒ ඔයාගේ හොදම යාලුවා...!
ටේයෝන් කිව්වේ මොකුත් නොකියා ඉන්න එක හොද නෑ කියලා හිතලා.ඒත් මොකට එහෙම කිව්වද කියලා එයාට හිතුනේ ජිමින්ගේ රැවිල්ල දැකලා.
"ඒ බොරුකාරයා මගේ මොකෙක්වත් නෙමෙයි....!!!!"
මහ හඩක් නැගෙන විදිහට වීදුරුව මේසය උඩින් තිබ්බ ජීමින් ආයෙමත් වේගයෙන් ඇවිදගෙන ගිහින් හිටපුතැනින් වාඩි වුනේ පිච්චිලා යන බැල්මකින් කට්ටියම දිහා බලමින්.
"ඒ කියන්නේ ඔයා එයාට සමාව දෙන්නේ නෑ..?"
ජින් ඇහුවේ ලොකු හුස්මක් අරන්.
"ඔව්...!"
"එයා ඔයාගේ හොදම යාලුවත් නෙමෙයි....?!"
"ඔව්...!"
ජිමින් කිව්වෙ ස්ථීර හඩකින්.
"එතකොට මේකට වග කියන්න ඕනි අනිත් කෙනා ගැන මොකද කියන්නේ...?"
නම්ජූන් එකපාරටම ඇහුවෙ ජිමින් ඔහු දිහා බලලා රවද්දි.
මුලු කොරියාවම හොල්ලගෙන හිටියත් නම්ජූන් ජින්ට ඇර තව බය කෙනෙක් හිටියානම් ඒ තමයි ජීමින්.ඒ නිසාමයි නම්ජූන් ඉක්මනට එයා කියපු දේ සාධාරණීකරණය කරන්න ගියේ.
"නෑ මං කියන්නේ ඉතින් මේ දේවල් යූන්ගි තනියෙන් කළා නෙමෙයිනේ...අරයත් යූන්ගි තරමටම මේකට වගකියන්න එපැයි..!"
ජිමින් ඇස් දෙක රෝල් කලේ නම්ජූන් කියපු එකට.
"ජූන් හ්‍යුන්ග්...ඒ කොණ්ඩ කුරුල්ලා මොන වගේ මනුස්සයෙක්ද කියලා මං හොදටම දන්නවා....එයා මොකක් කළත් මට ඒක වැඩක් නෑ..මට ප්‍රශ්නේ තියෙන්නේ යුන්ගි එක්ක...!!"
ජිමින් කියලා ඉවර වෙද්දිම මිදුල දිහායින් ආයෙමත් වාහන සද්දයක් ඇහුනේ එයාලගේ කතාව අවසානයක් කරමින්.
වාහනයෙ සද්දෙන් ම ඒ කවුද කියලා දැනගත්තු හතරදෙනා ජිමින් දිහා බැලුවේ හිනාව බොහොම අමාරුවෙන් තද කරගෙන.
"මං හිතන්නේ එයාලා ආවා...."
ටේයෝන් කිව්වේ ජන්කුක්වත් ඇදගෙන ගෙයින් එළියට දුවන ගමන්.
"මං හිතන්නේ ජිමින් එළියට එන එකක් නෑ...ඒ නිසා අපි යමු..එයා මෙතන ඉදියි..."
ජීන් කිව්වේ නම්ජූන්ගේ අතින් ඇදගෙන ටේයෝන්ලගේ පස්සෙන් ම මිදුලට යන ගමන්.
හිටපු තැනම වාඩි වෙලා තප්පර දහයක් බොහොම අමාරුවෙන් හිටපු ජීමීන් ඊගාව තප්පරේම නැගිටලා දොර ගාවට දිව්වෙ පොඩි එකෙක් වගේ.
අනිත් කට්ටියම මිදුලේ හිටගෙන ඉන්නවා දැකපු ජිමිනුත් හෙමිහිට දොර ගාවින් ඈත් වෙලා පඩිපෙළ ගාවට ආවේ අර කේන්ති මූණෙන්මයි.
ඔවුන්ගේ ඉස්සරහම නවත්තලා තිබ්බ විවෘත වහලයක් සහිත මර්සිඩීස් 300 රථයෙන් බැහැපු තරුණයා ඔවුන් ගාවට ඇවිදගෙන ආවෙ ලස්සන හිනාවකින්.
"යූන්ගියාහ්.....!!!!"
ටේයෝන් යුන්ගි එතෙන්ට ආපු ගමන්ම යුන්ගිව වැලදගත්තේ උඩට වෙලා බලාගෙන හිටපු ජීමීන් ආයෙමත් පාරක් ඇස් දෙක රෝල් කරද්දි.
අනිත් හැමෝමත් යුන්ගිව වැලදගෙන ඉවර වෙද්දි යුන්ගි පිටිපස්ස හැරිලා බැලුවේ එයත් එක්ක වාහනේ ආපු අනිත් එක්කෙනා කෝ කියලා...
කාර් එකේ පිටිපස්සේ ඉදන් බෑග් මලු මහ ගොඩක් උස්සගෙන එන එක්කෙනා දිහා කට්ටියම බැලුවේ බොහොම අමාරුවෙන් හිනාව තද කරගෙන.
දිගු කෙස් කැරලි ටික එකතු කරලා හිස මුදුනට වෙන්න බැදලා තිබුනු මෑන් බන් එකෙන් මිදුනු කෙස් කැරැල්ලක් ඔහුගේ මූණ මැද්දට වැටෙද්දි අත් දෙකෙන්ම බෑග් එල්ලගෙන හිටපු ඔහු මූණ පැත්තකට කරලා ඒ ටික අයින් කරගන්න හදන හැටි දැකලා ඔක්කොම මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ තවත් ඉවසගෙන ඉන්න බැරි තැන.
"කෝ ඔය ටික මට දෙන්න මං ඇතුළට අරන් යන්නම්.."
නම්ජූන් හිනාවෙවී කිව්වේ ඔහුගෙ අතේ තුබුනු බෑග් ටික ගන්න ගමන්.
"වෙල්කම් ටූ මයි හෝම් කොණ්ඩකුරුල්ලා....!!!"
එකපාරටම කෑ ගහපු ජීමින් හැමෝම පහු කරගෙන ගිහින් ඔහුව වැලදගත්තේ යූන්ගිව ගනන් ගන්නේවත් නැතිව.
යුන්ගිගේ ඉහළට එසවුනු ඇහිබැම දැකපු ජීන් වීදුරුවක් පිහිදානවා වගේ ඇහෙන එයාගේ සුපුරුදු හිනාවෙන් මහ හයියෙන් හිනා වුනේ ටේයෝන් යූන්ගිගේ කරට අතක් දාගනිද්දි.
"අපේ මේ මිස්ටර් පාක් ජීමීන් තාමත් ඔයත් එක්ක තරහින් ඉන්නේ යූන්ගියා...ඒකයි එයා ඔයාව ගනන් ගන්නේ නැත්තේ..."
ටේයෝන් කිව්වේ කොණ්ඩ කුරුල්ලත් කුතුහලෙන් වගේ ජීමින් දිහා බලද්දි.
"මොකක්...ඇයි ඒ...?!"
යූන්ගි ඇහුවේ පූදුම වෙලා.
"කලින් හේතුවම තමයි...!"
බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තු ජීන් කිව්වෙ යුන්ගි පිස්සෙක් දිහා බලනවා වගේ ජීමින් දිහා බලද්දි.
"ඒහ් ජීමීන් සිරාවටම...ඔයා තාමත් ඒක අමතක කළේ නැද්ද...?!"
යුන්ගි අහද්දි ජිමින් යුන්ගිගේ පැත්තට හැරුනේ තප්පරේට..
"අමතක කරන්න...?! අමතක කරන්න පුලුවන් තරම් පොඩි දෙයක්ද යූන්ගි ඔයා මට කළේ...?!!"
ජීමින් ඇහුවේ ඉණට අත් දෙක තියාගන්න ගමන්.
"ඒත් ඉතින්....!"
"ඒත් ඉතින්...?? ඇයි ඒත් ඉතින් මොකක්ද...??!"
ජිමින් ඇහුවේ රවමින්.
යුන්ගි ඇදගෙන හිටපු දුබුරු පාට ඕවර්කෝට් එකේ කෙලවරක් අල්ලගෙන ජීමින් දිහා අහින්සක විදිහට බැලුවේ එහෙම බලද්දි ජිමින් කූල් ඩවුන් වෙනවා කියලා එයා දැනගෙන හිටපු නිසා.
"මං දිහා ඔහොම බලන්න එපා යූන්ගි...ඔහොම නෙමෙයි කොහොම බැලුවත් මං ඔයාට සමාව නම් දෙන්නේ නෑ....!!"
ජීමින් කිව්වේ යුන්ගිට රවන ගමන්.
"ජිමීනා.....මං කිව්වනේ ඒක හදිස්සියෙම ගත්තු තීරණයක් කියලා.....!"
"මොන ලෝකෙද දෙයියනේ මිනිස්සු ඔය තරම් හදිස්සියේ ඔහොම තීරණයක් ගන්නේ..???.අඩුම තරමේ තමන්ගේ හොදම යාලුවටවත් නොකියා....!!"
"ඒක ඉතින් එච්චර ලොකු දෙයක් නෙමේනේ..."
යුන්ගි හෙමිහිට මිමිනුවේ කොණ්ඩ කුරුල්ලා ඔලුවේ අත ගහගනිද්දි.
ජිමින්ගේ මූණ දැකපු ගමන් එයාලා දැනගත්තා යූන්ගි වැඩේ කාගත්තා කියලා.
"තමන්ගේ හොදම යාලුවා මැරි කරන එක එච්චර ලොකු දෙයක් නොවෙන්නේ කොහොමද කියලා මට කියනවද මිස්ටර් යූන්ගී....??!! මන් මගේ මැරේජ් එක ගැන හැමෝටම කලින් කිව්වේ ඔයාට...!! ඒ උනාට ඔයාට ඒ තරම් වැදගත් වැඩෙදි මාව අමතක වුනා...!!ඒක ලොකු දෙයක් නෙමෙයිද ආආ...??!"
ජීමින් යූන්ගි දිහා බලලා කෑ ගහද්දි යූන්ගි අහිංසක විදිහට ජිමින් දිහා බලලා හිනා වුනේ හිත යටින් කපටි ගේමක් ප්ලෑන් කරන ගමන්.
"මෙයා තමයි මට කිව්වේ ඔයාලට පස්සේ කියමු කියලා.."
යුන්ගි කිව්වෙ කොණ්ඩ කුරුල්ලාව පෙන්නන ගමන්.
තමන්ගේ ඉස්සරහ වෙන සිද්දිය හරිම සතුටින් රසවිදිමින් හිටපු කොල්ලාගේ ඇස් ලොකු වුනෙ යුන්ගිගේ ඇගිල්ල එයාගේ දිහාට යොමු වෙද්දි
"මොකක්...!"
ජීමීන් කිව්වේ ඒ සැණින් ඔහුගේ පැත්තට හැරෙමින්.
"ම්..මං..??!"
"මේ මනුස්සයා මට කිව්වේ එහෙම කිව්වේ ඔයා කියලා..!!"
ජිමින් කියද්දි යුන්ගිගේ මූණේ යක්ශ බැල්මක් ඇදුනේ අනිත් කට්ටිය ශේප් එකේ ඒ තුන් දෙනාගෙන් පිටිපස්සට වෙද්දි.
"ජන්ග් හෝසෝක්........!!!!!!!!"
ජිමින්,යූන්ගි දෙන්නම එකපාරම කෑ ගැහුවේ දන්න තරම් දෙවිවරු ඔක්කොම සිහි කරගත්තු හෝසෝක් කකුල් දෙකට වැදලා ඒ දෙන්නාගෙන් ඈතකට දුවගෙන යද්දි.
යුන්ගියි ජිමිනුයි දෙන්නම හෝසෝක්ගේ පස්සෙන් පන්නද්දි නම්ජූන් ජින් ටේයෝන් ජන්කුක් හතර දෙනාම හිනා වෙවි ඒ දිහා බලාගෙන හිටියේ සතුටින්.
එයාලා කට්ටියම මෙහෙම මුණ ගැහුනේ මාස ගානකට පස්සේ..ඒත් එතැනට තව දෙන්නෙක් අඩුයි..
දන්නවද ඒ කවුද කියලා..
එක්කෙනෙක් තමයි ජැක්සන්....
අනිත් එක්කනා තමයි....!
"යූන්ගියා බලන්නකො කවුද එන්නේ කියලා.."
යුන්ගි හෝසෝක්ව අල්ලගනිද්දිම වගේ අනිත් කට්ටිය ගාව නතර වුණු ජිමින් හයියෙන් කිව්වේ පාරට අත දිගු කරන ගමන්.
එතකොටම එයාලට දකින්න හම්බුනේ දුර ඈත ඉදන් ගේ පැත්තට එන මෝටර් බයික් එකක්.
වේගයෙන් ආපු ජැක්සන් ගෙවත්තෙන් බයික් එක නැවැත්තුවේ ජීමින් දුවගෙන දුවගෙන බයික් එක ගාවට යද්දි.
අනිත් හය දෙනත් හිනාවීගෙනම ඉස්සරහට ඇවිදගෙන ආවේ ජැක්සන් දාගෙන හිටපු හෙල්මට් එක ගලෝලා ජීමින්ගේ අතට දෙද්දි.
ඒත් ඒ හැමෝම බලාගෙන හිටියේ ජැක්සන් දිහා නෙමෙයි..ජැක්සන්ගේ අත් දෙක මැද්දේ උන්නු පුන්චි රෝස පාට බෝලේ දිහා.
ඉස්සරහ උන්නු කට්ටිය දිහා බලලා ලස්සන හිනාවක් දාපු ජැක්සන් හෙමීට එයාගේ තුරුලේ උන්නු එක්කෙනාගේ රෝස පාට බේබි හෙල්මට් එක ගැලෙව්වේ ජීමින් එයාව ජැක්සන්ගේ ඇගට කරලා ගැටගහලා තිබුනු බේබි ගාඩ් එකෙන් ගලවද්දි.
හෙල්මට් එක අයින් කරපු ගමන්ම තමන්ගේ වටේ ඉන්න අය දිහා දුඹුරු පාට බෝල ඇස්වලින් බලපු එයාගේ මූණේ ලොකූ හිනාවක් ඇදුනේ අනිත් කට්ටියම ඒ හුරතලේ දිහා ආදරේ උතුරන ඇස්වලින් බලන් ඉද්දි.
"ජීනා....!!!"
රෝස පාට හුරතල් ගවුමක් ඇදගෙන උන්නු අවුරුදු තුනේ චූටි කෙල්ලව වඩාගත්තු ජිමින් කිව්වේ ඒ බෝල කම්මුල් සිපගන්න ගමන්.
"ඕමෝ කවුද අනේ මේ රෝස බෝලේ....!"
ජීන් කිව්වේ ජීනාගේ මූණට වැටුනු කලු පාට කෙස් කැරැල්ලක් එයාගේ මූණෙන් අයින් කරමින්.
හැමෝම තමන්ගේ දිහා බලාගෙන ඉන්නවා දැකපු ජීනා ලැජ්ජාවෙන් ජිමින්ගේ බෙල්ලේ මූණ හන්ගගනිද්දි කට්ටියම හිනා වුනේ ජීනාගේ අවධානය ගන්න එක එක ඒවා කියමින්.
බයික් එකෙන් බැහැපු ජැක්සන් පිටිපස්සේ බකට් එකෙන් එයා මාකට් එකෙන්ගත්තු බඩු ටික අරන් ජීමීන් ගාවින් හිටගත්තේ හිනා වෙන ගමන්.
"හෙල්මට් එක දාපු එකට මාත් එක්ක තරහා වෙලා මෙයා මේ ඉන්නේ....!"
ජැක්සන් කිව්වේ එයාගේ අනිත් අතින් ජීනාගේ කොණ්ඩේ අවුල් කරන ගමන්.
"බබී...ඇත්තද මේ පපා කියන්නේ...බබී පපා එක්ක තරහා වුනාද ම්ම්ම්...??"
ජිමින් කියද්දි ජීනා ආයෙමත් ලැජ්ජාවෙන් හිනා වුනේ ජැක්සන් දිහා හොරෙන් බලමින්.
"පපා ඕනි නෑ අද බබීට අපි ඉන්නවනේ.....බලමු අපේ බර්ත්ඩේ ගර්ල් කා ගාවටද එන්නේ කියලා..."
ටේයෝන් කිව්වේ ජිමින් ගාවට ගිහින් ජීනාව වඩාගන්න අත දිගුකරන ගමන්.ඒත් ජීනා කළෙ ලැජ්ජාවෙන් හිනාවෙන එක විතරයි.
නම්ජූන්,ජීන්,ජන්කුක් හැමෝම උත්සාහ කළත් ඒ කාගෙවත් අතට නොගියපු ජිනා එකපාරටම හැරුනේ පැත්තකට වෙලා හිනා වෙවි එයා දිහා බලාගෙන උන්නු යූන්ගිගෙයි හෝසෝක්ගෙයි පැත්තට.
හැමෝම නිහඩවම බලාගෙන හිටියේ ජීනා මොකක්ද කරන්නේ කියලා.
ටික වෙලාවක් යුන්ගි දිහයි හෝසෝක් දිහයි බල බලා ඉදපු ජීනා එකපාරටම හෝසෝක් දිහාට අතක් දිගුකලේ කට්ටියම පුදුම වෙද්දි.
"හ්..හූ..බ්..බා...."
ජීනා හෝසෝක් දිහා බලන් පැටලි පැටලි මිමිනුවේ හොසෝක්ගේ ඇස් පුදුමයෙන් ලොකු වෙද්දි.
"එයා මොකක්ද ඒ කියන්නේ...?"
හෝසෝක් හෙමීට එයාගේ ලග උන්නු යූන්ගිගෙන් ඇහුවේ යුන්ගි හෝසෝක් දිහා බලලා හිනා වෙද්දි.
"එයා ඔයාට කතා කරන්නේ..."
හෝසෝක්ව ඇදගෙන ජීමින් ගාවට ගිය යුන්හි හෝසෝක්ව ජීනාගේ ඉස්සරහින් නැවැත්තුවෙ කට්ටියම ආසාවෙන් ඒ දිහා බලන් ඉද්දි.
"හූබා...."
හයියෙන් හිනා වෙලා එහෙම කියපු ජීනා හෝසෝක්ගේ අතට පැන්නේ හෝසෝක් හිනා වීගෙනම ජීනාව වඩාගනිද්දි.
"එයා කියන්න හදන්නේ හෝබා කියලා.."
නම්ජූන් කිව්වේ අනිත් කට්ටියම හෝසෝක්වයි ජීනාවයි යුන්ගිවයි වට කරගනිද්දි.
හෝසෝක්ගේ ගැට ගහපු දිග කොණ්ඩේ ඒ චූටි ඇගිලිවල පටලගත්තු ජීනා යුන්ගි දිහාට හැරුනේ එක අතක් යුන්ගි දිහාට දිගු කරමින්.
යුන්ගි එයාගේ අත ජීනාගේ පැත්තට දිගු කරන පමාවෙන් ම ජීනා යුන්ගිගේ සුලගිල්ල එයාගේ එක අතකින් තද කරලා අල්ලගත්තේ මොකක්දෝ කියන්න උත්සාහ කරමින්.
"ය්..බ්.."
ජීමින්ගේ ඉණ වටේ අතක් දාලා තමන්ගේ තුරුළට කරගත්තු ජැක්සන් ජිමින්ගේ නළලට හාදුවක් දුන්නේ ජිමින් තවත් ඔහුට තුරුල් වෙද්දි.
ඒ දෙන්නම හෝසෝක්ගේ අතේ ඉන්නු ජීනා දිහා බලාගෙන හිටියේ පුදුමාකාර ආදරයකින්.
ජීනා තමයි ඒ දෙන්නගේ ජීවිතේ..
එයාලාගෙ මුලු ලෝකෙම....
(ජීනා චූටි කාලේ එයාගේ පපා එක්ක 👇❤️)
"ය්..යුග්..බු..."
"මං හිතන්නේ එයා යුන්ගිට කතා කරන්න හදන්නේ..."
ජීමින් කිව්වේ එයාගේ මූණේ ඇදුනු හිනාවට එයාගේ ඇස් දෙක හීනි වෙද්දි.
"යුග්ගී..බ්..බුන්ග්ගී.....!!!"
ජීනා හයියෙන් කිව්වේ අන්තිමට තමන්ට ඕනි වුනු දේ කියවුනු සතුටට හෝසෝක්ගේ අතේ උඩ පනිනගමන්.
"යුන්ගි බුන්ගී...?"
හෝසෝක් හිනා වෙවී ඇහුවේ ජීනාගේ කම්මුලක් සිප ගන්න ගමන්.
"යුගී බුන්ගී...!!"
ජීනා ඒ වතාවේ තවත් පැහැදිලිව කියද්දි කට්ටියම සතුටින් කෑ ගහමින් අප්පුඩි ගැහුවේ ජීනා ලැජ්ජාවෙන් හෝසෝක්ට තුරුල් වෙද්දි.
හෝසෝක්ගේ අතේ ඉන්න ජීනාගේ කම්මුලක් ආදරෙන් සිපගත්තු යූන්ගි හෝසෝක් ජීනාව හුරතල් කරන හැටි බලාගෙන හිටියේ හරිම ආදරෙන්.
ජීනාව එක අතකින් වඩා ගෙන අනිත් අතින් යුන්ගිව අල්ලගෙනහිටපු හෝසෝක් කට්ටියටම ඉස්සරහින් ඇවිදගෙන යද්දි එයාලට පිටිපස්සෙන් ජැක්සන් ජිමින්වත් තුරුල් කරගෙන ගේ ඇතුළට ඇවිදගෙන ගියේ හෝසෝක්ගේ අතේ ඉදන් එයාලා දිහා බලන් ඉන්න ජීනාව හිනස්සන්න එක එක කෝලම් කරන ගමන්.
අතින් අත අල්ලගත්තු ටේයෝන් ජන්කුක් දෙන්නත් මොකක්දෝ මන්දා කතාවක ඉන්න ගමන් පඩිපෙල් ටික නැගලා ගේ ඇතුළට ගියේ හිනාවෙවි.
අන්තිමට ඒ හැමෝම දිහා ආදරෙන් බලාගෙන හිටපු නම්ජූන් ජින්ව එයාගේ ලගට තුරුල් කරගත්තේ ජින්ගේ දිලිසෙන ඇස්වලට එබෙන ගමන්.
"අන්තිමට හැමදේම හොදින්.."
නම්ජූන් කිව්වේ ජීන්ගේ නළල සිපගන්න ගමන්.
"අපි හැමෝම සතුටින්..."
ජින්ගේ වචනවල නම්ජූන් ඔලුව වැනුවේ එයාගේ ලස්සන ඩිම්පල් හිනාවෙන් ජින් දිහා බලමින්.
"බර්ත්ඩේ කේක් ඕනිනම් ඉක්මනට ඇතුළට එන්ඩෝ.....!!"
දොර ගාවට ආපු ටේයෝන් හයියෙන් කෑ ගහලා ආයෙමත් ඇතුළට දුවද්දි හයියෙන් හිනාවුනු නම්ජූන් ජින්වත් තුරුල් කරගෙන ගේ ඇතුළට ගියේ තවත් පරක්කු උනොත් කේක් නැති වෙයි කියලා දැනගෙන.
එයාලා දොරෙන් නොපෙනි යනවත් එක්කම ඒ ලස්සන සුදුපාට ගෙදර දොර වැහුනේ මුලු ගෙදරම පවුලක උණුහුමෙන් පිරෙද්දි.
ඒ හැමෝගේ ම මූණවල්වල උතුරන්න තරම් පිරිලා තිබුනේ සතුට..කාලයක් එයාලට අහිමි වෙලා තිබුනු සතුට..
ඉතින් ඒ සතුට පිරුනු හදවත් අස්සේ උතුරන්න තියන ආදරයත් එක්ක එයාලා එකට ඉන්න ඕනිම තැනක් එක ගෙදරක්,එක පවුලක් වෙන බව සත්තයි..
________________________________
26/08/2022
(5634 Words)
තව කොටසක් තියෙයි ඊගාව එක බලන්න..👉
(ගොඩක් ලොකු චැප්ටර් එකක් ආපු නිසා කොටස් දෙකක් කළා..🙂)
Thank you for reading lovelies..❤️
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top