Chapter 50
__________________________________
Sometimes you have to
drop your guard
so your heart can breathe.
-Emma Xu-
__________________________________
උස්ම උස් විශාල ගස්වලින් වට වුණු පටු කොන්ක්රීට් පාර දිගේ කන්දේ ඉහළට ජිප් රථය අරන් යමින් උන්නු හෝසෝක්ගේ පිටුපසින් සීරෝ එකේ අනිත් කට්ටියත් ආවෙ හෝසෝක්ට නොදෙවනි වේගයකින්.
දවල් කාලය ගෙවිලා සැන්දෑව උදා වෙමින් තිබුනු නිසාමද මන්දා මුලු පරිසරයේ ම තිබුනේ සිසිල් බවක් වගේ ම නිසල බවක්.
අතරින් පතර පේන අහසේ කොණක බැස යමින් තිබුනු ඉර කහ පාට තැඹිලි පාට වලාකුලු මැද්දෙ ලස්සනට පේන්න තිබුනත් කැලඹීමෙන් උන්නු හෝසෝක්ට ඒ ලස්සන බලන්න වෙලාවක් තිබුනෙ නෑ.
මොකද එයාගේ ඔලුවේ ඒ මොහොතේ තිබුනු එකම අරමුණ වුනේ යූන්ගිව හොයාගන්න එක.
ජැක්සන්ට අනුව යුන්ගි ගිය වාහනය යමින් තිබුනේ කන්දේ මුදුන දිහාට.ඒත් හෝසෝක් බය වුනේ ඒ ගැන නෙමෙයි.
යුන්ගි ජැන්ග් හ්යුක් එක්ක තනියම ඉන්න එක ගැන.ජැන්ග් හ්යුක්ට කිසිම දෙයක් කර කියාගන්න බැරි තත්ත්වයක හිටියත් ජැන්ග් හ්යුක් කියන්නෙ ඔවුන්ගේ හතුරා..
හෝසෝක්ගේ අම්මව..යූන්ගිගේ අම්මව,තාත්තව,අයියාව මරපු මිනීමරුවා..
එයාලාගේ ජීවිතේ වටිනම අයව එයාලට නැති කරපු කෙනා.
යුන්ගි ජැන්ග් හ්යුක්ව හේඩ්ස්වලින් එලියට අරන් ආවේ ඇයිද කියලාවත් එයා ජැන්ග් හ්යුක්ව කන්ද දිහාට අරන් යන්නෙ ඇයිද කියලවත් කිසිම අදහසක් හෝසෝක්ට තිබුනේ නෑ.
ඒත් එයාට ඒ ගැන දැනගන්නවට වඩා ඕනි වුනේ යූන්ගිගේ ආරක්ශාව.යූන්ගිට කිසිම අනතුරක් වෙන්න නොදී එයාගේ ලගින් ඉදන් යුන්ගිව ආරක්ශා කරගන්නයි හෝසෝක්ට ඕනි වුනේ.
"බොස්...යුන්ගිගේ වාහනය තියෙන තැන හොයාගත්තා..තව ටික දුරයි අපිට යන්න තියෙන්නෙ.."
එහා පැත්තේ අසුනින් ඇහුනු ජැක්සන්ගේ හඩට හෝසෝක් ප්රතිචාර දැක්වුවේ හිස ඉහල පහල කරමින්.
"කොහේද යුන්ගි ඉන්නෙ..?"
"එයා ඉන්නේ... ක්ලිෆ් එක ගාව..!"
හෝසෝක් එකපාරටම ජැක්සන් දිහා බැලුවේ බය වෙලා වගේ.ජැක්සන්ගේ ඇස්වලත් තිබුනේ ඒ වගේ ම බැල්මක්.මොකුත් නොකියම ජිප් එකේ වේගය තවත් වැඩි කරපු හෝසෝක් උපරිම වේගයෙන් ක්ලිෆ් එක දිහාට වාහනය අරන් ගියේ පුලුවන් තරම් ඉක්මනින් එතනට යන අදිටනින්.
හෝසෝක්ගෙ ජිප් එක පිටුපසින් තිබුනු ජිමින්ගේ කාර් එකයි ඊට පිටිපස්සේ තිබුනු නම්ජූන්,ජින් දෙන්නා හිටපු ජීප් එකයිත් ඒ පිටිපස්සෙන් ම ඇදුනේ මොකක් හරි අවුලක් තියෙන බව ඉවෙන් වගේ දැනගෙන.
ඒත් ඒ හැමෝම ඉදිරිය බලාගෙන හිටියා මිසක කිසීම කෙනෙක් සයිඩ් ග්ලාස් එකෙන්වත් ඔවුන්ගේ පිටුපස බලන්න උනන්දු වුනේ නෑ.බැරි වෙලාවත් එහෙම බැලුවානම් ඔවුන්ට දැකගන්න තිබුනා එයාලට තරමක් දුරින් පෙනෙන නොපෙනෙන මානෙක ඔවුන්ව හඹා එමින් තිබුනු කලු පාට කාර් එකක්.
සීරෝ එකේ නොවන කාර් එකක්.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
හෝසෝක්ට යුන්ගි ඉන්නවා කියපු ක්ලිෆ් එක ගාවට එන්න ගියේ විනාඩි දෙක තුනයි..ඒක ඔවුන් හිටපු කන්දේ අයිනක පිහිටලා තිබුනු සමතලා පර්වතයක්.
ඒ පර්වතය අවසන් වුනේ ලොකු බෑවුමකින්.ඈතින් බැහැගෙන යන ඉර එක්ක කහපාටට දිලිසුනු විසල් අහස පසුබිම් කරගෙන තිබුනු ඒ පර්වත බෑවුමෙන් පහළ තිබුනේ කන්දේ එහා පැත්තෙන් ඇද වැටුනු දිය ඇල්ලෙන් හැදුනු ගැඹුරු සැඩ ජලකඳක් ගලාගෙන යමින් තිබුණු ගංගාව...
ඒත් එතනට ආපු හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුනේ ඒ දසුනට නෙමෙයි..
ඒ පර්වතය කොණේ මුහුණට මුහුණලා හිටගෙන හිටපු ජැන්ග් හ්යුක්ගෙයි යුන්ගිගෙයි දිහාවට.
ඔව්..කලින් හේඩ්ස්වලදි යුන්ගි ජැන්ග් හ්යුක්ව මරන්න ගියා තමයි..ඒත් යුන්ගිගේ පිස්තෝලයේ මුවින් පිටවුනු උණ්ඩය ජැන්ග් හ්යුක්ට වැදුනේ නෑ.මොකද යුන්ගි හිතා මතාම පිස්තෝලයේ ඉලක්කය වෙනස් කරපු නිසා.
ඒ උණ්ඩය වැදුනේ ජැන්ග් හ්යුක්ට නෙමෙයි ඔවුන්ට ඉහළින් දැල්වෙමින් තිබුනු විදුලි බුබුළට..
එහෙම කරන්න යුන්ගිට හේතුවක් තිබුනා.ඒක තමයි ජැන්ග් හ්යුක්ගේ මුවින් පිටවුනු අවසන් වචන ටික.
"එයා නොහිටියානම් ඇත්තටම මීට ගොඩක් කාලෙකට කලින් මං මැරිලා...!"
යුන්ගිගේ හිතේ උතුරමින් තිබුනු කේන්තිය යට කරගෙන යුන්ගිගේ මනුස්සකම එළියට ආවේ චූටි කාලේ ඉදන් එයා ඉගෙනගත්තු වැදගත්ම දේ එයාගේ හිත එයාට මතක්කරලා දෙද්දි..
~ කවදාවත් තව කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන කෙනෙක් වෙන්න එපා..ඒ කෙනා මොන වගේ කෙනෙක් උනත්,ඔයාට මොන දේ කළත්...එයාගේ ජීවිතේ එයාට දෙන්න....! ~
ඒ නිසයි මුලු ශාලාවම අදුරු වෙලා ගිය පලවෙනි තප්පරයේම ජැන්ග් හ්යුක්ගේ බැමි ලිහලා දාපු යුන්ගි පුදුම වෙලා හිටපු ජැන්ග් හ්යුක්ව ඇදගෙන හේඩ්ස්වලින් එළියට ආවේ..
"යූන්ගී...!!!"
හෝසෝක් කෑ ගැහුවේ පර්වත බෑවුම කෙලවර හිටගෙන උන්නු දෙන්නගෙම අවදානය තමන්ගේ පැත්තට ගනිමින්.
"මොන මගුලක්ද ඔයා කරන්නේ ඔතනට වෙලා...!!! අයින් වෙන්න යූන්ගි ඔතනින්...!!!!"
හෝසෝක් කෑ ගැහුවේ යුන්ගිගේ පැත්තට දුවන ගමන්.
"හෝසෝක්.....!!!!!"
හෝසෝක් තමන්ගේ පැත්තට දුවගෙන එනවා දැකලා යුන්ගි කෑ ගැහුවේ අනිත් හැමෝමත් එයාගේ දිහා බලද්දි.
"තව අඩියක්වත් මෙහාට එන්න එපා..!"
හෝසෝක් හිටි තැනම නතර වුනේ යුන්ගිගේ දිහා කලබලෙන් බලමින්.හෝසෝක්ගේ මූණේ තිබුනු කලබලකාරි බව යුන්ගි ගැන එයා කොච්චර බයෙන්ද ඉන්නෙ කියන එකට සාක්ශියක්.
"යුන්ගී ඒත්...."
හෝසෝක් කියන්න හදපු එක එහෙමම නතර කරගත්තේ යුන්ගි එයාගේ දිහා බලලා බය වෙන්න එපා කියන්න වගේ හිනා වෙද්දි.
"මට මොකුත් ම වෙන්නේ නෑ...මාව විශ්වාස කරන්න සියෝකි...!"
යුන්ගි හොසෝක්ගේ ඇස් දිහාම බලාගෙන ආදරෙන් කියද්දි ටික වෙලාවක් නිහඩවම හිටපු හෝසෝක් ඒකට අකමැත්තෙන් වුනත් එකග වුනේ යුන්ගිව ඇත්තටම එයාට විශ්වාස නිසා..
"ඒත් හෝබා...?"
හෝසෝක්ගේ ලගට ආපු නම්ජූන් කියද්දි හෝසෝක් හිස දෙපැත්තට හෙලෙව්වේ එයාට එයා ගත්තු තීරණය ගැන සැකයක් නෑ කියන්න වගේ.
"මට එයාව විශ්වාසයි ජූන්..එයා දන්නවා එයා මොකක්ද කරන්නේ කියලා...!"
හෝසෝක් කියද්දි නම්ජූන් නිහඩ වුනේ ජැක්සන්,ජිමින්,ජින් වගේ ම සීරෝ එකේ අනිත් අයත් එතනට එකතු වෙද්දි.
මේ හැමදේම අවදානෙන් බලාගෙන හිටපු ජැන්ග් හ්යුක් යුන්ගි දිහාට හැරුනෙ යුන්ගිත් එයාගේ දිහා බලද්දි.
ජැන්ග් හ්යුක්ගේ මූණේ වෙනදට හැමවෙලේම තියෙන අර සමච්චල් හිනාව තිබුනේ නැ...ඇත්තටම ඒ තොල්වල කිසිම හිනාවක් තිබුනේ නෑ.
ඔහුගෙ ඇස්වල තිබුනේ වෙනදා නොතිබුනු කියවගන්න් බැරි මහ අමුතු හැගීමක්.හරියට අවුරුදු ගානක් ලැබෙනකම් බලන් හිටපු දෙයක් ලැබුනට පස්සේ ඒ තමන්ට ඕනි වුනු දේමද කියලා හිතද්දි ඇස්වල ඇදෙන බැල්ම වගේ.
ඇත්තටම ජැන්ග් හ්යුක් හිටියේ වෙන කිසිම දවසකට වඩා වෙනස් විදිහට.
"ඔයා කොහොමද ඔච්චර විශ්වාසෙන් කියන්නෙ ඔයාට මොකුත් වෙන්නේ නෑ කියලා..."
ජැන්ග් හ්යුක් ඇහුවේ හෙමින් උනත් අනිත් හැමෝටමත් ඒක ඇහුනා..ඒත් ඒ කවුරුත් පියවරක් ඉදිරියට තියන්න ඉස්සර වුනේ නෑ.මොකද ඒ හැමෝම හෝසෝක් තරමට ම යුන්ගිව විශ්වාස කලා..
"මොකද මං ඔයාට මොකුත් ම කළේ නැති නිසා.."
යුන්ගි කිව්වේ ජැන්ග් හ්යුක්ගේ ඇස් දිහාම බලාගෙන.
"මං ඔයාට මොකුත් කරලා නෑ ජැන්ග් හ්යුක්..ඉතින් මං දන්නවා ඔයා මට කරදරයක් කරන්නෙත් නෑ කියලා..."
යුන්ගි කිව්වේ ලාවට හිනා වෙන ගමන්.
ඒක සමච්චල් හිනාවක්වත් නපුරු හිනාවක්වත් නෙමෙයි.
අපි යාලුවෙක් එක්ක කතා කරද්දි හිනා වෙන විදිහේ සැහැල්ලු හිනාවක්.
"මොකක්ද...?"
ජැන්ග් හ්යුක් ඇහුවෙ යුන්ගි කියන දේ තේරුම් ගන්න බැරිව.
"ඔයා මගේ පවුලේ අය මරද්දි ඒකට හේතුවක් තිබුනා..එහෙම නේද..මගේ ඇත්ත අම්මාව ඔයා මැරුවේ ඔයාගේ ආදරෙ නිසා..ඒ වගේම මගේ තාත්තාව...මගේ අම්මාව..මගේ අයියාව...ඒ හැමෝවම මරන්න ඔයාට හේතුවක් තියෙන්න ඇති..."
ජැන්ග් හ්යුක් යුන්ගි දිහා බලන් හිටියේ පුදුම වෙලා වගෙ.ජැන්ග් හ්යුක් විතරක් නෙමෙයි..අනිත් අයත්.
"ඒත් ඔයාට මාව මරන්න හේතුවක් නෑ..."
යුන්ගිගේ වචනවල තිබුනේ ලොකු විශ්වාසයක්..ඒ විශ්වාසයම තමයි හැන්ග් හ්යුක්ට තිබුනු ප්රශ්නේ.
"ඔයා..ඔයා කොහොමද එහෙම හිතන්නේ....?"
ජැන්ග් හ්යුක්ගේ තිගැස්සුනු ඇස් දිහා බලාගෙන ඉද්දි යුන්ගිට දැනුනේ ඒ බැල්මෙ මොකක් හරි රහසක් තියනවා කියලාමයි.
"මොකද ඔයාට මාව මරන්න ඕනි තරම් අවස්තා තිබුනා ජැන්ග් හ්යුක්..ඒත් ඔයා එහෙම කළේ නෑ..මොකද ඔයාට මාව මරන්න හේතුවක් තිබුනෙ නෑ..."
යුන්ගිගේ විශ්වාසය ඉස්සරහ ජැන්ග් හ්යුක්ට දැනුනේ එයාගේ විශ්වාසය දෙපා මුල කඩාගෙන වැටෙනවා වගේ.
"නෑ...මතකද..මං ඔයාට පිහියකින් ඇන්නා..මං එදා පාලම උඩදි ඔයාව මැරෙන්න දාලා ගියා...!"
ජැන්ග් හ්යුක් ඉක්මනට කිව්වේ එයාගේ ඔලුවට ආපු එකම දේ.එයා හිතුවේ ඒකෙන් එයාට ගැලවීමක් තියෙයි කියලා..ඒත් එයා හිතුවා වැරදියි..
"එදා ඔයා පිහියෙන් ඇන්නේ මගේ බඩට..ඔයා හොදටම දන්නවා බඩට පිහියෙන් ඇන්නා කියලා මිනිහෙක් ඒ සැනින් මැරිලා යන්නේ නෑ කියලා..ඇයි ඔයා ඒ වෙනුවට මගේ පපුවට පිහියෙන් ඇන්නේ නැත්තේ....?"
ජැන්ග් හ්යුක්ට දෙන්න උත්තරක් තිබුනේ නෑ.අනිත් හැමෝම වගේ එයත් යුන්ගි දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.
"එදා පාලම උඩදි...ඔයා මාව මැරෙන්න දාලා ගියා තමයි..ඒත් මාව මැරුවේ නෑ...ඔයාට ඕනි නම් මාව පාලමෙන් පල්ලට තල්ලු කරන්න තිබුනා..ඒත් ඔයා එහෙම කළේ නෑ..ඒ වෙනුවට මාව එතන දාලා ගියා...."
යුන්ගිගේ වචන මොනතරම් ඇත්ත වුනත් ජැන්ග් හ්යුක්ට ඒවා පිලිගන්න ඕනි වුනෙ නෑ..
"නෑ...මං ඔයාව එතන දාලා ගියේ ඒ හිටපු තත්වෙත් එක්ක ඔයා අනිවාරෙන් පාලමෙන් පනියි කියලා මං විශ්වාස කරපු නිසා..!!"
ජැන්ග් හ්යුක් කිව්වේ තමන් නිවැරදියි කියලා ඔප්පු කරන්න හදන පොඩි ළමෙක් වගේ යටපත් කරගත්තු ආවේගෙකින්.
"ඔයා මාව එතන දාලා ගියේ නෑ..."
ජැන්ග් හ්යුක් එකපාරටම කලබලෙන් වගේ යුන්ගි දිහා බැලුවෙ යුන්ගි තියුණු ඇස්වලින් ඔහු දිහා බලද්දි.අනිත් අයත් යුන්ගි දිහා බලාගෙන හිටියේ කුතුහලයෙන්.
"රතු පාට කාර් එක...ඔයා හිටියේ ඒක ඇතුළේ...ඔයා හොදටම දන්නවා හෝසෝක් කොහොමහරි මාං ඉන්න තැන හොයාගන්න්වා කියලා...සියෝකි ඇවිත් මාව එක්කගෙන යනකම් ඔයා එතන හිටියා..."
ජැන්ග් හ්යුක්ට කියන්න වචන තිබුනේ නෑ.ඔහුට පුලුවන් වුනේ නැහැ කියමින් ඔලුව වනන්න විතරයි.
"ඔයාට මාව මොකුත් නොකර අතාරින්න බැරි නිසා මට පිහියෙන් ඇන්නා..මට මගේ ජීවිතේ නැති කරගන්න කිව්වා..ඒත් ඔයාගේ ඇතුලේ ඉන්න මනුස්සයට මාව බේරන්න ඕනි වුනා..ඔයා මට වෙලාව දුන්නා හ්යුක්...ඔයා මට බේරෙන්බ වෙලාව දුන්නා...!"
ජැන්ග් හ්යුක් එයාගෙ ඇස් තදින් පියාගත්තේ එයාගේ ඇස්වල තියෙන හැගීම් වෙන කෙනෙක් දකිනවට එයා අකමැති වුනු නිසා..
"නෑ....!!!"
ජැන්ග් හ්යුක් කිව්වේ හිස දෙපසට කරන ගමන්.
"ඔව්..ඔයා එතනින් ගියේ මං බේරුනා කියලා ස්ථීරවම දැනගත්තට පස්සේ..."
හෝසෝක්ගෙ ඇස් යොමු වෙලා තිබුනේ යුන්ගි දිහාට විතරමයි.යුන්ගිගේ බැල්මෙ තිබුනු විශ්වාසය..ඒ හිනාවේ තිබුනු අවංකකම හෝසෝක්ට ඔප්පු කලේ එක දෙයයි..ඒ තමයි යුන්ගි ඉන්නේ තමන්ට වඩා සිය දහස් ගුනයක් ඉස්සරහින් කියන එක.
හෝසෝක්ට කවදාවත් ඒ තරම් හොදට මිනිස්සු තේරුම් ගන්න හැකියාවක් තිබුනේ නෑ..ඒත් යුන්ගිට ඒ හැකියාව හොදටම තිබුනා..තමන්ගේ ලග ඉන්න අයව විතරක් නෙමෙයි..තමන්ගේ හතුරන්ව පවා හොදටම තේරුම් ගන්න යුන්ගිට තිබුනේ පූදුම හැකියාවක්.
හොසොක්ගේ මූණේ ඉබේටම හිනාවක් ඇදුනේ ඒ යුන්ගි වෙන කාගෙවත් නෙමෙයි තමන්ගේමයි නේද කියලා හිත කියද්දි.
"මං අහන්නේ නෑ ඇයි ඔයාට මාව බේරන්න ඕනි වුනේ කියලා..ඒත් මට දැනගන්න ඕනි වෙන දෙයක් තියනවා...."
යුන්ගි කිව්වේ ජැන්ග් හ්යුක් හෙමිහිට ඇස් විවර කරද්දි.
"මොකක්ද...?"
ජැන්ග් හ්යුක් ඇහුවෙ අර කතාව මග අරින්න පුලුවන් වුනු එක ගැන සතුටින්.
"ඇයි ඔයා හෝසෝක්ගේ අම්මාව මැරුවේ..ඇයි මගේ තාත්තාව මැරුවේ...ඇයි..ඇයි මගේ සන්හූන් හ්යුන්ව මැරුවේ...?"
යුන්ගි වේදනාවෙන් අහද්දි ජැන්ග් හ්යුක්ගේ නෙත් යොමු වුනේ හෝසෝක් දිහාට.
හෝසෝක්ට තිබුනේ ජන්ග් වූ සන්ග් ගේම පෙනුම..
ඒත් එක්කම ජැන්ග් හ්යුක්ට අතීතය එයාගේ ඉස්සරහ මැවි මැවී පෙනෙන්න ගත්තේ එ හැමදේම ආයෙමත් මතක් කරමින්.
ජැන්ග් හ්යුක් දන්නවා අද දවස ඉවර වෙන්න කලින් එයාගේ ජීවිතේ ඉවරයක් වෙනවා කියලා.ඉතින් එයාට ඕනි වුනා පලවෙනි සහ අන්තිම වතාවට තමන් එයාලව මරන්න හේතුව හැමෝටම කියන්න..
මොකද තවත් ඒ දේවල් හිතේ හන්ගගෙන ඉන්න එකේ තේරුමක් තිබුනේ නෑ.
"මගේ නංගී..."
ජැන්ග් හ්යුක් පටන් ගත්තේ හැමෝගෙම අවදානය ඔහුගේ පැත්තට හැරෙද්දි.
"මගේ නංගී ජැන්ග් මීරා...එයා තමයි මට ඉතුරු වෙලා හිටපු එකම පවුල.මගේ අම්මයි තාත්තයි නැති උනේ මට වයස අවුරුදු දාසයෙදි..එතකොට මීරාට වයස අවුරුදු දහයයි..."
ජැන්ග් හ්යුක් කිව්වේ නොදැනුවත්වම හිනා වෙමින්.
"එයාව බලාගත්තේ මං..කල් යද්දි එයා හරිම ලස්සන කෙල්ලෙක් උනා..ගොඩක් ලස්සනයි...මං එයාට ගොඩක් ආදරේ කළා..මොකද මට හිටියෙ එයා විතරයි..ඒත් මං මාෆියා වැඩ එක්ක කාර්යබහුල වෙද්දි එයා ගැන හොයන්න මට බැරි උනා...ඒ කාලෙදි තමයි....."
ජැන්ග් හ්යුක් බැලුවේ හෝසෝක් දිහා.
"ඒ කාලෙදි තමයි එයා බැදපු මනුස්සයෙක්ට ආදරේ කරන්න ගත්තේ..."
හෝසෝක් අත් මිට මොලවගත්තෙ ජැන්ග් හ්යුක් කියන්නේ කවුරු ගැනද කියලා එයා හොදටම දැනගෙන හිටපු නිසා.
"ජන්ග් වූ සන්ග්..මීරා ආදරේ කරන්න ගත්තේ ජන්ග් වූ සන්ග් ට.හෝසෝක්ගේ තාත්තාට.ඒත් ජන්ග් වූ සන්ග් එයාගේ වයිෆ් එක්ක ගොඩක් සතුටින් හිටියේ.ඒ නිසාම මීරාට සිද්ද වුනා ඒ පවුල කඩලා දාන්න..මං ඒ හැමදේම දැනගෙන හිටියා.ඒත් මං මොකුත් නොකලේ එයා එයාගේ ආදරේ මොන ක්රමෙන් හරි අයිති කරගන්න එකට මං සතුටු වුනු නිසා..."
"බොරු ෆොටෝස්,බොරු කේලම් වගේ තමන්ගේ වයිෆ් ගැන එකපාරටම වටපිටින් ආරංචි වෙන්න ගත්තු හැම බොරුවක්ම විශ්වාස කරන්න ගත්තු ජන්ග් වූ සන්ග් අන්තිමට එයාගේ වයිෆ් ව එයාගේ ජිවිතෙන් පන්නලා දැම්මා..ඒ අවසරෙන් මගේ නන්ගී මීරා එයාට ලන් වුනා.ඒ දෙන්නා එකට ජීවත් වෙන්න ගත්තා.මගේ නන්ගි හිටියේ ගොඩක් සතුටින්....ඒත්....."
ජැන්ග් හ්යුක් නැවැත්තුවේ එයාගේ හදවත කේන්තියෙන් පිරෙද්දි.
"ඒත් අවුරුදු කීපෙකට පස්සේ ජැන්ග් හ්යුක් හැමදේම දැනගත්තා.එයාගේ වයිෆ් ගැන කියපු හැමදේයක්ම බොරු ඒ හැමදේම මීරාගේ ප්ලෑන් කියලා එයා දැනගත්තා...ඒ වගේම ඌ දැනගත්තා එයාගේ වයිෆ්ව පන්නද්දි එයාගේ බඩේ දරුවෙක් හිටියා කියලා...ඌ...ඌ එදා මගේ ඉස්සරහම මගේ නන්ගිව මැරුවා...මගේ ඉස්සරම ලේ විලක් මැද මගේ නන්ගිව බල්ලෙක් වගේ ඌ මරලා දැම්මා...!!"
හෝසෝක් මෙච්චර වෙලා හිටියේ කේන්තියෙන් තමයි.ඒත්........
කියාගන්න බැරි මොකක් හරි හැගීමක් ජැන්ග් හ්යුක් දිහා බලද්දි හෝසෝක්ට දැනුනා.
ජැන්ග් හ්යුක්ගේ ඇස්වල තියෙන වියරුව එයා තවත් ඇස් දෙකක ඒ විදිහටම දැකලා තිබුනා.
"ඉතින් මට පලි ගන්න ඕනි වුනා..ඒත් ඒකට ජන්ග් වූ සන්ග් ව මරලා වැඩක් නෑ කියලා මං දැනන් හිටියා.මට ඕනි වුනේ ඌටත් මං විදින වේදනාවම දෙන්න.තමන්ගේ පවුල නැති වෙලාගිහින් තමන් විතරක් මේ ලෝකෙ තනි වුනාම දැනෙන ඒ වේදනාව ඌට දැනෙන්න අරින්න..."
හෝසෝක්ට මතකයි.එයා ඒ වියරුව දැක්කේ යුවීගේ ඇස්වල..සන්හූන්ගේ මරණය නිසා කේන්තියෙන් පිස්සු වැටිලා හිටපු යුවී එහෙමත් නැත්නම් සන්හූන්ගේ මල්ලි යුන්ගිගේ ඇස්වල.
යුන්ගි හෝසෝක්ගෙන් පලි ගන්න ආපු දවසේ ඔහුගේ ඇස්වල තිබුනෙත් ඒ බැල්මමයි.
"ඉතින් මං අවුරුදු ගානක් බලාගෙන ඉදලා හරි අන්තිමේදි ඌ ආදරෙ කරපු උගේ වයිෆ්ව මැරුවා..ඌ හැමදාම විදවපු හැටි මං බලාගෙන හිටියේ මගේ මැරුණු නන්ගි වෙනුවෙන් මං විදපු දුකම ඌ විදින හැටි බලාගෙන.ඒත් ඌ මගේ නන්ගිට කරපු දේට ඌ විදින දුක මට මදියි කියලා හිතුනා..."
පලි ගැනීම ලිමිට් එක පැන්නුවම මොන තරම් නම් භයානක වෙනවද..ජීවිතවල අගය නැතිවෙලා යන්නේ හරි පුදුම විදිහට.වෛරය කියන්නේම වෛරසයක් වගේ...ඒක ජීවිත බිලි ගන්නේ ඒ ජීවිතවල වටිනාකම ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.
"ඒ නිසයි මං ඌ ලැබෙනකම් බලාගෙන හිටපු උගේ ළමයාගෙ ආදරේ ඌට නැති කළේ..සන්හූන් කියන්නේ ජන්ග් වූ සන්ග්ගෙ දරුවෙක් කියලා දැනගෙනයි මං සන්හූන්ව මගේ ලගට ගත්තේ..ජන්ග් වූ සන්ග් සන්හූන්ව හොයාගත්තේ මීට මාස කීපයකට කලින්..ඒ තාත්තලා පුතාලාට හිතේ හැටියට ඒ හමුවීම සමරන්න දීලා මං බලන් හිටියේ මගේ වෙලාව එනකම්..."
එතන හිටපු හැමෝම දන්නවා ඊට පස්සේ මොකද වුනේ කියලා..ඒත් එහෙම කරන්න ජැන්ග් හ්යුක්ගේ තිබුනු අරමුණ මොකක්ද කියලා එයාලට දැනගන්න ඕනි වුනා.
යුන්ගි ජැන්ග් හ්යුක් දිහා ඉවසීමෙන් බලාගෙන ඉද්දි ජැන්ග් හ්යුක් කතා කරන්න ගත්තේ හෝසෝක්ගෙන් නෙත් ඉවතට නොගෙන.
"ජන්ග් වූ සන්ග් සන්හූන්ව හම්බුනායින් පස්සේ ඇමරිකා ගියේ ආයෙ මෙහෙට ආපු ගමන් ම සන්හූන්වයි හෝසෝක්වයි මුණ ගස්සන්න හිතාගෙන.ඒත් එයාට කවදාවත් එයාගේ පුතාලා දෙන්නව එකට දකින්න ලැබුනේ නෑ..මොකද එයා එන්න කලින් ම සන්හූන් මේ ලෝකෙන් ගියා...."
හෝසෝක්ගේ ඇස් ඉස්සරහ මැවි මැවී පෙනෙන්න ගත්තේ සන්හූන්ගේ මූණ..සන්හූන් එයාගේ අතින් මැරුණු හැටි..සන්හූන්ගේ වචන.
"ඒක තමයි මගේ පලි ගැනීම..ජන්ග් වූ සන්ග් මගේ නන්ගිට කරපු දේට පුලුවන් හැම විදිහටම මං මගේ පලිය ගත්තා...මං ඌගේ ලොකු පුතාගේ අතින් ම ඌගේ දෙවනි පුතාව මැරෙව්වා....!!"
හැමෝටම මෙච්චර කල් තැනින් තැනින් ඉතුරු වෙලා තිබුනු ප්රශ්නවලට උත්තර ලැබුනේ ඒ විදිහට.
ජැන්ග් හ්යුක් සන්හූන්ව හෝසෝක්ගෙ අතින් ම මරවන්න ඒ තරම් දේවල් කළේ ඇයි කියන එක තමයි හැමෝටම තිබූනු ලොකුම ප්රශ්නේ..ඒත් දැන් එයාලට ඒකට උත්තරය ලැබුනා.
ජැන්ග් හ්යුක්ට ඕනි වුනේ තමන්ගෙ එක දරුවෙක්ගේ අතින් ම තමන්ගෙ අනිත් දරුවා මැරුණ එකේ වේදනාව එක්ක ජන්ග් වූ සන්ග් සදාකාලිකවම ජීවත් වෙනවා දකින්න..
මින් යුන්ගි කියන්නේ කාගේ දරුවද කියන එක දැනගන්න කලින්, සන්හූන්ගේ අනෙක් සහෝදරයා වුනු යුවී හෝසෝක්ගෙන් පලි ගන්න යනවා කියලා දැනගත්තම ජැන්ග් හ්යුක් සතුටු වුනේ ජන්ග් හෝසෝක්ගේ ජීවිතයත් නැති වෙලා ගියොත් ජන්ග් වූ සන්ග් කාත් කවුරුත් නැතිව තනි වෙනවා කියන එක දැනගෙන.
ඒත් ඒක එයාට ඕනි විදිහට සිද්ද වුනේ නෑ.අනපේක්ෂිත විදිහට මින් යුන්ගි කියන්නේ ඔහු ආදරය කරපු කෙනාගේ ම දරුවා කියලා ජැන්ග් හ්යුක් දැනගනිද්දි හෝසෝක්ව මරන්න ගිය යුන්ගි නතර වුනේ හෝසෝක්ගේ ආදරය වෙලා...
ජැන්ග් හ්යුක්ට නොතේරුනු දේකට කියලා තිබුනානම් ඒ යුන්ගි කොහොමද එයාගේ අයියව මරපු කෙනාට ආදරය කරන්නේ කියන එක විතරයි.
ඇත්තටම කොහොමද..?
ජැන්ග් හ්යුක් යුන්ගි දිහාට ආයෙමත් හැරුනේ ඒ ප්රශ්නෙට උත්තරයක් හොයන්න.
"හෝසෝක් ඔයාගේ අයියව මැරුවා කියලා දැන දැනත් ඔයා කොහොමද එයාගෙන් පලි ගන්න එක අත් ඇරලා එයාට ආදරේ කරන්න ගත්තේ..?"
ජැන්ග් හ්යුක් දෙපාරක් නොහිතම ඇහුවේ ඒ තරමටම එයාට ඒක දැනගන්න ඕනි වුනු නිසා.
යුන්ගි ඒකට කළේ හිනා වෙන එක..හරිම ලස්සනට හිනා වෙන එක.
"මේ ලෝකේ තියෙන හොදම පලි ගැනීම තමයි ජැන්ග් හ්යුක් සමාව දෙන එක..."
යුන්ගි කිව්වේ හෝසෝක් දිහා බලලා ආදරණීයව සිනා වෙමින්.
ඔහු ආයේ ජැන්ග් හ්යුක් දිහා බැලුවෙත් ඒ හිනාවෙන් මයි.
"මං එයාට සමාව දුන්නා...කවුරුවත් කරපු වරදකට දඩුවම් දෙන්න අයිතියක් අපිට නෑ...කෙනෙක් වරදක් කළොත්..ඒකට දඩුවමත් එයාට ස්වභාවධර්මයෙන් ම හම්බෙනවා...."
"එයා මගේ අයියාව මැරුවා තමයි....ඒක ලොකු වැරැද්දක්..ඒත් එයාට සමාව දීපු එකෙන් මට..මගේ හිතට සැනසීමක් ලැබුනා...ඒත් එයා කරපු වරදට එයාට විපාක ලැබුනා..."
වේදනාත්මක හිනාවක් මුවේ තියාගෙන කතා කරන යුන්ගි දිහා හෝසෝක් බැලුවේ ආදරෙන්.
"එයා තමන්ගේ මල්ලිව මරපු එක ගැන හිතින් කොච්චර විදවනවද කියලා හොදටම දන්නේ මං..එයා ජීවත් වෙන්නේ ඒ ගැන දරාගන්න බැරි තරම් වේදනාවක් හදවතේ තියාගෙන....ඒ වගෙ ම මං දන්නවා එයාට කවදාවත් ඒ වේදනාවෙන් ගැල්වීමකුත් නෑ....එයා හුස්ම ගන්න හැම මොහොතකම ඒ වේදනාව එයාගේ පපුවෙ තියනවා..ඉතින් මොකටද මං එයාගෙන් පලි ගන්නේ එයාට එයා කරපු දේට ඒ විදිහට දඩුවම් ලැබිලා තියෙද්දි...?!"
හෝසෝක් යුන්ගිගේ ඒ වචන අස්සේ දැක්කේ ලොකු තේරුම් ගැනීමක්.යුන්ගි කියපු හැම වචනයක්ම ඇත්ත කියලා හෝසෝක් දන්නවා..හුස්ම ගන්න හැම තප්පරයකම හෝසෝක්ගේ හිත අස්සේ ඒ වේදනාව තියනවා..ඇස් පියාගන්න හැම මොහොතකම සන්හූන්ගේ අවසන් මොහොත හෝසෝක්ගෙර් හිතේ මැවෙද්දි හෝසෝක් එ පපුව හිර කරන වේදනාව දරාගන්නෙ ගොඩක් අමාරුවෙන්..කෑ ගහලා අඩන්න බැරි කමට ඒ හැමදේම හිත අස්සේ හිරකර ගෙන හිටියට හෝසෝක් හිතින් හැමදාමත් ඇඩුවා සන්හූන් වෙනුවෙන්.
ඒත් හෝසෝක් කවදාවත් හිතුවෙ නෑ එයාගේ හිත කොනේ තියෙන හැගීම් පවා මේතරම් හොදට තේරුම් ගන්න යුන්ගිට පුලුවන් ඇති කියලා..
ඒ ගැන හිතද්දි පවා හෝසෝක්ගේ හිතේ යුන්ගි ගැන තියෙන ආදරය එන්න එන්නම වැඩි වෙන්න ගත්තේ හරිම ලස්සනට.
ජැන්ග් හ්යුක් හිටියේ ලොකු කල්පනාවක.යුන්ගි කියන දේවල් එයාගේ හිත අස්සටම වැදුනේ කවදාවත් කාටවත් කරන්න බැරි වුනු විදිහට ජැන්ග් හ්යුක්ගේ හදවතට දොරටු විවර කරමින්.
"ඔයා දන්නවද...ජන්ග් වූ සන්ග් අවුරුදු ගානක් ජීවත් වුනේ එයා කරපු වරද ගැන පසුතැවිලි වෙවී...එයාගෙ වයිෆ්ව අවිශ්වාස කරපු එක ගැන පසුතැවිලි වෙවී...මනුස්සයෙක්ට කදුලුවලින් බේරෙන්න පුලුවන්...ඒත් කවදාවත් පසුතැවීම කියන හැගීමෙන් බේරෙන්න බෑ...එයාට එයාගේ අතපසුවීම් අතරේ හෝසෝක්ව මග ඇරුනා.."
මිනිස්සු කියන්නෙ පොතක් නම් එ පොත හරියටම තේරුම් ගන්න හැකියාවක් යුන්ගිට තියනවා කියන එක එතන හිටපු හැමෝටමතේරුම් ගියේ යුන්ගිගේ වචනත් එක්ක..
"තාත්තා කෙනෙක් විදිහට හෝසෝක්ගේ ලග ඉන්න එක එයාට මග ඇරුනා..ඒ නිසාම එයාට කවදාවත් තාත්තා කෙනෙක්ට දරුවෙක්ගෙන් ලැබෙන ආදරය හෝසෝක්ගෙන් ලැබුනේ නෑ.එයා ඒ ආදරය ලබා ගන්න ගොඩක් උත්සාහ කළා..ඒත් එයා එයාගේ ජීවිතේ එයා කරපු එකම වගේ ම ලොකු ම වැරැද්ද නිසා හැමදාමත් පරාද වුනා...ඒ වගේම එයාට අවුරුදු විසි ගානක් යනකම් එයාගෙ දෙවනි දරුවාගේ මූණවත් දකින්න ලැබුනේ නෑ...තමන්ගේ ම දරුවා තමන්ගේ ම වැරදි නිසා වෙන කෙනෙක්ට තාත්තේ කියන හැටි බලන් කාලෙක තමන්ගෙම ආදරේ වුනු කෙනාගේයි තව කෙනෙක්ගෙයි ආදරේ මැද හැදෙන හැටි බලාගෙන ජන්ග් වූ සන්ග් ට දුරට වෙලා වේදනා විදින්න උනා.....ඒ හැමදේම එයා කරපු වරදට එයාට ලැබුනු දඩුව්ම්......ඔයා එයාගෙන් පලි ගන්න නොගියත් එයාට ලැබෙන්න ඕනි දඩුවම එයා අවුරුදු ගානක් තිස්සේ වින්දා....."
හැන්දෑවේ ලා ඉර එළිය ඒ හැමෝගේම මූණුවලට වැටිලා තිබුනේඑතන තිබුනු නිසල බව තවත් පැහැදිලි කරන්න වගේ..ඒ නිසල බව මැද්දේ යුන්ගිගේ වචනවලට එයාලා සමවැදිලා හිටියේ හරිම සන්සුන් ව.
හැමෝම යුන්ගි දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්..ඒ වගේ ම ආඩම්බරෙන්.
ජැන්ග් හ්යුක්.....
එයා හිටියේ යුන්ගිගේ වචනවලයි අවංක ඇස්වලයි අතරමන් වෙලා.
"ඒත් දන්නවද තව දෙයක්...ඔයාගේ නන්ගි ඇත්තම ආදරය කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියානම්..එයා අදටත් ජීවත් වෙනවා...."
හදවතට එකපාරටම නවතින්න පුලුවන්ද...
ජැන්ග් හ්යුක්ට ඒ වචනත් එක්ක මුලින් ම හිතුනේ ඒක.මොකද යුන්ගි එහෙම කියද්දි ඇත්තටම ජැන්ග් හ්යුක්ට එයාගෙ හදවත තප්පරයකට නවතින හැටි දැනුනා.
"ම්..මොකක්ද...??!"
ජැන්ග් හ්යුක් ඇහුවේ වෙව්ලන ස්වරයෙන්.
"එයා ඇත්තටම ජන්ග් වූ සන්ග් ට ආදරය කළානම් කවදාවත් ඒ විදිහට එයාගේ සතුට එයාට නැති කරලා එයාව අයිති කරගන්න යන්නේ නෑ ජැන්ග් හ්යුක්..හරියට ඔයාට ඔයාගේ ආදරේ අයිති කරගන්න බැරි උනහම එයාව මරලා දැම්මා වගේ..."
එතනට ආපු වෙලාවේ ජැන්ග් හ්යුක්ගේ ඇස්වල තිබුනේ හුග කාලයක ඉදන් හොයපු දෙයක් අන්තිමේදි තමන්ගෙ අතට ලැබුනහම ඇත්තටම ඒතමන්ට ඕනි වෙලා තිබුනු දේමද කියලා හිතන බැල්මක් කියලා මං කිව්වා මතකද...?
ඒත් හුස්ම පවා හිරකරගෙන නොසෙල්වී යුන්ගි දිහා අපේක්ශාවෙන් බලන් හිටපු ජැන්ග් හ්යුක්ගේ ඇස්වල දැන් තිබුනේ මුලින් තිබුනු ඒ බැල්ම නෙමෙයි.
ඇත්තටම ඒ තියෙන්නේ තමන්ට ඕනි වුනු දේ තමයි කියලා දැනගත්තට පස්සේ ඒ දේ තමන්ගෙ දෝතට ලැබෙනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කෙනෙක්ගේ බැල්මයි ඒ තිබුනේ.
එයා මෙච්චර කල් හෙව්වේ මේක..
ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද කියන ප්රශ්නෙට උත්තරය.
"අපි ආදරේ කරන කෙනා අපි ලග නැත්නම් දුකක්...වේදනාවක්...තනිකමක්...එයාව අයිති කරගන්න ඕනිකමක් දැනෙනවානම් ඒක තමයි ආදරේ...."
යුන්ගි කිව්වේ එයාගේ අත හෙමිහිට ජැන්ග් හ්යුක්ගේ ලේ තැවරුනු කමිසයේ පපුව මතින් තියමින්.
"ඒත්...අපි ආදරය කරන කෙනා අපේ ලග නැතත්...එයා වෙන තැනක හරි සතුටින්..හිනා වෙලා ඉන්නවා කියලා දැනගත්තම...මොන තරම් වේදනාවක් දැනුනත් අඩුම තරමේ එයා එක්ක එකම අහසක් යට ඉන්න එක ගැන හරි හිතලා සතුටු වෙනවානම්....අනිත් කෙනාගේ හිනාව වෙනුවෙන් තමන්ගේ හිනාව කැප කරන්න පුලුවන්නම් අන්න ඒක තමයි ඇත්තම ආදරේ කියන්නේ....."
"අපි දෙයක් අයිති කරගන්නේ මෙතන රිදෙනවට..තමන් ගැන තියෙන ආදරේ වෙනුවෙන්...."
යුන්ගි කිව්වේ ජැන්ග් හ්යුක්ගේ පපුව මත තියෙන තමන්ගේ අත පෙන්නමින්.
"ඒත් අපි දෙයක් අතාරින්නේ මෙතන රිදෙන බව දැන දැන.....ඒ අපිට අපි ගැන තියෙන ආදරේ නිසා නෙමෙයි...අනිත් කෙනා ගැන අපිට තියෙන ආදරය වෙනුවෙන්....!"
යුන්ගි එයාගේ අත ජැන්ග් හ්යුක්ගේ පපුවෙන් අයින් කරගත්තේ එයා දිහා බලලා ආයෙමත් ලස්සනට හිනා වෙන ගමන්.
ජැන්ග් හ්යුක් හිටියේ ලොකු කල්පනාවක..මෙච්චර කල් කරපු හැමදෙයකම හරි වැරැද්ද එයාට තේරෙන්න ගත්තේ යුන්ගිගේ ඒ වචන එක්ක.
ඇත්තටම ආදරේ කියන්නේ සතුටින් ඉන්න හැටි බලාගෙන ඉන්න බැරිව ජීවිතය උදුරගන්න එක නෙමෙයි සතුටින් ජීවත් වෙන්න උදව් කරන එක කියලා ජැන්ග් හ්යුක්ට තේරුනේ ඒ මොහොතේ.
"මට ඔයාව මරන්න ඕනි වුනා ජැන්ග් හ්යුක්...මගේ පවුල මට නැති කලාට මට ඔයාගෙන් පලි ගන්න ඕනි වුනා..ඒත් කලිනුත් මං කිව්වා වගේ...හොදම පලි ගැනීම තමයි සමාව දෙන එක.."
යුන්ගි කිව්වේ අඩියක් පිටිපස්සට යන ගමන්.
"ඒ නිසා මං ඔයාට සමාව දෙනවා හ්යුක්...!"
යුන්ගි මදහසක් මුව තියන් කියද්දි ජැන්ග් හ්යුක් ඔහු දිහා බැලුවේ.....වේදනාවෙන්.ඔව්..වේදනාවෙන්..ජැන්ග් හ්යුක්ගේ මූණේ තිබුනෙ වේදනාවක්...බලාපොරොත්තු නොවුනු කරුණාව ඉස්සරහ තමන් ගැනම ඇතිවුනු වේදනාවක්.
"මං ඔයාව මෙතනට එක්කගෙන ආවේ හේතුවක් ඇතිව...මට බය හිතුනා හේඩ්ස්වල හිටියොත් ඔයත් එක්ක මේ විදිහට කතා කරන්න මට බැරි වෙයි කියලා..ඒ නිසයි මං ඔයාව මෙතනට එක්කගෙන ආවේ....ඉතින් දැන් හැමදේම ඉවරයි..මං ඔයාට සමාව දුන්නා...ඒ වගේම මට විශ්වාසයි සියෝකිත් ඔයාට සමාව දෙයි කියලා..."
යුන්ගි එහෙම කියාගෙන බැලුවේ හෝසෝක්ගෙ දිහා..දෙපාරක් නොහිතම හෝසෝක් ඔව් කිව්වේ යුන්ගි ගැන ආඩම්බරයෙන්.
"මං හිතනවා ඔයාට සමාව දීපු එක ගැන මට කවදාවත් පසු තැවෙන්න වෙන එකක් නෑ කියලා...සතුටින් ඉන්න..."
එහෙම කියපු යුන්ගි ජැන්ග් හ්යුක් දිහා බලලා අන්තිම වතාවට හිනාවුනේ ජැන්ග් හ්යුක් එතනම ගල් ගැහිලා වගේ බලන් ඉද්දි.
යන්න හැරුනු හෝසෝක් බැලුවේ ආදරණීය හිනාවකින් තමන් දිහා බලාගෙන ඉන්න හෝසෝක් නිසා.
යුන්ගිට ඕනි වුනේ පූලුවන් තරම් ඉක්මනට හෝසෝක් ගාවට යන්න.
හැමදේකම අන්තිමේදි යුන්ගි නවතින්න ආසම තැන තමයි හෝසෝක්ගේ තුරුල..යුන්ගිව නිවන තැන.
ඒත් තවත් අඩියක් තියන්න කලින් යුන්ගි නතර වුනේ ජැන්ග් හ්යුක් යුන්ගිගේ අතකින් අල්ලාගනිද්දි.
ඒත් එක්කම හෝසෝක් වගේම අනිත් කට්ටියත් ඉස්සරහට ආවේ ජැන්ග් හ්යුක් එකපාරටම යුන්ගිගේ අතින් අල්ලගත්තු එක ගැන තිගැස්මෙන්.
ඒත් ජැන්ග් හ්යුක් දිහා කුතුහලයෙන් බලපු යුන්ගි ජැන්ග් හ්යුක්ගේ මූණේ කිසිම අනතුරුදායක බවක් දැක්කේ නෑ.ඒ වෙනුවට ජැන්ග් හ්යුක්ගේ මූණේ තිබුනේ හිනාවක්..
"තෑන්ක් යූ...!"
ජැන්ග් හ්යුක් කිව්වේ යුන්ගි දිහා ස්තූති පූර්වක බැල්මකින් බලමින්.
හෝසෝක් සැනසුම් සුසුමක් හෙලුවේ ජැන්ග් හ්යුක්ගෙන් යුන්ගිට අනතුරක් නෑ කියලා දැනගෙන.
ඒත්....
ඒ සැනසුම වැඩි වෙලාවක් තිබුනේ නෑ..
සීරෝ එකට පිටුපස ගස් අතරේ ඉදන් යුන්ගිගේ දිහාට තුවක්කුවක් යොමු කරගෙන ඉන්න කෙනාව මුලින් ම දැක්කේ ජීමින්.
"යුන්ගී..!!!!!!"
ජිමින් මහ හයියෙන් කෑ ගහගෙන යුන්ගිගේ ඉස්සරහට පනිනවත් එක්කම එයාලට පිටිපස්සෙන් මතු වුනේ කලු ඇදගත්තු කීප දෙනෙක්.හරියටම පස් දෙනෙක්.එතන ඉස්සරහම හිටියේ කන්ග් හා නෙවුල්.
හැමදේම වුනේ හරි ඉක්මනට..
යුන්ගි ජැන්ග් හ්යුක් දෙන්නා හිටියේ පර්වත බෑවුමේ කෙලවර.
ඒ දෙන්නම එකපාරටම ඇති වුනු කලබලයෙන් ගැස්සිලා ඉස්සරහ බලද්දි ජිමින් යුන්ගිගේ ඉස්සරහට පැන්නේ යුන්ගිව බිමට තල්ලු කරමින්.ඒත් එක්ක ම මුලු පරිසරයම වෙඩි හඩකින් ගිගුම් දෙද්දි එතැනට දුවගෙන එන ගමන් හිටපු හෝසෝක් හිටපු තැනම ගල් ගැහුනේ එයාගේ ඉස්සරහ තියෙන දසුන දැකලා..
යුන්ගිව බිමට තල්ලු කරලා යුන්ගි හිටපු තැනට ආපු ජිමින් හිටියේ එයාහේ එක අතකින් එයාහේ පපුව අල්ලගෙන..
ඒ ඇගිලි අතරින් ගලාගෙන එමින් තිබුනු ලේ පාර ජිමින්ගේ ලා නිල් පාට ශර්ට් එක රතු පාට කරමින් පහළට ගලා ගියේ දියපාරක් වගේ.
ඒ පහර දරාගන්න බැරිව ජීමින්ව පියවරක් පිටිපස්සට විසි වුනේ ඔහු නිලන්කාර වීගෙන යන ඇස්වලින් යුන්ගි දිහා බලද්දි.
යුන්ගිට කරදරයක් නෑ කියලා දැනගත්තට පස්සේ ජිමින් සැනසුම් සුසුමක් හෙලුවේ වේදනාවෙන් වුනත් යුන්ගි එක්ක හිනා වෙන ගමන්.
"ජිමීන්....!!!"
යුන්ගි මහ හඩින් කෑ ගහද්දි අනිත් හැමෝමත් ඒ දිහා බැලුවේ විසල් වුනු ඇස්වලින්..ඒත් එක්කම තවත් වෙඩි උණ්ඩයක් කන්ග් හා නෙවුල් ගේ පිස්තෝලයෙන් පිට වුනේ කාටවත් කිසි දෙයක් හිතාගන්න ඉඩක් නොතියා.
පර්වතය කෙළවරම උන්නු ජිමින්ගේඋරහිස පසාරු කරගෙන ගිය ඒ පාර ජිමින් අමාරුවෙන් පාලනය කරගෙන උන්නු සමබරතාවය එයාට අහිමි කරද්දි ජිමින් පිටිපස්සට බර වුනේ එයාගේ සිරුරේ ග්රහණය එයාගෙන් ගිලිහෙද්දි.
ඒත් එයා හිටියේ යුන්ගිව බේරගන්න ලැබුනු එක ගැන සතුටින්..
මොකද එයා ජීවිතය කැප කරලා හරි බේරගත්තේ එයා ආදරය කරපු කෙනාගේ සතුට..
හෝසෝක්ගේ සතුට..
හෝසෝක්ගේ ආදරේ..
කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිව බයෙන් විසල් කරගත්තු ඇස්වලින් තමන් දිහා බලන් උන්නු හෝසෝක් දිහා බලපු ජීමින්ගේ මූණේ ඒ වේදනාව මැද්දේ උනත් තිබුනේ ආදරණීය හිනාවක්...
ජිමින්ගේ දෙපාවල පණ සම්පූර්ණ නැති වෙලා යද්දි පහළට වැටෙන ඔහුගේ ඇස් අන්තිමට යොමු වුනේ බය බිරාන්ත වෙලා හිටපු ජැක්සන් දිහාවට...ජැක්සන්ගේ දිහා ලස්සන හිනාවකින් බලාගෙනම ඔහුගේ සිරුර පර්වතයෙන් පහළට නොපෙනී ගියේ හැමෝම මහ හඩින් කෑ ගහද්දි.
"ජිමීන්......!!!!!!!!"
ජැක්සන් විලාප දීගෙන පර්වතය කෙළවරට දුවද්දි හෝසෝක් ඊට ඉස්සරහින් දිව්වේ ජිමින්ව පර්වතය පහළින් ගලාගන ගිය සැඩ පහරට ඇද වැටෙන හැටි දැකලා ඔහුගේ හදවත නතර වෙනවා වගේ දැනෙද්දි.
ජැන්ග් හ්යුක් පියවි සිහියට ආවේ හෝසෝක් තමන්ගේ දිහාවට දුවගෙන එනවා දකිද්දි.
ඒත් එක්කම ඔහුගේ නෙත් යොමු වුනේ හෝසෝක්ගෙ පිටුපස්සට..
ජීවිතේ අපිට සමහර අවස්ථා ලැබෙනවා අපි කරපු වැරදි අපිට නිවැරදි කරගන්න ලැබෙන.ඒ මොහොතෙදි අපි ගන්න තීරණය අපි මුලු ජීවිතේම ගත්තු හැම තීරණයකටම වඩා වටින තීරණයක් කරගන්න එක තියෙන්නේ අපේ අතේ.
ඉතින් ජැන්ග් හ්යුක් ගත්තෙත් එයා කවදාවත් ම ගනියි කියලා නොහිතපු තීරණයක්.
මුලු ජීවිත කාලය ම වැරදි තීරණ ගත්තු ජැන්ග් හ්යුක් ඒ මොහොතේ ගත්තේ එයා ජීවිතේට ම ගත්තු නිවැරදි ම තීරණය කියලා එයාට විශ්වාසයි.
ජිමින් පර්වතයෙන් පහළට වැටෙනවත් එක්කම හෝසෝක් ජැන්ග් හ්යුක්ගේ ඉස්සරහට එද්දි කන්ග් හානෙවුල් එයාගේ තුවක්කුවේ එල්ලය හෝසෝක් දිහාට මානන හැටි ජැන්ග් හ්යුක් දැක්කා..
ජැන්ග් හ්යුක්ට එයා ආදරේ කරපු කෙනාට ජීවිතය දෙන්න බැරි උනා.ඒත් එයාට අවස්තාවක් ලැබුනා ඒ වැරැද්ද නිවැරදි කරන්න.
ඒ තමයි එයා ආදරේ කරපු කෙනාගේ පුතාට එයාගේ ආදරය පරිස්සම් කරලා දෙන එක.
හෝසෝක්ගේ උරහිසින් අල්ලලා එයාව තමන්ගෙ පැත්තට ඇදගත්තු ජැන්ග් හ්යුක් හෝසෝක්ව එයාගේ ශරීරයෙන් ආවරණය කරගත්තේ එයාව තමන්ගේ පිටිපස්සට කරගනිමින්.
ඒත් එක්කම කන්ග් හානෙවුල්ගේ තුවක්කුවෙන් එකදිගට පිටවුනු වෙඩි උණ්ඩ තුනක් ජැන්ග් හ්යුක්ගේ උඩුකය පසාරු කරගෙන පපුව හරහා ගියේ යුන්ගිගේ වගේ ම හෝසෝක්ගෙත් ඇස් ලොකු වෙද්දි.
පර්වතය කෙළවර හිටපු ජැක්සන් පහළ දිය කදේ නොපෙනී ගිය ජිමින්ගේ සිරුර දිහා බලා ඉදලා හානෙවුල් දිහාට හැරුනේ උමතුවෙන් වගෙ.
වියරු වැටුණු රතු ඇස්වලින් කදුලු ගලාගෙන යද්දි ජැක්සන්ගේ අතේ තිබුනු පිස්තෝලයෙන් කන්ග් හානුවෙල්ගේ නලලට වෙඩි තියාගෙන තියාගෙන ගියේ ජැන්ග් හ්යුක් හෝසෝක්ව බේරගත්තු හැටි දැකලා පුදුම වෙලා වගේ හිටපු හානෙවුල්ගෙ හිස පුපුරලා ගිහින් ඔහුගේ මලකද බිමට ඇද වැටෙද්දි..
සීරෝ එකේ අනෙක් අයට වෙඩි තියමින් උන්නු අනිත් පස් දෙනත් සීරෝ එකේ අයගේ වෙඩි පහර කාලා මැරිලා වැටෙද්දි හෝසෝක්ට බර වෙලා හිටපු ජැන්ග් හ්යුක්ගේ සිරුර පණ නැති වෙලා ගියේ ඔහුවත් බිමට ඇද වැටෙද්දි.
හෝසෝක් ජැන්ග් හ්යුක් ගාව දණ නමාගත්තේ ජැන්ග් හ්යුක් තමන්ව බේරගත්තු එක ගැන හිතාගන්න බැරිව.
මේ හැමදෙයක්ම වෙන්න ගියේ විනාඩියකටත් වඩා අඩු කාලයක්..හැමදේම වුනේ හිතාගන්නත් බැරි තරම් ඉක්මනට.
වෙව්ලන දෙපාවලින් නැගිටපු යූන්ගි අමාරුවෙන් ජැන්ග් හ්යුක්ගේ ලගට ඇවිත් හෝසෝක්ගේ ලගින් දණ ගහගත්තේ ජීමින් තමන්ව බේරගන්න ගිහින් පර්වතයෙන් පහළට වැටෙන හැටි ඔහුගේ ඇස් ඉස්සරහ හොල්මන් කරද්දි.
යුන්ගිගේ විතරක් නෙමෙයි හෝසෝක්ගේත් ඇස්වලින් කදුලු ගංගාවක් වගේ ගලාගෙන ගියේ හුස්ම ගන්න එක පවා ඔවුන්ට අමතක වෙද්දි.
ජැක්සන් වගේම තවත් කීප දෙනෙක් එතනින් පිට වෙලා යන හැටි එයාලට ඇහුනා..හෝසෝක්ටයි යුන්ගිටයිත් එයාලට එකතු වෙන්න ඕනි වුනා.
එයාලගේ ජිමින්ව හොයන්න...ජිමින්...
ජිමින් එයාලට කොච්චර වටිනවද කියලා එයාලට තේරුනේ ජිමින් කන්දෙන් පහලට ඇදගෙන වැටුනු ඒ මොහොතේදි.
එයාලට ඕනි වුනේ ජීමින්ව...
එයාලගේ ජිමින්ව...
ඒත්..
තමන්ව බේරගත්තු කෙනාව එතන දාලා යන්න හෝසෝක්ට ඉඩ දුන්නේ නෑ..එයා තමන්ව බේරගත්තේ ඇයි කියලා හෝසෝක්ට දැනගන්න ඕනි වුනා.
"ඇයී...??????!!"
හෝසෝක් කෑ ගැහුවේ මහ හඩින් අඩන යුන්ගිව එයාගේ සිරුරට වත්තම් කරගන්න ගමන්.
"ඇයි ජැන්ග් හ්යුක්..!!!! ඇයී..??!!!!!"
"ම්..මං ආදරේ කරපු කෙනාගේ සතුට එ..එයාට දෙන්න මට බැරි ව්..වුනා...ඒත්...ඒත් මං ඒ කරපු වරදට වන්දි ගෙවන්න අවස්තාවක් අද මට ලැබුනා හෝසෝක්...එයා වෙනුවෙන්...එයා වෙනුවෙන් එයාගේ පුතාගේ ආ..ආදරේ..යූන්ගිගේ සතුට පරිස්සම් කරලා දෙන්න ම්..මට පුලුවන් වුනා...."
ජැන්ග් හ්යුක් ලේ ගලාගෙන යන මුවින් කිව්වේ අමාරුවෙන්.ඔහුගේ හුස්ම එන්න එන්නම දුර්වල වුනේ ඔහුගේ මූණ වේදනාවෙන් පිරෙද්දි.
"ඔ..ඔයා ජීවත් ව්..වෙන්න ඕනි..! ය්..යුන්ගි වෙනුවෙන්...ඔයා ඉන්න ඕනි...!"
හෝසෝක් ජැන්ග් හ්යුක් දිහා බලාගෙන හිටියේ කදුලු ගලන ඇස්වලින්.ජැන්ග් හ්යුක්ගේ වේදනාව ඒ තරම් හොදට පෙනිලත් හෝසෝක්ට කිසිම සතුටක් දැනුනේ නෑ..ඒ වෙනුවට එයාගේ ඇස්වලින් ගලන කදුලුවලට ජැන්ග් හ්යුක් වෙනුවෙනුත් කදුලු එකතු වුනේ ඔහුගේ හදවතත් රිදුම් දෙද්දි.
ජැන්ග් හ්යුක්ගේ නෙත් ඊගාවට යොමු වුනේ අඩමින් උන්නු යුන්ගි දිහාවට..ජැන්ග් හ්යුක් යුන්ගිගේ එක අතක් මතින් එයාගේ ලේ තැවරුනු අතක් තිබ්බේ අපහසුවෙන්.
"ඔ...ඔයා දන්නවද...ම්..මට ඔයාව ම්..මරන්න බැරි වුනේ ඇයි කියලා....?!"
යුන්ගි හිස දෙපසට කළේ වචනයක් කියන්නවත් එයාට පණ නැති වෙද්දි.
"ම්..මොකද...ම්..මොකද ඔයාට ති..තියෙන්නේ එයාගේ ඇස්...මං ආ..ආදරේ ක්..කරපු ඒ ඇස්.."
ජැන්ග් හ්යුක් අමාරුවෙන් හුස්මක් ඉහළට් ඇද්දේ ඒ ඔහුගේ අවසන් තප්පර කීපය බව දැනගෙන.
ජැන්ග් හ්යුක්ගේ මූණේ ඒ වේදනාව මැද්දේ උනත් ඇදුනේ ලස්සන හිනාවක්.
"ඔ..ඔයාට ත්..තියෙන්නේ...ඔ..ඔයාගේ තාත්තාගේ ඇස්...!"
ඒ වචනත් එක්ක යුන්ගි ගල් ගැහුනේ ජැන්ග් හ්යුක් ආයෙමත් අපහසුවෙන් හුස්මක් ගනිද්දි.
"ත්.තාත්තාගේ...???!"
යුන්ගි මිමිනුවේ ඒ ඇහුනු දේ විශ්වාස කරගන්න බැරිව.
"ඔ..ඔව්...මං..මං ආදරේ කළේ ස්..සුහාට න්..නෙමෙයි...ඔයාගේ ත්..තාත්තාට ය්..යුන්ගි..මං ආදරේ කළේ.. ස්...සොන්හ්යොන්ට...!"
ඒත් එක්කම ජැන්ග් හ්යුක්ගේ ඇස් පියවුනේ ඔහුගේ අතින් යුන්ගිගෙ අත ගිලිහෙද්දි.
"ම්...මං..කරපු දේවල්වලට ම්..මට ස්..සමාවෙන්න...!"
"මං...මං...ඔ..ඔයාට ආ..ආදරෙයි.........ප්..පුතා...!"
ජැන්ග් හ්යුක්ගේ හුස්ම නවතින්න කලින් යුන්ගිට අන්තිමට ඇහුනේ ඒ වචන ටික.
ඒත් එක්කම මුලු පරිසරයම නතර වුනේ යුන්ගි නිහඩවම හෝසෝක්ගේ තුරුලට කඩා වැටෙද්දි.
හැමදේකම අවසානය ඒ විදිහට ලියවුනේ පලිගැනීම සහ ආදරය කියන දෙක ලගදි ඔවුන් තෝරගත්තු මාර්ගය අනුව ඒ හැමෝගෙම ඉරණම් ඒ විදිහට ලියවෙද්දි.
සතුට....
ඒක ගොඩක් දුරයි..
හැම අවසානයකම දුකක් තියනවාමයි.
ඒත් සතුට හොයාගෙන යන ගමනෙදි ආදරණීයන්ගේ අහිමිවීම් එක්ක දුක දරාගන්න එක හිතාගන්න බැරි තරම් අමාරුයි..
ඒත් ජීවිතය එහෙමයි...
හැම සතුටකටම දුක උරුමයි.....
____________________________________
19/08/2022
( 4668 Words)
මං මේ මගේ මල ගෙදර වැඩකටයුතු ලෑස්ති කරනවා...⚰️🙂💔
ඒක නෙමෙයි..ජැන්ග් හ්යුක් ආදරේ කළේ මින් සොන්හ්යොන්ට කියලා ඔයාලා දැනගෙන හිටියද..?
මං ඒකට ඔයාලට ඉගියක් දුන්නා.මතකද අර හීනේ.බීච් එකේ හීනේ..
ඒ හීනේ දැක්කේ ජැන්ග් හ්යුක්.ඒකට මං දීපු ඉගිය තමයි ජැන්ග් හ්යුක්ගේ ඇදරෙදිවල පාටයි ෆෑන් එකයි.
හීනේ දැකපු කෙනා නැහිටපු ගමන් එයාගේ නිල් පාට පෙරවනය තදින් අල්ලාගත්තා කියලා මං කිව්වා.ඒ වගේම එයා ෆෑන් එක දිහා බලපු එකත් කිව්වා..
ජැන්ග් හ්යූක් හිටපු හොස්පිටල් රූම් එකේ තියෙන්නෙත් නිල් පාට ඇද රෙදියි,ෆෑන් එකකුයි කියලා තවත් තැනක මං කිව්වා..කන්ග් හානෙවුල් ජැන්ග් හ්යුක්ව එක්ක යන්න ආපු වෙලේ..🙂
හරි එහෙනම්...🙂
මෙතනින් පස්සේ මොකද වුනේ කියලා හෙට කියන්නම්.
ඔක්කොම එකපාර දෙන්න බැ කියලා හිතුනා..👹️
හෙට Finale එකෙන් හම්බෙමු.
බායි..😘
ආදරෙයි....💙
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top