Chapter 49 ( Part 02 )
____________________________________
You don't protect your heart
by acting like
you don't have one.
____________________________________
සීරෝ කියන්නේ කොරියාවේ තියන බලවත්ම මාෆියා කල්ලිය කියන එක නොදන්න කෙනෙක් නොහිටිය තරම්.ඒ තරමටම සීරෝ එකේ අයගේ බලය මුලු රටේම විතරක් නෙමෙයි රටෙන් එලියෙත් විහිදිලයි තිබුනේ..
ඒත් ඒ අතරින් සීරෝ එකේ ඇත්තම බලය හරියටම දැකපු අය හිටියේ බොහොම ටික දෙනයි.
ජැන්ග් හ්‍යුක් කියන්නේ ඒ ටික දෙනාගෙන් එක්කෙනෙක්.හේඩ්ස්වලට පය ගහපු මොහොතේ ඉදන් ජැන්ග් හ්‍යුක් තේරුම් ගත්තු එක දෙයක් තිබුනනම් ඒ තමයි සීරෝ කියන්නේ මිනිස්සු හිතාගෙන ඉන්නවට වඩා සිය දහස් ගුණයකින් භයානක දෙයක් කියන එක.
ඒත් ජැන්ග් හ්‍යුක් කියන්නේත් මාෆියා පවුලකින් පැවතගෙන එන කෙනෙක්.මාෆියා නායකයෙක්..ජේහෝප් තරම් බලවත් නැතත් රෙඩ් ඊගල්ස් කල්ලිය මෙහෙයවපු බලවත් නායකයෙක්.
තමන්ගේ හිරකාරයාගේ වේදනාව තමයි මාෆියා නායකයෙක්ගේ සතුට කියලා ජැන්ග් හ්‍යුක් හොදටම දන්නේ ඔහුත් ඒ අත්දැකිම විදපු කෙනෙක් නිසා.
ඒ නිසාමයි ජේහෝප් මොන දේ කළත් ජැන්ග් හ්‍යුක් ඔහුගේ වේදනාව ජේහෝප්ට පෙනෙන්න නොදුන්නේ.තමන්ගේ වේදනාව පෙන්නලා ජේහෝප්ව සතුටු කරනවට වඩා හැම වේදනාවක්ම දරාගෙන මැරිලා ගියත් කමක් නෑ කියන මතයෙයි ජැන්ග් හ්‍යුක් හිටියේ.
"වෙල්කම් ටු හේඩ්ස්...!!"
හේඩ්ස් වල තිබුනු කලුපාට අදුරු ශාලාවක් අස්සේ බිම දනින් වැටිලා උන්නු ජැන්ග් හ්‍යුක්ගේ ඇස්වල තිබුනේ හැමදාම තිබුනු අර අහංකාර බැල්මමයි...
තමන්ගේ ඉස්සරහ රාජකීය පුටුවක වාඩි වෙලා තමන් දිහා බලාගෙන හෝසෝක් ඔහුව පිලිගනිද්දි පැලිලා ලේ ගලන තොල්වලින් සමච්චල් සහගත හිනාවක් දෙන්න ජැන්ග් හ්‍යුක් අමතක කළේ නෑ.
මොකද තමන් මොන තත්වෙක හිටියත් මාෆියා නායකයෙක් පණ වගේ ආරක්ෂා කරන වැදගත්ම දේ තමයි එයාගේ තත්ත්වය.
"කෝ ජේහෝප්...ඔයාගේ අමුත්තට වෙල්කම් හග් එකක් නැද්ද..!?"
හෝසෝක්ගේ දෙපාමුල දණ ගහගෙන ඉන්න ගමනුත් ජැන්ග් හ්‍යුක් කතා කළේ පුදුමාකාර අහන්කාරකමකින්.
"හග් කරන්න තිබුනා ජැන්ග් හ්‍යුක් ඔයා මගේ අත් දෙක මට්ටමේවත් හිටියනම්..."
හෝසෝක් කිව්වේ කකුලක් පිට කකුලක් දාගෙන තවත් සුවපහසුවට වාඩි වෙන ගමන්.
"ඒත් මොකක් කරන්නද....ඔයා ඉන්නේ මගේ කකුල් දෙක ලග...!"
හෝසෝක් සමච්චලයට හිනා වෙන ගමන් කියද්දි ඒක තමන්ව අපහසුතාවයට පත් කරන්න ඔහු කියපු දෙයක් බව තේරුම් ගන්න ජැන්ග් හ්‍යුක්ට බැරි උනේ නෑ.
ඒත් ජැන්ග් හ්‍යුක් කියන්නෙත් ලේසියෙන් සෙල්ලම අතාරින කෙනෙක් නෙමෙයි.
"වැඩිය සතුටු වෙන්න එපා...අද මං තමුන්ගේ දෙපා මුල හිටියට....හෙට තමුන් කාගේ දෙපා මුල ඉදියිද කියලා කවුද දන්නේ..?!"
ජැන්ග් හ්‍යුක් ඔහුගේ ලේ තැවරුණු මූණ හෝසොක් දිහාවට හැරෙව්වේ ඒ ඇර වෙන කරන්න දෙයක් ඔහුට නොතිබුනු නිසා..මොකද ඔහුගේ දෙපා වගේම දෑතුත් හොලවන්නවත් බැරි තරමටම තදින් ගැට ගහලයි තිබුනේ.
ජැන්ග් හ්‍යුක් එහෙම කියපු ගමන්ම හෝසෝක් මහ හඩින් හිනා වෙන්න ගත්තේ ලොකු විහිලුවක් ඇහිලා වගේ..
හිනාවෙන ගමන්ම හෝසෝක් ජෑන්ග් හ්‍යුක් දිහා බැලුවේ ඉස්සරහට නැමිලා එක අතක් දණහිස මත තියලා ඒ අතේ අත්ල මතින් ඔහුගේ නිකට තියාගන්න ගමන්.
"හෙට මං කාගේ දෙපා මුල හිටියත් ඒ තමුන්ගේ දෙපා මුල නෙමෙයි කියලානම් මට විශ්වාසයි ජැන්ග් හ්‍යුක්...මොකද තමුන්ගේ කතාව හෙට වෙනකම් තියෙන කතාවක් නෙමෙයි..ජැන්ග් හ්‍යුක්ගෙ මුලු ජීවිත කතාවම අද දවසෙන් ඉවර වෙනවා කියලා මට විශ්වාසයි.....!!!"
ජැන්ග් හ්‍යුක් හිනා වුනේ හෝසෝක්ට නොදෙවනි විදිහට.
"ඒ කියන්නේ තමුසේ අද මාව මරන්නයි යන්නේ...!"
ජැන්ග් හ්‍යුක්ට තිගැස්මක් නොදැනුනා නෙමෙයි..ඒත් ඒ වෙන හැමදේකම මොකක් හරි අමුත්තක් එයාට දැනුනා.හරියට හෝසෝක් වැඩ කරන්නේ ජේහෝප් විදිහට නෙමෙයි වගේ.
මොකද ජැන්ග් හ්‍යුක් හේඩ්ස්වලදි ඇස් ඇරපු පළවෙනි තප්පරේම බලාපොරොත්තු වුනේ යකෙක් වගේ තමන්ගේ ඇගට කඩා පනින්න බලාගෙන ඉන්න හෝසෝක් කෙනෙක්ව.ඒත් ඒ වෙනුවට ඔහුට දකින්න ලැබුනේ හරිම සන්සුන් බැල්මකින් ඔහු හිටපු කුටියේ දොර ගාවට වෙලා ඔහු දිහා බලාගෙන ඉදලා හැරිලා ගියපු හෝසෝක්ව.
හේඩ්ස් ආරක්ශකයින්ගේ පහරදීම් ඇරෙන්න හෝසෝක්ගෙන් එකම පහරක්වත් ජැන්ග් හ්‍යුක්ට ලැබුනේ නෑ.අඩුම තරමේ ඒ මොහොතෙ ඉදන් මේ ශාලවට එක්කගෙන එන මොහොත දක්වා පැය් කීපය ඇතුළත ඔහුට හෝසෝක්ව දකින්නවත් ලැබුනේ නෑ.
ඇත්තටම ඒක අමුතුයි.රෙඩ් ඊගල්ස් සහ සීරෝ එක කියන්නේ ඉහළම මට්ටමේ සතුරන්.ඒ වගේමයි ඒ දෙකේ නායකයන් වුනු ජේහෝප් සහ ජැන්ග් හ්‍යුක් දෙන්නත්..අනිකාගේ බෙල්ල කඩන්නේ කොයි වෙලෙද කියලා බලාගෙන ඉන්න එහෙම දෙන්නෙක්ගේ එක්කෙනෙක් මේ විදිහට හැසිරෙන එක අනිත් කෙනාට ගැටලු සහගත වෙන එක පුදුමයක් නෙමෙයි.
ඒත් ඒකට උත්තරය ජැන්ග් හ්‍යුක්ට ලැබෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
"මගේ මේ අත් දෙකේ තමුසෙගේ ලේ ගාගන්න මං කොච්චර ආස උනත් අමාරුවෙන් හරි මට ඒ අදහස අත් ඇරගන්න සිද්ධ වෙනවා හ්‍යුක්...."
හෝසෝක් කිව්වේ ලොකු හුස්මක් අරගන්න ගමන් කකුල් දෙක පාත දමමින්.
"මොකද තමුසෙව අල්ලගන්නත් කලින් ඉදන්ම තමුසෙව මරන චාන්ස් එක වෙන කෙනෙක් මගෙන් ඉල්ලගෙනයි තිබුනේ....!"
හෝසෝක් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ අත පය හිරි ඇරගන්න ගමන්.
ඒත් ජැන්ග් හ්‍යුක්ගේ ඔලුවේ තිබුනේ හෝසෝක්ටත්වඩා ආසාවෙන් එයාව මරන්න බලාගෙන ඉන්න කෙනා කවුද කියලා...
"අවංකවම කිව්වොත්....."
හෝසෝක් ජැන්ග් හ්‍යුක් ගාවට එන ගමන් කිව්වේ අත් දෙක සාක්කුවට ඔබාගන්න ගමන්.
"තමුසේ අද ඉවරයි...!!!"
හෝසෝක් කට කොනින් හිනා වී ගෙන එහෙම කියද්දිම ඔවුන් හිටපු ශාලාවේ දොර විවර වුනේ දත්මිටි කමින් හිටපු ජැන්ග් හ්‍යුක්ගේ අවදානයත් ඒ පැත්තට ගනිමින්.
විවර වුණු දොරෙන් ඇතුළට ආපු ඩෙනිම් කලිසමකිනුයි සුදු පාට ෆියර් ඔෆ් ගෝඩ් ටීශර්ට් එකකිනුයි සැරසුනු තරුණයා මොහොතක් නතර වෙලා බලාගෙන හිටියේ ඔහු දිහාට හැරිලා උන්නු දෙන්නා දිහා.
ජැන්ග් හ්‍යුක් හැගීම් විරහිත මුහුණකින් ඔහු දිහා බලද්දි හෝසෝක් ඔහු එක්ක හිනා වුනේ තමන් ලගට එන්න කියලා අතින් ඔහුට සන් කරමින්.
ජැන්ග් හ්‍යුක්ට කිසිම අවධානයක් නොදුන්නු ඔහු ඉදිරියට ඇදුනේ හෝසෝක් දිහාම බලාගෙන.ඔහු හෝසෝක් ඉදිරියට ඇවිත් නතර වෙද්දි හෝසෝක් ඔහුගේ පිටුපසින් අත යවමින් ඔහුව තමන් ලගට කිට්ටු කරගත්තේ ජැන්ග් හ්‍යුක් ඒ හැමදේම හොදින් බලාගෙන ඉද්දි.
"නිකෝ බේබී..."
හෝසෝක් කියද්දි ඔහුගේ සමීපයේ උන්නු යූන්ගි හිරකරගෙන උන්නු ලොකු හුස්මක් පහත දැම්මේ හෝසෝක්ගේ හඩ ඇහෙනවත් එක්කම ඔහුගේ හිත සන්සුන් වෙද්දි.
ඒත් ඒ සැනසුම වැඩි වෙලාවක් තිබුනේ නෑ.
යුන්ගිගේ සන්සුන්කම තප්පරෙන් නැති වෙලා ගියේ ජැන්ග් හ්‍යුක්ගේ මුවින් සමච්චල් හිනාවක් පිට වෙද්දි.
"එතකොට මේ මාව මරන්න මග බලාගෙන ඉන්නවා කියපු මහා භයානක කෙනා මේ මල් කොල්ලද ජේහෝප්....!!!"
ජැන්ග් හ්‍යුක් හිනා වෙවී ඇහුවේ හිනා වෙද්දි රිදුම් දෙන තොල් ගැනවත් ගානක් නැතිව.
හෝසෝක්ගේ මූණේ තිබුනු හිනාව නැති වෙලා ගිහින් ඔහු ජැන්ග් හ්‍යුක් දිහා තර්ජනාත්මක බැල්මක් හෙලද්දි යුන්ගි මොහොතකට දෙනෙත් පියාගත්තේ ජැන්ග් හ්‍යුක්ගේ කටහඩ ඇහෙද්දි පවා ඔහුගේ සිරුර අස්සේ උතුරන කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරමින්.
"තමුසේ හොදටම දන්නවා යූන්ගි කියන්නේ කවුද කියලා...!"
යුන්ගිගේ සිරුර වටේ තිබුනු අතේ ග්‍රහණය දැඩි කරන ගමන් හෝසෝක් මිමිනුවේ තර්ජනාත්මක හඩකින්.
"මොකද්ද...යුන්ගි කියන්නේ තමන්ගේ කියන හැමෝවම මරාගත්තු කාලකණ්නියෙක් කියන එකද...!!"
ජැන්ග් හ්‍යුක් කිව්වේ කලින් වගේ සමච්චලේට නෙමෙයි..ලොකු ආත්ම විශ්වාසයකින්.ඔහුගේ මුහුණේ තිබුනේ නපුරු බැල්මක්.
මොකද යූන්ගි කියන්නේ වචනවලින් වට්ටන්න ලේසි කෙනෙක් කියලා ජැන්ග් හ්‍යුක් දැනගෙන හිටියා....ඒ නැතත්....ජැන්ග් හ්‍යුක් හිතුවේ එහෙමයි.
ඒ වචනත් එක්ක හෝසෝක්ගේ මෙච්චර වෙලා තිබුනු සන්සුන්කම නැත්තටම නැති වෙලා ගියෙ ඔහු කේන්තියෙන් වෙව්ලද්දි.
"මොකක්ද උඹ කිව්වේ....!!!!"
හෝසෝක් දත්මිටි කාගෙන ඇහුවේ ජැන්ග් හ්‍යුක් ලගට යන්න ඉදිරියට අඩියක් තියන ගමන්.
ඒ උනත් ඔහු එතැනම නතර වුනේ යුන්ගිගේ උණුසුම් අතක් ඔහුගේ අත තද කරලා අල්ලාගනිද්දි.
තාමත් ජැන්ග් හ්‍යුක් දිහා නොබලා හෝසෝක් දිහාම බලාගෙන උන්නු යුන්ගිගෙ නෙත්වල තිබුනේ හෝසෝක්ට ඉවසන්න කියනවා වගේ බැල්මක්.
"ඇයි...?? මං බොරුද කියන්නේ....???!"
යුන්ගිගෙනුයි හෝසෝක්ගෙනුයි දෙන්නගෙන් ම පිලිතුරක් නැති වෙද්දි කට කොනින් හිනාවක් දාපු ජැන්ග් හ්‍යුක් ආයෙමත් කතා කරන්න ගත්තේ ජැන්ග් හ්‍යුක්ව මරන්න වගේ ඔහු දිහා බලන් උන්නු හෝසෝක් දිහා උපහාසයෙන් බලමින්.
"මුලින් ම එයා තමන්ගේ අම්මව මරාගත්තා..ඊට පස්සේ තාත්තායි එයාව හදාගත්තු අම්මයි මැරිලා ගියා..අන්තිමට මහලොකු අයියත් එයාගේ ප්‍රේමවන්තයාගේ අතින් ම මැරුනා...ඉතින් ඒක මිස්ටර් යුන්ගිගේ කාලකණ්නිකම නෙමෙයිද...?!"
හෝසෝක් ජැන්ග් හ්‍යුක්ගේ වචන අහගෙන හිටියේ ඔහුව ගිනි ගන්නවා වගේ දැනෙද්දි.
පුපුරන්න ඔන්න මෙන්න තියන ගිනි කන්දක් වගේ හෝසෝක් කේන්තියෙන් රතු වෙද්දි ජැන්ග් හ්‍යුක් ඇස් කොනින් යුන්ගි දිහා බැලුවේ යුන්ගි මානසිකව කඩා වැටෙන හැටි දකින අරමුණෙන්.
ඒ වුනත් වුනේ එයාවත් හෝසෝක්වත් බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි.
හෙමිහිට හෝසෝක්ගෙ අත අත් ඇරපු යුන්ගි හෝසෝක්ගේ තුරුලෙන් ඈත් වෙලා ජැන්ග් හ්‍යුක් පැත්තට හැරුනේ සිහින් ඇස්වලින් ජැන්ග් හ්‍යුක් දිහා බලමින්.
ටික වෙලාවක් එහෙමම බලාගෙන හිටපු යුන්ගි හෙමිහිට ඔලුව ඇල කරලා ජැන්ග් හ්‍යුක් දිහා බැලුවේ ඔහුගේ මුවේ සමච්චල් හිනාවක් ඇදෙද්දි.
"වාව් ජැන්ග් හ්‍යුක්..වාව්...!!!"
යුන්ගි අත්පුඩියකුත් ගැහුවේ හිස දෙපසට වනන ගමන්.
"ඔයා තමයි හෙනම පොර වගේ කතාව නේද...?! ඒ උනාට මූණේ තියන තමන්ගේ ලේ ටික පිහිදගන්නවත් විදිහක් නෑ..ඒ තරමටම හිර වෙලා ඉන්නේ...!"
උන්මත්තකයෙක් වගේ තමන් දිහා බලාගෙන ඉන්න යුන්ගි දිහා ජැන්ග් හ්‍යුක් බැලුවේ පුදුමයෙන් වගේ..
අඩා වැටෙන යුන්ගි කෙනෙක් බලන්න බලාගෙන හිටපු ඔහුට ඒ දකින්න ලැබුණු යුන්ගි අරුමයක්.
"තමුසේ හිතන්නේ මං නිසා මගෙ පවුලේ අය මැරුනා කිව්වම මං මෙතන දහ අට පාලිය නටයි කියලද......ආහ්..??!"
යුන්ගි කිව්වෙ හෙමිහිට ජැන්ග් හ්‍යුක්ට ලන් වෙන ගමන්.
යුන්ගිගේ කලු පාට බූට්ස් ටයිල් පොළොවේ වැදෙන හඩ ජැන්ග් හ්‍යුක්ට වැඩි පුරත් එක්ක ඇහුනේ ඔහු බිම දණගහගෙන හිටපු නිසා වෙන්න ඇති.
ජැන්ග් හ්‍යුක් ලගම නැවතුනු යුන්ගි දිහා ජැන්ග් හ්‍යුක් බැලුවේ බෙල්ල ඉහලට ඔසවලා.
"තමුසේ වගේ කාලකණ්නියෙක්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..!"
ජැන්ග් හ්‍යුක් කිව්වේ මොන දේ උනත් යුන්ගිට සෙකන්ඩ් වෙන එක එයාගෙ ප්ලෑන් එකේ කොටසක් නොවුනු නිසා.
"ම්ම්ම්...ඒ කතාවත් නරකම නෑ...!"
යුන්ගි කිව්වෙ කල්පනා කරමින් වගේ.ඒත් ඔහුගේ මූණට ආයෙමත් අර පල් හිනාව එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
"ඒත් එහෙම බැලුවොත් මෙතන ඉන්න ලොකුම කාලකණ්නියා මං නෙමෙයි..තමුසේ...!"
යුන්ගිගේ ගැඹුරු හඩ ඒ වාක්‍ය අන්තිමේදි උස් වුනේ එතන හිටපු හැමෝටම ඒ හඩ ඇහෙන විදිහට.
"මොකද කවුරු මැරුණත් අන්තිමේදි මට මගේ ආදරේ හම්බුනා...ඒ උනත් තමුසෙට..."
යුන්ගි ජැන්ග් හ්‍යුක්ගේ මූණට එබුනේ රකුසු බැල්මකින්.
"ඒත් තමුසෙට තමුසෙගේ කියන්න කාත් කවුරුවත් ඉතුරු වෙලත් නෑ...ආදරේ කරපු කෙනත් නෑ....!"
ජැන්ග් හ්‍යුක්ගේ ඇහිපිය පවා වෙව්ලන්න ගත්තේ කේන්තියෙන්.
"ඉතින් කවුද මෙතන කාලකණ්නියා...?! ආදරේ අයිතිකරගත්තු මන්ද..නැත්නම් ආදරේ මරාගත්තු තමුසෙද...!!"
හෝසෝක් යූන්ගි දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ..පූස් පැටියෙක් වගේ ඉන්න කොල්ලා එකපාරටම කොටියෙක් වගේ උනාම කාටද පුලුවන් ඒකට වශී නොවී ඉන්න.ඊටත් වඩා යූන්ගිගේ මූණේ තිබුනු උමතු බැල්ම....ඒක හෝසෝක්ව සම්පූර්ණයෙන් ම පිස්සෙක් කරන්න පටන් අරගෙනයි තිබ්බේ.
"මින් යූන්ගී....!!!!"
ජැන්ග් හ්‍යුක් මහ හඩින් කෑ ගැහුවේ යුන්ගිගේ වචනත් එක්ක ඔහුගේ ඉවසීම නැත්තටම නැති වෙලා යද්දි.ඒත් යුන්ගි නෙමෙයි ඒ කෑ ගැහිල්ලට දශමයක්වත් බය වුනේ..ඒ වෙනුවට ජැන්ග් හ්‍යුක් ඉදිරියෙන් ම හිටගත්තු යුන්ගි ජැන්ග් හ්‍යුක්ගේ අවුල් වුනු හිසකෙස්වලින් අල්ලලා ඔහුගේ හිස ඉහළට එසෙව්වේ අනිත් හැමෝම විමතියෙන් ඒ දසුනදිහා බලන් ඉද්දි.
"මින් යුන්ගි තමයි...!! ඇයි උඹ මොකක් කරන්නද මට...???!!"
යුන්ගිගේ මුවින් සිහින් ගෙරවුමක් වගේ ඒ වචන පිටවෙද්දි යුන්ගිගේ ඇගිලි ජැන්ග් හ්‍යුක්ගේ කොණ්ඩේ වටේ තවත් තද වෙන්න ගත්තේ ජැන්ග් හ්‍යුක්ගේ මුලු හිසම ඒ ග්‍රහණය නිසා රිදුම් දෙද්දි.
"තමුසෙට දැන් කරන්න පුලුවන් මගුලක් නෑ ජැන්ග් හ්‍යුක්...තමුසේ දැන් නිකන්ම නිකමෙක්...!!"
යුන්ගිගේ වචනවලින් දෝරෙ ගලන වෛරය අදුරගත්තු ඕනි කෙනෙක්ට තේරෙනවා ජැන්ග් හ්‍යුක්ට ලේසියෙන් යුන්ගිගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ කියලා.එතන හිටපු හැමෝටම ජැන්ග් හ්‍යුක්ගෙන් පලිගන්න ලොකු උවමනාවක් තිබුනා.
විශේෂයෙන් ම හෝසෝක්ට..ඒත් එයා මේ දේ මැද්දට මැදිහත් නොවුනේ එයා ජැන්ග් හ්‍යුක්ගේ සම්පූර්ණ වගකීමම යුන්ගිට දුන්නු නිසා..ජැන්ග් හ්‍යුක්ට මොන දේ කලත් ඒ දේ තීරණය කරන අයිතිය හෝසෝක් යුන්ගිට දීලයි තිබුනේ.
ඒ නිසයි හෝසෝක් පැත්තක ඉදන් මේ හැමදේම දිහා ආඩම්බර බැල්මකින් බලාගෙන නිහඩව හිටියේ.
"දෙකට ගනින්න බැරිව වගේ හිටපු උබට කොහෙන්ද එකපාරටම මෙහෙම හයියක් ආවේ...?!"
ජැන්ග් හ්‍යුක් හෙමිහිට මිමිනුවේ යුන්ගිගේ මූණේ මොනවා හරි හොයනවා වගේ කුතුහලයකින් යුන්ගි දිහා බලමින්.
ජැන්ග් හ්‍යුක්ගෙ කොණ්ඩේ අත් ඇරපු යුන්ගි ලාවට හිනා වුනෙ ජැන්ග් හ්‍යුක්ගේ ඉස්සරහ ඉදන් ඔහුගේ වම් පැත්තට ඇවිදගෙන යන ගමන්.
"පේන්න තියෙන ගොඩාක් දේවල්වල හැන්ගිලා තියෙන රහස් වැඩියි ජැන්ග් හ්‍යුක්....මගේ නම මින් යුන්ගී..මින් යූන්ගී...!! මින් පරම්පරාවේ අය කවදාවත් ලෝකෙට පේන්න යක්කු වගේ හැසිරෙන්නේ නෑ....හැබැයි...බැරි වෙලා හරි යකෙක් වෙන්න තීරණය කළොත්...ඌව නවත්තන්නත් කාටවත් බෑ....!"
එහෙම කියන ගමන් ම යුන්ගි එකපාරටම ජැන්ග් හ්‍යුක්ගේ වම් උරහිසට පයින් පහරක් දුන්නෙ හිතාගන්න බැරි තරම් වේගේකින්.
ඒ පහරින් ජැන්ග් හ්‍යුක් දණගහගෙන හිටපු විදිහටම බිමට වැටුනේ තදින් ටයිල් පොළොවේ වැදුනු ඔහුගේ දකුණු උරහිස දිහායින් සියුම් වේදනාවක් ජැන්ග් හ්‍යුක්ට දනවමින්.
"ආහ්...."
ඔහුගේ මුවින් කෙදිරිල්ලක් පිට වුනේ ඔහුටත් නොදැනීමයි.
"වරදක් කරපු එකෙක්ට හැන්ගිලා ඉන්න පුලුවන් ඕනි තරම් කාලයක්...ඒ උනාට උන්ට මුලු ජීවිතේම බේරිලා ඉන්න බෑ...කවදහරි දවසක් එනවා කරපු හැමදේටම විදවන්න සිද්ද වෙන...අන්න ඒ දවසට තමයි උබ නිසා දුක් විදපු උන්ගෙ ඇත්තම ස්වරූපය ඉදිරියට එන්නේ..."
යුන්ගි කිව්වේ ජැන්ග් හ්‍යුක්ගේ බෙල්ලට ඔහුගේ බූට් සපත්තු දාපු කකුලක් තද කරමින්.
"මාස ගානක් අවුරුදු ගානක් උන්ගේ හිත් අස්සේ උතුර උතුර තිබුනු පලි ගැනීමේ ආසාව උන් ටිකෙන් ටික ඉශ්ට කරගනිද්දි වැරැද්ද කරපු එකාට හැන්ගිලා හිටපු තැන්වලින් එලියට එන්න වෙනවා....වැරදිකාරයාගේ ඉවක් හරි උන්ට දැනුනොත් උන් හැසිරෙන්නේ වෘකයෝ වගේ...දඩයම තමන්ගේ කරගන්නකම් උන් නවතින්නේ නෑ...!"
යුන්ගිගේ ගැඹුරු කට හඩින් ඇහෙන ඒ මිමිනීම්වලට පුලුවන් වුනා හෝසෝක්ගේ පවා ඇගේ හිරිගඩු මතු කරන්න.ඒ තරම් ඒ හඩේ තිබුනේ දරුණු,උමතු භයානක කමක්.
යුන්ගිගේ බූට් එකක් තමන්ගේ බෙල්ල මත තද වෙද්දි ජැන්ග් හ්‍යුක් පවා හිටියේ ඒ වචනවලට ඇහුම්කන් දෙන ගමන් හැගීම් විරහිත යුන්ගිගේ ඇස්වල හැගීමක් හොයන්න උත්සාහ කරමින්.
"පලි ගන්න වියරුවෙන් ඉන්න කෙනෙක්ගේ ඉස්සරහ කර කියාගන්න දෙයක් නැතිව වැතිරිලා ඉන්න වෙන එක තරම් අසරණ හැගීමක් තවත් නෑ කියලා උන් තේරුම් ගන්නේ අර අවුරුදු ගානක කේන්තිය වෛරය ගින්නක් වගේ ඇවිත් උන්ව වෙලාගනිද්දි..."
හෝසෝක් නොදැක්කා නෙමෙයි යුන්ගිගේ හුස්ම එන්න එන්නම වේගවත් වෙන හැටි.ඒත් ඔහු දන්නවා යුන්ගිට එයා ගැන බලාගන්න පුලුවන් කියලා..හෝසෝක්ට යූන්ගිව විශ්වාසයි.
ඒත් එක්කම වගේ හෝසෝක්ට නම්ජූන්ගෙන් මැසේජ් එකක් ආවේ විනාඩි පහකට හේඩ්ස්වල ඔෆීස් රූම් එකට එන්න කියලා.ශාලාව ඇතුලේ තවත් ආරක්ශකයින් හිටපු නිසා ම යුන්ගිට නොකියම හෝසෝක් ශාලාවෙන් පිට වුනේ ඉක්මනට ආයෙ එන බලාපොරොත්තුවෙන්.අනික එයාටබය වෙන්න දෙයක් තිබුනෙත් නෑ මොකද හේඩ්ස් එක ඇතුළේ යුන්ගිට කිසිම කරදරයක් වෙන්නේ නෑ කියල එයා දන්නවා..
"හරියට උබ දැන් මගේ ඉස්සරහ වැටිලා ඉන්නවා වගේ ජැන්ග් හ්‍යුක්...!! "
ජැන්ග් හ්‍යුක්ට හුස්ම ගන්න අපහසු වෙනවා වගේ වෙද්දිම යුන්ගි එයාගේ කකුල හ්‍යුක්ගේ බෙල්ලෙන් ඉවතට ගත්තේ හම්බුනු ඉඩෙන් ඔහු වේගෙන් හුස්ම ගන්න ගනිද්දි.
ඇත්තටම ජැන්ග් හ්‍යුක් හිටියේ කියාගන්න දෙයක් නැතුව....යුන්ගිගේ දරුණු ස්වරූපය එලියට එද්දි ජැන්ග් හ්‍යුක්ට දැනුනේ අමුතු හැගීමක්.
"මේ දවස එනකම් මං අවුරුදූ ගානක් බලාගෙන හිටියා..!!"
යුන්ගි කිව්වෙ ජැන්ග් හ්‍යුක්ගෙන් පියවරක් පිටුපසට ගන්න ගමන්.
"මගේ ඇත්තම අම්මාව මරලා දැම්මේ උබ....!!"
ජැන්ග් හ්‍යුක් එකපාරටම යුන්ගි විහා බැලුවේ පියවි සිහියට ආවා වගේ..ජැන්ග් හ්‍යුක්ගේ ඇස්වල තිබුනේ අමුතු බැල්මක්.
හරියට....වරකාරි හැගීමක් වගේ...?
ලොකු වෙලාවකට පස්සෙ ජැන්ග් හ්‍යුක්ගේ මුවින් වචනයක් පිට වුනේ එ එක්කමයි.
"එයා මැරුනේ තමුන්ව බිහි කරන්න ගිහිල්ලයි මින් යුන්ගී...!! මගේ අතින් නෙමෙයි......!!"
ජැන්ග් හ්‍යුක් කෑ ගැහුවේ ඒක යුන්ගිට කියනවටත් වඩා තමන්ටම කියාගන්නවා වගේ.
"එයාව හන් ගගේ ගිල්ලුවේ මං නෙමෙයි හ්‍යුක්...!!!! දරුවෙක් ලැබෙන්න හිටපු අම්මෙක්ව වෙඩි තියලා ගගකට දැම්මේ මං නෙමෙයි....!!!!"
යුන්ගිගේ හඩත් එන්න එන්නම උස් වුනේ ජැන්ග් හ්‍යුක් දිහා බලාගෙන හිටපු ඔහුගේ ඇස්වල ටිකෙන් ටික නොයෙක් හැගීම් පිරෙද්දි.
"එයා ස්විමින් චැම්පියන් කෙනෙක්...එහෙම කෙනෙක් ප්‍රෙග්නට් වෙලා හිටියත් වතුරේ ගිලිලා මැරෙන්නේ නෑ....!!"
ඇත්ත..යුන්ගිව බිහි කරපු අම්මා කොරියාවල හිටපු දක්ශම පිහිනුම් ශූරියක්.මතකද යුන්ගි සීරෝ එකේ අයට එයා ඇස්ට්‍රියස් වෙන්න තියෙන සුදුසුකම් ගැන කියද්දි ස්විමින්වලින් එයාට තියෙන විශිෂ්ට දක්ශතා ගැන කිව්වා...?ඒ හැම දක්ශතාවක්ම එයාට එයාගේ වැදූ අම්මාගෙන් ලැබුනු දේවල්..
"එයාට බේරෙන්න තිබුනා...ඒත් එයා මැරුනා..ඒ උබ නිසා...උබ එයාට වෙඩි තියපු නිසයි මිනිහෝ...!!!"
යුන්ගි කෑ ගැහුවේ අත් මිට මොලොවගන්න ගමන්.
"ඇයී....?!! ඇයි උබ එහෙම දෙයක් කලේ...???!!!"
ජැන්ග් හ්‍යුක් අමාරුවෙන් ආයෙමත් බිම වාඩි වුනේ අපහසුවෙන්.ඒ හැම මොහොතේම ඔහුගේ බැල්ම රැදිලා තිබුනේ යුන්ගි ගාව.
"තමුන් නිසා...!"
ජැන්ග් හ්‍යුක් යුන්ගි දිහා එක එල්ලේ බලාගෙන මිමිනුවේ දැඩි හඩකින්.
"මොකක්ද...!?"
යුන්ගි ඇහුවෙ කේන්තිය එක්ක මුහු වුනු පුදුමයකින්.මොකද තමන් ඉපදෙන්නත් කලින් දේකට එයා හේතුවක් උනේ කොහොමද කියලා එයාට හිතාගන්න බැරි වුනා.
"මට ඒකිව මරලා දාන්න ඕනි වුනේ තමුසේ නිසා මින් යූන්ගී...! මින් සොන්හ්‍යොන්ගේ දරුවෙක් ඒකිගේ බඩේ හුස්ම ගනිද්දි මං කොහොමද ඒ දිහා බලාගෙන ඉන්නේ...!!!"
යුන්ගි ජැන්ග් හ්‍යුක් දිහා බලාගෙන හිටියේ අදහගන්න බැරිව වගේ.
"මං මගේ කරගන්න බලාගෙන හිටපු හැමදේම මට නැති වුනේ උඹ නිසා...මට අයිති වෙන්න තිබුනු තැන වෙන කෙනෙක්ට අයිති උනේ උබ නිසා...උබ මේ ලෝකේට ආවේ නැත්නම් මට එයාව නැති වෙන්නේ නෑ...ඒත් උබව මරලා දැම්මා කියලා එයා කවදාවත් ආයේ මං ගාවට එන්නේ නෑ කියලා මං දැනගෙන හිටියා..ඒ නිසයි උබලගේ සම්පූර්ණ කතාවම ඉවරයක් කරලා දාන්න මට ඕනි වුණේ.....මගේ ජීවිතේ අපායක් කරපු උන් තුන් දෙනාවම එදා මං මරලා දාන්න ගියේ මට නොලැබුනු දේ වෙන කෙනෙක්ට අයිති වෙනවා බලාගෙන ඉන්න මට බැරි නිසා.....!!!"
එක එක මිනිස්සු හිතන්නේ එක එක විදිහට..සමහරු තමන්ට නොලැබුනු දෙයක් තව කෙනෙක්ට ලැබෙන හැටි බලලා සතුටු වෙද්දි තව කෙනෙක් තමන්ට නොලැබුනු දේ අනිත් අයට ලැබුනහම මොන ක්‍රමෙන් හරි ඒ දේ නැති කරලා දාන්න උත්සාහ කරන්නෙ හරි පුදුම විදිහට.
නොසෙල්වී ජැන්ග් හ්‍යුක් දිහා බලන් උන්නු යුන්ගිගේ ඉස්සරහ දණ බිම තියාගෙන බිම බලාගත්තු ජැන්ග් හ්‍යුක්ගෙ කතාවත් අයිති වුනේ මේ දෙවනි කොටසට.
"තමුන් එයාට ආදරේ කළාද...?!"
යුන්ගි ඇහුවේ එච්චරයි..ඒත් බිම බලන් උන්නු ජැන්ග් හ්‍යුක්ට ඒක ඇහුනේ මහාලොකු ප්‍රශ්නයක් වගේ.
ඔහු මොකුත් නොකියා නිහඩවම එක එල්ලේ ටයිල් කැටයක් මත වුනු තමන්ගේම රුධිර බිදුවක් දිහා බලන් ඉද්දි යුන්ගි ආයෙමත් කලින් ප්‍රශ්නයම ඇහුවෙ නොයිවසිල්ලෙන්.
"තමුසේ එයාට ආදරේ කළාද ...???!!!!"
ජැන්ග් හ්‍යුක් යුන්ගි දිහා බැලුවේ කේන්තියෙන් වගේ..ඒත් යුන්ගිගෙ ඇස් දිහා බලද්දිම ජැන්ග් හ්‍යුක්ට මතක් වුනේ හුරුපුරුදු ඇස් දෙකක්.
ඔහුගේ මූණේ හිනාවක් ඇදුනේ ඔහුටවත් නොදැනී..
ඒ ඇස්වලට ඔහු ආදරේ කළේ පිස්සුවෙන් වගේ.ඉතින් ඒ ඇස් අයිති කෙනාට තමන් ආදරේ කළාද කියලා යුන්ගි අහද්දි ඒකට දෙන්න ඕනි උත්තරය ගැන ජැන්ග් හ්‍යුක්ට දෙපාරක් හිතන්න ඕනි වුනේ නෑ.
මොකද එයා ජීවිතේ පලවෙනි වතාවට සහ අවසන් වතාවට ආදරය පිදුවේ ඒ ඇස් අයිති කෙනාට.
"ගොඩක්...!"
ජැන්ග් හ්‍යුක් කිව්වේ යුන්ගිගේ ඇස්වලින් බැල්ම ඉවතට නොගෙන.
ඒත් යුන්ගිට ඒ මූණේ තියෙන සන්සුන් බැල්මයි සිහින් හිනාවයි පෙනුනේ නෑ..ඒ වෙනුවට ආයෙමත් ඔහුගේ හදවත පිරෙන්න ගත්තේ කෝපයෙන්.
"ඒ තරම් ආදරේ කරලත් තමුසේ එයාව මැරුවා....???!"
යුන්ගි දත් මිටි කාගෙන මිමිනුවෙ කියනවා වගේ නෙමෙයි ජැන්ග් හ්‍යුක්ගෙන් ඒක අහනවා වගේ.
ජැන්ග් හ්‍යුක්ට ඒ මොහොතෙයි තෙරුනෙ එයාගේ ඉස්සරහ ඉන්නේ ඔහු කාලයක් ආදරය කරපු කෙනාගේ පුතා මිසක් ඒ ඇස් අයිති කෙනා නෙමෙයි කියලා..
ජැන්ග් හ්‍යුක් හරි කෙලින් යුන්ගිගේ දිහා බැලුවේ විශ්වාසයෙන්.
"ඔව්ව්...!"
ඒත් ඒ උත්තරය දෙද්දි ඔහුගේ හදවත පිරිලා තිබුනේ ඒ හැගීමෙන් නෙමෙයි.ඔහුට කිසිම විශ්වාසයක් තිබුනේ නෑ.ඔහු විශ්වාසයි වගේ රගපෑවා විතරයි.
"තමුසෙට එයා ගැන ආදරයක් තිබුනානම් තමුසෙට කවදාවත් එයාව මරන්න හිත හදාගන්න බෑ...!!"
යුන්ගි කිව්වේ ජැන්ග් හ්‍යුක් දිහා එක එල්ලේ බලාගෙන.
"ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට අනිත් කෙනා වෙනුවෙන් මැරෙන්න වුණත් පුලුවන්..ඒත් මරන්න බෑ."
"තමුසෙගේ ආදරේ පරාද වුනේ එයාව මරන්න ඕනි කියන හැගීම ඔය හිතට ආපු දවසෙමයි..."
යුන්ගිගේ හඩේ තිබුනේ කලකිරීම එක්ක මුහු වුනු කේන්තියක්.
"අයිති කරගන්න එක තමයි ආදරේ කියලා හිතලා එයාව අයිති කරගන්න බැරි වුනාට පස්සේ එයාගේ සතුට විතරක් නෙමෙයි එයාගේ මුලු ජීවිතේම නැති කරලා දාපු උඹ තාමත් හුස්ම ගන්න එකත් මහ අපරාධයක්..."
ජැන්ග් හ්‍යුක්ගේ ඇස් ගැස්සුනා..
"උඹ මැරෙන්න තිබුනේ මීට ගොඩක් කාලෙකට කලින්..එහෙම වුනානම් එයාලා හැමෝම තවමත් ජීවත් වෙනවා....!!"
එයාගේ හෘද සාක්ශිය හැම මොහොතකම එයාට කෑ ගහලා කියපු ඒ වචන යුන්ගිගේ මුවින් ඒ විදිහටම පිට වෙද්දි ජැන්ග් හ්‍යුක්ගේ මුලු හිතම ගැස්සුනා..
එයාගේ හිත ඒ වචන මතක් කරද්දි ඒවා නොසලකා හරින්න ජැන්ග් හ්‍යුක් පුරුදු වෙලා හිටියෙ අවුරුදු ගානක් තිස්සේ.ඒත් යුන්ගිගේ මුවින් ඒ වචන ඇහෙද්දි එයාට ඒක නොසලකා හරින්න පුලුවන් වුනේ නැ..
ඒ මොහොතේ එතන හිටියෙ රෙඩ් ඊගල්ස් එකේ ලීඩර් ජැන්ග් හ්‍යුක් නෙමෙයි.
සාමාන්‍ය මනුස්සයෙක්.
නිකන් ම නිකන් ජැන්ග් හ්‍යුක්..හැගීම් දැනීම් නෑ වගේ ජීවත් වෙන්න උත්සාහ කරපු,අවුරුදු ගානක් අසංවේදි මනුස්සයෙක් වගේ හැසිරුනු,කවුරුත් මෙච්චර කාලෙකට දැකලා නොතිබුනු ජැන්ග් හ්‍යුක්..
යුන්ගි එයාගේ සාක්කුවේ තිබුනු පිස්තෝලය හෙමින් එළියට ගත්තු හැටි ජැන්ග් හ්‍යුක් දැක්කෙ නෑ..යුන්ගිගේ මුහුණේ තිබුනු කේන්තිය,පිළිකුල,කළකිරීම ජැන්ග් හ්‍යුක් දැක්කේ නෑ.
ඒ වෙනුවට ජැන්ග් හ්‍යුක්ගේ ඇස් ඉස්සරහ මැවි මැවී පෙනෙන්න ගත්තේ අවුරුදු විස්සකටත් එහා සිදු වුනු සිදුවීමක මතකයන්.
ජැන්ග් හ්‍යුක්ගේ හදවතේ දෝන්කාර දෙන්න ගත්තේ එදා ඔහුගේ මුලු හදවතම හිරිවට්ටපු ඒ වචන..
"ඔයාට මැරෙන්න බෑ....ඔයා හිතනවට වඩා මහ ගොඩාක් ඔයාගේ ජීවිතේ වටිනවා හ්‍යුක්..ඔයාට ආයේ ජීවිතේ නැති කරගන්න හිතුනොත් මතක් කරගන්න ඔයා වෙනුවෙන් හැමදාමත් මං ඉන්නවා කියලා.....ඔයා තනි වෙලා නෑ.....ඕනිම වෙලාවක...ඕනිම තැනක...ඔයාට මං ඉන්නවා...!"
යුන්ගිගේ අතෙ තිබුනු පිස්තෝලය තමන් දිහාට යොමු වෙන හැටි ජැන්ග් හ්‍යුක් දැක්කේ සිහිනෙන් වගේ.
ඒත් ඔහුගේ අවධානය යොමු වුනේ පිස්තෝලයට නෙමෙයි..ඊට පිටිපස්සෙන් තිබුනු ඇස්වලට..වෛරයෙන් ගිනි ගනිමින් තිබුනු ඇස්වලට.
ඒත් ඔහු ඒ ඇස්වල තිබුනු වෛරය දැක්කේ නෑ..ඔහු දැක්කේ ඒ ඇස්වල තිබුනු හුරුපුරුදුකම විතරයි.
"එයා නොහිටියානම් ඇත්තටම මීට ගොඩක් කාලෙකට කලින් මං මැරිලා...!"
ජැන්ග් හ්‍යුක්ගේ පපුවට යොමු වෙලා තිබුනු පිස්තෝලයේ කොකා මත යුන්ගිගේ ඇගිලි තද වෙන්න කලින් යුන්ගිට ඇහුනේ ජැන්ග් හ්‍යුක්ගේ මුවින් පිට වුනු ඒ වචන...
ඒත් එක්කම මුලු ශාලාවම හෙල්ලිලා ගියේ මහ හඩින් ඇහුනු වෙඩි හඩකින්.
*
*
*
___________________________________
*
*
*
*
"බොස්......!!!!!!!! "
හෝසෝක් නම්ජූන් එක්ක කතා කරමින් ඉද්දි එකපාරටම ඔෆීස් රූම් එකේ දොර ඇරගෙන ඇතුළට දුවගෙන ආවේ ශාලාව ඇතුළේ හිටපු ආරක්ශකයෙක්.
"මැක්ස්...? ඇයි මේ..?!"
නම්ජූන් වාඩිවෙලා හිටපු තැනින් නැගිටින ගමන් ඇහුවේ ආරක්ශකයා බයෙන් වගේ මාරුවෙන් මාරුවට නම්ජූන් දිහායි හෝසෝක් දිහායි බලන හැටි දැකලා..
"බොස්..යුන්ගි සර්...!"
එයාට මොකුත් කියාගන්න බැරි වුනේ යුන්ගිගේ නම ඇහෙද්දිම වේගයෙන් පුටුවෙන් නැගිටපු හෝසෝක් කලබලෙන් වගේ ඔහුගේ ඉස්සරහට එද්දි.
"යුන්ගි..?! ඇයි යුන්ගිට මොකද වුනේ..?!"
හෝසෝක් කෑ ගැහුවෙ නොයිවසිල්ලෙන්.
"සර්ට මොකුත් වුනෙ නෑ බොස්..ඒත්...!"
"මොකක්ද වුනේ කියලා ඉක්මනට කියපන් මිනිහෝ...!!!!"
"බොස් යුන්ගි සර් මේ දැන් ජැන්ග් හ්‍යුක්ව අරගෙන හේඩ්ස්වලින් පිට උනා..!!"
__________________________________
18/08/2022
(3195 Words)
හායි බබීලා....❤️
මං ඔයාලට හෝම්වර්ක් එකක් දෙන්න යන්නේ...😂
මං දාස් ගනන් වචන ටයිප් කරන එකේ ඔයාලාට වචන දහයක් කියාගෙන යන්න බැරිවෙන එකක් නෑ කියලා මං හිතනවා..😉❤️
අපි දැන් අන්තිම කොටස ලගට ඇවිල්ලානේ ඉන්නේ...ඉතින් ටිකක් කතා කරමුද අපි හැමෝම..ෆෝර්බිඩ්න් ලවර්ස්ලා ❤️
කතාව ගැන දැන්ම අහන්නේ නෑ ඒක අන්තිමට අහන්න තියාගන්නවා මං..🙃
දැනට ඔයාලා කියවපු ටික අනුව මේ කතාවේ චරිත ගැන මොකද හිතෙන්නේ..
එයාලට මොනවා හරි දෙයක් කියන්න ලැබුනොත් ඔයාලා මොකක්ද කියන්නේ..
මින් යුන්ගි
ජන්ග් හෝසෝක්
පාක් ජිමින්
ජැක්සන්
ජන්ග් වූ සන්ග්
නම්ජූන්,ජින්
ජන්කුක්,ටේ
ජැන්ග් හ්‍යුක්
අන්තිමට..
මූන් 🌝
අනිවාරෙන් කියාගෙන යන්න හොදේ..❤️
(ඊගාව එක ටයිප් කරන්න ගන්නේ ඔයාලගේ උත්තර ආවට පස්සේ...එතකම් නෝ අප්ඩේට්ස් 😈)
ආදරෙයි...💙
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top