Chapter 49 (Part 01)
______________________________________
"Nobody deserves misery but sometimes it's just your turn."
______________________________________
හෝසෝක්ටයි එයාගේ තුරුලේ දුක කදුලු කරමින් උන්නු යුන්ගිටයි ටික වෙලාවක් තනියෙන් ඉන්න ඉඩ දෙන්න තීරණය කරපු අනිත් කට්ටියම රූම් එකෙන් එලියට ගියේ නිහඩවමයි..
හෝසෝක්ගේ ඇස්වලත් කදුලු පිරිලා තිබුනත් එයා උත්සාහ කරමින් හිටියේ යූන්ගිව සනසවන්න..
අවුරුදු විසි ගානක් පුරාවට තමන් අම්මා කියලා විශ්වාස කරපු කෙනා ඇත්තටම තමන්ගේ අම්මා නෙමෙයි කියලා දැනගත්තම ඒ දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බැරිතරම්..
ඒක හරියට මුලු ජීවිත කාලයම තමන් රැවටීමක් ඇතුළේ ජීවත් වුනා වගේ.
අම්මා කියන්නේ දරුවෙක්ගේ ජීවිතේ සෙනෙහස කියන ආදරණීය හැගීමෙන් පුරවන පළවෙනි කෙනා..අම්මගේ කුසින් එලියට ආවට පස්සේ ඒ දරුවගෙ මුලු ජීවිතයම ගෙවෙන්නේ අම්මගේ දෑත් මත.
ඒ වගේම තමයි දරුවෙක්ගේ ජීවිතේ පළවෙනිම වගේ ම ශක්තිමත් ම බැදීම තමයි අම්මා කියන්නේ..
ඒක යුන්ගිටත් ඒ විදිහමයි.පාක් යේජීන් කියන්නේ යූන්ගිට එයාගේ ජීවිතේ හැමදේම.
ඇයට ආයේ පණ දෙන්න පුලුවන් කිව්වොත් ඒ වෙනුවෙන් තමන්ගේ පණ වුනත් දෙන්න යුන්ගි දෙපාරක් හිතන්නෙ නෑ.
ඒ නිසාමයි යේජීන් තමන්ගේ ඇත්තම අම්මා නෙමෙයි කිව්වම යුන්ගිට මේ තරම් වේදනා..
මොකද අපිට වැඩිපුරම රිදෙන්නේ අපි වැඩියෙන් ම බැදුනු තැන්වලදි.
යුන්ගිගේ හැම කදුලකටම හේතුව වුනේ ඒක..
ඇද ලග හිටගෙන උන්නු හෝසෝක්ගේ පපුවේ යුන්ගි මූණ තියාගෙන උන්නේ ඇද උඩ වාඩි වෙලා.එක අතකින් ඇදේ සුදුපාට ඇදරෙදි තදින් අල්ලගෙන උන්නු ඔහුගේ අනිත් අත තිබුනේ හෝසෝක්ගේ ඉණ වටේ එතිලා.
හෝසෝක් දැනගෙන හිටියා යුන්ගිට මොකුත් කියනවට වඩා ටික වෙලාවකට හරි එයාගේ හිතේ තියන දුක ඇති තරම් අඩලා පිට කරගන්න දෙන එකයි හරි කියලා.
ඒ නිසයි වචනයක්වත් නොකියා හෝසෝක් යූන්ගිව ආදරෙන් වැලදගෙන ඔහුට ඇති තරම් අඩන්න දුන්නෙ.
ඒත් යූන්ගිගේ පිට මත ආදරණීයව රටා අදින එක හෝසෝක් නතර කළේ නෑ.හෝසෝක්ගේ ඒ ආදරණීය ස්පර්ශයන් යුන්ගිට ගෙන දුන්නේ තරමක සැනසීමක්.
පැය භාගයක් විතර එකදිගට අඩපු යුන්ගි ටිකෙන් ටික සන්සුන් වුනේ හෝසෝක් හෙමිට ඔහුගේ සිනිදු කෙස් කැරළි මත්තේ දෙතොල් තද කරද්දි.
හෝසෝක් ඔහුගෙන් ඈත් වෙලා යුන්ගිගේ මූණට එබුනත් යුන්ගි හිටියේ බිම බලාගෙන.
යුන්ගිගේ නිකටින් අල්ලලා හෙමිහිට එයාගේ හිස ඉහළට ඔසවපු හෝසෝක් බලාගෙන හිටියෙ අඩලම රතු වෙලා තිබුනු යුන්ගිගේ ඇස් දිහා..එයාගේ කිරිපාට කම්මුල් කදුලුවලට තෙත් වෙලා තිබුනේ ඒ ඇස්වලින් මොන තරම් නම් කදුලු ගොඩක් ගලාගෙන ගියා ද කියලා ඔප්පු කරමින්.
ඒ ඇස් දිහා බලාගෙනම තමන්ගේ අනිත් අතින් යුන්ගිගේ කදුලු රැදුනු කම්මුල් පිහදාපු හෝසෝක් ටික වෙලාවක් බලාගෙන හිටියේ යුන්ගි එයා දිහා බලනකම්.
යුන්ගිගේ ඇස් හෝසෝක් දිහා බලපු පමාවෙන් ම හෝසෝක් යූන්ගි එක්ක හිනා වුනේ හැම දුකක්ම හේදිලා යන තරම් ලස්සනට.
"මේ මං ඔයාට අඩන්න දෙන අන්තිම වතාව මැණික..ආයෙනම් කවදාවත් ඔය ඇස්වලින් අඩන්න හිතන්නවත් එපා...."
හෝසෝක් කිව්වේ තවමත් වේදනාවෙන් ඉන්න යුන්ගි දිහා බලන්.
"මට හරිම දුකයි සියෝකී....ඇයි එයා මගේ ඇත්තම අම්මා නොවුනේ..?!"
යුන්ගි ඇහුවේ බිදුනු කටහඩකින්.
"නිකෝ බබී....."
හෝසෝක් හෙමීට කිවේ යුන්ගි එයාගේ දිහා බලද්දි.මොකුත් නොකියම යුන්ගිගේ මූණට බර වුනු හෝසෝක් කදුලින් පෙගිලා තිබුණු යුන්ගිගේ ඇහි පියන් සිපගත්තේ මල් පෙත්තක් සිප ගන්නවා වගේ පරිස්සමින්.
යුන්ගි ඒ පහසට ඇස් පියාගනිද්දි හෝසෝක් ආයෙමත් කතා කරන්න ගත්තෙ එයාගේ වචන යුන්ගිගේ හදවත පතුලෙම ගිහින් තැන්පත් වෙද්දි.
"ඔයා එයාගේ බඩින් ඉපදුනේ නැතත් එයා තමයි ඔයාගේ ඇත්තම අම්මා යූන්ගී..."
"දන්නවද...එයාගේ ලේ ඔයාගේ ඇගේ නොදිව්වට ඔයාගේ නහරක් නහරක් පාසාම තියෙන්නේ එයාගේ ආදරේ..."
"ඔයාව මේ ලෝකෙට ගෙනාවේ කවුද කියන එක වැදගත් නෑ යූන්ගි..ඔයාට මේ ලෝකේ ඉන්න ශක්තිය දුන්නේ කවුද කියන එකයි වැදගත්.."
හෝසෝක්ගේ ඇස් යූන්ගිගේ ඇස් එක ගැටුනේ ඒ මොහොතෙදි..
"අම්මා කියන්නේ ලේවලට නෙමෙයි මැණික...අම්මා කියන්නේ ආදරේට...!"
යුන්ගි හෝසෝක්ගේ ඒ හැම වචනයක්ම අහගෙන හිටියේ උවමනාවෙන්.
හෝසෝක් කියපු ඒ හැම වචනයක්ම ඇත්ත කියලා යූන්ගි දන්නවා..
ඒත්...
යුන්ගිට ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් තිබුනා..
"ඒත්....එයා ගැන අපි හැමෝටම වඩා අයිතියක් තියෙන්නේ ඔයාටයි සීයෝකී..ඒ ඔයාගේ අම්මා...!"
යුන්ගි කිව්වේ එයාගේ හඩ එන්න එන්නම බාල වෙද්දි.
"මං අවුරුදු ගානක් අයිතියක්වත් නැතිව මං ගාව තියාගෙන ඉදලා තියෙන්නේ ඔයාට අයිති කෙනෙක්ව....සමහරවිට..සමහරවිට මං එයාගේ ජීවිතේට නොආවානම්..අදටත් එයා ඔයා ගාව ඉන්න තිබුනා..."
යුන්ගිගේ හඩ විතරක් නෙමෙයි ඇස්,මූණ පවා තිබුනේ වේදනාවෙන් පිරිලා..
ඒත් හෝසෝක් එයා දිහා බැලුවේ එයා යුන්ගි වෙනුවෙන් විතරක්ම හිනා වෙන අර ලස්සන හිනාවෙන් හිනා වෙන ගමන් හිස දෙපැත්තට සොලවමින්.
"නෑ මැණික...මං එයා එනකම් හැමදාමත් බලාගෙන හිටියා තමයි...සමහර වෙලාවල් තිබුනා එයා මං ගාව නැති එක මට දරාගන්නම බැරි වුණ..ඒත් එයා මගෙන් ඈත් වුනේ මට කවදාවත් අමතක නොවෙන ලස්සන මතක ගොඩක් ඉතුරු කරලා...මගේ ජීවිතේ අම්මා කෙනෙක් නොහිටියට මගෙ හිතේ හැමදාමත් එයා හිටියා....ඒත් පෙලක් වෙලාවට පුන්චිම පුන්චි දුකක් විතරක් තිබුනා මගේ ලගත් අම්මා කෙනෙක් හිටියානම් කියලා.."
හෝසෝක් කිව්වේ යුන්ගි එයාගේ මූණ දිහා ඇසිපිය නොහෙලා බලාගෙන ඉද්දි.හෝසෝක්ගේ මූණෙ තිබුනේ හරිම සන්සුන් ගතියක්..ඒ වගේම සතුටක්..එයා කතා කරපු මුලු වෙලාවම වචනයක් ගානෙම ඒ මූණ දිලිසුනේ ආදරණීය හිනාවකින්.
"ඒත් මං ගාව නොහිටියත් මේ මුලු කාලෙම මගේ අම්මා හිටියේ ඔයා ගාව කියලා දැනගත්තට පස්සේ ඒ හැම දුකක් ම නැත්තටම නැති වෙලා ගියා නිකෝ..මොකද එයා මගෙන් ඈත් වුනත් එයා නතර වුනේ ඔයා ගාව...මේ ලෝකේ ඉන්න වටිනම කෙනා ගාව.."
"නොදැනුවත්ව හරි අපි හැදුනේ එකම අම්මා කෙනෙක්ගේ ආදරෙන් මැණික....එයාව මටත් වඩා අයිති ඔයාට...ඒ මගේ අම්මා වගේම ඔයාගෙත් අම්මා..ඔයාගේ ඇත්තම අම්මා...."
හෝසෝක් කියලා ඉවර කරද්දි යුන්ගි හිටියේ ආයෙම වතාවක් ඇඩෙන්න ඔන්න මෙන්න.
"සියෝකී....ඔයා දන්නවද මට එයාගේ කුසින් ම ඉපදෙන්න දෛවය ඉඩ නොදුන්නේ ඇයි කියලා..?"
යුන්ගි ඇහුවේ කදුලු අස්සෙන් හිනා වෙන ගමන්.ඒත් හෝසෝක් යුන්ගි දිහා බලාගෙන හිටියේ යුන්ගි අහන දේට උත්තරය නොදැන.
යුන්ගි හෝසෝක්ගෙ එක අතක් එයාගේ එක අතකින් අල්ලගත්තේ අනිත් අත හෝසෝක්ගේ බාහුවක් මතින් තියමින්.
"දෛවය එහෙම කළේ අපි සහෝදරයෝ වෙන එක නවත්තන්න...!"
යුන්ගි කියද්දි හෝසෝක් යුන්ගි දිහා බැලුවෙ ශොක් වෙලා වගේ.ඇත්තටම මෙච්චරවෙලා තිබුනු සීරියස් කතා බහත් එක්ක එයාට ඒක අමතක වෙලයි තිබුනේ.
"අපි සහෝදරයෝ නෙමෙයි...?"
හෝසෝක් යුන්ගි දිහා බලාගෙන මිමිනුවෙ යුන්ගිගෙන් ප්‍රශ්න කරනවා වගේ.
"යෙප්..අපි සහෝදරයෝ නෙමෙයි..."
යුන්ගි කියද්දි හෝසෝක් අරමුණක් නැතිව ඔහෙ බලාගෙන හිටියේ හරියට ඒක හිතට ඒත්තු ගන්වනවා වගේ..
"අපි සහෝදරයෝ නෙමෙයි....!"
එකපාරටම හෝසෝක් යුන්ගි දිහාට හැරුනේ ඇසුත් ලොකු කරගෙන..
"හෝලි ෆක්....!! ඇත්තටම අපි සහෝදරයෝ නෙමෙයි......!!!!!!!!!!"
"සියෝකී....!!!"
යුන්ගි කෑ ගැහුවේ හෝසෝක් ඊටත් වඩා හයියෙන් පිස්සෙක් වගේ දන්න නරක වචන ටික ඔක්කොම කියද්දි..
කොහොම හරි යුන්ගිගෙ හඩින් මේ ලෝකේට ආපු හෝසෝක් එකපාරටම හෙන ගැහුවා වගේ නතර වුනේ යුන්ගි දිහාම බලාගෙන..
හෝසෝක් හෙලවෙන්නෙවත් නැති වෙද්දි යුන්ගි එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තේ හෝසෝක්ගේ බැල්ම දරාගන්න බැරි තැන.
"අහ්ම්...?සියෝකී...?ඇ..ඇයි ඔය විදිහට බලාගෙන ඉන්නේ...??"
යුන්ගිගේ දිහා පිස්සෙක් වගේ බලාගෙන ඉදපු හෝසෝක්ගේ ඇස් අන්තිමට නැවතුනේ ලැජ්ජාවෙන් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා තිබුනු යුන්ගිගේ මූණේ..
"මං සෑහෙන්න ඉවසුවා..ඒත් තවත් නම් බෑ......!!"
හෝසෝක් කිව්වේ යුන්ගිගේ ලගට පුලුවන් තරම් කිට්ටු වෙන ගමන්.
"ම්..මොකක්ද...?"
යුන්ගි හිටියේ බයවෙලා වගේ.හෝසෝක්ගේ බැල්ම තප්පරයකවත් වෙනස් නොවී යූන්ගිගේ මූණෙම රැදිලා තියෙද්දි හෝසෝක් යුන්ගිගේ මූණට කිට්ටු වුනේ යුන්ගි හෙමිට පිටිපස්සට නැමෙද්දි.
"චෙරි ගෙඩියක් වගේ රතු පාටට ඔයා ඔහොම මගේ ඉස්සරහා ඉද්දි මට තවත් මාව කන්ට්‍රෝල් කරගන්න පුලුවන් වෙයි කියලා ඔයා හිතනවද නිකෝ බේබී ම්ම්ම්...?"
හෝසෝක් කිව්වෙ යුන්ගිගේ ඉණ වටේ එක අතක් තියමින් අනිත් අත යුන්ගිගේ උරහිසින් තියමින්..
"අපි සහෝදරයෝ නෙමෙයි කියලා ස්තීර කරගත්තට පස්සෙත් මං ඔය රෝස පාට තොල් දිහා නොබලා ඉදියි කියලා හිතුවද.."
යුන්ගිව පොඩ්ඩ පොඩ්ඩ පිටිපස්සට තල්ලු කරපු හෝසෝක් යුන්ගිගේ මතට නැමුනේ යුන්ගි තප්පරෙන් තප්පරේ අමුතු හැගීමකින් පිරෙන හෝසෝක්ගේ ඇස් දිහා බලාගෙන ඉද්දි.
යුන්ගිගේ කන්පෙතිවල ගෑවෙන නොගෑවෙන තරම් ළන් උනු හෝසෝක්ගේ මුවින් පිට වුනෙ සිහින් මිමිණීම් විතරයි.
"ඔයා මගේ කරගන්න කිසිම බාධාවක් නෑ කියලා දැනගත්තට පස්සේ මං ඔයාව තප්පරේකටවත් අතාරීයි කියලා ඔයා හිතුවද...?"
හෝසෝක් යූන්ගිගේ කන් පෙත්තක් යන්තමින් හැපුවේ නොදැනුවත්වම යුන්ගුගේ මුවින් සිහින් කෙදිරියක් පිටවෙද්දි..
ඒ වෙද්දි යුන්ගි හිටියේ සම්පූර්ණයෙන් ම ඇද මත වැතිරිලා..ඔහුට උඩින් නැමිලා උන්නු හෝසෝක්ගේ සිරුර තිබුනේ යුන්ගිගේ සිරුරේ ගෑවි නොගෑවි..හෝසෝක්ගෙ එක කකුලක් ටයිල් පොලොව මත වෙද්දි අනිත් කකුලේ දණහිස තිබුනේ යුන්ගිගේ දෙකකුල් මැද්දේ..කොහොම වුනාද කියලා නොදන්නවා වුනත් යුන්ගිගෙ අත් දෙක තිබුනේ ඔහුගේ හිසට ඉහලින් ඇද මත..හෝසෝක්ගේ ශක්තිමත් ඇගිලි අතරට හිර වෙලා..
"නෑ නිකෝ බේබී...ඔය තොල් දැන් මගේ.....ඔයාගේ ඇගේ හැම දශමයක්ම මගේ...ඔයා මගේ...!"
හෝසෝක්ගේ හුස්මන් යුන්ගිගේ මුහුණේ වදින තරමටම ළන් වෙද්දි යුන්ගි බලාගෙන හිටියේ හුස්ම ගන්න අමතක වෙලා වගේ.
"නිකෝ බේබී.....!"
හෝසෝක් ටික වෙලාවක් බලාගෙන හිටියේ බලු පැටියෙක්ගේ වගේ තමන් දිහා බලාගෙන ඉන්න යූන්ගිගේ ලොකූ ඇස් දිහා..
"මට කියන්න....මන් ඔයාගේ කවුද...!?"
හෝසෝක්ගේ මිමිනුම්වල තිබුනු හැගීම්බර ගතියට යුන්ගි හිටියේ මත් වෙලා වගේ..
"ස්..සියෝකී...?!"
"ම්ම්ම්ම්ම්....??"
හෝසෝක් යුන්ගි උත්තරයක් දෙනකම් බලාගෙන හිටියත් හෝසෝක්ගේ උණුසුම මුලු ගතම වෙලා ගන්නවා වගේ දැනෙද්දි යුන්ගි හිටියේ කතා කරන්නත් වචන අමතක වෙලා..
"කියන්න ඉතින්...!"
හෝසෝක් එයාගේ දෙතොල් යූන්ගිගේ කම්මුලක ගෑවි නොගෑවි යන විදිහට මුහුණ ගෙන ගියේ ආයෙමත් යුන්ගිගේ ඇස් කොනෙන් හාදුවක් තියමින්.
"මං...ඔයාගේ..කවුද...!?"
හෝසෝක්ට තිබුනේ ඕනිම කෙනෙක්ව බය කරන්න පුලුවන් විදිහේ පෞරුෂවත් කටහඩක්...ඒත් ඒ කටහඩම මිමිණුමක් වෙලා ඔයාගේ කන්පෙති ලගින් ම ඇහෙද්දි....ඒක තමයි මේ ලෝකේ තියන සරාගී ම කටහඩ..
ඔහුගේ පහළම ස්වරයකින් උනත් හෝසෝක්ට පුලුවන්කම තිබුනා අනිත් කෙනාගේ මුවින් ඉහළම ස්වරයක් මුදවගන්න..
ඒක යන්තමින් ඇහුණත් දණිස් පන නැති වෙලා බිමටම වැටෙන තරමේ හිරිගඩු පිපෙන හඩක්.
ඉතින් ඒ මිමිනුම් එක්ක පිට වෙන සුසුම් රැල් පවා යුන්ගිගේ දෙකන් පෙති මත්තේ දඟ කරන තරමටම හෝසෝක් ළන් වෙලා ඉද්දි යූන්ගිට කොහෙන්ද ඒක දරාගන්න පුලුවන්කමක්.
"ඔයා..."
යුන්ගි හෙමිහිට කෙදිරුවේ හෝසෝක් ආයෙමත් එයාගේ ඇස්වලට එබෙද්දි..
"හ්ම්ම්ම්...?"
"ඔයා තමයි...."
යුන්ගි කිය කිය හිටපු එක මගින් නැවැත්තුවෙ එකපාරටම හෝසෝක්ගේ අතැගිලි යුන්ගිගේ කමිසයට යටින් ඔහුගේ ඉණ මත නතර වෙද්දි..
"මං තමයි...?"
හෝසෝක් එයාගේ ඇගිලි යුන්ගිගේ සිනිදු උණුසුම් හම මත්තේ එහෙ මෙහෙ කළේ ඒ පහසට යූන්ගිගේ නෙත් ඉබේම පියවෙද්දි.
ඒත් යුන්ගි ආයෙමත් බලෙන් ම නෙත් විවර කරගත්තේ හෝසෝක් දිහා කියවගන්න බැරි හැහීම් මහ ගොඩක් පුරෝගත්තු ඇස්වලින් බලන ගමන්.
"ඔයා..ඔයා තමයි මගේ හැමදේම...."
ඒ දෙන්නගේ මූණවල් දෙක අතරේ තිබුනේ අගල් පහකටත් වඩා අඩු පරතරයක්.
"මගේ හුස්ම..."
හෝසෝක්ගේ ඇගිලි යුන්ගිගේ නිරුවත් කුසේ තද වෙනවත් එක්කම යුන්ගිගේ මූණ හැගීම්වලින් පිරුනේ ඔහුගේ හුස්ම පවා වේගවත් වෙද්දි.
ඒත් යුන්ගිගේ බැල්ම දශමයකින්වත් වෙනස් නොවුනු තරම්..
"මගේ ජීවිතේ..."
හෝසෝක්ගේ ඇගිලි යුන්ගිගේ පපුවේ නතර වෙද්දි යුන්ගි එයාගේ දෙකකුල් හෝසෝක්ගේ කකුලේ ගෑවෙන නොගෑවෙන තරමට ළන් කලේ හිතා මතාම තමන්ගේ කටහඩ හැගීම්බර කරමින්.
"මගේ ආදරේ....!"
හෝසෝක් ඒත් එක්කම නෙත් පියාගත්තේ යුන්ගිගේ වචන මුලු හිතින්ම වැලදගනිමින්.
"ඔයා තමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ්...මගේ හස්බන්ඩ්...මගේ නපුරු කුමාරයා...!!"
තවත් තප්පරයක්වත් පරක්කු නොවුනු හෝසෝක් යුන්ගිට තවත් මොකුත් කියන්න ඉඩක් නොකියම යුන්ගිගේ රෝසපාට දෙතොල් පෙති මත්තේ තමන්ගේ තොල් තද කළේ අවුරුදු ගානක් කාන්තාරෙක අතරමන් වෙලා හාමතේ උන්නු මනුස්සයෙක්ට චොක්ලට් පෙත්තක් හම්බෙලා වගේ..
රෝස මලකින් පැණි උරාබොන මීමැස්සෙක් වගේ පරිස්සමට ඒත් කඩිසරව යුන්ගිගේ තොල් සිපගත්තු හෝසෝක් තප්පරයකට ඒ තොල්වලින් ඈත් වුනේ යුන්ගිගේ බාගෙට පියවුනු ඇස්වලට එබෙමින්.
"ඔයා මගේ නිකෝ බේබී...."
යුන්ගිගේ පපුව මත නතර වෙලා තිබුනු අතේ ඇගිලි තුඩුවලින් යුන්ගිගේ ඒ මෘදු මාංශපේෂින් හැගුම්බර විදිහකට පිරිමැදපු හෝසෝක් එකපාරම මුලු අත්ලම ඒ මතින් තිබ්බේ ඒ අත්ලේ උණුහුමට වගේම ඒ දැනුනු ස්පර්ශයට ඔහුගේ ඇස් පියවෙද්දි..
"මගේම විතරයි....!!"
ආයෙමත් යුන්ගිගේ දෙතොල් පෙති මත මුව තද කරපු හෝසෝක් මේ වතාවේ ඒ සිහින් දෙතොල් සිප ගත්තේ කලින්ට වඩා වේගයෙන්.
කලින් තරම් මෘදු නොවුනු ඒ සිපගැනුම යුන්ගිගේ රෝස පාට දෙතොල් තද රතුපාට කළේ හෝසෝක්ගේ දසන් යුන්ගිගේ තොල්වල සෑම දශමයක්ම තමන්ගේ භාරයට ගනිද්දි.
මෙච්චර වෙලා යුන්ගිගේ හිසට ඉහළින් යුන්ගිගේ දෑත් තද කරගෙන උන්නු තමන්ගේ අත එතනින් ඉවතට ගත්තු හෝසෝක් යුන්ගිගේ කම්මුලක් මතින් ඒ අත නැවැත්තුවේ තව තවත් ඒ හාදුව ගැඹුරු කරමින්.
ලද අවසරයෙන් දෑතම නිදහස් කරගත්තු යුන්ගි ඔහුගේ අත් දෙකම හෝසෝක්ගේ ගෙල වටේ ඔතාගත්තේ හෝසෝක්ට තවත් ඉස්සරහට යන්න අනුබල දෙමින්.
ඒත් එක්කම තරමක් තදින් යුන්ගිගේ යටි තොල සපාකාපු හෝසෝක් බලාපොරොත්තු නොවුනු වේදනාවෙන් විවර වුනු යුන්ගිගේ දෙතොල් පෙති අතරින් ඔහුගේ මුව තුළට ඇතුල් වුනේ දෙන්නම ඒ පහසට අනායාසයෙන් ම නතු වෙද්දි.
හෝසෝක් යුන්ගිගේ මුවේ ඉමක් කොණක් නෑරම රස බලද්දි යුන්ගි හෝසෝක්ට ඉඩ දුන්නේ කාලෙකින් ලැබුනු ඒ තෘප්තිය හිතේ හැටියට විදගන්න ගමන්.
ඒත්....
(යෑස්...බාල්දියක්..👹️)
එකපාරටම...
ඒ දෙන්නම ගැස්සුනේ මහ හඩින් ඇහුනු සද්දෙට..
සිපගන්න එක පැත්තකට දාලා දෙපැත්තට වුණු ඒ දෙන්නා ඇසුත් ලොකු කරගෙන බැලුවේ සද්දේ ආපු දිහා.
දිලිසෙන රතුපාට තොල් එක්ක ඒ තොල්වලටම ගැලපෙන රතුපාටකින් හැඩවුනු මූණකින් ඉදිරිය බලපු යූන්ගි දැක්කේ ගල් ගැහිලා වගේ දොර ඉස්සරහට වෙලා ඇසුත් ලොකුකරගෙන බලාගෙන ඉන්න ජින්වයි දොරට තට්ටු කරන්න ඉහළට ඔසවපු අත එහෙමම තියාගෙන හක්ක බිම වැදෙන තරම් කටත් ඇරගෙන බලාගෙන උන්නු ටේයෝන්වයි..
ර්‍ඒ අතරේ කටවටේ තිබුනු කෙල පිහිදගන්න ගමන් හොදම වෙලාවේ කාමරේට කඩාපාත් වුනේ මොකාද බලන්න වගේ රවාගෙන ඉස්සරහ බලපු හෝසෝක් දැක්කේ දොර ඉස්සරහ හිටගෙන උන්නු දෙන්නගේ කකුල් ඉස්සරහ බිම වැටිලා තිබුණු සැන්විච් පිරුණු බන්දේසිය....
"ටේයෝන්.....?"
ජින් කාමරේ ඉන්න දෙන්නටත් ඇහෙන හඩකින් කිව්වේ ලැජ්ජාවක් කියලා නාමයක්වත් නෑ වගේ හිස් මූණකින් එයාලා දිහාම බලාගෙන ඇස් දෙකත් රෝල් කරන ගමන් යුන්ගිගේ ඇග උඩින් අයින් වුනු හෝසෝක් ඇදේ පැත්තකින් හිටගනිද්දි.
"ජින්....?"
ටේයෝන් උත්තර දුන්නේ දොරට තට්ටු කරන්න ඔසවපු අත හෙමීට පහළට කරපු ගමන්.
එයා තට්ටු කරන්න කලින් ජින් දොර ඇරපු එක ඇත්තටම ටේයෝන්ගේ වරදක් නෙමෙයි...එහෙම නේද...?
"හාපික් බිව්වමද ඉක්මනට මැරෙන්නේ මීපාසානං කෑවමද...?"
ජින්ගෙයි ටේයෝන්ගෙයි බැල්ම රේඩාර් එකක් වගේ නොවෙනස්ව තමන් දෙන්නගේ දිහාට එල්ල වෙලා තියනවා දකපු යුන්ගි පැත්තට තිබුනු රෙද්ද අරන් ඔලුවේ ඉදන් පොරවගත්තේ ලැජ්ජාව දරාගන්නම බැරි තැන.
"මං නම් හිතන්නේ ඔය දෙකටම වඩා ඉක්මනට මැරෙන්නේ නම්ජූන් හ්‍යුන්ග්ගේ වටලප්පම් කෑවම...!!"
ටේයෝන් කිව්වේ ඇද උඩට වෙලා මමියක් වගේ එතිලා ඉන්න යුන්ගි දිහයි ඇද පැත්තකට වෙලා අත් දෙකත් බැදගෙන හෙණ ගහපු වරකා ගහක් වගේ යක්ශ බැල්මකින් බලාගෙන ඉන්න හෝසෝක් දිහයි මාරුවෙන් මාරුවට බලමින්.
"එහෙනම් තවත් පරක්කු වෙන්න බෑ...යමු..!!"
ජින් ටේයෝන්ට කිව්වේ ලොකූ හුස්මක් අරන් ළය සැහැල්ලු කරගන්න ගමන්.
"යමු..?කොහේද...??"
ටේයෝන් ජින් දිහාට හැරුනේ මූණ ප්‍රශ්නාර්තයක් වගේ කරගෙන.
"වෙන කොහෙද..නම්ජූන් ගාවට..!!"
ටේයෝන් ඒත් බලාගෙන හිටියේ ජින් කියන හත්තිලව්වක් තේරුම් ගන්න බැරිව.
"ඒ මොකටද...?!"
ජින් ටේයෝන් දිහාට හැරුනේ පුදුමාකාර සීරියස් බැල්මකින්.
"එයාගේ වටලප්පම කාලා මැරෙන්න.....!!!මේ වගේ දෙයක් දැක්කට පස්සෙත් මට තවත් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා ඔයා හිතනවද ටේයෝන්...බෑ....කීයටවත් බෑ...!!!!!"
ටික වෙලාවක් ජින් දිහා බලන් හිටපු ටේයෝන් හිස වැනුවෙ ඔහුට එකට වෙමින්.
"ඇත්ත...මං එකගයි..."
"අපි යමූ..!"
ජින් ඔලුව වැනුවෙ හා කියමින්.ඒ දෙන්නම අනිත් පැත්ත හැරුනේ ඇති වෙලා වගේ තමන් දිහා බලන් ඉන්න හෝසෝක්වයි කකුල් ලග ඉහිරිලා තිබුනු කෑම ටිකයි දැක්කේ නෑ වගේ තාමත් විවරව තිබුනු දොරෙන් එළියට යන්නයි..
ඒත් එයාලාට පියවරක් තියන්නත් කලින් නතර වෙන්න උනේ පිටිපස්සෙන් ඇහුනු හෝසෝක්ගේ හඩට.
"මං හිතන්නෙ ඔය බිම තියෙන්නේ යූන්ගිගෙයි මගෙයි කෑම එක වෙන්න ඕනි....?!"
"වාව් ඔයා හෙන බුද්ධිමත්නේ හෝසෝකා...කොහොමද දැනගත්තේ...!!!!"
ජින් කිව්වේ ඔලුව විතරක් හරෝලා මහා පුදුමෙකින් වගේ හෝසෝක් දිහා බලලා..
"ඔය දෙන්නට ඕනි වටලප්පමක් කාගන්න පුලුවන් යූන්ගිටයි මටයි අලුත් කෑම එකක් ගෙනත් දුන්නට පස්සේ..!!!"
හෝසෝක් කිව්වේ ජීන් දිහා බලලා ඔරවන ගමන්.ඒ උනාට ජින් නෙමෙයි ඒක ගානකටවත් ගත්තේ.
"ඔයා දන්නවද හෝසෝකා මාරි ඇන්ටොනයිට් බිසවගේ ප්‍රසිද්ධ කියමන..?"
"මොකක් ද...?"
හෝසෝක් ඇහුවේ නළලත් රැලි කරන්.
"පාන්..නැත්නම්...බෝයිෆ්‍රෙන්ඩ්ව...කාපම්......!!"
යුන්ගි ශීට් එක අස්සේ හැන්ගිලා ඉන්න ගමන්ම හිනා වෙද්දි හෝසෝක් ජින් දිහා බැලුවේ පිස්සෙක් දිහා බලනවා වගේ.
"කාගෙන යන්න කාගෙන යන්න...එහෙනම් කොල්ලෝ අපි යනවා...බාආආයී......!!!"
හෝසෝක්ගේ බැල්ම ගානකටවත් නොගත්තු ජින් ටේයෝන්ව ඇදගෙන එතනින් දුවගෙන ගියේ ලස්සනට හිනා වෙලා හෝසෝක්ට ඇහැකුත් ගැහුවට පස්සේ...
"ඔය දොර වහගෙන යනවා ජීන්න්න්න්න්න්න්........!!!!!!!!!"
__________________________________
කාර්‍යබහුල සෝල් නගරයට වැටුනු දීප්තිමත් හිරු එළිය කියා පෑවේ තවත් අලුත් දවසක ආරම්භයක්.
ඒ තරම් ජනාකීර්ණ නොවුනු මාර්ගයක් දිගේ වේගයෙන් ඇදිලා ආපු කලු පාට මෝටර් රථයක් ඒ මාවතේ අයිනක තිබුණු පැරණි ගොඩනැගිල්ලක් ඉදිරියේ නතර වුනේ මහ හඩක් නන්වමින්.
කලබලයෙන් වගේ ඒකෙන් බැහැපු ෆුල් සූට් එකක් ඇදගෙන උන්නු පුද්ගලයෙක් ගොඩනැගිල්ල ඉදිරියේ උන්නු ගාඩ්ලා දෙන්නට මොකක්දෝ මන්දා කියලා ගොඩනැගිල්ල ඇතුළට දුවගෙන ගියේ වේගයෙන්.
ඉදිරියට හමුවෙන හැමෝම තමන්ට හිස නමමින් ආචාර කරද්දි ඔවුන්ව ගානකටවත් නොගත්තු ඒ පුද්ගලයා පඩිපෙළ දිගේ දෙවනි මහළට දුවගෙන ගියේ හති දමමින්.
ඔහුගේ මූණේ තිබුනේ හොදටන බියට පත් වුණු පෙනුමක්.හරියට කවුරු හරි මරන්න පස්සෙන් පන්නනවා වගේ.
දෙවනි මහලට ආවායින් පස්සේ හමුවුණු පළවෙනි කාමරය පහු කරගෙන ගිය ඔහු නතර වුනේ දෙවනි කාමරය ගාව.
එකපෙළට තුන් වතාවක් දොරට තට්ටු කරපු ඔහු තමන්ට ඇතුළට එන්න අවසර ලැබෙනකම් දොර ඉස්සරහට වෙලා හිටගෙන හිටියේ වේගයෙන් ගැහෙන පපුව පාලනය කරගන්න උත්සාහ කරමින්..
"එන්න...!"
ඒත් එක්කම ඔහු දොර ඇරගෙන කාමරය ඇතුළට උනේ ඒ වේගයෙන් ම ආයෙමත් දොර වහමින්.
"මං හිතුවේ නෑ ඔයා මෙච්චර ඉක්මනට එයි කියලා හානෙවුල්..ෆ්ලයිට් එක තියෙන්නේ දහයට කිව්වා නේද...?තාම වෙලාව අටයි..."
කාමරය ඇතුළේ හිටපු කෙනා කිව්වේ ඔහු අදිමින් උන්නු කමිසයේ බොත්තම් දාගන්න ගමන්.
"බොස්...ෆ්ලයිට් එක නෙමෙයි...අපිට ලොකු ප්‍රශ්නයක්...!!!"
හානෙවුල් කිව්වේ තමන්ගේ ඉදිරියේ ඉන්න පුද්ගලයා දිහා බියට පත් වුනු බැල්මකින් බලමින්.
"ප්‍රශ්නයක්...??!"
ඔහු හානෙවුල් දිහාට හැරුනේ ඒ තියුණු නෙත් සම්පූර්ණෙන්ම හානෙවුල් දිහාට හරවමින්.
කාමරයේ ඉහළින් ෆෑන් එක උපරිම වේගයෙන් කැරකෙමින් තිබුනත් හානෙවුල්ට දැනුනේ එයා ගිනි කන්දක් ලග හිටගෙන ඉන්නවා වගේ..
කාමරය මැද තිබුනු ඇදේ නිල්පාට ඇදරෙදි මත තිබුනු දුරකථනය දැකපු හානෙවුල්ගේ ඇස් ලොකු උනේ තැති ගැන්මෙන්.
"බොස් අද කාටහරි කෝල් එකක් ගත්තද...?"
ඔහු ඇහුවේ කාමරයේ ජනේලය ගාවට දුවගෙන යන ගමන්.
"ඔව්..මං ටිකකට කලින් ක්ලයන්ට් කෙනෙක්ට කෝල් කළා...ඇයි..??"
ඔහු ඇහුවේ ජනේල් වීදුරුවෙන් එළිය බලාගෙන උන්නු හානෙවුල් දිහා සැකයෙන් බලමින්.
"එයාලා බොස්ගේ කෝල් එක ට්‍රැක් කරලා...!!!!"
හනෙවුල් ජනේලය ලගින් අයින් උනේ ඇසුත් ලොකු කරගෙන..
"මොකක්..?"
"බොස්...උසාවියෙන් බොස්ව ඇරෙස්ට් කරන්න නියෝගයක් නිකුත් කරලා....එයාලා...එයාලා දැනටමත් මෙතන හොයාගෙන..!!!"
හානෙවුල් කිව්වේ කරන්න ඕනි මොකක්ද කියලා හිතාගන්න බැරිව.
"ඇරෙස්ට් කරන්න...මේ මාව...මිනිහෝ මං ජැන්ග් හ්‍යුක්...මොකාටද මාව ඇරෙස්ට් කරන්න හයියක් තියෙන්නේ....!!!"
ජැන්ග් හ්‍යුක් කෑ ගැහුවේ කේන්තියෙන්.
ඔහුගේ ඇස් රතු වෙලා තිබුනේ හානෙවුල්වත් බය කරමින්.
"ඒක උසාවි නියෝගයක් බොස්..මුලු කොරියාවලම හැම නිව්ස් චැනල් එකකම බ්‍ර්‍රේකින් නිව්ස් විදිහට බොස්ව ඇරෙස්ට් කරන නියෝගය ප්‍රසිද්ධ කරලා තියෙන්නේ..බොස්ගේ ෆොටෝ එක ටව්න් එකේ හැම බිල්බෝඩ් එකකම පෙන්නනවා කොහේදි හරි දැක්කොත් දැනුම් දෙන්න කියලා..බොස්ට රටින් පිට වෙන එකත් තහනම් කරලා...!!"
හානෙවුල් කියාගෙන කියාගෙන ගියේ ජැන්ග් හ්‍යුක්ගෙත් ඇස් නලලට යද්දි.
"මොන හු%$#@...????!!!"
"පොලිසියේ උන් මෙතෙන්ට එන්න කලින් අපි මේකෙන් ගැලවෙන්න විදිහක් බලන්න ඕනි බොස්..!!"
හානෙවුල් කිව්වේ හිස බදාගෙන කල්පනා කරන ගමන්.ඒත් ජැන්ග් හ්‍යුක්ගේ ඔලුවේ තිබුනේ එකප්‍රශ්නයයි.
"උන් මාව ඇරෙස්ට් කරන්නේ මගේ මොන වැරැද්දටද..?"
ජැන්ග් හ්‍යුක් දන්නවා එයා මෙච්චර කාලෙකට කරපු කිසිම වැඩක් එයා සාක්ශි ඉතුරු වෙන විදිහට කළේ නෑ කියලා..එහෙම එකේ පොලිසියට තමන්ව ඇරෙස්ට් කරන්න තරමේ වැරැද්දක් අහූ වෙලා තියනවා කියන එක ජැන්ග් හ්‍යුක්ට ගෙනාවේ පුදුමයක්.
ඒත් හානෙවුල් ඒකට උත්තර දෙන්න කලින් ඔවුන් උන්නු කුටියේ දොර විවර වුනේ ඒ දෙන්නම දොර පැත්තට හැරෙද්දි.
විවර වුනු දොරෙන් ඇතුළට ආපු පොලිස් නිල ඇදුමින් සැරසුනු උස තරුණයෙක් ඔහුගේ නිල හැදුනුම්පත කුටිය ඇතුලේ උන්නු දෙන්නට පෙන්නුවේ හානෙවුල් පිස්තෝලයක් අතට ගනිද්දි.
"මං ඉන්ස්පෙක්ටර් චෝයි මින්හෝ...කරුණාකරලා වෙපන්ස් බිමට දාන්න..!!!"
ඔහුට පිටුපසින් උන්නු අනිත් පොලිස් නිලදාරින් හානෙවුල් දිහාට ඔවුන්ගේ රයිෆල් එල්ල කරද්දි හානෙවුල් ඔහුගේ පිස්තෝලය බිමට දැම්මේ ජැන්ග් හ්‍යුක්ගේ සන් කිරීමෙන්.
"ජෑන්ග් හ්‍යුක්...උසාවියෙන් අපිට නියෝගයක් ලැබිලා තියනවා මීට අවුරුදු හතරකට කලින් සිද්ද වුනු මින් සොන්හ්‍යොන් සහ පාක් යේ ජීන්ගේ මරණයන් සම්බන්ධයෙන් ඔබව අත් අඩන්ගුවට ගන්න කියලා..ඒ වගේම මිනීමැරුමක් සැලසුම් කිරීම,මිනීමැරුම් සිදු සහ මිනීමැරූමේ සාක්ශි සැගවීමට උත්සාහ කිරීම සම්බන්දයෙන් ඔබට චෝදනා එල්ල වෙලා තියනවා....මේ කරුණුවලට අනුව අපිට සිද්ධ වෙනවා ඔබව අත් අඩන්ගුවට ගැනීමට..අවශ්‍යනම් නිහඩව සිටීමටත් නීතිඥ සහය ලබා ගැනීමටත් ඔබට සම්පූර්ණෙන්ම නිදහස ලැබෙනවා..."
පොලිස් පරීක්ෂක චෝයි මින්හෝ කිව්වේ නිල නියෝග පත්‍රය ඔවුන්ට පෙනෙන විදිහට ඉදිරියෙන් තියාගෙන.
ජැන්ග් හ්‍යුක් මොකුත් ම නොකියා බලාගෙන ඉද්දි මින්හෝ එයාගේ ලග උන්නු පොලිස් නිලධාරියාට හිසින් සන් කළේ ඔහුව පෙන්වමින්.
මින්හෝගේ අනින් ඉදිරියට ආපු නිලධාරියා ජැන්ග් හ්‍යුක්ගේ අත්වලට මාංචු දැම්මේ ජැන්ග් හ්‍යුක් කල්පනාවෙන් බලාගෙන ඉද්දි.
"බොස්...?!"
ජැන්ග් හ්‍යුක් හානෙවුල් දිහා බැලුවේ කට කොනින් හිනා වෙන ගමන්.
"කලබල වෙන්න එපා..මේ පොලිසියේ මහත්තුරු මාව එක්කගෙන යන පළවෙනි වතාව නෙමෙයිනෙ..ඔයා දන්නනේ මොකක්ද කරන්න ඕනි කියලා....මගේ ලෝයර්ට කියන්න පොලිසියට එන්න කියලා...ඒ වගේම මිනිස්ටර්ට කියන්න මං එයාගේ කෝල් එක එනකම් බලන් ඉන්නවා කියලා..."
ජැන්ග් හ්‍යුක් කිව්වේ ඒ කට හිනාවෙන් ම මින්හෝ දිහා බලමින්.
"මෙයාලා මාව එක්කගෙන යනවා වගේ ම පරිස්සමට මාව ආයෙ එක්කගෙන එයි....!"
මොකුත් නොකියපු මින්හෝත් ජැන්ග් හ්‍යුක් එක්ක හිනා වුනේ ජැන්ග් හ්‍යුක්ගේ වගේම සමච්චල් හිනාවකින්.
"අනිවාරෙන්...නෝ වොරීස්...එහෙනම් අපි යමුද...මිස්ටර්..ජැන්ග් හ්‍යුක්...?"
ඇහිබැමක් ඔසවලා අමුතු හිනාවක් දාපු ජැන්ග් හ්‍යුක් කුටියෙන් පිට වෙලා ගියේ පොලිස් නිලධාරින්ට මැදි වෙලා.
පඩිපෙළ බැහැගෙන පහළට ආපු ඔවුන් ගොඩනැගිල්ල ඉදිරියෙන් ම නවත්තලා තිබුනු ජීප් රථයේ පිටුපස අසුනට තවත් පොලිස් නිලධාරින් දෙන්නෙක් එක්ක ජැන්ග් හ්‍යුක්ව නැග්ගෙව්වේ මින්හෝ ඉදිරියෙන් වාඩි වෙද්දි.
නිහඩවම ඉදිරියට ඇදී ගෙන ගිය ජිප් රථය සෝල් නගරය දිහාට ඇදුනේ තවත් පොලිස් රථ කීපයක්ම ඔවුන්ට ඉදිරියෙන් වගේම පිටුපසිනුත් ගමන් කරද්දි.
ප්‍රධාන මාවතට ආවට පස්සේ වටපිට බලමින් උන්නු ජැන්ග් හ්‍යුක්ගේ ඇස්වලට හසු වුනේ හැම තැනකම විශාල තිරවල ප්‍රදර්ශනය කරමින් තිබුනු තමන්ගේ රූපය..
ඇස් දෙකත් රෝල් කරමින් අමුතු සද්දයක් දාපු ජැන්ග් හ්‍යුක් සීට් එකේ පස්සට වෙලා වාඩි වුනේ හෙඩ් රෙස්ට් එකෙන් ඔලුව තියන් ඇස් දෙක පියාගන්න ගමන්.ඔහුට ඕනි වුනෙ ඉක්මනින් ම මේ මල විකාර වලින් ගැලවිලා ගිහින් එයාගේ ප්ලෑන් එකේ ඉතුරු වැඩ ටික කරන්නයි.
ඒත් විනාඩි කිපයකට පස්සේ ඔහු නෙත් විවර කලේ ජීප් රථය සුමට කාපට් පාරේ වෙනුවට ගල් බොරොලු පිරුනු කැඩුනු පාරක යනවා වගේ දැනෙද්දි.
ඇස් ඇරපු ඔහු කාර්‍යබහුල සෝල් නගරය වෙනුවට දැක්කේ පාලුවට ගිය කැළෑ පාරක්.
ඔහු ඒ සැනින් බැලුවේ මින්හෝ දිහා.
"මේ කොහේද මේ...???අපි මේ යන්නේ සෝල් පොලිස් ස්ටේශන් එකට යන පාරේ නෙමෙයි...!!!!!"
ජැන්ග් හ්‍යුක් කෑ ගැහුවෙ ඉදිරියට නැමෙන ගමන්.
ඒත් ඔහුගේ දෙපැත්තේ උන්නු පොලිස් නිලදාරි දෙන්නා ඔහුව ආයෙමත් පිටිපස්සට ඇදලා අරන් සීට් එකට තද කලේ මින්හෝ පිටිපස්ස හැරිලා ලස්සන හිනාවක් දාද්දි.
"ඉතින් කවුද ඔයාට කිව්වේ අපි යන්නේ සෝල් පොලිස් ස්ටේශන් එකට කියලා ජැන්ග් හ්‍යුක්....!!"
මින්හෝගේ හඩ පිරිලා තිබුනේ සමච්චල් ගතියකින්.
ජැන්ග් හ්‍යුක්ට තව තවත් කේන්ති ගියේ ඒකට.
"මොකක්...???!! පොලිස් ස්ටේශන් එකට මෙමෙයිනම් මේ කොහේද යන්නේ....????!!!"
ජැන්ග් හ්‍යුක් කෑ ගැහුවේ ඔහුව අල්ලගෙන උන්නු නිලධාරින් දෙන්නගෙන් ගැලවෙන්න උත්සාහ කරමින්.
"ඔයාට ඉක්මනට දැනගන්න පුලුවන් වෙයි...!"
ජැන්ග් හ්‍යුක් හිටියේ පිස්සු හැදුනු කොටියෙක් වගේ ගොරවමින්..
"තමුසෙට මං....!!!!"
ජෑන්ග් හ්‍යුක් ආයෙමත් කෑ ගහන්න හැදුවත් ඔහුට වඩා හයියෙන් මින්හෝ කෑ ගැහුවේ පිටුපසට හැරිලා ඔහුගේ අතේ තිබුනු රිවෝල්වරය ජැන්ග් හ්‍යුක්ගේ නලලට තියමින්.
"ජස්ට් ශට් ද ෆක් අප්...!!!!! තමුසේ දැන් කට වහගත්තේ නැත්නම් මං උබේ ඔය වැඩකට නැති මොලෙ කුඩු කරලා දානවා මෙතනම..!!!!"
වැඩි වෙලාවක් යන්න කලින් ඔවුන් උන්නු ජිප් රථය ඇවිත් නතර වුනේ තරමක් එලි පෙහෙලි කරපු පිට්ටනියක් වගේ තැනක.ඒ වෙද්දිත් එතන තවත් පොලිස් ජීප් රථ කීපයක්,මෝටර් රථ කීපයක් වගේම ඩිෆෙන්ඩර් රථ කීපයකුත් නවත්තලා තිබුනේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් වගේ.
නවත්තපු රථයෙන් බැහැපු මින්හො පිටිපස්සේ දොර විවර කලේ එහිඋන්නු පොලිස් නිලධාරියෝ දෙන්නා ජැන්ග් හ්‍යුක්වත් ඇදගෙන බිමට බහිද්දි.
ඔවුන් එක්ක ආපු අනිත් ජිප් රථයේ ආපු පොලිස් නිලධාරින් හයදෙනෙක්ම ජැන්ග් හ්‍යුක් වටේට ඇවිත් හිට ගත්තේ ඔහුගේ දිහාට තමන්ගේ රිවෝල්වරයන් එල්ල කරමින්.
දත් මිටි කාගෙන උන්නු ජැන්ග් හ්‍යුක් දිහා බලලා කැත හිනාවක් දාපු මින්හෝ ඉදිරියට පියවර තිබ්බේ ඔවුන්ට ඉදිරියෙන් උන්නු පිරිස ගාවට.
එතකොටයි ජැන්ග් හ්‍යුක් ඔවුන්ව දැක්කේ..
ජැන්ග් හ්‍යුක්ගේ මුලු මූණම කේන්තියෙන් නලියන්න ගත්තේ ඔහුගේ දිහා කට කොනින් හිනා වෙන ගමන් බලාගෙන උන්නු පුද්ගලයා දැකලා...
"උඹ......!!!!!!!!"
එතන හිටියේ හෝසෝක්..ජැන්ග් හ්‍යුක්ගේ පරම ප්‍රතිවාදියා..
නිකන්ම නෙමෙයි...සමච්චල් බැල්මකුත් එක්ක..සීරෝ එකේ අයත් වටකරගෙන.
"යර්ස් මී.....යුවර් හෝප්.....!"
හෝසෝක් කිව්වේ ඔහු හේත්තු වෙලා උන්නු මෝටර් රියෙන් ඈත් වෙලා ඒ ලගම හිටගෙන උන්නු තවත් පුද්ගලයෙක් දිහාට හැරෙමින්.
ෆුල් සූට් එකකින් සැරසිලා හිටපු ඔහුගේ බඩ තරමක් ඉදිරියට නෙරාවිත් තිබුනත් ඔහුට තිබුනේ තේජාන්විත පෙනුමක්..
"තෑන්ක් යූ අන්කල්.....!!"
හෝසෝක් කිව්වෙ හිනා වෙමින් උන්නු ඒ කෙනාව වැලදගනිමින්.
"නෝ වොරීස්....ඔයාට උදව්වක් ඕනි වෙන හැම වෙලාවකම මේ අන්කල් ඉන්නවා ඕනි දේකට...!"
ඔහු කිව්වේ හෝසෝක්ගේ පිටට තට්ටුවක් දාමින්.
"ඒක මට ලොකු දෙයක් අන්කල්...!"
හෝසෝක් ලේසියෙන් කෙනෙක් එක්ක ඒ විදිහට කතා කරන්නේ නැති උනත් ඒ පුද්ගලයා එක්ක ඔහු කතා කරන විදිහෙන් තේරුනේ ඔවුන් ගොඩාක් හිතවත් කියන එකයි.
"ඕකේ...එහෙනම් පුතා..මං යන්නම්....මගේ වැඩේ ඉවරයි..දැන් ඉදන් මෙයාව ඔයාට භාරයි...!"
ඔහු කිව්වේ ගිනි ගනිමින් වගේ ඔවුන් දිහා බලාගෙන උන්නු ජැන්ග් හ්‍යුක්ව පෙන්නමින්.
ජැන්ග් හ්‍යුක් දිහා බලලා යක්ශ හිනාවක් දාපු හෝසෝක් ඊගාවට කතා කළේ ජැක්සන්ට.
"ජැක්සන්.....අපේ වාහන දෙකක් අන්කල් එක්ක යවන්න..එයා කමිෂනර් උනත් පොලිසියට වඩා එයාට මාව විශ්වාසයි..."
හෝසෝක් හිනා වෙවී කියද්දි කමිෂනර් හිනා වුනේ එපා කිව්වත් හෝසෝක් අහන්නේ නැති බව දැන ගෙන.
කමිශනර්ගේ වාහනෙත් එක්ක ඔහු එක්ක ආපු පොලිස් රථ තුනයි ජැක්සන්ගේ වාහන දෙකයි පිට වෙනකම් ඉදපු හෝසෝක් ඊගාවට ගියේ මින්හෝ ගාවට.
"වෙල් ඩන් මින් හෝ....!"
හෝසෝක් කියද්දි මින්හෝ හිස පාත් කළේ හෝසෝක්ට ගරු කිරිමක් විදිහට.
"තෑන්ක් යූ බොස්...."
මින්හෝ කියද්දි හිස සලපු හෝසෝක් ඊගාවට නැවතුනේ හෙල්ලෙන්නවත් බැරිව පොලිස් නිලදාරින්ගේ ග්‍රහණයට හසුවෙලා උන්නු ජැන්ග් හ්‍යුක් ගාව.
"මේ ඔක්කොම උබේ ප්ලෑන් එකක් එහෙනම්....!!!"
ජැන්ග් හ්‍යුක් කෑ ගැහුවේ හෝසෝක් ඔහුගේ අත් දෙක සාක්කුවෙ දාගනිද්දි..
හෝසෝක්ගේ බැල්ම මොන තරම් නම් සමච්චල් සහගතද කියනවානම් ජැන්ග් හ්‍යුක්ට දැනුනේ හෝසෝක්ව එතනම මරලා දාන්න තරම් කේන්තියක්..
ඒත් අවාසනාවකට වගේ එච්චර හරියක් කරන්න තියා අතක් හොල්ලන්නවත් පුලුව්න් කමක් ජැන්ග් හ්‍යුක්ට තිබුනේ නෑ..
"ඇයි...ඔයා හිතුවේ මේ හැමදේම කළේ පොලිසිය කියලද....??!"
හෝසෝක් කිව්වේ මහ හයියෙන් හිනා වෙමින්.
"පොලිසිය කළේ මට වෙන්න ඕනි කියලා මං කියපු දේ විතරයි හ්‍යුක්.....ඔයා දන්නවද.....මින් සොන්හ්‍යොන්ගෙයි මගේ අම්මාගෙයි මිනීනරුවා තමුසේ කියලා කියන්න සාක්ෂි හොයාගත්තේ තමුන් ගාව ඉදන් තමුන් ගැන හැම රහසක්ම හොයාගත්තු උබේ ජේජේ..ඒ කියන්නේ අපේ ජියෝන් ජන්කුක්....තමුසේ එයාට වහ දුන්නට ඒ වෙද්දිත් තමුසේ පරක්කුයි..මොකද ඒ වෙද්දිත් එයා තමුසෙව නැති කරන්න ඕනි කරන හැම දෙයක්ම හොයාගෙනයි හිටියේ...!!!!"
හෝසෝක් කිව්වේ ජැන්ග් හ්‍යුක් ගාවට ළන් වෙමින්..
"ඒත් මේ ප්ලෑන් එක...ඒක මගේ නෙමෙයි....මේ ප්ලෑන් එක මින් සොන්හ්‍යොන්ගේ පුතාගේ.....!!"
හෝසෝක් කියද්දි ජැන්ග් හ්‍යුක්ගේ ඇස් ගැස්සුනේ පුදුමයෙන්.
"ඇයි...පුදුමයිද.....?ඒත් ඒක තමයි ඇත්ත..මේ හැමදේම යූන්ගිගේ ප්ලෑන් එකක්....තව ටිකකින් පොලිසියෙන් ස්ටේට්මන්ට් එකක් දෙයි 'අත් අඩන්ගුවට ගත් ජැන්ග් හ්‍යුක් මීට සුලු මොහොතකට පෙර පැන යාමට තැත් කිරීමේදි පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට.' කියලා..ඊට පස්සේ ඉදන් තමුන් මේ ලෝකෙට මැරුනු මනුස්සයෙක් ජැන්ග් හ්‍යුක්.....!!"
එක අතක් සාක්කුවෙන් එළියට ගත්තු හෝසෝක් ඒ අත ජැන්ග් හ්‍යුක්ගේ බෙල්ල ලගට කළේ දුශ්ට විදිහට හිනා වෙන ගමන්.
"එහෙනම්....ලෑස්ති වෙයන් කරපු හැමදේකම විපාක විදින්න...ආයෙත් තමුසේ ඇස් අරිද්දි තමුසේ තේරුම් ගනියි මිහිපිට අපාය කියන්නේ මොකක්ද කියලා...!!"
ජැන්ග් හ්‍යුක්ට දැනුනා හෝසෝක් යමක් තමන්ගේ බෙල්ලට තද කරන හැටි..ඒත් එක්කම ඔහුට දැනුනේ තමන්ගෙ ඇස් පියවෙන්න එනවා වගේ..
ඔහුට හෝසෝක්ට කියන්න දේවල් තිබුනත් ඔහුට වචනයක්වත් කියාගන්න බැරි උනේ ඔහුගේ මුලු සිරුරම ඔහුගේ පාලනයෙන් ගිලිහෙද්දි.
ඇස් පියවෙන්න කලින් ඔහු අන්තිමට දැක්කේ හෝසෝක් සිරින්ජර් එකක් පැත්තකට විසි කරලා දාන හැටි...
සිහිකල්පනාව නැති වෙලා යන්න කලින් ඔහුට අන්තිමට ඇහුනේ හෝසෝක්ගේ මුවින් පිටවුනු ඒ විධානය..
"මෙයාව අරන් යන්න හේඩ්ස්වලට....."
හේඩ්ස්............
ජේහෝප්ගේ අතින් මේ ලෝකේ තියන අන්තිම දරුණු වද වේදනා විදලා මැරෙන්න නියම වෙලා තියන අයව අරන් යන තැන....
ජේහෝප්ගේ වචනවලින් කිව්වොත් එයාගේ පැරඩයිස් එක.
එතනින් ගැලවිලා යන්න බැරිව ඒක අස්සෙම මැරි මැරී ඉපදෙන අයට අනුව නම් මිහිපිට අපාය.
හේඩ්ස්....
ඒ තමයි..
සීරෝ එකේ වධකාගාරය.
_____________________________________
18/07/2022
(4041 Words)
කොටස් දෙකකින් ඉවර කරන්නම් කිව්වට මේ මරාගන්න සීන් ටික සෑහෙන්න දිගයිනේ ළමයිනේ...🥲
ඒ නිසා මං ඒක කොටස් දෙකකට කඩලා ඉතුරු ටික වෙන චැප්ටර් එකක් විදිහට දෙන්නම් හොදේ...😁❤️
එනිවේ....🗿
යුන්ගිගේ ෆස්ට් ටයිම් එක බෙහෙත් ගද ගහන හොස්පිට්ල් රූම් එකක් අස්සේ වෙන එක නවත්තපු ජින්ටයි ටේටයි සැන්විච් දීසියටයි මගේ උත්තමාචාරය.....😌✋
Thank you for reading...❤️
Love You..💙😘
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top