Chapter 48


______________________________________

If it has happy ending,
It's a love story,

But if it has no ending,
Then it is LOVE.

_______________________________________

අවුරුදු දහයක්...

ඇය මේ පොළොවට පය තිබ්බේ අවුරුදුම දහයකට පස්සේ...අන්තිමට කොරියාවෙන් පිට වෙද්දි තිබුනු හැමදේම අද වෙද්දි කොච්චර වෙනස් වෙලාද කියලා ඇය කල්පනා කළේ ඇය ගමන් කරමින් උන්නු බෙන්ස් රථයෙන් එලියේ පේන සෝල් නගරය දිහා බලාගෙන..

මංමාවත් ගොඩනැගිලි විතරක් නෙමෙයි මිනිස්සු පවා වෙනස් වෙලා..හැමදේම කාර්‍යබහුල වෙලා..හැම කෙනෙක්ම ඉන්නේ තම තමන්ගේ ලෝකවල..

ඒත් ඒක තමයි ලෝකේ හැටි.කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන බව ඇය දන්නේ අත්දැකීමෙන්මයි..

ඇයගේ ඇස් ජනෙල් කවුලුවෙන් මිදිලා යොමු වුනේ ඇයට දකුණු පැත්තේ වාඩි වෙලා කල්පනාවක ගිලිලා හිටපු තරුණයා ළග..

ඔව්...හැමදේම කාලයත් එක්ක වෙනස් වෙනවා කියලා ඇයට විශ්වාසයි..

ඇය අන්තිමට ඔහුව දකිද්දි ඔහු නව යෞවනයෙක්..නළල පුරා වැටුනු කෙස් රොදින් වැහුනු ඇස්වල හැමවෙලේම තිබුනේ ඒ ඇස් දකින මිනිස්සුන්වත් ගල් වෙන තරමේ සීතලක්..හිනා පොදක් නැති මුව වගේම හැගීමක අංශුමාත්‍රයක්වත් නැති ඒ මූණත් එක්ක ඔහු ජීවත් වුනේ ගලක් වගේ..

ඒත් අද ඇයගේ ඉස්සරහා ඉන්න මේ තරුණයා ඇයගේ මතකයේ ඉන්න තරුණයට වඩා ගොඩක් වෙනස් කියලා ඇයට තේරුම් ගියේ දවසකට කලින් ඔහු ඇගේ දොරකඩ මතු වුනු වෙලාවේමයි..

ඉහළට කරලා පීරපු කොණ්ඩෙන් නිරාවරණය වුනු පුළුල් නළල් තලයෙන් ඔහුගේ කඩවසම් මූණට කැපී පෙනෙන වෙනසක් එකතු වෙලා තිබුනු බව ඇත්ත..ඒත් ඇයට දැනුනු වෙනස ඒක නෙමෙයි..

ඒ තමයි ඔහුගේ ඇස්.

ඇයගේ මතකයේ රැදිලා තිබුනු සීතල ඇස් වෙනුවට ඔහු ඇය දිහා බලාගෙන හිටියේ උණුසුම් ඇස්වලින්.

ඇයට ඔහුගේ හිනාව මොන වගේ ද කියලා මතක තිබුනේ නෑ..මොකද ඒ කාලේ ඔහු හිටියේ හිනාව අමතක කරලා..

ඒත් අවුරුදු දහයකට පස්සේ ඇය ඉස්සරහ ඔහු හිටගෙන හිටියේ ආදරණීය හිනාවක් මුවේ දරාගෙන..

ඒ මුලු මූණම තිබුනේ හැගීම්වලින් පිරිලා..

ඉතින් ඒ නිසාමයි ඇය විශ්වාස කරන්නේ හැමදේම වෙනස් කරන්න කාලයට පුලුවන් කියලා..

ඔහු දිහා බලාගෙනම කල්පනා කරමින් හිටපු ඇගේ මුහුණේ හිනාවක් ඇදුනේ ඉබේටමයි..ඇගේ බැල්මෙන් පියවි සිහියට ආපු ඔහු හිස ඔසවලා බලද්දි ඔහු දැක්කේ තමන් දිහා බලාගෙන ආදරෙන් හිනා වෙන ඇයව..

එකපාරටම ඔහු ඇයගේ ඇස් ඉස්සරහින් අතක් එහෙ මෙහෙ කළේ ඇයව කල්පනාවෙන් ඉවතට ගන්න වගේ.

"මං දන්නවා මගේ කඩවසම් බව දරාගන්න එක හරිම අමාරුයි කියලා...ඒත් ඔහොම මං දිහා බලාගෙන හිටියට වැඩක් වෙන්නේ නෑ මින්සූ...!"

ඔහු කිව්වේ ඇයගේ දිහා බැරෑරුම් විදිහට බලමින්.ඇයත් ඇහි බැමක් ඔසවලා ඔහු දිහා බැලුවේ ඔහුට පරදින්න උවමනාවක් නැතුව.

"ඇත්තට...මට දැනගන්න පුලුවන්ද ඒ ඇයි කියලා...?"

ඇයත් ඔහු වගේම සීරියස් හඩකින් අහද්දි ඔහු ඇය දිහා බැලුවේ සමාව අයදින බැල්මකින්.

"මොකද මේ කඩවසම් කොල්ලට දැනටමත් අයිතිකාරයෙක් ඉන්නවා...අනිත් එක...."

ඔහු ඇයගේ හිසේ ඉදන් දෙපතුල වෙනකම්ම අමුතු බැල්මක් දැම්මේ ඇය නළලත් රැලි කරගෙන ඔහු දිහා බලන් ඉද්දි.

"අනික ඔයා වයස වැඩියි....!!!!"

ඒත් එක්කම ඔහු මහ හඩින් හිනා වෙන්න ගත්තේ ඇය අතේ තිබුනු ගමන් මල්ලෙන් ඔහුට දමලා ගහද්දි..

"ආව්ව්ව් ඔය අටමගලෙන් ගහන්න එපා රිදෙනවා....!!!!"

"ඇත්තද මහත්තයෝ...මහලොකු මාෆියා නායක ජේහෝප්ට මේ පුන්චි බෑග් එකකින් ගහද්දිත් රිදෙනවද...චී චී....මොන ලැජ්ජාවක්ද මේ...!!!"

ඇය කටත් ඇදකරගෙන කිව්වේ හෝසෝක් බෑග් පාර වැදුනු උරහිස මහා ලොකු වේදනාවකින් වගේ පිරිමදිද්දි..

ඒත් එකපාරටම ඒ දෙන්නම හිනා වෙන්න පටන් ගත්තේ මහ හයියෙන්..දෙන්නට දෙන්නා මූණ දිහා බලාගෙන එකදිගට හිනා වෙන්න ගත්තේ හුග කාලෙකින් හම්බුනු යාලුවෝ දෙන්නෙක් වගෙ..

විනාඩි දෙක තුනකට පස්සේ හිනාව අඩු වෙලා යද්දි ඇය ආයෙමත් ඇගේ බෑගයෙන් හෝසෝක්ගේ අතට ගැහුවේ ආයෙමත් ඔහුට රවන ගමන්..

"ආආව්ව්ව්...ඒ පාර මොකද...?"

"ඒ මං වයස වැඩියි කිව්වට...!!"

_____________________________________

ඒ යූන්ගි රෝහල් ගත වෙලා ගෙවුනු දෙවනි දවස..හෝසෝක්ව නොදැක ගෙවපු දෙවනි දවස..ඒ වෙද්දි යුන්ගිගේ තත්ත්වය හොද මට්ටමක තිබුනත් නම්ජූන්ට ඉහළින් අණ ලැබිලා තිබුනේ දවස් තුනක් යනකම් යුන්ගිව රෝහලේම තියාගන්න කියලයි..

ඒ නිසාම සීරෝ එකේ හෙඩ්ලා හැමෝමත් මේ දවස් දෙකම හිටියේ යුන්ගිගේ කුටියේ නැවතිලා..ඇත්තටම කියනවානම් රෝහල් කාමරයකටත් වඩා ඒක තිබුනේ හෝටල් කාමරයක් වගේ..

දවල් කෑම වේලෙන් පස්සේ යූන්ගි හිටියේ සුව නින්දක් ලබන අදහසින් උනත් නින්ද යුන්ගිගේ අහලකටවත් නොඑද්දි එයා ඇස් පියාගත්තේ කම්මැලිකමට..

කොහෙන්දෝ මන්දා ඉන්ජෙක්ශන් කට්ටක් හොයාගෙන තිබුනු ජැක්සන් ඒ කට්ටත් ජිමින්ගේ සුලගිල්ලට වඩා දිගයි කිය කිය හිනා වෙන හැටි යුන්ගි අහගෙන හිටියේ ජීමින් කේන්තිය උතුරන කටහඩින් ජැක්සන්ට කෑ ගහන එකට හිත යටින් හිනා වෙන ගමන්..

ඒ අස්සේ ජන්ග් වූ සන්ග් නම්ජූන් කොල්ලා කාලේ වුනු මොකක්දෝ මන්දා මතක් කර කර ජීන් එක්ක එකතු වෙලා නම්ජූන්ට හිනා වෙන හැටිත් යූන්ගිට ඇහුනේ නින්දෙන් වගේ..

ඒත් ඇස් පියාගෙන නින්දත් නොනින්දත් අතර උන්නු යූන්ගි දෙනෙත් විවර කලේ එක එක සද්ද වලින් පිරිලා තිබුනු මුලු කුටියම වැස්සක් වැහැලා පෑව්වා වගේ එකපාරටම නිහඩ වෙද්දි.

ඒත් එක්කම ඔහුට ඇහුනේ දොරක් වැහෙන හඩක්..සමහරවිට අඩ නින්දේ හිටපු නිසාම ඔහුට දොර ඇරෙන හැටි ඇහෙන්න නැතිව ඇති..

හැමෝම නිශ්ශබ්ධ වුනේ ඇයි කියලා බලන්න යූන්ගි ඇස් ඇරියේ ඒ වෙලාවෙයි..

ඒක දැනගන්න එයාට වැඩි වෙලාවක් ගියේ නෑ..මොකද යූන්ගිගේ ඉස්සරහම වැහුනු දොරට ඉස්සරහින් හිටගෙන හිටියේ යූන්ගි දවස් ගානක් නොදැක හිටපු ඒ රූපේ..

හෝසෝක්..

ඒත් හැමෝම විසල් කරගත්තු ඇස්වලින් බලාගෙන හිටියේ හෝසෝක් දිහා නෙමෙයි..හෝසෝක්ගේ අත අල්ලාගෙන උන්නු කාන්තාව දිහා..

හැමෝම ඒ දෙන්නා දිහා බලාගෙන හිටියට ඒ දෙන්නාගේ නම් ඇස් තිබුනේ ඇද මත වාඩි වෙලා දිලිසෙන ඇස්වලින් හෝසෝක් දිහා බලන් හිටපු යූන්ගි ගාව..

යුන්ගිගේ මූණ දැක්කයින් පස්සේ තවත් තප්පරයක්වත් එයාගෙන් ඈතට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් වගෙයි හෝසෝක්ට දැනුනේ..ඒ නිසාමයි හෝසෝක් එයා මෙච්චර වෙලා අල්ලගෙන හිටපු කාන්තාවගේ අත අත් ඇරලා දාලා යුන්ගි ගාවට ගියේ..

අඩියට දෙකට යුන්ගි ගාවට ආපු හෝසෝක් එකපාරටම යූන්ගිව වැලදගත්තේ යුන්ගිගේ මූණ එයාගේ පපුවේ හන්ගගන්න ගමන්..

හැමෝම ඉන්නේ තමන් දිහා බලාගෙන කියන එක ඒ වෙලාවේ හෝසෝක්ට වැදගත් වුනේ නෑ..එයාට වැදගත් වුනු එකම දේ යූන්ගි තමන්ගේ දෑත් අතරේ ඉන්නවා කියන එක විතරයි..

"ඔයාට දැන් හොදයි නේද නිකෝ බබී...ම්ම්ම්....?"

හෝසෝක් හෙමීට ඇහුවේ යුන්ගිගේ හිස ආදරෙන් පිරිමදින ගමන්.

එයාට යුන්ගිගේ මූණ නොපෙනුනත් යුන්ගි ඔව් කියමින් හිස වනන හැටි හෝසෝක්ට දැනුනා..

"මට සමාවෙන්න ඔයාට සිහිය එන්න කලින් යන්න වුනු එකට..."

හෝසෝක් කිව්වේ පරිස්සමින් යුන්ගිව ඈත් කරන ගමන්.

"ඒකට කමක් නෑ..මං දැනගෙන හිටියා කොයි වෙලේ හරි ඔයා අනිවාරෙන්ම එනවා කියලා..."

යුන්ගිත් කිව්වේ හෝසෝක්ගෙන් ඈත් වෙලා හිනාවකින් ඔහු දිහා බලමින්.

දෙන්නට දෙන්නා ඒ ඇස්වල පැටලෙන්න ගියේ තප්පරයයි..ඒත් එයාලට වැඩි වෙලාවක් එහෙම ඉන්න හම්බුනේ නැත්තේ එකපාරටම ඇහුනු උගුර පාදන සද්දයක් නිසා..

එතකොටයි හෝසෝක්ට ඒ කාමරයේ ඉන්න අනිත් අයව මතක් වුනේ..ඒ වගේම එයත් එක්ක ආපු අමුත්තව මතක් වුනේ..

"ඕහ්..තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා...ඔයාට අදුන්නලා දෙන්න කෙනෙක් ඉන්නවා.."

හෝසෝක් කිව්වේ තවමත් දොර ගාවට වෙලා ඉන්න කාන්තාව දිහාට අත දිගු කරන ගමන්.

යුන්ගි උවමනාවෙන් ඇය දිහා බැලුවේ එතකොටයි..

කලුපාට ලිහිල් කලිසමකිනුයි සුදු පාට අත් දිග සාමාන්‍ය හැට්ටයකිනුයි සැරසිලා හිටපු ඇය ජිමින් තරමට විතර උස වුනත් ජිමින්ට වඩා පොඩ්ඩම පොඩ්ඩක් මහත බව යුන්ගි දැක්කේ ජිමිනුත් ඒ ලගම හිටගෙන හිටපු නිසා..

රිදීපාට රාමුවකින් හැඩවෙලා තිබුනු කණ්ණාඩිය ඇයගේ දිගූ නාසය මත රැදිලා තිබුනේ වැටෙන්න ඔන්න මෙන්න වගේ..

ඒත් ඒ හැමදේටම වඩා කැපී පෙනෙන දේ වුනේ ඇයගේ කොණ්ඩය..බෙල්ලේ නොගෑවෙන තරමටම කොටට කපලා තිබුනු ඇගේ කොණ්ඩයේ පාට සමාන වුනේ ඇගේ හැට්ටයේ පාටට..

ඇයට තිබුනේ ඒ තරමට ම කිරිසුදු පාට කොණ්ඩයක්..

යුන්ගිගේ ඇස් තමන්ගේ කොණ්ඩෙට යොමු වෙලා තියන බව දැකපු ඇය ලොකූ හුස්මක් පහත හෙලුවේ කොට කෙස් කැරැල්ලක් කණ පිටුපස්සේ රදවගන්න ගමන්..

"මං හිතන්නේ ආයෙමත් මගේ කොණ්ඩේ කලු පාට කරගන්න කාලේ හරි වගේ...."

ඇය කිව්වේ මුලු කුටිය පුරාම බැල්මක් යව්න ගමන්..

ඒත් එක්කම හෝසෝක් හිනා වුනේ යුන්ගිත් ඔහුට එකතු වෙද්දි..

"නිකෝ බේබී......අදුනගන්න මේ ඉන්නේ මගේ ග්‍රැනී...ජන්ග් මින්සූ...!"

හෝසෝක් කියද්දි යුන්ගි ඔහු දිහා බැලුවේ පුදුමයෙන්..

මොකද හෝසෝක් එයාගේ ආත්තම්මා ගැන යුන්ගි එක්ක කියලා තිබුනත් එයාට මොකද වුනේ කියලා යුන්ගි දැනගෙන හිටියේ නෑ.ඉතින් ජන්ග් පවුලේ කොතැනකවත් ඇය ගැන සටහනක් නැති නිසා යුන්ගි හිතාගෙන හිටියේ ඇය මේ ලෝකේ නෑ කියලයි..

ඒත් මේ මොහොතේ ඔහුගේ ඉස්සරහට ඇවිත් නැවතුනු ඇය හොසෝක්ගේ ග්‍රැනි කියලා යුන්ගිට විශ්වාසයි..මොකද ඇය යුන්ගි දිහා බලලා හිනා වෙද්දි යුන්ගි ඇයගෙනුත් දැක්කේ හොසෝක් හිනා වෙද්දි ඒ දෙතොල්වල මැවෙන හදවත් හිනාවමයි..

"යූන්ගී...!"

ඇය මිමිණුවේ යූන්ගිව ආදරෙන් වැලදගන්න ගමන්.

"කොහොමහරි හැමදේකටම පස්සේ අපි එහෙනම් මුණ ගැහුනා....!"

______________________________________

ජන්ග් මින්සූ කියන්නේ ජන්ග් වූ සන්ග්ගේ අම්මා..ඒ කියන්නේ හෝසෝක්ගේ ආච්චි අම්මා..

වෛද්‍යවරියක් වුනු ඇය හෝසෝක්ගේ සීයාත් එක්ක විවාහ වුනායින් පස්සේ රැකියාවෙන් ඉවත් වුනේ ඒ වෙද්දිත් ඇය ගැබිනියක් කියලා දැන ගෙනයි..ජන්ග් මින්සූ ඇගේ මුලු ජීවිතයම ඇයගේ පවුල වෙනුවෙන් කැප කළේ කැමැත්තෙන්මයි..

ඇය හෝසෝක්ගේ සීයා එක්ක විවාහ වුනේ ඔහු මාෆියා නායකයෙක් බව දැනගෙනමයි..ඒත් ඔහු ගැන තිබුනු ආදරය නිසාම ඇයට ඒක ප්‍රශ්නයක් වුනේ නෑ.

සරලවම කියනවානම් සීරෝ එකේ රැජින වුනේ ඇය..හැමෝගෙම ගෞරවය හිමි වුනේ ඇයගේ සැමියටත් වඩා ඇයට.මොකද මුලු සීරෝ එකටම අම්මා කෙනෙක් වගේ හිටියේඇය..

ඒත් සැමියාගේ මරණයෙන් පස්සේ ඇයත් මාෆියා කටයුතුවලින් ඉවත් වුනේ හැමදේම ජන්ග් වූ සන්ග්ට භාර දීලා..

සැමියාගේ මරණයෙන් පස්සේ හැමදේකින් ම නිදහස් වෙලා ජීවත් වෙන්න ඇයට ඕනි වුනත් ඒක කරගන්න බැරි වුනේ ඒ දවස්වලම ජන්ග් වූ සන්ග්ගේ පවුලේ ඇති වුනු ප්‍රශ්න නිසා..

ජන්ග් වූ සන්ග් ඔහුගේ බිරිදත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන ඇයව ගෙදරින් පැන්නුවේ ඒ කාලෙදිමයි.ඉතින් අවුරුදු දෙකක හෝසෝක්ව බලා ගන්න ජන්ග් පවුලේ ඉතිරි වුනේ ජන්ග් මින්සූ විතරයි.

එදා ඉදන් අවුරුදු දහ අටක් වෙනකම් ජන්ග් මින්සූ ජන්ග් මන්දිරයේ ජීවත් වුනේ ඇයගේ මුණුබුරා වෙනුවෙන්.ඒත් හෝසෝක් සීරෝ එක භාර ගත්තයින් පස්සේ එකපාරටම ජන්ග් මින්සූ අතුරුදහන් වුනේ කිසිම සලකුණක් ඉතිරි නොකර..

ඇගේ අතුරුදන් වීමෙන් පස්සෙයි හෝසෝක් ජන්ග් මන්දිරෙන් පිට වෙලා රෝනා ප්ලේස් එකට ආවේ..සීරෝ එකේ අය කොච්චර හෙව්වත් ජන්ග් මින්සූ ඉන්න දිහාවක් ඒ කාටවත් හොයාගන්න ලැබුනේ නෑ...

ඒත් අවුරුදු අටකට පස්සේ ෆින්ලන්ඩ්වලදී ඇයව අන්තිමේදි හොයාගත්තේ හෝසෝක්...හෝසෝක් කොච්චර බැගෑපත් වුනත් ජන්ග් මින්සූ ආයෙමත් කොරියාවට එන්න අකමැති වෙද්දි හෝසෝක් ඇයට ඉඩ දුන්නේ ඇගේ කැමැත්ත ඒක නිසා...

ඒත් අවුරුදු දෙකකට පස්සේ හෝසෝක් ආයෙමත් ඇයව මුණ ගැහෙන්න තීරණය කලේ ජැන්ග් හ්‍යුක්ගෙන් යුන්ගිට වුනු කරදරයෙන් පස්සේ..

යුන්ගිව හොස්පිට්ල් ඇඩ්මිට් කළායින් පස්සේ එයා ඇහැරෙනකම්වත් ඉන්නේ නැතුව හෝසෝක් ෆින්ලන්ඩ් ගියේ මින්සුව කොහොම හරි එක්කගෙන එනවා කියලා අදිටන් කරගෙන..මොකද යුන්ගිගෙයි සන්හූන්ගෙයි එක්ක තමන්ට තියන සම්බන්දය හරියටම මොකක්ද කියලා දැනගන්න හෝසෝක්ට තිබුනු එකම ක්‍රමය මින්සූ විතරයි...

හෝසෝක් ඇවිත් පැය බාගයකින් විතර ඒ හැමෝම ඉඩ තියන තියන තැන්වලින් වාඩි වෙලා හිටියේ සුහද කතා බහවලින් පස්සේ හැමෝම හිත යටින් බලාපොරොත්තුවෙන් හිටපු බරපතළ කාරණාව ගැන කතා කරන්න..

කාමරය මැද තිබුනු ඇද උඩ යූන්ගි වාඩි වෙලා හිටියේ ඇදේ විට්ටමට තියපු කොට්ටෙකට හේත්තු වෙලා..යුන්ගිගේ දකුණු අත පැත්තෙන් හෝසෝක් පුටුවක වාඩි වෙලා හිටියේ නිහඩවමයි...එතනට ආපු වෙලේ ඉදන් හෝසෝක් හිටියේ යුන්ගිගෙ දකුණත එයාගේ ලොකු අත්වලට මැදි කරගෙන...
හෝසෝක්ගේ ඇස් තිබුනේ ඔවුන්ගේ එකට බැදුනු ඒ අත්වල..

යුන්ගිට වම් පැත්තෙන් තිබුනු පුටුවක මින්සූ වාඩි වෙලා ඉද්දි ජිමින් හිටියේ යුන්ගිගේ දෙපා හරියෙන් ඇදේ වාඩි වෙලා..ඒ ලගින් ම ජැක්සන් හිටගෙන ඉද්දි නම්ජූන් එක්ක ජින් හිටියේ ජන්ග් වූ සන්ග් වාඩි වෙලා උන්නු සෝෆාවේම කොනක වාඩි වෙලා..

ඒ හැමෝගෙම ඇස් මින්සූ ගාව නතර වෙලා තියෙද්දි මින්සු බලාගෙන හිටියේ එක මොහොතකටවත් හිස ඔසවන්නෙ නැතුව එකදිගටම තමන්ගේ උකුල දිහාට ඇස් යොමු කරගෙන ඉන්න යුන්ගි දිහා..

තවදුරටත් ඒ නිහඩතාවය දරාගන්න බැරි තැන හඩ අවදි කලේ ජන්ග් වූ සන්ග්..

"හෝසුකී...හදිස්සියෙම ඔයා ෆින්ලන්ඩ් ගියේ ඇයි..අනික...මං අවුරුදු දෙකක් තිස්සේ උත්සාහ කරලත් මට මෙහාට එක්කගෙන එන්න බැරි වුනු අම්මාව ඔයා කොහොමද දවස් දෙකෙන් මෙහාට එක්කගෙන ආවේ..?"

ජන්ග් වූ සන්ග් ඇහුවේ ආපු වෙලාවේ ඉදන් තමන් එතන නෑ වගේ තමන්ව මග අරින මින්සූ දිහා බලාගෙන..ඔහු දන්නවා මින්සූ තාමත් ඉන්නේ ඔහුත් එක්ක අමනාපයෙන් කියලා..

"මං ෆින්ලන්ඩ් ගියේ ග්‍රැනීව හොයාගෙන...මොකද මං දැනගෙන හිටියා මගේ ප්‍රශ්නවල හරිම උත්තර තියෙන්නේ එයා ගාව විතරයි කියලා...."

හෝසෝක් කිව්වේ ජන්ග් වූ සන්ග් දිහා බලමින්.

"ඒත් ඔයාගේ අනිත් ප්‍රශ්නෙට උත්තරේ...මං ග්‍රැනීව එක්කගෙන ආවේ නෑ,එයාමයි හිතලම මං එක්ක ආවේ..."

ඒත් එක්කම හෝසෝක් මින්සූ දිහා බැලුවේ ප්‍රශ්නාර්ත බැල්මකින්..

මින්සූ හිනා වුනේ හෝසෝක්ගේ ගැටලුකාරි බැල්ම දැකලා..

"ඔයා කල්පනා කරනවා ඇති නේද ඔයාගේ කිසිම ප්‍රශ්නෙකට උත්තර නොදී මං ඔයත් එක්ක මෙහෙට ආවේ ඇයි කියලා..?"

ඇය හෙමින් මිමිනුවත් එතන හිටපු හැම කෙනෙක්ටම ඒක ඇහෙන්න තරම් එතන තිබුනේ නිවුනු ගතියක්.

හෝසෝක් මින්සූ දිහා බලමින් හිස වැනුවේ ඔව් කියමින්.

ඇත්තටම හෝසෝක් පිස්සෙක් වගේ යුන්ගි ගැනයි සන්හූන් ගැනයි කියමින් අඩා වැටෙද්දි ඒ හැමදේම කල්පනාවෙන් අහගෙන ඉදපු මින්සු හෝසෝක්ගේ හැම ප්‍රශ්නයක්ම උත්තර නොදී මග ඇරියේ සිහිසුන්ව ඉන්න යුන්ගිවත් තනි කරලා දාලා ෆින්ලන්ඩ් දුවගෙන ආපු ගමන අපරාධයක්ද කියලා හෝසෝක්ට හිතෙද්දි..ඒත් ඒ අදහස ආවත් එක්කම නැති වෙලා ගියේ අන්තිමෙදි මින්සු හෝසෝක්ට තමන්වත් ඔහුත් එක්ක කොරියාවට අරගෙන යන්න කියද්දි..

එතනින් එහාට මින්සුගෙන් කිසිම දෙයක් නොඅහා හෝසෝක් එයාව ආයෙමත් තමන්ගේ රටට එක්කගෙන ආවේ එයාගේ හැම ප්‍රශ්නයක්ම උත්තර නැතුව ඉතිරි වෙද්දි...

"මං එහෙම කලේ ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දැනගන්න ඔයාට වගේම අයිතියක් මෙතන ඉන්න අනිත් අයටත් තියනවා කියලා මං දන්න නිසා පුතා........"

මින්සූ කිව්වේ හෝසෝක්ගෙන් මුදවගත්තු එයාගේ බැල්ම යුන්ගි මත රදවගන්න ගමන්..

"විශේශයෙන් ම යුන්ගි...මේ දේවල් දැනගන්න ඔයාටත් වඩා අයිතියක් තියෙන්නේ එයාට....!"

මෙච්චර වෙලා බිම බලාගෙන උන්නු යුන්ගි හිස ඔසවලා බැලුවේ අන්න ඒ වෙලාවෙයි..

එයාගේ මූණෙ තිබුනේ පුදුමයත් එක්ක කැටි උනු කුතුහලයක්..

"අම්මා ඔය තරම් මොනවද දන්නේ අම්මා..?"

ජන්ග් වූ සන්ග් ඇහුවේ හෝසෝක්ගේ බැල්ම හැගීම් විරහිතව තියාගන්න හෝසෝක් දරන උත්සාහය දිහා බලාගෙන...

"මං මොනවද නොදන්නේ ජන්ග් වූ සන්ග්...."

මින්සූ ඇහුවේ දැඩි හඩකින්.

"මෙතන තියන ලොකුම ප්‍රශ්නේ යුන්ගියි හෝසුකියි සහෝදරයොද කියන එක..ජීවිතේ පලවෙනි වතාවට අම්මා යුන්ගිව දැක්කෙත් අද..එහෙම එකේ ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයා දන්නේ කොහොමද...?!"

ජන්ග් වූ සන්ග්ගේ හඩ තියූනු වෙන්න ගත්තේ ඔහුගේ හිත එකම ගාලගෝට්ටියක් වෙද්දි..

ජන්ග් වූ සන්ග් ට යුන්ගි ගැන කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ..ඒත් තමන්ගේ එක දරුවෙක් වුනු සන්හූන්ගේ මරණයයි අනිත් දරුවගේ ආදරය අයිති වුනු තරුණයා ඔහුගේ අර්ධ සහෝදරයෙක් වෙන්න ඉඩ තියන බව දැනගැනීමත් එක්ක දැනුනු දෙගිඩියාවයි එක්ක ඔහු හිටියේ කල්පනා කරන්න පුලුවන් තත්වෙක නෙමෙයි...

"මං යුන්ගිව අද දැක්කේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්න පුලුවන්...ඒත් ඒකෙන් කියවෙන්නේ නෑනෙ මං යුන්ගි ගැන ඇහුවෙත් පළවෙනි වතාවට කියලා...."

මින්සුගේ හඩ දැඩි වුනත් එයාගේ මූණේ තිබුනේ පුදුමාකාර සන්සුන් ගතියක්.

මින්සු හිටියේ ජන්ග් වූ සන්ග් උන්නු තැනට පිටුපාලා නිසා මින්සුගේ මූනේ තියන හැගීම එයාට නොපෙනුනත් මින්සුගේ ඉස්සරහ උන්නු යුන්ගියි හෝසෝකුයි ඒක හොදට දැක්කා..

"මට දැනගන්න ඕනි යුන්ගි ඇත්තටම කවුද කියලා විතරයි අම්මා.....!!මොකද එයාලා බැරි වෙලා හරි සහෝදරයෝ නම්......"

ජන්ග් වූ සන්ග් එහෙම කියලා නතර වුනේ ඒ වාක්‍ය ඉවර කරන්න බැරිව වගේ..

ඒත් එයාගේ නලල රැලි වුනේ මින්සූ සමච්චලේට හිනා වෙනවා ඇහිලා.

"ඇයි..එයාලා සහෝදරයෝ නම් ඔයා මොනවා කරන්නද ජන්ග් වූ සන්ග්...යුන්ගිවත් ගෙදරින් එලියට ඇදලා දානවද...!!!???"

යුන්ගි හෝසෝක් දිහා බැලුවේ ඒ කතා බහ එයාට අපහසුතාවයක් වගේ දැනෙද්දි..ඒත් හෝසෝක් නිහඩවම යුන්ගිත් එක්ක හිනා වෙලා යුන්ගිගේ අත තවත් තදින් අල්ලගනිද්දි යුන්ගි ආයෙමත් එයාගේ ඉස්සරහ වෙන සිදුවීම දිහා බැලුවේ හෝසෝක් ඒ කතා බහ සිද්ද වෙනකම් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉදපු බව තේරුම් අරන්...

"මට යුන්ගිත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ අම්මා..ඒත් ඒ දෙන්නා සහෝදරයෝ නම් එයාලට ආදරේ කරන්න බෑ...ඔයා දන්නවා ඒක....!!"

ජන්ග් වූ සන්ග් කිව්වේ උන් තැනින් නැගිටිමින්.එයා තව මොනවා හරි කියන්න හැදුවත් ඒක නොකියම නතර වුනේ එකපාරටම මින්සූත් නැගිටලා ඔහු දිහාට හැරෙද්දි..

"ඔයා මොනවද වූ සන්ග් ආදරේ ගැන දන්නේ...ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් ඔයා දැනගෙන හිටියානම් ඔයා අද මෙතන ඉන්නේ තනියම නෙමෙයි.....!!!"

මින්සුගේ බැල්මට වගේම හඩට ජන්ග් වූ සන්ග් හිටියේ කරකියාගන්න දෙයක් නැතුව..

"අනිත් එක....යුන්ගි එක්ක ඔයාට ප්‍රශ්නයක් නැති වෙන්න පුලුවන්..ඒත් යුන්ගිගේ අම්මා යේ ජීන් ද කියන එක ඔයාට මහා ලොකු ප්‍රශ්නයක් කියලා මං දන්නවා.....!!!"

ජන්ග් වූ සන්ග් බිම බලාගත්තේ තව දුරටත් මින්සූගේ තියුණු බැල්ම දරාගන්න බැරි තැන..

"ග්..ග්‍රැනී...?"

යූන්ගී හෙමිහිට කතා කලේ තව දුරටත් බලන් ඉන්න බැරිව..එයා හිටියේ විනාඩි කීපයකට කලින් හිනාවෙන් පිරිලා උන්නු එයාලා එකපාරටම කෑ ගහගන්න තැනකට ආවේ කොහොමද කියලා හිතමින්..

යුන්ගිගේ හඩ ඇහෙනවත් එක්කම මින්සූ යුන්ගි දිහා බැලුවෙ ජන්ග් වූ සන්ග් දිහා බලද්දි තිබුනු තියුණු බැල්මට සම්පූර්ණයෙන් ම වෙනස් උණුසුම් බැල්මකින්..

"ඔයා කවදාවත් මගෙන් අහපු නැති ප්‍රශ්නෙකට මං උත්තරයක් දෙන්නද වූ සන්ග්....!?"

ආයෙමත් වතාවත් ජන්ග් වූ සන්ග් දිහාට හැරිලා එහෙම කියපු මින්සූ ගියේ යූන්ගි ගාවට..

යුන්ගි ඇය දිහා බැලුවේ ඒ ඇස් කුතුහලයෙන් ලොකු කරගෙන..

"යූන්ගියා....මං මේ අහන ප්‍රශ්නෙට මට අවන්කවම උත්තරයක් දෙන්න පුලුවන්ද...?"

මින්සූ අහද්දි යුන්ගි කෙලින්ම බැලුවේ හෝසෝක් දිහා...හැමදේම දිහා නිහඩවම බලන් උන්නු හෝසෝක් යුන්ගි දිහා බැලුවේ කලින් වගේම ආදරණීය හිනාවකින්.

හෝසෝක්ගෙන් නෙත් ඉවතට ගත්තු යුන්ගි මින්සූ දිහා බලල හිස ඉහල පහල වැනුවෙ ඔව් කියමින්.

"මං දැන් කිව්වොත් ඔයාලා දෙන්නා ඇත්තටම සහෝදරයෝ කියලා...ඔයා මොකද කරන්නේ...?"

එකපාරටම යුන්ගිට දැනුනේ එයාගේ පපුව හිරවෙනවා වගේ..ඒගැන හිතද්දිත් ඔහුගේ ඇස් බොද වෙන්න ගත්තේ කදුලුවලට...මුලු ඇගම විදුලියක් වැදිලා වගේ වෙව්ලනවා වගෙයි එයාට දැනුනේ..ඒත් ඒ හැමදේම පරදගෙන එයාට දැනුනේ එයාගේ දකුණත වෙලාගෙන තියන උණුහුම..

හෝසෝක්ගේ අතැගිලිවල උණුහුම..

යුන්ගිට දැනුනු හැම වේදනාවක්ම අපහසුතාවයක්ම එ සැනින් නැති වෙලා ගියේ බොද වුනු ඇස්වලින් යුන්ගි හෝසෝක් දිහා බලද්දි..

හෝසෝක්ගේ මූණේතාමත් නොමැකි තියන ආදරණීය හිනාව දකිද්දි යුන්ගිගේ මූණෙත් ලස්සන හිනාවක් ඇදුනේ ඉබේටමයි.

"මං අඩයි...ගොඩක් අඩයි...මොකද එයා තමයි මගේ ආදරේ..මට ආදරේ කියලා දුන්නේ එයා...ඒ නිසා ඇත්තටම මං පිස්සෙක් වගේ දුක් වෙයි....ඒත් ඒ වගේම මං සතුටු වෙයි..මොකද ආදරවන්තයා නැති උනත්...ඒත් එක්කම මට ලැබෙන්නේ මේ ලෝකේ ඉන්න හොදම අයියා......"

යුන්ගි කිව්වේ හෝසෝක්ගේ බොද වීගෙන එන ඇස් දිහා බලාගෙන..

"ඒත්...මට බැරි වෙයි එයාට මේ ලෝකේ ඉන්න හොදම මල්ලි වෙන්න.......සියෝකි මේ ලෝකේ ඉන්න හොදම අයියා විදිහටද මට ඕනි,එහෙමත් නැත්නම් මේ ලෝකේ ඉන්න නරකම ආදරවන්තයා විදිහටද මට ඕනි කියලා ඇහුවොත්...අනිවාරෙන්ම මං තෝරගන්නේ ආදරවන්තයා ව....."

යුන්ගි ඒ ටික කියද්දි එයාගේ ඇස්වල පිරිලා තිබුනු කදුලු දෝරේ ගලන්න ගත්තේ හෝසෝක් බොහොම අමාරුවෙන් ඔහුගේ කදුලු පාලනය කරගනිද්දි..

"මොකද සියෝකි මගේ කවුරු උනත්...මට බෑ එයා ගැන මගේ හිතේ තියන ආදරේ වෙනස් කරන්න..එයාට ආදරේ කරන එක නවත්තන්න මට බෑ...එයා තමයි මගේ පලවෙනි ආදරේ...ඒ වගේම මගේ අන්තිම ආදරේ.......සියොකි කියන්නේ මට මගේ සදාකාලික ආදරේ......ඉතින්...මගේ ආදරෙ තහනම් උනාට කමක් නෑ...මං ඒ තහනම් ආදරේට පණ වගේ ආදරෙයි.......!"

හෝසෝක්ට තවත් දරාගෙන ඉන්න පුලුවන් කමක් තිබුනේ නෑ..එයාගේ කදුලු කම්මුල් දිගේ ගලන්න ගත්තේ එයාගේ දකුණත යුන්ගිගේ අත තදින් අල්ලාගනිද්දි..

ඒ අතරේ අනිත් අතින් ඔහු වේගයෙන් යුන්ගිගේ කම්මුල්වල කදුලු පිහදැම්මේ පරිස්සමින්..

ඒ දිහා බලාගෙන හිටපු අනිත් හැමෝමත් හිටියේ ඇස්වල කදුලු පුරෝගෙන..හැමෝම කිව්වට ජිමින් ඇර..

මොකද ජිමින් හිටියෙ ජැක්සන්ගේ කුසේ මූණ හන්ගගෙන ඒ දෙන්නටම වඩා අඩමින්..

යුන්ගි දිහා ආදරෙන් බලාගෙන උන්නු මින්සූ ඊගාවට හැරුනේ හෝසෝක් දිහාට..

"මට ඔයාගෙන් අහන්න තියෙන්නෙත් ඒ ප්‍රශ්නෙම තමයි හෝසෝක්....?"

ටික වෙලාවක් යුන්ගි දිහා බලන් උන්නු හෝසෝක් මින්සූ දිහා බැලුවේ එයාගෙ කම්මුලුත් ඕනිවට එපාවට වගේ පිහදගත්තට පස්සේ.

"ඔයා මගේ ග්‍රැනී තමයී...ඒත් මේ වගේ ප්‍රශ්නෙකදි ඔයාව උනත් මං එකපයින් විශ්වාස කරන් නෑ...ඒ නිසා ඔයා එහෙම කිව්වොත් මං මුලින් ම කරන්නේ ඩී.එන්.ඒ එකක් චෙක් කරන එක....."

හෝසෝක් බැරෑරුම් විදිහට පටන් ගත්තත් අවසන් කලේ හැමෝම හිනස්සමින්.

යුන්ගි පවා හිටියේ හෝසෝක්ගේ කතාවට හිනා වෙමින්.

ඒත් ඒ හිනාව හෙමිට මැකිලා ගියේ හෝසෝක් උණුසුම් ඇස්වලින් ඔහු දිහා බලද්දි..

"ඒත් ඇත්තටම අපි සහෝදරයෝනම්...මට කියන්න තියෙන්නෙත් යුන්ගිගේ උත්තරයම තමයි...අමුනුස්සයෙක් වගේ හිටපු මාව මනුස්සයෙක් කලේ එයා...මැරිලා තිබ්බ මගේ හදවතට පණ දුන්නේ එයා....හැගීමක් දැනීමක් නැතුව ගලක් වගේ හිටපු මට ආදරේ ගැන කියලා දුන්නෙ එයා...ඉතින් මං කොහොමද ඒ ආදරේ අමතක කරන්නේ.....අපේ ආදරේ අමතක කරන්නේ.....?!"

හෝසෝක්ගේ ඇස්වල තිබුනේ කියාගන්න බැරි ලොකූ කතාවක්..ඒ කතාව තේරුනේ යූන්ගිට විතරයි..

"ඒත් අපිට කොයි තරම් ඕනි උනත්..අපි කොයි තරම් උත්සාහ කළත්..අසම්මත ආදරයක් කියන්නේ අසම්මත ආදරයක්..ඉතින් අපේ ආදරේ අවසානය කියන්නේ ම වෙන්වීමක් විතරයි...."

නම්ජූන් ජින්ගේ අතින් තදින් අල්ලගත්තේ ඒ දෙන්නම බොද වුනු ඇස්වලින් ඒ සිදුවීම් බලාගෙන ඉද්දි.

"ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑනේ අපි ආදරය කරන එක නවත්තන්න ඕනි කියලා...අයිති නොවුනට...එකතු නොවුනට...ආදරේට ඒක බාධාවක් නෑ....ඉතින් වෙන් වෙන්න උනත් අපේ ආදරේ ඒ විදිහටම තියෙයි...කොයි තරම් දුරින් හිටියත් හැමදාම මගේ හදවත අයිති වෙන්නේ මේ හදවතට පණ දුන්නු මගේ නිකෝ බේබිට විතරයි......"

මින්සුගේ මූණේ ඇදුනේ හෝසෝක්ගෙ වගේම ආදරණීය හදවත් හිනාවක්..

"අපි ඈත් වෙයි...ඒත් ආදරේ හැමදාටම ඉතුරු වෙයි...!"

හෝසෝක් යුන්ගි දෙන්නම ඔවුන්ගේ එකට පැටලුනු දෑත් දිහා දිලිසෙන නෙත්වලින් බලාගෙන ඉද්දි මින්සූ හැරුනේ ජන්ග් වූ සන්ග් දිහාවට..

"ඔයාට දැන්වත් උත්තරය හම්බුනාද වූ සන්ග්....?!"

ඒත් ජන්ග් වූ සන්ග් මින්සූ දිහා බැලුවේ එයා කියන දේ ගැන කිසිම අදහසක් නැතුව..

"ඔයා කවදාවත් මගෙන් අහපු නැති ප්‍රශ්නේ තමයි ආදරේ කියන්නේ මොකක්ද කියන එක...ඉතින් මේක තමයි ඒ ප්‍රශ්නෙට උත්තරේ...ආදරේ කියන්නේ මේකට...!"

මින්සූ කිව්වේ ජන්ග් වූ සන්ග්ට හෝසෝක්වයි යුන්ගිවයි පෙන්නමින්.

හැමෝම ඒ වෙද්දි හිටියේ ආයෙමත් ඇයට කන් යොමාගෙන..

"අපි ඇත්තටම කෙනෙක්ට ආදරය කරද්දි කිසිම දේකට බෑ අපිව නවත්තන්න...ඒ ආදරය තීරණය වෙන්නෙ අනිත් කෙනත් අපිට ආපිට ඒ විදිහටම ආදරය කරනවද කියන එක මත නෙමෙයි....ඒ කෙනාට අපේ හදවතේ තියන ඉඩ අනුව..මුලු හදවතම එක්කෙනෙක් වෙනුවෙන් කැප කළාට පස්සේ ඒ කෙනා ඒ ආදරේ භාර ගත්තත් නැතත් අපේ හදවත ගැහෙන්නේ ඒ කෙනා වෙනුවෙන් ම විතරයි...කවදාහරි දවසක ඒ කෙනාට අපෙන් ඈත් වෙන්න වුනත් එයා වෙනුවෙන් වෙන් කරපු ඒ ඉඩ වෙන කාටවත් අයිති කරගන්න බෑ..........!!"

මින්සූ කිව්වේ ජන්ග් වූ සන්ග් ගොලු වෙලා වගේ ඇය දිහා බලාගෙන ඉද්දි.

"හරියට යුන්ගි කිව්වා වගේ...මොන දේ වුනත් වෙනස් නොවෙන ඒ හැගීම තමයි ආදරේ...."

"අපි ඈත් උනත්..ආදරේ ඉතුරු වෙනවා...හරියට හෝසෝකා කිව්වා වගේ....!"

මින්සූ ජන්ග් වූ සන්ග් දිහා බලලා ඊගාවට බැලුවේ යුන්ගියි හෝසෝකුයි දිහා..

මොකද මේ දේ කියද්දි ජන්ග් වූ සන්ග්ගේ හැගීම් දකින්න එයාට කොච්චර ඕනි වුනත් ඊටත් වඩා එයා ආස වුනේ ඒක කියද්දි හෝසෝක්ගෙයි යුන්ගිගෙයි මූණු දකින්න..

"හරියට යේජීන් ඔයාට ආදරේ කළා වගේ වූ සන්ග්....ඔයා මොන තරම් දේවල් කළත් අවසන් මොහොත වෙනකම් වෙනස් නොවී ඒ හදවතේ ඔයා නමින් ඉතුරු වෙලා තිබුනු එයාගේ ආදරේට තමයි ඇත්තටම ආදරේ කියන්නේ....!"

හෝසෝක් වගේම යුන්ගිත් එකපාරටම මින්සූ දිහා බැලුවෙ ගැස්සිලා වගේ...හෝසෝක්ගේ ඇස් බලාපොරොත්තුවෙන් පිරෙද්දි යුන්ගිගේ ඇස් ගැස්සුනේ කුතුහලයෙන්.

"ඔයා ඇත්තටම යේජීන්ට ආදරේ කළානම් කොහෙවත් ඉන්න ගෑනියක්ගේ කීම අහලා අවුරුදු ගානක් තමන්ට පණ වගේ ආදරේ කරපු ඒ කෙල්ලව ඔයාගේ ජීවිතෙන් පන්නලා දාන්නේ නෑ වූ සන්ග්....ඔයා ඇත්තටම එයාට ආදරේ කළානම් කවදාවත් තමන්ගේ පවුල කඩලා ඉහිරවලා දාපු ගෑනිත් එක්ක එකතු වෙන්නේ නෑ....දරුවෙකුත් එක්ක ඔයා ඒ කෙල්ලව මේ ලෝකේ තනි කළාට පස්සෙයි එයාට සොන්හ්‍යොන්ව හම්බුනේ.....ඒත් යේජීන්ගේ හදවත කවදාවත් සම්පුර්ණයෙන් ම සොන්හ්‍යොන් ට අයිති උනේ නෑ....."

ජන්ග් වූ සන්ග් මින්සූ දිහා බලන් හිටියේ කන් අදහගන්න බැරිව..

"අ..අම්මා...??"

මින්සූ ජන්ග් වූ සන්ග් දිහා බැලුවේ අවුරුදු දහයකට පස්සේ ඔහුත් එක්ක හිනා වෙමින්.

"ඔව්...යේ ජීන් හැමදාමත් ආදරේ කළේ ඔයාට...මින් සොන්හ්‍යොන් එක්ක යේජීන්ට බැදීමක් තිබුනා තමයි..ඒත් ඒක යාලුකමට එහා ගිය..ඒත්..ආදරෙට මෙහා නැවතුනු බැදීමක්...ලෝකය ඉස්සරහ එයාලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් උනාට එයාලගේ ඇත්ත ජීවිතේ ඇතුලේ එයාලා කවදාවත් එකට දරුවෙක් හදන තරම් ළන් වුනේ නෑ පුතා..."

ජන්ග් වූ සන්ග් තමන්ගේ මූණ දෑතින්ම වහගෙන එතනම තිබුනු පුටුවට කඩන් වැටුනේ තවත් හිටගෙන ඉන්න පණක් නැති තැන..

"යේජීන් වගේ ම සොන්හ්‍යොන් කියන්නෙත් එයාලගේ ආදරේ අහිමි වෙලා මේ ලෝකේ තනි වුනු දෙන්නෙක්...ඒත් ඒ වෙද්දිත් ඒ දෙන්නටම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් එයාලා ගාව ඉතුරු වෙලා තිබුනා..ඒ තමයි එයාලට නැති වුනු ආදරේ සංඛේතය..යේජීන්ට තිබුනු බලාපොරොත්තුව තමයි සන්හූන්...ඒ වගේ ම සොන්හ්‍යොන්ට තිබුනු බලාපොරොත්තුව තමයි එයාගේ දරුවා...එයාගෙයි...එයාගේ මියදුනු බිරිදගෙයි ලේවලින් ඉපදුනු දරුවා......"

යුන්ගි මින්සූගේ ඒ වචන අදහගන්න බැරිව වගේ බලාගෙන හිටියේ ජීවිතේ පළවෙනි වතාවට තමන්ගේ ජීවිතය ගැන සැකයක් ඒ හිතේ මතුවෙද්දි..

"ම්..මොකක්ද...?!"

හෝසෝක් ඉක්මනට වාඩි වෙලා ඉදපු තැනින් නැගිටලා යුන්ගිව වැලදගන්න උත්සාහ කලේ ඒ බව තේරුම් අරන්...

"ඔව් යූන්ගී...මින් සොන්හ්‍යොන්ටයි යේ ජීන්ටයි දාව කවදාවත් මේ ලෝකෙට දරුවෙක් ඉපදුනේ නෑ......!"

යුන්ගි දැනගෙන හිටියේ නෑ මොනවා හිතන්නද කියලා..

මොකද මෙච්චර කාලෙකට මින් යුන්ගි කියන්නේ මින් සොන්හ්‍යොන්ගෙයි පාක් යේ ජීන් ගෙයි දරුවා..

ඒත්...

මින්සූ කියන විදිහට ඒ දෙන්නට කවදාවත් දරුවෙක් ඉදලා නැත්නම්...

ඒකේ තේරුම...?

"ඒ...ඒ ක්..කියන්නේ...ඒ කියන්නේ....!"

යුන්ගි මිමිනුවේ ඔහුගේ ඇස්වලින් කදුලු ගලාගෙන යද්දි..යුන්ගි ඒකට උත්තරය දන්නවා..ඒත් ඒක පිලිගන්න එක කොච්චර අමාරුද කියලා යුන්ගිට තේරුනේ ඇත්ත ඇස් ඉස්සරහටම ආවට පස්සේ..

යුන්ගිගේ වේදනාව තේරුම් ගන්න තප්පරයක්වත් නොගත්තු හෝසෝක් යුන්ගිව වැලදගත්තේ යුන්ගිගේ වෙව්ලන සිරුර තමන්ගේ ශක්තිමත් සිරුරට බර කරගෙන..

ඒත් යුන්ගිට ආදරය කරන්න පටන් ගත්තයින් පස්සේ පළවෙනි වතාවට හෝසෝක් ප්‍රාර්ථනා කළා යුන්ගිගේ ඇස්වලට කදුලු ගෙනාපු ඒ කතාව ඇත්තක් වෙන්න කියලා..

යූන්ගි මින් සොන්හ්‍යොන් සහ පාක් යේජීන් කියන දෙන්නගේ දරුවෙක් වෙන්න එපා කියලා හෝසෝක් මුලු හිතින් ම ප්‍රාර්ථනා කළේ එයාගේ ආදරේ වෙනුවෙන් එක වතාවක් ආත්මාර්ථකාමි වෙමින්.

"මට සමාවෙන්න යූන්ගියා...."

මින්සූ යූන්ගි ගාවට ආවේ යුන්ගිගේ වෙව්ලන අතක් තමන්ගේ වියපත් දෑත් අතරට ගනිමින්.

යුන්ගිගේ ඇස්වල එයා දැක්කේ වේදනාව..

ඒ වගේ ම අසරණකම..

"ඒත්.....යේ ජීන් කියන්නේ ඔයාව ආදරෙන් හදාගත්තු අම්මා...ඒත් ඔයාව මේ ලෝකෙට ගෙනාවේ එයා නෙමෙයි..."

යුන්ගිගේ කම්මුල් දිගෙ කදුලු වැල් ගලාගෙන යන්න ගත්තේ සීමාවක් නැතුව..

"ඒ...ඒ ක්..කියන්නේ...ම්..මං...මං අ..අම්මාගෙයි ත්..තාත්තාගෙයි..දරුවෙක් න්..නෙමෙයිද...?!එ...එතකොට...ම්..මං..මං ක්..කවුද...??!"

යුන්ගි ඇහුවේ හෝසෝක්ගෙ උණුහුමට තවත් තුරුල් වෙන ගමන්.

"යේ ජීන් ඔයාගේ අම්මා නොවුනට මින් සොන්හ්‍යොන් කියන්නේ ඔයාගේ තාත්තා නෙමෙයි කියලා මං කිව්වද...ම්ම්ම්ම්..?"

මින්සූ ඇහුවේ යුන්ගිගේ කදුලු ගලන දිලිසෙන ඇස් හෝසෝක්ගේ පපුවෙන් මිදිලා ඇය ලග නතර වෙද්දි..

ඇය යුන්ගි එක්ක හිනා වුනේ ආදරෙන්.

"ඔයා මින් සොන්හ්‍යොන්ගේ එකම පුතා මින් යූන්ගී...ඔයා තමයි මින් සොන්හ්‍යොන්ගේයි එයාගේ පළවෙනි කසාදේ බිරිදගෙයි එකම දරුවා....!!"

හැමෝම ඇය දිහා බැලුවේ විසල් කරගත්තු නෙත්වලින්.

"අවුරුදු ගානකට කලින් ජැන්ග් හ්‍යුක් මින් සොන්හ්‍යොන්ව හන් ගගේ ගිල්ලුවේ සොන්හ්‍යොන්ගේ ප්‍රෙග්නට් වයිෆ් එක්කමයි...එයාට ඕනි වුනේ මුලු පවුලම ඉවරයක් කරන්න..ඒත් එදා ජීවිතේ නැති වුනේ එක්කෙනෙක්ට විතරයි..."

"මින් සොන්හ්‍යොන්ව එයාගේ ටීම් එකේ අය බේරගනිද්දි එයාගේ මාස අටක දරු ගැබක් දරාගෙන හිටපු වයිෆ් හිටියේ ගන් ඉවුරෙන් ගොඩක් ඈත..ඒත් ඇය අම්මා කෙනෙක්....එයාගේ එකම අරමුන වුනේ කුසේ ඉන්න දරුවව බේරගන්න එක...ජැන්ග් හ්‍යුක් එයාව එයාගේ දරුවත් එක්කම මරලා දාන්න හිතාගෙන එයාව හන් ගගට දැම්මත් ජැන්ග් හ්‍යුක් නොදැන හිටපු දේ තමයි ඒ කෙල්ල පිහිනුම් ශූරියක් කියන එක..ඉතින් ගව් ගානක් අමාරුවෙන් පීනපු එයා අන්තිමේදි ගොඩ බිමකට ආවා..ඒත් අන්තිමේදි සොන්හ්‍යොන්ගේ අය ඇයව හොයාගනිද්දි එයා හිටියේ හොදටම අමාරුවෙන්.....ඒත් එයා අමාරුවෙන් හරි හුස්ම අල්ලගෙන හිටියේ දරුවව බිහි කරනකම්..ඇගේ ඉතුරු වෙලා තිබුනු අන්තිම හයියෙනුත් සටන් කරපු එයා සටන අත් ඇරියේ කුසේ උන්නු දරුවව මේ ලෝකෙට බිහි කලාට පස්සේ...ඒ දරුවගේ පළවෙනි හැඩුම් හඩ අහගෙනම එයා ඇස් පියාගත්තේ ඒ කිරිකැටියව මින් සොන්හ්‍යොන් එක්ක මේ ලෝකේ තනි කරලා...ඒත් එයා අම්මා කෙනෙක් විදිහට දිනුවා...ඒ එයාගේ දරුවට මේ ලෝකේ ජීවත් වෙන්න ඉඩ හදලා දීලා...."

"එදා ඒ හයිය කෙල්ලගේ කුසින් ඉපදුනු දරුවා ඔයයි යූන්ගී...මින් සොන්හ්‍යොන්ගෙයි එයාගේ ආදරවන්තියගෙයි ආදරේ සංඛේතය තමයි ඔයා.....!"

නිහඩවම කදුලු හෙලන හෝසෝක්ගේ පපුවේ මූණ හන්ගගත්තු යූන්ගි මහ හඩින් අඩන්න ගත්තේ ඒ හිතේ දෝරේ ගලන හැම වේදනාවක් ම කදුලුවලට දිය කරලා හරිමින් වගේ..

අනිත් හැමෝම නිහඩවම ඒ දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්..ඒත් ඒ හැමෝගෙම හිතේ කොණක පුන්චි සතුටක් නොතිබුනාමත් නෙමෙයි..

මොකද......




මින් යූන්ගී කියන්නේ පාක් යේජීන්ගේ දරුවෙක් නෙමෙයි....




ඒ කියන්නේ.......

මින් යුන්ගී,ජන්ග් හෝසෝක් කියන්නේ කීයටවත් ම සහෝදරයෝ නෙමෙයි...



_____________________________________
13/07/2022
(4046 Words)

තව කොටස් දෙකයි..🙂
අවසන් සංග්‍රාමය ඊගාව කොටසින්.🙃

අප්ඩේට් මෙච්චර පරක්කු වෙලත් තාමත් ඉවසීමෙන් මාත් එක්ක ඉන්න ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තූතියි...❤️

ආදරෙයි පැටව්නේ....🥰😘

(සමහර කමෙන්ට්වලට රිප්ලයි දාන්න බැරි උනාට සොරි මැණිකලා....අද රෑට මං ඔක්කොටම රිප්ලයි කරන්නම්....😊)

Thank you for reading...❤️

LOVE YOU...💙


Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top