Chapter 47

________________________________________

Faith is taking the first step,even when you don't see the whole staircase.

Martin Luther King

_______________________________________

නිහඩ කුටීරයේ උස් යහන ලග වුණු අසුනේ වාඩි වෙලා උන්නු හෝසෝක්ගේ වේදනාව පිරුනු ඇස් නැවතිලා තිබුනේ එයාගේ ඉස්සරහ ඇදේ සන්සුන්ව වැතිරිලා ඉන්න තරුණයාගේ මූණේ.

මීට දවස් කීපයකට කලින් තමන්ගේ තුරුලේ ආදරෙන් හිටපු තරුණයා ඒ විදිහට නිහඩවම ඇදක් මත ඉන්නවා දකිද්දි හෝසෝක්ට දැනුනේ තමන් එක්කම තරහක්.

තවමත් සිහි නොමැතිව හිටපු යූන්ගිගේ සිරුරේ යන්තමින් වත් සෙලවීමකට කියලා තිබුනේ ඔහු ගන්න හුස්මක් පාසා හෙමිහිට උස් පහත් වෙන ළයේ ගැස්ම විතරයි..

මේ හැමදේම මේ විදිහට වෙනවා කියලා දන්නවනම් හෝසෝක් කවදාවත් යුන්ගිට එයාගෙන් තප්පරයකටවත් වෙන් වෙලා ඉන්න ඉඩ නොදී ඉන්න තිබුනා..ඒත් වෙන්න තියෙන දේවල් නවත්තන්න පුලුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ..

හීනෙන්වත් නොහිතපු තීරණාත්මක එලිදරව් වීම් කීපයකින් පස්සේ පවා හෝසෝක්ගේ සුපුරුදු හීතල ඇස් පුරුදු විදිහටම ඒ මොහොතේදිත් යුන්ගිගේ ලගදි උණුහුම් වුනේ ඒ නිසාමයි..

මොකද යුන්ගි කියන්නෙ තමන්ගේ ම ලේ වෙන්න ඉඩ තියනවා කියලා හෝසෝක්ගේ හිත තේරුම් අරන් තිබුනත් එයාගේ හදවත ඒක පිලිගන්න ලෑස්ති වෙලා හිටියේ නෑ.

"මැණික...!"

හෝසෝක් මිමිනුවේ යුන්ගිගේ ලගට කිට්ටු වෙමින්.

මුහුණේ තැනින් තැන තියන සීරිම් පහරවලටවත් බැරි වුණා ඒ මූනේ ලස්සන නැති කරන්න.දිගු ඇහි පිහාටු ඒ කම්මුල්වල වැතිරිලා තියෙන හැටි දකිද්දි පියවිලා තිබුනු ඇහි පියන් මත්තේ දෙතොල් තවරන්න දැණුනු උවමනාව හෝසෝක් යටපත් කරගත්තේ බොහොම අමාරුවෙන්.

ඒ වෙනුවට තමන්ගේ දකුණත හෙමීට යූන්ගිගේ මූණ ගාවට ගෙනාපු හෝසෝක් එයාගේ දිගු ඇගිලි යුන්ගිගේ කම්මුල් මතින් තිබ්බේ යුන්ගිගේ උණුහුම ඔහුගේ අතට දැනෙද්දි.

යුන්ගිගේ කම්මුල්වලින් පහළට ආපු අතැගිලි ඊගාවට යුන්ගිගේ සිහින් රෝස පැහැ දෙතොල් මත නතර වුනේ හෝසෝක්ටත් නොදැනී.

කලින් හෝසෝක්ගේ මුලු ගතම මත් කරපු ඒ දෙතොල් මත හාදුවක් අතුරලා ඒ පහස ආයෙමත් විදින්න ඕනි වුනත් හෝසෝක් දැනගෙන හිටියා එහෙම කරන එක හරි වෙන්න වගේ ම වැරදි වෙන්නත් ඉඩක් තියනවා කියලා..

මොකද එයාලා විශ්වාස කළත් නැතත් මුලින් ආදරවන්තයෝ වුනාට ඒ මොහොත වෙද්දි ඔවුන් සහෝදරයෝ කියන කාණ්ඩෙටයි අයිති වෙලා තිබුනේ.

ඒ ගැන සිහි වෙද්දිම හෝසෝක් එයාගේ අතැගිලි යුන්ගිගේ මූණෙන් ඉවතට ගත්තේ අකමැත්තෙන් වගේ..

"අපි සහෝදරයෝ වෙන්න කොච්චර ඉඩ තිබුනත් මගේ හිත තාමත් කියන්නේ ඒක එහෙම නෙමෙයි කියලමයි නිකෝ බබී....!"

හෝසෝක් මිමිනුවේ තාමත් සිහිසුන් ව ඉන්න යුන්ගිගෙන් දෑස් ඉවතට නොගෙන.

"ඒත්...ඇත්ත මොකක්ද කියලා හරියටම නොදැන මට තවත් ඉන්න බෑ..."

මොහොතක් ඒ විදිහටම හැගීම්බර ඇස්වලින් යුන්ගි දිහා බලාගෙන උන්නු හෝසෝක් එයා ඉදගෙන උන්නු තැනින් නැගිට්ටේ කිසිම කලබලයක් නැතිව.

"මේ ලෝකේ හැමදේම අපිට ඕනි විදිහට සිද්ද වෙන්නේ නෑ..."

හෝසෝක් කිව්වේ ඇද මත තිබුනු යුන්ගිගේ සිහින් අතැගිලි තමන්ගේ දිගු ඇගිලිවලට මැදි කරගන්න ගමන්.

"ඒ වගේමයි හැමදේම අපිට ඕනි විදිහටම වුනානම් මේ ලෝකේ මෙච්චර ලස්සන වෙන්නෙත් නෑ..."

එක අතකින් යුන්ගිගේ අත පරිස්සමින් අල්ලගෙන ඉන්න ගමන් හෝසෝක් ඔහුගේ අනෙත් අත යුන්ගිගේ හිස මත තිබ්බේ ඔහුගේ අකීකරු කෙහෙරැලි කීපයක් නලල් තලයෙන් එහෙ මෙහෙ කරමින්.

"තව ටිකකින් ඔයා ඔය ඇස් ඇරලා බලද්දි ඔයාගේ ඉස්සරහ ඉන්න මට කොච්චර ඕනි වුනත් ඒ ආසාව පැත්තකට දාලා මට ඔයාගෙන් ගොඩක් ඈතකට යන්න වෙනවා මැණික..."

හෝසෝක්ගේ ඇස්වල සිහින් කදුලු පටලයක් බැදුනේ යුන්ගිගේ අතැගිලි නොදැනුවත්වම හෝසෝක්ගේ අත තද කරලා අල්ලාගනිද්දි.

"මොකද මේක තමයි මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්න තියන හරිම ක්‍රමය...."

නිසොල්මනේ ඉන්න යුන්ගිගේ දිහා තප්පර කීපයක් බලාගෙන හිටපු හෝසෝක් හෙමිහිට ඉදිරියට නැමුනේ ඔහුගේ මුහුණ යුන්ගිගේ මුහුණ ඉහළින් නැවතෙන විදිහට.

යුන්ගිගේ රෝස පාට දෙතොල් දිහා නොබලම හෝසෝක් බර වුනේ යූන්ගිගේ නලල් තලයට.

යුන්ගිගෙන් දැනෙන ඒ නමක් නොදන්නා මිහිරි මල් සුවද රිසි සේ විදගන්න ගමන් හෝසෝක් ඔහුගේ සීතල දෙතොල් යූන්ගිගෙ නලලත තැවරුවේ මල් පෙත්තක් සිප ගන්නවා වගේ පරිස්සමට..

ඒ පුන්චි ක්‍රියාව අස්සේ ගැබ් වෙලා තිබුනු ආදරේ කොච්චරක්ද කියලා තේරුම් ගන්න යුන්ගි පියවි සිහියෙන් නොහිටියේ අවාසනාවකට.

හැමදාමත් වගේ හෝසෝක්ගේ අසීමාන්තික ආදරේ හෝසෝක්ගේ ඇස්වල හරි ලස්සනට ලියවිලා තිබුනා..

"ඕනිම වෙලාවේ ඔයාගේ ලග ඉන්න බැරි වුනාට මට සමාවෙන්න මැණික..ඒත් මං එක්ක තරහ වෙන්න එපා..හැමදේටම උත්තරක් අරගෙන මං ඉක්මනට ආයෙත් එනවා..."

අකමැත්තෙන් වුනත් යුන්ගිගෙන් දෑත් ඉවතට ගත්තු හෝසෝක් පියවරෙන් පියවර පිටිපස්සට ගියේ යුන්ගිගේ දිහාම බලාගෙන..

"මං ඔයාට ආදරෙයි මගේ නිකෝ බේබී....!"

කුටියේ දොර ගාවට ගිහින් නැවතුණ හෝසෝක් ලොකු හුස්මක් ගත්තේ එයාගේ හැගීම්බර මූණ ආයෙමත් අර ගලක් වගේ මූණ බවට පත් කරගන්න ගමන්.

ඉන්පස්සේ ඉක්මනටම අනිත් පැත්ත හැරුනු හෝසෝක් අගුලු දාලා තිබුනු දොර විවර කරගෙන එලියට ගියේ එලියේ උන්නු හැමෝම වාඩි වෙලා හිටපු තැන්වලින් නැගිටිද්දි.

ඒත් ඒ කිසිම කෙනෙක් දිහා නොබලපු හෝසෝක් එයාලගේ ඇමතුම් ගානකටවත් නොගෙන වේගයෙන් එතනින් ඇවිදගෙන ගියේ ලොකු තීරණයක් අරන්..

______________________________________

කලින් දවසේ පාලම උඩදි යුන්ගි හෝසෝක්ගේ දෑත් උඩම සිහිසුන් වුණේ අධික ලේ ගැලීම නිසාම ඔහු අඩපණ වෙලා උන්නු නිසා.ඒ මොහොතේම එතනට ආපු නම්ජූන් එක්ක හෝසෝක් යූන්ගිව ටයිටන්ස් එකේ හොස්පිට්ල් එකට එක්කගෙන ගියේ රෝනා ප්ලේස් එකට වඩා හොස්පිට්ල් එක ලගක තිබුනු හින්දාමයි..

පැය කීපයකට පස්සේ යූන්ගි නෙත් විවර කරද්දි ඔහු හිටියේ පෞද්ගලික රෝහල් කාමරයක.

ඒත් යූන්ගිගේ මූණේ හිනාවක් ඇදුනේ ඔහුගේ වටේ උන්නු පිරිස දැකලා..

ඒ හැමෝම රැයක් එලි වෙනකම් බලාගෙන හිටියේ යූන්ගි අවදි වෙනකම්.

ඇද ඉස්සරහම තිබුනු සෝෆාවේ වාඩි වෙලා නින්දත් නොනින්දත් අතර හිටියේ ජීන්,ජැක්සන්,සූබින් තුන් දෙනා...

තෙහෙට්ටුව නිසාම ඔවුන් හිටියේ අඩ නින්දේ වගේ.

ඒ ලගම තිබුනු ජනේලය ගාවට වෙලා පිටත බලාගෙන ලොකු කතාබහක හිටියේ මැදි වියේ පිරිමි අය දෙන්නෙක්..ඔවුන්ගෙන් එක්කෙනෙක් තේයොන්ගේ තාත්තා වුනු පාක් ජීවෝන් කියලා දැනගෙන හිටියත් අනිත් පිරිමි කෙනා කවුද කියලා එයා දැනගෙන හිටියේ නෑ..

අන්තිමට යූන්ගිගේ ඇද ලගම තිබුනු පුටුවක වාඩි වෙලා හිටියේ ජීමින්..

අනිත් අය අමාරුවෙන් හරි අවදි වෙලා ඉන්න උත්සාහ කළත් ජිමින් නම් හිටියේ යූන්ගිගේ ඇදෙන් හිස තියාගෙන සුව නින්දක.

ඒත් යූන්ගිගේ මූණේ තිබුනු හිනාව නැති වෙලා ගියේ එයා දකින්න බලාපොරොත්තු වුනු කෙනා ඒ කාමරය ඇතුළේ නෑ කියලා තේරුනාට පස්සේ..

ඒ තමයි ජන්ග් හෝසෝක්..

යුන්ගි ආයෙමත් මුලු කාමරය පුරාම බැලුවත් ඒ කොහේවත් හෝසෝක් පේන්න හිටියේ නෑ.

ඒත් එක්කම වගේ කලින් දවසේ වුණු හැමදේම යූන්ගිට එකපෙළට මතක් වෙන්න ගත්තේ සිතුවම් පෙලක් වගේ.

ටේයෝන්ව බේරගන්න තමන් ජැන්ග් හ්‍යුක් ලගට ගිය හැටි,හැමදේම එයාලගේ ප්ලෑන් එකට අනුව වුණත් අන්තිමේදි බලාපොරොත්තු නොවුණු විදිහට ඔහුට ජැන්ග් හ්‍යුක්ට යටත් වෙන්න වුණු හැටි,ඒ වගේම ජැන්ග් හ්‍යුක් හෙළි කරපු ඒ රහස...

ඒ හැමදේම යූන්ගිට මතක් වෙන්න ගත්තේ එකදිගට.

හෝසෝක් කියන්නේ සන්හූන්ගේ අයියා කියලා දැනගත්තු මොහොතේදි තමන්ගේ මුලු ලෝකෙම කඩා වැටුණු හැටි යුන්ගිට මතකයි..

ඒ හැම තොරතුරක්ම එකිනෙකට ගැලපුවට පස්සේ ලැබෙන අවසන් නිගමනය හෝසෝක් කියන්නේ තමන්ගේත් එක කුස උපන් සහෝදරයා කියලා දැනගත්තට පස්සේ යූන්ගි ජීවිතය නැති කරගන්න හැදුවේ හෝසෝක් නැති ජීවිතයක් ගැන හිතන්නවත් යුන්ගිට බැරි වුණු නිසා..

ඒත් අවසන් තප්පරේදි හෝසෝක් යුන්ගිව බේරගන්න ආපු හැටි යුන්ගිට මැවි මැවි පේන්න ගත්තේ ආයෙමත් වතාවක් ඔහුගේ ඇස් හෝසෝක් ව හොයමින් මුලු කුටියම පිරික්සද්දි.

ආදරවන්තයා වුනත්..සහෝදරයා වුනත්..ලගින් ම ඉන්නවා කියපු හෝසෝක් එතන නැති වෙද්දි යූන්ගිට දැනුනේ මහ අනාරක්ශිත බවක්.

හැමදේටම වඩා යූන්ගිව වටිනවා කියපු හෝසෝක් යූන්ගිට සිහිය එද්දි තමන් ලග නෑකියලා දකිද්දි යුන්ගිට එහෙම දැනෙන එක සාධාරණයි..

"යූන්ගීයා...."

මුලින් ම යුන්ගි අවදි වෙලා කියලා දැකපු ජින් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා යූන්ගි ගාවට ආවේ එයාගේ හඩින් අනිත් හැමෝමත් පියවි ලෝකයට එද්දි.

ජින්ගේ මහ හඩින් අවදි වුනු ජිමිනුත් ගැස්සිලා නැගිට්ටේ නිදිමත බේරෙන ඇස් ආලෝකයට හුරු කරගන්න උත්සාහ කරන ගමන්.

"යූන්..."

හැමෝම යුන්ගිගේ වටේට එකතු වෙද්දි ජනේලය ගාව උන්නු ටේයෝන්ගේ තාත්තා ඉක්මන් ගමනින් යූන්ගි ගාවට ආවේ ඔහු එක්ක හිටප්‍ය් අනිත් කෙනත් හෙමීට යුන්ගි ගාවට කිට්ටු වෙද්දි.

"ජීවෝන් අන්කල්..."

යූන්ගි අමාරුවෙන් උනත් සිහින් හඩින් කිව්වේ යන්තමින් හිනා වෙන ගමන්.

සිරුරෙන් දැනෙන වේදනාව අනිත් අයට නොපෙන්වා ඉන්න උත්සාහ කරන යූන්ගි දිහා බලාගෙන උන්නු ජීවෝන්ගේ මූණේ තිබුණේ කණස්සල්ලක්..මොකද ඔහු ඇමරිකා නොගිහින් යූන්ගි එක්ක නතර වුණානම් මේ කිසිම දෙයක් මේවිදිහට සිද්ද වෙන්නෙ නෑ කියලයි ඔහු හිතුවේ..

"මට සමාවෙන්න යූන්.."

පාක් ජීවෝන් වේදනාවෙන් මිමිණුවේ යූන්ගිගේ දිහා කෙලින් බලන්න හයියක් නැතිව..ඒත් යූන්ගිගේ අවධානය තිබුනේ ජීවෝන් ලග නෙමෙයි..

එයාගේ ඇස් මග අරින්න ලොකු උත්සාහයක යෙදෙමින් උන්නු සීරෝ එකේ අය ලග.

එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි,ඒ හැමෝම හිටියේ තිගැස්මෙන්..යුන්ගි කිසිම දෙයක් ඇහුවෙ නැති වුනත් එයාගේ ඔලුවේ කැරකෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා අනුමාන කරගන්න බැරිතරම් අය නෙමෙයි සීරෝ කියන්නේ..

ඒත් යූන්ගිගේ සීතල අතැගිලි ජිමින්ගේ අතවටේ එතෙද්දි තවත් අහක බලාගෙන ඉන්න ජිමින්ට පුලුවන් වුනේ නෑ.

"එයා..එයා කොහේද..?"

යූන්ගි ඇහුවේ ජිමින්ගේ අත අතනෑර..යූන්ගි කාගෙවත් නමක් කිව්වේ නැතත් ඒ හැමෝම දන්නවා යූන්ගි අහන්නේ කා ගැනද කියලා..

ඒත් ඒකට දෙන්න උත්තරයක් එයාලා ගාව තිබුනේ නෑ..

මොකද හෝසෝක් කොහේද කියලා එයාලාවත් දැනගෙන හිටියේ නෑ.

"ම්..මං..මං දන්නේ නෑ යූන්ගියා..."

ජීමින් හෙමිහිට එහෙම කියලා අහක බලාගත්තේ වේදනාවෙන් පිරෙන යූන්ගිගේ මූණ දිහා තවත් බලාගෙන ඉන්න බැරි තැන.

ජිමින්ගේ අත අත් ඇරපු යුන්ගි එතන උන්නු හැමෝගෙම මූණු දිහා මාරුවෙන් මාරුවට බැලුවේ ඒ කාගෙන් ම හරි උත්තරයක් ලැබෙයි කියලා හිතාගෙන උනත් ඒ හැමෝම කලබල වෙලා හිටියේ හරියට එයාලා යූන්ගිගෙන් මොකක් හරි ලොකු රහසක් හන්ගගෙන ඉන්නවා වගේ.

නානාප්‍රකාර සිතිවිලි යුන්ගිගේ හිත පුරාම එහෙ මෙහෙ දුවන්න ගත්තේ ඒ හැමදේම එයාට ගොඩක් සැක සහිත වෙද්දි.

මුලු කුටිය පුරාම පැතිරිලා තිබුනේ හරිම අපහසුකාරි නිහඩතාවයක්.

මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිව හැමෝම කල්පනා කරමින් ඉද්දි යූන්ගි දෙනෙත් පියාගත්තේ එයා ඊගාව මොහොතේ ඇස් අරිද්දි හෝසෝක් එයා ගාව ඉදිවී කියන ප්‍රාර්තනාවෙන්.

ඒත් පියවුනු ඇස්වලටවත් බැරි වුනා යූන්ගිගේ ඇස් වලින් ගලන්න ගත්තු කදුලු නවත්තන්න.මොකද නෙත් පියාගත්තත් යූන්ගිට මැවි මැවී පෙනුනේ හෝසෝක්ගේ ආදරය පිරුනු මූණ විතරයි..

ඉතින් ඒ මූණ හැබහින් දැකගන්න තියා තමන්ට ඕනිම වෙලාවෙදී ඒ මූණේ අයිතිකාරයා පේන සීමාවකවත් නැති වෙද්දි යූන්ගිගේ මුලු හදවතම වේදනාකාරි අනුමානවලින් පිරෙද්දි ඇස් කදුලින් තෙමෙන එක අසාධාරණ වෙන්නෙ කොහොමද..

"මං අන්තිමට ඇස් පියාගනිද්දි එයා මං ගාව හිටියා...ඒත් ඇයි..ඒත් ඇයි මං ආයෙමත් ඇස් අරිද්දි එයා මං ගාව නැත්තේ...?"

යුන්ගි හෙමින් මුමුණද්දි යුන්ගිගේ ලගට ආවේ පාක් ජීවෝන් එක්ක හිටපු අනිත් කෙනා..ඒ තමයි ජන්ග් වූ සන්ග්.

"මට මේ සිද්ද වෙන කිසිම දෙයක් තාමත් තේරුම් ගන්න බෑ පුතා...ඒත්.."

නෙත් විවර කරපු යූන්ගිට ඒ කෙනාව අදුරගන්න අමාරු උනේ නෑ..මොකද හෝසෝක්ට තිබුනෙත් මේ මැදි වියේ පිරිමි කෙනාගේ පෙනුමමයි..

"....ඒත් හෝසූකීව විශ්වාස කරන්න..."

තමන්ගේ ඉස්සරහ ඉන්න පිරිමි කෙනාගේ වේදනාබර මුහුණ දිහා බලපු යුන්ගි ඔහුගෙන් ඇහුවේ එකම දෙයයි..

එයා කොහේද...?"

ජන්ග් වූ සන්ග් පවා දැනන් හිටියෙ නෑ හෝසෝක් කොහේද කියලා..හෝසෝක් එයාලා එක්ක වචනයක්වත් කතා නොකරයි හොස්පිට්ල් එකෙන් පිට වෙලා ගියේ..ඒ නිසාම ඒ කවුරුත් හෝසෝක් ඉන්නෙ කොහේද මොකක්ද කරන්නේ කියලා දැනගෙන හිටියේ නෑ..

"මං දන්නේ නෑ පුතා...."

ඒ හැමෝටම ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඕනි වුනා..එයාලා ඒ උත්තරය ගන්න මග බලාගෙන හිටියේ නම්ජූන් එනකම්.

මොකද හෝසෝක් යද්දි එයත් එක්ක ගියපු එකම කෙනා නම්ජූන්..

එයාලට මහ ගොඩක් වෙලා බලාගෙන ඉන්න ඕනි වුනේ නෑ..විනාඩි කීපයක් යද්දිම කාමරය පුරා පැතිරිලා තිබුනු අපහසුකාරි නිහඩතාවය බිදගෙන ඇතුළට ආවේ හදුනාගන්න බැරි හැගීමක් මූණේ දරාගෙන උන්නු නම්ජූන්.

යුන්ගිගේ ඇස් බලාපොරොත්තු සහගත බැල්මකින් දිලිසෙන්න ගියේ තප්පරයයි..

කාමරය පුරා හිටපු හැමෝම නම්ජූන් දිහා බලද්දි නම්ජූන්ගේ ඇස් තිබුනේ යූන්ගි ගාව..ඒත් යූන්ගි බලාගෙන හිටියේ නම්ජූන් දිහා නෙමෙයි...විවර වුනු දොරෙන් පිටත.

ඒත් නම්ජූන්ගේ පිටිපස්සේ කවුරුත්ම නෑ කියලා ස්ථීර කරගත්තයින් පස්සේ යුන්ගිගේ ඇස් ආයෙමත් බලාපොරොත්තු විරහිත වුණේ නම්ජූන් එයාගේ ලගට කිට්ටු වෙද්දි.

"යූන්ගී..."

නම්ජූන් කතා කරද්දි යුන්ගි ඔහු දිහා බලන්න උත්සාහ කළත් යූන්ගිගේ බැල්ම නතර වුණේ නම්ජූන්ගේ අතේ තිබුනු දේ මත..

යුන්ගිගේ කුතුහලය ගැබ් වුනු ඇස් නම්ජූන් දිහාවට යොමු වුනේ නම්ජූන් ඔහුගේ අතේ තිබුනු රතු,රෝස,සුදු කැමීලියා මල් මුසු වුණු මල් පොකුර යූන්ගිගේ දිහාට යොමු කරද්දි..

"මේක.....හෝබා කිව්වා මේක ඔයාගේ අතටම දෙන්න කියලා...."

නම්ජූන් කිව්වේ යුන්ගි ප්‍රශ්නාර්ත බැල්මකින් ඒක තමන්ගේ අතට ගනිද්දි..

"ඒ වගේම මේකත්....!"

මල් පොකුර එක අතකට ගත්තු යූන්ගි අනිත් අතින් නම්ජූන් දිගු කරගෙන උන්නු ස්ටිකි නෝට් එක ගත්තේ හැමෝම් ඔහු දිහා කුතුහලයෙන් බලාගෙන ඉද්දි.

ඒත් ඒක දිග හරින්න කලින් යූන්ගි නම්ජූන්ගෙන් ඇහුවේ ඔහු ලග විතරක්ම උත්තර තිබුනු ප්‍රශ්නේ..

"සියෝකී කොහේද...?"

යුන්ගිට ඇත්ත කියන්නේ කොහොමද කියලා නම්ජූන් දැනගෙන හිටියේ නෑ..ඒ වගේම යුන්ගිගේ අහිංසක මූණ දිහා බලාගෙන බොරුවක් කියන්න නම්ජූන්ට ඕනි වුනේත් නෑ..

"එයා...."

බලාපොරොත්තු සහගතව තමන් දිහා බලාගෙන ඉන්න යූන්ගි දිහාබලලා සුසුමක් හෙලපු නම්ජූන් ඒ ප්‍රශ්නෙට උත්තරය දුන්නේ ඒක අහපු සැනින් යූන්ගි බිදිලා යනවා කියලා දැනගෙන...

"එයා දැන් කොරියා වල නෑ යූන්ගී...හෝසෝක් දැන් පැය දෙකකට විතර කලින් ෆින්ලන්ඩ් ගියා...."

නම්ජූන් කිව්වේ දෙගිඩියාවෙන් වගේ.

"මොකක්...!!"

ජිමින් එකපාරටම කිව්වේ ඇසුත් ලොකුකරගෙන..

"මොන විකාරයක්ද ජූන් ඔයා ඔය කියවන්නේ...!!!"

ජින් කෑ ගැහුවේ නම්ජූන් මොකක් හරි විහිලුවක් කරනවා වගෙ හිතාගෙන.

අනිත් හැමෝමත් බලාගෙන හිටියේ එයා කියපු දේ අදහගන්න බැරිව වගේ..

ඒ සැනින් ඒ හැමොම බැලුවේ යූන්ගි දිහා..

එයාලා දකින්න බලාපොරොත්තු වුනේ කදුලු පෙරාගෙන අඩන කෙනෙක්ව.

මොකද එයා මෙච්චර වෙලා දකින්න බලාගෙන උන්නු කෙනා රටේවත් නෑ කියද්දි ඒක දරාගන්න පුලුවන් වේදනාවක් නෙමෙයි..

ඒත් එයාලට දකින්න ලැබුනේ එයාලා බලාපොරොත්තු වුනු දේ නෙමෙයි.

යුන්ගි හිටියේ එයාගේ අතේ තිබුනු ස්ටිකි නෝට් එක දිහා බලාගෙන.

හැමෝම හිතපු වේදනාව වෙනුවට එයාගේ මූණේ ඇදිලා තිබුනේ හිනාවක්..

හරිම ලස්සන හිනාවක්..

ඒ ස්ටිකි නෝට් එක මත ලොකුම ලොකුවට ඇදපු හාට් එකක් අස්සේ හෝසෝක්ගේ අත් අකුරින් ලියවිලා තිබුනේ "I LOVE YOU..!" කියලා..

ඒ දිහා ආදරෙන් බලාගෙන උන්නු යූන්ගි දැක්කේ නෑ එයා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්න අනිත් අයව.

ඒත් එක්කම කොළය පැත්තකින් තිබ්බ යූන්ගි මල් පොකුර එයාගේ පපුවට තුරුල් කරගත්තේ හරි පරිස්සමින්.

එයාට අද වගේ මතකයි හෝසෝක් ගූග්ල් එක පීර පීර දන්න තරම් හැම මලකම තේරුම් හොයපු හැටි..

ඒ හැමවෙලාවකම යූන්ගි හෝසෝක්ව නවත්තන්න හදද්දි හෝසෝක් කිව්වේ,

"මල් කොල්ලෙක්ට ආදරය කරන මාෆියා නායකයෙක් විදිහට මාත් මල් ගැන දැනගෙන ඉන්න ඕනි..එතකොට තමයි රොමෑන්ටික්...හචිමක් ගියාම ලේන්සුවක් දෙනවට වඩා ගෙට් වෙල් සූන් කියලා කියවෙන මලක් දුන්නම තමයි ලස්සන.....!!!"

කියලා....

ඉතින් යුන්ගි දන්නවා හෝසෝක් එයාට කැමීලියා මල් පොකුරක් එව්වෙත් ඒකේ තේරුම දැනගෙන කියලා..

ඒ නිසා ම යුන්ගිට බය වෙන්න දෙයක් තිබුනේ නෑ..

යූන්ගි ඒ හිනාවෙන් ම බැලුවේ විමතියෙන් වගේ තමන් දිහා බලාගෙන ඉන්න ජන්ග් වූ සන්ග් දිහා..යූන්ගිගේ දිලිසෙන ඇස් වගේම ඒ ලස්සන හිනාවත් ඔහුට ගෙනාවේ පුදුමයක්.

ඒත් ඔහුගේ පුදුමය සැනසීමකට හැරුනේ ලෙන්ගතු බැල්මකින් තමන් දිහා බලන් උන්නු යූන්ගිගේ ඊගාව වචනත් එක්ක.

"වෙන්නේ මොනවද කියලා මංවත් තවම හරියට දන්නේ නෑ අන්කල්..."

"ඒත්..."

"මගේ සියෝකිව මට මටත් වඩා විශ්වාසයි...!"

_________________________________________

ඒ හැන්දෑවේ මුලු අහසම රතු,කහ,තැඹිලි පාටවල්වලින් අලංකාර වෙලා තිබුනේ හරියට සිතුවමක් වගේ..ක්ෂිතිජය කොණකින් නොපෙනී යන ඉරේ එලිය නිල් පාට මුහුදුජලය උඩ මවන වර්ණාවලිවලින් ඒ සිතුවම තවත් හැඩ වුණේ ඒ සැන්දෑ පරිසරයට පුදුමාකාර සුන්දරත්වයක් ගෙන එමින්.

සමුදුරේ ඈත කෙළවර ඉදන් හමාගෙන ආපු මුහුදු සුලග ඒ මොහොතෙ වෙරළේඋන්නු එකම කෙනාගේ ඇගේ හැපීගෙන ඈතට ඇදිලා ගියේ ඔහුගේ ගෙල තෙක් දිගු කෙහෙරැලි එහෙ මෙහෙ පාකරමින්.

ඒත් ඒ සුලගටවත් බැරි වුනා ඔහුගේ මූණේඇදිලා තිබුනු ඒ ලස්සන හිනාව අරන් යන්න..ඔහුගේ තොල් විතරක් නෙමෙයි ඇස් පවා කියා පෑවේ ඔහුගේ හිතේ තියෙන සතුට.

කලු පාට දිග කලිසමට උඩින් ඇදගෙන උන්නු සුදු පාට ලිහිල් කමිසය අස්සෙන් ඔහුගේ සිරුරට සීතලක් දැනුනත් ඔහුට ඕනි වුනේ නෑ ඒ සිහිලෙන් වෙන් වෙන්න..

ලුණු වතුරට තෙත් වුනු රත්තරන් පාට සිහින් වැලි උඩ ගිමන් හරිමින් තිබුනු පුංචි පුංචි සිප්පි කටු උඩින් නිරුවත් දෙපා තබමින් ඔහු හෙමිහිට වෙරළ දිගේ ඇවිදගෙන ගියේ මුහුදේ ගිලෙමින් තිබූනු රතු පාට ඉර දිහා බලාගෙනමයි.

ඒත් සැරින් සැරේ එයින් ඇස් මුදවගත්තු තරුණයා වටපිට බලන්න ගත්තේ කාවහරි හොයන්න වගේ.

ඇත්තටම ඔහු හිටියේ කෙනෙක්ව හොයමින්..ඔහු ඒ වෙරළට ආවේ කෙනෙක්ව මුණ ගැගෙන්න..ඉතින් ඔහු මේ මග බලමින් බලාගෙන ඉන්නෙ ඒ කෙනා එනකම්.

ඔහු දන්නවා ඔවුන් මුණ ගැහෙන්න යොදාගෙන තිබුනු වෙලාව ටිකක් පහු වෙලා තිබුනත් අනිවාරෙන් ම ඒ කෙනා ඔහුව මුණ ගැහෙන්න එනවාමයි කියලා..

මොකද ඔවුන් මේ මුණ ගැහෙන්නෙ මාසෙකට පස්සේ..

ඔහුට වැඩි වෙලාවක් බලාගෙන ඉන්න දුණේ නෑ..සම්පුර්ණයෙන් ම කළු පාට ඇදුමින් සැරසිලා ඔහු දිහාවට ඇවිදගෙන එන තරුණයාව දැකපු ගමන් ඔහු උන් තැනම නතර වුනේ ලස්සන හිනාවකින් ඔහු දිහා බලන ගමන්.

ඒක තමයි වෙලාව..

ඈත ඉදන් තමන් දිහාට ලන් වෙන තරුණයා දිහා බලාගෙනම ඔහු ඔහුගේ එක සාක්කුවකින් එළියට ගත්තු යමක් පිටිපස්සට කරගත්තේ තරුණයාට නොපෙනෙන විදිහට..

ඔහුගේ හැම බලාපොරොත්තුවක්ම හීනයක්ම හැන්ගිලා තිබුනේ ඒ දේ අස්සේ.

ඔවුන් උන්නු මුහුදු වෙරළ රතු රෝස මල්වලින් සැරසිලා තිබුනෙ නැ...ඔහු වටේට පාට පාට විදුලි බුබුලුවත් සුවද හමන ඉටිපන්දම්වත් තිබුනේ නෑ..

ඒත් පිටිපස්සට කරලා හන්ගගත්තු ඔහුගේ දෑත් අතරේ රැදිලා තිබුනේ කළු පාට විල්ලුද පෙට්ටියක්..

ඔව්..

ඒ මුද්දක්..

මග බලාගෙන උන්නු සෑහෙන කාලෙකට පස්සේ ඔහු තීරණය කළා එයාගේ ආදරය ප්‍රකාෂ කරන්න..ඒ විතරක් නෙමෙයි ඔහුට යෝජනා කරන්න..

තමන් දිහාට එන තරුණයා දිහා බලාගෙන් ඔහු හිනා වුණේ ඒ තරුණයාගේ මූණේත් ඔහුව දකිද්දි ලස්සන හිනාවක් මැවෙද්දි.

කලු පාට කලිසමට කලු පාර ශර්ට් එකක් ඇදලා ඊට උඩින් කලු පාටම ජැකට් එකක් දාලා හිටපු ඔහු ඇත්තටම කඩවසම්.

ඒත් ඒ හැමදේටම වඩා ඔහු ආදරය කලේ ඒ තරුණයාගේ ඇස්වලට..ඒ ඇස්...ඔහු ඒවා විස්තර කරන්න වචන දැනගෙන හිටියේ නෑ..ඒ තරම් ඒ දිලිසෙන ඇස්වලට ඔහු ආදරය කළා..

තරුණයා ඔහුට මීටර් කීපයක් දුරින් නතර වෙද්දි ඔහු හෙමින් ඉදිරියට යන්න ගත්තේ දුවගෙන ගිහින් ඔහුව වැලදගන්න දැනුනු උවමනාව බොහොම අමාරුවෙන් මැඩගනිමින්.

දෙන්නට දෙන්නා මොහොතක් මූනට මූණ බලාගෙන හිටියේ හුරුපුරුදු හිනාවෙන්මයි..

ඒත්..

එකපාරටම තරුණයා ඔහුගෙන් ඉවතට ගත්තු ඇස් වෙනතකට යොමු කළේ ඔහු උන් තැනම ගල් ගැහෙද්දි..

මුද්ද තිබුනු පෙට්ටිය වටේට ඔහුගේ ග්‍රහණය තද වෙන්න ගත්තේ කලු ඇදගත්තු තරුණයා බලාගෙන හිටියේ කවුරු දිහාද කියලා දැක්කට පස්සේ..

ඔහු දිහා බලද්දි තිබුනටත් වඩා වැඩි හිනාවක් තරුණයගේ මුවේ ඇදුනේ ඔහු දිහාට දුවගෙන එමින් උන්නු තරුණියව දැක්කට පස්සේ..

ඇගේ සුදුපාට දිග ගවුම හුලගට එහෙමෙහෙ යද්දි ඇය තරුණයා ගාව නතර වුනේ තරුණයා ඇයගේ ඉණ වටේ අත යවමින් ඇයව තමන්ගේ සිරුරට ළන් කරගනිද්දි.

මේ හැමදේම දිහා ඔහු බලාගෙන හිටියේ ගල් ගැහිලා වගේ..

ඒත් ඔහුගේ මුලු ලෝකෙම දෙපා මුල කඩාගෙන වැටුනේ තරුණයා තරුණියගෙ දෙතොල් මත සිහින් හාදුවක් තවරද්දි..

ඔහූ ආදරය කරන තරුණයා,ඔහුගේ ඇස් ඉස්සරහම වෙන තරුණියක්ව සිප ගනිද්දි ඔහුට දැනුනේ ඔහුගේ හදවත කෑලි කෑලිවලට පුපුරලා යනවා වගේ..

ඔහුට දැනුනේ ඒ තරම් වේදනාවක්..

ඔවුන්ගේ ලෝකයෙන් මිදුන තරුණයායි තරුණියයි ඔහුගේ දිහාවට හැරෙද්දි ඔවුන් දැක්කේ නොනැවති ගලන කදුලු පිරුණු ඇස්වලින් ඔහු ඔවුන් දෙදෙනා දිහා බලාගෙන ඉන්න හැටි.

"ක්..කවුද මේ...??!"

ඔහු ඇහුවේ තරුණයාගේ ඇස් දිහාමබලාගෙන...වේදනාවෙන්...කලකිරීමෙන්..ඒ වගේම...කේන්තියෙන්..

ඒත් තරුණයා උත්තර දුන්නේ..... සතුටින්..

"මේ සුහා...මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්...!"

එකපාරටම ඔහු වටේ තිබුනු හැමදේම බොද වෙලා යන්න ගත්තේ තරුණයාෆේ මුවින් පිට උනු ඒ වචන ටික විතරක් එකදිගට ඔහුගේ හිත පුරා දෝංකාර දෙද්දි.

"මේ සුහා..."

"මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්..."

"සුහා...මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්..!"

"මේ සුහා..මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්...!"
















එකපාරටම නින්දෙන් ඇහැරුණු පුද්ගලයා දෙනෙත් විවර කළේ වේගයෙන් ගැහෙන පපුවට අතක් තියාගෙන..ඒත් එක්කම ඔහුගේ නෙත ගැටුනේ හිසට ඉහළින් කැරකෙන ෆෑන් එක.ඔහු හිටියෙ ඔහුගේ කාමරයේ නෙමෙයි...මොකද මේ කාමරය පිරිලා තිබුනේ වෛද්‍ය උපකරණ වලින්..

ඔහු ඉන්නේ ඇදක් මත කියලා දැක්කට පස්සෙයි ඔහු හැමදේම තේරුම් ගත්තේ..

"ඒක හීනයක්...!"

නිල් පාට ඇදරෙදි ඇගිලිවලට ගුලි කරගන්න ගමන් ඔහු ආයෙමත් ඇස් පියාගත්තේ වේගයෙන් ගැහෙන්න ගත්තු පපුව සන්සුන් කරගන්න උත්සාහ කරමින්..

"ආයේ කවදාවත් මට මතක් කරන්නවත් ඕනි නැති හීනයක්...!!"

________________________________________

කැමීලීයා...✿

ජපානයේදි ආගමික උත්සවවලදි වැඩි වශයෙන් භාවිතා කරන කැමීලියා මල් පොදුවේ ගනිද්දි අදහස් කරන්නේ ආදරය,ලෙන්ගතුකම,පිවිතුරු බව වගේ අදහස්..

කොරියාවේදි කැමිලියා මල්වලින් බොහෝවිට අදහස් කරන්නේ විශ්වාසි බවේ සංඛේතයක් විදිහට.

රෝස හෝ රතු කැමීලියා මල්වලින් romantic love,passion,longing,desireවැනි අදහස් දෙනවා..

චීනයේදි සාම්ප්‍රදායිකව කැමීලියා මලෙන් පෙන්නන්නේ ආදරවන්තයන් දෙදෙනෙකුගේ එක්වීම.

මලේ පෙතිවලින් කාන්තාව (submissive) සංඛේතවත් කරද්දි නටුව එක්කම තියන පෙති දරාගෙන ඉන්න කොළ පැහැ දළු වැනි කොටස (calyx) සංඛේතවත් කරන්නේ පුරුෂයන්ව(dominant).

මෙහු තේරුම කැමීලියා මලටම ආවේණික ස්වභාවයට සම්බන්දයි.

සාමාන්‍යයෙන් අනෙක් මල් වර්ග පර වෙද්දි මේ දළු වැනි කොටසත් පෙතිත් වෙන් වෙනවා..

ඒත් කැමීලියා මල්වලදි මේක වෙනස්..

කැමීලියා මල් පරවෙද්දි මේ දෙක වෙන් වීමක් සිදු වෙන්නේ නෑ..

ඒ කියන්නේ පෙති ගිලිහිලා යාමක් වෙන්නෙ නෑ.

ඒ කොටස් දෙකම පරවෙලා යන්නේ එකටමයි.

අන්න ඒ නිසයි මේ මලෙන් නොමියෙන,සදාකාලික ආදරය සංඛේතවත් කරනවා කියන්නේ..

(මිය ගියත් ඒකත් සිද්ද වෙන්නේ එකටමයි..වෙන් වීමක් නැහැ.)

ඉතින් ඔබ කාටහරි රෝස හෝ රතු පැහැ කැමිලියා දෙනවානම් ඒකෙන් බොහෝවිට සඛේතවත් වෙනවා ඔබ ඒක ලබාදෙන පුද්ගලයා කෙරෙහි ඔබ තුල ප්‍රේමණීය හැගීම් ඇති බව..

ඒ වගේ ම සුදු පැහැ කැමීලියා මල් බොහෝවිට ත්‍යාග වශයෙන් ලබා දීමට සුදුසුම මලක් විදිහට සැකකෙනවා..මොකද ඒවායින් අදහස් වෙන්නේ විශ්වාසනීයත්වය වගේම ඉවසිලිමත් බවයි.

________________________________________
17/06/2022
(3108 Words)

හායි මයි කපීකේක්ස්.....හව් ආ යූ..😀

පරක්කුයි නේත සෑහෙන්න..නමුත් දරුවනි මේ අර්බුධය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ..🙂

ඇත්තටම හොදම එකෙන් කාලකන්නි විදිහට ගත වෙලා යන මේ දවස් ටිකේ එක හිතක් තියාගෙන පුරුසයෝ දෙන්නෙක් ගැන කතා වස්තු ගොතන එක විතරක් නෙමේ බෙස්ට්පෙංට මැසේජ් එකක් කොටන එක පවා හරිම හිසරම්දයක් වෙලයි තියෙන්නේ පුම්චි යාලුවනි...✋😬

ඒ නිසා පරක්කු උන එක ගැන මේ පාර මං සමාව බජනය නොකරමි..

බැරි මගුල ඔලුවෙන් හිටං ලිව්වත් බෑම තමයි..💔🙂

කොටස් පනහකින් දි එන්ඩ් වීමට ඇති මේ කතාවේ ඉතිරි කොටස් ටික පුරහද දවසටවත් දාන්න ට්‍රයි කරන්නම්..ලෙට්ස් වෙයිට්..🙃

බෙස්ට් ඊස් යෙට් ටු කම් යූ නෝ..😌

ප්‍රස්න තියේ නම් අහන්න කතාවේ අපැහැදිලි තැන් ගැන එහෙම..තව ටික කාලයයි ඕවට කල් තියෙන්නේ..ඒ නිසා දැන්ම ඉදන් ගැට ලිහාගමු..🙂❤️

එහෙනම් byeee...😘

Thank you for reading...♥️

LOVE YOU...♥️

Plz comment & vote..🌟

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top