Chapter 46

________________________________________

"When someone else's happiness is your happiness,
That is LOVE."

-Lana Del Rey-
_______________________________________

යුන්ගි දන්නේ නැහැ ජැන්ග් හ්‍යුක් කොහොමද එතන හිටපු යුන්ගිගේ මිනිස්සුන්ගෙන් බේරිලා යුන්ගිවත් එක්කගෙන එතනින් එලියට ආවේ කියලා...

ඒත් යුන්ගි ආයෙමත් පියවි සිහියට එද්දි එයා හිටියේ පාලමක් උඩ..ඔහුට ඉස්සරහින් හිටගෙන හිටියේ යුන්ගිගේ ම ලේවලින් රතු පැහැ උනු ඇදුමින් සැරසිලා බලන්න බැරි තරම් අප්‍රසන්න දුශ්ට බැල්මක් මූණෙ රදවගෙන උන්නු ජැන්ග් හ්‍යුක්.

රාත්‍රි කළුවර හැම තැනම පැතිරිලා තිබුබත් පාලමේ තැනින් තැන උස්ව නැගුනු පහන් කණුවල විදුලි ආලෝකයෙන් ඔවුන් උන්නු තැන ආලෝකමත් වෙලයි තිබුනේ..

ඒ නිසාම යුන්ගිට පුලුවන් වුනා ජැන්ග් හ්‍යුක්ගේ මූණෙ තියන හැම හැගීමක්ම අදුනගන්න.

ජැන්ග් හ්‍යුක් කිසිම දෙයක් නොකියා එක දිගට යුන්ගි දිහා බලාගෙන හිටියේ ඒ ඇස්වලින් යුන්ගිව මරන්න වගේ.ජැන්ග් හ්‍යුක්ගේ සිහින් කලු ඇස්වල තිබුනේ ඒ තරම් නපුරුකමක්..

ජැන්ග් හ්‍යුක් කියන්නේ හැමවෙලේම නපුරු හිනාවකින් එයාගේ වියරු ස්වරූපය හංගන්න උත්සාහ දරපු කෙනෙක්..ඒත් ඒ මොහොතේ යුන්ගිගේ ඉස්සරහ ඔහු හිනා වෙන්න උත්සාහ කලේ නෑ..ජැන්ග් හ්‍යුක් එයාගේ හිතේ තියන හැම නපුරු හැගීමකටම කෘරකමකටම එලියට එන්න ඉඩ දුන්නෙ යුන්ගි පාලමේ අත්වැට අල්ලගෙන අපහසුවෙන් හිටගද්දි.

"තමුසෙට තියෙන්නේ එයාගේ ඇස්.."

යුන්ගි ගැස්සිලා ගියේ ජැන්ග් හ්‍යුක්ගේ කටහඩේ තිබුනු දැඩි බවට.අනිත් හැමවෙලාවකම ඔහුගේ හඩ සමච්චල් සහගත වුනාට ඔහුගේ මේ වචනවල තිබුනේ අසීමාන්තික වෛරයක් විතරයි..

යුන්ගි ජැන්ග් හ්‍යුක් දිහා බැලුවේ හිස් බැල්මකින්.

"ඒවා මට මතක් කරවන්නේ මං අකමැතිම මතක...."

ජැන්ග් හ්‍යුක් කිව්වේ ඔහුගේ දෙඅත් මිට මොලොව ගන්න ගමන්.

යුන්ගිගේ මුහුණේ ඔහුගේ හුස්ම වැදෙන තරමටම යුන්ගිට ලන් වුනු ජැන්ග් හ්‍යුක් එක අතකින් යුන්ගිගේ නිකටින් තද කරලා අල්ලගත්තේ තව තවත් යුන්ගිගේ ඇස්වලට එබෙමින්.

"අවුරුදු ගානකට කලින් අහිංසක කොල්ලෙක්ව මිනීමරු තිරිසනෙක් කළේ ඔය ඇස්...!!"

යුන්ගිව පාලමේ ආරක්ෂිත වැටට තද කරගන්න ජැන්ග් හ්‍යුක්ට මහ ලොකු වෙලාවක් ගියේ නෑ.මොකද යුන්ගි හිටියේ එයාට සිද්ද වෙන කිසිම දේකට ප්‍රතික්‍රියා කරන්න පුලුවන් තත්වෙක නෙමෙයි..එයා ඒ තරම් දුර්වලයි..

"මං සන්හූන්ව මැරුවේ ජන්ග් වූ සන්ග්ගෙන් පලි ගන්න..මට උබව මරන්න හේතුවක් තිබුනේ නෑ..මට උබව ඕනි උනේ ජේහෝප්ව අල්ලගන්න විතරයි...ඒත් දැන්....මට හිතෙනවා උබත් උන් ඔක්කොම වගේ මැරෙන්නම නියම වෙච්ච එකෙක් කියලා..."

යුන්ගිගේ ඇස් කේන්තියෙන් දත් මිටිකාගෙන මුමුණන ජැන්ග් හ්‍යුක් දිහාට යොමු වෙලා තිබ්බට ඒවායේ කිසි අරමුණක් තිබුනේ නෑ.යුන්ගි කලේ කිසි හැගීමක් නැතිව ජැන්ග් හ්‍යුක්ගේ මුවින් පිට වෙන හැම වචනයක්ම අහගෙන ඉන්න එක විතරයි.

"ඒ උබේ ඔය ඇස් නිසා...!!"

ජැන්ග් හ්‍යුක් එකපාරටම යුන්ගිව අත් ඇරලා පියවරක් පිටිපස්සට තිබ්බේ හිටගෙන ඉන්නවත් පණ නැති තරමට දුර්වල වෙලා උන්නු යුන්ගි දිහා උවමනාවෙන් බලන ගමන්.

"මැරියන්...."

ජැන්ග් හ්‍යුක් තවත් පියවරක් පිටිපස්සට තිබ්බේ යුන්ගිගේ ඇස් වේදනාවෙන් පියවෙන්න යද්දි..

"උබේ අම්මා,තාත්තා,අයියා ගිය තැනකටම උබත් පලයන් යුන්ගී...කොහොමත් පණ දීගෙන ආදරේ කරපු මිනිහා තමන්ගෙම අයියා වුනාට පස්සේ මැරෙනවා ඇර වෙන කරන්න දෙයක් උබට නෑ.."

"මෙන්න මේක මතක තියාගන්නවා යූන්ගි...මේ ලෝකේ කිසිම ආදරයක් සතුටින් කෙලවර වෙන්නේ නෑ..ආදරේ කියලා කියන ඒ කාලකන්නි හැගීම මිනිස්සුන්ව නැත්තටම නැති කරලා දානවා...හරියට තමුසෙගේ හිතේ තියන ඔය මල ඉලව් ආදරෙ නිසා තමුසෙට තමුසෙම නැති වෙනවා වගේ.."

යුන්ගිගේ ඇස් පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔහුට ඇහුනේ එච්චරයි..ඒත් ඔහු ආයෙත් ඇස් විවර කරද්දි ජැන්ග් හ්‍යුක් ඔහු ඉස්සරහා හිටියේ නෑ..ඒ වෙනුවට ඔහුව වට කරගෙන හිටියේ කලුවරයි පාලුවයි...

ඉදලා හිටලා ඔහුව පහු කරගෙන යන වාහනයක සද්දය ඇරුණහම ඒ මුලු පරිසරයම පිරිලා තිබුනේ පාලමට යටින් ගලාගෙන යන ගගේ මහ ජලකදේ සද්දය විතරයි....

______________________________________

(වර්තමානය..)

සන්හූන් කියන්නේ ඇත්තටම කවුද කියලා කිව්වට පස්සේ මුලු රෝනා ප්ලේස් එකම නිහඩ වෙලා ගියේ ඉදිකටුවක් බිම වැටුනත් ඇහෙන තරමට..

ජැන්ග් හ්‍යුක් කදුලුවලින් එයාගේ වේදනාව පිට කරද්දි හෝසෝක් අරමුණක් නැතිව බලාගෙන හිටියේ ගල් ගැහිලා වගේ..සීරෝ එකේ අනිත් අයත් එයාලට ඇහුනු දේ අදහගන්න බැරිව වගේ හෝසෝක් දිහා බලාගෙන හිටියේ මොනවා කියන්නද මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිව..

ඒත් වැඩි වෙලාවක් යන්න කලින් හෝසෝක් පියවරක් පිටුපසට තිබ්බේ ඔහුගේ නෙත්වල බැල්ම එක එල්ලේම ඔහු කලින් බලාගෙන උන්නු හිස් අවකාශයෙන් වෙන් කරගන්නේ නැතිව..

ඒත් ඊගාව පියවර තියන්න යද්දිම හෝසෝක්ගේ දෙපා පණ නැතිව ගියේ ඔහුගේ දණහිස් වෙව්ලන්න ගනිද්දි..

"සන්හූන් කියන්නේ ඔයාගේ මල්ලි...!!"

හෝසෝක්ගේ ඔලුව පුරාම රැව් දුන්නේ ඒ වචන..ඒ වචනවල දෝංකාරය මොනතරම්ද කියනවානම් තව දුරටත් දෙපයින් හිටගෙන ඉන්නවත් ඔහුට වාරුවක් තිබුනේ නෑ.

හෝසෝක්ගේ මූණ කාලෙකට පස්සේ හැගීම්වලින් විරහිත වෙලා තිබුනත් ඔහුගේ ඇස් වලින් දෝරගලමින් තිබ්බේ වෙන් කරලා අදුරගන්න බැරි තරම් හැගීම් මහ ගොඩක්.

දෙපා පණ නැතිව හෝසෝක් සීතල ටයිල් පොළොවට ඇදගෙන වැටෙන්න යද්දිම එක පිම්මට හෝසෝක් ගාවට ආපු නම්ජූන් ඔහුව අල්ලගත්තේ හෝසෝක්ගෙ උරහිස්වලින් අල්ලගෙන ඔහුට හිටගෙන ඉන්න සවි දෙන ගමන්.

නෙත් අගින් පිටවෙන්න දගලන කදුලු බින්දු වැටෙන්න නොදී අමාරුවෙන් දරාගෙන හැගීම් හංගගන්න අසාර්ථක උත්සාහයක යෙදෙන හෝසෝක් දිහා නම්ජූන් බැලුවේ වේදනාවෙන්.

"හෝබා..."

නම්ජූන් දන්නවා හෝසෝක්ගේ ඇස්වල පිරිලා තියන කදුලුවලට හේතුව.
හෝසෝක්ගේ වෙව්ලන තොල්වලින් එලියට පනින්න දගලන වචන මොනවද කියලත් නම්ජූන් දැනගෙන හිටියා..
ඒ හැමදේටම වඩා හෝසෝක්ගේ වේගයෙන් ගැහෙන පපුව අස්සේ කෑ මොර දෙන සිතුවිල්ල මොකක්ද කියලා නම්ජූන් දැනගෙන හිටියා..

අනිත් අතින් හෝසෝක්..

නම්ජූන්ගේ මුවින් තමන්ගේ නම ඇහෙද්දි මෙච්චර වෙලා අමාරුවෙන් තමන්ගේ හැගීම් හිරකරගන්න වෑයම් කරමින් උන්නු හෝසෝක්ට දැනුනේ එයා මේතරම් වෙලා තමන් වටේ හදාගෙන උන්නු හැම බිත්තියක්ම කැඩිලා සුනු විසුනු වෙලා යනවා වගේ.

හෝසෝක් නම්ජූන් දිහා බැලුවේ බොද වුනු ඇස්වලින්.

"ජ්..ජූන්...!"

හෝසෝක් මිමිනුවේ ආයෙමත් පණ නැති වීගෙන එන දෙපා ගානකට නොගෙන.

නම්ජූන්ගේ වේදනාව පිරුනු මුහුණ අස්සේ හෝසෝක් දැක්කේ ජේහෝප් කියන මාෆියා නායකයගේ දෙවැනියා නෙමෙයි..

ජන්ග් හෝසෝක් කියන සාමාන්‍ය තරුණයාගේ හොදම් යාලුවව.

"ජ්...ජූන්...ස්..සන්හූන්...සන්හූන් කියන්නේ මගේ මල්ලී...!!"

හෝසෝක් කිව්වේ අනිත් හැමෝම ඔහු දිහා වේදනාවෙන් බලාගෙන ඉද්දි..

"ඒ..ඒ කියන්නේ...ය්...යූන්ගී....?!!!"

හෝසෝක්ට තවත් මොකුත් කියාගන්න වුනේ නෑ..ඔහුගේ ඇස්වල පිරිලා තිබුනු කදුලු දෝරේ ගලාගෙන යද්දි නම්ජූන් හෝසෝක්ව තදින් වැලදගත්තේ ඒ මොහොතේදී හෝසෝක්ට අවශ්‍යම වුනු හයිය ඔහුට දෙමින්.

හෝසෝක්ගේ කදුලු ඉවරයක් නැතිව නම්ජූන්ගේ උරහිස තෙත් කරද්දි නම්ජූන් හිටියේ ඔහුව සනසන්න කියන්න ඕනි මොනවද කියලා හිතාගන්න බැරිව..

මොකද හෝසෝක් වගේම එයත් දැනගෙන හිටියා සන්හූන් කියන්නේ හෝසෝක්ගේ සහෝදරයා නම්..සන්හූන්ගේ මල්ලි උනු යුන්ගි කියන්නේ හෝසෝක්ගේ කවුද කියලා.

"හ්‍යුන්ග්...!?"

ජිමින් ජින්ගේ අතක් තද කරලා අල්ලාගත්තේ හෝසෝක්ගේ වේදනාව ඔහුට දරාගෙන ඉන්න බැරිම තැන..

හෝසෝක් මේ තරම් කඩා වැටෙනවා එයාලා දැකලා තිබුනෙම නෑ..

"ඒ කියන්නේ යූන්ගි කියන්නේ හෝසෝක්ගේ මල්ලි..!"

ජින්ගේ මුවින් ඒ වචන පිට වුනේ මිමිනුමක් වගේ..ඒත් ඔහුගේ ලග උන්නු ජිමින්ට,ජැක්සන්ට වගේම ජන්ග් වූ සන්ග්ටත් ඒක හොදටම ඇහුනා..

ජැක්සන්ගේ වගේම ජිමින්ගේ මුහුණුත් ජින්ගේ වගේම වේදනාවෙන් බර වෙද්දි ජන්ග් වූ සන්ග් ඔවුන් දිහා බැලුවේ ඒ වචන තේරුම් ගන්න බැරිව..

ඒත් ඔහු ඒ ගැන අහන්න යද්දිම ඔහුගේ සාක්කුවේ තිබුනු දුරකතනය නාද වෙන්න ගත්තේ හෝසෝක්ගේ ඉකිබිදුම් හඩ පවා පරදවමින්.

ජන්ග් වූ සන්ග්ට ඒ මොහොතේ කා එක්කවත් කතා කරන්න ඕනි නොවුනත් කෝල් එක එන්නේ කාගෙන්ද කියලා දැක්කට පස්සේ ඒක නොගෙන ඉන්න පුලුවන් කමක් තිබුනේ නෑ.

මොකද ඒ කෝල් කරන්නේ පාක් හේසුන්..ඒ කියන්නේ ටේයෝන්ගේ තාත්තා.

ජන්ග් වූ සන්ග් එක්කම කොරියාවට පය තියපු හේසුන් ජන්ග් වූ සන්ග් ට කලින් එයාපෝට් එකෙන් පිටවුනේ ටයිටන්ස් එකෙන් හදිස්සියක් කියලා ඔහුට ඉක්මනින් එන්න කියලා තිබුනු නිසයි..

හේසූන් කියන්නේ ජන්ග් වු සන්ග්ට හිටපු හොදම යාලුවා..ඒ නිසාමයි එයා දෙවතාවක් නොහිතා ඇමතුමට සම්බන්ද වුනේ.මොකද හෝසෝක් වගේම ජන්ග් වූ සන්ග් හිටියෙත් හොදම මිතුරෙක්ගේ සවියක් අවශ්‍යම අවස්තාවක.

"හ්..හෙලෝ...හේසූන්.."

ඔහුට ඕනි වුනේ සන්හූන් ගැන හේසූන්ට කියන්න..

ඒත් ඊට කලින් හේසුන් කියපු දේ ඇහුනු ජන්ග්වූ සන්ග්ගේ ඇස් විසල් වුනේ බයෙන්..

"ම්..මොකක්...!!"

ජන්ග් වු සන්ග්ගේ මුවින් මහ හඩින් පිටවෙද්දි හෝසෝක් ඇරෙන්න අනිත් හැමෝමඔහු දිහා බැලුවේ ඒ දවසට නරක ආරංචි තවමත් ඉවර නෑ කියලා ඉවෙන් වගේ දැනගෙන.

"න්..නෑ..ඒක වෙන්න බෑ...!!!"

ඒත් මොහොතකින් ජන්ග්වූ සන්ගේ මුලු මූණම සුදුමැලි වෙන්න ගත්තේ හේසූන්ගේ වචන එක්ක ඔහුගේ බය දෙගුණ දෙගුණ වෙද්දි..

"ය්..යුවී....!!"

ඇමතුම නිමාවෙලත් තප්පර කීපයක් යනකම් එහෙම්ම උන්නු ජන්ග් වූ සන්ග් ඔහුගේ ඉදිරියේ උන්නු අය දිහා බැලුවේ ඔහු කියපු නමත් එක්ක හැමෝම තිගැස්සෙද්දි.

"අන්කල්...?"

ජින් ඔහුට කතා කලත් ජන්ග් වූ සන්ග්ගේ ඇස් තිබුනේ එකපාරටම තමන් දිහා බලපු හෝසෝක් ලග..

"ජ්..ජැන්ග් හ්‍යුක්...ඌ...ඌ සන්හූන්ගේ මල්ලි යුවීව කිඩ්නැප් කරලා...!!!"

හෝසෝක්ගේ ඇස්වල තිබුනු වේදනාව නැති වෙලා ගිහින් ඒවා කේන්තියෙන් පිරෙන්න ගියේ තප්පරයයි..ජැන්ග්භ්‍යුක්ගේ නම ඇහෙද්දි හෝසෝක්ගේ මුලු සිරුරම කේන්තියෙන් පිරුනේ ඔහුගේ මුලු මූණම සීතල වෙද්දී..

"මොකක්ද...??!!"

හෝසෝක් ජන්ග් වූ සන්ග් ගාවට ආවේ විදිලියක් වගේ.

"ප්ලීස්...ප්ලීස් හෝසෝක්...සන්හූන්ව වගේ යුවීවත් මට නැති වෙන්න දෙන්න එපා...ප්ලීස් එයාව බේරගන්න...!!"

ජන්ග් වූ සන්ග් කියද්දි ඒක ඇහුනේ නෑ වගේ හෝසෝක් ඔහුගේ අතේතිබුනු ෆෝන් එක උදුරලා ගත්තේ හේසුන් එවපු ලින්ක් එකක් ඕපන් කරමින්.

ඒ එක්කම හේසුන්ගෙන් ආපු කෝල් එක හෝසෝක් ඉස්සුවේ පිස්සු වැටිලා වගේ තියන හිත සන්සුන් කරගන්න උත්සාහ කරන ගමන්.

"යුවී කොහේද...!?"

හෝසෝක්ගේ බර කටහඩ ඇහෙද්දි ගැස්සුනු හේසුන් කතා කරන්න ගත්තේ ඒ හෝසෝක් කියලා තේරුම් ගත්තට පස්සේ.

"ජැන්ග් හ්‍යුක් යුවීව දාගෙන යන්නේ ටයිටන්ස් එකේ අයගේ ජිප් එකක..ඒ ජිප් එක ට්‍රැක් කරලා තියෙන්නේ..මං එවපු ලින්ක් එකෙ තියෙන්නේ ඒ ජීප් එකෙ ලොකේශන්..ඉක්මන් කරන්න.....!!!අපි එයාලගෙ පස්සෙන් යන ගමන් ඒත් රෙඩ් ඊගල්ස් අපිට වෙඩි තියනවා...වී නීඩ් හෙල්ප්..!ප්ලීස් ඉක්මන් කරන්න..!"

හේසුන්ට කිසිම පිලිතුරක් නොදී කෝල් එක කට් කරපු හෝසෝක් සූබින් දිහා බැලුවේ ඔහුගේ සාක්කුවේ තිබුනු පිස්තෝලය එලියට ගනිමින්.

"ඔයාගේ ටීම් එක සෝල් මේන් රෝඩ් එකට දාන්න....එයාලගේ ටාගට් එක තමයි රෙඩ් ඊගල්ස්ලගේ වාහන..උන් එකෙක්වත් පණ පිටින් ඉතුරු වෙන්න බෑ...!!"

හෝසෝක්ගේ මූණේ වගේම හඩේත් තිබුනේ මහ බයානක දරදඩු ගතියක්..

මෙච්චර වෙලා ‍රෝනා ප්ලේස් එකේ ඉදන් ඇති තරම් කාලය අපතේ යවපු හෝසෝක් තවත් තප්පරයක්වත් පරක්කු නොවී එතනින් පිටත් වුනේ,

"නිකෝට මොකුත්ම වෙන්නේ නෑ.....!"

කියලා ජැන්ග් හ්‍යුක්ට කිව්වට පස්සේ.

නම්ජූන් එක්ක ඉදිරි දොරෙන් හෝසෝක් නොපෙනි යද්දි ඒ පිටිපස්සෙන් ජැක්සන් එක්ක ජිමිනුත් ගියේ වේගයෙන්.

ටීම් එකේ අයට උපදෙස් දෙන ගමන් සූබිනුත් එතනින් යද්දි එතන ඉතුරු වුනේ ජන්ග් වූ සන්ග් එක්ක ජින් විතරයි..

ජන්ග් වූ සන්ග්ට දැනගන්න ඕනි වුනේ එක දෙයයි..

ඒ තමයි.. හෝසෝක් කියපු නිකෝ කවුද කියන එක.

මොකද හෝසෝක් අන්තිමට කිව්වේ යුවීට මොකුත් වෙන්නෙ නෑ කියලා නෙමෙයි..නිකෝට මොකුත් වෙන්නෙ නෑ කියලා..

"ජින්...?"

ජන්ග් වූ සන්ග්ට එයාගේ ප්‍රශ්නේ වචන කරන්න ඕනි වුනෙ නෑ..මොකද ජින් දැනගෙන හිටියා ජන්ග් වූ සන්ග් අහන්නේ මොකක්ද කියලා.

"නිකෝ කියන්නේ හෝසෝක් යූන්ගිට කියන නම.."

ජින් කියද්දි ජන්ග් වූ සන්ග් ඔහු දිහා බැලුවේ කුතුහලයෙන්.

"යුන්ගි..?"

ඔව් ජන්ග් වූ සන්ග් යුන්ගිව දන්නවා තමයි..ඒත් ඒ යූන්ගි කියන නමින් නෙමෙයි.යුවී කියන නමින්.

ජින් හිස වැනුවේ ඔව් කියමින්.

"ඔව්...යුන්ගී..මින් යූන්ගි..."

ජින් බලාගෙන ඉද්දිම ජන්ග් වූ සන්ග්ගේ ඇස් ගැස්සුනේ විමතියෙන්.

"මින්..?!"

"ඔව්...මින් යුන්ගි...මින් සොන්හ්‍යොන්ගේ පුතා....එහෙමත් නැත්නම් යුවී....හෝසෝක්ගෙ නිකෝ බේබි තමයි යූන්ගි..."

"ම්..මොකක්...?!"

"ඔව් අන්කල්....යුන්ගි කියන්න්නේ හෝසෝක් ආදරය කරපු කෙනා....!!"
"හෝසෝක් ඒ ඇඩුවේ සන්හූන් ගැන ඇති වුනු දුකටත් වඩා..එයා මුලු හදවතින්ම ආදරය කරපු කෙනා අන්තිමේදි එයාගේ සහෝදරයා වුණු දුකට...!"

"ද්..දෙවියනේ....!!!!!"

______________________________________

යුන්ගිට තවදුරටත් එයාගේ වටපිටාව ගැන කිසිම ගානක් තිබුනේ නෑ.එයාගේ වටේ සිද්ද වෙන කිසිම දෙයක් ගැන එයාට තේරුමක් තිබුනේත් නෑ.

සීතල රාත්‍රියේ හමන සීතල හුළග ගැන යුන්ගිට ගානක් නෑ..
පහරකෑම්වලින් රිදුම් දෙන සිරුරේ වේදනාවන් ගැන එයාට ගානක් තිබුනෙත් නෑ..
සීමාවක් නැතිව එහෙ මෙහෙ යන වාහනවල ලාම්පු එලිවත් පාලමට යටින් ගලාගෙන යන ගගේ ශබ්ධයවත් යුන්ගිට වැදගත් වුනේ නෑ.

යුන්ගිගේ මුලු හිත පුරාම තිබුනේ ජැන්ග් හ්‍යුක්ගේ වචන විතරයි.

ජැන්ග් හ්‍යුක්ගෙම වචනවලින් කියනවානම් අවුරුදු ගානක් බොහොම අමාරුවෙන් රැකගෙන හිටපු ඒ රහස විතරයි.

යුන්ගි තවමත් ඉන්නේ මීට විනාඩි දහයකට විතර කලින් ජැන්ග් හ්‍යුක් එයාව දාලා ගිය තැනමයි.

හන් ගගේ පාලම උඩ..

පහළින් පේන ජලකද දිහා යුන්හි බලාගෙන හිටියෙ කිසි අරමුණක් නැතිව.

මහ රෑ පාලමක ආරක්ෂක වැටට බර වෙලා පහලින් ගලාගෙන යන ගග දිහා එක එල්ලේ බලාගෙන ඉන්න ඒ තරුණයා ලගට එන්න කෙනෙක් එතැන උන්නේ නෑ.

පැලුනු තොලක් වගේම තුවාල වුනු අත් දෙකක් එක්ක ඉන්න යුන්ගිගේ කමිසයේ ලොකු පැල්ලමක් හදමින් තිබුනු ලේ සලකුණ දකින සීමාවේ කවුරුත්ම හිටියේ නෑ.

අඩුම තරමේ යුන්ගි පණ වගේ විශ්වාස කරපු එයාගේ යාලුවෝ,ටයිටන්ස් එකේ අය,සීරෝ එකේ අය..ඒ කිසිම කෙනෙක් එයාගේ ලග හිටියේ නෑ.

ඒ හැමදේටමත් වඩා එයා තප්පරයක් ගානේ එයි කියලා බලාපොරොත්තු වුනු ඒ කෙනා..හෝසෝක් එයා ලග නෑ.

හෝසෝක්....

යුන්ගිට දැනුනේ මුලු ලෝකෙම එයාට විහිලු කරනවා වගේ.

ඇස්වලින් කදුලු ගලාගෙන යද්දිත් යුන්ගි මහ හඩින් හිනා වුනේ උමතුවෙන් වගේ.

"හැමදේම එක තප්පරෙන් නොහිතන විදිහට වෙනස් වෙන හැටි හරි පුදුමයි...!"

යුන්ගි හිමින් මුමුණන්න ගත්තේ අහස මැද දිලිසෙන හද් දිහා බලමින්.

"ඇයි දෛවය මේතරම් නපුරු..හැමදේම මගෙන් උදුරගත්තා..හැමදේම..මගේ අම්මා..මගේ තාත්තා..මගේ අයියා...දැන්__"

යුන්ගිගේ ඇස්වලින් කදුලු ගලන්න ගත්තේ කෙලවරක් නැතිව.

"දැන් මගේ ආදරෙත්.....ඇයි දැන් මගේ ආදරෙත් උදුරගන්නේ.......හැමදේම නැති වුනාට පස්සේ මට ජීවත් වෙන්න තිබුනු එකම බලාපොරොත්තුව මගේ ආදරේ..ඒත්...ඒත්...."

එතනින් එහාට කියන්න දෙයක් යුන්ගිට අඩුම තරමේ හිතාගන්නවත් පුලුවන් වුනේ නෑ.

"එක තප්පරේක මගේ ආදරේ වුනු කෙනා ඊගාව තප්පරේ මගේ සහෝදරයා වෙද්දි මං කොහොමද මගේ හිතපාලනය කරගන්නේ..කොහොමද මං මේවා දරාගන්නේ......."

යුන්ගි ඔහුගෙ රිදුම් දෙන කුස අල්ලගත්තෙ ඇස්වලින් ගලන කදුලුවලට හේතුව ඉවරයක් නැතිව රිදෙන පපුව නෙමෙයි කියලා ඒත්තු ගන්වන්න වගේ.

"තාත්තලා දෙන්නෙක් වුනාට එකම අම්මාගේ බඩින් ඉපදුනු ඔයයි මායි සහෝදරයෝ සියෝකි.....මං ඔයාට ආදරේ කලාට ඔයා මගේ අයියා...අපි ආදරේ කරන්න අයිතියක් තියන දෙන්නෙක් නෙමෙයි....!"

යුන්ගිගේ කදුලු පිරුනු ඇස් ආයෙමත් යොමු උනේ වේගයෙන් ගලාගෙන යන ජල කද දිහාවට..

"ඒත් මට ඔයා නැති ජිවිතයක් ගැන හිතන්න බෑ සියෝකි...මට ඔයාව ඕනි සහෝදරයෙක් විදිහට නෙමෙයි...මට ඔයාව ඕනි මගේ සියෝකි විදිහට..මගේ ආදරෙ විදිහට..."

වේදනා දෙන අතක් අමාරුවෙන් ඔසවලා ඇස්වලින් ගලන කදුලු පිහිදගත්තු යුන්ගි ආරක්ෂිත වැටේ යකඩ පටියක් උඩට නැග්ගේ රිදුම් දෙන පපුව මතින් අතක් තියාගනිමින්.හරියටම හදවත උඩ...හෝසෝක්ගේ සළකුණ මත....

"ඒත් අපිට එහෙම ආදරේ කරන්න බෑ...මේක තහනම් ආදරයක් සියොකි..අහස පොලොවවත් අනුමත නොකරන ආදරයක්..එකම ලේ ඇගේ දුව්න දෙන්නෙක් කවදාවත් මේ විදිහට එකතු වෙන්නේ නෑ....මේ ඇත්ත දැනගත්තම ඔයා මාව දාලා යනවා කියලා මං දන්නවා....ඒත්......"

යුන්ගිට දැනුනේ ලොකු සැහැල්ලුවක්..
පහලින් ගලාගෙනයන වතුර පාරේ සීතල තමන්ව වටකරගන්න හැටි බලන්න යුන්ගිට එකපාරටම දැනුනෙ ලොකු ආසාවක්..

හැමදේකින්ම ඈත් වෙලා යන්න යුන්ගිට ඕනි වුනා.

එයාට නැති වෙන්න කියලා තව කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.

"මට සමාවෙන්න සියෝකි...ඒත් ඇත්ත දැනගෙනත් ඔයාට ආදරේ කරන එක නවත්තගන්න මට බෑ...මං මගේ පණටත් වඩා මේ තහනම් ආදරේට ආදරෙයි......!"

"මං ආදරෙයි...."

__________________________________

ඒ හෝරාවේ මුලු සෝල් නගරයෙම මංමාවත් තිබුනේ කලබලකාරි වෙලා..ඒකට හේතුව වුනේ බලන බලන තැන වේගයෙන් ගමන් කරමින් තිබුනු සීරෝ එකට අයත් වාහන.

සීරෝ එකේ අය එයාලගේ ලෝගෝ එක ගහපු වාහනවල ම ඇවිත් නොනිදන සෝල් නගරයේ තැනතැන සැරිසරන එක ඒ නගරවාසීන්ට ඒ තරම් හුරුපුරුදු දසුනක් නෙමෙයි..ඒත් එහෙම දෙයක් දකින්න ලැබෙන හැම දවසකම මොකක් හරි ලොකු යුද්ධයක් අතලගම බව ඒ හැමෝම දැනගෙන හිටියා..

අන්න ඒ නිසාමයි මුලු නගරයම කඩි ගුලක් වගේ ඇවිස්සිලා තිබුනේ..

ඒත් මේ කිසිම දෙයක් ගනන් නොගෙන වේගයෙන් හන් පාලම දිහාවට මෝටර් රියක් ඇදෙමින් තිබුනේ මාර්ග නීති පවා තඹ සතේකටවත් මායිම් නොකර.

ඒකේ හිටියේ වෙන කවුරුත් නෙමෙයි ජේහෝප්..

ඔහුගේ උකුස්සෙක්ගේ වගේ තියුණු ඇස් මාර්ගයේ ඉදිරියට යොමු වෙලා තිබුනේ පසෙකින් උන්නු නම්ජූන්ගේ කලබලකාරි නෙත් ඔහුගේ අතේ තිබුනු ෆෝන් එකටම යොමු වෙලා තියෙද්දි.

"හෝසෝක්...ජැන්ග් හ්‍යුක් ගියපු වාහනය දැන් විනාඩි පහක් තිස්සෙම තියෙන්නේ හන් ගගේ පාලම උඩ..අපිට ඉක්මන් කරන්න වෙනවා...මං..මං හිතන්නේ නෑ එතන වෙන්න යන්නේ හොද දෙයක් කියලා..!"

හෝසෝක් මොකුත් ම කිව්වේ නෑ..ඒ වෙනුවට ඔහු කලේ ඔහු පිස්තෝලය දරාගෙන හිටපු අත විවර වෙලා තිබූනු වීදුරුවෙන් එලියට අරන් ඉදියෙන් මාර්ගය අවහිර කරමින් තිබුනු මෝරර් රථයේ රෝදයකට වෙඩි තියන එක.

ඒත් එක්කම ඒ කාර් එක පැත්තකට විසි වෙලා යද්දි ඒ ගැන දශමයකටවත් නොහිතපු හෝසෝක් ඔහුගේ කාර් එක ඉදිරියෙන් යන වාහන අතරින් රින්ගවමින් ඉදිරිටට අරන් ගියේ හන් පාලම ලගට යන එක ඔහුගේ එකම අරමුණ කරගෙන..

___________________________________

යුන්ගි ආරක්ශක වැට අමාරුවෙන් අල්ලගෙන උන්නු ඔහුගේ අත් දෙක එයින් වෙන් කරගෙන පපුව උඩින් තියාගත්තේ මුලු සිරුරම වැටෙන් එහාට බර කරන ගමන්.

"මං ඔයාට ආදරෙයි සියෝකී.....!!"

යුන්ගි මොහොතකට ඔහුගෙ ඇස් පියන් වහගත්තේ හන් ගග පිසගෙන එන් හුලග ඔහුගේ මුහුණේ වදිද්දි දැනෙන සීතල සිත්සේ විදගනිමින්.

වසාගත්තු ඒ නෙතු පියන් අස්සෙනුත් ඔහුට පෙනුනේ එයා ආදරේ කරන්න ගත්තු සීතල ඇස්..
යුන්ගි ගාවදි විතරක්ම හිනාවකින් සැරසුනු සිහින් දෙතොල්..
හැම බැල්මක් පාසාම අසීමාන්තික ආදරයක් වෑහුනු ඒ මුහුණ..

යුන්ගිට ඒ මොහොතෙත් මැවි මැවී පෙනුනේ හෝසෝක්ව..

"මේක පව්කාර හැගීමක්...ඒත් ඒ පවට එක අපායක නෙමෙයි අපායවල් දාහක පිච්චෙන්න උනත්,මං තාමත් ඔයාට ආදරෙයි....!!"

යුන්ගිගේ මුවින් ඒ වචන කීපය පිට වෙනවත් එක්කම ඔහු නෙත් පියාගෙනම ඉදිරියට නැමුනේ සිරුරේතිබුනු සමබරතාවය ගිලිහෙද්දි..

_____________________________________

හෝසෝක් හිටියේ හන් පාලම පේන මානයේ..ඔහුට එතෙන්ට ලන් වෙන්න තිබුනේ විනාඩි දෙක තුනයි..

ඒත්..

.

.

.

.

එකපාරටම කොහේදෝ ඉදලා ආපු ට්‍රක් එකක් හෝසෝක්ගේ කාර් එක ඉස්සරහට ආවේ අධික වේගයකින්..හෝසෝක්ට කාර් එක වෙන පැත්තකට හරවන්නවත් වෙලාවක් තිබුනේ නෑ...හෝසෝක් අන්තිමට දැක්කේ ඇස් නිලන්කාර වෙලා යන එලියක් එක්ක වේගයෙන් ආපු ට්‍රක් එක තමන්ගේ කාර් එකේ හැපෙන හැටි..












(ඤෑහ් එහෙම එකක් උනේ නෑ..👹️ හරි එක පහළ තියේ.කියෝගෙන යන්න..🤡)






එකපාරටම කොහේදෝ ඉදන් ආපු ට්‍රක් එකක් හෝසෝක්ගේ කාර් එක ඉස්සරහින් පාර හරස් කරමින් නැවැත්තුවේ හෝසෝක්ට ඔහුගේ කාර් එක ඉස්සරහට ගන්න කිසිම ඉඩක් ඉතුරු නොකර..

ඒත් එක්කම දෙපැත්තෙන් ම ආපු වාහන ඔක්කොම එකපෙලට පාර මැද හිර වුනේ ලොකු තදබදයක් ඇති කරමින්..

කන් බීරී කරවන වාහන නලා හඩ මැද්දෙන් හෝසෝක්ගේ මුවින් අසැබි වචන එක දිගට පිට වෙන්න ගත්තේ ඔහු කේන්තියෙන් දත් මිටි කද්දි.

පාලම පේන මානයේ තියාගෙනත් ඉදිරියට යන්න බැරි එක ගැන හිත කේන්තියෙන් පිරෙද්දි ඉවසීමේ අන්තිම සීමාවත් පැනපු හෝසෝක් කාර් එකෙන් එලියට බැස්සේ නම්ජූන්ගේ කෑ ගැහිල්ල ගානකටවත් නොගෙන.

දෙපාරක් නොහිතම ට්‍රක් එකේ ඩ්‍රයිවින් සීට් එක ඉලක්ක කරලා එකපිට එක වෙඩි තියන ගමන් හෝසෝක් ඉස්සාරහට ගියේ සමහර මිනිස්සු බය වෙලා වාහනවලින් බැහැලා හිස් ලූලූ අත දුවද්දි.

"මේ #ත්ත මොන මගුලක් කරලා හරි මෙතනින් අයින් කරලා කාර් එක අරන් පාලම උඩට එනවා....!!!!!"

නම්ජූන් දිහා බලලා දැඩි හඩින් අණ කරපු හෝසෝක් ඊගාව තප්පරේම ට්‍රක් එක ඉස්සරහ තිබුනු පොඩි ඉඩෙන් අනිත් පැත්තට දුවගෙන ගියෙ වේගයෙන්.

ඔහුට තිබුනේ ටික දුරයි...
වාහනයෙන් බැරි නම් පයින් හරි ඔහුට ඕනි වුනේ ඉක්මනටම යුන්ගි ඉන්න තැනට යන්න.

මොකද ජැන්ග් හ්‍යුක් එතන හිටියත් නැතත් හෝසෝක් දන්නවා යූන්ගි හිටියේ අනතුරක කියලා.

පුලුවන් උපරිම වේගයෙන් දුවමින් උන්නු හෝසෝක්ගේ හිතේ දෝංකාර දෙමින් තිබුනේ මීට ටිකකට කලින් ට්‍රැෆික් කැමරා චෙක් කරමින් උන්නු ජැක්සන්ගේ වචන.

"හෝසෝක්..යූන්ගි...එයා..එයා පාලමින් පනින්නයි හදන්නේ..!!!"

____________________________________

යුන්ගිගේ දුර්වල සිරුර ආරක්ශිත වැටෙන් වෙන් වුනේ පිහාටුවක් වගේ සැහැල්ලුවෙන්.

.
.
.
.
.
.
.

යුන්ගි බලාගෙන හිටියේ නිල්පාට දිය ධාරාවේ සීතල ඔහුගේ ගත වෙලා ගන්නකම්..

තප්පරයක්..

දෙකක්..

ඔහුට බලාගෙන ඉන්න වුනේ තප්පර දෙකයි..

ඊගාව තප්පරේ ඔහු හිටියේ ශක්තිමත් දෑත් යුවළක් අතර හිර වෙලා..

ඔව්..

සිතල වතුරේ නෙමෙයි..යුන්ගි හිටියේ ගොරෝසු කොන්ක්‍රීට් පොලොවේ..ඔහු වැටුනේ පාලමෙන් ඉවතට නෙමෙයි..අනිත් පැත්තට.

යුන්ගිගේ සිරුර එහා පැත්තට වැටෙන්න කලින් ඔහුව අල්ලාගෙන තමන්ගේ දිහාට ඇදගන්න අර ශක්තිමත් දෑත් යුගලට පුලුවන් වෙලා තිබුනා.

බලාපොරොත්තු වුනු සීතල වතුර වෙනුවට හුරුපුරුදු සිරුරක උණුහුමක් දැනෙද්දි යුන්ගි නෙත් විවර කළේ පුදුමයෙන්.

යුන්ගිට දැනුනෙ එයාගේ හදවත පුපුරන්න එනවා වගේ..ඒක සතුටද දුකද කියලා එයා දන්නේ නෑ..ඒත් එයාගේ ඉස්සරහා හිටියේ එයාට ඒ මොහොතෙදි දකින්න ඕනිම වෙලා තිබුනු කෙනා..

"ස්..සියෝකී...??!!"

යුන්ගිව ඇදලා ගත්තු වේගේට යුන්ගිත් එක්කම බිමට වැටුනු හෝසෝක් බිම වාඩි උනේ යුන්ගිත් අමාරුවෙන් වාඩි වෙන්න උත්සාහ කරද්දි..

යුන්ගිගේ ලේ ගලනතුවාලය,මූනේ අතපයවල තිබුනු සීරීම් පහරවල් දිහා හෝසෝක් බලාගෙන හිටියෙ වේදනාවෙන්.

ඒත් යුන්ගිගේ හඩින් ආයෙත් පියවි සිහියට ආපු හෝසෝක් එක එල්ලේම බැලුවේ අඩලම ඉදිමිලා තිබුනු යූන්ගිගේ කදුලු පිරුනු ඇස් දිහා..

"සියෝකී...!!"

දුවලම හෙම්බත් වුනු දෙපාවලින් නැගිටින්න උත්සාහ නොකරම එකපාරටම ඉදිරියට නැමුනු හෝසෝක් යුන්ගිව තදින් වැලදගත්තේ තමන්ගේ වේගයෙන් ගැහෙන පපුව ගානකට නොගෙන..

හුස්ම ගන්නවත් බැරි තරම් මහන්සියකින් හිටියත් හෝසෝක්ගෙර් ඒ හැම අපහසුවක් ම යුන්ගිව දැකපු ගමන් නැති වෙලා ගියේ පුදුම විදිහට.

හෝසෝක් යුන්ගිව තවත් තදින් තුරුල් කරගත්තේ ඔහු එද්දි යුන්ගි පාලමෙන් එහා පැත්තට වැටෙන්න ඔන්න මෙන්න හිටපු හැටි මතක් වෙද්දි.

හෝසෝක් දන්නවා...එයා තව තප්පරයක් හරි පරක්කූ උනානම් එයාට යූන්ගිව සදහටම නැති වෙනවා කියලා.

ඒ නිසාමයි එයා තව තවත් යුන්ගිව තදින් වැලදගත්තේ..හරියට යුන්ගිව එයාට නැති වෙයි කියලා බයෙන් වගේ.

"ඔයා..ඔයා ක්..කොහොමද එහෙම මාව දාලා යන්න හ්..හැදුවේ නිකෝ....???!"

හෝසෝක් මිමිනුවේ ඔහුගේ ඇස්වල ආයෙමත් කදුලු පිරෙද්දි.

හෝසෝක්ගේ බිදුනු හඩ ඇහෙද්දි යුන්ගිට තවත් දරාගෙන ඉන්න පුලුවන් වුනේ නෑ..

එයා හෝසෝක්වත් ආපිට වැලවගත්තේ ඔහුගේ මුහුණ හෝසෝක්ගෙ ගෙලේ හංගාගනිමින්.

"ම්..මට..මට සමාවෙන්න සියෝකී...!!!ඒත්...ඒත් හැමදේම ඇත්ත නම්..ඔ..ඔයා ඔයා මගේ අයියා..!! මං..මං ක්..කොහොමද...?!"

හෝසෝක් දැනගෙන හිටියේ නෑ යුන්ගි ජීවිතේ නැති කරගන්න තීරණය කළේ ඇයි කියලා...ඒත් දැන් ඔහුට ඒක පැහැදිලියි.මොන විදිහකින් හරි සන්හූන් කියන්නෙ හෝසෝක්ගේ සහෝදරයා බව යුන්ගි දැනගෙන කියලා තේරුම් ගන්න හෝසෝක්ට මහ ලොකු වෙලාවක් ගියේ නෑ..

යුන්ගිගේ ඉකිබිදුම් ඇහෙද්දි හෝසෝක්ගේ ඇස්වලින් කදුලු ගලාගෙන යන්න ගත්තේඑක දිගට.

"මොන දේ වුනත් ඒකට විසදුම මැරෙන එක නෙමෙයි නිකෝ..."

හෝසෝක් යුන්ගිගෙන් ඉවත් වෙලා යුන්ගිගේ මුහුණ ඔහුගේ දෙඅත් වලට මැදි කරගත්තේ යුන්ගි කදුලු මැද්දෙන් ඔහු දිහා බලාගෙන ඉද්දි.

"මට ඕනි ඔයාව...."

"ඔයා මං ආදරය කරන කෙනා වුනත්,ඔයා මගේ මල්ලි උනත් ඒකේ කිසිම වෙනසක් නෑ..මොකද ඔයා කවුරු උනත් මට හැමදේටම වඩා වටින්නේ ඔයාගේ ජීවිතේ...!"

"ඔයා මගේ නිකෝ නම් මට පුලුවන් ඔයා වෙනුවෙන් මේ ලෝකේ ඉන්න හොදම ආදරවන්තයා වෙන්න...!

"ඒ වගේ ම තමයි ඔයා මගේ මල්ලි වුනත්...මට පුලුවන් ඔයා වෙනුවෙන් මේ ලෝකේ ඉන්න හොදම අයියා වෙන්න..."

"මොකද ඔයා තමයි මට මේ ලෝකේ ඉන්න වටිනම කෙනා....."

හෝසෝක්ගේ දිලිසෙන ඇස්වල තිබුනෙ අවංකකම විතරයි..ඒ හැම වචනයක්ම එයා කටට ආවට කියපුවා නෙමෙයි..ඒ තමයි එයාගේ හදවතේ තිබුනු ඇත්ත..

යුන්ගිට හිතන්න දෙයක් තිබුනේ නෑ..මොකද හෝසෝක්ගේ හැම වචනෙකම ගැබ් වෙලා තිබුනු ඒ ළෙංගතුකම එයාට දැනුනා..

හෝසෝක් යුන්ගි දිහා බැලුවේ කදුලු අස්සෙන් හිනා වෙන ගමන්..

"සමහරවිට කවමදාවත් අපිට අපේ වෙන්න බැරි වෙයි..සියෝකිගෙයි නිකෝගෙයි හීන හීනම විතරක් වෙලා යයි.."

"ඒත් එහෙම වුනයි කියලා අපි හැමදේම අත් අරින්න ඕනි නෑ නිකෝ..."

"හැම ප්‍රශ්නෙටම කොතන හරි විසදුමක් තියනවා....අපි දැකපු හීන ටිකක් වෙනස් කරගත්තොත් ඒ හීන හීනම විතරක් වෙලා යන්නේ නෑ..අපිට තාමත් පුලුවන් රූෆ්ටොප් එකේ ස්විමින් පූල් එකක් හදන්න...බේස්මන්ට් එකේ හිරකාරයින්ගේ හිරකූඩුවල රෝස පාට තීන්ත ගාලා එයාලට රෝස පාට ඇදුම් අන්දන්න...!"

හෝසෝක් ඒ ටික කියද්දි යුන්ගිගේ මූණේ හිනාවක් ඇදුනේ ඉබේටමයි..

හීන..

ඒවා තමයි යූන්ගි හෝසෝක් එක්ක ඉන්න හැම වෙලාවකම වගේ ඔහේ කියවපු එයාගේ අරුම පුදුම අනාගත සැලසුම්.

එයා හෝසෝක් එක්ක ඒ විකාර අදහස් කියවද්දි හෝසෝක් පිස්සෙක් වගේ හිනා වුනු හැටි මතක් වෙද්දි යුන්ගිගේ හිනාව තවත් ලොකු වුනේ හැම ප්‍රශ්නයක්ම අමතක වෙද්දි.

හෝසෝක්ට ඕනි වුනෙත් ඒකයි..

"එතකොට ප්ලෑන් කලා වගේම අපිට පුලුවන් අපේ සූබින් ට ඔයාලගේ යොන්ජුන්ව සෙට් කරලා සූබින්ගේ තනිකඩ ජීවිතේට තිත තියන්න.."

"නම්ජූන්ව දාලා ගියපු කෙල්ල හොයාගෙන කනට එකක් ගහන්න වගේ ම ලෝකේ වටේම ඇවිදින්න ඔයාගේ තිබුනු හීනෙ හැබෑ කරගන්නත් අපිට පුලුවන්.....!!"

ඒ ටික කියලා ඉවර වෙද්දි යුන්ගි වගේම හෝසෝකුත් හිටියේ ලස්සන හිනාවක් මූණේ තියාගෙන.

"අපිට සතුටින් ඉන්න අපි අපේ වෙන්න ම ඕනි නෑ...සිප ගන්නේ නැතිවත්..උණුහුමට තුරුල් වෙන්නේ නැතිවත් ආදරය කරන්න පුලුවන්....ඔයාගේ සතුට මගේ සතුට වෙනවා වගේම මගේ සතුට ඔයාගේ වෙනවානම්..අන්න ඒක තමයි ආදරය..."

"ඔයා මගේ ආදරවන්තයා වුනත්,මගේ මල්ලි වුනත්...මට ඕනි ඔයාගේ සතුට විතරයි..ඉතින් අපි අපිට කවුරු උනත්..මං ඔයාට ආදරෙයි...!"

"මං ඔයාට ආදරෙයි යූන්ගී...!'

____________________________________
24/05/2022
(3451 Words)

මලහත්තිලව්වක් වෙලා දැන් මේක..🤡😂

Sorry for the mistakes..
Thank you for reading my sweet angels..❤️

Love youuu...🌼♥️


Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top