Chapter 44
උඩ ෆොටෝ එක බලලා කියවන්න පටන් ගන්න...🌚
(42 කොටස අවසන් වුනු තැනදි වෙන ටික මේ..ජැන්ග් හ්යුක්,ටේයෝන්,යුන්ගි ඉන්න තැන..)
_______________________________________
Beware of the half truth.
You may have gotten hold of the wrong half.
_______________________________________
(පැයකට පමණ පෙර...)
"තමුසේ මහ තිරිසනෙක් මින් යුන්ගි....හිතක් පපුවක් නැති තිරිසනෙක්...!!!!!!"
පරිසරම නිසල වුනේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට..ජැන්ග් හ්යුක් පිස්සෙක් වගේ හිනා වෙන ගමන් බලාගෙන හිටියේ අන්තිමට ඔහුට ඕන උනු දේ සිද්ද වෙද්දි.
වියරුවෙන් වගේ උන්නු ටේයෝන්ගේ ගුලිකරගත්තු දකුණත යුන්ගිගේ මුහුණ මැද නතර වෙද්දි
ටේයෝන්ව නවත්තන්න කෙනෙක් එතන හිටියෙ නෑ.
යුන්ගිගේ නෙත් වේදනාවෙන් පිය වුනත් ඒ සැණින් ආයෙමත් ඔහු ඒවා විවර කරගත්තේ වියරුවෙන් වගේ තමන් දිහා බලාගෙන ඉන්න ටේයෝන්ගේ ඇස් මග අරිමින්.
ටේයෝන් එතනින් නැවතුනේ නෑ..දෙපාරක්..තුන්පාරක්..යුන්ගිට ගනන් කරගන්නත් බැරි තරම් ටේයෝන්ගෙන් ඔහුට පහර වැදුනා..ඒත් යුන්ගි ඔහුව නවත්තන්න උත්සාහ කළේ නෑ..
"තමුසේ කොහොමද එහෙම හිතුවෙවත්....ජන්කුක් තමුසෙව විශ්වාස කළා මින් යුන්ගි....තමුසේ කොහොමද එයා මැරිලා ගියදෙන් කියන්නේ...තමුසෙ කොහොමද එහෙම හිතුවෙවත්....!!!!!!"
ටේයෝන්ගේ සුන්දර අත්වල තිබුනේ විශ්වාස කරගන්නත් බැරි තරම් ශක්තියක්..ඒ හැම පහරක්ම යුන්ගිට වේදනාවක් ගෙනාවේ නෑ කිව්වොත් ඒක බොරුවක්...යුන්ගිට රිදුනා..ඒත් එයා ඒක පෙන්නුවේ නෑ.මොකද හැමදේම හරි විදිහට අවසන් වෙන්න නම් එයාට ඒ වේදනාව දරාගන්නම වෙනවා කියලා එයා දැනගෙන හිටියා..
ජැන්ග් හ්යුක් හිටියේ එතන සිද්ද වෙන හැමදේම දිහා සතුට උතුරන ඇස්වලින් බලාගෙන.
කේන්තියෙන් වගේ ම වේදනාවෙන් පුපුරමින් උන්නු ටේයොන් එක පිට එක යුන්ගිට පහර දෙද්දි තමන්ගේම මිතුරාගේ අතින් නැගිටගන්නවත් බැරි තරමට පහර කාපු යුන්ගි දකිද්දි දැනෙන සතුට ජැන්ග් හ්යුක්ට වචනවලින් කියලා ඉවර කරන්න බැරි තරම්..
තප්පර හැටේ ඒවා කීපයකට පස්සේ ටේයෝන් සීතල පොළොවේ අමාරුවෙන් වැතිරිලා උන්නු යුන්ගි ගාවින් මෑත් වුණේ ඔහුගේ දිහා තප්පරයකටවත් හැරිලා නොබලා...
යුන්ගිගේ විඩාවට පත් ඇස් ටේයෝන්ගේ දිහාවටම යොමු වෙලා තියෙද්දි ටේයෝන් ආවේ ලොකූ හිනාවක් මූණේ දරාගෙන බලන් උන්නු ජැන්ග් හ්යුක් ගාවට..
"තමුන් කියපු දේ මං කළා...."
ටේයෝන් කිව්වේ ජැන්ග් හ්‍යුක්ගේ ඉස්සරහම හිටගන්න ගමන්.
ටේයෝන්ගේ ඇස්වල කිසිම බයක් ගෑවිලාවත් තිබුනේ නෑ.ඒවා දිලිසෙමින් තිබුනේ කෝපයෙන්..
"ඉතින්....??"
ජැන්ග් හ්යුක් නපුරු විදිහට හිනා වෙමින් ඇහුවේ ටේයෝන් කේන්තියෙන් දත්මිටි කද්දි.
"ඉතින්...??තමුසේ කිව්වා මං යුන්ගිට ගැහුවොත් මට ප්‍රතිවිෂ එක දෙනවා කියලා..ඉතින් මං ඒක කළා....!!!"
"ඕහ්...ඔයා කියන්නේ ඒ නිසා මං මේක ඔයාට දෙන්න ඕනි කියලද...!??"
ජැන්ග් හ්යුක් ඇහුවේ ටේයෝන්ගේ මූහුණ ඉස්සරහ ඔහුගේ අතේ තියන කුප්පිය එහෙ මෙහෙ කරමින්...රතු වුනු ඇස්වලින් ඔහු දිහා බලාගෙන හිටපු ටේයෝන් හිස ඉහල පහල වැනුවෙ ජැන්ග් හ්යුක් කට කොනින් හිනා වෙද්දි..
"තමුසේ හිතාගෙන ඉන්නේ මං ඇත්තටම මේක තමුසෙට දෙයි කියලද ටේයෝන්...!?"
ජැන්ග් හ්යුක් සිහින් ස්වරයකින් මිමිනුවේ ඔහුගේ මූණේ තිබුනු හිනාව ටිකෙන් ටික මැකිලා යද්දි.
"මං ගාවම ඉදන් මාව රවට්ටපු තමුසෙලගේ අර දෙකයි පනහේ ඔත්තුකාරයා බේරගන්න මං තමුසෙට මේක දෙයි කියලා තමුසේ ඇත්තටම විශ්වාස කළාද...!??"
ඒ වතාවේ ජැන්ග් හ්යුක් ඒක ඇහුවේ මහ හඩින්.
ටේයෝන් ජැන්ග් හ්යුක් දිහා බැලුවේ පුදුමාකාර කේන්තියකින්..
ඒත් ටික වෙලාවක් කේන්තියෙන් ජැන්ග් හ්යුක් දිහා බලාගෙන හිටපු ටේයෝන් එකපාරටම හයියෙන් හිනා වෙන්න ගත්තේ ඔහුගේ සමීපයෙන් පියවරක් පිටුපසට යන ගමන්.
"නෑ....."
ටේයෝන් කිව්වේ හිනා වෙන ගමන්මයි.
"ඒත් මං දැනගෙන හිටියා තමුන් මුලින් ම මට පෙන්නුවේ හරි ප්‍රතිවිෂ එක නෙමෙයි කියලා ජැන්ග් හ්යුක්..."
ජැන්ග් හ්‍යුක්ගේ මූනේ තිබුනු උද්දච්ච පෙනුම නැති වෙලා ගිහින් ඔහුගේ ඇස් තිගැස්මෙන් නලියන්න ගත්තේ මීට ටිකකට කලින් කේන්තියෙන් වියරු වැටිලා හිටපු ටේයෝන් එකපාරටම හිනා වෙවී කියපු දේත් එක්කයි.
"ඔයා හොදට කල්පනා කරලා වැඩේ කරලා තියනවා මිස්ටර් හ්යුක්...!"
ටේයෝන් කිව්වේ ඔහුගේ අවුල් වුනු කෙස් අස්සෙන් ඔහුගේ දිගු ඇගිලි යවන ගමන්..
ජැන්ග් හ්යුක් ටේයෝන්ගෙන් යමක් අහන්න හැදුවත් ඔහු එහෙම්ම නතර වුනේ ඔහුගේ ඇස් පුදුමයෙන් ලොකු වෙද්දි..
නැගිටගන්න තියා හෙලවෙන්නවත් බැරි තරම් පහර කාලා බිම වැතිරිලා උන්නු යුන්ගි හෙමිහිට බිම වාඩි වුනේ ජැන්ග් හ්යුක් මුවත් විවර කරගෙන ඔහු දිහා බලාගෙන ඉද්දි.
කලින් වේදනාවෙන් කෙදිරි ගාමින් උන්නු යුන්ගිගේ මූණේ ඒවෙද්දි කිසිම වේදනාවක් පෙනෙන්න තිබුනෙ නෑ..ඒ වෙනුවට ජැන්ග් හ්යුක් දිහා බලාගෙන හිටපු ඔහුගේ මූණේ තිබුනේ සමච්චල් හිනාවක් විතරයි..
"අල්ලගන්නවා මූව..."
ජැන්ග් හ්යුක් කෑ ගැහුවේ යුන්ගිගේ දිහා බලාගෙන..
ජැන්ග් හ්යුක්ට ඇත්තටම එතන වෙන දේ ගැන කිසිම තේරුමක් තිබුනේ නෑ..යුන්ගිගේ පිටිපස්සෙ හිටපු තමන්ගේ මිනිස්සු දෙන්නා තමන් දීපු අණ අනුව යුන්ගිව ආයේ බිමට තල්ලු නොකර බලාගෙන ඉන්නේ ඇයි කියලා ජැන්ග් හ්යුක්ට තේරුනේ නෑ..
ටේයෝන් තවත් පියවරක් ජැන්ග් හ්යුක්ගෙන් ඉවතට ගනිද්දි ජැන්ග් හ්යුක් බලාගෙන හිටියේ ඔහු ඇදගෙන හිටපු ඇදුමේ උඩම බොත්තම ගලවන යුන්ගි දිහා..ඇත්තටම ජැන්ග් හ්යුක්ට එතන ටේයොන් ඉන්නවා කියලත් අමතක වෙලා වගෙයි තිබුනේ.
යුන්ගි එයාගේ ඇදුමේ තවත් බොත්තමක් ගලවද්දි ජැන්ග් හ්යුක් දැක්කේ යුන්ගිගේ ගෙලේ එල්ලෙමින් තිබුනු රිදී පාට මාලයක්...
එහි එල්ලෙමින් තිබුනු බෝතල් මූඩියක් විතර ප්‍රමාණයේ කලු පාට රවුම් පෙන්ඩන්ට් එකට අත තියපු යුන්ගි ඊගාවට බැලුවේ ටේයෝන් දිහා.
"වී....!"
එතකොටයි ජැන්ග් හ්යුක්ටත් ටේයෝන්ව මතක් වුනේ...ජැන්ග් හ්යුක් එකපාරටම ටේයෝන් දිහා බලද්දි ටේයෝන් ජැන්ග් හ්යුක්ට ඇහැක් ගැහුවේ ලස්සනට හිනාවෙන ගමන්.
"ඔයාගේ සතුට විනාශ කළාට සොරි හ්යුක්....!!"
තාලෙකට එහෙම කියපු ටේයෝන් එකපාරටම ප්‍රතිවිෂ එක අල්ලගෙන හිටපු ජැන්ග් හ්‍යුක්ගේ අතට පයින් පහර දුන්නේ ඔහුගේ අතේ තිබුනු කුප්පිය ඔහුගේ ග්රහණයෙන් ගිලිහිලා ඉහළට විසිවෙද්දි.
හැමදේම වුණේ හරි ඉක්මනින්.
ඉහළට විසි වුණු කුප්පිය හරිම දක්ෂ විදිහට එක අතකින් අල්ලගන්න ගමන් ටේයෝන් ජැන්ග් හ්‍යුක්ගේ උදරයට තවත් පා පහරක් දුන්නේ අනපේක්ෂිත පහරින් ජැන්ග් හ්යුක් පිටුපසට විසිවෙද්දි.
ඒත් එක්කම යුන්ගි ඔහුගේ පෙන්ඩන්ට් එකේ පහළින් තුබුනු බට්න් එකක් එබුවේ කිසි වේදනාවක් නැතිව දෙපයට බර දීලා නැගිටින ගමන්.
මෙච්චර වෙලා එලියේ හැන්ගිලා සූදානමින් හිටපු යුන්ගිගේ ටීම් එකේ අයට යුන්ගි දීපු සිග්නල් එක වුනේ ඒක..
ටේයෝන්ගේ ප්‍රහාරයෙන් පිටිපස්සට විසි වුණු ජැන්ග් හ්යුක් ඔහුගෙ පිටිපස්සෙ හිටපු ආරක්ෂකයින් දෙන්නාගේ උදව්වෙන් නොවැටී බේරුනේ අනූනමයෙන්.
කේන්තියෙන් දත් මිටිකමින් හිටපු ජැන්ග් හ්යුක් ඔහුගේ කලිසම් සාක්කුවේ තිබුනු පිස්තෝලය අතට අරන් බැලුවේ ඔහුගේ ඉස්සරහ හිටපු තරහකාරයො දෙන්නා දිහා..
ඒත් ඔහුට දකින්න ලැබුනේ ඒ දෙන්නා විතරක් නෙමෙයි...
තොල්වලින් ගලන ලේ කමිස අතින් පිහිදාගන්න ගමන් තියුණු බැල්මකින් ජැන්ග් හ්යුක් දිහා බලමින් හිටපු යුන්ගිගේ පිටිපස්සේ ඉදන් ජැන්ග් හ්‍යුක්ගේ දිහාට ඔවුන්ගේ අතේ තිබුනු තුවක්කු එල්ල කරගෙන හිටියේ ජැන්ග් හ්‍යුක්ගේ ආරක්ෂකයින් දෙන්නා..
ඊට පැත්තකින් ජැන්ග් හ්යුක්ගෙන් ගත්තු කුප්පියත් අතේ තියාගෙන පල් හිනාවකුත් මූණේ තියාගෙන හිටියේ ටේයෝන්.
ඒ හැමදේටම වඩා ජැන්ග් හ්යුක් ගල් ගැහුනේ ඉස්සරහම හිටපු ඒ හතර දෙනාට පිටිපස්සේ තිබුනු දොරෙන් ශාලාවට ඇතුලු වෙමින් හිටපු කලු ඇදගත්තු පිරිස දැකලා..ඒ හැමෝම හිටියේ මුහුණු වහගෙන..ඒ හැමෝගෙම අත්වල තිබුනේ ජැන්ග් හ්‍යුක්ගේ ආරක්ෂකයින් ගාව තියෙන ජාතියෙම තුවක්කු..
"මොන#%@%@...!!!!"
ජැන්ග් හ්යුක් මුමුණන්න ගත්තේ ඔහුගේ ඉදිරියේ ඉන්න විස්සක විතර පිරිස දිහා බලාගෙන..
"සේ ඉට් ලෞඩ් බේබ්....වාට් ද ෆාක්.....!!"
තුශ්නිම්භූත වෙලා ඉන්න ජැන්ග් හ්යුක්ට ඇහැකුත් ගහන ගමන් ටේයෝන් හයියෙන් එහෙම කියලා කෑ ගැහුවේ ජැන්ග් හ්යුක්ව ආයෙමත් මේ ලෝකේට ගන්න ගමන්.
යුන්ගිට පිටිපස්සේ හිටපු ජැන්ග් හ්‍යුක්ගේ ආරක්ෂකයා යුන්ගිගේ අතට පිස්තෝලයක් දෙන හැටි ජැන්ග් හ්යුක් දැක්කේ ඒ මොහොතේමයි..
"උබ...මොකක්ද උඹ ඔය කරන්නේ...උඹ වැඩ කරන්න ඕනි මටයි මිනිහෝ....."
ජැන්ග් හ්යුක් කෑ ගහද්දි ඒ මනුස්සයා ජැන්ග් හ්යුක් දිහා බැලුවේ ඔහුව තඹ සතේකට මායිම් නොකර..
"සෝ සොරි බොස්...මං වැඩ කරන්නේ මිනිස්සුන්ට නෙමෙයි..සල්ලිවලට..."
ඔහු යුන්ගිගෙ පිටිපස්සෙන් හිටගනිද්දි කේන්තියෙන් පුපුරන ජැන්ග් හ්යුක් දිහා බලපු යුන්ගි හයියෙන් හිනා වුණේ ඔහු මොකුත් කරගන්න බැරිව ඉන්න හැටි දැකලා.
ජැන්ග් හ්යුක්ගෙ අතේ පිස්තෝලයක් තිබුනත් ඔහු ඒක ඔසවන්නවත් උත්සාහ නොකලේ එහෙම කළොත් තමන්ගේ දිහාවට එල්ල වෙලා තියන තුවක්කුවලින් කොයි වෙලේ උන්ඩයක් පිට වෙයිද කියලා නොදන්න නිසා.
"තමුසේ කපටියි තමයි ජැන්ග් හ්යුක්....ඒත් කොච්චර කපටි වුනත් තමුසේ මහ මෝඩයි....."
යුන්ගි කිව්වේ ඔහුගේ සිහින් තියුණු ඇස්වලින් තමන්ගේ ඉස්සරහ ගිනි ගන්න ඔන්න මෙන්න වගේ හිටපු ජැන්ඝ්යුක් දිහා බලමින්..
ජැන්ග් හ්යුක්ට යුන්ගි කියන දේවල් අහන් ඉන්න කිසිම ඕනිකමක් තිබුණේ නෑ..ඒත් එයාට එතන කරන්න වෙන දෙයක් තිබුනෙත් නෑ.මොකද යුන්ගි එයාගේ මිනිස්සු වට කරගෙන ආරක්ශිතව ඉද්දි ජැන්ග් හ්යුක් ගාව හිටියේ එයාගේ අනිත් ආරක්ෂකයින් දෙන්නා විතරයි..හරි නම් මේ වෙද්දි එතනට ඇවිත් ඉන්න ඕනි ඔහුගේ බැකප් ටීම් එකත් මොකක් හරි හේතුවක් නිසා ජැන්ග් හ්යුක් ගාව හිටියේ නෑ..
ඒත් හැමදේටම කලින් කාර් එකේ යතුර සාක්කුවෙන් එලියට ගත්තු
යුන්ගි ඒක තමන් දිහාට ආපු ටේයෝන් දිහාට විසි කළේ ජැන්ග් හ්යුක්ගෙන් ඇස් ඉවතට නොගෙන..
"ඉක්මනට යන්න....ගිහින් ඔයාගේ කුකීව බේරගන්න..."
යුන්ගි සිහින් හඩින් කියද්දි ආදරණීය හිනාවකින් යුන්ගි දිහා බලපු ටේයෝන් කාර් කී එකයි ප්‍රතිවිශ එකයි අරගෙන එතනින් පිටත් වුනේ ජීවිතයත් මරණයත් අතර සටනක හිටපු ජන්කුක්ව හොයාගෙන..
යුන්ගි ආයෙමත් ජැන්ග් හ්යුක්ට කතා කරන්න ගත්තේ ඊට පස්සේ.
"තමුසේ හිතාගෙන හිටියේ මුල ඉදන්ම අපි තමුසෙගෙ ප්ලෑන් එකට අහු වුනා කියලා නේද...?"
යුන්ගි ඇහුවේ කට කොනින් හිනා වෙමින්.
"ඒත් තමුසේ වැරදියි ජැන්ග් හ්යුක්..අපි තමුසෙගේ ප්ලෑන් එකට අහු උනේ නෑ..තමුසෙයි අපේ ප්ලෑන් එකට අහු වුනේ.....!"
ඇත්තටම යුන්ගි ඒ කිව්වේ බොරුවක් නෙමෙයි.මෙච්චර වෙලා සිද්ද වුනු හැමදේම ජැන්ග් හ්‍යුක්ගේ ප්ලෑන් එකට අනුව සිද්ද වුනා කියලා හිතුවත් ඒ හැමදේම වෙලා තිබුනේ යුන්ගිගේ ප්ලෑන් එකටයි.
ටේයෝන් ඒ කිසිම දෙයක් මුල දී දැනගෙන හිටියේ නෑ..හරියටම කිව්වොත් මුලින් ටේයෝන් ජැන්ග් හ්‍යුක්ගේ සැලැස්මට අහු වුනා..ජන්කුක්ව බේරගන්න අවශ්‍ය කරන ප්‍රතිවිෂ එක ජැන්ග් හ්යුක්ගෙන් ගන්න ඔහුට යුන්ගිව ගෙනත් දෙන්න කියලා කියනකම්ම ටේයෝන් ඔහුට අහු උනා..ඒත් එතනින් එහාට ටේයොන්ටත් ඕනි වුනේ ජැන්ග් හ්‍යුක්ගේ ප්ලෑන් එකේම ජැන්ග් හ්යුක්ව හිර කරන්න..
ඒ නිසයි යුන්ගිට කෝල් කරද්දි මුලින් ම ටේයෝන් යුන්ගිට අනතුරු ඇගවීමක් කලේ..
"තමුන්ට මතකද ටේයෝන් මට කෝල් කරද්දි මුලින් ම කියපු වචනේ..."
ජැන්ග් හ්යුක්ට ඒ ගැන හරි මතකයක් තිබුනේ නෑ..මොකද ඔහු ඒ වෙලාවේ හිටියේ ටේයෝන් තමන්ගේ අල්ලේ නටවන්න ලැබුනු එක ගැන හිතින් උඩ පනින ගමන්.
"එයා තුන් පාරක් හෙලෝ කිව්වා ජැන්ග් හ්යුක්..ඒක තමයි එයාගේ අනතුරු ඇගවීම.."
ටයිටන්ස්ලගේ රහස් සන්නිවේදන ක්‍රම අතරේ තිබුනු එක ක්‍රමයක් තමයි ඒක..තමන් ඉන්නෙ අනතුරුදායක අවස්තාවකනම් හරි කතා කරන්න ඇත්ත තත්වය කියන්න බැරි තත්වෙක නම් හරි එයාලා කරන්නේ කෝල් එක ආන්සර් කරපු ගමන් තුන්පාරක් හෙලෝ කියන එක..
"ඊට පස්සේ හැමදේම වුනේ මගේ ප්ලෑන් එකට ජැන්ග් හ්යුක්..මං මෙතෙන්ට ආවේ තමුන්ගේ ප්ලෑන් එක හරියටම දැනගෙන..."
ජැන්ග් හ්‍යුක්ගේ ප්ලෑන් එක වුනේ ප්‍රතිවිශ එක මාර්ගෙන් ටේයෝන්ව තමන්ගේ වචනෙට නතු කරගෙන ටේයෝන් ලවා යුන්ගිව ගෙන්නගන්න එක..ඇත්තටම එයා ටේයෝන්ට ප්‍රතිවිෂ එක දෙන්න හිටියේ නෑ..ජැන්ග් හ්යුක් ප්ලෑන් කරගෙන හිටියේ අන්තිමේදි ටේයෝන්වත් ඉවරයක් කරලා දාන්න..
ජැන්ග් හ්යුක් ටේයෝන්ට මුලින්ම පෙන්නපු ප්‍රතිවිශ එක ඇත්ත එකක් නෙමෙයි.ඒකේ තිබුනේ කොළ පාට දියරයක්..ඇත්ත එක එයා හන්ගගෙනයි හිටියේ.ජැන්ග් හ්යුක් එහෙම කලේ බැරි වෙලාවත් ටේයෝන් තමන්ගේ වචනෙට එරෙහි වෙලා ප්‍රතිවිශ එක උදුරගන
යන්න හැදුවොත් ඔහුට ඒක අරගෙන යන්න ඉඩ දීලා බොරු ප්‍රතිවිශ එකෙන් ජන්කුක්ව බේරගන්න බැරි වෙද්දි ඔවුන් විදින දුක දකින්න ඕනි වුනු නිසා.
ඒත් යුන්ගි මොකක් හරි ක්‍රමයකින් දැනගෙන හිටියා හරි ප්‍රතිවිෂ එකේ පාට කොළ පාට නෙමෙයි කහ පාට කියලා..අන්න ඒ නිසයි ජැන්ග් හ්යුක් ටේයෝන්ට කොළ පාට එක පෙන්නලා ඒක ඕනි නම් යුන්ගිට ගහන්න කියලා අණ කරද්දි යුන්ගි ඉක්මනට ක්‍රියාත්මක වුනේ.
තව මොහොතක් හරි බලාගෙන හිටියොත් යුන්ගිට ගහන්න බැරිකම හින්දා ටේයෝන් ජැන්ග් හ්යුක්ගෙන් ඔහුගේ අතේ තියන බොරු ප්‍රතිවිශ එක උදුරගන්න උත්සාහ කරන බව දන්න යුන්ගි ටේයෝන්ව වෙන විදිහකට තමන්ගේ ප්ලෑන් එකට සම්බන්ද කරගන්න පටන් ගත්තා..
ඒ ජන්කුක්ව මැරෙන්න අරින්න කියලා ටේයෝන්ට කියමින්..මුලින් ම ටේයෝන් යුන්ගි කියන දේවල් අදහගන්න බැරිව හිටියත් යුන්ගි කරන්නෙ මොකක්ද කියලා අදුනගන්න ටේයෝන්ට මහලොකු වෙලාවක් ගියේ නෑ..
යුන්ගිට ඕනි වුනේ එයාලා ජැන්ග් හ්‍යුක්ගේ ප්ලෑන් එකට සම්පූර්නෙන්ම අහු වෙලයි ඉන්නේ කියලා ජැන්ග් හ්යුක්ට ඒත්තු ගන්වන්න..
ටේයෝන් ඒක තේරුම් ගත්තා.මොකද යුන්ගි ජන්කුක්ට මොන තරම් ආදරෙයිද කියලා හොදටම දන්නේ ටේයෝන්...ඒ තරම් එයාලගේ බැදීම ශක්තිමත්..යුන්ගිට ජන්කුක් කියන්නේ යාලුවෙක්ටත් වඩා සහෝදරයෙක්.
යුන්ගි කියන්නේ මොනවා වුනත් යුන්ගිගේ හිතේ තියෙන්නෙ වෙන දෙයක් කියලා ටේයෝන් තේරුම් ගත්තා..ඒ නිසයි ටේයෝන් යුන්ගිව විශ්වාස කරලා යුන්ගිට ඕනි විදිහට හැමදේම වෙන්න සැලැස්සුවෙ..
ඒ දෙන්නගෙම අරමුණ වුනේ ජන්කුක්ව මොන ක්‍රමෙන් හරි බේරගන්න එක..ඒ වෙනුවෙන් ටේයොන්ට යුන්ගිට අත උස්සන්න වුනා වගේ ම යුන්ගිටත් වේදනාකාරි පහරවල් කීපයක්ම දරාගන්න සිද්ද වුනත් ජජන්කුක්ට ක් වෙනුවෙන් පොඩි කැපකිරීමක් කරන්න ඒ දෙන්නම දෙපාරක් හිතුවේ නෑ...
ඊට පස්සෙයි ටේයෝනුත් යුන්ගි එක්කම රගපාන්න පටන් ගත්තේ..ටේයෝන් ජැන්ග් හ්යුක් ඉස්සරහ රගපෑවේ එයා ඉන්නේ යුන්ගිව මරන්න තරම් කේන්තියෙන් වගේ.
යුන්ගි හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ ජන්කුක්ට මැරෙන්න දෙන්න කියමින් රගපාද්දි ටේයෝන් එයාගේ ඇස්වලින් පවා ජැන්ග් හ්යුක්ට පේන්න ඇරියේ යුන්ගි ගැන තමන් ඉන්නේ පුදුමාකාර කේන්තියෙන් කියලා..
ඒ තරම් තාත්වික විදිහට ඒ දෙන්නා රගපෑවා..ඒ නිසාමයි යුන්ගිට ඇත්තටම පහර දෙන්න ටේයෝන්ට සිද්ද වුනෙත්..මොකද එයා එහෙම නොකලානම් ජැන්ග් හ්යුක් ඔවුන් ගැන සැක හිතන්න තිබුනා.
යුන්ගිට වේදනාව දරාගන්න එක අපහසු වුනේ නෑ..යුන්ගි එයාගේ ජීවිතේ සෑහෙන්න කාලයක් ඒ දේවල් පුරුදු වෙලා හිටියා ටයිටන්ස්ලාගේ ඇස්ට්‍රියස් විදිහට වගේම ඒජන්ට් යුවී විදිහටත්.
ඒත් ටේයෝන්ගේ ප්‍රහාරයක් ගානේ යුන්ගි එයාගේ වේදනාව ජැන්ග් හ්යුක්ට පේන්න ඇරියේ ජැන්ග් හ්යුක්ට ඕනි වුනෙත් ඒකම නිසා..
"ටේයෝන් මට ගහලා ගහලා නැගිටින්න හදද්දි තමුසේ එච්චර වෙලා අතේ තියාගෙන හිටපු බොරු ප්‍රතිවිශ එක සාක්කුවට දාගෙන හරි එක අතට ගත්තු හැටි මං දැක්කා ජැන්ග් හ්යුක්..!!"
ජැන්ග් හ්යුක්ට දැනුනේ එයාව පුපුරන්න එනවා වගේ.ඔහුගේ හිතේ කලින් තිබුනු කුරිරු සතුට නැති වෙලා ගියේ මේ සම්පූර්ණ වෙලාවම තමන් සහමුලින් ම යුන්ගිගේ බොරු රගපෑම්වලට අහු වෙලා හිටියා නේද කියලා කල්පනා වෙද්දි.
"ටේයෝන් මං ගාවට එද්දි තමුසෙගේ අතෙ තිබ්බේ කොළ පාට කුප්පියක්..ඒත් ටේයෝන් මං ගාවින් අයින් වෙද්දි තමුන්ගේ අතේ තිබ්බේ කහ පාට කුප්පියක්......ඒක නොපෙනෙන්න තරම් අපි මෝඩයෝ නෙමෙයි මිස්ටර් හ්යුක්...!!!"
යුන්ගි කිව්වේ බිම බලාගෙන දත් මිටි කමින් හිටපු ජැන්ග් හ්යුක් දිහා බලාගෙන දුශ්ට විදිහට හිනා වෙන ගමන්.
ජැන්ග් හ්යුක් හිතුවේ නෑ එයා කරන හැමදේම යුන්ගි මේ තරම් දක්ශ විදිහට තේරුම් ගනී කියලා..
ජැන්ග් හ්යුක් දැනගෙන හිටියා ටේයෝන් යුන්ගි ගාවින් නැගිටලා කෙලින් ම තමන් ගාවට එන්නේ ප්‍රතිවිශ එක ඉල්ලන්න කියලා..අන්න ඒ නිසයි ජැන්ග් හ්යුක් ඉක්මනින් ම අතේ තිබුනු බොරු කුප්පිය පැත්තකට දාලා ඇත්ත ප්‍රතිවිෂ එක අතට ගත්තේ..
ජැන්ග් හ්යුක්ට ඕනි වුනේ ටේයෝන්ගේ ඇස් ඉස්සරහම ඒක බිදලා විනාශ කරලා දාන්න..ටේයෝන් අන්ත අසරණ වෙලා විලාප තියන හැටි බලන්න..එයාලගේ බලාපොරොත්තු සුනු විසුනු වෙලා යනවා බලන්න..බොරු කුප්පිය විනාශ කළා කියලා ඒ සතුට ලැබෙන්නේ නැති නිසයි ජැන්ග් හ්යුක්ඇත්ත එක එලියට ගත්තේ.
මොකද ඇත්ත එක විනාශ කරලා දැම්මම එයාලට ජන්කුක්ව බේරගන්න කිසිම අවස්තාවක් ඉතුරු වෙන්නේ නෑ.
ඒත් ටේයෝන් ඒ වතාවේ ජැන්ග් හ්යුක්ට වඩා ඉක්මන් වුනා.
යුන්ගිගේ සම්පූර්ණ ප්ලෑන් එකම තේරුම් අරගෙන හිටපු ටේයෝන් ජැන්ග් හ්යුක් එයාගේ වටේ වෙන දේවල්වලින් පුදුම වෙලා ඉන්න වෙලාවේ ජැන්ග් හ්යුක්ගෙන් හරිම ප්‍රතිවිෂ එක තමන්ගේ අතට ගත්තා..
ඒ කියන්නේ එයාලගේ සැලැස්ම සාර්ථකයි..
"තමුසේ ෆේල් ජැන්ග් හ්යුක්.....!!"
යුන්ගි කිව්වේ ජැන්ග් හ්යුක් කේන්තියෙන් වෙව්ලද්දි..
ජැන්ග් හ්යුක්ගෙ පිටිපස්සේ හිටපු ආරක්ශකයින් දෙන්නා යුන්ගිගේ පැත්තට එකතු වුනු ජැන්ග් හ්යුක්ගෙම අනෙක් ආරක්ශකයින් දෙන්නාගේ තුවක්කුවලින් පිටවුනු වෙඩි උණ්ඩ පපුවේ දරාගෙන බිමට ඇදගෙන වැටෙද්දි ජැන්ග් හ්යුක්ව හැම පැත්තෙන් ම වට කරගත්තේ යුන්ගිගේ මිනිස්සු..
ජැන්ග් හ්‍යුක්ගේ අතේ තිබුනු පිස්තෝලය ඔහුගෙන් වෙන් කරපු ඔවුන් ජැන්ග් හ්යුක්ව බිම දණ ගැස්සුවේ ජැන්ග් හ්යුක් කරගන්න දෙයක් නැතිව දත් මිටිකාගෙන බිම බලාගෙන ඉද්දි..
ජැන්ග් හ්‍යුක්ගේ ලගටම ඇවිදගෙන ආපු යුන්ගි ජැන්ග් හ්‍යුක්ගේ කෙස්වලින් අල්ලලා ඔහුගේ මූණ ඉහලට හරවගත්තේ ජැන්ග් හ්යුක් ගැන තියෙන හැම කේන්තියක්ම ඒ ගිනි ගන්න ඇස් අස්සේ පුරෝගෙන..
"තමුසේ පරාදයි....!!"
ජැන්ග් හ්‍යුක්ගේ ඇස් රතු වෙලා තිබ්බේ කේන්තියෙන්..
ඒත් යුන්ගිගේ ඇස් රතු වෙලා තිබුනේ පලිගැනීමේ චේතනාවෙන්.
"මේ ගේම් එකේ විනර් තමුසේ නෙමෙයි හ්යුක්...."
"මේකේ විනර් මං...!"
"තමුසේ මරපු අර අම්මාගෙයි තාත්තාගෙයි පුතා..තමුසේ නිසා මැරෙන්න වුනු සන්හූන්ගේ මල්ලී...තමුසේ නිසා හැමදේම නැති වුනු මමයි මේ ගේම් එකේ විනර්...!!!"
"මේ මං...මින් යුන්ගී...!"
_______________________________________
22/04/2022
(2290 Words)
කෝ මේ ටේට බැනපු සෙට් එක එන්න පෝලිමට චුට්ටක් කතා කරන්න...🌝
කතාව පරක්කු වෙනවට සොරි ළමයිනේ..
Thank you for reading..❤
Love youuu...!!! 😘
Plz comment.♥️
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top