Chapter 43
_______________________________________
FORBIDDEN
How can something so wrong feel so right...?
_______________________________________
යුන්ගී රෝනා ප්ලේස් එක ඇතුළේ නෑ...!!!"
පඩිපෙල දිගේ කලබලයෙන් වගේ දුවගෙන ආපු ජිමින් එකපාරටම අන්තිම පඩි කීපය ලගදි නතර වුනේ පහළ හිටපු කට්ටිය දැකලා.
නම්ජූන්,ජින්,සූබින්,ජැක්සන් වගේම හෝසෝක් කට්ටියම ජිමින් දිහා බලාගෙන හිටියේ හරියට ජිමින් කියපු දේ විශ්වාස කරගන්න බැරිව වගේ.
"මොකක්ද.."
හෝසෝක් ඇහුවේ එතන වෙන කිසිම දෙයක් හිතාගන්න බැරිව කුතුහලයෙන් එයාලගේ මූණවල් දිහා මාරුවෙන් මාරුවට බලන ජන්ග් වූ සන්ග්ව දැක්කේ නෑ වගේ.
"එයා කොහෙවත්ම නෑ හෝසෝකී..."
ජිමින් දැක්කා හෝසෝක්ගේ මූණේ හැගීම් එක ක්ශ්නයෙන්ම වෙනස් වෙන හැටි.
"විහිලු කරන්න එපා ජිමින්..මේක ඒකට වෙලාව නෙමෙයි..."
හෝසෝක් යන්තමින් හිනා වෙන ගමන් කිව්වේ ජිමින්ගේ දිහාබලාගෙන.ජිමින්ගෙ මූනේ විහිලුවක් කරන බවක් පේන්නවත් නොතිබුනත් හෝසෝක්ට ඕනි වුනේ ඒක විහිලුවක් වෙන්න..
"මං කියන්නේ ඇත්ත මං මුලු රෝනා ප්ලේස් එකේම බැලුවා හෝසෝකී..."
තවත් තප්පරයක්වත් එතැන නතර නොවුනු හෝසෝක් එකපාරටම ජිමින්වත් පැත්තකට කරගෙන දුවලා ගියේ උඩුමහලට..
ඒත් හැමතැනම හොයලත් හෝසෝක්ට යුන්ගිව හොයාගන්න පුලුවන් වුනේ නෑ..
"නිකෝ...!"
උඩු මහළේ තිබුනු ලිවින් රූම් එකට ආපු හෝසෝක් කෑ ගැහුවෙ කොහේ හරි ඉදන් යුන්ගි මතු වෙයි කියන බලාපොරොත්තුවෙන්..
"නිකෝ බේබී....!!!!"
හෝසෝක් ආයෙමත් වතාවක් කලින්ටත් වඩා හයියෙන් කෑ ගැහුවත් ඒ වතාවෙත් දෝංකාර දෙන ඔහුගෙමහඩ ඇරෙන්න වෙන කිසිම හඩක් හෝසෝක්ට ඇහුනෙ නෑ..
"මැණික ඔයා කොහේද...??!"
පිස්සුවෙන් වගේ වටපිට බලන ගමන් හෝසෝක් පහළට දුවගෙන ආවේ හෝසෝක් ඉහළට යද්දිම වගේ ගෙයින් එළියට ගිය නම්ජූන් ගේට් එක ගාව හිටපු ගාඩ්ව එක්කගෙන හෝසෝක්ලා හිටපු තැනට එද්දි.
"හෝසෝකා....!"
නම්ජූන් කතා කරද්දි හෝසෝක් එයා දිහා බැලුවේ සාක්කුවේ තිබුනු ෆෝන් එක අතට අරන් යුන්ගිගෙ අන්කේ ඩයල් කරන ගමන්.ඒත් යුන්ගිගෙ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නැති වෙද්දි හෝසෝක් ආවේගයෙන් කෝල් එක කට් කරලා හැරුනේ බය වෙලා වගේ උන්නු ගාඩ්ගේ දිහාවට.
"කෝ යුන්ගි...????!!!!"
ඒ ගාඩ් හිටියේ සිහි නැති වෙලා වැටෙන්න ඔන්න මෙන්න වගේ..හෝසෝක්ගේ මූණේ තිබුනු බැල්මට වගේම ඔහුගේ කටහඩේ තිබුනු ආධිපත්‍යයටත් ඒ ආරක්ෂකයගෙ සිරුර වෙව්ලන්න ගත්තේ නෑ කිව්වොත් බොරුවක්.
"බ්...බොස්...යු..යුන්ගි සර්..."
ආරක්ෂකයා වෙව්ලන්න ගනිද්දි දත් මිටි කාගෙන ඉස්සරහට ආපු හෝසෝක් ඔහුගෙ බෙල්ලට වටේ දකුණත ඔතාගත්තේ වෙන්නෙ මොකක්ද කියලා කාටවත් හිතාගන්නවත් ඉඩක් නොතියා.
"ගොත ගහන්නෙ නැතිව කතා කරපන් මිනිහෝ.....කෝ යුන්ගී...තමුසේ ගේට් එක ඉස්සරහ ගාඩ් කරද්දි ගේ අස්සේ හිටපු කෙනා නිකන්ම අතුරුදහන් වුනාද...?!"
හෝසෝක් කෑ ගැහුවෙ ගාඩ්ගේ බය දෙගුණ තෙගුණ කරමින්.ජන්ග් වූ සන්ග් නිහඩවම මේ හැමදේම බලාගෙන හිටියේ එයත් එතන ඉන්නවා කියලා මතක් වුනු කෙනෙක් කොයි වෙලේ හරි එතන වෙන්නෙ මොකක්ද කියලා එයාට තේරුම් කරලා දෙනකම් වගේ..
"හොසෝක්..."
නම්ජූන් හෙමිහිට මිමිණුවෙ ආරක්ෂකයා හෝසෝක්ගේ ග්‍රහණයේ ඉදන් කතා කරන්න උත්සාහ කරන හැටි දැකලා..ඔහුට කතා කරගන්න බෑ කියලා තේරුනු හෝසොක් ආරක්ෂකයාගෙ ගෙලෙන් අත ඉවතට ගත්තේ ඔහුට කතා කරන්න කියලා සන් කරමින්.
"ය්..යුන්ගි සර් රෝනා ප්ලේස් ගියේ මීට පැය තුනකට විතට කලින්.."
ඔහු කිව්වේ වෙව්ලමින් උනත් ගොත නොගහන්න පරිස්සම් වෙමින්.
හෝසෝක්ගේ ඇහිබැම දෙක රැලි ගැහුනේ එ කියපු දේ ගැන ආයෙත් ඔහු හිතද්දි.
"ඒ කියන්නේ...එයා තනියම රෝනා ප්ලේස් එකෙන් එලියට ගියාද...?"
ආරක්ෂකයා හිස ඉහල පහල වැනුවේ හෝසෝක්ගේ හිත දාහක් ප්‍රශ්න වලින් වැහෙද්දි.
යුන්ගිට රෝනා ප්ලේස් එකෙන් එලියට යන්න තහනමක් නොතිබුනත් මෙච්චර දවසකට කවදාවත් එයා හොසොක්ට නොකියා කොහේවත් ගිහින් තිබුනේ නෑ.ඉතින් එකපාරටම යුන්ගි කාටවත්ම නොකියා පිටතට ගියපු එක ගැන හෝසෝක්ට ඇති වුනේ සැකයක්.
ඒත් එක්කම වගේ සීසීටිවි චෙක් කරකර හිටපු ජැක්සන් හෝසෝක් දිහා බැලුවේ පුදුමයෙන් වගේ.
"හෝසෝක්..එයා තනියම කාර් එකක් ඩ්‍රයිව් කරගෙනයි ගිහින් තියෙන්නේ.."
හෝසෝක්ගේ ඇස් ලොකු වුනේ යුන්ගි ඒකට කොච්චර බයද කියලා මතක් වෙද්දි.
"එයා..එයා ඩ්‍රියිවින් කරන්න බයයි..."
හෝසෝක් ඒක කිව්වේ තමන් එක්කම කතා කරනවා වගේ.
තමන්ට නොකියා ගාඩ්න් එකටවත් නොයන යුන්ගි හොර රහසින් ම රෝනා ප්ලේස් එකෙන් එලියට ගියපු එක වගේම ඩ්‍රියිවින් සීට් එකක වාඩි වෙන්නත් දහස් වතාවක් හිතන යුන්ගි තනියෙන් ම කාර් එකක් ඩ්‍රයිව් කරගෙන ගිය එකත් හෝසෝක්ට ඇති කලේ මහ අමුතු හැගීමක්.
"ජැක්සන්..යුන්ගි ගිය කාර් එක ට්‍රැක් කරලා එයා දැන් ඉන්නේ කොහෙද බලන්න..නම්ජූන්,ජින් ඔයාලා මං එක්ක එන්න එයාව හොයන්න යන්න.."
හෝසෝක් කිව්වේ යුන්ගිව හොයාගෙන යන්න රෝනා ප්ලේස් එකෙන් එලියට යන්න සැරසෙන ගමන්.
ඒත් හෝසෝක් පියවරක් ඉදිරියට තියද්දිම මෙච්චර වෙලා පැත්තට වෙලා හිටපු ජන්ග් වූ සන්ග් හෝසෝක්ට කතා කලේ තියුනු ඇස්වලින් හෝසෝක් දිහා බලන ගමන්.
"ඔයා ඔය කොහේ යනවා කියලද හිතාගෙන ඉන්නේ හෝසොක්.....?!"
ජන්ග් වූ සන්ග් එතන ඉන්නවා කියලා ඒ හැමෝටම මතක් වුනේ එයාගේ කටහඩ ඇහුනට පස්සෙයි.යුන්ගි නැති එක ගැන කලබල වෙලා හිටපු ඒ කාටවත් එතන ඉන්න එයාලගෙ පරණ බොස් ගැන මතකයක්වත් තිබුනේ නෑ.
ඒත් හෝසෝක් හිටියේ ජන්ග් වූ සන්ග් එක්ක කතා කරකර ඉන්න පුලුවන් තත්වෙක නෙමෙයි.එයාට ඕනි වුනේ පුලුවන් තරම් ඉක්මනින් යුන්ගි ඉන්න තැනක් හොයාගෙන යුන්ගි ගාවට යන්න,ගිහිල්ලා කාටවත් නොකියා පිස්සෙක් වගේ රෝනා ප්ලේස් එකෙන් එලියට ගියාට හොද දෙකක් කියලා කනෙන් ඇදගෙන එන්න.
"දැන් මේ දේවල් කිය කිය ඉන්න වෙලාවක් නෑ මං ඇවිත් හැමදේම කියන්නම්..අපිට පරක්කු වෙනවා.."
එහෙම කියලා හෝසෝක් ලෑස්ති වුනේ එතනින් එලියට යන්න.ඒත් ජන්ග් වූ සන්ග්ගේ මූණේ නම් හෝසෝක්ට ඕනි දේ කරන්න ඉඩ දෙන පාටක් තිබුනේ නෑ.
"තව අඩියක්වත් ඉස්සරහට තියන්න ලෑස්ති වෙන්න එපා....."
ජන්ග් වූ සන්ග් කිව්වත් හෝසෝක් ඔහුව ගනන් නොගෙන තවත් පියවරක් ඉදිරියට තිබ්බේ නම්ජූනුයි ජිනුයි හෝසෝක් එක්ක යනවද නැද්ද කියලා තීරණය කරගන්න බැරිව බලාගෙන ඉද්දි.
ජන්ග් වූ සන්ග්ගේ මූණේ තිබුනු සැහැල්ලු ගතිය නැති වෙලා ගිහින් ඒ මූණ දරදඩු වෙන්න ගත්තේ ඔහු කියන දේ ගනන් නොගෙනම හෝසෝක් යන්න යන හැටි පෙනෙද්දියි.
"ජන්ග් හෝසෝක්.....!!!!!"
ජන්ග් වූ සන්ග් කෑ ගැහුවේ කන් බීරිකරවන තරම් මහ හඩකින්.ඔහුගේ කේන්තිය පිරුනු ඇස් නැවතිලා තිබුනේ ඔහුට පිටුපාලා උන් තැනම නතර වුනු හෝසෝක් ගාව.අනිත් හැමෝම ඒ දෙන්නා දිහා බලාගෙන හිටියේ කේන්තියෙන් ඉන්න ජන්ග් ලා දෙන්නාගේ සංවාදය හොද විදිහට ඉවර වෙන්නේ නෑ කියලා දැනගෙන.
ජන්ග් වූ සන්ග්ගේ කෑ ගැහිල්ලත් එක්කම ඔවුන්ට පියවර කීපයක් ඉදිරියෙන් හිටපු තැනම නතර වුනු හෝසෝක් මොහොතකට නෙත් පියන් වහගෙන ඔහුගේ උතුරාගෙන ආපු කේන්තිය පාලනය කරගත්තේ එයා මොන තරම් කේන්තියෙන් හිටියත් ඒ ඉන්නේ එයාගේ තාත්තා නිසා.
"මොන මගුලක්ද ඔයා කියන්නේ.....?!!"
සන්සුන්ව,ඒ වුනත් යටපත් කරගත්තු කේන්තියකින් හෝසෝක් ඇහුවේ තාමත් ඔහුට පිටුපස්සෙ හිටපු අය දිහාට හැරෙන්නේ නැතිව.
"මං කියන්නේ තමුන්ට ඔය යන්න හදන ගමන නවත්තලා මෙතන නතර වෙන්න කියලා....!"
හෝසෝක්ට නොදෙවනි හඩකින් ජන්ග් වූ සන් කිව්වේ ඒත් එක්කම හෝසෝක් දත් මිටිකාගෙන ඔහුගේ පැත්තට හැරෙද්දි.
"මං කරන දේවල් ගැන තීරණ ගන්න ඔයාට කිසිම අයිතියක් නෑ මිස්ටර් ජන්ග් වූ සන්ග්...ඒ වගේම මේ දැන් මං යන්න හදන ගමන නවත්තන්නත් ඔයාට කිසිම අයිතියක් නෑ.....!!"
හෝසෝක් කිව්වෙ ජන්ග් වූ සන්ග්ගේ මූණ දිහා සෘජුව බලමින්.ඒ බැල්ම මොන තරම් තියුණු වුනත් ඒකට පුලුවන් වුනේ නෑ ජන්ග් වූ සන්ග් ව සසල කරවන්න.මොකද ජන්ග් වූ සන්ග් කියන්නේ ජන්ග් හෝසෝක්ගේ තාත්තා...
"ඔයා කරන දේවල් තීරණය කරන්න මට අයිතියක් නැති වුනාට මේ වගේ වැදගත් වෙලාවක ඔයා ඔය යන්න හදන අනවශ්‍ය ගමන නවත්තන්න අයිතියක් මට තියනවා හෝසෝක්...මොකද මමයි ඔයාගේ තාත්තා........!!"
ජන්ග් වූ සන්ග්ගේ අන්තිම වචන ටික ඇහෙද්දි හෝසෝක්ගේ මස්පිඩු පවා නලියන්න ගත්තේ කේන්තියෙන්.ඒකට කියන්න දේවල් මහ ගොඩක් හෝසෝක්ට මතක් වුනත් එයා ඒ ගැන නොහිතුවෙ ඊට කලින් ජන්ග් වූ සන්ග් කියපු දේ මතක් වෙනකොට ඔහුගෙ කේන්තිය තවත් වැඩි වෙද්දි.
"වැදගත් වෙලාවක යන්න හදන අනවශ්‍ය ගමනක්..?!! කිසි දෙයක් නොදැන හිතෙන හිතෙන දේවල් කියවන්න එපා..ඔයාගේ ඔය මල විකාර වැදගත් වැඩේට වඩා මට මේ වැඩේ වටිනවා....!!"
හෝසෝක් ඉවසීමෙන් කිව්වේ කතා කරකර ගෙවෙන තප්පරෙත් යුන්ගිව හොයාගන්න එයාට තියෙන වෙලාවෙන් වැය වෙන බව දැනගෙන.ඒත් කිසි දෙයක් නොදැනත් තමන්ට හරස් වෙන ජන්ග් වූ සන්ග්ගේ වචනවලින් බේරිලා යන්න විදිහක් හෝසෝක්ට තිබ්බෙත් නැහැ.
"මං දන්නේ නෑ කොහෙවත් ඉන්න මනුස්සයෙක් ගේ අස්සේ හොයාගන්න නැති වුනාම මුලු මාෆියා කල්ලියම එක්ක එයාව හොයාගෙන යන්ම තරම් තමුන්ට මොන පිස්සුවක්ද හැදිලා තියෙන්නේ කියලා.....!!"
ජන්ග් වූ සන්ග් කලින්ට වඩා උස් හඩකින් කිව්වේ එතන හිටපු හැමෝම ඔහුගේ ඒ වචනත් එක්ක ගැස්සිලා යද්දි.ඒ හැමෝම එකපාරටම බැලුවේ හෝසෝක් දිහා..
"අන්කල්...!"
නම්ජූන් සිහින් හඩින් මිමිණුවත් ජන්ග් වූ සන්ග් ඔහුගේ බැල්ම හොසොක්ගෙන් වෙන් කරගන්න උත්සාහ කලේ නෑ.
යුන්ගි ගැන නොවැදගත් විදිහට කතා කරන කිසිම කෙනෙක්ට හෝසෝක්ගේන් බේරිල්ලක් නෑ කියලා ඒ හැමෝම දන්නවා..යුන්ගි ගැන හෝසෝක්ගේ හදවතේ ඒ තරම් ලොකු ඉඩක් වෙන් වෙලයි තිබුනේ..
කේන්තියෙන් පුපුරන්න ඔන්න මෙන්න හිටපු හෝසෝක් දිහා බලපු නම්ජූන් ආයෙමත් ජන්ග් වූ සන්ග් දිහා බැලුවේ කරුණාකරලා ඒ කතාව නවත්තන්න කියනවා වගේ බැල්මකින්.
ඒත් ඒ ක්ශ්නයෙන්ම හෝසෝක් ජන්ග් වූ සන්හ්ගේ ඉස්සරහට ආවේ අඩියට දෙකට.හෝසෝක්ගේ ඇස්වලින් පිට වෙන කේන්තිය ගින්නක් උනානම් ජන්ග් වූ සන්ග් අලු වෙලා යනතරමට දරුණු බැල්මකුයි ඒ ඇස්වල තිබුනේ.
"එයා ගැන ඔය විදිහට තව එක වචනයක් හරි කිව්වොත් තමුන් මගේ තාත්තා කියන එකත් මට අමතක කරන්න වෙයි.....මගේ ඉස්සරහ ඔය කටට එන එන රෙද්දවල් කියවගෙන ඇවිත් මගේ මාරයා ආවේශ කරවන්න එපා මිස්ටර් ජන්ග් වූ සන්ග්......!!!!!"
හෝසෝක් කිව්වේ දත්මිටි කන ගමන් බොහොම අමාරුවෙන් ඔහුගේ කේන්තිය අවසාන සීමාවේ රදවගෙන.
වෙන කෙනෙක් උනානම් තමන් මේ වෙද්දි ඒ කෙනාව මේ ලෝකෙනුත් යවලා කියලා හෝසෝක් දන්නවා..ඒත් මොන දේ වුනත් තමන් ඉස්සරහ ඉන්නෙ තමන්ගේ තාත්තා නිසාම හෝසෝක් ඉවසුවේ බොහොම අමාරුවෙන්.
හෝසෝක්ගේ මූණේ තියන හැගීම් ගොන්න ඉස්සරහ ජන්ග් වූ සන්ග් පවා හිටියේ වචන අමතක වෙලා වගේ..
"අනිත් එක තමයි.....යුන්ගි කියන්නේ කොහෙවත් ඉන්න නිකන්ම නිකන් මනුස්සයෙක් නෙමෙයි....එයා පේන සීමාවේ නැති වුනත් පිස්සු හැදෙන මට එයා ගේ අස්සේ නැති වෙද්දි මාෆියා කල්ලියක් දාලා බැරිනම් ලෝකෙම අනිත් පැත්ත හරවලා හරි මං එයාව හොයනවා......ඒක කීයටවත්ම මට අනවශ්‍ය වැඩක් නෙමෙයි........මොකද එයා මට ඒ තරමටම වටිනවා.......!!!"
හෝසෝක්ගේ වචන අස්සේ කිසිම චකිතයක් තිබුනේ නෑ.ඒ වචනවල තිබුනු අවන්කකම වගේ ම ස්ථීරබවත් ජන්ග් වූ සන්ග්ට තේරුනේ නැතිව නෙමෙයි..ඒත් හෝසෝක්ට යන්න දෙන්න ජන්ග් වූ සන්ග්ව එකග කරවන්න තරම් ඒ වචන ප්‍රමාණවත් වුනේ නෑ.
මොකද ජන්ග් වූ සන්ග්ට අනුව තාමත් හෝසෝක්ගේ මේ ගමනට වඩා එයා කරන්න ආපු වැඩේ එයාට වැදගත් විදිහටයි පෙනුනේ.
"එයාව ඔයාට වැදගත් ඇති හෝසෝක්..ඒත් මේ වැඩේ ඊටත් වඩා වැදගත්......!"
කලින් වගේ කේන්තියෙන් නැතිව ජන්ග් වූ සන්ග් කිව්වේ හෝසෝක් දිහා තරමක සන්සුන් බවකින් බලන ගමන්.ඒත් යුන්ගිව හොයාගෙන යන එක එන්න එන්නම ප්‍රමාද වෙද්දි හෝසෝක්ගේ නැති වෙලා යන ඉවසීම රදවගන්න ඒ සන්සුන්කමට පුලුවන් වුනේ නෑ.
"මං එකපාරක් කිව්වනේ එයාට වඩා වැදගත් කිසිම දෙයක් මට නෑ.....!!!!!"
හෝසෝක් කෑ ගැහුවත් ජන්ග් වූ සන්ග් ඔහු දිහා බැලුවේ හිනාවෙමින්.ඒක නරක හිනාවක් නෙමෙයි.හරියට සෙල්ලම් බඩුවක් ඉල්ලලා කෑ ගහන පොඩි ළමෙක් දිහා බලාගෙන ඉන්න තාත්තා කෙනෙක්ගේ මූණේ ඇදෙන විදිහේ හිනාවක්.
"නෑ හෝසෝක්...ඔය හැම කෙනෙක්ටම වඩා ඔයාට වටින කෙනෙක් ඉන්නවා...."
රෝනා ප්ලේස් එකට ආපු මොහොතේ හෝසෝක් එක්ක කියපූ ඒ දේවල් ටිකම ආයෙමත් ජන්ග් වූ සන්ග් කියද්දි හොසෝක් එයාගේ ඇස් තද කරලා පියාගත්තේ එතන ඕනි මගුලක් වෙන්න ඇරලා යුන්ගිව හොයාගෙන යන්න කියලා හිත කෑ ගහද්දි.
ගත වෙන තප්පරයක් ගානේ හෝසෝක්ගේ හදවත අමුතු හැගීමකින් පිරෙන්න ගත්තේ යුන්ගිට කරදරයක්ද කියන හැගීම ආයේ ආයෙත් හෝසෝක්ගේ හිතට එද්දි.ඒත් හෝසෝක් හිටියේ එයාගේ තාත්තාගේ වචන අස්සෙ පැටලිලා..එතනින් පිට වෙලා යන්න කියලා එයාගේ හිත කොච්චර කිව්වත් එයාගේ ඇග පියවරකින්වත් පස්සට නොගියේ හරියට එයාට එතනම ඉන්න නියම වෙලා තියනවා වගේ.
යුන්ගිව හොයාගෙන යන්න ඕනි තරමටම එයාගේ තාත්තා එක්ක කතා කරන එකත් එයාට නියතයක් වෙලා වගේ..එකම මොහොතේ යුන්ගිව හොයාගෙන යන්න වගේම හෝසෝක්ට අනුව ජන්ග් වූ සන්ග්ගේ තේරුමක් නැති වචන ටික අහගෙන එතන රැදෙන්නත් ඕනි කියලයි හෝසෝක්ට දැනුනේ.
ඒත් ඒ මොන දේ වුනත් යුන්ගිට වඩා වටින කෙනෙක් තමන්ගේ ජිවිතේ ඉන්නවා කියලා ජන්ග් වූ සන්ග් කියන ඒ විකාරෙ පිලිගන්න හෝසෝක්ට ඩින්ගක්වත් ඕනි වුනේ නෑ.මොකද මොන දේ වුනත් යුන්ගිගේ තැන ගන්න පුලුවන් කෙනෙක් හෝසෝක්ට මේ ලෝකෙ හිටියෙ නෑ.ඒ වගේම එහෙම කෙනෙක් ඉන්නෙත් නෑ කියලත් හෝසොක් දන්නවා.
"මං එකපාරක් කිව්වා වෙන මොකෙක්වත් මට වටින්නේ නෑ කිය__ "
හෝසෝක් කියන්න හැදුවත් ඔහුට කියලා ඉවර කරගන්න බැරි වුනේ ජන්ග් වූ සන්ග් නිසා.
"පාක් සන්හූන්.....ඔයාගේ ජීවිතේ කාටත් වඩා වටින කෙනා එයයි හෝසෝක්....!"
ජන්ග් වූ සන්ග් කිව්වේ හෝසෝක් දිහා බලමින් ආයෙමත් ලස්සනට හිනාවෙන ගමන්.ඒ හිනාව අස්සේ හොසෝක් දැක්කේ..?ආදරය...?
ජන්ග් වූ සන්ග්ගේ බැල්මේ තිබුනේත් ආදරය ම තමයි..
ඒත් හෝසෝක්ගේ කල්පනාව රැදුනේ ආදරය රැදුනු ඒ හිනාවෙවත් බැල්මෙවත් නෙමෙයි.හැමදේටම වඩා තමන්ගේ ජීවිතේ වටිනම දේ පාක් සන්හූන් කියන දේ මත.
පාක් සන්හූන්..
හෝසෝක් පුලුවන් හැම විදිහකටම අමතක කරන්න හදන ඒ මතකය..
කොයි තරම් උත්සාහ කලත් වතුර අස්සට ගිය රබර් බෝලයක් වගේ උඩට මතු වෙන ඒ පසුතැවීම මුසු වුනු වරදකාරි හැගීම ආයෙමත් හෝසෝක්ගේ මුලු හිතම වෙලාගන්න ගත්තේ ජන්ග් වූ සන්ග් ඔහුගේ නම කියද්දි.
හෝසෝක් යුන්ගිට මොන තරම් ආදරේ කළත් තාමත් යුන්ගිගේ ඉදිරියේදි තමන්ගේ හදවත වෙලාගන්න ඒ බර..යුන්ගිට එයාගේ අයියව නැති වුනේ තමන් නිසා කියන ඇත්ත ආයෙමත් හෝසෝක්ව හොයාගෙන ආවේ ජන්ග් වූ සන්ග්ගේ වචනත් එක්ක.
හෝසෝක්ට දැනුනේ කේන්තියක්..මෙච්චර කාලයක් ගිහිල්ලත්,සන්හූන් කියලා කෙනෙක් මේ ලෝකේ තවදුරටත් නැති වෙලත්..තාමත් පාක් සන්හූන් තමන්ගේ ජීවිතේ අස්සේ සැරිසරන හැටි දැනෙද්දි හෝසෝක්ට දැනුනේ ඉවසගන්න බැරි තරම් කේන්තියක්.
යුන්ගිගේ ලගදි දැනෙන ඒ වරදකාරි හැගීම..
කවදාවත් වෙන කෙනෙක්ගේ ජීවිතයක් උදුරගනිද්දි නොදැනුනු ඒත් සන්හූන්ගේ ජීවිතේ උදුරගත්තු එක ගැන දැනුනු පසුතැවීම..
වරදක් නොකරපු අහින්සකයෙක්ව පොඩිමවත් අනුකම්පාවක් නැතිව මරලා දාපු එක ගැන තමන්ගේ හෘද සාක්ශිය හැමවෙලේම කෑ මොර දෙන ඒ යථාර්ථය...
ඒ හැමදේටම වඩා,
ජිවතුන් අතරවත් නැති පාක් සන්හූන්ව තමන්ගෙම තාත්තා එයාලගේ ජීවිත අස්සට ගේන්න ගන්න උත්සාහය....
මේ හැමදේම හෝසෝක්ගේ කේන්තිය තවත් වැඩි කලේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ..
හෝසෝක් දැක්කා ජන්ග් වූ සන්ග් එයා දිහා බලපු එ හිනවෙන්ම නම්ජූන් දිහා බලන හැටි.
"දැන්වත් ගිහින් එයාව එක්කගෙන එන්න..මං ඔයාලට ඔය යන්න හදන දිහාට යන්න දෙන්නම් එයාව මෙහාට එක්කගෙන ආවට පස්සේ...."
ජන්ග් වූ සන්ග් නම්ජූන් දිහා බලාගෙන කිව්වත් නම්ජුන්ගේ කලබලකාරි නෙත් යොමු වෙලා තිබුනේ සීතල බැල්මකින් ජන්ග් වූ සන්ග් දිහාට හැරුනු හෝසෝක් ගාව.
ජැක්සන්,සූබින්,ජිමින් නිහඩවම උන්නත් එයාලගේ හදවත්වල ගැස්ම පවා වැඩි වෙලයි තිබුනේ.ජින් ටිකෙන් ටික නම්ජූන් ගාවට කිට්ටු වුනත් එයත් හිටියේ අනිත් අය වගේම ගොලු වෙලා.ඒ හැමෝගෙම බය රැදුනු කලබලකාරි නෙත් නතර වෙලා තිබුනේ සෑහෙන කාලෙකට පස්සේ හැගීම් විරහිත සීතල බැල්මකින් ජන්ග් වූ සන්ග් දිහා බලාගෙන ඉන්න හෝසෝක් ගාව.
"පාක් සන්හූන්ව මෙහාට එක්කගෙන එන්න නම්ජූන්ට බෑ...."
හෝසෝක් කිව්වේ එයාගේ සීතල බැල්මෙන් තාමත් උණුසුම් ඇස්වලින් තමන් දිහා බලන ජන්ග් වූ සන්ග් දිහාම බලාගෙන.
"මොකක්..ඇයි ඒ....?"
ජන්ග් වූ සන්ග් ඇහුවත් කාගෙන්වත් පිලිතුරක් ලැබෙනකම් බලාගෙන නොයිදපු ඔහු හැරුනේ ජින්ගේ දිහාවට..
"හරි කමක් නෑ..එහෙනම් ජින්ට පුලුවන්නේ ගිහින් එයාව එක්කගෙන එන්න..එහෙමත් නැත්නම් ජිමින්..?ජැක්සන්ටත් පුලුව__"
"ඒ කාටවත්ම බෑ එයාව මෙහාට එක්කගෙන එන්න...!"
හෝසෝක් කිව්වෙ ජන්ග් වූ සන්ග්ට ඔහුගේ වාක්‍ය ඉවර කරන්නවත් ඉඩ නොදි.
ඔහු ආයෙමත් හෝසෝක් දිහාට හැරුනේ නලලත් රැලි කරගෙන.
"ඇයි...මොකක්ද ප්‍රශ්නේ..දැන් ගොඩක් රෑ වෙලා නිසා එයා ඔයාල එක්ක එන එකක් නෑ කියලා හිතෙනවානම් ඒ ගැන බයවෙන්න එපා.මගේ නම කිව්වම අනිවාරෙන් ම එයා එනවා..අනික__"
"නවත්තගන්නවා.......!!!!"
හෝසෝක් ආයෙමත් කෑ ගැහුවේ ජන්ග් වූ සන්ග් පවා ගැස්සිලා යද්දි.ඒත් ඔහුට ඒ ගැන මොකුත් කියන්න වුනේ නෑ.මොකද ජන්ග් වූ සන්ග් මුව විවර කරද්දිම එයා අහන්න හිතපු දේට උත්තරය හෝසෝක්ගෙන් ලැබුනා..වෙනසකට තිබ්බේ ඒ උත්තරය ජන්ග් වූ සන්ග් බලාපොරොත්තු වුනු උත්තරය නොඋනු එකයි.
"පාක් සන්හූන්ට මෙහාට එන්න බෑ...!!මොකද එහෙම කෙනෙක් දැන් මේ ලෝකේ නෑ......!!!"
ඔව්..ඒ කීයටවත්ම ජන්ග් වූ සන්ග් අහන්න බලාපොරොත්තු වුනු තියා හිතපුවත් උත්තරයක් නෙමෙයි..
"මො..මොනවද ඔයා මේ කියවන්නේ හෝසෝක්.....!??"
ජන්ග් වූ සන්ග් ඇහුවේ හෝසොක් විහිලුවක් කරනවාවෙන්න ඇති කියලා හිතමින්.
"විහිලු කරන්න එපා හෝසෝක්...මේ ඒකට වෙලාව නෙමෙයි.."
ජන්ග් වූ සන්ග් කිව්වෙ ඔහුගේ මුවින් මැකෙන්න ගියපු හිනාව ආයෙමත් මූණේ ඇදගන්න ගමන්.
හෝසොක් මේ කියන්නේ ඇත්තක් නෙමෙයි කියලා ජන්ග් වූ සන්ග්ට විශ්වාසයි.ඒක වෙන්න බෑ..එහෙම නේද...පාක් සන්හූන්..එයාට මොකුත් වෙන්න බෑ..එහෙම වෙන්නේ නෑ.
"මේක විහිලුවක් නෙමෙයි....පාක් සන්හූන් කියලා කෙනෙක් තව දුරටත් මේ ලෝකේ නෑ...එයා මැරුනා....!"
හෝසෝක්ට ඒක මීට වඩා දැඩි බවකින් කියන්න ඕනි උනත් ඒ අන්තිම වචන දෙක කියද්දි හෝසෝක්ගේ හිතේ තිබුනු හැම හයියක්ම නැති වෙලා ගියේ පුදුමාකාර විදිහට.
අමුතුම හැගීමකින් හදවත රිදුම් දෙන්න ගනිද්දි හෝසෝක්ට තේරුනේ නෑ ඒ කොහේහරි තමන් එනකම් බලාගෙන ඉන්න යුන්ගිගේ වේදනාව ද එහෙමත් නැත්නම් තමන් නිසා මැරෙන්න වුනු පාක් සන්හූන්ගේ අන්තිම මොහොතෙ ඒ ඇස්වල තිබුනු දුක මතක් වූ නිසා දැනුනු වේදනාවද කියලා.
ඒත් එයා කීයටවත් හිතුවේ නෑ ඒ ටික කියලා තමන්ගේ තාත්තා දිහා බලද්දි ඒ වේදනාව දෙගුන තෙගුණ වෙයි කියලා.
ජන්ග් වූ සන්ග්ගේ මූණේ තිබුනු හිනාව ඒ මූණෙන් මැකිලා ගියේ හෝසෝක් බලාගෙන ඉද්දි.ඒ ඇස්වල තිබුණු උණුසුම ඒවාවලින් නැති වෙලා ගිහින් කියවගන්න අමාරු හැගීමක් ඒ ඇස් අස්සේ දිලිසෙන හැටි හෝසොක් දැක්කා..
මොහොතකට කලින් සන්හූන්ව එක්කගෙන එන්න කියද්දි ඔහුගේ තිබුනු සතුට උද්‍යෝගය ඔහුගෙන් වෙන් වෙලා යන හැටි හෝසෝක් විතරක් නෙමෙයි ඒ හැමෝම දැක්කා..
අනිත් අය විතරක් නෙමෙයි මේ වතාවේ හෝසෝක් පවා වචන නැතිව ගොලු වුනේ ජන්ග් වූ සන්ග් ලග තිබුනු පුටුවක් අල්ලගනිමින් හිටගෙන ඉන්න සවිය හොයද්දි..
"කියන්න..කියන්න මට මේ ඇහෙන්නේ ඇත්තක් නෙමෙයි කියලා...."
ජන්ග් වූ සන්ග් හොසොක් දිහා බැලුවේ ආයාචනාත්මක බැල්මෙන්.
"කියන්න එයාට කරදරයක් නෑ කියලා..එයා..එයා පරිස්සමින් ඉන්නවා කියලා..සන්හූන්...එයා ඉන්නවා කියලා...."
හෝසෝක්ට ජිවිතේ කවදාවත් මේතරම් අසරණකමක් දැනිලා තිබුනේ නෑ..ජන්ග් වූ සන්ග්ගේ ආයාචනාත්මක ඇස්වල ලියවිලා තියන වේදනාව දකිද්දි හෝසෝක්ට තව දුරටත් ඒ දිහා බලාගෙන ඉන්න හයියක් තිබුනේ නෑ..ජන්ග් වූ සන්ග් හිටියේ ඒ තරමටම කඩාගෙන වැටිලා.
හෝසෝක් ඉවත බලන්න උත්සාහ කළත් ජන්ග් වූ සන්ග්ගෙන් ඒකට ඉඩක් ලැබුනේ නෑ..එයාට ඕනි වුනේ උත්තර..එයාගේ ප්‍රශ්නවලට උත්තර.
"කතා කරනවා හෝසෝක්.....එයා හොදින් නේද...?"
ජන්ග් වූ සන්ග් කෑ ගහන්න උත්සාහ කළත් ඔහුගේ හඩේ තිබුනේ වේදනාත්මක බවක් විතරයි.හෝසෝක්ට ඔහුගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.
"එයා හොදින් නෙමෙයි...පාක් සන්හූන් ජිවතුන් අතර නෑ.....!"
හෝසෝක්ගෙ ඇස් කකියන්න ගත්තේ ඔහු ඒක කියනවත් එක්කම ජන්ග් වූ සන්ග් තව දුරටත් හිටගෙන ඉන්න පවා හයියක් නැතුව වැටෙන්න යද්දි.
ඉස්සරහට පැනලා ඔහුව අල්ලගන්න හෝසෝක්ට ඕනි වුනත් ඔහු එතැනම හිටියේ නම්ජූන් ඉක්මනට ජන්ග් වූ සන්ග්ව අල්ලගෙන පුටුවෙන් වාඩි කරවද්දි.
හෝසෝක්ට දැනුනේ ඔහුගේ හදවතේ වේදනාව තවත් වැඩි වෙනවා වගේ.
තමන් එනකම් බලාගෙන ඉන්න යුන්ගි..
තමන් නිසා ජීවිතේ නැති වුනු සන්හූන්..
තමන් නිසා වේදනා වීදින තමන්ගෙම තාත්තා..
මෙ හැමදේම හොසෝක්ගෙ හදවතට බර වැඩි.
මොකද මේ ඉන්නෙ ඉස්සර හිටපු ගල් වුනු හදවතක් තියන හොසොක් නෙමෙයි..හදවත ගැහෙන හෝසෝක්...
හෝසෝක් එයාගේ ජීවිතේ කවදාවත් එයාගේ තාත්තාගේ කදුලු දැකලා තිබුනේ නෑ..
ඒත් මේ මොහොතෙදි හෝසෝක් පලවෙනි වතාවට ජන්ග් වූ සන්ග්ගේ කදුලු දැක්කා.
ඔහුගේ ඇස්වලින් ගිලිහිලා ගියපු කදුලු බින්දු කම්මුල් දිගේ ගලාගෙන යන හැටි ඒ හැමෝම බලාගෙන හිටියේ ගල් වෙලා වගේ.
හෝසෝක් දන්නේ නෑ සන්හූන් වෙනුවෙන් ජන්ග් වූ සන්ග් මේ තරම් දුක් වෙන්නේ ඇයි කියලා.
හෝසෝක් කකියන ඇස්වලින් බලාගෙන හිටියෙ පපුව තදින් අල්ලගෙන නිහඩවම වැලපෙන ඔහුගේ තාත්තා දිහා..සන්හූන් වෙනුවෙන් ඒ කදුලු ගලන්නේ ඇයි කියලා නොදන්නවා වුනාට හෝසෝක් දන්නවා ඒ කදුලුවලට හරිම හේතුව තමන් කියලා..මොකද ජන්ග් වූ සන්ග් මේ අඩන්නේ සන්හූන් වෙනුවෙන්..හෝසෝක්ගේ අතින් මියගිය සන්හූන් වෙනුවෙන්.
හෝසෝක් දන්නෙ නෑ එයාට මේ අදහස ආවේ කොහෙන්ද කියලා..ඒත් හිමින් හිමින් හෝසෝක් ලන් වුනේ ජන්ග් වූ සන්ග් ගාවට..ඔහු පුටුව ගාවට එද්දි නම්ජූන් එතනින් අයින් වුනේ හෝසෝක්ට ඉඩ දෙන ගමන්.
තමන් කරන්නේ මොකක්ද කියලා තේරුමක් හෝසෝක්ට තිබුනේ නෑ..දැඩිව දෙනෙත් පියාගෙන නිහඩවම හඩා වැටෙන ජන්ග් වූ සන්ග් ඉස්සරහ හෝසෝක් දණ ගහගත්තේ ජීවිතේ පළවෙනි වතාවට..
හෝසෝක්ට ඕනි වුනා සන්හූන් එයාට මේ තරම් වැදගත් ඇයි කියලා අහන්න..
සන්හූන් වෙනුවෙන් කදුලු හෙලන්නෙ ඇයි කියලා අහන්න..
ඒත් ඒ වෙනුවට හෝසෝක් කලේ ජන්ග් වූ සන්ග්ගේ එක අතක් තදින් අල්ලගන්න එක.
"මට සමාවෙන්න තාත්තා.....!"
හෝසෝක් හෙමිහිට කියද්දි ජන්ග්වූ සන්ග් ඔහුගේ කදුලු පිරුනු ඇස් විවර කරලා හෝසෝක් දිහා බැලුවේ වේදනාවෙන්.
මොකුත්ම නොකියපු හොසොක් ඉස්සරහට ඇවිත් ජන්ග් වූ සන්ග්ව වැලදගත්තේ ජීවිතේ පළවෙනි වතාවට තාත්තාගේ උණුහුමට තුරුලු වෙමින්.
"මට සමාවෙන්න......!"
ජන්ග් වූ සන්ග් නිහඩවම හෝසෝක්ගේ උරහිසේ හිස තියාගත්තේ ඔහුගේ හැඩුම් නවත්තගන්න නිශ්ඵල උත්සාහයක යෙදෙමින්.
මිනිත්තුව දෙක ගෙවෙද්දි මෙච්චර කල් ජන්ග්වූ සන්ග්ගෙන් ඈත් වෙන්න උත්සාහ ගත්තු හෝසෝක් තේරුම් ගත්තේ එක දෙයයි..ඒ තමයි එයා මෙච්චර කල් පැනලා ගියේ එයාට ඕනිම වෙලා උන්නු කෙනාගේ උණුහුමින් කියන එක.
තාත්තාගේ උණුහුම..
"ම්..මො..මොකක්ද එයාට වුනේ..ක්..කොහොමද හෝසෝක්....??!"
ජන්ග් වූ සන්ග් ඇහුවේ යම්තාක් දුරකට ඔහුගේ කදුලු පාලනය කරගත්තට පස්සේ..
හෝසෝක්ට ඒකකියන්න මොන තරම් අපහසුවක් දැනුනත් ජන්ග් වූ සන්ග්ට ඇත්ත හන්ගන්න හෝසෝක්ට ඕනි වුනේ නෑ.
"ඒක...ඒක වුනේ මගේ වැරැද්දෙන්...."
හෝසෝක් කිව්වේ ඇහෙන නෑහෙන හඩකින්.
නම්ජූන් ජින් මූනට මූණ බලාගනිද්දි වේදනාවෙන් උන්නු ජිමින් ගාවට ගිය ජැක්සන් ජිමින්ගේ ලගින් හිටගත්තේ සූබින් නිහඩවම ජන්ග්ලා දිහා බලාගෙන ඉද්දි.
හෝසෝක්ගේ වචන ඇහුනු ගමන් ජන්ග් වූ සන්ග් හෝසෝක්ගෙන් ඈත් වුනේ විදුලියක් කෙටුවා වගේ.
"ම්..මොකක්ද...?!"
ජන්ග් වූ සන්ග්ගේ ඇස් ලොකුවෙලා තිබුනේ තමන්ට ඇහුනු දේ අදහගන්න බැරිව....
"පාක් සන්හූන්....."
හෝසෝක් එහෙම කියලා බැලුවේ ජන්ග් වූ සන්ග් දිහා..ඔහුගේ ඇස්වල තිබුනු නිහඩබව හෝසොක්ට ඇති කලේ බයක්.
"සන්හූන් නැති වුනේ මගේ අතින්......"
හෝසෝක් ඒක කිව්වේ රහසක් කියනවා වගේ හෙමින්.ඒත් හෝසොක්ගේ ලගම හිටපු ජන්ග් වූ සන්ග්ට ඒක හොදටම ඇහුනා.
ටික වෙලාවක් අවිශ්වාසයෙන් වගේ හෝසොක් දිහා බලාගෙන හිටපු ජන්ග් වූ සන්ග් එකපාරටම වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ එයා ඉදගෙන හිටපු පුටුව මහ හඩක් නගාගෙන පිටුපසට විසි වෙද්දි.
ඒත් එක්කම හෝසෝකුත් නැගිට්ටේ ජන්ග් වූ සන්ග්ගේ වෙනස් වෙන මූණ දිහා බලාගෙන.
"තාත්තා...?"
හෝසෝක්ගේ ඒ වචනේ ඉස්සරහ මෙලෙක් වෙනවා වෙනුවට ජන්ග් වූ සන්ග්ගේ ඇස් තවත් දැඩි වුනේ හෝසොක් බලාගෙන ඉද්දි.
"මොකක්ද තමුසේ කළේ....??!"
හෝසෝක්ගේ ආමන්ත්‍රණය ගානකටවත් නොගෙන ජන්ග් වූ සන්ග් ඇහුවේ අත් මිට මොලවගන්න ගමන්.
ඔහුගේ දරුණු පෙනුම දකිද්දි හෝසොක්ට බයක් නොදැනුනා කිව්වොත් ඒක බොරුවක්.ඒත් හෝසොක් ඇත්ත කියන්න බය කෙනෙක් නෙමෙයි.ජන්ග් වූ සන්ග්ගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා නොදන්නවා වුනත් සන්හූන් ගැන ඇත්ත එයාට කියන්න එයා දෙපාරක් හිතුවේ නෑ.
"පාක් සන්හූන්..එයා මැරුනේ මගේ අතින්.....!"
හෝසොක් කිව්වේ බිම බලාගෙන.මොකද ඇත්ත කියන්න ඕනි වුනත් ජන්ග් වූ සන්ග්ගෙ ඇස් දිහා බලාගෙන ඇත්ත කියන්න හෝසොක්ට ශක්තියක් තිබුනේ නෑ.
"මැරුණේ..?එයා නිකන්ම තමුසේ අතින් මැරුනද..එහෙමත් නැත්නම් තමුසෙ හිතලම එයාව මැරුවද...??!"
ජන්ග් වූ සන්ග්ගේ කටහඩ කොච්චර සන්සුන්ද කියනවානම් එයාගේ මූණේ පුපුරු ගහන හැගීම්වලට ඒ හඩ ටිකක්වත් ගැලපුනේ නෑ.
හෝසෝක් දෙනෙත් පියාගෙන හුස්මක් ඉහළට ගත්තේ ඔහු පිලිගන්න අකමැති වුනු ඇත්ත තමන්ගේ තාත්තාගෙ ඉස්සරහම පිලිගන්න සූදානම් වෙමින්.
"මං..මං එයාව මැරුවා..හිතලම..මං සන්හුන්ට වෙඩි තියලා මැරුවා......"
සන්හූන්ගේ වේදනාබර මූණ මතක් වෙද්දි හෝසෝක් කිව්වේ එතන උන්නු හැමෝම ඒත් එක්කම ගලාගෙන ආපු නිහඩතාවයක ගිලෙද්දි.
සන්හූන්ගේ මතකයෙන් මිදුනු හෝසෝක් හිස ඉහළට එසෙව්වේ නිහඩතාවය දරාගන්න බැරි තරම් දැඩි වෙද්දි.
ඒත් එක්කම එයාට දකින්න ලැබුනු දෙයින් එයාගේ ඇස් විසල් වුනේ විමතියෙන්.
ඒ වගේමයි එතන හිටපුඅනිත් හැමෝමත්..ඒ හැමෝගෙම ඇස්වල තිබුනේ බය,වේදනාව..ඒ හැමදේටම උඩින්..පුදුමය.
මොකද ජන්ග් වූ සන්ග් හිටියේ එයාගේ පිස්තෝලය හරියටම හෝසෝක්ගේ හිසට එල්ල කරගෙන.
ඔහුගේ කදුලු ගලන ඇස්වල තිබුනේ වේදනාව එක්ක මුහු වුනු කේන්තිය..
"තාත්___"
"කට වහගනින්...තව එකපාරක්වත් ඒ වචනේ උබේ ඔය කටින් කියන්න එපා හෝසෝක්...කට වහගනින්..!!"
ජන්ග් වූ සන්ග් කෑ ගැහුවේ පිස්සුවෙන් වගේ.
ඔහුගේ ඇස් රතු වෙලාතිබුනෙ උමතුවෙන් වගේ.
"උබ එයාව මැරුවා...!! ඇයි.....???ඇයි උබ එහෙම කලේ.....??එයා උබට මොන වරදක් කලාටද උබ සන්හූන්ට එහෙම කළේ හෝසෝක්.....කතා කරපන්.....!!"
"මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක් අතරෙන්ම ඇයි උබම..ඇයි උබම එයාව නැති කලේ......ඇයි එයාගේ මිනීමරුවා උබම වුනේ.....????!!"
ජන්ග් වූ සන්ග් කෑ ගැහුවේ හෝසෝක්ට පිස්තෝලය ඉලක්ක කරගෙනමයි..
නම්ජූන් අඩියට දෙකට හෝසෝක් ගාවට ගිහින් ඔහුගේ ඉදිරියෙන් හිටගන්න උත්සාහ කලත් හෝසෝක් ඔහුව ඉවතට කලේ බය වෙන්න එපා කියනවා වගේ බැල්මකින් ඔහු දිහා බලලා.ඒ අතරේ ජින් වගේම ජිමිනුත් ජන්ග් වූ සන්ග්ව සන්සුන් කරන්න උත්සාහ කලේ ඔහුගේ අතින් හරි ගස්සන්න බැරි වැරැද්දක් සිද්ද වෙන්න කලින්.
"මං..මං මාස ගානක් බලාගෙන හිටියා ආයෙමත් එයාව මුණ ගැහෙන්න...ඔයාලව අදුන්නලා දෙන්න...ඔයාලා දෙන්නා එකට ඉන්නවා බලන්න මං බලාගෙන හිටියේ මහ හුගක් ආසාවෙන්.....!!!"
ජන්ග් වූ සන්ග් එකපාරටම එයාගෙ අතේ තිබුනු පිස්තෝලය හෝසොක් දිහාට විසි කලේ ඒක හෝසොක්ගේ පපුවේ වැදිලා බිම වැටෙද්දි.හෝසෝක්ට ඒ වේදනාව නොදැනුනු තරම්..හෝසෝක්ට දැනුනේ එයාගේ තාත්තා විදින වේදනව විතරයි....ඒ වචන අස්සේ ගැබ් වෙලා තියන වේදනාව තාත්තාට දරාගන්න කොච්චර අමාරුද කියලා හෝසෝක්ට දැනුනා..
"මරපන්..එයාව මැරුවා වගේම මාවත් මරපන්...!මමයි උබේ තාත්තා...උබ මුලු හිතින් ම වෛර කරන උබේ වදකාර තාත්තා..ඉතින් මාවත් මරපන් හෝසෝක්.....ඇයි තවත් බලාගෙන ඉන්නේ....!!"
හෝසෝක්ගේ දෙපා මුල වැටිලා තියන පිස්තෝලය දිහාට අත දිගු කරමින් ජන්ග් වූ සන්ග් කෑ ගැහුවේ ඔහුගෙ ඇස්වලින් එකදිගටම කදුලු පිටවෙද්දි.
හෝසෝක්ට දැනුනේ එයාගේ හදවත පුපුරන්න එනවා වගේ..තමන්ගේ ඇස්වල කදුලු පිරෙන හැටි හෝසෝක්ට දැනුනා..
"මට එයාව මුණ ගැහුනා විතරයි...ඒත් උබ එයාව මට සදහටම නැති කලා හෝසෝක්........!!!!!"
ජන්ග් වූ සන්ග් කෑ ගැහුවේ තවත් ඒ දැනෙන වේදනාව දරාගන්න බැරි වෙද්දි.
"අවුරුදු ගානක් මගෙන් වෙන් වෙලා හිටපු මගේ පුතාව මට මුණ ගැහුනා විතරයි හෝසෝක්...තමුසේ මට මගේ දරුවව සදහටම නැති කරලා දැම්මා...!!!!"
තවදුරටත් වෙව්ලන දෙපාවලින් හිටගෙන ඉන්න පන නැති වෙද්දි ජන්ග් වූ සන්ග් උන් තැනම බිමට ඇදගෙන වැටුනේ ඔහු කියපු දේ අහගෙන උන්නු කට්ටියගෙම මුව පවා පුදුමයෙන් විවර වෙද්දි.
හෝසොක්ගේ ඇස් බිම දණගහගෙන අඩන ජන්ග්වූ සන්ග් ගාව නතර වුනේ ඔහුගෙ මුවින් තප්පර කීපයකට කලින් පිට වුනු ඒ වදන් විශ්වාස කරගන්න බැරිව වගේ.
"ම්..මොකක්ද....??!"
හෝසෝක් වෙව්ලන හඩකින් ඇහුවේ තවත් ඉවසගෙන ඉන්න බැරි තැන.
ජන්ග් වූ ස්න්ග් ඔහු දිහා බැලුවේ මුලු ලෝකෙම දෙපා මුල කඩාවැටුනු කෙනෙක් වගේ.කලින් ඒ ඇස්වල පුපුරු ගහපු කේන්තිය වෙනුවට ඔහු උන්නේ වේදනාවේ ගිලිලා..
උහුලගන්න බැරි තරම් බර සුසුම් ඔහුගේ පපුවෙන් පිටවෙද්දි නවත්තගන්න බැරි තරම් මහ හුගක් කදුලු ඔහුගේ ඇස්වලින් ගලාගෙන ගියේ ඔහුගේ හදවතෙ වේදනාව මොන තරම්ද කියලා කියාපාමින් වගේ.
ජන්ග් වූ සන්ග්ගේ අඩලම රතු වුනු ඇස් හෝසෝක්ගේ හැගීම් විරහිත ඇස් එක්ක ගැටුනේ ඒ කොහොතෙමයි.
"ඔව් හෝසෝක්...පාක් සන්හූන් කියන්නේ මගේ ලේවලින් ඉපදුනු මගේ දරුවා..යේ ජින්ගෙයි මගෙයි දරුවා.....!"
හෝසෝක්ට දැනුනේ මුලු ලෝකෙම නතර වුනා වගේ..අඩුම තරමේ තව දුරටත් තමන් හුස්ම ගන්නවද කියලාවත් හෝසෝක්ට දැනුනේ නෑ..ඔහුට දැනුනේ ලෝකෙත් එක්කම තමන්ගේ හුස්ම පවා නතර වෙලා කියලයි..හැමදේම...හැමදේම නතර වෙලා...
"පාක් සන්හූන් කියන්නේ ඔයාගේ එක කුස උපන් සහෝදරයා හෝසෝක්.....ඒ ඔයාගේ මල්ලි...ඔයාගෙම මල්ලි.........!!!"
__________________________________
යුන්ගිට තවදුරටත් එයාගේ වටපිටාව ගැන කිසිම ගානක් තිබුනේ නෑ.එයාගේ වටේ සිද්ද වෙන කිසිම දෙයක් ගැන එයාට තේරුමක් තිබුනේත් නෑ.
සීතල රාත්‍රියේ හමන සීතල හුළග ගැන යුන්ගිට ගානක් නෑ..
පහරකෑම්වලින් රිදුම් දෙන සිරුරේ වේදනාවන් ගැන එයාට ගානක් තිබුනෙත් නෑ..
සීමාවක් නැතිව එහෙ මෙහෙ යන වාහනවල ලාම්පු එලිවත් පාලමට යටින් ගලාගෙන යන ගගේ ශබ්ධයවත් යුන්ගිට වැදගත් වුනේ නෑ.
යුන්ගිගේ මුලු හිත පුරාම තිබුනේ ජැන්ග් හ්‍යුක්ගේ වචන විතරයි.
ජැන්ග් හ්‍යුක්ගෙම වචනවලින් කියනවානම් අවුරුදු ගානක් බොහොම අමාරුවෙන් රැකගෙන හිටපු ඒ රහස විතරයි.
යුන්ගි තවමත් ඉන්නේ මීට විනාඩි දහයකට විතර කලින් ජැන්ග් හ්‍යුක් එයාව දාලා ගිය තැනමයි.
හන් ගගේ පාලම උඩ..
පහළින් පේන ජලකද දිහා යුන්හි බලාගෙන හිටියෙර් කිසි අරමුණක් නැතිව.
මහ රෑ පාලමක ආරක්ෂක වැටට බර වෙලා පහලින් ගලාගෙන යන ගග දිහා එක එල්ලේ බලාගෙන ඉන්න ඒ තරුණයා ලගට එන්න කෙනෙක් එතැන උන්නේ නෑ.
පැලුනු තොලක් වගේම තුවාල වුනු අත් දෙකක් එක්ක ඉන්න යුන්ගිගේ කමිසයේ ලොකු පැල්ලමක් හදමින් තිබුනු ලේ සලකුණ දකින සීමාවේ කවුරුත්ම හිටියේ නෑ.
අඩුම තරමේ යුන්ගි පණ වගේ විශ්වාස කරපු එයාගේ යාලුවෝ,ටයිටන්ස් එකේ අය,සීරෝ එකේ අය..ඒ කිසිම කෙනෙක් එයාගේ ලග හිටියේ නෑ.
ඒ හැමදේටමත් වඩා එයා තප්පරයක් ගානේ එයි කියලා බලාපොරොත්තු වුනු ඒ කෙනා..හෝසෝක් එයා ලග නෑ.
හෝසෝක්....
යුන්ගිට දැනුනේ මුලු ලෝකෙම එයාට විහිලු කරනවා වගේ.
ඇස්වලින් කදුලු ගලාගෙන යද්දිත් යුන්ගි මහ හඩින් හිනා වුනේ උමතුවෙන් වගේ.
"හැමදේම එක තප්පරෙන් නොහිතන විදිහට වෙනස් වෙන හැටි හරි පුදුමයි...!"
යුන්ගි හිමින් මුමුණන්න ගත්තේ අහස මැද දිලිසෙන හද් දිහා බලමින්.
"ඇයි දෛවය මේතරම් නපුරු..හැමදේම මගෙන් උදුරගත්තා..හැමදේම..මගේ අම්මා..මගේ තාත්තා..මගේ අයියා...දැන්__"
යුන්ගිගේ ඇස්වලින් කදුලු ගලන්න ගත්තේ කෙලවරක් නැතිව.
"දැන් මගේ ආදරෙත්.....ඇයි දැන් මගේ ආදරෙත් උදුරගන්නේ.......හැමදේම නැති වුනාට පස්සේ මට ජීවත් වෙන්න තිබුනු එකම බලාපොරොත්තුව මගේ ආදරේ..ඒත්...ඒත්...."
එතනින් එහාට කියන්න දෙයක් යුන්ගිට අඩුම තරමේ හිතාගන්නවත් පුලුවන් වුනේ නෑ.
"එක තප්පරේක මගේ ආදරේ වුනු කෙනා ඊගාව තප්පරේ මගේ සහෝදරයා වෙද්දි මං කොහොමද මගේ හිතපාලනය කරගන්නේ..කොහොමද මං මේවා දරාගන්නේ......."
යුන්ගි ඔහුගෙ රිදුම් දෙන කුස අල්ලගත්තෙ ඇස්වලින් ගලන කදුලුවලට හේතුව ඉවරයක් නැතිඑඅ රිදෙන පපුව නෙමෙයි කියලා ඒත්තු ගන්වන්න වගේ.
යුන්ගිට ආයේ ආයේ ඇහෙන්න ගත්තේ නැගිටගන්නවත් බැරිව වේදනාවෙන් වැටිලා ඉන්න තමන් ගාවට වෙලා පිස්සුවෙන් වගේ හිනා වෙන ගමන් ජැන්ග් හ්‍යුක් කියපු ඒ වචන..
"තාත්තලා දෙන්නෙක් වුනාට එකම අම්මාගේ බඩින් ඉපදුනු ඔයයි මායි සහෝදරයෝ සියෝකි.....මං ඔයාට ආදරේ කලාට ඔයා මගේ අයියා...අපි ආදරේ කරන්න අයිතියක් තියන දෙන්නෙක් නෙමෙයි....!"
යුන්ගිගේ කදුලු පිරුනු ඇස් ආයෙමත් යොමු උනේ වේගයෙන් ගලාගෙන යන ජල කද දිහාවට..
"ඒත් මට ඔයා නැති ජිවිතයක් ගැන හිතන්න බෑ සියෝකි...මට ඔයාව ඕනි සහෝදරයෙක් විදිහට නෙමෙයි...මට ඔයාව ඕනි මගේ සියෝකි විදිහට..මගේ ආදරෙ විදිහට..."
වේදනා දෙන අතක් අමාරුවෙන් ඔසවලා ඇස්වලින් ගලන කදුලු පිහිදගත්තු යුන්ගි ආරක්ෂිත වැටේ යකඩ පටියක් උඩට නැග්ගේ රිදුම් දෙන පපුව මතින් අතක් තියාගනිමින්.හරියටම හදවත උඩ...හෝසෝක්ගේ සළකුණ මත....
"ඒත් අපිට එහෙම ආදරේ කරන්න බෑ...මේක තහනම් ආදරයක් සියොකි..අහස පොලොවවත් අනුමත නොකරන ආදරයක්..එකම ලේ ඇගේ දුව්න දෙන්නෙක් කවදාවත් මේ විදිහට එකතු වෙන්නේ නෑ....මේ ඇත්ත දැනගත්තම ඔයා මාව දාලා යනවා කියලා මං දන්නවා....ඒත්......"
යුන්ගිට දැනුනේ ලොකු සැහැල්ලුවක්..
පහලින් ගලාගෙනයන වතුර පාරේ සීතල තමන්ව වටකරගන්න හැටි බලන්න යුන්ගිට එකපාරටම දැනුනෙ ලොකු ආසවක්..
හැමදේකින්ම ඈත් වෙලා යන්න යුන්ගිට ඕනි වුනා.
එයාට නැති වෙන්න කියලා තව කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.
"ඒත් ඇත්ත දැනගෙනත් ඔයාට ආදරේ කරන එක නවත්තගන්න මට බෑ...මං මගේ පණටත් වඩා මේ තහනම් ආදරේට ආදරෙයි......!"
"මට සමාවෙන්න සියෝකි...."
____________________________________
31/03/2022
(4382 Words)
( ^ නව් ලුක් ඇට් දිස්ස්ස්ස්.....4382 words😎 )
හායි ස්වීට්හාට්ස්....🥴
ලෝන්ග් ටයිම් නෝ සී...🙃
අහ්ම්..
මේ කතාවේ නම Forbidden Love වුනේ ඇයි කියලා දැන් තේරෙනවත ළමයිනේ...👉👈🙂
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නුඹ සතුයි..🙂💙
Thank you for reading..❤
Love you..♥️
Moon_Fayre
🌙♥️
Bạn đang đọc truyện trên: AzTruyen.Top