Chapter 42

________________________________________

When you go in search of honey,
You must expect to be stung by bees.

_Joseph Joubert_

________________________________________

"මොකද ඔයාගේ ජන්කුක්ගේ ජීවිතේ බේරගන්න පුලුවන් ප්‍රතිවිෂ එක තියෙන්නේ මගේ අතේ..!!"

ජැන්ග් හ්‍යුක්ගේ මුවින් ඒ වචන පිටවෙනවත් එක්කම ටේයෝන් හිස බදාගෙන කෑ ගහන්න ගත්තේ ඇස්වලින් කදුලු වැක්කෙරෙද්දි.

යුන්ගිට දැනුනේ එයාගේ හදවත නතර වුනා වගෙයි.ජැන්ග් හ්‍යුක්ගේ වචන වගේම ටේයෝන්ගේ කදුලුත් ඔප්පු කලේ එකම දෙයයි.ඒ තමයි ජන්කුක් ඉන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක කියන එක.යුන්ගිගේ නොයිවසිලිමත් දෑස් ජැන්ග් හ්‍යුක්ගේ වියරු නෙත් එක්ක පැටලුනේ ටේයෝන්ගේ මුවින් එකදිගට හැඩුම් පිටවෙද්දි.

"තමුසේ මොකක්ද ජන්කුක්ට කළේ.."

යුන්ගි ඇහුවේ අර ශක්තිමත් මිනිසුන් දෙදෙනාගේ ග්‍රහණයෙන් දෑත් මුදවගන්න උත්සාහ කරන ගමන්.

ඒත් ටේයෝන්ගේ හැඩුම් පවා පරාද කරගෙන ජැන්ග් හ්‍යුක්ගේ හිනාව මුලු ශාලාව පුරාම පැතිරෙන්න ගත්තෙ යුන්ගිගේ ඇස්වලින් කේන්තිය උතුරද්දි.

"මොකෝ මේ අපේ අහින්සක යුන්ගි බබාට කේන්ති ගිහින්..ම්ම්ම්ම්.."

හිනාව අමාරුවෙන් නවත්තගත්තු ජැන්ග් හ්‍යුක් ඇහුවේ තමන් දිහා කේන්තියෙන් බලාගෙන ඉන්න යුන්ගි දිහා බලලා කට කොනින් හිනා වෙන ගමන්.

"ජන්කුක්...කවුද ජන්කුක් කියන්නේ...මං එහෙම කෙනෙක් දන්නෙ නෑනේ...?!"

දකුණතේ ඇගිලිවලින් නිකට පිරිමදින ගමන් ජැන්ග් හ්‍යුක් හෙමින් කිව්වෙ කල්පනා කරනවා වගේ.
ඒත් එකපාරටම මොනවා හරි මතක් වුනා වගේ යුන්හිගෙ දිහාට හැරුනු ජැන්ග් හ්‍යුක් යුන්ගි දිහාබැලුවේ පුදුමයට පත් වුනු බැල්මකින්.

"ඕහ්...ඔයා මේ අහන්නේ මං ගාව වැඩ කරපු අර කොල්ලා ගැනද..මොකක්ද එයාගේ නම මේ....ආහ්...ජොන් ජන්ගුක්..එහෙමයි එයා කිව්වේ...."

ජැන්ග් හ්‍යුක්ගෙ මූනේ හිනාවක් තිබුනට ඔහුගෙ ඇස්වල තිබුනේ ඒ හිනාවට නොගැලපෙන වියරු පෙනුමක්.

"ජොන් ජන්ගුක්..එහමත් නැත්නම් ජේජේ..ඒ විදිහට තමයි ඌ අපි හැමෝවම රැවැට්ටුවේ..."

ජැන්ග් හ්‍යුක් හෙමිහිට මිමිණුවේ ඔහුගෙ මූණෙන් අර හිනාව මැකිලා යද්දි.

ඒත් එක්කම යුන්ගි එයාගේ කේන්තිය පිරුනු බැල්මෙන් ජැන්ග් හ්‍යුක් දිහා බැලුවේ දෙවනි වතාවටත් අර මිනිසුන්ගෙන් බේරෙන්න දරපු උත්සාහය අත් ඇරලා දාලා.

"තමුසේ කොහොමද ජන්කුක් ගැන දැනගත්තේ...තමුසේ මොකක්ද එයාට කළේ..."

"ඕහ් කමෝන්...ඔයා මං කවුරු කියලද හිතාගෙන ඉන්නේ..?!මගේ නම ජැන්ග් හ්‍යුක්...රෙඩ් ඊගල්ස්ලාගේ ලීඩර් මමයි යූන්ගි...මට ක්‍රම තියනවා....."

ජැන්ග් හ්‍යුක් කිව්වේ ආයෙමත් නපුරු හිනාවක් මූණට ගන්න ගමන්.ජැන්ග් හ්‍යුක් කිව්වේ මොකක්ද කියලා නොතේරුනු යුන්ගි ඔහු දිහාම බලාගෙන ඉද්දි ජැන්ග් හ්‍යුක් ආයෙම කතා කරන්න ගත්තේ ඔහුගේ අතේ තිබුනු කුප්පිය එහෙ මෙහෙ කරමින් ඒ දිහා බලන ගමන්.

"අපි කොච්චර කිව්වත් සල්ලිවලට කරන්න බැරි දේවලුත් තියනවා...ඒත්..."

ජැන්ග් හ්‍යුක් ආයෙමත් යුන්ගි දිහාට හැරුනේ වැදගත් දෙයක් කියන්න වගේ.

"ඒත් බැදීම්වලට කරන්න බැරි දෙයක් නෑ...!"

බැදීමක් කියන්නේ මොකක්ද කියලවත් නොදන්න ජැන්ග් හ්‍යුක් කියන දේවල් යුන්ගි අහගෙන හිටියෙ ඒ ලගින් ම ඇහෙන ටේයෝන්ගේ ඉකිබිදීම් නොසලකා හරින්න උත්සාහ කරන ගමන්.

"අපි අල්ලගත්තේ ටයිටන්ස් එකේ චූටි අත්තක්...ඒත් එයා ගාව අපිට ඇති තරම් තොරතුරු තිබුනා....රෙඩ් ඊගල්ස් එකේ ලීඩර්ගේ වෙඩි උන්ඩෙන් තමන්ගෙ දරුවව බේරගන්න ඒ තාත්තා තමන්ගෙ බොස්ගේ පුතා ගැන හැම රහසක්ම අපිට එලි කලා යුන්ගි...පුතා එක්ක තිබ්බ බැදීම වෙනුවෙන් එයා තමන්ගේ ලීඩර්ට ද්‍රෝහි උනා...."

දරුවෙක්ගේ ජීවිතයක් ඇමට අරගෙන අරගෙන තාත්තා කෙනෙක්ගේ හදවතක් එක්ක කරපු ඒ අධම වැඩේ ගැන ජැන්ග් හ්‍යුක් කිව්වෙ මහා වීරකමක් කළා වගේ ආඩම්බරෙන්.

"තමුසේ මොකක්ද කලේ ජැන්ග් හ්‍යුක්..ජන්කුක් කොහේද..?!!"

යුන්ගි කෑ ගැහුවේ එයාගෙ ඉවසීමේ අන්තිම සීමාවත් බිදෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි.ටේයෝන්ගේ ඉකිබිදුම් යුන්ගිගෙ හිතට ලොකු වේදනාවක් ගෙනාවත් ඒ මොහොතෙදි එයා කරන්න ඕනි යුවි විදිහට හැසිරෙන එකයි කියලා යුන්ගි දැනගෙන හිටියා.

"මං එයාට වස දුන්නා...!"

ජැන්ග් හ්‍යුක් කිව්වේ කිසිම චකිතයක් නැතිව.මුලු ඇගම පණ නැති වෙලා යනවා වගේ හැගීමක් එක්ක මුලු ඇගම කේන්තියෙන් වියරු වැටෙනවා කියලත් යුන්ගිට දැනුනා..ඒත් කෑ ගහනවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ..

"ජැන්ග් හ්‍යුක්...!!!!!"

"ඔව් මං එයාට වස දුන්නා යුන්ගි...ඒක මගේ ම මිනිස්සුන්ගෙ ලැබ් එකක සල්ලිවලට පිස්සු වැටුනු සයන්ටිස්ට්ස්ලා ටිකක් අතින් හැදුනු මේ ලෝකේ තියන භයානකම විශක්..පැය තුනක් ඇතුලට ප්‍රතිවිශ නොදුන්නොත් ඇගේ තියන හැම සිදුරකින් ම ලේ ගිහින් මැරෙන විශක්....!!!"

ජැන්ග් හ්‍යුක් ආඩම්බරෙන් කිව්වේ ටේයෝන් හැඩුම් මැද්දෙන් ඔහුගෙ අතේ තියන කුප්පිය දිහා බලාපොරොත්තු කඩවුනු දෑසින් බලාගෙන ඉද්දි.

"ඒත් දන්නවද..ඒකට ප්‍රතිවිෂ තියෙන්නෙත් මගේ ගාවම විතරයි....!"

තමන්ගේ අතේ තිබුනු කුප්පිය හැමෝටම පේන විදිහට උඩට ඔසවලා ජැන්ග් හ්‍යුක් කිව්වේ කට කොනින් හිනා වෙමින්.

"දැනටමත් නහයෙන් කටින් ලේ දාගෙන මරණය එක්ක සටන් කරනවා ඇති අපේ ජේජේ..ඕහ් සොරි වැරදුනා..අපේ ජේජේ නෙමෙයි,ඔයාලගේ ජන්කුක්....."

හිස් බැල්මකින් තමන් දිහා බලාගෙන ඉන්න යුන්ගිගෙන් ඇස් ඉවතට ගත්තු ජැන්ග් හ්‍යුක් අමාරුවෙන් හැඩුම් දරාගෙන ඉන්න ටේයෝන්ගෙ පැත්තට හැරුනෙ ඔහුගේ අතේ තිබුනු ඔරලෝසුවෙන් වෙලාව බලමින්.

"ඔයාට තියෙන්නේ තව විනාඩි හතළියයි ටේයෝන්......එයා මැරෙනවා...ඔයා මෙතන නැලවෙන්න වෙන්න එයා මරණෙට ළං වෙනවා....!"

ජැන්ග් හ්‍යුක් කිව්වේ ටේයෝන් ගාවට පියවරක් තියන ගමන්.අනිත් අයගෙ වේදනාව දිහාබලලා සතුටු වෙන්න පුරුදු වෙලා හිටපු ජැන්ග් හ්‍යුක් ටේයෝන්ගේ අසරණකම දැකලා හිනා වුනේ ඒ වේදනාවට හේතුව තමන් නේද කියලා හිතමින් ආඩම්බර වෙන ගමන්.

ජැන්ග් හ්‍යුක් ටේයෝන්ට ලන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි යුන්ගි හිස ඔසවලා ඔවුන් දිහා බැලුවෙ උණුහුමක් නැති ඇස්වලින්.

මේ වෙලාවේ හෝසෝක් යුන්ගිව දැක්කනම් එයා පුදුම වෙයි හැමවෙලේම දිලිසෙන යුන්ගිගේ අහින්සක ඇස් මේ තරම් හැගීම් විරහිත වෙන්නෙ කොහොමද කියලා..තමන් වැඩිපුරම ආදරේ කරන දෙන්නෙක්ගේ ජීවිත දෙකක් තමන්ගේ අත මත රැදිලා තියෙද්දි මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිව අසරණ වෙලා ඉන්න ටේයෝන්ගේ කදුලු දැක දැක යුන්ගි ඒ වේදනාව නොදැක්කා වගේ ඉන්නේ කොහොමද කියලා ඇත්තටම එයා පුදුම වෙයි.

ජැන්ග් හ්‍යුක් ටේයෝන් ලග නවතින්න මොහොතකට කලින් යුන්ගි කතා කරන්න ගත්තේ මුලු පරිසරයම සලිත වෙලා යන ගැඹුරු හඩකින්.

"එක වෘකයෙක් මැරුණයි කියලා වෘක රංචුවක් අනාත වෙන්නේ නෑ ජැන්ග් හ්‍යුක්..!!!"

යුන්ගි කිව්වේ ඒත් එක්කම විමතියෙන් තමන්ගේ පැත්තට හැරුනු ජැන්ග් හ්‍යුක්ගේ ඇස් දිහා කෙලින් බලමින්..මෙච්චර වෙලා මූණ බිමට හරවගෙන උන්නු ටේයෝනුත් හැඩුම් අතරින් ම යුන්ගි දිහා බැලුවෙ කුතුහලයෙන්.

"මොකක්ද..?!"

ජැන්ග් හියුක් හිමිට ඇහුවේ යුන්ගිගෙ ඇස් දිහාම බලාගෙන.යුන්ගිත් ඒ බැල්මෙන් මිදෙනවා වෙනුවට බය නැතිව ඔහු දිහාම බලාගෙන හිටියේ ලොකු ආත්ම විශ්වාසයකින්.හරියට ජැන්ග් හ්‍යුක්ට අභියෝග කරනවා වගේ..

"එක වෘකයෙක් මැරුණයි කියලා වෘක රැළක් අනාත වෙන්නෙ නෑ කියලයි මං කිව්වෙ ජැන්ග් හ්‍යුක්....."

ඒත් එක්කම යුන්ගි බැලුවෙ ජැන්ග් හ්‍යුක් ලගම ඉදන් විසල් කරගත්තු ඇස්වලින් තමන් දිහා බලාගෙන ඉන්න ටේයෝන් දිහා.ඒත් යුන්ගිගේ ඇස්වල එයා දකින්න බලාපොරොත්තු වුනු අර සුපුරුදු විශ්වාසවන්ත බැල්ම ටේයෝන් දැක්කේ නෑ.හැමදේම හරියාවි කියලා කියන අධිෂ්ඨානශීලි හැගීම යුන්ගිගේ මූණේ තිබුනේ නෑ.

"ටයිටන්ස් එකට ජන්කුක් කියන්නෙ එකම එක මනුස්සයෙක් විතරයි......"

යුන්ගි කිව්වේ ඒ වචනවල බර ගානකටවත් නොගෙන.

ඒ හිටියේ ටේයෝන් මෙච්චර කල් දැනගෙන හිටපු යුන්ගි නෙමෙයි.

ටේයෝන්ගෙ ඇස්වල තිබුනු කදුලුවලටත් වැටෙන්න අමතක වෙලා වගෙයි එයා ඒ දිලිසෙන ඇස් ලොකු කරගෙන යුන්ගි දිහා බලාගෙන හිටියේ.එයාගේ මුව ගොලු වෙලා තිබුනට මුලු හිතම කෑ ගැහුවේ එක දෙයයි..ඒ 'මේ යුන්ගි නෙමෙයි' කියන එක.

"ජන්කුක් නැති වුනා කියලා අපිට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ ජැන්ග් හ්‍යුක්..තමුන් හිතුවානම් එයාව බේරගන්න අපි තමුන් කියන හැමදේම කරයි කියලා....තමුන්ට වැරදිලා....."

යුන්ගි කිව්වෙ ජැන්ග් හ්‍යුක්ට වුනත් එයාගේ ඇස් තිබුනෙ හදවත කම්පා කරන බැල්මකින් තමන් දිහා බලාගෙන ඉන්න ටේයෝන් ගාව.යුන්ගිගෙ මුවින් පිට වෙන හැම වචනයක් ම ටේයෝන්ට ඇහුනේ මේ ලෝකේ තියන විකාරම දේවල් වගේ.

ටයිටන්ස් කියන්නේ කල්ලියක් උනාට ඒකේ උන්නු මිනිස්සු එක පවුලක්..ජන්කුක් කියන්නෙත් යුන්ගි පණ වගේ ආදරේ කරන ඒ පවුලෙම කොටසක්.ටේයෝන් වගේ ම යුන්ගිත් ජන්කුක්ට සැලකුවේ මේ ලෝකේ තියන වටිනම වස්තුව එයා වගේ.ඒත් ඒ තරම් ජන්කුක් ගැන හිතපු යුන්ගිම ජන්කුක් නැති වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි කියද්දි ටේයෝන් යුන්ගිගේ වචන විකාරයක් වගේ දකින එක සාධාරණයි.

"ය්..යුන්ගි...ඔයා..ඔයා මොනවද මේ කියන්නේ...!?!!"

ටේයෝන් ඇහුවේ වෙව්ලන කටහඩකින්.
ටේයෝන්ගෙ ඇස් කියාගන්න බැරි හැගීම් මහ ගොඩකින් බර වෙලා තිබුනත් යුන්ගි ඔහු දිහා බලාගෙන හිටියේ කලින් වගේ ම සීතල හිස් බැල්මකින්.

"මං කියන්නෙ ඇත්ත ටේයෝන්...ජියෝන්ලා කියන්නේ මින් පවුල යටතෙ සේවය කරපු අය මිසක් ටයිටන්ස් එකේ උරුමක්කාරයෝ නෙමෙයි....ඒත් ජියෝන් හේසුන් අද ටයිටන්ස් එකේ ලීඩර්.."

"තාත්තා ගිය අඩිපාරෙම ගිහින් ටයිටන්ස් එකෙ ලීඩර් වෙන්න ජියොන් ජන්කුක්ට ඕනි වෙන එකක් නෑ කියලද ඔයා හිතන්නේ...?"

යුන්ගි මොහොතක් කතාව නවත්තලා ටේයෝන් දිහා බලාගෙන හිටියේ ටේයෝන් යුන්ගි කියන දේවල් අදහගන්න බැරිව වගෙ බලාගෙන ඉද්දි.
ඒ දෙන්නටම ජැන්ග් හ්‍යුක් ගැන මතකයක් නොතිබුනු තරම්.ජැන්ග් හ්‍යුක්ටත් ඕනි වුනේ නෑ ඒ දෙන්නගෙ මැද්දට පැනලා ඒ සංවාදය විනාශ කරන්න.මොකද අනිත් අයගේ වේදනාව තරමටම ජැන්ග් හ්‍යුක් දකින්න ආස වුනු තව දෙයක් තිබ්බානම් ඒ තමයි ශක්තිමත් බැදීම් කෑලි කෑලිවලට බිදිලා යන එක...
මේ මොහොතෙදි ජැන්ග් හ්‍යුක් ඉස්සරහ වෙමින් තිබුනෙත් ඒක.යුන්ගිගෙයි ටේයෝන්ගෙයි අවුරුදු ගානක ශක්තිමත් බැදීම මහ හුලකට අහු වුනු විශාල ගහක් වගේ ඇස් ඉස්සරහම කඩාගෙන වැටෙන එක.ජැන්ග් හ්‍යුක් ඒ හැමදේම දිහා කට කොනින් හිනා වෙන ගමන් බලාගෙන හිටියේ ඒ තප්පරයක් පවා උපරිමෙන් විදිමින්.

"ටයිටන්ස් කියන්නේ ජියෝන් පවුලෙ උරුමය නෙමෙයි ටේයෝන්..මින් පවුලෙ උරුමය..මමයි ඊලග උරුමක්කාරයා,ජන්කුක් නෙමෙයි...මමයි ඇස්ට්‍රියස්.......ජන්කුක්ගේ ජීවිතේ මගේ අනාගතයට බාධාවක් නම් මට නිකන් බලාගෙන ඉන්න බෑ..මොකද නිකන්ම නිකම් යාලුකමක් වෙනුවෙන් මගේ උරුමය නැති කරගන්න මට බෑ...ඒ වෙනුවෙන් මං ඕනි දෙයක් අතාරින්න ලෑස්තියි...."

අත්වල ඇගිලි අත්ලට තද කරගන්න ගමන් ටේයෝන් හෙමිහිට හිස දෙපසට සොලවන්න ගත්තේ යුන්ගි කියන්න හදන්නේ එයා හිතන දේ වෙන්න එපා කියලා හිතන ගමන්.

මොකද යුන්ගි මෙච්චර වෙලා කියපු දේවල් ටේයෝන්ගේ වේදනාව පිරුණු හදවත අස්සේ උන්නු යක්ශයව අවදි කළේ හරියට අදුරු මායාවක් වගේ....වේදනාවෙන් වගේම කේන්තියෙන් වියරු වැටිලා උන්නු හිතට යුන්ගිගේ වචන කොච්චර බලපෑවද කියනවානම් ටේයෝන්ට යුන්ගිව පෙනුනේ හිතක් පපුවක් නැති නරුමයෙක් වගේ...මෙ කිසිම දෙයක් ටේයෝන් කවදාවත් යුන්ගිගෙන් අහන්න බලාපොරොත්තු නොවුනු ඒවා..ඒත්....

හිස්,ඒ වගේම තියුනු බැල්මකින් ටේයෝන් දිහාම බලාගෙන හිටපු යුන්ගි ස්තීර හඩකින් කිව්වේ ටේයෝන් ඇහෙන්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු ඒ දේමයි.

"මට සමාවෙන්න ටේයෝන්...අකමැත්තෙන් වුනත් මට සිද්ද වෙනවා ජන්කුක්ව අතාරින්න..!"

ජැන්ග් හ්‍යුක් වියරුවෙන් වගේඑ හිනාවෙද්දි ටේයෝන් එයාගේ ගිනි ගන්න ඇස් තදින් පියාගත්තෙ යුන්ගි බිම දණගහගෙන ම වුණත් එතන ඉන්න හැමෝගෙම ලේ සීතල වෙන තරම් නපුරු හඩකින් ඉතුරු ටික කියද්දි.

"එයා ජීවත් වෙනවා දකින්න මට ඕනි නෑ...මට ඕනි ජන්කුක් මැරෙන්න...."

වියරුවෙන් වගේ හිනා වෙවී ඉදපු ජැන්ග් හ්‍යුක්වත් හැගීම් දැනීම් නැති ගහක් ගලක් වගේ ටේයොන් දිහාම බලාගෙන උන්නු යුන්ගිව අල්ලගෙන හිටපු මිනිස්සු දෙන්නවත් දැක්කේ නෑ ඇහි පිල්ලමක් ගහන සැනින් ටේයෝන් යුන්ගි ගාවට ආවේ කොහොමද කියලා..

ඒත් එයාලා දැක්කා ගින්දර පිට වෙන ඇස්වලින් ටේයෝන් යුන්ගි දිහා බලපු හැටි...

ඒ වගේම කේන්තියෙන් වියරු වැටිලා හිටපු ටේයෝන්ගේ අතේ ඇගිලි එකට මිටිවෙන හැටි...

කදුලු අස්සෙන් දත් මිටි කාගෙන ටේයෝන් කෑ ගැහුවේ යුන්ගි විතරක් නෙමෙයි එතන උන්නු අනිත් අයත් ඒ සද්දෙට ගැස්සිලා යද්දි.

"තමුසේ මහ තිරිසනෙක් මින් යුන්ගි....හිතක් පපුවක් නැති තිරිසනෙක්...!!!!!!"

පරිසරම නිසල වුනේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට..ජැන්ග් හ්‍යුක් පිස්සෙක් වගේ හිනා වෙන ගමන් බලාගෙන හිටියේ අන්තිමට ඔහුට ඕන උනු දේ සිද්ද වෙද්දි.

වියරුවෙන් වගේ උන්නු ටේයෝන්ගේ ගුලිකරගත්තු දකුණත යුන්ගිගේ මුහුණ මැද නතර වෙද්දි
ටේයෝන්ව නවත්තන්න කෙනෙක් එතම හිටියෙ නෑ.

ඒ වගේ ම ජීවිතේ පළවෙනි වතාවට ටේයෝන්ගේ මුලු හිතේ ම යුන්ගි ගැන වෛරය උතුරද්දි එයාගේ හොදම යාලුවගේ දෑත්වලින් යුන්ගිව බේරගන්න කෙනෙකුත් එතන හිටියේ නෑ.

_______________________________________
22/03/2022

SoRrY...💔
ThAnK yOu..❤️
LoVe YoU..🌼

🌙 🙂 ⭐ 💛


Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top