Chapter 41

විවර වුණු විශාල ගේට්ටුවෙන් ඇතුළට ආපු කාර් එක රෝනා ප්ලේස් එකේ මිදුලෙන් නතර වෙද්දි මුලින්ම ඒකෙන් බිමට බැස්සේ හෝසෝක්.

ඒ වෙද්දිත් රෑ අට පහු වෙලා තිබුනු නිසාම මුලු රෝනා ප්ලේස් එකම විදුලි පහන් ආලෝකයෙන් එළිය වෙලයි තිබුනේ.

අනිත් දෙන්නත් කාර් එකෙන් බහිනකම් බලාගෙන ඉන්න අතරවාරයේ හෝසෝක් හිස ඔසවලා බැලුවේ ඉහල මහළේ තිබුනු යුන්ගිගේ කාමරය දිහා.කාමරය සම්පූර්ණයෙන් ම අන්දකාරයෙන් පිරිලා තියන හැටි එයා දැක්කත් ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැත්තේ යුන්ගි නිදි ඇතියි කියලා හිතලා..

පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉන්න යූන්ගිව හිතේ මැවෙද්දි හෝසොක්ගේ මූණේ ලස්සන හිනාවක් ඇදුනේ පුලුවන් තරම් ඉක්මනට යුන්ගි ගාවට ගිහින් එයාව තුරුලු කරගන්නේ කොයි වෙලේද කියලා හිතමින්.

හෝසෝක් දැනගෙන හිටියෙ නෑ ඒ වෙද්දි යුන්ගි එයාගේ කාමරයේ තියා රෝනා ප්ලේස් එකේවත් නෑ කියලා..

යුන්ගි ගැන කල්පනා කරමින් ම හිටපු හෝසෝක් පියවි සිහියට ආවේ ජන්ග් වූ සන්ග් එයාගේ ලගට ඇවිත් උරහිසට තට්ටු කරද්දියි.

"මොනවද මෙතනට වෙලා කල්පනා කරන්නේ..?"

ජන්ග් වූ සන්ග් ඇහුවේ හෝසෝක්ගේ උරහිසේ තිබ්බ අත ඉවතට නොගෙන.ඒත් පියවරක් පැත්තකට තිබ්බ හෝසෝක් ඔහුගේ අත තමන්ගේ සිරුරින් අයින් කළේ ජන්ග් වූ සන්ග්ගේ මූණේ ඒත් එක්කම ඇදුනු වේදනාව දිහා නොබලා.

"මොකුත් නෑ...."

එහෙම කියාගෙනම හෝසෝක් රෝනා ප්ලේස් එක ඇතුළට යන්න හැරුනේ තවමත් එයාලා හිටියේ මිදුලේ නිසා..

"හෝසුකී......"

ජන්ග් වූ සන්ග් කතා කරද්දි හෝසෝක් නැවතුනේ පිටුපස හැරෙන්නේ නැතුව.

"කට්ටිය ඔයා එනකම් බලාගෙන ඉන්නවා...ඇතුළට එන්න..."

"මට ඔයත් එක්ක වැදගත් කාරණාවක් ගැන කතා කරන්න ඕනි..."

"මට දැන් ඔයාගේ විකාර අහ අහා ඉන්න බෑ.... මට මහන්සියි...."

"ප්ලීස්...."

ජන්ග් වූ සන්ග් අපේක්ෂා සහගත බැල්මකින් හෝසෝක් දිහා බලාගෙන කිව්වේ හෝසෝක්ට ඒ ඉල්ලීමට එරෙහි වෙන්න බැරි විදිහට.

අන්තිමේදි ලොකු හුස්මක් ගත්තු හෝසෝක් ජන්ග් වූ සන්ග් ගේ පැත්තට හැරුනේ කාර් එකෙන් බැහැලා ආපු නම්ජූන්ට ඇතුළට යන්න කියලා සන් කරමින්.

"කියන්න තියන දෙයක් ඉක්මනට කියන්න..මට මෙතෙන්ට වෙලා මුලු රෑම ඉන්න බෑ..."

"පුතා..."

ජන්ග් වූ සන්ග් කියද්දි හෝසෝක් ගැස්සුනේ ජන්ග් වූ සන්ග් ලේසියෙන් තමන්ට පුතා කියලා කතා නොකරන නිසා.ඒ ජන්ග් වූ සන්ග් හෝසොක් ට එහෙම කියන්න අකමැති නිසා එහෙම නෙමෙයි.

එයා හෝසොක්ට පුතා කියලා කතා කරන්න හුගක් කැමතියි.ඒත් ජන්ග් වූ සන්ග් දන්නවා එයාගේ කටින් ඒ වචනේ අහන්න හෝසෝක් මොන තරම් අකමැතිද කියලා..ඒ නිසයි එයා ඒක ලේසියෙන් නොකියන්නේ..

"මං මේ දේ කියන්න මාස හයක් බලාගෙන හිටියා.....ප්ලීස්...එකම එක වතාවක්..මේ වතාවේ විතරක් මං කියන දේ අහන්න..."

හෝසෝක් කෙලින් ම බැලුවේ ඔහුගේ ඇස් දිහා.ඒවායෙ තිබුනේ හැමදාමත් වගේ හෝසෝක් දිහා බලද්දි ඒ ඇස්වල දිලිසෙන වේදනාව,පසුතැවීම විතරයි.

ජන්ග් වූ සන්ග්ව මොන තරම් ප්‍රතික්ෂේප කළත් ඔහු මේ වගේ අසරණ විදිහට හැසිරෙද්දි ඔහුට පිටුපාන්න පුලුවන්කමක් හෝසොක්ට තිබුනේ නෑ.

"ඔයා හොදටම දන්නවා මං ඔයාට කොයි තරම් අකමැති වුනත් ඔයාගේ වචන ගාව මං තාමත් අසරණ වෙනවා කියලා....."

හෝසෝක් කිව්වේ ජන්ග් වූ සන්ග්ගේ ඇස් මග හරිමින්.

"මොකද මොන දේ වුනත් ඔයා මගේ තාත්තා....!"

හෝසෝක් කිව්වේ එයාගේ ඇස් දුර ඈතක රදවන ගමන්.

ජන්ග් වූ සන්ග් එයාගෙ පිටිපස්සෙන් තිබුනු කාර් එකට හේත්තු වුනේ හෝසෝක් ඒ ලගම තිබුනු පහන් කනුවකට බර වෙද්දි.

"මං දන්නවා මං කවදාවත් ඔයාට හොද තාත්තා කෙනෙක් වුනේ නෑ කියලා හෝසෝක්....ඒත් මං උත්සාහ කළා..තාමත් උත්සාහ කරනවා...ඉස්සරහටත් උත්සාහ කරාවි..."

"ඉස්සර දවසක මගේ අතින් වුනු ඒ වැරැද්ද මට හරිගස්සන්න බෑ හෝසෝක්..මට ඒකට ඔයාගෙන් සමාව ඉල්ලන්නත් බෑ..මොකද මං ඔයාගෙන් ඈත් කළේ ඔයාගේ අම්මාව..."

ජන්ග් වූ සන්ග් හිමිහිට මුමුණද්දි හෝසෝක් ඇස් දෙක පියාගත්තේ එයාගේ අම්මව මතක් වෙන හැම මොහොතකම ඒ පපුවේ පිරෙන වේදනාව ආයෙමත් එයාට දැනෙද්දි.

"නෑ...ඔයා මගෙන් ඈත් කළේ මගේ අම්මාව විතරක් නෙමෙයි..ඔයා මගෙන් මගේ තාත්තාවත් ඈත් කළා...!"

"හෝසොක්..."

"ඔයා අම්මාට එහෙම කළේ එයා වැරැද්දක් කළා කියලා විශ්වාස කරපු නිසා..ඒත් ඔයා ඇයි මට එහෙම කළේ..මං ඔයාට මොන වරදක් කළාටද...අවුරුදු දෙකක පොඩි ළමෙක් වුනු මාව ඔයාගෙන් ඈත් කලේ මං ඒ අම්මාගේ පුතා නිසාද....?"

හෝසෝක් ඇහුවේ වේදනාවෙන් වුනත් හිනා වෙන ගමන්.

"අම්මා නැති එක මට දරාගන්න තිබ්බා ඔයා මං ගාව හිටියනම්..ඒත් ඔයත් මාව දාලා ගියා..එක්කෙනෙක් නෙමෙයි ඔයාලා දෙන්නම....දෙන්නම මාව දාලා ගියා..මට අම්මාට සමාව දෙන්න පුලුවන්..එයා මාව ඔයා ගාව තියලා ගියේ එයා නැති අඩුව මට ඔයා දැනෙන්න දෙන එකක් නෑ කියලා හිතලා..."

"ඒත් මට ඔයාට සමාව දෙන්න බෑ...ඔයා මාව දාලා ගියේ මං ගාව කවුරුවත් නැති බව දැන දැනමයි..මං තනි වෙනවා කියලා දැනගෙනමයි...."

"මන් හිතක් පපුවක් නැති අමුනුස්සයෙක් වුනේ ඔයා නිසා..."

හෝසෝක්ගේ හඩේ කිසිම තරහක් වෛරයක් තිබුනේ නෑ..ඒ හඩ පිරිලා තිබුනේ කලකිරීමකින්..හෝසෝක් දිහා වේදනාවෙන් බලාගෙන හිටපු ජන්ග් වූ සන්ග් එයාගේ ජීවිතේ පළවෙනි වතාවට දැක්කා හෝසෝක්ගේ සීතල ඇස් හැගීම්වලින් පිරිලා තියන හැටි.

"හෝසෝක්...මට සමා---"

"මං කිව්වා මගෙන් සමාව ඉල්ලන්න එපා කියලා..මොකද මට ඔයාට සමාව දෙන්න බෑ..."

හෝසෝක් කිව්වේ ජන්ග් වූ සන්ග්ගේ දිහා කෙලින් ම බලමින්.කලින් පුන්චි දේටත් කේන්තියෙන් පුපුරන හෝසෝක්ගෙයි,හරිම පරිණත විදිහට හැසිරෙන මේ හෝසෝක්ගෙයි වෙනසක් ජන්ග් වූ සන්ග්ට පෙනුනත් එයාට ඒ ගැන හිතන්න තරම් කල්පනාවක් තිබුනේ නෑ.

"ඔයාට මොකක්ද මට කියන්න තියනවා කිව්වේ...?"

හොසොක් ඇහුවේ තවදුරටත් එයාලා අතරේ තිබුනු නිහඩතාවය දරාගන්න බැරි තැන.ජන්ග් වූ සන්ග්ගෙත් මූණේ හිනාවක් ඇදෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

"ඕහ්...තව පොඩ්ඩෙන් මට ඒක අමතක වෙනවා.."

ජන්ග් වූ සන්ග් කිව්වේ දිලිසෙන ඇස්වලින් හෝසෝක් දිහා බලමින්.

"ඔයා ඔයාගේ මුලු ජීවීතේම ගෙව්වේ තනියෙන් හෝසෝක්..මේ ලෝකේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ටම මොන විදිහකින් හරි ලැබෙන ආදරේ ඔයාට හරි හමන් විදිහට ලැබුනේ නෑ...."

ජන්ග් වූ සන්ග් කිව්වේ එයා හේත්තු වෙලා හිටපු තැනින් අයින් වෙලා හෝසෝක් ලගට යන ගමන්.

"ඒත් තව දුරටත් ඔයා එහෙම ඉන්න ඕනි නෑ හෝසෝක්....තවදුරටත් ඔයා මේ ලෝකේ තනි වෙලා ඉන්න ඕනි නෑ..!"

හෝසෝක් එයාගේ තාත්තා දිහා බලාගෙන හිටියේ එයා කියන කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව.

"මොනවද ඔයා මේ කියන්නේ...?!"

හෝසෝක් අහද්දි ඒකට කිසිම පිළිතුරක් නොදුන්නු ජන්ග් වූ සන්ග් හෝසෝක්ටත් තමන් එක්ක එන්න කියමින් රෝනා ප්ලේස් එක ඇතුළට ඇවිදගෙන ගියේ සීරෝ එකේ අනිත් අය එයාලව දැකලා වාඩි වෙලා හිටපු තැන්වලින් නැගිටිද්දි.

නිහඩවම ජන්ග් වූ සන්ග් පිටුපස ගිය හෝසෝක් සාලය මැද නතර වුනේ එයාට ඉස්සරහින් නතර වුනු ජන්ග් වූ සන්ග් එයාගේ පැත්තට හැරෙද්දි.

"මං ඇමරිකා යන්න කලින් මේක ඔයාට කියන්නයි හිටියේ..ඒත් මට ඒක කරගන්න බැරි වුනා.....මට ඔයාලව අදුන්නලා දෙනකම් ඉවසිල්ලක් නැතිවයි හිටියේ...ඒ වගේමයි එයත්..ඔයාව මුණ ගැහෙන්න ගොඩක් ආසාවෙන් හිටියෙ..මං එයාට පොරොන්දු වුනා මං ආයේ මෙහාට ආපු ගමන් ම ඔයාලා දෙන්නව මුණ ගස්සනවා කියලා...."

ජන්ග් වූ සන්ග් කිව්වේ ඈතින් ඉදන් ඒ දෙන්නා දිහා බලාගෙන හිටපු නම්ජූන්ට ලගට එන්න කියලා අතින් සන් කරන ගමන්.

එයා කියන හැමදේම හෝසෝක්ට දැනුනේ පිටසක්වල භාශාවක් වගේ.ජන්ග් වූ සන්ග් ඒ කියන්නේ මොකක් ගැනද කියලා හරි වැටහීමක් හෝසෝක්ට තියා එයාලා කතා වෙන දේවල් ඇහෙන සීමාවේ හිටපු සීරෝ එකේ අනිත් අයටවත් තිබුනේනෑ.

"මොන විකාරයක්ද තාත්තා ඔයා මේ කියවන්නේ...කාටද මාව මුණ ගස්සන්න පොරොන්දු වුනේ..කවුරු ගැනද ඔයා මේ කියන්නේ...?!"

හෝසෝක් ඇහුවේ මෙච්චර වෙලා එයාගේ තිබුනු ඉවසීම ටිකෙන් ටික දියවෙලා යනවා වගේ දැනෙද්දි.

"එයා ඔයාගේ ජීවිතේ ඉන්නම ඕනි කෙනෙක්..ගොඩක් විශේශ කෙනෙක්...."

එහෙම කියලා ජන්ග් වූ සන්ග් බැලුවේ එයාගෙ ලගට ආපු නම්ජූන් දිහා.කබා සාක්කුවෙ තිබුබු දෙකට නමපු කොළ කෑල්ලක් එලියට ගත්තු ජන්ග් වූ සන්ග් ඒක නම්ජූන්ගේ අතින් තිබ්බේ හැමෝම එයාලා දිහා කුතුහලෙන් බලාගෙන ඉද්දි.

"මං හැමදේම කියන්නම් එයාත් මෙහාට ආවාම..නම්ජූන්....ඔය ඇඩ්‍රස් එකේ තියන ගෙදරට ගිහින් එයාව මෙහාට එක්කගෙන එන්න...එයාගේ නම මං උඩින් ම ලියලා ඇති..."

හෝසෝක්ගේ ප්‍රශ්නාර්ත බැල්ම මග හරිමින් ජන්ග් වූ සන්ග් නම්ජූන්ට කියද්දි නම්ජූන් හිස නැමුවේ ඔහුගේ අතේ තිබුනු කොළය දිග හරින ගමන්.

ඒත් නම්ජූන්ගේ ඇස් විමතියෙන් ලොකු වුනේ කොලයේ තිබුනු නම දකිනවත් එක්කමයි.ඒ බැල්මෙන් ම ඔහු හෝසොක් දිහා බැලුවේ ගොලු වෙලා වගේ.

"නම්ජූන්..?"

ජන්ග් වූ සන්ග් නම්ජූන්ට කතා කළේ ඔහුගේ මූණේ තිබූනු හිනාව ටිකෙන් ටික නැති වෙලා යද්දි.ඒත් නම්ජූන්ගේ ඇස් තප්පරයකටවත් හෝසෝක්ගේ ඇස්වලින් මිදුනේ නෑ..

"නම්ජූන්....?!!"

ඒ පාර කතා කළේ හෝසෝක්.

"ඇයි ඔයා ඔහොම බලන්නේ..මොකක්ද ඔය කොලේ තියෙන්නේ...?"

හෝසෝක් ඇහුවේ ජින් වගේම එයාලා එන්න පැය බාගෙකට විතර කලින් ඇවිත් උන්නු ජැක්සනුත් ඔවුන්ගේ ලගට කිට්ටු වෙද්දි.

"හෝසෝක්...මේක....!"

නම්ජූන් කිව්වේ ජන්ග් වූ සන්ග් දිහා කලබලකාරි නෙත්වලින් බලන ගමන්.

"ඕක තමයි මට හෝසෝක්ට මුණ ගස්වන්න ඕනි කෙනාගේ ඇඩ්‍රස් එක...මොකක්ද ඒකේ ඔයාට ඔය තරම් බය වෙන්න තරම් තියන ප්‍රශ්නේ නම්ජූන්..?"

නම්ජූන්ගේ කලබලයට හේතුවක් හොයාගන්න බැරි තැන ජන්ග් වූ සන්ග් ඇහුවේ හෝසෝක් විමසිලිමත් ඇස්වලින් නම්ජූන් දිහා බලාගෙන ඉද්දි.

"මේ ඇඩ්‍රස් එක.....මේක..."

නම්ජූන් ගොත ගහන්න ගත්තේ හෝසෝක්ගේ ඇස්වල කේන්තියක සේයාවක් ඇදෙද්දි.

"ගොත ගහන්නේ නැතිව කතා කරනවා නම්ජූන්....කාගෙද ඕක...?!!!"

"මේ ඇඩ්‍රස් එක පාක් සන්හූන්ගේ හෝසෝක්..මේ කොළේ තියෙන්නේත් එයාගේ නම..!!"

නම්ජූන්ගේ මුවින් ඒ වචන ටික පිටවෙනවත් එක්කම මුලු ලිවින් රූම් එකම පිරුනෙ පුදුමයට පත් හඩවල්වලින්..නම්ජූන්ගේ මූණේ තිබුනේ කියවගන්න අමාරු පෙනුමක්.ඒ වගේමයි හෝසෝක්ගෙත්.

"සන්හූන්...??!"

හොසොක් හෙමින් මුමුණද්දි ජන්ග් වූ සන්ග් එයාලා දිහා බැලුවේ පුදුමයෙන් වගේ.

"ඔයාලා කොහොමද සන්හූන්ව දන්නේ....?!"

ඒත් ඒ හැමෝගෙම හඩවල් යටපත් වෙලා ගියේ උඩුමහළේ ඉදන් වේගයෙන් පඩිපෙළ දුවගෙන ආපු ජිමින් කෑ ගහපු සද්දෙට..

"යුන්ගී අතුරුදන් වෙලා...මං මුලු ගේම පීරලා හෙව්වා එයා කොහේවත් නෑ...!!!"


_____________________________________


"ටේ..ටේයෝන්...!"

යුන්ගි ටේයෝන් දිහා බලාගෙනහිටියේ ඇහිපිල්ලම්වත් ගහන්නේ නැතිව.ජැන්ග් හ්‍යුක්ගේ පිටිපස්සේ ඉදන් මතු වුනු ටේයෝන් හිමිට ජැන්ග් හ්‍යුක්ගේ පැත්තකින් ඇවිත් ඔහුගේ ලගින් ම හිටගත්තේ හැගීම් දැනීම් නැති මනුස්සයෙක් වගේ..

"ඔව්..මං තමයි.."

ටේයෝන් කියද්දි යුන්ගි ඔහු දිහා බලාගෙන හිටියේ ගල් ගැහිලා වගේ.

"ට්..ටේ..."

යුන්ගිට කතා කරන්න ඕනි උනත් මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවයි එයා හිටියේ.
යුන්ගි වචන ගලපගන්න බැරිව දගලන හැටි ජැන්ග් හ්‍යුක් ආසාවෙන් බලාගෙන ඉද්දි හඩ අවදි කලේ ටේයෝන්..

"මං ඔයාට මෙතෙන්ට එන්න කිව්වේ ජැන්ග් හ්‍යුක් කියපු නිසයි යුන්ගි...මං කළේ එයා මට කරන්න කියපු දේ..!"

ටේයෝන්ගේ ඒ වචන ඇහෙද්දියි යුන්ගිට ඇත්තටම එතන වෙලා තියන දේ තේරුනේ..හදිස්සියෙම කෝල් කරපු ටේයෝන් එයාට තනියම එයාව හමුවෙන්න එන්න කිව්වේ ඇත්තටම වෙන අරමුණකින් කියලා යුන්ගිට තේරුනේ ටේයෝන් ඒක කිව්වට පස්සේ.

ටේයෝන් තමන්ට එන්න කියපු තැන ජැන්ග් හ්‍යුක් ඉන්න වෙන විදිහක් නෑ කියලා තේරෙද්දි ටේයෝන්ගේ ඒ අරමුණ ජැන්ග් හ්‍යුක්ට උදව් කරන එක කියලා යුන්ගිට පැහැදිලි වුනේ ඒත් එක්කම මහ හුගක් ප්‍රශ්න ඔහුගේ හිතට නැගෙද්දි.

"නෑ..නෑ..ඒක වෙන්න බෑ...ඔයා..ටේයෝන් ඔයා කවදාවත් එහෙම කරන්නේ නෑ...!"

යුන්ගි මුමුණද්දි ජැන්ග් හ්‍යුක් මහ හයියෙන් හිනා වුනේ එයාගේ ලග හිටපු ටේයෝන්ගේ කර වටේ අතක් දාගන්න ගමන්.

"ඕහ් මයි ගෝඩ් යූන්ගී...ඔයාගේ වටේ ඉන්න අයව ඔච්චරටම විශ්වාස කරන්න එපා..මිනිස්සු වෙනස් වෙනවා...එහෙම වෙනස් වුනාම එයාලා කරන්නේ කවදාවත් එයාලා කරයි කියලා ඔයා නොහිතපු දේවල්.....!!"

ජැන්ග් හ්‍යුක් කියද්දි ටේයෝන් ඔහුගේ අත්වලින් මිදෙන්න උත්සාහ නොකරම යුන්ගි දිහා බලාගෙන හිටියේ අර හිස් බැල්මෙන් මයි.

ඒත් යුන්ගි හිටියේ හිතලා මතලා කතා කරන්න පුලුවන් තත්වෙක නෙමෙයි.ටේයෝන් ජැන්ග් හ්‍යුක් එක්ක ඉන්නවා දකිද්දි යුන්ගිට දැනුනේ ලොකූ කලකිරීමක්.

"ටේ...මට කියන්න මේක බොරුවක් කියලා..ඔයා..ඔයා ඇත්තටම එයාට උදව් කලේ නෑ කියලා මට කියන්න...මේ මිනිහා කියන්නේ බොරු නේද...??"

යුන්ගි ඇහුවේ පියවරක් ඉදිරියට තියන ගමන්.ඒත් ටේයෝන් කළේ කලින් වගේ ම එකදිගට එයා දිහා බලාගෙන ඉන්න එක විතරයි.

"කතා කරනවා ටේයෝන්...උත්තර දෙනවා මට..!!!"

යුන්ගිගේ කටහඩ එකපාරටම උස් වුනේ තවත් පියවරක් ඉදිරියට තියන ගමන්.යුන්ගිගේ පිටිපස්සේ හිටපු මිනිස්සු දෙන්නා යුන්ගිව නවත්තන්න ඉස්සරහට ආවත් ඔවුන්ව එක බැල්මකින් නවත්තපු ජැන්ග් හ්‍යුක් ටේයෝන්ගේ මූණට එබුනේ ටේයෝන්ගේ කර වටේ තිබුනු අතින් එයාව තවත් තනන් ලගට ළන් කරගනිමින්.

"ඒකනේ ටේයෝන්...උත්තර දෙන්නකෝ අපේ යුන්ගි බබාට..ඔයා ඇත්තටම මට උදව් කළා කියලා එයාට කියන්න....!"

ඇස් දෙකත් ලොකු කරගෙන ටේයෝන්ගේ මූණට එබුනු ජැන්ග් හ්‍යුක් කිව්වේ බොරු අහින්සකබවක් ඒ නපුරු මූණේ මවාගෙන.

ටේයෝන් එයාගේ අත්දෙක මිටිමොලවගත්තේ දත්මිටි කන ගමන්.

"ඔව් ඔව් ඔව්ව්ව්....ඒ හැමදේම ඇත්ත...!! මං එයාට උදව් කලා..මං ඔයාව පාවලා දුන්නා..ඔයාව රැවැට්ටුවා...මං ඔයාට බොරු කරලා එයාගේ අත් දෙකටම ඔයාව ගෙනත් දුන්නා...!!ඒ හැමදේම ඇත්ත..!!!"

ටේයෝන් කෑ ගහන්න ගත්තේ ජැන්ග් හ්‍යුක්ගේ ග්‍රහණයෙන් මිදෙන ගමන්.යුන්ගි ටේයොන් දිහා බැලුවේ ඒ ඇස් වේදනාවෙන් පිරෙද්දි.එයාට ටේයෝන් ගැන දැනුනේ ලොකු කළකිරීමක්.ඒත් ඒ හැම හැගීමක්ම අස්සෙන් ටේයෝන් අහේතුකව තමන්ට ද්‍රෝහි වෙන්නේ නෑ කියන දේත් යුන්ගි දැනගෙන හිටියා.

"ඇයි...මොකක්ද හේතුව ටේ...?ඇයි ඔයා එහෙම කළේ..?!"

යුන්ගි වේදනාවෙන් අහද්දි ටේයෝන් නිහඩවම බිම බලාගත්තේ යුන්ගි දිහා කෙලින්ම බලන්න බැරිව වගේ..ඒ ඔක්කොම අස්සේ ජැන්ග් හ්‍යුක් ඒ දෙන්නා දිහා බලාගෙන හිටියේ ඒ දෙන්නාගේ වේදනාව පිරුනු මූණු දකිද්දි දැනෙන වේදනාව හිත පුරා විදින ගමන්.

"මට සමාවෙන්න යුන්ගි...මට ඒක කරන්න වුනා...!"

ටේයෝන්ගේ හඩ වෙව්ලන්න ගත්තේ මෙච්චර වෙලා එයා හිත අස්සේ හිරකරගෙන හිටපු හැගීම් ඔක්කොම එකදිගට එලියට එන්න දගලද්දි.

යුන්ගි ටේයෝන් ගාවට එන්න හැදුවත් හැමදේම දිහා බලාගෙන හිටපු ජැන්ග් හ්‍යුක් යුන්ගිට පිටුපස හිටපු මිනිස්සු දෙන්නට එයාව අල්ලගන්න කියලා සන් කළේ ටේයෝන්ගෙයි යුන්ගිගෙයි මැද්දට එන ගමන්.

ඒ ශක්තිමත් මිනිස්සු දෙන්නා එක ක්ශ්නයෙන් යුන්ගිගේ උරහිස්වලින් අල්ලලා ඔහුව බිම දණගැස්සුවේ ජැන්ග් හ්‍යුක් බිම දණගහගෙන හිටපු යුන්ගිගේ ඉස්සරහින් ඇවිත් හිටගනිද්දි.

"එයා තමුන්ට බොරු කළා කියලා දැනගත්තට පස්සෙත් තමුසෙ කරන්නේ එයා එහෙම කරන්න හේතු හොයන එකද...?!"

ජැන්ග් හ්‍යුක් ඇහුවේ කට කොනින් හිනා වෙන ගමන්.

යුන්ගිට එයාව අල්ලගෙන හිටපු මිනිස්සු එක්ක සටන් කරලා ගැලවෙන්න උත්සාහ කරන්න පුලුවන්කමක් තිබුනත් එයා කලේ නිහඩවම ජැන්ග් හ්‍යුක්ගෙ පිටුපස හිටගෙන තවමත් බිම බලාගෙන ඉන්න ටේයෝන් දිහා බලන එක.

"ඔව්..මොකද මේ ලෝකේ ඉන්න හැම මනුස්සයම තමුසේ වගේ පිස්සෝ නෙමෙයි ජැන්ග් හ්‍යුක්....මං දන්නවා එයා එහෙම කලේ තමුසේ එයාට එහෙම කරන්න හේතුවක් දීපු නිසා කියලා...!!"

යුන්ගි හෙමීට කිව්වේ ජැන්ග් හ්‍යුක්ගේ කට කොනෙන් දාපු හිනාව ටිකෙන් ටික මැකිලා යද්දි.

"තමුසෙ දන්නවද යුන්ගි..අන්තිම පාරට මට ඔය විදිහට කතා කරපු එකා දැන් මේ ලෝකේවත් නෑ...!"

ජැන්ග් හ්‍යුක් කිව්වේ බොරු හිනාවක් මවාගන.එත් ඒ හිනාව කේන්තියකට පෙරලෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.මූණෙන් ගිනි පිටවෙද්දි ජැන්ග් හ්‍යුක් එකපාරටම හැරුනේ ටේයොන්ගේ දිහාවට.

"ටේයෝන්..."

ජැන්ග් හ්‍යුක් කිව්වේ ටේයෝන් දිහා බලලා නපුරු හිනාවක් දාන ගමන්.

"මූට ගහනවා...!!!"

ජැන්ග්න්හ්‍යුක්ගේ වචන ඇහුනු ගමන් ටේයෝන් වගේම යුන්ගිත් ඔහු දිහා බැලුවේ ගැස්සිලා.

ටේයෝන් ජැන්ග් හ්‍යුක් දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ.

"ම්..මො..මොකක්...?!"

ටේයෝන් ගොත ගැහුවේ ලොකු ඇස්වලින් ජැන්ග් හ්‍යුක් දිහා බලාගෙන.

"මං කිව්වේ මෙතන මේ බිම දණගහගෙන ඉන්න මින් යුන්ගිට ගහන්න කියලායි ටේයෝන්.....!!"

ජැන්ග් හ්‍යුක් ඕනිවටත් වඩා සන්සුන් හඩකින් කිව්වේ මින් යුන්ගි දිහාට ඇගිල්ලක් දිගු කරන ගමන්.

ටේයෝන් වේගයෙන් හිස දෙපසට සොලවන්න ගත්තේ ජැන්ග් හ්‍යුක්ගෙ කීම එසැනින් ප්‍රතික්ෂේප කරමින්.

"නෑ...බෑ...මට බෑ..."

ටේයොන් එකදිගට කියන්න ගත්තේ පියවරෙන් පියවර පසුපසට ගනිමින්.

ඒත් බය වෙලා වගේ ඉන්න ටේයෝන් දිහා බලලා කැත හිනාවක් දාපු ජැන්ග් හ්‍යුක් එයාගේ සාක්කුවකට අත දාලා එළියට ගත්තේ අගල් දෙකක් විතර උස චූටි කුප්පියක්..

ඒක දැකපු ගමන් ටේයෝන් හිටපු තැනම නතර වුනේ ගල් ගැහිලා වගේ.ඔහුගේ ඇස් කෙලින්ම යොමු වෙලා තිබුනේ ඒ කුප්පිය දිහාට.

ඒ කුප්පිය තමන්ගේ ඇහැක් ලගට ගත්තු ජැන්ග් හ්‍යුක් ටේයෝන් දිහා ඒ හරහා බැලුවේ අර පල් හිනාවෙන්මයි..

"ඔයාට තියෙන්නේ හරියටම තව විනාඩි පනහයි..."

ජැන්ග් හ්‍යුක් කිව්වේ චූටි කුප්පිය එයාගේ ඉස්සරහ එහෙමෙහෙ කරන ගමන්.

"ඒත් ඔයා එන්නේ ඔහොමනම්....මේක පොළොවේ ගහන්න මට යන්නේ තප්පර පහයි..!!"

ජැන්ග් හ්‍යුක් කිව්වේ කුප්පිය පොළොවෙ ගහන්න හදනවා වගේ සැරසෙමින්.ඒත් ඔහු නැවතුනේ ටේයෝන්ගේ කෑ ගැහිල්ලෙන්.

"එපා...!!!!"

ටේයෝන් ජැන්ග් හ්‍යුක් ගාවට දුවගෙන ආවේ හිතාගන්නත් බැරි තරම් ඉක්මනට.

"ප්ලිස් ජැන්ග් හ්‍යුක්...මං වදින්නම්...මට..මට ඕක දෙන්න...!!"

ටේයෝන් කිව්වේ ජැන්ග් හ්‍යුක් ඉදිරියේ බැගෑපත් වෙමින්.යුන්ගි බිම දනගහගෙන හිටියත් එයා දැක්කා ටේයෝන්ගේ ඇස්වල කදුලු දිලිසෙන හැටි.ඒත් ටේයොන් මේ තරම් කලබල වෙන්න තරම් මොනවද ඒ කුප්පියේ තියෙන්නේ...ඇයි ටේයෝන් ඒක ඉල්ලලා මේ තරම් ජැන්ග් හ්‍ය්ක් ඉස්සරහා බැගෑපත් වෙන්නෙ කියලා යුන්ගිට තේරුනේ නෑ.

"මේක ඕනිනම් මං ඔයාට කියපු විදිහටම ඔයාගේ ඔය අත්වලින් යුන්ගිට ගහන්න ටේයෝන්.....එයාගේම ප්‍රාණසම මිත්‍රයාගෙ අතින් ගුටි කද්දි ඒ මූණ වෙනස් වෙන හැටි මට බලන්න ඕනි....!!"

ජැන්ග් හ්‍යුක්ගේ වචන වල පිරිලා තිබුනේ දුශ්ටකම විතරයි..ඒත් ඒ වචන අහගෙන හිටපු ටේයෝන් කෑ ගහන්න ගත්තේ කෙන්තියෙන්.

"තමුසේ මහ බොරුකාරයෙක් ජැන්ග් හ්‍යුක්...තමුසේ මට කිව්වේ යුන්ගිව ගෙනත් දෙන්න කියලා විතරයි..තමුසේ පොරොන්දු වුනා එයාට කිසිම කරදරයක් කරන්නේ නෑ කියලා...තමුසේ කිව්වේ තමුසෙට යුන්ගිව ඕනි ජේහෝප්ව මෙතනට ගෙන්නගන්න විතරයි කියලා....!!"

ටේයෝන් කියද්දි ජැන්ග් හ්‍යුක් මහ හඩින් හිනා වෙන්න ගත්තේ පිස්සෙක් වගේ.

"ඇත්තටම කියනවානම් මට ඕනි ජේහෝප්ව නෙමෙයි යූන්ගිව..!!"

හිනාව අස්සෙන්ම ජැන්ග් හ්‍යුක් කිව්වේ ගිනි ගන්න ඇස්වලින් තමන් දිහා බලාගෙන ඉන්න යුන්ගිව ගානකටවත් නොගෙන...ටේයෝන් තවත් යමක් කියන්න උත්සාහ කළත් ඊට කලින් ඉස්සර උනු ජැන්ග් හ්‍යුක් හඩ අවදි කලේ හිස පැත්තකට හරවලා එයාගේ අතේ තිබූනු කුප්පිය දිහා බලමින්.

"ඔය කියවිල්ල නවත්තලා මේක හොදට අහගන්නවා මිස්ටර් පාක් ටේයෝන්...."

"අර ඇදක් උඩ මැරෙන්න වැටිලා ඉන්න ඔයාගේ ප්‍රේමවන්තයා ජියෝන් ජන්කුක්ගේ ජීවිතේ බේරගන්න ඔයාට තව තියෙන්නේ විනාඩි හතළිස් පහයි......"

ජැන්ග් හ්‍යුක් කියද්දි යුන්ගි ඔහු දිහා බැලුවේ එයාට ඇහුනු දේ අදහගන්න බැරිව...ඒත් ඔහුගේ හඩේ ඔහු විහිලුවක් කරන බවක් පේන්න තිබුනේ නෑ..යුන්ගි ටේයෝන් දිහා බැලුවේ ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්න ගනිද්දි.ටේයෝන්ගෙ මූනෙ තිබුනු කේන්තිය සම්පූර්නෙන්ම නැති වෙලා ගිහින් අන්ත අසරණ විදිහට ටේයෝන් ජැන්ග් හ්‍යුක් දිහා බලන විදිහ යුන්ගි දැක්කා.

"තප්පරෙන් තප්පරේ එයාගේ මුලු ඇග පුරාම ඒ විශ එක පැතිරෙනවා ටේයෝන්..ඔයා මෙතන ගෙවන තප්පරයක් ගානේ ඔයාගේ ආදරණීය ප්‍රේම කුමාරයා එයාගේ අවසන් මොහොතට ළන් වෙනවා....ඔයාට එයාව බේරගන්න ඕනිනන් මං කියන දේ කරන්නම වෙනවා කොල්ලෝ..."

"මොකද ඔයාගේ ජන්කුක්ගේ ජීවිතේ බේරගන්න පුලුවන් ප්‍රතිවිෂ එක තියෙන්නේ මගේ අතේ..!!"


____________________________________
09/03/2022
(2607 Words)

දවස් ගාණක් මේක දිහා ඔහේ බලාගෙන හිටියා..ඒත් මට කිසිම අදහසක් එන්නේ නෑ..

ඔයාලා ඇත්තටම මේ කතාව ආසාවෙන් කියෙව්වානම් නිල් පාට හාට් එකක් 💙මේ චැප්ටර් එකට කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න.

ඔයා කවදාවත් කමෙන්ට් වෝට් කරලා නැති වුනත් කමක් නෑ...මට ඕනි එකම එක 💙 එකක් විතරයි.

ලව් යූ බබාලා..🌼❤️

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top