Chapter 39

_______________________________________

Nothing ever goes away until it teaches us what we need to know.

- Pema Chodron -

_______________________________________

ලස්සන තරු පිරූ අහසක් යට හෝසොක්ගෙයි යුන්ගිගෙයි ආදර කතාව පටන් ගත්තට පස්සේ දින දෙකක්ම ගෙවිලා ගියේ කාටත් නොදැනි...

අනිත් අය කොහොම හිතුවත් ඒ දවස් දෙක යුන්ගි නම් ගෙව්වේ මයික් ටයිසන් වගේ..ඒකේ තේරුම යුන්ගි රෝනා ප්ලේස් එක අස්සේ බොක්සින් කලා කියන එක නෙමෙයි...කීයටවත් නෑ.

ඒත් ලෝකප්‍රසිද්ද බොක්සින් ශූරයා මයික් ටයිසන් ආදරේට ඇති කලේ කොටියෙක්..ලෝකෙට කොටියා වුනාට එයාගේ ස්වාමියා ගාව ඒ කොටියා පූසෙක් වගේ..

යුන්ගිගේ කතාවේදි ඒක ටිකක් වෙනස්.මයික් ටයිසන්ට හිටියෙ කකුල් හතරෙ කොටියෙක්,හැබැයි යුන්ගිට හිටියෙ කකුල් දෙකේ කොටි පැටියෙක්...ඒ තමයි ජන්ග් හෝසොක්..

ලෝකෙටම නපුරු කොටියෙක් වුනාට මේ දවස් දෙක තුනේ මේ කකුල් දෙකේ කොටියත් යුන්ගි ගාව හැසිරුනේ හරියට පූස් පැටියෙක් වගේ..අඩුවකට තිබ්බෙ එයා පුරු පුරු නොගාන එක විතරයි..

යුන්ගි ගාඩ්න් එකට ගියොත් හෝසොකුත් යුන්ගිගෙ පස්සෙන්ම යන්නේ නැට්ට වගේ..යුන්ගි කාමරේ හිටියොත් එයත් කාමරේ...යුන්ගි කිචන් එකට ගියොත් එයත් කිචන් එකේ..යුන්ගි රූෆ්ටොප් එකට ගියොත් එයත් රූෆ්ටොප් එකේ...කොටින්ම කිව්වොත් යුන්ගි තනියෙන් හුස්මක් ගන්නෙත් බාත්රූම් එක අස්සේ විතරයි...

ඒකත් හෝසොක්ට යුන්ගිගෙ පස්සෙන් බාත්රූම් එක අස්සට යන්න බැරිකමකට නෙමෙයි...

ඇත්තටම හෝසොක් යුන්ගි ගාව හැසිරෙන්නෙ ආදරෙන් පිස්සු වැටුනු බව් කුක්කෙක් වගේ....

අඩුමතරමේ ඒ දෙන්නා අතරේ මීටරයක පරතරයක්වත් ඇති වෙන්න හෝසොක් ඉඩ දෙන්නේ නෑ..යුන්ගිගේ ඇගේ දැවටි දැවටි යුන්ගිගෙ පස්සෙන් ඇවිදින එක තමයි මුලු දවසම හෝසොක්ට තිබුනු එකම වැඩේ.

ජැක්සනුයි ජිමිනුයි තාමත් බුසාන්වල නිසා සීරෝ එකේ හැම වැඩක්ම බෑ නොකියා ඒ දවස් දෙකේ බලාගත්තේ ජින් එක්ක නම්ජූන්.

අදත් යුන්ගි උදේ නැගිටිද්දි මුලින්ම එයා දැක්කේ ආදරේ වෑහෙන ඇස් දෙකකුයි ඉර එළිය වගේ ලස්සන හිනාවකුයි එක්ක එයා දිහා බලාගෙන ඉන්න හෝසොක්ව.

හෝසොක් ඇත්තටම රෑ නිදාගත්තද කියලත් යුන්ගිට සැකයි..මොකද යුන්ගි නිදාගනිද්දි වගේම අවදි වෙද්දිත් හෝසොක් හිටියේ ඇහැරලා නිසා....

හෝසොක්ගෙ තුරුලෙන් චුට්ටක් විතර ඈත් වුනු යුන්ගි එක අතකින් ඇස් දෙකත් පොඩි කරන ගමන් හෝසොක් දිහා බැලුවේ විශාල වීදුරු බිත්තියෙන් ගලාගෙන ආපු හිරු එළියට ඇස් හුරුකරගන්න ගමන්.

ඇවිස්සුනු කොන්ඩෙයි නොපිට හරෝගත්තු තොල් දෙකකුයි එක්ක හිමීට ඇසිපිය සලන ගමන් තමන් දිහා බලන යුන්ගිව දකිද්දි හෝසොක්ගේ හිනාව තවත් ලොකු වුනේ එයාගේ තොල් හදවතක හැඩේට හැරෙද්දි.

ඒ හිනාවෙන්ම යුන්ගිගේ ඉණ වටෙ තිබුනු තමන්ගෙ අතින් යුන්ගිව ආයෙත් තුරුලට කරගත්තු හෝසොක් යුන්ගිගෙ රෝසපාට පිම්බුනු කම්මුලකින් එයාගෙ තොල් තිබ්බේ ආදරණීය හාදුවකින් යුන්ගිගෙ නින්ද සම්පූර්නෙන්ම පලවා හරිමින්.

"ගුඩ් මෝර්නින් යූන්ගී බූන්ගී...."

හෝසොක් කියපු නම ඇහුනු ගමන්ම යුන්ගි හෝසොක් දිහා බලාගෙන හිනාවෙන්න ගත්තේ හෝසොක්ගෙ මේ අමුතු අමුතු නික්නේම්වලට එයා ඇත්තටම ගොඩාක් ආස වුනු නිසා..

"ගුඩ් මෝර්නින් සියෝකී...!"

යුන්ගි කිව්වේ හෝසොක්ගේ බෙල්ල වටේට එයාගේ අතක් පටලගන්න ගමන්.

"ආයෙමත් ඒක කියන්න.."

හෝසොක් කිව්වේ කොට්ටෙ වෙනුවට එයාගේ අත උඩින් ඔලුව තියාගෙන ඉන්න යුන්ගිගේ මූණ දිහාට නැඹුරු වෙන ගමන්.

යුන්ගි හෝසොක් දිහා බැලුවෙ හොසොක් කියපු දේ තේරුනෙ නැ වගේ.

"මොකක්ද...?ගුඩ් මෝර්නින් කියලද..?"

යුන්ගි කුතුහලයෙන් අහද්දි හෝසොක් ඔලුව වැනුවේ නැහැ කියමින්.

"නෑ..."

"එහෙනම්..?"

"සියෝකී කියලා..."

හෝසොක් කියද්දි එයාගේ මූණේ හිනාවක් ඇදුනත් ඒ හිනාව අස්සේ එයා නොපෙන්වන්න උත්සාහ කරන මොකක්දෝ වේදනාවක් තියනවා කියලා යුන්ගිට තේරුනා.

ඒත් ඒ ගැන මොකුත් නොතේරුනා වගේ හිනා වුනු යුන්ගි හෝසොක්ගේ නලලත සිපගත්තේ ඒ පහසට හෝසොක්ගේ නෙත් පියවෙද්දි.

"සියෝකී...."

ඇස් පියාගන උන්නත් හෝසොක්ගේ දෙතොලතර හිනාවක් ඇදුනේ යුන්ගිගේ ඒ ආදරණීය ආමන්ත්‍රණය ඔහුගේ හදවතට දහසක් දේවල් සිද්ද කරද්දි.

ටික වෙලාවක් එහෙමම උන්නු යුන්ගි ඇදේ පසෙකින් තිබුනු එයාගේ ෆෝන් එක අරන් වෙලාව බැලුවේ බ්‍රෙක්ෆස්ට් ගන්න පහලට යන්න වෙලාව හරි කියලා හිතලා..ඒත් වෙලාව 09.25යි කියලා දැකපු යුන්ගි ඉබේටම ඇදෙන් වාඩි වුනේ හෝසෝක්වත් ගස්සමින්...

"නිකෝ බබී...මොකද වුනේ..?"

හෝසොක් ඇහුවේ යුන්ගි ගාවින්ම ඇදේ වාඩි වෙන ගමන්.

"වෙලාව නවය හමාරටත් වෙලා..අපි සෑහෙන්න වෙලා නිදාගෙන...."

එහෙම කියාගෙනම යුන්ගි ඇදෙන් බහින්න හැදුවේ මෙච්චර වෙලා නිදාගත්තු එක ගැන තමන්ටම හිතින් දොස් පවරගන්න ගමන්.

ඒත් යූන්ගි ඇදෙන් බිමට අඩිය තියලා නැගිටපු ගමන්ම එයාගේ අතින් ඇදලාගත්තු හෝසොක් යුන්ගිව ආයේ ඇද උඩින් වාඩි කරගත්තේ යුන්ගිට හිතන්නවත් උඩක් නොතියා..

"සියෝකී.....!"

යුන්ගි කිව්වේ තාමත් එයාගේ අතින් අල්ලගෙනම ඇදේ වාඩි වෙලා ඔරෝගෙන බලන් ඉන්න හෝසොක් දිහා බලන ගමන්...චොක්ලට් එකක් ඉල්ලලා නොලැබුනු පොඩි ළමෙක් වගේ ඔරවන හෝසොක් දකිද්දි එලියට පනින්න එන හිනාව යුන්ගි පාලනය කරගත්තෙ බොහොම අමාරුවෙන්.

"ඉතිං මොකද..වෙලාව යනවා තමයි....!"

හෝසොක් රවාගෙනම කිව්වෙ යුන්ගි අමාරුවෙන් එයාගේ හිනාව පාලනය කරගෙන ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙද්දි.

"හරී......මට තේරුනා...ඒත් ඉතින් ඔයා මොකද මේ ඔරෝගෙන ඉන්නේ....?"

යුන්ගි ඇහුවෙ ඇද උඩ වාඩි වෙලා තමන්ට රවන ශක්තිමත් තරුණයාගේ නිරුවත් උඩුකය දිහා නොබලන්න පරිස්සම් වෙන ගමන්.

යුන්ගිගේ ලගටම ආපු හෝසොක් එකපාරටම යුන්ගිගේ උකුලින් ඔලුව තියාගෙන ඇදේ වැතිරුනෙ යුන්ගිගේ හදගැස්ම අසූහාරදාහට වැඩි කරමින්.

ඒ අස්සේ යුන්ගිගේ ඉණ වටේ අතක් යවලා තවත් යුන්ගිට තුරුල් වුනු හෝසොක් යුන්ගිගේ කුසේ එයාගෙ මූණ හන්ගගත්තේ යුන්ගිගේ මුලු ඇග පුරාම විදුලියක් දුවනවා වගේ වෙද්දි.

"වෙලාව ගියා කියලා ඔයා යන්න ඕනි නෑ...මගේ නිකෝ ඉන්න ඕනි මං ගාව..."

හෝසොක් කිව්වේ යුන්ගිගෙන් එන එයා ආදරෙ කරන අර රෝස සුවද සිත්සේ විදගන්න ගමන්.

"මාව දාලා කොහෙවත් යන්න එපා නිකෝ...."

යුන්ගිගේ උකුළේ උණුහුමට ගුලිවෙන ගමන් හෝසොක් මිමිනුවේ යුන්ගිගේ තුරුලේ එයාට අසීමිත සැනසීමක් දැනෙද්දි.

හෝසොක්ගේ වචන ඇහෙද්දි යුන්ගිගේ මූණෙ ලස්සන හිනාවක් ඇදුනේ එයාටත් නොදැනී.

"මං ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ සියෝකී...මං ඔයාගේ ගාවම ඉන්නවා හැමදාමත්..."

හෝසොක්ගේ කලුපාට සිනිදු කෙහෙරැලි අතරින් ඇගිලි යවන ගමන් යුන්ගි මිමිනුවේ අනිත් අතින් හෝසොක්ගේ හිස මෘදුව පිරිමදිමින්.

හෝසොක්ගේ මූණ හරිහැටි නොපෙනුනත් එයාගේ මූණේ හිනාවක් තියනවා කියලා යුන්ගි දැනගත්තෙ හෝසොක්ගේ කම්මුල් වලගැහිලා තියන හැටි දකිද්දියි..

"මං ආසයි ඔයා මට සියෝකි කියනවට..."

හොසොක් කිව්වේ යුන්ගිගේ උකුලේ හිස තියාගෙනම කුසින් මෑත් වෙලා නෙත් විවර කරලා යුන්ගි දිහා බලන ගමන්.

"මගේ අම්මා...එයත් මට ආදරේට කතා කලේ සියෝකි කියලා...."

දකුණත යුන්ගිගේ ඉනෙන් ඉවත් කරගත්තු හෝසොක් යුන්ගිගෙ කම්මුලක් මතින් ඒ අත තිබ්බේ යුන්ගිගේ ඇස් දිහා බලාගෙනමයි.

"එයාගේ කටින් ඒ නම කියවෙද්දි මට දැනුනේ දරාගන්න බැරි තරම් ආදරයක් නිකෝ බබී...ඒ වගේමයි දැන් ඔයාගේ තොල්වලින් ඒ නම කියවෙද්දිත්......."

"මට දැනෙනවා අයෙමත් මේ ලෝකේ මට සීමාවක් නැතිව ආදරය කරන කෙනෙක් ඉන්නවා කියලා...."

හෝසොක් කිව්වේ ලස්සන හිනාවක් ඇදිලා තියන යුන්ගිගේ මූණ ආදරෙන් පිරිමදින ගමන්.

"ඔයාට අම්මාගේ ආදරේ තරම් ආදරයක් දෙන්න බැරි වෙයි මට....ඒත් මං පොරොන්දු වෙනවා සියොකී...ඔයාට ලැබෙන්න ඕනි ආදරේ ඊට වඩා සියගුණයකින් මං ඔයාට දෙනවා.....ආදරේ නැති අඩුව මං තප්පරේකටවත් ඔයාට දැනෙන්න දෙන්නේ නෑ......"

යුන්ගිගේ ආදරය ගලන ඇස් දිහා බලාගෙන ඉදපු හෝසොක් හිමීට යුන්ගිගෙ උකුලින් අයින් වෙලා එයාගේ ඉස්සරහින් වාඩි වුනේ එයාගේ ඇගේ දැවටිලා තිබුනු පොරවනය අයින් කරන ගමන්.

ඒත් එක්කම යුන්ගිගේ ඇස් හෝසොක්ගේ දිලිසෙන සම මත්තේ තිබුනු ටැටූ එකට යොමු වුනේ ඔහුගෙ මුවේ සිහින් හිනාවක් ඇදෙද්දි.

හෝසොක්ගේ පපුවේ 'NEKO' කියන නම දකිද්දි යුන්ගිට තමන් ගැන දැනුනෙ කවදාවත් නොදැනුනු වටිනාකමක්.

ඒත් හෝසොක්ගෙ පපුවෙ තිබුනු ටැටූ එකෙන් මිදුනු යුන්ගිගේ බැල්ම හෝසොක්ගේ මනාව වර්ධනය කරපු මාංශපේශින් අතරේ රැදෙද්දි යුන්ගිගේ සිරුර උණුසුම් වෙන්න ගත්තේ සමානව වෙන්වුනු ඒවායේ සීමා ස්පර්ශ කරන්න දැනුනු උවමනාව යුන්ගි බොහොම අමාරුවෙන් වලක්වාගනිද්දි.

ඒවායෙනුත් මිදුනු යුන්ගිගෙ ඇස් හෝසොක්ගේ ඉණේ යන්තමින් පෙනෙන්න තියන ටැටූ එක මත රැදෙද්දි යුන්ගිට හදිස්සියේම ඒ ටැටූ එකේ ඉතුරු ටික දකින්න ආසාවක් ඇති වුනේ එයාගේ මූණ රතු වෙද්දි.මොකද තවමත් එයා හෝසොක්ගේ ඉණේ තියන ටැටූ එක පටන් ගන්න තැන දැක්කට කලිසමට වැහිලා තිබුනු ඒ ටැටූ එකේ අවසාන කොටස දැකලා තිබුනෙ නෑ... ( hmmm thwma dekla nee....u know what i mean..( ͡° ͜ʖ ͡°))

එකපාරටම පියවි සිහියට ආපු යුන්ගි එයාගේ බැල්ම හෝසොක්ගේ සිරුරින් වෙන් කරලා හෝසොක්ගේ මූණ දිහා බැලුවෙ ටැටූ එක අමතක කරන්න උත්සාහ කරමින්.

ඒත් යුන්ගිගේ මූණ රතු වුනේ කට කොනින් හිනා වෙන ගමන් තමන් දිහා බලාගෙන ඉන්න හෝසොක්ව දැකලා..යුන්ගිගෙ ඇස් තමන්ගේ උඩුකය පුරා යන හැටි හෝසොක් බලාගෙනයි හිටියේ.

"ඔයා හිතුවා හරි නිකෝ බේබී...පේන්න තියන ටිකට වඩා නොපෙනෙන්න තියන ටික තමයි වැඩිපුරම ලස්සන....."

හෝසෝක් කිව්වේ ටැටූ එක ගැන වුනත් යුන්ගිගේ මූණ තවත් රතු වුනේ හෝසොක්ගේ මූණේ දගකාර හිනාවක් ඇදෙද්දි.

තවත් බලාගෙන නොහිටපු හෝසොක් එකපාරටම යුන්ගිගේ ඉණ වටේ අත පටලවලා යුන්ගිව එයාගේ උකුලට ගත්තෙ පිහාටුවක් ඔසවනවා වගේ සැහැල්ලුවෙන්.

හෝසොක්ගේ අදුරු ඇස් යුන්ගිගේ රෝස තොල්වල නැවතෙද්දි යුන්ගි එයාගෙ අත් දෙක හෝසොක්ගේ බෙල්ල වටේ ඔතාගත්තේ කලින් තිබුනු ලැජ්ජාව නැත්තටම නැති වෙලා යද්දි.

ඒ දෙන්නම දන්නේ නෑ කවුද මුලින්ම ඉස්සර වුනේ කියලා....

සමහරවිට හෝසොක් වෙන්න ඇති...

නැත්නම් යුන්ගි වෙන්න ඇති...

ඒත් ඉස්සර වුනේ කවුරු වුනත් ඒක ඒ දෙන්නට වැදගත් වුනේ නෑ..මොකද ඒ වෙද්දිත් ඒ දෙන්නාගෙ තොල් තිබුනේ උණුහුම් හාදුවක පැටලිලා..

____________________________________

උදේ වරුවම යුන්ගිට දාහක් වද දිදී ඇදටම වෙලා ඉදපු හෝසෝක්ව ලොකූ ඇද ඇතිරිල්ලකින් වහලා බාත්රූම් එක අස්සට දුවපු යුන්ගි වොශ් එකක් දාගෙන එලියට ආපු ගමන් කලේ රවාගෙන ඉන්න හෝසෝක්ගේ කනෙන් ඇදගෙන ගිහින් බාත්රූම් එක අස්සට දාලා වහපු එක.

පැය බාගයකින් විතර කලු පාට කලිසමට උඩින් කලු පාටම ටීශර්ට් එකක් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට ආපු හෝසෝක් තවමත් තෙත බේරෙන කොණ්ඩේ ටවල් එකෙන් පිහිදාන ගමන් කෙලින්ම ආවේ යුන්ගි හිටපු බැල්කනියට.

ඒ වෙද්දිත් දවල් තුන පහු වෙලා නොතිබුනත් පරිසරයේ තිබුනේ සීතලක්.ඒ නිසාම හෝසොක් බාත්රූම් එකේ ඉන්න අතරවාරේ පහළට ගිය යුන්ගි ආයේ කාමරයට ආවෙ උණුම උණු කෝපි කෝප්ප දෙකකුත් එක්ක.

යුන්ගි ඒ දෙකත් අරගෙන බැල්කනියට ගියේ හෝසොක් එනකම්.

බැල්කනියේ අත්වැටට බර වෙලා හිටපු යුන්ගි පහළ ගාඩ්න් එකේ පිපිලා තිබුනු මල් දිහා බලබල කල්පනාවක ගිලිලා ඉද්දි යුන්ගිගේ පිටිපස්සෙන් ආපු හෝසෝක් අතේ තිබුනු ටවල් එක පැත්තක තිබුනු පුටුවක් උඩට දාලා යුන්ගිව පිටිපස්සෙන් බදාගත්තේ අනපේක්ෂිත වැලදගැනීමෙන් යුන්ගි ගැස්සෙද්දි.

"සියොකී...?"

යුන්ගි අනිත් පැත්ත හැරෙන්න උත්සාහ කලත් යුන්ගිගේ ඉණ වටේ තියන තමන්ගෙ අත්වල ග්‍රහණය තවත් වැඩිකරපු හෝසෝක් යුන්ගිගේ ගෙලේ මූණ රැදෙව්වේ ඇස් පියාගෙන යුන්ගිගෙ නැවුම් සුවද විදින ගමන්.

"හ්ම්ම්ම්..?"

හෝසොක් මිමිනුවෙ වචනයක් කියන්නත් කම්මැලිකමේ වගේ.

"මෙතන හොදටම සීතලයි....අනික ඔයා නාපු ගමන්නේ ඔයාට තවත් සීතල ඇති..අපි ඇතුළට යමු...."

යුන්ගි කිව්වත් හෝසොක්ට නම් එතනින් යන්න උවමනාවක් තිබුනේ නෑ.

"බෑ...."

හෝසොක් මුරණ්ඩුකමට කියද්දි තනියම හිනාවුනු යුන්ගි හෝසොක් එයාව තුරුල් කරගෙන ඉද්දිම අනිත් පැත්තට හැරුනෙ අත්වැටට හේත්තු වෙලා හෝසොක් දිහාට මූණ හරවන ගමන්.

"ඇත්තටම මට විශ්වාස කරගන්නත් බෑ මගේ ඉස්සරහ මේ ඉන්නේ රටම බය කරගෙන ඉන්න නපුරු ජේහෝප්ද කියලා....."

එහෙම කියපු යුන්ගි එකපාරටම හෝසොක්ගේ මුලුමූණම අල්ලන්න පටන් ගත්තේ කලබලෙන් වගේ.

හෝසොක් යුන්ගි දිහා බැලුවෙ එකපාරටම මේ මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරිව වගෙයි.

"ඇත්තටම ඔයා කවුද...?කෝ මගේ නපුරු කුමාරයා...?ඔයා එයාට මොකද කලේ...?!"

යුන්ගි එකදිගට අහද්දි හෝසෝක් යුන්ගිගේ අත් දෙකෙන් අල්ලගෙන ලගට ඇදලා අරන් යුන්ගිගේ සිනිදු කොන්ඩය සිපගත්තේ හිනා වෙන ගමන්.

"නපුරු කුමාරයා පුංචි පූස් පැටියෙක්ට පිස්සු වැටිලා ඉන්නේ....ඒ පූස් පැටියා ගාවදි නපුරු කුමාරයට නපුරු වෙන්නත් අමතක වෙනවලු.."

එහෙම කියාගෙනම හෝසොක් යුන්ගිගේ කොණ්ඩේ ඇගිලිවලින් අවුස්සද්දි යුන්ගි හෝසොක්ගේ ගෙල වටේ අත්දෙක ඔතාගෙන ඇගිලිවලින් උඩට ඉස්සිලා හෝසොක්ගේ නලලින් හාදුවක් තිබ්බේ හෝසෝක් හිනාවීගෙනම එයා දිහා බලාගෙන ඉද්දි.

"ආදරෙයි....!"

යුන්ගි කිව්වේ හෝසොක්ගේ ඇස්වලටම එබෙන ගමන්.

"මාත් ආදරෙයි නිකෝ බේබී.....!"

යුන්ගිගේ දිහාම බලාගෙන කියපු හෝසෝක්ගේ බැල්ම යුන්ගිගෙන් මිදිලා එකපාරටම යොමු වුනේ ගාඩ්න් එක දිහාට..

හෝසොක් විමතියෙන් වගෙ පහළ් ගාඩ්න් එක දිහා බලාගෙන ඉන්නවා දැකපු යුන්ගිත් එහෙමම අනිත් පැත්ත හැරිලා හෝසෝක් බලාගෙන හිටපු දිහාට දෑස් යොමු කලේ හෝසොක් එච්චර උනන්දුවෙන් බලන්නේ මොකක්ද බලන්නයි.

යුන්ගි මුලින්ම දැක්කේ රෝනා ප්ලේස් එක පැත්තේ ඉදන් පාට පාට රෝස මල්වලින් පිරුනු ගාඩ්න් එකෙ දකුණු පැත්තට වේගයෙන් ඇවිදගෙන එන ජින්ව.

ඒත් එක්කම ජින්ගේ පිටිපස්සෙන් දුවගෙන දුවගෙන ආවේ නම්ජූන්.

නම්ජූන් හරියට මේ ලෝකේ තියන ලොකුම මෝඩ වැඩේ කරපු කෙනෙක් වගේ කලබලෙන් ඉද්දි ජින් හිටියේ ඇත්තටම මොකක් හරි ලොකු කේන්තියකින් වගෙයි ඒ දෙන්නටම පෙනුනේ.

දුවගෙන ආපු නම්ජූන් ජින්ට තවත් ඉස්සරහට යන්න ඉඩක් නොතියා ජින්ගේ අතින් අල්ලලා ජින්ව නවත්තගත්තේ අනිත් අතින් පපුව අල්ලගෙන හති අරින ගමන්.

නම්ජූන්ගේ අත තරහින් ගසලා දාපු ජින් අනිත් පැත්ත හැරුනත් ඉස්සරහට නොයා නැවතුනේ නම්ජූන් ආයෙමත් එයාගේ අත අල්ලගනිද්දි.

නම්ජුන් කියන්නේ මොනවද කියලා නොතේරුනත් නම්ජූන්ගේ මුවින් පිටවුනේ ඒ තරම් හොද දෙයක් නම් නෙමෙයි කියලා බැල්කනියේ ඉදන් බලාගෙන උන්නු දෙන්නම තේරුම් ගත්තේ නම්ජූන් කියපු දේකට ජින් කේන්තියෙන් නම්ජූන්ගේ පැත්තට හැරෙද්දි.

යුන්ගියි හෝසෝකුයි ඒ වෙන දේවල් බලාගෙන හිටියේ ඇසිපිය නොහෙලා.අත්දෙකත් එහෙමෙහෙ කරකර නම්ජූන්ට කෑ ගහන ජින්ව දකිද්දි නම්ජූන්ගේ වෙලාව ඒ තරම් හොද නෑ කියලා ඒ දෙන්නටම තේරිලයි තිබුනේ.

ඒත් ජින්ට කෑ ගහන්න දීලා ටික වෙලාවක් බලාගෙන ඉදපු නම්ජූන් එකපාරටම කළේ එයාගෙ ලගම උන්නු ජින්වත්,බැල්කනියේ හිටපු යුන්ගිවත් හෝසෝක්වත් බලාපොරොත්තු වුනු දෙයක් නම් නෙමෙයි.

නම්ජූන් එකපාරටම එයාගේ ඉස්සරහ තවමත් කෑ ගහන ජින්ගේ අතකින් අල්ලගෙන ජින්ව එයාගේ ලගට ඇදලා ගත්තේ ජින්ගේ වගේ ම අනිත් දෙන්නාගෙත් ඇස් ලොකු වෙද්දි.

ජින් ලගට එනවත් එක්කම එයාගේ ඉණ වටේ අතක් දාගත්තු නම්ජූන් බය වෙලා වගේ බලාගෙන ඉන්න ජින්ගෙ ගෙල වටේ එයාගේ අනිත් අත යවලා ජින්ව එයාගේ ලගට තුරුල් කරගත්තෙ යුන්ගිගේ මුව බාගෙට විවර වෙද්දි.

තවත් තප්පරයක්වත් පරක්කු නොවුනු නම්ජූන් ගල් ගැහිලා වගේ තමන්ගේ මූණ දිහා බලාගෙන ඉන්න ජින්ගේ රෝසපාට පිරුණු දෙතොල්වලට නැඹුරු වුනේ ජින්ට වෙන්නේ මොකක්ද කියලාවත් හිතාගන්න ඉඩක් නොතියා.

ඒත් තප්පර කීපයක් ගියාට පස්සේ නම්ජූන් ජින්ගේ දෙතොල් පරිස්සමට සිපගනිද්දි ජිනුත් ඒ හාදුව අස්සෙම හිනාවෙලා නෙත් පියන් වහගත්තේ ආපිට නම්ජූන්ව සිපගනිමින්.

මෙච්චර වෙලා ඒ හැමදේම දිහා උඩ ඉදන් බලාගෙන ඉන්න දෙවිවරු වගේ බලාගෙන හිටපු යුන්ගියි හෝසෝකුයි පියවි සිහියට ආවේ අන්න ඒ වෙලාවෙදියි.

බාගෙට විවර වෙලා තිබුනු මුව වසාගත්තු යුන්ගි එකදිගට ඇහිපිය හෙලමින් වුනේ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරද්දි ලොකු කරගත්තු ඇස්වලින් බලාගෙන හිටපු හෝසෝක් එකපාරටම යුන්ගිව එයාගේ පැත්තට හරවගත්තේ ඒ තරම් දරුණු දසුනක් එයාගේ අහින්සක මල් පෙත්තට දරාගන්න අමාරුයි කියලා තේරුම් අරන්.

"අහ්ම්...ඇත්තටම මෙතන සීතල වැඩියි වගේ....අපි ඇතුලට යමු...."

හෝසොක් එහෙම කියාගෙනම තවමත් අන්දමන්ද වෙලා හිටපු යුන්ගිව කාමරය ඇතුලට ඇදගෙන ගිහින් සෝෆාවෙන් ඉන්දවලා ආයේ ගිහින් කෝපි කෝප්ප දෙකත් අරගෙන ආවේ බැල්කනියට යන දොර වහලා ඒක වැහෙන්න ලොකූ කර්ට්න් එකත් දාන්න අමතක කරන්නේ නැතිවයි.

_____________________________________


ජැක්සන් හෝසෝක්ට කෝල් කරලා එයයි ජිමිනුයි අද එනවා කියලා කිව්වත් එයාලා එද්දි කොහොමත් රෑ වෙනවා කියලා හෝසොක් දැනගෙනයි හිටියෙ.මොකද හෝසෝක්ට අයිති ක්ලබ් එකක පොඩි ප්‍රශ්නයක් විසදන්න ඒ දෙන්නා අතරමග නැවතිලයි එන්නේ.

යුන්ගිත් එක්කම පහළට ආපු හෝසොක් කිචන් එකට ගිහින් ජිමින්ටයි ජැක්සන්ටයි එක්කම ඩිනර් එක ලෑස්ති කරන්න කියලා සේවිකාවකට අණ කලේ එයාලා කොහෙන්වත් කෑම නොකා ආවොත් බඩගින්නේ ඉන්න වෙනවා කියලා තෙරුනු නිසයි.

ඊට පස්සේ ඒ දෙන්නම ඇවිදගෙන ගියේ සාලෙට.
එයාලා යද්දිත් ජින්,නම්ජූන්,සූබින් තුන් දෙනාම හිටියේ සාලේ.

ලැප් එකක මොනවදෝ මංදා වේගයෙන් ටයිප්කරමින් හිටිපු සූබින් හෝසොක් එනවා දකිද්දි හිස ඔසවලා බලලා හෝසෝක්ට ආචාර කරලා ආයෙමත් එයාගේ වැඩේ පටන් ගත්තේ යුන්ගිට හිනාවකින් සංග්‍රහ කරලා.

ඒත් එකිනේකාට ප්‍රතිවිරුද්ද පැත්තෙන් වාඩි වෙලා හිටපු ජින්ගෙයි නම්ජූන්ගෙයි තිබ්බේ නම් සම්පූර්නෙන්ම වෙනස් පෙනුමක්.

තක්කාලි ගෙඩියක් වගේ රතු වුනු මූණක් එක්ක නම්ජූන් එක තැනක වාඩිවෙලා ඉද්දි එයාගේ ඉස්සරහම අනිත් සෝෆාවේ වාඩිවෙලා හිටපු ජින් නම්ජූන් දිහා බලාගෙන හිටියේ රකුසු හිනාවක් මූණේ තියාගෙන.

ජින් එයාගේ ඇස් නම්ජූන්ගෙන් ඉවතට ගත්තේ හෝසෝක්,යුන්ගි තමන්ගේ දිහාට එනවා දැක්කයින් පස්සේ.

ඉතුරු වෙලා තිබුනු අනිත් සෝෆාවෙන් ඒ දෙන්නා ඉදගන්නකම් බලාගෙන හිටපු ජින් එයාලා දිහා බැලුවේ අර රකුසු හිනාවෙන්මයි.

"ඕහ්...හායි හෝසෝකා...හායි යුන්ගියා....ඉතින් කොහොමද අද ෆිල්ම් එක....?!"

ජින් එකපාරටම ඇහුවෙ හෝසෝක් එයා මතක ඇති කාලෙක ෆිල්ම් එකක් බලලා නෑ කියලා මතක් කරද්දි.

"ෆිල්ම් එක..මොන ෆිල්ම් එකක්ද..?"

හෝසොක් ඇහුවේ යුන්ගිව තමන් වාඩි වෙලා හිටපු තැනට ඇදලා ගන්න ගමන්.

"කිස් ඉන් ද ගාඩ්න්"

ජින් කිව්වේ කට කොනින් හිනා වෙන ගමන්.

නම්ජූන් එකපාරටම මොනවාහරි හිරවෙලා වගේ කහින්න පටන් ගද්දි හෝසෝකුයි යුන්ගියි ජින් දිහා බැලුවේ පුදුමයෙන්.ජින් ඒ කියන්නේ මොකක් ගැනද කියලා ඒ දෙන්නට නොතේරුනා නෙමෙයි.ඒත් ජින් කොහොමද දන්නේ එයාලා ඒක දැක්කා කියලා...ඒකයි මෙතන තියන ප්‍රශ්නේ.

"ඕහ් පුදුම වෙන්න එපා ස්වීට්හාට්ස්...මං දැක්කා ඔයාලා දෙන්නා බැල්කනියට වෙලා කටවලුත් ඇරගෙන බලාගෙන ඉන්න හැටි...."

නම්ජූන් හෝසොක්ලා දිහා බැලුවේ එයාගේ මූණ තවත් රතු වෙද්දි.

"මට කියනවද ඔයාලා හැමදාම මං ඉන්න තැන මං නොදන්න දේවල්ම කතා කරන්නේ ඇයි කියලා.....!!"

සූබින් කටත් ඇද කරගෙන ඇහුවේ රතුවෙලා ඉන්න නම්ජූන් දිහායි හොල්මන් වෙලා වගේ ඉන්න හෝසෝක්ලා දිහයි පල් හිනාවක් දාගෙන ඉන්න ජින් දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්.

"නම්ජූනී අද මාව කිස් කලා..."

ජින් ගානකට නැතිව කිව්වේ නම්ජූන් ඇස් දෙකත් ලොකු කරගෙන ජින් දිහා බලද්දි.

"ජීන්..........!!!!!!!"

"මොකක්.....???!!"

නම්ජූන්ගේ කෑ ගැහිල්ල ගනන් නොගත්තු ජින් සූබින් දිහා බලලා හිනා වුනේ හරි ලස්සනට.

"ඔයාට ඒවා තේරෙන්නේ නෑ සූබිනා ඔයා තාම පොඩි ළමෙක්...!"

නම්ජූන්ගේ මූණදැකපු යුන්ගි එකපාරටම හිනා වෙන්න ගත්තේ හෝසෝකුත් ඒ හිනාවට එකතු වෙද්දි.

"ජින් හ්‍යුන්ග් ඔයා තවත් මොනවාහරි කිව්වොත් මට විශ්වාසයි නම්ජූන් හ්‍යුන්ග් මෙතන ලැජ්ජාවෙන් පුපුරනවා....!"

"ලැජ්ජාවෙන් පුපුරන්න....?තවම මං හොදම කෑල්ල කිව්වේ නෑ එයාට පිපිරෙන්න.....!!"

ජින් කිව්වේ නම්ජූන් දිහා බලලා රවන ගමන්.

"ඇයි...ජූනී මොකක්ද මේ පාර කරපු මෝඩ වැඩේ ජින්....?"

හෝසෝක් ඇහුවේ නම්ජුන් දිහා බලලා කැත හිනාවක් දාන ගමන්.නම්ජූන් හෝසෝක්ගේ හොදම යාලුවා වුනු එක ගැන ආයෙමත් හිතලා බලන්නේ හෝසෝක් ජින් එක්ක එකතු වෙලා එයාව මඩවන මෙන්න මේ වගේ වෙලාවල්වලට.

මොකුත් කියන්න එපා කියලා බැගෑපත් බැල්මකින් තමන් දිහා බලාගෙන ඉන්න නම්ජූන්ව පෙන්නන ගමන් ජින් එයාගේ කතාව පටන් ගත්තේ නම්ජූන් තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් එයාව එතනින් අතුරුදහන් කරන්න කියලා හිතින් ඉල්ලද්දි.

"ඔයා දන්නවද හෝසෝක්....... සීරෝ එකේ ඉන්න ලොකුම මොලකාරයා,148ක IQ එකක් තියන මහා බුධ්ධිමතා,ඇවිදින ගූග්ල් එකක් වගේ ඉන්න මේ මනුස්සයා....නැණවත් ගුණවත් අසිරිමත් මිස්ටර් කිම් නම්ජූන් අද මාව එක්කගෙන ගියා වෙපන් වගයක් භාරදෙන්න...ඒකත් මහ මුස්පේන්තු කැලයක් අස්සේ කඩාගෙන වැටෙන භූත මන්දිරේක..තව පොඩ්ඩෙන් මං මැරෙන්නේ මකුලුදැල්වල පැටලිලා..ඒ අස්සේ සහරා කාන්තාරේ වගේ ඒක ඇතුලේ දූවිලි..ස්පයිඩර් මෑනුයි සෑන්ඩ් මෑනුයි එකට ජීවත් වෙන තැනක් වගේ ඒක...එක අඩියක් තියද්දි මුලු ගේම චිරිචිරි ගානවා....මං බලාගෙන හිටියේ ඒ ටික භාරදීලා ඒකෙන් එලියට එන්නේ කීයටද කියලා.දෙයියන්ගේ පිහිටෙන් ඒක ගන්න මනුස්සයා ඉක්මනට ඇවිත් ඒක අරගෙන ගියා..මාත් ලොකු හුස්මක් අරගෙන එතනින් එන්න පිටිපස්ස හැරෙද්දි...."

එකදිගට කියවගෙන ගිය ජින් ලොකු හුස්මක් අරගෙන වටපිට බැලුවේ එයා කියන දේ හැමෝම අහගෙන ඉන්නවද කියලා බලන්න වගේ.

කොට්ටෙකින් මූණ වහගෙන ඉන්න නම්ජූන් ඇර අනිත් තුන් දෙනාම උනන්දුවෙන් අහගෙන ඉන්නවා දැක්කම ජින් ආයෙමත් කතා කරන්න ගත්තේ නම්ජූන් දිහාට ඇගිල්ල දික් කරන ගමන්.

"අර කොයිවෙලේ කඩාගෙන වැටෙයිද කියලා කියන්න බැරි භූත බංගලාව අස්සේදිම මේ මෝඩ වලහා එකපාරටම මගේ ඉස්සරහට ඇවිත් 'ජීන්...මං ඔයාට ආදරෙයි...!!' කිව්වා....."

ජින් කිව්වේ නම්ජූන් ඇරෙන්න අනිත් තුන් දෙනාම කටවල් ඇරගෙන බලාගෙන ඉද්දි.

කොට්ටෙකින් මූණ වහගෙන හිටපු නම්ජූන් දිහා හෝසෝක් බැලුවේ පිස්සෙක් දිහා බලනවා වගේ...

"සිරාවටම නම්ජූන්....!!!!.තමුසෙට පිස්සුද....??!!!"

ලග තිබුනු කොට්ටයක් ඇදලා ගත්තු හෝසෝක් ඒක නම්ජූන් දිහාට විසිකලේ යුන්ගි පැත්තක ඉදන් හිනා වෙද්දි.

"මං අහන්නේ මේ මැටි හල්ක් බෝනික්කාට ඕක මට කියන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද.....? මල පෙරේතයෝ කුම්බාන්ඩයො පිරුණු මල කැලයක් අස්සේ තියන භූත මන්දිරයක් අස්සෙම ඕක කියන්න ඕනි වුනාද..?!ඇයි යකුනේ අවුරුදු ගානක් තිස්සේ මං මේ මනුස්සයට තනියෙන් ලව් කරපු එකට කලගුණ සැලකීමක් විදිහටවත් ටිකක් රොමෑන්ටික් විදිහට රොමෑන්ටික් තැනක ඕක කිව්වානම් හෙන ගහනවද...??!!"

ජින් එක හුස්මට කියවගෙන කියවගෙන ගියෙ අනිත් කට්ටියම මහ හයියෙන් හිනා වෙද්දි.

"ආහ් ඇති ජිනී...මං සොරි කිව්වානේ ඉතින්..."

නම්ජූන් ඇස් දෙක විතරක් එලියට පේන විදිහට කොට්ටේ පාතට කරලා කිව්වේ ජින්ව කූල්ඩවුන් කරන්න හිතාගෙන.

"යැයි යැයි තමයි..සොරි කිව්වා ගාඩ්න් එක මැද්දේ මගේ කට කාලා....!!!"

"ඔහොම කිව්වට ඔයත් මං කිස් කරද්දි නිකන් හිටියේ නෑනේ.....!"

"ඔව් හොදට තියෙයි එතන මං තව නිකනුත් හිටියානම්.......!!"

"ජිනී.....!!!"

"මොකද...?!!"

"අයි ලව් යූ....!!!"

නම්ජූන්ගෙයි ජින්ගෙයි වචන යුද්දේ දිහා බලාගෙන හිනා වෙවී හිටපු කට්ටියම හිටියේ අන්තිමේදි එකතු වුනු නම්ජූන්,ජින් දෙන්නා ගැන සතුටින්.

නම්ජූන් ජින්ට ආදරය ප්‍රකාශ කළේ ටිකක් අසාමාන්‍ය විදිහට බව ඇත්ත..ඒත් ඉතින් ජින් කොච්චර කෑ ගැහුවත් එයා ඒ කෑ ගහන්නේ බොරුවට කියලා නම්ජූන් වගේම අනිත් අයත් දන්නවා...ඒ ජින්ගේ හැටි.

කේන්තියෙන් වගේ පෙන්නුවට ජින් හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්.අවුරුදු ගානක් බලාගෙන හිටපු ආදරය ලැබුනු එක ගැන සතුටින්.

හිනා වෙවි කතාකරකර හිටපු එ කට්ටියම එකපාරටම නිහඩ වුනේ හෝසෝක්ගේ ෆෝන් එක නාද වෙන සද්දෙට.

සාක්කුවේ තිබුනු ෆෝන් එක අතට ගත්තු හෝසෝක් කුතුහලයෙන් වගේ තිරය දිහා බලලා කෝල් එක ඉස්සුවේ නලල රැලි කරගන්න ගමන්.

"කියන්න සියෝජුන්...?"

නම්ජූන් හෝසෝක් දිහාට හැරුනේ හෝසෝක්ට කතා කරන කෙනාගේ නම ඇහෙද්දි.සියෝජුන් කියන්නේ ජන්ග් කෝපරේශන් එකේ චෙයාමන් ජන්ග් වූ සන්ග් එහෙමත් නැත්නම් හෝසෝක්ගේ තාත්තාගේ ප්‍රයිවට් සෙකට්‍රි.

සාමාන්‍යයෙන් සියෝජුන් හෝසොක්ට කතා කරන්නේ වැදගත්ම දේවල්වලදි විතරයි.ඒ නිසාමයි හවස හයට ඔන්න මෙන්න තියෙද්දි එයා හෝසෝක්ට කෝල් කරන්නේ ඇයි කියලා නම්ජූන් කල්පනා කළේ.

"මොකක්...??!!!!"

හෝසෝක් එකපාරටම වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටේ හයියෙන් එහෙම කියාගෙන.අනිත් අයත් හෝසොක් දිහා උවමනාවෙන් බැලුවේ හෝසොක් එකපාරටම කලබල වුනේ ඇයි කියලා හිතමින්.

"කීයටද...??!!"

හෝසෝක් ඇහුවේ මහපට ඇගිල්ලෙන් නලල පිරිමදින ගමන්.

"හරී...මං එයාව ගන්නම්.."

එහෙම කියලා කෝල් එක කට් කරපු හෝසොක් එතන වාඩි වෙලා හිටපු අය දිහා බැලුවේ ලොකු හුස්මක් පිටකරන ගමන්.

"හෝබා...මොකක්ද ප්‍රශ්නේ...?"

නම්ජූන් ඇහුවේ යුන්ගි නැගිටලා හෝසෝක් ලගට එද්දි.

"තාත්තා...එයා අද රෑ එනවලු..."

හෝසෝක් කියද්දි නම්ජූන් වගේම ජිනුත් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ යුන්ගි හෝසෝක්ගේ උරහිසෙන් අතක් තියද්දි.

යුන්ගිගේ පැත්තට හැරිලා හිනා වුනු හෝසෝක් යුන්ගිගේ අතක් එයාගේ අතට මැදිකරගෙන හිනා වුනේ ඒ ගැන එයාට බය වෙන්න දෙයක් නෑ කියලා කියන්න වගේ.

ජන්ග් වූ සන්ග්ගෙන් යුන්ගිට කිසිම අවුලක් වෙන්නේ නෑ කියලා හෝසොක්ට විශ්වාසයි.

"නම්ජූන්....අපිට එයාව ගන්න එයාපෝට් එකට යන්න වෙනවා..ඔයා දන්නවනේ එයාගේ හැටි.අපි කවුරුවත් එයාව ගන්න නොගියොත් මොන පිස්සුවක් නටයිද දන් නෑ...."

හෝසෝක් කියද්දි නම්ජූන් ඔලුව වැනුවේ ජන්ග් වූ සන්ග් ජපන්වල ඉදන් ආපු වතාවක එයාව ගන්න එයාපෝට් එකට ඩ්‍රයිවර් කෙනෙක් විතරක් යැව්වා කියලා එයා කරපු යුද්ධය මතක් කරමින්.

"අපිට දැන්ම යන්න වෙනවා..තව පැය තුනකින් එයාගේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවා...එයා එද්දි අපි එතන ඉන්න ඕනි...."

"හරි හෝබා...මං වාහනේ ගන්නම්..ඔයා එන්න.."

එහෙම කියාගෙනම නම්ජූන් ජින් එක්ක එලියට ගියේ අද ඩිනර් එක ස්පෙශල් එකක් කරන්න කියන්න සූබින් කිචන් එකට දුවගෙන යද්දි.

සාලෙ ඉතුරුවෙලා හිටියෙ හෝසෝක් යුන්ගි දෙන්නා විතරයි.

යුන්ගිගේ මූණ අත්දෙකට මැදිකරගත්තු හෝසොක් යුන්ගි දිහා බලලා හිනා උනේ යුන්ගි ඉන්නේ එයාගේ තාත්තා මුණ ගැහෙන එක ගැන දෙගිඩියාවෙන් කියලා හෝසෝක්ට තේරුනු නිසා.

"නිකෝ බබී.....බය වෙන්න එපා..එයාගෙන් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ...මං ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙත් නෑ....තේරුනාද...?"

හෝසොක් අහද්දි යුන්ගි හිස වැනුවේ ඔව් කියමින්.

"හ්ම්ම්.....ජින් සූබින් දෙන්නම ඉන්නවනේ ඒ නිසා බය වෙන්න දෙයක් නෑ..ජිමිනුයි ජැක්සනුයි දෙන්නත් කොයි වෙලේ හරි එයි.....මං ගිහින් ඉක්මනට එන්නම්..."

හෝසෝක් කිව්වේ යුන්ගිගේ තොල් උඩින් පුංචි හාදුවක් තියන ගමන්.

"හරි සියෝකි...පරිස්සමින් ගිහින් එන්න හරිද..?"

හෝසොක් හිනා වෙවීම හා කියද්දි ඇගිලි තුඩුවලින් ඉස්සුනු යුන්ගි හෝසෝක්ගේ නලල සිපගෙන ඉක්මනට හෝසෝක්ව ප්‍රධාන දොර දිහාට ඇදගෙන ගියේ නම්ජූන් හෝන් කරනවා ඇහිලා.

"පරිස්සමින් ඉන්න මැණික මං එනකම්..!"

යුන්ගිගේ නලල ආයෙමත් සිප ගත්තු හෝසොක් කලුපාට කාර් එකේ නම්ජූන්ට එහා පැත්තෙන් වාඩි වුනේ යුන්ගිට අත වනන ගමන්.

කාර් එක ගේට් එකෙන් එලියට යනකම් බලාගෙන හිටපු ජින් යුන්ගි දිහාට හැරුනේ අත්දෙක උඩට කරලා ඇගේ හිරි අරින ගමන්.

"යුන්ගියා....මං වොශ් එකක් දාගන්න යනවා..ෆ්‍රිජ් එකේ සැන්ඩ්විච් වගයක් ඇති බඩගිනි නම් මං එනකම් බලාගෙන ඉන්නේ නැතිව කන්න හරිද..?"

"හරි හ්‍යුන්ග්....."

ජින් ඇතුලට ගියායින් පස්සේ ටිකක් වෙලා දොර ගාවම හිටපු යුන්ගිත් පිටිපස්ස හැරුනේ ඇතුලට යන්න.ඒත් එකපාරටම ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා දැනුනු යුන්ගි එතනම නැවතිලා ෆෝන් එක සාක්කුවෙන් අතට ගත්තේ සීරෝ එකේ අය ඇරුනම ටයිටන්ස්ලා විතරක් දන්න එයාගෙ අන්කෙට කෝල් කරන්නේ කවුද කියලා හිතමින්.

කෝල් එක එන්නේ ටේයොන්ගෙන් කියලා දැකපු ගමන්ම යුන්ගි කෝල් එක ඉස්සුවේ සතුටින්.

"හෙලෝ ටේ..."

ඒත් ඒ සතුට නැති වෙලා ගිහින් යුන්ගිගේ මූණට ප්‍රශ්නාර්ත බැල්මක් එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

"හෙලෝ..!හෙලෝ...!!හෙලෝ...!!!යූන්ග්ස්...පුලුවන් තරම් ඉක්මනට මාව හම්බෙන්න එන්න..මේ දැන්ම !!!!! මං ලොකේශන් එක ඔයාට එවන්නම්....ඔයා තනියෙන් එන්න වෙන කිසිම කෙනෙක්ව අරන් එන්න එපා.....ඒ වගේම ඔයා යන්නේ කොහේටද කියලා කාටවත් දැනගන්න තියන්නත් එපා යූන්ග්ස්.....ජස්ට් බිලීව් මී ඇන්ඩ් කම් නව්...!!"

______________________________________
21/02/2021
( 3511 Words )

(ආයෙත් වචන තුන්දාහ පැනලා...💅😌)

ඔන්න ළමයි ඊගාව එකේ ඉදන් යුද්දෙ පටන් ගන්නයි යන්නේ....😎👏

ඊට කලින් ඔයාලව මේකෙදි ටිකක් සතුටුන් තියන්න ට්‍රයි කලේ..ඒත් මං අනාගෙනද මංදා..😂

කියෙව්වට තෑන්ක් යූ බබාලා..❤️

කමෙන්ට් එකක් දාන්න හොදයිනම්..❤️😊

LOVE YOU MY BABIES.....😘💞


Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top