Chapter 36

_______________________________________

"I lost something,
I never had.
Yet it hurts,just as bad."

_______________________________________

හැම පැත්තෙන් ම ආවරණය වෙලා තිබුනු කාමරය අදුරින් පිරිලා තිබුනට හෝසොක්ටයි යුන්ගිටයි ඒ ගැන ගානක්වත් තිබුනේ නෑ.එකිනෙකාගේ සිරුරේ ස්පර්ශයෙන් පවා අනෙකා උන්නු ස්වභාවය  වටහාගන්න පුලුවන් තරමටම ඔවුන් හිටියේ සුන්දර හැගීම් ගොඩක තනි වෙලා..

හෝසොක්ගේ උණුසුම් දෙතොල් යුන්ගිගේ තොල් පෙති අතරේ එහෙ මෙහෙ වෙන වාරයක් පාසාම යුන්ගිගේ ඇගිලි හෝසොක්ගේ කෙහෙ රැලි අතරේ තවතවත් පැටලෙන්න ගත්තේ ඒ දැනෙන පහසින් ඔහුගේ ඇහි පියන් පියවෙද්දි.

යුන්ගිගේ දෙතොල්වල තිබුනේ හෝසොක් කවදාවත් අත්දැකලා නොතිබුනු අමුතුම රසයක්...ඒ රසයට හෝසොක් ඇබ්බැහි වුනේ යුන්ගිගේ දෙතොල් සිප ගත්තු පලවෙනි තප්පරේ ඉදලමයි..

ඉතින් ඒ දෙතොල් අද තවත් වාරයක් තමන්ගෙම වෙලා තියෙද්දි ඒ මිහිරි තොල්වලින් මිදෙන්න හෝසොක්ට දැනුනේ මහා ලෝභකමක්..

හිත වගේම ගතත් තව තවත් ඒ මිහිරි පහස අයදිද්දි හෝසොක් එයාගේ තොල්වලින් විතරක් දරාගෙන උන්නු යුන්ගිගේ ලවන් පෙති සිය දසන්වලින් අල්ලාගත්තේ ඒත් එක්කම යුන්ගිගේ මුවින් සිහින් කෙදිරියක් පිටවෙද්දි.

හෝසොක් යුන්ගිගේ ගෙල මත රැදිලා තිබුනු එක අතකින් යුන්ගිගේ මුහුණ තවත් තමන්ගේ දිහාට ළන් කරගත්තේ යුන්ගිගේ ඉණේ රැදිලා තිබුනු අනිත් අත හෙමි හෙමින් යුන්ගිගේ ස්වීටර් එකේ කෙළවර දිහාට රැගෙන යමින්..

සුදු පාට සිනිදු බූල්වලින් පිරුණු ස්වීටර් එකෙන් මිදුනු හෝසොක්ගේ අත ඒ ඇදුමට යටින් තිබුනු යුන්ගිගේ සුසිනිදු සම මත රැදුනේ ඒ සිරුරේ උණුසුම හෝසොක්ගේ අතැගිලිවලට දනවමින්.

යුන්ගිගේ සන්වේදි සම මත්තේ සිය අතැගිලි ගෙන යන ගමන් හෝසොක් තමන්ගේ දසන් අතරේ රැදුනු යුන්ගිගේ තොල් පෙත්තක් රළුවට සිප ගත්තේ ඒ වේදනාත්මක පහසට තව තවත් යුන්ගිව නතු වෙද්දි.

තොල් පෙතිවලින් ඇරඹිලා මොහොතකින් දසන්වලින් කෙරුණු සියුම් සැපුම් දක්වා ඇදීගිය ඒ සිප ගැනුම එතනින් නොනැවතී තවත් උණුසුම් වෙන්න ගත්තේ මෙපමණ වෙලා හෝසොක්ගේ මුවේ නිහඩවම හැංගිලා උන්නු සංවේදි රසේන්ද්‍රීය යුන්ගිගේ උණුහුම් මුවේ ඉමක් කොනක් නෑර සරන්න පටන් ගන්නවාත් එක්කමයි..

විනාඩි කීපයක් පුරා ඇදීගිය ඒ සිපගැනුම අවසන් කරන්නට ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් උවමනාවක් නොවුනත් තව දුරටත් හුස්ම ගන්න අපහසුතාවයක් දැනෙද්දි එකට පැටලුනු තොල් පෙති වෙන් කරගන්නවා හැරෙන්න කරන්න දෙයක් ඔවුන්ට තිබුනේනෑ.

හෙමි හෙමින් යුන්ගිගේ දෙතොලින් තමන්ගේ තොල් ඉවතට ගත්තු හෝසොක් නෙත් විවර කළේ වේගවත් සුසුමන් ඔහුගේ මුවින් පිට වෙද්දි..

ඒත් අදුරට හුරු වුනු නෙත්වලට තමන්ට දශම ගානක් දුරින් තවමත් දෑස් පියන් ඉන්න යුන්ගිගේ මුහුණ දර්ශනය වෙද්දි හෝසොක් ඒ දිහා බලාගෙන හිටියේ කළුවර අතරින් යන්තමින් පෙනෙන ඒ දසුනට වශී වෙලා වගේ.

කාමරය පුරා පැතිරිලා තිබුනු කලුවර යුන්ගිගේ මුහුණේ හැගීම් දකින්න තමන්ට තියන අවස්තාව නැති කරනවා වගෙයි හොසොක්ට දැනුනේ....

උණුසුම් සිප ගැනීමකට පස්සේ යුන්ගිගේ මූණ මොන වගේ ද කියලා දැනගන්න හෝසොක්ට ඕනි වුනා.

ඒ නිසාමයි යුන්ගිගේ මුහුණට නැමුනු හෝසොක් සිහින් හඩින් ඔහුව ඇමතුවේ.

"නිකෝ බේබී....."

තවමත් හෝසෝක්ගේ හිස කෙස් අතරෙයි ගෙලෙයි පැටලිලා තිබුනු යුන්ගිගේ අත් දෙකෙන් අල්ලගත්තු හෝසොක් ඒ අත් දෙක හෙමින් පහළට කළේ යුන්ගිගේ මුහුණෙන් පොඩ්ඩක්වත් ඈත් වෙන්නේ නැතිව.

"මට දකින්න ඕනි...!"

හෝසොක් කිව්වේ යුන්ගිගේ නළලට බර වෙන ගමන්.

"මගේ තොල්වල පැටලිලා තිබුනු ඔය තොල් රතු වෙලාද කියලා මට බලන්න ඕනි....!"

හෝසොක්ගේ සිහින් ඒත් ගැඹුරු හඩ යුන්ගිගේ මුලු සිරුරටම අමුතු හැගීමක් එකතු කරද්දි යුන්ගි තවත් හෝසොක්ගේ පැත්තට බර වුනේ ඒ නෙත් පියන් විවර කරන්නේ නැතිව..

"මට ඔයාව බලන්න ඕනි....!!"

එහෙම කියපු හෝසොක් යුන්ගි එතැන එහෙමම හිටගෙන ඉද්දි යුන්ගිගෙන් හෙමි හෙමින් ඈත් වෙලා ගියේ දොර ගාව තිබුනු ලයිට් ස්විච් එක ගාවට.

යුන්ගි ඉන්න දිහාට හැරිලම ස්විච් එක පහළට කරපු හෝසොක් එසැනින් ආලෝකමත් වුනු කුටිය කෙළවර වහලා දාපු කළු පාට කර්ට්න් එක ලග ඉන්න යුන්ගි දිහා බැලුවේ හැගීම් දෝරේ ගලා යන ඇස්වලින්.

හෝසොක් ආයෙමත් යුන්ගිගෙ ලගට පිය මැන්නේ ඔහුගෙන් තප්පරයකටවත් දෑස් ඉවතට නොගෙන.

ටිකෙන් ටික යුන්ගි ඉන්න දිහාට ලන් වෙද්දි හෝසොක්ට පෙනුනේ යන්තමින් අවුල් වුනු හිසකෙස් වැටුනු යුන්ගිගේ නෙත් තවමත් පියවිලා තියන හැටි.

යුන්ගිගේ නෙත්වලින් මිදුනු හෝසොක්ගේ ඇස් යුන්ගිගේ කම්මුල් මත රැදෙද්දි ඒ සුදු පාට කම්මුල් රතු පාටින් හැඩවෙලා තියන හැටි හෝසොක් දැක්කා.

ඒත් හෝසොක් යුන්ගිගේ සිරුරේ ගැවෙන නොගෑවෙන තරමේ ලගට ආවට පස්සෙයි යුන්ගිගේ කලින් ලා රෝස පාටට තිබුනු ඔහුගේ තොල් දැක්කේ.

ඒ තොල් තව දුරටත් ලා රෝස පාට උනේ නෑ..ඒවා ඉදුනු චෙරිවල පාටටම රතු වෙලා තිබුනෙ හෝසොක්ගේ හැගුම්බර නෙත් ඒ රතු තොල්වලින් ගලවගන්න එක හෝසොක්ටම අමාරු කරමින්.

හෝසොක්ගේ සිරුරේ උණුහුම ආයෙමත් තමන් ලගින් දැනෙද්දි යුන්ගි හෙමිහිට නෙත් විවර කලේ හෝසොක් යුන්ගිගේ ඉණ වටේ ආයෙමත් ඔහුගේ දකුණට පටලවා ගනිද්දි.

තමන්ගේ තොල් මතම නොසෙල්වී රැදිලා තියන හෝසොක්ගේ බැල්ම දරාගන්න බැරි තැන යුන්ගි තමන්ගේ යටි තොල දත්වලින් අල්ලාගත්තේ හෝසොක්ව ඔහූ උන්නු මායාවෙන් ගලවාගනිමින්.

ඒත් යුන්ගිගේ ලැජ්ජාවෙන් රතු උනු මුහුණ දිහා බලලා යන්තමින් හිනා වුනු හෝසොක් එයාගේ අනිත් අතින් යුන්ගිගේ දෙතොල් ආයෙමත් හරි ගැස්සුවේ යුන්ගි ලැජ්ජාවෙන් බිම බලාගනිද්දි.

"ඒයි බූල් බෝලේ....!!"

හෝසොක් යුන්ගිගේ තොල් මත ඇගිල්ල තියාගෙනම මිමිණුවේ හෝසොක්ගෙ මුවින් පිට වෙන ආදරණීය ආමන්ත්‍රණවලට යුන්ගිගේ රතු වෙලා තිබූනු මූණ තවත් රතු වෙද්දි.

"ඔයාගෙම තොල්වලට ඔහොම කරන්න එපා.....!"

හෝසොක් කිව්වේ ඔහුගේ හැගීම් උතුරන නෙත් අඩවන් කරගනිමින්.

"ඔයාගේ ඉස්සරහම තව තොල් දෙකක් තියෙද්දී...!"

ගැඹුරු ඒත් සිහින් හැගීම්බර කරහඩකින් එහෙම කියපු හෝසොක් යුන්ගිගේ දෙතොල්වලින් මුදවගත්තු ඇස් යුන්ගිගේ ඇස්වල රැදෙව්වේ යුන්ගි මූණට වැටුනු කොණ්ඩය අස්සෙන් හෝසොක් දිහා බලද්දි.

ඒත් හෝසොක්ට හිතාගන්නවත් ඉඩක් නොතියා යුන්ගි එයාගේ අත් දෙකම හෝසොක්ගේ ගෙලවටේ ඔතාගෙන හෝසොක්ව තමන්ගේ මට්ටමට පහත් කරගත්තේ වචනයක්වත් කියන්නේ නැතිව.

මුවින් වචනයක්වත් පිට නොවුනට යුන්ගිගේ මූණේ නොකියපු හැමදේම ලියවිලයි තිබුනේ.කාලයක් පුරා හන්ගගෙන උන්නු හැම හැගීමක්ම හරි ලස්සනට ඒ මූණේ ලියවිලා තිබුනේ හෝසොක්ටම කියවලා දැනගන්න කියනවා වගේ.

සති කීපයකට කලින් තමන්ව පැහැරගත්තු ජේහෝප් කියන මාෆියාකාරයට බයේ මෙඩිකල් රූම් එකේ කොණකට ගුලි වුනු යුන්ගි නෙමෙයි මේ...

හෝසොක්ගේ අතින් තමන්ගේ හදවත වගේ ම පපුවත් තුවාල වෙද්දි මුලු හදවතින්ම හෝසොක්ට වෛර කරපු යුන්ගි නෙමෙයි මේ...

තමන්ගේ අයියගේ මිනී මරුවගෙන් පලි ගන්න එක විතරක් අරමුණ කරගෙන හෝසොක්ව මරන්න ආපු යුන්ගි නෙමෙයි මේ...

ඒ හිටියේ හෝසොක්ගෙම කාර් එකට හැප්පිලත් තමන්ව හප්පපු එක්කෙනාගෙන්ම උදව් බලාපොරොත්තු වුනු යුන්ගී,ඇස් පියවෙන්න මොහොතකට කලින් දැකපු කලු පාට ඇස් තියන ආගන්තුකයව විශ්වාස කරපු යුන්ගී..

හෝසොක් නිසා ඇති ඇති වුනු හැම තුවාලයක්ම අමතක කරලා දාලා හෝසොක්ට වෛර කරනවා වෙනුවට ඒ ආඩම්බර නපුරගේ නමට අලුත් හැගීම් එකතු කරපු යුන්ගි...

තමන්ගෙම අයියාගේ මිනීමරුවා එක්ක වෙන් වෙන්න බැරි තරමටම බැදුනු යූන්ගී...

හෝසොක්ගේ මුහුණ දිහා මොහොතක් බලාගෙන උන්නු යුන්ගි එකපාරටම එයාගේ දෙතොල් හෝසොක්ගේ දෙතොල් මත තැවරුවේ හෝසොක්ගේ මුහුණට හිනාවක් එද්දි.

හෝසොක්ට ක්‍රියාත්මක වෙන්න ඉඩක් නොතියම යුන්ගි එයාගේ දෙතොල්වලින් හෝසොක්ව සිපගත්තේ උමතුවෙන් වගේ.

උණුහුම් සිපගැනීම අතරතුර දෑතින් ම යුන්ගිගේ සිහින් ඉණ අල්ලාගත්තු හෝසොක් යුන්ගිව තව තවත් තමන්ට තුරුල් කරගත්තේ යුන්ගිගේ පිරිපුන් සිරුර තමන්ගේ නිරුවත් පපුවට තදකරගනිමින්.

විනාඩි දෙකකට විතර පස්සේ හෝසොක්ගෙ තොල්වලින් මිදිලා නෙත් විවර කරපු යුන්ගි දැක්කේ සරාගී හිනාවකින් තමන් දිහා බලාගෙන ඉන්න හෝසොක්ව.යුන්ගිගේ තොල් වගේම හෝසොක්ගේ තොලුත් රතු වෙලා තිබුනේ යුන්ගිගේ චෙරිපාට තොලුයි මුතු කැට වගේ දතුයි එකතු වෙලා හොසොක්ගේ අහින්සක තොල්වලට වද දෙන්න කටයුතු කරලා තිබුනු නිසයි.

තමන්ගේ ශක්තිමත් බාහුවලින් යුන්ගිගේ ඉණ දෙපසින් අල්ලගෙන යුන්ගිව ඔසවගත්තු හෝසොක් ඒ ලගම තිබුනු වටිනා ලී මේසය උඩින් යුන්ගිව තිබ්බේ පිහාටුවක් ඔසවනවා වගේ සැහැල්ලුවෙන්.

හෝසොක් තමන්ව ඔසවගද්දි ඔහුගේ ගෙල මත රැදුනු අත් දෙක යුන්ගි හෙමිහිට පහළට කරන්න පටන් ගත්තේ හෝසොක් ඔහුව මේසය මතින් තැබුවට පස්සේ.

හෝසොක්ගේ උරහිස්වලින් අල්ලගත්තු යුන්ගි හෝසොක්ව හෙමි හෙමින් තමන්ගේ කිට්ටුවටම ඇදගත්තේ හෝසොක් යුන්ගිගේ දෙපා අතර නතර වෙද්දි.

හැගීම්බර ඇස්වලින් තමන් දිහා බලාගෙන ඉන්න යුන්ගිගේ දණහිස් මතින් දෑත් තියපු හෝසොක් යුන්ගිගේ පා දෙපසට කරලා ඒ මැදට ආවේ මේසය කෙළවර වාඩිවෙලා ඉන්න යුන්ගිගෙයි ඔහුගේ දෙපා මැද හිටගෙන ඉන්න තමනුයි අතර යන්තමින්වත් ඉඩක් ඉතුරු නොවෙන විදිහට..

යුන්ගිගේ රතු පාට පිරුණු දෙතොල්,රෝස පාට බෝල කම්මුල්,හැගීම් දෝරේ ගලාගන යන ආයාචනාත්මක ඇස් දකිද්දි ඒ මේසය උඩම යුන්ගිව තමන්ගේ කරගන්න ආපු උවමනාව හෝසොක් දරාගත්තේ බොහොම අමාරුවෙන්.

ඒත් ගත පුරා උඩුදුවන ඒ උණුසුම් හැගීම් හෝසොක් කොහොම නවත්තගන්නද යුන්ගිගේ සිහින් දිගු අතැගිලි තමන්ගේ නිරුවත් පපුව පුරා යනවා දැනෙද්දි.

නහරක් නහරක් පාසා රුධිර ගමනාගමනය පවා ඒ උත්තේජනයත් එක්ක වේගවත් වෙන්න ගත්තේ හෝසොක්ගේ ඉවසීම අන්තිම සීමාවටම රැගෙන යමින්.

හෝසොක්ගේ ඇස්වල ඉතිරිලා යන ආශාව යුන්ගි නොදැක්කා නෙමෙයි..යුන්ගිට ඕනි උනේ හෝසොක් හිරකරගෙන ඉන්න ඒ හැම ආශාවක්ම උවමනාවක්ම හෝසොක්ගෙන් එලියට ගන්න..

යුන්ගිට තවත් බලගෙන ඉන්න ඕනි වුනේ නෑ.හෝසොක් තමන්ගේ ලගම ඉද්දි තවත් බලාගෙන ඉන්න හේතුවක් එයාට තිබුනෙත් නෑ..

ඒ වගේම හැමදේටම හෝසොක් ඉස්සර වෙනකම් බලාගෙන ඉන්නත් යුන්ගිට ඕනි වුනේ නෑ.මොකද හෝසොක්ගේ අහින්ස්ක නිකෝ බේබි අහින්සක හෝබි ලගදිම විතරයි.

යුවීගේ ශක්තිමත් පෞරුෂය යුන්ගිගේ අහින්සකකම විදිහට මාරු වෙන්නේ හෝසොක් වෙනුවෙන් විතරයි.ඒත් මේ වගේ වෙලාවක කරන්න ඕනි මොකක්ද කියලත් හෝසොක් හිතන තරම් අහින්සක නැති යුන්ගි දන්නවා.

හෝසොක්ගේ කඩවසම් මුහුණ දිහා බලාගෙනම යුන්ගි එයාගේ ඇගිලි තුඩු හෝසොක්ගේ පපුවේ තිබුනු ටැටූ එක උඩ එහෙ මෙහෙ කළේ ඒ ස්පර්ශයෙන් හෝසොක්ගෙ මාංශපේශින් දැඩිවෙන හැටි ඒ ඇගිලිවලට දැනෙද්දි.

යුන්ගිගේ හැගීම්බර ඇස් දිහා හෝසොක් බලාගෙන හිටියේ පුදුම වෙලා..කවුද හිතුවේ කිස් එකක් දෙද්දි ලැජ්ජාවෙන් රතු වුනු අහින්සක නිකෝ මේ තරම් එඩිතර වෙයි කියලා.

හෝසොක් බලාගෙන ඉද්දිම හෝසොක්ගෙ ඇස්වලින් තමන්ගේ බැල්ම අයින් කරගත්තු යුන්ගි හෝසොක්ගේ පපුව මත තිබුනු අත්වල පීඩනය තවත් වැඩි කරමින් හෝසොක්ගේ ශක්තිමත් නිරුවත් පපුව දිහා බලාගෙන හිටියේ අමුතුම බැල්මකින්.

ඊලග තප්පරේ ඉස්සරහට නැමුනු යුන්ගි එයාගේ රතු පාට තෙත දෙතොල් හෝසොක්ගේ පපුව මත රැදෙව්වේ ඒ ස්පර්ශයෙන් හෝසොක්ගේ නෙත් ඉබේම පියවෙද්දි.

මුවින් සිහින් ගෙරවුමක් පිටකරපු හෝසොක් දෙනෙත් පියාගත්වනම යුන්ගිගේ ඉණ දෙපසින් තවත් තද කරලා අල්ලාගත්තේ ඉවසීමේ අන්තිම සීමාවත් පනිද්දි..

තප්පර ගානක කෙටි ඒත් දරාගන්න අමාරු සිප ගැනීමකින් පස්සේ හෝසොක්ගේ වේගයෙන් ගැහෙන පපුවෙන් ඈත් වුනු යුන්ගි හෝසොක් දිහා බැලුවේ දගකාර හිනාවකින්.

එක චලනයකින් හෝසොක්ට ඉන්න බැරි කරන්න තමන්ට පුලුවන් වුනු එක ගැන යුන්ගි හිත අස්සෙන් උඩ පනිද්දි නෙත් විවර කරපු හෝසොක් යුන්ගිගේ ඇගට නැමුනේ යුන්ගිත් ඒත් එක්කම පිටිපස්සට නැමෙද්දි.

"ඔයා මාව අවුස්සනවද ප්‍රින්සස්....!!"

හෝසොක් ගැබුරු කට හඩකින් ඇහුවේ යුන්ගිගේ මූණේ තිබුනු දගකාර හිනාව නැති වෙලා ගිහින් ඒ වෙනුවට සරාගි හිනාවක් මූණට එද්දි.

"නෑ.....?."

තමන්ගේ ඇගට නැමිලා ඉන්න හෝසොක් දිහා බලලා අහින්සක විදිහට හිනා වුනු යුන්ගි අත් දෙකෙන්ම හෝසොක්ව අල්ලගෙන එයා දිහා බැලුවේ ඇසුත් බෝල කරගෙන.හරියට කලින් හෝසොක්ට කරපු දේවල් කළේ එයා නෙමේ වගේ.

ඒත් අහින්සක පාටට ඉන්න යුන්ගිගේ මුවින් පිට වුනේනම් හෝසොක් හීනෙන්වත් අහන්න බලාපොරොත්තු වුනු දෙයක් නෙමෙයි.

"ඇයී.....මං නිසා ඔයාව ඇවිස්සුනාද...හ්‍යුන්ග්.....?!!!"

හ්‍යුන්ග්,හ්‍යුන්ග්,හ්‍යුන්ග්,හ්‍යුන්ග්,හ්‍යුන්ග්....

හෝසොක්ගේ කන් දෙක අස්සේ දෝන්කාර දෙන්න ගත්තේ යුන්ගි සිහින් හඩින් මුමුණපු ඒ වචනේ..හ්‍යුන්ග්..

"F#ck....!!!!"

හෝසොක් කිව්වේ එයාගේ ඇගේ තිබුනු හැම හැගීමක්ම ඒ වචනය ඇහෙනවත් එක්කම දකුනු ප්‍රදේශයට ගමන් කරනවා දැනෙද්දි.කලින් හෝසොක් හිටියේ සම්පූර්නෙන්ම ඇවිස්සිලා නෙමෙයිනම් ඉතුරු ටික ඇවිස්සෙන්න යුන්ගිගේ ඒ වචනෙම ඇති.

"ඔයා මොකක් හරි කිව්වද හ්‍යුන්ග්...!?"

යුන්ගි ආයෙමත් ඇහුවේ එයාගේ මූණේ තිබුනු අහින්සක පෙනුමට නොගැලපෙන හැගුම්බර කටහඩකින්.ඒ අතරවාරේ හෝසොක්ගේ හැඩිදැඩි පපුවේ තමන්ගේ ඇගිලිවලින් රටා අදින්නත් යුන්ගි අමතක කළේ නෑ.

හෝසොක්ගේ ඉතුරු වෙලා තිබුනු ඉවසීම නැත්තටම නැතින්වෙලා ගියේ ආයෙ වතාවක් යුන්ගිගේ ආමන්ත්‍රණය ඇහෙද්දි.

"ඔව්ව්ව්...!"

"හ්‍යුන්ග්ට තවත් ඉවසන්න බෑ...!!"

එහෙම කියාගෙනම හෝසොක් තවත් යුන්ගිගෙ ඇගට නැමුනේ යුන්ගි ආයෙමත් දගකාර විදිහට හිනා වෙද්දි.

ඒත් හෝසොක්ගෙ අවාසනාවට වගේ ඒ දෙන්නගේ දැගලිල්ලට මේසය උඩ තිබුනු ලොකු වතුර බෝතලයක් මහ හඩින් බිම වැටුනේ නිහඩ පරිසරය පුරාවට ඒකේ හඩ දෝංකාර දෙද්දි.

එකපාරටම උනු දෙයින් ගැස්සිලා ගිය හෝසොක් බිම තියන වතුර බෝතලේ දැක්කට පස්සේ ඇස් දෙක තද කරලා පියාගත්තේ ලස්සනට පටන් ගන්න හදපු ක්‍රියාවලිය පටන් ගත්තු තැනම නවත්තලා දාපු ඒ බෝතලය අරන් ආයේ පොලොවෙ ගහන්න ආපු කේන්තිය යටපත් කරගන්න වගේ.

බෝතලයට රවන හෝසොක් දිහා බලාගෙන හිනා වුනු යුන්ගි ඉක්මනට හිනාව තදකරගත්තේ හෝසොක් තමන්ගෙ දිහාවට හැරෙනවා දැකලා.

"F#ck this table...!"

හිමීට මුමුණපු හෝසොක් බොහොම අමාරුවෙන් හිනාව තද කරගෙන ඉන්න යුන්ගිව එකපාරින්ම ආයෙත් තමන්ගේ අතට ගත්තේ හරිම සැහැල්ලුවෙන්.

"මේක මෙතන කරන්න බෑ....!"

යුන්ගි දිහා බලලා ඇහැක් ගහපු හෝසොක් යුන්ගිගේ දණහිස් යටින් අත දාලා එයාව ඔසවගෙන අරන් ගියේ කාමරය මැද තිබුනු විශාල ඇද ගාවට.

යුන්ගිව පරිස්සමට ඇද උඩින් තියපු හෝසොක් ඇදේ කොනටවෙලා යුන්ගි දිහා බලාගෙන හිටියේ කට කොනකින් අමුතු විදිහට හිනා වෙන ගමන්.

ඒත් ඒ හිනාව නැතිවෙලා ගිහින් අමුතුම හැගීම් ගොඩක් ඒ මූණට එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.මෙට්ටය පුරා එහෙ මෙහෙ ගිහින් තිබුනු යුන්ගිගේ කොණ්ඩය වගේම යන්තමින් ඉහළට එසවිලා තිබුනු ඇදුමින් නිරාවරණය වෙලා තිබුනු යුන්ගිගේ කුස දකිද්දි හෝසොක්ගේ බැල්ම දැඩි වෙන්න ගත්තෙ යුන්ගිව රතු කරමින්.

මොන තරම් එඩිතරව ඉන්න හැදුවත් හෝසොක්ගේ බැල්මට යුන්ගිව වෙව්ලන්නේ නෑ කිව්වොත් ඒක බොරුවක්.

හෝසොක් යුන්ගි දිහාම බලාගෙන ඉද්දි යුන්ගිගේ ඇස් නැවතුනේ හෝසොක්ගේ ශක්තිමත් සිරුරේ.පිරිමියෙක්ට තියෙන්න පුලුවන් කඩවසම්ම සිරුරක් තමයි හෝසොක්ට තිබුනේ..ගානට වෙන් වුනු සික්ස්පැක් දකිද්දි යුන්ගිට කෙල ගිලුනෙ නොදැනුවත්වමයි.

පපුවේ තිබුනු ටැටූ එක වගේ ම ඉණේ කොණකින් පටන් ගත්තු ටැටූ එකත් දිහා යුන්ගි බලාගෙන හිටියේ වශී වෙලා වගේ.යුන්ගි ආයේ හරි සිහියට ආවේ හෝසොක් හෙමින් ඇද මතට එනවා පෙනෙද්දි.

යුන්ගි හෝසොක්ගේ මූණේ දැක්කේ කියවගන්න බැරි හැගිම් ගොඩක්.ඒත් ඒ හැගීම්වලට යුන්ගි ආස උනා.හෝසොක්ගේ ගැඹුරුඇස් තමන්ගේ සිරුර පුරා යන විදිහට,හෝසොක්ගේ ලොකු අත් තමන්ගේ ඇගේ ගෑවෙන විදිහට,හොසොක්ගෙ විශාල සිරුරට තමන්ව සම්පූර්නෙන්ම වැහිලා යන විදිහට යුන්ගි ආස උනා.

ඇද මත දිගා වෙලා ඉන්න යුන්ගිගේ කලවා දෙපසින් දණහිස් තබපු හෝසොක් එයාගේ දෑත් යුන්ගිගේ උරහිස් දෙපසින් තියලා යුන්ගිගේ මූණට නැමුනෙ එයාගේ වීශාල ශරීරයෙන් යුන්ගිව වසාගනිමින්.

යුන්ගිගේ මූණේ තමන්ගේ හුස්ම වැදෙන තරමටම යුන්ගිගේ මූණට නැමුනු හෝසොක් යුන්ගි දිහා බලාගෙන හිටියේ යුන්ගිත් අඩවන් දෙනෙතින් හෝසොක් දිහාම බලාගෙන ඉද්දි..

යුන්ගි ගාවින් දැනෙන සුපුරුදු සුවද හෝසොක් දන්නවා..ඒක රෝස මල් සුවදක්.මොන රෝසද කියලා නොදන්න්වා වුනාට මොකක්ම හරි රෝස මලක සුවදක් කියලා හෝසොක් දන්නවා..

"මට ඔයාව ඕනි ප්‍රින්සස්..!"

ඇහෙන නෑහෙන හඩින් මුමුණපු හෝසොක් යුන්ගිගේ දෙතොල් මතින් යන්තමින් තොල් තිබ්බේ යුන්ගිගේ දෑස් පියවෙද්දි.

යුන්ගිගේ දෙතොලින් මිදිලා ඒ රෝස කම්මුල්වලින් හාදුවත් තියපු හෝසොක් යුන්ගිගේ කම්මුලක් යන්තමින් හැපුවේ යුන්ගිගේ මුවින් සිහින් හඩක් නික්මෙන්න සලස්වමින්.

කම්මුල් දිගේම දෙතොල් තවරමින් ආපු හෝසොක් නැවතුනේ යුන්ගිගේ කන් පෙත්තක් ගාව.

"මට ඔයාව මගේ ම කරගන්න ඕනි.....!"

ඔහු කිව්වේ හෝසොක්ගේ සුසුම් යුන්ගිගේ සිරුර පුරා කරන්ට් එකක් යවන්වා වගේ වෙද්දි.

තවමත් නෙතු පියන් උන්නු යුන්ගි මොකුත් නොකියම හෝසොක්ගේ දෙඅත් යටින් ඔහුගේ දෑත් යවලා හෝසොක්ගේ පිට මතින් රැදෙව්වේ හෝසොක්ව බදාගෙන ඉන්නවා වගේ.

හෝසොක්ගේ පිට මත තිබුනු අත්වලින් හෝසොක්ව තමන්ගේ දිහාට තවත් ලන් කරගත්තු යුන්ගි නෙත් විවර කරලා හෝසොක් දිහා බැලුවේ ලස්සනට හිනා වෙන ගමන්.

"ඉතින් මාව ඔයාගෙම කරගන්න හෝසෝකී..."

යුන්ගිගෙ මුවින් ඒ වචන පිටවෙනවත් එක්කම හෝසොක් යුන්ගිගෙ කන් පෙත්ත හෙමිහිට හැපුවේ යුන්ගිගේ අත් හෝසොක්ගේ පිට තදින් අල්ලාගනිද්දි.

යුන්ගිගේ කන් පෙත්තෙන් මිදිලා ඊලගට හෝසොක් එයාගේ දෙතොල් නතර කලේ කිරිසුදු පාටට දිලිසෙන යුන්ගිගේ ගෙල මත.හෝසොක්ගේ නොඉවසිලිමත් තොල් යුන්ගිගේ ගෙලේ තද වෙන වාරයක් පාසා යුන්ගිගේ මුවින් සිහින් කෙදිරිලි පිට වෙන්න ගත්තේ හෝසොක්ව තවත් අවුස්සමින්.

හෝසොක් යුන්ගිගේ ගෙලේ සංවේදිම තැන සිපගනිද්දි යුන්ගිගේ නියපොතු හෝසොක්ගේ සිරුරේ තද වෙන්න ගත්තේ ඒ පහස දරාගන්න බැරිව.

හෝසොක් එතැන තවත් තදින් සිපගත්තේ ඒ සුදු පාට හම මත ලා දම් පාට සොදුරු ආදර කැළලක් ඉතුරු කරමින්.එතැනින් නොනැවති යුන්ගිගේ නිරාවරණය වෙලා තිබුනු සම සිපගත්තේ යුන්ගිගේ සුවද සිත්සේ විදගනිමින්.

ඒත් යුන්ගිගේ සුදු පාට බූල් ස්වීටර් එක හෝසොක්ගේ මග හරස් කරද්දි හෝසොක් යුන්ගිගේ මූණ දිහා බැලුවේ යමකට අවසර ඉල්ලනවා වගේ.

හෝසොක්ගේ බැල්ම තේරුම් ගත්තු යුන්ගි හිස වැනුවේ හෝසොක්ට ඒකට අවසර දෙමින්.

ඒත් එක්කම ඇදේ වාඩි වුනු හෝසොක් යුන්ගිගේ ස්වීටර් එකේ කෙලවරින් අල්ලගෙන ඒක හෙමිහිට ඉස්සුවේ යුන්ගිගේ කිරිගරුඩ වගේ නිකැලැල් හම ටිකෙන් ටික හෝසොක්ගෙ ඇස්වලට නිරාවරණය කරමින්.

යුන්ගි ඇදගෙන උන්නු ඇදුම සම්පූර්නෙන්ම එයාගේ ඇගෙන් අයින් කරලා දාපු හෝසොක් තමන් ඉදිරියේ නිරාවරණය වුනු උඩුකය හෝසොක්ගෙන් හන්ගගන්න අසාර්ථක වෑයමක් දරමින් ලැජ්ජාවෙන් රතු වෙලා ඉන්න යුන්ගි දිහා බැලුවේ ඔහුගේ යටිකය දෙසින් දැනෙන හැගීම් ගනනකටවත් නොගෙන.

ඒත් නොහිතපු විදිහට යුන්ගිගේ කිරිපාට පපුවේ තමන්ගේ අතින්ම ලියවුනු අකුරු ටික දැකපු හෝසොක් ආයෙමත් යුන්ගි මතට නැමුනේ මැකීගෙන යන ඒ අකුරු ටික දිහා බලාගෙනමයි.

හෝසොක් කරන්නේ මොකක්ද කියලා යුන්ගිට තේරුනේ හෝසොක් එයාගේ දකුණතින් යුන්ගිගේ පපුවේ තිබුනු ඒ සළකුණ පරීස්සමට පිරිමදිද්දි.

මොහොතකින් හෝසොක්ගෙ ඇස්වල තිබුනු බැල්ම වෙනස් වුනු හැටි යුන්ගි දැක්කා.හෝසොක් ආයෙමත් එයා කලින් කරපු වැරැද්ද ගැන පසුතැවෙනවා කියලා යුන්ගි තේරුම් ගත්තේ හෝසොක්ගේ ඇස් දිලිසෙන්න ගත්තු හැටි දැකපු ගමන්මයි.

යුන්ගි එයාගේ අත් දෙකෙන්ම හෝසොක්ගේ මූණ අල්ලගෙන හෝසොක්ගේ මූණ තමන්ගේ පැත්තට හරවගත්තේ ලස්සන හිනාවකින් මූණ සරසගෙන.

"හෝසොකී...සිද්ද වුනු හැමදේම අමතක කරන්න..ආයෙත් ඒ ගැන හිතන්න එපා..හරිද..මං ඒ හැමදේම අමතක කරලා ඉවරයි.."

යුන්ගි කිව්වේ එයාගේ අත්වලින් හෙමිහිට හෝසොක්ගේ කම්මුල් පිරිමදිමින්.

"මට සමාවෙන්න නිකෝ බේබී...මේක.."

හෝසොක් කිව්වේ ආයෙමත් යුන්ගිගේ පපුවෙ තියන කැළල උඩින් අත තියමින්..

"මේක කවදාවත් මැකෙන එකක් නෑ මැණික..!"

"මට ඒක කවදාවත් මැකෙන්න ඕනි නෑ හෝසොකී...මං මුලින් ම ඔයාගේ උනේ ඒ සළකුණ නිසයි...."

යුන්ගි එයාගේ ඔලුව උස්සලා හෝසොක්ගේ නළලින් දෙතොල් තිබ්බේ හොසොක්ගේ මූණට හිනාවක් එද්දි.

යුන්ගි දිහා බලලා ආදරණීය විදිහට හිනා වුනු හොසොක් හෙමිහිට යුන්ගිගේ පපුව මත වුනු කැලල මතින් එයාගේ දෙතොල් තිබ්බේ හරිම ආදරයෙන්.

"මං ඔයාව හැමදාටම මගේ කරගන්නවා නිකෝ.."

හෝසොක් යුන්ගිගේ පපුවෙන් මිදිලා ආයෙමත් ඔහුගේ මූණට නැඹුරු වුනේ කලින් තිබුනු ආශාව වෑහෙන ඇස් වෙනුවට ආදරය වෑහෙන ඇස්වලින් යුන්ගි දිහා බලමින්.

"ඒත් ඒ හැමදේටම කලින් මට ඔයාගේ හදවත මගෙම කරගන්න ඕනි..."

හෝසොක් යුන්ගිගෙ හිනා වෙන ඇස්වලින් එයාගේ තොල් තිබ්බේ යුන්ගිව උණුසුම් හැගුම්වලින් පුරවමින්.

"මං ඔයාට කරපු දේවල්වලට කිසිම දඩුවමක් නොවිද මං කොහොමද ඔයාව මෙහෙම අයිති කරගන්නේ..ඒ නිසා මුලින්ම මට ඔයාගේ හදවත සම්පූර්ණයෙන් ම මගේ කරගන්න ඕනි .ඊට පස්සේයි මං මගෙ නිකෝව මගේ කරගන්නේ..."

හොසොක් එයාගෙ නළල යුන්ගිගේ නළලතින් තිබ්බේ දෙන්නාගෙම මූණේ ලස්සන හිනාවක් ඇදෙද්දි.

"ඔයා මගේ ම වෙන දවස වැඩි ඈතක නෙමෙයි බබී..ඒත් ඒ අද නෙමෙයි..."

යුන්ගිගේ මූණේ තිබුනු හිනාව තවත් වැඩි වුනෙ හෝසොක් හැමදේම ගැන හිතන විදිහ ගැන සතුටකින් හිත පිරෙද්දි..මොකද යුන්ගි මිට කලින් කිසිම කෙනෙක් ගාව මේ විදිහට ඉදලා නෑ.වෙන කිසිම කෙනෙක්ට හිතින්වත් ගතින්වත් ලන් වෙලා තිබුනේ නෑ.ඉතින් හෝසොක්ට යුන්ගිව ගතින් අයිතිකරගන්න මේ තරම් පුලුවන්කම තිබිලත් ඒ හැමදේටම කලින් යුන්ගිගේ හදවත අයිති කරගන්න ඕනි කියල කියද්දි යුන්ගිට සතුටක් දැනෙන එක සාධාරණයි.

"එතකම් මට මේ උණුහුම තිබුනම ඇති..."

හෝසොක් හෙමීට යුන්ගිගේ තොල්වලට නැමුනේ යුන්ගි එයාගේ අත්වලින් හෝසොක්ව තුරුල් කරගනිද්දි.

"ඔයා මේ විදිහට මගේ ලග ඉන්නවනම් මට ඒ හොදටම ඇති..."

හෝසොක් යුන්ගිගෙ තොල් එයාගේ තොල්වලින් අල්ලාගත්තේ හරිම පරිස්සමින්,ආදරෙන්..

ඒ හාදුව පිරිලා තිබුනේ උතුරලා යන ආදරයෙන් විතරයි.හරිම පිරිසිදු අවන්ක ආදරයකින්..නොකියවුනු,ඒත් තප්පරයක් පාසා දැනෙන ආදරයකින්..

සුන්දර සිපගැනීම් වගේ ම වැළදගැනීම් අතරේ හෝසොක් ආයෙමත් යුන්ගිගේ නිරුවත් උඩුකය එයාගේ බූල් ඇදුමින් වැහුවේ යුන්ගි එයාගේ හිනාවෙන ඇස්වලින් හෝසොක්ගෙ හැම චලනයක්ම බලාගෙන ඉද්දි.

යුන්ගිව ඇදෙන් හාන්සි කරලා ඇදෙන් බැහැපු හෝසොක් කාමරයේ ලයිට් එක ඕෆ් කරලා ආයෙමත් ඇදට ආවේ යුන්ගිව තමන්ගෙ ලගට  කරගනිමින්.

යුන්ගිගේ ඉණ වටේට අතක් දාලා යුන්ගිව තුරුල් කරගත්තු හෝසොක් යුන්ගිගේ නලලින් හාදුවක් තිබ්බේ යුන්ගි හෝසොක්ගෙ පපුවට තුරුල් වෙද්දි.

හෝසොක්ගේ හදවත ගැහෙන සද්දෙ පවා ඇහෙන තරමටම හෝසොක්ගේ පපුවට ගුලි වුනු යුන්ගි දෙනෙත් පියාගත්තේ හෝසොක් යුන්ගිගේ හිසින් එන රෝස මල් සුවද විදිමින් නින්දට වැටෙද්දි.

එකිනෙකාගේ උණුහුමේ ගුලි වෙලා උන්නු ඒ දෙන්නාගේ මූණේ තිබුනේ සැනසීමක්.අන්තිමේදි හදවත ඉල්ලන කෙනාගේ ලග තුරුල් වෙන්න ලැබුනු එක ගැන සතුටින් නෙත් පියාගත්තු ඒ දෙන්නගෙම මූණේ තිබුනු මදහස ඒ සතුට කොයි තරම්ද කියන්න ප්‍රමාණවත්..




_______________________________________


"ජීමිනා...!"

නිදිමතේම අවුල් වුනු කොණ්ඩේ අතින් හදන ගමන් පඩිපෙළ දිගෙ පහළට පඩියක් ඇර පඩියක් පැන පැන එන ජීමින්ව දැකලා ජින් කෑ ගැහුවේ කෑම මේසෙට වාඩි වෙලා හිටපු හැමෝම එයාගේ දිහාට හැරෙද්දි.

ජින්ගේ කෑ ගැහිල්ලට බය වුනු ජිමින්ගේ මූණ දැකපු ජැක්සන් මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ ජිමින්ගේ රැවිල්ල ගනන් ගන්නේවත් නැතිව..

"මගේ කන් ඇහෙනවා ජින් හ්‍යුන්ග් බෙරිහන් දෙන්නේ නැතිව හිමින් කතා කරනවකෝ වදේ...!"

ජිමින් කිව්වේ මේසය ලගට ඇවිදගෙන ඇවිත් ජැක්සන්ගේ කොන්ඩෙන් අදින ගමන්.

"ඔයා ආපු විදිහ දකිද්දි මං හිතුවේ ඔයා නින්දෙන් ඇවිදිනවා කියලා..ඇහැරවන්න කෑ ගැහුවේ...."

ජින් හරිම සීරියස් විදිහට කිව්වේ ජිමින්ගෙන් කොන්ඩේ බේරගන්න දගලන ජැක්සන් ආයෙමත් මහ හය්යෙන් හිනා වෙද්දි.

"හනේ ඇත්තද..හරි හිනා...හහහා..!"

ජින්ට ඇදකරපු ජිමින් මේසේ වටේ හිටපු හැමෝටම රවලා ජැක්සන් ලග තිබුනු එයාගේ පුටුවෙන් වාඩි වෙන්න පුටුව ඉස්සරහට ඇද්දේ තවමත් හිනා වෙන ජැක්සන්ට වැඩිපුරත් එක්ක රවන ගමන්.

"හරි හරි සොරි...මේ ගිහින් යුන්ගිව එක්කගෙන එන්න....නැත්නම් මේ ඌරු පැටව් ටික ඔක්කොම කාලා දායි..!"

ජින් කියද්දි කට්ටියම එයා දිහා බැලුවේ ජින් කරපු ද්‍රෝහිකම දරාගන්න බැරිව වගේ බැල්මකින්.

"මොකද ඔහොම බලන්නේ..මං ඇත්ත කිව්වේ..දැනටමත් ඔම්ලට් ටික ඔක්කොම ඉවරයි..."

ජින් එයා කියපු දේ සාධාරණීකරණය කරන්න උත්සාහ කරද්දි ජිමින් හිටගෙනම අත් දෙකත් ඉණට තියාගත්තේ ජින් දිහා බලලා ඔරවන ගමන්.

"මට බඩගිනියි....අනික ඇයි ඔයාලා කාටහරි ගිහින් යුන්ගිව එක්කගෙන එන්න බැරි...."

ජිමින් ඇහුවේ මේසය උඩ තියන කෑම ටික දිහා බලලා කෙළ ගිලිමින්.

"මොකද ඔයා විතරයි දැන් මෙතන වාඩි නොවී හිටගෙන ඉන්න කෙනෙක්ට ඉන්නේ...!'

නම්ජූන් ඒක කියපු ගමන් ජිමින් වාඩි වෙන්න හැදුවත් ඊට කලින් ඉස්සර උනු ජැක්සන් ජිමින්ගේ පුටුවට උඩින් කකුල් දෙක දාගත්තේ ජිමින්ට වාඩි වෙන්න බැරි වෙන්නයි.

"මං තමුන් ගැන පස්සේ බලාගන්නම්...මෝඩ ජැකී....!!"

එහෙම කියපු ජිමින් ගස්සගෙන එතනින් අයින් වෙලා ආයෙමත් පඩිපෙල නගින්න ගත්තේ හිනා වෙන ගමන්.

කොච්චර නපුරු විදිහට පේන්න ඉන්න හැදුවත් ජිමින් එයාගේ මේ පුන්චි පවුලේ මේ වගේ පුන්චි පුන්චි දේවල්වලට ගොඩාක් ආදරේ කළා..

ඒ වගේ ම ජිමින් හිටියේ යුන්ගිව දකින්න ආසාවෙන්.යුන්ගි එක්ක කතා කරන්න ගොඩක් දෙවල් ජිමින්ට තිබුනා.

යුන්ගිව ජිමින්ට දැනුනේ එයාගෙම සහෝදරයෙක් වගේ..යුන්ගි එයාලගේ ජීවිතවලට කොයි තරම් අලුත් වුනත් අනිත් අයට තරමටම ජිමින් යුන්ගිටත් ආදරය කළා.

යුන්ගි උන්නු මහලට ආපු ජිමින් සින්දුවක් මුමුණන ගමන් ඉස්සරහට ඇදුනේ දවස් කීපෙකට පස්සේ දැනුනු අමුතුම සතුට නිසා.

හොසොක්ගේ කාමරයේ දොර තවමත් වහලා තියනවා දැක්කත් යුන්ගිට කතා කලාට පස්සේ හෝසොක්ට කතා කරන්න තීරණය කරපු ජිමින් යුන්ගිගේ කාමරය පැත්තට ගියේ හිනාවෙන්මයි.

යුන්ගිගේ කාමරයේ දොර ගාවට ආපු ජිමින් යුන්ගිගෙ දොරට තට්ටු කළේ මේ වෙද්දි යුන්ගි ඇහැරලා ඉන්න ඕනි කියලා හිතපු නිසයි.ඒත් කාමරයෙන් කිසිම සද්දයක් නැති වෙද්දි ජිමින් ඇස් දෙක හීනි කරගත්තේ යුන්ගි එලියට ගිහින්ද කියලා හිතන් ගමන්.

"නෑ එළියට ගියානම් මට හම්බෙන්න එපැයි...මේ කම්මැලියා තවම නිදිවත්ද...?"

තමන්ටම කියාගත්තු ජිමින්ගේ මූණට ඊගාව තප්පරේ ආවේ හරිම දගකාර හිනාවක්.

යුන්ගි තවමත් නිදි කියලා ජිමින්ට විශ්වාසයි.ඒ නිසාම හෙමිහිට දොරේ හැන්ඩ්ල් එකට අත තියපු ජිමින් හඩක් නොනැගෙන විදිහට දොර විවර කලේ යුන්ගිව නැගිට්ටවන්න දුශ්ට ප්ලෑන් එකක් හිතේ තීයාගෙන..

ඒත් විවර වුනු දොරෙන් පෙනුනු දසුන දැකපු ජිමින්ගේ මූණේ තිබුනු හිනාව නැති වෙලා ගියේ එයාටවත් නොදැනී.

ජිමින්ගේ ඉස්සරහ ඇදේ යුන්ගි සුව නින්දක අතරමන් වෙලා හිටියේ තනියම නෙමෙයි.

පූස් පැටියෙක් වගේ ගුලි වුනු යුන්ගිව තුරුල් කරගෙන යුන්ගිගේ ලගම නිදාගෙන හිටියේ හෝසොක්.

ජිමින්ගේ ඒකපාර්ශ්වීය ආදරය...
ජිමින්ට අයිති කරගන්න බැරි වුනු ජිමින්ගේ ආදරය...
ජිමින් ගාව නොනැවති යුන්ගි ගාව නැවතුනු ආදරය...

සේද පොරවනයෙන් නිරාවරණය වෙලා තිබුනු හෝසොක්ගේ නිරුවත් පපුවට හිස තියාගෙන උන්නු යුන්ගිව හෝසොක් එයාගේ ශක්තිමත් අත්වලින් අල්ලගෙන හිටියේ යුන්ගි එයාගෙන් ඈතකට යයි කියලා බයෙන් වගේ.

දෙන්නට දෙන්නාගේ උණුහුමේ ඒ දෙන්නා හිටියේ හරිම ආදරෙන්..ජිමින්ට ඒක තේරුම් ගන්න අමාරු වුනේ නෑ.

තමන් අවුරුදු ගානක් නැවතීමක් නැතිව හදවතින්ම ආදරය කරපු කෙනෙක් තව කෙනෙක්ගේ උණුහුමේ ඉන්නවා දකින එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි.

හෝසොක් යුන්ගි ලග සතුටින් ඉන්න එක ගැන ජිමින් සතුටු වුනු බව ඇත්ත.ජිමින් එයාගේ ආදරය අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් කැප කලේ ඒ නිසයි.

ඒත් තමන් ආදරය කරපු කෙනා වෙන කෙනෙක් ලග මෙහෙම ඉන්න හැටි ඇස් දෙකෙන්ම දකින්න ලැබෙද්දි ජිමින්ගේ හදවත රිදුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්.

ජිමින්ට යුන්ගි ගැන කිසිම තරහක් නෑ.ඒ දෙන්නාගේ ආදරය ගැන කිසිම වෛරයකුත් නෑ.ඒත් අහිමි වීමේ වේදනාව දරාගන්න ජිමින්ට අමාරුයි.

හෝසොක්ව කොච්චර අමතක කරන්න හැදුවත් ඒ ආදරය කොච්චර අමතක කරන්න හැදුවත් හෝසොක්ගේ නමට ජිමින්ගෙ හිතේ ඉපදුනු ආදරය තවමත් එහෙමමයි.

ඒක අයිති වුනත් නැතත් ඒ ආදරය තවමත් ඉස්සර වගේමයි.

ඉතින් මේ වේදනාව ජිමින්ට දරාගන්න අමාරුයි.

ඇස්වලට කදුලු පිරෙද්දි හිමීට දොර වහපු ජිමින් ඇස්වල ඒ පිරුනු කදුලු බිමට වැටෙන්න කලින් එතනින් යන්න හැදුවේ හදවත මහ හුගක් රිදුම් දෙද්දි.

ඉවසගන්න බැරි තරම් රිදෙන පපුව අල්ලගෙන පස්සෙන් පස්සට ගිය ජිමින් එකපාරටම එතනින් දුවලා ගියේ අමාරුවෙන් දරාගත්තු කදුලු කම්මුල් දිගේ ගලාගෙන් යද්දි.

හැමදාමත් වගේ මේ ලෝකේ ඉන්න හැමෝම ඉස්ස්සරහ හිනා වෙලා ඉන්න ජිමින් එතනින් පිට වුනේ කාටවත් නොපෙනෙන්න එයාගේ කදුලු හන්ගගන්න..






______________________________________
03/02/2022
( 3529 Words)

සතුටු හිතෙන විදිහට මං මේ චැප්ටරේ ඉවර කරයි කියලා හිතපු අයට විනාඩි බාගෙක නිස්සබ්දතාවක්...😌

මට ලියන්න පුලුවන් උපරිම විදිහට ලිව්වා අවුල් වගේනම් සොරි ඒත් කරන්න දෙයක් නෑ මට රොමෑන්ටික් සීන් ඇලජික්...😉😂

තව කියන්න දෙයක් තියනවා..මේ කතාව දැන්ම ඉවරයක් වෙන එකක් නෑ.🙃

හරි එච්චරයි..😁

තෑන්ක් යූ කියෙව්වට සුදූලා..❤

ලව් යූ..😘❤

(කමෙන්ට් එකක් දාන්න පුලුවන්නම්..❤)

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top