Chapter 35
______________________________________
A great philosopher named MOON once said,
"Hodama thenin nawaththanna...."
😌
______________________________________
"හෝලි ශිට්........!!!!!"
ජන්කුක්ගේ අරුම පුදුම වෙස් මාරුව ගැන දැනගත්තට පස්සේ කතා කරගන්න වචන නැතිව වගෙ බලාගත්තු අත බලාගෙන හිටපු හැමෝම එතන උන්නු බාලම කෙනා වුනු සූබින් දිහා බැලුවේ සූබින්ගේ මුවින් මහ හඩින් පිට වුනු ඒ වචනත් එක්ක..
සූබින් යුන්ගි දිහාට ඇගිල්ල දික් කළේ හෝසොක් දිහායි යුන්ගි දිහායි මාරුවෙන් මාරුවට බලමින්.ජැක්සනන්,ජිමින් සූබින් දිහා බලාගෙන හිටියේ ඊගාවට එයාලට ඇහෙන්න යන ඒ සුන්දර හෙලිදරව්ව මොකක්ද කියලා කල්පනා කරන ගමන්.
නම්ජූන් එතන වුනු කතා බහින් ඇති තරම් පදම් වෙලා ඉද්දි ජින් සූබින්ගේ අත දිගේ බලාගෙන ගිහින් එයාගේ බැල්ම නැවැත්තුවේ සූබින් දිහා නලල රැලි කරන් බලාගෙන ඉන්න යුන්ගියි හෝසොක්ගෙයි ලග..
"ඒ කියන්නේ ඒක කලේ ජන්කුක්.........!!!"
සූබින් ආයෙත් මහ හඩින් කියද්දි සූබින් යන්නේ කොහේටද කියලා මුලින්ම තේරුම් ගත්තේ හෝසොක්...
"ඕහ් ශිට්....."
හෝසොක්ගේ මුවින් පිට වෙද්දි ජිනුයි යුන්ගියි හෝසොක් දිහා බැලුවේ කන්න වගේ..ඒ දෙන්නම මේ වගේ වැදගත් කතාවක් අස්සේ ශාප කිරීම්වලට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ..
"සූබින්.....ඒ පාර මොකක්ද....?!"
ජින් ඇහුවෙ හරිම ඉවසීමෙන්.ඒත් සූබින්ගේ මූණේ ඉවසීමක් පේන මානෙකවත් තිබ්බේ නෑ.
"ආහ් හ්යුන්..ඒකවත් තේරෙන් නැද්ද....?!!!"
සූබින් ඇහුවෙ වාඩි වෙලා හිටපු තැනින් නැගිටින ගමන්.
"හෝසොක්ගේ කාර් එකට ඒක කලේ ජන්කුක්..ඒ වගේම ඒක යුන්ගිගේ ප්ලෑන් එකක්..දැන්වත් තෙරෙනවද...!??"
සූබින් එයාගේ අත් දෙකම යුන්ගියි හෝසොක්ගෙයි පැත්තට දිගු කරලා ජින් දිහා බැලුවේ ඔලුවත් පැත්තකට ඇද කරන ගමන්.
"හ්යුන්න්....අපේ බොස්ව කිඩ්නැප් කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි යුන්ගි හ්යුන්........."
යුන්ගිගේ විවර වුනු මුවින් පිට උනේ වචන දෙකයි..
"ඕහ් ශිට්....!!!"
හෝසොක්ගේ කට කොනින් පනින්න දගලන හිනාව දිහා යුන්ගි බලාගෙන හිටියේ දැන් හරිද වගේ ලුක් එකකින්.
(ඉට් වෝස් ඉන් දිස් මෝමන්ට් දැට් හී නිව්..හී ෆක්ඩ් අප්...!!!!)
රෝනා ප්ලේස් එකේ ලිවින්ග් රූම් එක සීරෝ එකේ මෙම්බර්ස්ලගෙ මිහිරි හඩින් පිරිලා යන්න තප්පරයක්වත් ගියේ නෑ..
"මින් යුන්ගී......!!!!!"
අන්න ඒ විදිහට තමයි හෝසොක්ව කිඩ්නැප් කරන්න ගහපු ප්ලැන් එකේ ඉදන් හැමදේම පැය ගානක් තිස්සේ එතන සාකච්චා වෙන්න පටන් ගත්තේ..
______________________________________
එදා දවල් වරුවම ගෙවුනේ යුන්ගි සීරෝ එකේ අයට සන්හූන් ගැන වගේම ජැන්ග් හ්යුක් ගැනත් එයාලා දන්න හැමදේම කියමින්.ඒ වගේම යුන්ගි එයාලා හැමෝම මේ තරම් කල් හොයපු වැදගත්ම දේ සීරෝ එකේ අයට දෙන්නත් අමතක කලේ නෑ.
ඒ තමයි සන්හූන් මිය යන්න මොහොතකට කලින් යුන්ගිට කියපු අර පෙන් එක.සන්හූන්ගේ නිවරදිබව වගේම යූනාගෙයි ජැන්ග් හ්යුක්ගෙයි ප්ලෑන් ගැනත් ගොඩක් විස්තර තිබුනේ ඒ පෙන් එකේ.
සන්හූන් ඒක තියන්න ඇති කියලා හිතපු හැමතැන්ම යුන්ගි හෙව්වාත් ඒ කිසිම තැනකින් ඒක හමු නොවෙද්දි සන්හූන් කියපු දේ ආයේ මෙනෙහි කරපු යුන්ගිට ඒ තැන මතක් වෙන්න මහ වෙලාවක් ගියේ නෑ.
සන්හූන් කියන්න හැදුවේ පෙන් එක තියෙන්නේ අම්මාට සම්බන්ද කොහේ හරි තැනක කියලයි.අම්මට සම්බන්ද හැමතැනම ඒක හෙව්වත් යුන්ගිට හොයන්න බැරි වුනු එකම තැන තමයි අම්මාගේ අලු තැන්පත් කරලා තිබුනු මෙමොරියල් හෝල් එක..
ඒ හෝල් එකේ අම්මට වෙන් වෙලා තිබුනු කුඩා වීදුරු කුටියේ තිබුනු ඇයගේ ෆොටෝ එක පිටිපස්සෙ රදවල තිබුනු පෙන් එක යුන්ගි හොයාගත්තේ මීට දවසකට කලින්.
යුන්ගි ඒක සීරෝ එකේ අයට දුන්නේ අනිත් හැමෝටම වඩා එයාට සීරෝ එකේ අය ඉස්සරහ,ඒ වගේම හෝසොක් ඉස්සරහ එයාගේ අයියගේ නිවරදිබව ඔප්පු කරන්න ඕනි වුනු නිසා.
ඒ පෙන් එකේ තියන එක ෆයිල් එකක් ඇරෙන්න අනිත් හැම ෆයිල් එකක්ම ඕපන් කරගන්න ජැක්සන්ට පුලුවන් වුනා..ඒ හැම එකකම තිබුනේ යූනා හෝසොක්ගෙන් හොරකම් කරගෙන එන තොරතුරු සන්හූන්ට දෙන හැටි.ඒ වගේම සන්හූන් ඒවා ජැන්ග් හ්යුක්ට දෙන හැටි..
හෝසොක්ගේ ඇගේ ලේ රත් වෙන්න පටන් ගත්තෙ එතන තිබුනු එක වීඩියෝ එකක ජැන්ග් හ්යුක් යුන්ගි ගැන කියමින් සන්හූන්ට තර්ජනය කරනවා දකිද්දි.
යුන්ගි කියන්නේ කවුද කියලා ඒ වෙද්දි නොදැන හිටපු ජැන්ග් හ්යුක් ෆ්ලවර් ශොප් එකක් කරන අහින්සක මල්ලි යහතින් ඉන්නවා දකින්න ඕනිනම් කියන විදිහට වැඩ කරන්න කියලා සන්හූන්ට තර්ජනය කරන හැටි හෝසොක් දැක්කා..
තමන්ගේ මල්ලි තමන් හිතනවට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ කියලා සන්හූන් දැනගෙන හිටියේ නෑ.යුන්ගි කියන්නේ රහසින්ම ටයිටන් එකේ අමාරුම ට්රෙයිනින් එක ලේසියෙන් පාස් කරපු ඒජන්ට් කෙනෙක් කියලා සන්හූන් දැනගෙන හිටියෙත් නෑ.ඒ වගේම යුන්ගි කියන්නෙ තව දුරටත් තමන්ගේ සෙවණ නැතිව ජීවත් වෙන්න බැරි අහින්සක ළමෙක් නෙමෙයි කියලා එයා දැනගෙන හිටියේ නෑ.
සන්හූන්ට ඕනි වුනේ එයාගේ චූටි මල්ලිව ආරක්ශා කරගන්න..ජැන්ග් හ්යුක් කියන හැමදේම සන්හූන් කලේ එයාගෙන් යුන්ගිව බේරගන්න..සන්හූන් ඒ හැමදේම කලේ යුන්ගි වෙනුවෙන් කියලා තේරුම් යද්දි සීරෝ එකේ අයට දැනුනේ මහ වරදකාරි හැගීමක්.
එයාලට තව ටිකක් හොයලා බලන්න තිබුනා කියලා එයාලා දන්නවා..
සන්හූන්ව එකපාරින්ම සැක කරපු එක වැරදියි කියලා එයාලා දන්නවා..
සන්හූන්ට කතා කරන්න අවස්තාවක් නොදුන්නු එක වගේම සන්හුන්ගෙ ජිවිතය උදුරගත්තු එක වැරදියි කියලා එයාලා දන්නවා..
ඒනිසයි හෝසොක් වගේම සීරො එකේ අය ඒ තරම් පසුතැවුනේ..යුන්ගි දැක්කා එයාලගෙ ඇස්වල තිබුනු පසුතැවීම..ඒත් ඒක එයාලට උරුමයි..එයාලා සන්හූන්ට කරපු වැරැද්දට ඒ පසුතැවීම එයාලට අයිතියි..යුන්ගි එයාලට සමාව දුන්නේ එයාලට ඒ පසුතැවීමම හොද දඩුවමක් කියලා දැනගෙන.
දවල් දවස එහෙම ගෙවිලා යද්දි හෝසොක් ජැක්සන් එක්ක රෝනා ප්ලේස් එකෙන් පිට වෙලා ගියේ සීරෝ එකේ වැඩකට..හෝසොක් නැති අතරේ යුන්ගි එයාගෙ හවස ගත කලේ ජිමින් එක්ක.යුන්ගි එයා කරපු දේට ජිමින්ගෙන් එකදිගට සමාව ඉල්ලද්දි ජිමින් කළේ ලස්සනට හිනා වෙලා යුන්ගිව වැලදගන්න එක.
"මං ඔයා හිටපු තැන හිටියනම් මන් කරන්නෙත් ඒකම තමයි යූනී..."
ජිමින් යුන්ගිට සමාව දෙන්න දෙපාරක් හිතුවේ නෑ.ඒ තමයි ජිමින්...
රෑ කෑමට රෝනා ප්ලේස් එකේ හිටියේ ජිමින්,ජින්,නම්ජූන්,යූන්ගි,සූබින් විතරයි..මොකද ඒ වෙද්දිත් ජැක්සන් හොසොක් දෙන්නා ඇවිත් හිටියේ නෑ.
යුන්ගිගේ පැමිණීමත් එක්ක රෝනා ප්ලේස් එක ආයේ හිනාවෙන් පිරිලා ගියේ එතන උන්නු හැමෝම යුන්ගි එක්ක හරි හරියට කතාවට එකතු වෙද්දි.පැය ගානක් එක එක ඒවා කතා කරමින් උන්නු කට්ටිය තම තමන්ගෙ කාමරවලට ගියේ නිදාගන්න වෙලාව ඇවිත් තිබුනු නිසයි.
යුන්ගිට හෝසොක් එනකම් ඉන්න මොන තරම් උවමනාවක් තිබුනත් එයා ඒ උවමනාව හිතේ හන්ගගෙන කලින් එයාගේ කාමරය වෙලා තිබුනු ගෙස්ට් රූම් එකට ගියේ ඒ තට්ටුවේම තිබූනු හෝසොක්ගේ රූම් එක දිහත් බලන ගමන්.
රෑ නවය හමාර වෙලා තිබුනත් හෝසොක් තවමත් ඇවිත් නැත්තේ ඇයි කියලා යුන්ගි හිතුවත් හෝසොක්ට කෝල් එකක් දෙන්න ෆෝන් නම්බර් එකක්වත් යුන්ගි ගාව තිබුනේ නෑ.
මොන දේ වුනත් හෝසොක්ට කරදරයක් වෙන්නේ නෑ කියලා යුන්ගිට විශ්වාසයි.මොකද හොසොක් කියන්නේ නිකම්ම නිකන් කෙනෙක් නෙමෙයි,එයා තමයි ජේහෝප්.
ඉතින් හෙට උදෙන්ම හෝසොක්ව මුණ ගැහෙන අරමුණෙන් තමන්ගේ කාමරයට ගියපු යුන්ගි බාත්රූම් එකට ගිහින් සීතල වතුරින් ඇග හෝදගත්තේ ඇගට වගේම හිතටත් සැනසීමක් දැනෙද්දි.
හෝසොක් කලින් ගෙනත් දීලා තිබුනු ඇදුම් ගොඩෙන් සුදු පාට බූල් බූල් ස්වීටර් එකකුයි දුඹුරු පාට ස්වීට් පෑන්ට් එකකුයි අරන් ඇදගත්තු යුන්ගි ඇදට ගිහින් සුදු පාට සිනිදු ඇතිරිල්ල ඇග වටේම ඔතාගත්තේ සුව නින්දක් ලබන උවමනාවෙන්.
~ ~ ~
හෝසොක් රෝනා ප්ලේස් එකට එද්දි වෙලාව එකොළහටත් වෙලයි තිබුනේ.සෑහෙන දවසක් පෙරුම් පුරලත් යුන්ගිව තමන්ගේ ලගට ගත්තු දවසෙම යුන්ගි ලග ඉන්නවා වෙනුවට පිස්සු නටන්න ගත්තු පොඩි පාතාල කල්ලියක ඔලු කුඩු කරන්න සිද්ද වුනු එක ගැන හෝසොක් හිටියේ හොදටම කේන්තියෙන්.
හෝසොක් ජැක්සන් එක්ක දවල් පිට වෙලා ගියේ ඉක්මනින් එන්න වුනත් එකක් ඉවර වෙද්දි එකක් වැඩ එකතු වෙද්දි ඒකෙන් ගැලවිලා එන්න විදිහක් හෝසොක්ට තිබුනේ නෑ.
කේන්තියෙන්ම රෝනා ප්ලේස් එකට ආපු හෝසොක් ජැක්සන් වාහනයෙන් බහින්නත් කලින්ම දොරත් හයියෙන් වහගෙන රෝනාප්ලේස් එක ඇතුලට ගියේ රවාගෙනමයි.
හෝසොක්ගේ මූඩ් එකම අවුල් ගිහින් තිබුනේ එයා එයාගේ මල් කොල්ලා ගැන හදාගෙන උන්නු ප්ලෑන් කල් දාන්න වුනු නිසයි.
යුන්ගි එක්ක තනියෙන් කතා කරන්න හෝසොක්ට කොච්චර ඕනි වුනාද කියලා දන්නේ හෝසොක්ම විතරයි.ඒත් ඒකට තව පැය ගානක් බලන් ඉන්න වෙනවා කියලා හිතද්දි හෝසොක්ගේ මූණ් තවත් කළු වෙන්න ගත්තේ ආසම කාටුන් එක බලන්න බැරි වුනු පොඩි ළමෙක්ගෙ වගේ.
හෝසොක් දන්නවා මේ වෙද්දි අනිවාරෙන් යුන්ගි නිදි කියලා..ඒ නිසාම මූණත් දෙක කරගෙන පඩිපෙළ නැගපු හෝසොක් යුන්ගිගේ කාමරයේ දොර දිහා ටිකක් වෙලා බලාගෙන හිටියෙ හෙට වෙන්න තියන පැය ගාන ගනන් කරන ගමන්.
අන්තිමට යුන්ගිට නිදාගන්න දෙන්න අමාරුවෙන් හරි හිත හදාගත්තු හෝසොක් එයාගේ කාමරයට ගිහින් දොර වහගත්තේ යුන්ගිව මුණ ගැහෙන මොහොත ගැන කල්පනා කරමින්.
ඇදගෙන උන්නු ඇදුම් ටික ගලවලා පැත්තකට විසි කරපු හොසොක් බාත්රූම් එකට ගිහින් පැය බාගයකින් විතර එළියට ආවේ තෙත බේරෙන කොණ්ඩය සුදු පාට තුවායකින් පිහිදන ගමන්.
ඇදගෙන උන්නු තුවාය අයින් කරපු හෝසොක් කලු පාට ස්වීට් පෑන්ට් එකක් ඇදගත්තේ තෙත කොන්ඩේ පිහිදපු තුවාය පැත්තක තිබූනු පුටුවක් උඩට විසි කරමින්.
රෑට නිදාගනිද්දි ශර්ට් එකක් අදින පුරුද්දක් හෝසොක්ට තිබුනේ නෑ කොහොමත්..ඒ නිසාම හෝසොක් ශර්ට් එකක් අදින්න වද වුනේ නැ.
කාමරයේ තිබුනු ලයිට් එක නිමපු හෝසොක් ඇදට ගිහින් ඇස් පියාගත්තේ කාර්යබහුල දවසක අවසානයේ විවේකයක් ලබන අරමුණින්.
ඒත් හෝසොක්ගේ දෛවයට හෝසොක්ට එයා බලාපොරොත්තු වුනු විවේකය දෙන්න චූටිමවත් උවමනාවක් තිබුනෙ නෑ.
හෝසොක් ඇස් පියාගත්තු ගමන් එයාගේ හිත පුරා දුවන්න ගත්තෙ යුන්ගිගේ රූපේ.
යුන්ගිගේ ඇස් අහින්සකයි කියලා හෝසොක් දහස් වතාවක් විතර තමන්ටම කියාගෙන ඇති..
ඒ වගේම තමයි යුන්ගිගේ හිනාව..මූණ..කම්මුල්..යුන්ගිගෙන් හෝසොක්ට පෙනුනේ හරිම අහින්සක පෙනුමක්.
යුන්ගිගේ හිනාව හෝසොක්ට මතක් වෙද්දි හෝසොක් කළේ ලග තිබුනු කොට්ටෙ බදාගෙන තවත් තදින් ඇස් පියාගත්තු එක.ඒත් ඇහි පියන් තද කරගන්න ගන්න යුන්ගිගේ රූපේ හෝසොක්ගේ හිත අස්සේ පේන්න ගත්තේ හෝසොක්ගේ නින්ද එයාගෙන් ඈතකට යවමින්.
හෝසොක්ගේ හිත පුරාම හිටියෙ යුන්ගි විතරයි.හෝසොක්ට යුන්ගිව දකින්න තියන උවමනාව දශමෙන් දශමෙ වැඩි වෙද්දි හෝසොක්ට උදේ වෙනකම් බලාගෙන ඉන්න බැරි ගතියක් දැනෙන්න ගත්තේ යුන්ගිගේ අත්වල උණුහුම එයාට මතක් වෙද්දි.
ඇදේ එහාට මෙහාට පෙරලිපෙරලි හිටපුහෝසොක්ට තව දුරටත් බලාගෙන ඉන්න හයියක් තිබුනේ නෑ.
සයිඩ් ටේබල් එක උඩ තිබුනු ඔරලෝසුවේ වෙලාව රෑ දොළහයි විසි පහයි කියලා සටහන් වෙද්දි හෝසොක් ඇස් දෙක ඇරියේ ලොකු හුස්මක් ගන්න ගමන්.
"ශිට්...මට උදේ වෙනකම් ඉන්න බෑ නිකෝ...මට මේ දැන්ම ඔයාව බලන්න ඕනි......!!!"
තප්පර දෙකෙන් ඇදෙන් බිමට පැනපු හෝසොක් කාමරයෙන් එලියට ගියේ ශර්ට් එකක්වත් නැතිව.
හෝසොක්ගෙ ඔලුවේ හිටියේ එයාගේ නිකෝ බේබි විතරයි.
ඉක්මන් අඩි තියමින් යුන්ගිගේ කාමරයේ දොර ගාවට ආපු හෝසොක් ලොකු හුස්මක් අරන් දොර විවර කලේ එයාගේ ඇස් සද එළියෙන් ආලෝක්මත් වෙලා තිබුනු කාමරය දිහාට යොමු කරමින්.
~ ~ ~
පැය කීපයක් ඇදේ පෙරලෙමින් නිදාගන්න උත්සාහ කරමින් හිටපු යුන්ගි ඇදේ වාඩි වුනෙ නින්දක් පේන තෙක් මානෙකවත් නැති බව තේරුනාට පස්සේ.
ඇදට වැටුනු මොහොතේ ඉදන් යුන්ගිට මැවි මැවි පේන්න ගත්තේ එක්තරා නපුරෙක්ව.
අයිස් වගේ සීතල ඇස් දෙකක් එක්ක උණුහුමක් නැති මූණයි හිනා පොදක් නැති තොල් දෙකයි යුන්ගිගේ මූණ්ට හිනාවක් ගෙනාවේ කොහොමද මංදා..
යුන්ගිගේ මූණේ හිනාවක් අදින්න හෝසොක්ගේ ඒ සීතල ඇස්වලටත් බැරි වුනේ නෑ.
සාමාන්‍ය හෝසොක් වගේම නපුරු හෝසොක් කියන්නෙත් යුන්ගිට එක්කෙනෙක්ම විතරයි..දිලිසෙන ඇස්වලට වගේම නපුරු ඇස්වලටත් පුලුවන් වුනා යුන්ගිගේ හදවතේ ගැස්ම වැඩි කරන්න.
හෝසොක්ගෙම තැන ඉදලත් දවසින් බාගයක්ම හෝසොක්ව දකින්නවත් නැතිව ගෙවුනු එක ගැන යුන්ගි හිටියෙත් දුකෙන්.
හෝසොක් රෝනාප්ලේස් එකට ආවා කියලා ටික වෙලාවකට කලින් යුන්ගි දැනගත්තේ හෝසොක්ගේ කාර් එකඑන සද්දෙන්.ඒත් මේ මහ රෑ හෝසොක් ගාවට දුවගෙන යන එක හරි නෑ කියලා හිතපු යුන්ගි උදේ වෙනකම් ඉන්න තීරණය කළේ හිතකින් නෙමෙයි.
ඒත් හෝසොක් ගැන ගැනම හිත හිත හිටපු යුන්ගිට උදේ වෙනකම් ඉන්න එකහරිම අමාරුයි කියලා තේරුනේ නින්ද යන්නෙත් නැති වෙද්දි.
ඇදෙන් බැහැපු යුන්ගි කාමරයේ තිබුනු වීදුරු ජනේලය ලගට ගිහින් එලිය බලාගෙන ඉන්න ගත්තේ අරමුණක් නැතිව.
ඒත් යුන්ගිගේ ඔලුවේ හිටියේ හෝසොක් විතරයි.
යුන්ගිගේ හිත කිව්වෙම තවත් බලාගෙන නොයිද හෝසොක් ගාවට දුවගෙන යන්න කියලා.
හෝසොක්ගේ ඇස් දිහා බලන්න වගේ ම හෝසොක්ගේ කටහඩ අහන්නත් යුන්ගිට දැනුනේ ලොකු උවමනාවක්.
යුන්ගිගේ හිත පුරාම හෝසොක්ගේ නම විතරක් ඇහෙන්න ගනිද්දි යුන්ගිට දැනුනෙ එයාගේ මුලු හදවතම හෝසොක්ගේ නමින් පුපුරන්න යනවා වගේ.
එකපාරටම යුන්ගිගේ කල්පනාව බිදිලා ගියේ එයාගේ කාම්රයේ දොර විවර වෙන සද්දෙන්.
හෝසොක් ගැන හීන දකිමින් ඉදපු යුන්ගි ගැස්සිලා ගිහින් පිටිපස්ස බැලුවේ මේ මහ රෑ කාමරයට ආවේ කවුද කියලා හිතමින්.
ඒත් දොර ගාව හිටගෙන ඉන්න කෙනාව දැක්කට පස්සේ යුන්ගිට කිසිම දෙයක් හිතාගන්න බැරි වුනේ ඉබේම මූණේ හිනාවක් ඇදෙද්දි.
යුන්ගිගේ දොරගාව හිටගෙන යුන්ගි දිහා දිලිසෙන ඇස්වලින් බලාගෙන හිටියේ හෝසොක්.
මෙච්චර වෙලා යුන්ගිගේ හිත අස්සේ සිතිවිලිවල උන්නු හෝසොක් යුන්ගිගේ ඇස් ඉස්සරහම..
යුන්ගි ලස්සනට හිනා වෙන ගමන් හෝසොක් දිහා බැලුවේ සතුට දෝර ගලාගෙන යද්දි.
හද එලියට දිලිසෙමින් උන්නු යුන්ගිව හෝසොක්ට පෙනුනේ හරිම ආදරණීය චිත්‍රයක් වගේ.
අවුල් වෙලා තිබුනු කලු පාට කොන්ඩේ යුන්ගිගේ නළලට වැටිලා තිබුනේ යුන්ගිගේ ලස්සන ඇස් ඒ කෙහෙ රැලි වලින් හන්ගගන්න හදනවා වගේ..ඒත් ඒ අස්සෙනුත් යුන්ගිගෙ ඇස් දිලිසෙන හැටි හෝසොක් දැක්කා..හෝසොක් හරි..ඇත්තටම ඒ ඇස් අහින්සකයි..
යුන්ගිගේ රෝස පාට තොල් අතරේ රැදිලාතිබුනේ හෝසොක් ආසම අර අහින්සක හිනාව..
හිනාවෙද්දි යුන්ගිගේ කම්මුල්බෝල වෙලා තිබුනෙ යුන්ගිගේ අහින්සක මූණට හුරතල් පෙනුමකුත් එකතු කරමින්.
ඒ හුරතල් පෙනුම තවත් වැඩි වුනේ යුන්ගි ඇදගෙන හිටපු බූල් ස්වීටර් එක නිසා.
දොර ගාවට වෙලා ලා හිනාවකුත් මූණෙර් තියාගෙන තප්පර කීපයක් යුන්ගි දිහා බලාගෙන හිටපු හෝසොක්ට යුන්ගිව පෙනුනේ සූදු පාට චූටි පූස් පැටියෙක් වගේ..
"නිකෝ බේබී......"
හෝසොක් එයා හිටගෙන හිටපු තැනින් අඩියක් ඉස්සරහට තිබ්බේ හෙමින් එහෙම මුමුණමින්.
"මගේ නිකෝ බේබී.......!!!"
හොසොක්ගේ වචන ඇහුනු යුන්ගිගේ කම්මුල් රතු වෙන්න ගත්තේ හෝසොක් බලාගෙන ඉද්දිමයි.
ඒ රතු වෙච්ච කම්මුල් දිහා බලාගෙන ඉන්න හෝසොක්ට තව දුරටත් පුලුවන් වුනේ නෑ.
අඩියට දෙකට හෝසොක් යුන්ගි ගාවට ලන් වුනේ යුන්ගිගේ කම්මුල් තවත් රතු වෙද්දි.ඒත් යුන්ගිගේ ඇස්වල තිබුනේ හෝසොක්ගේ ඇස්වල තිබුනු හැගීමමයි.
ඒ හැගීම මොකක්ද කියලා තවම එකිනෙකාට නොකිව්වට ඒක මොකක්ද කියල ඒ දෙන්නම දන්නවා..
හෝසොක් තමන්ගේ ලගට ලන් වෙද්දි යුන්ගිට ඕනි වුනේ එ පපුවට තුරුල් වෙන්න..කලින් එකම එක වතාවක් අහපු ඒ හදගැස්ම ආයෙත් විදින්න..හෝසොක්ගේ උණූහුම වීදින්න..
ඒ වගේමයි හෝසොක්ටත්.එයාට ඕනි වුනෙත් තමන්ගේ ඉස්සරහ ඉන්න ඒ පුලුන් බෝලේ තුරුල් කරගන්න.යුන්ගිගේ උණුහුම ඒ නිරුවත් පපුවේ රදවගන්නයි හෝසොක්ට ඕනි වුනේ..
ඒ දෙන්නටම ඕනි වුනෙ අනිත් කෙනාගෙ උනුහුම විතරයි..
ඇහි පිල්ලමක් ගහන පමාවෙන් යුන්ගිගේ ලගට ආපු හෝසොක් යුන්ගිගේ ඉණ වටේට එයාගේ දකුණත යවලා යුන්ගිව එයාගේ නිරුවත් පපුවට තුරුල් කරගත්තේ යුන්ගිගෙ අහින්සක ඇස් හෝසොක්ගේ උණුහුම් ඇස්වල පැටලෙද්දි.
ඒත් එක්කම අනිත් අතින් යුන්ගිට පිටිපස්සෙ තිබුනු ජනේලයේ කර්ට්න් එකේ කෙළවරක් අල්ලගත්තු හෝසොක් එකපාරින්ම ඒක වහලා දැම්මේ මුලු කාමරයම අන්දකාරයෙන් පුරවමින්..
එකපාරටම හැමදේම කළුවර වෙද්දි කලබල වුනු යුන්ගිට තව දුරටත් හෝසොක්ගේ ඇස් නොපෙනෙද්දි යුන්ගි මූණ ටිකක් පිටිපස්සට කරගත්තේ අදුරට ඇස් හුරුකරගන්න වගේ.
ඒත් කළුවරට ඇස් හුරු කරගන්නවා වෙනුවට යුන්ගිගේ ඇස් ඉබේටම පිය වුනේ හෝසොක්ගේ අනිත් අත තමන්ගේ ගෙල වටේ පැටලිලා තමන්ව ඔහුගේ දිහාවට නැඹුරු කරගන්නා බව දැනෙද්දි.
අන්ධකාරය පිරිලා තිබුනු නිහඩ කුටිය පුරා ඇහුනෙ ඒ දෙන්නගේ සුසුම් හඩවල් විතරයි..කිසිම දෙයක් නොපෙනෙන එ කලුවරේ එයාලට දැනුනෙත් එකිනෙකාගේ ස්පර්ශයන්වල උණුහුම විතරයි..
හෝසොක්ගේ අත් යුන්ගිව තමන්ට තවත් ලන් කරගනිද්දි යුන්ගිගේ අත් දෙකම රැදුනේ හෝසොක්ගේ නිරුවත් පපුවේ.
දෙඅත්වලට දැනුනු උණුහුම යුන්ගිගේ හිත උණුසුම් හැගීම්වලින් පුරවද්දි හෝසොක්ගේ සුසුම් යුන්ගිගේ මුහුණේ වැදෙන්න ගත්තෙ හෝසොක් තමන්ට මොන තරම් ලගද කියලා අගවමින්.
එ සුසුම් තවත් ටිකෙන් ටික ලන් වෙද්දි හෝසොක්ගේ මුහුණෙ උණුහුම පවා යුන්ගිට තමන්ගේ දෙතොල් ලගින් දැනෙන්න ගත්තේ යුන්ගිගේ එක අතක් ඉබේම හොසොක්ගේ කෙස් අතරට ගිහින් නතර වෙද්දි.
හෝසොක් යුන්ගිව තව තවත් තමන්ට තුරුල් කරගත්තේ ඒ දෙන්නා අතරෙ දශමෙකවත් හිදැසක් නැති වෙන තරමට.
හෝසොක්ගේ දෙතොල් යුන්ගිගේ ලවන් පෙතිවලට ලන් වුනේ හිමීට....හුස්මක් හෙලන තප්පරයක පවා වටිනාකම දැනෙන තරම් හීමීට....
යුන්ගිගේ තොල්වල උණුහුම හෝසොක්ගේ සීතල තොල්වල දැවටෙන්න ගත්තේ සිත වගේම ගතත් නැවුම් හැගීම්වලින් උතුරන්න සලස්වමින්.
යුන්ගිට කලින් ඉස්සර වුනු හෝසොක් යුන්ගිගේ තොල් පෙති තමන්ගේ දෙතොල්වලට මැදි කරගත්තේ නිහඩ රාත්‍රිය තව දුරටත් නිහඩ නොවෙන්න මග බලාගනිමින්...
_______________________________________
29/01/2022
(2235 Words)
ඕහ් ශිට්..🤡
ඉවරයි නේත..🙂💀
Plz comment & vote loveliesss..(if you like🗡️🙂)
I LOVE YOU my little hellions soooo fcking much...😘😘❤
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top