Chapter 34


_____________________________________

What is coming is better that whatis gone.
Let this belief aim you in the direction you need to go.

-Karen Salmansohn-

_____________________________________

"හිතු මනාපෙට හොයන්නේ බලන්නේ නැතිව ඔයාලා එදා ඒ මරලා දැම්මේ ජැන්ග් හ්‍යුක්ගෙයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් චෝයි යූනාගෙයි උගුලට අහු වෙලා අසරණ වෙලා හිටපු මගේ නිර්දෝශි අයියව...."

යුන්ගි ඒක කියද්දි කට්ටියම ගැස්සිලා ගියේ යූනා ගැන යුන්ගි කියපු දේ නිසයි.පුදුමයෙන් තමන් දිහා බලාගෙන ඉන්න හෝසොක් දිහා බලලා යන්තමින් හිනා වුනු යූන්ගී හිස ඉහළ පහළ කලේ හෝසොක් කල්පනා කරන දේ හරියි කියලා සනාත කරමින්.

"ඔව්..චෝයි යූනා කියන්නේ ජැන්ග් හ්‍යුක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්...අවුරුදු දෙකක් තිස්සේ..ඒ වගේ ම මීට අවුරුදු එක හමාරකට විතර කලින් නැති වුනු ජැන්ග් හ්‍යුක්ගේ වයිෆ්ගෙ මිනීමරුවත් යූනාම තමයි......"

"මොකක්..."

අනිත් කට්ටියම පුදුමයෙන් කෑ ගැහුවේ හෝසොක් ගල් ගැහිලා වගේ යුන්ගි දිහා බලාගෙන ඉද්දි.

යූනා මොන වගේ කෙනෙක් වුනත් එයා මිනීමරුවෙක් කියලානම් හෝසොක් කවදාවත් හිතලා තිබුනේ නෑ.

"කොහොමද එහෙම දෙයක් වෙන්නේ..."

"ඔයා යූනාව අදුනගෙන කොච්චර කාලයක් වෙනවද හෝසොක්.."

යුන්ගි අහද්දි හෝසොක් කල්පනා කලේ එයාට ඒ ගැන හරියටම මතකයක් තිබුනේ නැති නිසා.

"ම්ම්...අවුරුද්දක්..නෑ..සමහරවිට අවුරුදු දෙකක්...නෑ ඊට අඩුයි..අවුරුදු එක හමාරක් විතර..."

හෝසොක් කිව්වේ කල්පනා කරමින්මයි.

හෝසොක්ට යූනාව මුලින්ම මුණ ගැහුනේ හෝසොක්ගේ ක්ලබ් එකකදි...ඒ හරියටම මීට අවුරුදු එක හමාරකට විතර කලින්.

"හරියටම හරි....අවුරුදු එක හමාරක්..ඒ කියන්නේ ජැන්ග් හ්‍යුක්ගේ වයිෆ්ගේ මරණය වුනු කාලේම තමයි යූනාව ඔයාට හම්බෙලා තියෙන්නේ...."

"ජැන්ග් හ්‍යුක් යූනා එක්ක සම්බන්දය පටන් ගත්තට පස්සේ දවසක් යූනාවත් එක්කගෙන ගිහින් තියනවා එයාගේ වයිෆ් එක්ක එයා ජීවත් උනු ගෙදරට....ඒත් නොහිතපු මොහොතක ගෙදරට යන වයිෆ්ගෙ අතටම ඒ දෙන්නව අහු වෙනවා.එතන වෙන රණ්ඩුවකදි තමයි යූනා ජැන්ග් හ්‍යුක්ගේ පිස්ටල් එක අරන් ජැන්ග් හ්‍යුක්ගේ වයිෆ්ට වෙඩි තියලා තියෙන්නේ.....යූනා ඇත්තටම ඒක කරන්නේ සිහි කල්පනාවකින් නෙමෙයි.ඒත් තමන් කරපු දේ තේරෙද්දි අර ගෑණු කෙනා එයාගේ අතින් මැරිලා ඉවරයි.."

"ඒකෙන් පස්සේ තමයි යූනා ජැන්ග් හ්‍යුක්ගේ නියම ස්වරූපය දකින්නේ.වයිෆ් මැරුනු එක ගැන ඌට ගානක්වත් තිබිලා නෑ..ඒත් ඌ ගාව යූනා එයාගේ වයිෆ්ව මැරුවා කියන්න ඕනි තරම් සාක්ශි තිබිලා තියනවා....ඒ සාක්ශි මීඩියාවලටයි පොලිසියටයි නොදී ඉන්නනම් එයා කියන හැමදේම ඒ විදිහටම කරන්න කියලා ජැන්ග් හ්‍යුක් යූනාට තර්ජනය කරලා තියනවා..ඒ විදිහට තමයි යූනා ජැන්ග් හ්‍යුක් කියන කියන දේ කර්න්න පටන් අරන් තියෙන්නේ...මිනීමරුවෙක් විදිහට හිරේ යන්න අකමැති වුනු යූනා ඔයා ගාවට එන්නෙත් ජැන්ග් හ්‍යුක්ගේ උවමනාවටමයි හෝසොක්....."

යුන්ගිට සීරෝ එකේ අයව සැක කරන්න කිසිම හේතුවක් තිබුනෙ නෑ.අනික මේ වෙද්දි යුන්ගි දැනගෙනයි හිටියේ හෝසොක්ගේ තාත්තා ජන්ග් වූ සන්ග් කියන්නේ ටයිටන්ස් එකට සම්බන්ද කෙනෙක් කියලා.ඒ නිසයි යුන්ගි කිසිම දෙයක් හන්ගන්නේ නැතිව එයාලා ජැන්ග් හ්‍යුක් ගැනයි යූනා ගැනයි හොයාගෙන තිබුනු හැමදේම සීරෝ එකේ අයත් එක්ක කිව්වේ.

"යූනා ඔයත් එක්ක යාලු වුනේ ජැන්ග් හ්‍යුක්ගේ කීමට..ඔයා යන එන තැන්,කතා බහ කරන අය,ගනුදෙනු කරන අය මේ හැමදේම යූනාගේ මාර්ගෙන් තමයි ජැන්ග් හ්‍යුක් දැනගත්තේ.."

එතන හිටපු හැමෝගෙම කුතුහලය පිරුනු ඇස් තිබුනේ විශ්වාසයෙන් කතා කරන යුන්ගි ගාව.

"පොඩ්ඩක් ඉන්න..."

ජින් කිව්වේ හැමෝගෙම අවදානය එයාගේ පැත්තට හරව ගනිමින්.

"ඔයා කොහොමද මේ දේවල් මෙච්චර හොදට දන්නේ....?"

ජින් සැකයෙන් වගේ අහද්දි යුන්ගි එයා දිහා බැලුවේ අමුතු හිනාවකින්.

"ඔයාලට මතකද ජැන්ග් හ්‍යුක්ගේ කල්ලියේ ඉන්න ජේජේ කියන කෙනාව....?"

යුන්ගිගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ ජිමින්.ජිමින්ට එයාව හොදටම මතකයි..යුන්ගිව එදා ඒ කෙනා කරේ තියාගෙන යද්දි කන්ග් හානෙවුල් ඒ කෙනාට ජේජේ කියලා කතා කළා කියලා ජිමින්ට මතක් වුනා.

'ඔය කියන්නේ රෙඩ් ඊගල්ස්ලා ඔයාව රෝනා ප්ලේස් එකෙන් පැහැරගෙන ගිය දවසේ හානෙවුල් එක්ක හිටපු අර මාස්ක් එක දාපු කොල්ලා ගැන නේද..?!"

යුන්ගි හිස ඉහළ පහල වැනුවෙ ජිමින් කියපු දේ ස්තීර කරමින්.

"ඔව් එයා තමයි ජේජේ...එයාගේ ඇත්තම නම ජියොන් ජන්කුක්..අපිට ඉන්න දක්ශම ස්පයි...එයා තමයි ටයිටන්ස් එකේ ඒජන්ට් ජේකේ..!"

යුන්ගි කිව්වේ ආඩම්බරයෙන්.

"මොකක්..ඒ කියන්නේ ජේජේ කියලා ජැන්ග් හ්‍යුක් ගාව ඉන්නේ ටයිටන්ස් එකේ කෙනෙක්ද...?!!!!"

ජැක්සන් ඇහුවේ මුලු ඇගෙන්ම කතා කරනවා වගේ අත් දෙකත් උඩට කරමින්.

"ඔව්..ජියොන් ජන්කුක් කියන්නේ ටයිටන්ස් එකේ දැනට ඉන්න ලීඩර් ජියෝන් හේසුන්ගේ පුතා....ඔයාලා දන්නවනේ ටයිටන්ස්ලාගේ අනන්‍යතාවය ටයිටන්ස් එකෙන් පිට කිසිම කෙනෙක් දන්නේ නෑ.අනික ස්පයි කෙනෙක් කියන්නේ කොහොමත් අනන්‍යතාවය හන්ගගෙන ඉන්න කෙනෙක්..එයා ජැන්ග් හ්‍යුක් ගාව මාස හයක විතර ඉදන් වැඩ කරන්නේ ටයිටන්ස් එකේ ඔත්තුකාරයෙක් විදිහට..!!"

හෝසොක්ගේ ඇර හැමෝම හිටියේ පුදුම වෙලා.එක දවසක් ඇතුළත පැයක් යන්නත් කලින් මේ තරම් අලුත් පුවත් ගොඩක් ලැබෙද්දි පුදුම වෙවී ඉන්නවා ඇරෙන්න වෙන මොකක් කරන්නද..

තප්පර කීපයක් ගෙවිලා ගියේ කිසිම කතාබහක් නැතිව.හැමෝම හිටියේ මෙච්චර වෙලා ඇහුනු හැමදේම හිතේ ධාරණය කරගනිමින්.ඒ අතරේ හෝසොක්ගේ ඇස් තිබුනෙර් බිම බලාගෙන කල්පනාවක ඉන්න යුන්ගි ගාව.

හෝසොක්ට සන්හූන් ගැන යුන්ගිගෙන් අහන්න ඕනි වුනත් ඒ ගැන අහන්න හයියක් එයාට තිබ්බේ නෑ.සන්හූන්ව මැරුවෙත් තමන්ම වෙද්දි හෝසොක් කොහොමද තමන්ගේ අතින් මැරුනු කෙනාගේ මල්ලිගෙන් ම එයා ගැන විස්තර අහන්නේ..

ඒත් මෙච්චර වෙලා නිහඩව හිටපු සූබින් එයාගේ කටහඩ අවදිකළේ හෝසොක්ට අහන්න බැරිව හිටපු ඒ ප්‍රශ්නෙ යුන්ගිගෙන් අහමින්.

"ඒ ඔක්කොම පැත්තකින් තියන්නකෝ..යුන්ගි හ්‍යුන්....ජැන්ග් හ්‍යුක්ගෙයි චෝයි යූනාගෙයි මේ ඩ්‍රාමා එකට සන්හූන් පැටලුනේ කොහොමද..?"

හැමෝගෙම මූණු බිම බලාගෙන හිටපු යුන්ගි දිහාට හැරුනේ සැනෙකින්.යුන්ගිගෙ මූණ කේන්තියෙන් පිරෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ.

"චෝයි යූනාව ඒකට පටලගත්තු විදිහටමයි...සල්ලි වංචාවක් පිටින් දාලා ඌ මගේ අයියව අන්තෙටම අසරණ කලා හැරෙන්න බැරි තරමටම...ඌ හිතා මතාමයි අයියව මේකට ඇදලා ගත්තේ....!!"

යුන්ගි කිව්වේ ජැන්ග් හ්‍යක් ගැන ලොකු කේන්තියක් හිතේ ඇති වෙද්දි.

"අන්න ඒක තමයි මෙතන තියන ලොකුම ප්‍රශ්නේ...ඇයි ජැන්ග් හ්‍යුක් මේකට සන්හූන්ව ගාවගත්තේ..."

ජින් ඇහුවේ හැමෝගෙම ඔලුවේ තිබුනු ප්‍රශ්නයක්.

"මං කියන්නේ ජැන්ග් හ්‍යුක්ට සන්හූන්ව මේකට පාවිච්චි කරන්න හේතුවක් තියෙන්න ඕනිනේ...ඌට ඕනි වුනේ හෝසොක්ගෙ අතින් සන්හූන්ව මරවන්න..ඒක නිසයි ඌ සන්හූන්ව යූනාගේ අනියම් පෙම්වතා විදිහට පේන විදිහට වැඩ කළේ..."

"සමහරවිට සන්හූන් මින් සොන්හ්‍යොන්ගේ පුතා නිසා වෙන්න ඇති..රෙඩ් ඊගල්ස්ලා කොහොමත් ටයිටන්ස්ලත් එක්ක තරහයිනේ ඒ නිසා ටයිටන්ස් එකේ නායකයාගේ පුතා කියලා දැනගෙන ජැන්ග් හ්‍යුක් සන්හූන්ව මේකට ගාවගත්තා වෙන්න පුලුවන්..එහෙම නේද...."

නම්ජූන් කියද්දි හෝසොක් ඔලුව දෙපසට වැනුවේ ඒක එහෙම වෙන්න බෑ කියන්න වගේ.

"නෑ....එහෙම වෙන්න විදිහක් නෑ.මොකද ජැන්ග් හ්‍යුක් තියා කිසිම කෙනෙක් මින් සොන්හ්‍යොන් ජීවතුන් අතර ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ..."

හෝසොක්ගේ වචන එතන හිටපු අනිත් අයට ගෙන දුන්නේ කුතුහලයක්.මොකද සොන්හ්‍යොන් ගැන කිසිම දෙයක් ඒ අය මීට කලින් අහලා නෑ.මොකද ටයිටන්ස් එක කියන්නේ රහස් ගොඩක්.ඒ රහස් දැනගන්න නම් ටයිටන්ස් එකට සම්බන්ද කෙනෙක් වෙන එක අනිවාර්‍යයි..

"හෝසොක් කිව්වා හරි....අවුරුදු ගානකට කලින් ජැන්ග් හ්‍යුක් මගේ තාත්තවයි ඒ කාලෙ හිටපු එයාගේ පළවෙනි වයිෆ්වයි මරන්න ප්ලෑන් කළා..හැමදේම ප්ලෑන් එකට අනුව වුනත් අන්තිමේදි තාත්තා විතරක් බේරුනා..ඒත් ජැන්ග් හ්‍යුක් ඒක දන්නේ නෑ.ජැන්ග් හ්‍යුක් විතරක් නෙමෙයි ටයිටන්ස් එකේ විශ්වාසවන්තම අය ඇරෙන්න කවුරුවත් මින් සොන්හ්‍යොන් ජීවත් වෙනවා කියලා දැනගෙන හිටියේ නෑ..."

යුන්ගි කියද්දි හැමෝම හිස වැනුවෙ යුන්ගි කියපු දේ තේරුම් අරන්.ඒත් එතන හිටපු අය අතරේ හිටියා කියන දේ තේරුම් ගන්නවට වඩා නොකියන දේ තේරුම් ගන්න කෙනෙක්.ඒ තමයි ජින්.

හැමදේම දිහා අනිත් අයට වඩා වෙනස් විදිහකට බලන කිම් නම්ජූන් ඇතුළු අනිත් කට්ටියම ලෝකේ පෙරලන්න වගේ ජැන්ග් හ්‍යුක් සන්හූන්ව මේ දේවල්වලට ගාවගත්තේ ඇයි කියලා කල්පනා කරද්දි ජින්ට තිබුනේ වෙනම ප්‍රශ්නයක්.

අරමුණක් නැතිව බිම බලාගෙන කල්පනා කරමින් ඉදපු හෝසොක් යමක් කියන්න ඔලුව උස්සලා ඉස්සරහ බලද්දිම හෝසොක් දැක්කේ කන්න වගේ එයා දිහා බලාගෙන ඉන්න ජින්ව..

"ජින්...?"

හෝසොක් ජින්ට කතා කළේ කුතුහලයෙන්.එකපාරටම ජින්ගේ මූඩ් එක වෙනස් වුනු එක හෝසොක්ට එච්චර ඇල්ලුවේ නෑ.

ඒත් මොකුත් නොකියා ජින් එක දිගට හෝසොක් දිහා තියුණු බැල්ම්කින් බලාගෙන ඉන්න ගත්තේ හොරෙන් සීනී කාපු ළමෙක් ඇත්ත පිලිගන්නකම් රවාගෙන බලන් ඉන්න අම්මා කෙනෙක් වගේ.

"මොකද ඔය විදිහට මං දිහා බලන්නේ.....?!"

හෝසොක් ඇහුවේ තව දුරටත් ජින්ගේ රැවිලි දරාගන්න බැරි තැන.

යුන්ගි වගේම අනිත් අයත් ජින් දිහා බලාගෙන හිටියේ හෝසොක් වගේම ජින්ගේ මූඩ් එක මාරු වුනු එක ගැන හිතාගන්න බැරිව..

"මිස්ටර් ජේහෝප්...!"

ජින් හෝසොක් දිහා බලලා කිව්වේ කට කොනකින් හිනා වෙන ගමන් එයාගේ අර තියුනු බැල්ම හරිම ආදරණීය බැල්මකට මාරු කරගන්න ගමන්.

"මට චූටි දෙයක් දැනගන්න පුලුවන්ද..?"

කකුලක් පිට කකුලක් දාගත්තු ජින් ලස්සන හිනාවකින් හෝසොක් දිහා බලන ගමන් ඇහුවේ සැප පහසු විදිහට සෝෆාවේ පිටිපස්සට හේත්තු වෙන ගමන්.

හෝසොක් මොකුත් නොකියා ඇහි බැමක් ඉහළට කරලා ජින් දිහා බැලුවේ යුන්ගි ජින් දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉද්දි..එතන ඉන්න අනිත් අයට ජින්ගේ මේ ක්ෂණික වෙනස්වීම් පුරුදු වුනාට යූන්ගි ඒවට අලුත්..

"මෙන්න මේකයි..."

ජින් එයාගේ අත් දෙක පපුව මැද්දෙන් බැදගෙන හෝසොක් දිහා බැලුවේ කට කොනින් හිනාවක් දාන ගමන්.

"මින් සොන්හ්‍යොන් ජීවත් වෙනවා කියලා ජැන්ග් හ්‍යුක් දන්නේ නෑ....ජැන්ග් හ්‍යුක් තියා ටයිටන්ස් එකේ අය ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒ ගැන දැනගෙන හිටියේ නෑ..එහෙමනේ...?!"

ජින් අහද්දි හෝසොක් වගේම යුන්ගිත් ඔලුව වැනුවේ ඔව් කියමින්.

"එතකොට ටයිටන්ස් එකෙත් විශ්වාසවන්තම අය ඇරෙන්න වෙන කවුරුවත් නොදැන හිටපු ඒ දේ ඔයා දන්නේ කොහොමද හෝසොක්....!??"

හැමෝගෙම මුවින් විශ්මයට පත්වුනු හඩවල් පිටවෙද්දි සුදුමැලි වෙලා වගේ හිටපු හෝසොක් දිහා බලාගෙන හිටපු ජින්ගේ මූණේ තිබුනු හිනාව නැති වෙලා ගිහින් බැරෑරුම් පෙනුමක් ආවේ ක්ෂණයෙන්.

"මීට ටිකකට කලින් යුන්ගි කියනකම්ම අපි කිසිම කෙනෙක් දැනගෙන හීටියේ නෑ ටයිටන්ස් එකේ ලීඩර් කවුද කියලා...අඩුම තරමේ මින් සොන්හ්‍යොන් කියන නමවත් අපි අහලා තුබුනෙ නෑ..හරියටම කියනවානම් මින් සොන්හ්‍යොන් ගැන අපි දැනගත්තේ දැන්..ඒත් ඔයා කලින් ඉදන් ම ඒ ගැන දන්නවා..යුන්ගි එයාගේ තාත්තා මින් සොන්හ්‍යොන් කියලා කියද්දි ඔයා පුදුම වුනේ නැත්තේ ඒකයි....ඒ වගේම ජේජේ හරි ජේකේ හරි මොකා හරි ඒ කෙනා ගැන කියද්දිත් ඔයා පුදුම වුනේ නෑ.ඒ කියන්නේ ඒ ගැනත් ඔයා දැනගෙනයි හිටියේ....!"

හැමෝගෙම ඇස් ජින්ගෙන් මිදිලා නැවතුනේ පුදුමයෙන් ජින් දිහා බලාගෙන ඉන්න හෝසොක් ගාව.ජින්ගෙන් පුලුවන් තරම් ඈතට වෙලා හිටපු සූබින් හිමීට ජින් ගාවට කිට්ටු වුනේ ජැක්සන්ගේ ඇස් එලියට පනින්න ඔන්න මෙන්න වගේ හෝසොක් දිහා බලාගෙන ඉද්දි.

"ඔයා කොහොමද මෙච්චර හොදට ටයිටන්ස් එකේ අය ගැන දන්නේ හෝසොක්...?!"

එහෙම අහපු ජින් එයාගේ ප්‍රශ්න ටික ඉවර කරල හෝසොක් දිහා බලාගෙන හිටියේ හෝසොක් උත්තරයක් දෙනකම්.යුන්ගී හිටියේ පුටුවේ සම්පූර්නෙන්ම හෝසොක්ගේ පැත්තට හැරිලා.

"ජන්ග් හෝසොක්...!!!"

යුන්ගි හෝසොක් දිහා බැලුවේ ඇසුත් හීනි කරගෙන.

"කරුණාකරලා මට කියනවද ඇත්තටම ඔයා කොහොමද ඒ දේවල් දන්නේ කියලා..ජින් හ්‍යුන් කිව්වමයි මටත් ඒක තේරුනේ...මං ඒ කිසිම දෙයක් ඔයාට කිව්වේ නෑ....!"

යුන්ගි අහද්දි අනිත් හැමෝමත් හෝසොක්ගෙන් උත්තරයක් ලැබෙනකම් හිටියේ නොයිවසිල්ලෙන්.ඒත් උත්තරයක් වෙනුවට හෝසොක්ගෙන් එයාලට ලැබුනේ හිනාවක්.

"ජින්...යූ ආ ද බෙස්ට්....අනිත් කාටවත් නොතේරුනු දේ ඔයා ඉක්මනින් තේරුම් ගත්තා..අයිම් ප්‍රව්ඩ් ඔෆ් යූ...."

ජින් දිහා බලලා හිනා වුනු හෝසොක් කිව්වේ ජින්ගේ කන් ලැජ්ජාවෙන් රතු වෙද්දි.

එහෙම කියලා අනිත් පැත්ත හැරුනු හෝසොක් දැක්කේ ඇහි බැමකුත් උස්සන් එයා දිහා බලාගෙන ඉන්න යුන්ගිව..ඒ බැල්මට හෝසොක් ගැස්සුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්..කොහොමත් යුන්ගි ඇහි පිල්ලමක් ගැහුවත් හෝසොක්ගේ මුලු රුධිර ගමනාගමන පද්දතියම හයි ස්පීඩ් වැඩ කරන්න ගන්න එකේ බැල්මකට හෝසොක්ව ගැස්සෙන එක එච්චර දේකුත් නෙමෙයි.

"හරි හරි ඉන්න... මං ඇත්තම කියන්නම්..."

හෝසොක් එහෙම කියලා එයාගේ සාක්කුවෙ තිබුනු පසුම්බිය එලියට ගත්තේ හැමෝම එයා දිහා කුතුහලෙන් බලාගෙන ඉද්දි.

ඇත්ත කියන්න මොකටද පර්ස් එකක්...?!!!!!

"මං ටයිටන්ස් ගැන ඔයාලට වඩා දේවල් දන්නේ මෙන්න මේක නිසයි.."

එහෙම කියපු හොසොක් පර්ස් එකෙන් එලියට ගත්තේ කළු පාට කාඩ් එකක්.

අනිත් අය ඒක මොකක්ද කියලා නොදැන හෝසොක් ඒක පැහැදිලි කරනකම් බලන් ඉද්දි යුන්ගි හෝසොක් දිහා බැලුවේ විසල් කරගත් දෙනෙතින්.

"මොකක්...!!"

යුන්ගි හෝසොක් දිහා බලලා අහද්දි හෝසොක් ඔලුව වැනුවේ යුන්ගිගේ හිතේ තිබුනු ප්‍රශ්නෙතේරුම් අරන්.

"මොකක්ද ඒ..?!"

ජිමින් ඇහුවෙ ඒ කාඩ් එක දිහා තවත් හොදින් බලන්න ඉස්සරහට නැමෙන ගමන්.

"ඒක වෙන්න බෑ...!!"

එහෙම කියපු යුන්ගි හෝසොක්ගේ අතේ තිබුනු කාඩ් එක එයාගෙ අතට ගත්තේ හෝසොක් බලාගෙන ඉද්දි.

"ඒක ඇත්ත..!"

හොසොක් කියද්දි නම්ජූන් මැද්දට පැන්නෙ තවත් ඉවසන් ඉන්න බැරිව.

"මොකක්ද වෙන්න බැරි මොකක්ද ඇත්ත..කවුරු හරි පැහැදිලි කරනවද මට...මොකක්ද අනික ඔය කාඩ් එක..."

ඒත් හෝසොක් වෙනුවට නම්ජූන්ට උත්තර දුන්නේ කලු පාට කාඩ් එක දිහා බලාගෙන හිටපු යුන්ගි.

"මේ තමයි ටයිටන්ස් එකේ පාස් එක...!"

"මොකක්..???!!"

හැමෝම කෑ ගැහුවෙ එක හඩින්.

"ටයිටන්ස් එකේ පාස් එකක් කොහෙන්ද හෝසොක්ට......?!!!"

ජැක්සන් ඇහුවෙ වාඩි වෙලා හිටපු තැනින් නැගිටින ගමන්.
ජිමින් ජැක්සන්ගේ අතින් ඇදලා එයාව ආයේ පුටුව උඩින් වාඩි කරවද්දි යුන්ගිගේ මූණේ හිනාවක් ඇදුනේ කාඩ් එකේ තිබුනු කෝඩ් නේම් එක දැකලා.

"ඩබල් සීරෝ....!!" (00)

හෝසොක් පුටුවේ පිටුපසට හේත්තු වෙලා යුන්ගි දිහා බැලුවේ ඔව් කියමින්

"මොන මගුලක්ද ඩබල් සීරෝ කියන්නේ ඒ පාර...!"

ජින්ගේ කෑගැහිල්ලට හෝසොක් ජින් දිහා බැලුවේ රවලා.

"ඩබල් සීරෝ කියන්නේ මගෙ කෝඩ් නේම් එක...!"

"ඉතින් ඔයාට මොකටද ටයිටන්ස් එකේ කෝඩ් නේම් එකක් හෝසොක්.....??!!"

"ආහ් ජින් ඔය කෑ ගැහිල්ල නතර කරගන්නවා...!!!"

හෝසොක් කිව්වේ ජින් දිහා අලු වෙලා යන බැල්මකින් බලන ගමන්.

ජින් තව මොනවා හරි කියන්න මුව විවර කළත් එයා මොකුත් කියන්න කලින්ම ජින්ගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ යුන්ගි.

"ඩබල් සීරෝ කියන්නේ ටයිටන්ස් එකට වෙපන්ස් සප්ලයි කරන කෙනා........"

යුන්ගි කියද්දි හැමෝම හෝසොක් දිහා බැලුවේ ඒ පැයේ සියවෙනි වතාවටත් පුදුමයෙන් මුව විවර වෙද්දි.

"මොන #&$#*....!!!!"

"හෝසොක්...ඔයා අපිට නොකියා වෙපන් බිස්නස් කරනවා කියලානම් මට කියන්න එපා..!"

ජින් කිව්වේ අවිශ්වාසයෙන් හෝසොක් දිහා බලමින්.හෝසොක් ජින්ට නොපෙනෙන්න ඇස් දෙක රෝල් කරද්දි නම්ජූන් හෝසොක් දිහා බැලුවේ ලාවට හිනා වෙන ගමන්.

"අපිට නොකියා නෙමෙයි ජින්...අපිම තමයි ඒ ඩීල් එක හැන්ඩ්ල් කරන්නෙත්.."

"ඒ කියන්නේ.....?"

"ඔයාට මතකද යුන්ගි කියපු ජේකේ කියන කෙනාගේ තාත්තගේ නම...ඒ ජියෝන් හේසුන්....ඒ වගේ ම අපිට තියන හොදම වෙපන් ඩීල් එක තියෙන්නෙත් හේසුන් ඕර්ගනයිසේශන් එකත් එක්ක...!"

නම්ජූන් කියද්දි හෝසොක් ඒක ස්තීර කළේ ජින් නම්ජූන් කියන දේ තේරුම් ගද්දි.

"ඕහ්..ඒ කියන්නේ ටයිටන්ස් කියන නමින් නෙමෙයි එයාලා අපිට ඕඩර්ස් දෙන්නේ හේසුන්ගෙ නමින්..?"

"අන්න හරි..."

ටයිටන්ස් එකේ අය එයාලා ගැන කිසිම දෙයක් පිටට යන්න දුන්නේ නෑ.ඇත්තටම කියනවානම් ටයිටන්ස් එකත් හරියට මායාවක් වගේ.තියනවා කියලා දන්න්වා ඒත් කොහේ තියනවද මොනවා කරනවද කියලා කවුරුත් දන්නෙ නෑ.

"ඒ කියන්නේ ඔයා ජියොන් හේසුන් අන්කල්ව දන්නවා.....?"

යුන්ගි ඇහුවේ ටයිටන්ස් එකේ පාස් එකක් පිට කෙනෙක්ට ලැබෙන්න නම් ඒ කෙනා ලීඩර්ගේ විශ්වාසය දිනාගත්තු කෙනෙක් වෙන්න ඕනි නිසා..

ඒත් හෝසොක් කලේ නෑ කියමින් ඔලුව දෙපැත්තට වනපු එක.

"ජියෝන් හේසුන් නෙමෙයි යුන්ගි...."

හෝසොක් කිව්වෙ යුන්ගි දිහා බලලා යන්තමින් හිනා වෙන ගමන්.

"මං ඔයාගේ තාත්තා මින් සොන්හ්‍යොන්ව දන්නවා....මට මේ පාස් එක ලැබුනේ එයාගෙන්.මට මේ වෙපන් ඩීල් එක භාර දුන්නේ එයා.."

යුන්ගි හෝසොක් දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.ඒ කියන්නේ හෝසොක් මින් සොන්හ්‍යොන්ව මුණ ගැහිලා තියනවා.

"අවුරුදු පහකට කලින් මගේ තාත්තගේ මාර්ගෙන් තමයි මට මින් සොන්හ්‍යොන් මුණ ගැහුනේ..මං දන්නේ නෑ අපේ තාත්තලා දෙන්නා අදුරන්නේ කොහොමද කියලා.ඒත් මගේ තාත්තාව මින් සොන්හ්‍යොන් ගොඩක් විශ්වාස කරනවා කියලා මට තේරුනේ එයා එවලෙම මට ටයිටන්ස් එකට වෙපන් සප්ලයි කරන වැඩේ භාර දීලා මේ පාස් එක මට දෙද්දිමයි..."

"එදා මින් සොන්හ්‍යොන් එක්ක හිටියා අවුරුදු විස්සක විතර කොල්ලෙක්..ඒත් ඒ ඔයා නෙමෙයි....එයා ඔයාට වඩා උසයි..කෙට්ටුයි.....සොන්හ්‍යොන් මට එයාව අදුන්නලා දුන්නේ ජේකේ කියලා..මං මුලින් ම හිතාගෙන හිටියේ ඒ සොන්හ්‍යොන්ගේ පුතා කියලා....."

යුන්ගි ඔලුව වැනුවෙ ඔව් කියමින්.ටයිටන්ස් එකේ වෙපන්ස් සම්බන්ධව වැඩ කලේ ජියොන්ලා.ඒ නිසාම තාත්තා ජේකේව හෝසොක්ට අදුන්නලා දීපුඑක පුදුමයක් වුනේ නෑ.

"ඒ කියන්නේ ජන්කුක් මුල ඉදන් ම මේ දේවල් දැනගෙන හිටියා.."

"ජන්කුක් විතරක් නෙමෙයි..අර එයත් එක්ක ඉන්න අනිත් කොල්ලාත් දන්නවා..ජේකේ එක්ක හැමතැනකටම ඒ කොල්ලත් එනවා.."

"ටේයොන්?!"

"ඔව් එයා තමයි...ඔයාව මගේ අතින් ඇක්සිඩන්ට් වුනු වෙලාවේ ඒ කේස් එක භාරගත්තු ඩිටෙක්ටිව්.."

යුන්ගි ටික වෙලාවක් බලාගෙන හිටියේ මොකුත් හිතාගන්න බැරිව.මෙච්චර වංචාවක්..හොදම යාලුවෝ කියලා බොක්ක දෙන්න වගේ ඉන්න උන් දෙන්නා අවුරුදු පහක් තිස්සේ මේ දේවල් හැන්ගුවේ කොහොමද කියලා හිතද්දි යුන්ගිට දැනුනේ පූදුම මිත්‍රද්‍රෝහිත්වයක්.

"ඒක තමයි එහෙනම් ඒ හෝතම්බුවො දෙන්නා ඔයා මාව හිරකරගෙන ඉද්දි ඔයාලව මගේ ගෙදරට යවාගන්න අච්චර දැගලුවේ...!"

"ඒ කිව්වේ...?"

හෝසොක් ඇහුවේ යුන්ගි කියන දේ හිතාගන්න බැරිව.

"ඔයාලට මතකද මං මෙහෙ ඉද්දි මගෙ ෆෝන් එක ඈත ගෙදරක ඔන් වෙලා ඔයාලා ඒ ගේ හොයාගෙන ගියා....?"

යුන්ගි අහද්දි හැමෝම ඔලුව වැනුවෙ ඔව් කියමින්.එයාලට ඒක මතකයි..හෝසොක්ට කොච්චර කෝල් ගත්තත් සම්බන්ද කරගන්න බැරි වුනු තැන සීරෝ එකේ අය ඒ ගේ හොයාගෙන ගියේ නම්ජූන් එක්ක.

"ඒ ගෙදර තමයි තාත්තා නැති වෙන්න කලින් අපි හිටියේ....ඒ ගෙදර තිබුනේ එකම එක ෆොටෝ එකයි..ඒ තාත්තගේ ෆොටෝ එකක් විතරයි..ජන්කුක් දන්නවා ඔයා මගේ තාත්තව අදුරගන්නවා කියලා..ඒ නිසයි එයාලා ඒ ගෙදරට ගිහින් මගේ ෆෝන් එක ඔන් කළේ......"

"ඔයා මගේ තාත්තව දන්න නිසා ඒ ගෙදර යුවීගේ ෆෝන් එක ඔන් වුනාම ඔයා ඒ ගැන විස්තර හොයයි කියලා එයාලා හිතන්න ඇති....."

යුන්ගි කියලා ඉවර කරද්දි හෝසොක් හිටියේ ඒ දවසේ තමන් එතෙන්ට නොගියපු එක ගැන පසුතැවෙමින්.

"අපේ හෝසෝක්ට එදා ඒ ගෙදරට යන්න වුනේ නෑනේ අවාසනාවට..එයා හරි ලොකු වැඩක හිර වෙලා හිටියේ....."

ජින් කිව්වේ හෝසොක්ගේ රැවිල්ල ගනන් ගන්නේවත් නැතිව.හෝසොක් එදා හිටියේ කොහෙද කියලා දන්නේ නැත්තේ එතන ඉන්න අයගෙන් යුන්ගි විතරයි..ඒ ගැන දැන් ම යුන්ගිට කියලා අනාගතය අදුරු කරගන්න හෝසොක්ට ඕනේ වුනේ නෑ.ඒ නිසයි එයා ආයේ කතාව පටන් ගත්තේ.

"කොහොමහරි...ජේකේ හැමවෙලේම හිටියේ එයාගේ මූණ වහගෙන..මට ඕනි වුනෙත් බිස්නස් එක විතරයි වෙපන්ස් ටික දීලා මගේ සල්ලි අරගෙන එනවා මිසක් එයා කවුද කියලා හොයන්න උවමනාවක් මට තිබුනෙත් නෑ...ඒත් මට එයාගේ එක දෙයක් මතකයි...."

"එයාගේ එක කම්මුලක ඇහැට යටින් කැළලක් තිබුනා.."

හෝසොක් කිව්වේ ජන්කුක්ගේ මූණ මතක් කරගන්න ගමන්.

"ඒ නිසා තමයි එදා රෙඩ් ඊගල්ස්ලා එක්ක එයා ඉද්දි මං එයාට ඇස්ට්‍රියස් කියලා කිව්වෙ..මොකද මං හිතාගෙන හිටියේ ඒ මින් සොන්හ්‍යොන්ගේ පුතා කියලා...."

"මගෙන් වෙපන්ස් ගන්න එන කෙනයි හානෙවුල් එක්ක හිටපු කෙනයි එක්කෙනෙක් කියලා අදුනගන්න බැරි උනේ නෑ මට.."

"එයා හානෙවුල් එක්ක ඉන්න මොකක් හරි හේතුවක් ඇති කියලා මං හිතුවා....ටයිටන්ස් එකේ කෙනෙක්ව මට මරන්න බෑ.මොකද මාත් ටයිටන්ස්ලා එක්ක වැඩ කරන නිසා..ඒ නිසයි මං එයාව යැව්වෙ.එයාව විතරක් බෙරලා යැව්වොත් සැක හිතෙන නිසායි මං හානෙවුල්ටත් යන්න දුන්නේ...."

හෝසොක් කියද්දි යුන්ගි එකපාරටම හිනාවුනේ හෝසොක්ගේ කතාව අතරමග නතර කරමින්.

"පොඩ්ඩක් ඉන්න..ඔයා කියන්නේ ඔයා ජන්කුක්ව එයාගේ මූණේ තියෙන කැළලින් අදුනගත්තා කියල නේද...?"

යුන්ගි ඇහුවේ හිනා වෙන ගමන්.හොසොක් වගේම අනිත් අයත් යුන්ගි දිහා බලාගෙන හිටියේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.

"හොද වෙලාවට යොන්ජුන් පැයක් විතර අරගෙන ජන්කුක්ගේ මූණ මේකප් කළේ...නැත්නම් ඔයා එයාගේ මූණේ තියන කැළලින් එයාව අදුරගන්නවා..."

යුන්ගි කිව්වේ මහ හඩින් හිනා වෙන ගමන්.

"මොකක්..මොකක්ද ඔයා මේකියන්නේ යුන්ගියා...?"

ජිමින් ඇහුවෙ හැමෝම පිස්සෙක් දිහා බලන්වා වගේ යුන්ගි දිහා බලද්දි.

"ඔයාලා කිව්වා නේද හෝසොක්ගේ කාර් එකට මොකක්ද වුනේ බලන්න සීසීටීවී රෙකෝඩ්ස් චෙක් කළා කියලා..."

"ඔව් ඒත් මේඩ් කෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් ජින්ට හොයාගන්න බැරි වුනා..!"

ජැක්සන් කිව්වේ හෝසොක් ටික ටික යුන්ගි හිනා වෙන්නේ මොකටද කියලා තේරුම් ගනිද්දි.

"ජින්..ඔයාට හරියටම තව ටිකක් ඒක විස්තර කරන්න පුලුවන්ද..මං කියන්නෙ ඒ මේඩ් ගැන.."

යුන්ගි අහද්දි ජින් එයා දැකපු දර්ශනය ආයේ මතක් කරන්න ගත්තේ යුන්ගි මොකක්ද කියන්නේ කියලා දැනගන්න ඕනි වුනු නිසා.

"ම්ම්ම්....එයා ඇදගෙන හිටියේ කලු පාට සර්වන්ට් යුනිෆෝම් එක.උරහිස ගාවට විතර දිග කලු පාට කොණ්ඩයක් තිබුනා බෙල්ල ගාවින් බූලක් දාපු...ටිකක් උසයි..කෙට්ටුයි...පළතුරු කූඩෙකුත් අරගෙන සර්වන්ට් රූම්ස් පැත්තට යන ගමන් හිටියේ.."

ජින් කියාගෙන යද්දි යුන්ගි ජින්ගෙ කතාව මැද්දට පැන්නේ හෝසොක්ගෙ මූණෙත් හිනාවක් ඇදෙද්දි.

"හරියටම හෝසොක්ගේ කාර් එක පිටිපස්සෙදි එයාගේ පළතුරු කූඩේ පටිය කැඩිලා පළතුරු ටික බිම වැටෙනවා..එහෙම නේද...?"

යුන්ගි කිව්වේ බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන.ජින් යුන්ගි දිහා බැලුවේ බය වෙලා වගේ.

"ඔයා කොහොමද ඒක දන්නේ..?!!!!"

"ම්හ්...මේකයි..ඔයා ඔය ගනන් නොගෙන හිටපු මේඩ් තමයි ඇත්තටම හෝසොක්ගේ කාර් එකට කරන්න ඕනි දේ කරපු කෙනා..ඔයාලා පණ දාගෙන හොයපු කෙනා...!"

"මොකාක්......?!!!"

"හ්ම්...ඒ ඇත්තටම ඔයාලගේ මේඩ් කෙනෙක් නෙමෙයි.....ටයිටන්ස් එකේ ඉන්න දක්ශම ස්පයි..ජියොන් ජන්කුක්......"

"ඔයාලා දන්නවනේ ස්පයි කෙනෙක්ට වෙස් මාරු කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි......බනානා මිල්ක් පෙට්ටි තුනක්ම දෙන්න වුනා අපිට ජන්කුක්ව මේකට කැමති කරගන්න.....!"

අනිත් ඔක්කොම එකසිය එක් වෙනි වතාවටත් කටවල් ඇරන් පුදුමයෙන් බලන් ඉද්දි හෝසොක් මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තෙ යුන්ගිත් ඒකට එකතු වෙද්දි.

"අනික අපේ මේඩ් ජන්කුක්ගේ පළතුරු කූඩේ පටිය ඉබේ කැඩුනෙ නෑ.කොහොමත් ප්ලෑන් එකේ තිබුනේ හෝසොක්ගේ කාර් එක ලගට ආවම පටිය කැඩෙන්න ඕනි කියලා තමයි....."

"වැදගත්ම දේ....හෝසොක්ගේ කාර් එකේ ඔයාලා හිතනවා තරම් ලොකු ප්‍රශ්නයක් තිබුනෙ නෑ....."

"හෝසොක්ගේ කාර් එකේ එක්සෝස්ට් පයිප් එක චෙක් කළානම් ඔයාලට පෙනෙයි ඒක අස්සේ හිර වෙලා තියෙන දොඩම් ගෙඩියක්......."

"පිටාර නලයේ මොකක් හරි හිර වුනාම කාර් එකේ දුම් පිට වෙන එක සීමා වෙනවා....එතකොට අර එක්සෝස්ට් පයිප් එක ඇතුලේ ගෑස් එකක් ඇතිවෙනවා....ඒ ගෑස් එක කෙලින්ම යන්නේ කම්බශන් චැම්බර් එකට...ඉතින් එතන තව දුරටත් නැවුම් වාතයයි ඉන්ධන මිශ්‍රණයයි නැති නිසා කාර් එක ටිකක් දුර ගිහින් ගැස්සෙන්න පටන් ගන්නවා..අන්තිමට වෙන්නෙ එන්ජින් එක නවතින එක...."

"සරලවම කියනවානම් හෝසොක්ගේ කාර් එක අතරමග නැවතුනේ අර ප්‍රිටී මේඩ් හෝසොක්ගේ කාර් එකේ දුම් බටේ අස්සේ ගහපු දොඩම් ගෙඩිය නිසා...!"

_____________________________________

What happens if you put something in exhaust pipe of a car?

It causes a restriction in the exhaust pipe. That will cause exhaust gasses to build up in the exhaust system and back up into the combustion chamber. Since there won't be a fresh air and fuel mixture in the combustion chamber, the car will start to run rough and eventually the engine will stall.

_____________________________________

________________________________________
25/01/2022
(3126 Words)

වාහ් වචන තුන්දාහත් පැනලා...😎
මූන්.....!!!යූ නායිස් කීප් ගොයින්.....😌👏

බල්ලගෙන් පටන් අරන් මැක්කාගෙන් ඉවර වුනු රචනාවක් වගේ මේ චැප්ටර් එක..😂 පටන් ගත්තේ එක කතාවකින් ඉවර වෙලා තියෙන්නෙ තව එකකින්..😂

තැන්ක් යූ කියෙව්වට බබාලා..😘

කමෙන්ට් එකක් දාගෙන යන්න පුලුවන්නම්..❤

LOVE YOU MY SWEETHEARTS 😍❤

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top