Chapter 33
_____________________________________
Eventually,
Everything connects.
_____________________________________
දත් විලිස්සගෙන කන්න පනින්න වගේ බලාගෙන ඉන්න කොටි රැලක් මැද කරකියාගන්න දෙයක් නැතිව හිර වෙලා ඉන්න අහින්සක හාවෙක්ගේ මූණ මොන වගේද කියලා කාට හරි දැනගන්න ඕනිනම් එයාලට ඒක දැනගන්න තියන ලේසිම ක්රමය තමයි ජැක්සන්ගේ මූණ දිහා බලන එක..
රෝනා ප්ලේස් එකේ විසිස්ත කාමරය මැද තිබුනු මිල අධික සෝෆාවේ වාඩි වෙලා හිටපු ජින් එයාට පැත්තකින් තිබුනු තනි පුටුවේ වාඩි වෙලා හිටපු ජැක්සන් දිහා බලාගෙන හිටියේ ඇස්වලින් ගිනි පිට වෙද්දි.
ජින්ගේ දෙපැත්තේ වාඩි වෙලා හිටපු නම්ජූන්ගෙයි සූබින්ගෙයිත් මූණවල්වල ලොකු වෙනසක් තිබුනේ නෑ.ජින් තරම් නැතත් ඒ දෙන්නත් ජැක්සන් දිහා බලාගෙන හිටියේ ජැක්සන්ව කන්න වගේ..
ජින්ට ඉස්සරහ තිබුනු අනිත් හිස් සෝෆාවේ ඇන්දට බර වෙලා කොට්ටෙකුත් බදාගෙන මාරුවෙන් මාරුවට ජින්,සූබින්,නම්ජූන්,ජැක්සන් හතර දෙනාගේ මූණවල් දිහා බල බල හිටපු ජිමින් හිටියේ මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිව.
එක පැත්තකින් කොයි වෙලේ ජැක්සන්ගේ ඇගට පනියිද කියලා දන්නේ නැති ඇස්වලින් ගිනි පිට කරන තරුණයෝ ටිකයි තව පැත්තකින් මූණත් බෙරි කරගෙන බිම බලාගෙන ඉන්න ජැක්සනුයි මැද්දේ කාගේ පැත්ත ගන්නද කියලා තීරණය කරගන්න බැරි උනු ජිමින් හිටියේ අතරමන් වුනු බලු පැටියෙක් වගේ.
විනාඩි කීපයක් තිස්සේ තිබුනු ඒ කරදරකාර නිහඩතාවය අන්තිමට නැති කරලා දැම්මේ ලොකු හුස්මක් අරගෙන ජින් දිහා බලපු ජැක්සන්.
"සියවෙනි පාරටත් මං කියන්නනේ ඇත්තටම මොකක්ද වුනේ කියලා මං දන්නේ නෑ..."
ජැක්සන් කියද්දි ජින් ඇස් දෙක පියාගෙන එයාගේ අත් දෙකම මූණ ඉස්සරහට ගෙනත් එකට බැදගෙන මිටි කරගත්තු අත් දෙකෙන් මූණ තියාගත්තේ කේන්තියෙන් පුපුරන්න යන තමන්ව පාලනය කරගන්න වගේ.
"සියවෙනි පාරටත් මං අහන්නේ හෝසොක්ව පැහැරගෙන ගිහින් පැය ගානක් ගිහිල්ලත් ඇයි ඔයාට බැරි උනේ එයා ඉන්න තැන ට්රැක් කරගන්න ජැක්සන්...."
නම්ජූන් මහ හයියෙන් අහද්දි ජිමිනුත් ගැස්සිලා ගියේ නම්ජූන් කවදාවත් ඒ විදිහට ජැක්සන්ට කෑ ගහන්නේ නැති නිසා..
"මං කීපාරක් කිව්වද නම්ජූන් හෝසොක්ගේ ට්රැකින් ඩිවයිස් එකක්වත් වැඩ කළේ නෑ.මට එයා ඉන්න තැන අන්තිමට පෙනුනේ මන් එයාට කෝල් කරපු වෙලාවේ..ඒත් එකපාරටම කෝල් එක කට් වුනා ඊට පස්සේ මට එයාව ට්රැක් කරගන්න බැරි වුනා.හෝසොක්ගේ වොච් එකට මං දාලා තිබුනු ට්රැකින් ඩිවයිස් එකත් වැඩ කරන්නේ නැතිව ගියේ ඒ වෙලාවෙමයි...."
ජැක්සන් කිව්වේ ආයෙමත් ඔලුව බිමට හරවගනිමින්.හෝසොක් ඉන්න තැන හරියටම හොයාගන්න බැරි වුනු එක ගැන පසුතැවීමෙන් හිටපු ජැක්සන් ඒ ගැන සම්පූර්ණ වරදම තමන්ගේ පිට දාගත්තේ ට්රැකින් ඩිවයිසස් ඩිසේබල් වුනු එක තමන්ගේ වරදක් නෙවෙයි කියන එකත් අමතක කරලා.
"හරි..ඒ ඔක්කොම හරි...ඒත් ජැක්සන් කියන්නේ කාටවත් සම කරන්න බැරි පට්ට ස්මාට් හැකර් කෙනෙක්..එහෙම එකේ ඔයාට බැරි වුනාද හෝසොක් ඉන්න තැන හොයාගන්න....ඔයාට ට්රයි කරන්න තිබුනා ජැක්සන්..!"
ජින් කෑ ගැහුවේ ජැක්සන්ගේ මූණ තව තවත් බිමට හරවගන්න සලස්වමින්.
"නවත්තගන්නවා.....!!!"
එකම තැන වාඩිවෙලා හිටපු තුන් දෙනා වගේම තනි පුටුවට වාඩි වෙලා හිටපු ජැක්සනුත් ගැස්සිලා ගියේ එකපාරටම විසිස්ත කාමරය පුරා පැතිරිලා ගියපු ඒ උස් කටහඩට.
මෙච්චර වෙලා එතන ඉන්නවා කියලත් එයාලට අමතක වෙලා තිබුනු ජිමින් එකපාරටම කේන්තියෙන් එයාගේ අතේ තිබුනු කොට්ටේ සෝෆාව උඩට විසි කළේ වාඩි වෙලා හිටපු හැමෝගෙම අවදානය එයාගේ පැත්තට යොමු කරගනිමින්.
මීට තප්පර කිපෙකට කලින් මහ හඩින් කෑ ගහලා සීරෝ එකේ භයානකම හෙඩ්ලා හතර දෙනාවම වෙව්ලෙව්වේ වෙන කවුරුවත් නෙමෙයි ජිමින්.
තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න ජිමින්ගේ මූණ දැකපු සූබින්ගේ ඇස් විමතියෙන් ලොකු වෙද්දි නම්ජූන් ජින් වගේම ජැක්සනුත් ජිමින් දිහා බැලුවේ බය වෙලා වගේ.
හැමවෙලාවෙම හිනා වෙලා ඉන්න කරුණාවන්ත ඩොක්ටර් පාක් ජිමින්ගෙ මූණෙ තිබුනේ ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැති කේන්තියක්.හරිම සන්සුන්ව තියෙන ගිනි කන්දක් එකපාරටම පුපුරන්න ගත්තම මිනිස්සු බය වෙන්නේ කොහොමද ඒ වගේම තමයි හැමවෙලාවකම සන්සුන්ව ඉන්න ජිමින්ට කේන්ති ගියාම අනිත් අය එයාට බය වෙන්නෙත්.
ජිමින්ගේ අනිත් වෙලාවට දිලිසෙන බෝල ඇස් තිබුනේ තරහින් පිරිලා..ඒ ගිනි පිටවෙන ඇස් යොමු වෙලා තිබුනේ තමන්ගේ ඉස්සරහ සෝෆාවේ වාඩි වෙලා හිටපු තුන් දෙනා ලග.
නම්ජූන්,සූබින්,ජින් තුන්දෙනාටම දැනුනේ ජිමින්ගේ ඒ බැල්මට එයාලව අලු වෙලා යනවා වගේ.
"මට දැනගන්න පුලුවන්ද මොන මගුලටද ඔය තුන් දෙනාත් එක්කම එකතු වෙලා මේ ජැක්සන්ව මරාගෙන කන්න හදන්නේ කියලා...."
ජිමින් ඇහුවේ එයාගේ තියුනු බැල්ම ඉස්සරහ ඉන්න තුන් දෙනාට යොමු කරන ගමන්.ඒ අතරේ ජැක්සන් තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න සම්පූර්නෙන්ම වෙනස් ජිමින් දිහා බලාගෙන හිටියේ මුවත් බාගෙට විවර කරගෙන.
"ජැක්සන් තමයි සීරෝ එකේ හැකර්...හෝසොක්ව පැහැරගත්තු ඒ මොකා හරි එකා හෝසොක්ව පැය ගානක් ඌ ගාව හිර කරගෙන ඉදලත් එයාට බැරි වුනා හෝසොක් ඉන්න තැනක් හොයාගන්න...."
ජිමින්ගේ බැල්මෙන් ටිකක් බය වෙලා හිටපු ජින් හිමීට කිව්වේ ජිමින් දිහාට හැරිලා තිබුනු සූබින්ගේ ලොකු ඇස් ඒ ක්ශ්නයෙන් ජින් දිහාට හැරෙද්දි.
සූබින් එයාගේ ජිවිතේ වැඩියෙන්ම බය වුනේ ජින්ට.මොකද ජින් කියන්නේ දෙවියන්ගෙයි යක්ශයාගෙයි එකතුවක්.
ආදරණීය හිනාවකින් ඔයාව පිස්සු වට්ටවලා ඔයාගෙම අතින් ඔයාගෙම බෙල්ල කපවලා ඔයාගෙම අතින් ඔයාගෙම ජීවිතේ ඉවරයක් කරන්න පුලුවන් කෙනෙක් තමයි ජින්..ජින්ව දන්න ඕනි කෙනෙක් ජින්ගේ නරක පැත්තට වැටෙන්න කලින් දෙපාරක් හිතන්නේ ඒකයි..
ඒත් ඒ තරම් භයානක ජින් එකපාරටම කේන්තියෙන් පුපුරන්න ගත්තු ජිමින් ඉස්සරහා මෙහෙම බය වෙලා ඉන්න එක සූබින්ට හරි පුදුමයි.ඒ නිසයි සූබින් මේ ඇසුත් ලොකු කරගෙන ජින් දිහා බලාගෙන ඉන්නේ.ජින්ගේ මූණේ ඇදිලා තියෙන තිගැස්ම දැකපු සූබින් එයාගේ ජීවිතේ බයම කෙනා ජින් කියන එක ජිමින් කියලා වෙනස් කරගන්න තීරණය කලේ ඒ මොහොතෙමයි.
"එතකොට තමුන්ලා තුන් දෙනා ඉන්නේ සීරෝ එකේ බබ්බු බලාගන්නද..???!!"
ජිමින් ඇහුවේ දත් මිටි කනගමන්.
"බ..බබ්බු..?!"
නම්ජූන් ගොත ගගහා හෙමින් මිමිණුවේ තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න ජීමින් දිහා බයෙන් වගේ බලමින්.
නම්ජූන් කියපු දේ ඇහුණේ නෑ වගේ තව අඩියක් ඉස්සරහට තියපු ජිමින් එක අතකින් එයාගේ මූණට වැටිලා තිබුනු කොන්ඩේ උඩට කරගත්තේ කේන්තිය පාලනය කරගනිමින්.
"ජැක්සන් කියන්නේ සීරෝ එකේ හැකර්..ඒක හරි..ජැක්සන් තමයි හැකර්...!ඒත් ඒකේ තේරුම හෝසොක්ව හොයන්න වගකීම තියෙන්නේ ජැක්සන්ට විතරයි කියන එකද...??ජැක්සන් වගේම තමුන්ලා තුන් දෙනත් සීරෝ එකේ හෙඩ්ලා කියලා මතක නැද්ද...?ජැක්සන්ට වගේම තමුන්ලා තුන් දෙනාටත් වගකීමක් තියනවා හෝසොක්ව හොයන්න.....!!!!"
ජිමින් එහෙම කියද්දි තුන් දෙනාම ජැක්සන් දිහා බැලුවේ ජැක්සන්ට කේන්තියෙන් කෑ ගහපු එක ගැන පසුතැවීමක් වගේම ඒ හැසිරිනු විදිහ ගැන ලැජ්ජාවකුත් හිතේ ඇති වෙද්දි.
"ජැක්සන් විතරක් නෙමෙයි නම්ජූන් තමුන්ටත් ජැක්සන් තරම් බැරි වුනත් හැකින්වලට ඇබිලිටි එකක් තියනවා...ඔයා දන්නවා හෝසොක්ව පැහැරගත්තු ඒ මොකා හරි එකා හෝසොක් ගාව තිබුනු ට්රැකින් ඩිවයිසස් ඩිසේබල් කලානම් ජැක්සන්ට මොන මගුල කරලවත් එයා ඉන්න තැනක් ට්රැක් කරගන්න බෑ කියලා......!!"
නම්ජූන්ගේ දිහා කෙලින්ම බලාගෙන ජිමින් කිව්වේ නම්ජූන් ලැජ්ජාවෙන් වගේ බිම බලාගනිද්දි.
"ජැක්සන් තමයි මුලින්ම හොයාගත්තේ හෝසොක් ඉන්නේ කරදරේක කියලා..අපේ චෙක් පොයින්ට්වලින් හෝසොක්ගේ කාර් එක පිටිපස්සෙන් සැක සහිත විදිහට යන සුදු පාට කාර් එකක් ගැන කියලා මැසේජ් එක එව්වේ අපි හැමෝටම...ඒ ගමන්ම පාර දිගේ තිබුනු තරම් සීසීටීවී හැක් කරලා හෝසොක්ගේ පස්සෙන් ඇත්තටම සුදු පාට කාර් එකක් යනවා තමයි කියලා කන්ෆර්ම් කරගත්තේ ඔයාලා නෙමෙයි ජැක්සන්....!ඒ වගේම ඒ කාර් එක පිටිපස්සෙන් ආපු බයික් එකේ හිටපු එකා මොකාද කියලා මුලින්ම අදුනගත්තෙත් ජැක්සන්....!රෙඩ් ඊගල්ස්ලාගේ ගාව් හිටපු අර මාස්ක් එකක් දාගෙන ඉන්න ජේජේ කියන එකා බයික් එකකින් හෝසොක්ව ෆලෝව් කරනවා කියලා දැන්ගත්තේ ජැක්සන්..!!"
ජිමින් කියන දේවල් අහගෙන හිටපු තුන් දෙනාගේ කලින් තිබුනු කේන්තිය හොයාගන්නවත් තිබුනේ නෑ.ඒ වෙනුවට එයාලා තුන් දෙනාම බිම බලාගෙන හිටියේ ලැජ්ජාවෙන්.
"ඒ මොහොතේ ඉදන් ජැක්සන් හෝසොක්ව කන්ටැක්ට් කරගන්න සෑහෙන්න ට්රයි කළා..ඒත් හෝසොක්ගේ ෆෝන් එක වැඩ කළේ නෑ...ජැක්සන් ට්රයි කළේ නැත්තේ නෑ ජින් ජැක්සන් එයාට පුලුවන් උපරිමයෙන් ට්රයි කළා...මමයි ඒ මුලු වෙලාවම ජැක්සන් එක්ක හිටියේ..ඉතින් මං දන්නවා හෝසොක්ව හොයාගන්න එයා කොයි තරම් දැගලුවද කියලා......"
"ජැක්සන් ඒ ටික කරද්දි තමුන්ලා තුන් දෙනා මොකක්ද කළේ...සූබින් පැයක් තිස්සේ හෝසොක්ගේ කාර් එක චෙක් කරලත් ඒකට වුනේ මොකක්ද කියලා හොයාගත්තද....? නෑ..කිසිම දෙයක් හොයාගත්තේ නෑ.එතකොට නම්ජූන් තමුන්....හෝසොක්ගේ කාර් එක පස්සෙන් ගිය කාර් එක කාගෙද කියලා තමුන් තවම හොයාගෙන නෑ.."
"ඊගාව එක්කෙනා ජින්...හෝසොක්ගේ කාර් එකට මොකක් හරි දෙයක් කරපු එකා ඒක කලේ රෝනා ප්ලේස් එක ඇතුලෙදිමයි කියලා අපි දන්නවා..මොකද හෝසොක්ගේ වාහනෙට මොකා මොන දේ කළත් ඒක කරලා තියෙන්නේ ඊයේ රෑ වුනාට පස්සේ...ඒත් මුලු රෝනා ප්ලේස් එකේම සීසීටීවී චෙක් කරලත් ඔයා මොනවද හොයාගත්තේ...පළතුරු කූඩෙකුත් උස්සගෙන යන මේඩ් කෙනෙක් විතරයි...ඊට අමතටව මැස්සෙක්වත් හොයාගන්න බැරි උනා තමුන්ට..."
ජීමින් කිව්වේ ජින්ගේ දිහාට ඇගිල්ල දික් කරන ගමන්.ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටපු තුන් දෙනා දන්නවා ජිමින් කියන්නේ ඇත්ත කියලා.එයාලට ඔලුව උස්සලා ජැක්සන්දිහාවත් ජිමින් දිහාවත් බලන්න හයියක් තිබුනෙ නැති තරම්.
"ඔයාලා හොදටම දන්නවා මේ දේට ජැක්සන්ට විතරක් බැනලා හරියන්නේ නෑ කියලා.ජැක්සන් එයාට පුලුවන් උපරිමේ කළා.සීරෝ කියන්නේ ජැක්සන් විතරක් නෙමෙයි...! අපි හැමෝම...අපිට අපේ ලීඩර්ව හොයාගන්න බැරි වුනානම් ඒකේ වගකීම ජැක්සන්ගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙමයි...හෝසොක් එයාම තනියෙන් බේරිලා එනකම් මොකුත් කරගන්න බැරිව බලාගෙන හිටපු අපි හැමෝම වැරදියි..හැමෝම.......!!!"
ජිමින් එහෙම කියලා ටිකක් වෙලා නිහඩව හිටියේ හිත සන්සුන් කරගනිමින්.ආයෙමත් බිම බලාගෙන ඉන්න තුන් දෙනා දිහා බලපු ජිමින් ඊගාවට කතා කලේ කලින් වගේ හයියෙන් නෙමෙයි හිමීට...
"ජැක්සන්ගෙන් සමාව ගන්න.....!"
ජිමින් කිව්වේ මෙච්චර වෙලා පුදුමයෙන් වගේ ජිමින් දිහාම බලාගෙන හිටපු ජැක්සන් තවත් පුදුම වෙද්දි.
නම්ජූන් ජින් වගේම සූබිනුත් ජිමින් දිහා බැලුවේ ගැස්සිලා වගේ.
"ඔය විදිහට මං දිහා බලන්න එපා...සීරෝ එක කියන්නේ අපේ පවුල...පවුලක් ඇතුලේ හිත් රිදීම් තියෙන්න බෑ...එක එක්කෙනාට ඇගිල්ල දික් කරන්න නෙමෙයි අපි දැනගන්න ඕනි එකතු වෙලා හැමදේම හරි ගස්සගන්න..ඔයාලා කලින් ජැක්සන්ට සලකපු විදිහ සම්පූර්නෙන්ම වැරදියි...එයාට ඔයාලා කතා කරපු විදිහ...!ඒක හරිම කැතයි...ඒ නිසා කරුණාකරලා ඒකට එයාගෙන් සමාව ගන්න.....!"
ජිමින් එහෙම කියද්දි අනිත් තුන් දෙනාම ජැක්සන් දිහා බැලුවේ ලැජ්ජාවෙන් වගේ..මුලින්ම ජැක්සන්ගෙන් සමාව ඉල්ලුවේ සූබින්..සූබින් ජැක්සන්ට මොකුත් නොකිව්වට ජින්,නම්ජූන් දෙන්නාගේ පැත්තෙමයි සූබිනුත් හිටියේ.
"මට සමාවෙන්න හ්යුන්...මං ආයේ කවදාවත් එහෙම කරන්නේ නෑ...!"
සූබින් ජැක්සන් දිහා බලලා ලැජ්ජාවෙන් වගේ කියද්දි ඊගාවට කතා කලේ ජින්..
"ජැක්සන්..මං මහ දුශ්ටයෙක් වගේ හැසිරුනේ.මට සමාවෙන්න.."
"කියපු දේවල් ආයේ ගන්න බෑ කියලා මං දන්නවා....ඒත් ඒ කියපු දේවල් ගැන මං ඇත්තටම ලැජ්ජා වෙනවා..."
"ආයේ කවදාවත් මෙහෙම දෙයක් වෙන්නේ නෑ කියලා මං පොරොන්දු වෙනවා...."
එහෙම කියපු ජින් වාඩි වෙලා ඉන්න ගමන්ම ජැක්සන් දිහා බලලා හිස නැමුවේ සමාව අයදිමින්.
අන්තිමට ජැක්සන්ගෙන් සමාව ඉල්ලුවේ නම්ජූන්.අනිත් දෙන්නටම වඩා පසුතැවීමෙන් හිටියෙ එයා.මොකද ජින්ටත් වඩා ජැක්සන්ට කෑ ගැහුවේ නම්ජූන්..
"කිසිම හේතුවක් නැතිව යකෙක් වගේ ඔයාගේ ඇගට කඩා පැන්නට මට සමාවෙන්න ජැක්සන්..."
"ආයේ කිසිම දවසක මං ඒ විදිහට හැසිරෙන්නේ නෑ...ප්ලීස් ජැක්සන්..ඇත්තටම මට සමාවෙන්න......"
නම්ජූන් එහෙම කියලා බිම බලාගනිද්දි ජිමින් ජැක්සන් දිහා බැලුවේ යන්තමින් හිනා වෙන ගමන්.ජිමින් දැක්කා ජැක්සන් හිටියේ ගොඩක් හැගීම්බර වෙලා කියලා.ජැක්සන් කියන්නේ කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.පිට අයට කොච්චර තද කෙනෙක් වුනත් සීරො එකේ හැමෝටම සහෝදරයෙක් වගේ හැමදේකදිම ලගින්ම ඉන්න කෙනෙක් තමයි ජැක්සන්..
ජිමින් දිහා බලලා එයාගේ අර ලස්සන හිනාව දාපු ජැක්සන් ඒ හිනාවෙන් ම බැලුවේ පැත්තකින් ඉන්න තුන් දෙනා දිහා.
"ඒ හැමදේම දැන් අමතක කරන්න...සූබින් කොල්ලෝ...ඔහොම බය වෙලා වගේ මගේ දිහා බලන්න්නේ නැතිව ඉන්න එපා බන් මං යකෙක් නෙමෙයි...අනික ජින් හ්යුන් ඔයා කිසිම වරදක් කළේ නෑ...ඒ වගේම නම්ජූනා.....ඔච්චර සීරියස් වෙන්න එපා මනුස්සයෝ මට උබව බදාගන්න හිතෙනවා....."
ජැක්සන් හිනා වෙවී කිව්වේ මෙච්චර වෙලා වාතයේ තිබුනු සීරියස් ගතිය අඩුකරන්න වගේ.ජැක්සන්ගේ කතාවට හැමෝම හිනා වෙන්න ගත්තේ ජිමිනුත් ඒකට එකතු වෙද්දි.ඒත් එයාලට වැඩි වෙලා හිනා වෙවී ඉන්න හම්බුනේ නෑ.මොකද එයාලගේ හිනාවට බාදා කරමින් රෝනා ප්ලේස් එකේ දොර පැත්තෙන් ඇහුනේ අත්පොලසන් හඩක්.
ඒ හඩත් එක්කම රෝනා ප්ලේස් එකේ දොර දිහා බලපු එයාලාට දකින්න හම්බුනේ දොරෙ උලුවස්සට හේත්තු වෙලා එයාලා දිහා බලාගෙන අත්පුඩි ගහන හෝසොක්ව....උඩට පීරලා ලස්සනට හදලා තිබුනු කොන්ඩේ අවුල් වෙලා තිබුනත් ඒ කොණ්ඩේ අස්සෙන් පෙනුනු හෝසොක්ගේ ඇස්වල තිබුනේ තියුනු බැල්මක්.
ඒ බැල්ම එක එල්ලේම යොමු වෙලා තිබුනේ විසිස්ත කාමරයේ උන්නු පස් දෙනා දිහාවට.
"වෙල් ඩන් ජිමින්..වෙල් ඩන්....."
හෝසොක් කිව්වෙ ජීමින් දිහා බලලා යන්තමින් හිනා වෙමින්..හෝසොක්ව දැකපු ගමන් ජිමින්ගේ මූණ පුරා ඇදුනේ ලොකුම ලොකු හිනාවක්.මොකද හෝසොක් කිසිම කරදරයක් නැතිව ඉන්නවා කියලා දැක්කම ජිමින්ට දැනුනේ පුදුම සැනසීමක්.
ඒ හිනාවෙන්ම ජිමින් අඩියක් ඉස්සරහට තිබ්බේ හෝසොක් ලගට යන්නයි.ඒත් ඊලග අඩිය තියන්නත් කලින් ජීමින්ගේ මූණේ තිබුනු හිනාව නැති වෙලා ගියේ එයා උන් තැනම ගල් ගැහිලා වගේ නතර වෙද්දි.
විසිස්ත කාමරයේ හිටපු අනිත් කට්ටියත් ඒ වෙද්දි හිටියේ ඉදගෙන හිටපු තැන්වලින් නැගිටලා.
එයාලා කට්ටියගෙම වගේම ජීමින්ගෙත් ඇස් තිබුනේ හෝසොක් ගාව නෙමෙයි.හෝසොක්ගේ පිටිපස්සෙන් ඒත් හෝසොක්ගේ ලගම හිටගෙන හිටපු යුන්ගි ගාව.
"යුන්ගි...!"
ජිමින් හිමීට මුමුණද්දි දොර ගාවින් ඈත් වුනු හෝසොක් ඉස්සරහට ආවේ යුන්ගිගේ එක අතක් එයාගේ අතින් අල්ලගෙන.යුන්ගිත් හෝසොක්ගේ පිටිපස්සෙන්ම හිමින් හිමින් විසිස්ත කාමරයට ආවේ එයාගේ ඇස් බිමටම නැඹුරු කරගෙන.
ජිමින් ලගට ඇවිත් නතර වුනු හෝසොක් එයාගේ නිදහස්ව තිබුනු අනිත් අතින් ජීමින්ගේ උරහිසට තට්ටුවක් දැම්මේ මෙච්චර වෙලා යුන්ගි දිහා බලාගෙන හිටපු ජිමින්ගේ ඇස් ආයෙත් එයාගේ දිහාට යොමු වෙද්දි.
"ඔයා කියපු දේවල් වගේම ඔයා කරපු දේත් හරියටම හරි ජීමින්.....මට ඔයා ගැන ආඩම්බරයි.ඔයාව සීරෝ එකට ගත්තු එක ගැන වගේ ම බලෙන් හරි ඔයාව සීරෝ එකේ නතර කරගත්තු එක ගැනත් ඇත්තටම මට සතුටුයි....!!"
හෝසොක් කිව්වේ තමන් දිහා පුදුමයෙන් වගේ බලාගෙන ඉන්න ජිමින් දිහා බලලා හිනා වෙමින්.
"ස්තූතියි ජීමින්..."
එහෙම කියපු හෝසොක් යුන්ගිගේ අත අත් හැරලා ඉස්සරහට ගියේ යුන්ගි ජිමින් ගාව නතර වෙද්දි..එහෙම ගියපු හෝසොක් නතර වුනේ නම්ජූන් සූබින් වගේම ජින් උන්නු තැන.
"ඔය තුන් දෙනා.....!!!"
හෝසොක් කිව්වේ පිලිවෙලට හිටගෙන හිටපු තුන් දෙනාගේ බිමට බර වෙලා තිබුනු මූනු දිහා බලමින්..මූණේ තිබුනේ මිත්රශීලී පෙනුමක් නම් නෙමෙයි.ඒ බැල්ම තවත් දරදඩු වුනේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් ඔලුව උස්සන්න උත්සාහයක්වත් නොගෙන ඉද්දි.
"මං කතා කරද්දි කෙලින් මූණ දිහා බලන්න කියලා මං තමුන්ලා තුන් දෙනාට අමුතුවෙන් කියන්න ඕනිද...!!!"
හෝසොක් කිව්වේ එයාගේ සුපුරුදු ගැඹුරු කට හඩින්.
"ඔලුව උස්සගන්නවා මගේ යකා අවුස්සගන්නේ නැතිව...!!!"
හෝසොක් මහ හඩින් කියද්දි ගැස්සිලා ගියපු තුන් දෙනාම හෝසොක් දිහා බැලුවේ යුන්ගි ඇසුත් ලොකු කරගෙන හෝසොක් දිහා බලන් ඉද්දි.මොකද හෝසොක්ට කේන්ති ගිහින් ඉන්න හැටි යුන්ගි කොයි තරම් දැකලා තිබුනත් හෝසොක් සීරෝ එකේ අය එක්ක කේන්ති ගන්නවා එයා දැකලා තිබුනේ නෑ.
"සෑහෙන වෙලාවක ඉදන් මෙතන වුනු හැමදේම මං බලාගෙනයි හිටියේ..."
හෝසොක් කියද්දි සූබින්ට දැනුනේ එයාගේ තොල කට වේලිලා යනවා වගේ.
"මේක අස්සේ ඉන්න උන් එකා එකා මෙහෙම මරාගනිද්දි පිට ඉන්න උන් මොනවා නොකරයි කියලද තමුසෙලා හිතාගෙන ඉන්නේ....!!!"
"මට කලින් හොද වෙලාවට ජීමින් ඉක්මන් වුනේ..නැත්නම් මං තමුන්ලා තුන් දෙනාට මොනවා කරයිද දන්නේ නෑ....."
හෝසොක් කිව්වේ නම්ජූන් දිහා වගේම ජින් දිහාත් බලලා රවන ගමන්.
"ආයේ කිසිම දවසක මට මෙහෙම දෙයක් දකින්න තියන්න එපා..."
"මේක අස්සේ තමුන්ලා මරාගන්න ලෑස්ති වුනොත් ආයේ දෙපාරක් හිතන්නේ නෑ මං ඔක්කොටම කලින් තමුන්ලව මරලා දානවා.....!!!"
"සීරෝ එකේ අපි ජීවත් වෙන්න ඕනි පවුලක් වගේ...."
"ඒ වගේම දවසක අපි මැරුනත්,මැරෙන්න ඕනිත් පවුලක් වගේ........!!!"
එහෙම කියපු හෝසොක් නම්ජූන්ලා හිටපු තැන ඉස්සරහ තිබුනු පුටුවෙන් වාඩි වුනේ අනිත් කට්ටියම හෝසොක් අන්තිමට කියපු දේ හදවත පතුලෙම තැන්පත් කරගනිද්දි.
හෝසොක් පුටුවෙන් වාඩි වෙලා අනිත් අයටත් වාඩි වෙන්න කියලා අතින් සන් කරද්දි ජින් සූබින් වගේම නම්ජූන් එයාලා කලින් හිටපු තැනම වාඩි වුනෙ ජැක්සනුත් ආයෙමත් තනි පුටුවෙන් වාඩි වෙද්දි.
අන්තිමට එතන හිටගෙන හිටියේ ජිමිනුයි යුන්ගියි විතරයි..යුන්ගි රෝනා ප්ලේස් එකේ මොකක්ද කරන්නේ කියන ප්රශ්නේ හැමෝටම ආවේ ඒ මොහොතෙදියි.
ඒත් ඒ ගැන අහනවට වඩා කට පියාගෙන ඉන්න එක හොදයි කියලා තේරුම් ගත්තු කට්ටිය නිශ්ශබ්දව යුන්ගි දිහායි හෝසොක් දිහායි බලන්න ගත්තේ යුන්ගි යන්තමින් හෝසොක් දිහා බලද්දි.
යුන්ගි දිහා බලලා හිනා වුනු හෝසොක් එයාගේ එහා පැත්තේ සීට් එකට අතින් තට්ටුවක් දාලා ඔලුව ඉහල පහල කළේ යුන්ගිට එයාගේ ලගට එන්න කියමින්.ජැක්සන් දැක්කා ජීමින් යුන්ගි දිහා බලලා යන්තමින් හිනා වුනු හැටි.
"ගිහින් වාඩි වෙන්න යූන්ගියා..."
යුන්ගිගේ උරහිසින් අල්ලලා එයාව හෝසොක් ඉන්න පැත්තට යවපු ජීමින් යුන්ගි ඉස්සරහට යනකම් ඉදලා ඇවිදගෙන ගියේ ජැක්සන් දිහාවට.
යුන්ගි හෝසොක් ගාවට ලන් උනු ගමන් ම යුන්ගිගේ අතින් ඇදපු හෝසොක් යුන්ගිව එයාගේ ලගම වාඩි කරගත්තේ යුන්ගිට හිතන්නවත් ඉඩක් නොතියා.
යුන්ගි ලැජ්ජාවෙන් වගේ හෝසොක්ගෙන් ටිකක් ඈත් වෙන්න හදද්දි අමුතු හිනාවක් දාපු හෝසොක් යුන්ගිගේ ඉණ වටේ අතක් දාලා යුන්ගිව තවත් එයාට ලන් කරගත්තේ හැමෝම ගල් ගැහිලා වගේ ඒ දුර්ලභ දර්ශනය දිහා බලාගෙන ඉද්දි.
ජැක්සන් වාඩි වෙලා හිටපු තැනට ගිය ජිමින් ඒ පුටුවේ ඇන්දෙන් වාඩි වුනේ ජැක්සන්ගේ හිසට උඩින් පුටුව හරහා අතක් දාගන්න ගමන්.
හැමෝම හෝසොක්ලා දිහා බලාගෙන ඉද්දි ජැක්සන්ගේ ඇස් තිබුනේ ජිමින් ගාව.ජැක්සන් ජිමින්ගෙ මූණේ යන්තමින් හරි වේදනාවක් දකින්න බලාපොරොත්තු වුනත් එයාට දකින්න ලැබුනේ හෝසොක් දිහා බලාගෙන ඉන්න ජිමින්ගේ මූණේ තිබුනු ලස්සන හිනාව විතරයි.
හෝසොක් යුන්ගි ලග එහෙම ආදරණීය වෙද්දි ජීමින් ඒ දිහා බලාගෙන සතුටු වෙන්නේ කොහොමද කියන එක ජැක්සන් කල්පනා නොකලා නෙමෙයි.ඒත් ජැක්සන් ඒකට උත්තරේ දන්නවා.
අහිමි වීමක් වේදනාවක් වෙන්නේ හිමි කරගැනීම එකම අරමුණ කරගත්තු අයට..ඒත් තමන්ට අහිමි වුනු දෙයක් වෙන කෙනෙක් ලග ලස්සනට තියෙන හැටි දැක්කම සතුටු වෙන අයත් මේ ලෝකේ ඉන්නවා...
ඒ තමයි හිමි වුනත් නොවුනත් අනිත් කෙනාගේ සතුට විතරක් පතන අය...ජීමින් අයිති වුනේ මේ දෙවනි කොටසට.
"හෝසොක්...."
නිහඩතාවය දරාගන්න බැරිම තැන හිතට ශක්තිය ගත්තු නම්ජූන් හෝසොක්ට කතා කළේ ඒ දෙන්නාගෙම අවදානය තමන්ගේ දිහාට හරවගනිමින්.
"ම්..මේකයි...අහ්..මේ..යුන්ගී....."
"ඔයා අහන්න හදන්නේ යුන්ගි මොකක්ද මෙහේ කරන්නේ කියලද නම්ජූන්......?"
හෝසොක් අහද්දි නම්ජූන් හිස ඉහල පහල වැනුවේ ඔව් කියමින්.
"හ්ම්ම්...එයා ආවේ ඔයාලගෙන් සමාව ගන්න...ඒ වගේ ම එයාගේ කතාව ඔයාලට කියන්න...."
හෝසොක් කිව්වේ එයා දිහා බලාගෙන හිටපු යුන්ගි දිහා බලලා හිනා වෙමින්.
"කතාව.....ඒත් අපි දැනටමත් දන්නවා යුන්ගි කියන්නේ පාක් සන්හූන්ගේ මල්ලි කියලා හෝසොක්....!"
ජින් කිව්වේ යුන්ගි දිහා අවදානයෙන් බලන ගමන්.
"ඔව්..ඒත් පාක් සන්හූන් වගේම මින් යුන්ගි කියන්නේ ඇත්තටම කවුද කියලා ඔයාලා දන්නේ නෑ..."
හැමෝම හෝසොක්,යුන්ගි දිහා බලාගෙන හිටියේ කුතුහලයෙන්.
යුන්ගි දිහා බලපු හෝසොක් යුන්ගි එක්ක ලස්සනට හිනා වුනේ හිත සැහැල්ලු කරගෙන හැමෝම ඉස්සරහ කතා කරන්න යුන්ගිව ධෛර්යමත් කරමින්.
හෝසොක්ගෙන් නෙත් ඉවතට ගත්තු යුන්ගි එයාගේ ඉස්සරහ ඉන්න සීරෝ එකේ කට්ටිය දිහා බලලා ලොකු හුස්මක් අරන් ළය සැහැල්ලු කරගත්තේ කතාවකට මුල පුරමින්.
"ඔයාලා කිව්වා හරි..මං තමයි පාක් සන්හූන්ගේ මල්ලි මින් යුන්ගි...එහෙම නැත්නම් ඔයාලා හැමෝම හොයපු යුවී...."
යුන්ගි කියද්දි හැමෝම එයා දිහා බලාගෙන හිටියේ 'අපි ඒක දන්නවා' වගේ බැල්මකින්.ඒත් ඒ හැමෝගෙම ඇස් නලලට ගියේ යුන්ගි ඊගාවට කියපු දේත් එක්ක.
"ඒ වගේම මං තමයි ටයිටන්ස් එකේ හිටපු ලීඩර් මින් සොන් හ්යොන්ගේ පුතා....ටයිටන්ස් එකේ ඊලග උරුමක්කාරයා...ඇස්ට්රියස්.....!"
හෝසොක් ඇරෙන්න අනිත් හැමෝම යුන්ගි දිහා බලාගෙන හිටියේ කටවලුත් ඇරගෙන.හෝසොක් දවස් ගානක් රෝනා ප්ලේස් එක අස්සේ හිරකරගෙන හිටපු ඒ කොල්ලා ටයිටන්ස් එකේ උරුමක්කාරයා කියලා හිතන්න එයාලට කොහෙත්ම පුලුවන් වුනේ නෑ.
ටයිටන්ස් ගැන හරියටම නොදන්නවා වුනත් ටයිටන්ස් කියන්නේ සීරෝ එක තරන්ම බලවත් ඒත් අසාධාරණයට වඩා සාදාරණය වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක් කියලා ඒ හැමෝම දන්නවා..නිකන් ම නිකන් මල් කොල්ලෙක් ඒ වගේ එකක ඊලග උරුමක්කාරයා වෙන්නේ කොහොමද කියන එකයි එයාලා හැමෝටම තිබුනු ප්රශ්නේ.
"ඒක වෙන්න බෑ...."
නම්ජූන් කිව්වේ යුන්ගි කියන්නේ බොරුවක් කියලා කියවෙන මොකක් හරි හැගීමක් යුන්ගිගේ මූණේ හොයන ගමන්.
"ෆ්ලවර් ශොප් එකක් කරන මේ තරම් සියුමැලි ඔයා ටයිටන්ස් එකේ ඇස්ට්රියස් වෙන්නේ කොහොමද යුන්ගි..."
ජින් ඇහුවේ යුන්ගි දිහා සැකයෙන් බලමින්.
"එයාට කතා කරන්න දෙන්න...!"
ජිමින් කිව්වේ තම තමන්ගේ අදහස් පළකරමින් උන්නු හැමෝවම නිහඩ කරමින්.ජිමින් දිහා ස්තූතිපුර්වක විදිහට බලපු යුන්ගි ආයෙමත් කතා කරන්න ගත්තේ කලින්ට වඩා ආත්ම විශ්වාසයකින්.
"ෆ්ලවර් ශොප් එක මං ලෝකෙට පේන්න කරගෙන ගියපු එකක් විතරයි.ඇත්තටම කියනවානම් ඒක මගේ විනෝදාංශය..මගේ ජොබ් එක ඒක නෙමෙයි...."
"මට ක්රිමිනල් ජස්ටිස් සම්බන්දයෙන් ආචාර්ය උපාධියක් තියනවා..ජෝර්ජියාවල FLETC එකේ ක්රිමිනල් ඉන්වෙස්ටිගේටර් ට්රෙයිනින් ප්රෝග්රෑම් එක මං කම්ප්ලීට් කළේ මීට අවුරුදු දෙකකට කලින්.ඒ වගේම වොශින්ටන්වල සීක්රට් සර්විසස් ට්රෙයිනින් ඇකඩමි එකේ ස්පෙශල් ඒජන්ට් ට්රෙයිනින් එකත් මං කරලයි තියෙන්නේ.වෝටර් සර්විවල් ස්කිල්ස් වගේම තව ගොඩක් සෙක්ශන්ස්වලින් හයස්ට් ග්රේඩ් එකක් ගත්තු අය අතරින් කෙනෙක් මං...."
"කෙලින්ම කියනවානම් මං සීක්රට් ඒජන්ට් කෙනෙක්.ඒත් CIA වගේ ඉන්ටර්නැශනල් එකක නෙමෙයි..ටයිටන්ස් එකෙන් පවත්වගෙන යන අපරාධ පරීක්ශන ආයතනයක...."
යුන්ගි ඒ ටික කියලා ඉවර වෙද්දි හෝසොක් පවා හිටියේ පුදුම වෙලා.යුන්ගි ගැන එතන හිටපු අයට වඩා දේවල් ටිකක් හෝසොක් දැනගෙන හිටියත් මේ දේවල් එයාටත් අලුත්.
"ඒ කියන්නේ..ඔයා ෆ්ලවර් ශොප් එකක් කරන මල් කොල්ලෙක් වගේ පෙනී හිටියා විතරයි.ඒත් ඇත්තටම ඔයා ඒජන්ට් කෙනෙක්.ඒ විතරක් නෙමෙයි ඔයා තමයි ඇස්ට්රියස්.....!!!"
අනිත් අය කතා කරගන්නවත් බැරිව ඉද්දි ජැක්සන් ආයෙමත් ඇහුවේ එයාට යුන්ගි කියපු දේවල් හරියටම ඇහුනද කියලා ස්තීර කරගන්න වගේ.
"ඔව්...ටයිටන්ස් එකේ ඒජන්ට් යුවී කියන්නේ මං...."
යුන්ගි එහෙම කියද්දි ජැක්සන් හිස වැනුවේ එයාට ඇහුනු දේවල් හිත ඇතුළේ ධාරනය කරගන්න ගමන්.
තප්පර කීපයක් එහෙමම ගෙවිලා යද්දි එකපාරටම නිහඩතාවය කෑලි කෑලිවලට බිදිලා ගියේ ජින්ගෙ කෑ ගැහිල්ලෙන්.
"ශිට්....!!යුන්ගි...ඔයා ඇස්ට්රියස් කියන්නේ...ඔයායි මින් සොන් හ්යොන්ගේ පුතා...ඒ..ඒ කියන්නේ සන්හූන්.....?"
ජින් කියද්දි යුන්ගිගේ මූණේ ඇදුනේ වේදනාත්මක හිනාවක්.ඒක දැකපු හෝසොක් ඇස් පියන් තද කරලා පියාගත්තේ සන්හූන් ගැන සම්පූර්ණ විස්තරයම නොදන්නවා වුනත් සන්හූන් කියන්නේ නිර්දෝශි කෙනෙක් කියලා හෝසොක් මේ වෙද්දි තේරුම් අරන් හිටපු නිසා.ඒ වගෙම යුන්ගිට හිටපු එකම පවුල වුනු සන්හූන්ව යුන්ගිට නැති කළේ තමන් කියලා මතක් වෙද්දි ඒකත් හෝසොක්ට ගෙනදුන්නේ වේදනාවක්.
"ඔව්...සන්හූන් කියන්නේ මගේ අයියා.මින් සොන් හ්යොන්ගේ ලොකු පුතා...."
යුන්ගි කිව්වේ සන්හූන්ගේ හිනාව පිරුනු මූණ මතක් කරන ගමන්.
"දෙයියනේ..."
ජිමින් මිමිනුවේ යුන්ගි දිහා වේදනාවෙන් බලමින්.හෝසොක් එයාගේ නෙතුපියන් තදින් වහගෙන ඉද්දි අනිත් හැමෝම බලාගෙන හිටියේ වේදනාත්මක හිනාවක් මූනේ තියාගෙන ඉන්න යුන්ගි දිහා...ඒත් යුන්ගිගේ ඇස් තිබුනේ බිමට බර වෙලා...යුන්ගි කතා කලේ වේදනාවෙන්..ඒ හඩේ තරහවක් වෛරයක් තිබුනේ නෑ..තිබුනේ වෙදනාවම විතරයි.
"හිතු මනාපෙට හොයන්නේ බලන්නේ නැතිව ඔයාලා එදා ඒ මරලා දැම්මේ ජැන්ග් හ්යුක්ගෙයි එයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් චෝයි යූනාගෙයි උගුලට අහු වෙලා අසරණ වෙලා හිටපු මගේ නිර්දෝශි අයියව...."
______________________________________
19/01/2022
(3161 Words )
හත්තික්කේ ළමයිනේ...
මේ තහනම් ලව් එක ලියනවා ලියනවා ලියනවා ලියනවා ඉවරයක් නෑනේ යකූ..😭
මට ආසිරිවාදයක් කරන් යම්න ඉක්මනින් ඉවර කරන්න සත්තිය දයිරිය ලැබේවා කියලා...💪🙂
වෝට් නැතත් කමක් නෑ එක කමෙන්ට් එකක් හරි දාගෙන යන්න හොදේ...🙃❤
Thank you for reading..❤
LOVE YOU MY LOVELY ANGELS..❤😘
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top