Chapter 32

විනාඩි දහයකට විතර පස්සෙ ගරා වැටිලා තිබුනු ෆැක්ට්‍රි එකේ වහලා තිබුනු දොර ඇරෙන සද්දෙට හැරිලා බලපු යොන්ජුන් දැක්කේ විවර කරපු දොරෙන් පිටතට එන යුන්ගිව...ඒත් යුන්ගි ආවේ තනියෙන් නම් නෙමෙයි..යුන්ගිගේ දකුණු පැත්තෙන් යුන්ගිගේ ළගම හිටියේ මාෆියා වර්ල්ඩ් එකේ අන්ක එකේ මාෆියා ලීඩර් වුනු ජේහෝප්.එහෙමත් නැත්නම් ජන්ග් හෝසොක්.

හෝසොක්ගේ වම් අත යුන්ගිගේ අතේ පැටලිලා තිබුනේ හරියට යුන්ගි එයාගෙන් ඈතකට යයි කියලා බයෙන් වගේ.යුන්ගිගේ විතරක් නෙමෙයි ජේහෝප්ගෙත් මූණේ තිබුනු සතුටු හිනාව දැකපු යොන්ජුන් කායිගේ ඇගට වැලමිටෙන් ඇනලා ඒ දෙන්නව පෙන්නුවේ ඒක දැකපු කායි ඇස් ලොකු කරගනිද්දි...

"අච්චර ගේමක් ගහලා අපි ජේහෝප්ව කිඩ්නැප් කළේ මේවා දකින්නද යොන්ජුනා....!!!"

කායිගේ කතාව අහපු යොන්ජුන්ගේ මුවින් හිනාවක් එළියට පැන්නේ ඉබේටමයි.

"ජේකේ එයාගේ ආත්ම ගරුත්වෙත් බල්ලට දාලා මේ ප්ලෑන් එකට වැඩ කළේ..."

"එයාගෙන් යුවී බොස්ට ගැලවීමක් නම් නෑ...!"

කායි කියද්දි ආයෙමත් හය්යෙන් හිනා වුනු යොන්ජුන් නිහඩ වුනේ හෝසොක් එක්ක යුන්ගි එයාලා ගාවට ඇවිදගෙන එනවා දැකලා.

"යොන්ජුන්.."

එයාලා ගාවට ඇවිත් නතර වුනු යුන්ගි කියද්දි යොන්ජුන් යුන්ගි දිහාට හැරුනෙ හොසොක් මාරුවෙන් මාරුවට ඒ තුන් දෙනා දිහාම බලද්දි.

"බොස්..?"

"මගේ කාර් එකේ කී එක?"

සාක්කුවේ තිබුනු කී එකක් අරගත්තු යොන්ජුන් ඒක යුන්ගිගේ අතට දෙද්දි කායි යුන්ගි දිහා බැලුවේ විමසිල්ලෙන්.

"බොස්...බොස් දැන් යන්නේ ටයිටන්ස් හෙඩ් ඔෆීස් එකට නෙමෙයිද..?"

කායි ඇහුවේ යුන්ගි කාර් කී එක ඉල්ලපු නිසා ඇති වූනු කුතුහලෙන්.මොකද යුන්ගි කවදාවත් තනියෙන් කාර් එකක් ඩ්‍රයිව් කරන් යන්නේ නැහැ..යුන්ගි බයයි...යුන්ගිගේ දෙමාපියෝ ඇක්සිඩන්ට් වෙනවා දැකපු දවසේ ඉදන් යුන්ගි කවදාවත් කාර් එකක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙලා නෑ.

"නෑ කායි...මං දැන් යන්නේ ටයිටන්ස් එකට නෙමෙයි..රෝනා ප්ලේස් එකට..."

යුන්ගි කිව්වේ එයා දිහා දිලිසෙන ඇස්වලින් බලාගෙන ඉන්න හෝසොක් දිහා බලලා හිනා වෙන ගමන්.

"ඒත් බොස්..එයාලා ඉන්නේ බොස් එක්ක හිත හොදින් නෙමෙයි....බොස්ව තනියෙන් එහෙට යවන්න බැහැ අපිට...."

යොන්ජුන් කිව්වේ කායිත් එයාට එකග වෙද්දි.
යුන්ගි මොනවාදෝ කියන්න කට අරිද්දිම ඉස්සර උනු හෝසොක් අඩියක් ඉස්සරහට තියලා යුන්ගි ගාවට තවත් ලන් වුනේ යොන්ජුන් දිහා බලන ගමන්.

"බය වෙන්න එපා මිස්ටර් චෝයි යොන්ජුන්..යුන්ගිට කවුරුත් කිසිම දෙයක් කරන්නේ නෑ..එයාට කවුරුත් මොකුත් කියන්නෙත් නෑ..මං එයාව බලාගන්නම්...."

හෝසොක් යොන්ජුන්ගේ උරහිසින් අතක් තියලා තට්ටුවක් දැම්මේ යොන්ජුන් දිහා බලලා හිනා වෙමින්.

"මං යුන්ගිව පරිස්සම් කරන්නම්..මං පොරොන්දු වෙනවා..."

හෝසොක්ගෙ ඒ වචන යුන්ගිට ගෙනාවේ හරි අහින්සක සතුටක්.හෝසොක්ගේ මුවින් ම තමන්ව පරිස්සම් කරන්නම් කියද්දි යුන්ගිට දැනුනේ ලොකු ආරක්ශාවක්.මොන තරම් දෙයක් උනත් හෝසොක් තමන්ව ආරක්ෂා කරාවි කියන විශ්වාසය ඒත් එක්කම යුන්ගිගේ හිත පතුලෙම තැන්පත් වුනේ හෝසොක්ගේ ලගදි දැනෙන ඒ රැකවරණය තව තවත් හිත ඉල්ලද්දි.

යොන්ජුන් හෝසොක් දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ..ඒ වගේමයි කායිත්...
එයාලා අහලා තිබුනු ජේහෝප් කියන්නේ මේ තරම් හොද කෙනෙක් නම් නෙමෙයි කියලා එයාලට විශ්වාසයි.ඒ කතාවලට අනුව ජේහෝප් කියන්නේ හිතක් පපුවක් නැති නපුරු මාෆියාකාරයෙක්.

කිසිම හැගීමක් දැනීමක් නැති හදවත ගල්වුනු කෙනෙක්.ඒත් ඒ කෙනාම අද යුන්ගි ඉස්සරහ හිනා වෙවී දිලිසෙන ඇස්වලින් යුන්ගි දිහා බලාගෙන ඉන්න හැටි වගේම යුන්ගිව පරිස්සම් කරන්නම් කියලා පොරොන්දු දෙන හැටි අත්විදපු තරුණයින් දෙදෙනා හිටියේ දකින දේ විශ්වාආ කරගන්න බැරිව  වගේ.

යොන්ජුන්ගෙයි කායිගෙයි ගල් ගැහුණු මූණු දැකපු යුන්ගි හිනා වෙවීම හිස දෙපසට වැනුවේ ටයිටන්ස් එකේ ඉන්න දක්ශම ඔත්තුකාරයෝ දෙන්නා හෝසොක්ගේ ඉස්සරහ පොඩි ළමයි වගේ බලාගෙන ඉන්න හැටි දැකලා.

"බය වෙන්න එපා යොන්ජූනා...මට මොකුත්ම වෙන්නේ නෑ.අනික මං අන්කල් ටකාෂිට කිව්වා මං රෝනා ප්ලේස් එකට යනවා කියලා..එයාගේ අවසරය ඇතුවයි මං යන්නේ..."

යුන්ගි එහෙම කියද්දි තරුණයින් දෙදෙනා සුසුමක් හෙළුවෙ ටයිටන්ස් එකේ සීනියර් අවසර දුන්නනම් තමන්ට තවත් එතන කියන්න දෙයක් නැහැ කියලා දැන ගෙනයි.

"හරි බොස්..."

කායි යොන්ජුන් දෙන්නම කිව්වෙ එයාලගේ ඉස්සරහ හිටපු ලීඩස්ලා දෙන්නට හිස නමලා ආචාර කරන ගමන්.

"හරි..ඔයාලා දැන් මෙතන ඉන්න ටීම් එකත් අරන් ආයෙත් ඔෆීස් එකට යන්න..ඒ වගේම මං හෙට උදේම ඔෆීස් එකට එනවා කියලත් ජියෝන් අන්කල්ට කියන්න...."

තරුණයින් දෙදෙනා ඒකට හා කියලා ඔලුව වනද්දි හෝසොක් එක්ක එතනින් යන්න ගියපු යුන්ගි අඩි පහක් විතර ගිහින් නැවතුනේ එයාගෙ අතින් අල්ලගෙන හිටපු හෝසොකුත් යුන්ගි එක්කම නතර වෙද්දි..

ආපහු යොන්ජුන් ඉන්න පැත්ත හැරුනු යුන්ගි යොන්ජුන් දිහා බැලුවේ අසරණ විදිහට හිනා වෙන ගමන්.

"ඕහ් ඒ වගේම යොන්ජුනා.....ජේකේට මං ඉන්න දිහාවක් ගැන කියන්න එපා......!"

______

සුදු පාට කාර් එක ලගට හෝසොක් එක්ක යුන්ගි ඇවිදගෙන ආවේ නිහඩවමයි.ඒත් ඒ නිහඩතාවය ඒ දෙන්නටම ගෙනාවේ හරිම සැනසිලිදායක බවක්..වචනයක්වත් කතා නොකලට අතින් අත පටලගෙන උන්නු ඒ දෙන්නගේ මූණේ ඇදිලා තිබුනේ හරිම ලස්සන හිනාවක්.

හෝසොක්ගේ ඇගිලි යුන්ගිගේ අතැගිලි අතර පැටලිලා තියෙද්දි යුන්ගිට දැනුනේ ඒ ස්පර්ශයත් එයාගේ මුලු ආත්මයම සනසවනවා වගේ...

කාර් එක ලගට ආපු යුන්ගි කාර් එක ඉස්සරහ නතර වෙලා හෝසොක් දිහා බැලුවේ හෝසොක් මොකක් හරි දෙයක් කියන්න හදනවා වගේ තේරුනු නිසයි.

තමන්ගේ පැත්තට හැරුනු යුන්ගි දිහා බලලා යන්තමින් හිනා වුනු හෝසොක් යුන්ගිගේ අතේ පැටලිලා තිබුනු එයාගේ අත අරන් යුන්ගිගේ උරහිසින් තිබ්බේ යුන්ගි හෝසොක් දිහාම බලාගෙන ඉද්දි.

යුන්ගි හෝසොක්ට වඩා තරමක් මිටි නිසා යුන්ගි හෝසොක්ගේ දිහා බලාගෙන හිටියේ බෙල්ල ඉහලට කරලා හිස ඔසවගෙන...යුන්ගි තමන් දිහා බලාගෙන ඉන්න විදිහ දකිද්දි මූණට ආපු හිනාව නවත්තගන්න හෝසොක්ට පුලුවන් වුනේ නෑ.

ඒත් ටයිටන්ස් එකේ උරුමක්කාරයාගෙ උස ගැන විහිලු කරලා ජීවිත අවදානමක් ගන්නත් හෝසොක්ට ඕනි වුනේ නෑ.හෝසොක් හොදටම දන්නවා යුන්ගි එක්ක පැටලුනොත් ලේසියෙන් බේරෙන්න ලැබෙන්නේ නෑ කියලා..ඒකට හොදම උදාහරණෙත් හෝසොක්ම තමයි..

ඒ නිසාම යුන්ගිගේ උස ගැන මොකුත් නොකියපු හෝසොක් යුන්ගිගේ උරහිස් දෙකෙන් ම අත් දෙක තියාගෙන යුන්ගිගේ ඇස්වලට එබුනේ යුන්ගි මේ ගත්තූ තීරණය ගැන එයාට සියයට සියයක්ම විශ්වාසයිද කියලා දැන ගන්න ඕනි වුනු නිසයි..

"යුන්ගි....ඔයාට ඇත්තටම රෝනා ප්ලේස් එකට යන්න ඕනිද..."

හෝසොක් අහද්දි යුන්ගි තමන්ගේ උරහිස මත තිබුනු හෝසොක්ගේ අතක් උඩින් තමන්ගේ අත තිබ්බේ විශ්වාසය රැදුනු නෙත්වලින් හෝසොක් දිහා බලමින්.

"ඔව් හෝසොක්.....මට යන්න ඕනි...."

යුන්ගි කතා කළේ හිමීට උනත් ඒ වචනවල තියන විශ්වාසය හෝසොක්ට අදුනගන්න බැරි උනේ නෑ.

"මං අන්තිම වතාවේ රෝනා ප්ලේස් එකෙන් ආවේ රැවටිලිකාරයෙක් වගේ හෝසොක්....මට ඒ හැමෝගෙන් ම සමාව ගන්න ඕනි..නම්ජූන් හ්‍යුන්,ජැක්සන්,ජින් හ්‍යුන් එ හැමෝම මාව විශ්වාස කළා..ඒත් මං කලේ එයාලගේ විශ්වාසය බිදපු එක.එ වගේම ජිමින්..මං එයාට කළේ ලොකු වරදක් හෝසොක්..මට එයාගෙන් ඒ හැමදේටම සමාව ගන්න ඕනි..ඒ හැමෝගෙන්ම..ඒ නිසා මට රෝනා ප්ලේස් එකට යන්නම ඕනි..මට විශ්වාසයි...."

රෝනා ප්ලේස් එකේ හිටපු කාලය ඇතුලට එයාලගෙම කෙනෙක්ට වගේ තමන්ට සලකපු අයව මතක් වෙද්දි යුන්ගිට දැනුනේ ලොකුවේදනාවක්.එයාලට බොරු කරන්න වුනු එක ගැන ඇත්තටම යුන්ගි හිටියේ දුකෙන්..

ඒත් යුන්ගි එ හැමදේටම එයාලගෙන් සමාව ගන්න ලෑස්තියි.ඒ නිසයි ටයිටන්ස් එකට යනවා වෙනුවට මුලින්ම රෝනා ප්ලේස් එකට යන්න යුන්ගි තීරණය කළේ.

ෆැක්ට්‍රි එකෙන් එලියට එන්න කලින්ම යොන්ජුන් ලග තිබුනු හෝසොක්ගෙ ෆෝන් එක යුන්ගි හෝසොක්ට දුන්නේ සීරෝ එකේ අයට තමන් හොදින් ඉන්නවා කියලා දැනුම් දෙන්න ඕනි නිසයි..ඒ ගමන්ම හෝසොක් සීරෝ එකේ හෙඩ්ලා හැමෝටම අණ කලේ පැයක් යනකොට ඒ හැමෝටම රෝනා ප්ලේස් එකට ඇවිත් ඉන්න කියලයි.

හෝසොක්ගේ ෆෝන් එකේ වගේම වොච් එකෙත් ට්‍රැකින් ඩිවයිසස් තිබිලත් තමන්ට හෝසොක් ඉන්න තැන හොයාගන්න බැරි වුනු එක ගැන ජැක්සන් අහපු ප්‍රශ්නවලට උත්තර නොදීම හෝසොක් කෝල් එක කට් කලේ තමන්ව පැහැරගත්තේ යුන්ගි කියන එකත් සීරෝ එකට නොකියා.

"මාව එයාලා ලගට එක්කගෙන යන්න හෝසොකි..මට ඔයාලා හැමෝටම මගේ කතාව කියන්න ඕනි....."

ඒක කියද්දි යුන්ගිගේ ඇස් දිලිසෙන්න ගත්තේ ඒ ඇස්වලට කදුලු පිරුනු නිසා කියලා හෝසොක් දන්නවා.

හෝසොක් යුන්ගිගේ කදුලු පිරුනු ඇස් දිහා බලලා ආදරණීය විදිහට හිනා වුනේ යුන්ගි හෝසොක්ගේ අත උඩ තිබුනු තමන්ගේ අත තව තවත් තද කරගනිද්දි.

"අනිවාරෙන් ම නිකෝ....මං ඔයාව එයාලා ගාවට එක්කගෙන යන්නම්..මට විශ්වාසයි එයාලා ඔයාව තේරුම් ගනියි...."

යුන්ගි හෝසොක් දිහා බලලා යන්තමින් හිනා වුනේ හොසොක් එයා දිහා බලාගෙන ඉද්දි.ටික වෙලාවක් ඒ විදිහටම හිටපු හෝසොක් මොහොතකට පස්සේ යුන්ගිගෙන් ඈත් වුනේ යුන්ගි දිහාට එයාගෙ අත දිගු කරන ගමන්.

තමන් දිහාට යොමු වුනු අත දිහා බලපු යුන්ගි ආයෙමත් හෝසොක් දිහා බැලුවේ කුතුහළයෙන්.
හෝසොක් ඉල්ලන්නේ මොකක්ද කියලා යුන්ගිට තේරුනේ නෑ.

"මොකක්ද...?"

"කී එක...!"

හෝසොක් කිව්වේ අනිත් අතින් කාර් එක පෙන්නන ගමන්.

"මොකක්..ඒ මොකටද.."

යුන්ගි ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"මොකද මං කීයටවත් ඔයාට ඩ්‍රයිව් කරන්න දෙන්නේ නෑ නිකෝ.....කී එක දෙන්න.මං ඩ්‍රයිව් කරන්නම්..."

හෝසොක් කිව්වේ ඇසුත් ලොකු කරගෙන තමන් දිහා බලාගෙන ඉන්න යුන්ගි නිසා පිටවෙන්න ආපු හිනව හිරකරගෙන.

"ඇයි මං ඔයාට කී එක දෙන්නේ..මටත් පුලුවන් තනියෙන් කාර් එකක් ඩ්‍රයිව් කරන් යන්න...."

යුන්ගි කිව්වෙ බෝල වගේ කරගෙන හිටපු ඇස් හීනි කරලා හෝසොක් දිහා බලමින්.

"මොකද මං තමයි පවර්ෆුල් මාෆියා කින්ග් ජේහෝප්..මල් කොල්ලෙක්ට වාහනේ ඩ්‍රයිව් කරන්න දීලා පැත්තකට වෙලා හිටියම මගේ ආත්ම ගරුත්වෙට මොකද වෙන්නේ නිකෝ...."

හෝසොක් කියද්දි යුන්ගි මහ හයියෙන් හිනා වුනේ හෝසොක් පිස්සෙක් වගේ හිනා වෙන යුන්ගි දිහා බලද්දි.

"මොකද ඔයා හිනා වෙන්නේ...?!"

"හිනා යන්නේ නැද්ද කියන කතාවලට..අමතකද ඔය මහලොකු පවර්ෆුල් මාෆියා කින්ග් මෙතෙන්ට ආවේ කොහොමද කියලා...මල් කොල්ලෙක් අතින් කිඩ්නැප් වෙලත් තවම ආත්ම ගරුත්වය තියනවානම් මල් කොල්ලෙක්ට වාහනේ ඩ්‍රයිව් කරන්න දුන්නා කියලා ඒකට මොකුත් වෙන්නේ නෑ මිස්ටර් හෝසෝක්....!"

යුන්ගි හරිම සීරියස් විදිහට ඒ ටික කියලා ආයෙමත් හිනා වෙන්න ගත්තේ හෝසොක්ගේ මූණ බෙරි වෙලා තියන හැටි දැකලා..ඒත් ඊගාව තප්පරෙ යුන්ගිගේ මුවින් විලාපයක් පිට වුනේ තමන්ව පොළොවෙන් ඉහළට එසවෙනවා වගේ දැනෙද්දි.

ඇහි පිල්ලමක් ගැහෙන වේගෙන් යුන්ගි ගාවට ආපු හෝසොක් යුන්ගිගේ පිටිපසින් අත් දෙක තියලා යුන්ගිව දෑතින් ම ඔසවලා කාර් එකේ බොනට් එක උඩින් තිබ්බේ නපුරු හිනාවකුත් දාගෙනමයි.

"හැම මල් කොල්ලටම මාව පැහැරගන්න බෑ....ඒක කරන්න පුලුවන් මේ මල් කොල්ලට විතරයි.....!"

පුදුමයෙන් තමන් දිහා බලාගෙන ඉන්න යුන්ගි දිහා බලලා නපුරු හිනාවක් දාපු හෝසොක් යුන්ගිට කිව්වේ යුන්ගිගේ මූණෙත් කලින් තිබුනු පුදුමය නැති වෙලා දගකාර හිනාවක් ඇදෙද්දි.

"එහෙනම් ඉතින් මේ මල් කොල්ලා කාර් එක ඩ්‍රයිව් කළාට කමක් නෑනේ......?"

යුන්ගි ඇහිබැමකුත් ඔසවලා අහද්දි යුන්ගිගේ දෙකකුල් අතරින් තවත් යුන්ගිගේ ලගට කිට්ටු වුනු හෝසොක් යුන්ගිගේ කනකට නැඹුරු වුනේ රහසක් කියන්න වගේ.

"හැමවෙලේම අශ්වයාව හසුරුවන්නේ කින්ග් මිසක් ප්‍රින්සස් නෙමෙයි නිකෝ බේබි...."

එහෙම කියලා යුන්ගිගෙන් ඈත් වුනු හෝසොක් යුන්ගි දිහා බලලා ඇහැක් ගැහුවේ යුන්ගිගේ එක අතක තිබුනු කාර් කී එක එයාගේ අතට ගන්න ගමන්.

හෝසොක් යුන්ගිව එතනම තියලා හිනා වෙවි ගිහින් කාර් එකේ දොර ඇරියේ යුන්ගි ගල් ගැහිලා වගේ බලාගෙන ඉද්දි.

යුන්ගි හෝසොක් කියපු දේ ගැන කල්පනා කලේ නලලත් රැලි කරගෙන.

'අශ්වයව හසුරවන්නේ කින්ග් මිසක් ප්‍රින්සස් නෙමෙයි..??මගේ කාර් එකද අශ්වයා....!?එතකොට හෝසොක් තමයි කින්ග්..!එතකොට ප්‍රින්සස් කවු...මොන.....ඒ කියන්නේ ප්‍රින්සස් කිව්වේ මටද....!!!!!!!!!'

හෝසොක් කියපු දේ තේරුම් ගත්තු ගමන් මූණත් රතුකරගෙන කාර් එකේ ඩ්‍රයිවින් සීට් එක පැත්ත බලපු යුන්ගි දැක්කේ විවර කරපු දොරට බර වෙලා හිනා වෙවි තමන් දිහා බලාගෙන ඉන්න හෝසොක්ව.

"හෝසෝක්.....!!!!!"

"අපිට පරක්කු වෙනවා....ඉක්මනට ඇවිත් කාර් එකට නගින්න.....ප්‍රින්සස්....."

යුන්ගිගේ රතු වුනු මූණ දිහා බලලා ආයෙමත් ඇහැක් ගහපු හෝසොක් ඉක්මනට කාර් එක ඇතුළින් වාඩි වුනෙ හිනා වෙවීමයි.

යුන්ගිගේ මූණේ ඇදුනේ ලස්සන හිනාවක්.එයා දන්නවා හෝසොක් මේ උත්සාහ කරන්නේ තමන්ව අවුස්සන්න කියලා.හෝසොක් තමන් ගාව නිදහසේ ඉන්න විදිහ දකිද්දි යුන්ගිට ඇත්තටම දැනුනේ ලොකු සතුටක්.

ඒ හිනාවෙන්ම බොනට් එකෙන් පහළට පැනපු යුන්ගි ඉක්මනට ගිහින් හෝසොක්ට එහා පැත්තෙ සීට් එකෙන් වාඩි වුනේ හෝසොක් තමන් දිහා බලන් ඉන්න බව දන්නේ නෑ වගේ...

"බලාගෙන හිටියා ඇති නම් අපි දැන් යමුද.........!!!"

____________________________________
13/01/2022
(1646 Words )

ජීවිත අවදානමෙන් ගැලවීම පිණිස රීඩර්ස්ලා ශේප් කරගැනීමට දමන ලද ඇබිත්තන් චැප්ටර් එකකි....🙂

සොව්රී....😘

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top