Chapter 31
_____________________________________
The love of your life
will be able to make you smile,
even when you are mad as hell.
_____________________________________
"මට ඕනි දේවල් මං කොහොමහරි මගේ කරගන්නවමයි......හොදින් බැරිනම් නරකින් හරි.......මේ වතාවේ මං ඔයාට මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ හෝසොකි.......ඔයා මගේ......."
"ඔයා මේ මින් යුන්ගිගේ.....මින් යුන්ගිගේම විතරයි......."
යුන්ගි හෝසොක්ගේ ඇස් දිහාම කෙලින් බලාගෙන එහෙම කිව්වේ ලොකු අධිෂ්ඨානයකින්.ඒ වචන ටික තමන්ගේ මුවින් පිට වෙද්දි යුන්ගිට දැනුනේ හිතේ තිබුනු ලොකූ බරකින් නිදහස් වුණා වගේ.මොකද හෝසොක් ගැන එයාගේ හිතේ තියෙන ඇත්ත්ම හැගීම් මොනවද කියලා තේරුම් ගත්තු මොහොතේ ඉදන් යුන්ගිට ඕනි වුනේ ඒ ගැන හෝසොක්ට කියන්නයි.
ඒත් යුන්ගිගේ ඉස්සරහම බිම වාඩි වෙලා උන්නු හෝසොක්ගේ මූණේ යුන්ගි බලාපොරොත්තු වුනු විදිහේ ප්රතිචාරයක් ඇදුනේ නෑ.
හෝසොක්ගේ මූණේ තිබුනේ පරන පුරුදු සීතල බැල්ම.ඒ මූණේ කිසිම හැගීමක් තිබූනෙ නෑ.
හැගීම්බර ඇස්වලින් තමන් දිහා බලාගෙන හිටපු යුන්ගි දිහා බලපු හෝසොක්ගේ මූණේ ඇදුනේ සමච්චල් හිනාවක්..
මූණ පැත්තකට හරවලා තමන්ගේ නිකටේ රැදිලා තිබුනු යුන්ගිගේ ඇගිලිවලින් මිදුනු හෝසොක් ආයෙමත් යුන්ගි දිහාට හැරුනේ කට කොනින් හිනා වෙන ගමන්මයි.
"හෝසෝකී...!?? ඔයාට අමතකද මින් යුන්ගි..මං ඔයාට කිව්වා ඔය තොල්වලින් කිසිම දවසක මගේ නම කියන්න එපා කියලා...."
යුන්ගි කියපු කිසිම දෙයක් ඇහුනේ නෑ වගේ හෝසොක් කිව්වේ යුන්ගිගේ මූණේ බලාපොරොත්තු කඩවුනු පෙනුමක් ඇදෙද්දි.
යුන්ගි හෝසොක්ව දකින්න ලැබුනු එක ගැන වගේම තමන්ගේ හිතෙ තිබුනු හැගීම ගැන හෝසොක්ට කියන්න පුලුවන් වුනු එක ගැන ඇත්තටම හිටියේ ලොකු සතුටකින්.ඒත් ඒ හැමදේම අහගෙන ඉදලත් හෝසොක්ගේ මූණේ තියා කටහඩෙවත් කිසිම උණුහුමක් නැති වෙද්දි යුන්ගිට දැනුනේ කියාගන්න බැරි දුකක්.
"ඔයා තාමත් මං එක්ක තරහින්ද ඉන්නේ..."
යුන්ගි ඇහුවේ වේදනාවෙන් හිනා වෙන ගමන් හැගීම් විරහිත හෝසොක්ගේ මූණ දිහා බලාගෙනමයි.
ඒත් හෝසොක් කළේ නපුරු විදිහට කට කොනින් හිනාවෙන එක..
"මට ඔයත් එක්ක තරහා නොගෙන ඉන්න මොකක් හරි හේතුවක් තියනවද..!?"
"ඔව්...තියනවා...."
යුන්ගි කිව්වේ හෝසොක්ගේ නපුරු ඇස් වලින් යන්තමින්වත් ඇස් අහකට නොගෙන..
"නෑ.....කිසිම හේතුවක් නෑ...මට තියෙන්නේ ඔයාත් එක්ක තරහා ගන්න හේතු විතරයි මින් යුන්ගි...ඔයත් එක්ක තරහා නොගන්න හේතු මට නෑ......!"
"ඔයාට හොදටම විශ්වාසද හෝසොක්...?"
"ඔව් ඔව් ඔව්ව්....මට විශ්වාසයි...."
හෝසොක් එහෙම කියලා බැලුවේ යුන්ගිගේ හැගීම්බර මූණ දිහා.හොසොක්ට පෙනුනේ දිලිසෙන ඇස් දෙකක් එක්ක වේදනාවෙන් හිනා වෙන තොල් දෙකක්....
"ඔයාට වැරදුනා හෝසොක්...ඔයාට මාත් එක්ක තරහා නොගෙන ඉන්න හේතුවක් තියනවා....."
"නෑ......!!!!!"
"ඔයා මට ආදරේ කළා හෝසොක්..ඒක තමයි හේතුව......ඔයා මට ආදරේ කළා...!!!"
සිහින් ස්වරයෙන් මුමුණපු යුන්ගි ආයෙමත් එයාගේ සුදුපාට දිගු ඇගිලි හෝසොක්ගේ කම්මුලක් මතින් තිබ්බේ හෝසොක්ගෙ මුලු සිරුර පුරාම සියුම් හිරියක් මතු වෙද්දි..
හෝසොක් දන්නේ නෑ ඒකට හේතුව යුන්ගිගේ අතැගිලිවල උණුහුමද එහෙමත් නැත්නම් යුන්ගිගේ වචන ටිකද කියලා..ඒත් යුන්ගිගේ ඇගිලි හෝසොක්ගේ කම්මුල් මත රැදුනු පමාවෙන්ම ආයෙත් ඒ කම්මුල් මතින් මිදුනේ හෝසොක්ගේ මුවින් පිට වුනු ඊගාව වචන ටික නිසා.
"ඔයා හරි.....ආදරේ කළා...ආදරේ කරනවා නෙමෙයි යුන්ගි...ආදරේ කළා මං....ඒකේ තේරුම තවමත් ආදරෙයි කියන එක නෙමෙයි..මීට කලින් කළා..ඒත් තව දුරටත් නෑ......"
හෝසොක්ගේ මූණේ රැදිලා තිබුනු අත යුන්ගි හිමීට ඉවතට ගත්තේ පුදුමයෙන් වගේ හෝසොක්ගේ දිහා බලාගෙන.
යුන්ගිට වේදනාව කියන එක හරි හුරුයි..ඒත් මේ දානෙන වේදනාව එයාට නුහුරුයි..
මොකද පිලිගැනීමක් බලාපොරොත්තු වුණු මොහොතක ලැබෙන ප්රතික්ෂේප වීම කොයි තරම් තද හිතක් තියන කෙනෙකුට වුනත් දරාගන්න අමාරුයි..
හෝසොක් තවමත් යුන්ගිව ප්රතික්ෂේප කළේ නැහැ තමයි..ඒත් හෝසොක් දිගින් දිගටම යුන්ගි ගැන කිසිම හැගීමක් තව දුරටත් එයාගේ හිතේ නැති බව යුන්ගිට දැනෙන්න අරිද්දි ඒකෙයි ප්රතික්ෂේප කිරීමෙයි ලොකු වෙනසක් යුන්ගිට පෙනුනේ නෑ.
ඉතින් යුන්ගිට තිබුනේ එකම එක ප්රශ්නයයි..
"ඇයි...?ඇයි හෝසොක්...??!"
යුන්ගි ඇහුවේ හෝසොක් ගාවින් ටිකක් ඈතට වෙන ගමන්.
මේ හැමදේටම හේතුව සන්හූන් වෙනුවෙන් යුන්ගි පලි ගන්න තීරණය කරපු එකද..
තමන්ගේ ආදරණීය සහෝදරයා වෙනුවෙන් සාධාරණයක් ඉශ්ට කරන්න උත්සාහ කරපු එකද...
"මොකද ඔයා මට බොරු කළා යුන්ගී...මාව රැවැට්ටුවා....මං කිව්වනේ මට බොරුකාරයො පේන්න බෑ..මට බොරු කරන අයට මං කවදාවත් සමාවක් දෙන්නෙ නෑ....!"
හෝසොක් එහෙම කියන ගමන් බලාගෙන හිටියේ යුන්ගිගේ මූණ දිහා.තප්පර කීපයක් ඇතුළට යුන්ගිගේ මූණ වෙනස් වෙන හැටි හෝසොක් දැක්කා.මොහොතකට කලින් තිබුනු බලාපොරොත්තු සුන්වුනු පෙනුම වෙනුවට යුන්ගිගේ මුහුණේ ඇදුනේ හිනාවක්..ඒක සතුටු හිනාවක්වත් වේදනාත්මක හිනාවක්වත් නෙමෙයි...හරියටම කියනවානම් උමතු හිනාවක් වගේ.
මෙච්චර වෙලා හෝසොක් ගාව වාඩි වෙලා හිටපු යුන්ගි හිමීට හෝසොක් ගාවින් නැගිටලා හෝසොක්ගේ ඉස්සරහින් හිටගත්තේ ඒ හිනාවෙන් ම හෝසොක් දිහා බලාගෙන.
"ඒ කියන්නේ...ඔයා කියන්නේ මං බොරුකාරයෙක් කියලද හෝසොක්.....!"
යුන්ගි ඇහුවේ අර උමතු හිනාවෙන්මයි.තමන්ගේ දෙපා ඉස්සරහා හිටගෙන ඉන්න යුන්ගි දිහා බලපු හෝසොක් යුන්හි දිහා බැලුවේ යුන්ගිට අභියෝග කරනවා වගෙ තියුණු බැල්මකින්.
"ඔව් මිස්ටර් මින් යුන්ගී...තමුන් බොරුකාරයෙක්...!!!!"
හෝසොක් දැනගෙන හිටියේ නෑ යුන්ගි කොයි තරම් වේගවත්ද කියලා.ඒත් යුන්ගිට බොරුකාරයෙක් කියලා කියපු තප්පරේම හෝසොක් හොයාගත්තා යුන්ගිකොයි තරම් නම් වේගවත්ද කියලා.
මොකද හෝසොක් ඒක කියලා ඇහි පිල්ලමක් ගහන පරක්කුවට යුන්ගි හිටියේ හෝසොක්ගෙ මූණ ඉස්සරහ..බිම හිටපු හෝසොක්ගේ දෙපා මැදි කරගෙන හිටගෙන හිටපු යුන්ගිගේ දකුණතේ ග්රහණයට හසු උනු හෝසොක්ගේ මූණ බලෙන් ම වගේ තමන්ගේ පැත්තට හරවගත්තු යුන්ගි දිහා හෝසොක් බලාගෙන හිටියෙ ඇසුත් ලොකු කරගෙන.
යුන්ගිගේ අත් අනිත් වෙලාවට කොයි තරම් සියුමැලි වුනත් හෝසොක්ගේ කම්මුල් දෙකෙන් හිරකරගෙන අල්ලගෙන හිටපු යුන්ගිගේ අත්වල ඒ මොහොහේ තිබුනේ ලොකු ශක්තියක්.
ඒ වගේම හෝසොක් තවත් පුදුම වුණේ යුන්ගිගේ මූණ දැකලා.යුන්ගිගේ මූණ රතු වෙලා තිබුනේ ලැජ්ජාවට නෙමෙයි කියලා හෝසොක්ට විශ්වාසයි.මොකද කවුරු හරි කෙනෙක් තමන්ට බොරුකාරයා කිව්වා කියලා මනුස්සයෙක් ලැජ්ජාවෙන් රතු වෙන්නේ නෑ.
ඒකේ තේරුම යුන්ගිගේ මූණ රතු වෙලා තියෙන්නේ කේන්තියෙන් කියන එකයි.යුන්ගි ඉන්නේ කේන්තියෙන් කියන එක හෝසොක්ට තවත් ස්තීර වුනේ යුන්ගිගේ තරහින් පිරුණු ඇස් දැක්කට පස්සේ.
යුන්ගි හිටියේ කේන්තියෙන් පුපුරමින්.අහින්සක යුන්ගි ගැන කොච්චර දැනගෙන හිටියත් නපුරු යුන්ගි ගැන මොකුත්ම නොදන්න හෝසොක්ට තමන්ගේ ඉස්සරහ යකෙක් වගේ ඉන්න යුන්ගි දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.
ජන්ග් හෝසොක් කියන්නෙ මාෆියා කින්ග් කෙනෙක් බව ඇත්ත..ඒත් අහින්සක යුන්ගි ඉස්සරහ පූස් පැටියෙක් වගේ වෙන හෝසොක්ට නපුරු යුන්ගි ගාවදි තමන් කවුද කියන එකවත් මතක තිබුනේ නෑ.
මින් යුන්ගි හෝසොක්ගේ මූණට එබුනේ දත් මිටිකන ගමන්.
"ආයේ එකපාරක් හරි ඔය කටින් මට බොරුකාරයා කියලා කිව්වොත්...මතක තියාගන්නවා මිස්ටර් ජන්ග් හෝසොක් මං තමුන්ව මෙතනම ඉවරයක් කරනවා.....!!!!!"
යුන්ගිගේ අවසන් වචන කීපය මහ හඩින් පිට වෙද්දි හෝසොක් යුන්ගි දිහා බලාගෙන හිටියේ තුශ්නිම්භූත වෙලා වගේ වෙන දෙයක් හිතාගන්න බැරිව..
හෝසොක්ගේ මූණ අත් ඇරලා තව එක සැරයක් හෝසොක් දිහාට ඒ කේන්තියෙන් පුපුරන ඇස්වලින් විනිවිද යන බැල්මක් හෙලපු යුන්ගි හෝසොක් ගාවින් ඈත් උනේ කේන්තියෙන්මයි.
"තමුන් හිතාගෙන ඉන්නේ තමුන් මොකෙක් කියලද හෝසොක්.....තමුන්ට කොහේ තියන අයිතියක්ද මට බොරුකාරයා කියන්න...ආආආ.....!"
පුදුමයෙන් වගේ ඉන්න හෝසොක් දිහා බලලා යුන්ගි මහ හයියෙන් කෑ ගැහුවේ යුන්ගිගේ කටහඩ මුලු කුටිය පුරාම රැව් දෙද්දි.
"ඔව් මං තමුසෙට බොරු කළා තමයි..ඉතින් මොකද...මං කවුද කියන එක මං තමුසෙගෙන් හැන්ගුවා...ඒකනෙ තමුසේ ඔය කියන විදිහට මං තමුසෙට කරපු මහා ලොකු බොරුව...එහෙමනේ.....!!!!"
හෝසොක් කිසිම දෙයක් නොකියා බලාගෙන හිටියේ තමන්ගේ ඉස්සරහා පුපුරමින් ඉන්න යුන්ගි දිහා..
යුන්ගි හිටියේ මහා ලොකු කේන්තියකින්.කියලා ඉවර කරන්න බැරි තරම් ලොකූ කේන්තියකින්.
"ඒත් හොසොක් තමුසේ දන්නවද තමුසේ ඔය කියන මහා ලොකු බොරුව කරලා බොරුකාරයෙක් වුනේ ඇයි කියලා මං......මං මොකාද කියන එක මං තමුසෙගෙන් හැන්ගුවේ ඇයි කියලා තමුසේ දන්නවද.....!!!!"
"දන්නේ නැත්තේ නෑ තමුන් ඒ හැමදේම දන්නවා...ඒත් තමුසේ ඒක පිලිගන්න කැමති නෑ....මං තමුන් ඉස්සරහා බොරුකාරයෙක් උනේ තමුසේ නිසාමයි කියන එක පිලිගන්න තමුසේ කැමති නෑ............!!!!"
"මේ හැමදේටම මුල තමුන්...මට මේ හැමදෙයක්ම කරන්න උනේ තමුසේ නිසයි හෝසොක්....මං තමුසෙව මරන්න ආවේ මිනී මරන්න තියන ආසාවකට නෙමෙයි...මන් ආවේ තමුසෙගෙන් පලි ගන්න...මගේ අයියගේ මරණෙට පලිය ගන්නයි මං ආවේ........!!"
යුන්ගි කෑ ගැහුවේ හෝසොක් ලගට නොයා ඉන්න සෑහෙන්න උත්සාහ කරන ගමන්..
"මං කවුද කියන එක මං හැන්ගුවේ තමුන්ගෙන් නෙමෙයි හෝසොක්..ජේහෝප්ගෙන්....මං බොරු කළේ තමුසෙට නෙමෙයි ජේහෝප් කියන මාෆියාකාරයට...මගේ අයියගේ මිනීමරුවට.....මට මේ ලෝකේ ඉතුරු වෙලා හිටපු එකම කෙනත් නැති කරපු මිනිහටයි මං බොරු කළේ....ඒ ජේහෝප් තමුසේ වෙච්ච එකට පලි මංද හෝසොක්....මං ආවේ මගේ අයියව නිකරුනේ මරලා දාපු එකාගෙන් ඒකට පලිය ගන්න.....ඉතින් මගේ අයියව මරපු එකා තමුසේ වුනු එකට පලි මමද....!!!!"
යුන්ගිගේ ඒ වචන ඇහෙද්දි හෝසොක්ගේ පපුවට දැනුනේ සියුම් වේදනාවක්.හෝසොක් යුන්ගි දිහා බලද්දි හෝසොක්ගේ ඇස්වල ඒ වේදනාවෙ සේයාවක් ඇදුනත් කේන්තියෙන් හිටපු යුන්ගි ඒක දැක්කේ නෑ......
"එදා...තමුසේ මගේ අයියව සතෙක් වගේ මරලා දාද්දි තමුසෙගේ කටින් පිටවුනු හැම වචනයක්ම මං අහගෙනයි හිටියේ...මගේ අයියා ඒ වැරැද්ද කලේ නෑමයි කියලා කියද්දිත්...එයාගේ නිවැරදිකම ඔප්පු කරන්න අවස්තාවක් දෙන්න කියද්දිත්...එයා කියන දේ ටිකක් අහන්න කියලා ඒ තරම් කියද්දිත් තමුසෙ කළේ ඒ මොකුත් ඇහුනේ නෑ වගේ එයාට වෙඩි තියපු එක...එයාගේ ජීවිතේ අයිති තමුන්ට වගේ තමුසේ ඒ ජීවිතේ එයාගෙන් උදුරගත්තා.....!!"
යුන්ගිගේ කෑ ගැහිල්ලේ කොයි තරම් කේන්තියක් ගැබ් වෙලා තිබුනත් ඒ වචන අස්සේ හිර වෙලා තිබුනු වේදනාව තේරුම් ගන්න හෝසොක්ට අමාරු වුනේ නෑ..
යුන්ගිගේ වචන ඇහෙද්දි හෝසොක්ට දුකක් දැනුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්.හෝසොක්ට ඒක දැනුනා.හෝසොක් දන්නවා තමන් ආදරේ කරපු කෙනෙක් අහිමි වෙද්දි ඒ දැනෙන වේදනාව...
"මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරෙ කළේ මගේ අයියට හෝසොක්...සමහරවිට මගේ අම්මටයි තාත්තටයිත් වඩා මං ආදරේ කරන්න ඇත්තේ මගේ අයියට.....මගේ මුලු ජීවිතේම මගේ මුලු ලෝකෙම මගේ අයියා....ඒත් තමුන් මගෙන් එයාව ඈත් කළා..ආයේ කිසිම දවසක මට එයාව මුන නොගැහෙන විදිහටම එයාව මගෙන් ඈතකට යැව්වා...තමුසෙලා එකතු වෙලා එයාව මරලා දැම්මා හෝසොක්.....ඒත් ඒ හැමදේම අහගෙන ඉදලත් මට මොකුත්ම කරගන්න බැරිඋනා..අඩුම තරමේ මගේ අයියව අන්තිම වතාවට වැලදගන්න්නවත් මට බැරි උනා......!!"
යුන්ගිගේ ඇස් වල පිරිලා තිබුනු කදුලු දෝරේ ගලන්න පටන් ගත්තේ හෝසොක්වත් වේදනාවට පත් කරමින්.ඒත් තමන් එක්ක කේන්තියෙන් ඉන්න යුන්ගි ගාවට යන්න හෝසොක්ට පුලුවන්කමක් තිබුනෙ නෑ..
සන්හූන් ගැන මතක් වෙද්දි උනන කදුලු ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නු යුන්ගි වේදනාවෙන් තමන් දිහා බලාගෙන ඉන්න හෝසොක් දිහා බැලුවේ රතුවුනු ඇස්වලින්.
"මට මං එයාට කොයි තරම් ආදරෙයිද කියලාවත් කියන්න බැරි උනා.....ඒ හැමදේම තමුන් නිසයි හෝසොක්.....කිසිම වරදක් නොකරපු මගේ අයියව මරලා දැම්මේ තමුසෙ කියලා දැන දැනත් මං නිකන් ඉන්නේ කොහොමද කියලා මට කියනවා.....පුලුවන්ද එහෙම ඉන්න.....බෑ....කීයටවත් බෑ...අපි ආදරෙ කරන අය වෙනුවෙන් අපිට කරන්න බැරි දෙයක් නෑ..බොරු කියන්න විතරක් නෙමෙයි මිනී මරන්න උනත් පුලුවන් ඒ වෙලාවට......!!"
හෝසොක් කිසිම දෙයක් නොකියා නිහඩවම ඉන්නේ ඇයි කියලා යුන්ගිට කල්පනා වුනෙ නෑ..යුන්ගි කළේ එයාගේ හිතේ තිබුනුහැමදේම කියලා දාපු එක.සෑහෙන කාලයක් තිස්සේ හෝසොක්ට කියන්න ඕනි වෙලා තිබුනු හැමදේම යුන්ගි කිව්වේ දෙපාරක් නොහිතා...
"තමුසෙ හැම තැනම සන්හුන්ගෙ මල්ලි යුවීව හොයද්දි මට පුලුවන්ද මං තමයි යුවි කියලා තමුසේ ලගට එන්න....එහෙම උනානන් දෙපාරක් නොහිතා තමුසෙ මාවත් මරලා දායි...."
"මං බොරු කිව්වේ මගේ අයියා වෙනුවෙන් හෝසොක්..මං කවුද කියන එක මං හැන්ගුවේ මගේ ජීවිතේ වෙනුවෙන්...මං බොරු කිව්වේ නෑ මං කළේ ඇත්ත හන්ගපු එක විතරයි.....මං යුවී කියලා නොකිව්වට යුන්ගි කියන්නෙත් යුවීමයි කියලා තමුන් හොයාගත්තු වෙලාවේ මං කිව්වේ නෑ මං යුවී නෙමෙයි කියලා......."
"මං කවුද කියන එක හැන්ගුවට ඔයා මට ඔච්චර වෛර කරනවානම් මගේ අයියව මැරුව තමුසෙට මං කොයි තරම් නම් වෛර කරන්න ඕනිද හෝසොක්...ඒත් මට ඒකවත් කරගන්න බෑ......"
යුන්ගිගේ මූණ දිහාම වේදනාවෙන් නිහඩවම බලාගෙන හිටපු හෝසොක් මේ වතාවේ යුන්ගිගේ ඇස්වල දැක්කේ කේන්තිය නෙමෙයි..වෙන මොකක්දෝ අමුතු හැගීමක්.
හෝසොක් කල්පනාකාරි නෙත්වලින් යුන්ගි දිහා බලාගෙන ඉද්දි හෝසොක්ගේ ඉස්සරහ තිබුනු බැරල් එක ලගට ගිය යුන්ගි ඒකෙන් වාඩි වුනේ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන...
"මගේ අයියව මැරුවේ ඔය අත් දෙකෙන් කියලා දැන් දැනත් මට ඔයාට වෛර කරන්න බැරි ඇයි හෝසොක්....!"
යුන්ගිට ඔලුව උස්සලා බලන්න හයියක් තිබුනේ නෑ..කොයි තරන් කේන්තියකින් හිටියත් යුන්ගිට දැන් ඒ කේන්තිට දැනුනේම නැති තරම්.ඒ වෙනුවට යුන්ගිට මුලු හිත පුරාම දැනෙන්න ගත්තෙ මහ අසරණ හැගීමක්.
"මගේ අයියව මරපු කෙනාගෙන් පලි ගන්නවත් බැරි ඇයි මට......."
ඒත් එක්කම මෙච්චර වෙලා යුන්ගිගේ ඇස්වල රැදිලා තිබුනු කදුලු අනායාසයෙන් ම කම්මුල් දිගේ ගලන්න පටන් ගත්තේ යුන්ගිව තවත් වේදනාවට පත් කරමින්.ඔලුව උස්සල බලලා ඒ කදුලු හෝසොක්ට දකින්න සලස්සන්න උවමනා නැති නිසාම යුන්ගි එයාගෙර් මූණ අත් දෙක අස්සෙ හන්ගගත්තේ මෙච්චර වෙලා තිබුනු කේන්තිය නිසාම හිතේ ඇති වෙලා තිබුනු ශක්තිය ඒ කදුලුත් එක්කම හේදිලා යද්දි.
"ඇයි ඔයා ලගම....මේ ලෝකේ ඉන්න හැමෝම අතරෙන් ඇයි මගේ හිත ඔයා ගාවම නතර වුනේ.....මගේම අයියගේ ම්නීමරුවා ගාවම ඇයි මට නවතින්න ඕනි වුනේ...............!!!!"
"ඒ හැමදේටමත් වඩා....ඇයි ඔයාගෙ ලගදිම මට බොරුකාරයෙක් වෙන්න වුනෙ හෝසොකී...මගේම අයියා වෙනුවට එයාව මරපු ඔයාව මං තෝරගනිද්දි ඇයි මට ඔයාගාව නවතින්න ඉඩක් නැත්තේ......!?"
යුන්ගිට තවත් කතා කරගන්නවත් හයියක් තිබුනේ නෑ..වේදනාව එයාගේ හදවත පුරාම පැතිරිලා යද්දි යුන්ගි කලේ ඒ වේදනාවනිසා මුවෙන් නික්මෙන හැඩුම් දරාගන්න අසාර්ථක උත්සාහයක් ගන්න එක.
කදුලු හන්ගන්න වෑයම් කරමින් උන්නු යුන්ගි දැක්කේ නෑ තමන්ගේ ලගට් හිමීට ළන් වෙන ඒ රූපය.
ඒත් කලු පාට සපත්තු දාපු දෙපා දෙකක් තමන්ගේ ඉස්සරහ නතර වුනු හැටි යුන්ගි ඊට මොහොතකට පස්සේ දැක්කා.
ඒත් එක්කම තමන්ගේ හිසට ස්පර්ශයක් දැනෙද්දි හිස ඔසවලා ඉදිරිය බලපු යුන්ගිගේ කදුලු පිරුනු ඇස්වලට පෙනුනේ එයාගේ ඉස්සරහ හිටගෙන ඉන්න හෝසොක්ව.
හෝසොක්ගේ එක අතක් තිබුනේ යුන්ගිගේ ඔලුවේ...ඒ අතේ අතැගිලි වලින් හෙමීට යුන්ගිගේ හිස පිරිමදින ගමන් හෝසොක් යුන්ගි දිහා බලාගෙන හිටියේ කදුලු පිරුනු ඇස්වලින්..එත් ඒ මූණේ තිබුනේ සිහින් ලස්සන හිනාවක්.
"ඔයා බොරුකාරයෙක් නෙමෙයි යුන්ගී...ඒ වගේම මගේ ලග නවතින්න පුලුවන් එකම කෙනා ඔයාම විතරයි....!"
යුන්ගි කදුලුවලින් තෙත් වෙලා තිබුනු ඒ ඇස්වලින් හෝසොක්ගේ මූණ දිහා බැලුවෙ පුදුමයෙන්.යුන්ගිට හොදටම විශ්වාසයි හෝසොක්ගේ අත් දෙක ගැට ගහලයි තිබුනේ කියලා.ඒත් යුන්ගිගේ ඉස්සරහ හිටගෙන හිටපු හොසොක්ගෙ අත් දෙක තිබුනේ ගැට ගහලා නෙමෙයි.
යුන්ගිගේ හිතෙ තිබුනු ප්රශ්නේතේරුම් ගත්තා වගේ හෝසොක් යුන්ගි දිහා බලලා හිනා වුනේ ඒ ප්රශ්නෙට උත්තර දෙන ගමන්.
"මං සීරෝ එකේ ලීඩර් උනේ නිකන් නෙමෙයි යුන්ගියා..අත් දෙක නෙමෙයි මුලු ඇගම ගැට ගැහුවත් බේරෙන හැටි මං දන්නවා...මගෙ ඇස් දෙක ලෙහලා විනාඩි පහක් යන්නත් කලින් මං අත් දෙක ලිහාගෙන ඉවරයි...."
තමන් දිහා බලාගෙන හිනා වෙන හෝසොක් දිහා ඔලුව උස්සලා බලපු යුන්ගිගේ මූණේ තිබුනේ පුදුමයක්...
"ඒ..ඒ කියන්නේ..මේ මුලු වෙලාවෙම ඔයා හිටියේ..."
"ඔව්...මං එහෙම හිටියේ උවමනාවෙන්මයි...මට ඕනි වුනේ ඔයාගේ හිතේ තියන හැම දෙයක්ම එලියට ගන්නයි යුන්ගී...ඔයාගේ හිතේ තියෙන වේදනාව ඔයා හිරකරගෙන ඉන්න එක නවත්තන්නයි මට ඕනි වුනේ..මං දන්නවා ඔයාට කේන්ති ගියොත් විතරයි ඒ හැමදෙයක්ම ඔයා පිට කරන්නේ කියලා..ඒ නිසයි මං ඔයාට කේන්ති යන දේවල් කිව්වේ...."
"හෝසොක්....?"
"මට සමාවෙන්න නිකෝ බබා...ඒත්...ඔයාට පුලුවන්නම් මේ මිනීමරුවට එකම එක චාන්ස් එකක් දෙන්න....මට ඔයාව මොන තරම් වටිනවද කියලා මං පෙන්නන්නම්........"
යුන්ගි තමන්ගේ ඉස්සරහින් හිටගෙන ඉන්න හෝසොක් දිහා බලාගෙන ඉද්දි යුන්ගිටත් නොදැනීම එයාගේ ඇස්වල කදුලු අලුත් උනේ හෝසොක්ගේ වචනවලට..
යුන්ගිට මේ කිසිම දෙයක් අදහගන්න බැරි තරම්.හැමදේම එයාට දානුනේ හීනයක් වගේ.
"මගේ නිකෝව මට ඕනි මැණික...කියන්න...මගේ ලගින් නතර වෙන්න ඔයා කැමතිද...."
හෝසොක් යුන්ගි දිහා බලාගෙන හිටියේ ආයාචනාත්මක ඇස්වලින්.
යුන්ගිට හිතන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ..හෝසොක් ඇහුවත් නැතත් යුන්ගිට ඕනි වුනේ හැමදාමත් හෝසොක් ලග නතර වෙන්නම තමයි.
ඉතින් තවත් බලන් නොඉදපු යුන්ගි හෝසොක්ගේ දිලිසෙන ඇස් දිහා බලාගෙනම ඔව් කියමින් ඔලුව වැනුවේ උතුරා යන සතුටින්.
යුන්ගි ඔව් කියද්දිම හෝසොක්ගේ මූණෙ තිබුනු හිනාව තවත් ලොකු උනේ ඒ ලස්සන හිනාවට යුන්ගිව තවත් වශී වෙද්දි.
යුන්ගිගෙ කම්මුල්වල ගලාගෙන යන කදුලු ඇගිලිවලින් පිසදාපු හෝසොක් අත් දෙකෙන්ම යුන්ගිගේ මූණ අල්ලගෙන යුන්ගිගේ කදුලින් පෙගුනු ඒත් හිනාවකින් පිරුනු මූණ දිහා බලාගෙන හිටියේ හරිම ආදරණීය විදිහට.
යුන්ගිගේඇස් දිහා බලාගෙන උන්නු තප්පර කීපයකට පස්සේ හෝසොක් වාඩි වෙලා හිටපු යුන්ගිගේ දෙපා අතරින් යුන්ගිට තවත් ලන් උනේ ඒ දෙදෙනා අතරේ ඉඩක් ඉතුරු නොවෙන විදිහට.
හිනාවෙන ඇස්වලින් යුන්ගිගේ දිහා බලාගෙන හිටපු හෝසොක් යුන්ගිගේ උරහිස්වලින් දෑත් තියලා ඔහුව හිමීට තුරුල් කරගත්තේ යුන්ගිගේ දෑතම හෝසොක්ගේ ඉණ වටේ එතෙද්දි.
වාඩි වෙලා හිටපු ඉරියව්වෙන්ම අත් දෙකෙන්ම හෝසොක්ව තුරුල් කරගත්තු යුන්ගි හෝසොක්ගේ පපුවෙන් ඔලුව තියාගත්තේ හෝසොක්ගේ හදවත ගැහෙන හඩ වගේම ඒ උණුහුමත් හිත පුරා විදගනිමින්..
____________________________________
05/01/2022
( 2368 words )
හපූ කියවන අයට තෑගි දෙන්න ඕනි මේ විකාර කියවනවට..🫣
ඩිස්ගාස්ටින් ශිට් 😑
(ලී මින්හෝගෙ තාලෙට කියන්ඩලා..🫠)
තව කොටස් තුනකින් විතර Forbidden Lov ඉවරායි..🙂
අවසන් කොටසවත් ඉස්සර වගේ ලියන්නම්..✋🫠
(මුල ඉදන් කතාවම ආයෙත් කියවලත් පරණ රයිටින් ස්ටයිල් එකට ලියාගන්න බැරි උනු මන්..🙂✌)
Thank you for reading my sweethearts 💙🌼
Plz vote and comment.❤️
LOVE YOU..😘
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top