Chapter 29

____________________________________

In the end,
we only regret the
chances we didn't take.

____________________________________

මින් යුන්ගි රෝනා ප්ලේස් එකෙන් ගිහින් දවස් දෙකකුත් ගත වෙලා ගියේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට..

නම්ජූන් වගේම ජිමිනුත් සම්පූර්ණෙන්ම සුවය ලබලා හිටියත් ඒ කිසිම කෙනෙක් හිටියේ හිතේ සතුටින් නෙමෙයි..

යුන්ගි ඉද්දි අමුතුවෙන් කියන්න විශේෂත්වයක් නොතිබුනාට යුන්ගි ගියාට පස්සේ රෝනා ප්ලේස් එකේ හැමෝටම දැනුනේ මොකක්ද කියලා හිතාගන්න බැරි අඩුවක්..

ඒත් ඒ හැගීම හිත අස්සෙම තියාගත්තා මිසක් කිසිම කෙනෙක් ඒ වහළ යට ඒ ගැන කතා කරන්න ගියෙ නැ..

ජින් එවලේ දැනුනු ආවේගෙට යුන්ගිට මොන තරම් දේවල් කිව්වත් මුල ඉදන්ම සන්හූන් කියන්නේ වැරදිකාරයෙක් නෙමෙයි කියලා විශ්වාස කරපු කෙනෙක් හැටියට යුන්ගි එයාගේ අයියා වෙනුවෙන් කරන්න හදපු දේ එයාගේ පැත්තෙන් සාධාරණයි කියලා ජින් දැනගෙන හිටියා..

ඒත් මාෆියා කියන්නේ සාධාරණය අසාධාරණය හොය හොය වැඩ කරන තැනක් නෙමෙයි..

ඒ නිසාම යුන්ගි ජිමින්ගේ ජීවිතේ අනතුරේ හෙළපු එක වගේම හෝසොක්ගේ ජීවිතේ නැති කරන්න උත්සාහ කරපු එක ගැන ජින් තවමත් හිටියේ යුන්ගි එක්ක අමනාපෙන්.

ඒත් නම්ජූන්...

සිද්ධිය ගැන දැනගත්තු ගමන් බෝම්බයක් වගේ පුපුරපු නම්ජූන් යුන්ගිව හොයාගෙන යන එක ජින් නැවැත්තුවේ බොහොම අමාරුවෙන්.

නම්ජූන් හිටියේ යුන්ගිව පණ පිටින් ගිනි තියන්න තරම් කේන්තියකින්.තමන්ගේ බොස්ට කවුරු හරි ඇගිල්ලක් තිබ්බොත් ඒ මනුස්සයගේ අතම කපලා දාන ජාතියේ කෙනෙක් තමයි නම්ජූන් කියන්නේ..

ඒ වගේම...හෝසොක්ට කවුරු හරි නරකක් කරන්න හැදුවොත් ඒ කෙනාට පහුවෙනිදා ඉර පායන හැටි බලන්නවත් සමාවක් නොදෙන හොදම යාලුවෙක් තමයි ජූන්..

සන්හූන් නිවැරදි කියන්න හරියටම සාක්ශි නොතිබුනත් එයා වැරදියි කියන්නත් හරියට සාක්ශි නොතිබුනු නිසාම යුන්ගිගේ කේන්තිය සාධාරණයි කියලා ඔප්පු කරපු ජින් නම්ජූන්ව සන්සුන් කරගත්තේ පැය ගානක් හේතු දැක්වුවට පස්සේ..

අනිත් කෙනා ජිමින්....

ජිමින් හිටියේ ‍යුන්ගි ගැන ගොඩක් දුකින්...තමන්ට කරපු දේ ගැන අන්ශුමාත්‍රයකවත් අමනාපයක් ජිමින්ට යුන්ගි ගැන දැනුනේ නෑ.

ඇත්තටම කියනවානම් යුන්ගිගේ මානසිකත්වය හරියටම තේරුම් ගත්තේ ජිමින් විතරයි....
මොකද පවුලේ කෙනෙක් නැති වෙන එකේ වේදනාව ජිමින් හොදටම දැනගෙන හිටියා...ඒ වගේම ඒකට වග කියන්න ඕනි අයගෙන් පලි ගන්න ඒ දැනෙන උවමනාව ලේසියෙන් නවත්තගන්න බෑ කියලත් ජිමින් අත්දැකීමෙන්ම දන්නවා..

ඒ නිසා ජිමින් හිටියේ යුන්ගි ගැන අනුකම්පාවෙන්.

අන්තිම කෙනා තමයි හෝසොක්..

යුන්ගි ගියාට පස්සේ හෝසොක් වැඩි කාලයක් ගත කළේ බේස්මන්ට් එකේ...ඉවරයක් නැති විලාපයන් මහ ගොඩකට පස්සේ එයා එතනින් එලියට ආවේ ලේවලින් නෑවිලා.

කාලයක් හරි උණුසුම්ව තිබුනු ඒ මූණ පුරා තිබුනේ සීතල බවක් විතරමයි.

නම්ජූන් එක්ක ඇරෙන්න හෝසොක් කතා කළානම් කතා කලේ ජිමින් එක්ක විතරයි.ඒකත් වචන දෙක තුනකට වැඩි උනේ නෑ.

යුන්ගි ගැන තරහක් හෝසොක්ගේ හිතේ තිබුනේ නෑ..ඒක කළකිරීමක්.

යුන්ගි රෝනා ප්ලේස් එකෙන් ගියාට දවස් දෙකකට පස්සේ හෝසොක්ගේ නමට ආපු රෝස මල් පොකුරට ඒ කලකිරීම නැති කරන්න පුලුවන් උනේ නෑ.

එතන රෝස මල් පහළවක් තිබ්බා..ඒ වගේම ඒ මල් ටිකත් එක්ක රතු පාට පෑනකින් පුංචි රවුමකට අයිස් කෝන් දෙකක් අනිත් පැත්ත හැරෙව්වා වගේ කන් දෙකක් තියන බළල් මූණක් ඇදපු කහ පාට කොලේකුත් තිබුනා..

පූස් මූණෙන් කියන්නේ නිකෝ කියන එක කියලා තේරුම් ගත්තට රෝස මල් පහළොවකින් කියන්නේ මොකක්ද කියලා හෝසොක් දැනන් හිටියේ නෑ.

ඒ නිසාම කොළ කෑල්ල දැකපු ගමන් හෝසොක් මල් ටිකත් විසික් කරලා දැම්මේ කුණු ගොඩක් විසික් කරනවා වගේ.

හෝසොක් සෑහෙන්න උත්සාහ කළා යුන්ගි කියලා කෙනෙක් හිටියෙත් නෑ,ඇත්තෙත් නෑ විදිහට ජීවත් වෙන්න..

ඒත් එයාට කොච්චර කල් ඒක කරන්න පුලුවන් වෙයිද...

___________________________________

යුන්ගි රෝනා ප්ලේස් එකෙන් ගිහින් තුන්වෙනි දවස.

යුන්ගිව දැක්කට පස්සේ පිස්සෙක් වගේ දගලපු ටේයෝන් ජන්කුක්ට වගේම ජන්කුක්ගේ තාත්තටත් ටකාශිටත් කෝල් කරලා යුන්ගි ආපු එක ගැන කිව්වෙ ඒ ගමන්මයි.

පළවෙනි දවස යුන්ගි ගෙව්වේ එයාගෙන් අහන ප්‍රශ්නවලට උත්තර දිදි..ඒත් යුන්ගි හෝසොක් ගැන කිසිම දෙයක් ඒ කාත් එක්කවත් කිව්වේ නැ.ඒ දෙන්නා අතරේ වුනු හැම දෙයක්ම වගේම එයාගේ හිතේ හෝසොක් ගැන තියෙන හැගීමත් යුන්ගි එයාලට නොකියා ඉන්න පරිස්සම් උනා.

දෙවනි දවස යුන්ගි ගෙව්වේ ටයිටන් එකේ..ඒ දවස පුරාවටම එයාලගේ එකම අරමුණ වුනේ ටේයොන්ගේ තාත්තව සම්බන්ද කරගන්න එක.
හෝසොක්ගේ තාත්තා ඒ දේවල්වලට සම්බන්දයි කියලා දැනගත්තට පස්සේ එහෙම උනේ කොහොමද කියන එක යුන්ගිට ලොකු ගැටලුවක් උනත් එයා ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ.

යුන්ගිට එවලේ ඕනි වුනු ලොකුම දේ තමයි ටේයොන්ගේ තාත්තා පාක් ජීවොන් හොයාගන්න එක.

පාක් ජීවොන්ලා ඇමරිකා ගියාට පස්සේ එයාලව කිසිම විදිහකින් සම්බන්ද කරගන්න ටයිටන්ස්ලට ඉඩක් තිබ්බේ නෑ..ඒකට හේතුවක් කිසිම කෙනෙක් දැනගෙන හිටියෙත් නෑ..ජීවොන්ලා ඒ තරම් රහසිගත විදිහටයි ඇමරිකාවල එයාලා කරන්න ගිය වැඩේ කළේ.ටයිටන් එකටවත් තමන් ඉන්න තැන හොයාගන්න ජීවොන්ලා ඉඩක් තිබ්බේ නෑ.

සන්හූන්ගේ මරණේ ගැන ජිවොන් තවමත් දන්නේ නෑ.ඒ ගැන ජීවෝන්ට දන්වන්න යුන්ගිට ඕනි වුනා.සන්හූන්ගේ අහින්සකකම ඔප්පු කරන්න යුන්ගිට ජීවෝන්ගේ උදව් ඕනි උනා.

පාක් ජීවොන් කියන්නේ යුන්ගිගෙයි සන්හූන්ගෙයි එකම මාමා..එයා සන්හූන්ට මොන තරම් ආදරේ කළාද කියලා යුන්ගි දන්නවා..සන්හූන් වෙනුවෙන් ජිවොන් ඕනි දෙයක් කරාවි.මොකද ජීවොන් එයාගෙම පුතා වුනු ටේයෝන්ටත් වඩා එයාගේ නන්ගිගේ පුතා වුනු සන්හූන්ට ආදරේ කලා.

ඒත් ජීවොන්ව හොයාගන්න දරපු හැම වෑයමක්ම නිශ්ඵල වෙලා ගියේ යුන්ගිව නොඉවසිලිමත් කරමින්.

සන්හූන්ගේ නිවැරදිකම ඔප්පු කරන්න යුන්ගිට ඉතුරු වෙලා තිබුනු එකම මාර්ගය සන්හූන් මැරෙන්න කලින් එයා කියපු පෙන් එක හොයාගන්න එක විතරයි...ඒත් ඒකත් තියෙන තැනක් යුන්ගි හරියටම දැනගෙන හිටියේ නෑ..

ඒ වැඩේ පොඩ්ඩක් කල් දාපු යුන්ගි එයාගේ මුලු අවධානයම යොමු කළේ හෝසොක්ගේ පැත්තට..
යුන්ගි රෝනා ප්ලේස් එකෙන් ආවට එයාගේ හිත තවමත් තිබුනේ එතන.

යුන්ගිට ඕනි වුනේ හෝසොක්ගෙන් සමාව ගන්න...ඒකේ පළවෙනි පියවර විදිහටයි යුන්ගි හෝසොක්ට සමාව ඉල්ලලා රෝස මල් පොකුරක් යැව්වේ.කොයි තරම් බොළද විදිහට පෙනුනත් යුන්ගිට ඒක නොකර ඉන්න බැරි උනා...

ජන්කුක්ගේ උදව්වෙන් හෝසොක් ඉන්න තැන හොයාගත්තු යුන්ගි තුන්වෙනි දවසෙදි හෝසොක්ව හොයාගෙන ජන්ග් කෝපරේශන්ස් එකට ගියේ කිසිම කෙනෙක්ට කියන්නේ නැතිව.

යුන්ගි මොඩයෙක් වගේ බිල්ඩින් එක ඉස්සරහ බලාගෙන ඉද්දි යුන්ගිගේ ඉස්සරහම කාර් එක නවත්තලා ඒකෙන් බැහැපු හෝසොක් යුන්ගි දිහා එක පාරක් බලලා ඇතුළට ගියේ එයාව යන්තම්වත් ගනන් නොගෙන.

__________________________________

ඔෆීස් රූම් එකට ගිහින් පැයකට පස්සේ නිකමට වගේ විශාල වීදුරු බිත්තියෙන් එළිය බලපු හෝසොක් දැක්කේ ටිකකට කලින් එයා එද්දි හම්බුනු තැනම තවමත් මින් යුන්ගි හිටගෙන ඉන්න විදිහ.

යුන්ගි එතන ඉන්නේ තමන් එක්ක කතා කරන්න කියලා තේරුම් ගන්න බැරි තරම් බබෙක් නෙමෙයි හොසොක් කියන්නේ.

ඒත් එයා යුන්ගි දිහා ටිකක් වෙල බලාගෙන ඉදලා එතනින් අයින් උනෙ කලින් වතාවෙ වගෙම යුන්ගිව ගනන් නොගෙන.

තමන් පණ වගේ විශ්වාස කරපු කෙනෙක් තමන්ට ලොකු බොරුවක් කළා කියලා දැනගත්තට පස්සේ ඒ කෙනා ගැන වද වෙන එක අපි අතින් නැවතෙන්නේ ඉබේටමයි.ඒක සාමාන්‍යයි..විශ්වසයක් බින්දම ඒ විශ්වාසය බිදපු කෙනාට ලැබෙන දඩුවම තමයි ඒ.

ගොඩ ගැගිලා තිබුනු ෆයිල් ගොඩක් චෙක් කරමින් පැය තුනක් වාඩි වෙලා හිටපු හෝසොක් ආයෙමත් එතනින් නැගිටලා ගීහින් පිටත බැලුවේ නිකමට වගේ.

කලින් වතාවේ යුන්ගි හිටපු තැන බලපු හෝසොක් එතන කවුරුත් නෑ කියලා දැක්කට පස්සේ එතනින් යන්න හැදුවේ යුන්ගි තාමත් ඇති කියලා හිතුනු එක ගැන හිත යටින් තමන්ටම හිනා වෙමින්.

ඒත් හෝසොක්ගේ ඇස් ගැස්සුනේ ඊට ටිකක් එහායින් බන්කුවක වාඩි වෙලා බිල්ඩින් එක පැත්ත බලාගෙන ඉන්න යුන්ගිව දැකලා.

ඇත්තටම යුන්ගි වැඩේ අත් ඇරලා තිබුනේ නෑ..

හෝසොක්ට යුන්ගි ගැන අනුකම්පාවක් ඇති උනත් යුන්ගි ගැන ඒ හිතේ තියන කලකිරීම නැති කරන්නතරම් ඒ අනුකම්පාව ශක්තිමත් උනෙ නෑ.

පැයෙන් පැය ගෙවිලා ගිහින් හවස් වෙද්දිත් යුන්ගි ජන්ග් කෝපරේශනස් එක ඉස්සරහට වෙලා ඒ දැනෙන විඩාව කාන්සිය ගැනවත් නොහිහා රිදුම් දෙන දෙපා ගනනකටවත් නොගෙන බලාගෙන හිටියේ හෝසොක්ව හම්බෙන්න.

ඒත් හෝසොක්ට යුන්ගිව මුණ ගැහෙන්න ඕනි උනේ නෑ.යුන්ගිගේ මූණ තප්පරේකට හරි දකින්න හිතට දැනුනු උවමනාව හෝසොක් යටපත් කරගත්තේ යුන්ගිගෙන් ඈත් වෙන්න තමන් අරන් තිබුනු තීරණය වෙනුවෙන්.

හෝසොක් ඔෆීස් එකෙන් එළියට ඇවිත් කාර් එකට නැග්ගේ යුන්ගි එයා දිහාට දුවගෙන එනවා දැක දැකමයි.

ඒත් හෝසොක් නතර වුනේ නෑ...

යුන්ගි කාර් එක පිටිපස්සෙන් දුවගෙන එන හැටි දිහා සයිඩ් ග්ලාස් එකෙන් බලාගෙනම හෝසොක් කාර් එකේ වේගය වැඩි කළෙ කිසිම හැගීමක් දැනීමක් නැති මනුස්සයෙක් වගේ.

අල්ලගන්න බැරි තරම් හෝසොක් යුන්ගිගෙන් ඈතට ගියාට පස්සේ තවත් ඒක පිටිපස්සෙන් දුවලා වැඩක් නෑ කියලා තේරුම් ගත්තු යුන්ගි පදික වේදිකාවේ නතර වෙලා වාහන සිය ගානක් අතරෙ නොපෙනි යන හෝසොක්ගේ කාර් එක දිහා බැලුවේ වේදනාවෙන්..

ඇස්වලින් කදුලු උතුරද්දි යූන්ගි හෝසොක් තමන්ගෙන් ඈතට ඈතට යන හැටි බලාගෙන හිටියේ හදවත දරාගන්න බැරි තරම් රිදුම් දෙද්දි.

කාට වුනත් වෙලාවක් එනවා කාලයක් දරාගත්තු වේදනා තව දුරටත් දරාගන්න බැරි වෙන.

හදවත රිදුම් දෙන්නේ අන්න ඒ වෙලාවට.

ඒ වේදනාව සමහරුන්ව දුර්වල කරනවා..
තවත් සමහරුන්ව ශක්තිමත් කරනවා...

ගොඩක් වෙලාවට දුර්වල අය නිහඩ වෙද්දි ඇස්වලට කදුලු පුරෝගත්තු අයම තමයි ඒ වේදනාවෙන් ශක්තිමත් උනේ..

නිහඩ ඇස්වලට කරන්න බැරි ගොඩක් දේවල් කදුලු පුරෝගෙන ඉන්න ඇස්වලට කරන්න පුලුවන්...

ගල්වුනු හදවතක් බලාපොරොත්තු අත් ඇරියට රිදුම් දෙන හදවත් එහෙම නෑ...ඒ හදවත් එක බලාපොරොත්තුවක් දැවිලා අලු වෙලා යද්දි තව අලුත් බලාපොරොත්තුවක් උපද්ද ගන්නේ අර දැවුනු බලාපොරොත්තුවේ අලුවලින්මයි..

යුන්ගිත් හෝසොක් හොයාගෙන ආවේ එකම එක අවස්තාවක් ගැන බලාපොරොත්තු තියාගෙන.ඒත් ඒ බලාපොරොත්තුව සුන් වෙලා ගියේ යුන්ගිගේ හදවත වේදනාවක අතරමන් කරලා..ඒ ඇස්වලින් කදුලු වැටුනා තමයි...ඒත් ඒ වේදනාව යුන්ගිව දුර්වල කලේ නෑ තව තවත් ශක්තිමත් කලා මිසක.

මොකද කලිනුත් කිව්වා වගේ ‍යුන්ගිට තිබුනෙත් එක බලාපොරොත්තුවක් දැවිලා අලු වෙලා යද්දි ඒ අලුවලින්ම අලුත් බලාපොරොත්තුවක් ජනිත කරවන්න පුලුවන් විදිහේ කදුලුවලින් පණ ලබලා වේදනාවෙන් ශක්තිමත් වෙන රිදුම් දෙන හදවතක්.

__________________________________

විවර කරපු දොර ලග ඉදන් අදුරු කාමරය දිහා අරමුණක් නැතිව බලාගෙන හිටපු හෝසොක් හෙමින් හෙමින් කාමරය ඇතුළට අඩිය තිබ්බේ එහි තිබුනු නිහඩතාවය තමන්ගේ අතින් බිදෙයි කියලා බයෙන් වගේ.

කිසීම ආලෝකයක් නැති කාමරය ඇතුළේ ලයිට් එක දාන්නවත් හෝසොක්ට උවමනාවක් තිබුනේ නෑ...ඒ වෙනුවට එයා කලේ හිතේ සෝදිස්සියට තමන්ගේ හිත කියන පැත්තට අර අදුර මැදින් ඇවිදගෙන යන එක.

කාමරය කොච්චර අදුරු උනත් හෝසොක් දැනගෙන හිටියා එයාට යන්න ඕනි තැන.

මිනිස්සු වේදනාවෙන් ඉද්දි වැඩියෙන්ම ආදරේ කරන්නේ හුදෙකලාවට කිව්වට ඇත්ත ඒක නෙමෙයි.

එයාලා ඒ වෙලාවට වැඩියෙන්ම ආදරේ කරන්නේ කලුවරට..මොකද කලුවරට පුලුවන් අපේ වේදනාව අපෙන්ම හන්ගන්න..

හොසොක්ගේ ඇස්වල කදුලු තිබුනද කියලා කාටවත් නොදැනෙන්න හැන්ගුවේ ඒ කලුවර..

කාමරය මැද තිබුනු ඇද ලගට ඇවිදගෙන යද්දි දෝරේ ගලන අනේකප්‍රකාර හැගීම් දරාගන්න බැරිව ඒ දෙපා වෙව්ලන හැටි වටපිටාවේ තියන හැමදේකින්ම හැන්ගුවේ ඒ කලුවර..

කම්මුල්වලින් ගලපු කදුලු පිහදාගෙන ඒ ඇදෙන් වාඩි වෙලා ඒ ඇදේ තිබුනු ඇතිරිල්ල උඩ අත තියපු හෝසොක්ගේ අතැගිලි ඒ සුදුපාට සේද රෙද්ද පුරා එහෙ මෙහෙ උනු හැටි හැන්ගුවේ ඒ කලුවර...

හරියටම මොන මලේ සුවදද කියලා නොදන්නවා උනත් ඒ ඇතිරිල්ල දෝතින්ම අරගෙන පපුවට තුරුලු කරගනිද්දි ඒකෙන් හමපු හුරුපුරුදු මල් සුවද හෝසොක්ගේ හිතේ එක රූපයක් මවද්දි ඒ ඇස්වලින් ගලන කදුලු අලුත් වුනු හැටි ලෝකෙන්ම හැන්ගුවෙත් ඒ කලුවර...

ඉතින් වේදනාවෙන් ඉන්න කෙනෙක්ට තියෙන්න ඕනි වේදනාව තමන්ගෙන් හන්ගන කළුවරක්...ඒක තවත් සම්පූර්ණ වෙන්නේ ඒ කලුවර අස්සෙත් හිස තියාගෙන ඉන්න පුලුවන් විදිහේ ආදරණීය උරහිසක් හම්බුනාම..

ඒ මොහොතේම විවරව තිබුනු දොරෙන් ඇතුළට ඇවිදගෙන ආවෙත් ඒ උරහිසේ අයිතිකාරයාමයි.

රෑ දොළහත් පහු උනු වෙලාවක ඒ කෙනා මේ කාමරේට එන්නේ ඇයි කියලා හිතන්න හෝසොක්ට ඕනි උනේ නෑ.මොකද හෝසොක් දන්නවා තමන් මෙච්චර කල් යුන්ගි නැවතිලා උන්නු කාමරයට ආවෙ යුන්ගිගේ සුවද හොයාගෙන උනාට ඒ කෙනා එතෙන්ට ආවේ තමන්ව හොයාගෙන කියලා..

නිහඩවම හෝසොක් උන්නු තැනට ආපු ඒ කෙනා හෝසොක් ලගින්ම වාඩි වුනේ වචනයක්වත් කතා නොකර.

අදුර නිසා හරියටම මූණ නොපෙනුනත් ඒ රූපේ අයිතිකාරයා කවුද කියලා හෝසොක් දන්නවා..

"ජ්..ජිමින්...."

හෝසොක් තමන් ලගින් වාඩි වෙලා හිටපු ජිමින්ට කතා කළේ වෙව්ලන කට හඩකින්..

ජිමින් මොකුත් නොකිව්වට හෝසොක් දිහාට හැරිලා තිබුනු මූණේ ඇදුනු ලස්සන හිනාව හෝසොක් දැක්කේ එයාගේ ඇස් ඒ වෙද්දිත් අදුරට හුරු වෙලා තිබුනු නිසා...

හෝසොක් ජිමින් දිහා බලාගෙන හිටියේ ජිමින් එයාගෙන් මොනවා හරි අහනකම්..

මහ රෑක යුන්ගි හිටපු කාමරේට වෙලා අදුරේ ඉදන් හූල්ලන්නේ ඇයි කියලා ජිමින් තමන්ගෙන් අහයි කියලයි හෝසොක් හිතුවේ..

එහෙම නැත්නම් යුන්ගි පෙරවපු ඇතිරිල්ල පපුවට තුරුල් කරන් ඉන්නේ ඇයි කියලා ජිමින් අහයි කියලයි ඔහු හිතුවේ..

ඒත් හෝසොක්ගෙන් ඇස් ඉවතට ගත්තු ජිමින් අරමුණක් නැතිව අන්දකාර අවකාශයට එයාගේ නෙත් යොමු කළේ ඒ කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතිව..ඒ වෙනුවට ජිමින් හෝසොක් එක්ක කියන්න ගත්තේ වෙන කතාවක්....

"හෝසෝකී....මං ඔයාට නම්ජූන් හ්‍යුන් ගැන කේලමක් කියන්නයි හදන්නේ....ඒත් ඊට කලින් ඔයා මට පොරොන්දු වෙන්න ඕනි මං මේක කිව්වා කියලා ඔයා නම්ජූන් හ්‍යුන්ට කියන්නේ නෑ කියලා...හරිද...!?"

ජිමින් යන්තමින් හිනා වෙලා ආයෙත් කතාව පටන් ගත්තේ හෝසොක් ප්‍රතිචාරයක් දක්වන්නත් කලින්.

"නම්ජූන් හ්‍යුන් ඔයාගේ සෙකට්‍රි උනේ මීට අවුරුදු පහකට කලින්....ඇත්තටම නම්ජූන් කියන්නේ කොරියාවෙ අන්ක එකේ මාෆියා කල්ලිය උනු සීරෝ එකේ ලීඩර් ජේහෝප්ගේ දකුනු අත කියලා දැනගෙන හිටියේ මාෆියා වර්ල්ඩ් එකේ අයගෙනුත් බොහොම ටික දෙනෙක් විතරයි..
මුලු ලෝකෙටම කිම් නම්ජූන් කියන්නේ ජන්ග් කෝපරේශන් එකේ මාකටින් ඩිරෙක්ටර් ජන්ග් හෝසොක්ගේ සෙකට්‍රි විතරයි..."

ජිමින් මොන විකාරයක්ද මේ වෙලාවේ මේ කියවන්නේ කියලා හෝසොක්ට නොහිතුනා නෙමෙයි..ඒත් එයාට ජිමින්ගේ කතාව නවත්තන්නවත් උවමනාවක් දැනුනේ නෑ..ඒ නිසාම හෝසොක් කලේ අතේ තිබුනු ඇතිරිල්ල තවත් තුරුල් කරගන්න ගමන් ජිමින්ගේ කතාවට ඇහුම්කන් දෙන එක..

"ජන්ග් හෝසොක්ගේ සෙකට්‍රි විදිහට ගියපු මීටින්ග් එකකදි නම්ජුන් හ්‍යුන්ට මුණ ගැහෙනවා අමුත්තෙක්..ඇත්තටම අමුත්තෙක් නෙමෙයි...අමුත්තියක්...නම්ජූන් හ්‍යුන්ගෙ වචනවලින්ම කියනවානම් එයා මුවැත්තියක්....අහින්සක ඇස්...රැලි රැලි දිග කොන්ඩයක්..හිනා වෙද්දි නම්ජුන් හ්‍යුන්ගේ වගේම වල ගැහෙන කම්මුල් දෙකකුත් තිබුනලු එයාට...."

"ඔයා කවදාවත් හිතුවේ නෑ නේද හෝසෝකී නම්ජූන් හ්‍යුන් ආදරය කරයි කියලා......ඒත් සිද්ද වුනේ ඒක තමයි..නම්ජූන් හ්‍යුන් ඒ කෙල්ලව දැකපු මොහොතෙ ඉදන් එයාට ආදරේ කරන්න ගත්තා..එයාලා මුණ ගැහෙන වතාවන් ගාන වැඩි වෙද්දි නම්ජුන් හ්‍යුන්ට ඒ කෙල්ල ගැන තිබුනු ආදරෙත් ඒ විදිහටම වැඩි උනා.....
ඒත් නම්ජූන් හ්‍යුන් ඒ කෙල්ලට කවදාවත් ආදරෙයි කියලා කිව්වේ නෑ හෝසොකී....."

"මොකද නම්ජූන් හ්‍යුන් විශ්වාස කලා මාෆියා ලෝකේ ඇතුළේ ආදරේ කියන්නේ තහනම් දෙයක් කියලා....."

"අද මැරෙයිද හෙට මැරෙයිද කියලා නොදැන ගතවෙන තප්පරේ ගැන විතරක් හිතලා ගෙවන අපේ ජීවිත අස්සේ ආදරේට ඉඩක් ඇති කියලා නම්ජූන් හ්‍යුන් හිතුවේ නෑ...."

"එහෙම ඉඩක් තිබ්බත් මේ ජීවිතේ අස්සට තව කෙනෙක්ව අරන් ඇවිත් ඒ ජීවිතෙත් අනතුරේ දාන්න එයාට ඕනි වුනේ නෑ....."

"ඉතින් ඒ නිසාම නම්ජූන් හ්‍යුන් එයාගේ ආදරේ ඒ කෙල්ලගෙන් හැන්ගුවා....ඒත් නම්ජූන් හ්‍යුන්ට කලින් ඉස්සර උනු ඒ කෙල්ල නම්ජූන් හ්‍යුන්ට ආදරෙයි කිව්වා......ඔව් හෝසෝකි.....නම්ජූන් හ්‍යුන් වගේම ඒ කෙල්ලත් එයාට දැකපු මොහොතේ ඉදන් ආදරේ කරලා තිබ්බා...."

"ඒත් හැමදේම සිද්ද වුනේ හොද විදිහට නෙමෙයි...නොදන්න අනාගතයක් ගැන බය වුනු නම්ජූන් හ්‍යුන් එයාගේ හිතේ ඒ කෙල්ල ගැන තුබුනු ආදරේ සදහටම හන්ගන්න තීරණය කළා.."

"තමන්ගේ මනුස්සකම වාසියට අරන් ඇගේ එල්ලෙන්න දගලනවා කියලා නම්ජූන් හ්‍යුන් ඒ කෙල්ලට පුලුවන් හැම විදිහකටම බැන්නා...හිතේ කොනකවත් එයා ගැන ආදරයක් තියා පැහැදීමක්වත් ඉතුරු නොවෙන විදිහට නම්ජූන් හ්‍යුන් එයා ගැන ඒ කෙල්ලගේ හිතේ තිබුනු ප්‍රතිරූපය හිතා මතාම වෙනස් කළා....ඒ කෙල්ලගේ හිතේ තමන් ගැන වෛරයක් ඇති කළා..."

"ඒ කෙල්ලගේ ජීවිතේ,අනාගතේ වෙනුවෙන් නම්ජූන් හ්‍යුන් එයාගේ ආදරේ කැප කලා හෝසොකී.....ඒත් මොහොතින් මොහොත ගත වෙද්දි නම්ජූන් හ්‍යුන් තේරුම් ගත්තා එයාට ඒ ආදරේ නැතිව ඉන්න කොච්චර අමාරුද කියලා....ජීවිතේටත් වඩා වැඩියෙන් ඒ කෙල්ලව ආරක්ශා කරන්න තමන්ට පුලුවන් කියලා හිතපු නම්ජූන් හ්‍යුන් දවසක් ඒ කෙල්ලව හොයාගෙන ගියා..හැමදේම පැහැදිලි කරලා තමන්ගේ මාෆියා ජීවිතේ ගැන කියලා එයාව තමන්ගේ ජීවිතේට එකතු කරගන්න...ඒත් හ්‍යුන්ට එයාව හොයාගන්න ලැබුනේ නෑ..මුලු කොරියාවම පීරලත් ඒ කෙල්ලව හොයාගන්න උනේ නෑ...අර දවසින් පස්සේ නම්ජූන් හ්‍යුන් කවදාවත් ආයේ ඒ කෙල්ලව දැකලා නෑ...එත් එයාගේ හිතේ තිබුනු ආදරේ තවමත් එහෙමමයි.....අදටත් නම්ජූන් හ්‍යුන් එයාව අමතක කරලා ඇති කියලා මං හිතන්නේ නෑ....ඒත් දන්නවද වැදගත්ම දේ...."

ජිමින් ඇහුවේ ගල්වෙලා වගේ එයා කියන දේ අහගෙන උන්නු හෝසොක් පැත්තට හැරෙන ගමන්.

"නම්ජූන් හ්‍යුන් ගැන ඒ කෙල්ලගේ හිතේ තිබුනු පැහැදීම විශ්වාසය නැති වුනේ වැරදි වැටහීමක් නිසයි හෝසෝකි....නම්ජූන් හ්‍යුන් මොන දේ කළත් එයා කලේ එයාගේ පැත්තෙන් එයාට හරියි කියලා හිතුනු දේ......ඒ කෙල්ල තව ටිකක් ඉවසුවානම්...අඩුම තරමේ එකපාරක් නම්ජූන් හ්‍යුන්ව හොයාගෙන ආයෙත් ආවානම්....ඒ වැරදි වැටහීම් හැමදෙයක්ම නැති වෙලා ගීහින් ඒ දෙන්නා එකතු වෙන්න තිබුනා....."

"යන්න කියපු ගමන් යන කෙනා ලග තියන ආදරේට වඩා යන්න කියද්දිත් ආයේ ආයේ හොයාගෙන එන කෙනා ලග ආදරේ වැඩියි......"

"නම්ජූන් හ්‍යුන් ඒ කෙල්ලව හොයාගෙන යද්දි ඒ කෙල්ල එකපාරක් නම්ජුන් හ්‍යුන් ලගට ආවානම්.........."

ජිමින්ට තවත් කිසිම දෙයක් කියන්න ඕනි උනෙ නෑ.

"ඔයා දන්නවද් හෝසොකී....මට කෙනෙක් දවසක් කිව්වා අපේ කතාව ලියන්න ඕනි අපිමයි කියලා....ඒක ඇත්ත....සමහර වෙලාවට අපේ අතින් සමහර තැන් වරදිනවා..ඒත් ඒ වෙලාවට අපි උත්සාහය අත් ඇරලා දැම්මොත් ඒ කතාව අතරමග නවතිනවා...අවසානයක් නැති කතාවකින් කාටවත් ඇති වැඩක් නෑ හෝසොකී....අපේ කතාවට අවසානයක් තියෙන්න ඕනි.....අතරමග නවතිනවට වඩා හොදයි ඒක..එහෙම නේද...සතුටු හිතෙන අවසානයක් උනත් දුකක් දැනෙන අවසානයක් උනත් අපිට ඕනි කතාවයි අපි ලියන්න ඕනි..........."

ජිමින් හෝසොක්ට ආදරේ කළේ හදවතින්මයි...
ඒත් ජිමින්ට ඒ ආදරේ වෙනුවෙන් හෝසොක්ව අයිති කරගන්න ඕනි උනේ නෑ...එයාට ඕනි උනේ කා ලග හරි හෝසොක් හිනා වෙලා ඉන්නවා දකින්න විතරයි.

හෝසොක්ගේ සතුට තියෙන්නේ තමන් ලග නෙමෙයි යුන්ගි ලග කියලා ජිමින් දන්නවා..

ඉතින් තමන් හදවතින්ම ආදරේ කරන කෙනා ආත්මයෙන්ම වෙන කෙනෙක්ට ආදරේ කරද්දි දැනෙන වේදනාව ජිමින් හොද හැටි වින්දා....ඒත් කොච්චර හිත රිදුනත් යුන්ගි නිසා හෝසොක්ගේ මූණේ ඇදෙන එක හිනාවක් ඇති ජිමින්ට එයා විදින හැම වේදනාවක්ම අමතක කරවන්න...

හෝසොක්ගේ සතුට වෙනුවෙන් ජිමින් එයාගේ ආදරේ කැප කරන්න තීරණය කරලා ඉවරයි..

ඒ නිසයි ජිමින් නම්ජූන්ගේ කතාව හෝසොක් එක්ක කිව්වේ...යුන්ගි එක්ක කතා කරන්න කියලා කියනවට වඩා ඒ ක්‍රමය සාර්තකයි කියලා ජිමින්ට විශ්වාසයි...

හෝසොක් යුන්ගිගේ සම්පූර්ණ කතාවම දැනගත්තොත් යුන්ගි කොයි තරම් සාධාරනද කියලා හෝසොක් තෙරුම් ගන්න බව සහතිකයි....

ජීමින් හෝසොක්ට කිව්වේ නම්ජූන් ඒ කෙල්ලට කරපු ආදරේ ගැන විතරයි....ඒත් නම්ජූන් ඒ කෙල්ලට ආදරේ කරකර ගෙවපු අවුරුදු හතර පුරාවටම නම්ජූන්ට දුර ඉදන් ආදරේ කරපු ජින් ගැන ජිමින් හෝසොක්ට කිව්වේ නෑ...

ජිමින් නොකියා කියපු හැමදේම හරියටම තේරුම් ගත්තු හෝසොක්ගේ හිතට දැනෙන්න ගත්තෙ වරදකාරි හැගීමක්..

යුන්ගි පැය ගානක් හෝසොක්ව හමුවෙන්න බලාගෙන ඉද්දි හෝසොක් කලේ යුන්ගිව නොදැක්කා වගේ මග ඇරපු එක..

ඒත් ඇත්තටම යුන්ගි සාධාරණයිනම්....

එකදිගට යුන්ගි ගැන මතකයන්ගෙන් හිත පිරෙද්දි හෝසොක් එයාගේ ඇස් දෙක පියාගත්තේ ජීමින් ඉස්සරහ අඩන්න බැරිකමට නෙමෙයි කදුලු හිරකරන් ඉදලම ඇස් රිදුම් දීපු හින්දා..

එහෙමම ජිමින්ගේ පැත්තට බර වුනු හෝසොක් ජිමින්ගේ උරහිසින් එයාගෙ ඔලුව තියාගත්තේ ඒ මොහොතේ එයාට ඕනිම උනු හයිය ජිමින්ගෙන් එයාට ලැබෙද්දි..

හෝසොක්ගේ උණුහුම දැනෙද්දි ජිමින්ගේ හද ගැස්ම වැඩි උනත් ඉක්මනටම ජිමින් ඒ හැගීම අමතක කරලා දාලා එක අතක් හෝසොක්ගේ උරහිස වටා දාලා හෝසොක්ව වැලදගත්තේ අනිත් අතින් හොසොක්ගේ වෙල්වන අතක් අල්ලගෙන..

ඒ අදුරු කාමරය අස්සේ ජේහෝප් කියන කෙනාගෙන් මිදුනු සාමාන්‍ය ජන්ග් හෝසොක් ආදරණිය උරහිසක උණුහුමෙන් හිත හයිය කරගනිද්දි හෝසොක් වෙනුවෙන් ජීවිතය උනත් දෙන්න දෙපාරක් නොහිතන ජිමින් හෝසොක්ගේ වේදනාව බෙදාගත්තේ හෝසොක්ට ඉක්මනින්ම එයාගේ සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්.

ජේහෝප්ගේ හිතේ තිබුනු එකම දේ පහුවදා එලිවුණු ගමන්ම යුන්ගිව හොයාගෙන යන එක විතරයි..එයාගේ නිකෝව හොයාගෙන යන එක......

තව පැය කීපයක් යද්දි යුන්ගිව ආයෙමත් මුණගැහෙනවා කියලා මතක් වෙද්දි හෝසොක්ගේ මූණේ ඇදුනේ ලස්සන හිනාවක්.....



__________________________________



"බොස්..හැමදේම රෙඩි.....සීරෝ එකේ කිසිම කෙනෙක් හෙට නෑ..ඒ ඔක්කොම එක එක ඩීල්වලට සෝල්වලින් පිට යනවා..සෝල්වල ඉතුරු වෙන්නේ ජේහෝප් විතරයි......"

එහා පස උන්නු කෙනා කියද්දි දුරකතනය කනේ තියාගෙන හිටපු කෙනා කට කොනින් හිනා උනේ ජන්කුක් දිහා බලන ගමන්.

"හරී....ඒ කියන්නේ හෙට ජේහෝප් ඔෆීස් එකට එන්නෙ තනියෙන්...ජේහෝප්ගේ කාර් එකට රෝනා ප්ලේස් එක පහු කරලා වැඩි දුරක් එන්න ලැබෙන්න බෑ ඕකේ??? ප්ලෑන් කරපු විදිහටම හැමදේම වෙන්න ඕනි....කිසිම වැරැද්දක් වෙන්න බෑ...."

"ඔව් බොස්....."

වෙන කිසිම දෙයක් නොකියම කෝල් එක කට් කරපු ඔහු සෝෆා එක උඩට ෆෝන් එක විසි කලේ ජන්කුක් දිහා තියුණු බැල්මකින් බලමින්.

"මේක මං සම්පූර්නෙන්ම භාරදීලා තියෙන්නේ තමුන්ට.....වෙන්න ඕනි මොකක්ද කියලා මං කිව්වනේ......"

"ජේහෝප්ට මොක්ක්ද උනේ කියලා මැස්සෙක්ටවත් හොයාගන්න බැරි වෙන්න මේ වැඩේ ඉවරයක් කරලා දානවා......!!"

_____________________________________

23/12/2021
(2863 Words)

අනේ මංදා ළමයි....වැරදි තිබේනම් සමාවෙනු මැන 🌝

Sorry for the mistakes...

Thank you for reading my sweethearts..🌼

PLZ COMMENT AND VOTE...! 😉❤

LOVE YOU 😘💙

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top