Chapter 28

______________________________________

How did we ever come to this?
I never thought you'd be someone I had to miss.

~Neko~
______________________________________

කම්මුල් දෙක දිගේ උණු කදුලු ගලාගෙන යද්දි උන් තැනම ගල් ගැහිලා වගේ හිටපු යුන්ගි බොද වුනු ඇස්වලින් බලාගෙන හිටියේ මොහොතකට කලින් හෝසොක් පිට වෙලා ගියපු දොර දිහා....


කොයි මොහොතක හරි හෝසොක් දොර ඇරගෙන ඒවි කියලා යුන්ගි බලාගෙන හිටියා..

හොසොක් ඇවිත් තමන්ට සමාව දේවි කියලා යුන්ගි බලාගෙන හිටියා..

මොන තරම් මෝඩ බලාපොරොත්තුවක් උනත් හෝසොක් දුවගෙන ඇවිත් තමන්ව වැලදගන්නකම් යුන්ගි බලාගෙන හිටියා..

ඒත් හෝසොක් ආවේ නෑ.

මිනිත්තුවක්...
මිනිත්තු දෙකක්...
මිනිත්තු තුනක්.......

ඔය විදිහට මිනිත්තුවෙන් මිනිත්තුව ගත වෙලා ගියත් යුන්ගි බලාගෙන උන්නු කිසිම දෙයක් සිද්ද වුනේ නෑ..

හෝසොක් කාමරෙන් පිට වෙලා ගිහින් විනාඩි දහයක් යද්දි කාමරයේ දොර විවර වුනේ ජින්ගේ අතින්.

යුන්ගි දිහා තියුණු බැල්මක් හෙළපු ජින් යුන්ගිගේ කදුලු ගලන ඇස් දිහා බලලා සමච්චලෙන් හිනා වුනේ යුන්ගි ලගට ළං වෙමින්.

"වාව්...ඔයා එහෙනම් අඩන්නත් දන්නවා නේද යුන්ගියා......!"

"කොහොමද ඔයා මෙහෙම කලේ....ඔයා දන්නවද...අපි ඇත්තටම ඔයාව විශ්වාස කලා..ටිකක් නෙමෙයි..ගොඩක්.....!"

එහෙම කියපු ජින් යුන්ගි ලගටම ඇවිත් නතර උනේ කෙලින්ම එයාගේ ඇස් දිහා බලාගෙන..

"ඔයා කොහොමද ඔයාට සහෝදරයෙක්ට වගේ සලකපු ජිමින්ට එහෙම කලේ යුන්ගි..ඔයා දන්නවද ජිමින් ඔයා වෙනුවෙන් කොයි තරම් වේදනාවක් උහුලගෙනද ඉන්නෙ කියලා....එයා..එයා එයාටත් වඩා ඔයා ගැන හිතුවා....ඒත් ඔයා...මොකක්ද ඔයා අන්තිමට කළේ...ඔයා දන්නවද ජිමින්ට ස්ලීපින් ටැබ්ලට්ස් ඇලජික් කියලා....!!!"

යුන්ගි ජින් දිහා බැලුවේ බය වෙලා වගේ..යුන්ගිගේ තැති ගැන්ම දැකපු ජින් යුන්ගි දිහා බැලුවේ කට කොනින් හිනා වෙන ගමන්.

"දැන් ඔහොම බලලා ඔයා එයා ගැන වද වෙනවා වගේ පෙන්නන්න හදන්න එපා යුන්ගි.....ඇත්තටම ජිමින්ට ස්ලීපින් ටැබ්ලට්ස් ඇලජික්..අපි ඔයා ගැන ඇහැ ගහගෙනම හිටපු නිසා ඔයා කරන්න යන හැමදේම අපි දැනගෙනයි හිටියේ...වාසනාවකට වගේ ඒක ඇගට උරාගන්න කලින් අපි ඉක්මන් උනෙ..එහෙම නැති උනානම්....සමහරවිට ජිමින් මේ වෙද්දිත් මැරිලා...!!!"

යුන්ගිට තවත් හිටගෙන ඉන්න පණක් තිබුනේ නෑ..මුවින් පිට වෙන්න යන ඉකිය වලකමින් අත් දෙකෙන්ම තද කරලා මුව වහගත්තු යුන්ගි බිම දණගහගත්තේ අඩලම ඇස් රිදුම් දෙනවා වගේ දැනෙද්දි..

ඒත් යුන්ගි හිටියේ ඇඩුම්වල අවසානයක් පේන තෙක් මානෙකවත් නෙමෙයි..එයාට අඩන්න තව ගොඩක් දේවල් ඉතුරු වෙලා තිබුනා..

"ඒ හැමදේටම වඩා..ඔයා කොහොමද හෝසොක්ට මෙහෙම දෙයක් කරන්න හිතුවේ...!?"

ජින් ඇහුවේ එයාගේ හඩ තවත් ආවේගශීලී වෙද්දි.ඇත්තටම ජින් හිටියේ ලොකු කේන්තියකින්.

සීරෝ එකේ හැමෝම එයාලගේ ජීවිතේටත් වඩා සීරෝ එකේ අනිත් අයගේ ජීවිත ගැන වද වුනා.

හැමදාම කියනවා වගේ සීරෝ එක කියන්නේ එක පවුලක්.

ඒ පවුලේ කෙනෙක්ට පොඩි හරි කරදරයක් වුනොත් ඒ වේදනාව එයාලටත් වඩා විදින්නේ අනිත් අය.ඒක තමයි එයාලා අතරේ තිබුනු බැදීම..

ලෝකෙටම කෑ ගහලා නොකිව්වට අත්වැල් බැදගෙන හිනා නොවුනට වැළදගැනීම් සුහද කතා බහ නැති උනාට මාෆියා ලෝකෙක හිර වෙලා හිටපු එයාලගේ නිහඩ ජීවිත අස්සේ තිබුනු වටිනම දේ තමයි ඒ බැදීම..

එයාලගේ අත්වල නොසෑහෙන්න ලේ ගැවිලා තියෙන බව ඇත්ත...ඒත් හෙට දවසක් ගැන විශ්වාසයක් නැතිව ගෙවෙන එයාලගේ අද දවසේ ඒ ලේ තැවරුනු අත්වලින් එයාලා ගිලිහිලා යන්න නොදී හිර කරගෙන හිටියේ ඒ බැදීම..

ඉතින් යුන්ගි කරපු දේ නිසා ජින් කේන්ති ගන්න එකේ කිසිම අසාධාරණයක් ඇත්තේ නෑ නේද...

"අපි හැමෝටම වඩා මේ වහළ යට ඔයා ගැන වද වුනු කෙනෙක් හිටියානම් ඒ තමයි හෝසොක්.....ඔයා දන්නවද ඔයා නිසා එයා කොච්චර වෙනස් උනාද කියලා....ඔයා නිසා නෙමෙයි...එයා ඔයා වෙනුවෙන් වෙනස් උනා...ඔයා දන්නවද ඔයාගේ කාමරේ මේසේ උඩ තිබුනු මල් වාස් එකේ දවස ගානෙ එක එක මල් පිරුනේ කොහොමද කියලා..ඒ හැම මලක්ම ඔයාගේ කාමරේට එව්වේ එයා.....!!"

"ඔයා එයත් එක්ක එකපාරක් හිනා උනොත් එයාට දවස ගෙවාගන්න ඒකම ඇති..ඔයා කතා කලොත් එයාට කන්න්වත් ඕනි නෑ....ඔයාගේ හැම හිනාවක්ම හැම වචනයක්ම හැම බැල්මක්ම එයා පිස්සෙක් වගේ විශ්වාස කලා..එයා මෝඩයෙක් වගේ ඔයාව විශ්වාස කලා...!"

යුන්ගිට තවත් දරාගන්න බෑ..ජින්ගේ වචනයක් වචනයක් ගානේ එයාට දැනුනු වරදකාරි හැගීමෙන් බේරෙන්න එයාට පුලුවන් වුනේ නෑ..ඒ හැමදේටමත් වඩා හෝසොක් තමන් ගැන කොයි තරම් විශ්වාසෙකින් ඉදලද කියලා තේරෙද්දි එයාට දැනුනේ හදවත කීතු වෙලා යන වේදනාවක්..

"ඒත් ඔයා අන්තිමට ඒ හැමදේම රගපෑමක් විතරයි කියලා ඔප්පු කලා..අද...අද ඔයා ඔයාව ඒ තරම් විශ්වාස කරපු කෙනාව මරන්න හැදුවා යුන්ගි.....ඔයාට එයාගෙන් පලි ගන්න ඕනි ඇති..ඒත් ඔයාට එයාගේ හැගීම් එක්ක සෙල්ලම් නොකර කෙලින්ම එයාව මරලා දාන්න තිබුනා......!!!"

"ස්තූතියි මේ තරම් හොදට අපේ විශ්වාසය ආරක්ශා කලාට මිස්ටර් මින් යුන්ගි...ගොඩක් ස්තූතියි....!"

කාමරය මැද දණ ගහගෙන අඩා වැටෙන යුන්ගි දිහා තවත් එක වතාවක් බලපු ජින් කාමරෙන් පිට වුනේ හැගීම් විරහිතවයි.

එයා යනවත් එක්කම කාමරයට ආපු ජැක්සන් සුදුපාට හූඩි එකක් යුන්ගි පැත්තට විසි කළේ යුන්ගි දිහා කළකිරීමෙන් බලමින්.

"ඕක ඇදගෙන ඉවර වෙලා එළියට එන්න...ඔයාට ගෙදර යන්න තියනවා..."

එහෙම කියපු ජැක්සන් දොරත් වහගෙන කාමරයෙන් එලියට ගියේ ආයෙමත් වතාවක් හෝසොක්ගේ කාමරයේ යුන්ගිව තනි කරමින්.

• • • • •

විනාඩි කිපයකින් ජැක්සන් දීපු එකත් ඇදගෙන යුන්ගි කාමරයෙන් එලියට ආවේ අමාරුවෙන් කදුලු නවත්තගෙන.

යුන්ගි එනකම් එළියට වෙලා බලාගෙන හිටපු ජින්,ජැක්සන් ඉදිරියට යද්දි යුන්ගිත් ඒ පිටිපස්සෙන් ඇවිදගෙන ගියේ තප්පරයකටවත් ඔලුව උස්සන්නේ නැතිව.

අන්ධකාරය විදුලි බුබුලු වලින් මැකුනු රෝනා ප්ලේස් එකේ මිදුලටම ආපු ඒ තුන් දෙනා එළියේ තිබුනු කාර් එකක් ලග නතර වෙද්දි ඉස්සරහට ආපු ජැක්සන් කාර් එකේ ඩ්‍රයීවින් සීට් එකෙන් වාඩි වුනේ ජින් එහා පැත්තෙන් වාඩි වෙද්දි.

මෙච්චර වෙලා බිමට හිස හරෝගෙන හිටපු යුන්ගි හිමි හිමින් එයාගෙ ඔලුව උස්සලා පිටුපසින් තියෙන රෝනා ප්ලේස් එක දිහා බැලුවෙ ඒ මොහොතෙදියි.

යුන්ගිගේ ඇස් හෙව්වේ එක රූපයක්..

විශාල දොර ගාව,
පෝටිකෝව යට,
බැල්කනිවල,
ගාඩ්න් එකේ...,

මේ හැමතැනක් දිහාම යුන්ගි බැලුවේ අන්තිම වතාවට එක රූපයක් දකින උවමනාවෙන්.

ඒත් ඒ කිසිම තැනක ඒ රූපයේ අයිතිකාරයා හිටියෙ නෑ.

උඩුමහලේ හෝසොක්ගේ කාමරය දිහා බලපු යුන්ගිගේ ඇස්වලින් මෙච්චර වෙලා තද කරගෙන හිටපු කදුලක් ගලාගෙන යද්දි යුන්ගි දෙනෙත් පියාගත්තේ වේදනාවෙන්.

"ඔයා කොහේ හරි ඉදන් මං දිහා බලාගෙන ඉන්නවද හෝසොක්...
නැත්නම් ඔයාට මාව දකින්නවත් බැරි තරම් දැන් මාව එපා වෙලාද..
මාව කවදාවත් මෙහෙන් යවන් නෑ කියපු ඔයාම මාව අද මේ විදිහට ඔයාගෙන් ඈතට යවන්නේ ඒ නිසාද..."

"මං දන්නවා මේ හැමදේටම වැරදි මං කියලා..
මට අයිතියක් නෑ ඔයාට දඩුවම් කරන්න..
ඒත් මගේ හ්‍යුන් මැරුනේ ඔයාගේ අතින් කියලා දැන දැනත් මං කොහොමද ඒ වැරැද්ද නොකර ඉන්නේ හෝසෝකා...."

"මගේ හ්‍යුන්ට කරපු දේට මට ඔයාට වෛර කරන්න ඕනි..
ඒත් මට ඒක කරන්න බෑ..
මට ඔයාට වෛර කරන්න බෑ..."

මේ හැමදේම යුන්ගිට කෑ ගහල කියන්න ඕනි වුනා.
ඒත් ඒ කිසිම දේකින් දැන් වැඩක් නෑ කියලා යුන්ගි දන්නවා..

හෝසොක් යුන්ගි ගැන කලකිරිලා ඉවරයි.
ඒ විශ්වාසය නැති වෙලා ඉවරයි..
හෝසොක්ගේ හිතේ යුන්ගි ගැන තිබුනු පැහැදීම නැති වෙන්න අරන් ඉවරයි..

හරියටම කිව්වොත් හෝසොක් යුන්ගිව අත් අරින්න පටන් අරන් ඉවරයි.

කම්මුල්වල රැදුනු කදුලු පිටි අත්ලෙන් පිසදාපු යුන්ගි හෝසොක්ගෙ කාමරය දිහා ආයෙමත් බැලුවේ අවසන් වතාවට.

"ඔයා දන්නවද....
මං ඔයාව මරන්න හැදුවට...මං ඔයාගේ හැගීම් එක්ක සෙල්ලම් කළේ නෑ හෝසෝකා....
ඔයත් එක්ක මං හිනා උනේ බොරුවට නෙමෙයි..
ඔයාව දකින හැම වෙලාවකම මට ඔයාගේ හිනාව දකින්නයි ඕනි උනේ..ඒ නිසයි මං ඔයාව දකින දකින පාරක් ගානේ ඔයත් එක්ක හිනා වුනෙ...මොකද මං දන්නවා ඔයා එතකොට ආපිට මං එක්ක හිනා වෙනවා කියලා..
මට බලන්න ඕනි උනෙ ඔයාගේ ලස්සන හිනාව විතරයි.........!"

"ඔයා දිලිසෙන ඇස්වලින් මගේ දිහා බලනකොට මට ඕනි උනේ තව වැඩිපුර තප්පරයක් හරි ඔයාගේ ඒ ඇස් දිහා බලාගෙන ඉන්න....
ඒ නිසයි මං ඔයත් එක්ක කතා කලේ..
ඔයා වචනයක් කිව්වත් ඔයාගේ ඇස් දිහා බලාගෙන ඉන්න ලැබෙන වැඩිපුර තප්පරේ වෙනුවෙනුයි මං එහෙම කළේ....
නැතිව ඔයාව රවට්ටන්න නෙමෙයි හෝසොකි...!"

"ඔයා දැන් මාව මග අරීවී...ඒකට කමක් නෑ...
ඒත් මතකද ඔයා දවසක් මට කිව්වා මැරෙන්න මොහොතකට කලින් හරි ඔයා මගෙන් සමාව ගන්නවා කියලා......මාත් දැන් ඔයාට පොරොන්දු වෙනවා හෝසොකි...මාත් මැරෙන්න මොහොතකට කලින් හරි ඔයාගෙන් සමාව ගන්නවා......!"

"මං යන්නම්....නෑ...යන්නම් නෙමෙයි......මං ගිහින් එන්නම්....."

කදුලු වෑහෙන නෙත් එතනින් ඉවතට ගත්තු යුන්ගි නිහඩවම කාරයට ගොඩ උනෙ මේ තරම් වෙලා යුන්ගි කල්පනාවෙන් මිදෙනකම් බලාගෙන හිටපු ජැක්සන් කාර් එක ස්ටාට් කරද්දි.

රෝනා ප්ලේස් එකේ විශාල ගේට්ටුවෙන් පිටතට ඇදුනු කාර් එක වීදිය දිගේ ඉදිරියට යන්න ගත්තේ හද එළිය මැද්දෙන්.

ඉදිරියට ඇදෙන වාහනයේ ඉදන් පිටිපසට හැරුනු යුන්ගි රෝනා ප්ලේස් එක දිහා අවසන් බැල්මක් හෙලුවේ වේදනාවෙන්.

"මේ නිකෝ ආයෙමත් ඉක්මනටම ඔයාව හොයාගෙන එනවා සියොකී....."

_____________________________________

රෝනා ප්ලේස් එකේ රූෆ්ටොප් එකේ හිටපු හෝසොක් බලාගෙන හිටියේ ඈත නොපෙනී යන කාර් එක දිහා...

අතේ තිබුනු වීදුරු බෝතලයේ ඉතුරු වෙලා තිබුනු අන්තිම මත්පැන් උගුරත් හෝසොක් කටට හලාගත්තේ ඒ දිහා බලාගෙනමයි.

ඒත් නොසන්සුන්කම නිසාම මත්පැන් ටික මුවට වෙනුවට හෝසොක්ගේ ගෙල දිගේ ගලාගෙන ඇවිත් පපුව තෙත් කලේ හරියට හදවතේ වේදනාව දිය කරන්න උත්සාහ කරනවා වගේ..

ඒත් එක්කම මෙච්චර වෙලා හිතට දැනුනු කේන්තිය,වේදනාව,වෛරය වගේ දාහක් හැගීම් එකට එකතු කරගත්තු හෝසොක් අතේ තිබුනු වීදුටු බෝතලය පොලොවේ ගැහුවේ කේන්තියෙන්.

"ආහ්හ්හ්හ්............!!!!!!!!!"

"ඇතී...ඇතී......මේ හැම මගුලක්ම ඇති දැන්.........!!!!!!!"

ඔහුගේ වේදනාව ආයෙමත් පරණ ජේහෝප්ව අවදි කරද්දි හෝසොක්ට දැනුනේ දරාගන්න බැරි තරම් තරහක්...

ඔහුට ඒ තරහව පිට කරන්න ඕනි උනා.
හිතට දැනෙන වේදනාවෙන් මිදෙන්න ඕනි උනා..

ඒ වගේම මින් යුන්ගි ගැන හැම දෙයක්මත් අමතක කරන්න හෝසොක්ට ඕනි උනා...

ටේබල් එක මත තිබුනු තවත් මත්පැන් බෝතලයක් අතට ගත්තු හෝසොක් ඒකේ මූඩිය ගලවලා උගුරල් බිව්වේ ඔහුගේ ඇස් හැගීම් විරහිත වෙද්දි.

රූෆ්ටොප් එකෙන් ඉවතට යන පඩිපෙල දිගේ බහින්න ගත්තු ඔහුගේ මුණේ කිසිම උණුහුමක් තිබුනේ නෑ.

ලිෆ්ට් එක පාවිච්චි කරනවා වෙනුවට විනාඩි ගානක් හිමීට පඩිපෙල බැහැපු හෝසොක් පහළ මහළට එද්දි බෝතලේ ඉතුරුවෙලා තිබුනේ භාගයක් විතරයි.

නිහඩ කොරිඩෝව දිගේ ඉදිරියට ඇදුනු හෝසොක් තවත් පඩිපෙලක් බැහැලා නැවතුණේ විශාල යකඩ දොරක් ලග...

ඔහුගේ එක බැල්මකින් එතන හිටපු ආරක්ශකයෙක් අගුල් විවර කරලා දොර ඇරියේ තව කෙනෙක් පැත්තක තිබුනු ස්විච් එකක් ඔන් කරලා දොරෙන් එහා පැත්ත සම්පූර්නෙන්ම ආලෝකමත් කරද්දි..

මත්පැන් බෝතලය තොල ගාමින් හෝසොක් ඇතුල් වුනේ දරුණු ජේහෝප්ගේ ආසම තැන වුනු...

බේස්මන්ට් එකට.

ශක්තිමත් යකඩ කූරුවලින් වෙන් කරලා තිබුනු පොඩි පොඩි සිර කුටිවල හිටියේ ජේහෝප්ගේ හිරකාරයෝ..

එතනින් ගොඩක් අය හිටියේ දම්වැම්වලින් ගැට ගහලා.

තවත් සමහරු හිටියේ අතපය කැඩිලා...

ඒත් එතන හිටපු අයගේ තුවාල තිබුනු අයනම් නොහිටිය තරම්..

මොකද එයාලට වද දෙන්න දවස් ගානකින් හෝසොක් පහලට ආවේ නෑ..

එක අතකින් මත්පැන් බෝතලය අතින් දරාගත්තු හෝසොක් අනිත් අතින් ඔහුගේ කෙස් උඩට කරමින් හිටියේ ඔහුව දකින සිරකාරයෝ පුලුවන් තරම් තමන්ගේ කුටිවල මුලුවලට ගුලි වෙද්දි.

ශර්ට් එකක්වත් නැතිව හිටපු හෝසොක්ගේ මනාව වැඩුනු ශක්තිමත් උඩුකය ඔහුගේ මුහුණේ තිබුනු දරුණුකම තවත් වැඩි කලේ ජේහෝප්ගෙ සළකුණ වගේ වුනු අර සමච්චල් හිනාව ඔහුගෙ කට කොනෙ මැවෙද්දි..

සිරකුටි පහක් පහුකරගෙන ගිය හෝසොක් හයවෙනි සිරකුටිය ලග නතර වෙලා ඒක ඇතුළේ හිටපු කෙනා දිහා බැලුවේ දරුණු බැල්මකින්.

හෝසොක් තමන් ලග නතර වෙනවා දැකපු තරුණයා බිත්තිය මුල්ලට ගුලි වුනේ එකදිගට බයෙන් හිස දෙපසට වනමින්.

"මේ මගුලේ දොර ඇරපන්....!!!"

හෝසොක් එහෙම කියද්දි එතන උන්නු ආරක්ශකයා දොර විවර කලේ හෝසොක්ගේ කට කොනෙ තිබුනු හිනාව නැති වෙලා යද්දි..

බෝතලය රැදුනු අත ඉහලට ඔසවපු හෝසොක් ඒකේ ඉතුරු වෙලා තිබුනු මත්පැන් ඔක්කොම ටික බිමට හැලුවේ ඉස්සරහට ඇවිදගෙන යන ගමන්...

ආරක්ශකයා දොර ලගින් මෑත් වෙද්දි එතෙන්ට ගිය හෝසොක් යකඩ දොරට බෝතලයෙන් ගැහුවේ ඒක බිදෙන සද්දේ බේස්මන්ට් එක පුරා රැව් දෙද්දි.

භාගෙට බිදුනු බෝතලය දිහා බලලා නපුරු විදිහට හිනා උනු හෝසොක් හිරකුටිය ඇතුලට ගියේ ඇතුළේ හිටපු කෙනා වෙන්න යන දේ දැනගෙන බයෙන් අඩා වැටෙන්න පටන් ගනිද්දි..

මොහොතක් ගත වෙද්දි මුලු බේස්මන්ට් එක පුරාම ඇහුනේ වේදනාත්මක විලාප හඩවල් විතරයි...

මහා විලාපයන් සියුම් කෙදිරිලි බවට පත් වෙලා ඒ කෙදිරිලි හඩවල් පවා නිහඩ වුනාට පස්සේ උණු රුධිරය ගලන වීදුරු බෝතල් භාගයක් අරගෙන ඒ රාත්‍රියේ හයවෙනි සිරකුටියෙන් එළියට ආවේ ජන්ග් හෝසොක් නෙමෙයි ලේ වලින් නෑවිලා හිටපු ජේහෝප්.....

______________________________________

රෑ අහස එළිය කරපු හද නොපෙනෙනා දුරක හැන්ගෙද්දි නැගෙනහිර අහසින් මෝදු වුණු හිරුගේ රැස් ධාරාව අවට තිබුනු අඳුර දුරුකරන්න පටන් ගත්තේ අලුත් දවසකට ඇරඹුමක් ගෙන එමින්..

සුපුරුදු දින චරියාවට අනුව මිනිස්සු එහෙ මෙහෙ දුවමින් හිටියේ හරියට වයින් කරපු බෝනික්කෝ වගේ..

කඩ සාප්පුවල "වසා ඇත" කියලා තිබුනු බෝඩ් කෑළි අනිත් පැත්ත හරවලා "විවෘතයි" කියලා පේන්න හදාපු සාප්පු හිමියෝ දවසේ වැඩ පටන් ගනිද්දි වීදි වාහනවලින් පිරෙන්න ගත්තේ හැමදේම හැමදාමත් වගේ ඒකාකාරි රටාවකට සිද්ද වෙද්දි.

කලින් දවසේ රෑ පැය ගාණක් පරීක්ශනයක් ගැන අධ්‍යනය කරමින් උන්නු ටේයොන් පැය හතරක නින්දකින් පස්සේ ඇගමැලි කඩමින් අවදි වුනේ දොරේ බෙල් එකේ සද්දෙට...

"ආහ්....මොන පිස්සෙක්ද මංදා මේ මල උදේ පාන්දර අනුන්ගේ ගෙවල් ගානේ ඇවිද ඇවිද මිනිස්සුන්ගේ නින්ද කඩන්නේ...මගුල.....!!!!!"

හිතට එන ඔක්කොම කිය කිය ගෙදරට ආපු කෙනාට බැන බැන නිදිමරගාතේ කාමරයෙන් එළියට ඇවිදගෙන ගිය ටේයොන් ඉස්සරහ දොර ඇරියේ ආපු කෙනාට කනේ ඇගිලි ගහගන්න දෙකක් කියන්න හිතාගෙන....

ඒත් ටේයොන්ගේ නින්ද සම්පූර්නෙන්ම නැති වෙලා ගිහින් බනින්න හිතාගෙන ආපුවත් අමතක වුනෙ ඔහු ඉස්සරහ හිටගෙන උන්නු කෙනාව දැකලා....

ටේයොන්ගේ ඇස් දෙක පුදුමයෙන් විසල් වුනේ මුව බාගෙට විවර වෙද්දි....

"ය්..යුන්ගී...??????!"

දෙතුන් පාරක් ඇහිපිල්ලන් ගහලා තමන් දකින්නේ හීනයක් නෙමෙයි කියලා ස්තීර කරගත්තු ටේයොන් එකපාරටම ඉස්සරහට පැන්නේ මහ හඩින් කෑ ගහගෙන....

"යූන්ගියා.......!!!!!!!!"

________________________________________
17/12/2021
(1936 Words )

(යකූ වචන දෙදාහක් නෑ මේකේ...😑)

කම්මැලි කොටස් දෙක තුනකින් පසු හොදම කොටස පැමිණෙනු ඇත...😌

Sorry for the mistakes.

Thank you for reading.❤

Plz giv your comments...💙
🤗❤

LOVE YOU...💙🌼

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top