Chapter 27
_____________________________________
You were unsure
which pain is worse..
the shock of what happened
or the ache for what never will.
_____________________________________
හෝසොක්ගේ එයාගේ උණුසුම් දෙතොලින් යුන්ගිගේ සිහින් රෝස තොල්වල රස සිත් පුරා විදින්න ගත්තෙ යුන්ගි ඒ තොල්වල පහසට සම්පූර්නෙන්ම නතු වෙද්දි..
හෝසොක්ගේ ඇගිලි අතරේ හිරවෙලා රිවෝල්වරය වටා තිබුනු තමන්ගේ අත ඒ ග්රහණයෙන් මුදවගත්තු යුන්ගි ඒ අත රැදෙව්වේ හෝසොක්ගේ කලු පාට සිනිදු කෙස් අතරේ.
ඒත් එක්කම හෝසොක්ගේ අනෙක් අතත් තමන්ගේ ඉණ වටේ එතුනු බව දෙනෙත් පියාගෙන අරුමැසි හාදුවක සුවය විදිමින් උන්නු යුන්ගි දැනගත්තේ එයාගේ පිටුපසට දැනුනු සීතල රිවෝල්වරයේ ස්පර්ශයෙන්.
දෙනෙත් විවර නොකරම යුන්ගිගේ මුවේ ඉමක් කොනක් නෑරම තම මුවින් පරීක්ශා කරමින් උන්නු හෝසොක් එයාගේ රිවෝල්වරය රැදුනු අත හිමිහිට ඉහලට කරන්න පටන් ගත්තේ යුන්ගිගේ කමිසයට යටින්.
ඔහුගේ අනෙක් අතේ දිගු අතැගිලි ඒත් එක්කම වගේ යුන්ගිගේ කලිසමේ පිටුපස සාක්කුව තුළට ඇතුල් කරපු හෝසොක්ට දැනුනා ඒ ස්පර්ශය නිසා යුන්ගි ගැස්සුනු හැටි..
තව දුරටත් හුස්ම ගන්න බැරිම වෙද්දි උණුසුම් හාදුව අතරමග නවතපු හෝසොක් එයාගේ මුහුණ යන්තමින් යුන්ගිගේ මුහුණින් ඈත් කරගෙන යුන්ගි දිහා බලාගෙන හිටියේ යුන්ගි ඇස් අරිනකම්.
දෙනෙත් විවර කරපු ගමන් යුන්ගි දැක්කේ කියවගන්න බැරි බැල්මකින් තමන් දිහා බලාගෙන ඉන්න හෝසොක්ව.
යුන්ගිගේ කදුලු දැන් වේලිලා තිබුනත් ඒ මූණේ තිබුනු වේදනාව තවමත් නැති වෙලා තිබුනේ නෑ..
"හ්..හෝසො_ "
යුන්ගිට ඉවර කරන්නවත් ඉඩක් නොතියා දෙවනි වතාවටත් හෝසොක් යුන්ගිගේ තොල්වලට එබුනේ කලින්ටත් වඩා තදින්.
යුන්ගිගේ පිටුපස සාක්කුව ඇතුළේ තිබුනු අතැගිලිවලින් යුන්ගිට දැනෙන නොදැනෙන තරමේ පීඩනයක් දුන්නු හෝසොක් අනිත් අතින් යුන්ගිගේ කමිසය යටින් උණුසුම් වෙලා තිබුනු සම මත රටා මවන්න ගත්තේ හාදුව තව තවත් වේගවත් කරමින්.
හෝසොක්ගේ දත් අතරේ තමන්ගේ තොල් හිරවෙද්දි ඒ දැනුනු වේදනාව අස්සෙනුත් අමුතු සුවයක් දැනෙද්දි යුන්ගි හෝසොක්ගේ සිනිදු කෙස් අහුරක් අතැගිලි අතරේ තදකරගෙන ඉහලට අදින්න ගත්තේ අනෙක් අත හෝසොක්ගේ පපුවේ රැදෙද්දි..
කලින් වතාවෙ තරම් දිගට නොගිය ඒ හාදුව මුලින්ම නැවැත්තුවේ හෝසොක්.
හෝසොක් එක එල්ලේම විවර වුනු යුන්ගිගෙ දෑස් දිහා බලාගෙන හිටියේ මොකක් හරි දෙයක් කල්පනා කරනවා වගේ.
"ඔයාට මට කියන්න මොකුත් නැද්ද නිකෝ..?"
එකපාරටම හෝසොක් යුන්ගිගෙන් ඇහුවේ එයාගෙන් නෙත් ඉවතට ගන්නේවත් නැතිව.
හෝසොක් අහන්නේ මොකක් ගැනද කියලා හරියට අදහසක් නොතිබුනු යුන්ගි හෝසොක් දිහා බැලුවෙ කුතුහලයෙන්..
"මං අහන්නේ ඔයාට මට කියන්න මොකුත් නැද්ද කියලා..මොනවා හරිම දෙයක්..."
හෝසොක්ගේ ඇස් යුන්ගිට ආයාචනා කලේ මොනවා හරිම කියන්න කියලා.යුන්ගි ඒ බැල්ම තේරුම් ගත්තා..ඒත් හෝසොක් තමන්ගෙන් අහන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ මොකක්ද කියලා යුන්ගිට තේරුනේ නෑ.
"මං නොදන්න..ඒත් මං දැනගන්න ඕනි දෙයක්.....ඔයා උවමනාවෙන්ම මගෙන් හංගපු දෙයක් තියනවද කියලයි මං අහන්නේ.."
යුන්ගි දිහා පරීක්ශාකාරීව බලාගෙන හිටපු හෝසොක් දැක්කා ඒක අහද්දි යුන්ගිගේ මූණ යන්තමින් වෙනස් වුනු හැටි..
හෝසොක්ට ඕනි උනේ අන්තිමට හරි යුන්ගි තමන්ට අවන්ක වෙනවා දකින්න..යුන්ගි කියන්නේ යුවී කියලා දැනගත්තු මොහොතේ ඉදන් ඒ ගැන යුන්ගිගෙන් කෙලින්ම අහන්න තිබුනු උවමනාව හෝසොක් මැඩගත්තේ යුන්ගි මොකක්ද කරන්න යන්නේ කියලා දැනගන්න එයාට ඕනි වුනු නිසා.
හෝසොක්ට ඕනි වුනේ යුන්ගි එයාගේ කැමැත්තෙම තමන්ට ඇත්ත කියනවා දකින්න.
ඒ නිසයි හෝසොක් මේ පුල පුලා යුන්ගිගෙන් අහන්නේ එයාට මොනවා හරි කියන්න දෙයක් තියනවද කියලා..මොකද යුන්ගි මේ මොහොතෙදි හරි ඇත්ත කිව්වොත් තමන්ට එයාට සමාව දෙන්න පුලුවන් කියලා හෝසොක් දන්නවා..
අනිත් පැත්තෙන් යුන්ගි හිටියේ වෙනමම කල්පනාවක.හොසොක් අන්තිමට කියපු දේ අහගෙන ඉද්දි එකපාරටම යුන්ගිට මතක් වුනේ තමන් හෝසොක්ගෙන් හන්ගගෙන ඉන්න ලොකුම රහස.
මින් යුන්ගි කියන්නේ යුවී කියන එක.
තමන් සන්හූන්ගේ මල්ලි යුවී කියන එක.
එක මොහොතකට යුන්ගිට ඕනි වුනා ඒ හැමදේම මේ මොහොතෙම හෝසොක්ට කියලා දාන්න.
ඒත් යුන්ගිගේ හිතේ තව පැත්තක් එයාට කෑ ගැහුවේ ඒ ගැන හෝසොක්ට මොකුත්ම කියන්න එපා කියලයි.
මොකද යුවී කියන්නේ යුන්ගිට කියලා හෝසොක් දන්න බව යුන්ගි දැනගෙන හිටියේ නෑ.
ඉතින් යුන්ගිට හිතුනේ ඒ දේ කියලා හෝසොක් තමන් එක්ක කේන්ති ගත්තොත් තමන්ට හෝසොක්ව නැති වෙනවා කියන එක විතරයි.
ඒ නිසාම හිත කියපු එක අහපු යුන්ගි තීරණය කලා ඒ ඇත්ත මේ මොහොතෙදි නොකියා ඉන්න.
ඒ තීරණය නිසා වෙන්න යන දේ ගැන නොදැනම යුන්ගි හෝසොක් දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවේ එහෙම කිසිම දෙයක් නැහැ කියමින්.
"ඒ කියන්නේ ඔයාට මට කියන්න එහෙම කිසිම දෙයක් නෑ...!???"
හෝසොක්ගෙ හඩේ කලින් තිබුනු හැගීම්බර ගතිය වෙනුවට ඒ හඩෙ තිබුනේ හැගීම් විරහිත ගතියක්...
ඒත් ඒක නොසලා හැරපු යුන්ගි ආයෙමත් ඔලුව දෙපැත්තට වැනුවේ හොසොක් දිහා බලාගෙනමයි.
"නෑ..."
යුන්ගි දැක්කා හෝසොක්ගේ මූණ අදුරු වෙන හැටි.
ඒ මූණෙ උණුහුම නැති වෙලා යන හැටි වගේම මුලු මූණම අදුරු වුනු හැටි.
හෝසොක්ගේ බැල්ම සීතල වෙලා ගිහින් යුන්ගි දිහා අමුතුම විදිහට බලාගෙන ඉන්න ගත්තේ යුන්ගිගේ දෙපා පණ නැති වෙනවා වගේ දැනෙද්දි.
මොකද යුන්ගිගේ ඉස්සරහ හිටගෙන හිටියේ එයා දැනගෙන හිටපු හෝසොක් නෙමෙයි.
"හ්..හෝසොක්...?"
යුන්ගිගේ මුවින් එහෙම පිට වෙද්දි යුන්ගි දිහා බලාගෙන හිටපු හෝසොක් එකපාරටම යුන්ගිව කරකවලා ඇද උඩට තල්ලු කලේ යුන්ගිගේ ඇස් බයෙන් විශාල වෙද්දි..
ඇද උඩ ඉන්න යුන්ගි දිහා බලපු හෝසොක් යුන්ගි කිට්ටුවට ආවේ මූණේ කිසිම හැගීමක් නැතිව.
යුන්ගිගේ බිමට එල්ලෙමින් තිබුනු දෙපා මැදට ඇවිත් ඇද ලග හිටගත්තු හෝසොක් යුන්ගි දිහා බැලුවේ ඒ සීතල බැල්මෙන්මයි.
"හෝසොක් නෙමෙයි..ජේහෝප්..."
ගැඹුරු කට හඩකින් එහෙම කියපු හෝසොක් බය වෙලා වගේ උන්නු යුන්ගි දිහා බැලුවේ කට කොනින් හිනා වෙන ගමන්.
"ජේ....හෝ.....ප්.....මං තමයි ජේහෝප්..තව දුරටත්..ඔය තොල්වලින්..හෝසොක් කියන නම කියවෙනවා දකින්න මට ඕනි නෑ.!!"
යුන්ගිගේ දෙපා ලග නතර වුනු හෝසොක් එයාගේ අත් දෙක යුන්ගිගේ දෙපා මතින් තිබ්බේ යුන්ගි මොකුත්ම හිතාගන්න බැරිව හෝසොක්ගේ මූණ දිහා බය වෙලා වගේ බලාගෙන ඉද්දි.
යුන්ගිගේ දෙකකුල්වල දණහිස්වලින් තමන්ගෙ අත් දෙක තියපු හෝසොක් යුන්ගිගේ ඇස්වලට එබුනේ කට කොනින් හිනා වෙන ගමන්මයි..
"ඔයාට මට කියන්න කිසිම දෙයක් නෑ කිව්වානේ..!"
යුන්ගිගේ දෙපා අතර මැද්දෙන් ඇද උඩින් තමන්ගේ එක දණිහිසක් තියපු හෝසොක් යුන්ගිගේ ඇග මත නැමෙන්න ගත්තේ එක අතක් යුන්ගිගේ ඉණ හරියෙන් තියමින්.
තවමත් රිවෝල්වරය රැදිලා තිබුනු අනිත් අත යුන්ගිගේ ඉණේ අනිත් පැත්තෙන් ඇද උඩ තියපු හෝසොක් ඉස්සරහට ඇදිලා ආවේ කෙලින්ම යුන්ගිගේ මූණ ඉස්සරහම නතර වෙමින්.
තමන්ගේ දෙපා අතරමැද තිබුනු හෝසොක්ගේ කකුල ගැනවත් දැන් තමන්ගේ පපුව දෙපැත්තේ තියන හෝසොක්ගේ ශක්තිමත් බාහු දෙක ගැනවත් යුන්ගිට කල්පනාවක් තිබුනේ නෑ..
ඒ වෙනුවට යුන්ගිගේ මුලු හිතම තිබුනේ එයාගේ ඇස් ඉස්සරහම තමන්ගේ සිරුරට බර වෙලා නපුරු බැල්මෙන් තමන් දිහා බලාගෙන ඉන්න හෝසොක් ලග.
"ඒත් මට තමුන්ට කියන්න ලොකු දෙයක් තියනවා නිකෝ......!!"
රිවෝල්වරය රැදුනු අත මෙට්ටයෙන් ඔසවපු හෝසොක් තමන් දිහා විමසිලිමත් නෙත් වලින් බලාගෙන ඉන්න යුන්ගිගේ ඉහ ඉද්දරින් අත නතර කලේ එහි කෙළවර යුන්ගිගේ නළලේ ස්පර්ශ වෙන විදිහට.
"මං දන්නවා ඔයා කවුද කියලා මිස්ටර් මින් යුන්ගි....එහෙම නැත්නම් අපි කියමු...මිස්ටර් පාක් සන්හූන්ගේ සහෝදරයා..යුවී.....!!!"
යුන්ගි බය වුනා විතරයි කිව්වොත් ඒක බොරුවක්.යුන්ගිගේ ඇස් බයෙන් ලොකු වුනේ හෝසොක්ගේ මූන ආයෙනම් හැගීම් විරහිත වෙද්දි.
"මං ඔයාට අවස්තාවක් දුන්නා නිකෝ...ඇත්ත කියන්න ඔයාට මං චාන්ස් එකක් දුන්නා...මං කිව්වා මට කියන්න දෙයක් තියෙයි නම් කියන්න කියලා...."
හෝසොක් කිව්වේ රිවෝල්වරය යුන්ගිගේ නලලට තද කරන ගමන්.
"ඒත් තමුන් ඒ අවස්තාවත් නැති කරගත්තා........"
හෝසොක්ගේ ඇස් නපුරු වෙන හැටි යුන්ගි දැක්කා.
යුන්ගි දන්නවා එයා කරගත්තේ මහ මෝඩකමක් කියලා.
ඒත් බයෙන් ගැහෙනවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ
"මේ ජේහෝප් කියන්නේ වංචාකාරයෝ පේන්න බැරි එකෙක් යුන්ගි....මට බොරු කරන උන්ට මගෙන් කිසිම සමාවක් නෑ..."
හෝසොක් කිව්වේ එයාගේ අතේ තියෙන රිවෝල්වරය තවත් යුන්ගිගේ නලලට තද කරමින්.
"තමුන් මට බොරු කලා යුන්ගී.....මාව රැවැට්ටුවා....!!"
තමන්ගෙ ඇග උඩම වගෙ උන්නු හෝසොක්ගේ නිරුවත් පපුව ආවේගයෙන් ගැහෙන හැටි යුන්ගි දැක්කා..ඒ වගේම තමන්ගේ නලලට දැනෙන පීඩනය එන්න එන්නම වැඩි වෙන හැටිත් ඔහුට දනුනා..
ඒත් එයා ඒකෙන් ගැලවෙන්න උත්සාහ කලේ නෑ.
"මාව රවට්ටපු තමුන්ටත් මගෙන් කිසිම සමාවක් නෑ.."
තප්පරෙන් තප්පරේ තමන්ගේ කෝපය වැඩි වෙද්දි හෝසොක් කේන්තියෙන් දත් මිටි කන ගමන් යුන්ගි දිහා බැලුවේ නපුරු ඇස්වලින්..කලින් යුන්ගි දිහා බලද්දි ඒ ඇස්වල තිබුනු ආදරණීය බැල්ම තව දුරටත් ඒවයේ තිබුනේ නෑ..
"තමුන් දැන් දකී ජේහෝප් කියන්නෙ කාටද කියලා....මේ ජේහෝප් කවුද කියලා..."
ඒත් එක්කම යුන්ගිගේ එක අතකින් ඇදලා ගත්තු හෝසොක් යූන්ගිව ඇදේ කොට්ට ටික උඩට විසි කලේ ඒක කොහොම වුනාද කියලා හිතාගන්නවත් බැරි විදිහට.
"හ්..හෝ..."
"කට වහගන්නවා මින් යුන්ගී.....මං..තමුන්ට...කිව්වා...ඔය කටින්..මගේ..නම...කියන්න..එපා..කියලා...!!!!!"
ඒත් එක්කම ආයෙමත් යුන්ගිගේ සිරුර මතට ආපු හෝසොක් එයාගේ අත් දෙකම තමන්ගේ දකුණතට එකතූ කරගෙන යුන්ගිගේ ඔලුවට උඩින් රැදෙව්වේ යුන්ගිගේ ඇස් බොද වෙන්න පටන් ගනිද්දි.
"ඔ..ඔයා...ඔයා ම්..මොකක්ද ක්..කරන්න හදන්නේ....!"
යුන්ගි කදුලු පිරුනු ඇස්වලින් හෝසොක් දිහා බලාගෙන ඇහුවේ හෝසොක් හිමි හිමින් යුන්ගිගේ මූණට පාත් වෙද්දි.
"එදා මට කරන්න බැරි වුනු දේ....."
හෝසොක්ගේ අතේතිබුනු රිවෝල්වරය කලින් වතාවෙ වගේම යුන්ගිගේ නලලේ නතර උනේ යුන්ගිගේ නෙත් හෝසොක්ගේ දරදඩු මූණේ රැදෙද්දි.
යුන්ගි දන්නවා කලින් තමන් වෙනුවෙන් විතරක් ආදරණීය වුනු හෝසොක් මෙහෙම වෙනස් වෙලා තියෙන්නේ තමන්ගේ වරදින්මයි කියලා.
ඒ නිසා හෝසොක් තමන්ට මොනවා කලත් යුන්ගි ඒ ඕනි දෙයක් බාරගන්න ලැස්ති වෙලයි හිටියේ..නලල පුපුරුවාගෙන යන මූනිස්සමක් වුනත්....
මොකද වැරැද්ද තමන්ගේ කියලා යුන්ගි පිලි අරන් ඉවරයි.
සන්හූන්ගෙ මරණෙට වග කියන්න ඕනි හොසොක් උනත් ඒ ගැන හෝසොක්ට දඩුවම් දෙන එක තමන්ගේ වැඩක් නෙමෙයි කියලා යුන්ගිට දැනිලයි තිබුනේ..
හෝසොක්ට ඒකට මොන දඩුවම ලැබුනත් තමන් එකට මැදිහත් වෙන්න ඕනි නෑ කියලා එයාට තේරුනේ හැමදේම උනාට පස්සෙයි.
"තමුන්ගේ ඔය අහින්සක ඇස්වලට,අහින්සක මූණට,අහින්සක බැල්මට මං රැවටුනා..තමුන් අහින්සකයෙක් වගේ රගපාපු රගපෑමට මං රැවටුනා.....මං තමුන් දිහා බැලුවෙ මලක් දිහා බලනවා වගේ...මගේ බැල්මකින්වත් තමුන්ට අපහසුතාවක් වෙන්න මට ඕනි උනේ නෑ...මං ඒ තරම් තමුන් ගැන හිතුවා යුන්ගි..ඒත්තව දුරටත් නෑ........"
හෝසොක් කිව්වෙ රිවෝල්වරය යුන්ගිගේ නලල හරහා පහලට අරන් ඇවිත් යුන්ගිගේ දෙතොල් ලග නවතින ගමන්.
ටිකකට කලින් බෙදාගත්තු උණුසුම් හාදු නිසාම ලේ පුරලා තදා රෝස පාට වෙලා තිබුනු යුන්ගිගෙ තොල්වල හෝසොක්ගේ ඇස් ආයෙමත් අතරමන් උනෙ කිය කිය හිටපු දේත් මොහොතකට අමතක වෙද්දි.
යුන්ගි හෝසොක් දිහාම වේදනාවෙන් බලාගෙන ඉද්දි හෝසොක් රිවෝල්වරයේ කෙලවර යුන්ගිගේ දෙතොල් අතරට ගෙනාවේ හදගැස්ම වේගවත් වෙද්දි.
සීතල ලෝහයේ ගැටුනු යුන්ගිගේ තෙත් දෙතොල් නොදැනුවත්වම දෙපසට වෙද්දි හෝසොක් රිවෝල්වරය තරමක් යුන්ගිගේ මුව තුළට කලේ උවමනාවෙන්මයි.
රිවෝල්වරය වටා එතුනු යුන්ගිගේ සිහින් රෝස පැහැ දෙතොල් දකිද්දි නොයෙකුත් සිතුවිලි හෝසොක්ගේ හිතට ගලාගෙන එන්න ගත්තේ කෙළවරක් නැතිව.
කොයි මොහොතක හරි ට්‍රිගර් එක තද උනු ගමන් පත්තු වෙන රිවෝල්වරයක් හරියටම යුන්ගිගේ මුව මත තියාගෙන උන්නු හෝසොක්ට අතේ තියන රිවෝල්වරයට අමතරව තවත් ප්‍රශ්නයක් මතු වුනේ ඒ මොහොතෙදියි.
හෝසොක්ගේ ග්රහනයෙන් බේරෙන්න උත්සාහ කරපු යුන්ගි ඔලුව පැත්තකට හරවද්දි යුන්ගි ඇදගෙන හිටපු කලු පාට ශර්ට් එකෙන් මතු වුනු යුන්ගිගේ කිරිසුදු පාට හම හෝසොක්ගේ ශරීරයේ උතුරන හැගීම් තවත් අවුස්සද්දි හෝසොක්ට තවත් ඉවසන්න පුලුවන් උනේ නෑ.
සෑහෙන වෙලාවක ඉදන් අතේ තියාගෙන උන්නු රිවෝල්වරය ඇදේ පැත්තකින් තියපු හෝසොක් අත් දෙකෙන්ම යුන්ගිව අල්ලගෙන ඔහුගේ බෙල්ලට නැමුනේ යුන්ගි එයාගේ හිස හැරුනු පැත්තේ තිබුනු කණ්නාඩියෙන් පෙනෙන ඒ දෙන්නාගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන ඉද්දි.
හෝසොක්ගේ උණුසුම් දෙතොල් යුන්ගිගේ ගෙලේ පුන්චි පුන්චි දම් පාට සලකුණු තියන්න ගත්තේ ඒ පහස යුන්ගිත් හිත පුරා විදගනිද්දි.
යුන්ගිට කිසිම දවසක මේ දේවල් මේ විදිහට වෙන්න ඕනි නැති උනත් මේ වෙන දෙවල් නවත්තන්න එයාට පොඩ්ඩක්වත් ඕනි වුනේත් නෑ.
මොකද යුන්ගිට ඕනි වුනෙත් හෝසොක්ගේ උණුහුම විතරයි.
හෝසොක්ගේ අතැගිලි තමන්ගේ කමිසයේ බොත්තම් අතරේ එහෙ මෙහෙ යන හැටි වගේම විව්ර වුනු කමිසයෙන් නිරාවරණය වුනු පපුවෙ හෝසොක්ගේ උණුසුම් දෙතොත් දිවෙන හැටි යුන්ගි කණ්නාඩියෙන් බලාගෙන හිටියෙ සිහින් හිනාවක් මූණේ තියාගෙන.
ඒත් ඒ හිනාවට වැඩි ආයුශ තිබුනේ නෑ..
යුන්ගිගේ නෙත් හෝසොක් දිහාවට යොමු වුනේ හෝසොක් උන්හිටි ගමන් හැම චලනයක්ම නවත්තද්දි.
ඒත් එක්ක්ම යුන්ගිගේ ඇගෙන් නැගිටපු හෝසොක් යුන්ගි දිහා බැලුවේ හිස් බැල්මකින්.
"මේ වුනු දේ අමතක කරන්න.....!"
යුන්ගිගේ ඇස්වල වේදනාවක් ඇදුනත් හෝසොක් ඒක ගනන් ගත්තේ නෑ.
"මං එක මොහොතකට හිතුවා තමුන් නිකෝ කියලා..මගේ නිකෝ කියලා......අහින්සක හිනාවක් තියන..අහින්සක ඇස් දෙකක් තියන.....මගේ අහින්සක නිකෝ කියලා.......ඒත් තමුන් එයා නෙමෙයි......මං තමුන්ට නිකෝ කිව්වට නිකෝ හිටියේ මගේ හිතේ විතරයි....තමුන් කලේ මගේ හිතේ හිටපු නිකෝ විදිහට රගපාපු එක විතරයි....තමුන් නිකෝ නෙමෙයි මින් යුන්ගි..මට ඒක අමතක වුනා..තමුන් තමයි මට බොරු කරපු මාව රවට්ටපු මින් යුන්ගි..."
හෝසොක් ඇදේ කොනක තිබුනු රිවෝල්වරය අතට අරගෙන යුන්ගි දිහා බැලුවේ හැගීමක් නැති ඇස්වලින්.
"තමුන්ට යන්න වෙලාව හරි.....!"
යුන්ගි හෝසොක් දිහා බැලුවේ බොද වුනු ඇස්වලින්.හෝසොක් රිවෝල්වරය යුන්ගි දිහාට දිගු කලේ කිසිම පැකිලීමක් නැතිව.
"මින් යුන්ගි කියන්නේ මගේ ජීවිතේ මතකයක්ම විතරක් වෙයි....!"
වේදනා දෙන හදවතට අතක් තියාගෙන යුන්ගි හෝසොක් දිහා බලාගෙන හිටියේ හෝසොක්ගේ අතින් අවසන් ගමන් යන්න හිත හදාගෙන....
"ආයේ කවදාවත් මගේ ලෝකෙට එන්න හිතන්නවත් එපා මිස්ට මින් යුන්ගී.......අදින් හැමදේම ඉවරයි.....!"
හදවත දෙපලු කරගෙන යන වේදනාවජ් එක්ක අවසන් මොහොත හෝසොක් ලගදිම ගෙවෙන හැටි ගැන සතුටු වෙමින් හිටපු යුන්ගිගේ ඇස් පුදුමයෙන් ලොකු වුනේ හෝසොක් ඊගාවට කරපු දේ නිසා.
යුන්ගි දිහාට එල්ල වෙලා තිබුනු රිවෝල්වරය හෝසොක් පැත්තකින් තිබුනු කණ්නාඩිය දිහාවට හැරෙව්වේ ඒ දෙන්නම තමන්ගේ ප්‍රතිබිම්බය දිහාට නෙත් යොමු කරද්දි.
පැහැදිලි සද එලියෙන් එළිය වෙලා තිබුනු එහි පෙනෙන යුන්ගිගෙත් තමන්ගෙත් රූපය දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු හෝසොක් ඊගාව තප්පරේ කණ්නාඩියට වෙඩි තිබ්බේ කෑළි කැළිවලට කැඩිලා ගිය වීදුරු කෑලි බිම පුරා විසිරෙද්දි.
මොහොතකට කලින් ඒකෙන් පෙනිනු යුන්ගිගෙයි හෝසොක්ගෙයි රූපයත් එත් එක්කම සුනු විසුනු වෙලා ගියේ ඒ දෙන්නා එකට හිටපු ඒ මොහොතත් මතකයක් විතරක්ම කරමින්.
යුන්ගි මොකුත්ම හිතාගන්න බැරිව බිදුනු කණ්නාඩිය දිහයි හෝසොක් දිහායි බලද්දි හෝසොක් ඇදෙන් බිමට බැස්සේ රිවෝල්වරය බිමට විසිකරන ගමන්..
"ඔයා ගැන මගේ හිතේ තිබුනු විශ්වාසයත් ඒ කණ්නාඩිය වගේම බිදුනා මින් යුන්ගි....මං ඔයාට ආදරේ කළා......ඒත්.......තව දුරටත් නෑ......."
මේසේ ගාවට ඇවිදගෙන ගිය හෝසොක් එයාගේ ෆෝන් එක අතට අරන් කාටදෝ කෝල් එකක් ගත්තේ යුන්ගි ඇදෙන් බැහැලා හෝසොක් ගාවට ඇවිදගෙන එද්දි.
ඒත් යුන්ගි මොකුත්ම කිව්වේ නෑ.එයාට කියන්න දෙයක් තිබ්බෙ නෑ.
හෝසොක් ලගට දුවගෙන ආවට හෝසොක්ගේ අතකින්වත් ඇල්ලුවෙ නෑ.එයාට හයියක් තිබ්බේ නෑ.
එහා පැත්තෙන් කෝල් එක උස්සද්දි හෝසොක් ඒකට උත්තර දුන්නේ යුන්ගි දිහා බලන්නෙවත් නැතිව.
"හෙලෝ ජින්....සූබින් එක්ක මගෙ රූම් එකට එන්න..."
"........"
"ඔව්..ඔය දෙන්නාට මින් යුන්ගිව ගමනක් එක්ක යන්න තියෙනවා.......මේ දැන්ම....."
යුන්ගිගේ දෙනෙත් විසල් උනේ මෙච්චර වෙලා දරාගෙන හිටපු කදුලු ඇස්වලින් ගලන්න පටන් ගනිද්දි.ඒත් හෝසොක් යුන්ගි දිහා බැලුවේ ඒ කදුලු දැක්කේ නෑ වගේ හිස් බැල්මකින්..
"මින් යුන්ගි රෝනා ප්ලේස් එකෙන් යනවා...."
_______________________________________
14/12/2021
(2088 Words)
Sorry..💔
දවස් ගානක් ට්‍රයි කලා.ඒත් මේ චැප්ට එක හරි නෑ වගේ.......මේක කියවන්නද දවස් පහක් බලන් හිටියේ කියලා හිතෙයිද දන්නෑ ඔයාලට.....
SORRYYY...
Thank you for reading my sweethearts..❤
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top