Chapter 26
_____________________________________
Life has many ways of
testing a person's will,
either by having nothing happen
at all or by having everything happen
all at once.
_PAULO COELHO_
_____________________________________
පරිසරය පුරා පැතිරිලා තිබුනේ සැනසිලිදායක නිහඩ බවක්.තරමක් දුරක තිබුනු උස් තුරුපත් මද සුළගකට හෙළවෙන බව පෙනුනත් ඒ සුළග කුටියට එන එක වැලැක්වුවේ කාමරයත් පිටත පරිසරයත් වෙන් කරමින් තිබුනු විශාල වීදුරුව විසින්..
ඒත් මුලු පරිසරයම සෞම්‍ය එළියකින් නහවමින් උන්නු සදට නම් කුටිය ඇතුළට එන්න කිසිම බාධාවක් තිබුනේ නෑ...
නිරාවරණය වෙලා තිබුනු විශාල වීදුරු බිත්තියෙන් පෙරිලා ආපු සද එළිය හරියටම කාමරය මැද තිබුනු විසල් සයනය මතටම පතිත වෙලා තිබුනේ ඒ සයනය මත උන්නු කෙනාවම හොයාගෙන ආවා වගෙයි..
එතන තිබුනේ හරිම සුන්දර බවක්..
නිසල බවක්...
ඒ වගේම සැනසිලිදායක බවක්..
ඒත් කුටියේ දොර ළග උන්නු කෙනාට නම් නිසල බවක් වෙනුවට දැනුනේ සසල බවක්ම විතරයි..
අවට තිබුනු සැනසිලිදායක බව ඔහුට නොදැනුනු තරම්..
මොකද ඔහු හිටියේ ඒ දසුනේ තිබුනු සුන්දරත්වයෙන් අතරමන් වෙලා..
තමන් එතනට ආවේ ඇයි කියන එකත් අමතක වෙන තරමටම ඔහු හිටියේ අතරමන් වෙලා..
මින් යුන්ගිට ආයෙත් පියවි සිහියට එන්න තප්පර කීපයක් ගියේ ඒ නිසයි.
තමන් ආපු කාරණාව සිහි වුනු ගමන්ම කිසිම සද්දයක් නොනැගෙන විදිහට ආයෙමත් හිමීට කාමරයේ දොර වහපු යුන්ගි රිවෝල්වරය රැදුනු අත උඩට ඔසවන්න ගත්තේ එහි ඉදිරිය ඇද දිහාවට
යොමු කරමින්.
සද එළිය නිසාම අඩ අදුරේ තිබුනු කුටිය ඇතුලේ සයනය මත නිසලව ඉන්න හෝසොක්ව ඉලක්ක කරගන්න යුන්ගිට අමාරු වුනේ නෑ..
'මං ආවා හෝසොක්...අන්තිමේදි මන් මගෙ පලිය ගන්න ආවා.....'
හෝසොක් සහ තමන් අතර පියවර දහයක විතර දුරක් තියෙද්දි යුන්ගි තමන්ටම හිතින් කියාගත්තේ මොහොතකට කලින් හෝසොක්ව දකිද්දි ඇතිවුනු තිගැස්ම සම්පූර්නෙන්ම අමතක කරලා.
'මගේ ලෝකෙම වෙලා හිටපු මගෙ අයියව මගෙන් උදුරගත්තේ තමුන්..තමුසේ මාව අනාතයෙක් කලා හෝසොක්...මට මේ ලෝකේ හිටපු එකම කෙනා..මට පනටත් වඩා ආදරේ කරපු කෙනාව තමුන් නැතිම කරලා දැම්මා...තමුසේ මැරුවේ සන්හූන්ව නෙමෙයි ජන්ග් හෝසොක් මාව....තමුසේ මාව නොමරා මැරුවා......'
ඒ හිටියේ යුන්ගි නෙමෙයි..යුවී...
තමන්ගේ අයියා වෙනුවෙන් ඉවසගන්න බැරි තරම් වේදනාවක් හදවතේ හිරකරගෙන හිටපු යුවී...
බලය වෙනුවෙන් ජීවිත විනාශ කරන ලෝකෙක ඇස් පනාපිටම දෙමාපියන් නැති වෙලා යද්දි ඒ මතකයන්වල වේදනාව මැකිලා යන්නත් කලින් මේ ලෝකේ තමන්ට කියලා ඉතුරු වෙලා හිටපු එකම කෙනත් නැති වෙලා ගිය කෙනෙක්..
තමන්ගේ ආදරණීය අයියාගේ අවසානය සවනතේ රැව් දෙද්දිත් ඒ හැමදේම අහගෙන ඉදලත් කිසිම දෙයක් කරගන්න බැරිව අසරණ උනු මල්ලි කෙනෙක්..
අම්මා,තාත්තා,අයියා....හැමෝම එයාව දාලා යද්දි මේ ලෝකේ කාත් කවුරුත් නැතිව තනි වුනු අහින්සකයෙක්..
ඒත් ආදරණීයන්ගේ වෙන් වීම් නිසාම මිනී මැරුම් කරන්න තරම් දරුණු වුනු අහින්සකයෙක්..
ආදරණීයන්ට සාදාරණය ඉටු කරලා ඔවුන්ව මරපු අයගෙන් පලි ගන්න තිබුනු අදිටන නිසාම නපුරු වෙලා හිටපු යුවී එහෙමත් නැත්නම් මින් යුන්ගි..
තවත් පියවරක් හෝසොක් ලගට ලන් වුනු යුන්ගිගේ මූනේ තිබුනේ කේන්තියම විතරයි.ඒ ඇස්වල තිබුනේ පලි ගැනීම..
හෝසොක්ගෙන් පලි ගැනීම....
'අද ජීවිතේ පළවෙනි පාරට මගෙර් අතින් කෙනෙක් මැරේවි....කවදාවත් ජීවිතයක් නැති කරන්න හිතපුවත් නැති මං අතින් අද ඔයාව මැරේවි...ඔයා නොදැනුවත්වම මේ ගේ ඇතුළේ නවත්තගත්තු සන්හූන්ගේ මල්ලි යුවී අතින් අද ජන්ග් හෝසොක් මැරේවි....'
යුන්ගි හිතින් තමන් එක්කම කිව්වේ හිමි හිමින් ඉදිරියට ඇදෙන ගමන්.
යුන්ගිගේ කේන්තියෙන් වියරු වෙලා වගේ තිබුනු ඇස් යොමු වෙලා තිබුනේ හෝසොක්ගේ සන්සුන් මූණට..පියවිලා තිබුනු ඒ නෙත් දිහා බලාගෙනම බළල් ගමනින් අඩි තියපු යුන්ගි ඊගාව තප්පරේ හිටියේ හෝසොක්ගේ ඇද ලගමයි.
යුන්ගිගේත් ඇද උඩ උන්නු හෝසොක්ගෙත් අතරේ තිබුනේ මීටරයකටත් අඩු පරතරයක්..
හෝසොක්ගේ පියවුනු නෙත් දිහාම බලාගෙන උන්නු යුන්ගිගේ මූණේ කලින් තිබුනු කේන්තිට වෙනුවට දැන් තිබුනේ හැගීම් විරහිත පෙනුමක්..
මාසෙකට ආසන්න කාලයක් මග බලාගෙන හිටපු අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න විතරයි යුන්ගිට තිබුනේ..
රිවෝල්වරය රැදුනු අත හෝසොක්ගේ නලල දිහාවට ලන් කරපු යුන්ගිගේ හැගීම් විරහිත ඇස් හෝසොක්ගේ මූණ පුරා දිව්වේ අවසාන වතාවට ඒ මූණ මතකයේ රදවගන්න වගේ.
රෝනා ප්ලේස් එකේ නැවතිලා සැලසුම් කරපු හැමදේම අවසන් වෙන්න වෙලාව ඇවිල්ලයි තිබුනේ.හෝසොක්ව ඉවරයක් කරපු ගමන්ම යුන්ගිට තිබුනේ අනිත් අය ඒ ගැන දැනගන්න කලින් රෝනා ප්ලේස් එකෙන් පැනගන්න විතරයි.
ඒකට අවශ්‍ය කරන හැමදේම යුන්ගි ලෑස්ති කරලයි තිබුනේ.පිටිපස්සේ ගේට් එක ලග ගාඩ් කරන අයගේ කෑමවලට යුන්ගි ඒ වෙද්දිත් මෙඩිකල් රූම් එකෙන් හොරකම් කරපු සැත්කම්වලදි භාවිතා කරන සිහි නැති කරන බෙහෙත් කලවම් කරලයි තිබුනේ.පැය අටක් යනකම් එයාලා නැගිටින්නේ නෑ කියලා යුන්ගිට විශ්වාසයි.
'ජන්ග් හෝසොක්..සුබ ගමන්..!'
රිවෝල්වරයේ ට්‍රිගර් එකට දබරගිල්ල ළං කරපු යුන්ගි මොහොතක් දෙනෙක් පියාගෙන යලි විවර කලේ සිත සැහැල්ලු කරගනිමින්.
තප්පර කීපයක් ඇතුලට තමන්ගේ පලි ගැනීම සම්පූර්ණයි කියලා යුන්ගි දන්නවා..එයාට ඕනි වුනේ ඒ හැමදේම ඉක්මනට ඉවරයක් කරලා දාන්නයි
හැමදේම සැලසුමට අනුවම සිද්ද වුනත් හෝසොක්ගේ මූණ දිහා බලාගෙන උන්නු යුන්ගිට දැනුනෙම මොකක් හරි දෙයක් වැරදියි කියලයි.
හරියට වැදගත්ම දෙයක් තමන්ට මග ඇරිලා වගේ..
ඒත් එක්කම යුන්ගිගේ නෙත් සුව පහසුවට නිදාගෙන ඉන්න හෝසොක්ගේ මූණෙන් මිදිලා පහළට පහළට යන්න පටන් ගත්තේ ඔහුටත් නොදැනී..
හරියට අර කලින් කිව්ව මග හැරුනු දේ හොයන්න යනවා වගේ..
යුන්ගි කොච්චර උත්සාහ කලත් එයාගේ දෙනෙත් නවත්තගන්න එයාට පුලුවන් උනේ නෑ.
රිවෝල්වරය රැදුනු අත උඩු අතට වැතිරිලා උන්නු හෝසොක්ගේ නලලට අගල් දෙකක් විතර ඈතින් රැදෙද්දි යුන්ගිගේ හැගීම් විරහිත ඇස් හෝසොක්ගේ නිරුවත් උඩුකයට යොමු වෙන්න ගත්තේ අනායාසයෙන්මයි.
හෝසොක්ගේ තියුනු නිකටින් මිදිලා ඒ දිගු ගෙල දිගේ දුවපු බැල්ම ඊලගට නතර වුනේ හෝසොක්ගේ සවිමත් පපුවේ..
ඒත් එක්කම මෙච්චර වෙලා හැගීම් විරහිත වෙලා තිබුනු යුන්ගිගේ ඇස්වල හැගීම් දහසක් පොපියන්න ගත්තේ ඒවා පුදුමයෙන් විසල් වෙද්දි.
ඇත්තටම යුන්ගිට මෙච්චර වෙලා දෙයක් මග හැරිලා තමයි තිබුනේ.
යුන්ගිගේ විසල් වුනු නෙත් නැවතිලා තිබුනේ ඒ මග හැරුනු දේ ගාව.
හෝසොක්ගේ පපුවේ..
හෝසොක්ගේ පපුවෙ වම් පැත්තේ හරියටම හදවතට ඉහලින් තිබුනේ හෝසොක්ගේ මූණ දිහා බලාගෙන හිටපු සම්පූර්ණ වෙලාවෙම යුන්ගිට මග හැරුනු දෙය.
මින් යුන්ගිගේ හැගීම් විරහිත ඇස්වලට තප්පරෙන් හැගීම් දහසක් ගෙනාවේ හෝසොක්ගේ පපුවේ කලු පාට තීන්තෙන් කොටලා තිබුනු ටැටූ එක.
සියුම් රේඛාවකින් ඇදුනු සරල රෝස මලක ටැටූ එකක් වුනු ඒකේ මලේ නටුව ඇදලා තිබුනේ අකුරු විදිහට..ඒ අකුරුවලින් කියවුනේ නමක්.
රෝස මලකින් ඇරඹුනු ටැටූ එක ඉවර වෙලා තිබුනේ Neko කියන නමින්.
(රෝසමල් ආදරය සංඛේතවත් කරනවලුනේ ඒකයි රෝස මලක් දැම්මේ...)
(මේ වගේ මලකින් පටන් අරන් N අකුරින් පහළ තියෙන විදිහට අකුරු ඇදුනු ටැටූ එකක් මවාගන්නකෝ ළමායි..)
(Niko නෙමෙයි Neko හොදේ..)
හරියටම කියනවානම් හෝසොක්ගේ පපුවේ ලියලා තිබුනේ එයා එයාගේ ලෝකේ වටිනම තැනක් දීලා හිටපු කෙනාට එයා දාපු නම...
එයා ඒ කෙනාට කතා කරපු නම..
නිකෝ...
හෝසොක් හදවතේ විතරක් නෙමෙයි පපුවෙත් ලියාගෙන හිටියේ එයාගේ නිකෝ බේබිගේ නම.
ඒත් ඒක දැනගෙන හිටියේ එයාම විතරයි.
හෝසොක් මෙච්චර කල් හන්ගගෙන හිටපු ඒ ටැටූ එක දිහා යුන්ගි බලාගෙන හිටියේ හදවත එකදිගට ගැහෙන්න ගනිද්දි.ඒ ඇස්වල හැගීම් පිරිලා උතුරලා යන්න ගත්තේ කෙලවරක් නැතිව.
හෝසොක්ගේ නලල් තලයට එල්ල වෙලා තිබුනු රිවෝල්වරය රැදුනු යුන්ගිගෙ අත වෙව්ලන්න ගත්තේ මුලු ඇගේම ශක්තිය නැති වෙලා ගියා වගේ.
යුන්ගිට එයාගේ කකුල් පවා වාරු නෑ වගෙ දැනුනේ එකපාරටම සිහි වුනු මතකයක් නිසා..
හෝසොක් ගැන මතකයක්..
"ඔයාට මං දීපු හැම වේදනාවක්ම මාත් විදින්නම් යුන්ගි...ඔයාගේ පපුවට දුන්නු වේදනාව වගේම මොකක්ද කියලා හරියටම නොදන්නවා වුනත් ඔයාගේ හදවතට මං දුන්නු වේදනාවත් මං විදින්නම්..."
යුන්ගි ඉස්සරහ හෝසොක් එයාගේ කදුලුවලට ඔහේ ගලාගෙන්න යන්න දුන්නු දවසේ හෝසොක්ගේ මුවින් පිටවුනු වචන යුන්ගිට ඇහෙන්න ගත්තේ එයාගේ ඇස් තව දුරටත් ඒ ටැටූ එක මතම රැදෙද්දි.
කිව්වා වගේම යුන්ගිගේ පපුවේ තමන්ගේ සලකුණ තියලා යුන්ගිගේ පපුවට දීපු වේදනාව හෝසොක් විදලා තිබුනෙ ඒ විදිහට.
යුන්ගිට තව දුරටත් කලින් එයාගේ තිබුනු නිර්භීතකම,එඩිතරකම,තරහව,වෛරය දැනුනේ නෑ..ඒ වෙනුවට එයාහේ හිත පුරා රැදුනේ හෝසොක්ගේ කදුලු ගලන මූණයි හෝසොක්ගේ මුවින් පිට වුනු වචනයි විතරමයි.
පලි ගැනීම,හෝසොක්ව මරන එක ඒ හැමදේම යුන්ගිට අමතක වෙලා ගියේ ටැටූ එක දැකපු මොහොතෙමයි.
ඇත්තටම එදා හෝසොක් තමන්ගෙන් කොයි තරම් නම් සමාව ඉල්ලුවද කියලා යුන්ගිට මතකයි.
"ම්..මට සමාවෙන්න මගේ මැණික...මට සමාවෙන්න...!!!!!!"
හෝසොක් එදා යුන්ගිගෙන් සමාව ඉල්ලුවෙ ඇත්තටයි..ඒ වචනවල කිසිම බොරුවක් තිබුනේ නෑ..ඒ වගේම ඒ ඇස්වලින් ගලපු කදුලුවල බොරුවක් තිබුනෙත් නෑ.ඒත් එදා නොපෙනුනු ඒ ඇත්ත යුන්ගිට පේන්න ගත්තේ ගොඩක් පරක්කු වෙලා.
"මගේ අවසන් හුස්ම හෙලන්න කලින් මං ඔයාගෙන් සමාව ගන්නවමයි නිකෝ..කොහොමහරි..මං ඔයාගෙන් සමාව ගන්නවා....!!!"
එදා හෝසොක්ගේ ඒ වචනවල නොදැකපු අවන්කකමක් යුන්ගිට දැනෙන්න ගත්තේ ආයේ වතාවක් ඒ වචන මතක් වෙද්දියි...ඒත් යුන්ගි එදා ඒක දැක්කේ නෑ..
"මං ඔයාට වෛර කරනවා ජේහෝප්...!!!"
තමන් එහෙම කියද්දිත් හෝසොක් වේදනාවෙන් උනත් යන්තමින් හිනා වෙලා කියපු වචන ටික යුන්ගිට මතක් වුනේ අමුතුම වේදනාවක් හදවත වෙලා ගන්නවා වගේ දැනෙද්දි.
"මං දන්නවා...ඒත්..ඔයා මට පේන මානෙක හරි ඉන්නකම් ඒ වෛරයත් මට වටිනවා නිකෝ..."
යුන්ගිට තව දුරටත් හෝසොක් ගැන කේන්ති ගන්න පුලුවන් වුනේ නෑ.
හෝසොක් සන්හූන්ව මරපු බව ඇත්ත.ඒත් යුන්ගිගේ හදවත අස්සේ තිබුනු මොකක්දෝ දෙයක් සන්හූන්ගේ මරණය ගැන හෝසොක් වෙනුවෙන් යුන්ගිගේ හිතේ තිබුනු වෛරය මුලුමනිම අතු ගාලා දාලා වගෙයි යුන්ගිට දැනුනේ..
තමන්ව දකින පාරක් ගානේ හිනාවෙන් පිරෙන හෝසොක්ගේ මූණ ගැන යුන්ගි ඒ වෙලාවල්වල නොහිතුවට ඒ හැමදේම යුන්ගිට දැන් දැනෙනවා.
තමන් ලගදි විතරක් හිනාවෙන් එලිය වෙන ඒ මූණට,තමන් ලගදි විතරක් කදුලු පෙන්වන ඒ ඇස්වලට..තමන් ලගදි විතරක් හෝසොක්ම වෙන ඒ හෝසොක්ට තමන්ගේ හිතේ තියෙන්නේ ඇත්තටම වෛරයක්මද කියලා යුන්ගිට හිතෙන්න ගත්තේ තමනුත් ඒ හැගීම් ඒ විදිහටම වින්දා නේද කියලා මතක් වෙද්දි.
යුන්ගිගේ ඇස් බොද වෙනවා වගේ එයාට දැනෙද්දි යුන්ගි එයාගේ වෙව්ලන අතේ රැදුනු රිවෝල්වරය හෝසොක්ගේ නලලින් ඉවතට ගන්න හැදුවේ මේ තරම් වෙලා ටැටූ එකේ රැදිලා තිබුනු ඒ ඇස් හෝසොක්ගේ මූණේ රදවන ගමන්.
හෝසොක් හිනා වෙන හැම වතාවකම හිත යටින් හරි තමනුත් අවන්කවම හිනා උනා කියලා යුන්ගි දන්නවා..
හෝසොක්ගේ ඇස්වලින් කදුලු වැටෙද්දි තමන්ගේ හදවතත් අමුතු වේදනාවකින් පිරුනා කියලා යුන්ගි දන්නවා..
ඒ විතරක් නෙමෙයි හෝසොක් අනිත් අය ඉස්සරහ ඉන්න සීතල පෞරුෂයෙන් මිදිලා ඇත්තම හෝසොක් විදිහට තමන් ඉස්සරහ හැසිරෙද්දි ඒකට ඇත්තටම තමන් සතුටු වුනා කියලත් යුන්ගි දන්නවා...
ඉතින් හෝසොක් කියන්නේ තමන්ට නිකන්ම නිකම් කෙනෙක් නෙමෙයි කියලා තේරුම් ගන්න යුන්ගිට ඒ ටික ඇති..
ඒ ඇස් දකින පාරක් ගානේ හදවතේ ගැස්ම වේගවත් වෙන්නේ ඇයි කියලා යුන්ගිට ස්ථිරෙටම තේරුම් ගියේ හෝසොක්ගේ පියවුනු ඇස් දිහා බලාගෙනම යුන්ගි රිවෝල්වරය හෝසොක්ගෙන් ඉවතට ගනිද්දි.
හෝසොක් කියන්නේ තමන්ටත් හොරෙන් තමන්ගේ හදවතට ලන් වුනු කෙනා කියලා යුන්ගි තේරුම් ගත්තේ ඒ මොහොතෙදියි.
ඒත් දෝරේ ගලන හැගීම් මහ ගොඩක අතරමන් වෙලා උන්නු යුන්ගිගේ අතට දැනුනේ තද ග්‍රහණයක්.
යුන්ගිගේ මුවින් සිහින් විලාපයක් පිට වුනේ එකපාරටම උනු දෙයින් දැනුනු තිගැස්ම නිසා.
ඒත් රිවෝල්වරය රැදුනු තමන්ගේ අතට අවධානය යොමු කරපු යුන්ගිගේ මුව පුදුමයෙන් විවර වුනෙ බොද වුනු ඇස්වල බයක සේයාවක් දැනෙද්දි.
ඇදේ නිදාගෙන හිටපු හෝසොක් එයාගෙ එක අතකින් යුන්ගිගේ අතේ මැණික් කටුව හරියෙන් අල්ලගෙන හිටියේ යුන්ගිට හෙලවෙන්නවත් බැරි විදිහට.
කරන්න දෙයක් හිතාගන්න බැරිව යුන්ගි උන් තැනම් ගල් වෙද්දි හෝසොක් හෙමිහිට එයාගේ දෙනෙත් විවර කලේ යුන්ගිගේ අතේ ග්රහනය යන්තමින්වත් අඩු නොකර.
යුන්ගිගේ බියට පත් වුනු ඇස් හෝසොක්ගේ ඇස් එක්ක පැටලුනේ ඒ එක්කමයි.
ඒත් යුන්ගි වෙනදා දැකපු උණුහුම ඒ ඇස්වල තිබුනේ නෑ..යුන්ගි දිහා බලන හැම වෙලාවකම හෝසොක්ගේ ඇස්වල තිබුනු ඒ හැගීම වෙනුවට හෝසොක්ගේ ඇස්වල තිබුනේ හිස් බවක් විතරයි..
හෝසොක් යුන්ගි දිහා බැලුවේ විනිවිද යන බැල්මකින්.
යුන්ගිගේ බියට පත් වුනු මූණ දැකපු හෝසොක්ගේ මුව කොනක නපුරු හිනාවක් ඇදුනේ යුන්ගිගේ බය තවත් දෙගුන තෙගුණ කරමින්..
"පටන් ගත්තු දේ ඉවරයක් කරන්නේ නැද්ද නිකෝ.....!!"
හෝසොක් ඇහුවේ කට කොනින් හිනා වෙන ගමන්මයි.
එහෙම කියමින් යුන්ගිගේ අත තවත් තදින් අල්ලගත්තු හෝසොක් ඇදෙන් වාඩි වුනේ ඒ වේගෙට යුන්ගි තරමක් ඉදිරියට විසි වෙද්දි.
ඒත් ඒ ගැන අංශු මාත්‍රයක්වත් නොතකපු හෝසොක් ඇද මත තිබුනු එයාගේ කකුල් දෙක ඇදෙන් පාතට දැම්මේ යුන්ගි දිහා තියුණු බැල්මකින් බලාගෙනමයි.
ඒ බැල්මෙන්ම හෝසොක් එයාගේ දෙපා ඇදෙන් බිම තිබ්බේ පෙරවගෙන හිටපු සුදුපාට විල්ලුද පෙරවනය ඉණ හරියට වැටෙද්දි.
එහෙමම දෙපාවලට සිරුරේ බර දුන්නු හෝසොක් ඇදෙන් නැගිටිද්දි ඇග වටේ එතිලා තිබුනු පෙරවනය දෙපා මුල බිම ඇද වැටුනේ හොසොක්ගේ ඉණේ තිබුනු ටැටූ එක නිරාවරණය කරමින්..
ඒත් වම් පැත්තේ ඉණේ පැත්තකින් පටන් අරන් ස්වීට් පෑන්ට් එක පටන් ගන්න තැනින් නොපෙනි ගිය ඒ ටැටූ එක එතනින් ඉවර නැති බව වෙන වෙලාවක වුනානම් යුන්ගිට තේරෙන්න තිබ්බා...ඒත් ඒ වෙලාවේ එතන ටැටූ එකක් තියනවා කියලවත් යුන්ගි දැක්කේ නෑ..මොකද යුන්ගි බලාගෙන හිටියේ හෝසොක්ගේ හැගීම් විරහිත මූණ දිහා විතරයි..
හෝසොක්ගෙයි යුන්ගිගෙයි අතරේ අගල් දහයකවත් දුරක් තිබුනේ නෑ..
හෝසොක් එක අතකින් යුන්ගිගේ දකුණු අත අල්ලගෙන යුන්ගිගේ ලගටම ආවේ යුන්ගිට හුස්ම ගන්න පවා අමතක කරමින්.
හෝසොක්ගේ සුසුම්වල උණුසුම පවා යුන්ගිගේ මූණට දැනෙද්දි යුන්ගි නිහඩවම හිස මදක් ඔසවලා හෝසොක්ගේ ඇස් දිහා බැලුවේ හෝසොක්ගේ තියුණු බැල්ම තමන්ව දවනවා වගේ දැනෙද්දි..
යුන්ගිට මොන තරම් දේවල් දැනුනත් එයාට කිසිම එයක් හරියට හිතාගන්න පුලුවන්කමක් තිබුනේ නෑ..ඉතින් යුන්ගි කලේ අසරණ බැල්මෙන් හෝසොක් දිහා බලාගෙන හිටපු එක.
ගෑවෙන නොගෑවෙන තරම් යුන්ගිට ලන් වුනු හෝසොක් යුන්ගි දිහා බලාගෙන හිටියේ අමුතුම බැල්මකින්.ඒ බැල්ම මොකක්ද කියලා යුන්ගිටතේරුනේ නෑ..
හෝසොක් යුන්ගිගේ ඇස් දිහා මොහොතක් බලාගෙන ඉදලා හිමීට යුන්ගිගේ මූණ දිහාට නැමුනෙ යුන්ගිගේ හදගැස්ම තවත් වැඩි කරමින්.
යුන්ගිගේ මූණටම නැමුනු හෝසොක් එයාගේ හිස් අතින් යුන්ගිගේ මූණට වැටිලා තිබිනු කෙස් රොදක් කන පිටිපස්සේ රදවලා යුන්ගිගේ කනට නැමුණේ හෝසොක්ගේ සුසුම් කන් පෙත්තේ වදිද්දි යුන්ගිගේ
සිරුර පුරා සියුම් හිරියක් යවන්න සලස්වමින්.
"ඔයා ආවේ මාව මරන්න...ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ නිකෝ....ඒක කරන්න......!!!"
යුන්ගිගේ කනට එබුනු හෝසොක් කිව්වේ යුන්ගිගෙර් ඇස්වලට ආයේ අලුතින් කදුලු එකතු වෙද්දි.
යුන්ගි දන්නවා තමන් ආවේ හෝසොක්ව මරන්න කියලා..ඒත් තමන්ට ඇත්තටම ඒක කරන්න බෑ කියලා යුන්ගි දැනගත්තේ පස්සේ..
ඒත්..හැමදාම වගේ....එයා ඒක දැනගත්තේ ගොඩක් පරක්කු වෙලා..
ඔලුව ඔසවලා ආයෙමත් යුන්ගි දිහා හෝසොක් බැලුවේ කිසිම හැගීමක් නැති ඇස්වලින්.
ඒත් ඒ ඇස්වල පැටලිලා හිටපු යුන්ගි කලබල වෙන්න ගත්තේ හෝසොක් එයාගේ අතින් රිවෝල්වරය රැදුනු යුන්ගිගේ අත හෙමි හෙමින් ඔසවද්දි.
යුන්ගිගේ අත තමන්ගේ අතින් ඉහලට ගෙනාපු හෝසොක් යුන්ගිගේ ඇගිලි අතරේ හිරවෙලා තිබුනු රිවෝල්වරය තමන්ගෙම නලලට තද කරගත්තේ හැගීම් විරහිත බැල්මකින් ඒ අතේ අයිතිකාරයා දිහා බලාගෙනමයි.
"මාව මරන්න.....!"
හෝසොක්ගේ මුවින් සිහින් හඩින් ඒ වචන පිටවෙද්දි යුන්ගිගේ ඇස්වල හිර කරගෙන උන්නු කදුලු එකදිගට ගලාගෙන යන්න ගත්තේ යුන්ගි පිස්සෙක් වගේ ඔලුව දෙපසට වනද්දි.
"න්..නෑ..නෑ!!ම්..මට බෑ..!"
යුන්ගි කිව්වේ එයාගේ අත හෝසොක්ගේ ග්රහනයෙන් මුදවගන්න දගලමින්.ඒත් හෝසොක් යුන්ගිගේ මැණික් කටුව හරියෙන් අයින් කරගත්තු අත රිවෝල්වරය අල්ලගෙන උන්නු යුන්ගිගේ ඇගිලි වටේ තද කරගත්තේ යුන්ගිට ඒකෙන් ගැලවෙන්න කිසිම ඉඩක් නොතියා.
"ඒත් මට ඕනි..."
හොසොක් කිව්වේ තමන්ගේ දබරගිල්ලෙන් යුන්ගිගේ දබරගිල්ල රිවෝල්වරයේ ට්‍රිගර් එකට කිට්ටු කරමින්.
යුන්ගිගේ දබරගිල්ල ට්‍රිගර් එක මත තද වුනු සැනින් හෝසොක්ගේ නලල හරහා මූනිස්සමක් ඇදෙන බව ඒ දෙන්නම දැනගෙන හිටියා....මොකද යුන්ගි එයාගේ කාමරයෙන් එලියට ආවෙම රිවෝල්වරය ලෝඩ් කරගෙනයි.
යුන්ගිට ඒක සිද්ද වෙන එක නවත්න්න ඕනි වෙද්දි හෝසොක්ට ඕනි වුනේ කොහොම හරි ඒක සිද්ද කරන්න.
ඒ නිසයි යුන්ගි ඒ තරම් හෝසොක්ගෙ ග්රහනයෙන් බේරෙන්න දගලද්දිත් හෝසොක් තව තවත් ඒක එයාගේ නලලට තද කරගත්තේ..
"හ්..හෝසොක්....එ..එපා.."
යුන්ගි අඩන්නේ නැතිව ඉන්න උත්සාහ කලේ නෑ..ඒඑ වෙනුවට එයා හෝසොක්ගේ මූණ දිහා බලාගෙන ඇඩුවා..පිස්සෙක් වගේ ඇඩුවා..
"ඔයාට ඒකට එපා කියන්න කිසිම අයිතියක් නෑ නිකෝ...."
"මැරිලා වගේ තිබුනු මගෙ හදවතට ආයේ පණ දුන්නේ ඔයා..ඒත්....ඒත් ඒ හැමදේම බොරුවක්.....මං ඒ හදවත හැමදාම ඒ විදිහටම තියාගන්න උත්සාහ කරද්දි....ඔයාම ඒ හදවත උපන් ගෙයිම මරලා දැම්මා නිකෝ....!"
"මට මගේ හදවත දැනෙන්න පටන් ගත්තා විතරයි ඔයා ආයෙත් ඒක මරලා දැම්මා...!!"
"ඉතින් මගේ හදවත මැරුවා වගේම..මාවත් මරන්න නිකෝ....මන් අවස්තාව දෙද්දි ඒක කරන්න...."
"ඔයා දැන් ඒක නොකලොත්..ඔයා මාව නොමැරුවොත්....ඔයා මාව නොමරපු එක ගැන අනිවාරෙන් පසුතැවෙයි නිකෝ.....ඉතින් තවත් බලාගෙන ඉන්න එපා...මාව මරන්න....!!"
හෝසොක් ඒ වචන ටික කිව්වේ තේරුම් ගන්න බැරි අමුතු හැගීමක් මූණේ තියාගෙන.
එයා යුන්ගි දිහා බලාගෙන හිටියේ යුන්ගි එයා ආපු වැඩේ ඉවරයක් කරනකම්..
යුන්ගිගේ ඇගිලි ට්‍රිගර් එක මත තද වෙනකම්.
ඒත් ඒ වෙනුවට යුන්ගි කලේ වේගෙන් හිස දෙපසට වනන ගමන් අඩන එක විතරයි.
"ම්..මට බෑ හෝසොක්..මට බ්..බෑ....!!!!"
හෝසොක්ට තවත් බලාගෙන ඉන්න පුලුවන් වුනෙ නෑ..
යුන්ගි ගැන හිතේ තිබුනු කිසිම දෙයක් ගැන ඒ මොහොතේ හිතන්න එයාට ඕනි වුනේ නෑ..
යුන්ගිගේ දකුණත මත තිබුනු තමන්ගේ වම් අතින් රිවෝල්වරය රැදුනු යුන්ගිගේ අත පහලට කරපු හෝසොක් රිවෝල්වරය වටා පටලැවුනු දෑත් එක පැත්තකින් වැටෙන්න ඇරියේ එයාගේ අනිත් අත යුන්ගිගේ පැත්තට කරමින්.
හෝසොක්ගේ අත ඊගාව තප්පරේ යුන්ගිගේ සිහින් ඉණ වටා පැටලුනේ හිතාගන්නත් බැරි තරම් ඉක්මනින්.
ඒ අතින් යුන්ගිව තමන්ගේ පැත්තට ඇදලා ගත්තු හෝසොක් යුන්ගිව එයාගේ ශරීරයට තුරුල් කරගත්තේ සිරුරු දෙක අතරේ යන්තමින්වත් හිදැසක් නැති වෙන තරමට.
යුන්ගිගේ හදගැස්ම පවා හෝසොක්ට දැනුනා..ඒ වගේම හෝසොක්ගේ හදගැස්මත් යුන්ගිට දැනුනේ යුන්ගිට හැඩුම් පවා මොහොතකට අමතක කරමින්.
යුන්ගිගේ නිදහස් අත ඉබේටම හෝසොක්ගේ නිරුවත් පපුවේ ටැටූ එක උඩ නතර වෙද්දි හෝසොක්ගේ අදුරු ඇස් නැවතුනේ යුන්ගිගේ කදුලු ගලන ඇස්වල..
යුන්ගිගේ ඇස්වලින් පහලට පහලට ආපු හෝසොක්ගේ ඇස් අන්තිමට යුන්ගිගේ තොල්වල නතර වුනේ යුන්ගි හෝසොක්ගේ දිහාම බලාගෙන ඉද්දි.
යුන්ගිට දැනුනේ මුලු ලෝකෙම එක තැනක නතර වුනා වගෙයි.
හෝසොක්ගේ සිරුරෙන් දැනෙන ඒ උණුහුමට යුන්ගි ලොබ බදින්න පටන් ගත්තේ එයාගේ අත්ලට දැනුනු හෝසොක්ගේ හද ගැස්ම තමන්ගේ මුලු ශරීරය පුරාම ගලාගෙන යනවා වගේ දැනෙද්දි.
යුන්ගිට ඒ හදගැස්ම හැමදාටම විදින්න ඕනි උනා..
ඒ උණුහුම හැමදාම විදින්න ඕනි වුනා...
හදවත ඉල්ලන තරමටම යුන්ගිටත් හෝසොක්ව ඕනි වුනා..
යුන්ගිට ඕනි වුනේ තව එක දෙයයි..
හෝසොක් යුන්ගිගේ තොල්වලින් මොහොතකට මුදවගත්තු ඇස්වලින් යුන්ගි දිහා බැලුවේ හෝසොක්ටත් ඒ මොහොතේ ඕනි වුනේ ඒ දේ නිසයි.
හෝසොක් යුන්ගිගේ ඇස්වලින් කිසිම තහනමක් දැක්කේ නෑ...එයාට ඕනි වුනු අවසරය යුන්ගිගේ මූණේ ලියවිලයි තිබුනෙ..
සද එළිය ඈත ඉදන් එබිකම් කරද්දි යුන්ගිගේ නෙතු පියන් පියවුනේ හෝසොක් එයාගේ තොල්වලට බර වෙද්දි.
මුලු ලෝකයකටම හොරෙන් හෝසොක් යුන්ගිගේ සිහින් රතු දෙතොල් එයාගේ තොල්වලට නතු කරගනිද්දි ඒ දිහා බලාගෙන හිටියේ ඈත පායපු සදයි තරුයි විතරයි..
යුන්ගිගේ ඉණ වටේ තිබුනු හෝසොක්ගේ අත තව තවත් යුන්ගිව සිරුරට තද කරගනිද්දි යුන්ගිගේ අතැගිලිවලින් හෝසොක්ගෙ පපුවේ නිය රටා ඇදෙන්න ගත්තේ සුසුමන් පවා වේගවත් වෙද්දි..
හදගැස්ම එන්න එන්නම වැඩි වෙද්දි...
මුලු සිරුරම උද්දාමයෙන් සසල වෙද්දි...
නපුරු මාෆියා නායකයයි අහින්සක මල් කොල්ලයි හිටියේ එකිනෙකාගේ දෙතොල් අතරේ අතරමන් වෙලා.....
ඒ දැනෙන පහසට ඇබ්බැහි වෙලා..
_____________________________________
08/12/2021
(2641 Words )
හායි..🙂
ඔක්කොම මේ කොටසෙන් දෙන්න බෑ කියලා හිතුනා....ගිහින් එන්නම්ම්...
බායි...😌
Thank you for reading my sweethearts..🌼
Plz vote and comment.❤
LOVE YOU ❤😘
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top