Chapter 24

_______________________________________

Even the smallest lie
can break the
biggest trust.

_______________________________________

ඔෆීස් රූම් එකේ බිත්තියට හේත්තු කරගත්තු තරුණියක්ව පිස්සුවෙන් වගේ සිප ගනිමින් හිටපු ජැන්ග් හියුක් ඔහුගේ දෙනෙත් විවර කලේ ඔෆීස් රූම් එකේ දොරට කෙනෙක් තට්ටු කරන හඩින්.

තරුණිය කලබලයෙන් වගේ ඇයගේ ඇදුම් ආයෙත් පිලිවෙල කරගනිද්දි හොදම අවස්තාවේ වුනු බාධා කිරීම ගැන කේන්තියෙන්ම දොර පැත්තට හැරුණු ජැන්ග් හියුක් ඒ කෙනාට කෑ ගැහුවේ කේන්තියෙන්.

"ඇතුළට එනවා...!"

දොර ඇරගෙන ඇතුළට ආපු කන්ග් හා නෙවුල්ව දැක්කට පස්සේ ඔහු ආපු කාරණාව තේරුම් ගත්තු ජැන්ග් හ්‍යුක් එයාගේ ඔෆීස් ටේබල් එක දිහාට ඇවිදගෙන ගියේ තරුණියට පිට වෙන්න කියලා හිසින් සන් කරලා.

තරුණිය පිට වෙනවත් එක්කම ජැන්ග් හ්‍යුක් වාඩි වෙලා හිටපු තැනට ආපු හානෙවුල් ජැන්ග් හ්‍යුක් ඉස්සරහ හිටගද්දි ජැන්ග් හ්‍යුක් ඔහු දිහා බලාගෙන හිටියේ අලුවෙලා යන බැල්මකින්.

හානෙවුල් එදා ජේහෝප්ට පැරදිලා මින් යුන්ගිත් නැතිව ආපු වෙලේ ඉදන් ජැන්ග් හ්‍යුක් හිටියේ හානෙවුල්ව මරන්න තරම් කේන්තියෙන්.ඒ කේන්තිය තවත් වැඩි උනේ එයාලත් එක්ක ගියපු රෙඩ් ඊගල්ස් එකේ අනිත් හැමෝටම අත් වුනු ඉරණම නිසා..ජැන්ග් හ්‍යුක් ඒ දවසේ හානෙවුල්ට නැගිටගන්නවත් බැරි වෙනකම් පහර දුන්නෙත් ඒ කේන්තියෙන්මයි.

හානෙවුල් එයාගේ මූණ බිමට හරවගත්තේ තවත් ජැන්ග් හ්‍යුක් දිහා බලාගෙන ඉන්න බැරිම තැන.

"ඔලුව උස්සනවා හානෙවුල්..!!!!"

ඒත් හානෙවුල්ට ඒ ගමන්ම ආයෙත් ඔලුව කෙලින් කරගන්න වුනේ ජැන්ග් හ්‍යුක්ගේ කේන්තිය පිරුණු විධානය නිසා.

"තමුසෙගේ මූණ දකින පාරක් ගානේ මට හිතෙන්නේ තමුසෙට මං සැලකුවා මදි කියලමයි...!!!!"

තමන්ගේ පා පහරක් නිසා නිල් වෙලා ගියපු හානෙවුල්ගේ එක ඇහැක් දිහා බලාගෙන ජැන්ග් හ්‍යුක් කිව්වේ ජැන්ග් හ්‍යුක්ගෙන් ලැබුනු පහරවල් මතක් වෙලා හානෙවුල් වෙව්ලලා යද්දි.

එදා බේරිලා ආපු එකම කෙනා තමන් විතරක් නෙමෙයි කියලා කියන්න හානෙවුල්ට කොයි තරම් ඕනි වුනත් ඒ ගැන වචනයක්වත් නොකියා ඉන්න එයා තීරණය කලේ ජැන්ග් හ්‍යුක්ගේ හිතේ ජේජේ ගැන තිබුනු පැහැදීම ඔහු හොදටම දන්න නිසා.ජැන්ග් හ්‍යුක් හැම වරදක්ම හානෙවුල් පිට පටවලා ඔහුට පහර දුන්නේ ජේජේට සිරෝ එකට යටත් වෙන්න වුනෙත් හානෙවුල් නිසා කියමින්.

වචනයක් වත් කතා නොකර බය වෙලා වගේ ඉන්න හානෙවුල් දිහා එපා වෙලා වගේ බලපු ජැන්ග් හ්‍යුක් ඔලුව දෙපැත්තට වනලා හානෙවුල් ගැන තිබ්බ කේන්තිය පැත්තකට දැම්මේ මේ මොමොහොතේ අවධානය දෙන්න ඕනි අනිත් කාරණාව ගැන හිතමින්.

"කියනවා..මං හොයන්න කියපු දේ ගැන මොනවහරි තමුසේ හොයාගත්තද...?"

ජැන්ග් හ්‍යුක් ඇහුවේ බලාපොරොත්තු පිරුණු ඇස්වලින් හානෙවුල් දිහා බලමින්.ඔහු දැක්කා හානෙවුල්ගේ මූනේ මෙච්චර වෙලා තිබුනු බය නැති වෙලා නපුරු හිනාවක් ඇදෙන හැටි.

ඒකේ තේරුම මින් යුන්ගි කියන්නේ පාක් සන්හූන්ගේ මල්ලි කියන එකටත් වඩා වටින රහසක් එතන තියනවා කියන එක කියලා ජැන්ග් හ්‍යුක් දන්නවා.

"ඔව් බොස්..මින් යුන්ගී ගැන මෙච්චර කල් කිසිම කෙනෙක් නොදැන හිටපු දෙයක් මං හොයාගත්තා..."

හානෙවුල් කිව්වේ මේ පාර ජැන්ග් හ්‍යුක් සතුටු වෙන විදිහෙ තොරතුරක් හොයාගන්න පුලුවන් වුනු එක ගැන ඇති වුනු සියුම් ආඩම්බරයෙන්.

"කිසිම කෙනෙක් නොදැන හිටපු රහසක්?!තමුසේ කියන්නේ මින් යුන්ගි කියන්නේ පාක් සන්හූන්ගේ මල්ලි කියන එකට අමතරව මං නොදන්න තවත් රහසක් තියනවා කියලද...!!??"

ජැන්ග් හ්‍යුක් ඇහුවේ හානෙවුල් දිහා කුතුහලයෙන් බලමින්.හානෙවුල් ඔලුව ඉහල පහල වනලා පිලිතුරු දුන්නේ ලොකු ආත්ම විශ්වාසයකින්.

"ඔව් බොස්..මං හොයාගත්තා මින් යුන්ගිගේ තාත්තා කවුද කියලා..!"

ජැන්ග් හ්‍යුක්ගෙ මූණේ ඇදුනේ නපුරු හිනාවක්.පාක් සන්හූන්ගෙයි මින් යුන්ගිගෙයි අම්මා පාක් යේජින් කියලා දැනගෙන හිටියට ජැන්ග් හ්‍යුක්ට කවදාවත් හොයාගන්න බැරි වුනු දේ තමයි එයා විවාහ වුනේ කා එක්කද කියන එක.

අවුරුදු ගානක් පුරාවට ඒ ගැන හෙව්වත් ජැන්ග් හ්‍යුක්ට ඒ කෙනාගේ නමවත් එයා කොහොම කෙනෙක්ද කියන එකවත් හොයාගන්න පුලුවන් වුනේ නෑ.ඉතින් අන්තිමේදි හානෙවුල් ඒ කෙනා කවුද කියලා හොයාගත්තා කියද්දි ජැන්ග් හ්‍යුක්ට ඇත්තටම දැනුනේ හරි නපුරු සතුටක්.

"හානෙවුල්..මට පේන්නේ ගුටි කෑවට පස්සේ තමයි තමුසේ හරියට වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ...!"

ජැන්ග් හ්‍යුක් කිව්වේ කට කොනින් හිනා වෙන ගමන්.පුපුරලා තිබුනු තොල්වලින් දැනුනු වේදනාවවත් ගනන් නොගෙන හානෙවුල් හිනා වුනේ තමන් ඊගාවට කියන්න යන දේ ඇහුවම ජැන්ග් හ්‍යුක් මීටත් වඩා සතුටු වෙන බව දැනගෙන.

"ඉතින්..කවුද මේ අහින්සක මල් කොල්ලගේ තාත්තා...?!"

"මින් යුන්ගි කියන්නේ අපි මෙච්චර කල් හිතාගෙන හිටපු අහින්සක මල් කොල්ලා නෙමෙයි බොස්.."

හානෙවුල් එහෙම කියද්දි ජැන්ග් හ්‍යුක් එයාහේ ඇහිබැමි රැලි කරගෙන හානෙවුල් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මකින්.

"ඌ සම්පූර්නෙන්ම බොරු ප්‍රතිරූපයක් එලියට පෙන්නගෙන අහින්සකයෙක් වගේ රගපාන එකෙක්.ඒකා අපි ඔක්කොවම හරි ලස්සනට රැවැට්ටුවා බොස්....!"

"තමුසේ මොනවද මේ කියවන්නේ හානෙවුල්..??කියන මගුලක් තේරෙන්න කියනවා...!!"

ජැන්ග් හ්‍යුක් මේසෙටත් අතින් ගහලා කෑ ගැහුවේ තවත් ඉවසගෙන ඉන්න බැරිම තැන.

"මින් යුන්ගි කියන්නේ පාක් සන්හූන්ගේ මල්ලි විතරක් නෙමෙයි බොස්..ඌ තමයි ඇස්ට්‍රියස්...ටයිටන්ස් එකේ නියම උරුමක්කාරයා...."

ජැන්ක් හ්‍යුක්ගේ ඇස් පුදුමයෙන් ලොකු වෙන්න ගත්තේ හානෙවුල් බලාගෙන ඉද්දිමයි..

"උන් දෙන්නගේ තාත්තා තමයි මින් සොන් හ්‍යොන්..!!!"

ජැන්ග් හ්‍යුක් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටුනේ ඉබේටමයි..එයාගේ මූණේ තිබුනේ පුදුමයට පත් වුනු පෙනුමක්.

"ම්..මොකක්....!!!!!!??"

අත් දෙකෙන්ම මේසේ අල්ලගෙන මේසෙට වාරු වුනු ජැන්ග් හ්‍යුක් දිහා හානෙවුල් බලාගෙන හිටියේ බය වෙලා වගේ.මොකද ජැන්ග් හ්‍යුක්ගෙන් එයා මේ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුනේ නෑ.

"න්..නෑ..නෑ ඒක වෙන්න බෑ..!!"

"බ්..බොස්...!"

"ඒක වෙන්න බෑ ඕයි...නෑ...නෑ..තමුසෙට වැරදිලා ඇති..!!"

"නෑ බොස්..ඒ මින් සොන් හ්‍යොන්ම තමයි..."

"ඒක වෙන්නේ කොහොමද ඕයි....මීට අවුරුදු විසි පහකට කලින් මංමයි ඌව මැරුවේ....මගේ මේ අත් දෙකෙන්ම..මමයි උගේ පවුලම ඉවරයක් කලේ....!!!"

ජැන්ග් හ්‍යුක් මහ හඩින් කෑ ගහලා මේසේ උඩ තිබුනු හැම දෙයක්ම බිමට ඇදලා දැම්මේ එයාගේ කේන්තිය ඒවයෙන් පිට කරනවා වගේ..

"මමමයි මගේ මේ අත් දෙකෙන්ම ඌට වෙඩි තිබ්බේ..මගේ ඇස් ඉස්සරහමයි ඌ මැරුනේ...!!!!!"

යක්ෂාවේශ වෙලා වගේ දගලන ජැන්ග් හ්‍යුක් දිහා හානෙවුල් බලාගෙන හිටියේ පුදුමයෙන් විශාල වුනු ඇස්වලින්.හානෙවුල් ජැන්ග් හ්‍යුක් ලග වැඩට ඇවිත් අවුරුවුදු පහලවයි තවමත් ඒ නිසාම අවුරුදු විසි පහකට කලින් වුනු මේ කිසිම දෙයක් ගැන ඔහු දැනගෙන හිටියේ නෑ..

"මාව එපා කියලා සොන් හ්‍යොන්ව බැදගත්ත ගෑණිව ඒකිගේ බඩේ හිටපු උගේ ළමයත් එක්කම හන් ගගේ ගිල්වපු දවසෙමයි මං ඌවත් ඉවරයක් කලේ....!!!"

"මං එදා ඌව විතරක් නෙමෙයි උගේ පවුලම ඉවරයක් කලා අයිසේ.....මං එදා ඌව මැරුවා..උගේ ගෑනියි ඒ ගෑණිගේ බඩේ හිටපු උගේ ළමයයි එක්කම....!!!!!!!!"

එහෙම කියපු ජැන්ග් හ්‍යුක් පුටුවෙන් වාඩි වුනේ හිසකෙස් තදින් ඇදගනිමින්.

ජැන්ග් හ්‍යුක් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු හානෙවුල් ඔහුගේ සාක්කුවෙන් එලියට ගත්තේ තරමක් දිග ලියුම් කවරයක්.

ඒකේ තිබුනු කොල කීපයක් හිස් මේසය උඩින් තියපු හානෙවුල් එක කොලයක් අතට අරන් වේගයෙන් ඒක කියවගෙන ගියේ ජැන්ග් හ්‍යුක් කල්පනාවේ ගිලිලා ඉද්දිමයි.

"බොස්....මේකේ තියන විදිහටනම්..එදා මින් සොන් හ්‍යොන් මැරිලා නෑ.."

ජැන්ග් හ්‍යුක් ඒ වචන ඇහෙනවත් එක්කම හාමෙවුල් දිහා බැලුවේ හානෙවුල් එයාගේ අතේ තිබුනු කොලේ ආයෙමත් මේසය උඩින් තියද්දි.

"මට මේ තොරතුරු දුන්නේ කලින් ටයිටන් එකේ වැඩ කරපු වයසක මිනිහෙක් බොස්.ඌගේ ළමයි ගැන කියලා තර්ජනය කරද්දි ඌ ඌ දන්න හැමදේම වැමෑරුවා..ඌ කියපු ටික තමයි මෙතන තියෙන්නේ.."

හානෙවුල් කිව්වේ එයා මෙසේ උඩින් තියපු කොලය පෙන්නන ගමන්.ඒත් ජැන්ග් හ්‍යුක්ට ඒක කියව කියව ඉන්න ඉවසීමක් තිබුනේ නෑ..ඒ නිසාම ඔහු හානෙවුල් දිහා බැලුවේ ඒ දේවල් හානෙවුල්ගෙන්ම දැනගැනීමේ උවමනාවෙන්.

"බොස් ඔය කියන විදිහටම සොන් හ්‍යොන්ට කෙනෙක් වෙඩි තියපු එක ගැන ඒ මිනිහත් කිව්වා..ඒත් බොස්..ඇත්තටම එදා සොන් හ්‍යොන් මැරෙන්නේ නෑ......"

"ඌ මරණාසන්නව ඉද්දි ටයිටන්ස් එකේ අය එයාව හොයාගන්නවා..සොන් හ්‍යොන්ගේ ජීවිතේ එදා උන් කොහොමහරි ආරක්ශා කරගන්නවා.ඒ උනත් එයාගේ හාට් එක තිබිලා තියෙන්නෙ ගොඩක් දුර්වල තත්වෙක.ඒ නිසාම සොන් හ්‍යොන්ව ඊට දවස් දෙකකට පස්සේ ඇමරිකා එක්කගෙන යනවා සර්ජරි එකකට...කොහොමහරි ඒ සර්ජරි එක සාර්ථක වෙනවා.සොන් හ්‍යොන් බේරෙනවා..ඒත් ටයිටන්ස් එකෙ අයට සොන් හ්‍යොන්ගේ ප්‍රෙග්නට් වයිෆ්ව හොයාගන්න ලැබෙන්නේ නෑ...."

ඒක කියද්දි මෙච්චර වෙලා අවධානෙන් හානෙවුල් කියපු දේවල් අහගෙන හිටපු ජැන්ග් හ්‍යුක්ගේ මූණෙ සියුම් හිනාවක් ඇදුනේ සොන් හ්‍යොන්ව මරන්න බැරි වුනත් එයාගේ බිරිදවයි ඇයගේ කුසේ පණ ගැහුනු නූපන් දරුවවයි මරලා දාන්න පුලුවන් වුනා කියලා හිතලා ඇති වුනු නපුරු හැගීමෙන්.

"සොන් හ්‍යොන් ආයෙමත් කොරියාවට එන්නේ අවුරුදු දෙකකට පස්සේ..ඒත් එයා කොරියාවට ආවට පස්සේ ගෙවන්නේ රහසිගත ජීවිතයක්.කිසිම කෙනෙක් එයා ඉන්නේ කොහෙද මොකද කරන්නේ කියලා දැනගෙන හිටියෙ නෑ.."

"සොන් හ්‍යොන් නොහිටපු අවුරුදු ගානම ටයිටන්ස් එකේ නායකයා වෙලා ඉන්නේ සොන් හ්‍යොන්ගේ හොදම යාලුවා වෙලා හිටපු ජියොන් හේසුන්..අපි දෙදාස් හයේ ගවමන්ට් එකත් එක්ක එකතු වෙලා ටයිටන්ස්ලට ඇටෑක් කරද්දිත් ටයිටන්ස් එක ලීඩ් කරන්නේ ඒ ජියොන් හේසුන්මයි..."

"අපේ ඇටෑක් එක අසාර්ථක වෙනවා ජන්ග් වූ සන්ග් ටයිටන්ස්ලට උදව් කරපු නිසා.ඒත් ටයිටන්ස් එකේ අය අපි නොහිතපු විදිහට නිහඩ වෙනවා..අපි හිතුවා වගේ ඒකට හේතුව ටයිටන්ස් එකේ අය තවත් ඇටෑක් එකක් එයි කියලා බය වුනු එක නෙමෙයි බොස්....."

මෙච්චර වෙලා නිහඩවම හැමදේම අහගෙන හිටපු ජැන්ග් හ්‍යුක් කතා කරන්න ගත්තේ ඒ මොහොතෙදියි.

"මොකක්ද ඒකට හේතුව..."

ජැන්ග් හ්‍යුක් එහෙම ඇහුවත් එයා ඒකට හේතුව ඒ වෙද්දිත් අනුමාන කරලයි තිබුනේ.හිතුවා වගෙම ඒ අනුමානය නිවැරදියි.

"ඒකට හේතුව සොන් හ්‍යොන් ආයෙමත් ටයිටන්ස් එක භාරගත්තු එක....!"

"අවුරුදු ගානකට පස්සෙ සොන් හ්‍යොන් හැන්ගිලා හිටපු තැනින් එලියට එනවා.හැබැයි ඒ තනියම නෙමෙයි..අලුත් බිරිදක් වගේම දරුවෝ දෙන්නෙකුත් එක්ක...!"

ඒත් එක්කම ජැන්ග් හ්‍යුක් නොදැනුවත්වම එයාගේ මුවින් පිට වුනේ ඒ කියපු සොන් හ්‍යොන්ගේ අලුත් බිරිදගේ නම.

"පාක් යේජින්...!"

"ඔව් බොස්..සොන් හ්‍යොන්ගේ දෙවනි බිරිද තමයි පාක් යේ ජින්..ඊට පස්සේ වුනු කිසිම දෙයක් ඒ මනුස්සයා දන්නේ නෑ.ඒත් එතනින් එහා ටික අපි කොහොමත් දන්නවනේ..."

හානෙවුල් කිව්වේ අන්තිමේදි යන්තම් සන්සුන් වෙලා හිටපු ජැන්ග් හ්‍යුක් දිහා බලාගෙන.

"ඔව්..එතනින් එහාට උනු දේවල් මං හොදටම දන්නවා...!"

ජැන්ග් හ්‍යුක් එහෙම කියලා කල්පනා කරන්න ගත්තේ නලලත් රැලි කරගෙන.ඒත් විනාඩි කීපයකට පස්සේ ඔහු මහ හඩින් හිනා වුනේ පැත්තක හිටපු හානෙවුල් වත් ගස්සමින්.

"ඒ කියන්නේ මීට අවුරුදු හතරකට කලින් මං පාක් යේජින්ව මරද්දි ඒ කාර් එකේ හිටපු අනිත් කෙනා තමයි සොන් හ්‍යොන්....!"

ජැන්ග් හ්‍යුක් කිව්වේ පිස්සෙක් වගේ හිනා වෙමින්.

"නොදැනුවත්ව හරි මං එදා මරලා තියෙන්නේ අවුරුදු ගානකට කලින් මගෙ අතින් නොමැරී බේරුනු ඒ මිනිහව...!"

"එකෙක්ව මරන්න ගහපු ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මැරිලා..වාහ්...!!!"

ජැන්ග් හ්‍යුක් කිව්වේ වාඩි වෙලා හිටපු තැනින් නැගිටින ගමන්.

"ඕහ්..හානෙවුල්?එතකොට මොකක්ද අපේ මේ මින් යුන්ගි අහින්සකයෙක් වගේ රගපාපු කතාව.."

එකපාරටම මතක් වුනු දේ ගැන ජැන්ග් හ්‍යුක් ඇහුවේ ආයෙමත් හානෙවුල් පැත්තට හැරෙන ගමන්.වාසනාවට වගේ හානෙවුලුත් මේ පාර මින් යුන්ගි ගැන සැලකිය යුතු තොරතුරු ටිකක් හොයාගෙනයි තිබුනේ..

"ඔව් බොස්...මින් සොන් හ්‍යොන් ටයිටන්ස් එකේ ඇස්ට්‍රියස් විදිහට ටයිටන්ස් එකට අදුන්නවලා දුන්නේ වැඩිමලා වුනු සන්හූන්ව..ඒත් පාක් යේජින්ගෙයි මින් සොන් හ්‍යොන්ගෙයි මරණෙන් පස්සේ සන්හූන් සම්පූර්නෙන්ම මානසිකව කඩාගෙන වැටෙනවා..එයා ටයිටන්ස් එක ගැන කතා කරන්නවත් කැමති වෙන් නෑ ඒ සිද්දියෙන් පස්සේ..ඒ නිසාම සන්හූන් මින් යුන්ගිවත් එක්කගෙන එයාලා හිටපු ගෙදරින් පිට වෙලා වෙනම පදිංචි වෙනවා..."

"සන්හූන්ව ටයිටන්ස් එකේ ගොඩක් අය දැනගෙන හිටියා එයාව ඇස්ට්‍රියස් විදිහට අදුන්වලා තිබුනු නිසා.ඒත් මින් යුන්ගිව වැඩි දෙනෙක් දැනගෙන හිටියේ නෑ..ඒ නිසාම සන්හූන් තීරණය කරනවා මිම් යුන්ගි එයාගේ සහෝදරයෙක් කියන එක රහසක් විදිහට තියාගන්න..."

"ඒ නිසා තමයි සන්හූන් එයාගේ නම පාක් සන්හූන් කියලා වෙනස් කරගන්නේ..."

ජැන්ග් හ්‍යුක් ඊට වඩා දේවල් දන්නවා උනත් හානෙවුල් එක්ක ඒ ගැන කියන්න උවමනාවක් නැති නිසාම කට පියාගෙන හානෙවුල් කියන දේවල් අහගෙන ඉන්න ගත්තා.

"ඊට පස්සෙ තමයි සන්හූන් අපි ගාව ජොබ් එකට එන්නේ.ඒ අතරෙ මින් යුන්ගි ෆ්ලවර් ශොප් එකක් දාගෙන එයාගේ කොලේජ් එක ගාවම පොඩි ගෙයක් අරන් ඒකේ නතර වෙනවා.මින් යුන්ගිගේ ආරක්ශාවට ඒක හොද නිසාම සන්හූනුත් ඒකට එකග වෙනවා...ඒත් ඇත්තටම වුනේ වෙන දෙයක්..."

"මින් යුන්ගි ෆ්ලවර් ශොප් එකක් පිටින් යවලා සන්හූන්ගෙන් ඈත් වෙන්නේ වෙන දේකට.සන්හූන්ගෙන් ඈත් වෙලා යුන්ගි එයාගේ දෙමාපියන්ව මරපු කෙනාගෙන් පලි ගන්න ටයිටන්ස් එකට එකතු වෙනවා....නියම ඇස්ට්‍රියස් විදිහට.සන්හූන් මැරෙනකම්ම මේ දේවල් දැනගෙන හිටියේ නෑ..එයා හිතාගෙන හිටියේ එයාගේ මල්ලි ඉස්සර වගේම අහින්සක පොඩි එකෙක් කියලා...!"

"මින් යුන්ගි සන්හූන්ව විතරක් නෙමෙයි හැමෝවම ඒ අහින්සක ප්‍රතිරූපෙන් රැවැට්ටුවා...සමාජේ ඉස්සරහ අහින්සක මල් කොල්ලෙක් වගේ රගපාන ගමන් ටයිටන්ස් එකත් එක්ක එකතු වෙලා අපෙන් පලි ගන්න ප්ලැන් කලා...."

හානෙවුල් කියලා ඉවර කරද්දි ජැන්ග් හ්‍යුක්ගේ මූණේ තිබුනේ විමතියට පත් වුනු පෙනුමක්..තමන් හිතාගෙන හිටියට වඩා මින් යුන්ගි කියන්නේ සෑහෙන්න වෙනස් කෙනෙක් කියලා ඔහුට තේරෙන්න අරගෙනයි තිබුනේ..

"වාව්...මින් යුන්ගී...මං හිතුවට වඩා ඔයා ඉන්නේ ගොඩක් ඉස්සරහින්..!!"

ජැන්ග් හ්‍යුක් බිම තිබුනු ඒවා මේවා පාගගෙන ඒවා උඩින් සෝෆා එක ලගට යද්දි එකපාරටම දෙයක් මතක් වුනු හානෙවුල් ජැන්ග් හ්‍යුක් දිහාට හැරුනේ තවත් අලුත් පුවතක් ජැන්ග් හ්‍යුක්ට ලබාදෙන්න ඇති වුනු උද්‍යෝගයෙන්.

"බොස්...?"

සෝෆා එකෙන් සැපපහසු විදිහට වාඩි වුනු ජැන්ග් හ්‍යුක් හානෙවුල් දිහා බැලුවේ ඇයි අහන්න වගේ ඇහි බැමකුත් උස්සමින්..

"අහ්ම්..බොස්ට කියන්න තව නිව්ස් එකක් තියනවා..."

ටික වෙලාවක් ඒ විදිහටම හානෙවුල් දිහා බලාගෙන හිටපු ජැන්ග් හ්‍යුක් ඊගාවට හය්යෙන් හිනා වුනේ සෝෆා එකේ හේත්තු වෙන ගමන්.

"මගෙන් ඇති වෙන්න කෑවට පස්සේ ඇඇත්තටම තමුසෙට මොකක් හරි වෙලා හානෙවුල්....!"

"කියනවා..මොකක්ද ඊගාව ගුඩ් නිව්ස් එක......"

හානෙවුල් ජැන්ග් හ්‍යුක් දිහා බැලුවේ පුරුදු කපටි හිනාවෙන්මයි.

"මින් යුන්ගිව එයාගේ ලග තියාගෙන හිටියට ජේහෝප් තවමත් දන්නේ නෑ යුන්ගි කියන්නේ පාක් සන්හූන්ගේ මල්ලි යුවී කියලා...."

"ඒ වගේම ජන්ග් වූ සන්ග් දන්න කිසිම දෙයක් ජේහෝප් දන්නේත් නෑ..ඒකේ තේරුම මින් යුන්ගි කියන්නේ ටයිටන්ස් එකේ කෙනෙක් කියන එකත් ජේහෝප් දන්නේ නෑ බොස්...."

මොහොතක් කල්පනා කරමින් හිටපු ජැන්ග් හ්‍යුක් ආයෙමත් නපුරු විදිහට හිනා වුනේ කපටි බැල්මක් මූණේ තියාගෙන.

හානෙවුල් කියපු දේත් එක්ක තමන් දන්න දේවල් සම්බන්ද කරපු ජැන්ග් හ්‍යුක්ට සුපිරි ප්ලෑන් එකක් ගහන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

"මට ඕනි විදිහට දේවල් සිද්ද වෙන්නේ නැත්නම්,සිද්ද වෙන දේවල් මං මට ඕනි විදිහට හදාගන්නවා...."

ජැන්ග් හ්‍යුක් කිව්වේ කකුලක් පිට කකුලක් දාගන්න ගමන් එක අතකින් උඩු රැවුල පිරිමදිමින්.

"මින් යුන්ගි ගැන වටිනම රහස ජේහෝප්ට කියන එක අපි ටිකක් කල් දාමූ..ඒ වෙනුවට...මින් යුන්ගි ගැන ලොකුම රහස අපි ජේහෝප්ට කියමු....!"

කට කොනකින් හිනා වෙන ගමන් ජැන්ග් හ්‍යුක් කිව්වේ සෝෆා එකේ හේත්තුවෙන කොටසේ හිස නමමින් ඒ නෙත් ඉහලින් පේන සුදුපාට සිවිලිම දිහාට යොමු කරමින්.

"මට මුලින් ඕනි වුනේ යුන්ගිගේ අතින් ජේහෝප්ව ඉවරයක් කරන්න..ඒත් දැන් මට හිතෙනවා ජේහෝප්ගේ අතින් සන්හූන්ව මැරෙව්වා වගේ ජේහෝප්ගේ අතින්ම මින් යුන්ගිවත් මරවන එක ඊට වඩා විනෝද වෙයි කියලා.....!!!!"

_______________________________________

හෝසොක් ඒ ලියුම් කවරය අස්සේ තිබුනු අවසන් ෆොටෝ එකත් එලියට ගත්තෙ වෙව්ලන අතැගිලිවලින්.

මේසය උඩ තිබුනු සාමාන්‍ය ප්‍රමාණයේ ඡායාරූප හතර දිහා බලපු හෝසොක් මෙච්චර වෙලා එක අතක ගුලි කරගෙන හිටපු ලිපිය එ මොහොතේ හෝසොක්ගේ කාමරය ඇතුළේ හිටපු එකම කෙනා වුනු නම්ජූන්ට දුන්නේ තප්පරේකටවත් ෆොටෝවලින් ඇස් ඉවතට නොගෙන.

හෝසොක්ගේ අතින් ගත්තු ලිපිය කියවද්දි නම්ජූන් සැරින් සැරේ මහ හඩින් ශාප කලේ හෝසොක් එකදිගට ෆොටෝ ටික දිහා බලාගෙන ඉද්දි.

ලිපිය කියවලා ඉවර උනු නම්ජූන් හෝසොක් දිහා බැලුවේ වේදනාව පිරුනු ඇස්වලින්..

"හෝබා..."

හෝසොක් ලගට ගිය නම්ජූන් හෝසොක්ගේ උරහිසට අත තියනවත් එක්කම මෙච්චර වෙලා දැහැනකට සමවැදිලා වගේ මින් යුන්ගි,පාක් සන්හූන් දෙන්නා ඉන්න ෆොටෝ ටික දිහා බලාගෙන හිටපු හෝසොක් පියවි සිහියට ආවේ නම්ජූන්ගේ ස්පර්ශයෙන්.

සිතිවිලි දාහක් එක පොකුරට හෝසොක්ගේ හිත අස්සේ කෑමොර දෙද්දි හෝසොක්ගේ නපුරු ඇස්වල කදුලු පිරෙන්න ගත්තේ එයාවත් නොදැනි.

"එහෙනම්..එහෙනම් ඔයයි යුවී...!!!"

ඒ සිතිවිලි දහස අස්සෙත් රැව් පිලිරැව් දෙන එකම එක සිතිවිල්ලක් නිසා හෝසොක්ගේ ඇස්වල රැදුනු කදුලු බින්දු ඒ කම්මුල් දිගේ ගලාගෙන ගියේ හෝසොක්ගේ හදවත වේදනාවෙන් රිදුම් දෙද්දි.

"ය්..යුන්ගි..."

හෝසොක් මිමිනුවේ ඒ කදුලු නවත්තගන්න යන්තම්වත් උත්සාහ නොකර.

"ඇයි..යුන්ගි..ඇ..ඇයී...??????!!!"

මේසෙට බරවුනු හෝසොක් අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන ඉකි ගහන්න පටන් ගත්තේ ඇස්වලින් ගලන කදුලු එන්න එන්නම වැඩි වෙද්දි.

"පලි ගන්න ඕනි තරම් ක්‍රම තියෙද්දි....ඇ..ඇයි ඔයා මාව මරලා දාන්නේ නැතිව මගේ හදවත මරන්න හිතුවේ න්..නිකෝ...."

"ඇ..ඇයි..ඇයි ම්..මට බොරු කලේ..ඇයි න්..නිකෝ....ඇයී......ඇයි ඔයාව ම්..මේ තරම් විශ්වාස කරපු මාව මෙහෙම ර්..රැවැට්ටුවේ......!!!!!"


________________________________________
03/12/2021
(2314 Words)

හායි බීටිෆුල් කෙම්ලනේ...😎💃

මූන් ඊස් බැක්...!!!!!!!!!!! 🌚🙃

ඉට්ස් රහස් හෙළි කරන ටයිම්...😌

සෝප් පෙම් කරන හැටි බලන්න ආපු අයට විනාඩියක නිස්සබ්දතාවයක්..👹️
Satseok 🙂💀

කම්මැලි ඇති ඒත් සමාවෙන්න ළමයි මේවා විසදන් නැතිව ඉස්සරහට ගියොත් මට ඔයාලව හොයාගෙන එන්න වෙනවා කන්ෆියුස් උන්ගා බුන්ගාලගේ මොලේ සමනල් ගැට ලිහන්න..😂

එහෙනම් හෙට හම්බෙමු.😉

Thank you for reading my sweethearts...😘
Plz vote and comment.❤

LOVE YOU...💙

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top