Chapter 23

"ඔයාලා දන්නවා නේද 2006දී ගවමන්ට් එක ජැන්ග් හ්‍යුක් එක්ක එකතු වෙලා ටයිටන්ස් එකට ඇටෑක් කරන්න හදද්දි හරියටම ඇටෑක් එකට දවසකට කලින් අපිට ඒ ගැන රහසිගත තොරතුරු ලැබුනා කියලා..."

තරුණයෝ දෙන්නම ඔව් කියලා උත්තර දුන්නේ ඔවුන්ගේ හිස ඉහල පහල කරමින්.

" ටයිටන්ස් එකට විරුද්දව මොකක් හරි දෙයක් සිද්ද වෙන හැම වතාවකම අපිට ඒ ගැන තොරතුරු දෙන රහසිගත කෙනෙක් ඉන්නවා...ඒ කෙනා කවුද කියලා ඔයාලා නොදන්නවා වුනාට මං හිතන්නේ එයාව ඔයාලා වෙන නමකින් දන්නවා..."

ජියොන් හේසුන් කියද්දි මුලින්ම මුව විවර කලේ ටේයෝන්.

ටේයොන් දැන් හිටියේ අර ටේටේ මෝඩ් එකෙ නෙමෙයි.ටේයොන් හිටියේ ඩිටෙක්ටිව් මෝඩ් එකේ..එයාගේ ඩිටෙක්ටිව් මොලේ එකදිගට වැඩ කරන්න පටන් අරගෙනයි තිබුනේ.ටයිටන්ස්ලට රහසිගතව තොරතුරු දෙන කෙනෙක් කියද්දි එයාගේ මතකයට එන්නේ එක නමයි.

"සීක්‍රට් වෙපන් ඔෆ් ටයිටන්ස්.."

ටේයොන් ගැඹුරු කටහඩකින් කිව්වේ එයාගේ තියුනු ඇස්වලින් හේසුන් දිහා බලාගෙන.

සිහින් හිනාවකින් ටේයොන් දිහා බලපු හේසුන් ඔලුව ඉහල පහල වැනුවේ ටේයොන්ගෙ මේ පැත්තට එයා කැමති නිසා.

ප්‍රොෆෙෂනල් වුනු වෙලාවට ටේයොන් හිටියේ වෙනමම ලෙවල් එකකට.හේසුන් ජන්කුක් ටේයොන් එක්ක ඉන්නවට මේ තරම් කැමතිත් ජන්කුක්ට ටේයොන්ගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් තිබුනු නිසා.

"ඔව් ටේයොන්..ටයිටන්ස්ලගේ සීක්‍රට් වෙපන් එක කියලා කියන්නේ එයාට...ඒ කෙනා තමයි ජන්ග් වූ සන්.සීරෝ එකේ හිටපු ලීඩර්.."

ටික වෙලාවක් වාඩි වෙලාම හිටපු හේසුන් ඊට පස්සේ නැගිටලා නිහඩවම ඒ ලග තිබුනු ජනේලයක් ගාවට ගිහින් හිටගත්තෙ පිටතින් පේන විදුලි ආලෝකයෙන් එලිය වුනු සෝල් නගරය දිහ බලාගෙන.

"කොහොමද එහෙම වෙන්නේ..ඇයි ජන්ග් වූ සන්ග් අපිට උදව් කරන්නේ..?"

ජන්කුක් ඇහුවේ ජන්ග් වූ සන්ග් එයාලට උදව් කරන්න හේතුවක් එයාට නොපෙනුනු නිසා.ජන්කුක් අහන්නේ මොකක් ගැනද කියලා තේරුම් ගත්තු ජියෝන් හේසුන් ජන්ග් වූ සන්ග් ටයිටන්ස්ලට උදව් කරන්න හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න ගත්තා.

"ටයිටන්ස් පටන් ගත්තු දවසේ ඉදන් වැඩ කලේ ගවර්මන්ට් එකට විරුද්දව.අපි හැමදාම උදව් කලේ සාමාන්‍ය මිනිස්සුන්ට..ඒ නිසා සාමාන්‍ය මිනිස්සු හැමදාම හිටියේ අපේ පැත්තේ..ගවමන්ට් එකට එයාලගේ ජරා වැඩ කරගන්න බැරි වෙද්දි එයාලට සාමාන්‍ය මිනිස්සුන්ව තව දුරටත් රවට්ටන්න බෑ කියලා එයාලා තේරුම් ගත්තා.ඒකට ප්‍රධානම හේතුව අපි කියලා එයාලා දැනගත්තා..ඒ නිසාම එයාල තීරණය කලා ටයිටන්ස් ඉවරයක් කරන්න..ඒත් ඒක ගවමන්ට් එකට තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...."

රූම් එකේ හිටපු අයට පිටුපාලා හිටගෙන හේසුන් කියන්න පටන් ගත්තේ ටයිටන්ස් එකේ ජේශ්ටයින් විතරක් දැනගෙන හිටපු 2006 ඇටෑක් එක ගැන කතාව..

"ගවමන්ට් එක අපිව පරද්දන්න ලොකු ප්ලෑන් එකක් ගැහුවා.එයාලා ඒකට අපිට විරුද්දව සම්බන්ද කරගත්තේ සීරෝ එකයි රෙඩ් ඊගල් එකයි..ඒත් ගවමන්ට් එක ඒ වෙද්දි දැනගෙන හිටියේ නෑ රෙඩ් ඊගල් එකයි සීරෝ එකයි කියන්නේ හරියට නයයි මුගටියයි වගේ තරහකාරයෝ කියලා....ඒ වගේම එයාලා දැනගෙන හිටියේ නෑ සීරෝ එකේ ලීඩර්ට වගේම ටයිටන්ස් එකේ ලීඩටත් ජැන්ග් හ්‍යුක් එක්ක පෞද්ගලික තරහක් තියනවා කියලා..."

"ඉතින් ඒ වැඩේට ජැන්ග් හ්‍යුක් සම්බන්ද කරගෙන ගවමන්ට් එක ලොකු මෝඩකමක් කරගත්තා...කාටවත් නොදැනෙන විදිහට සීරෝ එකයි ටයිටන්ස් එකයි එකතු වුනා..තමන්ගේ පොදු හතුරාට විරුද්දව සීරෝ එකේ ජන්ග් වූ සන්ග් ටයිටන් එකේ මින් සොන්හ්‍යොන් දෙන්නා මිතුරෝ උනා..."

ජියොන් හේසුන් කියපු දේ ජන්කුක්,ටේයොන් දෙන්නා අහගෙන හිටියේ තුෂ්නිම්භූත වෙලා වගේ.

"ඒත්..ඒත් ජන්ග් වූ සන්ග්ටයි අන්කල් මින්ටයි ජැන්ග් හ්‍යුක් එක්ක තිබුනු ප්‍රශ්නේ මොකක්ද...ජන්ග් වූ සන්ග්ට ගවමන්ට් එකට විරුද්ද වෙන්න තරම්  පෞද්ගලික තරහක්...?"

ටේයොන් ඇහුවේ හැම තොරතුරක්ම පැහැදිලිව එයාගෙ මොලයේ ගොනු කරගන්න ගමන්.

"ප්ලීස් තාත්තා..අපිට මුල ඉදන් පැහැදිලිව හැමදේම කියන්න..මට මේ මොකුත් තේරෙන්නේ නෑ."

ජන්කුක් හේසුන්ට කිව්වේ ප්‍රශ්නාර්ථ බැල්මක් මූණේ තියාගෙන.

ඒක තමයි වෙලාව.හන්ගගෙන හිටපු හැම රහසක්ම එලි වෙන්න ඕනි වෙලාව..යන්තම් හිස පිටුපසට හරවලා බලපු ජියෝන් හේසුන් දැක්කා තමන් දිහා අවදානෙන් බලාගෙන ඉන්න ටකාශිව.හේසුන්ගේ බැල්මේ තියන ප්‍රශ්නේ තෙරුම් ගත්තු ටකාශි හිස ඉහල පහල වැනුවේ හැමදේම තරුණයින් දෙන්නට කියන්න අවසර දෙමින්.ටකාශිගේ අවසරය ලබාගෙන ආයෙත් හේසුන් හැරුනේ ජනේලය පැත්තට.

"මේක රහසක්..මේ වෙනකම් අපෙන් පිටට නොගිය රහසක්..මං හිතනවා ඔයාලා දෙන්නත් මේ රහස පිටට යන්න නොදී ආරක්ශා කරගනී කියලා...මොකද ජන්ග් හෝසොක්ට වගේම මින් යුන්ගිට අදාල හැම කෙනෙක්ගෙම ජීවිතවල ඇත්ත නැත්ත මේ රහස ඇතුලේ තියනවා...."

පිටතින් පේන අදුරු අහස දිහා බලාගෙන ජියොන් හේසුන් කිව්වේ ගොඩක් බැරෑරුම් විදිහට..

"මං දැන් ඔයාලට කියන්න යන්නේ සීරෝ එකේ ලීඩර් වෙලා හිටපු ජන්ග් වූ සන්ග්ගේ අතීතය ගැන...ඒ වගේම ටයිටන්ස්ලාගේ ලීඩර් (Crius ) වෙලා හිටපු මගේ හොදම යාලුවා මින් සොන්හ්‍යොන්ගේ අතීතය ගැන..."

එහෙම කියපු හේසුන් නිහඩතාවය මැද්දෙන් හිමීට අඩි තියලා රූම් එක මැදට ඇවිත් එයාගේ අසුනින් වාඩි වුනේ ටේයොන්ගේ වගේම ජන්කුක්ගෙත් අවදානය සම්පූර්නෙන්ම හේසුන් වෙතට යොමු වෙද්දි.

"මේ කතාව ඉවර වෙද්දි ඔයාලා දැනගනියි සීරෝ එකේ උරුමක්කාරයා වුනු ජන්ග් හෝසොක්ගේ පවුල ජැන්ග් හ්‍යුක්ගේ නංගී වුනු ජැන්ග් මීරා විනාෂ කරලා දාපු හැටි.......



ඒ වගේම....



අපේ ටයිටන්ස් එකේ උරුමක්කාරයා වුනු මින් යූන්ගිගේ පවුලම බොහොම සූක්ෂම විදිහට ජැන්ග් හ්‍යුක් විනාශ කරලා දාපු හැටි......"

"සන්හූන් ඉද්දි මින් සොන්හ්‍යොන් එයාගේ බාල පුතා වුනු මින් යුන්ගිව ඇස්ට්‍රියස් කලේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරෙත් ඒත් එක්කම ඔයාලට ලැබෙයි.."

_______________________________________

(දින කීපයකට පසු )

මින් යූන්ගිව බේරගෙන ආවට පස්සේ ගෙවුනු දවස් කීපය හෝසොක්ට දැනුනේ එයා වලාකුලක් උඩ ඉන්නවා වගේ..මොකද වැඩිය කතා බහ නොකලත් මින් යුන්ගි ඉස්සර වගේ හෝසොක් එක්ක තරහින් නෙමෙයි හිටියේ.

මේ වෙද්දි හෝසොක් යුන්ගිට රෝනා ප්ලේස් එකේ ඕනිම තැනක නිදහසේ ඇවිදින්න අවසර දීලයි තිබුනේ..යුන්ගිගේ තුවාල සම්පූර්නෙන්ම වගේ හොද වෙලා තිබුනු නිසා එයා ඒ දවස් ටිකේම කලේ ජිමින්ගේ වගේම ජැක්සන්ගෙත් ආවතේව කරපු එක.එයාලට කෑම ගිහින් දෙන එක,බෙහෙත් දාන්න උදව් වෙන එක,ඇවිදින්න උදව් වෙන එක වගේ හැම දෙයක්ම යුන්ගි කලේ කැමැත්තෙන්මයි..

යුන්ගිට නම්ජූන්ට උදව් කරන්නනම් අවස්තාවක් ලැබුනෙම නැති තරම් මොකද ජින් නම්ජූන්ගේ හැමදේම හොදට හොයලා බලමින් පුලුවන් හැම මොහොතෙම නම්ජූන් ගාවට වෙලාමයි හිටියේ...

ඉතින් එක එක ඒවා අරන් එහෙ මෙහෙ දුවන යුන්ගිව රෝනා ප්ලේස් එකේ හැමෝටම සුලබ දර්ශනයක් උනේ ඉබේටමයි..සීරෝ එකේ වැඩවලට යනවට වඩා හෝසොක් කලෙත් බොරු හේතු හදාගෙන රෝනා ප්ලේස් එකේ තැනින් තැන ඇවිදින ගමන් යුන්ගි දිහා බලාගෙන හිටපු එක.

ඉතින් කොරිඩෝවලදි,පඩිපෙලේදි,කිචන් එකේදි,ලිවින් රූම් එකේදි,ගාඩ්න් එකේදි එකී මෙකී නොකී හැම තැනකම යුන්ගිව මුන ගැහෙද්දි හෝසොක්ට වලාකුලක් උඩ නෙමෙයි වලාකුලු නමයක් උඩ ඉන්නවා වගේ දැනුනත් ඒක සාදාරණයි.

හොසොක් දකින හැම වතාවකම යුන්ගිගේ මූණේ ඇදෙන Gummy smile එක හෝසොක්ට උන්හිටි තැන් පවා අමතක කලා.ඒ හැමදේටමත් වඩා හෝසොක්ට සතුටු හිතුනු වෙන දෙයක් තිබුනා.ඒක සතුටක්මත් නෙමෙයි.හරියට සැනසීමක් වගේ..කාලයක් තිස්සේ තිබුනු අනාරක්ශිත හැගීමක් නැති වෙලා ගියා වගේ ගතියක්.

ඒක තමයි යුන්ගි ටිකෙන් ටික ජිමින්ගෙන් ඈත් වෙනවා වගේ හෝසොක්ට තේරුනු එක.යුන්ගි ජිමින්ට එක්ක වෙනදා වගේම ලෙන්ගතුව කතා බහ කලාට හිනා වුනාට ඉස්සර වගේ ඒ දෙන්නා අතරේ සමීප බවක් හෝසොක්ට පෙනුනේ නෑ..ඒක හරියට ජිමිනුයි යුන්ගියි අතරේ මොකක් හරි අදෘශ්‍යමාන සිමාවක් තියනවා වගේ.ඒ දෙන්නම හිටියේ යම්කිසි සීමාවක් ඇතුලේ..සහෝදරයෝ වගේ ඉන්න හොදම යාලුවෝ දෙන්නෙක්වයි ඒ දෙන්නගෙන් හෝසොක් දැක්කේ..ඒ ගැන හෝසොක් හිටියේ ඇත්තටම හරිම සතුටින්.

උදේ පාන්දරම රෝනා ප්ලේස් එකෙන් පිටවෙලා ගියපු හෝසොක් උදේ 10 වෙද්දි ආයෙමත් රෝනා ප්ලේස් එකට ආවේ ලොකු හදිස්සියකින් වගේ.ඒත් හෝසොක්ගේ මූණේ තිබුනේ නම් අර වෙනදා තියන එයාගේ නපුරු පෙනුම නෙමෙයි.හොසොක්ගේ මූණ අදුරු වලාකුලකින් මිදුනු හදක් වගේ එලිය වැටිලයි තිබුනේ....

වාහනෙන් බහින හෝසොක්ව යන්තමින් දැකපු ගේට් එක ලග උන්නු ගාඩ්ගේ ඇස් ලොකු වුනේ එයා දැකපු දෙයක් නිසා.

"මං හොදටම දැක්කා බොස් ලාවට වගේ හිනා වෙනවා..."

ඇස් දෙකත් ලොකු කරගෙන ඔහු තමන්ටම එහෙම මුමුණගත්තේ ආයෙමත් වතාවක් හෝසොක් ඉන්න පැත්තට හැරෙන ගමන්..

"අපේ බොස්?හිනා වෙනවා??මොන විකාරයක්ද??මට පිස්සු හැදීගෙනවත් එනවද..!!!"

ආයෙමත් තමන්ටම කියාගත්තු ගාඩ් තමන් දැක්කේ මනෝ විකාරයක් කියලා හිතට ඒත්තු ගන්වමින් අහක බලාගත්තේ කාර් එකේ පිටිපස්සේ දොර ඇරපු හෝසොක් පිටිපස්සේ ශීට් එකේ තිබුනු ලොකු කවර දෙකක් අතට ගනිද්දි.

ඒ ගාඩ් තව ටිකක් වෙලා හෝසොක් දිහා බලාගෙන හිටියනම් ඔහුට දැනගන්න තිබුනා තමන් දැක්කේ මනෝ විකාරයක් නෙමෙයි කියලා.මොකද හෝසොක් ඇත්තටම හිටියේ ලස්සන සිහින් හිනාවක් මූණේ තියාගෙන තමයි.

කවර දෙකත් අරගෙන ඇතුලට යන්න හැරුනු හෝසොක් උන් තැනම නතර වුනේ එයා හොයාගෙන ආපු කෙනා ගාඩ්න් එකේම ඉන්නවා දැකලා.

මින් යුන්ගි.

හෝසොක් මේ ගෙදර හිටපු දවස් කීපයම නිකෝ ආස මොනවටද නිකෝ කන්නේ මොනවද නිකෝ බොන්නේ මොනවද වගේ දාහක් ප්‍රශ්න කල්පනා කලත් යුන්ගි ගැන ලොකුම ප්‍රශ්නේ එයාට මතක් වුනේ කලින් දවසේ රෑ 02 ට විතර...

ඒ තමයි...

"නිකෝ අදින්නේ මොනවද...?????!!!!"

හැමදාම නිල් පාටයි කලු පාටයි පිජාමා කිට් දෙකකුයි තව ජිමින්ගෙ ඇදුමකුයි මාරුවෙන් මාරුවට අදින යුන්ගි ගැන හෝසොක්ට ඇති වුනේ පුදුමාකාර දුකක්.පුලුවන් තරම් ඉක්මනට යුන්ගිට ඇදුම් ටිකක් අරන් දෙන්න හෝසොක් තීරණය කලේ ඒ මොහොතෙමයි.

ඉතින් මේ මහ උදේ පාන්දර හෝසොක් රෝනා ප්ලේස් එකෙන් පිට වෙලා ගියේ වෙන දේකට නෙමෙයි එයාගේ නිකෝ බේබිට ඇදුම් ටිකක් අරගෙන එන්න.

වහලා තිබුනු ලුවී විටොන් ශොප් එකක් බලෙන් ඇරගත්තු හෝසොක් එයාට යුන්ගිට හොදයි කියලා හිතෙන හැම ඇදුමක්ම අරගෙන පැය දෙකක් යන්නත් කලින් ආයෙමත් රෝනා ප්ලේස් එකට ආවේ යුන්ගිව හොයාගෙන.

තමන්ගේ චූටි බබාට අයිස්ක්‍රීම් එකක් අරගෙන එන තාත්තා කෙනෙක් වගේ හෝසොක්ටත් ඕනි වුනෙ ගෙට ගොඩ උනු ගමන් ඒ ටික යුන්ගිට දීලා යුන්ගිගේ ප්‍රතිචාරය මොකක්ද බලන්න.

කිසිම හැගීමක් දැනීමක් නැතිව ගලක් වගේ ජීවිතේ ගෙවපු හෝසොක්ට මේ දැනෙන හැම හැගීමක්ම හරි අලුත්..

ඉතින් හෝසොක්ට ඕනි උනා ඒ හැම හැගීමක්ම උපරිමයෙන්ම විදින්න.

ජීවිතේ පලවෙනි වතාවට හෝසොක්ට හිනා වෙලා ඉන්න ආසාවක් දැනුනා..හෝසොක්ගේ මූනට හිනාවක් එන්නෙ යුන්ගි නිසා.ඉතින් හෝසොක්ට ඕනි වුනා තමන්ට ආගන්තුක වුනු හිනාව නොදැනුවත්ව හරි තමන්ට ලන් කරපු යුන්ගිගෙත් හිනාවට හේතුව තමන් වෙන්න.

ඒකටයි හෝසොක් කඩිමුඩියෙම ගීහින් යුන්ගිට ඇදුම් අරගෙන ආවේ...

මිනිස්සුන්ගේ හැගීම් ගැන කතා කරද්දි හෝසොක් කියන්නෙ තාමත් පොඩි ළමෙක් වගේ..ඉතින් එයා කරන්නේ එයාට හරියි කියලා හිතෙන දේ.යුන්ගිට නැත්තේ ඇදුම් කියලා දැනගත්තු ගමන් වලිගේ ගිනි ගත්තු හනුමා වගේ හෝසොක් ඇදුම් හොයාගෙන දිව්වේ ඒ වෙලාවේ එයාට අනුව යුන්ගිව සතුටු කරන්න පුලුවන් හරිම දේ ඇදුම් කියලා හිතුනු නිසයි.

අතේ තිබුනු කවර දෙක පිටිපස්සට කරගෙන හෝසොක් හිමීට හිමීට ඇවිදගෙන ගියේ මින් යුන්ගි හිටපු තැනට.

යුන්ගි හිටියේ ගාඩ්න් එකේ තිබුනු බන්කුව ගාව දනගහගෙන.එයා හිටියේ රෝනා ප්ලේස් එක පැත්තට පියුපාලා නිසා යුන්ගි දැක්කේ නෑ තමන්ගේ පැත්තට එන හෝසොක්ව.ඒත් හෝසොක් දැක්කා මින් යුන්ගි මොකක්ද කරන්නේ කියලා.

බන්කුව ගාව බිම දනගහගෙන හිටපු යුන්ගි හිටියේ එක පැත්තක ගොඩ ගහලා තිබුනු ළා රෝස පාට රෝස මල් ගොඩකින් එක එක අරන් අනිත් පැත්තෙන් තියන ගමන්.දකුනු අත පැත්තේ තියන මලක් අතට ගන්න යුන්ගී ඒක වම් අත පැත්තේ මල් ගොඩෙන් තියලා ආයෙමත් තව මලක් ගන්න හැටි හෝසොක් බලාගෙන හිටියෙ සද්ද නැතිව.

හෝසොක් දන්නවා යුන්ගි කරන්නේ මල් ටික ගනන් කරන එක කියලා.ඒත් හෝසොක්ට හිනා ගියේ යුන්ගි ඒක ගනන් කරන විදිහටයි.හෝසොක් ඒක දැක්කෙත් හරිම හුරතල් වැඩක් විදිහට.

හිමීට යුන්ගි ලගටම ගිය හෝසොක් බලාගෙන හිටියේ දිලිසෙන ඇස්වලින්.

"මල් කීයක් තියනවද..?"

යුන්ගි අන්තිම මලත් ගනන් කරලා ඉවර වෙනකම් බලාගෙන ඉදලා හෝසොක් අහද්දි වේගයෙන් වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු යුන්ගි හෝසොක් පැත්තට හැරුනේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"ප්..පහලවක්.."

හෝසොක් අහපු ප්‍රශ්නෙට හිමිට උත්තර දුන්නු යුන්ගි ටික වෙලාවක් හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරිව වගේ.

"ස්..සොරි හෝසොක්... !"

යුන්ගි බයෙන් වගේ මිමිනුවේ මුව පැටියෙක්ගේ වගේ ඇස්වකින් හෝසොක් දිහා බලන ගමන්.

"ඒ මොකටද?"

"ඔ..ඔයාගෙන් අහන්නේ නැතිව ඔයාගේ ගාඩ්න් එකෙන් මල් කැඩුවට..ම්..මට..මට මුලින්ම ඔයාගෙන් අහලා ඉන්නයි තිබුනේ..."

යුන්ගි කිව්වේ ඒක අහගෙන ඉදපු හෝසොක් යුන්ගි දිහා බලලා හිනා වෙද්දි.

"ඒකට ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ ළමයෝ...මේ ගාඩ්න් එකම ඔයා ඔයාගේ කියලා හිතාගන්න..ඔයාට ඕනි මලක් ඔයා කඩාගන්න...ඕනි තරම්...ඒකට කමක් නෑ...."

හෝසොක් කිව්වේ ළාවට හිනාවීගෙන යුන්ගි දිහා බලන ගමන්.හෝසොක්ගේ මූණ දිහාවට ගිය යුන්ගිගේ ඇස් ඒ හිනාව අස්සෙ අතරමන් වුනේ යුන්ගිටත් නොදැනී..

හෝසොක්ට තිබුනෙ හරි ලස්සන හිනාවක්.ඕනි කෙනෙක්ට මොහොතකට ලෝකයම අමතක කරවන්න ඒ හිනාවට පුලුවන්.

තප්පර කීපයක් යුන්ගිත් හිටියේ ඒ හිනාව නිසා මුලු ලෝකෙම අමතක වෙලා..

"ලස්සනයි....."

මින් යුන්ගිගේ හිතේ එකදිගට ඇහෙන්න ගත්තේ ඒක.ඒත් තමන් කරමින් හිටියේ මොකක්ද කියලා මතක් වුනු ගමන් යුන්ගි හෝසොක්ගෙන් ඇස් ඉවතට ගත්තේ මොහොතකට හරි හෝසොක්ගෙ හිනාව දකිද්දි ඒ දැනුනු හැගීම හිතා මතාම අමතක කරමින්.

තමන් එතනට ආපු හේතුව හෝසොක්ට මතක් උනේ එවලෙයි.

"ආහ්..මේ..නිකෝ....?"

හෝසොක් එයා යුන්ගිට දීලා තිබුනු නික් නේම් එකෙන් යුන්ගිට කතා කරද්දි ඇගට දැනුනු සියුම් හිරිය නොසලකා හැරපු යුන්ගි හෝසොක් දිහා බැලුවේ ඇයි අහන්න වගේ..

මොකුත් නොකියපු හෝසොක් මෙච්චර වෙලා පිටිපස්සට කරගෙන හිටපු බෑග් දෙකම යුන්ගි දිහාට දිගු කලේ යුන්ගි කුතුහලයෙන් වගේ ඒ දිහා බලද්දි.

" මොනවද මේ..?"

"ඔයාට අදින්න තියෙන්නේ ඇදුම් දෙක තුනයිනේ..ඒ නිසා..ඒ නිසා මං ඔයාට ඇදුම් ටිකක් අරගෙන ආවා.."

හෝසොක් කිව්වේ ආයෙමත් යුන්ගි දිහා බලලා හිනා වෙන ගමන්.

"ඒත්..ඒත් මට මේ තියන ඇදුම් ඇති හෝසොක්.මට වෙන ඕනි නෑ.."

යුන්ගි කිව්වේ ඇත්තටම වුනත් ඒක දෙද්දි හෝසොක්ගේ මූණේ තිබුනු හිනාව මතක් වෙද්දි යුන්ගිට ඒක ප්‍රතික්ෂේප කරන්න හය්යික් තිබුනෙත් නෑ.

තමන්ට ඒක ඕනි නෑ කියපු ගමන් හෝසොක්ගේ මූනේ තිබුනු හිනාව මැකිලා යනවා දැකපු යුන්ගිට මතක් වුනු එකම දේ ආයේ ඒ හිනාවදකින එක විතරයි.

යුන්ගිගේ හිත යුන්ගිටම පිටුපාන්න අරන් ඉවරයි.

එකපාරටම ඉස්සරහට ආපු යුන්ගි හෝසොක්ගේ අතේ තිවුනු බෑග් දෙකම එයාගේ අතට ගත්තේ හෝසොක් වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව යුන්ගි දිහා බලද්දි.

"මට..මට ඇත්තටම මේ ටික ඕනි...මං..මං ඔයාගෙන් ඇදුම් ඉල්ලන්න බැරිවයි හිටියේ....අහ්ම්..ඇත්තටම ගොඩක් ස්තූතියි හෝසොක්..!"

යුන්ගි එකදිගට කියාගෙන ගියේ හෝසොක් දිහා බලන්නෙවත් නැතිව.යුන්ගිගේ ඇස් තිබුනේ එයාගෙ අතේතිවුනු බෑග් දෙකට යොමු වෙලා.

යුන්ගිගේ මොලේ ඒ කරපු දේ ගැන කොච්චර දොස් කිව්වත් යුන්ගිගේ හදවත කිව්වෙම එයා කලේ හරි දෙයක් කියලා.ඒත් එයාට තේරුනේ නැත්තේ හෝසොක් වෙනුවෙන් හදවත ගන්න තීරණවලට තමන් මේ තරම් ලේසියෙන් එකග වෙන්නේඇයි කියන එකයි.

මූණ බිමට හරවගෙන හිටපු නිසාම එයා දැක්කේ නෑ කලින්ටත් වඩා ලොකූ ලස්සන හිනාවක් මූණේ තියාගෙන දිලිසෙන ඇස්වලින් එයා දිහා බලාගෙන ඉන්න හෝසොක්ව.

එකපාරක් හරි ඔලුව උස්සලා යුන්ගි ඒ වෙලාවේ හෝසොක් දිහා බැලුවනම් එයාගේ හදවත එහෙම හැසිරෙන්නේ ඇයි කියලා යුන්ගිට දැනගන්න තිබුනා.

හෝසොක් සතුට දෝරේ ගලන ඇස්වලින් යුන්ගි දිහා බලාගෙන හිටියේ ඒ තරම් ආදරණීය විදිහට.

ටික වෙලාවක් එහෙම හිටපු යුන්ගි තවත් නිහඩව ඉන්න බැරි තැන හඩ අවදි කලෙ බිම බලාග්ස්ත්තු ගමන්මයි

"මං..මං එහෙනම් යන්නම්..මට....මේ..මේ..ආ මට මේ ඇදුම් ටික ඇදලා බලන්න ඕනි.."

එහෙම කියලා යුන්ගි හෝසොක් පැත්තට හැරුනේ තවත් නම් එතන ඉන්න බෑමයි කියලා දැනෙද්දි.මෙච්චර වෙලා හිටපු කල්පනා ලෝකෙන් මිදුනු හෝසෝකුත් ඉක්මනට ඔලුව ඉහල පහල කරලා හා කිව්වේ තවත් එතන හිටියොත් තමන්මොකක් කරයිද කියලා හිතාගන්න බැරි නිසා.

"හරි..ඔයා ඇතුලට යන්න එහෙනම්.."

"හරි.."

යුන්ගිගේ ඇස් ඒත් එක්කම යොමු උනේ බන්කුව උඩ තිබුනු රෝස මල් ටිකට.අත් දෙකේම බෑග් දෙකක් අරගෙන හිටපු නිසා යුන්ගිට රෝස මල් ටික ගන්න විදිහක් තිබුනෙ නෑ.ඒත් යුන්ගිට රෝස මල් ටික එතන දාලා යන්න හිත දුන්නෙත් නෑ.

ඒ නිසාම යුන්ගි අතේ තියන බෑග් ටික දිහයි බන්කුවේ තියන මල් ටික දිහයි මාරුවෙන් මාරුවට බැලුවේ ඒ ඔක්කොම ගෙනියන්න ක්‍රමයක් කල්පනා කරන ගමන්.

යුන්ගි දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු හෝසොක් ඉස්සරහට ඇවිත් ආයෙමත් යුන්ගිගේ අතෙ තිබුනු බෑග් දෙකට එයාගේ අත දිගු කලේ යුන්ගි කුතුහලෙන් හෝසොක් දිහා බලද්දි.

"ඕක මට දෙන්න....!"

"නෑ කමක් නෑ හෝසොක් මට පුලුවන්.."

යුන්ගි කියද්දි ඉස්සරහට ආපු හෝසොක් බලෙන්ම යුන්ගිගේ අතේ තිබුනු බෑග් දෙක එයාගේ අතට ගත්තේ තමන් එක්කම හිනා වෙන ගමන්.

"මට අර රෝස මල් ටික අරන් මනමාලියක් වගේ රෝනා ප්ලේස් එක අස්සට යන්න බෑ නිකෝ..ඒ නිසා මං මේ බෑග් ටික අරගෙන යන්නම්..හරිද.."

හෝසොක් කිව්වේ යුන්ගි දිහා බලලා අමුතු හිනාවකුත් දාලා..

"ඔය මල් ටිකත් අරන් එන්න...."

යුන්ගිගේ දිහාට හැරුනු හෝසොක් ආයෙමත් කිව්වේ යුන්ගිට ඇහැක් ගහන ගමන්.හෝසොක්ගේ මේ අලුත් හැසිරීම දැකලා පුදුම වෙලා ගල් ගැහිලා වගේ හිටපු යුන්ගි පියවි සිහියට ආවේ හෝසොක් එයා ගාවින් පියවර දහයක් විතර ඉස්සරහට ගියාට පස්සේ.

ඉක්මනට බන්කුව උඩ තිබුනු රෝස මල් ටික එකතු කරගත්තු යුන්ගි ඒ ටිකත් තුරුල් කරගෙන හෝසොක්ගේ පිටිපස්සෙන් දිව්වේ යුන්ගිගෙ වැඩවලට හෝසොක් ආයෙමත් තමන් එක්කම හිනා වෙද්දි.

දෙවනි තට්ටුවේ බැල්කනි එකට වෙලා මෙච්චර එලා ඒ හැමදේම බලාගෙන හිටපු ජිමින්ගේ මූණෙත් ඇදුනේ ලස්සන හිනාවක්..

"එයා ඇත්තටම සතුටින්....!!!"

_________________________________________
27/11/2021
(2430 Words)

15 ROSES 🌹

ඔයා කාගේ හරි හිත රිදෙන දෙයක් කරලා ඒකට සමාව ඉල්ලන්න තියන හොදම ක්‍රමය තමයි ඒ කෙනාට රෝස මල් 15ක් දෙන එක...රෝස මල් 15ක් දෙන එකෙන් අදහස් වෙන්නේ අපි ඒ කෙනාගෙන් සමාවක් බලාපොරොත්තු වෙනවා කියන එක.

ළා රෝස පාට රෝස මල්වලින් අදහස් වෙන්නේ සතුට.

________________________________________

ළමයිනේ..මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි.❤

මට කතාවෙන් සතියක නිවාඩුවක් දෙන්න පුලුවන්ද ඔයාලට..


ඔයාලා කියන ඕනි දේකට මං එකගයි හරිද.❤

Thank you for reading.❤
I love you my sweethearts...💙🌼

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top