Chapter 22
_______________________________________
Don't trust too much.
Don't love too much.
Don't hope too much.
Because that too much can hurt you
soo much..
_______________________________________
හාත්පසම අදුරින් වෙලාගෙන තිබුනත් මින් යුන්ගි හිටපු ගෙස්ට් රූම් එක තිබුනේ විදුලි එළියෙන් ආලෝකමත් වෙලා..හෝසොක් හිටියේ පැත්තක තිබුනු විශාල වීදුරුවෙන් පේන ඈත කලුවර අහස දිහා බලාගෙන කල්පනාවක.
රෙඩ් ඊගල්ස්ලත් එක්ක වුනු සිදුවීමෙන් පස්සේ යුන්ගිව රෝනා හවුස් එකට එක්කන් ආපු හෝසොක් වෙනත් ගෙස්ට් රූම් එකක යුන්ගිව තිබ්බේ කලින් හිටපු තැනින්ම යුන්ගිව ආයෙමත් තියන්න දැනුනු අකමැත්ත නිසා.යුන්ගිව එක්කන් ආපු වෙලාවේ ඉදන් හෝසොක් එතනින් විනාඩියකටවත් ඉවතට ගියේ නෑ..
රෝනා ප්ලේස් එකේ වගේම අනිත් වැඩත් හැමදේම ජින්,සූබින් දෙන්නට පවරපු හෝසොක් ආපු වෙලේ ඉදන්ම හිටියේ තවමත් සිහිසුන්ව ඉන්න යුන්ගි ගාව.
මින් යුන්ගි අවදි වෙන්න කලින් ඒ කාමරෙන් පිට වෙලා යන්න හෝසොක් මුලින් හිතාගෙන හිටියත් එයාට මොහොතකටවත් යුන්ගිව තනියෙන් තියලා යන්න හිත දුන්නේ නෑ.
ඒ නිසාමයි තමන්ව දකින්න යුන්ගි කොයි තරම් අකමැතිද කියලා දැන දැනත් එයාට සිහිය එනකම්වත් හෝසොක් එතන නවතින්න තීරණය කලේ..
අදුරු අහසට යොමු වෙලා තිබුනු එයාගේ ඇස් එතනින් මුදවගත්තු හෝසොක් හිමීට අනිත් පැත්ත හැරිලා බැලුවේ ඇද උඩ නිහඩවම වැතිරිලා ඉන්න මින් යුන්ගි දිහා.
හෝසොක්ට ඒ අහිංසක පාට මූණ පෙනුනේ හදක් වගේ.අදුරු අහසක් ලස්සන වෙන්නෙම හදක් පායපුවම..ඉතින් හෝසොක්ට අනුවනම් එයාගේ අදුරු අහසට එළිය දෙන්න පුලුවන් එකම කෙනා තමයි යුන්ගි.
ඒත්....
යුන්ගිගේ හිතේ තමන් ගැන පොඩිමවත් තෙතමනයක් නෑ කියලා හෝසොක් දන්නවා.
හෝසොක් හිමීට පියවරක් ඉදිරියට තිබ්බේ මින් යුන්ගි හිටපු ඇද ලගට කිට්ටු වෙලා තව ටිකක් ලගින් ඒ මූණ දකින්න දැනුනු අහින්සක ආසාව නිසා..
ඒත් එකපාරටම යුන්ගිගේ ඇහිපියන් සෙලවෙන්න ගනිද්දි හෝසොක් හිටපු තැනම නතර වුනේ යුන්ගිට සිහිය එනවා කියලා තේරිලයි.
තමන්ව දැක්කම යුන්ගි මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා බය දැනුනත් හෝසොක් එතනටම වෙලා හිටියේ යුන්ගි ක්‍රමක්‍රමයෙන් එයාගේ ඇස් අවට ආලෝකයට හුරු කරගනිද්දි.
ඇස් ඇරපු ගමන්ම යුන්ගි බැලුවේ වීදුරු බිත්තියට පියවර කීපයක් මෙහායින් හිටගෙන ඉන්න හෝසොක්ව.ඒ බැල්මේ තිබුනේ හිස්බවක්..හෝසොක් දිහා තප්පර කීපයක් එහෙමම බලාගෙන හිටපු යුන්ගි හිමිට ඇදෙන් වාඩි වුනෙ යන්තමින් රිදුම් දෙන හිස එක අතකින් අල්ලගෙන.
තමන්ව දැකලා කේන්ති ගන්න යුන්ගි කෙනෙක්ව දකින්න බලාපොරොත්තුවෙන් හිටපු හෝසොක් ඒ වෙනුවට ලැබුනු හිස් බැල්ම නිසා හිටියේ කරන්න ඕනි මොකක්ද කියන්න ඕනි මොකක්ද කියලා හිතාගන්න බැරිව.
"ම්..මට මොකක්ද උනෙ..?"
එකපාරටම ඇහුනු කටහඩ නිසා ගැස්සිලා ගියපු හෝසොක් දැක්කේ තමන් දිහා බලාගෙන ඉන්න යුන්ගිව.ඒත් ඒ ඇස්වල තප්පර ගානකට කලින් තිබුනු හිස්බව වෙනුවට දැන් තිබුනේ හරිම අසරණ බවක්.
ඒ ඇස් දකිද්දි හෝසොක්ට දැනුනේ තමන් ගැනම කේන්තියක්..මොකද තමන්ගේ ජීවිතේට මේ තරම් වටින කෙනාව ආරක්ශා කරගන්න බැරි වුනු එක තමන්ගේ වරදක් විදිහටයි හෝසොක් දැක්කේ.යුන්ගිගේ නෙත්වල රැදිලා තියන ඒ අසරණකමට හේතුව තමන් කියලයි හෝසොක් හිතුවේ.
"ඔයාව..ඔයාව කට්ටියක් කිඩ්නැප් කලා."
යුන්ගි හෝසොක් දිහා බලාගෙන හිටියේ ප්‍රශ්නාර්ථ බැල්මකින්.හරියට කවුරුවත් මොකටද මාව කිඩ්නැප් කරන්නේ අහනවා වගේ.යුන්ගිගේ හිතේ තියන ප්‍රශ්නේ තේරුම් ගත්තු හෝසොක් ආයෙමත් කතා කරන්න ගත්තේ පුලුවන් තරම් යුන්ගිගේ ඇස් මගාරින්න උත්සාහ කරන ගමන්.
මොකද යුන්ගිව රෙඩ් ඊගල්ස්ලා පැහැරගත්තු එකේ සම්පූර්ණ වරදම තමන්ගේ පිට දාගෙන හිටපු හෝසොක්ට යුන්ගි දිහා කෙලින් බලන්න බෑ වගෙයි දැනුනේ.
"ඒ රෙඩ් ඊගල්ස්ලා.සීරෝ එකේ රිවාල් ගැන්ග් එක.එයාලා රෝනා ප්ලේස් එකට ඇටෑක් කරලා,ඔයාව පැහැරගෙන ගියා..මට සමාවෙන්න යුන්ගි..මට ඔයාව පරිස්සම් කරගන්න බැරි උනා......"
හෝසොක් යුන්ගිගෙන් ඇත්තටම සමාව ඉල්ලුවා.එයා ඒක කිව්වේ අවන්කවමයි.ඒත් හෝසොක්ට ඊගාවට යුන්ගිගෙන් අහන්න ලැබුනෙ එයා කීයටවත් හිතපු දෙයක් නෙමෙයි.
"තෑන්ක් යූ...!!"
හෝසොක් යුන්ගි දිහා බැලුවේ පුදුමයෙන්.
"ඇයි ඔයා මට තෑන්ක්ස් කරන්නේ යුන්ගි..මමයි ඔයාව බලෙන්ම මෙහේ තියාගත්තේ.ඒත් මට ඔයාව පරිස්සම් කරගන්න බැරි වුනා...!"
හෝසොක් ඇහුවේ පුදුමයෙන් වගේම කුතුහලයෙන්.යුන්ගි එයාට ස්තූති කරන්නේ ඇයි කියලා හෝසොක්ට යන්තම්වත් තේරුනේ නෑ.තමන් යුන්ගිගෙන් ස්තූතියක් ලබන්න තරම් දෙයක් කරලා නෑ කියලා හෝසොක්ට විශ්වාසයි.
ටික වෙලාවක් අර අසරණ බැල්මෙන්ම හෝසොක් දිහා බලාගෙන හිටපු යුන්ගි හිමීට ඇදෙන් කකුල් පාතට අරන් නැගිට්ටේ ඇගට දැනුනු පණ නැතිකම ගනන් ගන්නෙවත් නැතුව.
හෝසොක් මින් යුන්ගි ගාවට යන්න හදන දෙපා නවත්තගත්තේ බෝහොම අමාරුවෙන්.
ඇදෙන් බැහැපු යුන්ගි හිමි හිමින් අඩිය තියලා වීදුරුවට තරමක් දුරින් හිටපු හෝසොක්වත් පහු කරගෙන ගිහින් නැවතුනේ ඒ වීදුරු බිත්තිය ලග.යුන්ගිගේ ඇස් ඈත අදුරු අහසෙ රැදෙද්දි හෝසොක් බලාගෙන හිටියේ හද එලිය වැටුනු යුන්ගිගේ මූහුණ දිහා.
"මොකද ඔයා මාව බේරගත්තා...."
අහස දිහාම බලාගෙන යුන්ගි කිව්වේ පිටිපස්සේ හිටපු හෝසොක් කුතුහලයෙන් නලල රැලි කරගනිද්දි.හෝසොක් මොකුත්ම නොකියද්දි ඒක කතා කරන්න අවසරයක් විදිහට ගත්තු යුන්ගි ආයෙමත් එයාගේ හඩ අවදි කලේ තරමක් සිහින් කටහඩින්.
"මං දන්නේ නෑ මාව එයාලා පැහැරගත්තේ ඇයි කියලා.ඒත්...ඒත් මං දන්නවා ඔයා මාව ආයෙමත් වතාවක් බේරගත්තා කියලා...එදා ඇක්සිඩන්ට් එක දවසෙදි ඔයාට ඕනි උනානම් ඔයාට මාව එතන මැරෙන්න දාලා එන්න තිබුනා....ඒත් ඔයා එහෙම කලේ නෑ..ඒ වෙනුවට ඔයා මාව මෙහෙට එක්කන් ආවා....අදත්...මං දන්නවා මං නිකන්ම නිකන් තවත් එක කෙනෙක් විතරයි..එයාලා මට මොකක් කලත් ඒකෙන් ඔයාට කිසිම නරකක් වෙන්නෙ නෑ කියලා මං දන්නවා.ඒත් එහෙම තියෙද්දිත් ඔයා මාව ආයෙමත් වතාවක් බේරගත්තා...."
ඈත අහස දිහා බලාගෙන යුන්ගි කිව්වේ හරිම සන්සුන් විදිහට.ටික වෙලාවක් එහෙම බලාගෙන හිටපු යුන්ගි වීදුරුවේන් පෙනෙන අඩ සදේ රේඛාව දිගේ එයාගේ අතැගිලි අරගෙන ගියේ හද එක්ක පෙමින් බැදුනු කෙනෙක් වගේ.
"ඔයා මට කරපු කිසිම වරදකට මං සමාවක් දෙන්නේ නෑ...මට තාමත් ඒකට හිත හදාගන්න බෑ..ඒත්....ඒත් මට ඔයාට වෛර කරන්නත් බෑ.මං එදා ඔයාට වෛර කරනවා කියලා කිව්වට ඔයා නොහිටියනම් වෛර කරන්නවත් යුන්ගි කෙනෙක් අද මේ ලෝකේ නෑ......"
යුන්ගි එහෙම කියලා ලොකු හුස්මක් හෙලුවේ කියාගන්න බැරි දෙයක් ඒ සුසුමත් එක්කම වා තලයට මුහු කරනවා වගේ..ඒත් හෝසොක්ට ඒ සුසුම ඇහුනේ නෑ.මොකද එයාගේ හිත තිබුනේ යුන්ගිගේ වචනවලයි වීදුරුව උඩ රැදිලා තියෙන සුදුපාට සිහින් ඇගිලි තුඩුවලයි පැටලිලා.
ඒත් එක්කම වගේ මින් යුන්ගි හෝසොක්ගේ පැත්තට හැරුනේ මීට කලින් හෝසොක් තමන් වෙනුවෙන් ඒ මූණේ නොදැකපු හැගීමක් ඒ මූණේ රදවගෙන.
හෝසොක් මායාවකට අහු උනු පොඩි ළමෙක් වගේ යුන්ගි දිහාම බලාගෙන හිටියේ තමන්ට කතා කරන්න පුලුවන් කියන එක සම්පූර්නෙන්ම අමතක කරලා දාලා.ඇත්තටම හෝසොක් හිටියේ ඒ තරමටම යුන්ගිගෙ වචනවලයි ඇස්වලයි අතරමන් වෙලා.
"හ්..හෝ..හෝසෝක්..."
හෝසොක් මොකුත්ම නොකියා තමන් දිහා බලාගෙන ඉන්නවා දැකපු යුන්ගි වෙව්ලන ස්වරයකින් හෝසොක්ට කතා කලේ හෝසොක්ට ඇත්ත නමින් කතා කරන එක ගැන බයෙන් වගේ.ඒත් යුන්ගිගේ මුවින් පිටවුනු තමන්ගේ නම හෝසොක්ට ඇහුනේ මේ ලෝකේ තියන ලස්සනම වචනෙ ඒක වගේ.
"ආහ්..ඔ..ඕ...සොරි..ම්..මට ඇහුනේ න්__ "
හෝසොක්ට කියාගන්න දෙයක් නැතිව ගොත ගහද්දි යුන්ගි හෝසොක් කිය කිය හිටපු දේ මගින් නතර කලේ එයාගේ වචනවලින්.
"ඔයාට ගොඩක් ස්තූතියි හෝසොක්..මාව බේරගත්තට.....එදා වගේම....අදත්...!!"
යුන්ගි එහෙම කියලා ජීවිතේ පළවෙනි වතාවට හෝසොක් එක්ක හිනා වුනේ හරිම ලස්සනට.මෙච්චර වෙලා ගොත ගගහා හිටපු හෝසොක් ඒ හිනාවත් එක්ක සම්පූර්නෙන්ම ගොලු වෙලා ගියේ දරාගන්න බැරි තරම් සතුටක් ඒ හිතට මෝදු වෙද්දි.
හෝසොක් මග බලාගෙන හිටියේ යුන්ගි තමන් එක්ක එහෙම ලස්සනට හිනා වෙනවා දකින්නයි.ඉතින් පෙරමන් බලාගෙන හිටපු දේ අන්තිමට සිද්ද වුනාම හෝසොක්ට දැනුනෙ හරියට යුන්ගි එයාට කැමතියි කිව්වා වගේ සතුටක්.යුන්ගිගේ එක හිනාවත් හෝසොක්ට රටක් රාජ්‍යක් ලැබුනා වගේ.
කියාගන්න වචන හොයාගන්න බැරි තැන හෝසොක් එයාගේ ඔලුව ඉහල පහල වැනුවේ එයාගේ මුවෙත් සිහින් සිනාවක් ඇදෙද්දි.
හෝසොක් දිහා බලලා තව වතාවක් හිනා වුනු යුන්ගි ආයෙමත් ඉස්සරහට හැරිලා අහස දිහා බලන්න ගත්තේ නිහඩතාවය ඒ දෙන්නා අතරේ පැතිරෙන්න ඉඩ දෙමින්.
ටික වෙලාවක් එහෙම හිටපු හෝසොක් අන්තිමේදි කතා කරගන්න වචන ගොනු කරගත්තේ මුලු රෑම එයාලට එතන බලාගෙන ඉන්න බෑ කියලා දන්න නිසා.
"අහ්ම්....එහෙනම්..මං දැන් යන්නම්.ඔයත් නිදාගන්න..ගොඩක් වෙලා ඇහැරගෙන ඉන්න එපා.."
හෝසොක් කිව්වේ තමන්ට පිටුපාලා ඉන්න යුන්ගි දිහා බලාගෙන.යුන්ගි ලගට යන්න දැනුනු උවමනාව ආයෙමත් වතාවක් හෝසොක් යටපත් කරගත්තේ යන්තමින් හරි යුන්ගිගෙ හිතේ තමන් ගැන ඇති වුනු පැහැදීම ඒ වගේ නොසැලකිලිමත් විදිහට නැති කරගන්න ඕනි නැති නිසා.
"හ්ම්ම්..මං නිදාගන්නම්..තව ටිකකින්.ඔයා යන්න..ගුඩ් නයිට් හ්..හෝසොක්...!!"
අහස දිහා බලාගත්වනම යුන්ගි කිව්වේ හෝසොක් දිහාට හැරෙන්නෙවත් නැතිව.ඒත් පැත්තකින් හිටපු හෝසොක් හොදටම දැක්කා ඒ මූණේ ඇදිලා තිබුනු අහින්සක හිනාව.
"ඕහ් හරි..මං එහෙනම්..යන්නම්.ගුඩ් නයිට්.....නිකෝ...!!"
දෙපාරක් නොහිතා එයාගේ පෙට් නේම් එකෙන්ම යුන්ගිට සුබ රාත්‍රියක් පතපු හෝසොක් යන්තමින් හිනා වෙලා පස්සෙන් පස්සට අඩි දෙක තුනක් ගිහින් කාමරෙන් පිට උනෙ අවුරුදු ගානක ක්‍රශ් එකගෙන් ආදර යෝජනාවක් ආපු හයි ස්කූල් කෙල්ලෙක් වගේ සතුටින්.
ඒ වගේම හෝසොක් කලින් වතාවේ වගේ මේ වතාවේ මින් යුන්ගිව ඇතුලට දාලා පිටතින් දොර අගුලු දැම්මෙත් නෑ.මොකද ආයේ යුන්ගිට සීරිමක තරම්වත් දෙයක් වෙන්න දෙන්නේ නෑ කියලා හෝසොක් තමන්ටම පොරොන්දු උනේ යුන්ගිව බේරගත්තු වෙලාවෙමයි.ඒ වගේම හෝසොක් දන්නවා යුන්ගිට පැනලා යන්නත් කිසිම අවස්තාවක් නෑ කියලා..
ඒ වගේම එහෙම හිතෙන්න හේතුවක් නැති වුනත් එයාගේ හිත අස්සේ සියුම් විශ්වාසයක් තිබුනා අවස්තාවක් ලැබුනත් මින් යුන්ගි කීයටවත් තමන්ගෙන් පැනලා යන්නේ නෑ කියලා.
ඒ මොකක් නැතත් මින් යුන්ගිට කිසිම කෙනෙක්ගෙන් අනතුරක් වෙන්න හෝසොක් ඉඩ දෙන්නේ නෑ කියන එක හොදටම විශ්වාසයි.
මොකද මේ වතාවේ අනතුරක් වෙන්න යන්නේ මින් යුන්ගිට නෙමෙයි ජන්ග් හෝසොක්ටයි.
හෝසොක් දොර වහගෙන පිට වෙන සද්දේ ඇහෙනවත් එක්කම මෙච්චර වෙලා මූණේ රැදිලා තිබුනු අහින්සක හිනාව සුපුරුදු සමච්චල් හිනාවට හරෝගෙන ඈත අහස දිහා බලාගෙන හිටපු කෙනා ඇරෙන්න රෝනා ප්ලේස් එකේ වෙන කිසිම කෙනෙක් ඒ ගැන හාන්කවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ.
"තමුන්ගේ වීක් පොයින්ට් එක මොකක්ද කියලා මං දැන් හොදටම දන්නවා මිස්ටර් ජන්ග් හෝසොක්....ඒ නිසයි මං ආයෙමත් ඔයාව හොයාගෙන ආවේ......"
"සන්හූන් හ්‍යුන්ට කරපු දේට මං තමුන්ගෙන් පලිය ගන්නවමයි..මං තමුසෙව එකපාරින්ම විනාශ කරලා දානවා හෝසොක්..තමුන් මගේ අයියව මරපු දවසේ පොරොන්දු වුනු විදිහටම...මං තමුසෙව මගේ අත් දෙකෙන්ම ඉවරයක් කරනවා...!!!!!!!"
______________________________________
"මොන මගුලක්ද ජන්කුක් මේ කියවන්නේ..තමුන් කියන්නේ ජේහෝප්ට එයාව අරන් යන්න දෙන්න කියලා තමුන්ට කිව්වේ යූවී කියලද.....???!!!!!"
මුලු ඔෆීස් රූම් එක පුරාම ජියෝන් හේසුන්ගේ කෝපයට පත් කටහඩ පැතිරිලා යද්දි හැගීම් විරහිත දෑසින් පාක් ටේයෝනුත් බලාගෙන හිටියේ රූම් එක මැද හිටගෙන හිටපු ජන්කුක් දිහා.
ටේයොන් හිටියේ ජන්කුක් මින් යුන්ගිව බේරගෙන එයි කියන විශ්වාසයෙන්.ඒත් හිස් අතින්ම ටයිටන්ස්ලාගේ මූලස්ථානෙට ආපු ජන්කුක් මින් යුන්ගිව ආයෙමත් ජේහෝප් අරගෙන ගියා කියද්දි ටේයොන්ට දැනුනේ ඒ හැම විශ්වාසයක්ම ඇස් ඉස්සරහම දිය වෙලා ගියා වගේ.
ජන්කුක් ගැන සම්පූර්ණ විශ්වාසයම තියාගෙන හිටපු ජියොන් හේසුන්ටත් දැනුනේ ඒ හැගීමමයි.ඒ නිසාමයි ඔහුට මේ තරම් කේන්ති.මොකද ජන්කුක් කියන්නේ කිසිම මිශන් එකක් යන්තමින්වත් ෆේයිල් වුනු කෙනෙක් නෙමෙයි.
ඒ නිසාම හේසුන් වගේම ටේයොනුත් දන්නවා ජන්කුක් මොන දේ කලත් අනිවාරෙන්ම ඒකට හේතුවක් තියනවා කියලා.
"පුතා...අපිට හරියටම කියන්න මොකක්ද වුනේ කියලා.."
මෙච්චර වෙලා නිහඩවම හැමදේම බලාගෙන හිටපු ටකාශි කිව්වේ ජන්කුක් ලගට ගිහින් එයාව එතන තිබුනු පුටුවක ඉන්දවමින්.ඒත් එක්කම එයා එතන හිටපු හේසුන්,ටේයොන් දෙන්නටත් වාඩි වෙන්න කිව්වේ එයත් ජන්කුක් ගාවින්ම වාඩි වෙන ගමන්.ජියෝන් හේසුන් ටයිටන් එකේ ලීඩර් උනත් ටකාශි කියන්නේ ටයිටන් එකේ ජේශ්ට සාමාජිකයෙක්.ඒ වගේම හේසුන්ට තාත්තා කෙනෙක් වගේ ලගින්ම ඉදන් උපදෙස් දෙන කෙනා.ඒ නිසාම ටකාශිගේ එක වචනෙකින් සන්සුන් උනු ජියොන් හේසුන් ජන්කුක් ඉස්සරහින් වාඩි වෙලා ජන්කුක් දිහා බලාගෙන හිටියේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන්.
ටකාශි දිහා බලලා ස්තූතිපුර්වක හිනාවක් දීපු ජන්කුක් තාත්තා,ජියෝන් ජේහුන් දිහා බලලා පාක් ටේයොන් දිහා බැලුවෙ ඒ දෙන්නගෙ මුණෙ තියෙන්නෙර් මොන වගේ හැගීමක්ද කියලා දැනගන්නයි.කලින් තරම් කේන්තියක් නැති උනාට හේසුන් හිටියේ තවමත් රවාගෙන වගේ.ඒත් ටේයොන් ජන්කුක් දිහා බලලා යන්තමින් හිනා වෙලා ඔලුව වැනුවේ මොන දේ වුනත් තමන් ඉන්න්වා කියලා කියන්න වගේ.
හැමෝගෙන්ම අවසර ලැබුනයින් පස්සේ ලොකු හුස්මක් ගත්තු ජන්කුක් බාත්රූම් එකේදි මින් යුන්ගිව මුණ ගැහුනු තැන ඉදන් ඉස්සරහට විනාඩි දෙක තුනේ වුනු හැමදේම එකක් නෑර එයාලත් එක්ක කියන්න ගත්තේ කට්ටියම පුදුමයෙන් බලාගෙන ඉද්දි..
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
[ flashback ]
"නයිස් ටු මීට් යූ අගේන්...ඒජන්ට් යුවී..!!"
බාත්රූම් එකේ අයිනක හිටපු මින් යුන්ගි ගාවට ගියපු ජන්කුක් මින් යුන්ගිව වැලදගත්තේ දවස් ගානකට පස්සේ තමන්ගේ හොදම යාලුවව දකින්න ලැබුනු සතුටට.ඒත් එයාලට සතුට සමරන්න වෙලාවක් තිබුනේ නෑ මොකද හෝසොක් එතෙන්ට එන්න කලින් විනාඩි කීපයයි ජන්කුක්ට ඉතුරු වෙලා තිබුනේ.
ඒ නිසා ඉක්මන්ටම ජන්කුක් එයාලාගේ ප්ලෑන් එක මින් යුන්ගිට පැහැදිලි කරන්න ගත්තේ යුන්ගි උවමනාවෙන් ඒකට කන් දීගෙන ඉද්දි.
ජන්කුක්ගේ ප්ලෑන් එක උනේ රෙඩ් ඊග්ල්ස්ලත් එක්ක එකතු වෙලා මින් යුන්ගිව ජැන්ග් හියුක් ලගට ගෙනියනවා වගේ රගපාන්න.ඒ අතරවාරේ රෙඩ් ඊගල්ස්ලගේ වාහනවලට ඇටෑක් කරන ටයිටන්ස්ලා ජන්කුක් ඇතුලු අනිත් රෙඩ් ඊගල්ස්ලටත් පහර දීලා මින් යුන්ගිව අරගෙන යන එකයි එයාලගෙ මූලික සැලසුම.ඒකෙදි ජන්කුක්,ඒ කියන්නේ ජේජේ ගැන සැකයක් මතු වෙන්නේ නෑ වගේම මින් යුන්ගිව බේරගන්නත් අවස්තාව ලැබෙනවා.
ඒත් ජන්කුක්ගේ වේගවත් පැහැදිලි කිරීම අහගෙන හිටපු යුන්ගි ජන්කුක් දිහා බලලා කියපු දෙයින් ජන්කුක්ගේ ඇස් ලොකු වුනේ පුදුමයෙන්.
"මට එන්න බෑ ජන්කුක්..."
"මොකක්..මොනවද යුන්ගි කියන්නේ ඔයා මේ.."
"මං කියන්නේ ඇත්ත..මට මේ ලැබිලා තියන චාන්ස් ව්ක අතෑරලා මට යන්න බෑ ජන්කුක්..ජේහෝප්ගෙන් පලි ගන්න මට මේ වගේ අවස්තාවක් ආයේ ලැබෙන්නේ නෑ..."
"ඔයාට විකාරද යුන්ගි..ඔයා හොදටම දන්නවා හෝසොක් ගාව ඉන්න එක මොන තරම් අනතුරුදායකද කියලා...ඔයාට මතක නැද්ද එයා සන්හූන් හ්‍යුන්ට කරපු දේ..!!!"
ජන්කුක් යුන්ගි දිහා බලාගෙන හිමීට කෑ ගැහුවෙ සන්හූන් ගැන කියද්දි මින් යුන්ගිගෙ මූණ කේන්තියෙන් පිරෙද්දි.
"මට ඒක හොදටම මතකයි ජන්කුක්..ඒ නිසයි මට මෙතනින් යන්න බැරි.හෝසොක්ගෙන් පලි ගන්නේ නැතිව මට මෙතනින් යන්න බෑ.."
"ඒත් ඔයාට ජේහෝප්ගෙන් තනියම පලි ගන්න බෑ....තේරුම් ගන්න යුන්ගි...!!!"
"නෑ..එයාගෙන් පලි ගන්න පුලුවන් එකම කෙනා මං විතරයි.තනියම.....!"
මින් යුන්ගි එහෙම කියද්දි ජන්කුක් එයා දිහා බැලුවේ කුතුහලයෙන්.
"මොකක්ද..මොකක්ද ඒකේ තේරුම....!"
"ඒකේ තේරුම තමයි මං දන්නවා හෝසොක්ගේ වීක් පොයින්ට් එක මොකක්ද කියලා....!!"
"මොකක්ද..?"
ජන්කුක් ඇහුවේ මින් යුන්ගිගේ මූණේ ඇදෙන නපුරු හිනාව දිහා බලාගෙන.
"ජේහෝප්ගේ වීක් පොයින්ට් එක...එයාගෙ නිකෝ බෝයි.........!!!!!!"
මින් යුන්ගි කියපු කිසිම දෙයක් නොතේරුනු ජන්කුක් යුන්ගි දිහා බලාගෙන ඉද්දි යුන්ගි එයා දිහා බැලුවේකට කොනින් හිනා වෙන ගමන්.
"ඒ කියන්නේ මින් යූන්ගි...මේ මං ජන්කුක්..එයාගේ වීක්පොයින්ට් එක තමයි මේ මං...!!!!"
ජන්කුක් දාගෙන හිටපු මාස්ක් එක නිසා එයාගේ මූණ වැහිලා තිබුනත් යුන්ගි දන්නවා කොල්ලා දැන් ඉන්නේ පුදුමයෙන් කට ඇරගෙන කියලා.
"එයාව වට්ටවන්න පුලුවන් මට විතරයි ජන්කුක්..ඒ නිසා මං මෙතනින් දැන්ම එලියට එන්නෙ නෑ...!"
මින් යුන්ගිගේ අරමුණ සම්පූර්නෙන්ම තේරුම් ගත්තු ජන්කුක් ආවේගයෙන් හිස දෙපැත්තට වැනුවේ ඒ අදහසට තමන් කොහොමවත් කැමති නැති බව දන්වමින්.
"නෑ..නෑ ඒක සෑහෙන්න අනතුරුදායකයි..කීයටවත් ඔයාට ඒක කරන්න දෙන්න බෑ යුන්ගි..කීයටවත් නෑ...!!!"
"ජන්කුක්..!!"
"මොකුත් කියන්න එපා..ඔයා දැන් මං එක්ක යනවා..වෙන මො__ "
"කට වහගන්නවා ජේකේ...!!!"
මින් යුන්ගි දත්මිටි කාගෙන කියද්දි ජන්කුක් එකපාරින්ම කටවහගත්තේ යුන්ගි තමන්ට ජේකේ කියලා කතා කරන්නේ එයාගේ රෑන්ක් එක අනුව වැඩ කරද්දි විතරයි කියලා.ජේකේ ඒජන්ට් කෙනෙක් උනත් මින් යුන්ගිට තිබුනේ එයාට වඩා ඉහල රෑන්ක් එකක්.ඒ නිසාම මින් යුන්ගි එයාගේ බලය පාවිච්චි කරන් හැම වෙලාවකම ඒකට එකග වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ජන්කුක්ට තිබුනෙ නැ.
"කට වහගෙන මං කියන විදිහට වැඩ කරනවා..මේක මගේ ඕඩර් එකක්....බිහේව් වෙල් ජේකේ....!!!"
එතන ඉදන් හැමදේම සිද්ද වුනේ මින් යුන්ගිගේ ප්ලෑන් එකට අනුව.
ජන්කුක් අතේ තිබුනු ක්ලෝරෆෝම් සහිත ලේන්සුවක් ආඝ්‍රාණය කරපු මින් යුන්ගි තමන්ගේ කැමැත්තෙන්ම සිහිසුන් උනේ තාත්වික රගපැමක් ආරම්භ කිරීමේ පලවෙනි පියවර විදිහට.
එතන ඉදන් ජන්කුක් පහල හිටපු හැමෝටම පේන විදිහට මින් යුන්ගිව පහලට ඇරගෙන ගියපු එක.හැම සීසීටීවී කැම් එකකටම පේන විදිහට සාක්ශි ඉතුරු කරපු එක වගේම ගේට් එක ගාව තිබුනු සිකියුරිටි කැම් එකට පේන විදිහට යුන්ගිව වාහනේ දකුණු පැත්තෙන් තියාගත්තු එකත් එයාල කලේ ප්ලෑන් කරලමයි.
ඒ වගේම සීරෝ එකෙන් පහර දෙන වෙලාවේ ජන්කුක් සීරෝ එකේ වාහනවලට නොවදින විදිහට වෙඩි තිබ්බේ හිතලමයි.
ඒ විතරක් නෙමෙයි හානෙවුල් සීරෝ එකේ යටතට පත් වුනාම ජන්කුක් අවි බිම දාලා සීරෝ එකේ අයට යටත් වුන එකත් ප්ලෑන් එකේම කොටසක්.
අන්තිමෙදි මින් යුන්ගි කියපු විදිහටම ජේහෝප් මලක් වගේ පරිස්සමට මින් යුන්ගිව රෙඩ් ඊගල්ස්ලගෙන් බේරගෙන ගියේ ජේහෝප්ගේ වීක්පොයින්ට් එක මින් යුන්ගි කියන එක ජන්කුක්ට ඔප්පු කරමින්.
අවසානෙදි මින් යුන්ගි බේරෙන්න අවස්තාවක් ලැබිලත් ආයෙමත් ජේහෝප් එක්ක යන හැටි ජන්කුක් බලාගෙන හිටියේ මින් යුන්ගිගෙ ප්ලෑන් එක සීයට සීයක්ම සාර්ථක කරමින්.
[ end of flashback ]
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
එවලේ වුනු දේ කියලා ඉවර කරලා ඉස්සරහ බලපු ජන්කුක් දැක්කේ කට ඇරගෙන බලාගෙන හිටපු ටේයොන්වයි හොල්මනක් දැක්කා වගේ බය වෙලා ඉන්න ජියෝන් හේසුන්වයි ටකාශිවයි.
"මොන මගුලක්ද යුන්ගි කරන්න හදන්නේ..!!!!!"
ටේයොන් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා කෑ ගැහුවේ මෙච්චර වෙලා එයාගේ මූණෙ තිබුනු පුදුමය බයකට පෙරලෙද්දි.
ටේයොන්ගෙ ඒ ප්‍රතිචාරය ජන්කුක්ට සාමාන්‍යයි.ඒත් ජන්කුක්ට තේරුම් ගන්න බැරි වුනේ මූණට මූණ බලාගෙන ඇස්වලින් යම් අදහස් හුවමාරුවක යෙදිලා හිටපු හේසුන්වයි ටකාශිවයි.
ඒ දෙන්නා ඉන්නේ ලොකු ප්‍රශ්නෙක කියලා ජන්කුක්ට තේරුනේ ඒ දෙන්නාගේ මූණ්වල්වල තියෙන කලබලකාරි ස්වරූපය දැක්කමයි.
සාමාන්‍යෙන් හැමවෙලාවකම සන්සුන්ව ඉන්න ටකාශි පවා හිටියේ හොදටම කලබල වෙලා.
පාක් ටේයොන් පැත්තට හැරුනු ජියොන් හේසුන් ටේයොන්ට කතා කලේ ටික වෙලාවක් කල්පනා කලාට පස්සෙයි.
"ටේයොන්...අපිට ඔයාගේ තාත්තව ආයෙමත් මෙහෙට ගෙන්නගන්න වෙනවා..."
ටේයොන් ජියොන් හේසුන් දිහා බලාගෙන හිටියේ කියපු දේ හරියට ඇහුනද කියලා දැනගන්න වගේ.මොකද ටේයොන්ගේ තාත්තා ඇමරිකා ගියේ වැදගත් මිශන් එකකට කියලා ටේයොන් දන්නවා.එහෙම එකේ එයාව ආයේ ගෙන්නන්න තරම් වැදගත් දේ මොකක්ද කියලා ටේයොන්ට තේරුනේ නෑ.
"මොකක්..ඒත් තාත්තා ගිය මිශන් එක ඉවර වෙන්න තව මාසයක්ම තියනවනේ සර්..!!"
"ඒ මිශන් එකට වඩා වැදගත් මේක.අපිට අනිවාරෙන්ම පාක් ජීවොන්ව මොන විදිහකින් හරි කන්ටැක්ට් කරගන්න වෙනවා.....!!!!"
ඒත් ඒකට ටේයොන් මොකුත් කියන්න කලින් ටකාශි ජියොන් හේසුන් දිහා බැලුවේ බැරෑරුම් බැල්මකින්.
"හේසුන්...පාක් ජීවොත් විතරක් හිටියට මදි.අපිට ඒ දෙන්නවම ආයේ ගෙන්නන්න වෙනවා..."
ජියොන් හේසුන් නිහඩවම බලාගෙන හිටියේ ටකාශි දිහා.හේසුන් දැනගෙන හිටියා කවදහරි මේ ගැන කියන්න වෙනවා කියලා.
"මොකක්?? මොන දෙන්නෙක් ගැනද ඔයාලා මේ කියන්නේ.ඒ මිශන් එකට ඇමරිකා ගියේ ජීවොන් අන්කල් විතරයිනේ..???"
ජන්කුක් කුතුහලයෙන් ඇහුවේ ටේයොනුත් ඒ ප්‍රශ්නෙට එකගව ඔලුව වනද්දි.ටේයොන් දැනගෙන හිටියෙත් ඇමරිකා ගියේ එයාගේ තාත්තා විතරයි කියලා.මොකද ටයිටන් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ වෙන කිසිම කෙනෙක් ඇමරිකා ගියේ නෑ.
"නෑ ජන්කුක්..පාක් ජීවොන් එක්ක තව කෙනෙක් ඒ මිශන් එකට ඇමරිකා ගියා..."
ටකාශි කිව්වේ ජන්කුක් දිහා වගේම ටේයොන් දිහාත් මාරුවෙන් මාරුවට බල බල.
"කවුද ඒ..?"
ඒක ඇහුවේ ටේයොන්.ඒත් එක්කම ටකාශි ජියෝන් හේසුන් දිහා බැලුවේ ජන්කුක් වගේම ටේයොනුත් හේසුන් දිහාට හැරෙද්දි.
ලොකු හුස්මක් පිට කරලා තමන්ගේ ඉස්සරහ ඉන්න තරුණයෝ දෙන්නා දිහා බලපු හේසුන් මෙච්චර කල් ටයිටන් එකේ හෙඩ්ලා අතර විතරක් තිබුනු ඒ ලොකුම රහස ඒ දෙන්නට කිව්වේ එයාලගේ ප්‍රතිචාරය ගැන දැනගෙනමයි.
"ජන්ග් වූ සන්ග්....ජන්ග් හෝසොක්ගේ තාත්තා...!!!!"
"මොකක්...???!!!!!"
"මොන #%#...???!!!!!"
_______________________________________
24/11/2021
At 02:05 AM 😌
( 2676 Words )
කුචු කුචු සොෆ්ට් සෝප් චැප්ටර් එකට බාලගිරි දෝසේ හලෝලා.. සොරි වෙන්නෝනි..පස්සේ බලමුකො හොදේ..🌝
මේ චැප්ටර් එක හොදයිද ?
Thank you for reading my lovelies....❤
Plz add a comment i really love to read them..😘
LOVE YOU MY TITANS...🌼💙
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top