Chapter 19

_______________________________________
(at Rona Place )
( 04.10pm )

රෝනා ප්ලේස් එක පුරා දෝන්කාර දෙන වෙඩි හඩවල්,වේදනාත්මක විලාප හඩවල් අතරින් මින් යුන්ගිට ඇහුනේ එන්න එන්නම තමන් ලගට කිට්ටු වෙන බූට් සපත්තු දෙකක හඩ විතරයි.

ඒ හඩ වහපු දොරට පිට පැත්තෙන් නතර වෙද්දි මෙච්චර වෙලා ගල් ගැහිලා වගේ බලාගෙන උන්නු මින් යුන්ගි පස්සෙන් පස්සට ගියේ පිටතින් ඇහුනු බූට් සපත්තුකාරයාගේ හඩ තප්පර කීපයකට නතර වෙද්දි.

පැත්තක තිබුනු බිත්තිය අයිනට ගිය යුන්ගි හිමීට බාත්රූම් එකේ දොර ඇරලා කිසිම හඩක් ඇහෙන්නේ නැති වෙන්න ආයෙමත් දොර වැහුවේ ඇතුලතින් දොර අගුලු දාගන්න ගමන්.

ඒ අතරේ එලියේ උන්නු බූට් සපත්තුකාරයා පිස්ටල් එක අතට තද කරගන්න ගමන් අවසන් වතාවට දෙවනි මහල පුරා විමසිලිමත් බැල්මක් හෙලුවේ කවුරු හරි ඉන්නවද කියලා දැනගන්නයි.

ඒත් සීරෝ එකේ කිසිම කෙනෙක් දැක්කේ නෑ එයාලගේ ඇස්වලට වැලි ගහලා දෙවනි මහලට ගියපු ආගන්තුකයව..ඒ නිසාම එයාව නවත්තන්න කිසිම කෙනෙක් ඒ මහලේ හිටියේ නෑ.

දකුනතේ තිබුනු පිස්ටල් එක දොර දිහාවට යොමු කරපු ඒ කෙනා එක උණ්ඩයකින් ගෙස්ට් රූම් එකේ දොරේ ලොක් එක කඩලා දැම්මේ පහලින් නැගුනු වෙඩි හඩවල් එක්ක මුහු වෙලා ඒ හඩත් කාටවත් සැක නොහිතෙන විදිහට මැකිලා යද්දි.

බාගෙට ඇරිලා තිබුනු දොර කකුලින් තල්ලු කරගෙන කාමරය ඇතුලට ගිය ආගන්තුකයා කාමරය පුරාවට නෙත් යැව්වේ එක කෙනෙක්ව හොයන ගමන්.

ඒත් ඒ කිසිම තැනක ඔහු හොයපු කෙනා හිටියේ නෑ.හැම තැනම පරීක්ශා කරලා බලපු ඔහු අන්තිම ඇදුනේ වහලා තිබුනු බාත්රූම් එකේ දොර ගාවට.

ඔහු ගන්න පියවරක් ගානේ බාත්රූම් එක ඇතුලේ ඉන්න මින් යුන්ගිගේ හදවත ගැහෙන්න ගත්තේ වේගයෙන්.මොකද ඔහු තාමත් හරියටම දන්නේ නෑ ඇටෑක් එක එල්ල වුනේ කාගෙන්ද කියලා..මොකද හදිස්සියෙම දුවගෙන ආපු ජිමින් එයාට කිව්වේ කාමරේ ඇතුලටම වෙලා පරිස්සමින් ඉන්න කවුරු කතා කලත් දොර අරින්න එපා කියලා විතරයි..ඒ නිසාම තමන්ගේ සැකය තහවුරු වෙනකම් ගන්න හුස්ම පවා කිසිම ශබ්දයක් නොනැගෙන විදිහට ගන්නයි මින් යුන්ගි උත්සාහ කලේ...

ඒත්....

කොයි මොහොතේ හරි ඇහෙන තවත් වෙඩි සද්දයක් එක්ක විවර වෙන දොරක් බලාපොරොත්තවෙන් ඉස්සරහ බලාගෙන හිටපු යුන්ගිගේ ඇස්වල තිබුනු සැකය නැති වෙලා ගියේ එයාට ඇහුනු දේ නිසා.

"වින්ඩ් ෆ්ලවර්......!"

වහලා තිබුනු දොර එහා පැත්තේ ඉදන් හුරු පුරුදු කටහඩකින් හිමීට එහෙම කියද්දි මින් යුන්ගි මොහොතක් බලාගෙන හිටියේ ගල් ගැහිලා වගේ.

ඒත් ඊගාව තප්පරේ පියවි සිහියට ආපු යුන්ගි ඉක්මනට ලන් වුනේ දොර ලගට.

"රෙඩ් ඕ පර්ප්ල්...? "

මින් යුන්ගි ඇහුවේ දොර ලග ඉන්න කෙනාට ඇහෙන තරම් හඩකින්.

"පර්ප්ල්....ටෙන්,ලෙවන්...!."

අර නපුරු හිනාව..මින් යුන්ගිගේ මූණෙ ඇදුනේ හරියටම ඒ නපුරු හිනාව.

"කන්ෆර්ම්ඩ්..ට්වෙන්ටි වන්,ට්වෙන්ටි ටූ..."

මින් යුන්ගි තවත් ටිකක් ඉස්සරහට ගියේ පුලුවන් උපරිමෙන් දොරට කිට්ටු වෙන ගමන්.ඒත් එක්කම එයා ආයෙත් කතා කරන්න පටන් ගත්තේ ඇහෙන නෑහෙන කටහඩකින්.

" හරියටම බාත්රූම් එකේ දොරත් එක්කම ඉස්සරහා බිත්තියේ තියන ෆොටෝෆ්‍රේම් එකේ ස්පයි කැම් එකක් තියනවා ජන්කුක්...Don't let them know!....ඔයා දන්නවා කරන්න ඕනි දේ.."

එහෙම කියපු යුන්ගි කට කොනින් හිනාවෙන ගමන්ම දොර ලගින් එහාට වුනේ ජන්කුක්ට කරන්න ඕනි දේ ගැන ඉගි කරන ගමන්.

ඒත් එක්කම ජන්කුක් ආයෙමත් එයාගෙ පිස්ටල් එක පාවිච්චි කරලා බාත්රූම් එකේ දොරේ ලොක් එක කඩලා ඇතුලට ගියේ කැම් එකෙන් බලන කෙනෙක්ට කිසිම සැකයක් ඇති නොවෙන විදිහට...හරියට අනවසරෙන් දොරක් කඩාගෙන බලෙන් ඇතුල් වෙන දුශ්ටයෙක් වගේ..

මාස්ක් එක අස්සෙන් හිනාවෙන ගමන් ජන්කුක් ගියේ එලියේ තියෙන කැම් එකට නොපෙනෙන තැනක හිටපු යුන්ගි ලගට.

"නයිස් ටු මීට් යූ අගේයින්......ඒජන්ට් යූවී...!!"

_______________________________________
( 04.15pm )

නොහිතපු මොහොතක එල්ල වුනු පා පහරෙන් ජැක්සන්ගේ අතේ තිබුනු පිස්ටල් එක එයාගේ අතින් ගිලිහිලා බිම වැටුනේ ඒත් එක්කම තවත් පා පහරක් උදරයට දිහාවට එද්දි.

ඒත් ඒ පහර සාර්තකව වලක්වපු ජැක්සන් ක්ශනිකව ඉදිරියෙන් හිටපු විරුද්ද කණ්ඩායමේ කෙනාගේ මූණට ගුලි කරපු අතින් පහරක් එල්ල කලේ ඒ පහරෙන් ඔහුගේ නහයෙන් ලේ ගලන්න සලස්වමින්.

මූණ අල්ලගෙන බිමට නැමුනු ඔහුට හිතන්නවත් මොහොතක් නොදී ජැක්සන් ලග තිබුනු මල් වාස් එකකින් ඔහුගේ ඔලුවට ගැහුවේ ඒ පහරින් ඔහු එතැනම සිහිසුන් වෙද්දි.

ඒත් එක්කම බිම වැටුනු පිස්තෝලය ගන්න බිමට නැමෙන්න ගිය ජැක්සන්ගෙ මුවින් වේදනාත්මක හඩක් පිට වුනේ එකපාරටම ඔහුගේ කුසට දැනුනු තදබල වේදනාව නිසා.ජැක්සන්ට හිතන්නවත් වෙලාවක් නොදී කොහේදෝ ඉදන් මතුවුනු කෙනෙක්
ඔහුගේ අතේ තිබුනු කිනිස්සෙන් දෙවනි වතාවටත් ජැක්සන්ගේ උදරයට ඇන්නේ ගැඹුරු කැපුම් තුවාලයෙන් ගලන්න පටන් ගත්තු ලේවලින් ජැක්සන්ගේ ශර්ට් එක රතුපාට වෙද්දි.

"ජැක්සන්....!!!!!!!!!!! "

ජැක්සන්ගේ හඩට ඔහු ඉන්න පැත්ත බලපු නම්ජූන් මහ හඩින් කෑ ගැහුවේ ජැක්සන්ට පහර දීපු කෙනාගේ හදවත හරහාම වෙඩි උන්ඩයක් යවන ගමන්.ඒත් ඒ කෙනා එක්කම සිහිසුන් වුනු ජැක්සනුත් ලිවින් රූම් එක මැද ඇද වැටෙද්දි නම්ජූන් ජැක්සන් ලගට දුවගෙන ගියේ ජැක්සන් හොදින්ද කියලා දැනගැනීමේ වුවමනාවෙන්.

"හ්‍යුන් නවතින්න....!!!!!!"

කකුලට වැදුනු වෙඩි පහරක් නිසා දැනටමත් අඩපණ වෙලා හිටපු ජිමින් දැක්කා ජැක්සන් ලගට දුවන නම්ජූන්ට තුවක්කුවක් එල්ලකරගෙන ඉලක්කය ගන්න මිනිහෙක්ව.ඒත් ජිමින් පරක්කු වැඩියි.ජිමින්ගේ කෑ ගැහිල්ලට නම්ජූන් ජිමින්ගේ පැත්තට හැරෙද්දිම ඒ මනුස්සයාගේ තුවක්කුවෙන් නික්මුනු වෙඩි උන්ඩයක් නම්ජූන්ගේ වම් උරහිස පසාරු කරගෙන ගියේ නම්ජූන්ගේ මුවින් වේදනාත්මක හඩක් පිටකරමින්.

"හ්‍යුන්...!!!!!!!"

ඒත් එක්කම ඒ තුවක්කුවෙන්ම ඇදිලා ආපු තවත් උණ්ඩයක් නම්ජූන්ගේ උදරය හරහා ගියේ නම්ජූන්ගේ තත්වය තවත් අවදානම් වෙද්දි.උරහිසින් වගේම උදරයෙනුත් නිමක් නැතුව රුධිරය ගලද්දි සමබරතාවය ගිලිහුනු නම්ජූන් බිම ඉන්දවුනේ එයාට වෙඩි තියපු මනුස්සයා පිස්සෙක් වගෙ හිනා වෙද්දි..

"ඕහ් නෝ...!! සොරි නම්ජූන්ශි...හිතලා නෙමෙයි කලේ..."

ඒ මනුස්සයා කිව්වේ බොරු කණගාටුදායක මූණක් මවාගෙන.ඒත් ආයෙමත් හය්යෙන් හිනාවෙන්න ගත්තු ඒ මනුස්සයා තමන්ගේ දිහාවට ඉලක්කය ගනිමින් හිටපු තවත් සීරෝ එකේ ආරක්ෂකයෙක්ට වෙඩි තිබ්බේ සීරෝ එකේ හොදින් හිටපු අන්තිම කෙනා වුනු ඔහුත් පපුව අල්ලගෙන බිම වැටෙද්දි.

නම්ජූන් එයාට වෙඩි තියපු කෙනාව දන්නවා.ඒ මනුස්සයා තමයි ජෑන්ග් හ්‍යුක්ගේ දකුනු අත.ජෑන්ග් හියුක්ගේ මාෆියා කල්ලිය වුනු රෙඩ් ඊගල් කල්ලියේ දෙවනියා.

කන්ග් හානෙවුල්...

නම්ජූන්ට ජිමින් හොදින්ද කියලා බලන්න ඕනි වුනත් එයාට හැරෙන්න ශක්තියක් තිබුනේ නෑ.ශරීරයෙන් දැනෙන වේදනාව එන්න එන්නම වැඩි වෙද්දි නම්ජූන්ගේ ඇස් අරමුණක් නැතිවම ඔහු මුහුණලා උන්නු පඩිපෙල දිහාවට යොමු වෙලයි තිබුනේ..

දස අතින් ඇහුනු වෙඩි හඩවල් නතර වෙද්දි නම්ජූන්ට දැනුනේ ලෝකයම එක තැන නතර වුනා වගේ.ඒත් එක්කම දැනුනු කැරකිල්ලත් එක්ක වාඩි වෙලා උන්නු නම්ජූන් එහෙමම සීතල ටයිල් උඩ වැටුනේ එයාගෙ ශරීරයෙන් ගලාගෙන ගිය ලේ ටයිල් පොලොව තෙත් කරද්දි.

නම්ජූන්ගේ ඇස් තාමත් යොමු වෙලා තිබුනේ පඩිපෙල දිහාවට.පියවෙන්න යන ඇස් බොහොම අමාරුවෙන් විවරව තියාගන්න උත්සාහ කරපු නම්ජූන් දැක්කා දෙවනි මහලේ ඉදන් පහලට එන කෙනෙක්ව.

ඒත් නම්ජූන්ට ඒ කෙනාව හරියටම දැකගන්න පුලුවන් උනේ නෑ.ටිකෙන් ටික ඒ කෙනා පඩිපෙල බැහැගෙන එද්දි ඇස් දෙක තද කරලා පියාගත්තු නම්ජූන් ආයෙමත් ඒවා විවර කලේ කලින්ට වඩා  වටපිටාව පැහැදිලි වෙද්දි.

බූට් සපත්තු..කලු පාට ඩෙනිම...ලෙදර් ජැකට් එක..දකුනු අතේ තිබුනු පිස්තෝලය..මේ ඔක්කොම නම්ජූන් දැක්කා.ඒ වගේම...

ඔහුගේ උරහිස උඩ අරගෙන එන සිහිසුන් වෙලා හිටපු ඒ කෙනාවත් නම්ජූන් දැක්කා.කලු පාට පිජාමා කිට් එකක් ඇදගෙන හිටපු ඒ කෙනාව නම්ජූන් අදුනගත්තේ ඒ වෙලාවෙදියි.

මින් යුන්ගි...

ඔව් මින් යුන්ගි හිටියේ සිහිසුන් වෙලා.

ඒත් නම්ජූන්ට කිසිම දෙයක් කරගන්න පුලුවන්කමක් තිබුනේ නෑ.

නම්ජූන් තවත් වතාවක් පරාද වුනා.එයාලා ජැන්ග් හ්‍යුක්ගේ කල්ලියට පරාද වුනා.රෝනා ප්ලේස් එකට කඩා වැදුනු රෙඩ් ඊගල් එකේ පනහක විතර පිරිස එක්ක සටන් කරන්න රෝනා ප්ලේස් එකේ හිටියේ විස්සකටත් වඩා අඩු පිරිසක්.කොයි තරම් හොදින් සටන් කලත් අන්තිමේදි සීරෝ එකේ අයට පරාද වෙන්න උනා.

ඇස් දෙක සම්පූර්නෙන්ම පියවෙන්න කලින් නම්ජූන් අන්තිමට දැක්කෙ කන්ග් හානෙවුල් එක්ක ඒ මනුස්සයා මින් යුන්ගිවත් අරන් තමන්ව පහු කරගෙන යන හැටි.

ඒ වගේම පියවි සිහිය නැති වෙන්න කලින් නම්ජූන්ට අන්තිමට ඇහුනේ එයාව පහුකරගෙන ගිය හානෙවුල් කියපු දේ.

"වෙල් ඩන් කොල්ලෝ වෙල් ඩන්...කොහොමහරි ඔයා එයාව හොයාගත්තා.ඔයාව ටීම් එකට ගත්තු එක ගැන මං ආඩම්බර වෙනවා ජේජේ...."

ඒත් එක්කම නම්ජූන්ගේ මුලු වටපිටාවම අදුරුවෙලා ගියේ අමුතුම සැහැල්ලුවක් එයාව වෙලාගනිද්දි.

_______________________________________
( At 04.20pm )

රෙඩ් ඊගල් එකේ අයගේ වාහන පිටත් වුනු ගමන්ම වැටිලා හිටපු තැනින් ජිමින් අමාරුවෙන් හෛ නැගිට්ටේ ඒ මොහොතෙදි නම්ජූන්ගේ වගේම ජැක්සන්ගේ ජීවිත රැදිලා තියෙන්නේ තමන්ගේ උරමත කියලා දැනගෙනයි..

ඇදගෙන හිටපු ශර්ට් එක ගලවලා ඒක දකුනු කකුලේ දනහිසට උඩින් ලේ ගලන තුවාලය උඩින් ගැට ගහගත්තු ජීමින් කකුලින් දැනුනු වේදනාව ගැනවත් නොහිතා දුවගෙන ගියේ මෙඩිකල් රූම් එකට.

තමන්ට අවශ්‍ය කරන දේවල් ටික එකතු කරගත්තු ජිමින් කොර ගහන ගමන් ආයෙමත් ලිවින් රූම් එකට දුවලා ගිහින් බිම වැටිලා උන්නු නම්ජූන් ගාවින් වාඩි වුනේ ඇස්වල කදුලු පිරෙද්දි.

"ඔයාලා කොහෙද හෝසොකා...ප්ලීස් ඉක්මන් කරන්න..ප්ලීස්...!!!!!!"

ඒත් ඒක සන්වේදි වෙන්න වෙලාවක් නෙමෙයි.ජැක්සන් නම්ජූන් දෙන්නම හිටියේ හොදටම තුවාල වෙලා.ඒ වගේම නම්ජූන්ගේ හදගැස්මත් එන්න එන්නම දුර්වල වෙන හැටි ජිමින්ට දැනුනා.

සැරින් සැරේ කකුලින් දැනෙන වේදනාව සම්පූර්නෙන්ම නොසලකා හැරපු ජිමින් මුලින්ම කලේ පරිස්සමින් නම්ජූන්ගේ උදරයෙ තිබුනු වෙඩි උන්ඩය අයින් කරලා ලේ ගලන එක නවත්තපු එක.

ඊගාවට නම්ජූන්ගේ උරහිසේ තුවාලය බලන්න කලින් ඒ ලගම වැටිලා හිටපු ජැක්සන් ලගට ගිය ජිමින් ජැක්සන්ගේ කැපුම් තුවාලය තදින් වෙලලා ලේ ගලන එක සීමා කලේ එ වෙද්දිත් ජැක්සන්ගෙන් ගොඩක් ලේ ගිහින් තිබුනු නිසා.

ආයෙමත් ජිමින් නම්ජූන් ලගට ගිහින් වාඩි වෙද්දිම එලියෙන් ඇහුනේ වේගයෙන් ආපු වාහන කීපයක් බ්‍රේක් කරන හඩ.වාහනවල සද්දෙනම ඒ කවුද කියලා අදුනගත්තත් ජිමින්ට එතැනට යන්න වෙලාවක් තිබුනේ නෑ මොකද අපතේ යන තප්පරයක් පාසා නම්ජූන්ගේ ජීවිතේ තිබුනේ අවධානමේ.

ඩ්‍රයිවින් සීට් එකෙන් බැහැපු හෝසොක් රෝනා ප්ලේස් එකේ ඇතුලට දුවගෙන ගියේ ජින්,සූබින් වගේම තවත් දෙතුන් දෙනෙක් එයාලගේ පස්සෙන් දුවගෙන යද්දි.

ඒත් හෝසොක් දොරටුව ගාවම නතර වුනේ ඇතුලෙ තිබුනු දර්ශනය දැකලා.හෝසොක්ගේ ජීවිතේ කිසිම දවසක එයා සීරෝ එකේ අය පහර දෙනවා දැකලා තිබුනට පහර ලබලා ඉන්නවා දැකලා තිබුනේ නෑ..එයා කිසිම දවසක එයාගේ සීරෝ එකේ අය තුවාල වෙලා ඒ තරම් වේදනාවෙන් ඉන්නවා දැකලා තිබුනේ නෑ.සීරෝ එකේ අය විරුද්දවාදින් අතින් මේ විදියට මැරෙනවා දැකලා නෑ.

ඒ වගේම ජේහෝප් කවදාකවත් සීරෝ එකේ අය පරාජය වෙනවා දැකලා තිබුනෙත් නෑ.

"නම්ජූන්...!!!!!!!!!!!"

හොසොක් පියවි සිහියට ආවේ එයාගේ පිටිපස්සේ හිටපු ජින් කෑ ගහපු සද්දෙට.පඩි පෙල ඉස්සරහම වගේ සිහිසුන්ව වැටිලා හිටපු නම්ජූන් ගාවට දුවගෙන ගියපු ජින් එතැන දනගහගත්තේ නම්ජූන් දිහා බලාගෙනමයි..

"ජින් හ්‍යුන්..නම්ජූන් හ්‍යුන්වයි ජැක්සන්වයි ඉක්මනට හොස්පිට්ල් එකට යවන්න.මං යොගියොම්ට කිව්වා.එයාලා ලෑස්ති වෙලා ඉන්නේ...එයාලගෙන් ගොඩක් ලේ ගිහින් තියෙන්නේ.ඉක්මන් කරන්න.....!!!!"

ඒත් එක්කම ජැක්සන් ගාවට දුවගෙන ගිය සූබින් ජැක්සන්ව එලියට අරගෙන ගීහින් ඒ මොහොතේම එතැනට ආපු ඇම්බියුලන්ස් එකට දැම්මේ ඒ පිටිපස්සෙන් ජිනුත් නම්ජූන්ව ඔසවගෙන අරගෙන යද්දි.

මේ හැමදේම දිහා දොර ගාවට වෙලා බලාගෙන හිටපු හෝසොක් එයාගේ අත මිටිමොලව ගත්තෙ එයාගේ කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරන ගමන්.

නම්ජූන්,ජැක්සන් සීරෝ එකේ අනිත් අය හැමෝම හෝසොක්ට එයාගෙම පවුල.හෝසොක් මේ ලෝකේ අකමැතිම දේවල්වලින් එකක් තමයි එයාගේ පවුලට කවුරු හරි හානි කරන එක.

ඇම්බියුලන්ස් එක පිටත් කරලා එතැනට ආපු ජින් සූබින් දෙන්නා දිහාවට හැරුනු හෝසොක්ගේ මූණේ තිබුනු කේන්තිය එයාලා දැක්කා.තමන් තව විනාඩි පහක් ඉක්මන් උනානම් මේ හැමදේම හොදින් කියලා හිතෙද්දි හෝසොක්ගේ කේන්තිය තවත් වැඩි වුනේ ජැන්ග් හ්‍යුක් හැමදේම කොච්චර හොදින් ප්ලෑන් කරලද කියලා තේරෙද්දි.

"ජින්,සූබින් වාහනේ ගන්න...මේ දැන්ම අර ජැන්ග් හියුක් කියන බැ#%ගේ පුතාව හම්බෙලා මේ ප්‍රශ්නේ මට ඉවරයක් කරගන්න ඕනි...!!!"

වෙඅහවුස් එකට කට්ටිය යවලා ජැන්ග් හ්‍යුක් කලේ තමන්ව රවට්ටලා රෝනා ප්ලේස් එකේ ආරක්ශාව දුර්වල කරපු එක කියලා තේරෙද්දි හෝසොක් පරක්කු වැඩි.

ඒත් හෝසොක්ට නොතේරුනු එකම දේ ජැන්ග් හියුක් රෝනා ප්ලේස් එකට ඇටෑක් කලේ ඇයි කියන එක.

ඒත් හෝසොක්ට ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්න ඒ තරම් වෙලාවක් ගියෙ නෑ.

"හෝසෝකා..!!..ඒ කන්ග් හා නෙවුල්..ඒත් එක්කම තව කෙනෙක් හිටියා..මාස්ක් එකක් දාලා...වැඩි දුරක් යන්න විදිහක් නෑ...ඉක්මනට එයාලව ෆලෝ කරන්න හෝසොක්......!!"

කොර ගහමින් දුවගෙන ආපු ජිමින් එහෙම කියලා වේදනාවෙන් බිම වාඩි වුනේ ජිමින් මොනවා කියනවද කියලා නොතේරුනු හෝසොක්ගේ තරහ තවත් ඇවිස්සෙද්දි.ජැන්ග් හ්‍යුක් ගැන කේන්තියෙන් හිටපු හෝසොක් දැක්කේ නෑ ජිමින් ඉන්නෙත් තුවාල වෙලා කියලා.

"මොනවද තමුසේ කියවන්නේ ජිමින්....මොන මගුලටද අපි උන්ව ෆලෝ කරන්නේ...මං උන්ගෙන් පලි ගන්නවා හැබැයි පස්සේ..මුලින්ම මට ඕනි ජැන්ග් හියුක්ව මිසක් හානෙවුල් නෙමෙයි......"

හෝසොක් කෑ ගැහුවේ ජිමින් ඒ සද්දෙට ගැස්සිල යද්දි.

"එයාලා..එයාලා යුන්ගිව අරගෙන ගියා හෝසොක්.රෙඩ් ඊගල් රෝනා ප්ලේස් එකට ඇවිත් තියෙන්නේ අපිට ඇටෑක් කරන්න නෙමෙයි.ය්..යුන්ගිව ගෙනියන්න...!!!!"

යුන්ගිගේ නම කියද්දි හෝසොක්ගේ මූණ වෙනස් වුනු හැටි ජිමින් දැක්කා.කේන්තියෙන් හිටපු හෝසොක්ගේ ඇස්වල සියුම් බයක සේයාවක් ඇදුනේ යුන්ගි වෙනුවෙන් කියලා ජිමින්ට නොතේරුනා නෙමෙයි.

ඒත් ඊගාව තප්පරේ හෝසොක් කේන්තියෙන් පුපුරන්න පටන් ගත්තේ ඒ ඇස්වලින් ගිනි දැල් පිටවෙද්දි.

"ජැන්ග් හියුක්.....උඹ මින් යුන්ගිට අත තියලා කරගත්තෙ උබේ ජීවිතේ ලොකුම වැරැද්ද.....!"

දත්මිටි කන ගමන් කේන්තියෙන් එහෙම මුමුණපු හෝසොක් රෝනා ප්ලේස් එකෙන් එලියට ගිහින් එයාගේ ලිමිටඩ් එඩිශන් බෙන්ට්ලි එකට නැග්ගේ සාක්කුවේ තිබුනු Smith & Wesson 460 රිවෝල්වරය අතට ගන්න ගමන්.

(Hoseoks car)

(Smith & Wesson 460 Revolver / most powerful revolver in the world )

රෝනා ප්ලේස් එකේ විවර කරපු ගේට් එකෙන් එලියට ගිය බෙන්ට්ලි එක පිටිපස්සෙන්ම තවත් සුදු පාට කාර් එකක් වගේම කලු පාට ලෑන්ඩ් රෝවර් එකක් ඇදුනේ විදුලි වේගයෙන්.

විනාඩි කීපයක් ඇතුලට හැමෝට්ම ඉයර්පීස් එකෙන් ඇහෙන්න ගත්තේ සූබින්ගේ කටහඩ.

"ටීම් නම්බර් වන්,ටූ...බොස්ගෙ වාහනේ දෙපැත්තට යන්න."

ඒත් එක්කම අතුරු පාරකින් ආපු කලු පාට ජිප් දෙකක් හෝසොක්ගේ බෙන්ට්ලි එකට ටිකක් පිටිපස්සෙන් ඒකට දෙපැත්තෙන් යන්න ගත්තේ සූබින්ගේ අණ අනුව.

"ටීම් නම්බර් ත්‍රී,ෆෝ ඇන්ඩ් ෆයිව්...බොස්ගේ වාහනේ පිටිප්ස්සට යන්න.."


ඒත් එක්කම කොහෙන්දෝ මතු වුනු තවත් ඩිෆෙන්ඩර් තුනක් හෝසොක්ගේ වාහනෙ පිටිපස්සෙන් එකතු වුනා.

"ටීම් නම්බර් සික්ස්,සෙවන් ඇන්ඩ් එයිට්...ඔයාලා කට්ටියටම පිටිපස්සෙන්..."

සූබින්ගෙ අන්තිම නියෝගයත් එක්ක ජින්ගෙයි සූබින්ගෙයි වාහන දෙකට පිටිපස්සෙන් තවත් ඩිෆෙන්ඩර් තුනක් එකතු වුනේ අහල පහල හිටපු මිනිස්සු කටවල් ඇරගෙන ඒ සුපිරි වාහන පේලිය දිහා බලාගෙන ඉද්දි.

ඉස්සරහින්ම ගිය හෝසොක්ගේ තියුනු ඇස් යොමු වෙලා තිබුනේ කිසිම වාහනයක් නැති නිදහස් මාවතට.

ඔව් ප්‍රධාන පාර වුනත් ඒ මොහොතේ පාරේ කිසිම වාහනයක් තිබුනේ නෑ.හෝසොක්ගේ එක කෝල් එකකින් මුලු පාරම ඒ මොහොතේ අයිති වෙලා තිබුනේ ජේහෝප්ට.දකුණු කොරියාවේ ඉන්න බලවත්ම මාෆියා නායකයට.

එක අතකින් සුක්කානම අල්ලගෙන හිටපු හෝසොක්ගේ අනිත් අත තිබුනේ කාර් එකේ විවර කරපු වීදුරුවෙන් එලියේ.හෝසොක් හිටියේ ඒ අතේ තිබුනු රිවෝල්වර් එකෙන් තාලෙට වාහනේ දොරට තට්ටු කරන ගමන්.

හෝසොක්ගේ මූණේ තිබුනේ නපුරු හිනාවක්.ඒ වගේම හෝසොක් හිටියේ ඕනිවටත් වඩා සන්සූන් වෙලා.

කේන්තියෙන් ඉන්න හෝසොක් කියන්නේ ගින්නක් නම්......සන්සුන්ව ඉන්න හෝසොක් කියන්නේ ගිනි කන්දක්.අවාසනාවකට වගේ ජැන්ග් හ්‍යුක්වත් රෙඩ් ඊගල්ස්ලාවත් ඒක දැනගෙන හිටියේ නෑ.

________________________________________
(2132 Words )
14/11/2021

_______________________________________

Purple Windflower

Windflower එහෙමත් නැත්නම් Anemone flowers විවිද වර්ණවලින් සහ ඒවාටම අදාල විවිද අර්තවලින් තියනවා.

ඒ අතරින් දම්පාට මල්වලින් අර්තවත් කරන්නේ නරකින් ආරක්ශා වීම වගේ දෙයක්.(Protection from evil )

________________________________________

මොන මන්ගල්‍යක්ද ළමයි මේ..🙂
මට ඇක්ෂන් සීන් ලියන්න කියාදීපියව්.මට මේක ලියද්දි මොන්ටිසෝරි වලියක් මතක් වුනේ. 🫠

තව කොටසයි මෙහෙම ඕකේඒ...

ඒක නෙමේ අර මින් යුන්ගිගෙයි බූට්කාරයාගෙයි දෙබස තේරුනාද?

අනික අපේ මල් කොල්ලා නිසා මං මේ කතාවට මල් ගැන දානවා වැඩි.ඒකට ඔයාලා අකමැතිනම් නෑනේ නේද..❤

සමාවෙන්න වැරදි තියනවානම්.

Thank you for reading ❤😘

LOVE YOU ! 💙

oon_Fayre


Bạn đang đọc truyện trên: AzTruyen.Top