Chapter 18
නම්ජූන් ලග ඉද්දි ජිමින්ට දැනුනේ එයාගෙම සහෝදරයෙක් ලග ඉන්නවා වගේ හැගීමක්.ලොකු කාලයක් පවුලේ කෙනෙක්ගේ උණුසුමක් නොවිද උන්නු ජිමින් නම්ජූන්ගෙන් ඒ ලැබුනු සහෝදර සෙනෙහසට ලොබ බැන්දේ හරියට අවුරුදු පහක හයක පොඩි ළමෙක් වගේ..ඒ වගේම නම්ජූනුත් ජිමින්ට ඒ වෙලාවේ අවශ්‍යම වෙලා තිබුනු ඒ උණුහුම ජිමින්ට දුන්නේ ජිමින්ගේ කදුලු ටිකෙන් ටික අඩු වෙද්දි.
ගොඩක් දේවල් දිහා වෙන අය නොදකින කෝනෙකින් බලලා කිසිම කෙනෙක්ට නොපෙනෙනෙන ඇත්තම තත්ත්වය අවබෝධ කරගන්න නම්ජූන්ට තිබුනේ පුදුම හැකියාවක්.ඒ හැකියාව නිසාමයි නම්ජූන්ට සීරෝ එකේ ඒ තනතුර ලැබුනෙත්.
ඉතින් අවුරුදු ගානක් තිස්සේ එකම ගෙදරක ජීවත් වුනු ජිමින්ගේ ඇත්ත තත්වය නම්ජූන්ට පෙනුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්.හෝසොක්ව දකින පාරක් ගානේ ජිමින්ගේ ඇස් දිලිසෙන හැටි,හෝසොක් වචනයක් හොදින් කතා කලත් ජිමින්ගේ මූණ සතුටින් පිරෙන හැටි නම්ජූන් දැක්කා...බැරි වෙලාවත් හෝසොක් ජිමින් එක්ක යන්තම් හරි හිනා වුනොත් ඒ මුලු සතියම ජිමින් කලේ පිස්සෙක් වගේ ඒක මතක් කරකර තනියෙන් හිනා වෙන එක..හෝසොක් ජිමින්ව සීරෝ එකට ගෙනාපු දවසේ ඉදන් අවුරුදු හයක් පුරාවට නම්ජූන් ඒ හැමදේම දැක්කා.
ඒත් කාලය ගත වෙද්දි වයසත් එක්ක අපි මවාගෙන ඉන්න හීන ලෝක සැබෑ ලෝකේ නෑ කියලා තේරෙද්දි යථාර්ථය කියන්නේ සතුට විතරක් නෙමෙයි කියලා තේරෙන්න ගනිද්දි ජිමින් වෙනස් වෙන්න ගත්තා.
කොයි තරම් හෝසොක්ට ලන් වෙන්න හැදුවත් හෝසොක් තමන්ව දකින්නේ යාලුවෙක්,සහෝදරයෙක් විදිහට විතරයි කියලා ජිමින්ට තේරෙද්දි එයාගෙ හිතේ තියන හැහීම් වෙනුවෙන් හෝසොක්ව නැති කරගන්න බෑ කියලා ජිමින් තීරණය කලා.හෝසොක්ව නැති කරගන්නවා වෙනුවට ජිමින් කලේ එයාගේ හිතේ හෝසොක් ගැන තිබුනු හැගීම් නැති කරලා දාන්න උත්සාහ කරන එක.
ඒ වෙනුවෙන් ජිමින් මුලින්ම කලේ මාෆියා එකේ වැඩවලින් පුලුවන් තරම් ඈත් වෙන එක.හෝසොක්ගෙන් ඈත් වෙන්න ඕනි නිසයි ජිමින් වෛද්‍යවරයෙක් වෙන්න තීරණය කලේ.
ඒත් අපි හිතන කිසිම දෙයක් හිතන විදිහටම වෙන්නේ නෑ.සැරින් සැරේ මොකක් හරි අනතුරක් කරගෙන එන හෝසොක්ගෙන් ඈත් වෙනවා වෙනුවට ජිමින්ට සිද්ද වුනේ තවත් හෝසොක්ට ලන් වෙන්න.ජිමින් එදා ඉදන් රගපාන්න පටන් ගත්තා.හෝසොක් ගැන වදවෙන එක එයාගෙ යාලුකම විදිහට හෝසොක්ට දැනෙන්න සැලැස්සුවා..
නම්ජූන්ට ජිමින් ගැන දැනුනේ අනුකම්පාවක්.මොකද එයාලගේ ඒ ජීවිතෙ ඇතුලේ ආදරේ කියන්නේ ලේසියෙන් ලැබෙන්නේ නැති දෙයක් කියලා නම්ජූන් අත්දැකීමෙන්ම දන්නවා..
ආදරේ ලැබුනත්,ඒ ආදරේ ලග තියාගන්න එක ඒ ජීවිතේ ඇතුලේ කොයි තරම් අමාරුද කියලා නම්ජූන් දන්නවා..මාෆියා කියන ගේම් එක ඇතුලට ආවොත්..ඔයාට අනිවාරෙන්ම ආදරය කියන දේ නොදන්න කෙනෙක් ගානට ඉන්න වෙනවා.තමන්ට ඕනි ආදරේ දැක දැකත් ඒ ආදරේ දැක්කේ නෑ වගේ ඉන්න වෙනවා..
කොයි මොහොතේ වෙඩි උණ්ඩයක් හදවත හරහා යයිදෝ කියන අවදානම අතේ තියාගෙන ඇවිදගෙන යන ඒ ගමනට ආදරය කියන්නේ ගිරි දුර්ගයක්ම විතරයි.
ඒ හැමදේටම වඩා නම්ජූන්ට ජිමින් ගැන තේරෙන්න ලොකුම හේතුව වුනේ නම්ජූන් ජිමින්ගෙන් වෙන කෙනෙක්ව දැකපු එක.
ජිමින්ගේ ඇස් හෝසොක්ව දකිද්දි දිලිසෙන විදිහටම තමන්ව දකිද්දි ඒ කෙනාගේ ඇස් දිලිසුනු හැටි නම්ජූන්ට මතකයි.ජිමින් හෝසොක්ට ආදරේ කලේ කොහොමද ඒ විදිහටම ඒ කෙනත් නම්ජූන්ට ආදරේ කලා කියලා නම්ජූන් දන්නවා.
ඒත් ඒ දෙක අතරේ තිබුනු ලොකුම වෙනස වුනේ හෝසොක් ජිමින්ගේ ආදරේ ගැන නොදැන ජිමින්ව ඈත් කරද්දි නම්ජූන් ඒ කෙනාගේ ආදරේ ගැන දැන දැනම එයාව ඈත් කරපු එක..තමන්ට පන වගේ ආදරේ කරන ජිමින්ට හෝසොක් ආදරේ නොකලට නම්ජූන් ඒ කෙනාට ආපිට ආදරේ කරපු එක.ආදරේ කරලත් ඒ ආදරේ හන්ගපු එක.
නම්ජූන් දැක්කා තමන් ආදරේ නෑ වගේ ඉද්දි ඒ කෙනා වේදනා විදපු හැටි.අද ජිමින් හෝසොක් වෙනුවෙන් වේදනා විදිද්දි නම්ජූන්ට ජිමින්ගෙන් පෙනුනෙත් එයාව..ඒ කෙනා තමන් නිසා විදපු වේදනාව ජිමිනුත් හෝසොක් නිසා විදිනවා බලන්න නම්ජූන්ට ඕනි වුනේ නෑ.තමන් අතින් වුනු වරද තව කෙනෙක් අතින් වෙන්න දෙන්න නම්ජූන්ට ඕනි වුනේ නෑ.
ආදරේ කියන්නේ අයිති කරගන්නම ඕනි දෙයක් නොවෙන බව ඇත්ත.ඒත් නොදන්නා අනාගතයක් ගැන බය වෙලා අපේ කතාවේ ලස්සනම පරිච්ඡේදයක් පටන් ගන්නත් කලින් අවසන් කරනවට වඩා ලස්සන නැද්ද යන්තම් හරි උත්සාහ කරන එක...ලැබුනත් නොලැබුනත් ලබාගන්න උත්සාහ කරන එකම ඇති දවසක පසුතැවෙනවට වඩා.
නම්ජූන් නොදන්න අනාගතයක් ගැන බය වෙලා නැති කරගත්තු දේ තව කෙනෙක්ට වෙනවා දකින්න නම්ජූන් ලෑස්ති නෑ.තමන්ගේ උරහිසට බරවෙලා කල්පනාවක ඉන්න ජිමින් දිහා නම්ජූන් බැලුවේ බැරෑරුම් බැල්මකින්.
"ජිමින්..?"
"හ්ම්ම්..???"
"ඔයාට හිතෙන්නේ නැද්ද..මේක තමයි වෙලාව කියලා..?"
"මොකටද හ්යුන්..??"
"ඔයාගේ ආදරේ ගැන හෝසොක්ට කියන්න..?"
"ඒත්..මගේ කතාව අනිත් කතාවලට වඩා වෙනස් හ්යුන්.."
"මොකක්ද වෙනස..?එහෙම කිසිම වෙනසක් නෑ ජිමිනා..ඔයාගේ කතාව වෙනස් කරන්න පුලුවන් ඔයාටම විතරයි.ඒක කරන්න ඕනි ඔයා.."
නම්ජූන් කියපු වචන අහගෙන හිටපු ජිමින්ගේ මූණේ හිනාවක් ඇදුනේ ඒ අදහසම එයාට වෙන විදිහකට එදා උදේ තව කෙනෙක් කියපු බව මතක් වෙලා.ජිමින් ඒ හිනාවෙන්ම නම්ජූන්ගේ උරහිසින් ඈත් වෙලා ආයෙමත් බන්කුව උඩ හරියට වාඩි වෙද්දි නම්ජූන් ජිමින් දිහා බලාගෙන හිටියේ කුතුහලයෙන්.
"ඔයා ඔය කියපු දේම මට උදේ තවත් කෙනෙක් කිව්වා හ්යුන්.එයා කිව්වා මගේ කතාව ලියන්න ඕනි මමමයි කියලා..එයා මාව හොයාගෙන එනකම් බලාගෙන ඉන්න එපා කියලා.....මගේ කතාවේ අවසානය තීරණය කරන්න ඕනි මං මිසක් වෙන කවුරුත් නෙමෙයි කියලා....."
"ඉතින් ඒක ඇත්ත..ඔයාගේ කතාව ලියන්න ඕනි ඔයාම තමයි...."
"ඒත් හ්යුන් දන්නවද මට කවුද එහෙම කිව්වේ කියලා...?"
"කවුද?"
නම්ජූන් අහද්දි ජිමින් නම්ජූන් දිහා බලලා යන්තම් හිනා උනා.
"මින් යූන්ගී."
ජිමින් එහෙම කියද්දි ජිමින්ගේ මූණේ ඇදුනෙ වේදනාත්මක හිනාවක්..නම්ජූන්ගෙන් ඇස් ඉවතට ගත්තු ජිමින් ආයෙමත් හඩ අවදි කලේ නම්ජුන් නිහඩවම ජිමින් දිහා බලාගෙන ඉද්දි.
"ඒත් මගේ කතාවේ එයා ඉන්න තැන දන්නේ මං විතරයි හ්යුන්.."
ජිමින් කිව්වෙ එයාගේ උකුල උඩ තියන එකට පැටලුනු ඇගිලි දිහා බලලා සුසුමක් හෙලන ගමන්.
"මගේ කතාවේ එයත් ඉන්නවා කියලා එයා දන්නේ නෑ.....මං මට ඕනි විදිහට මගේ කතාවේ අවසානය තීරණය කලොත් වෙනස් වෙන්නේ එයාගේ කතාව කියලා එයා දන්නේ නෑ..."
නම්ජූන්ට ජිමින් ඒ කියපු කිසිම දෙයක් තේරුනෙ නෑ.ජිමින්ගේ කතාවට යුන්ගි ඇදිලා ආවේ කොහොමද කියලා නම්ජූන්ට තෙරුම් ගන්න බැරි වුනා.ඇහි බැමත් රැලි කරගෙන ඉන්න නම්ජූන් දිහා බලපු ජිමින් ආයෙමත් හිනා උනේ නම්ජූන්ගෙ ඔලුවෙ තියන ප්‍රශ්නේ තේරිලා.
"ඔයා හිතන්නේ කවදාවත් තමන්ගේ අතින් කරදරයක් වෙන කිසිම කෙනෙක් ගැන වද නොවුනු හෝසොකී එයාගේ වාහනේට හැපුනු මින් යුන්ගිව මෙහෙට අරගෙන ආවේ නිකන් කියලද හ්යුන්...?තමන්ට යටත් කරගන්න ඕනි වුනු හැම මිනිහෙක්ගෙම අතේ සීරෝ එකේ මාක් එක ගහපු හෝසොකා ඒ වෙනුවට මින් යුන්ගිගෙ පපුවේ ජේහෝප්ගේ මාක් එක තිබ්බේ නිකන් කියලද.....?ඒ වගේම...කවදාවත් මගේ ඉස්සරහ වේදනාව නොපෙන්වපු හෝසොක්....අද මින් යුන්ගි ඉස්සරහ ඇඩුවෙ නිකන් කියලද ඔයා හිතන්නේ හ්යුන්.....?"
නම්ජූන්ගේ මූන දිහා බලාගෙනම එහෙම කියපු ජිමින් දැක්කා නම්ජූන්ගේ මූණ වෙනස් වුනු හැටි. අන්තිම දේ කියද්දි නම්ජූන්ගේ ඇස් ලොකු වුනු හැටිත් ජිමින් දැක්කා.
හෝසොක්ගේ හොදම යාලුවා වුනු නම්ජූන් ඉස්සරහ ඇඩුවට හෝසොක් කවදාවත් වෙන කිසිම කෙනෙක් ඉස්සරහ අඩන්නේ නෑ කියලා නම්ජූන් දන්නවා.ඒත් ජිමින් කියන විදිහට මුන ගැහිලා දවස් කීපයක් වෙන පිටස්තර කෙනෙක් ලග හෝසොක් ඇඩුවා කියන්නේ එතන ලොකු දෙයක් තියනවා කියලා නම්ජූන්ට තේරුනා..ඒ වගේම ඒ මොකක්ද කියලා හිතාගන්න එකත් මහ ලොකු දෙයක් නෙමෙයි.
නම්ජූන්ට කෙලින්ම ජිමින්ගේ මුන බලන්නත් බෑ වගෙයි දැනුනෙ.නම්ජූන් දන්නවා ජිමින් කියන්න හදන දේ..කනගාටුවෙන් වගේ ජිමින් දිහා බලපු නම්ජූන් ආයෙමත් ඉක්මනට අහක බලාගත්තේ ජිමින්ගේ මූනේ තිබුනු වේදනාව දකින්න බැරිකමට.වේදනාව දැක්කත් ඒ වේදනාව අස්සෙනුත් ජිමින් හරි ලස්සනට හිනා වෙන හැටි බලන්න බැරිකමට.
"එ..ඒ කියන්නේ..?!"
"ඔව් හ්යුන්......මං හෝසොකිට ආදරේ කලාට...එයා ආදරේ කරන්නේ මින් යුන්ගිට..............."
අපි ආදරේ කරන කෙනා අපිට ආදරේ නොකරද්දි දැනෙන වේදනාව වගේ නෙමෙයි ඒ කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැනගත්තම දැනෙන වේදනාව දරාගන්න හරි අමාරුයි.ඒක හරියට අපි ආසම දෙයක් අපි ඉස්සරහම ගිනි අරන් දැවිලා යද්දිත් ඒ දිහා බලාගෙන මොකුත් නොකර පැත්තකට වෙලා ඉන්න වුනාම දැනෙන වේදනාව වගේ.
නම්ජූන් ජිමින්ගේ පැත්තට හැරුනෙ ජිමින්ගෙන් අහන්න දෙයක් මතක් උනු නිසා.ඒත් එකපාරටම ඇහුනු විශාල ශබ්ධයක් නිසා ඒ දෙන්නම ඉබේටම වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ ඇස් ලොකු වෙද්දි.ඒ කීයටවත්ම එයාලා බලාපොරොත්තු වුනු දෙයක් නෙමෙයි.එකදිගටම නාද වෙන ඒ හඩ මොකක්ද කියලා ඒ දෙන්නම දන්නවා..
"හ්යුන්..ඒ අනතුරු ඇගවීමේ සංඤාව..මොකක් වුනත් සිද්ද වෙන්නේ නම් හොද දෙයක් නෙමෙයි.."
ජිමින් කිව්වේ නම්ජූන්ගේ පිටිපස්සෙන් රෝනා ප්ලේස් එක ඇතුලට දුවන ගමන්.
ලිවින් රූම් එකට යද්දිම එයාලට මුන ගැහුනේ එයාලා දකින්න බලාපොරොත්තු උනු කෙනෙක්නම් නෙමෙයි.
"ජැක්සන්..?"
ටෙක් රූම් එකේ ඉදන් දුවගෙන ආපු ජැක්සන් හිටියේ කලබලයෙන්.ජැක්සන් රෝනා ප්ලේස් එකට ආවේ නම්ජූන් ජිමින් හොයාගෙන ගාඩ්න් එකට එනකොටම වගේ.සූබින් ආයෙමත් වෙඅහවුස් එකට ආපු නිසා ජැක්සන් ආයේ රෝනා ප්ලේස් එකට ආවේ හෝසොක්ගේ අනින්.
ඒත් නම්ජූන් දැනගෙන හිටියේ නෑ ජැක්සන් රෝනා ප්ලේස් එකට ආවා කියලා.ඒ නිසයි එකපාරටම නම්ජූන් පුදුම උනෙ..
"නම්ජූන්......!!හෝසොක්ට එන්න කියන්න..දැන්ම.."
ජැක්සන් කිව්වේ බරපතල විදිහට නම්ජූන් දිහා බලන ගමන්.ජිමින් නම්ජූන්ගේ පැත්තකින් හිටගෙන හිටියේ එයා ඇගේ ලිහිල්ව දාගෙන හිටපු කලු පාට ජැකට් එකේ බොත්තම් ටික දාගන්න ගමන්.
රෝනා ප්ලේස් එකේ ප්‍රධාන අනතුරු ඇගවීමේ සංඤාව නාද වෙන්නේ අවස්තා දෙකකදි විතරයි.එකක් බේස්මන්ට් එකෙන් කවුරු හරි පැනලා ගියාම එතන ඉන්න ආරක්ශකයින් හදිසි සීනුව නාද කිරීම නිසා.අනික රෝනා ප්ලේස් එකට ඇටෑක් එකක් එද්දි චෙක්පොයින්ට්වල ඉන්න ගාඩ්ස්ලා අනතුරු ඇගවීම නිසා..
මේකෙන් පලවෙනි එක දෙතුන් වතාවක්ම වෙලා තිබුනත් දෙවනි එක කිසිම දවසක වෙලා තිබුනේ නෑ.මොකද රෝනා ප්ලේස් එකට ඇටෑක් කරන්න කාටවත්ම හේතුවක් තිබුනෙ නෑ.ඒ නිසා නම්ජූන් හිතුවේ මේකත් කවුරු හරි හිරකාරයෙක් පැනලා යන්න හදපු නිසා කියලා.එහෙම දේකට හෝසොක්ට එන්න කියන්නේ මොකටද අහනවා වගේ බැල්මකින් නම්ජූන් ජැක්සන් දිහා බලද්දි ජැක්සන් සාක්කුවෙන් ගත්තු රිවෝල්වරයක් ජිමින් දිහාට විසි කලේ එයාගේ පිස්ටල් එකත් අතට ගන්න ගමන්.
"රෝනා ප්ලේස් එකට ඇටෑක් එකක් නම්ජූන්...."
ජැක්සන් කිව්වේ නම්ජූන් වගේම ජිමිනුත් ගල් ගැහෙද්දි.
"මොකක්..!!!!!"
"හත්වෙනි චෙක්පොයින්ට් එක උන් පහු කරලා.හයවෙනි එකෙන් තමයි අපිට වර්නින් එක ආවේ.දැන් උන් අනිවා පස්වෙනි චෙක්පොයින්ට් එකට ඇවිත් ඇති.උන් මහ ගොඩක් ඉන්නවා නම්ජූන් අපේ චෙක්පොයින්ට්වල ඉන්නෙ උපරිම දහයයි එයාලට තනියම උන්ව කන්ට්‍රෝල් කරන්න තියා හිතන්නවත් බෑ..තව විනාඩි දහයක් ඇතුලට උන් මෙහාට එනවා.අපිට ඉක්මනට ටීම් එකක් ඕනි නම්ජූන්...!!!!!!"
________________________________________
(1473 Words )
12/11/2021
🙂
සොරි පරක්කු උනාට ළමායී..💀
මට ඇටෑක් එක ගැන කියන්නයි ඕනි උනේ මේ චැප් එකෙන් ඒ නිසා මේක බෝරින් උනොත් ගනන් ගන්න එපා. (◕‿◕)
ඊගාව එක හෙට දෙනෝ..
Scl yna batto tika hodt weda tika krnn hrida.❤
Thank you for reading lovelies 😘❤
Plz vote and comment if you liked this chaptr..❤
LOVE YOU !💙
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top