Chapter 17

________________________________________

It hurts when you have someone in your heart...
But you cant have them in your arms.

________________________________________

[ @ Rona Place ]

ඔක්කොම වැඩ ඉවර කරලා යුන්ගිව ආයෙමත් ඇදේ හාන්සි කරවපු ජිමින් ඒ කින්ග් සයිස්ඩ් ඇදේ යුන්ගි ඉන්න පැත්තේ සුව පහසු පුටුවක් තියාගෙන වාඩි වුනේ යුන්ගි දිහා බලාගෙනමයි...

" මං මේ ඇත්තටමයි කියන්නේ යුන්ගි...මේ වතාවේවත් අපි මේ තුවාලේ සම්පූර්නෙන්ම හොද කරගමු හරිද..පළවෙනි දවසේ ඉදලම ඔයාගේ වැඩේ ඕක පාරගන්න එකමයි..ඔයාගේ නම MIN YOONGI වෙනුවට WOUND YOONGI කියලා වෙනස් කරන්න තරම් හිතිලා තියෙන්නේ මට....ආයේනම් මං පැත්තවත් බලන්නේ නෑ ඇත්තටම ඔයා ඕක ආයේ පාරගත්තොත්..."

ජිමින් කිව්වේ එයාගේ හීනි ඇස් දෙක තවත් හීනි කරගෙන බොරුවට යුන්ගිට රවන ගමන්.

හෝසොක් එක්ක වුනු කතා බහ ගැන හිතමින් සීරියස් මූඩ් එකක හිටපු යුන්ගිට ඒ ඔක්කොම අමතක වෙලා ගියා ජිමින්ගේ මූන දැක්කම.ජිමින් දිහා බලලා යුන්ගි හයියෙන් හිනා වුනේ ජිමින් බොරු රැවිල්ල පැත්තක දාලා හිනා වෙද්දි.

"මං පොරොන්දු වෙනවා ජිමිනා..ආයෙනම් මං මේක් හොද වෙනකම් ඇදෙන් හෙල්ලෙන්නෙවත් නෑ සත්තයි..මට දැන් ඇත්තටම මේක හරිම වදයක්..."

යුන්ගි කිව්වේ හිනාව නවත්තගෙන ආයෙමත් ජිමින් දිහා බලන ගමන්.

"මං කියන විදිහටම හිටියොත් පුලුවන්.."

එහෙම කියපු ජිමින් යුන්ගිගෙ බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබුනු එයා කලින් දවසක යුන්ගිට කියවන්න දීපු පොත අතට ගත්තේ සිහින් හිනාවක් මූණේ තියාගෙන.කහ පාට ඩැෆඩිල් මල්වල රූපයක් තිබුනු ඒ පොත දිහා ජිමින් බලාගෙන හිටියෙ හැගීම්බර ඇස්වලින්.


SERENDIPITY

ඔව් ඒක තමයි ඒ පොතේ නම.Serendipity

"ඔයා මේක කියවන්න පටන් ගත්තද යුන්ගියා..."

ජිමින් යුන්ගිගෙන් ඇහුවේ පොතෙන් ඒ ඇස් ඉවතට නොගෙනමයි.

"ම්ම්ම්..තවම නෑ.ඒත් ඊගාව දවස් දෙක තුනේ ඇද උඩටම වෙලා ඉන්නවෙන නිසා මට කියවන්න පුලුවන්..."

යුන්ගි කියපු දේ අහලා ජිමින් ඔලුව ඉහල පහල වනද්දි ආයෙමත් යුන්ගි ජිමින්ට කතා කලේ ජිමින් පොතෙන් මිදිලා යුන්ගි දිහා බලද්දි.

"ජිමින් ඔයා කිව්වා මේක ඔයාගේ ආසම පොත කියලා.ඒකට මොකක් හරි හේතුවක් තියනවද..?"

යුන්හි ඇහුවේ කුතුහලයෙන්.ජිමින් යුන්ගි දිහා බලලා යන්තමින් හිනා වෙන ගමන් ඔලුව ඉහල පහල වැනුවේ ඔව් කියන්න වගේ.

"ඔව් යුන්ගියා...ඒකට ගොඩක් ලොකු හේතුවක් තියනවා..ඔයා දන්නවා නේද මේ මල් මොනවද කියලා.."

ජිමින් ඇහුවේ පොත උස්සලා යුන්ගිට පොතේ කවරේ පෙන්නන ගමන්.මේ ලෝකේ තියන හැම මලක් ගැනම දැනගෙන හිටපු යුන්ගි ඩැෆඩිල් මල් ගැන දන්නේ නෑ කිව්වොත් ඒක ලොකු බොරුවක්.

"ඩැෆඩිල් මල්.....ඩැෆඩිල් මල්වලින් කියන්නේ නැවත ඉපදීම,බලාපොරොත්තුව වගේ දෙයක්.."

ඩැෆඩිල් මල් කියන්නේ වසන්ත ඍතුවේ පිපෙන පලවෙනිම මල..ඒ නිසාමයි ඩැෆඩිල්වලින් නැවත ඉපදීම වගේම බලාපොරොත්තුව සංඛේතවත් කරන්නේ.ඩැෆඩිල් මල් නව ජීවනයකට සමානයි..මොකද ඒ පුංචි මල් ශීත කුනාටුවලට හරි අපූරුවට ශක්තිමත්ව මුහුණ දීලාත් ජීවත් වෙනවා.

"ඔයා හරි..ඒ වගේමයි මේ නමේ තේරුමත් යුන්ගී...SERENDIPITY......සෙරන්ඩිපිටි කියන්නේ මේ ලෝකේ තියන ලස්සනම වචනවලින් එකක්.ඔයා දන්නවද...ඒ වගේමයි ඒකට තියන තේරුමත්..."

ජිමින් යුන්ගි දිහා බලාගෙන හිටියේ ලස්සනට හිනා වෙන ගමන්.

"අපි හොයන්නෙවත් නැතිව...හිතන්නෙවත් නැති වෙලාවල්වල..හරි අපූරූ..ලස්සන දේවල් අපිව හොයාගෙන එනවා..ඒක සම්පූර්ණ අහම්බයක් වුනත්...ඒ අහම්බය හරිම ලස්සනයි..Serendipity කියන්නේ ඒකට යුන්ගි..."

යුන්ගි ජිමින් දිහා බලාගෙන හිටියේ ජිමින් ඒක කියලා ආයෙමත් යුන්ගි දිහා බලලා ඇස් හීනි කරගෙන හිනාවෙද්දි.

"මේ පොතේ තියෙන්නෙත් අහම්බෙන් හම්බෙලා ජිවිතේ හොයාගත්තු දෙන්නෙක්ගේ කතාවක්...හමුවීම අහම්බයක් වුනත් ආදරෙන් එකතු වුනු හදවත් දෙකක කතාවක්..නොහිතපු විදිහට පටන් අරගෙන සතුටින් ඉවර වෙන ලස්සන කතාවක්."

එහෙම කියපු ජිමින් ඒ පොත යුන්ගිගේ අත උඩින් තිබ්බේ යුන්ගිගේ ඇස් ඒ ඩැෆඩිල් මල් අතරේ එහා මෙහා යද්දි..ඔව්..අපි හිතන්නෙවත් නැති වෙලාවල්වල සමහර දේවල් අපිව හොයාගෙන එනවා..ඒවා පුදුමාකාරයි..හරිම ලස්සනයි.යුන්ගි ඒක පිලිනොගත්තත් යුන්ගිගෙ හදවත ඒක පිලිගත්තා..යුන්ගි හෙව්වේ හිම කුණාටුවක් වුනාට යුන්ගි දන්නවා අහම්බෙන් හරි එයාට හම්බුනේ වස්සාන සුලගක් කියලා...ඒක හරි පුදුමාකාරයි...ඒ වගේම..ලස්සනයි..

ඒත් කොයි තරම් අපූරූ උනත්,ලස්සන උනත්...හැම අහබු හමුවීමකටම සතුටුදායක අවසානයක් තියෙන්න පුලුවන්ද....

යුන්ගිගේ කාමරය පුරාම පැතිරිලා ගියේ නිහඩතාවයක්.යුන්ගි වගේම ජිමින් හිටියෙත් තමන්ගෙම කල්පනා ලෝකයක.ඩැෆඩිල් මල් දිහා බලාගෙන උන්නු යුන්ගිගේ මූණේ තේරුම් ගන්න බැරි මොකක්දෝ හැගීමක් ඇදෙද්දි සුදුපාට සිනිදු ඇද රෙද්දේ රැලිවැටුනු තැනක් දිහා බලාගෙන කල්පනාවක උන්නු ජිමින්ගේ මූණේ ඇදුනේ වේදනාත්මක හිනාවක්.

"දන්නවද...හොයන්නෙවත් නැතිව..හිතුවෙවත් නැති වෙලාවක මාව හොයාගෙන ආපු හරිම ලස්සන...අපූරු දෙයක් මටත් තියනවා...ඇත්තටම...ඒක අපූරු දෙයක් නෙමෙයි...අපූරූ කෙනෙක්..."

ඇහෙන නෑහෙන හඩින් කියපු ජිමින් ඔලුව උස්සලා අර වේදනාත්මක හිනාවෙන්ම යුන්ගි දිහා බැලුවේ යුන්ගිත් එයාගේ කල්පනාවෙන් මිදිලා ආයෙමත් ජිමින් දිහා බලද්දි.

"ඒත්...ඒ කෙනා...ඒ ගැන දන්නෙවත් නෑ...."

වේදනාවෙන් වුනත් සිහින් හිනාවක් මූනේ රදවගෙන ඉන්න ජිමින් දිහා යුන්ගි බලාගෙන හිටියෙ පුදුම වෙලා වගේ..ජිමින් හොද කෙනෙක් කියලා යුන්ගි දැනගෙන හිටියත්,හැමවෙලාවෙම හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්න ජිමින්ගේ හිතේ මේ තරම් සන්වේදි සිතිවිලි ඇති කියලා යුන්ගි කීයටවත් හිතුවේ නෑ.

‍මින් යුන්ගි කියන්නේ සාමාන්‍යයෙන් අනුන්ගේ දේවල් හොයන කෙනෙක් නෙමෙයි..ඒත් ජිමින් මේ තරම් සංවේදි විදිහට ඒ ගැන කතා කරද්දි යුන්ගිට ජිමින් කියපු දේ ගැන දැනගන්න ඕනි වුනා.ඒ කවුද කියලා දැනගන්න යුන්ගිට ඕනි වුනේ නෑ... ඒත් ඒ කෙනා ජිමින්ගේ ජීවිතේ කොහොම කෙනෙක්ද කියලා දැනගන්න යුන්ගිට ඕනි වුනා..

"එයා.. ඔයාගේ ජීවිතේ ගොඩක් විශේශ කෙනෙක් ද?..."

යුන්ගි ඇහුවේ ජිමින් දිහා බලලා.යුන්ගි දැක්කා තමන් දිහා බලාගෙන හිටපු ජිමින්ගේ හිනාව තවත් ලොකු වුනු හැටි.

"හ්ම්ම්ම්..ඔව් යුන්ගි..එයාව මුන ගැහුනු මුල් කාලේ මට ඒ දැනුනු හැගීම නොතේරුනත්...එයත් එක්ක ගතවුනු හැම තප්පරයකම දනුනු ඒ ලස්සන හැගීම ගැන කල් යද්දි මට තේරුනා...දැන් මට මගෙ ජීවිතේ ඉන්න විශේශම කෙනා තමයි එයා...නෑ..එයා මගේ ජීවිතේට ආපු දවසේ ඉදන් මගේ මුලු ජීවිතේම එයා...."

ජිමින්ගේ හිනාව කොච්චර ලස්සන උනත්..ඒ හිනාව ඇතුලේ තියන වේදනාව යුන්ගිට නොපෙනී තිබුනේ නෑ.යුන්ගිට තේරුනා ජිමින් එයාගෙ ජීවිතෙ විශේෂම කෙනා ගැන කොයි තරම් සතුටින් කතා කලත් ඒ සතුට ඇතුලේ මොකක්ම හරි දුකක් තියනවා කියලා.

"ඉතින් ජිමිනා...අහම්බෙන් හමු වුනු ඒ කෙනා එක්ක ඔයාටත් සතුටින් ඉන්න පුලුවන් නේද...හරියට...මේ පොතේ අහම්බෙන් මුන ගැහිලා ආදරේ කරපු ඒ දෙන්නා වගේ..."

යුන්ගි කිව්වේ දිලිසෙන ඇස්වලින් ජිමින් දිහා බලලා හිනා වෙන ගමන්.යුන්ගිට ඕනි වුනේ ජිමින්ගේ වේදනාව ඒ මූණෙන් අයින් කරන්න..ඒ නිසයි යුන්ගි එහෙම කිව්වේ..

"යුන්ගියා....සමහර කතා තියනවා..ඒවා අපිට ඕනි විදිහටම සිද්ද වෙන්නේ නෑ..ඒ කෙනා මට කොයි තරම් විශේෂ වුනත්..එයාට මං හොද යාලුවෙක් විතරයි තවමත්..."

ජිමින් කිව්වේ එයා උන්නු තැනට විරුද්ද පැත්තේ තිබුනු ලොකු වීදුරුවෙන් එලියට නෙත් යවන ගමන්..ඒත් ඒ කිසිම මොහොතක ජිමින්ගෙ මූණේ තියන සිහින් හිනාවනම් නැති වුනේ නෑ.

"ඒත් ඔයාට පුලුවන් එයාටත් ඔයාව විශේෂ කෙනෙක් කරන්න ජිමින්.."

"සමහරවිට....එත් මට කලින් වෙන කෙනෙක් එයාගෙ හිතේ ඒ තැන ගත්තොත් මං මොකක්ද කරන්නේ යුන්ගීයා..."

"මොනවා කරන්නත් ඔයා මුලින්ම උත්සාහ කරන්න ඕනි..!"

"ඔයා කියන්නේ මට ඒ කෙනා වෙන්න උත්සාහ කරන්න කියලද..."

"ඔව්....ඔයාගෙ කතාව ලියන්න ඕනි ඔයාමයි ජිමිනා..එයා ඔයාව හොයාගෙන එනකම් බලාගෙන ඉන්න එපා...ඔයාගේ කතාවෙ අවසානය තීරණය කරන්න ඕනි ඔයාම මිසක් වෙන කෙනෙක් නෙමෙයි..."

යුන්ගි කිව්වේ ඇද උඩ තිබුනු ජිමින්ගේ අත උඩින් එයාගේ අත තියලා තද කරගන්න ගමන්.
වීදුරුවෙන් ඈත බලාගෙන උන්නු ජිමින් එතනින් ඇස් ඉවතට අරන් ආයෙමත් යුන්ගි දිහා බලලා හිනා වුනේ ඒ ඇස්වල අමුතුම වේදනාත්මක හැගීමක් හංගගෙන.

තමන්ගේ අත උඩ තිබුනු යුන්ගිගේ අත උඩින් අනිත් අත තියපු ජිමින් යුන්ගිගේ කිරිසුදුපාට ඇගිලි එයාගේ අත්වලට තදකරගන්න ගමන්.

"ඔයාට ගොඩක් ස්තූතියි යූන්ගී...මං උත්සාහ කරන්නම්..මගේ කතාවේ අවසානය ලස්සන කරගන්න මං උත්සාහ කරන්නම්..."

ජිමින් කිව්වේ සියවෙනි වතාවටත් අර ලස්සන හිනාවෙන් යුන්ගි එක්ක හිනා වෙන ගමන්.ඒත් ජිමින්ගේ ඇස් දිලිසුනේ සතුටටද එහෙමත් නැත්නම් දුකටද කියලා ජිමින්වත් දැනගෙන හිටියේ නෑ.

'මගේ කතාවේ ඔයා ඉන්න තැන දන්නේ මං විතරයි යුන්ගියා.....'

________________________________________

[ @ Park Taehyungs house ]

"ඒකනම් කීයටවත් කරන්න බෑ ජන්කුක්..ඒ අදහස දැන්ම අයින් කරලා දාන්න...ඒක කීයටවත්ම වෙන්නේ නෑ.."

ටේයෝන් කිව්වේ ෆෝන් එකත් කනේ තියාගෙනම ඔෆීස් රූම් එකේ තිබුනු සුවපහසු සෝෆා එකෙන් නැගිටින ගමන්.ටේයොන් ජන්කුක්ගේ අදහසට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ..මොකද ඒ සැලැස්මේ තියන අනතුරුදායක බව ටේයොන් හොදටම දන්නවා.

"ජන්කුක් ඔයා ප්ලෑන් බී එකක් ගැන කියද්දි මං හිතුවේ නෑ ඒක මේ තරම් අනතුරුදායකයි කියලා..මේ ප්ලෑන් එක අනතුරුදායක අපිට නෙමෙයි ජන්කුක් යුන්ගිට..පොඩි වැරදීමක් හරි උනොත් යුන්ගිගේ ජීවිතේම ඉවරයි..ඇයි ඒක ඔයාට තේරෙන්නේ නැත්තේ..?"

"ටේයොන්..පොඩ්ඩක් හිතන්න.අපිට යුන්ගිව එතනින් එලියට ගන්න තියන එකම චාන්ස් එක මේක විතරයි..අපිට මේක කරන්නම වෙනවා.."

ජන්කුක් එහෙම කියද්දි ටේයොන් ලොකු හුස්මක් හෙලුවේ ඔෆීස් එකේ ටේබල් එකට හේත්තු වෙන ගමන්.

"ඉතින් ඇයි ඒක අපිටම කරන්න බැරි ජන්කුක්.මට පුලුවන් මගේ ටීම් එකෙන් උදව් ගන්න.."

"ටේ ඔයාට දැන් ටීම් එකක් නෑ..ඔයා දැන් ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක්.ඔයාට පොලිස් ඩිටෙක්ටිව් ටීම් එක දැන් පාවිච්චි කරන්න බෑ..."

ජන්කුක් ටිකක් හයියෙන් කිව්වේ ටේයොන්ට එයා මින් යුන්ගිගේ කේස් එක කැන්සල් වුනු දවසෙම චීෆ් ඩිටෙක්ටිව් පෝස්ට් එකෙන් අයින් වුනු හැටි මතක් කරමින්.

"ඕහ්..මට එක අමතක වුනා..ඒත් ජන්කුක්..ඔයාට පුලුවන්නේ ඔයාගේ සෙට් එකත් එක්ක ගිහින් යුන්ගිව එලියට ගන්න.."

ටේයොන් කිව්වේ අලුත් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.ඒත් ජන්කුක් ඊගාවට කියපු දෙයින් ඒ බලාපොරොත්තුවත් නැති වෙලා ගියා.

"මගේ සෙට් එකට ජේහෝප්ගේ මාෆියා එකත් එක්ක හැප්පෙන්න බෑ ටේ...එයාලා දක්ශයි තමයි..ඒත් ඔයා දන්නවනේ..ජේහෝප් ලග ඉන්නේ පවර්ෆුල්ම ෆයිටර්ස්ලා...අපිට එයාලට විරුද්දව ෆයිට් කරලා දිනන්න අමාරුයි.."

ජන්කුක් කියන දේට කන් දීගෙන බිත්තියේ එල්ලලා තිබුනු එයයි මින් යුන්ගියි ඉන්න ෆොටෝ එක දිහා නිහඩවම මොහොතක් බලාගෙන හිටපු ටේයොන් ලොකු හුස්මක් හෙලුවේ ඇහිබැමි රැලි කරගන්න ගමන්.

"ඒ කියන්නේ..ඒ කියන්නේ අපිට ජැන්ග් හියුක්ව ඉත්තෙක් විදිහට පාවිච්චි කරන්නම වෙනවා කියන එකද ජන්කුක්..!?"

"හ්ම්ම්....අපිට යුන්ගිව රෝනා ප්ලේස් එකෙන් එලියට ගන්න වෙන්නේ ජැන්ග් හියුක්ගේ මාර්ගෙන්ම විතරයි ටේ...!"

ටේයොන්ගෙන් ප්‍රතිචාරයක් නැති තැන ජන්කුක් එයාගේ සැලැස්ම තවත් ටේයොන්ට පැහැදිලි කරන්න උත්සාහ කලේ ටේයොන්ගේ හිතේ තිබුනු බය චුට්ටක් හරි අඩු කරන බලාපොරොත්තුවෙන්.මොකද පාක් ටේයොන් කියන්නේ මොන තරම් එඩිතර,දක්ශ ඩිටෙක්ටිව් කෙනෙක් උනත් සන්හූන්ගේ අහිමිවීම නිසා දුර්වල වුනු එයා යුන්ගිගේ අතුටුදහන් වීමත් එක්ක හිටියේ තවත් මානසිකව වැටිලා....

"මං පොරොන්දු වෙනවා ටේ..මං යුන්ගිට කිසිම දෙයක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ.ජැන්ග් හියුක් දැනටමත් යුන්ගිව හොයන්න පටන් අරගෙන ඉවරයි...එයා කීයටවත් ජේහෝප්ටයි යුන්ගිටයි එකතු වෙන්න දීලා එයාගේ මාස්ටර් ප්ලෑන් එක විනාශ වෙලා යන්න ඉඩ දෙන්නේ නෑ...ඒ නිසා යුන්ගී ඉන්නේ හෝසොක් ලග කියලා දැනගත්තු ගමන්ම අනිවාරෙන් ජැන්ග් හියුක් රෝනා ප්ලේස් එකට ඇටෑක් කරනවාමයි....අපි ප්‍රාර්ථනා කරමු මේ වතාවේ ජැන්ග් හියුක්ට ජේහෝප්ව පරද්දන්න පුලුවන් වෙන්න කියලා....එහෙම උනොත් විතරයි ටේ අපිට යුන්ගිව රෝනා ප්ලේස් එකෙන් එලියට ගන්න පුලුවන් වෙන්නේ..ජැන්ග් හියුක් යුන්ගුට මොකුත්ම කරන්නෙ නෑ ඒක මට විශ්වාසයි....එතනින් යුන්ගිව එලියට ගන්නවා කියන්නේ ඊට පස්සෙ යුන්ගිව අපි ලගටගන්න එක එච්චර අමාරු වෙන් නෑ...මොකද ජේහෝප් එක්ක පැටලිලා දිනන්න බැරි උනාට ජැන්ග් හියුක්ව පරද්දන එක මගේ කට්ටියට අමාරු දෙයක් නෙමෙයි...."

ජන්කුක් කියන දේ අහගෙන හිටපු ටේයොන් හිමින් ඔලුව ඉහල පහල වැනුවේ හරියට ජන්කුක්ට එයාව දකින්න පුලුවන් වගේ.ඒත් එකපාරටම ටේයෝන් කලබල වුනේ තව දෙයක් මතක් වෙලා.

"ජන්කුක්...ඒත්..ඒත් යුන්ගිවත් හෝසොක්වත් තවම කිසිම දෙයක් දන්නේ නෑ නේද..මොකද එයාලා ඒක දැනගත්තනම් කීයටවත් ඒ දෙන්නා මෙහෙම නිහඩව ඉන්නේ නෑනේ..ඉ..ඉතින් ඔයාට හිතෙන්නේ නැද්ද ජන්කුක්..හෝසොක්...සන්හූන් හ්‍යුන්ට වගේම..යුන්ගිටත් මොකක් හරි කරදරයක් කරලා ඇති කියලා..."

ටේයොන් ඇහුවේ වෙව්ලන කට හඩකින්..ඒ ප්‍රශ්නෙට දෙන්න හරි උත්තරයක් ජන්කුක් ගාව තිබුනෙ නෑ.රෝනා ප්ලේස් එකෙන් පිට කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ ඇත්තටම ඒ මොහොතෙදි රෝනා ප්ලේස් එක ඇතුලේ වෙන්නේ මොනවද කියලා.

"මං දන්නේ නෑ ටේ..අපිට කරන්න තියන එකම දේ අපි යුන්ගිව අපේ ලගට ගන්නකම් එයාට හෝසොක්ගෙන් කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන එකම විතරයි.."

"හෝසොක්ගෙ අතින් සන්හූන් හ්‍යුන්ට වුනු දේ යුන්ගිටත් වෙනවා දකින්න මට ඕනි නෑ ජන්කුක්...."

ටේයොන් කිව්වේ ආයෙමත් සෝෆා එකෙන් ගිහින් වාඩි වෙන ගමන්.සන්හූන් මතක් වෙද්දි ඇස්වලට උනන කදුලු නවත්තගන්න ටේයොන්ට පුලුවන් උනේ නෑ.

"ටේ...!"

"ප්ලීස් ජන්කුක්...මට..මට යුන්ගිව ඉක්මනට ගෙනත් දෙන්න..එයාවත් මට නැති වෙන්න දෙන්න එපා ජන්කුක්...ප්..ප්ලීස්..."

ටේයොන් කිව්වේ එක අතකින් මුව වහගෙන ඇඩීම නවත්තගන්න උත්සාහ කරන ගමන්.ඒත් ජන්කුක්ට ටේයොන්ගේ මුවින් පිට වුනු සිහින් ඉකිය අදුරගන්න බැරි වුනේ නෑ.ටේයොන්ගේ එක හුස්මක වෙනස පවා ගව් ගානක් ඈත ඉදන් වුනත් අදුරගන්න ජන්කුක්ට පුලුවන්.

ජන්කුක්ට තේරුනා මෙ වෙලාවේ ටේයොන් ඉන්නේ ගොඩක් වේදනාවෙන් කියලා.සන්හූන්ගේ මරණයත් එක්ක කම්පනයට පත් වුනු ටේයොන්ව සාමාන්‍ය තත්වෙට ගන්න හැමදේම කලේ ජන්කුක්.ඒ වගේම යුන්ගිව හෝසොක් අරන් ගියාම ඒ වේදනාව දරාගන්න ටේයොන්ට උදව් කලෙත් ජන්කුක්..ටේයොන් වේදනා විදපු හැම මොහොතකම ජන්කුක් ටේයොන් ගාව හිටියේ හෙවනැල්ලක් වගේ..

ඉතින් මේ මොහොතෙදි වේදනාවෙන් ඉන්න ටේයොන්ගේ වේදනාව ටේයොන්ගෙන් ඈත් කරන්න ජන්කුක් දෙපාරක් හිතුවේ නෑ..ජන්කුක්ට හැමවෙලේම ඕනි වුනේ ටේයොන්ගෙ බොක්සි ස්මයිල් එක දකින්න මිසක් ඒ ඇස්වලින් ගලන වේදනාව පිරුනු කදුලු දකින්න නෙමෙයි..ඒක ටේයොන් තවමත් තේරුම් නොගත්තු ජන්කුක්ගේ ලස්සන රහසක්..

ජන්කුක් දන්නවා ටේයොන්ව සතුටු කරන්නනම් කරන්න ඕනි එකම දේ එයාගෙ ලගින් ඉන්න එක විතරයි කියලා..ඉතින් ජන්කුක් එයාගේ ඔලුවට ආපු පලවෙනිම අදහස ක්‍රියාත්මක කලා..

"ටේ..??"

"හ්ම්ම්ම්....??"

ටේයොන්ට වෙව්ලන කටහඩින් උත්තර දෙන්න ඕනි වුනේ නෑ.ඒ නිසයි එයා කතා කරනවා වෙනුවට හ්ම්ම් කිව්වේ..ඒත්..

"ඔයා කැමතිද මූවි නයිට් එකකට...?මාත් එක්ක..??ම්ම්ම්..අද රෑට...???"

ජන්කුක්ගේ ඒ ප්‍රශ්නෙත් එක්කම මෙච්චර වෙලා රහසින් අඩමින් හිටපු ටේයොන්ගේ ඇස් දිලිසෙන්න පටන් ගත්තේ ඒක පේන මානෙක ජන්කුක් හිටියේ නැති එක ගැන ටේයොන් දෙවියන්ට ස්තූතිවන්ත වෙද්දි.

"ඔයා ඔය ඇත්තටමද කියන්නේ ජන්කුක්...."

ටේයොන් ඇහුවේ කදුලු පිහිදාගන්න ගමන්.

"ඇත්ත තමයි මෝඩ ළමයෝ..."

ජන්කුක් ඇදලා ඒක කියපු තාලෙට අඩ අඩ හිටපු ටේයොන් මහ හයියෙන් හිනා වුනේ කෝල් එකෙන් ඒ හිනාව අහගෙන හිටපු ජන්කුක්ගේ මූනෙත් ලස්සන හිනාවක් ඇදෙද්දි.

'මට ඕනි වුනෙත් ඔය හිනාව තමයි ටේ...'

"හරී...එහෙනම් අද රෑට..ඔයායි මායි මූවි නයිට් එකක්..ඒ අයිඩියා එකනම් මරු ජන්කුක්.."

ටේයොන් හිනාවෙන ගමන් කිව්වේ ජන්කුක් ගැන ඇති උනු උණුසුම් හැගිමෙන්.

"හරි..මං රෑ හත වෙද්දි ඔහේට එන්නම්..අද රෑට හැම ප්‍රශ්නයක්ම අමතක කරලා සැහැල්ලුවෙන් ඉන්නඕනි ඔයා..තේරුනා නේද ටේ..."

"තේරුනා සර්...!!"

ඒත් එක්කම දෙන්නම මහ හඩින් හිනාවෙන්න පටන් ගත්තේ හිතේ තිබුනු වේදනා මොහොතකට අමතක වෙලා යන්න ගද්දි.

________________________________________

ගෙස්ට් රූම් එකේදි මින් යුන්ගි එක්ක වුනු කතා බහෙන් පස්සේ රෝනා ප්ලේස් එකෙන් පිටත් වෙලා පාක් එකට ගියපු හෝසොක්ට ජැක්සන්ගෙන් හදිස්සියෙන්ම කෝල් එකක් ආවෙ එයාලගේ රහසිගත වෙඅහවුස් ( warehouse ) එක ලග ඉන්න සැකසහිත පිරිසක් ගැන කියලා.

ඒත් එක්කම හෝසොක් චෝයි සූබින්ට කෝල් කරලා ටීම් එකක් එක්කගෙන එයාලගේ වෙඅහවුස් එකට එන්න කිව්වෙ නම්ජූන්ව ආයෙමත් රෝනා ප්ලේස් එකට පිටත් කරන ගමන්.

නම්ජූන් කියන්නේ සීරෝ එකේ හිටපු දක්ශම වෙඩික්කාරයෙක්.ඒ වගේම කේන්ති ගියපු වෙලාවට හෝසොක්ට විතරක් දෙවනි වුනු කෙනෙක්..එහෙම කෙනෙක්ව මේවගේ වෙලාවක අරගෙන යන්න හෝසොක් දෙපාරක් හිතන්නේ නෑ.ඒත් නම්ජූන්ව හෝසොක්ට වඩා ඒ වෙලාවෙදි ඕනි වුනේ රෝනා ප්ලේස් එකට..මොකක් සිද්ද වුනත් රෝනා ප්ලේස් එකේ සෙකියුරිටි එක ලිහිල් වෙන්න හෝසොක් කීයටවත් ඉඩ දෙන්නේ නෑ...අනික ටීම් එකත් එක්ක ජිනුත් හිටපු නිසා නම්ජූන් නැති එක ඒ තරම් අවුලක් වුනේ නෑ..

ඒ නිසාමයි හෝසොක් නම්ජූන්ව ආයෙමත් රෝනා ප්ලේස් එකට යැව්වේ.

වෙඅහවුස් එකට ගියපු අය පොඩි සටනකින් පස්සේ සැකකාර කට්ටියව අල්ලගන සූබින් එක්ක එයාලව සීරෝ එකේ තවත් රැදවුම්හලකට යැව්වේ හෝසොක්,ජින්,ජැක්සන් වගේම ජැක්සන්ගේ ටීම් එකේ අය එතන නතර වෙද්දි.

ඒ දවස එහෙම ගත වෙද්දි රෝනා ප්ලේස් එකේ හිටියේ මින් යුන්ගි,ජිමින්,නම්ජූන් ඇර නේවාසික සේවක සේවිකාවන් කීප දෙනෙක් විතරයි...

ගෙස්ට් රූම් එකේ හිටපු යුන්ගි හිටියේ සුව නින්දක.ඒ අතරේ වොශ් එකක් දාගෙන එලියට ආපු ජිමින් හිටියේ රෝනා ප්ලේස් එකේ තිබුනු පුන්චි ගාඩ්න් එකේ ඇවිදින ගමන්..ගාඩ්න් එකේ තිබුනු බෙන්ච් එකේ වාඩි වුනු ජිමින් ඒ ලග තිබුනු " Baby's Breath " මල් පොකුරක් දිහා බලාගෙන හිටියේ එයාගේ හිත අරමුණක් නැතිව එහෙ මෙහෙ පාවෙද්දි..

ජිමින්ගේ හිත පුරා රැව්දෙන්න ගත්තේ මින් යුන්ගිගේ වචන...

"" < "ඔයා කියන්නේ මට ඒ කෙනා වෙන්න උත්සාහ කරන්න කියලද..."

"ඔව්....ඔයාගෙ කතාව ලියන්න ඕනි ඔයාමයි ජිමිනා..එයා ඔයාව හොයාගෙන එනකම් බලාගෙන ඉන්න එපා...ඔයාගේ කතාවෙ අවසානය තීරණය කරන්න ඕනි ඔයාම මිසක් වෙන කෙනෙක් නෙමෙයි..." > """

කල්පනා ලෝකෙක හිටපු ජිමින් දැක්කේ නෑ එයාගේ පැත්තට ඇවිදගෙන එන නම්ජූන්ව..ජිමින් පියවි සිහියට ආවේ නම්ජූන් ඇවිත් බෙන්ච් එකේ එයාට එහා පැත්තෙන් වාඩි වෙද්දි.

"අද දවසට මට හම්බුනු තනියෙන් බන්කුවක් උඩට වෙලා කල්පනා ලෝකේ අතරමං වෙලා ඉන්න දෙවනි කෙනා ඔයා ජිමිනා...."

නම්ජූන් කිව්වේ ජිමින් දිහා බලලා එයාගේ ඩිම්පල් හිනාව දාන ගමන්.නම්ජූන් ඒක කියපු තාලෙට ජිමින්ට හිනා ගියේ ඉබේටමයි..

"ඇත්තද හ්‍යුන්...එතකොට කවුද බන්කුවක් උඩට වෙලා තනියෙන් කල්පනා ලෝකේ අතරමං වෙලා හිටපු පලවෙනි කෙනා..."

ජිමින් ඇහුවේ හිනා වෙන ගමන්.ඒත් නම්ජූන්ගේ උත්තරය අහපු ගමන් ජිමින්ගේ මූණෙන් ඒ හිනාව අතුරුදහන් වෙලා ගියේ ඒ වෙනුවට වේදනාව්ක් ඒ මූණෙ ඇදෙද්දි.

"හෝසොක්...හෝසොක් තමයි පලවෙනි කෙනා.."

ජිමින්ගේ මූණ දිහා බලාගෙන එහෙම කියපු නම්ජූන් දැක්කා ජිමින්ගේ මූණේ ඇදුනු වේදනාව.ජිමින් නොදන්නවා උනාට නම්ජූන් ජිමින් ගැන ගොඩක් දේවල් දන්නවා..ඒ නිසා ඒ වේදනවට හේතුව හොයාගන්න එක නම්ජූන්ට අමාරු වුනෙ නෑ....ඒත් ආයෙමත් ඉක්මනට මූණට හිනාවක් නගාගත්තු ජිමින් උත්සාහ කලේ ඒ වේදනාව නම්ජූන්ගෙන් හන්ගන්න..

"ඔහ්..හෝසෝකා...එ..එයා මොකක්ද බන්කුවක් උඩට වෙලා කලේ..හාහා හා...කෙල්ලෙක් ගැනවත් හිතන්න ඇති..හාහාහාආ..."

ජිමින් බොරුවට හිනාවෙන ගමන් කිව්වෙ නම්ජූන් හිනා පොදක් නැති මූණෙන් ජිමින් දිහා බලාගෙන ඉද්දි.

"ජිමින්...ඔයා කාවද ඔය රවට්ටන්න හදන්නේ...??"

"ම්..මං..මං කාවවත් රවට්ටන්න හැදුවේ නෑ හ්‍යුන්..මොකක්ද ඔයා කියන්නේ....!"

"හිතේ තියන වේදනාව ඔයාගේ ඔය ලස්සන හිනාවෙන් හැමවෙලේම වහගෙන ඉන්න බෑ ජිමින් ඔයාට...."

"හ්...හ්‍යුන්...ම්..මොක්..."

"ඔයාගේ ආදරේ...තවත් ඒක හන්ගගෙන ඉන්න එපා..."

නම්ජුන් ජිමින් දිහා බලාගෙන තිර හඩින් කිව්වේ ජිමින් උන් තැනම ගල් ගැහෙද්දි.

"හ්..හ්‍යුන්.....??!!!"

"මං දන්නවා ජිමිනා...ඔයාගේ ආදරේ ගැන වගේම..ඒ ආදරේ අයිතිකාරයා ගැනත් මං දන්නවා.."

නම්ජූන් කිව්වේ ආයෙමත් ජිමින් එක්ක යන්තමින් හිනා වෙන ගමන්.ජිමින්ගේ පුදුමයෙන් ලොකුවුනු ඇස්වල කදුලු පිරෙන්න ගත්තේ මෙච්චර කල් අමාරුවෙන් හිතේ හිරකරගෙන උන්නු රහසක් තමන්ට විශ්වාසවන්තම කෙනෙක්ට කිව්වම දැනෙන ඒ සැහැල්ලුව සැනසීම එයාටත් දැනුනු නිසා.

"හ්‍යුන්..ඔ...ඔයා කොහොමද...ඔයා කොහොමද ඒක දන්නෙ..."

නම්ජූන් ජිමින්ගෙන් මුදවගත්තු ඇස් එයාලා ලග තිබුනු Baby's Breath මල් දිහාවට යොමු කලේ මලත් එක්කත් හිනා වෙන ගම්න්.

"ඔයා එයා දිහා බලන හැම බැල්මකම,එයා වෙනුවෙන් කරන හැමදේකම තිබුනේ යාලුවෙක්ට යාලුවෙක් ගැන තියන හැගීම නෙමෙයි ජිමිනා...එයා ඔයා දිහා නොබලන හැම මොහොතකම ඔයා එයා දිහා බැලුවේ ආදරේ පිරුනු ඇස්වලින්...ඒත් එයා ඔයා දිහා බලපු ගමන් ඔයා කලේ ඒ ආදරේ හන්ගගත්තු එක..
ඔයා එයා වෙනුවෙන් කරපු හැමදේකම පිරිලා තිබුනේ ආදරේ..ඒත් ඔයා උවමනාවෙන්ම ඒ ආදරේ එයාට යාලුකමක් විදිහට දැනෙන්න සැලැස්සුවා..
ඔයා හැමදාම කලේ එයාට ආදරේ කරපු එක විතරයි ජිමිනා.."

ජිමින්ගේ ඇස්වල පිරුනු කදුලු නම්ජූන්ගේ ඒ වචනත් එක්ක ඇස්වලින් පිටාර ගලන්න පටන් ගත්තේ නම්ජූන් ආයෙමත් ජිමින් දිහාට හැරෙද්දි.

ජිමින් ලගට කිට්ටු වුනු නම්ජූන් ජිමින්ගේ කරට උඩින් අතක් දාලා ජිමින්ව වැලදගත්තේ ජිමින් කදුලු පිහිදාගන්න අසාර්ථක උත්සාහයක් ගනිද්දි.

"ඔයා මගේම චූටි සහෝදරයෙක් වගේ මට...ඉතින් ඔයාගේ හැමදේම මට තේරුම් ගන්න පුලුවන්....ඔයාගෙ ආදරේ එයාට නොතේරුනාට පැත්තක ඉදන් හැමදේම බලාගෙන හිටපු මට ඒක තේරිලා ගොඩක් කල්............අවුරුදු ගානක් තිස්සේ ඔයා හෝසොක්ට ආදරේ කරපු හැටි මං දැක්කා ජිමිනා.....කියන්න...ඔයාගෙ හ්‍යුන් හරි නේද.?"

නම්ජූන් ජිමින්ගේ ඇස් දිහාම බලාගෙන එහෙම අහද්දි ජිමින්ගේ ඇස්වලින් ගලන කදුලු තවත් වැඩි වුනා...කදුලු බේරෙන ඒ ඇස්වලින් නම්ජූන් දිහා බලාගෙන හිටපු ජිමින් ඊගාව තප්පරේදි ඔලුව ඉහල පහල වනලා එකපාරටම නම්ජූන්ගේ උරහිසේ මුණ හන්ගගත්තේ ඒ මුවින් සිහින් ඉකියක් පිටවෙද්දි...

"ඔ..ඔයා හරි හ්‍යුන්...ඔයා හරියටම හරී....එදා..එදා අහම්බෙන් මගේ ජීවිතේට ඇවිත් එයා මාව බේරගත්තු මොහොතේ ඉදන්ම මං එයාට ආදරේ කලා හ්‍යුන්...අ..අවුරුදු හයක්...අවුරුදු හයක් තිස්සේ මං එයාට ආදරේ කරනවා...ම්..මං...මං හෝසොකීට ආදරෙයි හ්‍යුන්...මගේ පනටත් වඩා මං එයාට ආදරෙයි....."

අවුරුදු ගානක් තිස්සේ හිතේ තියාගෙන උන්නු ඒ රහස නම්ජූන් ඉස්සරහ එලි කරපු ජිමින් නම්ජූන්ගේ උරහිසේම හිස තියන් අඩන්න පටන් ගත්තේ ඒ දවසේ දෙවනි වතාවටත් නම්ජූන්ගේ ඇස්වලට කදුලු උනද්දි..
.
.
.
ඒත්......
.
.
.

කදුලු නවත්තගන්න නිෂ්ඵල වෑයමක හෙදිලා හිටපු නම්ජූන්වත්,ජිමින්වත් දැක්කේ නෑ ඒ අතරේ ගාඩ්න් එකේ තිබුනු ලොකු මල් පදුරකට මුවා වෙලා එතැන වුනු හැම වචනයක්ම පැහැදිලිව අහගෙන හිටපු තවත් කෙනෙක් හෙමින් හෙමින් ආයෙමත් රෝනා ප්ලේස් එක පැත්තට ඇවිදගෙන යන හැටි..

________________________________________
2954 Words
07/11/2021

(මේ තියෙන්නේ Baby's Breath මල්.ඒවායින් සංඛේතවත් කරන්නේ සදාකාලික ආදරය...❤)

අද කොටස කොහොමද දන්නේ නෑ ඔයාලට...🙂වැරදි තිබුනොත් සමාවෙන්න මට හොදේ...❤
(ඒක නෙමේ YoonMin බලාපොරොත්තුවෙන් හිටපු කවුරු හරි ඉන්නෝද...😁)

ඒ වගේම ඔයාලට ගොඩාක් ස්තූතී සුදූලා 2K රීඩ්ස්වලට.😍😘😘

වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම වගේම මගේ සයිලන්ට් රීඩර්ස්ලාටත් ගොඩාක් ස්තූතී...😉😘 I love you..❤

Because all of you are my forever loving readers...😘❤

LOVE YOU...❤

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top