Chapter 16

________________________________________

When we lose someone we love
we must learn
not to live without them,
but to live
with the love they left behind.

________________________________________

සමහර හැගීම් තියනවා ඒවා මොනවද කියලා අපිට වෙන් කරලා අදුනගන්න හරි අමාරුයි.ඒ එක්කෝ ඒවා අපි මීට කලින් නොවිදපු අලුත්ම හැගීම් නිසා වෙන්න පුලුවන්.

එහෙමත් නැත්නම් ඒ හැගීම් මොනවද කියලා තේරුම් ගන්න අපි උත්සාහ කරන්නේ නැති නිසා වෙන්නත් පුලුවන්.

ඒත් ඒ හැගීම අපිට අදුරගන්න බැරි මේ හේතු දෙකම නිසා වුනොත්...?ඒ කියන්නේ අපිට මොකක්ද කියලා අදුරගන්න බැරි ඒ හැගීම අපි මීට කලින් නොවිදපු හැගීමක් වගේම මොකක්ද කියලා තේරුම් ගන්න අපි කිසිම උත්සාහයක් නොගන්න හැගීමක් උනොත්......

එහෙම වුනොත් අනිවාරෙන්ම අපිව ලෙහාගන්න බැරි තරමටම පැටලෙනවා.

ජන්ග් හෝසොක්ට වෙලා තියෙන්නෙත් ඒක.එයා හිටියේ හොදටම පැටලිලා.මින් යුන්ගි ගැන ඇසිල්ලක් ගහන සැනින් ඇති වුනු අමුතුම හැගීම් හෝසොක් කවදාවත් අත්දැකලා තිබුනු ඒවා නෙමෙයි.ඒ හැගීම් කුලුදුලේම හෝසොක්ගේ සීතල හදවතේ විකසිත වෙන්න පටන් ගත්තේ යුන්ගි වෙනුවෙන්මයි.ඉතින් ඒ මොනවද කියලා වෙන් කරලා අදුනගන්න හෝසොක් දැනගෙන හිටියේ නෑ.

ඒ වගේම හෝසොක් ඒ හැගීම් තේරුම් ගන්න උත්සාහ කලෙත් නෑ.හෝසොක්ට ඒවා තේරුම් ගන්න පොඩ්ඩක්වත් ඕනි වුනේ නෑ.මොකද එයා දන්නවා ඒ හැගීම් මොනවද කියලා හරියටම දැනගත්තට පස්සේ ආයෙත් එයාට හැරෙන්න බෑ කියලා.

මිනිස්සු හැගීම් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තම හැමවෙලේම නතර වෙන්නේ කදුලු එක්ක.හෝසොක් ඒක තදින්ම විශ්වාස කලා.මොකද හෝසොක් ඒක දැකලා තියනවා..තමන්ගෙම තාත්තා හැගීම්වලට ඉඩ දීලා මුලු ජීවිතේම දුක් විදපු හැටි හෝසොක් දැකලා තියනවා.

හෝසොක්ට හැම තප්පරයකම මතක් වුනෙ යුන්ගිව.යුන්ගිගේ ඇස්,යුන්ගිගේ බැල්ම..යුන්ගිව දැකපු පලවෙනි වතාවෙම හිත අස්සටම කාවැදුනු ඒ අහින්සක මූණ.එයාට හැම වෙලේම ඕනි වුනේ යුන්ගිගේ ලගින් ඉන්න.ගන්න හුස්මක් පවා යුන්ගිගේ ලගින් ඉදන් ගන්නයි හෝසොක්ට ඕනි වුනේ..යුන්ගිගේ හිනාවට හේතුව වෙන්න හෝසොක්ට ඕනි වුනා..හෝසොක්ට ඕනි වුනු හැමදේකම කොහේ හරි කොනක යුන්ගි අනිවාරෙන් හිටියා..

ඒත් ඒ හැම උවමනාවක්ම තමන් කවුද කියන යථාර්ථය ඉස්සරහදි දුර්වල වෙන්න ගත්තේ හෝසොක්ට තමන් ගැනම කලකිරීමක් ඇති වෙද්දි.
හෘද සාක්ශියට එකගව යුන්ගි ගැන හිතන්නවත් හෝසොක්ට පුලුවන්කමක් තිබුනේ නෑ.

යුන්ගිගෙ කාමරයෙන් එලියට ආපු හෝසොක් එයාගේ මූණේ තිබුනු කදුලු කමිස අතින් පිහිදගත්තේ වෙන කිසිම කෙනෙක් ඒ කදුලු දකින්න ඕනි නැති නිසා.

හෝසොක්ට එතන තවත් ඉන්න ඕනි වුනේ නෑ.එයාට ඕනි වුනේ ඒ දැනෙන බරෙන් නිදහස් වෙන්න.ටික වෙලාවකට හරි ඒ වේදනා දෙන හිත සැහැල්ලු කරගන්න.

හිත සැහැල්ලු කරගන්න ඕනි වුනු හැම වෙලාවකම හෝසොක් ගියේ එකම එක තැනකට.ඉතින් හෝසොක් තමන්ගේ කාමරයට යනවා වෙනුවට රෝනා ප්ලේස් එකෙන් එලියට ගියේ ඒ සැනසීම ලැබෙන තැන හොයාගෙන.

සෝල්වල කාර්යබහුල මාවතින් මිදුනු හෝසොක් එයාගේ කාර් එක අරගෙන ගියේ සෝල්වලම අප්‍රසිද්ද පැත්තක තිබුනු පුන්චි ගම්මානය දිහාවට.

දෙපැත්තේ තිබුනු රූස්ස ගස්වලින් සෙවණ වෙලා තිබුනු පාර දිගේ හොසොක් හිමීට කාරය පැදගෙන ගියේ නිදහසේ හමන සීතල හුලග විවරව තිබුනු වීදුරුවෙන් වාහනය ඇතුලට එද්දි.

විනාඩි කීපයක් ගම්මානය ඇතුලට ගමන් කරපු හෝසොක් පාලුවට ගිහින් තිබුනු පුන්චි ටවුන් එකක් වගේ තැනක කාරය නවත්තලා ඒකෙන් බැස්සේ වටපිටාව ගැන කිසිම අවදානයක් නැතිව.හෝසොක්ගේ ඇස් යොමු වෙලා තිබුනේ එකම එක තැනකට.බාගෙට වහපු පරණ ගේට්ටුවක රදවලා තිබුනු " CLOSED " කියන පුවරුව දිහා බලාගෙන හිටපු හෝසොක් එයාට තරමක් ඈතින් නවත්තපු අනිත් කාර් එක දැක්කේ නෑ.

කාර් එක ගාව හිටපු හොසොක් හිමීට ගේට්ටුව ගාවට ලන් වුනේ උගුරේ මොකක්දෝ හිර වෙනවා වගේ දැනෙද්දි.

මොහොතක් ගේට්ටුව දිහා බලාගෙන හිටපු හෝසොක් ඊගාව මොහොතෙදි බාගෙන විවර වෙලා තිබුනු ගේට්ටු පියන ඉස්සරහට තල්ලු කරද්දි ටිකෙන් ටික ගේට්ටුව විවෘත වෙන්න පටන් ගත්තේ නිහඩ පරිසරය පුරාවට ඒ ශබ්දය පතුරවමින්.

විවර වුනු ගේට්ටුවෙන් ඇතුලට ආපු හෝසොක්ට දැනුනේ එයාගේ හුස්ම හිරවෙනවා වගේ.එතැන ගැන තියන මතකයන් හෝසොක්ව කොයි තරම් රිදෙව්වත් තවමත් හෝසොක් ඒ වේදනාව අස්සෙනුත් ලැබුවේ සැනසීමක්.

සමහරවිට ඒ කොයි තරම් ඒ මතක රිදුම් දුන්නත් හෝසොක් ඒ මතකවලට තවමත් ආදරේ නිසා වෙන්න ඇති..නෑ මතකවලට නෙමෙයි ඇත්තටම හෝසොක් ආදරය කලේ ඒ මතකවල උන්නු කෙනාට.ඒ නිසයි අවුරුදු ගානක් ගෙවිලත් තවමත් හෝසොක් හිතට සැනසීමක් ඕනි වුනු වෙලාවට එතැනට දුවගෙන එන්නේ.

මුලු ගම්මානයම පාලුවට ගිහින් තිබුනත් ඒ ගේට් එකෙන් ඇතුල කවදාවත් පරණ වුනේ නෑ.හොසොක්ට ඒ හැමදේම හැමදාමත් ඉස්සර විදිහටම තියාගන්න ඕනි වුනා.

ඉතින් ඒ තැන කවදාවත් අබලන් වෙලා ගියේ නෑ.පණ තියන කිසිම කෙනෙක් නොහිටියත් එතන ඉස්සර වගේම තිබුනා.ඒත් එතන කලින්ට වඩා වෙනසක් තිබුනා..ඒ තමයි ඉස්සර ළමයින්ගේ හිනා හඩින්,දෙමාපියන්ගේ ආදරබර විධානවලින්,වෙලෙන්දන්ගේ කෑකෝ හඩින් පිරිලා තිබුනු පාක් එකේ අද හිටියේ හෝසොක් විතරක් වීම.

ඇත්තටම අත් ඇරලා දාපු විනෝද උයනකට කොහෙන් මිනිස්සු එන්නද..අවුරුදු ගානක් තිස්සෙ එතෙනට ආපු එකම කෙනා හෝසොක් විතරයි.

පාලුවට ගිහින් තිබුනු පාක් එක පුරාවටම නෙත් යවපු හෝසොක් ඊගාවට ඉබි ගමනින් ඇදුනේ පාක් එක මැදට වෙන්න තිබුනු පොකුණ ගාවට.පොකුනට මුහුණලා තිබුනු සිමෙන්ති බන්කුවක වාඩි වුනු හෝසොක් බලාගෙන හිටියේ රෝස පාට නෙළුම් මල්වලින් පිරිලා තිබුනු පොකුන දිහා.

මෙච්චර වෙලා හැගීම් විරහිතව හිටපු හෝසොක්ගේ ඇස් ආයෙමත් දිලිසෙන්න ගත්තේ පරණ මතක ඒ හිත අස්සට එබෙන්න පටන් ගනිද්දි.

අවුරුදු ගානක් ගෙවිලත් හෝසොක්ගේ හදවතේ මෙච්චර කාලේකට ඉතුරු වෙලා තිබුනු ආදර්ණීයම මතක වේදනාවෙන් උනත් හෝසොක් මතක් කලේ එයා බලාපොරොත්තුවෙන් ආපු ඒ සැනසීම හිතට දැනෙද්දි.

ඇස්වල එකතු වුනු කදුලු බින්දු දෙකක් කම්මුල් දිගේ ගලාගෙන ගියත් හෝසොක්ගේ මුවේ ඇදුනේ මන්දස්මිතයක්.

විනාඩි දහයක් විතර හෝසොක් එතැනම වාඩි වෙලා හිටියේ ඒ වේදනාත්මක ඒත් සුන්දර මතකයන් සිහිකරන ගමන්..ඒ මතකන් අතරේ තිබුනු ආදරණීය හිනාවට පුලුවන් වුනා මින් යුන්ගිව පවා හෝසොක්ට මොහොතකට අමතක කරවන්න.

කල්පනා ලෝකෙක ගිලිලා උන්නු හෝසොක් පියවි සිහියට ආවේ එයාගේ උරහිසට දැනුනු ස්පර්ශයෙන්.

"මාත් මෙතැනින් වාඩි වුනාට කමක් නැද්ද..?"

ලස්සනට හිනාවෙන ගමන් ඒ කෙනා අහද්දි හෝසොක්ට ඒ කවුද කියලා අදුනගන්න පිටිපස්ස හැරෙන්න ඕනි වුනේ නෑ..

"නම්ජූන්....."

නම්ජූන් දිහා නොබලම හෝසොක් බන්කුවේ පැත්තකට වුනේ නම්ජූන් එතැනින් වාඩි වෙද්දි.
දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරන්න උත්සාහ කලෙ නෑ.ඒ වෙනුවට දෙන්නම පොකුණ දිහා බලාගෙන හිටියේ සැහැල්ලුවෙන්.

හෝසොක්ගෙ ඇස්වලින් ගලන කදුලු මේ වෙද්දි නතර වෙලයි තිබුනේ.ඒ නැතත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මොකද හෝසොක්ගේ ඇස්වලින් කදුලු එන හැම මොහොතකම වගේ නම්ජූන් එයාගේ ලග හිටියා.හැමදේකටම කලින් නම්ජූන් හෝසොක් කියන්නේ හොදම යාලුවෝ.

පොකුන දිහා බලාගත්තු ගමන්ම කතාව පටන් අරන් මුලින්ම නිහඩතාවය බින්දේ නම්ජුන්.

" ඔයා සතුටින්ද හෝබා.."

හෝසොක් ඈත අහස දිහා බැලුවේ ලොකු හුස්මක් ගන්න ගමන්.

"නෑ නම්ජුනා...මං ඇත්තටම සතුටින් හිටපු දවසක් මංවත් දන්නේ නෑ..."

"ඒත් මේ තැන...ඔයා හැමදාම වේදනාවක් දැනුනු ගමන් එන්නේ මෙතැනට..ඉතින් ඒ මෙතැනට ආවම ඔයාට සතුටු හිතෙන නිසා නෙමෙයිද..?"

හෝසොක් මොහොතකට ඇස් පියාගෙන හමන සුලග විදගත්තේ මුලු ගතම ඒ පවනට සැහැල්ලු වෙද්දි.

" මෙතැනට ආවම මට සතුටක් ලැබෙනවා කියන එකට වඩා ගැලපෙන්නේ සැනසීමක් ලැබෙනවා කියන එක නම්ජුන්...සතුටට වඩා මං කැමතී ඒ සැනසීමට.."

යන්තමින් හිනාවෙන ගමන් නම්ජූන් හෝසොක්ගේ පැත්තට හැරුනේ හෝසොක් අරමුණක් නැතිව කොහේදෝ ඈතක් බලාගෙන ඉද්දි.

" ඒ සැනසීමට හේතුව එයා නේද?මෙච්චර කාලයක් ගත වෙලත්,ඔයාට තවමත් මෙතැනට පය තියපු ගමන් දැනෙන්නේ එයාව.."

" හ්ම්ම්ම්...මෙතැනට ආපු ගමන්ම මට දැනෙන්නේ වෙන මොකුත්ම නෙමෙයි,එයාව විතරයි...මට එයත් එක්ක තියන හැම මතකයක්ම තියෙන්නේ මේ පාක් එක ඇතුලේ විතරයි නම්ජූන්..."

නම්ජූන් දන්නවා හෝසොක් ඒ කාරණාවෙදි මොන තරම් අසරණද කියලා..හෝසොක් කොයි තරම් උත්සාහ කලත්,ඒ ගැන කතා කරන හැම මොහොතකම මුණේ ඇදෙන වේදනාව නම්ජූන්ගෙන් හන්ගන්න හෝසොක්ට පුලුවන් වුනේ නෑ.

නම්ජූන්ට මොකුත්ම කිව්වෙ නෑ.ඒ වෙනුවට එයා බලාගෙන හිටියේ හිමීට වේදනාත්මක සිහින් හිනාවක් ඇදුනු හොසොක්ගේ මූණ දිහා.නම්ජූන්ගෙන් කිසිම උත්තරයක් නැති වෙද්දි හෝසොක් අර වේදනාත්මක හිනාවෙන්ම ආයෙත් කතා කලේ ඒ ඇස් ආයෙමත් බොද වෙනවා වගේ දැනෙද්දි.

" අනිත් අයට එයාලගේ මුලු ජීවිත කාලෙම එයාලා වැඩියෙන්ම ආදරේ කරන කෙනා එක්ක මතකයන් තිබ්බත්...මගේ මතක මේ පාක් එකට විතරක් සීමා උනා නම්ජූන්...මට මගේ අම්මා එක්ක හැම මතකයක්ම තියෙන්නේ මේ පාක් එක ඇතුලෙම විතරයි.මං එයාව මුල්ම වතාවට මුණ ගැහුනේ වගේම මං එයාව අන්තිම වතාවට දැක්කෙත් මේ පාක් එකේදිමයි.............!!!! "

හෝසොක් එහෙම කියලා එයාගේ උකුලේ තිබුනු අත්දෙක දිහා බැලුවේ ඇස් අග නලියපු කදුලු බින්දුවක් එතැනින් ගිලිහිලා උකුලට වැටෙද්දි.නම්ජූන් හෝසොක්ගේ කරට අතක් දාගෙන හෝසොක්ගේ උරහිසට තට්ටු කලේ හෝසොක්ගේ වේදනාව අඩුකරන්න වගේ.

"කිසිම දෙයක් හිතේ තදකරගෙන ඉන්න එපා හෝබා.."

නම්ජූන් කවදාවත් හෝසොක්ගෙන් එයාගෙ අම්මා ගැන කිසිම දෙයක් ඇහුවෙ නෑ.හෝසොක් කවදාවත් ඒ ගැන කතා කරලත් නෑ.නම්ජූන් දැනගෙන හිටියේ හෝසොක් අවුරුදු දෙකේ ඉදලම හැදුනේ අම්මා කෙනෙක් නැතුව කියන එක විතරයි..

උකුලින් ඇස් ඉවතට ගත්තු හෝසොක් කතා කරන්න පටන් ගත්තේ පොකුන දිහා බලාගෙන.

" මට මතක ඇති කාලේ ඉදන් මං හැදුනේ ග්‍රෑන්ඩ්මා ගාව නම්ජූන්..අවුරුදු හතරක් විතර වෙනකම් අම්මා කියන්නේ කවුද කියලාවත් මං දැනගෙන හිටියේ නෑ.තාත්තා කවදාවත් අම්මා ගැන කතා කලේ නෑ..අම්මා ගැන තියා එයා මං එක්කවත් වචනයක්වත් කතා කලේ නැති තරම්.....එයා හැම්දාම කලේ මාව මග ඇරපු එක.තාත්තාගෙ ඇස් ඉස්සරහම මං හිටගෙන හිටියත්,එයා හැසිරුනෙ මාව පේන්නේ නෑ වගේ...."

හොසොක් කිව්වේ කට කොනින් හිනාවෙන ගමන්.

"ඒත් දවසක්...ඒ හරියටම මගේ හතරවෙනි බර්ත්ඩේ එක දවස...තාත්තටනම් ඒක මතකවත් තිබුනේ නෑ..එයා ඒ දවසෙත් හිටියේ බිස්නස් වැඩකට වෙන රටකට ගිහින්......එත් ග්‍රෑන්ඩ්මාට ඒක මතක තිබුනා..එයා කිව්වා එයා මට ලොකු තෑග්ගක් දෙනවා කියලා.මං ගොඩක් සතුටින් හිටියෙ තෑග්ග බලන්න...ඒත් තෑග්ගක් දෙනවා වෙනුවට ග්‍රෑන්ඩ්මා මාව මේ පාක් එකට එක්කගෙන ආවා..."

හෝසොක් මෙච්චර කල් හිතේ තියාගෙන උන්නූ ඒ දේවල් නම්ජුන් එක්ක කිව්වෙ නම්ජුන් කිසිම දෙයක් නොකියා ඒ හැමදේම අහගෙන ඉද්දි.නම්ජුන් දන්නවා..සමහර වෙලාවල් තියනවා තව කෙනෙක් වෙනුවෙන් අපි කරන්න ඕනි කතා කරන එක නෙමෙයි,ඇහුම්කන් දෙන එක විතරයි කියලා.හෝසොක්ටත් මේ වෙලාවේ ඕනි වුනෙ කතා කරන්න කෙනෙක් නෙමෙයි..එයාට ඇහුම්කන් දෙන කෙනෙක්.

" මං බලාගෙන හිටියා ගෑන්ඩ්මා මාව මෙරිගෝරවුන්ඩ් එකේ එක්කන් යනකම්...එහෙමත් නැත්නම් ගේම් ස්ටෝර් එකකට එක්කන් යනකම්...ඒත් ඒ හැමදේම පහු කරගෙන එයා මාව එක්කගෙන ගියේ පාක් එකේ අයිනක බන්කුවක වාඩි වෙලා උන්නු ගෑනු කෙනෙක් ගාවට...."

හෝසොක් ඒ මතකයන් සිහි කරන ගමන් හරි ලස්සනට හිනා වුනා..

"එයා තමයි නම්ජූන් මං මේ ලෝකේ දැකපු ලස්සනම ගෑනු කෙනා..එයාගේ කලු පාට කොන්ඩේ ගොඩාක් දිගයි..ලස්සන සුදු පාට ගවුමක් ඇදගෙන හිටපු එයා අපිව දැකපු ගමන් නැගිට්ටේ අපි ලගට දුවගෙන එන්න වගේ....මං දැනගෙන හිටියේ නෑ ඒ කවුද කියලා.ඒත් ග්‍රෑන්ඩ්මා එයාව බදාගෙන ඊට පස්සේ එයාට මාව පෙන්නද්දි එයා අඩන්න පටන් ගත්තෙ අවුරුදු ගානක් නැති වෙලා හිටපු කෙනෙක් හම්බුනා වගේ..."

"එදා එයා මාව බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා..ඊට පස්සේ අනිවාරෙන් මාසෙකට දවස් දෙක තුනක්ම ග්‍රෑන්ඩ්මා මාව එයාව මුන ගැහෙන්න මේ පාක් එකට එක්කගෙන ආවා.එයා ඒ හැම දවසකම රසම රස කෑම මහ ගොඩක් හදාගෙන ඇවිත් එයාගේ අත් දෙකෙන්ම මට කැව්වා නම්ජූන්....මං මේ ලෝකේ කාලා තියන රසම කෑම තමයි ඒවා......"

"එයා මාත් එක්ක සෙල්ලම් කලා,සින්දු කිව්වා,නැටුවා..ඒ හැමදේටම වඩා ඒ හම්බුනු චූටි වෙලාව ඇතුලතදිත් මට දරාගන්න බැරි තරම් ආදරේ දුන්නා....ඒත් ඒ වෙද්දිත් මං එයා කවුද කියලා දන්නේ නෑ.ඒත් මං දැකලා තිබුනා අනිත් ලමයි එයාලව එහෙම බලාගන්න ගෑනු අයට අම්මා කියලා කතා කරනවා...ඉතින් මටත් එයාට අම්මා කියන්න ඕනි වුනා..."

නම්ජූන් හෝසොක් දිහා බලාගෙන හිටියේ කදුලු පිරුනු ඇස්වලින්.ඇස්වලින් කදුලු ගලාගෙන යද්දි හෝසොක් ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.

"මං එයාට අම්මා කියලා කතා කරපු පලවෙනි වතාවේ එයා හිනාවෙවි ඇඩුවා නම්ජූන්..මාව බදාගෙන මාව ඉම්බා අනිත් අම්මලා වගේම..මට එයාව මගේ ඇත්තම අම්මා කරගන්න ඕනි උනා.අනිත් ලමයින්ට පේන්න පාක් එකෙන් එලියෙදිත් එයාගේ අතේ එල්ලිලා යන්න ඕනි උනා.........ඒත්.....තාත්තට හොරෙන් අපිට පාක් එකෙන් එලියෙදි මුණ ගැහෙන්න පුලුවන්කමක් තිබුනේ නෑ....."

"අවුරුද්දක්ම මං එයාව ඒ විදිහට මේ පාක් එකේදි මුන ගැහුනා..ඒ කාලය ඇතුලතදි තමයි මගේ ජීවිතේ ලස්සනම කාලේ......ඒ මතකයන්..හරිම ලස්සනයි නම්ජූන්..."

"මගේ පස්වෙනි බර්ත්ඩේ එකට සතියකට කලින් තමයි ග්‍රෑන්ඩ්මා කිව්වේ මං අම්මා කියලා කතා කරන ඒ කෙනා තමයි මගේ ඇත්තම අම්මා කියලා...මට දැනුනෙ හරියට මුලු ලෝකෙම මටලැබුනා වගේ......එදා පාක් එකට ඇවිත් මං අම්මා එක්ක හිටියේ වෙනදටත් වඩා සතුටින්...අම්මා මට පොරොන්දු වුනා මගෙ පස්වෙනි බර්ත්ඩේ එකට මට මේ ලෝකේ තියන වටිනම තෑග්ග ගෙනත් දෙනවා කියලා.....ඒත්......"

හෝසොක් ලොකු හුස්මක් ගත්තේ මුවින් පිටවෙන්න් ගිය ඉකිය අමාරුවෙන් දරාගන්න ගමන්.

"ඒත් මට ඒ තෑග්ග මොකක්ද කියලා කවදාවත් දැනගන්න ලැබුනේ නෑ නම්ජූන්..මං අදටත් දන්නේ නෑ ඒ තෑග්ග මොකක්ද කියලා......මොකද....එදා පාක් එකෙන් එලියට යද්දි මගේ ඇස් ඉස්සරහදිම මගේ අම්මාව පැහැරගෙන ගියා.....අම්මා එදා උන්ගෙන් බේරෙන්න දගලන ගමන් අන්තිම වතාවට මං දිහා බලද්දි ඒ ඇස්වල තිබුනු අසරන බැල්ම මට කව්දාවත් අමතක වෙන්නේ නෑ නම්ජූන්.....මට මගේ අම්මාව හරියටම අදුරගන්න ලැබුනු දවසෙම මට එයාව නැති උනා..එදායින් පස්සේ කිසිම දවසක එයා ආයෙ ආවේ නෑ....මගේ අම්මා ආයේ කවදාවත් මාව බලන්න ආවේ නෑ නම්ජූන්...."

ඒත් එක්කම හෝසොක් මෙච්චර වෙලා අමාරුවෙන් හිරකරගෙන හිටපු වේදනාව හැඩීමක් වෙලා පිට වුනේ එකදිගටඒ ඇස්වලින් කදුලු ගලද්දි.

"අදටත්..මෙතෙන්ට එන හැමවෙලාවෙම මං බලාගෙන ඉන්නවා කොහේ හරි ඉදන් හිනාවීගෙන එයා සියොකී කියාගෙන මං ලගට දුවගෙන එනකම්..ඇවිත් මාව බදාගන්නකම්...මාව ආදරෙන් තුරුල් කරගන්නකම්.......ඒත් එයා කවදාවත් ආවේ නෑ නම්ජූන්....මගේ අම්මා තාමත් ආවේ නෑ..මුලු ලෝකෙටම මාව හදවතක් නැති නරුමයෙක් වුනාට මගේ හදවතත් තවම ගැහෙනවා.....කවදාවත් ලැබෙන්නේ නෑ කියලා දැන දැනත් ඒ ගැහෙන හදවත තවමත් රිදෙන හැමවෙලාවකම මගෙ අම්මාගේ උනුහුම ඉල්ලනවා නම්ජූන්.....ඒ නිසයි වේදනාවක් දැනෙන හැම වෙලාවකම අම්මාගේ මතක පිරුනු මේ පාක් එකට මං දුවගෙන එන්නේ..අම්මගේ උනුහුම නැතත් එයාගේ ආදරණීය මතකවල හරි උනුහුම මට ලැබෙන්නේ මෙහෙදි විතරයි....."

කදුලු ගලන ඇස් දෙක එක අතකින් පිහිදගත්තු නම්ජූන් අඩමින් ඉන්න හෝසොක්ව පැත්තකින් වැලදගත්තේ හොදම යාලුවගේ වේදනාව දැකලා එයාගේ හිතත් වේදනා දෙද්දි..

" i miss you ammaa.....!!! මං ඔයාට ගොඩාක් ආදරෙයි...!!! "

________________________________________

ඔෆීස් රූම් එකේ තිබුනු සුව පහසු අසුනක වාඩි වෙලා මත්පැන් වීදුරුවක් තොල ගාන ගමන් උන්නු මැදිවියේ පුරුෂයා බලාගෙන හිටියේ එයාගේ අතේ තිබුනු ෆොටෝ එක දිහා..

ඔහුගේ ඉස්සරහ හිටගෙන හිටපු මාස්ක් එකක් දාගෙන උන්නු තරුණයා සීරුවෙන් බලාගෙන හිටියේ වාඩිවෙලා හිටපු පිරිමි කෙනාගෙන් විධානයක් ලැබෙනකම්.

වාඩි වෙලා උන්නු කෙනා ෆොටෝ එක දිහා බලන ගමන් කට කොනින් හිනා වුනේ මත්පැන් වීදුරුවම එක හුස්මට හිස් කරන ගමන්....

" මං ඔයාව ඉක්මනින්ම හොයාගන්නම් බේබි බෝයි...මේ ජැන්ග් හියුක්ගෙන් කාටවත් වැඩි කාලයක් හැන්ගිලා ඉන්න බෑ..."

එහෙම කියලා හයියෙන් හිනා උනු ජැන්ග් හියුක් ඒ ෆොටො එක එයාගේ ඉස්සරහ හිටපු තරුණයට දුන්නා..

"ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ලව මට පුලුවන් තරම් ඉක්මනට හොයලා ඕනි ජේ.ජේ......එයාගේ නම මින් යුන්ගි.පාක් සන්හූන්ගේ මල්ලි.අර ජන්ග් හෝසොක් එයාව අල්ලගන්න කලින් අපි කොහොමහරි එයාව හොයාගන්න ඕනි..තේරුනා නේද?"

"ඕකේ බොස්..මං ඉක්මනටම මේ වැඩේ ඉවරයක් කරන්නම්.."

"ගුඩ්..තමුසේ දන්නවනේ මං මේ වැඩේ තමුසෙට භාර දුන්නේ මට තමුසෙව විශ්වාස නිසා.මං ලගට ඇවිත් ටික කාලයක් උනාට තමුන් භාර දෙන වැඩේ ගානට කරනවා කියලා තේරුනු නිසයි මං මෙක භාර දෙන්නේ......තමුසේ දන්නවනේ ඒ විශ්වාසේ කැඩුවොත්..තමුන්ට ආයේ ඉර පායනවා බලන්න වෙන්නේ පරලෝකේ ඉදන් තමයි.."

" කිසිම අවුලක් වෙන්නෙ නෑ බොස්.මං ගානට වැඩේ කරන්නම්..."

"ග්‍රේට්.....යූ කැන් ගෝ නව්.."

ජේ.ජේව රූම් එකෙන් එලියට යවපු ජැන්ග් හියුක් හිස් වීදුරුවට තවත් මත්පැන් ටිකක් දාගත්තේ නපුරු හිනාවක් මූණේ තියාගෙන.

"ජන්ග් හෝසොක්...අපි එහෙනම් මුණ ගැහෙමු.....ඉක්මනටම......"

________________________________________

(2204 Words)
03/11/2021

ජේජේ ආවා.....😈

කම්මැලී නෑ නේද.. (◕‿◕)

Sorry for the mistakes and thank you lovelies,for reading this chapter till the end.❤

And thank you for your votes and comments my sweethearts.💙

LOVE YOU 🌼

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top