Chapter 14


_________________________________________

තියුණු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනී...
සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමී...

ඉතින් එබැවින් නවතිමි...
හදින් පිටමන් නොකරමි...

නිතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්...
පෙමින් සගවා තබා ගන්නෙමි නොලි ඒ ගීතිකාවන්...

සදාකාලික තැවුල් පොදියක රැදී හද පෙලුවත් නිති...
ලියා අවසන් කවක් කෙලවර මැකි වියැකි යා නොදි...

ඉතින් එබැවින් නවතිමි.....
හදින් පිටමන් නොකරමි.....

Vidula Ravishara
Song title ~ Kawiya

_________________________________________

බලාපොරොත්තු නොවුනු ආරංචියක් එක්ක ගෙවුනු පැය කීපයකට පස්සේ හෝසොක් ඔෆීස් එකෙන් එලියට ආවේ ජන්ග් කෝපරේෂන් එකට අදාල වැඩ වගයකුත් ඉවර කලාට පස්සේ.ඒ වෙද්දිත් අනිත් අය බ්‍රෙක්ෆස්ට් එක අරගෙන තිබුනු නිසා කිචන් එකට ගියපු හෝසොක් සැන්ඩ්විච් එකක් හදාගෙන කාලා ආයෙමත් ආවේ එයාගේ කාමරෙට යන්න.

සුදු පාට ටයිල් අල්ලලා තිබුනු පියගැට පෙල දිගේ හෝසොක් දෙවනි මහලට යන්න ගත්තේ ෆෝන් එක චෙක් කරන ගමන්.

පඩිපෙල නැගලා දෙවනි තට්ටුවේ තිබුනු පොඩි ලිවින් රූම් එකට ආපු හෝසොක් ෆෝන් එක සාක්කුවට දාගෙන එයාගේ කාමරයට යන්න හැරුනත් ඒ ගමන්ම හෝසොක්ගේ ඇස් යොමු වුනේ මුලින්ම තිබුනු කාමරය දිහාවට.

හෝසොක්ගේ කාමරය තිබුනු රෝනා ප්ලේස් එකේ දෙවනි තට්ටුවේ.හෝසොක්ගේ කාමරයට අමතරව මින් යුන්ගිව රදවලා තියපු ගෙස්ට් රූම් එක තිබුනෙත් දෙවනි තට්ටුවෙමයි.ඒ මොහොතෙදි හෝසොක්ගේ බැල්ම රැදුනේ මින් යුන්ගි හිටපු ඒ ගෙස්ට් රූම් එක ලග.

හෝසොක් දන්නේ නෑ පහළ තට්ටුවෙත් ගෙස්ට් රූම් එකක් තියෙද්දි එයා මින් යුන්ගිව දෙවනි තට්ටුවේ තියන ගෙස්ට් රූම් එකේ නවත්තන්න කියලා ජිමින්ට කිව්වේ ඇයි කියලා.හෝසොක්ට ඕනි වුනෙ ඒ ගේ ඇතුලේ යුන්ගි කෙනෙක් නෑ වගේ ජීවත් වෙන්න.ගේ ඇතුලේ නෙමෙයි මේ ලෝකෙවත් යුන්ගි කියලා කෙනෙක් නෑ කියලයි හෝසොක් එයාගේ හිතට ඒත්තු ගන්වන්න උත්සාහ කලේ.ඒ උනත් ඒ දොරෙන් එහා පැත්තේ ඉන්න කෙනාව මතක් වෙද්දි ඉබේම ඒ පැත්තට ඇදෙන තමන්ගේ කකුල් දෙක නවත්තගන්න හෝසොක්ට පුලුවන් වුනේ නෑ.

හිමින් අඩි තියමින් හෝසොක් යුන්ගිගේ කාමරය දිහාට ඇදුනේ තමන් කරන්නේ මොකක්ද කියලවත් නොදැන.ඒත් එකපාරටම පියවි සිහියට ආපු හෝසොක් දොරට අතේ දුරින් නතර වුනේ එයාගේ හීනි තියුනු ඇස් පුදුමයෙන් ලොකු වෙද්දි.

'මං මොන මගුලක්ද ඒ කරන්න හැදුවේ..??"

හෝසොක් තමන්ටම කියාගත්තේ ලොකු කරගත්තු ඇස්වලින්ම යුන්ගිගේ දොර දිහා බලාගෙන අඩියක් පස්සට යන ගමන්.

සෝල්වල විතරක් නෙමෙයි මුලු රටේම හිටපු භයානකම මාෆියා ලීඩර් වුනු ජේහෝප්,එහෙමත් නැත්නම් ජන්ග් හෝසොක්ගේ තියුනු කලු ඇස්වලින් හැගීමක් පේනවා කියන්නේ මෙච්චර කල් සාමාන්‍යයෙන් සිදු නොවුනු දෙයක්.සාමාන්‍ය සිස්ටම් එකට අනුව හෝසොක් කරන්න ඕනි නැති මොනවාහරි දෙයක් කලාම එයා කරන්නේ තමන්ටම ශාප කරගෙන ලග තියන දෙයක් පොලොවේ ගහන එක..ඒ වෙනුවට එයා ඇසුත් ලොකු කරගෙන පුදුමයෙන් බලාගෙන ඉන්නවා කියන්නෙ ඇත්තටම අලුත් දෙයක්.

තප්පර කීපයක් එහෙමම ලොකු ඇස්වලින් දොර දිහා බලාගෙන හිටපු හෝසොක් ඔලුව දෙපැත්තට වනලා ආයෙමත් තමන්ට අයිති කාමරයට යන්න හැරුනේ යුන්ගිගේ කාමරය දැක්කේ නෑ වගේ.ඒත් හෝසොක්ගේ හිතට ඕනි වුනේ වෙන දෙයක්.

' මං එයාගෙන් සමාව ගන්න ඕනි මං කරපු දේට.."

හෝසොක්ගේ හිත එහෙම කියද්දි හෝසොක් ආයෙමත් ඉස්සරහට ගත්තු අඩිය පස්සට ගත්තේ උන්නු තැනම නැවතිලා.

'මොන විකාරද මං මේ හිතන්නේ..මං කිසිම දවසක කාගෙන්වත් සමාව ගන්න කෙනෙක් නෙමෙයි...'

හෝසොක් තමන්ගේ හිතටම කියාගත්තේ යුන්ගිගෙ දොරෙන් ඇස් දෙක අයින් කරගන්න ගමන්..

'එහෙනම් මොකටද ඊයේ උදේ වීරයා වගේ යුන්ගිව හම්බවෙන්න මෙඩිකල් රූම් එකට දුවගෙන ගියේ.ඒ සමාව ගන්න නෙමෙයිද..?'

හිත අහන ඒ ප්‍රශ්නවලට උත්තර ඇත්තටම හෝසොක් ගාවවත් තිබුනේ නෑ.

ඇත්තටම හෝසොක්ට මින් යුන්ගිව දකින්න තිබුනේ ලොකු උවමනාවක්.ඊයේ හවස එයාව දැක්කත් යුන්ගිට දැනුනේ අවුරුදු ගානකින් යුන්ගිව දැක්කේ නෑ වගෙයි.

' මට සමාව ගන්න ඕනි නෑ.මං සමාව ගන්නෙත් නෑ..කීයටවත්ම නෑ.මට ඕනි නිකෝව එකපාරක් දකින්න විතරයි.එයා හොදින්ද කියලා බලන්නයි මට ඕනි.වෙන කිසිම දෙයක් නෑ...එයා හොදින් ඉන්නවද කියලා බලලා මං එලියට එනවා..එච්චරයි...ඔව් එච්චරයි...'

එහෙම හිතපු හෝසොක් ආයෙමත් වතාවක් යුන්ගිගේ දොර ලගට හියේ කාමරය ඇතුලට යන්න තීරණය අරගෙන.දොරට තට්ටු කරන්න ඉහලට කරපු අත අවකාශයේ නවත්තගත්තු හෝසොක් එයාගේ අත දිහා බලාගෙන හිටියේ එතන හිටපු තප්පර කීපය ඇතුලට දෙවනි වතාවටත් ඇස් ලොකු කරගන්න ගමන්.මොකද හෝසොක් කියන්නේ කිසිම දේකදි කිසිම කෙනෙකුගෙන් කිසිම විදිහකින් අවසර ඉල්ලන කෙනෙක් නෙමෙයි...ඉතින් එහෙව් හෝසොක් දොරක් අරින්න කලින් කවදාවත් දොරට තට්ටු කරකර ඉන්නේ නෑ.

'මේක මගේ ගෙදර.මගේ ගේ ඇතුලේ මට ඕනි දෙයක් කරන්න මට අයිතිය තියනවා..'

හොද හුස්මක් අරන් හිත සන්සුන් කරගත්තු හෝසොක් එයාගේ ඇස් සාමාන්‍ය විදිහ කරගෙන එයාගේ සීතල පෞරුෂය ආයෙමත් ආරූඪ කරගත්තේ ජන්ග් හෝසොක්ගේ පෙනුමින් ජේහෝප්ගේ පෙනුමට මාරු වෙලා.

හැගීමක් නැති මූණ..
උණුහුමක් නැති සීතල ඇස්..
නපුරු බැල්ම..

මේ ඔක්කොමත් එක්ක හෝසොක් යුන්ගි උන්නු කාමරයේ දොරේ හැන්ඩ්ල් එකට අත තිබ්බේ දොර අරින්න හිතාගෙන..ඒත්....

ඒ වතාවෙත් හෝසොක් නැවතුනා.යුන්ගිව දකින්න තිබුනු උවමනාව කොච්චර ලොකු උනත්,හෝසොක් ආයෙමත් නැවතුනා.

හෝසොක් අරමුණක් නැතිව දොර දිහාට යොමු වුනු ඇස්වලින් එතනම ගල් ගැහිලා වගේ ඉද්දි දොරේ හැන්ඩ්ල් එක උඩ තිබුනු හෝසොක්ගේ අත හිමීට එතනින් ගිලිහුනේ කාමරය ඇතුලට යන්න හෝසොක්ට තිබුනු අධිෂ්ඨානය ඒත් එක්කම දිය වෙලා යද්දි.

හෝසොක් දොර අරින්න හදපු පළවෙනි තප්පරේම එයාට මතක් වුනේ කලින් දවසේ උදේ මෙඩිකල් රූම් එකේ දොර අරිද්දි එයාට දකින්න ලැබුනු දේ.

පැය කිපයක් ඇතුලට තමන්ගේ ජීවිතේට නොදැනුවත්වම ලොකු බලපෑමක් කරපු මින් යුන්ගි වෙන කෙනෙක් එක්ක සැහැල්ලුවෙන් උන්නු හැටි හෝසොක් දැක්කා.තමන් දිහා බලද්දි හැගීම් විරහිතව තිබුනු ඒ ඇස් ජිමින් දිහා බලද්දි උණුසුම් වුනු හැටි හෝසොක් දැක්කා.ජිමින් යුන්ගිට දැනෙන පොඩි වේදනාවක් පවා වලක්වන්න උත්සාහ කරන හැටි වගේම යුන්ගි ගැන ජිමින්ගේ ඇස්වල තියන කරුණාව හෝසොක් දැක්කා..

ඒ හැමදේටම උඩින්,තමන්ට වඩා සිය දහස් ගුණයකින් හොද කෙනෙක් වුනු ජිමින් එක්ක මින් යුන්ගි හිනා වුනු විදිහ හෝසොක් දැක්කා...

හෝසොක්ට ඕනි වුනෙ නෑ තව වතාවක් ඒ අත්දැකීම විදින්න..බැරි වෙලාවත් මින් යුන්ගි ලග ජිමින් හිටියොත්,ඒක දකින්න හොසොක්ට පොඩ්ඩක්වත් ඕනි වුනේ නෑ.මින් යුන්ගි තව කෙනෙක් ලග සතුටින් ඉන්න එක ගැන හෝසොක්ට අහිතක් තිබුනේ නෑ.ඒත් හොසොක් කියන්නේ මොන තරම් ශක්තිමත් කෙනෙක් වුනත් තමන්ට දෙන්න බැරි හිනාවක් වෙන කෙනෙක් ඒ මූණට ගේනවා දකින්න තරම් හෝසොක්ගේ හිත ශක්තිමත් උනේ නෑ.

මින් යුන්ගි ගැන නොහිතා ඉන්න හදන හැම මොහොතකම යුන්ගිවම මතක් වෙන්න හේතුව හෝසොක් දන්නේ නෑ.ඒ වගේම මින් යුන්ගීව මහක් වෙන හැම තප්පරේකම හදගැස්ම වේගවත් වෙන්නේ ඇයි කියලත් හෝසොක් දන්නේ නෑ.අඩුම තරමේ ඒ මල් කොල්ලා ගැන හිතට දැනෙන මේ හැගීම මොකක්ද කියලවත් හෝසොක් දැනගෙන හිටියේ නෑ.

හෝසොක් දන්න එකම දේ තමයි මින් යුන්ගි කියන්නෙ ලං වෙන්න අමාරු උසම උස අත්තක් උඩ තියන මලක් කියන එක.අත්ත පිටින්ම මල නෙලාගන්න එයාට පුලුවන්කම තිබුනත් හෝසොක්ට ඕනි වුනේ නෑ ඒ මල එහෙම අයිති කරගෙන අකාලේ විනාශ වෙනවා දකින්න.
දුර ඈත තියන හැම මලකටම ලං වෙන්න පුලුවන් සුරදූතයින්ට විතරයි...සුරදූතයින්ට පියාපත් ලැබෙන්නේ දුර ඈත අතු අග පිපෙන මල්වලට ලං වෙන්න පුලුවන් වෙන්න.මලක් වුනත් කැමති උණුහුම කරුණාව පිරුනු සුර දූතයෙක්ගේ ලග සදහටම සුවද දිදී විකසිත වෙන්න මිසක් සීතල නපුරු ආත්මයක් ලග අකාලේ මුකුලිත වෙන්න නෙමෙයි.

හෝසොක් දන්නවා..සීතල නපුරු ආත්මයක් විතරක්ම වුනු තමන් ගාව ජිමින් කියන්නේ සුර දූතයෙක් කියලා.ඉතින් තවත් මොනවද?අහම්බෙන් හෝසොක්ගේ ජීවිතය ඇතුලට ආපු මින් යුන්ගි කියන සුන්දර මල අයිති තමන්ට නෙමෙයි කියලා හෝසොක්ට ස්ථීරයි.

තමන්ට කවදාවත් අයිති නොවෙන දෙයක් ගැන හොයන එකෙන් වෙන්නේ බොරු බලාපොරොත්තු ඇති වෙන එකම විතරයි.යුන්ගි ගැන හොයන,යුන්ගිව දකින,යුන්ගි කියන නම මතක් කරන මොහොහොතේදි පවා හිත අස්සේ ඉපදෙන්න දගලන බලාපොරොත්තු ඉටු නොවෙන ඒවා කියලා හෝසොක් දන්නවා.

කොයි තරම් අමාරු වුනත් හෝසොක්ට ඕනි වුනේ යුන්ගිගෙන් ඈතකට වෙන්න.යුන්ගිව නොදැක ඉන්න.මුලු ජීවිතෙන්ම මේ දවස් දෙක තුන මකලා දාන්න.

" ඔයා මට හරි දුරයි නිකෝ...ළං වෙන්න විතරක් නෙමෙයි,දුර ඉදන් දකින්නවත් බැරි තරමට ඔයා මට දුරයි...!! "

හිස් බැල්මෙන් යුන්ගිගේ කාමරයට යන දොර දිහා බලාගෙන මුමුණපු හෝසොක් පියවරක් පස්සට තිබ්බේ ඒ ඇස් දොරෙන් අහකට ගන්නෙවත් නැතුව.

ඒත්..

ඒ ඇස්වල තිබුනේ මුලු ලෝකෙම කියන හැගීම් විරහිත බැල්ම නෙමෙයි..මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් නොදැකපු බැල්මක්...තනියෙන් ඉන්න හැම මොහොතකම අපැහැදිලි මතක ගොඩක් අස්සේ හිරවෙලා ඉද්දි ඒ ඇස්වල තිබුනු බැල්ම.

හෝසොක්ගේ ඇස් පිරිලා තිබුනේ වේදනාවෙන්.හැමෝගෙම ඉස්සරහා සීතල බැල්මක් රදවගෙන ඉන්න හෝසොක් තනි වුනු හැම වෙලාවකම ඒ ඇස්වල රැදිලා තිබුනෙත් ඒ වේදනාවමයි.

ජීවිතේට ඕනිමයි කියලා දැනෙන කෙනෙක් කවමදාකවත් ලගට ගන්න බැරි තරම් ඈතයි කියලා තේරෙද්දි දැනෙන වේදනාව ඒ...

වේදනාව පිරුනු ඇස් තප්පර කීපයකට පියාගත්තූ හෝසොක් ආයෙමත් ඒ ඇස් ඇරලා තවත් පියවරක් පසුපසට ගියේ ඒ ඇස් දොරෙන් ඉවතට අරන් අරමුණක් නැතිව වෙනතකට යොමු කරන ගමන්.

ඒත් එක්කම දකුනු අත පැත්තට හැරුනු හෝසොක් තමන්ගෙ කාමරය දිහාට අඩිය තිබ්බේ ගන්න හුස්ම පවා ඕනිවටත් වඩා සන්සුන් කරගෙන.යුන්ගිගෙන් කොච්චර ඈත් වෙන්න හිතුවත්,ඒ දේ කරන්න කොච්චර හිත හදාගත්තත්,ගන්න එක පියවරක් පවා යුන්ගිගෙන් ගව් ගානක් ඈතකට යනවා වගේ දැනෙද්දි හෝසොක්ට දැනුනේ තමන්ගේ හුස්ම පවා නවතින්න එනවා වගේ.

හොසොක්ට එයාගේ වටපිටාව ගැන අවබෝධයක් තිබුනේ නෑ.මුලු හිතම එක සිතිවිල්ලක්වත් නැතිව හිස් වුනා වගෙයි හෝසොක්ට දැනුනේ.

හිමි හිමින් මුල් පියවර තියපු හෝසොක් ඊගාව පියවර වේගවත් කලේ කොයි තරම් වේදනාවක් දැනුනත් යුන්ගිගෙන් පුලුවන් තරම් ඈතට යන්නයි.

හෝසොක් හිටියේ යුන්ගිගේ කාමරයෙන් අඩි දහයක් විතර එහායින් තිබුනු තමන්ගේ කාමරයට ඇතුලු වෙන්න ඔන්න මෙන්න.ඒත්......

දෛවය කියන දේ කොහොමත් හරි ආසයි අපි වේදනාවෙන් ඈත් වෙන්න පුලුවන් තරම් උත්සාහ කරද්දි අපිව තව තවත් වේදනාවට තල්ලු කරන්න..
කලින් වගේම මේ වතාවෙත් හෝසොක්ගේ දෛවයට වෙනම අරමුණක් තිබුනා.

හෝසොක් තමන්ගේ කාමරයට යන්න හදද්දිම යුන්ගි හිටපු කාමරය දිහායින් ඇහුනෙ තරමක් ලොකු ශබ්ධයක්.ඒත් එක්කම වේදනාත්මක කෑ ගැහිල්ලක් ආවේ හෝසොක් හිටපු තැනම ගල් ගැහෙද්දි.

ඒ හඩ කාගෙද කියලා හෝසොක් හොදටම දන්නවා.ඒ වගේම ඊට කලින් ඇහුනු ශබ්දය මොකක්ද කියලා තේරුම් ගන්න හෝසොක්ට බැරි උනේ නෑ.ඒ ඇහුනේ මොකක් හරි බිම වැටෙන සද්දයක්.වෙන විදිහකට කියනවානම් කවුරු හරි බිම වැටෙන සද්දයක්.

" නිකෝ...!!!!!!!!! "

යුන්ගිගෙන් ඈතට යන්න උත්සාහ කරමින් හිටපු හෝසොක් ඊලග තප්පරේම මින් යුන්ගිගෙ කාමරය දිහාට තිබුනු පියවය කීපය එතැනට දුවගෙන ගියේ අඩියට දෙකට.

පිටතින් දාලා තිබුනු ලොක් එක තප්පරෙන් ඇරපු හෝසොක්ට දොර සම්පූර්නෙන්ම ඇරගන්න ගියේ ඇහි පිල්ලම් ගහනවටත් අඩු කාලයක්.

කලබලයෙන් කාමරය ඇතුලට ආපු හෝසොක් හිටියේ කම්පනය වෙලා වගේ.විමසිලිමත් ඇස් මුලු කාමරය පුරාම යවමින් හෝසොක් හෙව්වෙ මින් යුන්ගිව.

කාමරය කිසිම තැනක යුන්ගිව හොයාගන්න බැරි වෙද්දි හෝසොක් ඉක්මන් ගමනින් ගියේ කාමරය අයිනක තිබුනු බාත්රූම් එක දිහාට..ඇතුලතින් ලොක් කරලා නොතිබුනු දොර තමන්ගේ අතින් විවර වෙද්දි හෝසොක් දැක්කේ කීයටවත් එයා දකින්න බලාපොරොත්තු වුනු දෙයක් නෙමෙයි.

හෝසොක්ගේ ඇස් ආයෙමත් අමුතුම වේදනාත්මක හැගීමකින් පිරුනේ ඒ දසුනින් එයාගේ ගල් හදවත දරාගන්න බැරි තරම් රිදුම් දෙන්න ගනිද්දි.

බාත්රූම් එක අයිනකට වෙන්න තිබුනු බාත්ටබ් එක ලග කිරි සුදු පාට සෙරමික් ටයිල් උඩ වැටිලා හිටියේ හෝසොක්ගේ නිකෝ..මින් යුන්ගි

එක කකුලක් නැමිලා ඒක උඩ ඉන්දවිලා වගේ උන්නු යුන්ගිගේ අනිත් කකුල තිබුනෙ ඉදිරියට දිගු වෙලා.බාත්ටබ් එකට බර වෙලා එක අතකින් ටබ් එක අල්ලගෙන හිටපු යූන්ගී අනිත් අතින් පපුවේ වම් පැත්ත අල්ලගෙන හිටියේ වේදනාවෙන් ඇස් පියාගෙන.

යුන්ගිගේ වේදනාවෙන් පිරුනු මූණ දැකපු හෝසොක්ට එක මොහොතකට මොකක්ද කරන්නෙ කියලවත් හිතාගන්න පුලුවන් වුනේ නෑ.ඒත් ඉක්මනින්ම පියවි සිහියට ආපු හෝසොක් යුන්ගි ගාවට දුවගෙන ගිහින් බිම දනගහගත්තේ යුන්ගිගේ කුඩා සිරුර තමන්ගේ පැත්තට බර කරගන්න ගමන්.

යුන්ගි හිටියේ තවමත් ඇස් පියාගෙන.එයා දැක්කේ නෑ තමන්ගේ ලගට ආවේ කවුද කියලා..ඒත් එයාට දැනුනේ ආරක්ශාවක්.ඉතින් ඇස් නොඇරම සීතල සෙරමික් බාත්ටබ් එකෙන් ඈත් වුනු යුන්ගි ලග උන්නු කෙනාගේ පැත්තට බර වුනේ රෝනා ප්ලේස් එක ඇතුලේ තමන්ව ආරක්ශා කරන එකම එක කෙනා තමයි ඒ ඉන්නේ කියලා හිතාගෙන.ඒ දැනුනු ආරක්ශාවත් එක්කම මෙච්චර වෙලා තිබුනු වේදනාව තවත් වැඩියෙන් දැනෙද්දි ඒ වේදනාව සීතල කදුලු බින්දුවලට හැරිලා මින් යුන්ගිගේ පියාගෙන උන්නු ඇස්වලින් ගලාගෙන යන්න පටන් ගත්තා.

"ජිමින්....!! "

යුන්ගි වෙව්ලන හඩින් එහෙම මුමුණද්දි හෝසොක්ට දැනුනේ එයාගේ හදවත කෑලි කෑලිවලට ඉරිලා යනවා වගේ වේදනාවක්..යුන්ගිගේ උරහිස මත තිබුනු අත තවත් තද කරගන්න ගමන් හෝසොක් ඇස් දෙක තද කරලා පියාගත්තේ ඒ රිදුම් අමතක කරන උවමනාවෙන්.

තමන්ගෙ උරහිසට දැනුනු පීඩනය වැඩි වුනා වගේ දැනෙද්දි යුන්ගි එයාගෙ ඇස් හිමින් විවර කලේ තමන්ගේ ලග උන්නු කෙනා දිහා බලන ගමන්.

ඒත් එක්කම විවර වුනු හෝසොක්ගේ වේදනාව පිරුනු ඇස් යුන්ගිගේ ඇස්වල ගැටෙද්දි එ දෙන්නම දෙන්නගේ ඇස්වල අතරමං උනේ මුලු ලෝකෙම ඒ තප්පරයේදි නැවතුනා වගේ දැනෙද්දි.

හෝසෝක්ගේ ඇස් එයා මුලින්ම දකින්න දගලපු මින් යුන්ගිගේ කදුලු ගලන ඇස් ලග නතර වෙද්දි මින් යුන්ගිගේ ඇස් තිබුනේ කවදාවත් නොහිතපු විදිහට වේදනාවෙන් පිරිලා තිබුනු හෝසොක්ගේ ඇස්වල.

තප්පර කීපයක් එහෙමම හිටපු යුන්ගි එකපාරටම හෝසොක්ගෙන් ඈතට වෙන්න උත්සාහ කලේ වේදනා දෙන ශරීරය ගැනවත් තැකීමක් නැතිව.

ඒත් යුන්ගිට වඩා ඉක්මන් වුනු හෝසොක් ආයෙමත් යුන්ගිව තමන්ට ලං කරගත්තේ යුන්ගිගේ අකමැත්ත තඹේකටවත් මායිම් නොකර.

"ඔයාට තනියෙන් නැගිටින්න බෑ..ඔහොම ඉන්න මං උදව් කරන්නම්..."

හෝසොක් උවමනාවෙන්ම යුන්ගිගේ ඇස් මගාරින ගමන් කිව්වේ දණ ගහගෙන උන්නු තැනින් නැගිටින ගමන්.ටික වෙලාවක් හෝසොක් දිහා පුදුමවෙලා වගේ බලාගෙන හිටපු යුන්ගි හෝසොක්ගෙන් උදව් ගන්න තීරණය කලේ වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නොතිබුනු නිසා.

එක අතක් තුවාලය උඩම තියෙද්දි යුන්ගි අනිත් අත හිටගෙන ඉන්න හෝසොක් දිහාට දිගු කලේ නැගිටින්න උදව් ඉල්ලනවා වගේ.ඒත් අත අල්ලගන්නවා වෙනුවට යුන්ගි ගාව නැමුනු හෝසොක් එයාගේ එක අතක් යුන්ගිගේ දනිස් යටින් යවලා අනිත් අත යුන්ගිගේ කොන්දට තියලා එයාව වඩාගත්තේ යුන්ගි පුදුම වෙලා බලාගෙන ඉද්දි.

යුන්ගි දිහා නොබලම හෝසොක් ආයෙමත් නැගිටීද්දි යුන්ගිගේ අත් හෝසොක්ගේ බෙල්ල වටේට එතුනේ නොදැනුවත්වමයි.යුන්ගිගේ පුදුමයෙන් ලොකු වුනු ඇස් හෝසොක්ගේ මූණ දිහාම බලාගෙන ඉද්දි හෝසොක් කලේ උවමනාවෙන්ම යුන්ගිගේ බැල්ම මග ඇරපු එක.

බාත්රූම් එකෙන් පරිස්සමට එලියට ගිය හෝසොක් යුන්ගිව අරගෙන ගියේ ඇද දිහාවට..

ඒ සිදූවීම ගොඩක් හුරුපුරුදුයි ඒ දෙන්නටම.

මොකද හෝසොක් යුන්ගිව තමන්ගේ දෙයක් විදිහට සලකුනු කරන්න කලින් යුන්ගිව මෙඩිකල් රූම් එකේදි ඔසවගෙන ගියෙත් ඒ විදිහටමයි.ඒත් එදා තිබුනු හිස් බැල්ම වෙනුවට යුන්ගිගෙ ඇස්වල තිබුනේ පුදුමයක්..ඒ වගේම එදා හෝසොක්ගේ හැගීම් විරහිතව තිබුනු ඇස්වල අද පිරිලා තිබුනේ වේදනාවක්.

නිහඩවම යුන්ගිව ඇද ලගට අරගෙන ගියපු හෝසොක් එයාව ඇදෙන් තිබ්බේ හරිම පරිස්සමින්.ඒ මුලු වෙලාවම යුන්ගි කලේ හෝසොක් දිහා බලාගෙන උන්නු එක.

මෙච්චර වෙලා හෝසොක් දිහා බලාගෙන හිටපු යුන්ගි හෝසොක්ගෙන් ඇස් ඉවතට අරගෙන පැත්තක තිබුනු හිස් මල් වාස් එකක් දිහා බැලුවේ තවමත් ඇස් වලින් ගලාගෙන යන කදුලු නිදහස් අතින් පිහිදාන ගමන්.එයාගේ අනිත් අත තවමත් තිබුනේ අසීමිතව රිදුම් දෙන පපුවේ තුවාලය මත.

කියන්න දෙයක්,කරන්න දෙයක් හිතාගන්න බැරිව හිටපු හෝසොක් හිතට හයිය අරගෙන යුන්ගි දිහා බැලුවේ ඒ මොහොතේදිමයි.

ඒත් හෝසොක්ගේ බැල්ම නතර වුනේ යුන්ගිගේ කදුලු ගලන ඇස්වල නෙමෙයි.යුන්ගිගේ අතට යටින් මතු උනු රතුපාට ලේ පැල්ලම ලග.

ක්ශනයකින් යුන්ගිගේ ලගට ගියපු හෝසොක් තුවාලය උඩ තිබුනු යුන්ගිගේ අත අයින් කරලා බැලුවේ හිම්න් හිමින් තද රතු පාට වෙන බැන්ඩ් එයිඩ් එක දිහා.

හෝසොක්ගේ වේදනාව පිරුනු ඇස් කුතුහලයෙන් යුන්ගි දිහා බලද්දි යුන්ගි ආයෙමත් හෝසොක් දිහා බැලුවේ පුදුමය රැදුනු ඒ කදුලු ගලන ඇස්වලින්.

"ම්..මොකක්ද ඔයාට උනේ..?! "

හෝසොක් ඇහුවේ අමාරුවෙන් යුන්ගිගෙ ඇස් දිහා බලන ගමන්.

ආයෙමත් දරාගන්න බැරි සියුම් වේදනාවක් තුවාලයෙන් දැනෙද්දි ඇස් පියාහත්තු යුන්ගි ලොකු හුස්මක් අරගෙන හෝසොක්ට උත්තර දුන්නේ ඇස් පියාගෙනමයි.

"ම්..මං බාත්රූම් එකට ගිහින් එද්දි බිම තිබුනු වතුර ටිකකට ලෙස්සලා වැටුනා..ව්..වැටුනු පාරට ම්..මගේ පපුව බාත්ටබ් එකේ කොණක වැදුනා.මං හිතන්නේ ඒ වැදුනු පාරට ත්..තුවාලය ආයෙමත් පෑරිලා....."

එහෙම කියපු යුන්ගි ආයෙමත් එයාගේ අත තුවාලය තියන තැනට අරගෙන ගියේ වේදනාව අඩු වෙන්නෙම නැති නිසා.ඒත්...සීතල ඇගිලිවලින් තමන්ගේ අත අතරමග නතර වෙනවා දැනෙද්දි ඇස් ඇරපු යුන්ගි දැක්කේ එයාගේ මැණික් කටුව් ගාව රැදිලා තිබුනු හෝසොක්ගේ අත.

ඒ අත දිහා බලපු යුන්ගි හෝසොක්ගේ මූණ දිහා බලද්දි වේදනාවෙන් යුන්ගි දිහා බලාගෙන හිටපු හෝසොක් බිම බලාගත්තේ යුන්ගි ආයෙමත් පුදුම වෙද්දි..මොකද මේ ඉන්නේ යුන්ගි හිතාගෙන හිටපු හෝසොක් නෙමෙයි..ඒ හෝසොක්ගේ ඇස්වල වේදනාවක් තියෙන්න විදිහක් නෑ.මේ හිටියේ වෙනමම හෝසොක් කෙනෙක්.

"අල්ලන්න එපා..තවත් ඒක පෑරෙයි.."

එහෙම කියපු හෝසොක් එතනින් අයින් වෙලා බාත්රූම් එකට ගියේ යුන්ගි එයාගේ දිහාම බලාගෙන ඉද්දි.බාත්රූම් එකට ගිය හෝසොක් ආයෙමත් එලියට ආවේ ෆස්ට් එයිඩ් බොක්ස් එකකුත් අරගෙන.නිහඩවම බලාගෙන උන්නු යුන්ගි එයාගෙ කටහඩ අවදි කලේ ඇද ලගට ආපු හෝසොක් බොක්ස් එක බෙඩ්සයිඩ් ටේබල් එක උඩින් තියන්න හදද්දි.

"ඔයා මොකක්ද ඔය කරන්න හදන්නේ..?"

යුන්ගි එහෙම අහද්දි හෝසොක් යුන්ගි දිහා බලන්නේ නැතිවම උත්තර දුන්නේ අවශ්‍ය කරන දේවල් ඒකෙන් එලියට ගන්න ගමන්.

"තුවාලෙට බෙහෙත් දාන්න..."

"ඒත් ඇයි ඔයා මේ තුවාලවලට බෙහෙත් දාන්න වද වෙන්නේ ජේහෝප්..ඔයයි මට මේ තුවාල දුන්නේ...!"

යුන්ගි කිව්වේ වේදනාව මැද්දෙන් හිනාවෙන ගමන් හෝසොක් දිහාම බලාගෙන.යුන්ගි කියපු දේ ඇහුනු ගමන්ම ආයෙමත් වතාවක් හෝසොක් ඇස් දෙක පියාගත්තේ මතක් කරන්නවත් අකමැති වුනු ඒ දේ ආයෙමත් මතක් වෙද්දි.හෝසොක් හොදටම දන්නවා යුන්ගි කියන්නේ ඇත්ත කියලා.හෝසොක් තමයි යුන්ගිට ඒ තුවාල දුන්නේ..පපුව වගේම යුන්ගිගේ හදවතත් තමන් තුවාල කලා කියලා හෝසොක් දන්නවා..හෝසොක් සිය දහස් වතාවක් පසුතැවිලි වුනා ඒ ගැන.ඒත් පසුතැවීම කියන්නෙත් එක වචනයක්ම විතරයි.ඒකට බෑ සිද්ද වුනු එයක් ආපස්සට හරවන්න.

යුන්ගි කියපු දේට මොකුත්ම නොකියපු හෝසොක් යුන්ගි ලගට ඇවිත් යුන්ගිගෙ උඩුකයට යන්තමින් රදවලා තිබුනු ශර්ට් එකේ බට්න් ටික ගැලෙව්වේ යුන්ගි හෝසොක්ගෙ හැම ක්‍රියාවක් දිහාම අවධානෙන් බලාගෙන ඉද්දි.

එදා යුන්ගිව වේදනාවෙන් පුරවන්න හිතාගෙන යුන්ගිගේ කමිසය අයින් කරපු හෝසොක් අදත් ඒ වැඩේම කරනවා හැබැයි ඒ එදා වගේ යුන්ගිට වේදනාවක් දෙන්න නෙමෙයි යුන්ගිගේ වේදනාව නැති කරන අරමුණින්.

මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා.හෝසොක් කියන්නෙත් කවුරු කොහොම කිව්වත් මිනිස්සු කියනවා වගේ නපුරු රාක්ශයෙක් නෙමෙයි..හෝසොක් කියන්නෙත් මනුස්සයෙක්.ඇස් ඉස් මස් ලේ වලින් හැදුනු ඒත් ගල් වුනු හදවතක් එක්ක ජීවත් වුනු මනුස්සයෙක්.

ඉතින් යුන්ගිගේ වේදනාව ඉස්සරහ හෝසොක් වෙනස් උනා.පරිස්සමින් යුන්ගිගෙ කමිසය ගලවලා අයින් කරපු හෝසොක් යුන්ගිව පරිස්සමින් ඇදෙන් වාඩිකරවලා එයාගේ පපුව වටේ ඔතලා තිබුනු බැන්ඩ් එයිඩ් එක ගලවන්න ගත්තේ හරිම හිමින්.යුන්ගිට පොඩ්ඩක්වත් රිද්දන්න හෝසොක්ට ඕනි වුනේ නෑ.

වටයෙන් වටය බැන්ඩෙයිඩ් එක යුන්ගිගේ කිරිගරුඩ වගේ සිරුරින් ඉවත් වෙද්දි එදා වගේම යුන්ගි බලාගෙන හිටියේ හොසොක් දිහා...යුන්ගි හෝසොක් දිහා බලාගෙන හිටියේ පුදුමය,කුතුහලය වගේම තව හැගීම් ගොඩක් මුහු වුනු ඇස්වලින්.

ලේ තැවරුනු බැන්ඩෙයිඩ් එක සම්පූර්නෙන්ම ගලවලා අයින් කරපු හෝසොක්ගේ හදවත පුපුරන්න වගේ රිදෙන්න ගත්තේ මින් යුන්ගිගේ තුවාලය දැකලා..

එදා තමන්ගේ අතින්ම කරපු කැපුම් පාරවල් අද ඔච්චමට තමන් දිහා බලාගෙන ඉන්නවා වගෙයි හෝසොක්ට දැනුනේ.

HOPE

බලාපොරොත්තුව...තමන්ට කිසිම බලාපොරොත්තුවක් ඉතුරු නොකරපු ඒ වචනය දිහා බලාගෙන හිටපු හෝසොක් දැක්කා අලුතින් ඒ තුවාලයෙන් ගලාගෙන එන ලේ.

ඒ තරම් ගැඹුරු තුවාලයක්..හෝසොක් හිතුවේ නෑ ඒ තරමටම තමන් යුන්ගිට නපුරු උනා කියලා.ඒත් හෝසොක් දැක්කා.යුන්ගිගේ පපුවේ තිබුනේ පොඩි සීරිම් පාරවල් නෙමෙයි ගැඹුරු කැපුම් පාරවල් කියලා.

ඒ හැම වේදනාවක්ම යුන්ගි දරාගත්තු හැටි හෝසොක්ට මැවිලා පෙන්න ගත්තේ තමන් මොන තරම් නම් නරකද කියන එක ආයෙ ආයෙත් සිහි වෙද්දි.යුන්ගිට කොච්චර ලොකු වේදනාවක් දැනෙනවා ඇතිද කියලා හිතද්දි හෝසොක්ගේ ඇස් දිලිසෙන්න පටන් ගත්තේ යුන්ගි තවත් පුදුම වෙද්දි..

යුන්ගි ඒක දැක්කා...

යුන්ගි දැක්කා හෝසොක්ගේ ඇස්වලට කදුලු පිරුනු හැටි..ඒ වගේම යුන්ගි දැක්කා ඒ කදුලු හෝසොක්ගේ කම්මුල් දිගේ ගලාගෙන ආපු හැටි.

හෝසොක් ඇඩුවා..අවුරුදු ගානකට පස්සේ හෝසොක් ඇඩුවා.

භයානක මාෆියා ලීඩර් ජේහෝප් තමන් කරපු දෙයක් ගැන ජීවිතේ පලවෙනි පාරට පසුතැවෙන ගමන් තමන් නිසා දුක් විදින කෙනා ඉස්සරහදිම ඇඩුවා.හෝසොක් කෑ ගැහුවෙ නෑ..එයාගෙ මුවින් කිසිම හඩක් පිටවුනේ නෑ.ඒත් ඒ ඇස්වලින් ගලන ගලාගෙන ගියපු කදුලු හෝසොක් අඩපු බවට සාක්ශි.

මින් යුන්ගි හෝසොක් දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ.යුන්ගි හිතුවේ නෑ හෝසොක් කිසිම දවසක තව කෙනෙක් වෙනුවෙන් අඩයි කියලා.
ඇත්තටම යුන්ගි හිතුවේ නෑ හෝසොක් තමන් වෙනුවෙන් අඩයි කියලා..ඒත් ඒක උනා.

ජන්ග් හෝසොක් මින් යුන්ගි වෙනුවෙන් ඇඩුවා.

යුන්ගිගේ තුවාලයෙන් ඇස් ඉවතට ගත්තූ හෝසොක් කදුලු පිරුනු ඇස්වලින් යුන්ගි දිහා බැලුවේ වේදනාවෙන්.යුන්ගි හිටියේ සිද්ද වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව.යුන්ගි දිහා බලාගෙන හිටපු හෝසොක්ගේ ඇස්වලින් තවත් කදුලක් ගලාගෙන ගියේ ඒක දැකපු යුන්ගිගේ හිතත් මොකක්දෝ නුපුරුදු හැගීමකින් වෙව්ලද්දි..

"ම්..මට..මට සමාවෙන්න නිකෝ..ම්..මට සමාවෙන්න..!!!!"

හෝසොක්ගේ ඒ වචනත් එක්කම තවත් කදුලු බින්දු දෙකක් ඒ කම්මුල් දිගේ ගලාගෙන ගියෙ යුන්ගිගේ ඇසුත් ආයෙමත් කදුලින් බොද වෙද්දි.බොද වුනු ඇස් අස්සෙන් යුන්ගි දැක්කා හෝසොක් තමන්ගේ ඇස් දිහාම වේදනාවෙන් බලාගෙන ඉන්න හැටි.ඒ බැල්ම දරාගන්න බැරිව දෙනෙත් පියාගත්තු යුන්ගිට ඊගාවට හෝසොක්ගේ කටින් පිටවුනු වචන ටික දැනුනේ හරියට හීනෙන් වගේ.

"ම්..මට සමාවෙන්න මගේ මැණික...මට සමාවෙන්න...!!!!!!"

ඒත් යුන්ගිට විශ්වාසයි..ඒක හීනකයක් නෙමෙයි.හෝසොක් ඇත්තටම එහෙම කිව්වා.යුන්ගිට හෝසොක්ගේ ඒ වචන පපුව අස්සටම දැනුනා.

_________________________________________

2934 Words
27/10/2021

මට මේක සන්වේදි විදිහට ලියන්න ඕනි වුනේ..වැඩේ හරි ගිහින් නැද්ද ලමයි.. :|

Anyway thank you for reading lovelies...😘

And plz comment if you like this chptr..😘

And press that little star mark down here and vote for this almost 3k words chptr my sweethearts..🙃😘❤️

LOVE YOU..!!!!!!

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top