Chapter 13
_________________________________________
"Every saint has a past,and every sinner has a future."
Oscar_wilde
_________________________________________
"ජැන්ග් හියුක්ට ඕනි වුනේ සීරෝ එකේ රහස් නෙමෙයි..මගේ අතින්ම සන්හූන්ව මරන්නයි එයාට ඕනි වුනේ......!!!"
මුලු ඔෆීස් රූම් එකම ඒ වචනත් එක්ක සම්පූර්නෙන්ම නිශ්ශබ්ද වෙලා ගියේ අනිත් කට්ටියම හෝබි දිහා පුදුමයෙන් බලාගෙන ඉද්දි.
" ඒ කියන්නේ ජැන්ග් හියුක් සන්හූන්ව මේ වැඩේට සම්බන්ධ කරගත්තේ වෙන අරමුණකින් කියලද?"
නම්ජූන් එහෙම අහද්දි හෝසොක් ඔලුව වැනුවේ මේසය ගාවින් අයින් වෙලා ඒ ලගම තිබුනු ජනේලය ලගට ඇවිදගෙන යන ගමන්.ජින්,ජැක්සන්,සූබින් කට්ටියම කුතුහලෙන් බලාගෙන ඉද්දි ජිමින් හෝසොක් දිහා බලාගෙන හිටියෙ අවදානෙන්.
"ඔව්...ටිකක් හිතන්න.යූනාව මං මරන්න කලින් එයා මට කිව්වේ එයයි සන්හූනුයි දෙන්නා හොරකම් කරපු තොරතුරු ඒ වෙද්දිත් විකුනලා නෑ කියලා.ඒ ටික ඒ වෙලාවෙදිත් තිබුනේ සන්හූන් ලග කියලයි යූනා කිව්වේ.එයා කිව්වේ ඒ ඔක්කොම තියෙන්නේ පෙන් එකක කියලා..ඒත් එයාලා අපෙන් හොරකම් කරලා තිබුනේ කම්පියුටර් ෆයිල්ස් නෙමෙයි..."
හෝසොක් කිව්වේ ජනේලෙන් එලිය බලන ගමන්.කට්ටියටම හෝසොක් අදහස් කරන දේ හරියටම තේරෙන්න පටන් ගත්තේ අන්න ඒ වෙලාවෙදියි.සන්හූන් එක්ක යූනා හොටෙල්ස්වලට යන වීඩියෝවල එයාලාගේ අතේ තිබුනු ෆයිල්ස් ගැන මතක් වුනු නම්ජූන් හෝසොක් ඉන්න දිහා බැලුවේ හෝසොක් නතර කරපු තැනින් කතාව සම්පූර්ණ කරන ගමන්.
" එයාලා හොරකම් කරලා තිබුනේ අපේ ඇග්‍රීමන්ට්ස් වගේම තව වැදගත් ෆයිල්ස්...ඒ දෙන්නා හිටපු සීසීටීවී රෙකෝඩ්ස්වල එයාලාගේ ලග ඒ ෆයිල්ස් තියනවා කියලා පැහැදිලිවම පෙනුනා.."
ජනේලෙන් එලිය බලාගෙන හිටපු හෝසොක් නම්ජූන් එහෙම කියද්දිම ආයෙත් එයාලා ඉන්න පැත්තට හැරුනේ කල්පනාවෙන්මයි.
"හරියටම හරී...එයාලට ඒ ෆයිල්ස්වල කොපි එකක් පෙන් එකට තියාගන්න පුලුවන්.ඒත් මේ වගේ වැඩවලදි තොරතුරු ගන්න කෙනා කීයටවත් තොරතුරුවල කොපීඩ් ෆයිල් එකක් භාරගන්නේ නෑ.මොකද ඒක ෆේක් වෙන්න තියන අවදානම වැඩී...එයාලට ඕනි ඔරිජිනල් ෆයිල්ස්..යූනා කියපු විදිහට එයාලා ඒ වෙද්දිත් තොරතුරු විකුනලා තිබුනේ නැත්නම් එයාලා ගාව තියෙන්න ඕනි ඔර්ජිනල් ෆයිල්ස් මිසක් පෙන් එකක දාපු කොපි එකක් නෙමෙයි...."
හෝසොක් කිව්වේ ආයෙමත් එයාගෙ පුටුවෙන් වාඩි වෙන ගමන්.
ගොඩක් වෙලා නිහඩව හිටපු ජින් කතා කරන්නගත්තේ හැමෝගෙම අවධානය එයාට යොමු වෙද්දි..
"යූනා කියපු පෙන් එකේ කතාව ටිකක් අමතක කරන්නකො..එයා කියපු විදිහට ඒ විස්තර ඒ වෙද්දිත් වෙන කිසිම කෙනෙක් අතට ගිහින් නෑනේ..ඒක ගැන ඔයාලා ටිකක් හිතන්න.
යූනා කිව්වේ ඇත්තනම් සන්හූන් ඒ ටික කිසිම කෙනෙක්ට දීලා තිබුනේ නෑ ඒ මොහොත වෙනකම්ම..ඒ රෑම යූනා මැරුනා..අපි හොදටම දන්නවා යූනාට මැරෙන්න කලින් සන්හූන්ට කතා කරන්න චාන්ස් එකක් ලැබුනෙම නෑ කියලා.
ඒ කියන්නේ හෝසොක් එයාලා ගැන දැනගත්තා කියලා සන්හූන්ට දැනගන්න කිසිම ක්‍රමයක් තිබුනේ නෑ..එදා රෑම මං සන්හූන්ගේ ගෙදරට ගියා ඔයාලට මතකයිනේ..මං එහෙට යනකම්ම සන්හූන් දන්නේ නෑ හෝසොක් එයා ගැන දන්නවා කියලා..ඒ කියන්නේ සන්හූන්ට ඒ විනාඩි කීපය ඇතුලට ෆයිල්ස් ටික වෙන කෙනෙක්ට දෙන්න තරම් හදිස්සියක් ඇති වෙන්න විදිහක් නෑ....
අපි මුලු ගේ වටේම ගාඩ්ස්ලා දාලා හිටියේ කිසිම කෙනෙක් ඒ ගෙදරට ආවේ නෑ සන්හූන් මැරෙනකම්ම.ඒ කියන්නේ සන්හූන්ට ඒ ෆයිල්ස් ටික තව කෙනෙක්ට දෙන්න කිසිම ක්‍රමයක් තිබුනේ නෑ...ඒ වගේම මුලුගෙදරම ඉන්ටර්නෙට් කනෙක්ශන් එක පවා ඩවුන් කරලයි තිබුනෙ අපි.ඒ නිසයි අපි එයාගේ ෆෝන් එක ගත්තේ නැත්තේ..
මේ ඔක්කොගෙන්ම හොදටම පැහැදිලි වෙනවා යූනා කියපු විදිහට තොරතුරු ටික වෙන කෙනෙක්ට දීලා නොතිබුනානම් යූනා මැරුනු වෙලාවයි සන්හූන් මැරුනු වෙලාවයි අතරතුරේ ඒ ටික වෙන කෙනෙක්ගේ අතට යන්න විදිහක් නෑ කියලා..."
කියාගෙන ආපු ටික මගින් නතර කරපු ජින් හැමදේම අවදානෙන් අහගන ඉන්න අනිත් කට්ටිය දිහා තරමක් බරපතළ විදියට බලලා ආයෙමත් කතා කරන්න ගත්තා.
"ඒත් යූනා ඒ ටික තවමත් වෙන කෙනෙක්ට දීලා නෑ කියලා එවලෙ කියපු දේ ඇත්තක් කියලා විශ්වාස කරන්න බෑ..මොකද ඒ වෙද්දිත් අපේ තොරතුරු පිටට ගිහින් තිබුනා..ඒ දෙන්නා මැරුනට පස්සේ ඒක වුනේ නෑ කියන එක ස්ථීරයි...ඒ කියන්නේ ඒ ටික වෙන කෙනෙක්ගේ අතට ගිහින් තියෙන්නේ එයාලා මැරෙන්න කලින්.ඒකෙන් ඔප්පු වෙනවා යූනා කිව්වේ බොරු කියලා.."
ජින් කියපු දේවල් තේරුම් ගත්තු කට්ටියම අවබෝධයෙන් හිස ඉහල පහල වැනුවේ හෝසොක් ඒ ප්‍රශ්නේ පැටලුම් ලිහාගන්න උත්සාහ කරද්දි..
"ඒත් ජින් හියුන්ග්....අපේ තොරතුරු ඒ වෙද්දිත් පිටට ගිහින් තිබුනා කියලා ඔයා කිව්වේ මොකක්ද?"
සූබින්ගේ ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබුනෙ හෝසොක්ගෙන්.
" නේපාල්වල ඩ්‍රග් ඩීල් එක.."
හෝසොක් මේසය උඩ තිබුනු වීදුරු කෑල්ලක් දිහා බලාගෙන කිව්වේ ඒ සිදුවීම උනු දවසේ සිද්ද වුනු තවත් දෙයක් ආයෙමත් හිත උඩට එන්න දගලද්දි..තප්පර කීපයක් ඒ මතකයේම ගිලිලා හිටපු හෝසොක් ඉක්මනින්ම ඒ කල්පනාවෙන් මිදිලා ආයෙත් බැලුවේ අවදානෙන් තමන් දිහා බලාගෙන ඉන්න මෙම්බර්ස්ලා දිහා.
" ඒ ඩ්‍රග් ඩීල් එකේ ඇග්‍රීමන්ට් පේපර්ස් තිබුනේ යූනා හොරකම් කරපු ෆයිල්ස්වල...අපේ සප්ලයර් ගැන වගේම අපේ ඩීල් එක ඉවර වෙන දවස වගේ වැදගත් තොරතුරු ගොඩක් තිබුනේ ඒකේ..සන්හූන් මැරිලා දවස් පහක් යන්නත් කලින් වෙන කෙනෙක් ඒ ඩීල් එක අරන් තිබුනේ අපි එස්ටිමේට් කරපු ගාන වගේ දෙගුනයක් ඩ්‍රග්ස්වලට ගෙවලා.ඒ හැමදේම එයාලට කරගන්න පුලුවන් වෙන්නේ අර ෆයිල් එක එයාලාට ලැබුනනම් විතරයි...ඒ කියන්නේ සන්හූන් මැරෙන්න කලින් ඒ ඔක්කොම ඒවා ඕනි කරලා තිබුනු කෙනා අතට ගිහින් ඉවරයි.ඒකේ තේරුම යූනා කිව්වේ ඇත්තක් නෙමෙයි කියන එක..."
"ඒත් හෝසොක්..යූනා මොකටද පෙන් එකක් ගැන කතාවක් කිව්වේ..?"
ජැක්සන් ඇහුවේ හැමෝටම තිබුනු ප්‍රශ්නයක්..ඒ ප්‍රශ්නෙට උත්තරය හම්බුනේ නම්ජූන්ගෙන්.
"මොකද යූනාට ඕනි වුනා තොරතුරු ටික වෙන කෙනෙක්ගේ අතට ගියා කියන එක හෝසොක්ගෙන් හන්ගන්න..ඒ වගේම..හෝසොක්ව සන්හූන් ලගට යවන්න..."
එහෙම කියපු නම්ජූන් ආයෙමත් බැලුවේ හෝසොක් දිහා.කලින් වුනු කැපුම් තුවාලවලින් තව තවත් ලේ ගලාගෙන එන හැටි හෝසොක් බලාගෙන හිටියෙ එයාගේ වටේ සිද්ද වෙන කතාවට ඇහුම්කන් දෙන ගමන්.
හෝසොක් එකපාරටම ගැස්සුනේ එයාගේ පැත්තට දිගු වුනු සුදුපාට තරමක ලොකු ලේන්සුවක් දැකලා.ඒ ලේන්සුව අල්ලගෙන හිටපු අත දිගේ ඇස් යවපු හෝසොක් දැක්කේ එයා දිහා බලාගෙන යන්තමින් හිනා වෙන ජිමින්ව.වාඩිවෙලා හිටපු පුටුවෙන් ටිකක් ඉස්සරහට වුනු ජිමින් එයාගේ අතේ තිබුනු ලේන්සුව මේසය උඩ තිබුනු හෝසොක්ගේ අනිත් අතින් තිබ්බේ ආයෙමත් අනිත් කට්ටියත් එක්ක කතාවට එකතු වෙන ගමන්.
ඒත් එක්කම ජිමින් දීපූ ලේන්සුව තුවාල වුනු අත වටේ ඔතාගත්තු හෝසොක් ඉස්සරහ බලද්දි දැක්කේ කුතුහලෙන් තමන් දිහා බලාගෙන ඉන්න නම්ජූන්ව.
"ඔයා හරි නම්ජූන්...යූනාට ඕනි වුනේ මැරෙන මොහොතෙදිත් ඒ කෙනාව ආරක්ශා කරන්න.අපි සැක කරන විදිහ හරිනම් ඒ කෙනා තමයි ජැන්ග් හියුක්..දැන් තියන ප්‍රශ්නේ තමයි ඇයි යූනා එහෙම කලේ කියන එක...මොකද යූනාට හොදටම අවස්තාව තිබුනා ඇත්ත කියලා බේරෙන්න උත්සාහ කරන්න.එයා එහෙම කලේ නෑ..."
නම්ජූන් ජින් කට්ටියම ඔලුව වැනුවේ ඒ දේ පිලිගන්න ගමන්.එ හැමෝම දැනගෙන හිටියා යූනා කියන්නෙ ලේසියෙන් තමන්ට ලැබෙන චාන්ස් එකක් අතාරින කෙනෙක් නෙමෙයි කියලා.
"ඒ වගේම හෝබා..සන්හූන්ගෙයි යූනාගෙයි අතරේ සම්බන්ධයක් තිබුනා කියන එක බොරුවක් වෙන්න බැරිද?"
ජින් ඇහුවේ සන්හූන්ව මරපු දවසේ ඉදන් එයාට තිබුනු ප්‍රශ්නයක්.ඇත්තටම සන්හූන් එක්ක යූනාගේ සම්බන්දයක් තියෙන්න ඇතිද කියලා ජින් මුල ඉදන්ම සැක කලත් ඒ ගැන මොකුත් කියන්න නොගියේ හෝසොක් ලග ඒක ඇත්තක් කියන්න සාක්ශි තිබුනු නිසා.
"අපි දැන් හොයාගන්න ඕනි අන්න ඒක තමයි.මේ ප්‍රශ්නෙ පැටලුනු තැන් හොයාගන්නේ නැතුව අපිට ජැන්ග් හියුක් ලගට යන්න බෑ..වැදගත්ම දේ තමයි තාත්තා ඇමරිකා ඉදන් එන්න කලින් අපි මේ ප්‍රශ්නේ විසදගන්න ඕනි...එයා එද්දි මේක විසදගන්න බැරි උනොත් මොකක්ද වෙන්නේ කියලා මං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.අපිට හරියටම තියෙන්නේ තව මාසයයි."
හෝසොක් කිව්වේ කට්ටියගෙම මූණු දිහා බලන ගමන්.
"මට තව ප්‍රශ්නයක් තියනවා හෝසෝකා..යූනා පෙන් එකක් ගැන කියපු කතාව බොරුවක්නම් සන්හූන් යුවීට යවපු මැසේජ් එකේ කියලා තිබුනු පෙන් එක මොකක්ද?"
නම්ජූන් එහෙම ඇහුවේ වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු හෝසොක් දිහා බලන ගමන්.
" ඒක දැනගන්න තියෙන්නේ එක ක්‍රමයයි.ඒ තමයි ඒ යුවීව මොන ලෝකෙන් හරි හොයාගන්න එක..ඒ නිසයි යුවීව හොයන වැඩේ ඔයාලා දිගටම කරගෙන යන්න ඕනි.."
අන්තිමේට එහෙම කියපු හෝසොක් ආයෙමත් කලින් හිටපු ජනේලය ගාවට ගියේ ඔෆීස් රූම් එකේ හිටපු කට්ටියව මීටින් එක ඉවර කරලා ඒකෙන් එලියට යැව්වට පස්සේ..
එලියෙන් පේන මිදුලේ පැත්තක හදලා තිබුනු වතුර මල දිහා බලාගෙන හිටපු හෝසොක් ආයෙමත් කල්පනාවට වැටුනේ අමතක කරන්න දගලන රූපයක් ඒ හිතේ මැවෙද්දි.මොන තරම් ප්‍රශ්න මැද්දෙ උනත් ඒ රූපය මතක් වෙද්දි හෝසොක්ට දැනුනේ සතුටක්.ඒත් ඒ රූපයේ අයිතිකාරයා ගැන හිතන්න තමන්ට අයිතියක් නෑ කියලා හිතද්දි ඒ සතුට සියුම් වේදනාවක් බවට පෙරලුනේ ඉබේටමයි.
හෝසොක්ගේ කල්පනා දැහැන බිදුනේ දොරට තට්ටු කරන හඩකින්.මීටින් එක ඉවර උනාට පස්සෙත් ආයෙමත් කවුරු හරි ඔෆීස් එකට එන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් හෝසොක්ට ඇති උනත් හෝසොක් එලියෙ ඉන්න කෙනාට ඇතුලට එන්න කිව්වේ පිටිපස්ස හැරෙන්නෙවත් නැතිව.
දොර ඇරෙන සද්දෙත් එක්කම පිටිපස්ස හැරුනු හෝසොක් දැක්කේ ෆස්ට් එයිඩ් බොක්ස් එකක් අරගෙන රවාගෙන ඇතුලට ආපු ජිමින්ව.අතේ තිබුනු බොක්ස් එක මේසය උඩින් තියපු ජිමින් රවාගෙනම හෝසොක් දිහා බැලුවේ හෝසොක් නලලත් රැලි කරගෙන ජිමින් දිහා බලාගෙන ඉද්දි.
"මොකක්ද තවත් බලන් ඉන්නේ මිස්ටර් හෝසෝකී..ඇවිත් මෙතනින් වාඩි වෙනවද?"
ජිමින් කිව්වේ බොක්ස් එකේ තිබුනු බෙහෙත් එලියට ගන්න ගමන්.ඒ අතරෙත් රවාගෙනම ඉන්නජිමින් අමතක කලේ නෑ..
"ඒ මොකටද?"
ජිමින්ගේ අතේ තිබුනු බෙහෙත් වර්ග ටික දැක දැකත් හෝසොක් ඇහුවෙ ජිමින් ආවේ එයාගේ තුවාලවලට බෙහෙත් දාන්න කියලා දන්නේ නෑ වගේ..
"වෙන මොකකටද ඔය අතේ තියන තුවාලවලට බෙහෙත් දාන්න මිසක්.."
ජිමින් ඇස් දෙකත් රෝල් කරමින් එහෙම කිව්වේ හෝසොක්ට වාඩි වෙන්න පුටුවක් එලියට අදින ගමන්.හෝසෝක් හිත යටින් තමන් එක්කම හිනා වුනේ ජිමින්ගේ වැඩවලට.හෝසොක්ට මුල ඉදන්ම ජිමින්ව දැනුනේ එයාගෙම පුංචි සහෝදරයෙක් වගේ.ඇත්තටම හෝසොක්ට ජිමින් ලග ඉද්දි දැනුනේ පවුලේ කෙනෙක් ලග ඉන්නවා වගේ.හොසොක්ගේ මූණට ආගන්තුක වුනු හිනාවක් ගේන්න පුලුවන් වුනු කෙනෙක් හිටියනම් ඒ තමයි ජිමින්.ඒත් හෝසොක් කවදාවත් ඒක පිටට පෙන්නුවේ නෑ.හෝසොක් ගොඩක් දක්ශයි දේවල් හිත අස්සේ හන්ගගෙන ඉන්න.
හෝසොක් ජිමින් ගාවට ඇවිත් පුටුවෙන් වාඩි වුනේ ජිමින්ගේ පැත්තට හැරෙන ගමන්.
"මොකද ඔය තරම් හදිස්සි තුවාලේ පාරන්නේ නැතිව බෙහෙත් දානවා ඕකට...!"
හෝසොක් කිව්වේ ජිමින් බෙහෙත් දාන අත දිහා බලාගෙන.
"හෝසොකී මේ මං බෙහෙත් දාන පලවෙනි තුවාලය නෙමෙයි මං ඔයා දන්නේ නැත්නම් දැනගන්න මං ඩොක්ටර් කෙනෙක්..ඕකේ??! "
ජිමින් කිව්වේ ආයෙමත් හෝසොක් දිහා බලලා රවන ගමන්.
"අනික මට යුන්ගිට උදේ කෑම එක ගිහින් දෙන්න තියනවා.ඔයා මෙයිඩ් කෙනෙක්ටවත් ඒ රූම් එකට යන්න දෙන්නේ නෑනේ.ඉතින් මටම තමයි ඒක අරගෙන යන්න තියෙන්නේ.ඒ නිසා ඉක්මන් කරන්න..."
එහෙම කියපු ජිමින් තුවාලය ඔතන්න ගත්තේ හෝසොක් නිහඩවම කල්පනාවට වැටෙද්දි.ජිමින් හරිම පරිස්සමට තමන්ට ප්‍රතිකාර කරන දිහා බලාගෙන හිටපු හෝසොක්ට මතක් වුනේ ජිමින් යුන්ගිට උදව් කරපු වීදිහ.යුන්ගිගේ වේදනාව අඩු කරපු විදිහ..ඒ වගේම යුන්ගිගේ මූණට හිනාවක් හෙනාපු විදිහ..හෝසොක් නොදැනුවත්වම එයාගෙන් සිහින් සුසුමක් පිට වුනේ එයාගේ හිත එක දෙයක් කියද්දි.
" ඔයාට ගැලපෙන්නේ මාව නෙමෙයි..ඔයාට ලැබෙන්න ඕනි ජිමින් වගේ කෙනෙක්ව නිකෝ.."
_________________________________________
ලා දම් පාටින් වර්ණ ගන්වලා තිබුනු කාමරේ එහෙ මෙහෙ ඇවිදින ගමන් ටේයොන් හිටියේ ලොකූ කෝල් එකක.ටේයොන්ගේ මූණේ තිබුනේ බලාපොරොත්තු සුන් වුනු පෙනුමක්..කාමරය පුරා ඇවිදින එක නතර කරලා ඇද උඩින් වාඩි වුනු ටේයොන් ෆෝන් එක නැති අතින් නලල පොඩි කලේ ඇස් දෙක පියාගෙන කල්පනා කරන ගමන්.එකපාරම ටේයොන් මහ හඩින් කෑ ගැහුවේ එහා පැත්තේ ලයින් එකේ හිටපු කෙනා ගැස්සිලා යද්දි..
"ටේයොන්..පොඩ්ඩක් කූල් ඩවුන් වෙන්න..කලබල වුනොත් අපිට මොකුත් කරගන්න බෑ!"
"මං කූල්ඩවුන් වෙන්නේ කොහොමද ජන්කුක්..අර ජන්ග් හෝසොක්...අපි හැමදේම මෙච්චර ප්ලෑන් කරලා කලාට පස්සෙත් ඒ බූරුවා ඒ හැමදේම විනාශ කලා..ඒ ඔක්කොම වතුරේ ගියා...!"
"මං ඒක දන්නවා ටේ...ඒත් දැන් අපිට ඒ ගැන කරන්න දෙයක් නෑනේ.."
"ඌට තිබුනේ ඒ ගෙදරට එන්න විතරයි..එච්චරයි.මේ හැම මගුලම කලේ ඒ යකාව ඒ ගෙදරට ගෙන්නගන්න විතරයි.ඒත් ඌ උගේ හෙන්චයියෝ ටිකව එවලා නිකන් හිටියා.."
"ටේ......................"
"ඌ ඒ ගෙදරට ආවනම් දැන් හැමදේම විසදිලා ජන්කුක්...ජන්ග් හෝසොක් එහෙට ඇවිත් ඒ ෆොටෝ එක දැක්කනම් මේ හැමදේම මේ වෙද්දි විසදිලා...."
"ටේ..ප්ලීස් සන්සුන් වෙන්න.ඔයා ගොඩක් කලබල වෙලා ඉන්නේ.ඔහොම අපිට යුන්ගිව බේරගන්න බෑ ටේ..එයාව බේරගන්න නම් අපිට ඉක්මන් කරන්න වෙනවා.අපි දන් නෑ හෝසොක් දැනටමත් යුන්ගිට මොනවා කරලද කියලා..අපි ඉක්මන් වෙන්න ඕනි ටේ..පුලුවන් තරම්.........."
ජන්කුක්ගේ ඒ වචන ටික අහගෙන හිටපු ටේයොන් මොහොතකින් සන්සුන් වුනේ යුන්ගිව හෝසොක්ගෙන් ගලවගන්න ඕනි කියන හැගීම හිතට දැනුනට පස්සේ..
"මොකක්ද අපි දැන් කරන්නේ ජන්කුක්.."
තප්පර කීපයක් නිහඩවම ගෙවුනේ ජන්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිව.ඒත් ටේයොන් බලාපොරොත්තු වුනු උත්තරය එයාට ජන්කුක්ගෙන් ඉක්මනින්ම ලැබුනා.
"ප්ලෑන් බී........."
_________________________________________
23/10/2021
(1746 words)
Hii lovelies..😍❤️
Is this good? 👻🤧
Thank you for reading.😘❤️
Plz vote and comment if you like this chaptr ❤️
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top