Chapter 12
යුන්ගිගේ මූණේ තිබුනේ බය හිතෙන විදිහෙ හිනාවක්.මොකද ඒ හිටියේ හැමෝම දන්න අහින්සක යුන්ගි නෙමෙයි..කාටවත් නවත්තන්න බැරි නපුරු යුවී...!
යුන්ගී කියන්නේ අහින්සක කොල්ලෙක් බව ඇත්ත..ඒත් ඒකේ තේරුම යුන්ගිට නපුරු වෙන්න බෑ කියන එක නෙමෙයි.
යුන්ගිත් හරියට කාසියක් වගේ.කාසියකට දෙපැත්තක් තියනවා වගේම යුන්ගිටත් තිබුනා හැමෝම ආදරය කරපු අහින්සක පැත්තක් වගේම කිසිම කෙනෙක් දකින්න අකමැති වුනු දරුණු පැත්තක්...ඒත් යුන්ගිගේ ලගම අය ඇරෙන්න අනිත් හැමෝම දැනගෙන හිටියෙ අහින්සක යුන්ගි ගැන විතරයි.
"ඔයාලා ඔච්චරටම මාව හොයන්නේ ඇයි කියලා මං හරියටම දන්නේ නෑ..ඒත් ඔයාලට මාව හොයාගන්න එක එච්චර ලේසි වෙන්නේ නෑ හෝසොක්...මොකද ඔයාලා දැනටමත් යන්නේ වැරදි පාරක.."
යුන්ගිගේ ඇස් තාමත් තිබුනේ පොතේ.ඒත් එයාගේ හිත තිබුනේ ගොඩාක් ඈතක.හෝසොක් ගැන තිබුනු වෛරය තප්පරෙන් තප්පරය වැඩි වෙනවා වගෙයි යුන්ගිට දැනුනේ.
නම්ජූන් කියපු දෙයින් යුන්ගි තේරුම් ගත්තු හොදම දේ තමයි යුවී විදිහට වෙන කෙනෙක් සීරෝ එකේ කට්ටියවම රවට්ටනවා කියන එක.ඒ කවුද කියන එක යුන්ගිට රහසක් උනේ නෑ.මොකද යුන්ගි දන්නවා එයාගේ හොදම යාලුවෝ දෙන්නා කීයටවත් යුන්ගිව අත් ඇරලා දාලා බලාගෙන ඉන්නේ නෑ කියලා.ඒ දේවල් පිටිපස්සේ ඉන්නේ ටේයෝන්,ජන්කුක් කියලා යුන්ගි දන්නවා.එයාලා කරන්න යන්නේ මොකක්ද කියලා හරියටම හිතාගන්න බැරි උනත් යුන්ගී එයාගේ හොදම යාලුවන්ව විශ්වාස කලා.එයාලා මොනවා කලත් කරන්නේ හොද ප්ලෑන් එකකට අනුව කියල යුන්ගි දන්නේ අත්දැකීමෙන්මයි.
"අපිට තමුන්ව අල්ලගන්න විදිහක් නැතිව ඉද්දි තමුන්ම ඇවිල්ලා තමුන්ගෙම වාහනේට මාව හැප්පුවා..ඒ මදිවට හැමෝටම රහසක් විදිහට තියන ජේහෝප්ගේ ගෙදරටම මාව එක්කගෙන ආවා.."
යුන්ගි එහෙම හිතුවේ හිතුවේ ආයෙමත් නපුරු විදිහට කට කොනින් හිනා වෙන ගමන්.
එදා රෑ යුන්ගි කොහෙත්ම හිතුවේ නෑ එයා දවස් ගානක් තිස්සේ හොයපු හෝසොක්ම ඇවිත් තමන්ව එයාගෙම ගෙදරට එක්කගෙන යයි කියලා...
ඒ ඇක්සිඩන්ට් එක සම්පූර්ණයෙන්ම අහම්බයක්..
ඒත් අහම්බයකින් වුනත් ඒ වුනු දේ ගැන යුන්ගිට දැනුනේ කුරිරු සතුටක්.
"මට ලේසියෙන් මේ ගෙදරින් එලියට යන්න හම්බෙන්නේ නෑ කියලා මං දන්නවා...ඒකට කමක් නෑ..ඔයාට ඕනි කාලයක් මාව මේ ගේ ඇතුලේ හිර කරලා තියාගන්න පුලුවන් හෝසොක්..."
එහෙම හිතපු යුන්ගි මෙච්චර වෙලා අතේ තියාගෙන හිටපු පොත සයිඩ් ටේබල් එක උඩින් තිබ්බේ ඇදේ පිටුපස්සට හේත්තු වෙන ගමන්..
"ටේයොන් ඉක්මනින්ම පෙන් එක හොයාගන්නකම් මං මෙහෙ ඉදන් ඔයාගේ හැම රහසක්ම හොයාගන්නම් මිස්ටර් ජන්ක් හෝසොක්.හොදින් බැරිනම්...නරකින් හරි....."
යුන්ගි එයාගේ කේන්තියෙන් දැවෙන ඇස් දෙක තද කරලා පියාගත්තේ පපුවේ තුවාලය උඩින් දකුනු අත තියාගන්න ගමන්.
"මගේ අයියව මරපු එකේ පලිය මං ගන්නවා හෝසොක්...මගේ අයියට දීපු වේදනාවේ පලිය මං ගන්නවා."
_________________________________________
පාක් සන්හූන්ගේ ගෙදරට ගියපු දවසට පස්සේ දවසේ උදේ පාන්දරම සීරෝ එකේ හෙඩ්ලා වුනු නම්ජූන්,ජින්,ජිමින්,ජැක්සන්,සූබින් හෝසොක්ගේ ඔෆීස් රූම් එකට ඇවිත් හිටියේ නම්ජූන් හදිස්සෙයෙම මීටින් එකක් ලෑස්ති කලේ ඇයි කියලා හිතන ගමන්.කට්ටියම ඇවිත් හිටියත් හෝසොක් නැති නිසා එයාලා බලාගෙන හිටියෙ හෝසොක් එනකම්.ඒත් ඒ සම්පූර්ණ වෙලාවම නම්ජූන් වචනයක්වත් කතා කලේ නෑ.නම්ජූන්ගේ නිහඩකම හැමෝටම අරගෙන ආවේ තැති ගැන්මක්..නම්ජූන් හොයාගත්තු දේ මොකක් උනත් ඒක ගොඩක් බරපතලයි කියලා හැමෝටම තේරුනා..
විනාඩි කීපයක් යද්දි හෝසොක් සුපුරුදු හැගීම් විරහිත මූණෙන්ම ඔෆීස් රූම් එක ඇතුලට ආවේ හැමෝම වාඩි වෙලා හිටපු තැන්වලින් නැගිටලා ආචාර කරද්දි.ඔෆීස් එක මැද තිබුනු තරමක් විශාල මේසයේ ඉස්සරහම තිබුනු පුටුවෙන් වාඩි වුනු හෝසොක් එක අතකින් එයාලට වාඩි වෙන්න කියලා සන් කලේ අනිත් අතේ තිබුනු වයින් ග්ලාස් එක මේසය උඩින් තියන ගමන්.
කට්ටියම වාඩි වුනාට පස්සේ හෝසොක් වගේම අනිත් හැමෝගෙමත් බැල්ම එල්ල වුනේ නම්ජූන් දිහාවට.එයාලා හැමෝගෙම හිතේ රැව් දුන්නු ප්රශ්නය නම්ජූන්ගෙන් අහන්න මුලින්ම ඉස්සර වුනේ හෝසොක්.
"නම්ජූන්..උදේ පාන්දර හත හමාරට මීටින් එකක් ලෑස්ති කරන්න හේතුව මොකක්ද?ඔයාට මොකක් හරි අලුත් තොරතුරක් ලැබුනද?"
පුටුවේ සුව පහසු විදිහට වාඩි වූනු හෝසොක් ඇහුවේ ආයෙමත් වයින් ග්ලාස් එක අතට ගන්න ගමන්.ඒත් හෝසොක් දිහා බලලා ලොකු හුස්මක් ගත්තු නම්ජූන්ගෙ කටින් පිටවුනු වචන අහපු කට්ටියගෙම ඇස් ලොකු වුනේ හෝසොක් උන් තැනම ගල් ගැහෙද්දි..
" පාක් සන්හූන් වැඩ කරලා තියෙන්නේ ජැන්ග් එන්ටප්රයිසස් එකේ හෝසෝකා..."
නම්ජුන්ගේ කටින් ඒ වචන ටික පිටවෙනවත් එක්කම ඔෆීස් රූම් එක පුරාවටම පැතිරිලා ගියේ වීදුරුවක් බිදෙන සද්දයක්.නම්ජූන් කියපු දේ අහපු හෝසොක්ගේ ඇගිලි අතේ තිබුනු ග්ලාස් එක වටේ තද වුනේ හිතේ තිබුනු ආවෙගෙටම වීදුරුව කැඩිලා පුපුරලා යද්දි.
සියුම් වීදුරුවලට කැපුනු හෝසොක්ගේ අතින් රතු පාටට ලේ ගලාගෙන එන්න ගත්තේ හෝසොක්ගේ තරහත් එන්න එන්නම වැඩි වෙද්දි.
තමන්ගේ ඉස්සරහ මේසය දිහා බලාගෙන ලොකු හුස්මක් ගත්තු හෝසොක් ඇස් උස්සලා ආයෙමත් නම්ජූන් දිහා බැලුවේ එතන හිටපු හැමෝම ඒ සීතල බැල්මට වෙව්ලලා යද්දි.
"තමුන් ඔය කියන්නේ සන්හූන් වැඩ කලේ අර කාලකන්නියා ජැන්ග් හියුක්ට කියලද..???"
හොසොක් ඇහුවේ දත් මිටි කන ගමන්.හැමෝම හෝසොක් දිහා බලාගෙන හිටියේ ඇත්තටම හරිම බයෙන්.ඒ හැමෝම දන්නවා ජැන්ග් හියුක් කියන නමටම හෝසොක් කොච්චර වෛර කලාද කියලා.
"ඔ..ඔව්..බොස්.."
නම්ජූන් කිව්වේ කේන්තියෙන් පුපුරන්න ඔන්න මෙන්න හිටපු හෝසොක් දිහා බලාගෙන.
"මොන %&#@...!!!!! "
තුවාල වුනු අත මේසය උඩින් තියපු හෝසොක් අනිත් අතින් කොණ්ඩය ඉහලට ඇදගන්න ගමන් ලොකූ හුස්මක් ගත්තේ ඇස් දෙක වහගෙන කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරන ගමන්.
විනාඩියක් විතර ඒ විදිහටම හිටපු හෝසොක් නම්ජූන් දිහා බලලා එයා හොයාගත්තු හැමදේම කියන්න කියලා සන් කලේ එයාට දැනුනු අසීමිත තරහ තරමක් දුරට පාලනය කරගෙන.හොසොක් කියපු දේ තේරුම් ගත්තු නම්ජූන් කතා කරන්න පටන් ගත්තා.
"පාක් සන්හූන් ජැන්ග් එන්ට්රප්රයිසස් එකේ වැඩ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු හතරක් වෙනවා.එයා අවුරුදු තුනක්ම එතන මාකටින් ඩිරෙක්ටර් විදිහට වැඩ කරලා තියනවා.ඒත් යූනා කියපු විදිහටම මාස කීපයකට උඩඩි සන්හූන්ව මිලියන ගානක මුදල් වංචාවකට අහු වෙලා තියනවා...එයාට එයාගේ නිවැරදිකම ඔප්පු කරගන්න පුලුවන් වෙලා නෑ..එයාට හිරේ නොයා ඉන්න පුලුවන් එකම චාන්ස් එක තමයි ඒ මුදල ආයෙත් ගෙවන එක කියලා එයාට කම්පැනි එකෙන් කියලා තියනවා මට දැනගන්න ලැබුනු විදිහට...ඒත් සන්හූන් ගාව එච්චර මුදලක් තිබිලා නෑ...අන්න ඒ නිසා තමයි එයා යූනාව පාවිච්චි කරලා අපේ රහස් හොරකම් කරලා තියෙන්නේ.ජැන්ග් හියුක් කියන්නෙ අපෙ බිස්නස් රිවාල් කියලා ඕනි කෙනෙක් දන්නවා..ඉතින් අපේ රහස් හොරකම් කරලා ජැන්ග් හියුක්ට දීලා ඒ ප්රශ්නෙන් ගැලවෙන්න සන්හූන් ප්ලෑන් කරන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ..."
නම්ජූන් කෙටියෙන් ඔක්කොම කියලා ඉවර කරද්දි අනිත් අයත් ඔලුව වැනුවෙ ඒ හැමෝම හිටියෙත් නම්ජූන් කියපු මතයෙම නිසා.සන්හූන් එයා කරපු මුදල් වංචාවෙන් බේරෙන්න යූනාඑක්ක එකතු වෙලා සීරෝ එකේ රහස් හොරකම් කලා කියන එක නම්ජූන් හොයාගත්තු දේවල් එක්ක හොදටම පැහැදිලි වෙලයි තිබුනේ.
ඒත් ඒ සම්පූර්ණ වෙලාවම නිහඩවම නම්ජූන් කියන දේ අහගෙන හිටපු හෝසොක් ටික වෙලාවකින් ඔලුව දෙපැත්තට වැනුවේ මෙච්චර වෙලා හිටපු කල්පනාවෙන් මිදිලා මේසය වටේ වාඩි වෙලා හිටපු කට්ටිය දිහා බලන ගමන්.
හෝසොක් ඒ හැමෝම දිහා බැලුවේ කේන්තිය ගැබ් වුනු ඇස් වලින්.
"ඇත්තටම තමුසෙලා මාෆියා කාරයොද නැත්නම් මොන්ටිසෝරි ලමයි ටිකක්ද..??!!!"
හෝසොක් කෑ ගැහුවේ අනිත් කට්ටිය බයෙන් ඇස් ලොකු කරගෙන හෝසොක් දිහා බලාගෙන ඉද්දි..වාඩි වෙලා හිටපු තැනින් හිමීට නැගිටපු හෝසොක් අත් දෙක මේසෙට තියලා ඉස්සරහට බර උනේ හොල්මනක් දැක්කා වගේ බය වෙලා තමන් දිහා බලාගෙන හිටපු මෙම්බර්ස්ලා දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්.
"තමුසෙලට ඔච්චරටම දෙයක් කල්පනා කරන්න මොලයක් නැද්ද ඇත්තටම..!!!"
හෝසොක් ඇහුවේ දත් මිටි කන ගමන්.හෝසොක් කියන කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුනු කට්ටිය හිටියේ තුෂ්නිම්භූත වෙලා.
"හ්..හෝසෝකා..ඔයා මොකක්ද කියන්නේ කියලා අපිට තෙරෙන් නෑ.."
ඉවසන් ඉන්න බැරිම තැන ජින් ඇහුවෙ බයෙන් බයෙන් වගේ.අනිත් අයත් එක්ක කේන්ති ගිහින් ඉන්න වෙලාවට වගේ නෙමෙයි හෝසොක්ට සීරෝ එකේ අයත් එක්ක කේන්ති ගිහින් ඉන්නකොට හෝසොක් එක්ක කතා කරන්න ජින්,නම්ජූන් පවා බය උනා.
"මාෆියා කාරයයෙක් විදිහට ඒ ගැන කල්පනා කරලා බලනවා පොඩි එව්වෝ වගේ මතුපිටින් පේන දේම විශ්වාස නොකර..ජැන්ග් හියුක් කියන්නේ බූරුවෙක් නෙමෙයි.තමන්ගේ කම්පැනි එකේ මිලියන ගානක වංචාවක් වෙනකම් ඌ මොකුත් නොකර බලාගෙන ඉදියි කියලා හිතනවද තමුසෙලා...ආ..???"
හෝසොක් ඇහුවේ කට්ටියගෙම මුණු දිහා බලන ගමන්.
"ඒ වගේම සන්හූන් එහෙම කලානම් ඒ සල්ලි ටික ගෙවන්න චාන්ස් එකක් දෙන්න තරම් ශුද්දවන්තයෙක් නෙමෙයි ජැන්ග් හියුක්...එහෙම උනානම් ඌ කරන්නේ ඒ මනුස්සයව එකපාරින්ම මරලා දාන එක.."
හෝසොක් ඒක කියද්දි තමයි කට්ටියටම මෙච්චර වෙලා නොහිතුනු ඒ දේවල් ඇත්ත කියලා තේරෙන්න පටන් ගත්තේ..
"සන්හූන් කිසිම වංචාවක් කරලා නෑ..ජැන්ග් හියුක් උවමනාවෙන්ම සන්හූන්ව වංචාවකට පැටලුවා....ඒ වගේම...ජැන්ග් හියුක් දැනගෙන හිටියා වැඩිකල් යන්න කලින් මං සන්හූන් ගැන හොයාගන්නවා කියලා....එහෙම තියෙද්දිත් ජැන්ග් හියුක් උවමනාවෙන්ම සන්හූන්ව මට අහු වෙන්න සැලැස්සුවා.."
හෝසොක් එහෙම කියද්දි කට්ටියම හෝසොක් දිහා බැලුවේ ඇසුත් ලොකු කරගෙන.තප්පර කීපයක් නිහඩවම හිටපු හෝසොක් ඊගාවට ගැඹුරු හඩින් හිමීට කියපු දෙයින් කට්ටියගෙම කටවල් ඇරුනේ පූදුමයෙන්.
"ජැන්ග් හියුක්ට ඕනි වුනේ සීරෝ එකේ රහස් නෙමෙයි..මගේ අතින්ම සන්හූන්ව මරන්නයි එයාට ඕනි වුනේ......!!!"
_________________________________________
(1221 words)
21/10/2021
Sorry for this..
Really..the chapter ish shittyyyy 🥲
Plz dont be disappointed lovelies i'll try my best for the next one.🫠
Love you.❤️😘
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top