Chapter 11

_________________________________________

Just remember there are always two sides to every story.And most of the time no one is completely innocent.
_________________________________________

ඉහලට එසවුනු විශාල ගේට්ටුව යටින් එලියට ආපු කලු පාට කාර් එකක් වේගයෙන් රෝනා ප්ලේස් එකෙන් ඈතට ඇදිලා ගියේ ඒත් එක්කම සුදු පාට කාර් එකක් ගේට්ටුවෙන් එලියට එද්දි.

ඒකත් උපරිම වේගයෙන් කලු පාට කාර් එක පිටිපස්සෙන් යන්න යද්දී රෝනා ප්ලේස් එකෙන් එලියට ආපු තවත් කලු පාට ජීප් රථ තුනක් කලින් ගියපු වාහන දෙක පිටිපස්සෙන් යන්න ගත්තේ අධික වගයකින්.

ZERO එකේ ඒ හැම වාහනයක්ම යමින් තිබුනේ ජැක්සන් හොයාගත්තු පාක් සන්හූන්ට අයිති ගෙදරට..යුවීගේ ෆෝන් එක ඔන් වුනු ලොකේශන් එක ජැක්සන් හොයාගත්තු ගමන්ම විනාඩි දහයක් යන්නත් කලින් ඒ හැමෝම ක්‍රියාත්මක වුනේ කොයි විදිහකින් හරි යුවීව හොයාගන්න අරමුණින්.තැන ගැන හරියටම දන්න කෙනා වුනු ජැක්සන් මුලින්ම ගියපු කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියේ ජින් එක්ක සූබින් අනිත් කාර් එකේ එද්දි.

ඒ අතරතුරේ ජැක්සන් එක්ක හිටපු නම්ජූන් එකදිගටම හෝසොක්ව සම්බන්ද කරගන්න උත්සාහ කලේ හෝසොක්ව ඒ ගැන දැනුවත් කරන්න ඕනි නිසා.ඒ උනත් නම්ජූන් කෝල් කරපු හැම මොහොතකම හෝසොක්ගෙ ෆෝන් එක තිබුනේ ඕෆ් කරලා.හෝසොක් කියන්නේ මොන දේ වුනත් කිසිම වෙලාවක ෆෝන් එක ඕෆ් කරන කෙනෙක් නෙමෙයි.ඉතින් කවදාවත් නැතිව අද හෝසොක්ගේ ෆෝන් එක ඕෆ් වෙලා තියෙද්දි නම්ජූන්ට දැනුනේ බයක්.

"නම්ජූන්....?? "

නම්ජූන්ගේ මූණෙ තියන නොසන්සුන්කම දැකපු ජැක්සන් නම්ජූන්ට කතා කලේ එයා ඒ තරම් කලබල වෙලා තියෙන්නේ ඇයි කියලා දැනගන්නයි.

"මොකද ඔයා ඔච්චර කලබල වෙලා?මොකක් හරි ප්‍රශ්නයක් ද?"

ජැක්සන් දිහා බලපු නම්ජූන් ඔලුව දෙපැත්තට වනලා ආයෙමත් ෆෝන් එක දිහා බැලුවේ තවත් පාරක් හෝසොක්ගේ අන්කය ඩයල් කරන ගමන්.

"නෑ ජැක්සන්.එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ..ඒත්...හෝසොක්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑනේ.එයා කවදාවත් සාමන්‍යයෙන් ෆෝන් එක ඕෆ් කරන්නේ නෑ.ඒත් දැන් ගොඩක් වෙලාවක ඉදන් ඒක ඕෆ්..."

නම්ජූන් කිව්වේ ආයෙමත් ජැක්සන් දිහා බලන ගමන්.

"සමහරවිට ෆෝන් එකේ බැට්‍රි ලෝ වෙලා වෙන්න ඇති.."

ජැක්සන් එහෙම කිව්වත් නම්ජූන් ඒක පිලිගන්න පාටක් තිබ්බේ නෑ.ඒ නිසාම ජැක්සන් ආයෙමත් කතා කලේ නම්ජූන් හිතන්නේ මොකක්ද කියලා හරියටම දැනගෙන.

"ඔයා හිතන්නේ එයාට කරදරයක්වෙලාද දන්නේ නෑ කියලා නේද?බය වෙන්න එපා නම්ජූනා අපි මේ කතා කරන්නේ ජේහෝප් ගැන.එයාට කරදරයක් කරන්න පුලුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ..."

අකමැත්තෙන් වුනත් ජැක්සන් කියපු දේ නම්ජූන් පිලිගත්තේ එයා කිව්වේ ඇත්ත නිසා.ජේහෝප් කියන්නේ කිසිම කෙනෙක්ට බය නැති අනිත් හැමෝවම බය කරගෙන ඉන්න කෙනෙක්.ඉතින් එහෙම කෙනෙක්ට අනතුරක් වෙන්න කිසිම ඉඩක් නෑ කියලා නම්ජූන් දන්නවා.ඒ නිසාම හෝසොක්ගේ ෆෝන් එකට මැසේජ් එකක් යවපි නම්ජූන් ෆෝන් එක ආයෙමත් එයාගේ සාක්කුවට දාගත්තේ සුසුමක් හෙලන ගමන්.

"ඒ කතාවත් ඇත්ත..එයා කෝල් ඇලට් දැක්කම කොයිවෙලෙර් හරි ආයේ කෝල් කරයිනේ.අපි එතකම් මේ වැඩේ කරමු."

එහෙම කියපු නම්ජූන් ලැප් එක අරගෙන යුවිගේ ෆෝන් එක ඔන් කරපු වෙලාව ඇතුලතදි ඒ ලොකේශන් එක ලගින් එහෙ මෙහෙ ගියපු වාහන ගැන චෙක් කරන්න පටන් ගත්තේ ඒ හැම තොරතුරක්ම අනිත් වාහන හතරේ හිටපු අයටත් කියන ගමන්.

"කට්ටිය...හොදට අහගන්න.අපිට සැක කරන්න පුලුවන් විදිහේ වාහන දෙකක් ඒ ටයිම් එකට මේ පාරෙන් ගිහින් තියනවා.එකක් මිනි කූපර් එකක්.අනික ලෑන්ඩ් රෝවර් එකක්.මං දැන් ඒ වාහනවල අන්ක ඔයාලට එවනවා.කොහෙන් හරි ඔයාලා අනිවාරෙන්ම ඒ වාහන දෙක හොයාගන්න ඕනි..සූබින්..ඔයා තුන් දෙනෙක් එක්ක එක ජිප් එකක මිනි කුපර් එක හොයාගෙන යන්න.එතකොට ජින් ඔයා තව තුනක් එක්ක අනිත් ජිප් එකේ ගිහින් ලෑන්ඩ් රෝවර් එක හොයාගන්න ඕනි..එතකොට මායි ජැක්සනුයි ඉතුරු දොළොස් දෙනයි සන්හූන්ගේ ගේ චෙක් කරනවා..කාටහරි තොරතුරක් ලැබුනු ගමන්ම අනිත් අයව දැනුවත් කරන්න ඕනි.හරිනේ දැන්..තේරුනා නේද කරන්න ඕනි දේවල් හැමෝටම.??"

නම්ජූන් කියපු හැමදේම කනේ රදවගෙන හිටපු ඉයර් පීස් එකෙන් අහගෙන හිටපු හැමෝම ඔව් කිව්වේ එක හඩින්මයි.ඒත් එක්කම හරි තැනට ආපු ඒ වාහන ඔක්කොම නතර වුනේ සන්හූන්ගේ කියලා කියපු ගෙදර ගේට් එක ඉස්සරහින්.

කාර් එකෙන් බැහැපු ජැක්සන් ගේට් එකේ ලොක් එක කඩන්න උත්සාහ කරන අතරතුරේ ජින්,සූබින් දෙන්නා එයාලගෙ කණ්ඩායම් දෙකත් එක්ක ජිප් දෙකකින් පිටවෙලා ගියේ කලින් කියපු වාහන දෙක හොයන්න.

වැඩි වෙලාවක් යන්න කලින් ජැක්සන් ගේට් එක විවර කලේ ඉතුරු වෙලා තිබුනු වාහන තුනට ඇතුලට යන්න පුලුවන් වෙන විදිහට.ඒ ගමන්ම ගේට් එකෙන් ඇතුලට ගියපු වාහන තුන ගේ ඉස්සරහම මිදුල මැද නතර වුනේ ඒවයේ හිටපු අය එක පිම්මෙන්ම බිමට බහිද්දි.......

_________________________________________


සුදු පාට තුවායක් ඉණ වටේ දවටගෙන හිටපු හෝසොක් කාමරය අයිනක තිබුනු බාත්රූම් එකෙන් එලියට ආවේ තෙත කොණ්ඩය තවත් තුවායකින් පිහිදාන ගමන්.

හෝසොක්ගේ හැම ක්ලබ් එකකම හෝසොක්ට අයිති ප්‍රයිවට් රූම් එකේ හදිසි වෙලාවට ගන්න තියලා තිබුනු ඇදුම්වල වටිනාකම එයාට තේරුනේ මේ වගේ වෙලාවල්වලට තමයි.

කෙලින්ම කාමරේ තියෙන අල්මාරිය ලගට ගියපු හෝසොක් ඒක ඇරලා කලු පාට ඩෙනිමකුයි ටීශර්ට් එකකුයි එලියට ගත්තේ මොහොතක්වත් කල්පනා නොකර.ලග තිබුනු පුටුවකට තෙත තුවාය දාපු හෝසොක් ඉක්මනටම අලුත් ඇදුම්වලට මාරු වුනේ තවමත් ඇද උඩ අඩ නිරුවතින් නිදාගෙන ඉන්න කෙල්ල දිහා යන්තම්වත් නොබලා.

එක දේකට විතරක් සීමා වුනු කෙල්ලෝ එක්ක හෝසොක් කවදාවත් රැයක් ගත කලේම නැති තරම්..තමන්ගේ වැඩේ ඉවර වුනු ගමන් අනිත් කෙනා මොන තත්වේ හිටියත් හෝසොක් කලේ පුලුවන් ඉක්මනින් එතැනින් පිටවෙලා යන එක..

හෝසොක් වෙන පහසක් හොයාගෙන ආවේ කෙනෙක්ව අමතක කරන්න තිබුනු උවමනාව නිසා.ඒත් හැම තප්පරයකදිම අමතක කරන්න ඕනි වුනු කෙනාවම මතක් වෙද්දි ඒකත් හරියන ක්‍රමයක් නෙමෙයි කියලා හෝසොක්ට තේරුනා.ඉතින් ඒ නිසාම පුලුවන් ඉක්මනින් එතැනින් පිටවෙලා යන්නයි හෝසොක්ට ඕනි වුනේ..

නිහඩවම ලෑස්ති වුනු හෝසොක් පැත්තක තිබුනු ලෙදර් ජැකට් එක ඇදගෙන බෙඩ්සයිඩ් ටේබල් එක උඩ තිබුනු පර්ස් එකයි ෆෝන් එකයි අතට ගත්තේ ඇදේ ඉන්න කෙනාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා.

අන්න ඒ වෙලාවෙදියි හෝසොක්ට මතක් වුනේ මීට පැය දෙකකට විතර කලින් එයාම ෆෝන් එක ඕෆ් කරලා දැම්මා කියලා.තමන්ටම හිතින් ශාප කරගන්න ගමන් ෆෝන් එකේ පවර් බට්න් එක ඔබපු හෝසොක් සෝෆා එක පැත්තක තිබුනු මාස්ක් එක අරගෙන දාගත්තේ එතැන තිබුනු කාර් කී එකත් අතට ගන්න අතරෙමයි.

VVIP රූම් එකේ දොර ඇරගෙන එලියට ආපු හෝසොක් කෙලින්ම ගියේ ක්ලබ් එකේ මැනේජර් ගාවට.

"මාක්..මගේ රූම් එකෙ ඉන්න ගර්ල් ඇහැරියට පස්සේ එයාව එලියට යවලා රූම් එක ලොක් කරන්න.මෙන්න කීකාඩ් එක..එයාට ඉල්ලන ඕනි ගානක් දීලා දාන්න.."

ඉස්සර වගේ මාක් දැන් හෝසොක්ගේ වැඩවලට පුදුම වුනේ නෑ.මොකද දැන් එයාට හෝසොක්ගේ වැඩ පුරුදුයි..හෝසොක් ක්ලබ් එකට ඇවිත් ගිහින් ටික වෙලාවකට පස්සේ හෝසොක්ගේ රූම් එකෙන් එලියට එන ගැහැණු ළමයින්ට ඉල්ලන ඕනි ගානක් දීලා දාලා රූම් එක ලොක් කරන එක එයාලාට තව දුරටත් නුපුරූදු වැඩක් වුනේ නෑ.

මාක් කිසිම දෙයක් කියන්නත් කලින් එතනින් පිටවුනු හෝසොක් කෙලින්ම ගියේ පාකින් එකේ VVIP සෙක්ෂන් එකේ නවත්තලා තිබුනු තමන්ගේ කාර් එකට.කාර් එකෙන් වාඩි වුනු හෝසොක් ඊගාවට බැලුවේ මෙච්චර වෙලා අතේ තිබුනු ෆෝන් එක දිහා.

ඔන් වෙලා තිබුනු ෆෝන් එකේ වෙලාව පෙන්නුවේ හවස 03.40 විදිහට.ඒ වුනත් හෝසොක්ගේ නළල රැලි වුනේ ස්ක්‍රීන් එකේ වැටිලා තිබුනු මිස්ඩ් කෝල්වල ගාන දැකලා.

"නම්ජූන්ගෙන් මිස්ඩ් කෝල් 12ක්?? "

ඒත් එක්කම හෝසොක් දැක්කේ නම්ජූන් එවලා තිබුනු මැසේජ් එකක්.හෝසොක් ඒක ඕපන් කරලා බැලුවේ නම්ජූන් එච්චර කෝල් ගත්තු එක ගැන ඇතිවුනු කුතුහලයෙන්.

[ යුවීගේ ෆෝන් එක දැන් ටිකකට කලින් ඕන් කලා හෝබා.ඒ ලොකේශන් එක අපි හොයාගත්තා.දැනටමත් අපි එතැනට යන ගමන් ඉන්නේ.. ]

'ඕශිට්...මෙච්චර දවස් ඉදලා ඒ යකා මොකට ඒක මේ වෙලාවෙම ඔන් කලාද..!! '

හෝසොක්  හිතුවේ කේන්තියෙන් දත්මිටි කන ගමන්.මොකද එයා ෆෝන් එක ඕෆ් කරපු පැය දෙකට එයාට මග ඇරිලා තිබුනේ හෝසොක් බලාගෙනම හිටපු චාන්ස් එකක්.

හෝසොක් ඉක්මනටම නම්ජූන්ගේ අංකය ඩයල් කලේ කාර් එක ස්ටාර්ට් කරගන්න ගමන්.දෙපාරක් රීන්ග්ස් යද්දිම නම්ජූන් කෝල් එක ඉස්සුවේ හරියට කෝල් එක එනකම් බලාගෙන හිටියා වගේ.

"හෙලෝ..හෝබා...!තෑන්ක්ස් ගෝඩ් අන්තිමට ඔයා ෆෝන් එක ඔන් කරගත්තා..!! "

"මං වැදගත් වැඩක හිටියේ ඒ නිසා ෆෝන් එක ඕෆ් කරලා තිබ්බේ.මං හිතුවෙ නෑ අර යුවී කියන එකා ඒ වෙලාවෙම ඒ මගුල් ෆෝන් එක ඕන් කරයි කියලා.."

හෝසොක් කිව්වේ ඇස් දෙකත් රෝල් කරන ගමන්.

"ඔයාගේ වෙලාව තමයි ඉතින්..ඒත් ඔයා ෆෝන් එක ඔන් කරන් හිටියත් වැඩක් වෙන්නේ නෑ හෝබා.."

"ඇයි?යුවීව හොයාගන්න බැරි වුනා කියලා නම් කියන්න එපා නම්ජූන්.....!"

හෝසොක් එහෙම කියද්දි එහා පැත්තෙන් ඇහුනෙ ලොකු නිහඩතාවක්..වෙලා තියන දේ හෝසොක්ට අමුතුවෙන් තේරුම් ගන්න ඕනි වුනේ නෑ.හෝසොක් ස්ටියරින් වීල් එකට හය්යෙන් අත මිටිමොලවලා ගැහුවේ කේන්තියෙන්.

"මොන මගුලක්ද නම්ජූන්....!!!!!! "

"සොරි හෝසෝකා...!!!"

නම්ජූන් කිව්වේ තමන් ගැනම ඇති වුනු ලැජ්ජාවෙන්.මේ එයාට පවරපු වැඩක් හරියට කරගන්න බැරි වුනු දෙවනි වතාව.මුලින්ම සන්හූන්ගේ ගේ චෙක් කරද්දි..ඊගාවට දැන්.යුවීගේ විස්තර හොයද්දි..

"නවත්තගන්නවා නම්ජූන්....!!! "

හෝසොක් කිව්වේ දත් මිටි කන ගමන්.සෝල්වල විතරක් නෙමෙයි මුලු කොරියාවෙම ඉන්න බලවත් මාෆියාවලින් එකක් වෙලත් සන්හූන් ගැනයි යුවී ගැනයි හරි තොරතුරක් තවමත් හොයාගන්න බැරි වුනු එක ගැන හෝසොක් හිටියේ ඇත්තටම ලොකූ කේන්තියකින්.

" ඔයාලා දැන් ඉන්නේ කොහේද..??"

"අපි මේ දැන් රෝනා ප්ලේස් එකට යන ගමන් ඉන්නෙ හෝසෝකා.."

"හරි..මං තව පැයකින් රෝනා ප්ලේස් එකට එනවා..මං එද්දි හැමෝම එතන ඉන්න ඕනි.එච්චරයි..!! "

එහෙම කියපු හෝසොක් නම්ජූන් මොකුත් කියන්න කලින්ම කෝල් එක කට් කරලා කාර් එක පාරට දාගෙන සෝල්වලට යන්න පටන් ගත්තේ උපරිම වේගයකින්.

හෝසොක්ගේ කාර් එක රෝනා ප්ලේස් එකේ ගේට් එකෙන් ඇතුලට ආවේ පැයයි විනාඩි දහයකට විතර පස්සේ.කාර් එක මන්දිරය ඉස්සරහම නතර කරලා බැහැලා ආපු හෝසොක්ගේ මූණේ තිබුනේ ඒ තරම් ප්‍රසන්න පෙනුමක්නම් නෙමෙයි.

හෝසොක් ගේ ඇතුලට යද්දිත් නම්ජූන්,ජින්,ජැක්සන්,සූබින් ඒ හැමෝම හිටියේ සාලයේ තිබුනූ සෝෆාවල වාඩි වෙලා.හෝසොක්ගෙර් විශ්වාසවන්තම අයගෙන් එතැන හිටියේ නැත්තේ ජිමින් විතරයි.ඒත් සන්හූන්ගේ ප්‍රශ්නෙදි ජිමින්ට කරන්න දෙයක් තිබුනේ නැති නිසා එයා එතන නැති එක ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ.

හෝසොක්ව දැකපු ගමන් කට්ටියම වාඩි වෙලා ඉදපු තැන්වලින් නැගිටලා ආචාර කලේ හෝසොක් ගැන තිබුනු ගෞරවය නිසා.කෙලින්ම එයාලා හිටපු තැනට ආපු හෝසොක් මැද තිබුනු තනි පුටුවෙන් වාඩි වුනේ අනිත් අයටත් වාඩි වෙන්න කියලා කියන ගමන්.

"දැන් කාටහරි පුලුවන්ද මට තේරුම් කරලා දෙන්න මුල ඉදනම මොකක්ද සිද්ද වුනෙ කියලා.ඒ වගේම  ඔයාලට යුවී කියන එකාව අල්ලගන්න බැරි වුනේ ඇයි කියලා.."

හෝසොක් ඇහුවේ හැමෝගෙම මූණු දිහා විමසිල්ලෙන් බලන ගමන්.හැමදාමත් වගේ ඒ බැල්ම දරාගෙන මුලින්ම කතා කරන්න ගත්තේ නම්ජූන්.යුවීගේ ෆෝන් එක ඕන්වුනු වෙලාවේ ජැක්සන් ලොකේශන් එක හොයාගත්තු තැන ඉදන් සන්හූන්ගේ ඒ ගෙදරට ගියපු තැන වෙනකම් හැමදෙයක්ම නම්ජූන් හෝසොක්ට කිව්වා.

"අපි පුලුවන් තරම් ඉක්මනට ඒ තැනට ගියා.ඒත් එතන කිසිම කෙනෙක් හිටියේ නෑ.අඩුම තරමේ කිසිම කෙනෙක් ආපු බවට සාක්ශියක්වත් නෑ.ඒත් අපිට හොදටම විශ්වාසයි යුවීගේ ෆෝන් එක එතන තිබුනාමයි කියලා..ඒ කියන්නේ යුවී අනිවාර්‍යෙන්ම එතන ඉදලා තියනවා..මට හොදටම විශ්වාසයි හෝසෝකා මේ යුවී ලේසි පහසු කෙනෙක් නෙමෙයි.ඒ වගේම එයා ඉන්නේ තනියමත් නෙමෙයි...!"

නම්ජූන් එහෙම කියලා හෝසොක් දිහා බලද්දි අනිත් අයත් හෝසොක් දිහා බැලුවේ හෝසොක්ගේ අදහස මොකක්ද කියලා දැනගන්නයි..ඒ හැමෝම මෙච්චර දවස් යුවී ගැන හිතාගෙන හිටියේ එයා අල්ලගන්න ලේසි කෙනෙක් කියලා.ඒත් සිද්ද වෙන දේවල් එක්ක නම්ජූන් කිව්වා වගේ මේ යුවී කියන්නේ හිතන තරම් ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා හැමෝටම තේරිලයි තිබුනේ.හෝසොක් හිතුවෙත් ඒ විදිහටමයි.

ඒත් හෝසොක් මොකුත් කියන්න කලින්ම හැමෝගෙම අවදානය යොමු වුනේ කුස්සිය පැත්තේ ඉදන් ආපු දෙන්නා දිහාවට.

නිල් ඩෙනිමකට කහ පාට හූඩි එකක් ඇදගෙන හිටපු ජිමින් එකපාරටම කුස්සිය පැත්තේ ඉදන් මතු වුනේ තනියම නම් නෙමෙයි.එයා ආවේ රෝද පුටුවකුත් තල්ලු කරගෙන.නිල් පාට පිජාමා කිට් එකකුත් ඇදගෙන ඒකේ වාඩිවෙලා හිටියේ රෝනා ප්ලේස් එකේ අලුත් අමුත්තා මින් යුන්ගි.යුන්ගි එක්ක මොනවාදො කියව කියව ආපු ජිමින් එකපාරටම නතර වුනේ ලිවින් රූම් එකෙ හිටපු කට්ටිය දැකලා.එයාලා ගෙදරට ඇවිත් කියලා ජිමින් ඒ වෙනකම් දැනගෙන හිටියේ නෑ.හෝසොක් ගෙදර නෑ කියලා හිතපු නිසයි යුන්ගි බෑම කියද්දි ජිමින් එයාව මෙඩිකල් රූම් එකෙන් එලියට එක්කගෙන ආවේ..

"ඕහ්..හායි ?!!"

ජිමින් කට්ටිය දිහා බලලා අත වැනුවේ ලස්සනට හිනාවෙන ගමන්.ඒත් තමන් දිහා බලාගෙන ඉන්න හෝසොක්ගේ සීතල මූණ දැකපු ගමන්ම ඒ හිනාව ජිමින්ගේ මූණෙන් මැකිලා ගියේ තප්පරෙන්.

"ජිමින්...මෙයාව මෙඩිකල් රූම් එකෙන් එලියට ගන්න කවුද ඔයාට අවසර දුන්නේ.?? "

එක මොහොතකට යුන්ගි දිහා බලපු හෝසොක් ආයෙමත් ජිමින් දිහා බලලා එහෙම ඇහුවේ ඒ නපුරු බැල්මට ජිමින්ව වෙව්ලලා යද්දි.හෝසොක් දිහා මොහොතක් බලාගෙන හිටපු යුන්ගි බිම බලාගත්තේ සාලේ හිටපු අනිත් කට්ටිය මාරුවෙන් මාරුවට ඒ තුන්දෙනා දිහා බලද්දි.

"හ්..හෝසෝකා..ම්..මෙඩිකල් රූම් එකේ බාත්රූම් එකක් නෑනේ ඒ නිසා මං මෙයාව කිචන් එක පැත්තේ තියන බාත්රූම් එකට එක්කගෙන ගියා එයාට වොශ් එකක් දාගන්න.."

ජිමින් කිව්වෙ බොහොම අමාරුවෙන් හෝසොක්ගේ ඇස් දිහා බලාගෙන.

"ඒක මට වැඩක් නෑ.මෙයාට කරන්නේ මොකක්ද කියලා මං තීරණය කරනකම් මට මේ ගෙදර කිසිම තැනක මෙයාව පේන්න බෑ.මීට පස්සේ මෙහෙම දෙයක් වෙන්න බෑ.."

හෝසොක් කිව්වේ හැමෝටම ඇහෙන විදිහට.හෝසොක් කියපු දේ තේරුම් ගත්තු ජිමින් ඔලුව ඉහල පහල වැනුවේ යුන්ගි එකදිගටම බිම බලාගෙන ඉද්දි.

"දැන් එයාව ආයෙත් මෙඩිකල් රූම් එකට දාලා වහලා ඔයා ආයෙත් මෙතෙන්ට එන්න ජිමින්.."

ආයෙමත් ඔලුව ඉහල පහල වනපු ජිමින් ඉක්මනටම යුන්ගි හිටපු රෝද පුටුවත් තල්ලු කරගෙන මෙඩිකල් රූම් එක පැත්තට ගියේ අනිත් කට්ටිය ආයෙමත් කලින් කරපු කතාව පටන් ගනිද්දි.

"තව දෙයක් හෝසොක්..සන්හූන්ගේ ඒ ගෙදරට ඇවිත් තියන ලෑන්ඩ් රෝවර් එක අපි හොයාගත්තේ ඉල්සන්වල පාකින් එකකින්.ඒත්..හොයලා බලද්දි ඒක ඊට පැය කීපෙකට කලින් සෝල්වල ශොපින් මෝල් එකක් ගාවින් හොරකම් කරපු එකක්.නම්ජූන් කිව්වා වගේ මේ යුවි ලේසි පහසු කෙනෙක් නෙමෙයි..එයා හැමදේම හොදටම ප්ලෑන් කරලයි කරන්නේ.අපිට කිසිම චාන්ස් එකක් ඉතූරු වෙන්නෙ නැති විදිහට එයා පරිස්සම් වෙනවා.."

ජින් කිව්වේ හෝසොක් ඒ හැමදේම අහගෙන ඉද්දි.

"ඒ විතරක් නෙමෙයි..යුවීගේ සිම් එකේ හැම ඉන්ෆොමේශන් එකක්ම හෝසොක්ගේ විස්තරවලට මාරු කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි.හයි සිකියුරිටි එකක් තියන නෙට්වර්ක් එකක් හැක් කරලා තොරතුරු ගන්නවා කියන එක හෙන අමාරු වැඩක්.එහෙම එකේ සිම් එකක ඉන්ෆොමේශන් සම්පූර්ණයෙන්ම චේන්ජ් කරනවා කියන්නේ පට්ට වැඩක්..මට හිතෙන්නෙත් මේ යුවීට තව කාගෙන් හරි උදව් ලැබෙනවා.එයාට මේ හැමදේම තනියෙන් කරගන්න පුලුවන් වෙයි කියලා ම්ං හිතන්නේ නෑ...."

ජැක්සන් කියද්දි අනිත් අයත් ඒක පිලිගත්තේ එයාලා යුවී ගැන තියාගෙන හිටපු පටු අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙද්දි.ඒ අතරේ යුන්ගිව මෙඩිකල් රූම් එකෙ නවත්තලා ජිමිනුත් එයාලට එකතු වුනා.ජිමින් ඒ වැඩවලට සම්බන්ද වුනේ නැති වුනාට මේ වගේ ප්‍රශ්නවලදි ජිමින්ගේ අදහස් එයාලට ගොඩක් දුරට වැදගත් වුනා.

පැයක් විතර ආපපු මුල ඉදන් හැම දෙයක් ගැනම කතා කරපු එයාලා අන්තිමට තම තමන්ගේ කාමරවලට යන්න පටන් ගත්තේ හෝසොක්,ජිමින් විතරක් සාලේ ඉතුරු වෙද්දි.හෝසොක්ගෙන් සමු අරන් තමන්ගේ කාමරේට යන්න හදපු ජිමින් නතර වුනේ යන්තම් හෝසොක්ගේ කට හඩට.

"ජිමින්.."

ජිමින් හැරිලා බැලුවේ හෝසොක් දිහා කුතුහලයෙන් බලන ගමන්.මොකද හෝසොක් කවදාවත් ජිමින්ට ඒ තරම් හිමීට කතා කරලා නෑ.

"හෝසෝකා..මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"න්..නෑ..මං මේ කියන්න හැදුවේ.."

හෝසික් කිව්වේ ජිමින් දිහා බලලා ආයෙමත් අහක බලාගන්න ගමන්.ජිමින් හෝසොක්ගේ මූණ දිහා බලාගෙන හිටියේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.මොකද ජීවිත කාලෙටම හෝසොක් දෙයක් කියන්න මේ තරම් දගලනවා ජිමින් දැකලා තිබුනෙ නෑ.අන්තිමේදි ලොකු හුස්මක් ගත්තු හෝසොක් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ ජිමින් දිහා බලන ගමන්.

"දෙවනි තට්ටුවෙ තියන ගෙස්ට් රූම් එක මින් යුන්ගිට ඉන්න හදලා දෙන්න.එයා දැනටමත් මේ තැන ගැන දන්න් නිසා අපිට එයාව මෙහෙන් යවන්න බෑ.ඒනිසා එයා ගැන් තීරණයක් ගන්නකම් එයාව අපිට මෙහේ තියාගන්න වෙනවා.ඉතින් දිගටම එයාව මෙඩිකල් රූම් එකේම තියන්න බෑනේ.මොකද අපිට ඒක හදිස්සි අවස්තාවදි ඕනි වෙන්න පුලුවන්.අනික..අනික ඒකේ බාත්රූම් එකකුත් නෑ.ඒ නිසා එයාව ගෙස්ට් රූම් එකට එක්කන් යන්න.හැබැයි එයා කිසිම වෙලාවක ඒකෙන් එලියට එන්න බෑ.."

එකදිගට කියාගෙන ගිය හෝසොක් ආයේ හැරිලාවත් නොබලා පඩිපෙල නැගගෙන ගියේ ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉද්දි.

ජිමින් පුදුම වෙන්න හේතුව හෝසොක් යුන්ගිට කාමරයක් දීපු එක නෙමෙයි..ඒකත් එක හේතුවක් තමයි.ඒත් ප්‍රධානම හේතුව වෙන එකක්.ඒක තමයි "එයාව මේ රූම් එකට එක්කගෙන යන්න" කියලා  කියනවා වෙනුවට හෝසොක් එහෙම කරන්න හේතුව හරි ලස්සනට පැහැදිලි කරලා දීපු එක.හෝසොක් කියන්නේ කිසිම දෙයක් පැහැදිලි කර කර ඉන්න කෙනෙක් නෙමෙයි.ඒත් දැන් දැන් හෝසොක් කලින් නොකරපු ගොඩාක් දේවල් කරන්න පටන් අරගෙනයි තිබුනේ..

_________________________________________

කලින් යුන්ගිව මෙඩිකල් රූම් එකට එක්කගෙන ආපු ජිමින් එලියට ගියේ යුන්ගිව පරිස්සමට ඇදෙන් තිබ්බට පස්සේ.යුන්ගි හිටියේ ඇදෙන් වාඩි වෙලා පිටිපස්සෙන් තියලා තිබුනු කොට්ටෙකට හේත්තු වෙලා.දවල් ජිමින් කියවන්න ගෙනත් දීපු පොතේ කවරයේ තිබුනු ඩැෆඩිල් මලක ෆොටෝ එක දිහා යුන්ගි බලාගෙන හිටියත් එයාගේ හිත තිබුනෙ වෙන කල්පනාවක.

ජිමින් යුන්ගිව බාත්රූම් එකේ ඉදන් එක්කගෙන එද්දි ලිවින් රූම් එකේ සිද්ද වුනු කතාව සම්පූර්ණයෙන්ම එයාට ඇහුනේ නැතත් නම්ජූන් කියපු එක දෙයක් එයාට හොදටම ඇහුනා.අතේ තියන පොත දිහා බලාගෙනම නම්ජූන් කියපු දේ යුන්ගි ආයෙමත් මතක් කලේ ඇගිල්ලක් පොතේ දාරය දිගේ අරගෙන යන ගමන්.

"අපි පුලුවන් තරම් ඉක්මනට ඒ තැනට ගියා.ඒත් එතන කිසිම කෙනෙක් හිටියේ නෑ.අඩුම තරමේ කිසිම කෙනෙක් ආපු බවට සාක්ශියක්වත් නෑ.ඒත් අපිට හොදටම විශ්වාසයි යුවීගේ ෆෝන් එක එතන තිබුනාමයි කියලා..ඒ කියන්නේ යුවී අනිවාර්‍යෙන්ම එතන ඉදලා තියනවා..මට හොදටම විශ්වාසයි හෝසෝකා මේ යුවී ලේසි පහසු කෙනෙක් නෙමෙයි.ඒ වගේම එයා ඉන්නේ තනියමත් නෙමෙයි...!"

නම්ජූන්ගේ වචන ටික ආයෙත් මතක් වෙද්දි යුන්ගිගේ මූණේ ඇදුනේ ලස්සන හිනාවක්.ඒත් ඒ හිනාව දුශ්ට හිනාවක් වෙන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ.

"අනිවාරෙන්ම යුවිගේ ෆෝන් එක එතන තියෙන්න ඇති මිස්ටර් ජන්ග් හෝසොක්..ඒත් ඒකෙන් තීරණය කරන්න බෑනේ යුවීත් එතන හිටියමයි කියලා..."

කට කොනින් හිනා වෙන ගමන් යුන්ගි එයාගේ යටි තොල දත්වලින් අල්ලගත්තේ කටින් පනින්න හදන ලොකු හිනාව හිර කරගන්න වගේ.

"ෆෝන් එක එතන තිබුනට යුවී එතන හිටියේ නෑ හෝසෝකා.."

යුන්ගිගේ මූණේ ඇදිලා තිබුනේ කොහෙත්ම ඒ අහින්සක පෙනුමට ගැලපෙන අහින්සක හිනාව නම් නෙමෙයි.

"මොකද ඊයේ රෑ ඉදන් යුවී හිටියේ මෙතන...!!!"

යුන්ගිගේ මූණේ තිබුනේ බය හිතෙන විදිහෙ හිනාවක්.මොකද ඒ හිටියේ හැමෝම දන්න අහින්සක යුන්ගි නෙමෙයි..කාටවත් නවත්තන්න බැරි නපුරු යුවී...!

_________________________________________

2469 Words
18/10/2021

_________________________________________

Byeeeee...🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

Thank you for reading lovelies 😘❤
Plz comment and vote ❤
Love you 😍😘❤

Moon_Fayre

 

Bạn đang đọc truyện trên: AzTruyen.Top