Chapter 10
(same day as in chapter 09)
රතු නිල් නියෝන් එලිවලින් ආලෝකමත් වෙලා තිබුනු ක්ලබ් එකේ විශාල දොරටුවෙන් ඇතුලුවුනු හෝසොක් ඝෝශාකාරි සංගීතයට නටන බීමත් මිනිස්සු අතරින් ඇවිදගෙන ඉදිරියට ආවේ ක්ලබ් එකේ ආරක්ශකයෙකුත් එක්ක.
පැත්තකින් තිබුනු පඩිපෙලක් දිගේ හෝසොක්ව ඉහල තට්ටුවකට රැගෙන ගියපු ආරක්ෂකයා VVIP කියලා ගහලා තිබුනු දොරක් ඉස්සරහින් නැවතුනේ හෝසොක්ට ඉඩ දෙන ගමන්...රූම් එකේ දොර ගාව නැවතුනු හෝසොක් තමන්ගේ කීකාඩ් එක පාවිච්චි කරලා දොර විවර කරලා ඇතුලට ගියේ ඊගාවට කරන්න ඕනි දේ ආරක්ෂකයට කිව්වට පස්සෙ.හෝසොක්ට ආචාර කරපු ඒ කෙනා නොපෙනි යනකම් හිටපු හෝසොක් දොර වහලා මෙච්චර වෙලා දාගෙන හිටපු මාස්ක් එක ගලවලා පැත්තකින් තිබුනු සෝෆා එක උඩට විසි කලේ ඒකෙම පැත්තකින් වාඩි වෙන ගමන්.
හැම වෙලේම වගේ ඒ වෙලාවෙදිත් හෝසොක්ගේ මූණේ කිසිම හැගීමක් තිබුනේ නෑ.එයා හිටියේ සුපුරුදු හැගීම් විරහිත ස්වභාවයෙන්මයි..ඒ සීතල බැල්ම වගේම හිනා පොදක් නැති මූණ ඒ විදිහමයි..
අහේතුකවම මොකක්දෝ තෙහෙට්ටුවෙන් හිටපු හෝසොක් සෝෆා එකේ හේත්තුවෙලා ඇස් දෙක පියාගත්තේ පොඩි විවේකයක් ගන්න බලාපොරොත්තුවෙන්.ඒත් හිතට එන සිතිවිලිවලින් හෝසොක්ට බේරිල්ලක් තිබුනේ නෑ..
පැය දෙකක් විතර කාර් එකත් ඩ්රයිව් කරගෙන සෝල්වලින් ඈත තියන තමන්ට අයිති ක්ලබ් එකකට හෝසොක් ආවේ එයාට රෝනා ප්ලේස් එකෙන් ඈතකට යන්න ඕනි කියලා දැනුනු නිසා.ඒත් රෝනා ප්ලේස් එකෙන් කොච්චර ඈතක හිටියත් ඒක ඇතුලේ සිද්ද වුනු දේවල් හිතින් ඈතකට යවන්න හෝසොක්ට පුලුවන් වුනේ නෑ..
මීට පැය කීපයකට කලින් දැකපු දේ ආයෙමත් හිතේ හොල්මන් කරන්න පටන් ගනිද්දි කොන්ඩෙ අතරින් අතක් යවමින් කෙස් ඇදගත්තු හෝසොක් සෝෆා එකෙන් නැගිටලා ගියේ සුඛෝපබෝගි කාමරය පැත්තක තිබුනු මිනි බාර් එක පැත්තට.
රාක්කවල අහුරලා තිබුනු නොයෙකුත් වර්ගයේ මිල අධික මත්පැන් වර්ග දිහා බලපු හෝසොක් BACARDI 151 රම් බෝතලයක් අරගෙන ලගම තිබුනු ස්ටූල් එකෙන් වාඩි වුනේ ටේබල් එක උඩ තිබුනු ග්ලාස් එකකුත් ලගට කරගන්න ගමන්..
එදා දවසේ උදේ තමන් පිස්සෙක් වගේ යුන්ගිට වද දීපු හැටි මැවි මැවී පේන්න ගනිද්දි හෝසොක් ග්ලාස් එක පිරෙන්නම ඇල්කොහොල් පුරවගත්තේ හිතේ තියන හැමදේම ඒකට පුරවන්න උත්සාහ කරනවා වගේ.
හෝසොක්ගෙ මුලු හිත පුරාම තිබුනේ පැය කීපයකට කලින් මුන ගැහුනු අහින්සක මල් කොල්ලෙක් ගැන සිතිවිලි විතරයි..තමන් දීපු හැම වේදනාවක්ම යුන්ගි ශක්තිමත්ව දරාගනිද්දි හෝසොක්ගේ හිත තිගැස්සුනු හැටි හෝසොක්ට තාමත් හොදටම මතකයි..
මොන තරම් යුන්ගිට වේදනා දුන්නත් හිතට කිසිම සතුටක් නොදැනුනේ ඇයි කියලා අන්තිමේදි හෝසොක් තේරුම් ගත්තත් හෝසොක් හොදටම දැනගෙන හිටියා ඒ වෙද්දිත් එයා පරක්කු වැඩියි කියලා..
ඒත් ඒ හැමදෙම පැත්තකට දාලා ජීවිතේ පලවෙනිම වතාවට හෝසොක් මොලය කියන එක අහන්නේ නැතිව හිත කියන දේ අහලා මෙඩිකල් රූම් එකට ගියේ යුන්ගිගෙන් සමාව ගන්න හිතාගෙන.මොකද හෝසොක් දන්නවා සිද්ද වුනු කිසිම දේකට යුන්ගි වග කියන්න ඕනි නෑ කියලා.හෝසොක් එවලේ කලේ එයාගේ තිබුනු හැම තරහක්ම යුන්ගිගෙ පිටින් යවපු එක කියලා හෝසොක්ට තේරුනේ යුන්ගිගේ පපුවේ තමන්ගෙ සලකුන සටහන් කරලා ඉවර කරපු මොහොතෙදිමයි.ඒත් තමන් කළේ වැරැද්දක් කියලා තේරුම් යද්දි හෝසොක්ට කරන්න දෙයක් ඉතූරු වෙලා තිබුනේ නෑ.
ඒත් යුන්ගිගෙන් සමාව ඉල්ලන්න හිතාගෙන යුන්ගිව හොයාගෙන ගියපු හෝසොක්ට දකින්න ලැබුනේ කොහෙත්ම බලාපොරොත්තු වුනු දෙයක්නම් නෙමෙයි..
හෝසොක් දැක්කා තමන් එක්ක වචනයක්වත් කතා නොකරපු යුන්ගි ජිමින් එක්ක කතා කරන හැටි...
එයාලා කතා කරන්නේ මොනවද කියලා ඇහුනේ නැතත් හෝසොක්ට පෙනුනා යුන්ගි ජිමින් එක්ක කතා කරන්නේ ගොඩක් සැහැල්ලුවෙන් කියලා..
හෝසොක් දැක්කා තමන් නිසා වුනු තුවාල වේදනා දෙද්දි ජිමින් යුන්ගිගේ ලගට දුවගෙන ගියපු හැටි..
ඒ වගේම හෝසොක් හොදටම දැක්කා ජිමින් පරිස්සමට යුන්ගිව බලාගන්න විදිහ.පොඩි ළමෙක්ට කවනවා වගේ පරිස්සමින් යුන්ගිට කෑම කවපු විදිහ..
තමන් ලගදි හැගීම් විරහිතව තිබුනු ඒ මූණේ ජිමින් නිසා හිනාවක් ඇදුනු හැටි හෝසොක් දැක්කා..රෝනා ප්ලේස් එකට ආවට පස්සේ පලවෙනි වතාවට යුන්ගි හිනා වුනේ ජිමින් නිසා කියලා හෝසොක් දැක්කා..
ටේබල් එක උඩ වැටිලා තිබුනු මත්පැන් බින්දුවක් දිහා බලාගෙන ඒ හැමදේම කල්පනා කරමින් හිටපු හෝසොක් ඊගාව මොහොතෙදි මුලු ග්ලාස් එකම එක උගුරට බීලා දැම්මේ මුලු උගුරම පිච්චිලා යනවා වගේ දැනෙද්දි..
හෝසොක්ට යුන්ගි ගැන ආදරයක් ඇති වෙලා තිබුනේ නෑ තවමත්..ඒත් හෝසොක්ගේ හිතේ යුන්ගි ගැන තිබුනේ අසීමිත කැමැත්තක්.ඒ කැමැත්ත යූනා ගැන තිබුනු කැමැත්ත වගේ නෙමෙයි..යූනා ගැන හෝසොක්ට තිබුනේ කායික පැත්තට බර ආකර්ෂණයක්.ඒත් යූන්ගි ගැන හෝසොක්ට තිබුනේ වෙනස්ම විදිහේ හැගීමක්..
හෝසොක් කැමති වුනේ මුලින්ම යුන්ගිව දකිද්දි ඒ මූණේ තිබුනු අහිංසකකමට...දරන්න බැරි තරම් වේදනා දෙද්දිත් හෝසොක් දිහා බලපු ඒ බැල්මට..හෝසොක් මොන දේ කලත් ඒ හැමදේම දරාගන්න තමන් ශක්තිමත් කියලා කියන බැල්මක් ඒ ඇස්වල තියාගෙනයි හැම මොහොතකම යුන්ගි හෝසොක් දිහා බැලුවේ.
හෝසොක්ගේ හිත ගැස්සුනේ ඒ බැල්මට,ඒ ආත්ම ශක්තියට..ඇගිල්ලක්වත් හොලවන්නේ නැතිව ජීවිතේ පලවෙනි පාරට තමන්ව පරද්දපු මින් යුන්ගි ගැන හෝසොක්ගේ හිතේ කැමැත්තක් ඇති වෙන්න පටන් ගත්තේ යුන්ගිව දැකපු පලවෙනි තප්පරේ ඉදන්ම බව හෝසොක්වත් එවලේ දැනගෙන හිටියේ නෑ.
හෝසොක්ගේ ගිනි ගන්න ඇස් දිහා බය නැතිව කෙලින් බලන් ඉන්න පුලුවන් වුනු එකම කෙනා තමයි යුන්ගි...
හැමදාමත් යුන්ගි ඒ විදිහට තමන් දිහා බලනවා දකින්නයි හෝසොක්ට ඕනි වුනේ..
ඒත් ඒ හැමදේම හීනයක් විතරයි කියලා හෝසොක් දන්නවා.
දෙවනි වතාවටත් වීදුරුව පිරෙන්න මත්පැන් දාගත්තු හෝසොක් ඒකත් එක හුස්මට හිස් කලේ යුන්ගිගේ මූණ ආයෙමත් ඇස් ඉස්සරහම මැවිලා පෙනෙද්දි.
හෝසොක් කවදාවත් හිතුවේ නෑ තව කෙනෙක් නිසා තමන් මේ විදිහට අවුල් ජාලාවක් වෙයි කියලා.හැමෝම කියන විදිහට ගල්වුනු හදවතක් තියන ජේහෝප් කියන මාෆියා ලීඩර් එකපාරටම මතු වුනු අමුතු කොල්ලෙක් නිසා පැය විසි හතරක් යන්නත් කලින් හැගීම් මහ ගොඩක් අස්සේ හිර වෙලා මෙහෙම අසරණ වෙයි කියලා කවුරුත් හිතන්න නැතිව ඇති..
ඒ දේවල් හිතෙද්දි හෝසොක් හය්යෙන් හිනා උනේ තමන්ටමයි...
' මින් යුන්ගි..ඔයා දන්නවද..ජේහෝප් කියන මහලොකු මාෆියා ලීඩර් ඔයා නිසා මොන තරම් අවුල් ගොඩකද පැටලිලා ඉන්නේ කියලා..ජීවිතේට කවදාවත් මට මේ වගේ දැනිලා නෑ.කවදාවත්ම මට කෙනෙක්ගේ අහින්සක පෙනුමට බැල්මට කැමැත්තක් ඇති වෙලා නෑ.මොකක්ද ඔයාගේ තියන විශේශත්වය යුන්ගි...ඇයි මගේ හිත ඔයා ගැන විතරක්ම හිතන්නේ..ඇයි මට මේ හැගීමෙන් බේරෙන්න බැරි.ඇයි මට ඔයාව අමතක කරන්න බැරි..දවසක් ගත වෙන්නත් කලින් ඔයා කොහොමද ඔය විදිහට මගේ ජීවිතේට ආවේ..ඒකත් කිසිම දෙයක් නොකර...අඩුම තරමෙ වචනයක්වත් හරියට කතා නොකර ඔයා කොහොමද මගේ හිතට මේ තරම් බලපෑම් කරන්නේ නිකෝ......'
හෝසොක් එයාගේ හිතේ තිබුනු හැමදේම කවුරුත් නැති ඒ කාමරේ ඉදන් මිමිනුවේ ඒ දේවල් කියන්න කෙනෙක් එයාට හිටියේ නැති නිසා..
' ඒත්..ඔයා ගැන තියන මේ හැගීම සමහර විට තාවකාලික හැගීමක් විතරක්ම වෙන්න ඇති..සම්හර විට මේ හැමදේම ටික දවසකින් මට අමතක වෙලා යයි..ඒ නැතත්..මං කොහොමහරි මේ දේවල් අමතක කරන්නම්..මොකද මොන දේ සිද්ද වුනත් ඔයයි මායි ඉන්නේ ලෝක දෙකක.ලෝකෙටම අපරාදකාරයෙක්,මාෆියාකාරයෙක් වුනු මං ගාව ඔයාට නවතින්න බෑ.ඔයා කවදාවත් මං ගාව නවතින්නෙත් නෑ කියලා මං දන්නවා...'
තවත් වතාවක් වීදුරුව පුරවගත්තු හෝසොක් ඒ වීදුරුවෙන් උගුරජ් බීලා ආයෙමත් මුමුණන්න පටන් ගත්තේ සිහින් හිනාවක් මූණේ ඇදෙද්දි.
' මං දන්නවා..ගල්වුනු හදවතක් තියන මිනිහෙක් වුනු මං ලග ඔයා කවදාවත් නවතින්නේ නෑ..ඔයාට..ඔයාට ගැලපෙන්නේ ඔයාව පරිස්සම් කරන කෙනෙක්...නැතුව ඔයාට වේදනා දෙන මං වගේ කෙනෙක් නෙමෙයි..ඔයාට ලැබෙන්න ඕනි ඔයාව දුර්වල කරන්න හදන මං වගේ කෙනෙක් නෙමෙයි ඔයාව ශක්තිමත් කරන්න හදන කෙනෙක්...ඔයාගේ හිනාව නැති කරන මං වගෙ කෙනෙක් නෙමෙයි යුන්ගි ඔයාට ගැලපෙන්නෙ හැමවෙලාවකදිම ඔය මූණට හිනාවක් ගේන්න පුලුවන් කෙනෙක්වයි ඔයාට ගැලපෙන්නේ...හරියට...හරියට ජිමින් වගේ.......'
වීදුරුවෙ ඉතුරු වෙලා තිබුනු මත්පැන් ටිකත් හිමින් හිමින් බීපු හෝසොක් හිස් වීදුරුව මේසය උඩින් තිබ්බේ හරිම පරිස්සමට..
'මේ හැමදෙයක්ම මගේ හිතේ විතරක්ම තිබුනුදෙන් නිකෝ...ඔයා ගැන මගේ හිතේ තියන හැගීම මාත් එක්කම විතරක් තියේවි සදහටම.ඔයා කවදාවත් දැනගන්න එකක් නෑ ඒ ගැන.....'
හෝසොක්ගේ ඇස්වල තිබුනේ වේදනාවක්..ටික වෙලාවකට කලින් මෙඩිකල් රූම් එකෙන් එලියට එද්දි ඒ ඇස්වල තිබුනෙත් ඒ වේදනාවමයි..
' ඔයාව මට අමතක වෙන්නේ නැත්නම් මං කොහොමහරි ඔයාව අමතක කරන්නම් නිකෝ....පුලුවන් හැම විදිහකින්ම ඔයාව අමතක කරන්න මං උත්සාහ කරන්නම්......'
ඒත් එක්කම හෝසොක් කල්පනාවෙන් මිදුනේ දොරට තට්ටු කරන සද්දෙන්.ටික වෙලාවක් හිටපු තැනම ඉදගෙන උන්නු හෝසොක් හිටියේ දොර අරිනවද නැද්ද කියන දෙගිඩියාවෙන්.ඒත් යුන්ගිව අමතක කරන්න තිබුනු උවමනාව නිසාම දොර අරින්න තීරනය කරපු හෝසොක් දොර දිහට ගියේ ඒ මූණ ආයෙමත් හැගීම් විරහිත කරගත්තට පස්සේ.මෙච්චර වෙලා හෝසොක්ගේ තිබුනු අසරණ පෙනුම තව දුරටත් එයාගේ තිබුනෙ නෑ..ඒ වෙනුවට හෝසොක්ගේ තිබුනේ පරණ පුරුදු සීතල පෙනුම.
දොර ගාවට ගිහින් නතර වුනු හෝසොක් දොර විවර කරල ටිකක් පැත්තකට වුනේ එලියේ හිටපු කෙනාට ඇතුලට එන්න ඉඩ දෙන ගමන්.හෝසොක්ව තේරුම් ගත්තු ඒ කෙනා කාමරය ඇතුලට එද්දි ආයෙමත් දොර වහලා ලොක් කරපු හෝසොක් හැරුනේ කාමරය මැදට වෙන්න හිටගෙන හිටපු කෙනා පැත්තට..
හෝසොක්ට තවත් හිතන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.එයාට ඕනි වුනේ යුන්ගිව අමතක කරන්න විතරයි.මොහොතකට හරි යුන්ගිගෙ මතකයන්ගෙන් වෙන් වෙන්නයි හෝසොක්ට ඕනි වුනේ...ඉතින් දැන් හෝසොක් කරන්න යන්නෙත් ඒක.
යුන්ගිව අමතක කරන්න උත්සාහ කරන එක..
ඇදගෙන හිටපු ජැකට් එක ක්ශනයෙන් ගලවලා කාමරයේ කොහේදෝ මුල්ලකට විසි කරපු හෝසොක් තමන්ගේ ඉදිරියේ ලිහිල් සේද කබායක් විතරක් ඇදගෙන උන්නු තරුණිය ලගට කිට්ටු වුනේ ගොදුරක් ලගට යන කොටියෙක් වගේ.
මොහොතකින් බිම පුරාවට සලුපිලි විසිරිලා යද්දි කාමරය පුරාවටම ඇහුනේ වේදනාත්මක කෙදිරිලි සහ හුස්ම හඩ විතරයි...තප්පරෙන් තප්පරය ගෙවිලා යද්දි හෝසොක්ගේ හැම පීඩනයක්ම හෝසොක් ඒ කෙල්ලගේ පිටින් පිට කරන්න ගත්තේ වියරුවෙන් වගේ.
ඒත් ඒ හැමදේම අස්සෙත් හෝසොක්ට මතක් වුනේ එයාට අමතක කරන්න ඕනි වුනු කෙනාව.
හෝසොක්ගේ මුලු ගතම වෙන කෙනෙක් ලග තෘප්තියක් හොයද්දි හෝසොක්ගේ හිත තිබුනෙම..
මින් යුන්ගි ගාව...
_________________________________________
(1389 words)
15/10/2021
_________________________________________
Hii lovelies....😍❤
Forbidden lov අමතක වෙලාද දන්නේ නෑ තිබුනේ ඔයාලාට.. (◕‿◕)
ඉක්මනටම මීට වඩා හොද ලොකූ චැප්ට එකක් එක්ක එන්නම්..❤
Thank you for reading.😍❤
If you liked this chapter,plz give it a vote 😊
And a comment 😉
Love you..❤
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top