Chapter 08
_________________________________________
There is allways that
One stupid mistake
That
Changes everything.
_________________________________________
මෙඩිකල් රූම් එකෙන් එලියට ආපු ගමන් කෙලින්ම හෝසොක් ආවෙ එයාගේ කාමරේට..හෝසොක් හිතුවේ අන්තිමේදි යුන්ගිට කරපු දේ නිසා එයාට සතුටක් ලැබෙයි කියලා.අනිත් හැම වතාවකම තව කෙනෙක්ට වද දෙද්දි හෝසොක්ගේ මූණේ ඇදුනේ හිනාවක්.ඒ ඇස් දිලිසුනේ වියරුවෙන්.
ඒත් යුන්ගිගේ පපුව උඩ තමන්ගේ සලකුණ තියපු හෝසොක්ට ඒ කිසිම සතුටක් දැනුනේ නෑ.ඒ මූණේ කොහේවත් හිනාවක් තිබුනේ නෑ.ඒ වගේම ඒ ඇස්වල වියරුවක් තිබුනෙත් නෑ.
මොකද හෝසොක් හොදටම දන්නවා එයා යුන්ගිට පැරදුනා කියලා.
මෙච්චර කල් හෝසොක්ගේ වද වේදනාවලට ලක්වුනු අනිත් මිනිස්සු හෝසොක් ඉස්සරහ ඇඩුවා,කෑ ගැහුවා,සමාව ඉල්ලුවා,අනුකම්පාව ඉල්ලුවා,බේරෙන්න උත්සාහ කලා..ඒ හැමෝම හෝසොක්ව පරද්දන්න උත්සාහ කලා.ඉතින් ඒ හැම උත්සාහයක්ම ව්‍යාර්ථ වෙලා යද්දි ඒ හැම මොහොතකම හෝසොක් දින්නා.
ඒත් අද...
හෝසොක්ගේ වද වේදනාවලට ලක් වෙද්දි යුන්ගි හෝසොක් ඉස්සරහ ඇඩුවේ නෑ.ඒ ඇස්වල කිසිම හැගීමක් තිබුනේ නෑ..හෝසොක්ගේ අනුකම්පාව ගන්න උත්සාහ කලේ නෑ..අඩුම තරමේ හෝසොක්ව පරද්දන්න උත්සාහ කලේවත් නෑ..යුන්ගි කරපු එකම දේ තමයි හැමදේම ඉවසපු එක.හෝසොක් උහුලන්න බැරි තරම් සියුම් විදිහට යුන්ගිව රිද්දද්දි යුන්ගි කලේම ඒ වේදනාවන් දරාගත්තු එක..
ඉතින් හෝසොක්ව පරද්දන්න උත්සාහ නොකරම යුන්ගි දින්නා..ජීවිතේ පලවෙනි පාරට හෝසොක් පැරදුනා.
හෝසොක් බාත්රූම් එකට ගිහින් දොර වහගත්තේ ගන්න හුස්මක් ගානෙම යුන්ගිගේ හැගීම් විරහිත ඇස් මැවි මැවී පේද්දි.කල්පනාවෙන්ම සින්ක් එක ලගට ගිය හෝසොක්ගේ ඇස් දෙක ගියේ යුන්ගිගේ ලේවලින් රතු වෙලා තිබුනු තමන්ගේ අත් දෙකට.
හෝසොක්ට මතක් වුනා ඒ පපුවෙන් ලේ ගලාගෙන යද්දිත් යුන්ගි හෝසොක්ගෙ ඇස් දිහාම බලාගෙන හිටපු හැටි.ඇත්තටම හෝසොක්ට තේරුනේ නෑ යුන්ගි ඇයි එකදිගට තමන්ගේ ඇස් දිහාම බලාගෙන ඉන්නේ කියලා.
ඒත් හෝසොක්ගේ හැම චලනයක් ගානෙම යුන්ගි හිස් බැල්මෙන් හෝසොක්ගේ ඇස් දිහාම බලාගෙන හිටපු හැටි මතක් වෙද්දි හෝසොක්ට දැනුනේ ඒ පොඩි කොල්ලා ඉස්සරහ තමන් ගොඩක් දුර්වල වුනා වගේ.
රතු පාට අත් දෙක දිහා බලාගෙන ඉන්න තප්පරයක් ගානේ හෝසොක්ට දැනුනේ ඒ අත් ගිනි ගන්නවා වගෙ.එකපාරටම හෝසොක්ට ඕනි උනා තමන්ගේ අතේ ගැවුනු යුන්ගිගේ ලේවලින් මිදෙන්න.ඉතින් තවත් පරක්කු නොවුනු හෝසොක් කරාම ඇරලා ගලාගෙන ආපු සීතල වතුරෙන් අත් දෙක හෝදන්න පටන් ගත්තේ පිස්සෙක් වගේ.වතුරත් එක්ක මුහු උනු රුධිරය සෙරමික් මතුපිට ගලාගෙන යද්දිත් හෝසොක් නැවතුනේ නෑ.ඒත් කොයි තරම් උත්සාහ කලත් තමන්ගේ අතේ ගැවුනු ඒ රුධිරය කවදාවත්ම යවන්න බෑ කියලා හෝසොක් දැනගෙන හිටියා.
සීතල වතුර පාර එහෙමම ගලාගෙන යද්දි ඒකෙන් ඈත් වුනු හෝසොක් බැලුවේ කැඩපතින් පේන තමන්ගෙම ප්‍රතිබිම්බය දිහා.
හෝසොක් කොයි තරම් ප්‍රතික්ෂේප කලත් එයා දැනගෙන හිටියා එයාට තියෙන්නෙත් එයාගේ තාත්තගෙම රූපය කියලා.හෝසොක්ට කවදාවත්ම ඕනි වුනේ නෑ තාත්තා වගේ වෙන්න.ඒ නිසාම හෝසොක් තමන්ගේ පෙනුමට වෛර කලා.ඒත් රූපය ඇරෙන්න අනිත් හැමදේම තාත්තට වඩා වෙනස් කරගන්න හෝසොක්ට පුලුවන් වුනා.
හෝසොක් හැමවෙලේම හිතුවේ එයා තාත්තට සමාන රූපයෙන් විතරයි කියලා.
ඒත්..
කන්නාඩියෙන් පේන රූපය දිහා බලපු තප්පරේම හෝසොක්ට ඒකෙන් පෙනුනේ එයාව නෙමෙයි එයාගෙ තාත්තව..
ඒ හෝසොක්ගේ රූපය නිසා නෙමෙයි.ඇස්වල තිබුනු හැගීම නිසා.
අවුරුදු ගානකට පස්සේ තමන්ගෙම ඇස්වල හැගීමක් තියන හැටි හෝසොක් දැක්කා.
එයාගේ තාත්තගේ වගේම...හෝසොක්ගේ ඇස් පිරිලා තිබුනේ මෙච්චර කාලෙකට හෝසොක් ලග නොතිබුනු හැගීමකින්..
පසුතැවීම.
ජීවිතේ එක කාලෙක කරපු එක වරදක් නිසා ජන්ග් වූ බින් ගේ (හෝසොක්ගේ තාත්තා) ඇස්වල හෝසොක් හැමදාම දැක්කේ පසුතැවීම විතරයි.ඒ පසුතැවීම නිසාම මුලු ජීවිතයම එයා විදවපු හැටි හෝසොක් දැක්කා.
හෝසොක් එයාගේ හදවත ගලක් කරගත්තේ මොන වරදක් කලත් කිසිම පසුතැවීමක් ඇති නොවෙන විදිහට.මොකද හෝසොක්ට කවදාවත් හැගීම් නිසා දුක් විදින්න ඕනි වුනේ නෑ.
ඒත් අද පසුතැවීම කියන දේ පලවෙනි වතාවට තමන්ගෙ ඇස්වල හෝසොක් දැක්කා.
ජීවිත ගනන් කරන්න බැරි තරමක් විනාශ කරද්දි,ඒ මිනිස්සු ජීවිතය ඉල්ලලා මොරදෙද්දි පැත්තකවත් නොතිබුනු පසුතැවීම අද වචනයක්වත් නොකියා වේදනාවන් උහුලගත්තු කෙනෙක් නිසා තමන්ව හොයාහෙන ආපු හැටි හෝසොක්ට හරි පුදුමයි.
" ඔයා කවුද නිකෝ.."
හෝසොක් මිමිනුවෙ කැඩපත දිහා බලාගෙනමයි.හෝසොක්ට එයාගේ මුලු හදවතම තමන්ගෙම මූණෙන් පේනවා වගෙයි දැනුනේ.හැන්ගිලා තිබුනු හැමදේම හෝසොක්ට එයාගෙම ඇස්වලින් පේන්න ගත්තා.
යුන්ගිව මුන ගැහුනු වෙලාවේ ඒ මූණේ දැකපු අහින්සකකම හෝසොක්ට තවමත් හොදට මතකයි.ඒ ඇස්වල තිබුනෙත් හරිම අහින්සක ගතියක්.වාහනේට හැපිලා ලේ ගොඩක් උඩ වැතිරිලා අමාරුවෙන් ඉද්දිත් යුන්ගිගේ අත තමන් දිහාට ආපු හැටි හෝසොක්ට මතක් වුනා.කිසි කෙනෙක් ගැන අනුකම්පාවක් දුකක් හිතෙන්නේ නැති හෝසොක් අමාරුවෙන් බිම වැටිලා හිටපු කොල්ලව ගෙදර එක්කගෙන ආවේ ඇයි කියලා හෝසොක්ට දැන් තේරෙනවා.කවදාවත් නැති විදිහට හෝසොක් දන්නෙවත් නැති කෙනෙක්ව ගෙදරට අරගෙන ආවේ ඒ කොල්ලගේ ඇස් පියවෙන්න මොහොතකට කලින් ඒ ඇස්වල තිබුනු හැගීම කියවගන්න හෝසොක්ට පුලුවන් වුනු නිසා..
" ඔයා මං ඔයාව බේරගනියි කියලා විශ්වාස කලා...! "
හෝසොක්ගේ මුවින් ඒ වචන පිට වුනේ සිහින් මිමිනුමක් වගේ.
යුන්ගිගේ නාඩි පරික්ශා කරන ගමනුත් ඒ නාදුනන මල් කොල්ලට කරදරයක් වෙන්න එපා කියලා යටි හිතින් ප්‍රාර්ථනා කලේ ඇයි කියලා හෝසොක්ට තේරුනා.
" ඔයා මාව විශ්වාස කරපු නිසාම මට ඔයාව බේරගන්න ඕනි වුනා..."
හෝසොක්ට දැනුනේ එයාගේ හදවත කවුරු හරි හිරකරගෙන ඉන්නවා වගෙයි.
උදේ නැගිටපු වෙලේ ඉදන් තමන්ගේ හිත පුරාම ඒ නාදුනන රූපය තිබුනේ ඇයි කියලාත් කැඩපත දිහා බලාගෙන උන්නු හෝසොක් දැනගත්තා.
"මට දැනගන්න ඕනි වුනා ඔයා මං ගැන තියපු විශ්වාසය මට රැකගන්න පුලුවන් වුනාද කියලා..!!"
හෝසොක් එයාගේ අත් දෙකෙන් ඒ සීතල සෙරමික් බැම්ම අල්ලගත්තේ හිතට හයියක් ගන්න වගෙයි.
ඒ වගේම හෝසොක් මෙඩිකල් රූම් එකට ගියපු වෙලේ ඉදන් බයෙන් වෙව්ලමින් අඩපු යුන්ගි මොහොතකින් එකපාරටම හැගීම් විරහිත වුනේ ඇයි කියලා හෝසොක් තේරුම් ගත්තා.
"මං ඔයාව බේරගත්තා තමයි..ඒත්..ඒත් මං ඔයාගේ විශ්වාසය නැති කරගත්තා නිකෝ...!!! "
හෝසෝක් එයාගේ ඇස් දෙක තදින් පියාගත්තේ තමන්ගෙම ඇස්වල ලියවිලා තියන දේවල් තව දුරටත් කියවගන්න ශක්තියක් නොතිබුනු නිසා.ඒත් ඇස් පියාගත්තත් දරාගන්න අමාරුම දේ හෝසොක්ට නොදන්නවා වගේ ඉන්න පුලුවන් වුනේ නෑ.
මොකද යුන්ගිව සිහි වෙන මොහොතක් ගානේ තමන්ව ගිලගන්න හදන පසුතැවීමට හේතුව මොකක්ද කියලත් හෝසොක්ට අන්තිම මොහොතෙදි තේරුනා.
"ඔයාගේ පපුවේ මගේ නම ලියලා මං ඔයාව අයිති කරගත්තට....ඔයාගේ හදවතේ මගේ නම ලියාගන්න තිබුනු අවස්තාව මං නැති කරගත්තා මැනික..."
හෝසොක්ගේ මුවින් සිහින් හඩින් ඒ වචන පිට වෙනවත් එක්කම හෝසොක්ට දැනුනේ ලොකු වේදනාවක්.පියන් උන්නු ඇස් දෙක ඇරලා ආයෙමත් තමන්ගේ රූපය දිහා බලපු හෝසොක් දැක්කා තාත්තා වගේම තමන්ගේ හදවතත් ඒ වැරැද්දම කරන්න යන හැටි.
ඒත් හෝසොක්ට ඒ වැරැද්ද කරන්න ඕනි උනේ නෑ.හැගීම්වලට ඉඩ දෙනවා කියන්නෙම දවසක විදවන්න පාර හදාගන්නවා කියන එක කියලායි හෝසොක් හිතුවේ.
ඒත් හෝසොක්ට කරගන්න දෙයක් තිබුනේ නෑ.මොකද කවදාවත් නැතිව හෝසොක් හිටියේ අසරණ වෙලා.පසුතැවීම කියන හැගීමෙන් පටන් ගත්තු හැගීම් මහ ගොඩක් හම්බෙලා දවසක්වත් නැති නන්නාදුනන මල් කොල්ලෙක් වෙනුවෙන් හෝසොක්ගේ හිතේ ඇති වෙන්න පටන් අරගෙන ඉවරයි.
________________________________________
07/10/2021
932 words
(This is only a filler chptr. ❤)
මේක කියවන මගේ රීඩස්ලා ටිකගෙන් දෙයක් අහන්න ආවේ. (◕‿◕)
ඔයාලාට ඕනි මේ කතාව
• Sad ending
වෙන්නද එහෙම නැත්නම්
• Happy ending
වෙන්නද?මට කතාවේ ඊගාව කොටස් දෙක තුන ලියන්න කලින් ඒක දැනගන්න ඕනි ඒ නිසා හැමෝගෙම අදහස් කියන්න හරිද...❤
Thank you for reading.plz comment & vote.❤
Love u.😘😘😘❤
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top