Chapter 07

_________________________________________

When the heart gets
Too heavy with pain,

People don't cry,

They become silent,
Completely silent.

_________________________________________

හෝසොක්ට තිබුනේ ගලක් වගේ හිතක්..ඒ හිතේ කිසිම කෙනෙක් ගැන,කිසිම දෙයක් ගැන පොඩිමවත් තෙතමනයක් තිබුනේ නෑ.ඒ හිතේ යන්තමට හරි හැගීමක් ඇති වුනත් ඒවා මැකිලා ගියේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට.

හෝසොක් එයාගේ ඉස්සරහ ඉන්න යුන්ගි දිහා බලාගෙන හිටියේ අර පුරුදු සීතල බැල්මෙන්මයි.කලින් දවසේ ඒ කොල්ලා ගැන දැනුනුකිසිම හැගීමක් හෝසොක්ට තව දුරටත් මතක තිබුනේ නෑ.ඒ හැම හැගීමක්ම හෝසොක්ගේ හිතෙන් මැකිලා ගිහින් තිබුනේ හරි පුදුම විදිහට.

" මීට පස්සේ..කිසිම දෙයක්...මට දෙපාරක් කියන්න ඉඩ තියන්න එපා නිකෝ..."

යූන්ගි හිටියේ සිද්ද වෙන කිසිම දෙයක් හිතාගන්න බැරිව.නලලින් දැනුනු ලොකු වේදනාවක් එක්ක දැකලාවත් නැති තැනක අවදි වුනු යුන්ගිට කලින් දවසේ වුනු ඇක්සිඩන්ට් එක ගැන මොකුත්ම මතක තිබුනේ නෑ..එයාට මතක තිබුනු එකම දේ ෆ්ලවර් ශොප් එක වහලා ගෙදර යන්න ආපු එක විතරයි.අඩුම තරමේ එයා මේ ඉන්නේ කොහෙද එයා මෙහාට ආවෙ කොහොමද කියලාවත් යුන්ගි දන්නේ නෑ.ඒ වගේම එයා පොඩ්ඩක්වත් බලාපොරොත්තු වුනේ නෑ එයාට මේ නාදුනන තැනදි ජේහෝප්ව හම්බවෙයි කියලා.ජේහෝප්ව දැකපු වෙලේ ඉදන් යූන්ගිට දැනුනේ එයා මහ භයානක රාක්ශයෙක් එක්ක පාලු දූපතක තනි වුනා වගේ හැගීමක්.යුන්ගි හිටියෙ බයෙන් අසරණ වෙලා.

හෝසොක්ගේ ග්‍රහණයෙන් බේරිලා යන්න එයාට කොච්චර ඕනි වුනත් එයාව තල්ලු කරලා දාන්නවත් යුන්ගිට හයියක් තිබුනේ නෑ.
යුන්ගිට කරන්න පුලුවන් වුනු එකම දේ හෝසොක්ගේ කෝපයෙන් දැවෙන ඇස් දිහා බලාගෙන ඉන්න එකම විතරයි.

" කතා කරනවා ඉතින්..තමුසෙට තේරුනාද මං කියපු දේ...!! "

හෝසොක්ගේ කෑ ගැහිල්ලටයි තරහින් පුපුරන මූණටයි බය වුනු යුන්ගිගෙ ඇස් කදුලින් පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.තව පාරක් හෝසොක් කෑ ගහනවා බලන්න තිබුනු බය නිසාම යුන්ගි හිමීට ඔලුව ඉහල පහල වැනුවෙ මෙච්චර වෙලා ඇස්වල රැදිලා තිබුනු කදුලු බින්දු ඒ කම්මුල් දිගේ උණුහුමට ගලාගෙන යද්දි.

හෝසොක්ට ඕනි වුනෙත් කදුලු.හෝසොක්ට තව කෙනෙක්ගේ කදුලු කියන්නෙ හරියට අමෘතයක් වගේ.තව කෙනෙක් අසරණ වෙලා ඉද්දි දැනෙන ඒ හැගීමට හෝසොක් ගොඩක් ආස කලා.ඒ සතුට තවත් වැඩි කරන්න පුලුවන් වුනේ එයාලගේ ඇස්වලින් වැටෙන කදුලුවලට..

ඒත් තමන්ගේ ඉස්සරහ ඉන්න කෙනාගෙ දිලිසෙන ඇස්වලින් බේරෙන කදුලුවලින් හෝසොක්ට එයා බලාපොරොත්තු වුනු ඒ සතුට දැනුනේ නෑ.හෝසොක්ට දැනුනේ කේන්තියක්.වෙනදට තව කෙනෙක්ගෙ කදුලු හෝසොක්ව තෘප්තිමත් කලාට දැන් ටික දවසක ඉදන් අනිත් කෙනාගේ කදුලුවලට එයාව දුර්වල වෙනවා වගෙයි එයාට දැනුනේ.

හෝසොක් ඒකට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ..එයාට ඕනි වුනා ඒ කොල්ලා අසරණ වෙන හැටි බලන්න..කදුලු දැකලත් කිසිම සතුටක් නොදැනුනු නිසා හෝසොක්ට මේ වතාවේ ඕනි වුනේ කදුලු නෙමෙයි.ඊටත් එහා ගිය වේදනාවක්..මානසික වේදනාවක් බැරිනම්...ඊටත් එහා ගියපු වේදනාවක්.

ඉතින් හෝසොක් ඊගාව තප්පරේම බයෙන් වෙව්ලන යුන්ගිව හයියෙන් තල්ලු කලේ කොල්ලා සීතල ටයිල් පොලොව උඩට වැටෙන්න ඇරලා.දරාගන්න බැරි වේදනාවක් මුලු ඇග පුරාම දුවද්දි යුන්ගිගේ මුවින් පිට වුනේ වේදනාත්මක කෙදිරිල්ලක්.

හෝසොක්ට දැනුනේ තමන් මෙච්චර වෙලා හොයපු දේ හම්බුනා වගේ හැගීමක්..හෝසොක්ට ඕනි වෙලා තිබුනේ යුන්ගිගෙ කදුලු නෙමෙයි..වේදනාව.

මුලු ඇගම වේදනාවෙන් රිදුම් දෙද්දි අමාරුවෙන් ඔලුව උස්සපු යුන්ගි දැක්කේ නපුරු හිනාවක් මූණේ තියාගෙන තමන් දිහා බලාගෙන ඉන්න හෝසොක්ව.

ඒත් එක්කම කලින් දවසේ උනු හැමදේම යුන්ගිට මතක් වෙන්න ගත්තේ හරියට ෆිල්ම් එකක් වගේ.ඒ  දේවල් මතක් වෙද්දි යුන්ගි තව තවත් බිත්තිය අයිනට ගුලි වුනේ පොඩි ලමෙක් වගේ.වේගයෙන් ආපු කාර් එක තමන්ගේ ඇගේ හැපුනු හැටි මතක් වෙද්දි යුන්ගි වෙව්ලන්න ගත්තේ එයාගේ මුලු ඇගම දාඩියෙන් නෑවෙද්දි..කදුලු ගලන ඇස්වලින් හෝසොක් දිහා බලපු යුන්ගිගේ කටින් පිට වුනේ හෝසොක් කීයටවත් බලාපොරොත්තු වුනු දෙයක්නම් නෙමෙයි.

"ඔ..ඔයා..ඔයා ම්..මාව මරන්න හ්..හැදුවේ ඇ..ඇයි...??? "

"මොකක්..?????"

හෝසොක් ඇහුවේ යුන්ගි කියපු දේ අදහගන්න බැරිව.හෝසොක් කියන්නේ මිනීමරුවෙක් බව ඇත්ත.ඒත් එයාගේ තුන් හිතකවත් මේ කවදාවත් දැකලාවත් නැති මල් කොල්ලෙක්ව හප්පලා මරන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ.

" ඔ..ඔයා..ඔයා මාව..ම්..මරන්න හැදුවා...!"

හෝසොක්ගේ තරහව පුදුමයකට හැරිලා ඒ පුදුමය ආයෙමත් තරහවක් වෙන්න වැඩි වෙලවක් ගියේ නෑ.

අඩියට දෙකට යුන්ගි ගාවට ගියපු හෝසොක් යුන්ගි ගාව එක කකුලක් නමලා දණ ගැහුවේ යුන්ගිගේ කලු පාට සිනිදු කොන්ඩෙන් අල්ලලා ඒ මූණ උඩට උස්සන ගමන්.
හෝසොක් හිටියේ කේන්තියෙන් දත් මිටි කන ගමන්.හෝසොක්ගේ අත්වල ග්‍රහණය දරාගන්න බැරිව යුන්ගි ඇස් තදින් පියාගත්තේ මුවින් පිට වෙන්න ගිය ඉකිය නවත්තගන්න උත්සාහ කරමින්.

"මැරෙන්න තියන අමාරුවට මගේ කාර් එක ඉස්සරහට පැන්නේ තමුසේ...රටේ නැති ප්‍රශ්න ගොඩකට මාව පටලපු තමුන් දැන් කියනවද මං තමුන්ව මරන්න හැදුවා කියලා..!!! "

හොසොක් ටිකක් වෙලා යුන්ගි දිහා බලාගෙන හිටියේ ඒ කොල්ලා හෝසොක්ගේ වචනයක් ගානේ බයෙන් ගැස්සෙන හැටි දැකලා ඇති වුනු සියුම් පුදුමයෙන්..ඇතුලට එද්දි ඒ කොල්ලාට කොච්චර වද දෙන්න හිතාගෙන ආවත් ඒ මූණ දිහා බලාගෙන ඉද්දි හෝසොක්ට එයාට අතක් උස්සන්න හිතුනේ නැ.ඒ කියන්නේ හෝසොක්ට ඒ කොල්ලගේ වේදනාව බලන්න තිබුනු උවමනාව නැති වුනා කියන එක නෙමෙයි.තවමත් එයාට කොල්ලගේ වේදනාව දකින්න ඕනි.හැබැයි ඒ අතින් පයින් ගහලා නෙමෙයි..වෙන විදිහකට.මොකද හෝසොක්ට තේරුනා කොල්ලට ගුටි කන්න තරම් හයියක් ඒ ඇගේ ඉතුරු වෙලා නෑ කියලා.

" මං හිතන්නේ මං දැන් දන්නවා තමුන්ට කරන්න ඕනි මොකක්ද කියලා.."

යුන්ගි කිසිම දෙයක් හිතාගන්න කලින් හෝසොක් යුන්ගිගේ අතින් අල්ලලා යුන්ගිව නැගිට්ටුවේ හරිම පරිස්සමින්.

මීට තප්පර ගානකට කලින් යකෙක් වගේ කඩා පැනපු ජේහෝප් එකපාරටම මෙච්චර සන්සුන් වුනේ ඇයි කියලා යුන්ගිට හිතුනේ නෑ.හෝසොක් එක්කම ඇවිදගෙන යනවා ඇර වෙන මොකුත් කරන්න කල්පනාවක් යුන්ගිට තිබුනේ නෑ.යුන්ගි හිටියේ දෙලොවක් අතර අතරමං වෙලා වගේ..

හෝසොක් යුන්ගිව අරගෙන ගියේ මෙඩිකල් රූම් එක මැද තිබුනු ඇද ගාවට.යුන්ගි හෝසොක් දිහා බලාගෙන හිටියේ කිසි අරමුණක් නැතිව.යුන්ගිට පැනලා දුවන්න ඕනි තරම් අවස්තාව තිබුනා.ඒත් එයා එහෙම කලේ නෑ.අඩුම තරමේ යුන්ගිට තමන් වටේ වෙන කිසි දෙයක් ගැන අවබෝධයක් තිබුනේ නෑ.

යුන්ගිව පරිස්සමින් ඇදෙන් ඉන්දවපු හෝසොක් ටිකක් වෙලා යුන්ගිගේ ඇස් දිහා බලාගෙන හිටියේ ඒ මූණේ මොකක් හරි හැගීමක් දකින අරමුණින්.ඒත් යුන්ගිගේ මූණ සම්පූර්ණයෙන්ම හිස් කොලයක් වගේ.කිසිම හැගීමක් නෑ..මීට ටිකකට කලින් බයෙන් ගැහුනු කොල්ලා දැන් ඉන්නේ හරියට ගලක් වගේ.ඒ ඇස්වලින් තව දුරටත් කදුලු ගැලුවේ නෑ.ඒ වෙනුවට ඒ ඇස්වල තිබුනෙත් හිස් බැල්මක්..

යුන්ගිගෙන් ඇස් ඉවතට ගත්තු හෝසොක් නිහඩවම ඇද වටේ තිබුනු කොල පාට තිරය අදින්න පටන් ගත්තේ තුන් පැත්තකින් ඇද වැහෙන විදිහට.දොරේ ලොක් එක කඩාගෙන කවුරු හරි ඇතුලට ආවත් එයාලට පේන්නේ කොල පාට තිරයක් විතරයි වෙන කිසිම දෙයක් පේන්නේ නෑ.

විවර වෙලා තිබුනු පැත්තෙන් යුන්ගි ලගට ආපු හෝසොක්ගෙයි ඇද උඩ වාඩි වෙලා හිටපු යුන්ගිගෙයි ඇස් එකට ගැටුනේ එකම මොහොතෙදියි.ඒත් ඒ ඇස් යුගල දෙකේම කිසිම හැගීමක් නෑ.කලින් වගේම ඒ ඇස්වල තිබුනේ හිස් බවක්.හෝසොක්ට දැනුනේ හරියට කන්නාඩියක් දිහා බලාගෙන ඉන්නවා වගේ.යුන්ගිගේ ඇස් ඒ තරමටම හිස්.

ඒ හිස් බැල්ම දකිද්දි කවදාවත් නැතුව හෝසොක්ට දැනුනේ තැති ගැන්මක්.ඒත් හෝසොක් වැඩිය ඒ ගැන හිතන්න ගියේ නෑ.තමන් දිහා එක එල්ලේ බලාගෙන ඉන්න යුන්ගි ලගට තවත් ලන් වුනු හෝසොක්ගේ අත් එක නතර වුනේ යුන්ගි ඇදගෙන හිටපු හොස්පිටල් ශර්ට් එකේ කෙලවර.

හෝසොක් බලාගෙන හිටියා යුන්ගි එයාව තල්ලු කරනකම්..
එහෙමත් නැත්නම් බයෙන් කෑ ගහනකම්..
මොන විදිහකින් හරි එයාව නවත්තන්න උත්සාහ කරනකම්...

ඒත් හෝසොක් බලාපොරොත්තු වුනු කිසිම දෙයක් සිද්ද වුනේ නෑ.අඩුම තරමේ ඇද උඩ හිටපු කොල්ලා යන්තමින්වත් ගැස්සුනේවත් නැහැ.එයා කරපු එකම දේ හෝසොක්ගේ ඇස් දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න එක විතරයි.

යුන්ගිගේ ඇස්වලින් මිදුනු හෝසොක් හිමීට යුන්ගිගේ ශර්ට් එක උඩට කලේ යුන්ගිගේ කිරිගරුඬ වගේ හම ටිකෙන් ටික නිරාවරණය වෙද්දි.

ඒ අතරේ යුන්ගි හෝසොක්ට ඕනි හැමදේම කරන්න ඉඩ දුන්නේ හෙලවෙන්නෙවත් නැතිව.

හෝසොක් යුන්ගිගේ ශර්ට් එක සම්පූර්ණයෙන්ම ගලවලා අයින්  කරලා ආයෙමත් යුන්ගි දිහා බැලුවේ මේ වතාවෙවත් මොකක්ම හරි හැගීමක් ඒ මූනෙ දකින උවමනාවෙන්.ඒත් යුන්ගි කලින් විදිහමයි.

තව දුරටත් යුන්ගිගේ හැගීම් හොයන්න හෝසොක් උත්සාහ කලේ නෑ.ඒ වෙනුවට හෝසොක් කලේ යුන්ගිගෙ නිරුවත් උරහිසින් එයාගේ සීතල අත් දෙක තියලා යුන්ගිව හිමීට ඇදේ දිගා කරවපු එක.

හෝසොක්ගේ ඇස් මොහොතකට ඒ ශරීරය පුරා දිව්වේ එයා මෙච්චර වෙලා කරන්න හදපු දේත් එයාට අමතක කරවමින්.ඒත් ඉක්මන්ටම යුන්ගිගේ කිරිගරුඬ රූපයේ දැහැනින් මිදුනු හෝසොක් ආයෙමත් එක වතාවක් යුන්ගි දිහා බලලා පස්සෙන් පස්සට ගියේ යුන්ගිගේ ඇස් හෝසොක්ව අනුගමනය කරද්දි.

යුන්ගි ලගින් අයින් වුනු හෝසොක් නතර වුනේ මෙඩිකල් ටේබල් එක ලග.කොල පාට තිරයේ විවර වෙලා තිබුනු තැනුන් යුන්ගි හෝසොක්ගේ හැම චලනයක්ම බලාගෙන හිටියා.

මේසය උඩ තියන උපකරණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු හෝසොක් අතට ගත්තෙ එතන තිබුනු හුරුබුහුටිම දේ.

ස්කැල්පල් එකක්...

(ඒක සැත්කම්වලදි පාවිච්චි කරන පිහියක් වගේ උපකරණයක්.පිහියක් වගේ නෙමෙයි ඊට වඩා පොඩියි ඒත් ගොඩක් තියුනුයි බ්ලේඩ් එකක් වගේ.ඒක පාවිච්චි කරන්නේ සම මත කැපුම් ඇති කරන්න වගේ දේවල්වලට..)

ස්කැල්පල් එක දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු හෝසොක් ඒකේ තලය දිගේ මාපට ඇගිල්ල යැව්වේ තලයේ තියුණු බව පරීක්ශා කරනවා වගේ.තියුනු තලේට කැපුනු ඇගිල්ලෙන් රතු පාට ලේ බින්දුවක් ගලපු හැටි බලාගෙන හිටපු හෝසොක් තමන් එක්කම හිනා වුනේ ඕනි දේ ලැබුනු එකේ සතුටින්.

ස්කැල්පල් එකත් අරගෙන ආයෙමත් යුන්ගි ගාවට ආපු හෝසොක් යුන්ගි දිහා බලාගෙන හිටියේ කට කොනින් හිනාවෙන ගමන්.

" දන්නවද නිකෝ බේබි..මිනිස්සුන්ට රිද්දවන්න තියන එකම ක්‍රමය අතින් පයින් ගහන එකම විතරක් නෙමෙයි...මේ වගේ බ්ලේඩ් එකකටත් පුලුවන් මිනිස්සුන්ට සදාකාලික වේදනාවක් දෙන්න.."

එක තප්පරේකට හෝසොක්ගේ අතේ තියන ස්කැල්පල් එක දිහා බලපු යුන්ගි ආයෙමත් හෝසොක් දිහා බැලුවේ හැගීම් විරහිත ඇස්වලින්.කලින් වගේම...

ඒත් හෝසොක්ගේ ඇස් තිබුනේ යුන්ගිගේ පපුවේ.යුන්ගි දිහා එකපාරක් බලපු හෝසොක් ආයෙමත් එයාගේ පපුව දිහාට ඇස් යොමු කලේ ස්කැල්පල් එක යුන්ගිගේ කිරිසුදු පාට හම උඩින් තියන ගමන්..

" මේ මොහොතේ ඉදන්..ගත වෙන හැම තප්පරයක්ම..ඔයාට ගෙවන්න වෙන්නේ වේදනාවෙන් මැණික...ඔය පපුවේ තියන දේ දකින හැම වතාවකම...ඔයාට මතක්  වේවි මේ සලකුනේ අයිතිකාරයව..ඔයාට ඔය වේදනාව දීපු කෙනාව..මේ මාව..මේ ජේහෝප්ව....!! "

හෝසොක්ගේ ඇගිලි අතරේ රැදුනු ස්කැල්පල් එක හරියටම යුන්ගිගේ හදවත තියන තැන නතර වෙද්දි යුන්ගි ඒ ඇස් තද කරලා පියාගත්තේ වේදනාව එන්න එන්නම වැඩි වෙද්දි.

කොයි තරම් වේදනාවක් දැනුනත් යුන්ගිගේ කටින් කිසිම සද්දයක් පිටවුනේ නෑ..

උණුම උණු දියරයක් පපුව දිගේ ගලාගෙන ගිහින් ඇද උඩට වැටෙද්දිවත් යුන්ගි දශමයක්වත් හෙලවුනේ නෑ.

යුන්ගි කලේම දරාගත්තු එක..
මැරෙන්න තරම් වේදනාවක් දැනෙද්දිත් ඒ හැමදේම දරාගත්තු එක....

_______________________________________

හෝසොක් මෙඩිකල් රූම් එකෙන් එලියට එද්දිම මෙච්චර වෙලා හෝසොක් එනකම් බලාගෙන හිටපු ජිමින් හෝසොක් ලගට දිව්වෙ යුන්ගි ගැන දැනගන්න..

ඒත් හෝසොක් ජිමින් දිහා බලන්නෙවත් නැතිව එතනින් ගියේ ජිමින් කුතුහලෙන් හෝසොක් දිහා බලාගෙන ඉද්දි.

ඒත් හෝසොක්ගේ අත් දෙක දැකපු ගමන්ම ජිමින්ගේ ඇස් දෙක ලොකු වුනේ මොකක්දෝ බයක් ඒ හිතට දැනෙද්දි.

හෝසොක්ගේ අත්වල තිබුනේ ලේ..

තව තප්පරයක්වත් පරක්කු නොවුනු ජිමින් පුලුවන් උපරිම වේගයෙන් මෙඩිකල් රූම් එක ඇතුලට දිව්වෙ හදවත වේගයෙන් ගැහෙද්දි.

ඇද වටේ තිබුනු කොල පාට තිරය අස්සෙන් ඇතුලට පැනපු ජිමින් දැකපු දෙයින් එතනම නතර වුනේ දැකපු දේ අදහගන්න බැරිව.

තමන්ගෙම පපුවෙන් ගලාගෙන ගියපු ලේවලින් නෑවිලා ඇද උඩ පණ නැතිව වැටිලා හිටියේ යුන්ගි..

ඒත් ජිමින් බය උනේ ඒකට නෙමෙයි.

යුන්ගිගේ පපුවේ තිබුනු දේ දැකලා.

යුන්ගිගේ පපුවේ තවමත් ලේ ගලාගෙන යමින් තිබුනේ එහෙට මෙහෙට ගහලා තිබුනු කැපුම් පහරවල්වලින්.

එතන තිබුනෙත් නිකන්ම කැපුම් පාරවල් නෙමෙයි..

අකුරු..

මෙච්චර කාලෙකට හෝසෝක්ගේ අතින් අනිත් අයගේ ඇගවල් වල ලියවුනේ Z අකුර විතරයි.ඒක තමයි ZERO එකේ සලකුණ.ZERO එක ගැවුනු හැහැමතැනම අනිවාරෙන්ම Z අකුරකුත් තිබුනා.

ඒත් යුන්ගිගේ පපුවේ තිබුනේ Z අකුර නෙමෙයි.

ඒක එක අකුරක් නෙමෙයි අකුරු හතරක්.

ඒ අකුරු හතරින් කියවුනේ ZERO එක ගැන නෙමෙයි ඒකේ ලීඩර් ගැන.ජේහෝප් කියන මාෆියා ලීඩර් ගැන...

යුන්ගිගේ පපුවේ තිබුනේ ජේහෝප්ගේ සලකුණ.

ඒ සලකුණ තියන කිසිම දෙයක්වත්,කිසිම කෙනෙක්වත් ආයේ කවදාවත් ජේහෝප්ගෙන් වෙන් කරන්න කාටවත් පුලුවන්කමක් තිබුනෙ නෑ..

යුන්ගිගේ පපුවේ රතු පාටට ලියවිලා තිබුනෙත් ඒක...

HOPE

_________________________________________

(මේ කොටස ටිකක් අපැහැදිලි ඇති..ඒත් ඒ තැන් ඉදිරියේදි පැහැදිලි වෙයි.වැඩිය හිතන්න එපා..😉❤)

( 1679 words )
04/10/2021

Sorry..
Im not satisfied with this chap.
I'll try my best for the next one.

Thank you for reading lovelies ❤
Lov u.❤

Moon_Fayre 

Bạn đang đọc truyện trên: AzTruyen.Top