Chapter 05
________________________________________
We don't meet people by accident.
They are meant to cross our path for a reason.
________________________________________
සන්හූන්ගේ දිහායින් ඇවිත් පැය කීපයකට පස්සේ නම්ජූන්,ජින් දෙන්නම රෝනා ප්ලේස් එකට ඇවිත් කෙලින්ම ආවේ හෝසොක්ගේ ඔෆීස් රූම් එකට.ඒත් එයාලා ආවේ සුබ ආරංචියක් අරගෙන නම් නෙමෙයි.ඒ දෙන්නගේ මූණේ තිබුනු බලාපොරොත්තු කඩවුනු පෙනුමින්ම හෝසොක්ට ඒක හිතාගන්න පුලුවන් වුනා.ඒ දෙන්නා එද්දි ජනේලයෙන් ඈත බලාගෙන ලොකු කල්පනාවක හිටපු හෝසොක් නම්ජින් දෙන්නට වාඩි වෙන්න කියන ගමන් එයාලා වාඩි වුනු සෝෆා එකට ඉස්සරහින් තිබුනු සෝෆා එකෙන් වාඩි වුනා. හෝසෝක් මුලින්ම හැරුනේ නම්ජූන් දිහාවට..
"ජූන්..සන්හූන්ගේ ගේ ඇතුලෙන් මොකුත්ම හම්බුනේ නෑ ඒ කියන්නේ..?"
හෝසොක් කුතුහලෙන් එහෙම අහද්දි නම්ජූන්,ඔලුව වැනුවේ ඒක සනාත කරන ගමන්.
" අපිට කිසිම දෙයක් හොයාගන්න ලැබුනේ නෑ හෝබා..අපේ රහස් ලියකියවිලි ටික තියා ඒ ගේ අතුලේ සන්හූන්ගේවත් වැදගත් කියලා කියන්න පුලුවන් කිසිම දෙයක් තිබුනේ නෑ.අඩුම තරමේ සන්හූන් කාගේ කවුද කියලාවත් අපිට හොයාගන්න බැරි උනා.ගේම අනිත් පැත්ත පෙරලලා හෙව්වත් කිසිම පෙන් එකක් තිබුනේ නෑ කොහේවත්ම.."
නම්ජූන් ඒ ටික කියද්දිම ජින් එකපාරටම ඒ දෙන්නගේ මූන දිහා බැලුවේ එයාට කවුරුත් මෙච්චර වෙලා පෙන් එකක් හොයනවා කියලා කියපු නැති නිසා..
" මොන පෙන් එකක් ගැනද ඔයගොල්ලෝ මේ කියන්නේ..?"
හෝසොක් නිහඩවම කල්පනා කරද්දි නම්ජූන්ම ජින්ට උත්තර දෙන්න ගත්තා.
" යූනා කිව්වේ සන්හූන් ZERO එකේ රහස් ටික පෙන් එකකට දාගෙනයි ඉන්නේ කියලා.ඒ වගේම යූනා අපේ තව වැදගත් පේපර්ස් කීපයක්ම හොරකම් කරලා තියනවා.ඒ ඔක්කොම යූනා කියපු විදිහට තාමත් තියෙන්න ඕනි සන්හූන් ලග.ඒ නිසයි අපි හැමතැනම ඒක හෙව්වේ..ඒත් අපිට කිසිම දෙයක් හොයාගන්න බැරි වුනා..."
ටිකක් වෙලා නම්ජූන් දිහා ඇස් හීනි කරගෙන බලාගෙන හිටපු ජින් ඊගාවට හෝසෝක් දිහා බැලුවේ මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයා දිහා බලනවා වගේ බැල්මකින්.
" ඉතින් ඇයි ඔයාලා සන්හූන් මරන්න කලින් එයාගෙන් ඇහුවේ නැත්තේ ඒවා කොහෙද තියෙන්නේ කියලා..?? "
ජින්ගේ ඒ ප්‍රශ්නෙත් එක්ක හෝසොක් නම්ජුන් දෙන්නම මූණෙන් මූණ බලාගත්තේ කරගන්න දෙයක් නැතුව.නම්ජූන් හිටියේ තමන්ට සන්හූන් මරන්න කලින් හෝසොක්ව නවත්තන්න බැරි උනු එක ගැන පසුතැවීමෙන්.
හෝසොක් සන්හූන්ගේ ගෙදරට යද්දි හිතාගෙන ගියේ එයාගෙන් ෆයිල්ස් ගැන හැමදේම දැනගෙන සන්හූන්ව වද දීලා ඉවරයක් කරනවා කියලයි.ඒත් සන්හූන්ව දැක්කට පස්සේ තමන්ට උනෙ මොකක්ද කියලා හෝසොක්ට තාමත් තේරෙන් නෑ.
සන්හූන්ගේ කටින් තමන්ගෙ නම කියවුනු වෙලාවේ ඉදලා හෝසොක්ට දැනුනේ හරිම කරදරකාරි හැගීමක්.ඒක හරියට අනුකම්පාවක් එහෙම නැත්නම් සියුම් දුකක් වගේ.හෝසොක් ඒ හැගීම මොකක්ද කියන්න හරියටම දන්නේ නෑ.හෝසොක්ට ඕනි උනු එකම දේ තමයි ඒ කරදරකාර හැගීමෙන් ගැලවෙන එක..අනුකම්පාව,දුක කියන්නේ කවදාවත් හෝසොක් අත්දැකපු හැගීම් නෙමෙයි..ටිකෙන් ටික ඒ හැගීම වැඩි වෙන්න ගනිද්දි හොසොක්ට ඒකෙන් ගැලවෙන්න මතක් වුනු එකම ක්‍රමය සන්හූන්ව මරන එක විතරයි..
මේක කරන්න එපා කියලා කොච්චර හිත කිව්වත් හෝසොක් සන්හූන්ව ඉවරයක් කලේ සැලසුම් කරගෙන ගිය හැමදේම අමතක කරලා දාලා.
කිසිම තොරතුරක් දැනගන්නේ නැතිව හිතට ආපු ආවෙගෙට සන්හූන්ව මරලා දපු නිසා අවුල් වෙලා තිබුනු දේවල් තවත් අවුල් වුනා කියලා හෝසොක් දැනගෙන හිටියා.
ඒත් කේන්තියෙන් තමන් දිහා බලාගෙන ඉන්න ජින් ඉස්සරහ ඒක පිලිගන්න හෝසොක්ට ඕනි උනේ නෑ.
" මං හිතුවෙ නෑ මගේ අති දක්ශ මාෆියා මිත්‍රයෝ ටිකට පොඩි පෙන් එකක් හොයාගන්න එක මෙච්චර ලොකු දෙයක් වෙයි කියලා..ඉතින් සන්හූන්ව මරන්න හිතුනු ගමන් මං ඒකාව මැරුවා...මෙතන තියන ප්‍රශ්නේ සන්හූන් මැරුනු එක නෙමෙයි අපිට කිසිම දෙයක් හොයාගන්න බැරි එක..."
හෝසොක් කිව්වේ තමන් කලේ වරදක් නෙමෙයි කියලා තමන්ටම ඒත්තු ගන්නනවා වගේ..ඒත් ඒක අහගෙන හිටපු ජින්ට එයාගේ කේන්තිය පාලනය කරගන්න බැරුව හෝසොක් දිහා බැලුවේ පුදුම තරහකින්.බැල්මකට මිනිස්සු මැරෙනවා නම් මේ වෙද්දි හෝසොක් නම්ජූන් දෙන්නම මැරිලා.
" ඕහ් ඇත්තට එතකොට කිසිම දෙයක් හොයාගන්න බැරි එකට වැරදිකාරයා හොයන්නේ මොකක්ද කියලවත් නොදන්න මම ද? "
" ජින්..ඇති..දැන් ඒක ඉවරයි ආයෙ ඒ ගැන කතා කරලා වැඩක් නෑනේ.."
නම්ජූන් කිව්වෙ ජින්ව සන්සූන් කරන්න උත්සහ කරන ගමන්..මේ කතාව තවත් ඇදිලා ගියොත් වෙන්නේ හෝසොක් ජින් එක්ක කේන්ති ගන්න එක කියලා නම්ජූන් දන්නවා..ජිනුත් ඒක දැනගෙන හිටියා.ඒ නිසා ලොකු හුස්මක් ගත්තු ජින් එයාගේ තරහ පාලනය කරගත්තේ මෙ වෙලාවේ හෝසොක්ව කේන්ති ගස්සන්න ඕනි නැති නිසා.ඒත් ජින්ට තවත් ලොකු ප්‍රශ්නයක් තිබුනා.
" හරී....ඒත් මට තේරෙන්නෙ නැති තවත් දෙයක් තියනවා.හෝබා ඇයි ඔයා ඔයාව රවට්ටපු කෙල්ල කියපු දේවල් එකපාරින්ම පිලිගන්නේ..මං අහන්නේ..එයා කලේම ඔයාට බොරු කියපු එක.ඉතින් ඔයා හිතනවද එයා අන්තිම මොහොතේ සන්හූන් ගැන කියපු දේවල් ඇත්ත කියලා..?????"
සන්හූන්ව දැකපු වෙලේ ඉදන් හෝසොක්ගේ හිතට ආපු තවත් ප්‍රශ්නයක් තමයි ඒක.සන්හූන්ට තිබුනේ එ තරම් බයානක වැඩක් කරන්න පුලුවන් පෙනුමක් නෙමෙයි.සන්හූන්ගේ මූණෙ තිබුනේ අසරණ පෙනුමක්..ඒ වගේම සන්හූන්ගෙ කටින් පිට වුනු අන්තිම වචන ටික හෝසොක්ගෙ දෙගිඩියාව තවත් වැඩි කලා..
[ "ඔයා දවසක හැමදේම දැනගනියි හෝසොක්..ඒත් එදාට ඔයා පරක්කු වැඩි වෙයි.." ]
හෝසොක් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ගිහින් ඔෆීස් රූම් එකට පහලින් පේන උද්‍යානය දිහා බලාගෙන හිටියේ ජින් කියපු දේ ගැන කල්පනා කරන ගමන්.
ඒත් යූනා කියපු හැමදේම ඇත්ත කියන්න සාක්ශි තිබුනා.යූනා රහස් හොරකම් කරපු හැටි,ඒ හැමදේම හොටෙල් එකකින් එලියට එන පාරක් ගානේ සන්හූන් ගාව තිබුනු හැටි..ඒ දෙන්නා අතින් අල්ලගෙන හොටෙල්වලට යන හැටි වගේම එලියට එන හැටි.ඒ හැමදේකම CCTV රෙකෝඩ්ස් හෝසොක් දැක්කා.ඉතින් යූනා කියපු කිසිම දෙයක් බොරුවක් වෙන්න විදිහක් නෑ..
" ඔයාලා කියන්නේ යූනා බොරුවක් කියන්න ඇති කියලද..?සන්හූන් මේවට සම්බන්ද නෑ කියලද..? "
තවමත් ජනේලෙන් එලිය බලගෙන ඉන්න ගමන් හෝසොක් ඇහුවේ සන්හූන් නිවැරදි කෙනෙක්ද කියන සැකය හිතට දැනෙද්දි.
" නෑ..යූනා කිව්වේ සම්පූර්ණ ඇත්ත නොවෙන්න පුලුවන් කියලයි මං කිව්වේ.ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ සන්හූන් මේකට සම්බන්ද නෑ කියලා..."
ජින්ගේ වචනත් එක්කම හෝසොක් ජින් පැත්තට හැරුනේ ජින් දිහා ඇහිබැමි රැලි කරගෙන බලන ගමන්.ඒ මූණේ තිබුනේ ප්‍රශ්නාර්ථයක්.නම්ජූන්ගෙත් එහෙමයි.දෙන්නම බලාගෙන හිටියේ ජින් දිහා.
"ජින්..මොකක්ද ඒකේ තේරුම..? "
නම්ජූන් ඇහුවෙ කුතුහලෙන්.
"ඔයාලා කියන විදිහට සන්හූන් ZERO එකේ වැදගත්ම රහස් පෙන් එකක තියාගෙන ඉන්නවා කියලා යූනා කිව්වා කියන කතාව ඇත්තනම් සන්හූන් මේකට සම්බන්දයි කියන්න සාක්ශියක් මට හම්බුනා..."
හෝසොක් නම්ජූන් දෙන්නම හිටියේ ජින් කියන දේ තේරුම් ගන්න බැරිව.ඒත් ජින් එයාගේ සාක්කුවෙන් එලියට ගත්තු දේ දැකපු දෙන්නගේ මූණ එළිය වැටෙන්න ගියේ තප්පරයයි.
ජින් කට කොනින් හිනාවෙන ගමන් සාක්කුවෙන් එලියට ගත්තේ ෆෝන් එකක්..
පාක් සන්හූන්ගේ ෆෝන් එක....
හෝසොක් ආයෙමත් එයා හිටපු තැනින් ගිහින් වාඩි වෙද්දි නම්ජූන් තවත් ටිකක් ජින් ලගට කිට්ටු වුනේ ජින් ෆෝන් එක අන්ලොක් කරලා ඒකේ තිබුනු දෙයක් නම්ජූන්ට පෙන්නද්දි...ඒ දිහා බලාගෙන හිටපු නම්ජුන්ගෙ මුණේ ඇදුනෙත් ජින්ගේ මූණේ තිබුනු හිනාවමයි.
ජින් එයාගේ අතේ තිබුනු ෆෝන් එක ඉස්සරහ හිටපු හෝසෝක්ගේ පැත්තට විසි කලාම හෝසොක් ඒක එකපාරින්ම අල්ලගෙන බැලුවේ ස්ක්‍රීන් එක දිහා.
" මගේ නිල් පාට පෙන් එක මට ඉක්මනට ගෙනත් දෙන්න යුවී..ප්ලීස්.මේක ලොකු හදිස්සියක්.මේ මැසේජ් එක දැකපු ගමන් මට කෝල් කරන්න."
හෝසොක්ගෙ ඇස් කුරිරු හැගීමකින් දිලිසෙන්න ගත්තෙ හාමතේ හිටපු වෘකයෙක්ට දඩයමක් හම්බුනා වගේ දිවෙන් යටිතොල තෙත් කරගන්න ගමන්..හෝසොක් තව පාරක් ඒ මැසේජ් එක කියෙව්වේ නපුරු හිනාවක් මූණේ තියාගෙන..
" යුවී........"
හෝසොක් කිව්වේ ෆෝන් එක දිහා බලාගෙන.
" සන්හූන් ඊයේ රෑ මේ යුවී කියන කෙනාට කෝල් තිස් හතක් අරගෙන තියනවා..මේ යුවී කියන්නේ කවුරු වුනත් ඔයාලා කියන ඔය පෙන් එක තියෙන්නේ එයා ගාව කියලා මේ මැසේජ් එකෙන් තේරෙනවා.."
ජින් කියද්දි හෝසොක් ආයෙමත් ෆෝන් එක ජින් පැත්තට විසි කලේ ජින්ට දිගටම කියන්න කියලා සන් කරන ගමන්.
" ඒත් තවත් ප්‍රශ්නයක් තියනවා හෝබා..එයා කවුරු උනත් අපි එතන ඉද්දි සිද්ද වුනු හැමදේම එයා අහගෙන ඉදලා තියනවා.."
"මොකක්?"
නම්ජූන් ඇහුවෙ ඇස් දෙක ලොකු කරගෙන..
" ඔව්..මේ ෆොන් එකේ අන්තිම කෝල් එක අරන් තියෙන්නේ හෝසොක් එතෙන්ට එන්න විනාඩි පහකට කලින්.එවලේ ඉදන් සන්හූන්ට වෙඩි තියන තැන වෙනකම්ම ඒ යුවී කියන කෙනා ලයින් එකේ ඉදලා තියනවා හෝබා..ඒත් බොඩි එක අයින් කරද්දි මං සන්හූන්ගේ ෆෝන් එකෙන්ම ඒ අන්කෙට කෝල් කලත් එවලේ ඒක ඕෆ් කරලායි තිබුනේ..."
කකුලක් පිට කකුලක් දාගෙන අතේ තිබුනු වොච් එක දිහා බලාගෙන ඔක්කොම අහගෙන හිටපු හෝසොක් කතා කරන්න පටන් ගත්තේ අමුතු හිනාවක් දාලා..
" ඒ කියන්නේ මේ යුවී එතන වුනු හැමදේම දන්නවා..එයා කවුරු වුනත් සන්හූන් දැන් ජීවතුන් අතර නෑ කියලත් දන්නවා..ඒ වගේම එයා මගේ ඇත්තම නමත් දන්නවා..interesting..!!! මේ ගේම් එක හිතුවට වඩා විනෝදයක් වෙන්න වගේ යන්නේ.."
උමතු හිනාවක් දාගෙන ඉන්න හෝසොක් දිහා නම්ජූන්,ජින් බැලුවේ විමතියෙන්..එන්න එන්නම මේ ප්‍රශ්නේ අවුල් ජාලයක් වෙද්දි හෝසොක් මේ තරම් ඒ ගැන සතුටු වෙන්නේ ඇයි කියලා ඒ දෙන්නටනම් තේරුනේ නෑ..ඒත් ඒ දෙන්නා හෝසොක් ගැන හිතන එක නතර කලේ යුවි ගැන හිතන එක මේ වෙලාවේ ගොඩක් වැදගත් කියලා හිතුනු නිසා..ජින් ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.
" මේ මැසේජ් එක ඇරෙන්න අපිට මේ යුවී කියන කෙනා ගැන වෙන කිසිම තොරතුරක් නෑ..මේ ෆෝන් එකේ මේ මැසේජ් එක ඇරෙන්න වෙන කිසිම මැසේජ් එකක් නෑ.මේකෙන් කෝල් අරන් තියෙන්නෙත් මේ යුවි කියන කෙනාට විතරයි..අඩුම තරමේ කන්ටැක් ලිස්ට් එකේවත් කිසිම අන්කයක් සේව් කරලා නෑ.වීඩියෝස් ෆොටෝස් ඒ කිසිම දෙයල් නෑ..කිසිම සෝශල් මීඩියා ඇප් එකක්වත් නෑ..සන්හූන් හැම මොහොතෙම ඉදලා තියෙන්නේ අනතුරකට සූදානමින් කියලයි මට නම් හිතෙන්නේ හෝබා..නම්ජුන් කියපු විදිහට ඒ ගේ ඇතුලිනුත් සන්හුන් ගැන වැදගත් කිසිම දෙයක් හම්බුනේ නැත්තෙත් ඒ නිසාම වෙන්න බැරිද...?? "
හෝසොක් නම්ජූන් දෙන්නම ටිකක් වෙලා කල්පනා කලේ ජින් කියපු දේ ගැන.සන්හූන් එයා ගැන කිසිම තොරතුරක් කිසිම කෙනෙක්ට හොයාගන්න බැරිවෙන විදිහට පරිස්සම් වෙලා තියනවා කියලා තේරුම් ගන්න එක එච්චර අමාරු වුනේ නෑ....පෙන් එක තියෙන්නේ යුවී අතේනම් සන්හූන්ව මරපු එකෙනුත් එච්චර වැඩක් නැති වෙනවා මොකද තවමත් රහස් ටික නිදැල්ලේ තියන නිසා.හෝසොක්ට තේරුනා දැන් එයාලට තියන එකම විසදුම මේ යුවී විතරයි කියලා..
" ජින්...මේ යුවී කියන කෙනාගේ ෆෝන් නම්බර් එක ජැක්සන්ට දෙන්න.එයාට කියන්න ඒක අයිති කාටද ලොකේශන් කොහෙද ඒ හැම විස්තරයක්ම හොයන්න කියලා.."
" මං දැනටමත් ඒක ජැක්සන්ට යවලා තියෙන්නේ හෝබා..ඒ වගේම සන්හූන්ගෙ මේ ෆෝන් එකත් එයාට දුන්නොත් එයාට මේක හැක් කරලා අපිට හොයාගන්න බැරි වුනු මොකක්ම හරි දෙයක් හොයාගන්න බැරි වෙන එකක් නෑ."
" ගුඩ්..නම්ජූන්...ඔයත් සන්හූන් ගැන තව මොනවා හරි හොයාගන්න බලන්න.මේ යුවී කියන්නේ සන්හූන්ගේ කවුද කියලා අපි හොයාහන්න ඕනි.ඒ වගේම සන්හූන් වැඩ කලේ කොහේද කියලත් හොයන්න.මොකද යූනා කියපු විදිහට එයා මුදල් වංචාවකට අහු උනානම් සන්හූන් වැඩ කරලා තියෙන්නේ අපි දන්න කියන තැනකම වෙන්න පුලුවන්.ඒක හොයාගත්තොත් මේ යුවී ගැන හොයන එක අපිට තවත් ලේසි වෙයි...."
" හරි හෝබා...... "
ජින්,නම්ජූන් දෙන්නා සමු අරගෙන ගියාට පස්සේ හෝසොක් ආයෙමත් කල්පනාවට වැටුනේ එක්තරා එකම එක කෙනෙක්ව හිතේ තියාගෙන....
"යුවී.....ඔයා කොහේ හිටියත්,මං තමුන්ව ඉක්මනටම හොයාගන්නවා.."
________________________________________
සන්හූන්ගේ ෆොටෝ එක දිහා එයා කොච්චර වෙලාවක් බලාගෙන හිටියද කියලා යුවී දන්නේ නෑ.සන්හූන් නැති වෙලා දවස් දෙකක් ගෙවිලා ගියත් කිසිම කෙනෙක් සන්හූන් මැරිලා කියලා දැනගෙන හිටියේ නෑ...හැමෝම හිතුවේ හදිස්සියෙන්ම සන්හූන් වෙන රටකට ගියා කියලයි.
හරියටම සිද්ද වුනු දේ දැනගෙන හිටියේ සන්හූන්ව මරපු අය ඇරෙන්න යුවී විතරයි..
සන්හූන්ගේ අතුරුදහන් වීම සාමන්‍යකරනය කරන්න හෝසොක් මොනවම හරි කරනවා කියලා යුවී දැනගෙන හිටියා.ඒ නිසා පාක් සන්හූන් කියන නමට ඉතාලියට යන්න ටිකට් බුක් වුනේ කොහොමද කියන එක වගේම මැරුනු මනුස්සයෙක් තමන්ගේ රට අතඇරලා වෙන රටකට ගියේ කොහොමද කියන එකත් යුවීට පුදුමයක් නෙමෙයි..එයා දන්නවා ඒ හැමදේම හෝසොක්ගේ ප්ලෑන් එකක් කියලා..
යුවීට තිබුනේ එකම එක අරමුණක් විතරයි.ඒ හෝසොක්ගෙන් පලි ගන්න එක..සන්හූන් කතා කරන්න කොච්චර උත්සාහ කලත් හෝසොක් එයාට කිසිම අවස්තාවක් නොදුන්නු හැටි මතක් වෙද්දි යුවීට දැනුනේ ලොකු තරහක්..
කන් බීරිකරවන වෙඩි සද්දයක් එක්ක යුවී මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා..එයාගේ සහෝදරයා ඒත් එක්කම බිම වැටුනු සද්දෙ මතක් වෙන පාරක් ගානේ යුවීට ඕනි වුනේ හෝසොක්ගෙන් පලි ගන්න.සන්හූන්ගේ අවසානය සිද්ද වෙන හැටි අහගෙන ඉදලත් යුවීට කරන්න පුලුවන් වුනේ හුස්ම හිර වෙනකම් අඩන එක...ඒ වේදනාව කොච්චරක්ව කියලා දන්නේ ඒ අත්දැකීම තියන කෙනෙක් විතරයි..
ඉතින් යුවීට ඕනි ඒ වේදනාව ඊටත් වඩා වැඩියෙන් හෝසොක්ට විදවන්න සලස්වන්නයි....
"ජන්ග් හෝසොක්..අපි ආදරේ කරන කෙනෙක් මැරෙනවා කියලා දැන දැනත්,කිසිම දෙයක් කරගන්න බැරිව ඔහේ බලාගෙන ඉන්න වුනාම දැනෙන වේදනාව කොහොමද කියලා තමුන් දන්නේ නෑ...අඩුම තරමේ ඒ කෙනාව අවසන් තප්පරේටවත් වැලදගන්න බැරි වුනාම පපුව කොච්චර රිදෙනවද කියලා තමුන් දන්නේ නෑ...තමුන් නිසා ජීවිතේ නැති වුනේ කොච්චර අහිංසකයෙක්ටද කියලා තමුන් දන්නේ නෑ හෝසෝක්..අපේ ජීවිතේටත් වඩා අපිට වටින කෙනෙක් එකපාරටම සදහටම නැති වෙලා ගියාම හුස්ම ගන්න කොච්චර අමාරුද කියලා තමුසේ දන්නේ නෑ..ඒ කිසිම දෙයක් තමුසේ දන්නේ නෑ....."
යුවී ඒ දිගටි ඇගිලි තුඩුවලින් ෆොටෝ එක උඩට වැටුනු සීතක කදුලු බින්දුවක් පිහදැම්මේ ඇස්වල රැදිලා තිබුනු කදුලු වැටෙන්න නොදී රදවගන්න උත්සාහ කරන ගමන්.
ඒ ඇස් කදුලින් බර වෙලා තිබුනත් මූණේ තිබුනේ පලිගැනීමේ චේතනාවක් විතරයි.සන්හූන්ගේ අහින්සක හිනාව දකින තප්පරයක් ගානේ යුවීගේ හිතේ හෝසොක් ගැන තිබුනු වෛරය වැඩි වුනෙ ගින්නක් වගේ..
" මං මේ වේදනාව කොච්චරක්ද කියලා තමුන්ට පෙන්නන්නම් මිස්ට හෝසොක්..මගේ අම්මවයි තාත්තවයි මගේ ඇස් ඉස්සරහම මරලා දාද්දි ඒක ප්ලෑන් කරලා කරපු ඇක්සිඩන්ට් එකක් කියලා දැන දැනත් මට කිසි දෙයක් දන්නේ නෑ වගේ සිද්ද වුනා.ඒ මගේ අයියා වෙනුවෙන්...ඒත් තමුන් මට එයාව නැති කලා..මට හිටපු එකම පවුල,මගේ අයියව තමුසේ මට නැති කලා...ඉතින් තවත් මට හැංගිලා ඉන්න හේතුවක් නෑ..තමුසේ කොච්චර ලොකු කෙනෙක් වුනත් මට බයක් නෑ..මොකද දැන් මට නැති වෙන්න දෙයක් නෑ.මට නැති වෙන්න තිබුනු එකම දේ තමුන් මට නැති කරලා ඉවරයි..ඉතින් කලින් වතාවේ වගේ මේ වතාවෙ මං මට මගේ පවුල නැති කරපු උන්ට නිදහසේ ඉන්න දීලා බලාගෙන ඉන්නේ නෑ.....මං මගේ අයියව මරපු පලිය තමුන්ගෙන් ගන්නවා..
තමුන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරෙ කරන කෙනාව මං තමුසෙගෙ ඇස් ඉස්සරහම විනාශ කරනවා..තමුසෙගේ ජීවිතෙ වටිනම කෙනා ජීවිතේ බේරගන්න දගලද්දි තමුසේ හෙලවෙන්නවත් බැරිව කෑ ගගහා අඩන හැටි මට බලන්න ඕනි..ඇස් ඉස්සරහම ඒ කෙනා මැරෙන හැටි දැක දැකත් මොකුත්ම කරගන්න බැරි වුනාම කොච්චර වේදනාවක් දැනෙනවද කියලා තමුන්ට එතකොට තේරෙයි.අන්තිම තප්පරේදිවත් ඒ කෙනාව ආදරෙන් වැලදගන්න බැරි වුනාම හදවත රිදෙන හැටි තමුන්ට තේරෙයි.අපි ගොඩක් ආදරෙ කරන කෙනෙක්ව අපිට සදහටම නැති වුනාම හුස්ම ගන්න කොච්චර අමාරුද කියලා තමුසෙට තේරෙයි..ඉක්මනටම..ඉක්මනටම මං තමුන්ට මේ ලෝකේ වටිනම කෙනා කවුද කියලා හොයාගන්නම්.ඒ කෙනා අහිංසකයෙක් වුනත්,තමුසේ නිසා මගේ අයියට මැරෙන්න වුනා වගේම..තමුසේ නිසා එයාටත් අනිවාරෙන්ම මගේ අත් දෙකෙන්ම මැරෙන්න වෙනවා..මං පොරොන්දු වෙනවා.මගේ අයියා වෙනුවෙන් මං ඒ දේ කරනවා....!!! "
යුවී ලොකු අධිෂ්ඨානයකින් එහෙම කිව්වේ ඒ ඇස් වෛරයෙන් ගිනි ගනිද්දි.
සමහර විට යුවීගේ මේ වචන හෝසොක් අහගෙන හිටියානම් යුවීට මහ හයියෙන් හිනා වෙයි.මොකද යුවී කොච්චර හෙව්වත් මේ ලෝකේ කොහේවත් හෝසොක් ආදරේ කරන කිසිම කෙනෙක් හිටියේ නෑ.
ඒත්...........
කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ හැමෝගෙම දෛවය එක්ක සෙල්ලම් කරපු හෝසොක් කියන දරුණු පාතාල නායකයගේ දෛවය මේ පාර හෝසොක් එක්ක සෙල්ලම් කරන්නයි හදන්නේ කියලා..
ආදරය කියන්නේ මොකක්ද කියලාවත් දැනගෙන හිටියේ නැති හෝසොක්ගේ හදවතේ මියගිහින් තිබුනු හැගීම් ආයෙත් පුබුදුවන්න හෝසොක්ගේ දෛවය දැනටමත් අහින්සක මල් කොල්ලෙක් හොයාගෙන ඉවරයි කියලා කවුරුත්ම දැනගෙන හිටියේ නෑ....
________________________________________
(සන්හූන්ගේ මරණයෙන් දවස් පහකට පසු...)
වීදී ලාම්පුවලින් එළිය වුනු නුපුරුදු පාර දිගේ හෝසොක් වේගයෙන් කාර් එක අරගෙන ගියේ පුලුවන් ඉක්මනටම රෝනා ප්ලේස් එකට යන බලාපොරොත්තුවෙන්...රෑ නිසා තරමක් පාලුවට ගිහින් තිබුනු පාරේ සැරින් සැරේ පහු වෙන විවෘත කරලා තිබුනු කඩවල්වල එලියෙන් හෝසොක් දැක්කා එයාගේ වම් උරහිසින් ගලන ලේ පාර මොහොතින් මොහොත වැඩි වෙන හැටි...කාර් එකේ සුක්කානම වම් අතින් අල්ලගත්තු හෝසොක් වේදනාවෙන් රිදුම් දෙන උරහිසට දකුනු අත තිබ්බේ වේදනාව ටිකක් හරි කරගන්න හිතාගෙන වුනත් ඒකෙන් වුනේ තුවාලය තවත් පෑරුනු එක.
වෙනදට නම්ජූන් හරි ජින් හරි එක්ක ගියත් අද තිබුනේ ඩ්‍රග් ඩීලර් කෙනෙක් එක්ක රහස් හමුවීමක් විතරක් නිසා හෝසොක් ගියේ තනියම.ඒත් නොහිතපු විදිහට එතැනට ආපු නාදුනන කීප දෙනෙක් වෙඩි තියන්න පටන් ගත්තේ ඩ්‍රග් ඩීලර් එතනම අවසන් ගමන් යද්දි.හෝසොක් ඉක්මනටම ක්‍රියාත්මක වුනත් එක්කෙනෙක් තියපු උණ්ඩයක් හෝසොක්ගේ වම් උරහිසට වැදුනේ අවසන් තප්පරේදි.එතනම ඒ හැමෝවම ඉවරයක් කරලා දාපු හෝසොක් ආපහු එන්න පටන් ගත්තෙ ඉක්මනටම රෝනා ප්ලේස් එකට යන අරමුණින්.
වෙඩි උන්ඩයක් ඇගේ තියාගෙන වාහනය ගෙනියන එක හෝසොක්ට පුරුදු වැඩක් වුනත් අද වේදනාව වෙනදට වඩා වැඩියි.හෝසොක් දන්නවා ලේ ගොඩක් ගියපු නිසා තව වැඩි වෙලාවක් යන්න කලින් තමන්ට සිහිය නැති වෙනවා කියලා..මොහොතකට ඇස් දෙක පියාගෙන වේදනාව දරාගත්තු හෝසොක් ආයෙමත් ඉස්සරහ බලාගෙන කාර් එකේ වේගය තවත් වැඩි කලේ උරහිසින් දැනෙන වේදනාව තවත් වැඩි වෙද්දි..
තුවාලයෙන් ගලාගෙන ගියපු ලේවලින් හෝසොක්ගේ මුලු ශර්ට් එකම තෙත් වෙද්දි හෝසොක්ගේ ඇස් බොද වෙලා ගියේ ආයෙමත් ඒ ඇස් වෙදනාවෙන් පියවෙද්දි...හෝසොක්ට තව වැඩි වෙලාවක් තිබුනෙ නෑ.ආයෙමත් ඇහි පිල්ලම් ගහලා යතා තත්වෙට ආපු හෝසොක් තවත් වේගය වැඩි කරන්න ගත්තේ කාර් එක හුලගක් වගේ ඉස්සරහට යන්න ගනිද්දි.
ඒත් හෝසොක්ට ඔක්කොම වේදනාවක් අමතක වුනේ කාර් එකට මීටර් පහලවක් විතර ඉස්සරහින් පාර පනින්න පටන් ගත්තු මනුස්සයෙක්ගේ චායාවක් පේන්න ගනිද්දි..
" මොන $&$%#@...!!!!!!!!!! "
එකදිගට කටට ආපු ඔක්කොම වචන ටික කියලා දාපු හෝසොක් දත් මිටි කන ගමන් ශීට් එකේ ඉස්සරහට වෙලා බ්රේක් එක පාගන්න ගත්තේ කාර් එකේ එලිය පාර පනිමින් හිටපු කෙනාගේ මූණට වැටෙද්දි.ඒත් උපරිම වෙගයෙන් ගියපු කාර් එක ඒ කෙනා ලගට යන්න කලින් නවත්තගන්න පුලුවන්කමක් තිබුනේ නෑ..
අධික වේගයකින් තමන් දිහාට එන කාර් එක දැකපු ගමන් පාර මැද හිටපු තරුණයා එතනම නතර වුනේ ඒ ඇස් බයෙන් ලොකු වෙද්දි...ඒ මූණේ තිබුනු බය දැකපු හෝසොක් හය්යෙන් සුක්කානම අල්ලගත්තේ කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිව..කාර් එකත් ඒ තරුණයාත් අතරේ තිබුනු දුර එන්න එන්නම අඩු වෙද්දි හෝසොක්ට ඒ තප්පර කීපය දැනුනේ කල්පයක් වගේ..ඒ බයෙන් පිරුනු ඇස් දිහා හෝසොක් බලාගෙන හිටියේ වෙන්න යන දේ ගැන දැනගෙනයි.
ඊලග තප්පරේදි කාර් එකේ ඉස්සරහ වැදුනු තරුණයා විසි වෙලා ගියේ හෝසොක්ගේ කාර් එකත් ඒත් එක්කම පාර මැද නතර වෙද්දි.සිද්ද වුනු දෙයින් ශොක් වෙලා හිටපු හෝසොක් මොහොතකින් කාර් එකෙන් එලියට පැනලා දිව්වේ පාර මැද වැටිලා හිටපු තරුණයා ගාවට.
තමන්ගේ ඉස්සරහ දැකපු දර්ශනෙත් එක්කම හෝසොක් එතැනම ගල් ගැහුනේ එයාගේ හදවත වේගයෙන් ගැහෙන්න ගනිද්දි.
තරුණයා ගාවම බිම වැටිලා තිබුනු මල් කූඩෙකින් විසිරුනු මල් පාර පුරාම විසිරිලා තිබුනා.
කොල්ලගේ නලලින් ගලාගෙන ගියපු ලේවලින් ඒ ලග තිබුනු මල්වල පෙති රතු පාට වෙද්දි ඒ වේදනාවෙන් පිරුනු මූණ හැරිලා තිබුනේ හෝසොක් දිහාවට..
තමන් දිහාට එන ඡායාවක් දැකපු කොල්ලා වේදනා දෙන අතක් ඒ කෙනා දිහාට දිගු කලේ හරියට තමන්ව දලා යන්න එපා කියනවා වගේ.
ශරීරයෙන් දැනෙන වේදනාව දරාගන්න බැරිවෙද්දි එකම එක වතාවක් බාගෙට පියවුනු ඇස්වලින් ආයෙමත් වතාවක් ආගන්තුකයා දිහා බලපු තරුණයාගේ ඇස් පියවිලා ගියේ බාගෙට එසවිලා තිබුනු අත බිමට වැටෙද්දි..
එකපාරටම පියවි සිහියට ආපු හෝසොක් දුවගෙන ගිහින් තරුණයා ගාවින් දනගහගත්තා.වෙන වෙලාවක උනානම් වාහනේට හැපුනු නන්නාදුනන මනුස්සයෙක්ව පාරෙම දාලා යන්න හෝසොක් දෙපාරක් හිතන්නේ නෑ..ඒත්...
තමන්ගේ අතින් හැප්පුනු කෙනාගේ අහින්සක මූණ දිහා බලාගෙන ඉන්න හෝසොක්ට ඒ දේට හිත හදාගන්න පුලුවන් වුනේ නෑ..
ඒ ඇස් අහින්සකයි.ටික වෙලාවක් ඒ මූණ දිහා බලාගෙන හිටපු හෝසොක් වෙව්ලන අත්වලින් ඒ තරුණයාගේ අත අල්ලගෙන නාඩි පරීක්ශා කරන්න ගත්තේ හිත යටින් එයාට කරදරයක් වෙන්න එපා කියලා හිතන ගමන්..ඔව් හෝසොක් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි.ඒත් නාදුනන තරුණයා ගාව දණගහගෙන ඉන්න හෝසොක් ප්‍රාර්ථනා කලේ ඒක.ඒ ඇයි කියලා හෝසොක්වත් දන්නේ නැතිව ඇති..
හෝසොක් සැනසිලි සුසුමක් හෙලුවේ කොල්ලගේ නාඩිවල අවුලක් නෑ කියලා දැනගත්තට පස්සේ.
ඒ කොල්ලා ගැන මෙච්චර වද වෙන්නෙ ඇයි කියලා ප්‍රශ්නයක් හෝසොක්ට නොදැනුනා නෙමෙයි.ඒත් පොදු පාරකදි ප්‍රසිද්දියේ වාහනේට හැපුනු මනුස්සයෙක් නිසා එහෙම වෙන්නේ කියලා නිදහසට හේතුවක් හදාගන්න හෝසොක් අමතක කලේ නෑ.
හෝසොක්ට කීයටවත්ම එයාව පාරේ දාලා යන්න විදිහක් නෑ.හේතුවක් දන්නේ නෑ ඒත් හෝසොක්ට එයාව පාරේ දාලා යන්න ඕනි වුනේ නෑ.ඒ වගේම ඒ කොල්ලව හොස්පිටල් එකකට අරගෙන යන්න පුලුවන්කමක් එයාට තිබුනෙත් නෑ.මොකද මෙ වෙලාවේ හෝසොක් ඉන්නෙත් වෙඩි උණ්ඩයක් ඇගේ තියාගෙන තමන්ගෙම ලේවලින් නෑවිලා..ඇක්සිඩන්ට් වුනු කොල්ලෙක් එක්ක වෙඩි උන්ඩෙකුත් උරහිසේ තියාගෙන හොස්පිටල් එකකට ගිහින් අදාලම නැති ලෙඩක් දාගන්නහෝසොක්ට ඕනි උනේ නෑ..
ඒ නිසා හිතට ආපු හොදම දේ හෝසොක් කරන්න් ගත්තා..බිම හිටපු තරුණයාගේ දණිස් යටිනුයි උරහිස යටිනුයි අත දාලා හෝසොක් ඒ කොල්ලව ඔසව ගත්තේ උරහිසින් දැනෙන්න ගත්තු වේදනාව ගානකටවත් නොගෙන.
කොල්ලවත් අරගෙන කාර් එක ලගට ගියපු හෝසොක් පිටිපස්සේ දොර ඇරලා පරිස්සමට එයාව ශීට් එකෙන් තියලා දොර වැහුවේ ආයෙමත් පාරක් ඒ මූණ දිහා බලලා.
ඩ්‍රයිවින් ශීට් එකට ගිහින් වාඩි වුනු හෝසොක් තප්පරයක්වත් පරක්කු නොවී ආපහු වේගයෙන් රෝනා ප්ලේස් එකට යන්න පටන් ගත්තා.
හෝසොක් කාර් එක පදින ගමන්ම කෝල් කලේ නම්ජූන්ට.
දෙපාරක් රින් වෙද්දිම ෆෝන් එක උස්සපු නම්ජූන් මොනවත් කියන්න කලින්ම හෝසොක් කතා කලේ ආයෙමත් දැනුනු වේදනාව පාලනය කරගෙන.
"ජිමින්ට කියන්න ඉක්මනටම මෙඩිකල් රූම් එකට ගිහින් ලෑස්ති වෙලා ඉන්න කියලා....මගේ අතින් කෙනෙක් ඇක්සිඩන්ට් වුනා.මං එයාව අරන් එනවා.ඒ වගේම මාත්...මාත් උරහිසට වෙඩි වැදිලා එන්නේ කියන්න.."
නම්ජූන් තවත් මොකුත් අහන්න කලින්ම ෆෝන් එක කට් කරපු හෝසොක් පුලුවන් තරම් වේගයෙන් රෝනා ප්ලේස් එක් දිහාට ගියේ සැරින් සැරේ පිටිපස්සේ ශීට් එකෙ සිහිසුන්ව වැතිරිලා ඉන්න නාදුනන්නා දිහා බලන ගමන්.
විනාඩි කීපයකින් හෝසොක්ගෙ කාර් එක රෝනා ප්ලේස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙදි දොර ගාවට වෙලා බලාගෙන හිටපු නම්ජූන් ජින් ජිමින් කට්ටියම දුවගෙන ආවේ කාර් එක දිහාවට..ඩ්‍රයිවින් සීට් එකෙන් බැහැපු හෝසොක් පිටිපස්සේ සීට් එකේ දොර ඇරියේ උරහිසින් දැනුනු වේදනාව තව දුරටත් දරාගන්න බැරිව ඒ ඇස් පියවෙද්දි.
එහෙමම බිමට වැටුනු හෝසොක් දැක්කා නම්ජූන්,ජින් තමන් දිහාට දුවගෙන එන විදිහත් ජිමින් පිටිප්ස්සේ සීට් එක දිහාට යන හැටිත්..
ඒත් එක්කම හෝසොක්ගේ ඇස් කලුවර වුනේ වටපිටාවේ තියන හැමදේම හෝසොක්ගේ මනසින් දුරකට යවලා..
________________________________________
( 3100 words )
29/09/2021
බෝරින් වගේද ළමයි..
ඔයාලගේ අදහස් කියාගෙන යන්නකෝ..❤
Sorry for the mistakes..And thank u for reading this boring chapter lovelies..❤😉
ආ ඒ වගේම..
ඔයාලා දන්නවද මොකුත් මේ අලුත් කොම්ලා ගැන..? 😉
Love you.😘❤
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top