Chapter 03
උණුසුම් පොරෝනා අස්සට ගුලි වෙලා සුව නින්දක හිටපු පාක් සන්හූන් එකපාරටම ඇහැරුනේ නිහඩ රෑ මැදියමේ පල්ලෙහා කුස්සිය පැත්තෙන් ඇහුනු විශාල සද්දයක් නිසා.ඒක හරියට මොකක් හරි බිදෙනවා වගේ සද්දයක්.ඒත් මහ රෑ කලුවරේ මොකක්වත් බිදින්න ඒ ගේ අස්සේ සන්හූන් ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ.මොකද ඒ ගෙදර එයා ජීවත් වුනේ තනියම..
ඒක මතක් වුනු ගමන් සම්පූර්ණයෙන්ම නින්දෙන් අවදි වුනු සන්හූන් ඉක්මනටම ඇද උඩ වාඩි වුනේ හීන් හිරියක් ඇග පුරාම පැතිරිලා යද්දි..
" මොන මගුලක්ද ඒ සද්දේ..??"
කලුවරේම බෙඩ්සයිඩ් ටේබල් එක උඩ අත යවලා එතන තිබුනු ෆෝන් එක අතට ගත්තු සන්හූන් බාලුවේ වෙලාව කීයද කියලා..
' මහ රෑ දොළහ හමාරට මගේ කුස්සියේ බඩු පොලවේ ගහන්නේ මොකාද..? '
සන්හූන් තවත් මොකුත් හිතන්න කලින්ම ආයෙත් පල්ලෙහයින් පොඩි පොඩි සද්ද ඇහෙන්න පටන් ගත්තේ කවුරු හරි ගේ ඇතුලේ ඉන්නවා වගේ..බය වුනු සන්හූන් මුලින්ම හිතුවේ එයාගේ ගෙට හොරෙක් පැනලා කියලා..ඒ උනාට ලගකදි ඉදන් එකපාරටම රෑ මේ වගේ වෙලාවල්වලට ගෙට කඩා පනින එකම කෙනා කවුද කියලා මතක් වුනාම සන්හූන්ගේ මූණේ බය නැති වෙලා ඇදුනේ හිනාවක්...
සන්හූන්ට අමතරව ඒ ගෙයි යතුරක් තිබුනෙ හිටපු ගමන් කඩාගෙන වදින සන්හූන්ගේ ආදරණීය සහෝදරයට විතරයි..
මූනේ ඇදුනු හිනාවෙන්ම ඇදෙන් නැගිටපු සන්හූන් පුරුද්දෙන්ම ගිහින් කාමරේ ලයිට් එක දාලා පුටුවක් උඩ දාලා තිබුනු හූඩි එක අරන් ඇදගෙන හිටපු ස්වීට් පෑන්ට් එකට උඩින් ඇදගත්තේ පහලට යන්න හිතාගෙන..
බාගෙට වහලා තිබුනු දොර ඇරගෙන එලියට ආපු සන්හූන් දැක්කා මුලු පහල තට්ටුවෙම ලයිට් ඕන් කරලා තියන හැටි..ඒක වැඩිය ගනන් නොගත්තු කොල්ලා අත් දෙක විහිදලා හිරි අරින ගමන් පඩිපෙල දිගේ පහලට බැස්සෙ කුස්සියට යන්න හිතාගෙන.ඒත් දැකපු දේ නිසා හිටපු තැනම නතර වුනු සන්හූන් එයාගේ සාලේ දිහා බලාගෙන හිටියේ තුශ්නිම්භූත වෙලා.හරියටම කිව්වොත් සාලේ දිහා නෙමෙයි සාලේ හිටපු අය දිහා..
සම්පූර්ණ කලු ඇදුම් ඇදගන මාස්ක්වලින් මූණෙන් බාගයක් වහගත්තු හැඩි දැඩි පිරිමි අය ගේ පුරා තැනින් තැන හිටගෙන හිටියේ පඩිපෙලේ මැද ගල්වෙලා වගේ බලාගෙන ඉන්න මනුස්සයව එයාලට පේන්නේ නෑ වගේ..
" ඕහ්..හායි...ඔයා ඉක්මනින් නැගිටලානේ..ගුඩ් මෝනින් බ්‍රෝ.."
සන්හූන් මේ ලෝකෙට ආවේ එකපාරටම ඇහුනු කටහඩකින්..ඒ කටහඩ ඇහුනු දිහාට ඔලුව හරවපු කොල්ලා දැක්කේ සෝෆා එකේ සනීපෙට වාඩිවෙලා තමන් දිහා බලාගෙන අත වනන කඩවසම් තරුණයෙක්ව..වෙන වෙලාවට වුනානම් සන්හූන් ඒ රූපය දිහා තව ටිකක් බලාගෙන ඉන්න තිබුනා,ඒත් නන්නාදුනන මිනිස්සු විස්සක් විසි පහක් විතර තමන්ගේ ගේ පුරා භූතාරක්ශකයෝ වගේ කැරකෙද්දි සන්හූන්ට ඒ ගැන හිතන්න මතක් වුනේ නෑ...
" ක්..කවුද ඔයාලා..?ඔයාලා ම්..මොකක්ද මගෙ ගේ ඇතුලේ කරන්නේ..ක්..කොහොමද ඔයාලා ගේ ඇතුලට ආවේ.."
සන්හූන් හිටපු තැනටම වෙලා බයෙන් බයෙන් එහෙම ඇහුවේ එයත් එක්ක කතා කරපු තරුණයා දිහා බලාගෙන.සාමන්‍යයෙන් තරමක් නිර්භීත කොල්ලෙක් වුනු සන්හූන් ඇත්තටම බලාපොරොත්තු නොවුනු අනාරාධිත අමුත්තෝ නිසා හිටියෙ ගොඩක් බය වෙලා.
" හෝ හෝ..හිමීට කොල්ලෝ හිමීට ප්‍රශ්න අහන්න.."
එහෙම කියපු නිර්නාමික තරුණයා සන්හූන් දිහා බැලුවේ හරිම ලස්සනට හිනා වෙන ගමන්.
"මුලින්ම මාව අදුරගෙන ඉන්නකෝ..මගේ නම ජින්.ඔයා පාක් සන්හූන් කියලා මං දන්නවා ඒ නිසා අලුතින් අදුනගන්න ඕනි නෑ ඔයාවනම්..
ඇත්තටම කියනවා නම් අපි ගේ ඇතුලට ආවේ ඉස්සරහ දොරෙන්මයි.මං හිතන්නේ අපේ කෙනෙක් මොකක්ද මංදා ජිල්මාට් එකක් දාලා ලොක් එක ඇරියා...ඔයාගේ කාමරේ ලොක් එකටනම් අපි මොකුත් කලේ නෑ සත්තයි ඒක සම්පූර්ණයෙන්ම ඇරලා තිබුනේ.මං හිතන්නේ තනියෙන් ඉන්න නිසා ඔයා කාමරේ දොර වහන්නෙම නැතුව ඇති.දැන් පැයකට විතර කලින් මං තමයි ඔයා කරදරයක් නැතුව ඉන්නවද කියලා බලන්න ගිය ගමන් දොර බාගෙට වහගෙන ආවේ............."
සන්හූන් පිස්සුවෙන් වගේ කියවගෙන යන ඒ කොල්ලා දිහා බලාගෙන හිටියේ හොල්මන් වෙලා වගේ.ඒ කොල්ලා කොච්චර ලස්සනට හොදින් කතා කලත් එයාගෙන් සන්හූන් ට දැනුනේ හොද හැගීමක් නම් නෙමෙයි.ඒ නිසා හිටපු තැනම නැවතිලා සන්හූන් බලාගෙන හිටියේ තමන්ට අඩි දහයක් දොලහක් විතර ඉස්සරහ ඉදන් කියවන කොල්ලා හරි තැනින් තැන හිටගෙන ඉන්න කාලවර්ණ පුරුෂාත්ම වලින් කෙනෙක් හරි එකපාරටම තමන්ගේ ඇගට කඩාගෙන පැන්නොත් හැරිල දුවන්න ලේසි වෙන්න වගේ..
" ඇත්තටම මේ මහ රෑ මගේ සැප නින්ද දාලා ඔයාගේ ගේ අස්සට දුවගෙන එන්න මටනම් කිසිම උවමනාවක් තිබුනේ නෑ..ශෙහ්..ඒත් ඉතින් ඉහලින් එන අණ පිලිපදින්න ඕනිනේ....ඒකයි මං ආවේ."
" ඔ..ඔයාලා..ඔයාලා ඇයි මෙහේ ආවෙ.."
"ඔහ් ඒක කියන්න අමතක වුනානේ.අපි ZERO එකෙන්.ඔයා දන්නවා ඇතිනේ ZERO එක කියන්නේ මොකක්ද කියලා නේද..?ඒක ඔයා කොහොමත් දැනගෙම ඉන්න එපැයි.."
ජින් ඒක කිව්වේ කලින් වගේ ස්වීට් කටහඩකින්නම් නෙමෙයි.හිනාවෙවි කතා කරපු ඒ මූන එක තප්පරේකින් හැගීම් විරහිතවෙලා ගියේ සන්හූන්ට අනතුරුදායක හැගීමක් දනවන ගමන්..සන්හූන් දැනගෙන හිටියා ZERO කියන්නේ මොකක්ද කියලා.ඒත් ZERO එකේ අය මහ රෑක තමන්ගේ ගේ අස්සට ආපු හේතුව තවමත් සන්හූන්ට තේරුනු බවක් පේන්න තිබුනේ නෑ.
" අපි මෙහාට ආවේ හෙට උදේ වෙනකම් ඔයාව පරිස්සමෙන් බලාගන්න කියලා අපිට නියෝගයක් ලැබුනු නිසා..කෙලින්ම කිව්වොත් ඔයා පැනලා යන එක නවත්තන්න.."
"ම්..මං?ම්..මං මොකටද ප්..පැනලා යන්නේ?"
" මොකද ඔයා කරපු දේවල් ඔක්කොම එලිවෙලා තියන නිසා තමුන්ට කරන්න තියෙන එකම දේ ජීවිතේ බේරගන්න පැනලා යන එක විතරයි...ඒත් කියන්න කණගාටුයි..අපි ඇවිත් ඉන්නේ හෙට උදේට බොස් ඇවිත් ඔයාව අපෙන් බාරගන්නකම් ඔයාව පරිස්සමින් බලාගන්න.."
ඒක ඇහුනු සන්හූන් ආයෙමත් ජින් දිහා බලාගෙන හිටියේ එයා කියන කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව..
" බ්..බොස්?"
ටිකක් වෙලා සන්හූන් දිහා කෙලින්ම බලාගෙන හිටපු ජින්ගේ කටින් පිටවුනු නම ඇහුනු සන්හූන්ගේ තොලකට පවා වේලිලා ගියේ ඒ ඇස් බයෙන් පිරෙද්දි...
"ජේහෝප්.."
සිද්ද වෙන්නේ මොකක්ද කියලා සන්හූන්ට තේරුනේ අන්න ඒ මොහොතෙදියි.ඒත් කියන්න ඕනි මොකක්ද කියලා එයාට හිතාගන්න බැරි උනා..අහන්න ප්‍රශ්න ගොඩක් වගේම කියන්න දේවල් ගොඩක් එකපෙලට ඔලුවට ආවත් එකක් තෝරලා අරන් කතා කරගන්න පුලුවන් තත්වෙක නෙමෙයි සන්හූන් හිටියේ..නගරයේ ඉන්න අන්තම බයානක පාතාල කල්ලියේ මිනිස්සු ටිකක් තමන්ගේ ගේ අස්සට ඇවිත් එයාලාගේ බොස් එනකම් තමන්ව පරිස්සම් කරන්න ලෑස්ති වෙනකොට සිහි කල්පනාවෙන් ඉන්න එක ඇත්තටම අමාරු වැඩක්.
" දැන් කරුනාකරලා ආයෙමත් ඔයාගේ කාමරේට ගිහින් හොද ලමයාවගේ නිදාගන්න.කවුද දන්නේ ආයේ කවදා සනීපෙට නිදාගන්න ලැබෙයිද කියලා.."
එහෙම කියපු ජින් ආයෙමත් මුලින් වගේම ලස්සනට හිනා වුනේ සන්වූන් දිහා බලලා අත වනන ගමන්.ජින්ගේ ඒ ලස්සන වචන ටික ඇතුලේ තිබුනු අනතුරුදායක බව තේරුම් ගත්තු සන්හූන්
කියන්න තියෙන ඔක්කොම හිතේම හිරකරගෙන එහෙම්ම අනිත් පැත්ත හැරිලා පඩිපෙල නැග්ගේ ඒ මර උගුලින් ගැලවෙන්න විදිහක් හිතන ගමන්..සන්හූන්ගේ ඔලුව හරියට පැටලුනු නූල් බෝලයක් වගේ.
වටේ පිටේ මොනවද වෙන්නේ කියලවත් එයාට තේරුමක් තිබුනේ නෑ.ඒත් කාමරේ ඇතුලට ගියපු සන්හූන්ට පල්ලෙහයින් කෑ ගහපු ජින් කියපු දේනම් හොදට ඇහුනා.
" ආහ් සන්හූන්...මගේ අතින් ඔයාගේ අර මේසේ උඩ තියලා තිබුනු වීදුරු ජෝගුව බිම වැටිලා බිදුනා...සොරී...!!! "
කාමරේට ගිහින් දොර වහගත්තූ සන්හූන් ඇද උඩින් වාඩි වෙලා සිද්ද වුනු දේවල් කල්පනා කරන්න ගත්තා.සන්හූන්ට තේරුනු එකම දේ තමයි මේ ඇවිත් ඉන්න ජින් කියන කෙනයි අනිත් මිනිස්සුයි ජේහෝප්ගේ අය කියන එක.
ජේහෝප් කියන්නේ කවුද කියලා ගොඩක් මිනිස්සු දැකලා නැති වුනත් ඒ නම අහලා නැති කෙනෙක් නම් හිටියෙම නැති තරම්.
කොහොමත් සන්හූන් කියන්නේ අනිත් අයට වඩා ජේහෝප් ගැන දන්න කෙනෙක්.ජේහෝප් කියන්නේ ජන්ග් හෝසෝක් කියලා දැනගෙන හිටපු ටික දෙනාගෙන් කෙනෙක් තමයි සන්හූන්.ඒ වගේම ගොඩක් අය නොදන්න දේවල් ටිකකුත් සන්හූන් දැනගෙන හිටියා..
ඇදෙන් වාඩි වෙලා අත් දෙකෙන්ම ඔලුව අල්ලගත්තු සන්හූන් හරියටම වෙලා තියන දේ තේරුම් ගන්න උත්සාහ කලා.
" ජින් කියන කෙනා කියපු විදිහටනම් මේ මිනිස්සු ටික ඇවිත් ඉන්නෙ ජේහෝප් එනකම් මාව පරිස්සම් කරන්න.ඒ කියන්නේ මේ ජේහෝප් හෙට උදේට මාව හම්බවෙන්න එනවා..එයාලා හිතන්න ඇති ඒක කොහෙන් හරි ආරංචි වෙලා ජේහෝප් එන්න කලින් මං පැනලා යයි කියලා.අන්න ඒ නිසා එහෙම වෙන එක නවත්තන්න තමයි මේ කට්ටියව මගේ ගෙදරට එවලා තියෙන්නේ...."
ඒ ටික තේරුම් ගන්න එකනම් සන්හූන්ට ඒ තරම් අමාරු වුනේ නෑ.ඊට පස්සේ එයාට ආපු ලොකුම ප්‍රශ්නේ තමයි ජේහෝප් මොකටද තමන්ව හම්බෙන්න එන්නේ කියන එක.
"එතකොට ජේහෝප් මොකටද මාව හම්බවෙන්න එන්නේ..මේ ජින් කිව්වේ මං කරපු දේවල් ඔක්කොම එලි වෙලා තියන නිසා මං පැනලා යන්න හදයි කියලා..ඒත්..ඒත් දෙය්යනේ එලි වෙන්න මං මොකක්ද කරලා තියෙන්නේ.."
කල්පනාවේ හිටපු සන්හූන්ට එකපාරටම මතක් වුනේ යූනාව..සන්හූන් දැනගෙන හිටියා යූනා කියන්නේ මාෆියා ලීඩර් කෙනෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා.ඒත් ඒ කාගෙද කියන්න එයා දැනගෙන හිටියේ නෑ.ඒත් මාෆියා නායකයෙක් වුනු ජේහෝප්ට තමන්ව හොයාගෙන එන්න තියන ලගම හේතුව යූනා කියලා සන්හූන්ට තේරුම් ගන්න එච්චර වෙලාවක් ගියේ නෑ..
නලලත් රැලි කරගෙන විනාඩි ගානක් කල්පනා කරපු සන්හූන් එකපාරටම ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ මාස හතරක් පහක් තිස්සේ වුනු සිදුවීම් හැමදේම එයාට එකක් ගානේ පැහැදිලි වෙන්න ගනිද්දි..
මාස පහකට විතර උඩදි එකපාරටම මාකටින් සෙක්ශන් එකේ ලක්ශ ගානක වංචාවකට තමන්ව අහු වුනු හැටි,
කොච්චර උත්සාහ කලත් තමන්ගේ නිවරදිබාවය ඔප්පු කරන්න කිසිම සාක්ශියක් හොයාගන්න බැරි වෙද්දි එයා නොකරපු වැරැද්දක් කරපු බවට සාක්ශි එයාගේ බොස් ගාව තිබුනු හැටි සන්හූන්ට මතක් වුනා.
නිවරදිබාවය ඔප්පු කරගන්න බැරිව ඉද්දි සන්හූන්ට එයාගේ බොස් වුනු ජැන්ග් හියුක්ගෙන් අපූරු යෝජනාවක් ආවා.ඒ තමයි එක්කෝ සන්හූන් ඒ ඔක්කොම සල්ලි ආයතනයට ගෙවන්න ඕනි,එහෙමත් නැත්නම් කිසි වරදක් නැතිව හියුක් බාරදෙන රහසිගත වැඩේ සම්පූර්ණ කරන්න ඕනි.සන්හූන් ඒ වෙලාවෙදි හියුක් ඉස්සරහ සාධාරණය වෙනුවෙන් කෑ ගහන්න පටන් ගත්තේ හියුක් සමච්චලේට හිනාවෙවි එයා දිහා බලාගෙන ඉද්දි.ඒත් අන්තිමේදි ජැන්ග් හියුක් සන්හූන්ගේ ආදරණීය සහෝදරයාගේ ජීවිතේ තියෙන්නෙ සන්හූම් ගන්න තීරනය උඩ කියලා කිව්වට පස්සේ අසරණ වුනු සන්හූන් ජැන්ග් හියුක් කියම ඕනම දෙයක් කරන්න එකග වුනා..
ඒ විදියට තමයි සන්හූන්ට යූනා කියන කෙල්ලව අදුරගන්න ලැබුනේ.සන්හූන්ට කරන්න තිබුනේ අමුතු වැඩක්.ඒ තමයි යූනාව එක්කගෙන නගරයේ තැනින් තැන තිබුනු එක එක හොටෙල්ස්වල රූම් එකකට ගිහින් පැයක් දෙකක් ඉදලා ආපහු එන එක.ඔව් ඒක හරි අමුතුයි තමයි.සන්හූන්ට ඒ මොන විකාර වැඩක්ද කියලා සියපාරකට වඩා හිතුනත් කියන හැමදේම කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.
නොකරපු වරදකට හිරෙ යනවට වඩා ලස්සන කෙල්ලෙක් එක්ක හොටෙල් රූම් එකකට ගිහින් කෙල්ල ෆෝන් එක දිහා බලාගෙන ඉද්දි පුටුවක් උඩට වෙලා මැගසීන් එකක් බලන එක හොදයි කියල සන්හූන්ට හිතිලයි තිබුනේ.ඇත්තටම පැයක් දෙකක් බලාගෙන ඉදලා එලියට එන එක ඇරෙන්න වෙන කිසිම දෙයක් ඒ දෙන්නා අතර සිද්ද වුනේ නෑ.වාහනෙන් බැහැපු තැන ඉදන් රූම් එක ඇතුලට යනකනුයි රූම් එකේ ඉදන් ආයේ වාහනේට එනකනුයි අතින් අල්ලගෙන ඉන්න එක ඇරෙන්න කිසිම ස්පර්ශ කිරීමක්වත් ඒ දෙන්නා අතරේ සිද්ද වුනේ නෑ..
ඊට අමතරව සන්වූන්ට කරන්න තිබුනු වැඩේ තමයි සැරින් සැරේ යූනා ගෙනත් දෙන ෆයිල්ස් ජැන්ග් හියුක් අතට භාර දෙන එක.තමන් කරන්නේ මොකක්ද කියලා හරියටම තේරුමක් නොතිබුනත් සන්හූන් ඒ හැමදේම කලේ කරන්න වෙන දෙයක් එයාට නොතිබුනු නිසා.
මේ හැමදේම එකක් නෑර මතක් කරපු සන්හූන්ට තේරුනු එකම දේ තමයි මේ යූනා කියන කෙල්ලයි,එයා ගෙනත් දුන්නු ෆයිලුයි,ජේහෝප් කියන මාෆියාකරයයි එකකට එකක් සම්බන්දයි කියන එක..
ඒ වගේම ඒ තුන එකට සම්බන්දයි නම් ජේහෝප් තමන්ව හම්බෙන්නෙ එන්නේ හොදකට නෙමෙයි කියලා කියන්න සන්හූන්ට වෙන කවුරුත් ඕනි වුනේ නෑ..
ඒත් සන්හූන්ට එක බලාපොරොත්තුවක් තිබ්බා.මෙච්චර වෙලා එකපාරටම තේරුම් ගියපු දේවල් නිසා කලබලවෙලා කාමරේ පුරා ඇවිද ඇවිද කල්පනා කරපු සන්හූන් ෆෝන් එක අතට ගත්තා.
සන්හූන් ජැන්ග් හියුක් කියපු හැමදේම මෝඩයෙක් වගේ කරපු බව ඇත්ත.ඒත් මාෆියා කාරයෙක්ගේ කෙල්ලෙක් එක්ක හොටෙල්වලට යන එකේ අවදානම එයා දැනගෙන හිටියා.ඒ වගේම ඒ ෆයිල් ඇතුලේ තිබුනේ මොනවා වුනත් ඒවා දුන්නේ කවුද දෙන්නේ කාටද කියන දේත් දැනගෙන හිටපු එකම කෙනා සන්හූන්.ඉතින් එහෙම එකේ අනාගතේ වෙන්න තියෙන අනතුරුවලිම් බේරෙන්න සන්හූන් ප්ලෑන් එකක් ගැහුවේ නෑ කිව්වොත් ඒක බොරුවක්.
අන්තිම මාස දෙක තුනේදි රූම් එක ඇතුලේ වෙන්නේ මොකක්ද,ෆයිල් එක දෙන්නෙ කවුද,ඒ ෆයිල් සන්හූන්ගෙන් ගන්නේ කවුද.එයලා මොනවද කතා කරන්නේ..ඒ හැමදේටම සාක්ශි සන්හූන් එකතු කරගත්තා.එකපාරක් නිවරදිකම ඔප්පු කරගන්න බැරිව අමාරුවේ වැටුනු සන්හූන් ආයෙමත් සාක්ශි නැතුව අමාරුවේ වැටෙන්න උවමනාවක් තිබුනේ නෑ.ඒ නිසා ඒ හැම සාක්ශියක්ම එකතු කරලා ආරක්ශා සහිතව සන්හූන් අරන් තියලා තිබුනා.
හෙට උදේ ජේහෝප් එන්න කලින් තමන්ගේ නිවරදිකම ඔප්පු කරගන්න තියෙන ඒ සාක්ශි තමන් ලගට ගන්නයි සන්හූන්ට ඕනි වුනේ.
ඒ හැම වීඩියෝ ක්ලිප් එකක්ම ඕඩියෝ ක්ලිප් එකක්ම තිබුනේ සන්හූන් ගාව තිබුනු පෙන් එකක.ඒත් ජැන්ග් හියුක්ව විශ්වාස නැති නිසාම සන්හූන් ඒ පෙන් එක එයාලාගේ පරන ගෙදර එහෙමත් නැත්නම් දැන් සන්හූන්ගේ මල්ලි ඉන්න ගෙදර හන්ගලයි තිබුනේ..
ෆෝන් එක අතට ගත්තු සන්හූන් ඉකමනටම ඩයල් කලේ එයාගේ මල්ලිගේ නම්බර් එක.සන්හූන්ට තිබුනු එකම බලාපොරොත්තුව තමයි ඒ පෙන් එක.
එකදිගට නාද වුනු ෆෝන් එක ප්‍රතිචාරයක් නැතිවම කට් වුනේ සන්හූන්ගේ හද ගැස්මත් එන්න එන්නම වැඩි වෙද්දි..මහ රෑ එකට කීයටවත් තමන්ගේ මල්ලි ෆෝන් එක උස්සන්නේ නෑ කියලා දැනගෙන හිටියත් සන්හූන් එක දිගටම කෝල් ගත්තේ පරක්කු වෙන තප්පරයක් ගානේ තමන්ගේ ජීවිතේ අනතුරේ වැටෙනවා කියලා දැනගෙන.විසිවෙනි පාරටත් ප්‍රතිචාරයක් නැති වෙද්දි ඇද උඩින් වාඩි වුනු සන්හුන් මැසේජ් එකක් යැව්වේ වෙන කරන්නම දෙයක් නැති තැන.
" මගේ නිල් පාට පෙන් එක මට ඉක්මනට ගෙනත් දෙන්න යුවී..ප්ලීස්.මේක ලොකු හදිස්සියක්.මේ මැසේජ් එක දැකපු ගමන් මට කෝල් කරන්න."
ෆෝන් එක එහෙමම පපුවට තුරුලු කරගත්තු සන්හුන් ඇදේ ඇලවුනේ මල්ලි ඉක්මනටම ෆෝන් එක දකින්න කියලා ප්‍රාර්තනා කරන ගමන්.ඒත් පෙන් එක තියන තැනක් මැසේජ් එකේ කියන්න සන්හූන්ට අමතකවුනා.
මහන්සියටම සන්හූන්ගේ ඇස් පියවෙද්දි නින්ද එයා ගාවට ආවේ හෙට දවසෙ වෙන්න යන අවාසනාවන්ත සිදූවීම්වලට සන්හූන්ව සූදානම් කරනවා වගෙයි..
_______________________________________
25/09/2021
(1915 words)
Thank you for reading.🤗❤❤
Plz vote & comment ❤
Love u..😘❤❤
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top