Chapter 01

(Please always check the chapter number before you start reading. Sorry for the mistakes. Enjoy reading.❤)
________________________________________

Third person POV

කලු පාට කලිසමට සුදු පාට අත් දිග ශර්ට් එකක් ඇදලා තමන්ට ඉස්සරහ කැරකෙන පුටුවේ වාඩිවෙලා ඉන්න තරුණයා දිහා නම්ජූන් බැලුවේ තිගැස්මෙන් වගේ...කකුලක් පිට කකුලක් දාගෙන වැලමිට ගාවින් නැමුනු එක අතක මිට මොලවපු ඇගිලි උඩ නිකට තියාගන හිටපු ඒ කෙනාගේ ඇස් තිබුනේ ඉස්සරහ තිබුනු ලැප් එකේ ස්ක්‍රීන් එකේ..

ඒ හිතේ තියෙන කේන්තිය නම්ජූන්ට මූණෙන්ම අදුරගන්න පුලුවන්.ඒත් එයාට කරන්න පුලුවන් දෙයක් තිබුනේ නෑ.එයා දැනගෙන හිටියා ඒ මොහොතෙදි කොල්ලාව පාලනය කරන්න තියා එයා එක්ක කතා කරන්නවත් කාටවත් බෑ කියලා..එවලේ එතන හිටියේ නම්ජූන්ගේ යාලුවා නෙමෙයි හැමෝම බය ඒ පාතාල නායකයා..ඒ ඇස්වල තිබුනු තියුනු බැල්ම වගේම මූණේ තිබුනු දරදඩුකම දරාගන්න පුලුවන් කවුරුත්ම මේ ලෝකේ හිටියේ නෑ...

ලැප් එකේ  තිබුනු වීඩියෝ එක අන්තිම විනාඩියේදි නවත්තපු කොල්ලා පුටුවෙන් නැගිටලා ගිහින් විශාල වීදුරු ජනේලය ගාව නැවතුනේ ඉස්සරහින් පේන රාත්‍රී නගරය දිහා බලාගෙන...

සුනාමියක් වගේ එකපාරටම එලි වුනු බරපතල රහස් ගොඩත් එක්ක තමන්ගේ බොස්ගෙන් මීට වඩා දරුනු භයානක ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුනු නම්ජූන් ඔහු දිහා එකදිගට බලාගෙන හිටියේ එයාගේ ඒ නිහඩතාවය එච්චර හොද දෙයක් නෙමෙයි කියලා තේරුනු නිසාමයි...

කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටපු නම්ජූන් ගැස්සිලා ගියේ එකපාරටම ඇහුනු කොල්ලගේ කට හඩින්..

" ඒ කොල්ලාගේ නම මොකක්ද..? "

තාමත් තමන්ට පිටුපාගෙන හිටපු බොස්ගේ පිටුපස දිහා බලාගෙනම නම්ජූන් උත්තර දෙන්න පටන් ගත්තා.

" බොස් එයාගේ නම පාක් සන්හූන්.. "

" කොච්චර කල් වෙනවද..? "

" දැනට මාස හතරක් වෙනවා.."

ඒක ඇහෙනවත් එක්කම කොල්ලාගේ අත් සාක්කු දෙක ඇතුලෙ මිට මෙලවුනේ ඒ කට කොනින් සමච්චල් හිනාවක් පිට වෙද්දි.

" මාස හතරක්..ඒ කියන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියාගත්තු එකී මාස හතරක් තිස්සේ වෙන මිනිහෙක් එක්ක නටන ගමන් මාව රැවැට්ටුවා....!මාස හතරක් තිස්සේ ඌ ගාව හුරතල් වෙන ගමන්ද ඒකි හැම රෑකම මං ගාවත් දණ ගහන්න ආවේ...මං ආදරේ නැතත් මට ආදරෙයි කිව්වා...හහ්....මං ජීවිතේ පලවෙනි වතාවට පිට මනුස්සයෙක්ව විශ්වාස කරලා ලගට ගත්තා..මං ඒකිගේ වචන විශ්වාස කරලා  නිදහස දුන්නම ඒකි හොටෙල් රූම් අස්සේ තව කොල්ලෙක් එක්ක මගුල් නටනවා..ඒකද ඒකිගේ මහලොකු ආදරේ... "

එහෙම කියලා නම්ජූන් දිහාට හැරුනු කොල්ලා දිහා බලපු නම්ජූන් දැක්කා එක තප්පරේකට ඒ මූනේ ඇදුනු වේදනාව.

" මට මිනිස්සු පේන්න බෑ..හැබැයි ඔක්කොටම වඩා මට වංචාකාරයෝ පේන්නම බෑ.."

අවුරුදු ගානක ඉදන් කොල්ලත් එක්ක ඉන්න නම්ජූන් මෙච්චර කාලෙකට කවදාවත් කොල්ලගේ මූනේ වේදනවක් දැකලා තිබුනේ නෑ.හැමදාමත් ඒ මූණේ තිබුනේ හැගීම් විරහිත බවක්.හිනාවක් සතුටක් දුකක් කදුලක් ඒ මූණේ කවදාවත් තිබුනේ නෑ.ඒත් අද ජීවිතේ පලවෙනි වතාවට තප්පරේකට නම්ජූන් ඒ දුක වේදනාව දැක්කා..

ඒත් ඒ තප්පරයකට විතරයි..

ඒ වේදනාව ඉමක් කොනක් නැති තරහකට පෙරලෙන්න තප්පර දෙකක්වත් ගියේ නෑ.ඒ මූනේ හැම මාංශ පේෂියක්ම තරහින් වෙව්ලද්දි නම්ජූන් එක දෙයක් දැනගත්තා.ඒ වෙන්න යන්නේ මොකක් උනත් ඒක දශමයක්වත් හොද දෙයක් නම් නෙමෙයි කියලා...

" මේ විකාරේ ඉවරයක් කරන්න වෙලාව හරි.."

එහෙම කියපු කොල්ලා ෆෝන් එක අරන් උඩින්ම තිබුනු අංකයට කෝල් එකක් ගත්තා..
දෙපාරක් යද්දිම එහා පැත්තෙන් කෝල් එක ආන්ස කරද්දි කොල්ලගේ මූනේ ආයෙමත් ඇදුනේ සමච්චල් හිනාවක්..

" හෙලෝ බේබි....."

ඕනිවටත් වඩා නැලවෙන ඒ හඩ අහද්දි කොල්ලට ෆෝන් එක පොලොවේ ගහන්න තරම් හැගීමක් ආවේ නෑ කිව්වොත් ඒක බොරුවක්.

" අද රෑ අපි මීට් වෙනවා...දහය වෙද්දි එන්න.."

" ඕහ් මයි ගෝඩ් බේබි..ඈම් අයි ඩ්‍රීමින්? රියලි....!!?"

එහා පැත්තෙන් ඇහෙන වචනයක් ගානේ කොල්ලගේ ඉවසීම නැති වෙලා යන්න පටන් ගද්දි දත් මිටි කාගෙන කොල්ලා තරහා පාලනය කරගත්තේ දැන් කේන්ති අරන් මොකුත් කරන්න බැරි බව තේරුනු නිසා.

" ඔයාට එන්න පුලුවන්ද,බැරිද? "

" ඕ බේබි අයිම් කමින් අයිම් කමින්..කියන්නකෝ කොහේටද මං එන්න ඕනි.ඔයාගේ ගෙදරටද,එහෙමත් නැත්නම් පෙන්ට්හවුස් එකටද?"

" නෑ වෙනම තැනකට..මං ඩ්‍රයිවර් කෙනෙක් එවනවා පැය බාගෙකින් ලෑස්ති වෙලා ඉන්න.."

"ඕකේ මයි ස්වීටී..අහ්ම්...මොකක්ද මං අදින්න ඕනි..රෙඩ් ඕ බ්ලැක්...."

යූනා,එහෙමත් නැත්නම් කොල්ලාගේ ආදරනීය ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇහුවේ උවමනාවෙන්ම කටහඩ සරාගි කරමින්..

හෝසෝක් කටකොනින් ආයිමත් හිනා වුණේ යූනා අහන්නේ මොකක් ගැනද කියලා එයා දන්න නිසා..එයාලට තිබුණා කලර් කෝඩ් එකක්.හෝසෝක් ඉන්නේ එච්චරම දරුණු නැති නෝමල් නයිට් එකක් ගෙවන මූඩ් එකකනම් යූනා අදින්නේ කලුපාට.
ඒත් හෝසෝක් ඉන්නේ එයාලා ඉන්න මායිමක පණ ඇති මනුස්සයෙක්ටවත් සැනසීමේ ඉන්න බැරි තරමේ ශබ්ධ ටිකක් යූනාගේ මුවින් පිටවෙන නයිට් එකක් ගෙවන මූඩ් එකක නම් යූනා අදින්නේ රතුපාට.

" රෙඩ්.. එව්‍රිතින්ග් ශුඩ් බී රෙඩ්.."

"ඕමයිගෝඩ් බේබ්...රිය-"

යූනා තව මොකුත්  කියන්න කලින් කෝල් එක කට් කරපු හෝසෝක් නම්ජූන් දිහා බැලුවේ නපුරු හිනාවක් එ මූනේ තියාගෙන..

" ෆ-කින් බිච්...එව්‍රිතින්ග් විල් බී රෙඩ්.. අද ඒ ගෑණි දැනගනියි මේ ගේම් එකේ ඉස්සරහින් ඉන්නේ කවුද කියලා...."

" ජූන්..මගේ කොන්ඩෝ එකට යමු.මේ දැන්ම.."

කොල්ලා ආයෙමත් තමන්ට පුරුදු නමින්ම කතා කරනවා ඇහුනම නම්ජූන්ගෙ මූනට ආවේ හිනාවක්...මොකද කොල්ලා එයාට යාලුවට වගේ කතා කරනවා කියන්නේ සර්,බොස් වගේ වචන පැත්තකට දාලා කොල්ලටත් යාලුවට වගේ කතා කලාට ප්‍රශ්නයක් නෑ කියලා නම්ජූන් හොදටම දන්නවා..ඒ හිනාවෙන්ම නම්ජූන් ඔෆීස් රූම් එකෙන් අයින් වෙලා කොල්ලාගේ පිටිපස්සෙන්ම ගියේ ලිෆ්ට් එක දිහාට.

" මං හිතන්නේ ඔයා මං ලවා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව මරන්න එහෙම නෙමෙයි යන්නේ..එහෙම නේද හෝබා..? "

නම්ජූන් එහෙම අහද්දි එයත් එක්කම ලිෆ්ට් එකට නැගපු හෝසොක්ගෙ කටින් දුශ්ට හිනාවක් එක්කම පිටවුනේ නම්ජූන් බලාපොරොත්තුවෙන් හිටපු උත්තරේමයි..

" කීයටවත් නෑ.මට වංචා කරපු උන්ට වෙන කාගෙවත් අතින් මැරෙන්න දෙන්නේ නෑ මං.මගේ ලව්ලි ගර්ල්ෆ්‍රෙන්ඩ් මැරෙන්නේ ඔයාගේ අතින් නෙමෙයි ජූන්...,මගේ අතින්...! "

•••••••••••••••••••••••••••••••••••••

නිල්පාටින් දිලිසෙන වතුර පිරුණු ගඟක් මායිම් කරගෙන හුදෙකලා භූමියක හදලා තිබුණු සුඛෝපභෝගි කොන්ඩෝ එක අයිති උනේ ජන්ග් කෝපරේෂන්ස් එකේ චෙයාපර්සන් ජන්ග් වූ සන්ග් ගේ පුතා වුනු ජන්ග් හෝසොක්ට.වෙන විදියකට කියනවනම් ZERO කියන මාෆියා කල්ලියේ නායකයා වුනු ජේහෝප්ට... 

ජන්ග් වූ සන්ට කෝටිපතියෙක් වෙන්න පුලුවන් වුනේ එයාගේ බිස්නස් එක නිසාම විතරක් නෙමෙයි..ඒ හැම සල්ලියක්ම එයාට ලැබුනේ ලෝකෙටම රහසක් වුනු එයාගේ මාෆියා එකෙන්.ජන්ග් වූ සන්ග්ට පුතෙක් ඉන්නවා කියලා කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ.ඒ නිසාම ජන්ග් හෝසොක් කියන්නේ මුලු ලෝකෙටම ජන්ග් කෝපරේශන්ස් එකේ ශෙයා හෝල්ඩර් කෙනෙක් විතරයි..කිසි කෙනෙක් දැනගෙන හිටියෙ නෑ ජන්ග් හෝසොක් කියන්නෙත් ජේහෝප් කියන කෲර පාතාල නායකයා කියලා.

තාත්තටත් වඩා දක්ශයෙක් වුනු හෝසොක් මාෆියා එක භාර අරගෙන ටික කාලෙකින්ම ලොකු බලයක් අතට ගත්තේ එච්චර කල් චුට්ටක් හරි ඉතුරු වෙලා තිබුනු එයාගේ හැගීම් දැනීම් නැත්තටම නැති වෙලා යද්දි.

අම්මා කෙනෙක් නැතුව සහෝදරයෙක් නැතුව හැදුනු හෝසොක්ට ඇත්තටම හැගීම් දැනීම් කියලා දෙයක් තිබුනෙම නැති තරම්...හැගීම් කියන්නේ මොනවද කියලවත් හෝසොක් දැනගෙන හිටියේ නෑ.සතියකට එකපාරක් විතර හෝසොක් මුන ගැහෙන්න එන ජන්ග් වූ සන්ග් තාත්තා කෙනෙක් විදියට හෝසොක්ට ලන් වුනේ නෑ..ඒ ඇයි කියලා හෝසොක් දන්නෙ නෑ එයා ඒවා හොයන්නෙත් නෑ මොකද හෝසොක්ට ජීවත් වෙන්න වෙන කවුරුත් ඕනි උනේ නෑ මෙච්චර කාලෙකට.

හෝසොක්ට හිටපු එකම යාලුවා තමයි නම්ජූන්.හෝසොක් ගැන පොඩ්ඩක් හරි දැනගෙන හිටියේ එයා..

ඒත් එකපාරටම නොහිතපු විදියට හෝසොක්ගේ ජීවිතෙට කෙල්ලෙක් ආවා..ඒ තමයි චෝයි යූනා..
හෝසෝක්ට කෙල්ලොන්ගෙන් අඩුවක් තිබුනේ නෑ.ඒත් අනිත් හැම කෙල්ලෙක්ම එක රෑකට විතරක් සීමා වෙද්දි හෝසොක් යූනා ලගට යන වතාවන් ගාන වැඩි වුනා..හෝසොක්ගෙ හැම උවමනාවක්ම ඒ විදියටම ඉටු කරලා දෙන යූනාව එයා දෙපාරක් නොහිතම ලගට ගත්තේ සැක හිතෙන කිසිම දෙයක් යූනා කරලා තිබුනේ නැති නිසා..හෝසොක් යූනාගේ ඕනිවට වඩා නැලවෙන කතාවටයි,අනවශ්‍ය වැඩවලටයි වැඩිය අකමැති උනත් ඒක ගැන කොල්ලා මොකුත් නොකළේ ඒක එයාට මහාලොකු ප්‍රශ්නයක් නොවුණු නිසයි.

හෝසෝක්ට ඕනි වුණේ මානසික බැදීමක් නෙමෙයි.කායික තෘප්තියක් විතරයි.ඒක හැගීම් සම්බන්ධ නැති සම්බන්ධයක්.යූනාගෙන් තමන්ට ඕනි දේවල් කරගන්න එක ලේසියි කියලා තේරුණු නිසයි හෝසෝක් යූනාව තමන් ලගට ගත්තේ..ඇත්තටම කියනවානම් හෝසෝක් කළේ යූනාව පාවිච්චි කරන එක.තමන්ගේ තෘප්තියයි,පරිස්සමයි,පහසුවයි වෙනුවෙන්..කෙල්ලෙක්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන නම දුන්නම මේ හැමදේම අතටම ලැබෙනවා කියලා නොදැනෙන්න තරම් බබෙක් නෙමෙයි හෝසෝක් කියන්නෙ.

ඒත් හැමදේම වෙනස් වෙන්න ගත්තේ හෝසොක් යූනාව එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කරගෙන අවුරුද්දක් විතර ගත වෙද්දි..යූනා ගැන හොයන්න දාලා තිබ්බ මිනිස්සු යූනා ගැන අරන් ආවේ එච්චර හොද තොරතුරු නෙමෙයි...ඒත් කිසි සද්දයක් නැතුව හිටපු හෝසොක් යූනා ගැන අවසන් තීරණයක් ගත්තේ යූනාගේ හැම රහසක්ම අද එලි වුනාට පස්සේ..

ඒ තමයි යූනාගේ ජීවිත කතාවට නැවතීමේ තිත තියන එක.ඔව් යූනා කියන්නේ හෝසොක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි.ඒත් යූනා කොච්චර පැන පැන ආදරෙයි කිව්වත් කිසිම තැනකදි හෝසොක් යූනාට ආදරෙයි කියලා නෑ..හෝසොක්ගේ හිතෙ යූනා ගැන තිබුනේ කායික ආකර්ශණයක් විතරයි එතන ආදරයක් ගැවිලවත් තිබුනේ නෑ.ආදරයක් තියා කැමැත්තක්වත් යූනා ගැන හෝසෝක්ගේ හිතේ තිබුණේ නෑ.හෝසොක් ඇත්තටම ආදරේ කරන එකක් ගැන හිතලාවත් තිබුනේ නෑ.

හෝසොක් කියන්නේ අර නවකතාවල වගේ අහින්සක මිනිස්සු බේරලා නරක දුශ්ට මිනිස්සු විතරක් මර මර යන ලෝකය දුශ්ට ආත්මවලින් බේරගන්න දෙවියෝ මේ ලෝකෙට එවපු කෙනෙක් නෙමෙයි..

හෝසොක් ඉල්ලන ගාන එයාට ලැබෙනෙවනම් වයසක,තරුණ ඕනි එකෙක්ව එයා මරලා දානවා.හෝසොක්ගෙන් සමාවක් ලැබුනෙ පොඩි ලමයින්ට විතරයි..මොකද පොඩි ළමයි කියන්නේ අහිංසකයෝ..ඒත් මිනිස්සු කියන්නේ අහිංසකකම නැති වුණු පොඩි ළමයින්ට.

ඒ නිසාම අවුරුද්දක් ලග හිටපු ආදරණීය ගර්ල්ෆ්‍රෙන්ඩ්ව මරන එක හෝසොක්ට මහලොකු දෙයක් නෙමෙයි..හෝසොක් අවංකකම අගය කලා වගේම ඊටත් වඩා සිය දහස් ගුනයකින් වංචාවට වෛර කලා..

හෝසොක්ට ඔෆීස් එකෙන් එලියට එද්දි යූනාව මරන්න තිබුනු උවමනාව 50% නම් මීට විනාඩි පහකට කලින් ආපු කෝල් එකෙන් පස්සේ ඒ උවමනාව තවත් සිය ගුනයකින් විතර වැඩි වුනා.

මොකද යූනා වෙන කොල්ලෙක් එක්ක හෝසොක්ට වංචා කලා විතරක් නෙමෙයි හෝසොක්ගේ රහස් ගොඩක තොරතුරු හරි සියුම් විදියට හොරකම් කරලා තිබුනා.

ඉතින් ඒ නිසයි හෝසොක් මේ මහ රෑ දහයට එයාගේ සුඛෝපබෝගි කොන්ඩෝ එකේ සුවපහසු සෝෆා එකකට වෙලා එයාගේ ආදරණීය යූනා එනකම් බලාගෙන ඉන්නේ...යූනාගේ අවංක අකලංක නිකැළැල් ආදරයට හිමි තෑග්ග දෙන්න බලාගෙන....

පුරුදු විදියටම හෝසොක් වටේ හිටපු බොඩිගාඩ්ස්ලා ටිකව එලියෙන් තියපු නම්ජූන් හෝසොක් ඉස්සරහින් වාඩි වුනේ හෝසොක් එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන.

" හෝබ්..බොස් ඔයා හොදින්ද? "

මෙච්චර වෙලා බර කල්පනාවක හිටපු හෝසොක් කල්පනාවෙන් මිදිලා නම්ජූන් දිහා බැලුවේ කකුලක් පිට කකුලක් දාගන්න ගමන්.ඒ මූන ආයෙත් කලින් වගේමයි.හැමදේම එකක් නෑර ආයෙත් මතක් වුනු නිසාම හෝසොක්ගේ මූන තිබුනේ තරහින් රතු වෙලා.එයාගේ මූන දැකපු ගමන් නම්ජූන් බිම බලාගත්තේ ඒ ගිනි පිටවෙන ඇස් දිහා බලාගෙන ඉන්න බැරි කමට.

" මං හොදින් නෙමෙයි නම්ජුන්..That fu#king bitch cheated on me...!!! මං කොහොමද හොදින් වෙන්නේ...?? ZERO එකේ වටිනම තොරතුරු ඒ ගෑනි හොරකම් කරලා ඒ ගැනීගේ හොර මිනිහට දුන්නම මං කොහොමද නම්ජූන් හොදින් වෙන්නේ..තමුන්ට මං හොදින් වගේ පේනවද...???? "

" ස්..සොරි බොස්..! "

හෝසොක් කියන්න ආපු දේ නවත්තගත්තේ ඒ ගමන්ම ඇහුනු දොරේ බෙල් එකේ සද්දේ නිසා..හෝසොක් කට කොනින් හිනා වෙන ගමන් ඒ ගිනි පිටවෙන ඇස් වලින් ඉස්සරහ දොර දිහා බැලුවේ  ඒ කේන්තිය බොහොම අමාරුවෙන් පාලනය කරගෙන.දොර දිහා බලාගෙනම හෝසොක් නම්ජූන්ට කතා කලා..

" නම්ජූන් ගිහින් දොර ඇරලා යූනාව ඇතුලට එවන්න.තමුන් එලියෙන් දොර ගාවට වෙලා ඉන්න.කාටවත් ඇතුලට එන්න දෙන්න එපා..මට තියනවා මගේ ලව්ලි ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ලොකු ගනුදෙනුවක් බේරගන්න.."

ඒක කියපු ගමන්ම නම්ජූන් එලියට යද්දි හෝසොක් තමන්ගේ උඩට පීරපු කලු පාට කොන්ඩේ අතරින් දකුනු අත යැව්වේ අනිත් අතින් ඇදන් හිටපු ශර්ට් එකේ උඩම බට්න් තුන ගලවන ගමන් යූනාගේ අවසන් විනාඩි කීපය අමතක නොවෙන මොහොතක් කරන්න හිතමින්..

" මයි බේබී....................."

දොර තියෙන දිහා බලපු හෝබිගේ මූනට ආයෙමත් අර පුරුදු සමච්චල් හිනාව ආවේ නැලවි නැලවි තමන් දිහාට එන කෙල්ලව දැකලා..

රතු පාට කොට ටයිට් ගවුමක් ඇදගෙන පැද්දි පැද්දි හෝසොක් ලගට ආපු කෙල්ල එකපාරටම හෝසොක්ගෙ උකුලින් වාඩි වුනේ බාගෙට පියවුනු ඇස්වලින් හෝසොක් දිහා බලන ගමන්..ඒ දිග නියපොත්තකින් හෝසොක්ගේ එහා මෙහා වෙලා තිබුනු ශර්ට් එකෙන් මතු වුනු නිරුවත් පපුවේ රටා අදින්න ගත්තු යූනාගේ ඒ ඇස් ඊගාවට යොමු වුනෙ හෝසොක්ගේ තොල්වලට..යූනා හිමින් හිමින් ඒ තොල්වලට ලංවෙද්දි හෝසොක්ගේ මූණේ තිබුනු සමච්චල් හිනාව නැති වෙලා ගිහින් ඒ මූන තරහින් පිරෙන්න ගියේ තප්පරයයි..කෙල්ලගෙ තොල් හෝසොක්ගේ තොල්වල ගැවෙන්න ඔන්න මෙන්න තියෙද්දි කෙල්ලගේ මූන ඒ අතින් අල්ලගත්තු හෝසොක් යූනා දිහා බැලුවේ ගිනි පිටවෙන ඇස්වලින්..යූනා හිටියේ මොකුත් හිතාගන්න බැරිව ගල්වෙලා වගේ.මොකද වෙනදට කවදාවත් හෝසොක් කිසිම දෙයක් පටන් ගන්නත් කලින් නවත්තල නෑ..ඒත් යූනාගෙ ඇස් බයෙන් ලොකු වුනේ ඊගවට තරහින් ගිනි ගන්න හෝසොක්ගේ කටින් පිටවුනු වචන එක්ක..

" මිස් චෝයි යූනා..මිස්ටර් පාක් සන්හූන්ව කිස් කරපු ඔය තොල්වලින් මේ ජන්ග් හෝසොක්ව කිස් කරන්න හිතන්නවත් එපා.."

____________________________________
(1765 Words)
23/08/2021

Thank you for reading..

ඔන්න පළවෙනි කොටස.😁
වැරදි අඩුපාඩු තියනවානම් කියාගෙන යන්න...❤❤
ඔයාලාගේ අදහසුත් කියන්න....❤

                           

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top