පෙරවදන


"ටේ බෙයා "

මන්දිරයේ උද්‍යානයට වී සිටි කඩවසම් හා හුරතල් බවින් යුක්ත තරුණයෙක් පිටුපස හැරුනේ ඔහුගේ කන වැකුනු ආදරණීය ආමන්ත්‍රණය නිසාවෙනි...

"හියුන්ගි "

මල් පැල වලට සාත්තු කරමින් සිටි ඔහු එය මග නතර කර තම සහෝදරයා අසලට දිව ගියේ සිනහමුසු මුහුණෙනි..

"බෙයා , මොකෝ මේ තනියම..කෝ ඔයාගෙ ප්‍රේම කුමාරයා.."

ජිමින් ඇසුවේ සිනහවක් සමග වුවද එය ඇසූ ටේහියුන්ග් අහක බලාගත්තෙ මුහුනත් නරක් කර ගනිමිනි..

" ඕ... මට පේන්නෙ අද ත් රණ්ඩුවක් වගේ..අනේ මන්දා හැබැයි අර කොල්ලා පව් බෙයා.."

"මොකද්ද හියුන්ගි පව් කියන්නෙ..එයා නෙමෙ පව් මම..අර කම්පැනි එකේ ඉන්න පගර නැට්ටි කොයි වෙලාවෙ බැලුවත් Jk ගෙ වටේ කැරකෙනවා..මෙයාට බැයිද ඒකිව බැනලා එලෝ ගන්න..කොහෙද ඉතින් එයත් හොදට තියාගෙන නලෝනවනෙ..කතා කරන්නෙ ම නෑ මන් අද.."

ටේ තම දෙඅත් පපුවට බැදගෙන අහක බලාගත්ත්තෙ යටි තොලත් පිටපෙරලමිනි..ජිමින් යමක් කීමට ගියද ටේගේ පිටුපසින් සෙමෙන් සෙමෙන් අඩිය තියමින් ටේ අසලට පැමිණෙන ටේගෙ ආදරවන්තයා දැකි ඔහුගේ මුවේ සිනහවක් ඇදුනා.. පිටු පසින් පැමිණෙන පුද්ගලයා තම තොල් මත දබර ඇගිල්ල තබා පැවසුවේ ටේ හට එය නොපවසන ලෙසයි..

"හියුන්ගි..උයා මටද හිනා වෙල්ලෙ.."

ටේ කට ඇද කරගනිමින් ඇසුවේ ජිමින් තනියම සිනාසෙනු දැකි නිසයි..

""ආහ්..නෑ බෙයා...මට මේ වෙන දෙයක් මතක් උනා..."

"ඔහ්..ඔහ්..ආව් ආව්...හියුන්ගිව මතක් උනාද..."

"ආහ්..ටේ..ඔව් ඔව් එයා තමා.."

ටේ හට කිසිවක් පැවසීමට ඉඩ නොදී ජිමින් ටේට පිටුපස බලන ලෙස ඇසින් ඉගි කරද්දි ටේගේ මුහුණේ ප්‍රශ්නාර්ථ බැල්මක් ඇති උනා.නැවතත් ජිමින් තම ඇසින් ඉගි කරද්දී ටේ ජිමින් වරක් බලා පිටුපස හැරුනේ ඔහුගේ මුව විසල් වෙද්දී...

"බනී "

ජන්කූක් තම වමතින් රතු රෝසමලක් ටේ දෙසට දික් කරන් සිටි අතර ටේ සිනහී සී එය තම අතට ගන්න ගියද ජන්කූක් එය පිටුපසට ගෙන නැගිට තම දකුණතේ වූ රෝස මල් පෙති ටේහියුන්ග් ගේ හිසට උඩින් දැම්මේ ටේහියුන්ග් රෝස පෙති වැස්සකින් නැහැවී යද්දී... ජන්කූක් ටේහියුන්ග් ගේ අත අල්වා ඔහුව වට දෙකක් කැරැක වූ අතර අවසානයේ ටේ ජන්කූක්ගෙ පපුවෙහි වැදුනා..

ජිමින් මේ දෙදෙනා දෙස බලා සිටියේ ආදරය උතුරන දෑසකින්..ඔවුන් තමා ජිමින් දැකපු හොදම ආදරවන්‍තයෝ දෙන්නා..ජිමින්ගෙ ඇස් වලට කදුලු ක් ආවද ඔහු එය පිස දමා සෙමෙන් එයින් නික්ම වූයේ ය...

"ම්ම්...මගෙ බෙයා තාම තරහදෝඕඕඕඕඕඕඕඕඕඕ ඔයාගෙ බනී එක්ක.."

ජන්කූක් ටේහියුන්ග් ගේ කලවා යටින් අත දමා ඔහුව ඔසවා ගත්තේ ටේහියුන්ග් ද ජන්කූක්ගෙ බද වටා කකුල් පටලවාගෙන ගෙල වටා තම අත් පටලවද්දී...

"ඕ..තලායි..😏"

"අනේ..බෙයාට පුලුවන්ද බනී එක්ක තරහ වෙලා ඉන්න මන් අහන්නෙ.."

"ඕ පුලුවන්.."

"ඕ...එහෙනම් මට පේන්නෙ බෙයාට ගෙනාපු චොකලට් එක මට ටැනීට දෙන්න පුලුවන්..බෙයා දැන් බනී එක්ක තරා වෙලානේ.."

"ඈ..මේ බනී..මේ මේ.. මගෙ චොකලට් එක..ඒක.. ටැනීට දෙල්ල.. එපා.. මන්.. මේ උයා එක්ක යාලුයි..හරිද... හැබැයි අදට විතරයි හලිද..😁😙"

"මගෙ හොර කොටි පැටියා.."

ජන්කූක් ටේහියුන්ග් ගෙ රෝස පාට කම්මුලක් මිරිකමින් පැවසුවේ ටේ ඔහුගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කරද්දි..

" බෙයා..."

"මුම්.."

" ආදරෙයි ද "

" ඕ "

"කොච්චරක්ද "

" මගේ ස්ටෝව්බෙරි සොකලට් එකටත් වඩා ආදලෙයි "

" ඔය ඇත්තමද "

"ඔව් අලේ "

" මාත් ආදරෙයි "

ජන්කූක් තම නලල ටේගෙ නලල මත තබා ගනිමින් ඔහුගේ දෑස් දෙක බලා සිටියා..ඔවුන් දෙදෙනාගේම දෑස් වල එකිනෙකා වෙනුවෙන් ආදරය ඉතිරුවා..අතීතය කුමක් වුවත් දැන් ඔවුන් සතුටින්...

ඉතින් ,

අපි බලමු... මේ ආදරවන්තයන්ගෙන් අතීත කතාව මොන වගේද කියලා...

..................................................................................
..........................................

~නොදැනුනිද නුඹට
මගේ සෙනෙහේ
කියන්නකෝ මට
මගෙ හා පැටියො~

~නුඹගෙන් වැටෙන
හැම කදුලක්ම
ගෙනාවේ මට
වේදනාවක්ය....

~ආදරෙන් අපෙ
දෙඅත් පටලන්
ආසයි ඇවිදින්න
හැමතැනම.....

~වැස්ස දවසක
තෙමි තෙමි මට
ඔය උනුහුමට
ගුලිවෙන්නට....

~නැද්ද වරමක්
කියන්නකො මට
කදුලු ගලනවා
හුගක් අද ......

°•~නම් නොලත් ඒ හැගුම , මුලි හිතම වෙලද්දිත්...
_ඉන්නවා_බලාගෙන_මේ මම_
•_නිහඩව_•
°_නිසලව_°

°~මහ ගොඩක් ආදරෙයි මන් මගෙ බනීට.....

හමුවෙමු එහෙනම් ,

ඒ අන්සතු වුන ආදරය තමන් සතු කරගත්තු හැටි කියන ඒ අතීත කතාවත් සමග..

මේ...

💞 FoREign LoVE 🌍

Rowdy_Bby...🌍💞

Bạn đang đọc truyện trên: AzTruyen.Top