Prologue

( කෙනෙක් කිව්වා මේක Forbidden Love | season 2 වගේ කියලා...🥺 ඔයත් Forbidden Lover කෙනෙක්නම් බලන්නකො ඇත්තටම එහෙම හිතන් කියවද්දි මාර emotional ගතියක් එනවා...🥺 )

__________________________________________________





ඇත්තටම ඒක හරි ලේසි ප්‍රශ්නයක්.

"අවුරුදු විසිපහක් කියන්නේ කොච්චර ලොකු කාලයක්ද කියලා ඔයා දන්නවද...?"

තාත්තා මගෙන් ඇහුවේ ළගම තිබුනු කැරවෑන් ශොප් එකෙන් උණුම උණු කෝපි තුනකුත් අරන් ගිහින් මං එයාගේ ගාවින් වාඩි වෙද්දි.

එක කෝප්පයක් එයාට දීපු මං ඉතුරු කෝප්ප දෙක අපි හිටපු බන්කුවේ පැත්තකින් තිබ්බේ ටිකක් නිමෙන්න..අපි තුන් දෙනාගෙන් උණුවෙන් දෙයක් බොන්න පුලුවන් කෙනෙක්ට හිටියේ තාත්තා විතරයි.

"ම්ම්ම්....ඒක නිකන් අපි වඩාගෙන හුරතල් කරපු බබෙක් එයාගේ ම බබෙක්ව වඩාගෙන අපි ඉස්සරහට එනවා වගේ වෙනස්කම් වෙන්න පුලුවන් තරමේ දිග කාලයක්....!"

මං කියද්දි මෙච්චර වෙලා අපිට ඉස්සරහ පාර දිගේ ඇවිදගෙන යන මිනිස්සු දිහා ඔහේ බලාගෙන උන්නු තාත්තා මං දිහාට හැරුනේ හිනා වෙවී.මගේ මූණෙත් හිනාවක් ඇදුනේ ඉබේටම.

වයසට ගියාට එයාගේ හිනාව නම් තාමත් හරි තරුණයි.මට එහෙම හිතුනේ අපිට ටිකක් එහායින් බන්කුවක වාඩි වෙලා හිටපු තරුණ පහේ ගෑණු කෙනෙක් තාත්තා දිහා බලනවා දැකලා.

"මං බලාපොරොත්තු වුණු උත්තරේනම් ඒක නෙමෙයි....ඒත් හොද ප්‍රති උත්තරයක්..නියම උදාහරණයක්...!"

තාත්තා කිව්වේ මගේ ඔලුවට ආදරෙන් තට්ටුවක් දාන ගමන්..තාත්තා ආයෙමත් ඉස්සරහ බැලුවේ ඒ හිනාවෙන්මයි.

"ඒත් ඇයි ඔයා මගෙන් එහෙම ඇහුවේ තාත්තා...?"

මං ඇහුවේ එයාගේ උරහිසින් ඔලුව තියාගන්න ගමන්.එයා ඇදගෙන හිටපු දුඹුරු පාට කෝට් එකේ කොලර් එක සුදුපාට කලුපාට බූල් ගොඩකින් පිරිලායි තිබුනේ.ඒවා තිබුනේ එයාට සීතල දැනෙනවට..ඒ උනාට එයා ආසම අපි එයාට තුරුල් වෙනවට.එතකොටලු එයාට සීතල දැනෙන්නේ නැත්තේ.

"ඔයා හිතනවද මං ඒක ඇහුවේ මොකක් හරි හේතුවක් ඇතුව කියලා...?"

උත්තරක් දෙනවා වෙනුවට එයා මට ආයෙමත් දුන්නේ ප්‍රශ්නයක්මයි.

"හේතුවක් නැත්නම් ඔයා අද එයාව මෙතෙන්ට එක්කගෙන එන්නේ නෑ කියලා එයා දන්නවා සියෝකී....!"

එකපාරටම අපේ පිටිපස්සෙන් කටහඩක් එහෙම කියද්දි අපි දෙන්නම පිටිපස්ස හැරිලා බැලුවේ අපිට එහායින් මල් පොකුරකුත් අතේ තියාගෙන බලන් ඉන්න කෙනා දිහා...

"පපා....!!!"

මං කෑ ගහගෙනම නැගිටලා එයාගේ ඇගේ එල්ලුනේ එයා හිනා වෙවීම මාව තුරුල් කරගද්දි.

තාත්තා අපි දිහා බලාගෙන හිටියේ හරිම ආදරෙන්.එයාගේ තොල්වල තිබුනු හිනාව කියන්න බැරි තරම් ලස්සනයි.අනේ මන්දා ඒ හිනාව දකින වතාවක් ගානේ ඉබේටම අපේ මූණෙත් හිනාවක් ඇදෙන්නේ කොහොමද කියලා.

"අයි මිස්ඩ් යූ පපා...!!"

මං කොදුරද්දි පපා මං දිහා බැලුවේ ඇහිබැමකුත් උස්සන ගමන්.

"බබී අඩුම තරමේ මං මෙතනින් ගිහින් විනාඩි දහයක්වත් වුණේ නෑ...මං ගියේ මේ මල් බොකේ එක අරන් එන්න.."

පපා කිව්වේ මාව තුරුල් කරගෙනම බන්කුව ඉස්සරහට එන ගමන්.තාත්තා බන්කුව උඩ තිබුනු කොෆී දෙක අතට අරන් අපිට වාඩි වෙන්න ඉඩ හදලා දෙද්දි මං එයාලාගේ මැදින් වාඩි වුණේ පපාව මගේ අනිත් පැත්තෙන් වාඩිකරගන්න ගමන්.

"බට් ස්ටිල් අයි මිස්ඩ් යූ...!"

ඒ දෙන්නගේ හිනාව....මං ආදරේම ඒකට.

අපි ටික වෙලාවක් එහෙම ම හිටියේ ඒ ආදරේ උපරිමේටම විදින ගමන්.

"පපා...?"

"ම්ම්ම්ම්...?"

"ඇයි මේ මල්...?"

මං ඇහුවේ පපාගේ උකුලේ තියෙන මල් පොකුර දිහා බලන ගමන්.ඒක පිරිලා තිබුනේ සුදුපාට රෝසමල්වලින්.ඒ අතරින් පතර තිබුනා නිල්පාට බේබිස් බ්‍රීත් මල් ඉති කීපයක්ම..දම්පාටට හුරු නිල්පාට කොළයකින් ඔතලා තිබුණු ඒ මල් පොකුර ගැටගහලා තිබුනේ රිදීපාට රිබන් පටියකින්.

තාත්තායි පපායි මූණට මූණ බලාගත්තේ ඇස්වලින් මොනවා හරි කතා කරගන්නවා වගේ.

"ඒක තෑග්ගක්..."

පපා කිව්වේ යන්තමින් හිනා වෙන ගමන්.

"තෑග්ගක්...? ඒත් කාටද..?"

මං ඇහුවේ කුතුහලයෙන්.මට ඒකට උත්තරය ලැබුනේ තාත්තාගෙන්.

"අවුරුදු විසිපහකට කලින් අපිට මග ඇරුණු කෙනෙක්ට.."

"සියෝකී...."

පපා තාත්තා දිහා බැලුවේ වේදනාත්මක බැල්මකින්.

"අපි එයාව ආයේ කොරියාවට එක්කගෙන ආවේ එයාට මේ හැමදේම කියනවා කියලා තීරණය කරගෙන නේද නිකෝ....ඉතින් ඇයි තවත් අපි කල් ගන්නේ...?"

තාත්තා අහද්දි මං ඒ දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවේ එයාලා මොනවා ගැනද මේ කතා කරන්නේ කියලා.

පපා ටික වෙලාවක් තාත්තා දිහා බලන් හිටියේ එයාගේ මූණේ තියන විශ්වාසය ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්ද බලනවා වගෙ.අන්තිමට තාත්තාට එකග වුණු පපා හිස ඉහළ පහළ කරලා තාත්තාට අවසර දෙද්දි අපේ අතේ තිබුනු හිස් කෝපි කෝප්ප ටික කුණු කූඩෙකට විසිකරපු එයා මගේ ඉස්සරහින් හිටගත්තේ පපා මගේ අත් දෙකින් අල්ලගනිද්දි.

තාත්තා මගේ ඉස්සරහ ඇවිත් බිමින් දණගහගත්තේ පපාගේ අතයි මගේ අත් දෙකයි තුනම එයාගේ උණුහුම් විශාල දෑත්වලට මැදි කරගන්න ගමන්.

එයාගේ දිලිසෙන ඒ ඇස් අස්සේ මං දැක්කේ අවුරුදු ගානක් පුරා මං වෙනුවෙන් උතුරපු ඒ ආදරේමයි.

"ඔයා මුල ඉදන්ම දන්නවනේ පපායි මායි ඔයාගේ බයොලොජිකල් පේරන්ට්ස්ලා නෙමෙයි කියලා...."

තාත්තා කියද්දි මං එයා දිහා බැලුවේ ඇහිබැමක් උස්සන ගමන්.පපාගෙන් ආපු පුරුදු....

"නෑ මං හිතාගෙන හිටියේ මිස්ටර් ජන්ග් හෝසෝක්ට දාව මිස්ටර් මින් යූන්ගීගේ කුසින් ඉපදුනු අරුම පුදුම ගැහැණු දැරිවි මං කියලා...!!"

මං ඇදලා තාලෙට කියද්දි පපාගේ මූණ ඇඹුල් වුණෙ මං බලාගෙන ඉද්දි.

"යාහ් මෝඩී....පිස්සු හැදීගෙන එනවද...?!!"

පපා කෑ ගහද්දි තාත්තා හයියෙන් හිනා වුණේ මං දිහා බලලා ඇහැක් ගහන ගමන්.එයාලත් එක්කම හිනා වුණු මං ආයෙමත් එයාලා දිහා බැලුවේ මේ පිස්සු ඩබල එක්ක මං අවුරුදු දහ අටක් කොහොම ජීවත් වුණද කියලා හිතන ගමන්.

"මං ඒ හැමදේම දන්නවා තාත්තා...ඔයාලා මට ඒ හැමදේම කියලා තියනවා..."

මං කිව්වේ එයාලා දිහා බලලා හිනා වෙන ගමන්.

මං එයාලගේ ලේ නෙමෙයි කියලා මං දන්නවා..එයාලා ඒක කවදාවත් මගෙන් හැන්ගුවේ නෑ.මං එයාලා ගාවට ආවේ අවුරුදු දෙකේදි.යමක් කමක් තේරෙන වයසෙදි එයාලා මට කියලා දුන්නා මං දැනගෙන ඉන්න ඕනි හැමදේම..එයාලගේම ළමෙක්ට වගේ තමයි එයාලා මට සැලකුවේ..සමහරවිට ඊටත් වඩා..මේ ලෝකේම පුරවලත් ත්වත් ඉතුරු වෙන්න තරමේ මහ පරිමානෙක ආදරයක් එයාලා මට දුන්නා මං එයාලා ගාව හිටපු අවුරුදු දහ අටට.

"ඒත් අපි ඔයාට ඔයාගේ ඇත්තම දෙමාපියෝ ගැන කියලා නෑ සේහී...."

පපා කිව්වේ මගේ ඇස් දිහාම බලාගෙන.

"ඒත් මං දන්නවානේ එයාලා ගැන...මං ජියෝන් සේහි..ජියෝන් ජන්කුක්ගෙයි ජියෝන් නාරාගෙයි එකම දුව..."

ඔව් ඒ මං..ජියෝන් සේහී..

මං දන්නවා කවුද මගේ ඇත්තම දෙමව්පියෝ කියලා.තාත්තායි පපායි කවදාවත් මගේ ඇත්ත නම වෙනස් කරන්න හැදුවේ නෑ.එයාලාට ඒක ඒ විදිහටම තියන්න ඕනි වුණා.අනික මට මගේ ඇත්තම දෙමාපියෝ කවුද කියලත් කිව්වෙත් තාත්තාම තමයි.ඉතින් ඇයි මේ එයාලා මං ඒක දන්නේ නෑ වගේ හැසිරෙන්නේ.

"නෑ බබී..ඔයා දන්නේ එයාලා කවුද කියලා විතරයි.."

"මං දන්නවා එයාලට මොකද වුණේ කියලා.."

මං කිව්වේ වෙන දිහාවක් බලන්න උත්සාහ කරන ගමන්.ඒත් තාත්තා එයාගේ එක අතක් මගේ නිකට යටින් තියලා මගේ ඇස් එයාගේ පැත්තට හරවගත්තේ ඒ ඇස් මග අරින එක මට අමාරු කරලා.

"ඒත් ඔයා එයාලගේ කතාව දන්නේ නෑ..."

තාත්තා කියද්දි මං බැලුවේ පපා දිහා...රෑ වුණත් විදුලි පහන් එළියෙන් ඒ ඇස් දිලිසුනේ ඇයි කියලා තේරුම් ගන්න මට බැරි වුණේ නෑ.

එයාගේ ඇස්වල කදුලු.

"පපා...?"

"අවුරුදු දහ අටකට පස්සේ අපි ඔයාව මෙහෙට එක්කගෙන ආවේ ඒ හැම දෙයක්ම ඔයාට කියන්නයි සේහී....."

පපා කදුලු අතරින් කියද්දි මං පපාව බදාගත්තෙ තාත්තාගේ අතත් මගේ පපුවට තුරුල් කරගන්න ගමන්.

"ඒත් මේ පාක් එකකට...ඇයි ඔයාලා මාව මේ දේගුවල පාක් එකකට එක්කගෙන ආවේ...ඔයාලට ගෙදරදිම මට ඒ කතාව කියන්න තිබුනනේ තාත්තා..."

මං ඇහුවෙ පපාට තව තවත් තුරුල් වෙන ගමන්.

"මේ කතාව කියන්න මෙතන තරම් ගැලපෙන වෙන තැනක් කොහේවත් නෑ බබී.."

පපා කිව්වේ මගේ නලලින් හාදුවක් තියන ගමන්.

"ඇයි..ඇයි ඒ...?"

"මොකද මෙතන තමයි ඒ හැමදෙයක්ම පටන් ගත්තේ..."

තාත්තා මගේ කම්මුලක් මතින් අත තිබ්බේ වේදනාවෙන් හිනාවෙන ගමන්.මං දන්නවා හේතුව මොකක්ද කියලා මං නොදන්නවා වුණත් එයා වේදනාවෙන් හිටියේ..එයාගේ හිහාව අස්සේ එයා හන්ගන්න උත්සාහ කරපු ඒ හැගීම අදුරගන්න මටන්පුලුවන්.මොකද මමයි එයාගේ දරුවා..එකම ලේ වුනත් නැතත්...මමයි එයාලගෙ තුරුලේ ලොකු වුණු එකම දරුවා...

"මගේ ඇත්ත අම්මාගෙයි තාත්තාගෙයි කතාවද...ජන්කුක්ගෙයි නාරාගෙයි....?"

මං ඇහුවේ ඒ නම් දෙක කියද්දි දැනෙන නුහුරු ගතිය ගනන් නොගෙන.

"නෑ...."

තාත්තා කිව්වේ මගේ ඇස් දිහා කෙලින් බලන ගමන්.

"දේගුවල හිටපු ප්‍රසිද්ධම ටැටූ ආටිස්ට් ජියෝන් ජන්කුක්ගෙයි, දේගුවල ජනප්‍රියම කටහඩ වුණු කිම් තේයෝන්ගෙයි කතාව...."

ජීවිතේ සමහර තැන් තියනවා අපි හිතනවා ඇයි දෛවය මේ තරම් නපුරු කියලා...ඒත් මට විශ්වාසයි....එදා මගේ තාත්තායි පපායි මට කියපු මේ කතාව ඇහුවම ඔයාලට හිතෙයි දෛවය අපිට මොනවද කරලා තියෙන්නේ කියලා.

මොකද ඒ කතාව පිරිලා තිබුනෙම කදුලුවලින්.

ඔව් අවුරුදු විසි පහක් කියන්නේ ලොකු කාලයක්.මං හිතාගෙන හිටියේ කාලය ගත වෙද්දි හැමදේම වෙනස් වෙනවා කියලා..ඒත් මං වැරදියි....වෙනස් වෙන දේවල් වගේම...මොන තරම් කාලයක් ගියත් යන්තමින්වත් වෙනස් නොවෙන දේවලුත් මේ ලෝකේ තියනවා...

මට ඒක හරියටම තේරුනේ එදා..

ඔයාලටත් ඒක තේරෙයි..මේක කියෙව්වට පස්සේ..

ආ පපා ගෙනාපු අර මල් බොකේ එක..ඒ ගැනත් මං කියන්නම් කතාව අවසානෙදි..

ඉතින් එන්න අපි කියවමු...මේ තමයි එයාලගේ කතාව....



__________________________________________________

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top