Prologue

හැමදමත් පායන ඉර එදත් හරි ලස්සනට පායලා තිබුනා..ඇත්තටම ඒක හරි ලස්සන දවසක්.සීත ඍතුව ඉවරවීගෙන යමින් තිබුනත් තවමත් හමන සුලගේ තියෙන්නෙ ඇග හිරිවැටෙන සීතලක්...

ඒත් කාර්‍යබහුල ගුවන් තොටුපොළේ එහා මෙහා යන මිනිස්සු අතරේ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිව හිටපු කීපදෙනාට නම් සීතලක් නොදැනුනු තරම්..
හමුවීම් වෙන්වීම් දහසක් සිද්ද වුනු,සිද්ද වෙන ගුවන් තොටුපලේ තප්පරෙන් තප්පරේ තවත් වෙන්වීමකට ඔවුන් සූදනම් උනේ දරාගන්න බැරි දුකකින්...

මුලු ලෝකෙම සතුටින් පුරවන්න තරම් ලස්සන හිනාවක් තිබුනු තමන්ගේ හොදම යාලුවාගේ දැන් හැගීම් විරහිත මූණ දිහා ඒ හැමෝම බලාගෙන හිටියේ කියාගන්න බැරි දුකක් හිතේ තදකරගෙන...

කොච්චර අකමැති උනත් සමුදෙන්න වෙන බව දන්න නිසාම ජින් එකපාරටම තමන්ගේ ඉස්සරහ හිටපු තරුණයව වැලදගත්තා..

"ආයෙමත් හිතන්න හෝබි..ප්ලීස්.ඔයාට විශ්වාසද ඔයාට මේක කරන්න ඕනි කියලා.."

ජින් ඇහුවේ ඇස් වලින් පනින්න දගලන කදුලු බොහොම අමාරුවෙන් දරාගෙන..අනිත් පස් දෙනත් මේ දිහා බලාගෙන හිටියේ කදුලු පිරුනු ඇස්වලින්..හෝසොක්ගේ අත් යන්තමින් ජින්ව වැලදගත්තේ අන්තිම වතාවට දැනෙන ඒ සහෝදර උණුසුම විදින්නයි.

"ඔව් හ්‍යුන්ග්..මගේ තීරණය කිසිම වෙනසක් නෑ.."

හෝබි සිහින් හඩින් මිමිනුවා..

ජින් හිමීට ඔලුව ඉහල පහල වැනුවේ මොන දේ කලත් මේ සමුගැනීම ස්ථිරයි කියලා තේරුනු නිසයි.ඒත් ඒ ඇත්ත පිලිගන්න එක ටිකක් නෙමෙයි ගොඩාක් අමාරු උනා.
මෙච්චර වෙලා හැමදේම බොහොම අමාරුවෙන් දරාගෙන හිටපු ජිමින් එකපාරටම අඩාගෙන ඇවිත් හෝසොක්ව බදාගත්තේ අහල පහල හිටපු මිනිස්සු එකපාරට අඩන්න ගත්තු තමන් දිහා බලපු බැල්ම ගැන ගානක්වත් නැතුවයි..

"ඇයි හෝබි හ්‍යුන්ග්..ඇයී...?ඔයා කොහොමද මෙහෙම කරන්නේ..ඔයා කොහොමද යන්නේ...ඔ..ඔයා..ඔයා ගියාම මං..මං මොකද්ද කරන්නෙ.ඔයා නැතිව මට මොකුත්ම කරගන්න බෑ හ්‍යුන්ග්..මං කා එක්කද..කා එක්කද මං රන්ඩු කරන්නේ..ක..කවුද මට විහිලු කරන්නේ..ඔයා නැතුව අපි කොහොමද ඉස්සර වගේ හිනාවෙලා ඉන්නේ හ්‍යුන්ග්..ඔයාට බෑ මෙහෙම අපිව දාලා යන්න..ඔ..ඔයාට බෑ......."

ජිමින් හෝබිට යන්න බැරි වෙන්න වගේ තදින් එයාව බදාගන්න ගමන් එක හුස්මට කියාගෙන ගියේ ඇස්වලින් කදුලු පේලියට ගලාගෙන යද්දි..
හෝසොක්ගේ ඇස්වලින් එක කදුලක්වත් ගැලුවේ නෑ..ඒත් ඒ ඇස්වල තියන වේදනාව කොච්චරක්ද කියලා කාටවත් අමුතුවෙන් කියන්න ඕනි උනෙ නෑ..ජිමින්ව ආපිට වැලදගත්තු හෝසොක්ගේ කටින් පිට උනෙ එක දෙයයි..

"පරිස්සමින් ඉන්න ජිමින්..."

එහෙම කියලා තමන්ව තදින් බදාගෙන ඉන්න ජිමින්ව ටිකින් ටික හෝසොක් තමන්ගෙන් ඈත් කලේ බොහොම අමාරුවෙන් මූනට මවාගත්තු සිහින් හිනාවකින් කට්ටියම දිහා බලන ගමන්..ජිමින් ආයෙමත් ජින්ට වාරු වෙලා අඩද්දි තේයොන් හෝසොක් ලගට ආවේ ඇස්වල කොච්චර වේදනාවක් තිබ්බත් ලස්සන හිනාවකින් හෝබි දිහා බලන ගමන්..

"ඔයාව නවත්තන්න දැං අපිට නෙමෙයි කාටවත්ම බෑ කියලා මං දන්නවා හ්‍යුන්ග්..ඒ නිසා මං ඔයාට නවතින්න කියන්නේ නෑ.ඔයා යන්න හ්‍යුන්ග්.ඒත් අපි හය දෙනා ඕනි වෙලාවක ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා මතක තියාගන්න..පොඩි කොල්ලෝ කාලේ ඉදන් එකටම ඉදලා පිස්සු නටපු,එකටම ලොකු උනු අපි එක පවුලක් හ්‍යුන්ග්..මේ පවුලේ ඔයාගේ ඉඩ හැමදාමත් එහෙමම තියේවි..යන තැනක සතුටින් හොදින් ඉන්න...අපේ පුංචි මැනිකව හොදට බලාගන්න.අපි එයාට ගොඩාක් ආදරෙයි කියලා එයාට කියන්න හෝබි හ්‍යුන්ග්..ඒ වගේම අපි ඔයාටත් ආදරෙයි.පුලුවන්නම් අපේ පරන හෝබි හ්‍යුන්ග්ව අපිට ආයෙත් ගෙනත් දෙන්න.."

තේයොන් එහෙම කියලා හෝසෝක්ව වැලදගතත්තේ එයාගේ අන්තිම ඉල්ලීමට ලැබෙන උත්තරේ මොකද්ද කියලා හොදටම දැනගෙනයි..

"ඒ හෝබි හ්‍යුන්ග් ආයෙමත් කවදාවත් එන්නේ නෑ තේයොන්ග්..එයා දැනටමත් මැරිලා ඉවරයී.."

එහෙම කියලා තේයොන්ග්ට සමුදුන්නු හෝසොක් මොකුත් නොකියා හිටපු ජන්කුක්වයි යූන්ගිවයි වැලදගත්තේ කවදාවත් හැගීමක් නොපෙන්වන ඒ මූනු දෙකේ අද තමන් නිසා ගලලා තියෙන කදුලු දිහා බලන් " ඔය මූණු දෙකට කදුලු ගැලපෙන්නේ නෑ" කියලා කියන ගමන්මයි.

ඒත් වෙනදා වගේ හෝබිගේ වචනවලට කාටවත් හිනා ගියෙ නෑ.

"ඒ වගේම ඔය මූණට කදුලු ගැලපෙන්නෙත් නෑ හෝබා.."

නම්ජූන්ගේ ඒ වචන හෝසොක්ව තප්පරේකට ගල් කලා.ඒත් හෝසොක් වේදනාත්මක හිනාවකින් සංග්‍රහ කරන ගමන් මොකුත්ම නොකියා නම්ජූන්ව වැලදගත්තා..
අවුරුදු ගානක් එකටම හිටපු හොදම යාලුවට සමුදෙන්නෙ කොහොමද කියලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැනගෙන හිටියෙ නෑ...

සමුගැනීම් වේදනාත්මකයි තමයි.ඒත් අපේ හදවතට ලග අය අපෙන් සමුගනිද්දි දැනෙන වේදනාව සාමන්‍ය සමුගැනීමකට වඩා දරුනුයි...ඒ වගේම ආයෙ කවදා හමුවෙයිද කියලාවත් නොදැන කෙරෙන සමුගැනීම් ඒ හැමදේටම වඩා දුකයි.
ඔව්..හෝසොක් යන්නේ කොහේටද කියලා අඩුම තරමේ හොදම යාලුවා වුනු නම්ජූන්වත් දැනගෙන හිටියේ නෑ.දරාගන්න බැරි තරම් දුක් කන්දක් අවුරුදු දෙකක් තිස්සේ කාටවත් නොකියා හෝසොක් නිහඩවම විදගත්තතා කියලා යාලුවෝ හයදෙනා දැනගත්තේ හැමදේම උනාට පස්සෙයි.හැමෝවම හිනස්සපු හැමෝවම සතුටින් තියපු එයාලගේ හෝබි එයාගේ ලස්සන හිනාවෙන් හන්ගගෙන හිටපු වේදනාව කොච්චරක්ද කියලා හැමෝම දැනගනිද්දි පරක්කු වැඩියි...හැමදේම හරියයි කියලා තිබුනු පුංචි විශ්වාසෙත් ඇස් ඉස්සරහම විනාශ වෙලා යද්දි හෝසොක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඉවරයි...එයාලා කොච්චර උත්සහා කලත් හෝසොක් එයාගේ තීරනේ වෙනස් කලේ නෑ.බැදීම් ගැන කලකිරිලා හිටපු හෝසොක්ට එක බැදීමක් ඇරෙන්න අනිත් හැම බැදීමක්ම අතෑරලා දාන්න හිත හදාගන්න වැඩි කාලයක් ගියේ නෑ.ඉතින් අන්තිමට පවුලක් වගේ හිටපු යාලුවෝ ටික පවා අතැරලා දාලා එයාට ඉන්න එකම පවුල වුනු ජන්ග්මින් එක්ක හැමෝගෙන්ම ඈතකට යන්න හෝසොක් ගත්තු තීරනය වෙනස් කරන්න කිසිම කෙනෙක්ට පුලුවන් උනේ නෑ.එයලා කොච්චර ඇඩුවත් හෝසොක්ගේ හිත වෙනස් උනෙ නෑ.මොකද දැන් ඉන්නෙ ඉස්සට හිටපු සංවේදි හෝබි නෙමෙයි.වෙනස්ම හෝසොක් කෙනෙක්...

විනාඩි ගානක් ඒ දෙන්නා එහෙම හිටියේ වචනයක්වත් කතා නොකරයි..නම්ජූන් අවුරුදු ගානකට පස්සේ එයාගෙ වගකීම්සහගත බව පැත්තකට දාලා හෝබිව බදාගෙන ඇඩුවේ හෝබි එයාගෙ ඇස් තදින් වහගෙන ඒ කදුලු දරාගනිද්දි.

"හැමදේම අමතක කරලා සතුටින් ඉන්න බලන්න හෝබා..ප්ලීස්.ඔයා වෙනුවෙන් බැරිනම්..අඩුම තරමේ ජන්ග්මින් වෙනුවෙන් හරී.....ඔයාගේ සතුට ඔයාට අනිවාරෙන්ම ලැබෙයි..."

නම්ජූන් එහෙම කියලා හිමීට හෝසොක්ගෙන් වෙන් වුනේ හෝසොක් එක්ක ඉන්න අන්තිම විනාඩි කීපය මේ කියල දැනගෙනයි.ආයෙමත් වතාවක් හෝසොක් එයාගේ වටේ ඉන්න ආදරනීයයන් දිහා බැලුවා.තවමත් එයා දිහා බලාගෙන අඩන ජින්,ජිමින්...වේදනාත්මක මදහසකින් බලන් ඉන්න තේයොන්ග්..ඇස්වල කදුලු තද කරගෙන බලන් ඉන්න ජන්කුක් වගේම අත් මිටි මොලවගෙන ඇස් පියාගෙන වේදනාව දරාගන්න හදන යූන්ගි...ඒ වගේම කදුලු අස්සෙන් හොදම යාලුවා වෙනුවෙන් සතුට ප්‍රාර්තනා කරන නම්ජූන්..මේ හැමෝම දිහා බලපු හෝසොක් ඒ හැමෝමත් එක්ක අවසන් වතාවට හිනා උනා.කලින් වගේ නෙමෙයි..කාලෙකට පස්සෙ ඒ මූනේ ඇදුනු අවන්ක හිනාවක්.

"හැමදාම මං එක්ක හිටියට ගොඩක් ස්තූතියි ඔයාලට.ඔයාලා නැත්නම් මෙහෙම කතා කරන්නවත් හෝසොක් කෙනෙක් ඉතුරු වෙන් නෑ.මං වෙනුවෙන් හිටියට ගොඩක් තෑන්ක්ස් ජින් හ්‍යුන්ග්....යූන්ගි හ්‍යුන්ග්..නොකිව්වට ඔයා තමයි මට ඉන්න හොදම අයියා.ඒ වගේම ජන්කුක්..මගෙ පුංචි සහෝදරයා.හොද කොල්ලෙක් වගේ ඉන්න හැමදාමත් ඔහොම..ජිමින්..සමාවෙන්න ඔයාව දාලා යනවට..ඒ වගේම මගේ හිතට හයිය දෙනවට තෑන්ක්ස් තේයොන්ග්..."

එහෙම කියලා හෝසොක් හැරුනේ නම්ජූන් දිහාවට..ඒ හිනාව ඒ මූනේ තාමත් එහෙමමයි..

"ගොඩක් තෑන්ක්ස් මගේ හොදම යාලුවා උනාට නම්ජූන්...මේ ලෝකේ ඉන්න හොදම යාලුවා..මං නැති උනත්මාව අමතක කරන්න එපා.."

හෝසොක් ආයෙමත් ඒ හැමෝම දිහා බලලා හිනා උනා. ඊට පස්සේ එයා හිමීට ගියෙ මෙච්චර වෙලා එතන හිටපු වයසක නැනී ලගට.මොහොතක් ඇගේ අතේ උන්නු පුන්චි පොදිය දිහා බලන් හිටපු හෝසොක් හිමීට එයාගේ අත් දෙක ඉස්සරහට කරලා බෝලයක් වගෙ උනුසුම් රෙදිවල ඔතලා හිටපු ජන්ග්මින්ව එයාගේ අත්දෙකට ගත්තා..හෝසොක් ජන්ග්මින්ගේ මූනට හාදුවක් දෙද්දි අඩ නින්දේ උන්නු මාස දහයෙ පුංචි කිරිකැටියා ගැස්සුනෙ නින්දෙන් ඇහැරෙන්න වගෙයි..ඒත් හෝසොක් ජන්ග්මින්ව එයාගේ පපුවට තුරුල් කර ගත්තු ගමන් ජන්ග්මින් ආයෙමත් තද නින්දට වැටුනේ හෝසොක්ගෙ පපුවේ උනුසුමට තව තවත් ගුලිවෙන ගමනුයි..ලෝකේ තියෙන ලොකුම වස්තුව වගේ හෝසොක් එයාගෙ පුංචි දරුවව පපුවට තුරුල් කරගනිද්දි වටේ ඉන්න හැමෝම ඒ දිහා බලන් හිටියේ කදුලු ගලන ඇස්වලින්.

ජන්ග්මින්ව තුරුල් කරගෙන නිහඩවම හිමීට ඉදිරියට ගිය හෝසොක් හිමීට නැවතිලා ආයෙමත් හැරිලා අවසන් වතාවට එයාගෙ යාලුවෝ දිහා බැලුවේ බොද වුනු ඇස්වලින්..

ක්..ක..කවදහරි...කවදහරි දවසක..ආයෙමත් මට පරන හෝබි වෙන්න පුලුවන් උනොත්..මගේ පුතාට ඔයාලව අදුන්නලා දෙන්න මං එනවා..එ එතකම් පුලුවන්නම් මාව මතක තියාගන්න...."

හෝසොක් වෙව්ලන කටහඩකින් හිමීට ඒ ටික කියලා ආයෙමත් හිනා උනා.

"ගූඩ් බායි ගායිස්.."

අවසන් සමුගැනීම...
කදුලු ගන්ගාවක් හිත් අස්සේ හිරකරගෙන හිටපු එයාලට ඒ තප්පර ගාන දැනුනෙ කල්පයක් වගේ..බොද උනු ඇස්වලින් එයාලා බලාගෙන හිටියේ එයාලගේ හොදම යාලුවා එයාගේ වටිනම වස්තුව පපුවට තුරුල් කරගෙන අනිත් හැමදේම දාලා යන හැටි..එර එලියක් වගෙ හැමෝටම සතුට ගෙනාපු එයාලගෙ හෝබි නොපෙනී යන හැටි එයාලා බලාගෙන හිටියේ තව දුරටත් කදුලු දරාගන්න උත්සාහ නොකරයි..

ආයෙ හමුවීමක් තියනවද නැද්ද කියලා නොදන්නා සමුදීමක්...!
හොදම යාලුවාගේ වෙන්වීම නිසා වේදනා විදින යාලුවෝ කන්ඩායමක්..!
අසීමාන්තික වේදනාවක් දරාගත්තු ආදරවන්තයෙක්..!
ඒ වගේම අම්මා කෙනෙක්ගේ ආදරේ පොඩ්ඩක්වත් නොලබපු කිරිකැටියෙක්..!
මේ හැමදේම අතරේ...
මිත්‍රත්වය වෙනුවෙන් හැගීම් හංගගත්තු හිතක ආයේත් පණ ලබන ආදරයක්....

ඉතින් සමහරවිට මේ හැමෝගෙම වේදනාවන්ට අවසානයක් ගේන හමුවීමක්..???



__________________________________________________

මිත්‍රත්වය වෙනුවෙන් හැගීම් හන්ගගත්තු කෙනා කවුරු වෙන්න පුලුවන්ද...🙃

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top