Chapter 01

(  ස්ථානය - දේගු )
(  දිනය - අප්‍රේල් 05, අවුරුදු විසි පහකට පෙර )

ජන්කුක් කවදාවත් හිතුවේ නෑ දවසක එයාට එයා ආදරේ කරපු හැමදේම එපා වෙයි කියලා..මුලින් ම එයාට එපා වුනේ බුසාන්.පවුලේ ව්‍යාපාර බාරගන්න කියලා ගෙදර මිනිස්සු කරපු බලපෑම් දරාගන්න බැරිම තැන එයා බුසාන් දාලා දේගුවලට ආවේ ඒකයි.ඒ ඇවිත් අවුරුද්දක් ඇතුළත තමන් ඉන්න තැන ගැන ජන්කුක්ට තිබ්බේ ලොකු ආත්ම තෘප්තියක්.

ජන්කුක්ට පුලුවන් වුණා එයා චූට් කාලේ ඉදන් ආදරේ කරපු කලාව එයාගේ රැකියාව කරගන්න.එයාගේ නිර්මාණශීලිත්වයයි කැපවීමයි නිසා ජන්කුක්ට පුලුවන් වුණා කෙටි කාලෙකින් ම තමන්ගේම කියලා ටැටූ ශොප් එකක් පටන් ගන්න.ඒ වගේම එයාට පුලුවන් වුණා පුන්චි කාලෙකින් ලොකු නමක් හදාගන්න.ටැටූවලට සමාජෙන් ඒ තරම් ඉඩක් නොවුණු කාලෙක ජන්කුක් හිටියේ එයාගේ දක්ශතාවලින් මිනිස්සුන්ව තමන්ගේ දිහාට ඇදලා ගනිමින්.

ටැටූ ශොප් එක නිසා ම ජන්කුක්ගේ ජීවිතේට ලැබුණු තව දෙයක් තමයි එයාගේ අලුත් පවුල.උපන් පවුල අත් ඇරලා දාලා කාත් කවුරුත් නැති කොල්ලෙක් විදිහට තනියෙන් දේගුවලට ආපු ජන්කුක්ට ජෑන්ග් යූනා හම්බෙන්නේ ටැටූ ශොප් එකේදි.

ඉණේ කොනක ඇදපු පුන්චි ඩේසි මලක ටැටූ එකකින් පටන් ගත්තු ජන්කුක්ගෙයි යූනාගෙයි කතාව අන්තිමේදි ඉවර වුනේ ඒ දෙන්නා පෙම්වතුන් වෙලා..යූනාගේ දෙවනි ටැටූ එක අදිද්දි ජන්කුක් යූනාගේ ස්වාමිපුරුෂයා..

එයාලා ආදරේ කළා..විවාහ වුණා..ජීවිතේ උපරිමයෙන් වින්දා..ජන්කුක් හිතුවේ හැමදේම සම්පූර්ණයි කියලා.ඒත් ඒ අවුරුද්දකට කලින්.

කාලය ගත වෙද්දි මුලින් හිනාවකින් විසදගත්තු සමහර ප්‍රශ්න මහා ආරවුල් බවට පත් වෙන්න ගත්තේ එයාලාගේ සතුට හොරු අරන් යද්දි.

ජන්කුක්ගේ බයික් එකේ රටපුරා ඇවිදපු යූනාට අවුවේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි තව දුරටත් බයික් එකේ යන එක එපා වෙද්දි....කාමර දෙකක් විතරක් තිබුණු හුරුබුහුටි ගෙදර යූනාට ලොකු මදි වෙද්දි... ලොකු ලොකු රැකියා තියන පිරිමින් එක්ක විවාහ වෙලා ඉන්න තමන්ගේ යාලුවෝ එක්ක තමන්ගේ සැමියා ටැටූ ආටිස්ට් කෙනෙක් කියලා කියන එක මදිපුන්චිකමක් වගේ යූනාට දැනෙද්දි...එයාලගේ විවාහය ඉරිතලන්න ගත්තේ ජන්කුක්ගේ හිතේ සැනසීම නැත්තටම නැති කරමින්.

ඒත් ජන්කුක් උත්සාහ කළා යූනාට එයාට ඕනි හැමදේම දෙන්න.ටැටූ ශොප් එකේ ඉන්න වෙලාව වැඩි වෙන්න වෙන්න ජන්කුක්ගේ අතට එන සල්ලි ගානත් වැඩි වුනේ ජන්කුක්ට සපයන්න බැරි තරම් ඉල්ලුම වැඩි වෙද්දි.ඒත් ජන්කුක් බලාපොරොත්තු වුණු විදිහට එයාලගේ ආරවුල් ඉවරයක් වුනේ නෑ.

ටැටූ ශොප් එක නිසා ජන්කුක් යූනාගෙන් වෙනදට වඩා දුරස් වෙද්දි යූනාට ඒක පෙනුනේ ජන්කුක් එයාට වංචා කරනවා වගේ.යූනා ජන්කුක්ට චෝදනා කරන්න ගත්තා ජ්න්කුක්ට වෙන සම්බන්ධතා තියනවා කියලා.ජන්කුක් කොච්චර එයාගේ නිවැරදිකම ඔප්පු කරන්න උත්සාහ කළත් අන්තිමේදි වුණේ ජන්කුක්ට යූනාව එපා වෙන එක.

විශ්වාසයක් නැති තැන ආරක්ෂා කරගන්න බැදීමක් ඉතුරු වෙන්නේ නෑ.ඒත් ජන්කුක්ට යූනා ගැන තිබුනු අන්තිම විශ්වාසයත් නැති වුනේ අද.ඒ ඔහු නැති වෙලේ එයාලගේ ගේ ඇතුළට ගියපු ඩොක්ටර් හන්ව දැක්කට පස්සේ.ඩොක්ටර් හන් කියන්නේ දේගුවල හිටපු ධනවත් වෛද්‍යවරයෙක්.තරුණයි..ඒ වගේම කඩවසම්...අවිවාහකයි..ඒ වගේම ඔහු තමයි යූනාගේ අනියම් පෙම්වතා වුණෙත්.

දොරකඩදිම සිප වැලදගත්තු ඔවුන් දිහා ඔවුන්ට නොපෙනෙන තැනක ඉදන් බලන් ඉදපු ජන්කුක්ට ඒ ගැන තවදුරටත් සැකයක් තිබුණේ නෑ.

ජන්කුක්ට දැනුනේ කලකිරීමක්.හැමදේම එපා වුණා වගේ හැගීමක්.කවදාවත් නොදැණුනු තරමේ තනිකමක් එක්ක මුහු වුණු වේදනාවක්.එයාලගේ ඉස්සරහට ගිහින් එතනදිම ඒ මොහොතෙම ඒ ප්‍රශ්නේ විසදගන්න හිත කෑ ගැහුවත් අනිත් පැත්ත හැරුණු ජන්කුක් එතනින් පිට වෙලා ආවේ ඒ මොහොතේ එයාට ඕනි වුනේ එයාගේ ජීවිතේ තියන ඒ හැම ප්‍රශ්නෙකින් ම පැනලා යන්න නිසා.

එයාට ඕනි වුනේ මේ හැම ප්‍රශ්නයක්ම විනාඩියකට හරි අමතක කරලා දාලා නිදහසේ හුස්මක් ගන්න ඉඩක්.පුන්චිම පුන්චි හිතේ සැනසීමක්.

තරු ඉහිරුණු රෑ අහස යටින් විදුලි ලාම්පු එලිවලින් ආලෝකමත් වුණු පාර දිගේ ජන්කුක් මේ ඇවිදගෙන යන්නෙ ඒ සැනසීම හොයාගෙන.

ජන්කුක්ගේ කන්පෙතිවල තිබුනු රිදී කරාබු ඒ ලාම්පු එළියෙන් දිලිසෙද්දි ඔහුගේ ඇස් දිලිසුනේ කම්මුල් තෙත් කර්ස්න් නැතුව යන්තමින් ඒ ඇස් අග රැදිලා තිබුනු කදුලු පටලය නිසා.

ඔහුගේ එක අතක් සම්පූර්ණයෙන් වැහිලා තිබුනේ එක එක ටැටූවලින්.ඒ අතේ මාපටගිල්ල ලග තිබුනු පුන්චි හාට් හැඩේ ටැටූ එක ජන්කුක්ගේ ඇස් ලග නතරවුනේ ඇස්වලින් එළියට පනින්න හදපු කදුලක් ඔහු පිටි අත්ලෙන් පිහිදද්දි.

ඒ කදුලුවලට හේතුව වේදනාවද කේන්තියද විශ්වාසය කඩවීමද එහෙමත් නැත්නම් බලාපොරොත්තු කඩවීමද කියන්න ජන්කුක් දන්නේ නෑ.ඒත් ඒ හැම හැගීමක්ම ඔහුගේ හිත අස්සෙ නලියනවා කියන එක ඔහුට විශ්වාසයි.

ජන්කුක් ඉස්සරහට තියන පියවරක් පාසාම එයාට මතක් වුණේ යූනා එක්ක එයා ගෙවපු ලස්සන දවස්.එයාල මුණ ගැහුණු හැටි...ආදරේ කරපු හැටි....ඒත් ඒවා මතකම විතරයි කියලා මතක් වෙද්දි ජන්කුක් උන් තැනම නතර වුණේ සිහින් හුස්මක් පිට කරන ගමන්.

තරු පිරුණු අහස යට මිනිස්සු දහස් ගානක් එහෙ මෙහෙ යන පාරේ ජන්කුක් නතර වුණේ යන්න දිහාවක් හිතාගන්න බැරිව..කාන්තාරෙක අතරමන් වුණු මගියෙක් වගේ ඔහුගේ ඇස් අහස දිහාට යොමු වුණේ මග කියන තාරුකාවක් හොයන්න වගේ.හමාගෙන යන හීතල හුළගට මුහු උණු ඔහුගේ සුසුම් ඒ හුළගත් එක්කම එකතු වෙලා ඔහුගෙන් ඈතට යද්දි ඔහු දෙනෙත් පියාගත්තේ හැමදේම අමතක කරන්න උත්සාහ කරමින්.

ඔහු උත්සාහ කළා..

වතාවක්..

දෙවතාවක්..

තුන් වතාවක්...

ඒත් අතීත මතක ඇස් අස්සේ මැවෙද්දි ඔහු උත්සාහ කළේ දෙනෙත් විවර කරන්න.

ඒත්....

ඒ මොහොතෙදියි ජන්කුක්ට ඒ හඩ ඇහුණේ..
ගිටාර් එකක තත් වැයෙන හඩ.ඈතින් ඇහෙන ඒ තනුව ජන්කුක්ගේ දෙසවන් අතරේ රැදෙද්දි ජන්කුක් එයාගේ දෙනෙත් තවත් තදින් පියාගත්තේ ඒ හඩ අහන්න හිත ලෝබකම් කරද්දි.

ගිටාරයේ නාදය හිමි හිමින් යටපත් වෙද්දි ජන්කුක්ගේ සවන්වල රැදුනේ ගැඹුරු කටහඩකින් ගැයුණු මිහිරි පදවැලක්.

In this moment
I see you
It always comes around as I believed

ඒ පද පේළිය ඇහෙනවත් එක්කම ජන්කුක් දෙනෙත් විවර කළේ ඒ සවන් අදහගන්න බැරිව.

ඒ හඩ..

ජන්කුක්ට විශ්වාසයි එයා ජීවිතේ කවදාවත් ඒ තරම් මිහිරි ඒ වගේම ගැඹුරු හඩක් අහලා නෑ කියලා.

When the rain stops
You shine on me
Your light's the only thing that keeps the cold out

වචනවල අග්ගිස්සටම කාවැදුණු ඒ පිරිමි හඩේ තිබුණු හැගීම්බරබව ජන්කුක් මෙච්චර වෙලා ගිලිලා හිටපු මතක ගොඩෙන් එයාව එළියට ගත්තේ මායාවකින් වගේ.

ස්වරයක් ස්වරයක් පාසා නින්නාද දෙන ඒ හඩ ජන්කුක්ට අමතක කළා ඔහු වටේ තියෙන හැමදේම..

Moon in the summer night
Whispering of the stars
They're singing like Christmas trees for us

ජන්කුක් වටපිට බැලුවේ ඒ ගීතය ඇහෙන තැනක් හොයමින්..එයාට ඕනි වුණේ ඒ හඩ තවත් විදින්න.

"එයා ඇවිත්....!!"

ජන්කුක්ව ලගින් ගිය ගැහැණු ළමයි දෙන්නෙක් එහෙම කියමින් මාවතෙන් එහා පැත්තේ තියෙන පාක් එකට යද්දි ජන්කුක් බැලුවේ ලොකු උද්‍යෝගයකින් ඒ දිහාට ඇදෙන අනිත් මිනිස්සු දිහා.

ජන්කුක් ඒ දිහාවට ඇවිදගෙන ගියේ හීනෙන් වගේ.
අර හඩ එන්න එන්නම පැහැදිලි වෙන්න ගත්තේ ඔහු ඒ හඩ මතුවෙන තැනට ළගයි කියමින්.

ජන්කුක් දන්නවා දැන් ඒ ගී හඩ ඇහෙන්නේ කොතනින්ද කියලා.මේ මිනිස්සු වට කරගෙන ඉන්නේ ඔහුව.ඒ හඩේ අයිතිකාරයාව.

So I'll tell you
A million tiny things that
You have never known
It all gets tangled up inside

ජන්කුක් ඔහුව දැක්කා..ඉහළට විසිවෙලා පහළට ඇදවැටෙන පුන්චි පුන්චි වතුර බින්දු මිලියන ගානකින් අලංකාර වුණු ලස්සන ජල ස්මාරකයක් ගාව ගිටාර් එකක් වයමින් දෙනෙත් පියාගෙන හිටියේ ඔහුව මෙතනට ගෙනාපු ගීතය ගයන කෙනා..

ගිටාර් එකේ තත් හරහා එහේමෙහෙ යන ඒ දිගු ඇගිලි තුඩුවලින් වැයුනේ ඒවාටම ආවේනික වුණු හරි ලස්සන තනුවක්.

කැරළි ගැහුණු කලුපාට දිගු කෙහෙරැළිවලින් වැහුණු නළල් තලයට යටින් ඔහුගේ දිගු දෑස් පියවෙලා තිබුනේ ඔහු මුලු හදවතින් ම ඒ අවස්තාව විදිද්දි.

සිහින් රෝස පැහැ තොල් පෙති හෙමින් විවර වෙද්දි ඒවායින් එලියට පලා ආපු තාලයට මුහුවුණු පදවැල් ජන්කුක්ගේ දෙසවන් පැහැරගනිද්දි ජන්කුක්ගේ ඇස් නතර වුණේ මන්දස්මිතයක් රැදුණු ඒ වුවන මත.

And I'll tell you
A million little reasons
I'm falling for your eyes
I just want to be where you are

ජන්කුක් දන්නේ නෑ එයාට හැමදේම අමතක කළේ ඒ හඩද..නැත්නම් රූපෙද කියලා.

ඒත් ඔහුට විශ්වාසයි..,ඇසිල්ලකට හරි ඔහුට සැනසීමක් දැනුනු එකට වගකියන්න ඕනි ඒ හඩෙයි රූපෙයි අයිතිකාරයා කියලා.

It's such a strange thing to do
Sometimes I don't understand you
But it always brings me back
To where you are

අනිත් හැමදේම අමතක වෙද්දි ජන්කුක් හිටියේ ඔහු ඉදිරියේ උන්නු කෙනා දිහා බලාගෙන.ඔහුගේ මුවින් පිටවෙන වචනයක් පාසා ජන්කුක් හිටියේ යූනාගේ මතකවලින් සෑහෙන්න ඈත.

So I'll tell you
A million tiny things that
You have never known
It all gets tangled up inside

ඔහු ඇස් ඇරියා..කතා කරන ඇස්...

And I'll tell you
A million little reasons
I'm falling for your eyes
I just want to be where you are

ගීතය ටිකෙන් ටික ඉවර වෙද්දි ඒ හඩේ අයිතිකාරයාගේ හිතුවක්කාර කතා කරන ඇස් ඔහු වටේ උන්නු හැමෝගේම ප්‍රීතිමත් ඇස්වල ගැටුනේ ඔහු ලගට ආවට ස්තූතියක් විදිහට..

ඒත් අන්තිමට ඔහුගේ ඇස් නැවතුණේ දිලිසෙන වේදනාබර ඇස් දෙකක් ගාව..

ඔව් ඒ ජන්කුක්ගේ කදුලු වියලුණු ඇස්..

Tell you
A million tiny things that
You have never known
It all gets tangled up inside
Tell you
A million little reasons
I'm falling for your eyes
I just want to be where you are

සින්දුව ඉවර වෙද්දි ජන්කුක් හිටියේ ඒ කතා කරන ඇස්වල අතරමන් වෙලා..ඒ කතා කරන ඇස් තිබුනේ වේදනාව දරාගත්තු ඇස් අස්සේ මංමුලා වෙලා...

කිම් ටේයෝන්...

දේගුවල ගොඩක් අය ආදරය කරපු ඒ හඩේ අයිතිකාරයා හිටියේ ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ගේ බැල්ම ඉස්සරහා තමන්ව ම අමතක වෙලා...


__________________________________________________
Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top