Epilogue ♡ [ ᵖᵃʳᵗ 02 ]

Thank you for this👆 beautiful 4to angel Dark_Sunshiner ❤️😘
_______________________________________

__________________________________

LOVE wins,
LOVE always wins.

- Mitch Albom -

__________________________________

අවුරුදු දෙකකට කලින් ජැන්ග් හ්‍යුක්ගේ මරණින් මාස හතරකට පස්සේ හෝසෝක් මාෆියාවලින් අයින් වෙන්න තීරණය කරද්දි එයා දැනගෙන හිටියේ නෑ එයාලාගේ අනාගතය මොන වගේ වෙයිද කියලා.

හෝසෝක්ට ඕනි වුනේ යුන්ගිව මාෆියාවකින් ඈත් කරලා තියන්න.මොකද මාෆියා නිසා හැමදේම නැති වුනු යුන්ගිව ඒ ලෝකේ අස්සෙම තියාගෙන දුක් දෙන්න හෝසෝක්ට ඕනි වුනේ නෑ.

ඒ නිසයි හෝසෝක් ඒ තීරණය ගත්තේ..එයා සීරෝ එකට,ජේහෝප් කියන නමට ආදරේ කළා තමයි..ඒත් ඒ වගේ සියදහස් ගුණයක් එයා යූන්ගිට ආදරේ කළා.යුන්ගි වෙනුවෙන් කරන්න බැරි දෙයක් හෝසෝක්ට තිබුනේ නෑ.

බොහොම අමාරුවෙන් යුන්ගිව තමන්ගේ තීරණයට කැමති කරගත්තු හෝසෝක් මුලු ලෝකයක් ඉස්සරහ තමන් බොහොම අමාරුවෙන් ගොඩනගාගත්තු ජේහෝප් කියන චරිතය මරලා දැම්මේ කිසිම කරදරයක් නැතිව යුන්ගිගේ ලගට ආයෙමත් එනවා කියන පොරොන්දුව පිට.

ඒ පොරොන්දුව ඒ විදිහටම ඉශ්ට කරපු හෝසෝක්ට ගන්න තිබුනු ලොකුම තීරණය වුනේ සීරෝ එකේ අනාගතය කාටද භාරදෙන්නෙ කියන එක.

මොකද ජීවිත දහස් ගානක් රැදිලා තියන සීරෝ එක නිකන්ම අත් ඇරලා දාන්න හෝසෝක්ට ඕනි උනේ නෑ.

එයාට වැඩිය හිතන්න ඕනි වුනේ නෑ.මොකදහෝසෝක් දැනගෙන හිටියා තමන්ගෙන් හිස් වුනු ඒ තනතුරට සුදුසුම කෙනා කවුද කියලා.

ඒ තමයි නම්ජූන්.

මුලින් අකමැති වුනත් අන්තිමේදි හැමෝගේම ඉල්ලීම අනුව ඒ තීරණයට එකග වුනු නම්ජූන් වැඩිකල් නොයාම සීරෝ එකේ RM විදිහට තමන්ටම කියලා නමක් හදාගත්තේ හෝසෝක් එයා ගත්තු තීරණය ගැන දස දහස් වරක් සතුටු වෙද්දි.

ඒ හැමදේටම පස්සේ හෝසෝක්ට ජන්ග් කෝපරේෂන්ස් එකේ CEO තනතුර දෙන්න ජන්ග් වූ සන්ග්ට ඕනි වුනත් හෝසෝක් එකට දෙපාරක් නොහිතම විරුද්ධ වුනේ එයාට ඒ ගැන කිසිම ආසාවක් නොතිබුනු නිසා.

හෝසෝක්ට සල්ලිවලින් ප්‍රශ්නයක් තිබුනේ නෑ.අවුරුදු ගානක් කොරියාවේ අංක එකේ මාෆියා ලීඩර් වුනු හෝසෝක් පරම්පරා ගානකට ඇති වෙන්න හම්බ කරලයි තිබුනෙ.එයාට ඕනි වුනේ නිදහස.

එයාට ඕනි වුනේ යූන්ගිත් එක්ක එයාගේ ඉතුරු ජීවිත කාලෙම නිදහසේ ගෙවන්න..

අන්තිමට ජන්ග් කෝපරේෂන්ස් එකේ CEO විදිහට ජීන්ගේ නම යෝජනා කරපු හෝසෝක් තමන්ගේ නමට තිබුනු ශෙයාස්වලින් බාගයක්ම ජින්ට පැවරුවේ ජීන්ගේ බිස්නස් දැනුම ගැන සතුටු වුනු ජන්ග් වූ සන්ග් ඔහුගේ ශෙයාස්වලින් කොටසකුත් ජින්ට දෙද්දි.

ඒ කාලය අතරතුරදීම නම්ජූන්ගෙයි ජින්ගෙයි විවාහයත් සිද්ධ වුනේ නම්ජූන් වෙඩින් ගිෆ්ට් එක විදිහට ජන්ග් කෝපරේෂන්ස් එකේ එයාගේ නමට තිබුනු සියලුම කොටස් ජින්ට පවරද්දි.

අවසානෙදි වැඩිම ශෙයාස් ප්‍රමාණයක් තියෙන ජින් ජන්ග් කෝපරේෂන්ස් එකේ CEO වෙද්දි ලෝකප්‍රසිද්ද හෝටල් සමූහයක් වුනු ජින්ගේ පැරඩයිස් හොටෙල් බිස්නස් එක නම්ජූන් භාරගත්තේ මාෆියා ලෝකෙදි RM විදිහටත් සාමාන්‍ය ලෝකෙදි ව්‍යාපාරික කිම් නම්ජූන් විදිහටත් වෙනස් වෙමින්.

යූන්ගිගේ ඤාති සහෝදරයා..එහෙමත් නැත්නම් කිම් ටේයෝන් ආයෙමත් සෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ චීෆ් ඩිටෙක්ටිව් විදිහට වැඩ භාරගත්තේ යුන්ගි ටයිටන්ස් එකේ එයාගේ උරුමය සදහටම අත් ඇරලා දාද්දි.

මින් සොන්හ්‍යොන්ගෙන් පස්සේ ලීඩර් විදිහට හිටපු ජන්කුක්ගේ තාත්තා ජියෝන් හේසුන්ටයි ටකාශිටයි තමන්ගේ අදහස කියපු යූන්ගි ටයිටන්ස් එකේ ඇස්ට්‍රියස් කියන තනතුර ජියෝන් ජන්කුක්ට පැවරුවේ කවදහරි ජියෝන් හේසුන්ගෙන් පස්සේ ටයිටන්ස් එකේ උරුමය ජන්කුක්ට ලැබෙන විදිහට.

ඒ වෙනකම් ජියෝන් ජන්කුක් ජියෝන් එන්ටර්ප්‍රයිසස් එකේ CEO තනතුර භාරගත්තේ කෙටි කාලයක් ඇතුළත කොරියාවේ ප්‍රසිද්ධ තරුණ ව්‍යවසායකයෙක් බවට පත් වෙමින්.

ජන්ග් සන්හූන්..එහෙමත් නැත්නම් පාක් සන්හූන්...මියගිය තමන්ගේ බාල පුතා වෙනුවෙන් හෝප් ෆෞන්ඩේශන් කියලා පදනමක් පටන් ගත්තු ජන්ග් වූ සන්ග් ඒකේ වැඩවලවට තමන්ගේ මුලු කාලයම යෙදෙව්වේ සන්හූන්ට දෙන්න බැරි වුනු හැමදේම දහස් ගනනක් පුන්චි ජීවිතවලට දෙන එක එයාගේ එකම සතුට කරගෙන.

යූන්ගිගේ උදව්වෙන් හෝසෝක්ගේ ආදරයත් සම්පූර්ණයෙන් දිනාගත්තු ජන්ග් වූ සන්ග් එයාගේ කාලය එයා ආදරය කරන අය එක්ක ගෙව්වේ වේදනාවෙන් ගෙවපු එයාගේ ජීවිතේ අවසන් කාලය සතුටින් පුරවගෙන.ඒ කාලයෙන් වැඩිපුර කාලයක් ෆින්ලන්ඩ්වල තමන්ගේ අම්මා ගාව ගෙවන්නත් එයා අමතක කළේ නෑ.

එතකොට ජීමින්.

ජැන්ග් හ්‍යුක් මියගිය දවසේ ප්‍රපාතයට වැටුනු ජීමින්ව ගඟේ පාවෙමින් යද්දි ගොඩගත්තු අය එයාව ඉක්මනට හොස්පිටල් එකකට ගෙනිහින් තිබුනු නිසාම ජිමින්ගේ ජීවිතය රැකගන්න ඩොක්ටර්ස්ලට පුලුවන් වුනේ වාසනාවට.

මාස හතරකට කිට්ටුව කෝමා තත්වෙක හිටපු ජීමින් සිහිය ආවයින් පස්සේ ජැක්සන් එක්ක ඇමරිකාවල පදින්චියට ගියේ මාෆියා සම්පූර්ණයෙන් ම අත් ඇරලා දාලා..

මාස කීපයකට පස්සේ ජැක්සන්ගේ අසීමිත ආදරය මැද්දේ ජීමිනුත් හෙමිහිට ජැක්සන්ට ආදරය කරන්න පටන් ගත්තේ හෝසෝක් ගැන තිබුනු ආදරය ලස්සන අතීත මතකයක් විතරක් විදිහට එයාගේ හදවතේ කොනක ඉතුරු වෙද්දි.

ජීමීන්ට උරුම ආදරය එයාට ලැබෙද්දි ජිමිනුත් ජැක්සන්ට මුලු හදවතින් ම ආදරය කරන්නපටන් ගත්තේ පහු වෙලා හරි එකතු වුනු ඒ ආදරය ඒ හිත් දෙකම සතූටින් පුරවද්දි.

ඒත් ජීමින් හැමදාමත් එයාගේ මියැදුනු නන්ගිව මතක් කරලා දුක් වෙනවා කියලා ජැක්සන් දැනගෙන හිටියා..ඇමරිකා ගිහින් මාස හයකට පස්සේ විවාහ වුනු ඒ දෙන්නාගේ අවුරුද්දේ විවාහ සන්වත්සරයෙදි ජැක්සන් ජීනාව ජීමින් ගාවට එක්කගෙන ආවේ ඒකයි..ජීනා එතකොට අවුරුදු දෙකක චූටි බබෙක්..

ජීමින් ගේ හිතේ තිබුනු හැම දුකක්ම නැති වෙලා ගිහින් එයාගේ ජීවිතේ සතුට උතුරන්න ගත්තේ එදා ඉදන්.

ජැක්සන්,ජීමින් ජීනාට දෙමාපියෝ වෙද්දි ඒ තුන් දෙනා පුන්චි පවුලක් උනේ උතුරලා යන ආදරය මැද්දේ.

අන්තිමේදි අපේ ආදරණීය තහනම් ආදරවන්තයෝ දෙන්නා..

යුන්ගි,හෝසෝක්....

මේ කතාවේ සතුටුම අවසානය ලැබුනේ එයාලට.

හැමදේම අවසන් කළාට පස්සේ හෝසෝක් යුන්ගිව එක්කගෙන ගියේ යූන්ගිගේ ආසම තැනට.

ඒ තමයි වැනීසිය..

හෝසෝක් දැනගෙන හිටියා යූන්ගිට වැනීසියේ ජීවත් වෙන්න හීනයක් තිබුනා කියලා.

ඉතින් හෝසෝක් මුලින් ම හැබෑ කරන්න තෝරගත්තේ යූන්ගිගේ ඒ හීනේ..

මීට අවුරුද්දකට කලින් වැනීසියට ගිය එයාලා එහේ තියන සුන්දරම ප්‍රදේශයේ ලස්සන දෙමහල් ගොඩනැගිල්ලක් එයාලගේ ගෙදර විදිහට තෝරගත්තේ යූන්ගිගේ සතුට දෝරේගලද්දි.

වැනීසියේ ප්‍රවාහනය සිද්ද වුනේ පුන්චි පුන්චි බෝට්ටුවලින්.මොකද අනිත් රටවල්වල තියෙන පාරවල් වෙනුවට වැනීසියේ තිබුනේ ඇලමාර්ග.

ඉතින් යූන්ගි වෙනුවෙන් වැනීසියේ ලස්සනම තැනින් ගෙයක් ගත්තු හෝසෝක්ට යුන්ගි වෙනුවෙන් චොක්ලට් පාට පුන්චි ලස්සන බෝට්ටුවක් ගන්න එක මහ ලොකු දෙයක් වුනේ නෑ.

එයාලගේ දෙමහල් ගොඩනැගිල්ලේ උඩුමහල එයාලගේ ගෙදර කරගත්තු එයාලා පහළ තට්ටුවේ බිස්නස් එකක් පටන් ගත්තේ එයාලට ආසාවට...නෑ හැබැයි...හරියටම කිව්වොත් හෝසෝක්ගේ ආසාවට.

" Happy Blossoms "

ඒක තමයි එයාලගේ පුන්චි ශොප් එකේ නම.

ඉතාලියෙ හොයාගන්න තිබුනු හැම වර්ගෙකම පාට පාට සුවද මල්වලින් පිරිලා තිබුනු මේ ශොප් එකට යන හැමෝටම ඒත් එක්කම තිබුනු " NEKO CANDY SHOP " එකෙන් චොක්ලට් එකක් නම් වැරදුනේ නෑ..

හෝසෝක්ව ලගම තියාගන්න ඕනි නිසා හෝසෝක්ට ඒ කැන්ඩි ශොප් එක දාලා දුන්නේ නම් යූන්ගි..මොකද මුල් කාලේ හෝසෝක් මාශල් ආට්ස් උගන්නන්න ගිය ස්කෝලේ කෙල්ලෝ හෝසෝක් දිහා කන්න වගේ බලන් ඉන්න එක යුන්ගිට එච්චර ඇල්ලුවේ නෑ.

කොහොමහරි විසි හතර පැයම යුන්ගි ගාව ඉන්න ලැබුනු එකට යුන්ගිටත් වඩා සතුටු වුනේ හෝසෝක්..හැබැයි එයා කොණ්ඩේ වවන එකනම් නැවැත්තුවේ නෑ.හැමදාම බැන බැන හරි කොණ්ඩේ පිහිදලා දෙන්න යූන්ගි ඉන්න නිසා හෝසෝක් එයාගේ කොණ්ඩේ වැව්වේ හරිම ආසාවෙන්.කොච්චර නෑ වගේ පෙන්නන්න හැදුවත් යූන්ගිත් හෝසෝක්ගේ කොණ්ඩෙට හිත යටින් සෑහෙන්න ආස වුනා.

හැමදාම උදේ පාන්දරම මල් අරගෙන එන්න බෝට්ටුවෙන් තරමක් නගරය පිටට වෙන්න තිබුනු සාමාන්‍ය නගරයට ගියපු ඒ දෙන්නා එයාලගේ රාත්‍රිය ගෙව්වේ එයාලගේ උනුසුම් ගෙදර ඇතුලේ..

යුන්ගි , හෝසෝක් දෙන්නා එයාලගේ රෝඩ් ට්‍රිප් එක පටන් ගත්තේ මීට මාසෙකට විතර කලින්.

ඒක තමා යූන්ගිගේ දෙවනි හීනේ..

රිදීපාට මර්සිඩීස් 300 ඕෆ් රූෆ් ලක්ශරි කාර් එකක් ගත්තු හෝසෝක් යූන්ගිවත් ඒකේ දාගෙන එයාලගේ සංචාරය පටන් ගත්තේ කැනඩාවෙන්.

ඒ දෙන්නා එයාලගේ ජීවිතේ උපරිමයෙන් ම වින්දා..

ඕහ්..කියන්න බැරි වුනා.

එයාලගේ මැරේජ් එක සිද්ද වුනෙත් එයාලා මේ උපරිමටම ජීවිතය විදපු එකේ ප්‍රතිපළයක් විදිහට තමයි.කැනඩාවේ ගම්බද පැත්තකට වෙන්න තිබුනු පුන්චි ගෙදරක් කුලියට අරගෙන උපරිමටම ජිවිතය විදින්න ප්ලෑන් කරපු හෝසෝක්ගේ ප්ලෑන් එක චුට්ටක් වැරදුනේ එයා වයින් ග්ලාස් එකට රෙඩ් වයින් වෙනුවට වැරදීමකින් රෙඩ් බියර් එකක් එකතු කරපු මොහොතේ.

පැයක් විතර මහන්සි වෙලා සරසපු කාමරෙයි ඇදයි එහෙමම තියෙද්දි බීපු සැර බියර් එකේ පිහිටෙන් උපරිමටම මත් වෙලා හිටපු ඒ දෙන්නා මහ රෑම ගමේ තිබුනු පල්ලියට ගිහින් නිදාගෙන හිටපු ෆාදර්ව බලෙන් ඇහැරවගෙන එයාලගේ විවාහ සහතිකේ අත්සන් කරලා තිබුනේ සිහි කල්පනාව නැති වෙලා ගියත් ඒ දෙන්නට ඒ දෙන්නගෙන් තොර ලෝකයක්නෑ කියලා ලෝකෙටම ඔප්පු කරමින්.

ගේ ඉස්සරහ පොඩි පෝටිකෝව යට සීතලේ තුරුල් වෙලා නිදාගෙන හිටපු ඒ දෙන්නා රෑ තිස්සේ තමන් කරපු හපන්කම් ගැන දැනගත්තේ පහුවදා උදේ මැරේජ් සර්ටිෆිකේට් එකත් එක්ක පල්ලියේ ෆාදර් ගේ දොරකඩ මතු වුනහම.

කොහොමහරි ඒ දෙන්නා ඒ ගැන අංශු මාත්‍රයක්වත් පසුතැවුනේ නෑ බඩ රිදෙනකම් හිනා වුනා මිසක්.

අනිත් අයට ඒ ගැන දැන්ම නොකියා ඉන්න එයාලා තීරණය කළත් ජීමින් එක්ක කතාවට ගියාම බ්‍රේක් නැතිවෙන යුන්ගිගේ කටින් ඒක පිටවුනේ බැරි වීමකින්.

ඒක තමයි ජීමින්ට යක්ශයා ආරූඩ වෙන්න ප්‍ර්ධානම හේතුව.

කොහොමහරි ඒ විදිහට හරි යුන්ගි හෝසොක් දෙන්නා නීතියෙනුත් එකතු වුනේ ජීවිත කාලෙටම එකට ඉන්න පොරොන්දු වෙමින්.

ඒ දෙන්නගේ හමුවීම සිද්ධ වුනේ බලාපොරොත්තු නොවුනු විදිහට බව ඇත්ත.

තමන්ගේ අයියාගේ මිනිමරුවාගෙන් පලි ගන්න එක විතරක් අරමුණ කරගෙන හිටපු යුවී එක රෑක නොහිතපු විදිහට ජේහෝප්ගේම වාහනයට හැප්පුනේ අලුත් කතාවක් ආරම්භ කරමින්.

පලි ගැනීමයි සමාව දීමයි කියන දෙක අතරේ දෝලනය වුනු එයාලගේ කතාව ඒ දෙන්නම් නොහිතපු තැනක නතර වුනේ එයාලගේ හිත් ආදරය කියන වචනය ගාව සන්සුන් වෙද්දි.

පලි ගන්න ආපු යුවී ජේහෝප්ගේ අස්සේ හැන්ගිලා උන්නු හෝසොක් කියන චරිතයට ආදරය කරන්න ගනිද්දි ජේහෝප් කියන චරිතය අස්සේ හැන්ගිලා උන්නු හෝසෝක් එයාගේ ජීවිතේ පළවෙනි වතාවට අහම්බෙන්මුණ ගැහුනු මල් කොල්ලාගේ ආදරයට ලෝභකම් කරන්න ගත්තේ හැමදේකටම වඩා සතුට වැදගත් කියන දේ එයාලටතේරුම් කරවමින්.

ඒත් ආදරය අයිති වුනු මොහොතේම නොහිතපු ප්‍රශ්න මහ ගොඩක් එයාලව හොයාගෙන ආවේ හිමි වෙලත් ඒ ආදරේ හිමි කරගන්න එක ඔවුන්ට තහනම් කරමින්.

ඒත් යුන්ගි වගේම හෝසෝක් ඒ හැම දේකට වඩා විශ්වාස කළේ එයාලගේ ආදරේ.

ඒ නිසාම එයාලට පුලුවන් වුනා හිමි වෙලත් අහිමි වුනු එයාලගේ ආදරේ ආයෙමත් අයිතිකරගන්න.

කඩාවැටීම්,හිත් රිදීම් මහ හුගක් අස්සෙත් ආදරයට ආදරය කරපු ඒ දෙන්ට අන්තිමේදි ජීවිත කාලයක් පුරාවට ආස කරපු හැමදේම් තප්පරක් ඇතුළට අත් ඇරලා දාන්න පුලුවන් වුනෙත් ඒ ආදරය නිසාමයි.

මොකද ආදරය හුස්ම ගන්න තැන තමයි ජීවිතේ තියෙන්නේ..

මොන දේ නැතත් අපේ ආදරය අපි ගාව තියනවානම්...අපි ආදරය කරන කෙනා ...අපිට ආදරය කරන කෙනා අපි ලග ඉන්නවානම් අන්න එතනයි ජීවිතය තියෙන්නෙ..

ජේහෝප්,යුවී විදිහට මුණ ගැහුනු ඒ දෙන්නා හෝසෝක් යූන්ගි විදිහට ඉස්සරහටත් ඒ අසීමිත ආදරය අස්සේ ජීවත් වෙයි.

හෝසෝක් එයාට මග ඇරුනු ආදරේ උණුහුම යුන්ගිගේ තුරුලින් අරගනීවී..

යුන්ගිත් එයාට අයිති ඒ නිමාවක් නැති ආදරේ හෝසෝක්ගෙ තුරුලේ ඒ උණුහුමේ විදිවී..

______________________________

"සියෝකී....."

පුන්චි කදුගැටයක තරු බලන්නම හදලා තිබුනු පොඩි වේදිකාවක ඉදන් ඈතින් පේන රෑ අහස දිහා බලාගෙන උන්නු යූන්ගි හෙමින් කතා කළේ රෑ සීතල අරගෙන හමා ආපු සිහින් හුලගක් ඔවුන්ගේ ගෑවි නොගෑවි ඇදී යද්දි.

"ම්ම්ම්...?"

අහස දිහා බලන් උන්නු යුන්ගිගේ ඉණ වටේ අත් දෙක යවලා යුන්ගිව පිටුපසින් තද කරගෙන හිටපු හෝසෝක් යුන්ගිගේ උරහිසින් නිකට තියාගෙන සිහින් හඩින් මිමිනුවේ යුන්ගිව තව තවත් තුරුල් කරගන්න ගමන්.

"දැක්කද අර තරු පොකුර..."

යුන්ගි කිව්වේ ඈත තිබුනු තරු පොකුරකට ඇගිල්ලක් දිගු කරන ගමන්.

"හ්ම්ම්..."

හෝසෝක් යුන්ගිගේ උරහිසින් ඈත් නොවීම උත්තර දුන්නේ යුන්ගි පෙන්නපු තරු පහක් තිබුනු තරු පොකුර දිහා බලන ගමන්.

"එතන තරු පහක් තියනවා..."

යුන්ගි කිව්වේ ලස්සනට හිනාවෙන ගමන්.

"මං දන්නවා ඒ කවුද කියලා..."

හෝසෝක් හෙමිට කියද්දි යුන්ගි එයාගෙර් මූණ ඇලකරලා හෝසෝක් දිහා බැලුවේ ලැබුනු අවසරයෙන් හෝසෝක් එයගේ කම්මුලක් සිප ගනිද්දි.

යුන්ගිගේ මූණ ලැජ්ජාවෙන් රතු වෙද්දි යුන්ගි දිහා බලාගෙන ආදරෙන් හිනාවුනු හෝසෝක් ඒ තරු පොකුරේ තියෙනඑක තරුවක්ට ඇගිල්ල දිගු කළේ යූන්ගි ඒ දිහා උවමනාවෙන් බලද්දි.

"අර තියෙන්නේ..ඒ තරුව තමයි ඔයාව මේ ලෝකෙට ගෙනාපු අම්මා..."

යුන්ගි ඒ දිහා බලාගෙන ඔලුව වැනුවේ හෝසෝක්ට දිගටම කියන්න කියනවා වගේ.

"එතකොට ඒක ලගින් ම තියෙන අර ලොකු තරුව....ඒ තමයි ඔයාගේ තාත්තා..."

හෝසෝක් කියද්දි යුන්ගි ඒ දිහා බැලුවේ ආදරෙන්.

"එතකොට අර එතන තියෙන තරුවලින් වැඩිපුරම දිලිසෙන තරුව තමයි අපේ අම්මා....ඔයාගෙයි මගෙයි දෙන්නාගෙම අම්මා..."

හෝසෝක් කිව්වේ යුන්ගිගේ හිස එයාගේ පපුවට ලන් කරගන්න ගමන්.

"ම්ම්ම්..අර ඒ ලගම උඩින් තියන පුන්චි තරුව පේනවද...ඒ තමයි..ඔයාගේ අයියා...සන්හූන්...මගේ...."

හෝසෝක් කියන්න ආපු වචන ගිලගත්තේ යුන්ගි එයා දිහා ආදරෙන් බලද්දි.

"ඔයාගේ මල්ලි.."

යුන්ගි කිව්වේ හෝසෝක් එයාගේ මූණට එබෙද්දි.යුන්ගිගේ ඇස්වල තියෙන ආදරේ දකිද්දි හෝසෝක්ගේ මූණෙත් හිනාවක් ඇදුනේ ඉබේමයි..

"ඔව්...මගෙ මල්ලි......"

හෝසෝක් කිව්වේ ඒ දිහා දිලිසෙන ඇස්වලින් බලමින්.

"එයා දන්නවා ඔයා එයාට ගොඩක් ආදරෙයි කියලා සියෝකි..."

හෝසෝක් මොකුත් නොකියම යුන්ගිව තුරුල් කරගත්තේ අහස දිහා බලාගෙනමයි..

එතකොටයි හෝසෝක් දැක්කේ ඒ තරු පොකුරේම තියෙන පස්වෙනි තරුව..ලොකුම තරුවට යටින්..ඒ ලගින් ම...

"නිකෝ බේබී...එතන තවත් තරුවක් තියනවා.."

හෝසෝක් කිව්වේ ඒ තරුව යුන්ගිට පෙන්නමින්.

ඒ දිහා මොහොතක් බලාගෙන උන්නු යුන්ගි ඊගාව තප්පරේ ලස්සනට හිනා වුනෙ හෝසෝක්ගේ අත් දෙක එයාගේ අත්වලින් අල්ලගන්න ගමන්.

"ඒ තමයි ජැන්ග් හ්‍යුක්..."

යුන්ගි කියද්දි හෝසෝක් යුන්ගි දිහා බැලුවේ යුන්ගිට තියෙන්නෙ මොන තරම් කරුණාවන්ත හදවතක්ද කියලා කල්පනා කරමින්.

"එයාට මේ ලෝකෙදි එයාගේ ආදරේ දිනන්න බැරි වුනා..මොකද එයා ඒකට තෝරගත්තේ වැරදි පාරක්..ඒත් එයා මේ ලෝකෙන් ගියේ ඒ වැරැද්ද තේරුම් අරන්..ඉතින් මට විශ්වාසයි..එයාට අනිවාරෙන්ම ඊගාව වතාවේ අවස්තාවක් ලැබෙයි සියෝකි....මං ප්‍රාර්ථනා කරනවා එයාට එයාගේ ආදරේ ලැබෙන්න කියලා..."

ඒත් එක්කම යූන්ගිව තමන්ගේ පැත්තට හරවගත්තු හෝසෝක් මොහොතක් යුන්ගිගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන ඉදලා යුන්ගිගේ තොල්වලට එබුනෙ යුන්ගිගේ ඇස් ඉබේටම පියවෙද්දි.

හෝසෝක්ගේ සිහින් රෝසතොල් යුන්ගිගේ ලා රතුපාට පිරුනු දෙතොල්වල පහස සිත්සේ විදගනිද්දි යුන්ගිව දෝතින්ම හෝසෝක්ව වැලදගත්තේ හෝසෝක්ගේ උණුහුම ඔහුව වෙලා ගනිද්දි...

මොහොතකින් ඒ ආදරණීය හාදුවෙන් මිදුනු ඒ දෙන්නා ඔවුනොවුන්ගේ ඇස්දිහා බලන් හිටියේ වචනයෙන් කියාගන්න බැරි තරම් ආදරයක් ඒ ඇස් අස්සේ පුරෝගෙන.

"බැරි වෙලාවත් එදා රෑ මට ඔයාව මුණ ගැහුනේ නැත්නම්..."

යුන්ගි කිව්වේ එදා එයා හෝසෝක්ගේ වාහනයට හැප්පුනු ද්වස මතක් කරමින්..

"එදා මුණ ගැහුනේ නැතත් වෙනදවසක..වෙන කොහේ හරි අපි දෙන්නා මුණ ගැහේවි යූන්ගී බබී.."

හෝසෝක් කිව්වේ යුන්ගිගේ මූණ ඔහුගේ විසල් දෑත්වලට මැදිකරගන්න ගමන්.

"මොකද ඔයා තමයි මන් වෙනුවෙන් මේ ලෝකේට එවපු කෙනා..කවදා කොහේ හරි..කොයි විදිහකින් හරි මට ඔයාව ලැබෙන එක විශ්වාසයි..."

"අපි දැන් අපේ වෙලා ඉවරයි සියෝකි...සදහටම දැන් ඔයා මගේ..."

යුන්ගි කිව්වේ හෝසෝක්ගේ ගෙල වටේ අත්දෙක බැදගනිමින් ඔහුට තවත් ළන් වෙමින්.

"ඒ වගේම ඔයාත් මගේ..."

යුන්ගිගේ නලලින් හාදුවක් තියපු හෝසෝක් කිව්වේ ආදරණීය හිනාවකින් යුන්ගි දිහා බලමින්.

කාලෙක හැගීම් විරහිත වෙලා තිබුනු ඒ ඇස් දැන් උණුසුම් වෙලා තුබුනේ යුන්ගි වෙනුවෙන් පණ ගැහෙන ආදරය නිසාමයි.

"මං ඔයාට ආදරෙයි මගේ මැණික.."

හෝසෝක් කිව්වේ ආයෙමත් යූන්ගිගේ දෙතොල්වලට බර වෙමින්.

"මාත් ඔයාට ආදරෙයි සියෝකී.....!"

ඒ නිසල රෑ තරු පිරුනු විසල් අහස යට ඔවුන් ආයේ ආයෙත් ආදරෙන් බැදුනේ ජීවිත කාලෙටම තමන්ගේවුනු ඒ උණුහුමටතුරුල් වෙමින්..

එයාලටම වෙන් වුනු ලෝකෙක එයාලා තනි වුනෙ ඒ දෙන්නගේ මුලු ලෝකෙම ඔවුනොවුන් විතරක් වෙද්දි.

ඉතින්..

මේ තමයි යුවීගෙයි ජේහෝප්ගෙයි කතාව..

නෑ..

සියෝකිගෙයි නිකෝ බේබිගෙයි ආදර කතාව..♡

නපුරු වුණු ආදරණීය හදවතක් ගාව..
ආදරණීය වුණු නපුරු හදවතක කතාව...

අපි දන්නේ නෑ එයාලා ඉස්සරහට කොහේ ඉදියිද මොනවා කරයිද කියලා..ඒත් මේ අහස යට කොහේ හරි ඒ දෙන්නා ඉදිවී..එකිනාගේ තුරුලේ..නිමාවක් නැති ආදරෙ මැද්දේ ඒ දෙන්නා සතුටින් ජීවත් වේවි..

♡ නිමී ♡

______________________________________
26/08/2022
(2296 Words)

ඉතින් අදින් Forbidden Love ඉවරෙටම ඉවරයි.🙂

( ලොකූ )පරිච්ඡේද 50+ ක්

වචන 145,200+ ක්

( ආසන්න වශයෙන් වචන එක්ලක්ෂ හතලිස්පන්දහස් දෙසීයකට වඩා...ඔව් මං එකතු කරලා බැලුවා..🙂)

එකදිගට කියෙව්වත් පැය 32කට වඩා යන කතාවක්..

ඉතින් මේක තමයි සියෝකිගෙයි නිකෝ බේබිගෙයි කතාව..❤️

මට දුකයි හත්තිලව්වෙ..💔

මොනවා හරි කියාගෙන යන්න...😑❤️

අඩුම තරමේ කතාව හොදද නරකද කියලවත්..❤️

ඒත් බැරි නම් හාට් එකක් හරි..
❤️ මේකක් නෙමේ 💙 මේකක් හොදේ..😉

එහෙනම් මං ගියා..🙂

මෙච්චර කල් මන් එක්ක හිටියට ගොඩක් ස්තූතියි මගේ පැටව් ටික..❤️

ආදරෙයි..❤️😘

Moon_Fayre

( Forbidden Love මුලු කතාවම කියෙව්වානම් අන්තිමට මේක බලන්න..වචන ලක්ශ ගානකින් මං ඔයාලට දුන්නු මුලු කතාවම මේ වීඩියෝ එක ඇතුළේ හරිම ලස්සනට තියෙනවා..❤️ )


















__________________________________________________

කතාව මෙතනින් ඔෆීශියලි ඉවරයි ළමයි..ඊගාවට තියෙන චැප්ටර් එක ඔයාලට කැමති නම් විතරක් කියවන්න මොකද ඒ කතාව මේකේ එන්ඩ් එකට සම්බන්ද නෑ ඒ වගේම කතාවට සම්බන්ධයකුත් නෑ...මං ඒක කතාවට සම්බන්ධ කරන්න කැමතිත් නෑ..smut scene නැති කතාවක් මට ඕනි උනේ.ඒත් පටන් ගත්තු දවසේ ඉදන් එහෙම එකක් එනකම් බලන් හිටපු අය වෙනුවෙන් ලියපු තෑග්ගක් ඊගාව  චැප්ටර් එක...♥️

Bạn đang đọc truyện trên: AzTruyen.Top