Chapter 37

_____________________________________

One day,
Someone will love you the way you deserve to be loved.And you won't have to fight for it.

- Ruby Dhal -
_____________________________________


විනාඩි පහක් විතර ගිහිල්ලත් ජිමින්වත් යුන්ගිවත් පහළට නොආපු නිසා ජින් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ උඩට යන්න හිතාගෙන.ඒත් ජින් නැගිටපු ගමන් ම දැක්කේ පඩිපෙළ දිගේ හදිස්සියෙන් වගේ දුවගෙන එන ජිමින්ව.

ජිමින්ගේ මූණේ තිබුණු හැගීම මොකක්ද කියලා තේරුම් ගන්න බැරි උනත් ජිමින් පහළට දුවගෙන ආවේ කලබලයෙන් කියලා තේරුම් ගන්න ජින්ට බැරිවුනේ නෑ.

"ජීමින්..?"

ටපිටාව ගැනවත් සිහියක් නැතිව වෙන කල්පනාවකින් ආපු ජිමින් ඔලුව ඉස්සුවෙ ජින් එයාට කතා කරද්දි.ඒත් එක්කම අනිත් අයත් ජිමින්ගේ දිහා කුතුහලයෙන් බලාගෙන හිටියේ ජිමින්ගෙන් මොකක් හරි අමුත්තක් එයාලටත් පෙනුනු නිසයි.

"මොකද වුනේ..? ඇයි ඔයා මේ කලබලෙන් වගේ..?"

ජින් ඇහුවේ ජිමින්ගේ ලගට කිට්ටු වෙන ගමන්.

ටික වෙලාවක් ජින් දිහා බලාගෙන හිටපු ජිමින් අමාරුවෙන් මූණට හිනාවක් ගත්තේ නැත්නම් ජින්ගෙන් බේරුමක් නෑ කියලා දන්න නිසයි.

"අහ්ම්..මට එළියට යන්න වෙනවා හ්‍යුන්ග් මේ දැන් ම..මේ..පොඩි හදිස්සියක්..මං..මං ගිහින් එන්නම්.."

ජිමින් එහෙම කියලා ඉස්සරහට යන්න හැදුවත් ජින් ජිමින්ගේ අතින් අල්ලලා නවත්තගත්තේ ජිමින් ගොත ගහන එක ගැන සැකයක් එයාට දැනුනු නිසා.

"එළියට..ඇයි ඒ?"

නම්ජූන් අහද්දි ජිමින් බැලුවේ එයා දිහා දන්නා බැල්මකින් බලාගෙන ඉන්න නම්ජූන් දිහා.

නම්ජූන්ගේ බැල්මේ තිබුනෙත් ජිමින් කියපු දේ විශ්වාස නොකරන ගතියක්.

ඒ නිසාම ආයෙමත් බොරු හිනාවක් දාපු ජිමින් ජින්ගෙන් එයාගේ අත මුදවගත්තේ නම්ජූන් දිහා නොබලන්න පරිස්සම් වෙන ගමන්.

"ම්..මේ..ටේමින් මට කෝල් කළා දැන්.පොඩි හදිස්සියක් කියලා මීට් වෙන්න පුලුවන්ද ඇහුවා...මං එයාට කිව්වා මං එන්නම් කියලා....මං ගිහින් එන්නම් හ්‍යුන්ග් මට පරක්කු වෙනවා.."

එහෙම කියපු ජිමින් කවුරුත් ආයෙ මොකුත් කියන්න කලින් රෝනා ප්ලේස් එකෙන් එලියට දුවගෙන ගියේ ඇතුළේ හිටපු හැමෝම තුශ්නිම්භූත වෙලා වගේ ජිමින් ගිය දිහා බලාගෙන ඉද්දි.

"ටේමින්...!ටේමින් කියන්නේ අර මාස ගානක් ජීමින්ගේ පස්සෙන් ආපු පැණි ඩොක්ටරේ නේද...!?"

ජින් ඇහුවේ මේසේ වටේ වාඩි වෙලා හිටපු අය දිහා බලන ගමන්.

"ජිමින් කවදා ඉදන්ද ටේමින්ව ආශ්‍රය කරන්න පටන් ගත්තේ....!"

ජැක්සන් එයාටම කියාගත්තේ ජිමින් අඩුම තරමේ ටේමින්ගේ යාලුවෙක්වත් නෙමෙයි කියලා දන්න නිසයි.

"කවුද දන්නේ..!"

ජින් එහෙම කියාගෙන පඩිපෙළ නගින්න පටන් ගත්තේ එයාම ගිහින් යුන්ගිව පහළට එක්කගෙන එනවා කියලා හිතාගෙන.

ඒත් විනාඩියකින් විතර ජින් පහළට ආවෙත් ජිමින් වගේ ම තනියෙන්.

ඒ වෙද්දි මේසේ ලග ඉතුරු වෙලා හිටපු නම්ජූනුයි ජැක්සනුයිත් කාලා ඉවර වෙලා මේසෙන් නැගිට්ටේ ජින් එයාලා ලගට එද්දිමයි.

"ජීන්...කෝ යුන්ගි?අනික අද හෝසොක් පහළට ආවෙත් නෑනේ...?"

නම්ජූන් ඇහුවේ යුන්ගිගෙයි හෝසොක්ගෙයි කෑම ටික ජින් පිගන් දෙකකට වෙන් කරන හැටි බලාගෙන.

"ඒ දෙන්නා තව හුග වෙලාවකට පහළට එන එකක් නෑ...."

ජින් කිව්වේ හිනාවක් මූණේ තියාගෙන.

"මං යද්දි ලව් බර්ඩ්ස්ලා දෙන්නා තුරුල් වෙලා නිදි යුන්ගිගේ කාමරේ....මං හිතන්නේ හෝසොක් ඊයේ ඉදලා තියෙන්නේ යුන්ගි ගාව..එයාලට ටිකක් එයාලගේ ලෝකේ ඉන්න දෙන්න,කවුරුත් එයාලට ඩිස්ටර්බ් කරන්න එපා...!"

එහෙම කියපු ජින් කෑම පිගන් දෙකත් අරගෙන කිචන් එකට ගියේ නම්ජූන්ට වගේම ජැක්සන්ටත් හුස්ම ගන්න එකත් අමතක කරලා.

"ජීමින්..."

නම්ජූන්ට ඉබේටම කියවුනේ ජිමින් පහළට ආපු විදිහ මතක් වෙද්දි.ජිමින්ගේ මූණේ තිබුනු අමුතු පෙනුමට හේතුව මොකක්ද කියලා නම්ජූන්ට දැන් පැහැදිලියි.

"ජීමින්...!ජීමින් ඒ දෙන්නව දකින්න ඇති..ඒකයි එයා බොරුවක් කියලා එළියට ගියේ....!"

ජැක්සන් හෙමිහිට මිමිණුවේ නම්ජූන්ගේ අවදානය එයාගේ පැත්තට හැරෙද්දි.

"ඔයා මොකක් ගැනද කියන්නේ..?"

නම්ජූන් ජැක්සන්ගෙන් ඇහුවේ නළල රැලි කරගෙන.ජිමින් එළියට ගියේ යුන්ගිවයි හෝසොක්වයි දැකපු නිසා කියලා නම්ජූන්ටත් දැන් විශ්වාසයි.ඒත් නම්ජූන්ට තිබ්බ ප්‍රශ්නේ ඒක නෙමෙයි.

ජැක්සන් කොහොමද ඒක දන්නේ කියන එක.

මොකද ජීමින් හෝසොක්ට ආදරේ කරන බව නම්ජූන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ.

ජැක්සන් නම්ජූන් අහපු දේ තේරුම් ගත්තේ ටිකක් වෙලා ගිහින්.නම්ජූන් දිහා බලලා හුස්මක් පිට කරපු ජැක්සන්ගේ මුණෙ තිබුනේ නම්ජූන් කවදාවත් දැකලා නැති අසරණ පෙනුමක්.

"මං දන්නවා ජීමින් ආදරේ කරන්නේ හෝසොක්ට කියලා..."

නම්ජූන්ට විතරක් ඇහෙන සිහින් හඩකින් ජැක්සන් කිව්වෙ එයාලා කියන දේවල් ඇහෙන සීමාවේ වෙන කවුරුත් නැහැ කියලා ස්ථීර කරගත්තට පස්සේ.

නම්ජූන් ජැක්සන් දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා.

"ඔහොම බලන්න එපා...මං හැමදේම දන්නවා නම්ජූනා...!"

ජැක්සන් කිව්වේ නම්ජුන්ගේ හිතේ තිබුනු ප්‍රශ්නේ තේරුම් අරන්.

"ඒත් කොහොමද..?"

"ඔයාට මතකද රෙඩ් ඊගල්ස්ලා අපිට ඇටෑක් කරපු දවස..එදා හෝසොක් මාව ඉක්මනට රෝනා ප්ලේස් එකට එව්වා එයාට වෙඅහවුස් එකේ කරන්න දේවල් ටිකක් තිබුනු නිසා....ජිමිනුයි ඔයායි යුන්ගියි විතරයි එදා මෙහෙ ඉතුරු වෙලා හිටියේ.යුන්ගි කාමරේ නිදාගෙන හිටියේ..ඔයාලා ගේ ඇතුලේ නොහිටපු නිසා මං ඔයාලව හොයාගෙන ගාඩ්න් එකට ආවා..මං දැක්කා ඔයාලා ගාඩ්න් එකේ ඉන්නවා..ඉතින් මං ඔයාලා ඉන්න තැනට එන්න ආවා....ඒත්...!"

(^එදා පදුර ලග ඉදන් කතාව අහගෙන ඉදලා ගියපු කෙනා ජැක්සන් කියලා ගෙස් කරපු අයට මගෙන් සුබ පැතුම්..ඔයාලා හරී... ;-) )

ජැක්සන් ආයෙමත් නම්ජූන් දිහා බැලුවේ අමුතුම හැගීමක් ඇස්වල තියාගෙන.

"ඔයාලා ලගට ළන් වෙද්දි මට ඇහුනා ඔයාලා කතා කළේ මොනවා ගැනද කියලා නම්ජූන්..මං ඒ හැමදේම අහගෙන හිටියේ.එදා ඒ ගාඩ්න් එකේදි ඔයයි ජිමිනුයි කතා කරපු හැමදේම මං අහගෙනයි හිටියේ..."

ජැක්සන් බිම බැලුවේ අනුන්ගේ කතාවකට හොරෙන් කන් දීපු එක නරකයි කියලා එයා දන්න නිසා.ඒත් ජැක්සන් එයා එදා එහෙම කරපු එක ගැන පොඩ්ඩක්වත් පසුතැවිලි වුනේ නෑ.

"ජීමින් හෝසොක්ට කැමතියි කියලා මං කලින් ඉදන්ම දන්නවා...ඒත් එයා හෝසොක්ට ඒ තරම් ආදරෙයි කියලා මං දැනගෙන හිටියේ නෑ..."

ජැක්සන් කියන්නේ විනෝදෙන් කාලය ගත කරපු හරිම දගකාර චරිතයක්.ඒත් නම්ජූන් ජීවිතේ පලවෙනි වතාවට ඒ ජැක්සන්ගේ මූණේ වේදනාවක් දැක්කා.

"තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට ආදරය කරන හැටි බලන් ඉන්න එක මොන තරම් වේදනාවක්ද කියලා මං හොදටම දන්නවා..."

නම්ජූන් ජැක්සන් දිහා බැලුවේ පුදුමයෙන්.ජැක්සන් ඒ කියපු වචන..නම්ජූන් කවදාවත් ජැක්සන්ගෙන් ඇහෙයි කියලා නොහිතපුවා...

"ජැක්සන්..?"

නම්ජූන් ජැක්සන් දිහා බලාගෙන හිටියේ ජැක්සන්ගේ මූණේ තියන ඒ හැගීම් ඇස්වල තියන බැල්ම ඒ හැම චලනයකම තියන වේදනාව මොකක්ද කියලා එයාට හරියටම තේරෙද්දි.

තනියෙන් ආදරේ කරන එක..
තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරන හැටි බලාගෙන ඉන්න එක..
අහිමි ආදරයක් හිතේ තියාගෙන විදවන එක..

නම්ජූන් එයාගේ යාලුවගෙන් දැක්කේ ඒවා.
නිදහසේ සැහැල්ලුවෙන් හිටපු දගකාරයාගේ මූණේ තිබුනේ හරියටම ඒ හැගීම්.

"ජීමින් හෝසොක් දිහා බලන හැටි ඔයා දැක්කට,මං ජීමින් දිහා බලන හැටි දකින එක ඔයාට මග ඇරුනා නම්ජූනා....!"

එහෙම කියපු ජැක්සන් මේසය උඩ තිබුනු එයාගේ ෆෝන් එක අරගත්තේ නම්ජූන්ට වේදනාත්මක හිනාවකින් සංග්‍රහ කරන ගමන්.

"ජීමින් දුකෙන් ඉද්දි මට එයාව තනි කරන්න බෑ...හෝසොක් ඇහුවොත් මං වැඩකට එළියට ගියා කියලා කියන්න..."

එහෙම කියාගෙනම ජැක්සන් එතනින් එළියට ඇවිදගෙන ගියේ නම්ජූන් ජැක්සන් කියපු දේ හරියටම තේරුම් ගන්න උත්සාහ කරද්දි.

"ඒ කියන්නේ...ඒ කියන්නේ ජැක්සන්...ජැක්සන් ජීමින්ට ආදරේ කරනවද...!?"

ජැක්සන් කියපු දේ අදහස හරියටම නම්ජූන්ට පැහැදිලි වුනේ එතකොටයි.

"ඔයාට ඔයාගේ ලගම ඉන්න අය ගැන ඔයිට වඩා අවදානයෙන් ඉන්න වෙනවා ජුනී...!"

තමන්ගේ කණ ලගින් ම ඇහුනු සිහින් කටහඩට උඩ ගියපු නම්ජූන් ඉක්මනට පිටිපස්ස හැරුනේ කතා කලේ කවුද බලන්න.එයා කොයි තරම් කල්පනාවේ ගිලිලා හිටියද කිව්වොත් එයාගේ ලගටම කෙනෙක් ආපු බවවත් එයාට දැනුනේ නෑ.

පිටිපස්ස හැරුනු නම්ජූන් දැක්කේ එයාගේ ලගම හිටගෙන ඉන්න ජින්ව.

සුදු පාට අත් දිග ශර්ට් එකක් ඇදලා හිටපු ජින් ඒකේ අත් දෙක වැලමිට හරියට නමාගෙන හිටියේ ශර්ට් එකේ යට කොටස යට නොකර ඒක කලු පාට ටයිට් කලිසම උඩින් වැටෙන්න දෙමින්.

ජින්ගේ කලු පාට කොණ්ඩේ උඩට කරලා පීරලා තිබුනේ කොහොමත් කඩවසම් ජින්ගෙ පෙනුම තවත් කඩවසම් කරමින්.

ජින්ගේ ඇස් දෙකත් ලස්සනයි කියලා නම්ජූන්ට නොහිතුනා නෙමෙයි.ඒත් ජින්ගේ ඇස් දෙකට වඩා ලස්සන එයාගේ තොල් දෙක..

නම්ජූන් ඉක්මනට ජින්ගේ මූණ චෙක් කරන එක නවත්තලා කෙලින්ම ජින්ගේ ඇස් දිහා බැලුවේ තමන් ජින්ගේ තොල් දිහා බැලුවේ ඇයි කියලා කල්පනා කරන ගමන්.

" ඔයා තේරුම් ගත්තේ ජීමින්ගේ හිතේ හෝසොක් ගැන තියන ආදරේ විතරයි...."

එහෙම කියපු ජීන් එයාගේ අතේ තිබුනු බීම වීදුරුව නම්ජුන්ගේ අතට දුන්නේ ලාවට හිනා වෙන ගමන්.

ඒත් නම්ජූන් බීම වීදුරුවක් නොදැක්ක තරම්.එයාගේ ඇස් තිබුනේ ජීන්ගේ දුඹුරු පාට ඇස් අස්සේ.

"ඒත් තනියෙන් ආදරේ කරන්නෙ ජීමින් විතරක් නෙමෙයි ජුනී....."
"ඔයාට මග ඇරුනු ඒකපාර්ශ්වීය ප්‍රේම කතාත් තියනවා...."
"ජැක්සන්ගේ කතාවත් ඒ වගේ එකක්..."

ශර්ට් එකෙන් වැහිලා තිබුනු කලිසමේ සාක්කු දෙකට අත් දෙක රුවාගත්තු ජීන් නම්ජූන් ලගටම ඇවිත් නතර වුනේ නම්ජූන්ව පහු කරන්න ඔන්න මෙන්න තියෙද්දි.

ජින්ගේ උරහිස් තමන්ගේ උරහිස්වල ගෑවෙද්දි තමන්ගේ දකුනු පැත්තෙන් හිටගෙන හිටපු ජින් දිහා නම්ජූන් බැලුවේ ඇග දශමයක්වත් හොලවන්නේ නැතිව ඔලුව විතරක් හරවලා.

ජින් එයාගේ දුඹුරු පාට ඇස්වලින් කෙලින්ම බැලුවේ නම්ජූන්ගේ ඇස් දිහා.

නම්ජූන් ඒ දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ.

"ඒත් ඔයා නොදන්න තව දෙයක් මං කියන්නද..?"

ජින්ගේ ඇස්වල තිබුනු බැල්ම දකිද්දි නම්ජූන්ට දැනුනේ හරි අමුතු හැගීමක්.මෙච්චර කාලෙකට ජින් වෙනුවෙන් නොදැනුනු දෙයක් ඒක...

"ජැක්සන්ගේ කතාව ඇරුනහම..මේ වහලේ යට...ඔයාට මග ඇරුනු..තවත් ඒකපාර්ශ්වීය ආදර කතාවක් තියනවා ජුනී......"
"ඔයාගෙ ඇස් ඉස්සරහම තිබිලත්...ඔයාට තවමත් නොපෙනුනු කතාවක්...."

එහෙම කියාගෙනම ජින් එතනින් ගියේ වේගෙන් ගැහෙන හදවතක් එක්ක නම්ජූන්ව ප්‍රශ්න අස්සේ අතරමන් කරලා...

______________________________________

මහ හඩින් කෑ ගහමින්,එහෙ මෙහෙ දුවමින් සෙල්ලම් කරන පොඩි ළමයින්වයි එයාලාගේ පස්සෙන් හිනා වෙවි දුවන අම්මලා තාත්තලයි පහු කරගෙන ජැක්සන් ඉස්සරහට ඇවිදගෙන ගියේ ෆෝන් එකෙන් ඇස් ඉවතට ගන්නෙවත් නැතිව.

ජිමින් ඉන්නේ රෝනා ප්ලේස් එක ලගම වගේ තිබුනු පාක් එකක කියලා හොයාගත්තු ජැක්සන් ඒ පාක් එකටම ආවේ ජීමින්ව හොයාගෙන.

ෆෝන් එකේ ජීමින් ඉන්න තැන පෙන්නන රතු ඩොට් ර්ක තිබුනු තැනට තමන් ඇවිත් කියලා දැක්කට පස්සේ ජැක්සන් ෆෝන් එක සාක්කුවට දාගෙන වටපිට බැලුවේ ජීමින්ව දකින අරමුණින්.

පියවර කීපයක් ඉස්සරහට ගියපු ජැක්සන්ගේ ඉස්සරහම තිබුනු බන්කුවක වාඩි වෙලා හිටපු හුරුපුරුදු රූපය දැකපු ජැක්සන්ට ඒ ජීමින් කියලා අදුනගන්න බැරි උනේ නෑ.

ජිමින්ට ජැක්සන්ව නොපෙනුනාට පිටිපස්සෙන් හිටපු ජැක්සන්ට ජිමින්ව හොදටම පෙනුනා.ජිමින් හිටියේ එයාගේ ඉස්සරහ සෙල්ලම් කරන චූටි ගෑණු ළමෙකුයි පිරිමි ළමෙකුයි දිහා බලාගෙන.

ඒ ගෑණු ළමයට අවුරුදු තුනක් විතර ඇති..අවුරුදු පහක් විතර වෙන පිරිමි ළමයා අර චූටි ළමයගේ අයියා වෙන්න ඇති කියලා ජැක්සන් අනුමාන කලේ පැත්තක තිබුනු තවත් බන්කුවක වාඩි වෙලා ඒ ළමයි දෙන්නා දිහා ආදරෙන් බලාගෙන ඉන්න යුවළක් දැක්කට පස්සේ.

ජීමින්ව හොයාගෙන එද්දි ජැක්සන් කීයටවත්ම හිනා වෙලා ඉන්න ජිමින් කෙනෙක්ව බලාපොරොත්තු වුනේ නෑ..එයා ආවේ දුකින් ඉන්න ජීමින් කෙනෙක් හොයාගෙන.

ඒත් ජැක්සන්ගේ ඉස්සරහ හිටපු ජිමින්ගේ මූණේ තිබුනේ හිනාවක්..විනාඩි පහක් දහයක් ජැක්සන් එතැනටම වෙලා සතුටින් හිනා වෙලාඉන්න ජීමින් දිහා බලාගෙන හිටියේ මොහොතකටවත් ජීමින්ගෙන් ඇස් ඉවතට නොගෙන.

මෙච්චර වෙලා ජීමින් ඉස්සරහ සෙල්ලම් කරලර උන්නු චූටි ළමයි දෙන්නා එතනින් ඈත් වෙලා අර යුවළ උන්නු බන්කුව ගාවට යද්දියි ජැක්සන් ජීමින් ලගට යන්න පටන් ගත්තේ.

මූණට ලස්සන හිනාවක් ගත්තු ජැක්සන් හිමීට අඩිය තිය තිය ජිමින්ගේ පිටිපස්සට ගිහින් ජීමින්ගේ ඇස් දෙක වැහුවේ ජීමින්ට හිතන්නවත් ඉඩක් නොතියා..

ජීමින්ගේ ඇස්වල තෙතමනය ජැක්සන්ට දැනුනත් ජැක්සන් ඒ ගැන මොකුත් වෙනසක් නොපෙන්වා ඉන්න තීරණය කළේ එයා ඒ කදුලුවලට හේතුව යන්තමින් වගේ දැනගෙන හිටපු නිසා.

ජීමින් එකපාරටම ගැස්සුනත් තප්පර දහයක් යන්නත් කලින් ජිමින්ගේ මූණට හිනාවක් ආවේ එයාගේ අත් දෙක ජැක්සන්ගේ අත් දෙක උඩින් නතර වෙද්දි.

"මෝඩ ජැකී....!"

ජිමින් ලස්සනට හිනා වෙන ගමන් කිව්වේ ජැක්සන්ගේ මූණ ඇඹුල් වෙද්දි.

කරත්තෙට අහු වෙච්ච කජු ලෙල්ලක් වගේ මූණත් හදාගත්තු ජැක්සන් බුම්මගෙනම ගිහින් ජීමින් ගාවින් වාඩි වුනේ ඒක දැකපු ජිමින් තවත් හයියෙන් හිනාවෙද්දි.

"කොහොමද එකපාරින්ම ඒ මං කියලා හොයාගත්තේ...?"

ජැක්සන් ඇහුවේ ජීමින්ගේ ලස්සන හිනාව දකිද්දි ඉබේටම එයාගේ මූණට ආපු හිනාව අමාරුවෙන් තද කරගන්න ගමන්.

"ඔයාගෙ මුද්ද...!"

එහෙම කියලා ජිමින් ආයෙත් හයියෙන් හිනා වුනේ ජැක්සන්ගේ ඇස් දෙක එයාගේ සුලගිල්ලේ තිබූනු මුද්දට යද්දි.

කළු පාට ගලක් අල්ලපු කලු පාට ටයිටේනියම් මුද්දක් වුනු ඒකේ J අකුරක් කොටලා තිබුනේ ඒ ගල ඇතුලින් පේන විදිහට..

ජැක්සන් ඒ මුද්ද ඇගිල්ලට දාගත්තු දවසේ ඉදන් කිසිම දවසක ඒ මුද්ද එයාගේ අතින් අයින් නොකළ තරම්...

ඇත්තටම ඒ මුද්දේ මුල් හිමිකාරයා ජීමින්..ජැක්සන් ජීමින්ට නොවදිනා වැදුම් වැදලා ඒ මුද්ද ඉල්ලගත්තට ජිමින්ගේ චූටි ඇගිලිවල සයිස් එකට තිබුනු මුද්ද ගැලපුනේ ජැක්සන්ගේ සුලගිල්ලට විතරයි..

"ආහ්...!!"

ජැක්සන් අඩියත් හප්පලා කෑ ගැහුවේ හයියෙන් හිනා වෙන ජීමින් දිහා හොරැහින් බලන ගමන්.

"ඇත්තටම ඔයාට ඔය මුද්ද ගලවන්න අදහසක් එහෙම නැද්ද ජැක්සන්...?"

"නෑ..ඒක ගලවන්නේ නෑ..!!"

එහෙම කියපු ජැක්සන් මුද්ද දාපු අත පපුවට තියාගෙන ජිමින්ට රැව්වේ එයාගේ කෝලම්වලට ජිමින් හයියෙන් හිනා වෙන හැටි බලන්න එයාට ඕනි වුනු නිසා.

ටික වෙලාවක් එහෙමම හිටපු ජැක්සනුත් ජිමින් එක්කම හිනා වෙන්න පටන් ගත්තේ හිතේ තිබුනු හැම ප්‍රශ්නයක්ම අමතක කරලා..

ටික වෙලාවකින් ඒ දෙන්නගෙම හිනාව නැවතුනත් දෙන්නගෙම මූණේ තිබුනේ කලින්ට වඩා සතුටු පෙනුමක්...

කලින් තමන්ගේ ඉස්සරහ ඉදපු ළමයි දෙන්නා අර යුවලගේ මැදින් වාඩි වෙලා හුරතල් වෙන දිහා බලපු ජීමින් ලොකු හුස්මක් පහළ දැම්මේ හිතේ තිබුනු ලොකූ බරක් නිදහස් කළා වගේ.

"මගේ නංගිත් චූටි කාලේ අර විදිහමයි..."

ජිමින් හිනා වෙලාම කිව්වේ අර චූටි ගෑණු ළමයා දිහා බලාගෙන.

"එයා චූටි කාලේ සුදු පාට බෝල ගෙඩියක් වගේ...හරිම හුරතල්..කම්මුල් දෙක රෝසම රෝස පාටයි...."

ජිමින් ආදරෙන් එයාගේ නන්ගිව මතක් කරන හැටි ජැක්සන් බලාගෙන හිටියේ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිව.

"එයාට කේන්ති ගියාම හරි දුක හිතුනහම හරි අඩන්න කලින් එයා කරන්නේ බිම වාඩි වෙන එක...හොද තැනක් බලලා සනීපෙට වාඩි වෙලා එහෙම තමයි ඒ කපටි කෙල්ල අඩන්න පටන් ගන්නේ....."

ජීමින් එහෙම කියලා හිනා වෙද්දි ජැක්සන්ගේ මූණෙත් හිනාවක් ඇදුනේ ඉබේටමයි.ජීමින් හිනා වුනත් එයාගේ නන්ගිව මතක් කරද්දි එයා කොයි තරම් නම් දුක් වෙනවද කියලා ජැක්සන් දන්නවා..

හැමෝටම සතුට බෙදන එයාලගෙ පුංචි කුමාරයා වුනු ජීමින්ගේ හැමවෙලේම මූණේ හිනාවක් තිබ්බට එයා හිත අස්සේ හන්ගගෙන හිටියෙ පොඩි වේදනාවක්නම් නෙමෙයි.

හෝසොක් ජීමින්ව සීරෝ එකට එක්කගෙන ආවට පස්සේ ජීමින්ගේ ජීවිතේට ආයෙමත් සතුට ලැබුනා තමයි...ඒත් ඊට කලින් ජීමින් මේ ලෝකේ මනුස්සයෙක්ට විදින්න බැරි තරම් දුක් ගොඩක් උහුලපු කෙනෙක්...ඒ හැමදේම ජැක්සන් දැනගෙනයි හිටියේ...

"මට එයාව ගොඩක් මතක් වෙනවා හ්‍යුන්ග්...."

ජිමින් කිව්වේ එයාගේ ඇස්වල රැදිලා තිබුනු කදුලු බින්දුවක් ඒත් එක්කම කම්මුල් දිගේ ගලාගෙන එද්දි.

ඒත් එක්කම ජීමින් ලගට කිට්ටු වුනු ජැක්සන් ජීමින්ගේ කම්මුල් තෙමපු කදුලු එයාගේ මහපටගිල්ලෙන් පිහිදැම්මේ මුවින් කිසිම දෙයක් නොකියා..

ඒත් ඒ ස්පර්ශම ජීමින්ට ආරක්ශාවක් වගේ දැනෙද්දි ජිමින් එයාගේ හිස ජැක්සන්ගේ උරහිසින් තියාගෙන ඇස් පියාගත්තේ හිත මතුපිටට එන්න දගලන වේදනාකාරි මතකයන් අමතක කරන්න උත්සාහ කරන ගමන්.

තමන්ගේ උර මත තියන ජීමින්ගේ හිස අතගාන ගමන් ජැක්සන් අනිත් අතින් ජිමින්ගේ අතක් තදින් අල්ලගත්තේ ජීමින්ට ශක්තියක් වෙන්න වගේ.

ජැක්සන් කියන්නේ කොයි තරම් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වුනත් ඇතුළතින් ජැක්සන් කියන්නේ ගොඩක් හොද කෙනෙක්.

අනිත් අය එළිපිටම තමන්ගේ ආදරණීයන් ගැන වද වුනාට ජැක්සන් හැමවෙලේම කලේ එයාලට නොදැනෙන්න එයාලා ලග උන්නු එක.

ජැක්සන්ගේ හිතේ ජීමින් ගැන තිබුනු ඉඩ වෙන කිසිම දේකට නොතිබුනු තරම්...
ජීමින් කියන්නෙ ජැක්සන්ගේ අන්ක එක.ඒත් ඒක දැනගෙන හිටියෙත් ජැක්සන් ම විතරයි..

"එයා ඉන්න තැනක ගොඩාක් සතුටින් ඇති ජීමිනී..."

ජැක්සන් කිව්වේ අර චූටි ගෑණු ළමයා එයාගේ අයියගේ අතින් අල්ලගෙන පාක් එක පුරා දුවන හැටි බලාගෙන..

"කවදාහරි දවසක ආයෙමත් ඔයාට එයාව මුනගැහේවි...ඉස්සර වගේම ඔයාගේ අතේ එල්ලිලා එහෙ මෙහෙ දුවගෙන යන්න එයා ඔයාව හොයාගෙන ඒවි..."

පාක් ජිමින් කියන්නේ සීරෝ එකත් එක්ක මුල ඉදන් සම්බන්ද වෙලාහිටපු පවුලක කෙනෙක් නෙමෙයි.

ජීමින්ගේ තාත්තා කොරියාවේ හිටපු ප්‍රසිද්ධ,දක්ශ ඒ වගේම අවංක විනිසුරුවරයෙක්.එයාගේ අම්මා විද්‍යා ගුරුවරියක් වෙලා හිටියත් ජිමින්ගේ නන්ගි ඉපදුනාට පස්සේ රැකියාවට තිත තියලා ගෙදර නතර වුනේ එයාට දරුවෝ එක්ක හැම මොහොතක්ම ගත කරන්න ඕනි කියලයි.

ඒ නිසාමද මංදා ජිමිනුයි එයාට වඩා අවුරුදු හතක්ම බාල වුනු ජිමින්ගේ නංගියි දෙන්නම තාත්තටත් වඩා ලන් වුනේ එයාලගේ අම්මට..ඒත් එයාලා අම්මට වගේ ම තාත්තටත් එක සමානවම ආදරේ කළා.ජිමින්ගේ පව්ලේ ආදරේ කියන එක උතුරන්න තිබුනා.

ඒත් විනිසුරුවරයෙක් අවංක වෙනවා කියන්නෙම අනතුරක්..ජිමීන්ට අවුරුදු දාසයක් වෙද්දි අවාසනාව එයාලව හොයාගෙන ආවේ එයාලගේ ආදරේ සතුට පිරුනු පව්ල කඩලා ඉහිරුවලා දාලා..

ජිමින්ගේ තාත්තා නිසා නීතියේ රැහැනට හසු වුනු අපරාධකාරයෙක් ඉහළ නිලධාරින්ගේ උදව් ඇතිව හිරෙන් එළියට ආවේ පලිගැනීම තමන්ගේ එකම අරමුණ කරගෙන.

ජිමින්ගේ වාසනාවටද අවාසනාවටද මංදා ඒ දවඩේ ජිමින් හිටියේ බුසාන්වල එයාගේ සීයාගේ ගෙදර..

ජිමින්ගේ අම්මයි තාත්තයි නංගියි විතරයි සෝල්වල තිබුනු එයාලගේ ගෙදර හිටියේ..

සීයලාගේ ගෙදර ඉදන් පහුවදා එයාගේ නන්ගිව බලන්න ආසාවෙන් දුවගෙන ආපු ජිමින්ට එයාහේ ගෙදර දොර ඇරියට පස්සේ දකින්න ලැබුනේ කීයටවත් එයා හිතපුවත් නැති දසුනක්.

අවුල් ජාලාවක් වෙලා තිබුනු සාලේ මැද ඇයග්‍රෙම පපුවෙන් ගලාගෙන ගිය ලේ විලක් මැද වැටිලා හිටියේ ජිමින්ගේ අම්මා...

ඒ ලගම ජිමින්ගේ තාත්තත් ඇග පුරා රැදුනු වෙඩි උණ්ඩ මහ ගොඩක් එක්ක වැටිලා හිටියේ ජිමින්ගෙ මුලු ලෝකෙම එයාගේ ඇස් පනාපිටම කඩාගෙන වැටෙද්දි..

ඒත් ජිමින්ට එකම එක බලාපොරොත්තුවක් තිබුනා..ඒ එයාගේ නන්ගි..අම්මගෙයි තාත්තගෙයි ලේ උඩින් වැටි වැටි ජිමින් දුවගෙන ගියේ එයාගේ නන්ගිගේ කාමරේට..ඒත් ඒ අන්තිම බලාපොරොත්තුවත් බලාපොරොත්තුක්ම විතරක් වුනේ ජිමින්ට මේ ලෝකේ තිබුනු වටිනම දේ උනු පව්ල එයාට සදහටම නැති කරමින්.

ජිමින්ගේ නන්ගිගේ ඇදේ රෝස පාට ඇද ඇතිරිලි රතු පාට කරමින් ගලාගෙන ගිහින් තිබුනේ ඇයගේ හිසේ පැත්තකින් තිබුනු තුවාලයෙන් ගලාගෙන ගිය ලේ...

ජිමින්ගේ අම්මාවයි තාත්තවයි මරලා දාපු ඒ අපරාධකාරයෝ ජීවිතේ ගැන කිසිම දෙයක් නොදන්න අවුරුදු නමයක අහින්සක දැරියවත් හිසට වෙඩි තියලා මරලා දාලා තිබුනේ නිදි ඇදේදිමයි..

ඒ චූටි කෙල්ල නින්දෙන්ම මේ ලෝකේ දාලා ගිහින් තිබුනේ එයාගේ ආදරණීය අයියව මේ ලෝකේ තනි කරලා..

එදා ඉදන් ජිමින්ගේ ජීවිතේ ගෙවුනේ කදුලු එක්ක..තමන් ආදරේ කරපු හැමෝම එක රැයකින් තමන්ට නැති වෙනවා කියන්නේ හිතද්දිත් පපුව හිරවෙන තරම් වේදනාවක්...අවුරුදු දහසයක පොඩි කොල්ලෙක් උනු ජිමින් ඒ හැමදේම කදුලු එක්ක හරි දරාගත්තේ එක අරමුණක් වෙනුවෙන්..ජීවිතේ අතාරින්න හිතෙන හැම මොහොතකම එයා ශක්තිමත් වුනේ ඒ අරමුණ නිසා..

ඒක තමයි එයාගේ ආදරණීයයන්ව මරපු අයගෙන් පලි ගන්න එක.

කරුණාවන්තකමේ ප්‍රතිමූර්තියක් වගේ හිටපු ජිමින් දරුණු වෙන්න ගත්තේ ඒ අරමුණත් එක්ක.පාසල් ගමන අත් ඇරලා දාපු ජිමින් එයාගේ පව්ලේ අයගේ මිනිමරුවන්ගෙන් පලිගන්න ගත්තේ හරිම දක්ශ විදිහට.

අවුරුදු දාහතක කොල්ලෙක්ට කරන්න තියාහිතන්නවත් බැරිතරම් බුද්ධිමත් විදිහට ජිමින් ඒ මිනීමරුවන්ගෙන් එක්කෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම මරලා දැම්මේ මේ ලෝකේ තියන දරුණුම වද උන්ට දීලා..

අන්තිමට ජිමින්ට මරන්න ඉතුරු වෙලා හිටියේ එයාගේ දෙමාපියන් මරපු සැලැස්මේ මහ මොලකරු විතරයි.ඒත් අවුරුද්දක්ම ගිහිල්ලත් ජිමින්ට ඒක කරගන්න අවස්තාවක් ලැබුනේ නෑ..

අන්න ඒ මොහොතෙදියි ජිමින්ට හෝසොක් මුණ ගැහෙන්නේ..වෙන විදිහකට කිව්වොත් ඒ අවස්තාවෙදියි හෝසොක් ජීමින්ව හොයාගෙන එන්නේ.

තමන්ගේ පව්ලේ අයව මරපු අයගෙන් සාර්තකව පලි ගන්න පොඩි කොල්ලා ගැන දැනගත්තු හෝසොක් ජිමින්ට උදව් කරන්න් ඉදිරිපත් වෙන්නේ ඒ කොල්ලා ගැන ඇති වුනු පැහැදීම නිසා..පොරොන්දු උනා වගේම ජිමින්ගේ පලි ගැනීම සම්පූර්ණ කරගන්න උදව් කරපු හෝසොක් ඒ වෙද්දි හිටියේ ජිමින් ගැන ලොකු පැහැදීමකින්.ඒ නිසයි හෝසොක් ජිමින්ව සීරෝ එකට බදවගන්න තීරනය කරන්නේ....පලි ගැනීම සාර්ථක වුනාට පස්සේ ජීවිතේ කිසිම අරමුණක් නැතිව හිටපු ජීමින් සීරෝ එකත් එක්ක එකතු වෙන්නේ ඒ විදිහට

එදා ඉදන් ජිමින්ගේ පව්ල උනේ සීරෝ එක.
තාත්තා වගේ හොයලා බලන හෝසොක්,ජින්,නම්ජූන්,
ඒ වගේම අම්මා වගේ ලගින් ම ඉන්න ජැක්සන්,
සහෝදරයෝ වගේ ඉන්න සීරෝ එකේ අනිත් අය එක්ක ජිමින් ආයෙත් එයාගෙ ජිවිතේ පටන් ගත්තේ සීරෝ එකත් එක්ක.

ජීවිතේ නවත්තපු තැනින් පටන් ගත්තු ජිමින් ආයෙත් ඉගෙනීම සම්පූර්ණ කලේ හෝසොක්ගේ උවමනාවටම වගේ.ඒ නිසාම ජිමින් අන්තිමට වෛද්‍යවරයෙක් වුනේ එයාගේ අම්මගේ හීනය හැබෑ කරමින්.

ජීමින් එයාගේ වටේ ඉන්න හැමෝගෙම ජීවිත ලස්සන කළේ හදවතින්මයි.
ජිමින්ගේ හිනාව,ආදරය,කරුණාව මේ හැමදේම අනිත් අයට සතුට ගෙනාවට අතීතය තවමත් ජිමින්ගේ හදවතේ කොණක හැන්ගිලා තිබුනේ ජීවිතේ සතුට විතරක් විදින කෙනෙක් නෑ කියලා සනාත කරමින්.

මේ හැමදේම මතක් කරමින් ජිමින් ජැක්සන්ගේ උරහිසේ හිස තියාගෙන හිටියේ ජැක්සන් නිහඩවම ජිමින්ට ශක්තියක් වෙද්දි.

ඒ විදිහට ගත වුනු හෝරාවකට විතර පස්සේ හිතේ වේදනාව ටිකක් අඩු කරගත්තු ජිමින් එයාගේ ඔලුව උස්සලා එයාගේ අත මත තිබුනු ජැක්සන්ගෙ අත එයාගේ චූටි අතට තදකරගත්තේ ලස්සනට හිනා වෙන ගමන්.

"තෑන්ක්ස්..."

ජිමින් කියද්දි ජැක්සන් එයාගෙ අනිත් අතින් ජිමින්ගේ කොණ්ඩේ ඇවිස්සුවේ හිනා වෙන ගමන්.

"මං දන්නවා මං කට පියාගෙන හිටපු එකට තමයි ඔයා මට ඔය තෑන්ක්ස් කරන්නේ කියලා..."

ජැක්සන් හිනා වෙවි කියද්දි ජිමින් ආයෙමත් හිනා වුනේ බිම බලාගෙන.

"නෑ හ්‍යුන්ග්....මං ඔයාට තෑන්ක්ස් කරන්නේ මට කවුරුත් නෑ කියලා හිතෙන හැම වෙලාවකම මාව හොයාගෙන එනවට...මට ඕනිම වෙලාවට මගේ ලග ඉන්නවට...!"

ජිමින් එහෙම කියලා ජැක්සන් දිහා බැලුවේ එයාගේ ඇස් හීනි වෙන ලස්සන හිනාවක් මූණේ තියාගෙන.

"ඒක අද වගේම හෙටත් එහෙමමයි ජීමිනී..ඔයාට ඕනි හැම මොහොතකම මං ඔයාගේ ලගම ඉන්නවා..."

"මං දන්නවා..."

ජිමින් එහෙම කියලා ආයෙමත් බිම බලාගත්තේ ඒක කියද්දි ජැක්සන්ගේ ඇස්වල තිබුනු ආදරණීය බැල්ම මග ඇරගනිමින්.

ටික වෙලාවකින් වාඩි වෙලා හිටපු ජැක්සන් නැගිට්ටේ එයාගේ දකුණු අත තවමත් වාඩි වෙලා උන්නු ජිමින් දිහාට දිගු කරමින්.

ජිමින් ඒ දිහා බැලුවේ කුතුහලයෙන්.ඒත් මොකුත්ම නොකියපු ජැක්සන් ජිමින්ගේ අතින් ඇදලා එයාව නැගිට්ටවගෙන පාක් එකෙන් එලියට යන්න ගත්තේ ජිමින් අහන දාහක් ප්‍රශ්නවලට උත්තර දෙන්නෙවත් නැතිව.

"හ්‍යුන්ග් කොහෙද මේ ඔයා මාව ඇදගෙන යන්නේ...?"

අන්තිමට පාක් එකේ ගේට් එක ගාව නතර වුනු ජැක්සන් ජිමින්ගේ දිහාට හැරුනේ දගකාර හිනාවක් මූණේ තියාගෙන.

"ඔයාට යන්න ඕනි කියලා කියපු දිහාවකට.."

ජැක්සන් කිව්වේ ජිමින්ගේ මූණ තවත් කුතුහලෙන් පිරෙද්දි.

"මං යන්න ඕනි කියපු දිහාවක?කොහේද..?"

ජිමින් ඇහුවේ ජැක්සන් දිහා බලන්න ඉස්සිලාම රිදෙන්න ගත්තු බෙල්ල අතගාන ගමන්.

"මිසිස් වන්ග් බලන්න..."

ජැක්සන් කියද්දි ජිමින්ගේ බෝල ඇස් දෙක තවත් ලොකු වුනේ ජැක්සන් බලාගෙන ඉද්දි.

"මොකද..??"

කටත් ඇරගෙන බලාගෙන ඉන්න ජිමින්ගෙන් ජැක්සන් ඇහුවේ බය වෙලා වගේ..

"මිසිස් වන්ග්...?ඒ කියන්නේ ඔයා මාව එක්කගෙන යන්නේ ඔයාගේ වයිෆ් බලන්න්ද..හ්‍යුන්ග් ඔයා මැරි කලේ කවද්ද..??!ඇයි මට කිව්වේ නැත්තේ..!!?කාවද ඔයා මැරි කලේ...?!!..."

ජීමින් එකදිගට ප්‍රශ්න අහගෙන අහගෙන යද්දි ජැක්සන් එයාගේ අතින් ජිමින්ගේ කට වැහුවේ සෝ ඩන් ලුක් එකකින්.

"කොහේ ඉන්න වයිෆ් කෙනෙක් ගැනද කොට ජීමී ඔයා ඔය කියවන්නේ...මං මිසිස් වන්ග් කිව්වේ අපේ අම්මාට..නැතිව කොහේවත් ඉන්න සක්කරවට්ටමක් ගැන නෙමෙයි..!!"

එහෙමකියාගෙනම ජැක්සන් එයාගේ අත අයින් කරගත්තේ ජිමින්ගේ ඇස් යතාවබෝධයෙන් ආයෙමත් සාමාන්‍ය තත්වෙට හැරෙද්දි.

"ඕහ්...!"

"ඒ කියන්නේ අපි ඔයාගේ ගෙදර යනවද හ්‍යුන්ග්...?!"

ජිමින් ඇහුවේ ලොකු සතුටකින්.ජැක්සන්ගේ අම්මා ජිමින්ට සැලකුවේ එයාගෙම දරුවෙක්ට වගේ..ජිමිනුත් අනිත් හැමෝගෙම අම්මලට වඩා ලන් වුනේ ජැක්සන්ගේ අම්මට..

ජැක්සන් ආයෙමත් ජිමින්ගේ අතිනුත් ඇදගෙන ඉස්සරහට යන්න ගත්තේ වාහන නවත්තලා තිබුනු හරියට.

"පොඩ්ඩක් ඉන්න...ආන්ටි මේ දවස්වල ඉන්නේ බුසාන්වල නේද..?"

ජිමින් ඇහුවේ අන්තිමට කෝල් කරපු වෙලේ මිසිස් වැන්ග් එයා බුසාන් ගියපු බවක් කියපු බව මතක් වෙලා.

"හ්ම්ම්..."

"ඒ කියන්නේ අපි දැන් බුසාන් යනවද...?"

ජිමින් ඇහුවේ එයාගේ මූණේ තිබ්බ හිනාව තවත් ලොකු වෙද්දි.

"යෙප්....."

ජිමින්ගේ පැත්තට හැරුනු ජැක්සන් කිව්වේ ඇහැක් ගහන ගමන්.

ඒත් ජිමින් හිටපු තැනම නතර වුනේ ජැක්සන් එයා ආපු වාහනය ලගට යද්දි.

ජිමින් හිතාගෙන හිටියේ ජැක්සන් ආවේ කාර් එකකින් කියලා.ඒත් ජැක්සන් නතර වෙලා හිටියේ කාර් එකක් ගාව නෙමෙයි.

ජිමින්ගේ ඇස් දිලිසෙන්න ගත්තේ එයාගේ මුලු මූණම සතුටින් පිරෙද්දි..

"හ්‍යුන්ග්...!!!!!! අපි බුසාන් යන්නේ බයික් එකේද...???!!!!"

ජිමින් කෑ ගහගෙනම ජැක්සන්ගේ නවීන පන්නයේ මෝටර් බයික් එක ලගට දුවගෙන ගියේ පුදුම සතුටකින්.

ඔව් කියමින් ඔලුව වනපු ජැක්සන් එයා අරගෙන ආපු වැඩිපුර හෙල්මට් එක ජිමින්ට දැම්මේ එයාගේ සතුට උතුරන මූණ දිහා බලාගෙන හිනා වෙන ගමන්.

ජිමින්ව රෝනා ප්ලේස් එකෙන් ඒ දවසම ඈත් කරලා තියන්නයි ජැක්සන්ට ඕනි වුනේ...ඒ නිසා තමයි එයා ජිමින්ව එයාගේ ගෙදර එක්කගෙන යන්න තීරනය කලේ.ජිමින් බුසාන් යන්න මොන තරම් ආසද කියල ජැක්සන් හොදින්ම දන්නවා..

ඒ වගේම ජිමින් බයික්වල දිග ගමන් යන්න ගොඩක් ආස බව දන්න නිසාම ජැක්සන් ඒ ගමන බයික් එකේ යන්න හිතුවේ තමන්ටපුලුවන් උපරිමයෙන් ජිමින්ව සතුටින් තියනවා කියලා තමන්ටම පොරොන්දු වෙන ගමන්.

පියවරක් පිටිපස්සට ගිය ජැක්සන් වම් කකුල යම්තමින් පිටුපසට නමලා වම් අත උදරය ඉදිරියෙන් හරහට තියලා ඉස්සරහට නැමුනේ කුමරිය ඉදිරියේ ආචාර කරන කුමාරයෙක් වගේ.

ජැක්සන්ගේ විකාර වැඩවලට ජිමින් මහ හයියෙන් හිනා වෙද්දි හිස ඔසවපු ජැක්සන් ජිමින් දිහා බැලුවේ ආයෙමත් ඇහැක් ගසමින්.

"ඉතින් අපේ මේ දිගු ගමන අරඹන්නට මට අවසරද පුංචි කුමාරයාණනී....."

_______________________________________
09/02/2022
(3420 Words) ➡️ well done moon well done.😌👏

අද SOPE නෑ...Sowrryyyyyyy....🙃
Namjin & Jison අද කොටස අයිතිකරගත්තා..😉

(ලියපු ගමන් මං මේ පබ්ලිශ් කරන්නේ වැරදි තිබ්බොත් සමාවෙන්න ළමයි.හෙට එඩිට් කරන්නම් දැන් මට නිදිමතයි..💀)

Comment එකක් දාන්න බබාලා..❤
තෑන්ක් යූ කියෙව්වට.❤😍

ආදරෙයි..😘❤

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top